තෙවිජ්ජවච්ඡගොත්ත සුත්තවණ්ණනා අට්ඨකථා
තෙවිජ්ජවච්ඡගොත්ත සුත්තවණ්ණනා
තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති තෙවිජ්ජවච්ඡසුත්තං. තත්ථ එකපුණ්ඩරීකෙති පුණ්ඩරීකො වුච්චති සෙතම්බරුක්ඛො, සො තස්මිං ආරාමෙ එකො පුණ්ඩරීකො අත්ථීති එකපුණ්ඩරීකො. එතදහොසීති තත්ථ පවිසිතුකාමතාය අහොසි. චිරස්සං ඛො, භන්තෙති පකතියා ආගතපුබ්බතං උපාදාය. ධම්මස්ස චානුධම්මන්ති ඉධ සබ්බඤ්ඤුතඤ්ඤාණං ධම්මො නාම, මහාජනස්ස බ්‍යාකරණං අනුධම්මො නාම. සෙසං ජීවකසුත්තෙ (ම· නි· 2.51 ආදයො) වුත්තනයමෙව. න මෙ තෙති අනනුඤ්ඤාය ඨත්වා අනුඤ්ඤම්පි පටික්ඛිපති. “සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාතී”ති හි ඉදං අනුජානිතබ්බං සියා, – “චරතො ච මෙ…පෙ… පච්චුපට්ඨිත”න්ති ඉදං පන නානුජානිතබ්බං. සබ්බඤ්ඤුතඤ්ඤාණෙන හි ආවජ්ජිත්වා පජානාති. තස්මා අනනුඤ්ඤාය ඨත්වා අනුඤ්ඤම්පි පටික්ඛිපන්තො එවමාහ.
එවම්මෙසුතං යනු තෙවිජ්ජවච්ඡ සුත්‍රයයි. එහි එකපුණ්ඩරීකෙ පුණඩරීක යනු සුදු අඹරුක. ඒ අඹරුක ඒ ආරාමයෙහි එකො පුණ්ඩරීකො අත්ථීති එකපුණ්ඩරීක නමි එතදහොසි එහි පිවිසෙනු කැමැත්තෙන් විය. චිරස්සං ඛො භන්තෙ ප්‍රකෘතියෙන් ගෙන ආ බව උදෙසා ධම්මස්සච අනුධම්මං මෙහි සර්වඥතාඥානය ධම්ම නමි මහජනයාට ප්රකාශකිරිම අනුධම්ම නමි සෙස්ස ජීවක සුත්‍රයෙහි කියන ලද ක්‍රමයමය. නමෙ අනවසරයෙන් සිට අවසරයද ප්‍රතික්ෂේප කරයි සබ්බඤ්ඤු සබ්බදස්සාවී අපරියෙසං ඤාණදස්සනං පටිජානාති මෙය අනුදැනිය යුතුව තිබුණි. හැසිරෙන්නාවු මාහට -පෙ- එළඹ සිටියේය. මෙය නොඅනුදැනිය යුතුය. සර්වඥතාඥානයෙන් ආවර්ජනය කොටම දනී. ඒනිසා අනවසරයෙන් සිට අවසරයද පිළිකෙවි කරන්නේ මෙසේ කීය.
ආසවානං ඛයාති එත්ථ සකිං ඛීණානං ආසවානං පුන ඛෙපෙතබ්බාභාවා යාවදෙවාති න වුත්තං. පුබ්බෙනිවාසඤාණෙන චෙත්ථ භගවා අතීතජානනගුණං දස්සෙති, දිබ්බචක්ඛුඤාණෙන පච්චුප්පන්නජානනගුණං, ආසවක්ඛයඤාණෙන ලොකුත්තරගුණන්ති. ඉති ඉමාහි තීහි විජ්ජාහි සකලබුද්ධගුණෙ සංඛිපිත්වා කථෙසි.
ආසවානංඛයා මෙහි වරක් ක්ෂීණවූ ආශ්‍රවයන් නැවත ගෙවා දැමිය යුතු නොවන බැවින් නොකියන ලදී. භාග්‍යවතුන් වහන්සේ පුර්වේනිවාස ඥානයෙන් මෙහිදී අතීතය දන්නා නුවණ දක්වති. දිබ්බචක්ඛු ඥානයෙන් වර්තමානය දන්නා නුවණද ආශ්රවක්ෂය ඥානයෙන් ලෝකෝත්තර ගුණයද දක්වති. මේ මේ ත්‍රිවිද්‍යාවන් සමස්ත බුද්ධ ගුණයෙහි හකුළුවා වදාළසේක.
ගිහිසංයොජනන්ති ගිහිබන්ධනං ගිහිපරික්ඛාරෙසු නිකන්තිං. නත්ථි ඛො වච්ඡාති ගිහිසංයොජනං අප්පහාය දුක්ඛස්සන්තකරො නාම නත්ථි. යෙපි හි සන්තතිමහාමත්තො උග්ගසෙනො සෙට්ඨිපුත්තො වීතසොකදාරකොති ගිහිලිඞ්ගෙ ඨිතාව අරහත්තං පත්තා, තෙපි මග්ගෙන සබ්බසඞ්ඛාරෙසු නිකන්තිං සුක්ඛාපෙත්වා පත්තා. තං පත්වා පන න තෙන ලිඞ්ගෙන අට්ඨංසු, ගිහිලිඞ්ගං නාමෙතං හීනං, උත්තමගුණං ධාරෙතුං න සක්කොති. තස්මා තත්ථ ඨිතො අරහත්තං පත්වා තංදිවසමෙව පබ්බජති වා පරිනිබ්බාති වා. භූමදෙවතා පන තිට්ඨන්ති. කස්මා? නිලීයනොකාසස්ස අත්ථිතාය. සෙසකාමභවෙ මනුස්සෙසු සොතාපන්නාදයො තයො තිට්ඨන්ති, කාමාවචරදෙවෙසු සොතාපන්නා සකදාගාමිනො ච, අනාගාමිඛීණාසවා පනෙත්ථ න තිට්ඨන්ති. කස්මා? තඤ්හි ඨානං ලළිතජනස්ස ආවාසො, නත්ථි තත්ථ තෙසං පවිවෙකාරහං පටිච්ඡන්නට්ඨානඤ්ච. ඉති තත්ථ ඛීණාසවො පරිනිබ්බාති, අනාගාමී චවිත්වා සුද්ධාවාසෙ නිබ්බත්තති. කාමාවචරදෙවතො උපරි පන චත්තාරොපි අරියා තිට්ඨන්ති.
ගිහි සංයෝජනං ගිහිබන්ධනය භාණ්ඩවල ආශාවයි. නත්ථිඛො වච්ඡා ගිහි සංයෝජන අත්නොහැර දුක් කෙළවර කිරීමක් නම් නැත. සන්තතිමහා මාත්‍රයා උග්ගසේන සිටු පුත්‍රයා වීතසෝක දාරකයා ගිහිබවෙහි සිටම රහත්බවට පත්වුහ. ඔවුහු මාර්ගයෙන් සියලු සංස්කාරයන්හි ආශාව වියලවාම රහත්බවට පත්වූහ. එසේ පැමිණ ගිහිබවෙන් නොසිටියහ. මේ ගිහිබව වනාහි හීනය උතුම් ගුණ දැරීමට නොහැකිය. ඒනිසා එහි සිටියේ රහත්බවට පැමිණ එදවසම එක්කෝ පැවිදිවෙයි නැතහොත් පිරිනිවන් පායි. බුමාටු දෙවියෝ නම් සිටිති. කුමක්නිසාදයත් සැඟවී සිටීමට ආකාශය ඇති බැවිනි. සෙසු කාමභාවයන්හි මනුෂ්‍යයන් අතර සෝවාන් ආදී ඵලයන්ට පැමිණියාහු සිටිති. කාමාවචර දෙවියන් අතර සෝවාන් වුවෝද සකෘදාගාමීහුද සිටිති. අනාගාමි වුවෝද ක්ෂීණාශ්රවයෝද නොසිටිති. කුමක්නිසාදයත් ඒ ස්ථානය ප්රමාදී ජනයාට නිවාසස්ථානයකි. එහි ඔවුන්ට විවේකයට සුදුසු සැඟවුණු තැනක් නැත. මෙසේ එහිදී ක්ෂීණාශ්රව තෙමේ පිරිනිවන්පායි අනාගාමියා චුතවී සුද්ධාවාසයෙහි උපදී. කාමාවචර දෙවියන්ට ඉහළ ආර්යයෝ සතරදෙන සිටිත්.
සොපාසි කම්මවාදීති සොපි කම්මවාදී අහොසි, කිරියම්පි න පටිබාහිත්ථ. තඤ්හි එකනවුතිකප්පමත්ථකෙ අත්තානංයෙව ගහෙත්වා කථෙති. තදා කිර මහාසත්තො පාසණ්ඩපරිග්ගණ්හනත්ථං පබ්බජිතො තස්සපි පාසණ්ඩස්ස නිප්ඵලභාවං ජානිත්වා වීරියං න හාපෙසි, කිරියවාදී හුත්වා සග්ගෙ නිබ්බත්තති. තස්මා එවමාහ. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සොපාස කම්මවාදී ඔහුද කර්ම වාදියෙක් විය. ක්‍රියාව පිළිකෙව් නොකළේය. අනුඑක් කල්පයක් මත්තෙහි තමාම ගෙන කියයි. එකල්හි බෝසත්හු මිථ්‍යා දෘෂ්ටිය වැළඳගැනීම පිණිස පැවිදිව ඒ මිථ්‍යාදෘෂ්ටියෙහි නිෂ්ඵලබව දැන වීර්ය අත්නොහළහ. ක්රියාවාදීව ස්වර්ගයෙහි උපන්හ. ඒ නිසා මෙසේ කීහ. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය තෙවිජ්ජවච්ඡසුත්තවණ්ණනා නිට්ඨිතා.
පළමුවැනි තෙවිජ්ජ වජ්ජ සුත්‍රයයි.
අග්ගිවච්ඡගොත්ත සුත්තවණ්ණනා
අග්ගිවච්ඡගොත්ත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති අග්ගිවච්ඡසුත්තං. තත්ථ න ඛො අහන්ති පඨමවාරෙ නාහං සස්සතදිට්ඨිකොති වදති, දුතියෙ නාහං උච්ඡෙදදිට්ඨිකොති. එවං අන්තානන්තිකාදිවසෙන සබ්බවාරෙසු පටික්ඛෙපො වෙදිතබ්බො. හොති ච න ච හොතීති අයං පනෙත්ථ එකච්චසස්සතවාදො. නෙව හොති න න හොතීති අයං අමරාවික්ඛෙපොති වෙදිතබ්බො.
එවම්මෙසුතං යනු අග්ගිවච්ඡ සුත්‍රයයි. එහි නඛොඅහං පළමුවර මම ශාස්වත දෘෂ්ටිකයෙක් නොවෙමියි කියයි. දෙවැනි වර මම උච්ඡේද දෘෂ්ටිකයෙක් නොවෙමියි කියයි. මෙසේ අත්තානන්තික ආදී වශයෙන් සියලු වාරයන්හි ප්රතික්ෂේපය දත යුතුය. හොතිච නචහොති ච මේ එකච්ච සස්සත වාදයයි. නෙව හොති න න හොති මෙය අමරාවික්ඛෙප වාදයයිද දතයුතුය.
සදුක්ඛන්ති කිලෙසදුක්ඛෙන චෙව විපාකදුක්ඛෙන ච සදුක්ඛං. සවිඝාතන්ති තෙසංයෙව ද්වින්නං වසෙන සඋපඝාතකං. සඋපායාසන්ති තෙසංයෙව වසෙන සඋපායාසං. සපරිළාහන්ති තෙසංයෙව වසෙන සපරිළාහං.
සදුක්ඛං කෙලෙස් දුකින් හෝ විපාකදුකින්ද දුක්සහිත සවිසාතං ඒ දෙක වශයෙන් උපසාත සහිත සඋපායාසං ඔවුන්ගේම වශයෙන් සපරිළාහ සහිත
කිඤ්චි දිට්ඨිගතන්ති කාචි එකා දිට්ඨිපි රුච්චිත්වා ඛමාපෙත්වා ගහිතා අත්ථීති පුච්ඡති. අපනීතන්ති නීහටං අපවිද්ධං. දිට්ඨන්ති පඤ්ඤාය දිට්ඨං. තස්මාති යස්මා පඤ්චන්නං ඛන්ධානං උදයවයං අද්දස, තස්මා. සබ්බමඤ්ඤිතානන්ති සබ්බෙසං තිණ්ණම්පි තණ්හාදිට්ඨිමානමඤ්ඤිතානං. මථිතානන්ති තෙසංයෙව වෙවචනං. ඉදානි තානි විභජිත්වා දස්සෙන්තො සබ්බඅහංකාර-මමංකාර-මානානුසයානන්ති ආහ. එත්ථ හි අහංකාරො දිට්ඨි, මමංකාරො තණ්හා, මානානුසයො මානො. අනුපාදා විමුත්තොති චතූහි උපාදානෙහි කඤ්චි ධම්මං අනුපාදියිත්වා විමුත්තො.
කිඤ්චි දිට්ඨිගතං කිසියම් එක් දෘෂ්ටියක් වත් කැමතිවී කමවා ගන්නා ලද්දේ වේදැයි අසයි. අපනීතං ඉවතට ගෙනයනලද විසිකරන ලද දිට්ඨං ප්‍රඥාවෙන් දක්නා ලද යම්හෙයින් පංචස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම දුටුවේද ඒනිසා, සබ්බමඤ්ඤිතානං සියලු තෘෂ්ණා දෘෂ්ටි මාන තුන පිළිබඳව හැඟීම ඇති මථිතානං ඒවාටම වෙනත් වචනයකි. දැන් ඒවා බෙදා දක්වන්නේ. සබ්බඅභිඞ්කාර මමිංකාර මානානුසයානං යයි කීය. මෙහි අභිඞ්කාර නම් දෘෂ්ටියය ..මිකාරය තෘෂ්ණාවය. මානානුසය මානයයි. අනුපාදා විමුත්තො සිව් උපාදානයන් අතුරින් කිසියම් දහමක් නොගෙන මිදුණු, නැපෙති නොයෙදේ.
න උපෙතීති න යුජ්ජති. එත්ථ ච “න උපපජ්ජතී”ති ඉදං අනුජානිතබ්බං සියා. යස්මා පන එවං වුත්තෙ සො පරිබ්බාජකො උච්ඡෙදං ගණ්හෙය්ය, උපපජ්ජතීති පන සස්සතමෙව, උපපජ්ජති ච න ච උපපජ්ජතීති එකච්චසස්සතං, නෙව උපපජ්ජති න න උපපජ්ජතීති අමරාවික්ඛෙපං, තස්මා භගවා – “අයං අප්පතිට්ඨො අනාලම්බො හොතු, සුඛපවෙසනට්ඨානං මා ලභතූ”ති අනනුඤ්ඤාය ඨත්වා අනුඤ්ඤම්පි පටික්ඛිපි. අලන්ති සමත්ථං පරියත්තං. ධම්මොති පච්චයාකාරධම්මො. අඤ්ඤත්රයොගෙනාති අඤ්ඤත්ථ පයොගෙන. අඤ්ඤත්රාචරියකෙනාති පච්චයාකාරං අජානන්තානං අඤ්ඤෙසං ආචරියානං සන්තිකෙ වසන්තෙන.
මෙහිද නඋප්පජන්ති යන්න අනුදැනියයුතුව තිබුණි. කුමක්නිසාද මෙසේ කීකල්හි ඒ පිරිවැජියා උච්ජේදය ගනු ඇත. උපපජ්ජති කියුවිට ශාස්වතයයි. උප්පජ්ජතිච නො උප්පජ්ජති ඒකච්ච සස්සත වාදයයි. නෙව උප්පජ්ජති නන උපපජ්ජතිච අමරා වික්ෂේපයයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රතිෂ්ඨා රහිතවේවා අනාලම්බවේවා සැපයට පිවිසෙන තැනක් නො ලබාවායි අවසර නොදී සිට අවසර දුන් දෙයද ප්‍රතික්ෂේප කළසේක. අලං සමත්. ප්‍රමාණවත්, ධම්මො ප්‍රත්‍යාකාර ධර්මය අඤ්ඤත්ථ යොගෙන අන්තැනක යෙදීමෙන්. අඤ්ඤත්ථ ආචරිය කෙන ප්‍රත්‍යාකාරය නොදන්නා අන් ගුරුවරුන් සමීපයෙහි වසන්නහු විසින්
තෙන හි වච්ඡාති යස්මා ත්වං සම්මොහමාපාදින්ති වදසි, තස්මා තංයෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. අනාහාරො නිබ්බුතොති අප්පච්චයො නිබ්බුතො.
තෙනහිවච්ඡ යම් හෙයකින් ඔබ සම්භෝගයට පැමිණියෙමියි කියහිද ඒනිසා එයම මෙහිදී නැවත විචාරන්නෙමි. අනාහාරො නිබ්බුතො ප්‍රත්‍ය නැතිව පිරිනිවියේය.
යෙන රූපෙනාති යෙන රූපෙන සත්තසඞ්ඛාතං තථාගතං රූපීති පඤ්ඤාපෙය්ය. ගම්භීරොති ගුණගම්භීරො. අප්පමෙය්යොති පමාණං ගණ්හිතුං න සක්කුණෙය්යො. දුප්පරියොගාළ්හොති දුඔගාහො දුජ්ජානො. සෙය්යථාපි මහාසමුද්දොති යථා මහාසමුද්දො ගම්භීරො අප්පමෙය්යො දුජ්ජානො, එවමෙව ඛීණාසවොපි. තං ආරබ්භ උපපජ්ජතීතිආදි සබ්බං න යුජ්ජති. කථං? යථා පරිනිබ්බුතං අග්ගිං ආරබ්භ පුරත්ථිමං දිසං ගතොතිආදි සබ්බං න යුජ්ජති, එවං.
යෙන රූපෙන යම් රූපයකින් සත්ත්ව සංඛ්‍යාත තථාගතයා යයි පනවන්නේනම් ගම්භීරො ගුණයෙන් ගැඹුරු. අප්පමෙය්ය ප්‍රමාණයක් ගැනිමට නොහැකිවන දුප්පරියෝගාහො ගැනීමට අපහසු දැනීමට අපහසු සෙය්යථාපි මහා සමුද්දො යම් සේ මහ සමුදුර ගැඹුරුද ප්‍රමාණ කළ නොහැකිද දැනගැනීම අපහසුද එසේම ආශ්රවක්ෂය කළ පුද්ගලයාද ඒ අරබයා උපදීය ආදී සියල්ල නොයෙදේ. කෙසේද නිවීගිය ගින්න අරබයා පෙරදිගට ගියේය ආදි සියල්ල නොයෙදේද ඒවාගේ,
අනිච්චතාති අනිච්චතාය. සාරෙ පතිට්ඨිතන්ති ලොකුත්තරධම්මසාරෙ පතිට්ඨිතං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
අනිච්චතා අනිත්‍යතාවෙන් සාරෙපතිට්ඨිතං ලෝකෝත්තර ධර්ම සාරයෙන් පිහිටි, සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය අග්ගිවච්ඡසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි අග්ගිවච්ඡ සුත්‍රයයි
මහාවච්ඡගොත්ත සුත්තවණ්ණනා
මහාවච්ඡගොත්ත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාවච්ඡසුත්තං. තත්ථ සහකථීති සද්ධිංවාදො, බහුං මයා තුම්හෙහි සද්ධිං කථිතපුබ්බන්ති කථං සාරෙති මෙත්තිං ඝටෙති. පුරිමානි හි ද්වෙ සුත්තානි එතස්සෙව කථිතානි, සංයුත්තකෙ අබ්යාකතසංයුත්තං (සං· නි· 4.416 ආදයො) නාම එතස්සෙව කථිතං – “කිං නු ඛො, භො ගොතම, සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති අබ්යාකතමෙත”න්ති එවං එකුත්තරනිකායෙපි ඉමිනා සද්ධිං කථිතං අත්ථියෙව. තස්මා එවමාහ. සම්මාසම්බුද්ධොපි තස්ස ආගතාගතස්ස සඞ්ගහං කත්වා ඔකාසමකාසියෙව. කස්මා? අයඤ්හි සස්සතදිට්ඨිකො, සස්සතදිට්ඨිකා ච සීඝං ලද්ධිං න විස්සජ්ජෙන්ති, වසාතෙලමක්ඛිතපිලොතිකා විය චිරෙන සුජ්ඣන්ති. පස්සති ච භගවා – “අයං පරිබ්බාජකො කාලෙ ගච්ඡන්තෙ ගච්ඡන්තෙ ලද්ධිං විස්සජ්ජෙත්වා මම සන්තිකෙ පබ්බජිත්වා ඡ අභිඤ්ඤායො සච්ඡිකත්වා අභිඤ්ඤාතසාවකො භවිස්සතී”ති. තස්මා තස්ස ආගතාගතස්ස සඞ්ගහං කත්වා ඔකාසමකාසියෙව. ඉදං පනස්ස පච්ඡිමගමනං. සො හි ඉමස්මිං සුත්තෙ තරණං වා හොතු අතරණං වා, යට්ඨිං ඔතරිත්වා උදකෙ පතමානො විය සමණස්ස ගොතමස්ස සන්තිකං ගන්ත්වා පබ්බජිස්සාමීති සන්නිට්ඨානං කත්වා ආගතො. තස්මා ධම්මදෙසනං යාචන්තො සාධු මෙ භවං ගොතමොතිආදිමාහ. තස්ස භගවා මූලවසෙන සංඛිත්තදෙසනං, කම්මපථවසෙන විත්ථාරදෙසනං දෙසෙසි. මූලවසෙන චෙත්ථ අතිසංඛිත්තා දෙසනා, කම්මපථවසෙන සංඛිත්තා විත්ථාරසදිසා. බුද්ධානං පන නිප්පරියායෙන විත්ථාරදෙසනා නාම නත්ථි. චතුවීසතිසමන්තපට්ඨානම්පි හි සත්තපකරණෙ අභිධම්මපිටකෙ ච සබ්බං සංඛිත්තමෙව. තස්මා මූලවසෙනාපි කම්මපථවසෙනාපි සංඛිත්තමෙව දෙසෙසීති වෙදිතබ්බො.
එවම්මෙසුතං යනු මහාවච්ඡසුත්රයයි. එහි සහකථී සමගවාදය බහුං මයා තුම්හෙහි සද්ධිං කථිතපුබ්බං සිහිකරවීම ආදරය හා කෙසේ ගැටේද, පෙර කියු සූත්‍ර දෙක මෙයටම කියන ලදී. සංයුත්තයෙහි අව්යාවට සංයුත්තය මෙයටම කියනලදි. භවත්ගෞතමයෙනි. ලෝකය ශාස්වත වේද. මෙම සත්‍යයම හිස් යයි සිතමියි මෙය අව්යාකෘතයයි අංගුත්තර නිකායෙහිද මෙය සමගම කියන ලද්දේවෙයි. ඒනිසා මෙසේ කීය. සම්මාසම්බුදුන් වහන්සේද ආ ආවුන්ට සංග්‍රහ කොට ඉඩ දුන්සේක්මය. ඒනිසා මේ ශාස්වත දෘෂ්ටිකය. ශාස්වත දෘෂ්ටිකයෝ වහා දෘෂ්ටිය අත්නොහරින්නෝය. වුරුණු තෙල් ගෑවුණු රෙදි කැබැල්ලක් මෙන් බොහෝ කලකින් පිරිසිදු වෙයි. මේ පිරිවැජියා යන්නේ ලබ්ධිය අත්හැර මා සමීපයෙහි පැවිදිව අභිඥා අවබෝධ කොට අවබෝධකරගත් ශ්‍රාවකයෙක් වන්නේයයි භාග්‍යවත් තෙමේ දකියි. ඒනිසා ආ ආවුන්ට සංග්‍රහකොට ඉඩ ලබා දුන්නේය. මේ මොහුගේ අවසාන ගමනය. හෙතෙමේ මේ සූත්‍රයෙහි තරණය හෝ මරණයයි සැරයටිය සඟවා ජලයෙහි වැටෙන්නාක්මෙන් ශ්‍රමණ ගෞතමයන් සමීපයට ගොස් පැවිදිවනෙමියි සනිටුහන් කොට පැමිණියේය. ඒනිසා දම්දෙසන්නැයි යාචන්තො සාධු මේ භවං ගොතමො ආදිය කීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මූලික වශයෙන් සංක්ෂිප්ත දේශනාවක්ද, කර්මපථ වශයෙන් විස්තර දේශනාවක්ද දෙසූ සේක. මුලික වශයෙන් මෙහි දේශනාව අතිසංක්ෂිප්ත කර්මපථවශයෙන් සංක්ෂිප්තවුවද විස්තරයක් හා සමානය. බුදුවරුන්ගේ පිළිවෙළක් නැතිව කෙරෙන දේශනාවක් නම් නැත. සූවිසි සමන්ත පට්ඨානයද සප්ත ප්රකරණද අභිධර්ම පිටකයද යන සියල්ල සංක්ෂිප්තමය. ඒසා මුලික වශයෙන්ද කර්මපථ වශයෙන්ද සංක්ෂිප්තවම දේශනාකරන ලදැයි දත යුතුය.
තත්ථ පාණාතිපාතා වෙරමණී කුසලන්තිආදීසු පටිපාටියා සත්තධම්මා කාමාවචරා, අනභිජ්ඣාදයො තයො චතුභූමිකාපි වට්ටන්ති.
එහි පාණාතිපාතා වෙරමණි කුසලං ආදියෙහි පිළිවෙළින් සප්තධර්මයෝ කාමාවචරයහ. අනභිධ්‍යා ආදී චාතුර්භූමකයෝද වැටෙත්.
යතො ඛො, වච්ඡ, භික්ඛුනොති කිඤ්චාපි අනියමෙත්වා වුත්තං, යථා පන ජීවකසුත්තෙ ච චඞ්කීසුත්තෙ ච, එවං ඉමස්මිං සුත්තෙ ච අත්තානමෙව සන්ධායෙතං භගවතා වුත්තන්ති වෙදිතබ්බං.
යතො ඛො වච්ඡ භික්ඛුනො කිසිවක් නියම නොකොට කියන ලදද, ජීවකසූත්රයෙහිද වඞ්කීසුත්රයෙහිද මේ සූත්‍රයෙහිද කියන ලද පරිදි තමාම සඳහා මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදැයි දතයුතුය.
අත්ථි පනාති කිං පුච්ඡාමීති පුච්ඡති? අයං කිරස්ස ලද්ධි – “තස්මිං තස්මිං සාසනෙ සත්ථාව අරහා හොති, සාවකො පන අරහත්තං පත්තුං සමත්ථො නත්ථි. සමණො ච ගොතමො ‘යතො ඛො, වච්ඡ, භික්ඛුනො’ති එකං භික්ඛුං කථෙන්තො විය කථෙති, අත්ථි නු ඛො සමණස්ස ගොතමස්ස සාවකො අරහත්තප්පත්තො”ති. එතමත්ථං පුච්ඡිස්සාමීති පුච්ඡති. තත්ථ තිට්ඨතූති භවං තාව ගොතමො තිට්ඨතු, භවඤ්හි ලොකෙ පාකටො අරහාති අත්ථො. තස්මිං බ්යාකතෙ උත්තරි භික්ඛුනීආදීනං වසෙන පඤ්හං පුච්ඡි, භගවාපිස්ස බ්යාකාසි.
අත්ථිපනාති කිං පුච්ඡාමියි අසයි. මේ මොහුගේ ලබ්ධියයි. ඒ ඒ සසුනෙහි ශාස්තෲන් වහන්සේම අර්හත්වෙති. ශ්රාවකයා රහත්බවට පැමිණිමට සමර්ථයෙක් නැත. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යතොඛො වච්ඡ භික්ඛුනො යි එක් භික්ෂුවක කියන්නාක් මෙන් කියති. අත්ථිනුඛො සමණස්ස ගොතමස්ස සාවකො අරහත්තං පත්තො යි මේ අර්ථය විමසන්නෙමියි ඇසූහ. එහි තිට්ඨතු යී ගෞතමයන් වහන්සේ සිටිත්වා. භාග්‍යවතුන් වහන්සේම ලෝකයෙහි ප්‍රකටවූ රහතන් වහන්සේය යන අර්ථයි. මෙය කියු කල්හි මතුයෙහි භික්ෂුණී ආදීන්ගේ වශයෙන් ප්‍රශ්න ඇසීය. භාග්‍යවතුන් වහන්සේද ප්‍රකාශ කළ සේක
ආරාධකොති සම්පාදකො පරිපූරකො.
ආරාධකො සම්පාදකයා පරිපුරකයා.
සෙඛාය විජ්ජාය පත්තබ්බන්ති හෙට්ඨිමඵලත්තයං පත්තබ්බං. තං සබ්බං මයා අනුප්පත්තන්ති වදති. විතණ්ඩවාදී පනාහ – “කතමෙ ධම්මා සෙක්ඛා? චත්තාරො මග්ගා අපරියාපන්නා හෙට්ඨිමානි ච තීණි සාමඤ්ඤඵලානී”ති (ධ· ස· 1023) වචනතො අරහත්තමග්ගොපි අනෙන පත්තොයෙව. ඵලං පන අපත්තං, තස්ස පත්තියා උත්තරි යොගං කථාපෙතීති. සො එවං සඤ්ඤාපෙතබ්බො –
සෙඛාය විජ්ජාය පත්තබ්බං අවම ඵලත්‍රයට පැමිණිය යුතුය. ඒ සියල්ලටම මම පැමිණියෙම් කියන සේක. විතණ්ඩ වාදියා මෙසේ කීය. ධර්මකීයක් සේඛද, නොපැමිණි සිව් මගද අවම සාමඤ්ඤඵල තුනද යන වචනයෙන් අර්හත් මාර්ගයටද අවසානයෙහි පැමිණියේය. ඵලයට නොපැමිණියේය. එයට පැමිණීමට මතුයෙහි යෙදීම කියවයි. එය මෙසේ හැඳින්විය යුතුය.
“යො වෙ කිලෙසානි පහාය පඤ්ච, පරිපුණ්ණසෙඛො අපරිහානධම්මො; චෙතොවසිප්පත්තො සමාහිතින්ද්රියො, ස වෙ ඨිතත්තොති නරො පවුච්චතී”ති. (අ· නි· 4.5);
යොවෙ කිලෙසානි පහාය පඤ්ච පරිපුණ්ණසෙඛො අපහාන ධම්මො චෙතො වසිප්පත්තො සමාහිතින්ද්රිය සවෙ ඨිත තෙතානි නරො පවුච්චති
යමෙක් කෙලෙක් පස හැර පිරිපුන් සේබව නොහරන දහම් ඇත්තේ සිත්හි වසඟව සන්හුන් ඉඳුරන් ඇත්තේ හේ නැවතුණු ආත්ම ඇති මිනිසායය කියනු ලැබේ.
අනාගාමිපුග්ගලො හි එකන්තපරිපුණ්ණසෙඛො. තං සන්ධාය “සෙඛාය විජ්ජාය පත්තබ්බ”න්ති ආහ. මග්ගස්ස පන එකචිත්තක්ඛණිකත්තා තත්ථ ඨිතස්ස පුච්ඡා නාම නත්ථි. ඉමිනා සුත්තෙන මග්ගොපි බහුචිත්තක්ඛණිකො හොතූති චෙ. එතං න බුද්ධවචනං, වුත්තගාථාය ච අත්ථො විරුජ්ඣති. තස්මා අනාගාමිඵලෙ ඨත්වා අරහත්තමග්ගස්ස විපස්සනං කථාපෙතීති වෙදිතබ්බො. යස්මා පනස්ස න කෙවලං සුද්ධඅරහත්තස්සෙව උපනිස්සයො, ඡන්නම්පි අභිඤ්ඤානං උපනිස්සයො අත්ථි, තස්මා භගවා – “එවමයං සමථෙ කම්මං කත්වා පඤ්ච අභිඤ්ඤා නිබ්බත්තෙස්සති, විපස්සනාය කම්මං කත්වා අරහත්තං පාපුණිස්සති. එවං ඡළභිඤ්ඤො මහාසාවකො භවිස්සතී”ති විපස්සනාමත්තං අකථෙත්වා සමථවිපස්සනා ආචික්ඛි.
අනාගාමි පුද්ගලයා ඒකාන්ත පරිපූර්ණ සේඛයාය. ඒ සඳහා මේ සෙඛාය විජ්ජා පත්තබ්බං යයි කීහ. මාර්ගය ඒක චිත්තක්ෂණික හෙයින් එහි සිටියහුගේ විමසීමක් නැත. මේ සුත්‍රයෙන්ද මාර්ගයද බහුචිත්තක්ඛණිකො - බහු චිත්ත - ක්ෂණික වෙති යන්න බුද්ධවචන නොවේනම් කියන ලද ගාථාවෙහි අර්ථයද විරුද්ධය. ඒනිසා අනාගාමි ඵලයෙහි සිට අර්හත් මාර්ගයෙහි විදර්ශනාව කියවන ලද්දේයයි දත යුතුය. යම් හෙයකින් ඒ පිරිසිදු රහත්හුටම උපනිශ්‍රය නොවේ. ෂටි අභිඥාවනටද උපනිශ්‍රය වේ. ඒනිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ සමථයෙහි කර්ම කොට පංච අභිඥා උපදවන සේක. විදර්ශනාවෙහි කර්ම කොට රහත්බවට පැමිණෙන සේක. මෙසේ ෂට් අභිඥාසහිත මහා ශ්‍රාවකයෙක් වන්නේයයි විදර්ශනාමාත්රයම නොකියා සමථ විදර්ශනා කියාදුන් සේක.
සති සතිආයතනෙති සති සතිකාරණෙ. කිඤ්චෙත්ථ කාරණං? අභිඤ්ඤා වා අභිඤ්ඤාපාදකජ්ඣානං වා අවසානෙ පන අරහත්තං වා කාරණං අරහත්තස්ස විපස්සනා වාති වෙදිතබ්බං.
සති සති ආයතනෙ කරුණු ඇති ඇති කල්හි, මෙහි කාරණ යනු කිම. අභිඤ්ඤාව හෝ අභිඤ්ඤාපාදක ධ්‍යානය හෝ අවසන්හි රහත්බව හෝ රහත්හුගේ විදර්ශනාව හෝ යන කාරණයයි දතයුතුය.
පරිචිණ්ණො මෙ භගවාති සත්ත හි සෙඛා භගවන්තං පරිචරන්ති නාම, ඛීණාසවෙන භගවා පරිචිණ්ණො හොති. ඉති සඞ්ඛෙපෙන අරහත්තං බ්යාකරොන්තො ථෙරො එවමාහ. තෙ පන භික්ඛූ තමත්ථං න ජානිංසු, අජානන්තාව තස්ස වචනං සම්පටිච්ඡිත්වා. භගවතො ආරොචෙසුං. දෙවතාති තෙසං ගුණානං ලාභී දෙවතා. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
පරිචිණ්ණොමෙ භගවා සේඛයෝ සත්දෙන භාග්‍යවතුන් වහන්සේ වටා හැසිරෙත්. ක්ෂීණාශ්රවයා විසින් භාග්‍යවතුන් වහන්සේ වටා පිරිවරන ලද සේකැයි මෙසේ සංක්ෂේපයෙන් රහත්බව ප්‍රකාශ කරමින් තෙරුන් වහන්සේ මෙසේකීහ. ඔවුහු භික්ෂූන්ගේ අර්ථය නොදත්හ. නොදැනම ඔහුගේ වචනය පිළිගෙන භාග්‍යවතුන් වහන්සේට දැන්වුහ. දෙවතා ඔවුන්ගේ ගුණ ලැබූ දේවතාවා සෙස්ස සියලු තැන නොගැඹුරුය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාවච්ඡසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවැනි මහාවච්ඡ සුත්‍රයයි