යෙදුමෙන් කියවන්න

කීටාගිරි සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

කීටාගිරි සුත‍්තවණ‍්ණනා

කීටාගිරි සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති කීටාගිරිසුත‍්තං. තත්‍ථ කාසීසූති එවංනාමකෙ ජනපදෙ. එථ තුම‍්හෙපි, භික‍්ඛවෙති එථ තුම‍්හෙපි, භික‍්ඛවෙ, ඉමෙ පඤ‍්ච ආනිසංසෙ සම‍්පස‍්සමානා අඤ‍්ඤත්‍රෙව රත‍්තිභොජනා භුඤ‍්ජථ. ඉති භගවා රත‍්තිං විකාලභොජනං, දිවා විකාලභොජනන‍්ති ඉමානි ද‍්වෙ භොජනානි එකප‍්පහාරෙන අජහාපෙත්‍වා එකස‍්මිං සමයෙ දිවා විකාලභොජනමෙව ජහාපෙසි, පුන කාලං අතිනාමෙත්‍වා රත‍්තිං විකාලභොජනං ජහාපෙන‍්තො එවමාහ. කස‍්මා? ඉමානි හි ද‍්වෙ භොජනානි වත‍්තමානානි වට‍්ටෙ ආචිණ‍්ණානි සමාචිණ‍්ණානි නදිං ඔතිණ‍්ණඋදකං විය අනුපක‍්ඛන්‍දානි, නිවාතෙසු ච ඝරෙසු සුභොජනානි භුඤ‍්ජිත්‍වා වඩ‍්ඪිතා සුඛුමාලා කුලපුත‍්තා ද‍්වෙ භොජනානි එකප‍්පහාරෙන පජහන‍්තා කිලමන‍්ති. තස‍්මා එකප‍්පහාරෙන අජහාපෙත්‍වා භද‍්දාලිසුත‍්තෙ දිවා විකාලභොජනං ජහාපෙසි, ඉධ රත‍්තිං විකාලභොජනං. ජහාපෙන‍්තො පන න තජ‍්ජිත්‍වා වා නිග‍්ගණ‍්හිත්‍වා වා, තෙසං පහානපච‍්චයා පන අප‍්පාබාධතඤ‍්ච සඤ‍්ජානිස‍්සථාති එවං ආනිසංසං දස‍්සෙත්‍වාව ජහාපෙසි. කීටාගිරීති තස‍්ස නිගමස‍්ස නාමං.

එවම්මෙසුතං යනු කීටාගිරි සුත්‍රයයි. එහි කාසිසු එනම් ඇති ජනපදයෙහි එථතුම්හෙපි භික්‍ඛවෙ මහණෙනි එවු, ඔබද මේ ආනිසංස පස බලමින් රාත්‍රිභෝජනය අත්හැර වළඳවු මෙසේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි විකාලභෝජනය දිවා විකාල භෝජනයැයි මේ භෝජන දෙක එක් පහරින් අත් නොහරවා එක්කලෙක දිවා විකාල භෝජනයම අත්හරවාපු සේක. නැවත බොහෝ කලකට පසු රාත්‍රි විකාලභෝජනය අත්හරවනසේක් මෙසේ කීසේක. කුමක් නිසාදයත්, මේ භෝජන දෙක සංසාරයෙහි පුරුදු වූවකි ගඟට බට ජලය මෙන් ඉදිරියටම යන්නකි. එළිමහනෙහිද ගෙහිද අහර අනුභවකොට වැඩුණු සුකුමාර කුලපුත්‍රයෝ භෝජන දෙක එක් පහරින් අත්හරින්නාහු ක්ලාන්ත වෙති. ඒනිසි එක්පහරින් අත්නොහරවා භද්දාලි සූත්‍රයෙහි දිවා විකාල භෝජනය අත්හැරවු සේක. මෙහි රාත්‍රි විකාල හෝජනය අත්හරවන්නේ තර්ජනය කොට හෝ අවමන් කොට නොවේ. ඒවා අත්හැරීම නිසා අල්පාබාධතාව හඳුනා ගනිවුයයි මෙසේ ආනිසංස දක්වා අත්හැරවු සේක. කීටාගිරි ඒ නියම්ගමෙහි නම.

අස‍්සජිපුනබ‍්බසුකාති අස‍්සජි ච පුනබ‍්බසුකො ච ඡසු ඡබ‍්බග‍්ගියෙසු ද‍්වෙ ගණාචරියා. පණ‍්ඩුකො ලොහිතකො මෙත‍්තියො භුම‍්මජකො අස‍්සජි පුනබ‍්බසුකොති ඉමෙ ඡ ජනා ඡබ‍්බග‍්ගියා නාම. තෙසු පණ‍්ඩුකලොහිතකා අත‍්තනො පරිසං ගහෙත්‍වා සාවත්‍ථියං වසන‍්ති, මෙත‍්තියභුම‍්මජකා රාජගහෙ, ඉමෙ ද‍්වෙ ජනා කීටාගිරිස‍්මිං ආවාසිකා හොන‍්ති. ආවාසිකාති නිබද‍්ධවාසිනො, තංනිබන්‍ධා අකතං සෙනාසනං කරොන‍්ති, ජිණ‍්ණං පටිසඞ‍්ඛරොන‍්ති, කතෙ ඉස‍්සරා හොන‍්ති. කාලිකන‍්ති අනාගතෙ කාලෙ පත‍්තබ‍්බං ආනිසංසං.

අස්සජි පුනබ්බසුකා අස්සජි සහ පුනබ්බසුක. ඡබ්බග්ගියයන් සය දෙනා අතර ගණාචාර්ය දෙදෙන පණ්ඩුක ලෝහිතක මෙත්තිය, භූම්මජක අස්සජී පුනබ්බසුක යනු මේ ඡබ්බග්ගියෝය. මොවුන් අතරින් පණ්ඩුක ලෝහිතක දෙදෙන තම පිරිස ගෙන සැවතෙහි වෙසෙත්. මෙත්තිය භූම්මජක දෙදෙන රජගහනුවර වෙසෙත්. මේ දෙදෙන කීටාගිරියෙහි නේවාසිකයෝ වෙති. ආවාසිකා නිබඳව වසමින් ඒ හා බැඳුණු නොසැදු සෙනසුන් සදත්. දිරාගිය තැන් පිළිසකර කරති. කළ කල්හි බලවත්තු වෙති. කාලිකං අනාගත කාලයෙහි පැමිණිය යුතු ආනිසංස,

මයා චෙතං, භික‍්ඛවෙති ඉධ කිං දස‍්සෙති? භික‍්ඛවෙ, දිවසස‍්ස තයො වාරෙ භුඤ‍්ජිත්‍වා සුඛවෙදනංයෙව උප‍්පාදෙන‍්තො න ඉමස‍්මිං සාසනෙ කිච‍්චකාරී නාම හොති, එත‍්තකා පන වෙදනා සෙවිතබ‍්බා, එත‍්තකා න සෙවිතබ‍්බාති එතමත්‍ථං දස‍්සෙතුං ඉමං දෙසනං ආරභි. එවරූපං සුඛවෙදනං පජහථාති ඉදඤ‍්ච ගෙහස‍්සිතසොමනස‍්සවසෙන වුත‍්තං, උපසම‍්පජ‍්ජ විහරථාති ඉදඤ‍්ච නෙක‍්ඛම‍්මසිතසොමනස‍්සවසෙන. ඉතො පරෙසුපි ද‍්වීසු වාරෙසු ගෙහස‍්සිතනෙක‍්ඛම‍්මසිතානංයෙව දොමනස‍්සානඤ‍්ච උපෙක‍්ඛානඤ‍්ච වසෙන අත්‍ථො වෙදිතබ‍්බො.

මයා චෙතං භික්ඛවෙ මෙහි කුමක් දක්වන සේක්ද මහණෙනි දවසට තෙවරක් අනුභවකොට සුබ වේදනාවම උපදවන්නා මේ සසුනෙහි කාර්ය කරන්නෙක් නම් නොවේ. මෙපමණක් වේදනාව ඉවසිය යුතුයි මෙපමණක් නොඉවසිය යුතුයි යන මේ අර්ථය දක්වනු පිණිස මේ දේශනාව ඇරඹුසේක. එවරූපං සුඛං වෙදනං පරිහරථ මෙය ගෙහසිත සෝමනස්ස සයක් වශයෙන් කියන ලදී. උපසම්පජ්ජ විහරථ මෙය නෛෂ්ක්‍රම්‍ය ආශ්‍රිත සෝමනස්ස සයක් වශයෙන් කියන ලදී. මෙසේ මෙයින් අන්‍යවූ වාර දෙකෙහි ගෙහසිත, නෙක්ඛම්මසිත දෝමනස්සයන්ද උපේක්ෂාවන්ද වශයෙන් අර්ථය දතයුතුය.

එවං සෙවිතබ‍්බාසෙවිතබ‍්බවෙදනං දස‍්සෙත්‍වා ඉදානි යෙසං අප‍්පමාදෙන කිච‍්චං කත‍්තබ‍්බං, යෙසඤ‍්ච න කත‍්තබ‍්බං, තෙ දස‍්සෙතුං නාහං, භික‍්ඛවෙ, සබ‍්බෙසංයෙවාතිආදිමාහ. තත්‍ථ කතං තෙසං අප‍්පමාදෙනාති තෙසං යං අප‍්පමාදෙන කත‍්තබ‍්බං, තං කතං. අනුලොමිකානීති පටිපත‍්තිඅනුලොමානි කම‍්මට‍්ඨානසප‍්පායානි, යත්‍ථ වසන‍්තෙන සක‍්කා හොන‍්ති මග‍්ගඵලානි පාපුණිතුං. ඉන්‍ද්‍රියානි සමන‍්නානයමානාති සද‍්ධාදීනි ඉන්‍ද්‍රියානි සමානං කුරුමානා.

මෙසේ සේවනය කළ යුතු නොකළයුතු සියලු දේශනාව දක්වා දැන් අප්‍රමාදයෙන් ක්‍රියාකළයුතු නොකළයුතු කවරකගේද යන්න දක්වන්ට. නාහං භික්ඛවෙ සබ්බෙසංයෙව ආදීය කීහ. එහි කතං තෙසං අප්පමාදෙන යැයි අප්‍රමාදයෙන් යමක් කළයුතුද එය කරන ලද්දේය. අනුලොමිකාහි ප්‍රතිපත්තියට අනුලෝමවූ කර්මස්ථාන සත්ප්‍රාය යම්තැනක වසන්නහු විසින් මාර්ගඵලවලට පැමිණෙන්ට හැකි වෙයි. ඉන්‍ද්‍රියානු සමන්නානයමානා ශ්‍රද්ධා දී ඉන්‍ද්‍රියයන් සමසේ කරමින්,

සත‍්තිමෙ, භික‍්ඛවෙ, පුග‍්ගලාති ඉධ කිං දස‍්සෙති? යෙසං අප‍්පමාදෙන කරණීයං නත්‍ථි, තෙ ද‍්වෙ හොන‍්ති. යෙසං අත්‍ථි, තෙ පඤ‍්චාති එවං සබ‍්බෙපි ඉමෙ සත‍්ත පුග‍්ගලා හොන‍්තීති ඉමමත්‍ථං දස‍්සෙති.

සත්තිමෙ පුග්ගලා මෙහි කුමක් දක්වයිද, යමකුට අප්‍රමාදයෙන් කළයුත්තක් නැද්ද. ඒ දෙකක් වෙයි. යමකුට ඇත්ද ඒ පසකි. මෙසේ මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙතියි මේ අර්ථය දක්වයි.

තත්‍ථ උභතොභාගවිමුත‍්තොති ද‍්වීහි භාගෙහි විමුත‍්තො. අරූපසමාපත‍්තියා රූපකායතො විමුත‍්තො, මග‍්ගෙන නාමකායතො. සො චතුන‍්නං අරූපසමාපත‍්තීනං එකෙකතො වුට‍්ඨාය සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා අරහත‍්තං පත‍්තානං චතුන‍්නං, නිරොධා වුට‍්ඨාය අරහත‍්තං පත‍්තඅනාගාමිනො ච වසෙන පඤ‍්චවිධො හොති. පාළි පනෙත්‍ථ – “කතමො ච පුග‍්ගලො උභතොභාගවිමුත‍්තො, ඉධෙකච‍්චො පුග‍්ගලො අට‍්ඨ විමොක‍්ඛෙ කායෙන ඵුසිත්‍වා විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්තී”ති (පු· ප· 208) එවං අභිධම‍්මෙ අට‍්ඨවිමොක‍්ඛලාභිනො වසෙන ආගතා.

එහි උභතොභාග විමුත්තො භාග දෙකින් මිදුනේ අරූප සමාපත්තියෙන් රූපකායෙන් මිදුනේ වෙයි. මාර්ගයෙන් නාමකායෙන් මිදුනේ වෙයි. හේ අරූප සමාපත්තී සතරෙහි එකඑකකින් නැගිට සංස්කාරයන් මැනවින් දැන රහත් බවට පත් වුවන් සිව්දෙනාගේද නිරෝධයෙන් නැගිට රහත්බවට පත් අනාගාමියාගේද වශයෙන් පස්වැදෑරුම් වෙයි. මෙහි පෙළ නම් උභතො භාග විමුත්ත පුද්ගලයා කවරෙක්ද මෙහි එක්තරා පුද්ගලයෙක් අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශකොට ආශ්‍රවයෝ ක්ෂීණ වූහයි ප්‍රඥාවෙන් දැකද වසානුයි අභිධර්මයෙහි අෂ්ට වීමෝක්ෂ ලාභියා ගේ වශයෙන් පැමිණියේය.

පඤ‍්ඤාවිමුත‍්තොති පඤ‍්ඤාය විමුත‍්තො. සො සුක‍්ඛවිපස‍්සකො, චතූහි ඣානෙහි වුට‍්ඨාය අරහත‍්තං පත‍්තා චත‍්තාරො චාති ඉමෙසං වසෙන පඤ‍්චවිධොව හොති. පාළි පනෙත්‍ථ අට‍්ඨවිමොක‍්ඛපටික‍්ඛෙපවසෙනෙව ආගතා. යථාහ – “න හෙව ඛො අට‍්ඨ විමොක‍්ඛෙ කායෙන ඵුසිත්‍වා විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. අයං වුච‍්චති පුග‍්ගලො පඤ‍්ඤාවිමුත‍්තො”ති.

ප්‍රඥවෙන් මිදුනේනුයි පඤ්ඤාවිමුත්තො, හේ ශුෂ්ක විදර්ශකයෙක්ද වී චතුර්ථධ්‍යානයන්ගෙන් නැගිට රහත්බවට පත් සිව්දෙනද වශයෙන් පස්වදෑරුම් වෙයි. මෙහි පෙළනම් උභතො භාග විමුත්ත පුද්ගලයා කවරෙක්ද මෙහි එක්තරා පුද්ගලයෙක් අෂ්ට විමෝක්සයන් කයින් ස්පර්ශකොට ආශ්‍රවයෝ ක්ෂීණවූහයි ප්‍රඥාවෙන් දැකද වසානුයි අභිධර්මයෙහි අෂ්ට වීමෝක්ෂ ලාභියා ගේ වශයෙන් පැමිණියේය. ප්‍රඥාවෙන් මිදුනේනුයි පඤ්ඤා විමුත්තො හේ ශුෂ්ක විදර්ශකයෙක්ද වී චතුර්ථධ්‍යානයන්ගෙන් නැගිට රහත්බවට පත් සිව්දෙනද වශයෙන් පස්වැදෑරුම්මවෙයි. මෙහි පෙළ අෂ්ටවිමෝක්ෂ ප්‍රතික්ෂේප වශයෙන්ම ආයේය. කියනලද්දේමැයි. අෂ්ටවිමෝක්ෂයන් කයින් ස්පර්ශකොට, ආශ්‍රවයෝ ක්ෂීණවූවෝයයි ප්‍රඥාවෙන් දැක විසීමක් නැත. මේ පුද්ගලයා ප්‍රඥා විමුක්ත යයි කියනු ලැබේ.

ඵුට‍්ඨන‍්තං සච‍්ඡිකරොතීති කායසක‍්ඛී. යො ඣානඵස‍්සං පඨමං ඵුසති, පච‍්ඡා නිරොධං නිබ‍්බානං සච‍්ඡිකරොති, සො සොතාපත‍්තිඵලට‍්ඨං ආදිං කත්‍වා යාව අරහත‍්තමග‍්ගට‍්ඨා ඡබ‍්බිධො හොන‍්තීති වෙදිතබ‍්බො. තෙනෙවාහ – “ඉධෙකච‍්චො පුග‍්ගලො අට‍්ඨ විමොක‍්ඛෙ කායෙන ඵුසිත්‍වා විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා එකච‍්චෙ ආසවා පරික‍්ඛීණා හොන‍්ති. අයං වුච‍්චති පුග‍්ගලො කායසක‍්ඛී”ති.

ස්පර්ශකරන ලද එය සාක්ෂාත් කරන ලද්දේයයි කායසාක්ෂියයි. යමෙක් ධ්‍යාන ස්පර්ශය පළමුව ස්පර්ශ කෙරේද පසුව නිරෝධ සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කෙරේද හේ සෝවාන් පලයෙහි පිහිටියහු ආදිකොට අර්හත් මාර්ගස්ථයා දක්වා සවැදෑරුම් වේයයි දත යුතුය. එහෙයින් කීය. මෙහි එක්තරා පුද්ගලයෙක් අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට ඇතැම් ආශ්‍රව ක්ෂීණවූයේයයි ප්‍රඥාවෙන් දැක වාසය කරයි. මේ පුද්ගලයා කාය සාක්ෂියයි කියනු ලැබේ.

දිට‍්ඨන‍්තං පත‍්තොති දිට‍්ඨිප‍්පත‍්තො. තත්‍රිදං සඞ‍්ඛෙපලක‍්ඛණං – දුක‍්ඛා සඞ‍්ඛාරා, සුඛො නිරොධොති ඤාතං හොති දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං ඵුසිතං පඤ‍්ඤායාති දිට‍්ඨිප‍්පත‍්තො. විත්‍ථාරතො පනෙසොපි කායසක‍්ඛි විය ඡබ‍්බිධො හොති. තෙනෙවාහ – “ඉධෙකච‍්චො පුග‍්ගලො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති…පෙ… අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, තථාගතප‍්පවෙදිතා චස‍්ස ධම‍්මා පඤ‍්ඤාය වොදිට‍්ඨා හොන‍්ති වොචරිතා…පෙ… අයං වුච‍්චති පුග‍්ගලො දිට‍්ඨිප‍්පත‍්තො”ති (පු· ප· 208).

දුටු දෙයෙහි අන්තයට පත්වූයේනුයි දිට්ඨප්පත්තො. සංක්ෂේප ලක්ෂණයයි. සංස්කාර දුකය. නිරෝධය සැපයැයි ප්‍රඥාවෙන් දත්තේ, දැක්කේ. මැනවින් දත්තේ සාක්ෂාත් කරන ලද්දේ බලන ලද්දේනුයි දිට්ඨිප්පත්තනමි විස්තර වශයෙන් හෙතෙමේද කාය සාක්ෂි මෙන් සැවැදෑරුම් වේ. එහෙයින් කීය - [missing trans]

සද‍්ධාවිමුත‍්තොති සද‍්ධාය විමුත‍්තො. සොපි වුත‍්තනයෙනෙව ඡබ‍්බිධො හොති. තෙනෙවාහ – “ඉධෙකච‍්චො පුග‍්ගලො ඉදං දුක‍්ඛන‍්ති – යථාභූතං පජානාති…පෙ… අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තථාගතප‍්පවෙදිතා චස‍්ස ධම‍්මා පඤ‍්ඤාය වොදිට‍්ඨා හොන‍්ති වොචරිතා…පෙ… නො ච ඛො යථා දිට‍්ඨිප‍්පත‍්තස‍්ස. අයං වුච‍්චති පුග‍්ගලො සද‍්ධාවිමුත‍්තො”ති (පු· ප· 208). එතෙසු හි සද‍්ධාවිමුත‍්තස‍්ස පුබ‍්බභාගමග‍්ගක‍්ඛණෙ සද‍්දහන‍්තස‍්ස විය ඔකප‍්පෙන‍්තස‍්ස විය අධිමුච‍්චන‍්තස‍්ස විය ච කිලෙසක‍්ඛයො හොති, දිට‍්ඨිප‍්පත‍්තස‍්ස පුබ‍්බභාගමග‍්ගක‍්ඛණෙ කිලෙසච‍්ඡෙදකඤාණං අදන්‍ධං තිඛිණං සූරං හුත්‍වා වහති. තස‍්මා යථා නාම නාතිතිඛිණෙන අසිනා කදලිං ඡින්‍දන‍්තස‍්ස ඡින‍්නට‍්ඨානං න මට‍්ඨං හොති, අසි න සීඝං වහති, සද‍්දො සුය්‍යති, බලවතරො වායාමො කාතබ‍්බො හොති, එවරූපා සද‍්ධාවිමුත‍්තස‍්ස පුබ‍්බභාගමග‍්ගභාවනා. යථා පන නිසිතඅසිනා කදලිං ඡින්‍දන‍්තස‍්ස ඡින‍්නට‍්ඨානං මට‍්ඨං හොති, අසි සීඝං වහති, සද‍්දො න සුය්‍යති, බලවවායාමකිච‍්චං න හොති, එවරූපා පඤ‍්ඤාවිමුත‍්තස‍්ස පුබ‍්බභාගමග‍්ගභාවනා වෙදිතබ‍්බා.

[missing trans] මෙහි එක්තරා පුද්ගලයෙක් මේ දුකයයි ඇතිසේ දනී -පෙ- මෙය දුක්ඛනිරෝධගාමිනී පටිපදායයි ඇතිසේ දනී. ඔහුම තථාගත ප්‍රවේදිත ධර්මය ප්‍රඥාවෙන් අබබෝධ කරගත්තේවෙයි. ප්‍රඥාවෙන් අබාධිත වෙයි. මේ පුද්ගලයා සද්ධා විමුත්තයයි කියනු ලැබේ. නොච ඛො දිට්ඨප්පත්තස්ස මෙහි ශ්‍රද්ධාවිමුක්තවූ පුර්වභාග මාර්ගක්ෂණයන් අදහන්නහුට මෙන් සිත පිහිටුවා ගන්නහුට මෙන්, එහි යෙදෙන්නහුටමෙන් ක්ලේශක්ෂය වෙයි. දිට්ඨිප්පත්තයාට පුර්වභාගයෙහි මාර්ගක්ෂණයෙහි ක්ලේසච්ඡේදක ඥානය අමුඪ තීක්ෂණ ශූර වී දරයි. ඒ නිසා යම්සේ අතිශයින් තීක්ෂණ නොවූ කඩුවකින් කෙසෙල් ගසක් කපන්නහුට සිඳින ලද ස්ථානය නොමට වේද කඩුව වහා නොදරයිද ශබ්දය ඇසේද වඩා බලවත් ලෙස ව්‍යායාම කළයුතු වේද එබඳු ශ්‍රද්ධා විමුක්තයාගේ පූර්වභාග මාර්ග භාවනාව මුවහත් කඩුවකින් කෙසෙල් ගස සිඳින්නහුට සිදින ලද ස්ථානය මට වේද අසිපත වහා දරයිද ශබ්ද නොඇසේද බලවත් ව්‍යායාමයක් නොවේද, ප්‍රඥාවිමුක්තයාගේ පුර්වභාග මාර්ග භාවනාව එබඳුයයි දතයුතුය.

ධම‍්මං අනුස‍්සරතීති ධම‍්මානුසාරී. ධම‍්මොති පඤ‍්ඤා, පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමං මග‍්ගං භාවෙතීති අත්‍ථො. සද‍්ධානුසාරිම‍්හි ච එසෙව නයො. උභො පනෙතෙ සොතාපත‍්තිමග‍්ගට‍්ඨායෙව. වුත‍්තම‍්පි චෙතං – “යස‍්ස පුග‍්ගලස‍්ස සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පඤ‍්ඤින්‍ද්‍රියං අධිමත‍්තං හොති, පඤ‍්ඤාවාහිං පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමං අරියමග‍්ගං භාවෙති. අයං වුච‍්චති පුග‍්ගලො ධම‍්මානුසාරී”ති (පු· ප· 208). තථා – “යස‍්ස පුග‍්ගලස‍්ස සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස සද‍්ධින්‍ද්‍රියං අධිමත‍්තං හොති, සද‍්ධාවාහිං සද‍්ධාපුබ‍්බඞ‍්ගමං අරියමග‍්ගං භාවෙති. අයං වුච‍්චති පුග‍්ගලො සද‍්ධානුසාරී”ති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පනෙසා උභතොභාගවිමුත‍්තාදිකථා විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ වුත‍්තා. තස‍්මා තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. යා පනෙසා එතෙසං විභාගදස‍්සනත්‍ථං ඉධ පාළි ආගතා, තත්‍ථ යස‍්මා රූපසමාපත‍්තියා විනා අරූපසමාපත‍්තියො නාම නත්‍ථි, තස‍්මා ආරුප‍්පාති වුත‍්තෙපි අට‍්ඨ විමොක‍්ඛා වුත‍්තාව හොන‍්තීති වෙදිතබ‍්බා.

ධම්මං අනුස්සරති යනු ධර්මයෙහි හැසිරෙන. ධම්මො යනු ප්‍රඥාවයි. ප්‍රඥා පූර්වංගම මාර්ග වඩයි යන අර්ථයි. ශ්‍රද්ධානු සාරියා කෙරෙහිද මෙම ක්‍රමයයි මේ දෙදෙනාම සෝතාපත්ති මාර්ගස්ථයෝ වෙති. මෙය කියන ලදී. සෝතාපත්ති ඵලය සාක්ෂත් කර ගැනීමට පිළිපන් කිසියම් පුද්ගලයකුගේ ප්‍රඥා ඉන්‍ද්‍රිය අධිමාත්‍ර වෙයි. ප්‍රඥාවන්තයා ප්‍රඥා පූර්වංගම මාර්ගය වඩයි. මේ පුද්ගලයා ධම්මානුසාරී නමි. එසේම සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරගැනීමට පිළිපන් කිසියම් පුද්ගලයකුගේ ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය අධිමාත්‍ර වෙයි. ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධා පූර්වංගම ආර්ය මාර්ගය වඩයි. මේ පුද්ගලයා ශ්‍රද්ධානුසාරී යයි කියනු ලැබේ. මේ මෙහි සංක්ෂේපයයි. මේ උභතොභාග විමුක්ත ආදී කථා විස්තර වශයෙන් විශුද්ධිමාර්ගයෙහි ප්‍රඥාභාවනා අධිකාරයෙහි කියන ලදී. ඒනිසා එහි කියනලද ක්‍රමයෙන් දතයුතුය. මොවුන්ගේ විභාග දක්වනු පිණිස මෙහි පෙළ ආයේය. එහි යම්හෙයකින් රූපසමාපත්තීන්ගෙන් තොර අරූප සමාපත්ති නැත්ද ඒනිසා අරූපා යයි කියු කල්හිද අෂ්ට විමෝක්ෂ කියන ලද්දේම වෙතියි දතයුතුය.

කායෙන ඵුසිත්‍වාති සහජාතනාමකායෙන ඵුසිත්‍වා. පඤ‍්ඤාය චස‍්ස දිස‍්වාති පඤ‍්ඤාය ච එතස‍්ස අරියසච‍්චධම‍්මෙ දිස‍්වා. එකච‍්චෙ ආසවාති පඨමමග‍්ගාදීහි පහාතබ‍්බා එකදෙසආසවා. තථාගතප‍්පවෙදිතාති තථාගතෙන පවෙදිතා චතුසච‍්චධම‍්මා. පඤ‍්ඤාය වොදිට‍්ඨා හොන‍්තීති ඉමස‍්මිං ඨානෙ සීලං කථිතං, ඉමස‍්මිං සමාධි, ඉමස‍්මිං විපස‍්සනා, ඉමස‍්මිං මග‍්ගො, ඉමස‍්මිං ඵලන‍්ති එවං අත්‍ථෙන අත්‍ථෙ කාරණෙන කාරණෙ චිණ‍්ණචරිතත‍්තා මග‍්ගපඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්ති. වොචරිතාති විචරිතා. සද‍්ධා නිවිට‍්ඨා හොතීති ඔකප‍්පනසද‍්ධා පතිට‍්ඨිතා හොති. මත‍්තසො නිජ‍්ඣානං ඛමන‍්තීති මත‍්තාය ඔලොකනං ඛමන‍්ති. සද‍්ධාමත‍්තන‍්ති සද‍්ධායෙව, ඉතරං තස‍්සෙව වෙවචනං

කායෙන ඵස්සිත්‍වා සහජාත නාම කායෙන් ස්පර්ශ කොට පඤ්ඤාය වස්ස දිස්වා මොහුගේ ප්‍රඥාවෙන් ආර්යසත්‍ය ධර්මයන් දැක, එකච්චෙ ආසවා ප්‍රථම මාර්ග ආදියෙන් ප්‍රහාණය කළයුතු ආශ්‍රව කොටසක්. තථාගතප්පවෙදිතා තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මයෝ පඤ්ඤාය වොදිට්ඨා හොන්ති මේ ස්ථානයෙහි ශීලය කියන ලදී. මෙහි සමාධිය, මෙහි විදර්ශනාව, මෙහි මාර්ගය මෙහි ඵලයෑයි මෙසේ අර්ථයෙහි අනර්ථයෙහි කරුණින් කරුණ පුරුදුකරගත් සිරිත් ඇති බැවින් මාර්ග ප්‍රඥාවෙන් මනාසේ දක්නා ලද්දේ වෙයි. වොවරිතා බැබලුණු, සද්ධා නිවිට්ඨා හොති ඕකප්පන ශ්‍රද්ධාව පිහිටියේ වෙයි. මත්තසො නිජ්ඣානං ඛමන්ති ප්‍රමාණයෙන් බැලීම ඉවසත් සද්ධාමත්තං ශ්‍රද්ධාවමය, අනික එයටම තවත් වචනයකි.

ඉති ඉමෙසු අප‍්පමාදෙන කරණීයෙසු පුග‍්ගලෙසු තයො පටිවිද‍්ධමග‍්ගඵලා සෙඛා. තෙසු අනුලොමසෙනාසනං සෙවමානා කල්‍යාණමිත‍්තෙ භජමානා ඉන්‍ද්‍රියානි සමන‍්නානයමානා අනුපුබ‍්බෙන අරහත‍්තං ගණ‍්හන‍්ති. තස‍්මා තෙසං යථාඨිතොව පාළිඅත්‍ථො. අවසානෙ පන ද‍්වෙ සොතාපත‍්තිමග‍්ගසමඞ‍්ගිනො. තෙහි තස‍්ස මග‍්ගස‍්ස අනුලොමසෙනාසනං සෙවිතං, කල්‍යාණමිත‍්තා භජිතා, ඉන්‍ද්‍රියානි සමන‍්නානීතානි. උපරි පන තිණ‍්ණං මග‍්ගානං අත්‍ථාය සෙවමානා භජමානා සමන‍්නානයමානා අනුපුබ‍්බෙන අරහත‍්තං පාපුණිස‍්සන‍්තීති අයමෙත්‍ථ පාළිඅත්‍ථො.

මෙසේ අප්‍රමාදයෙන් කළයුතු දෑ ඇති මේ පුද්ගලයන් අතර තිදෙනෙක් මාර්ග අවබෝධකරගත් සෙඛයෝය. ඔවුහු සුදුසු සෙනසුනක් ඇසුරු කෙරෙමින් කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් ඉන්‍ද්‍රියයන් හසුරුවාගනිමින් රහත්බවට පැමිණෙත්. ඒ නිසා එහි පාළි අර්ථය සිටි ඇයුරුමය. අවසානයෙහි සෝතාපත්ති මාර්ගයෙන් යුත් දෙදෙන විසින් ඒ මාර්ගයෙහි සුදුසු සෙනසුනක් සේවනය කරන ලද්දේය. කල්‍යාණමිත්‍රයෝ සේවය කරන ලද්දේය. ඉන්‍ද්‍රිය පාලනය කරන ලදී. ඉහළින් මාර්ගත්‍රය සඳහා සේවනය කරමින්, ඇසුරු කරමින් පාලනය කරමින් පිළිවෙළින් රහත් බවට පැමිණෙන්නාහුය යනු මෙහි පෙළ අරුතයි.

විතණ‍්ඩවාදී පන ඉමමෙව පාළිං ගහෙත්‍වා – “ලොකුත‍්තරමග‍්ගො න එකචිත‍්තක‍්ඛණිකො, බහුචිත‍්තක‍්ඛණිකො”ති වදති. සො වත‍්තබ‍්බො – “යදි අඤ‍්ඤෙන චිත‍්තෙන සෙනාසනං පටිසෙවති, අඤ‍්ඤෙන කල්‍යාණමිත‍්තෙ භජති, අඤ‍්ඤෙන ඉන්‍ද්‍රියානි සමන‍්නානෙති, අඤ‍්ඤං මග‍්ගචිත‍්තන‍්ති සන්‍ධාය ත්‍වං ‘න එකචිත‍්තක‍්ඛණිකො මග‍්ගො, බහුචිත‍්තක‍්ඛණිකො’ති වදසි, එවං සන‍්තෙ සෙනාසනං සෙවමානො නීලොභාසං පබ‍්බතං පස‍්සති, වනං පස‍්සති, මිගපක‍්ඛීනං සද‍්දං සුණාති, පුප‍්ඵඵලානං ගන්‍ධං ඝායති, පානීයං පිවන‍්තො රසං සායති, නිසීදන‍්තො නිපජ‍්ජන‍්තො ඵස‍්සං ඵුසති. එවං තෙ පඤ‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගීපි ලොකුත‍්තරධම‍්මසමඞ‍්ගීයෙව භවිස‍්සති. සචෙ පනෙතං සම‍්පටිච‍්ඡසි, සත්‍ථාරා සද‍්ධිං පටිවිරුජ‍්ඣසි. සත්‍ථාරා හි පඤ‍්චවිඤ‍්ඤාණකායා එකන‍්තං අබ්‍යාකතාව වුත‍්තා, තංසමඞ‍්ගිස‍්ස කුසලාකුසලං පටික‍්ඛිත‍්තං, ලොකුත‍්තරමග‍්ගො ච එකන‍්තකුසලො. තස‍්මා පජහෙතං වාද”න‍්ති පඤ‍්ඤපෙතබ‍්බො. සචෙ පඤ‍්ඤත‍්තිං න උපගච‍්ඡති, “ගච‍්ඡ පාතොව විහාරං පවිසිත්‍වා යාගුං පිවාහී”ති උය්‍යොජෙතබ‍්බො.

විතණ්ඩ වාදීයා මේ පෙළ අරුත ගෙන ලෝකෝත්තර මාර්ගය ඒක චිත්ත ක්ෂණික නොවේ බහු චිත්ත ක්ෂණිකයයි කියයි. ඔහුට මෙසේ කිය යුතුය. ඉදින් අන් සිතකින් කල්‍යාණමිත්‍රයන් ඇසුරු කෙරේද අන්සිතකින් ඉන්‍ද්‍රිය පාලනය කෙරේද මාර්ග සිත අනිකකි මේ සඳහා ඔබ මාර්ගය ඒකචිත්ත ක්ෂණික නොවේ බහු චිත්ත ක්ෂණිකයයි කියති. මෙසේ ඇති කල්හි සෙනසුන පරිහරණය කරමින් නිල්වන් එලියක් ඇති පර්වතයක් දකී. වනය දකී. මෘගපක්ෂීන්ගේ හඬ අසයි. මල් පලතුරු සුවඳ ආඝ්‍රාණය කරයි. පැන්බොමින් රසය විඳගනී. හිඳිමින් වැද හොවමින් ස්පර්ශය ලබයි. මෙසේ ඔවුහු පංච විඤ්ඤාණයෙන් යුතු වුවද ලෝකෝත්තර ධර්මයන්ගෙන් යුක්ත වන්නාහුය. මෙය පිළිගන්නේ නම් ශාස්තෲන් වහන්සේ සමග විරුද්ධ වන්නෙහිය. ශාස්තෲන් වහන්සේ විසින් පංචවිඤ්ඤාණ කාය ඒකාන්තයෙන් අව්‍යාකෘත බව කියන ලදී. එයින් යුක්ත වූවහුගේ කුසල අකුසල ප්‍රතික්ෂේප කරන ලද්දේය. ලෝකෝත්තර මාර්ගයෙහිද ඒකාන්තයෙන් දක්ෂය. එනිසා එය ඉවත ලවු යයි කියතියි දන්වා සිටිය යුතුය. යම්හෙයකින් දැන්වීමක් නොලැබේනම් උදෑසනම යව වෙහෙරට පිවිස කැඳ බොවයි උනන්දු කළයුතුය.

නාහං, භික‍්ඛවෙ, ආදිකෙනෙවාති අහං, භික‍්ඛවෙ, පඨමමෙව මණ‍්ඩූකස‍්ස උප‍්පතිත්‍වා ගමනං විය අඤ‍්ඤාරාධනං අරහත‍්තෙ පතිට‍්ඨානං න වදාමි. අනුපුබ‍්බසික‍්ඛාති කරණත්‍ථෙ පච‍්චත‍්තවචනං. පරතො පදද‍්වයෙපි එසෙව නයො. සද‍්ධාජාතොති ඔකප‍්පනියසද‍්ධාය ජාතසද‍්ධො. උපසඞ‍්කමතීති ගරූනං සමීපං ගච‍්ඡති. පයිරුපාසතීති සන‍්තිකෙ නිසීදති. ධාරෙතීති සාධුකං කත්‍වා ධාරෙති. ඡන්‍දො ජායතීති කත‍්තුකම්‍යතාකුසලච‍්ඡන්‍දො ජායති. උස‍්සහතීති වීරියං කරොති. තුලෙතීති අනිච‍්චං දුක‍්ඛං අනත‍්තාති තුලයති. තුලයිත්‍වා පදහතීති එවං තීරණවිපස‍්සනාය තුලයන‍්තො මග‍්ගපධානං පදහති. පහිතත‍්තොති පෙසිතචිත‍්තො. කායෙන චෙව පරමසච‍්චන‍්ති නාමකායෙන නිබ‍්බානසච‍්චං සච‍්ඡිකරොති. පඤ‍්ඤාය චාති නාමකායසම‍්පයුත‍්තාය මග‍්ගපඤ‍්ඤාය පටිවිජ‍්ඣති පස‍්සති.

නාහංභික්‍ඛවෙ ආදියෙනෙව මහණෙනි මම පළමු කොටම මැඩියා ගේ පැන පැන යාම මෙන් අඤ්ඤාරාධනං රහත් බවෙහි පිහිටීම යයි නොකියමි. අනුපුබ්බසික්ඛා කරණාර්ථයෙහි වර්තමාන වචනයි. පසු පද දෙකෙහිම මෙම ක්‍රමයයි. සද්ධාජාතො ඔකප්පන ශ්‍රද්ධාවෙන් හටගත් ශ්‍රද්ධාව ඇත්තේ. උපසඞ්කමති ගුරුවරුන්ගේ සමීපයට යයි. පයිරුපාසති සමීපයෙහි හිඳී. ධාරෙති ප්‍රගුණකොට දරයි. ඡන්‍දොජායති කිරීමේ කැමැත්ත නමැති කුසලච්ඡන්දය. උපදවාගනී. උස්සහති වීර්යකරයි. තුලෙති අනිත්‍යය. දුඃඛය, අනාත්මයැයි තුලනය කරයි. තුලයිත්‍වා පදහති මෙසේ තීරණ විදර්ශනාවෙන් තුලනය කරයි. තුලයිත්‍වා පදහති මෙසේ තීරණ විදර්ශනාවෙන් තුලනයකරමින් මහා ප්‍රධන් වීර්ය කරයි. පහිතත්තො යවන ලද ආත්මභාව ඇති කායෙන චෙව පරම සච්චං නාමකායෙන් නිර්වාණ සත්‍යය සාක්ෂාත් කරයි. පඤ්ඤායවා නාමකාය සම්ප්‍රයුක්ත මහා ප්‍රඥාවෙන් විනිවිද දකී.

ඉදානි යස‍්මා තෙ සත්‍ථු ආගමනං සුත්‍වා පච‍්චුග‍්ගමනමත‍්තම‍්පි න අකංසු, තස‍්මා තෙසං චරියං ගරහන‍්තො සාපි නාම, භික‍්ඛවෙ, සද‍්ධා නාහොසීතිආදිමාහ. තත්‍ථ කීවදූරෙවිමෙති කිත‍්තකං දූරෙ ඨානෙ. යොජනසතම‍්පි යොජනසහස‍්සම‍්පි අපක‍්කන‍්තාති වත‍්තුං වට‍්ටති, න පන කිඤ‍්චි ආහ. චතුප‍්පදං වෙය්‍යාකරණන‍්ති චතුසච‍්චබ්‍යාකරණං සන්‍ධාය වුත‍්තං.

දැන් ඒනිසා ශාස්තෲන් වහන්සේගේ පැමිණීම අසා පසුගමන් මාත්‍රයක් පවා නොකළහ. ඒනිසා ඔවුන්ගේ චර්යාවට නිග්‍රහ කරනසේක් සාපිනාම භික්‍ඛවෙ සද්ධා නාහොසි ආදිය කීසේක එහි කිවදුරෙවිමෙ කෙතරම් දුර තැනක යොදුන් සියයක් යොදුන් දහසක්ද අපක්‍රාන්ත වීයයි කියන්ට වටී. එහෙත් කිසිවක් නොකීය. චතුප්පදං වෙය්‍යාකරණං චතුරාර්ය සත්‍ය ව්‍යාකරණය සඳහා කියන ලදී.

යස‍්සුද‍්දිට‍්ඨස‍්සාති යස‍්ස උද‍්දිට‍්ඨස‍්ස. යොපි සො, භික‍්ඛවෙ, සත්‍ථාති බාහිරකසත්‍ථාරං දස‍්සෙති. එවරූපීති එවංජාතිකා. පණොපණවියාති පණවියා ච ඔපණවියා ච. න උපෙතීති න හොති. කයවික‍්කයකාලෙ විය අග‍්ඝවඩ‍්ඪනහාපනං න හොතීති අත්‍ථො. අයං ගොණො කිං අග‍්ඝති, වීසති අග‍්ඝතීති භණන‍්තො පණති නාම. න වීසති අග‍්ඝති, දස අග‍්ඝතීති භණන‍්තො ඔපණති නාම. ඉදං පටිසෙධෙන‍්තො ආහ “පණොපණවියා න උපෙතී”ති. ඉදානි තං පණොපණවියං දස‍්සෙතුං එවඤ‍්ච නො අස‍්ස, අථ නං කරෙය්‍යාම, න ච නො එවමස‍්ස, න නං කරෙය්‍යාමාති ආහ.

යස්සුදිට්ඨස්ස උදෙසු යමකුගේ යොපි සො භික්‍ඛවෙ සත්‍ථා බාහිර ශාස්තෘෘවරයකු දක්වයි. එවරූපී මෙබදු ජාති ඇති පණොපණවිය මිල වැඩි හා අඩු කරන්නෝ නොඑළඹෙතිය දෙයක් නොවේ. ගනුදෙනුකාලය මෙන් අගය වැඩි අඩු කිරීමක් නොවේ යන අර්ථයි. මේ ගොනා කීයක් අගීද විස්සක් අගීයයි කියන්නේ පණති නම් වේ. විස්සක් නොඅගී දහයක් අගි යැයි කියන්නේ ඔපණති නම්වේ. මෙය ප්‍රතික්ෂේප කරමින් පණොපණවියා න උපෙතියි කීය. දැන් මිල වැඩි අඩුකිරීම දක්වන්ට එවඤ්ච නො අස්ස අථ නං කරෙය්‍යාම නච එවමස්ස නනං කරෙය්‍යාමාති

කිං පන, භික‍්ඛවෙති, භික‍්ඛවෙ, යං තථාගතො සබ‍්බසො ආමිසෙහි විසංසට‍්ඨො විහරති, එවං විසංසට‍්ඨස‍්ස සත්‍ථුනො එවරූපා පණොපණවියා කිං යුජ‍්ජිස‍්සති? පරියොගාහිය වත‍්තතොති පරියොගාහිත්‍වා උක‍්ඛිපිත්‍වා ගහෙත්‍වා වත‍්තන‍්තස‍්ස. අයමනුධම‍්මොති අයං සභාවො. ජානාති භගවා, නාහං ජානාමීති භගවා එකාසනභොජනෙ ආනිසංසං ජානාති, අහං න ජානාමීති මයි සද‍්ධාය දිවසස‍්ස තයො වාරෙ භොජනං පහාය එකාසනභොජනං භුඤ‍්ජති. රුළහනීයන‍්ති රොහනීයං. ඔජවන‍්තන‍්ති සිනෙහවන‍්තං. කාමං තචො චාති ඉමිනා චතුරඞ‍්ගවීරියං දස‍්සෙති. එත්‍ථ හි තචො එකං අඞ‍්ගං, න‍්හාරු එකං, අට‍්ඨි එකං, මංසලොහිතං එකන‍්ති එවං චතුරඞ‍්ගසමන‍්නාගතං වීරියං අධිට‍්ඨහිත්‍වා අරහත‍්තං අප‍්පත්‍වා න වුට‍්ඨහිස‍්සාමීති එවං පටිපජ‍්ජතීති දස‍්සෙති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. දෙසනං පන භගවා නෙය්‍යපුග‍්ගලස‍්ස වසෙන අරහත‍්තනිකූටෙන නිට‍්ඨාපෙසීති.

කිංපන භික්‍ඛවෙ මහණෙනි තථාගතයන් වහන්සේ සර්වාකාරයෙන් ආමිෂයන් ගෙන් වෙන්ම වාසය කරති. මෙසේ නොඇලුණු ශාස්තෲන් වහන්සේට වැඩි අඩු කිරීමක් කුමක්නිසා යෙදෙන්නේද පරියොගාය වත්තතො විනිවිද ගොස් ඔසවා ගෙන පවත්නහුගේ අයමනුධම්මො මේ ස්වභාවයයි. ජානාතිභගවා නාහං ජානාමි භාග්‍යවතුන් වහන්සේ ඒකාසන භෝජනයෙහි ආනිසංස දන්නාසේක. මම නොදනිමියි මා කෙරෙහි ශ්‍රද්ධාවෙන් දවසට තෙවරක් අහර අත්හැර ඒකාසන භෝජනය වළඳයි. රූම්හනියං වැඩෙනසුලු ඔජවන්තං සෙනෙහෙවත්. කාමං තචොවා මෙයින් අංගසතරකින් යුත් වීර්යය දක්වයි. මෙහි තචො එක් අංගයකි. නහාරු එක් අංගයකි. මෙසේ අංග සතරකින් යුත් වීර්යය අධිෂ්ඨාන කොට රහත්බවට නොපැමිණ න උට්ඨහිස්සාමි මෙසේ පිළිපදීයයි දක්වයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව නෙය්‍ය පුද්ගල වශයෙන් රහත්බව කුළුගන්වා නිමවා වදාළ සේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය කීටාගිරිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවැනි කීටාගිරි සුත්‍රයයි

දුතියවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවැනි වර්ගය අවසන්ය.