යෙදුමෙන් කියවන්න

මහාවච‍්ඡගොත‍්ත සුත‍්තං

2. 3. 3.

2. 3. 3.

මහාවච‍්ඡගොත‍්ත සුත‍්තං

මහාවච්ඡගොත්ත සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච:

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනවිහාරයෙහි වැඩ වසනසේක. එකල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකළයුතු වූ කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ යැ.

දීඝරත‍්තාහං භොතා ගොතමෙන සහකථී, සාධු මෙ භවං ගොතමො සංඛිත‍්තෙන කුසලාකුසලං දෙසෙතූ’ති.

මම් භවත් ගෞතමයන් වහන්සේ සමග කථා කෙළෙම් බොහෝ කල් වෙයි. භවත් ගෞතමයන් වහන්සේ මට සැකෙවින් කුසල් අකුසල් දේශනා කරන සේක්ව’යි අයදිමි.

සංඛිත‍්තෙනපි ඛො තෙ අහං වච‍්ඡ කුසලාකුසලං දෙසෙය්‍යං, විත්‍ථාරෙනපි ඛො තෙ අහං වච‍්ඡ කුසලාකුසලං දෙසෙය්‍යං. අපි ච තෙ අහං වච‍්ඡ සංඛිත‍්තෙන කුසලාකුසලං දෙසිස‍්සාමි. තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති.

වත්සය, මම් තොපට සැකෙවිනුදු කුසල් අකුසල් දෙසිය හෙමි. වත්සය මම් තොපට විතරිනුදු කුසල් අකුසල් දෙසිය හෙමි. එතෙකුදු වුවත් වත්සය, මෙම තොපට සැකෙවින් කුසල් අකුසල් දෙසන්නෙමි, ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි’යි.

එවං භොති ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

‘එසේ යැ භවත්නි’යි වත්සගෝත්‍රපරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළසේක:

ලොභො ඛො වච‍්ඡ අකුසලං, අලොභො කුසලං. දොසො ඛො වච‍්ඡ අකුසලං, අදොසො කුසලං. මොහො ඛො වච‍්ඡ අකුසලං, අමොහො කුසලං. ඉති ඛො වච‍්ඡ ඉමෙ තයො ධම‍්මා අකුසලා, තයො ධම‍්මා කුසලා. පාණාතිපාතො ඛො වච‍්ඡ අකුසලං, පාණාතිපාතා වෙරමණී කුසලං. අදින‍්නාදානං ඛො වච‍්ඡ අකුසලං, අදින‍්නාදානා වෙරමණී කුසලං. කාමෙසුමිච‍්ඡාචාරො ඛො වච‍්ඡ අකුසලං, කාමෙසුමිච‍්ඡාචාරා වෙරමණී කුසලං. මුසාවාදො ඛො වච‍්ඡ අකුසලං, මුසාවාදා වෙරමණී කුසලං. පිසුණා වාචා ඛො වච‍්ඡ අකුසලං, පිසුනා වාචා වෙරමණී කුසලං. ඵරුසා වාචා ඛො වච‍්ඡ අකුසලං, ඵරුසා වාචා වෙරමණී කුසලං. සම‍්ඵප‍්පලාපා ඛො වච‍්ඡ අකුසලං, සම‍්ඵප‍්පලාපා වෙරමණී කුසලං. අභිජ‍්ඣා ඛො වච‍්ඡ අකුසලං, අනභිජ‍්ඣා කුසලං. බ්‍යාපාදො ඛො වච‍්ඡ අකුසලං, අබ්‍යාපාදො කුසලං. මිච‍්ඡාදිට‍්ඨි ඛො වච‍්ඡ අකුසලං, සම‍්මාදිට‍්ඨි කුසලං. ඉති ඛො වච‍්ඡ ඉමෙ දස ධම‍්මා අකුසලා, දස ධම‍්මා කුසලා.

“වත්සය, ලෝභය අකුශලයෙක, අලෝභය කුශලයෙක. වත්සය, ද්වේෂය අකුශලයෙක, අද්වේෂය කුශලයෙක. වත්සය, මෝහය අකුශලයෙක, අමෝහය කුශලයෙකි. මෙසෙයින් වත්සය, මේ තුන් ධර්‍මයෝ අකුශලයෝ යැ, තුන් ධර්‍මයෝ කුශලයෝ යි. වත්සය, ප්‍රාණඝාතය අකුශලයෙක, ප්‍රාණඝාතයෙන් වෙන් වීම කුශලයෙක. වත්සය, අදත්තාදානය අකුශලයෙක, අදත්තාදානයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, කාමයෙහි මිසහසර අකුශලයෙක, කාමයෙහි මිසහසරින් වෙන්වීම කුශලයෙක. වත්සය, මෘෂාවාදය අකුශලයෙක, මෘෂාවාදයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, පිශුනවචනය අකුශලයෙක, පිශුනවචනයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, පරුෂවචනය අකුශලයෙක, පරුෂවචනයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, සම්ඵප්‍රලාපය අකුශලයෙක, සම්ඵප්‍රලාපයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, අභිධ්‍යාව අකුශලයෙක, අනභිධ්‍යාව කුශලයෙක. වත්සය, ව්‍යාපාදය අකුශලයෙක, අව්‍යාපාදය කුශලයෙක. වත්සය, මිථ්‍යාදෘෂ්ටිය අකුශලයෙක, සම්‍යග්දෘෂ්ටිය කුශලයෙකි. මෙසෙයින් වත්සය, මේ දශධර්‍මයෝ අකුශලයෝ යැ. දශධර්‍මයෝ කුශලයෝ යි.

යතො ඛො වච‍්ඡ භික‍්ඛුනො තණ‍්හා පහීනා හොති උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. සො හොති භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තොති.

වත්සය, යම් තැනෙක පටන් මහණහට තෘෂ්ණා ප්‍රහීණ වී ද උසුන්මුල් ඇත්තී තාලවස්තුවක් මෙන් කරනලද්දී අනභාවය කරනලද්දී මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී ද ඒ මහණ අර්‍හත් වූයේ ක්‍ෂය වූ ආස්‍රව ඇත්තේ වැස නිම වූ බඹසරවස් ඇත්තේ කළ සිවුමඟකිසඇතියේ බහා තැබූ ස්කන්‍ධාදි බර ඇතියේ පැමිණි අර්‍හත්ත්‍වය ඇතියේ ක්‍ෂය වූ භවසංයෝජන ඇත්තේ මොනොවට දැන අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්ත වූයේ යයි.

තිට‍්ඨතු භවං ගොතමො. අත්‍ථි පන භොතො ගොතමස‍්ස එකභික‍්ඛූපි සාවකො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ එක් මහණෙකුදු ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමා විසින් මැ දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ද එබඳු මහණෙක් ඇද්දැ?යි.

න ඛො වච‍්ඡ එකංයෙව සතං න ද‍්වෙ සතානි න තීණි සතානි න චත‍්තාරි සතානි න පඤ‍්ච සතානි, අථ ඛො භිය්‍යොව යෙ භික‍්ඛූ මම සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

වත්සය, එක් සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවක වූ යම් මහණ කෙනෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමන් විසින් මැ දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙත් ද එබඳු මහණහු බොහෝ වෙත් මැ යි.

තිට‍්ඨතු භවං ගොතමො, තිට‍්ඨන‍්තු භික‍්ඛූ. අත්‍ථි පන භොතො ගොතමස‍්ස එකභික‍්ඛුනීපි සාවිකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

භවත් ගෞතමයන් වහන්සේ සිටිත්වා. මහණහු සිටිත්වා. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවිකා වූ එක් මෙහෙණකුදු ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමා විසින් අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ ද එබඳු එක් මෙහෙණකුදු ඇද්දැ?යි.

න ඛො වච‍්ඡ එකංයෙව සතං න ද‍්වෙ සතානි න තීණි සතානි න චත‍්තාරි සතානි න පඤ‍්ච සතානි. අථ ඛො භිය්‍යොව යා භික‍්ඛුනියො මම සාවිකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සැවි වූ යම් මෙහෙණ කෙනෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමන් විසින් අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙත් ද, එබඳු මෙහෙණහු බොහෝ වෙත් මැ යි.

තිට‍්ඨතු භවං ගොතමො, තිට‍්ඨන‍්තු භික‍්ඛූ, තිට‍්ඨන‍්තු භික‍්ඛුනියො. අත්‍ථි පන භොතො ගොතමස‍්ස එකුපාසකොපි සාවකො ගිහී ඔදාතවසනො බ්‍රහ‍්මචාරී පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකාති.

භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. භවත් ගෞතමයන් වහන්සේගේ සවු වූ ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති එක් උවසුයෙක් පවා පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ ඒ ශුද්ධාවාසයෙහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එනුයේ ඇද්දැ?යි.

න ඛො වච‍්ඡ එකංයෙව සතං න ද‍්වෙ සතානි න තීණි සතානි න චත‍්තාරි සතානි න පඤ‍්ච සතානි. අථ ඛො භිය්‍යොව යෙ උපාසකා මම සාවකා ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකා තත්‍ථ පරිනිබ‍්බායිනො අනාවත‍්තිධම‍්මා තස‍්මා ලොකාති.

වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සවු වූ ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති යම් උවසු කෙනෙක් පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූවාහු එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තාහු ද එබඳු උවසුවෝ බොහෝ වෙත් මැ යි.

තිට‍්ඨතු භවං ගොතමො, තිට‍්ඨන‍්තු භික‍්ඛූ, තිට‍්ඨන‍්තු භික‍්ඛුනියො, තිට‍්ඨන‍්තු උපාසකා ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො. අත්‍ථි පන භොතො ගොතමස‍්ස එකුපාසකොපි සාවකො ගිහී ඔදාතවසනො කාමභොගී සාසනකරො ඔවාදපතිකරො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථඞ‍්කථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ විහරතීති.

භවත් ගෞතමයන් වහන්සේ සිටින සේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ සිටිත්වා. භවත් ගෞතමයන්ගේ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ සසුන් කරන අවවාද පිළිගෙන කරන තරණය කළ විචිකිච්ඡා ඇති පහවූ සැක ඇති, විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූ එක් උපාසකයෙක් නමුදු වෙසේ දැ?යි.

න ඛො වච‍්ඡ එකංයෙව සතං න ද‍්වෙ සතානි න තීණි සතානි න චත‍්තාරි සතානි න පඤ‍්ච සතානි. අථ ඛො භිය්‍යොව යෙ උපාසකා මම සාවකා ගිහී ඔදාතවසනා කාමභොගිනො සාසනකරා ඔවාදපතිකරා තිණ‍්ණවිචිකිච‍්ඡා විගතකථඞ‍්කථා වෙසාරජ‍්ජප‍්පත‍්තා අපරප‍්පච‍්චයා සත්‍ථුසාසනෙ විහරන‍්තීති.

වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවක වූ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ ශාසනකර වූ අවවාද පිළිගෙන කරන තරණය කළ විචිකිත්සා ඇති පහවූ සැක ඇති විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූ යම් උපාසක කෙනෙක් වෙසෙත් ද, එබඳු උපාසකයෝ බොහෝ වෙත් මැ යි.

තිට‍්ඨතු භවං ගොතමො, තිට‍්ඨන‍්තු භික‍්ඛූ, තිට‍්ඨන‍්තු භික‍්ඛුනියො, තිට‍්ඨන‍්තු උපාසකා ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො, තිට‍්ඨන‍්තු උපාසකා ගිහී ඔදාතවසනා කාමභොගිනො. අත්‍ථි පන භොතො ගොතමස‍්ස එකුපාසිකාපි සාවිකා ගිහිනී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනී පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකා තත්‍ථ පරිනිබ‍්බායිනී අනාවත‍්තිධම‍්මා තස‍්මා ලොකාති.

භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහිගේවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ සිටිත්වා. ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී උපාසකයෝ සිටිත්වා. භවත් ගෞතමයන් වහන්සේගේ සැවි වූ හෙළපිළී හඳනා බඹසර ඇති පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි පිරිනිවෙනසුලු එලොවින් නො නවත්නා සැහැවි ඇති එක් උවැසියෙකුදු ඇද්දැ?යි.

න ඛො වච‍්ඡ එකංයෙව සතං න ද‍්වෙ සතානි න තීණි සතානි න චත‍්තාරි සතානි න පඤ‍්ච සතානි. අථ ඛො භිය්‍යොව යා උපාසිකා මම සාවිකා ගිහිනියො ඔදාතවසනා බ්‍රහ‍්මචාරිණියො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකා තත්‍ථ පරිනිබ‍්බායිනියො අනාවත‍්තිධම‍්මා තස‍්මා ලොකාති.

වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සැවි වූ ගිහිගේවැසි හෙළපිළී හඳනා බඹසර ඇති පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි පිරිනිවෙනසුලු ඒ සුදවැසි බඹලොවින් පෙරළා නො එනසුලු යම් උවැසි කෙනෙක් වෙත් ද එබඳු උවැසියෝ බොහෝ වෙත් මැ යි.

තිට‍්ඨතු භවං ගොතමො, තිට‍්ඨන‍්තු භික‍්ඛූ, තිට‍්ඨන‍්තු භික‍්ඛුනියො, තිට‍්ඨන‍්තු උපාසකා ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො, තිට‍්ඨන‍්තු උපාසකා ගිහී ඔදාතවසනා කාමභොගිනො, තිට‍්ඨන‍්තු උපාසිකා ගිහිනියො ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනියො. අත්‍ථි පන භොතො ගොතමස‍්ස එකුපාසිකාපි සාවිකා ගිහිනී ඔදාතවසනා කාමභොගිනී සාසනකරා ඔවාදපතිකරා තිණ‍්ණවිචිකිච‍්ඡා විගතකථඞ‍්කථා වෙසාරජ‍්ජප‍්පත‍්තා අපරප‍්පච‍්චයා සත්‍ථුසාසනෙ විහරතීති.

භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහිගේවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ සිටිත්වා, ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ උවසුවෝ සිටිත්වා. ගිහිගේ වැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ සිටිත්වා, යළි භවත් ගෞතමයන් වහන්සේගේ සැවි වූ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කම්සුව විඳින සසුන්කරු වූ ඔවා පිළිගෙන කරන තරණය කළ චිකිත්සා ඇති පහ වූ සැක ඇති විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූ එක් උවැසියකුදු වෙසේ දැ?යි.

න ඛො වච‍්ඡ එකංයෙව සතං න ද‍්වෙ සතානි න තීණි සතානි න චත‍්තාරි සතානි න පඤ‍්ච සතානි. අථ ඛො භිය්‍යොව යා උපාසිකා මම සාවිකා ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො සාසනකරා ඔවාදපතිකරා තිණ‍්ණවිච‍්ඡිකිච‍්ඡා විගතකථඞ‍්කථා වෙසාරජ‍්ජප‍්පත‍්තා අපරප‍්පච‍්චයා සත්‍ථුසාසනෙ විහරන‍්තීති.

වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවිකා වූ ගිහිගේවැසි හෙළපිළී හඳනා කම්සුව විඳින සසුන්කරු වූ ඔවා පිළිගෙන කරන තරණය කළ විචිකිත්සා ඇති විගත කථඞ්කථා ඇති වෛශාරද්‍යයට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූ යම් උපාසිකා කෙනෙක් ඇද්ද, එබඳු උපාසිකාවෝ බොහෝ වෙත් මැ යි.

සචෙ හි භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්ඤෙව ගොතමො ආරාධකො අභවිස‍්ස. නො ච ඛො භික‍්ඛූ ආරාධකා අභවිංසු. එවමිදං බ්‍රහ‍්මචරියං අපරිපූරං අභවිස‍්ස තෙනඞ‍්ගෙන. යස‍්මා ච ඛො භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො භික‍්ඛූ ච ආරාධකා. එවමිදං බ්‍රහ‍්මචරියං පරිපූරං තෙනඞ‍්ගෙන.

ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්තුරා දහම භවත් ගෞතමයන් වහන්සේ මතු සම්පාදනය කළාහු වෙත් නම් මහණහු නො ද ආරාධනය කළාහු නම් මෙසෙයින් මේ මඟ බඹසර එ අඟින් අපරිපූර්‍ණ විය. තවද යම් හෙයෙකින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොව්තුරු දහම භවත් ගෞතමයන් වහන්සේත් සම්පාදනය කළාහු මහණහු ද ආරාධනය කළාහු වෙත් ද, මෙසෙයින් මේ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ වී.

සචෙ හි භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො අභවිස‍්ස, භික‍්ඛූ ච ආරාධකා අභවිංසු, නො ච ඛො භික‍්ඛුනියො ආරාධිකා අභවිංසු, එවමිදං බ්‍රහ‍්මචරියං අපරිපූරං අභවිස‍්ස තෙනඞ‍්ගෙන. යස‍්මා ච ඛො භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො භික‍්ඛූ ච ආරාධකා, භික‍්ඛුනියො ච ආරාධිකා, එවමිදං බ්‍රහ‍්මචරියං පරිපූරං තෙනඞ‍්ගෙන.

ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්තුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද ආරාධනය කළාහු වූහ. එතෙකුදු වත් මෙහෙණහු ආරාධනය කළාහු නො වූහු නම්, මෙසෙයින් මේ මඟබඹසර එ අඟින් අපරිපූර්‍ණ වූයේ යැ. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ විය.

සචෙ හි භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො අභවිස‍්ස, භික‍්ඛූ ච ආරාධකා අභවිංසු, භික‍්ඛුනියො ච ආරාධිකා අභවිංසු, නො ච ඛො උපාසකා ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො ආරාධකා අභවිංසු, එවමිදං බ්‍රහ‍්මචරියං අපරිපූරං අභවිස‍්ස තෙනඞ‍්ගෙන. යස‍්මා ච ඛො භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො, භික‍්ඛූ ච ආරාධකා, භික‍්ඛුනියො ච ආරාධිකා, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො ආරාධකා, එවමිදං බ්‍රහ‍්මචරියං පරිපූරං තෙනඞ‍්ගෙන.

ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොවුතුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ සම්පාදක නො වූහු නම් මෙසෙයින් මෙ මඟ බඹසර එ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ විය.

සචෙ හි භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො අභවිස‍්ස, භික‍්ඛූ ච ආරාධකා අභවිංසු, භික‍්ඛුනියො ච ආරාධිකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො ආරාධකා අභවිංසු, නො ච ඛො උපාසකා ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා අභවිංසු, එවමිදං බ්‍රහ‍්මචරියං අපරිපූරං අභවිස‍්ස තෙනඞ‍්ගෙන. යස‍්මා ච ඛො භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙ ව ගොතමො ආරාධකො, භික‍්ඛූ ච ආරාධකා, භික‍්ඛුනියො ච ආරාධිකා, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො ආරාධකා උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා, එවමිදං බ්‍රහ‍්මචරියං පරිපූරං තෙනඞ‍්ගෙන.

ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොව්තුරුදහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ සම්පාදක නො වූහු නම් මෙසෙයින් මෙ බඹසර එ අඟින් අපරිපූර්‍ණ වූයේ යැ. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසරවස් ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ බඹසර පරිපූර්‍ණ විය.

සචෙ හි භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො අභවිස‍්ස, භික‍්ඛූ ච ආරාධකා අභවිංසු, භික‍්ඛුනියො ච ආරාධිකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො ආරාධකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා අභවිංසු, නො ච ඛො උපාසිකා ගිහිනියො ඔදාතවසනා බ්‍රහ‍්මචාරිණියො ආරාධිකා අභවිංසු, එවමිදං බ්‍රහ‍්මචරියං අපරිපූරං අභවිස‍්ස තෙනඞ‍්ගෙන. යස‍්මා ච ඛො භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො භික‍්ඛූ ච ආරාධකා භික‍්ඛුනියො ච ආරාධිකා උපාසකා ච ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො ආරාධකා උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා බ්‍රහ‍්මචාරිණියො ආරාධිකා, එවමිදං බ්‍රහ‍්මචරියං පරිපූරං තෙනඞ‍්ගෙන.

ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොවුතුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ (මෙදහම) සම්පාදනය කළාහු නො වූහු නම් මෙසෙයින් මෙ බඹසර ඒ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ බඹසර එ අඟින් පරිපූර්‍ණ වී.

සචෙ හි භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො අභවිස‍්ස, භික‍්ඛූ ච ආරාධකා අභවිංසු, භික‍්ඛුනියො ච ආරාධිකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො ආරාධකා අභවිංසු, උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා අභවිංසු, උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා බ්‍රහ‍්මචාරිණියො ආරාධිකා අභවිංසු, නො ච ඛො උපාසිකා ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො ආරාධිකා අභවිංසු, එවමිදං බ්‍රහ‍්මචරියං අපරිපූරං අභවිස‍්ස තෙනඞ‍්ගෙන. යස‍්මා ච ඛො භො ගොතම ඉමං ධම‍්මං භවඤ‍්චෙව ගොතමො ආරාධකො භික‍්ඛූ ච ආරාධකා භික‍්ඛුනියො ච ආරාධිකා උපාසකා ච ගිහී ඔදාතවසනා බ්‍රහ‍්මචාරිනො ආරාධකා උපාසකා ච ගිහී ඔදාතවසනා කාමභොගිනො ආරාධකා උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා බ්‍රහ‍්මචාරිණියො ආරාධිකා උපාසිකා ච ගිහිනියො ඔදාතවසනා කාමභොගිනියො ආරාධිකා. එවමිදං බ්‍රහ‍්මචරියං පරිපූරං තෙනඞ‍්ගෙන.

ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොවුතුරුදහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවැසියෝ මෙදහම සම්පාදනය කළාහු නො වූහු නම් මෙ සෙයින් මෙ මඟබඹසර ඒ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවැසියෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ වී.

සෙය්‍යථාපි භො ගොතම ගඞ‍්ගානදී සමුද‍්දනින‍්නා සමුද‍්දපොණා සමුද‍්දපබ‍්භාරා සමුද‍්දං ආහච‍්ච තිට‍්ඨති. එවමෙවායං භොතො ගොතමස‍්ස පරිසා සගහට‍්ඨපබ‍්බජිතා නිබ‍්බානනින‍්නා නිබ‍්බානපොණා නිබ‍්බානපබ‍්භාරා නිබ‍්බානං ආහච‍්ච තිට‍්ඨති. අභික‍්කන‍්තං -පෙ- එසාහං භගවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. ලභෙය්‍යාහං භොතො ගොතමස‍්ස සන‍්තිකෙ පබ‍්බජ‍්ජං ලභෙය්‍යං උපසම‍්පදන‍්ති.

යම්සේ භවත් ගෞතමයන් වහන්ස, ගඞ්ගානදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා මුහුද පැහැර සිටී ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේගේ මේ පිරිස ගිහිපැවිද්දන් සහිත වූවා නිවනට නම්න වැ නිවනට නැඹුරු වැ නිවනට බර වැ නිවන පැහැර සිටී. ඉතා කාන්ත යැ ... ඒ මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. මම් භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැවිද්ද ලබන්නෙම් මැනැවැ, උපසපුව ලබන්නෙම් මැනැවැ’යි.

යො ඛො වච‍්ඡ අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ ආකඞ‍්ඛති පබ‍්බජ‍්ජං, ආකඞ‍්ඛති උපසම‍්පදං. සො චත‍්තාරො මාසෙ පරිවසති. චතුන‍්නං මාසානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්ති, උපසම‍්පාදෙන‍්ති භික‍්ඛුභාවාය. අපි ච මෙත්‍ථ පුග‍්ගලවෙමත‍්තතා විදිතාති.

වත්සය, අන්තොටුවිරූ යමෙක් මෙසස්නෙහි පැවිද්ද කැමැති වේ ද මහලුපැවිද්ද කැමැති වේ ද, හෙ සාර මසක් පිරිවෙස් වසයි. සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති මහණහු ඔහු පැවිදි කෙරෙති, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරෙති. එතෙකුදු වත් මෙහි ලා මා විසින් පුද්ගල නානාත්‍වය දන්නාලදැ’යි.

සචෙ භන‍්තෙ අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බා ඉමස‍්මිං ධම‍්මවිනයෙ ආකඞ‍්ඛන‍්තා පබ‍්බජ‍්ජං ආකඞ‍්ඛන‍්තා උපසම‍්පදං චත‍්තාරො මාසෙ පරිවසන‍්ති. චතුන‍්නං මාසානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්ති, උපසම‍්පාදෙන‍්ති භික‍්ඛුභාවාය. අහං චත‍්තාරි වස‍්සානි පරිවසිස‍්සාමි. චතුන‍්නං මං වස‍්සානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්තු, උපසම‍්පාදෙන‍්තු භික‍්ඛුභාවායාති. අලත්‍ථ ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථ උපසම‍්පදං.

ඉදින් වහන්ස, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූවාහු මෙ සස්නෙහි පැවිදි කැමැත්තාහු මහලුපැවිදි කැමැත්තාහු සාරමසක් පිරිවෙස් වසත් ද, සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති මහණහු ඔවුන් පැවිදි කෙරෙත් ද, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරෙත් ද, මම් සතර හවුරුද්දක් පිරිවෙස් වසමි, සතර හවුරුද්දක් ඇවෑමෙන් තුටුසිත් මහණහු (මා) පැවිදි කෙරෙත්වා, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරත්ව’යි.

අචිරූපසම‍්පන‍්නො ඛො පනායස‍්මා වච‍්ඡගොත‍්තො අද‍්ධමාසූපසම‍්පන‍්නො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා වච‍්ඡගොත‍්තො භගවන‍්තං එතදවොච: ‘යාවතකං භන‍්තෙ සෙඛෙන ඤාණෙන සෙඛාය විජ‍්ජාය පත‍්තබ‍්බං, අනුප‍්පත‍්තං තං මයා උත‍්තරිං මෙ භගවා ධම‍්මං දෙසෙතූ’ති. තෙන හි ත්‍වං වච‍්ඡ, ද‍්වෙ ධම‍්මෙ උත‍්තරිං භාවෙහි, සමථඤ‍්ච විපස‍්සනඤ‍්ච. ඉමෙ ඛො තෙ වච‍්ඡ ද‍්වෙ ධම‍්මා උත‍්තරිං භාවිතා, සමථො ච විපස‍්සනා ච. අනෙකධාතුපටිවෙධාය සංවත‍්තිස‍්සන‍්ති. සො ත්‍වං වච‍්ඡ යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි, අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභවෙය්‍යං, එකොපි හුත්‍වා බහුධා අස‍්සං, බහුධාපි හුත්‍වා එකො අස‍්සං, ආවිභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡෙය්‍යං සෙය්‍යථාපි ආකාසෙ පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරෙය්‍යං සෙය්‍යථාපි උදකෙ, උදකෙපි අභෙජ‍්ජමානෙ ගච‍්ඡෙය්‍යං සෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමෙය්‍යං සෙය්‍යථාපි පක‍්ඛී සකුණො, ඉමෙපි චන්‍දිමසුරියෙ එවං මහිද‍්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසෙය්‍යං, පරිමජ‍්ජෙය්‍යං, යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙය්‍ය’න‍්ති. තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිස‍්සසි සති සති ආයතනෙ.

වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් කෙරෙහි පැවිදි ලද, මහලුපැවිදි ලත්. යළි උපසපන් නො බෝකල් ඇති ආයුෂ්මත් වත්සගෝත්‍ර උපසපන් අඩමස් ඇතියේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ කී: “වහන්ස, ශෛක්‍ෂඥානයෙන් ශෛක්‍ෂවිද්‍යායෙන් යම් පමණ ලදයුතු නම් මා විසින් එය ලබන ලද. මත්තෙහි (ඵලප්‍රාප්තිය පිණිස) මට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනසේක්ව”යි. එසේ වී නම් වත්සය, තෙපි මත්තෙහි ශමථය ද විදර්‍ශනාව ද යන දෙ දහම වඩව. වත්සය, තොප විසින් ශමථය ද, විදර්‍ශනාව ද යන මේ දෙදහමහු වඩනාලද්දාහු අනේකධාතු ප්‍රතිවේධය පිණිස පවතිත්. වත්සය, තෙපි යම්තාක් කැමැත්තහු නම්: “නන්වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කරන්නෙම්, එකක් වැ ද බහුප්‍රකාර වන්නෙමි, බහුප්‍රකාර වැ ද එකෙක් වන්නෙමි. ආවිර්භාවයට තිරොභාවයට යන්නෙමි, බිත්සරස පවුරුසරස පර්‍වත සරස අහස්හි මෙන් නො ගැටෙමින් යන්නෙමි, පොළොව්හිදු දියෙහි මෙන් ගැලීම නැඟීම් කරන්නෙමි, නො බිඳෙන දියෙහිදු පොළොව්හි මෙන් යන්නෙමි, අහස්හිදු පක්‍ෂීන් සෙයින් පලඟින් යන්නෙමි, මෙසේ මහත් ඍද්‍ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මෙ සඳහිරු දෙදෙන ද අතින් පිරිමසන්නෙමි, පිරිමදින්නෙමි, බඹලොව හිම් කොට කයින් වශයෙහි පවත්වන්නෙමි”යි. කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණ ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.

සො ත්‍වං වච‍්ඡ යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි: දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණෙය්‍යං, දිබ‍්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන‍්තිකෙ චාති තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිස‍්සසි සති සති ආයතනෙ.

වත්සය, තෙපි කැමැත්තහු නම්: ‘මිනිස්බව ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝතධාතුයෙන් දුරැ වූ හෝ ළඟ වූ හෝ දිව්‍ය වූත් මානුෂික වූත් උභය ශබ්දයන් ශ්‍රවණය කරන්නෙමි’යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.

සො ත්‍වං වච‍්ඡ යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි: පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානෙය්‍යං. සරාගං වා චිත‍්තං සරාගං චිත‍්තන‍්ති පජානෙය්‍යං, වීතරාගං වා චිත‍්තං වීතරාගං චිත‍්තන‍්ති පජානෙය්‍යං, සදොසං වා චිත‍්තං සදොසං චිත‍්තන‍්ති පජානෙය්‍යං, වීතදොසං වා චිත‍්තං වීතදොසං චිත‍්තන‍්ති පජානෙය්‍යං, සමොහං වා චිත‍්තං සමොහං චිත‍්තන‍්ති පජානෙය්‍යං, වීතමොහං වා චිත‍්තං වීතමොහං චිත‍්තන‍්ති පජානෙය්‍යං, සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං සඞ‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍යං, වික‍්ඛිත‍්තං වා චිත‍්තං වික‍්ඛිත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍යං, මහග‍්ගතං වා චිත‍්තං මහග‍්ගතං චිත‍්තන‍්ති පජානෙය්‍යං, අමහග‍්ගතං වා චිත‍්තං අමහග‍්ගතං චිත‍්තන‍්ති පජානෙය්‍යං, ස උත‍්තරං වා චිත‍්තං සඋත‍්තරං චිත‍්තන‍්ති පජානෙය්‍යං, අනුත‍්තරං වා චිත‍්තං අනුත‍්තරං චිත‍්තන‍්ති පජානෙය්‍යං, සමාහිතං වා චිත‍්තං සමාහිතං චිත‍්තන‍්ති පජානෙය්‍යං, අසමාහිතං වා චිත‍්තං අසමාහිතං චිත‍්තන‍්ති පජානෙය්‍යං, විමුත‍්තං වා චිත‍්තං විමුත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍යං, අවිමුත‍්තං වා චිත‍්තං අවිමුත‍්තං චිත‍්තන‍්ති පජානෙය්‍යන‍්ති. තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිස‍්සසි සති සති ආයතනෙ.

වත්සය, තෙපි යම්තාක් කැමැත්තහු නම්: “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමි, සරාග (රාග සහිත) සිත ද ‘සරාග සිතැ’යි දැනගන්නෙමි, වීතරාග (පහවූ රාග ඇති) සිත ද ‘වීතරාග සිතැ’යි දැනගන්නෙමි, සදෝස සිත ද ‘සදෝස සිතැ’යි දැනගන්නෙමි, වීතදෝස සිත ද ‘වීතදෝස සිතැ’යි දැනගන්නෙමි, සමෝහ සිත ද ‘සමෝහ සිතැ’යි දැනගන්නෙමි, ‘වීතමෝහ සිත ද ‘වීතමෝහ සිතැ’යි දැනගන්නෙමි, සංක්‍ෂිප්ත සිත ද ‘සංක්‍ෂිප්ත සිතැ’යි දැනගන්නෙමි, වික්‍ෂිප්ත සිත ද ‘වික්‍ෂිප්ත සිතැ’යි දැනගන්නෙමි, මහද්ගත සිත ද ‘මහද්ගත සිතැ’යි දැනගන්නෙමි, මහද්ගත නො වූ සිත ද ‘මහද්ගත නො වූ සිතැ’යි දැනගන්නෙමි, සඋත්තර සිත ද ‘සඋත්තර සිතැ’යි දැනගන්නෙමි, අනුත්තර සිත ද ‘අනුත්තර සිතැ’යි දැනගන්නෙමි, සමාහිත සිත ද ‘සමාහිත සිතැ’යි දැනගන්නෙමි, සමාහිත නො වූ සිත ද ‘සමාහිත නො වූ සිතැ’යි දැනගන්නෙමි, විමුක්ත සිත ද ‘විමුක්ත සිතැ’යි දැනගන්නෙමි, විමුක්ත නො වූ සිත ද ‘විමුක්ත නො වූ සිතැ’යි දැනගන්නෙමි, කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.

සො ත්‍වං වච‍්ඡ යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි: අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍යං, සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසතිම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාරීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ, අමුත්‍රාසිං එවන‍්නාමො එවඞ‍්ගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො අමුත්‍ර උපපාදිං. තත්‍රාපාසිං එවන‍්නාමො එවඞ‍්ගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධූපපන‍්නො’ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරෙය්‍යන‍්ති. තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිස‍්සසි සති සති ආයතනෙ.

වත්සය, තෙපි යම් තාක් කැමැත්තහු නම්: ‘නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන්නෙම්, හෙමෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සුවහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසුවල් තැන මෙබඳු නම් ඇති වීමි, මෙබඳු ගෝත්‍ර ඇති වීමි, මෙබඳු පැහැසටහන් ඇති වීමි, මෙබඳු ආහාර ඇති වීමි, මෙබඳු සුවදුක් විඳුනා සුලු වීමි, මෙබඳු ආයුෂ්පර්‍ය්‍යන්ත ඇති වීමි, ඒ මම් එයින් සැව අසුවල් තන්හි උපන්මි, එහිදු මෙබඳු නම් ඇති වීමි, මෙබඳු ගෝත්‍ර ඇති වීමි, මෙබඳු පැහැසටහන් ඇති වීමි, මෙබඳු ආහාර ඇති වීමි, මෙබඳු සුවදුක් විඳුනාසුලු වීමි, මෙබඳු ආයුෂ්පර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම් එයින් සැව මෙහි උපන්මි’යි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන්වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කරන්නෙමි”යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.

සො ත්‍වං වච‍්ඡ යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි: දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සෙය්‍යං චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානෙය්‍යං, ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උප‍්පන‍්නා’ති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සෙය්‍යං චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානෙය්‍යන‍්ති. තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිස‍්සසි සති සති ආයතනෙ.

වත්සය, තෙපි යම් තාක් මැ කැමැත්තහු නම්: “මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන්: ච්‍යුත වනුවන් උපදනුවන් හීනයන් ප්‍රණීතයන් සුවර්‍ණයන් දුර්වර්‍ණයන් සුන්‍දරගති ඇතියන් දුර්‍ගති ඇතියන් දක්නෙමි, කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන්: ‘මේ භවත් සත්ත්‍වයෝ එකත්නෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටි ඇතියහ, මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පැහැ වූ දුකට ගති වූ විශව වැ පතිත වන නිරයෙහි උපන්හ. මෙ භවත් සත්ත්‍වයෝ එකත්නෙන් කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනස්සුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යනට උපවාද නො කරනුවහ. සම්‍යග්දෘෂ්ටි ඇතියහ, සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන ඇතියහ, ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහ’යි දැනගන්නෙමි. මෙසේ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන්: ච්‍යුත වනුවන් උපදනුවන් හීනයන් ප්‍රණීතයන් සුවර්‍ණයන් දුර්වර්‍ණයන් සුන්‍දරගති ඇතියන් දුර්‍ගති ඇතියන් දක්නෙමි, කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් දැනගන්නෙමි”යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.

සො ත්‍වං වච‍්ඡ, යාවදෙව ආකඞ‍්ඛිස‍්සසි ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති. තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණිස‍්සසි, සති සති ආයතනෙති.

වත්සය, තෙපි යම්තාක් මැ කැමැත්තහු නම්: ‘ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඉහාත්මයෙහි මැ තමා විසින් දැන පසක් කොට උපදවා වාසය කරන්නෙමි’යි, ඒ ඒ තන්හි මැ කරුණු ඇතිවත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යයි.

අථ ඛො ආයස‍්මා වච‍්ඡගොත‍්තො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො ආයස‍්මා වච‍්ඡගොත‍්තො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච ඛො පනායස‍්මා වච‍්ඡගොත‍්තො අරහතං අහොසි.

ඉක්බිති ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වැ අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ආයුෂ්මත් වත්සගෝත්‍ර එකලා වූයේ (වස්තුකාම ක්ලේශකාමයෙන්) වෙන් වූයේ අප්‍රමත්ත (කමටහන්හි සිහි එළවූයේ) වූයේ කෙලෙසුන් තවන වැර ඇතියේ (කායජීවිත නිරපේක්‍ෂතායෙන්) හළ අත්බැව් ඇති වැ වෙසෙමින් යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට මැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වෙත් ද ඒ අනුත්තර වූ බඹසරවස් කෙළවර වූ අර්‍හත්ඵලය නො බෝකලකින් මැ ඉහාත්මයෙහි මැ තමා විසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපදවා විසී. ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, (සිවුමඟ) කරණී කරන ලද, මෙ බව පිණිස අනෙක් මාර්‍ගභාවනා කිසෙක් නැතැ’යි දැනගනී. තවද ආයුෂ්මත් වත්සගෝත්‍ර රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් වී.

තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ භගවන‍්තං දස‍්සනාය ගච‍්ඡන‍්ති අද‍්දසා ඛො ආයස‍්මා වච‍්ඡගොත‍්තො තෙ භික‍්ඛූ දූරතොව ගච‍්ඡන‍්තෙ. දිස‍්වාන යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොච: හන්‍ද කහං පන තුම‍්හෙ ආයස‍්මන‍්තො ගච‍්ඡථා’ති භගවන‍්තං ඛො මයං ආවුසො දස‍්සනාය ගච‍්ඡාමාති. තෙන’හායස‍්මන‍්තො මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍දථ, එවං ච වදෙථ. ‘වච‍්ඡගොත‍්තො භන‍්තෙ භික‍්ඛු භගවතො පාදෙ සිරසා වන්‍දති, එවඤ‍්ච වදෙති, පරිචිණ‍්ණො මෙ භගවා පරිචිණ‍්ණො මෙ සුගතො’ති. එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො වච‍්ඡගොත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. අථ ඛො තෙ භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: ආයස‍්මා භන‍්තෙ වච‍්ඡගොත‍්තො භගවතො පාදෙ සිරසා වන්‍දති, එවඤ‍්ච වදෙති: පරිචිණ‍්ණො මෙ භගවා, පරිචිණ‍්ණො මෙ සුගතො’ති.

එසමයෙහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට යෙති. ආයුෂ්මත් වත්සගෝත්‍ර ඒ භික්‍ෂූන් යනුවන් දුරින් මැ දැක ඒ භික්‍ෂූන් කරා එළැඹියේ යැ, එළැඹ ඒ භික්‍ෂූන්ට තෙල කරුණ කී: “ආයුෂ්මත්නි, දැන් තෙපි කොහි යවු දැ”යි. ආයුෂ්මත්නි ඇපි භාග්‍යවතුන් දක්නට යම්හ’යි. එසේ වී නම් ආයුෂ්මත්නි, මාගේ වචනයෙන් භාග්‍යවතුන්ගේ පාසඟළ මුදුනින් වඳිවු: “වහන්ස, වත්සගෝත්‍ර මහණ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ මුදුනින් වඳී, මෙසේත් කියයි: ‘මා විසින් බුදුහු (පරිචර්‍ය්‍යා විසින්) සෙවුනා ලදහ, මා විසින් සුගතයන් වහන්සේ සෙවුනාලදහ”යි වඳිවු. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් වත්සගොත්‍රයනට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති ඒ මහණහු බුදුන් කරා එළැඹ වඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ සැලකළහ: “වහන්ස, ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ මුදුනින් වඳී, මෙසේත් කියයි: ‘මා විසින් භාග්‍යවතුන් වහන්සේ සෙවුනාලදහ, මා විසින් සුගතයන් වහන්සේ සෙවුනාලදහ”යි.

පුබ‍්බෙව මෙ භික‍්ඛවෙ වච‍්ඡගොත‍්තො භික‍්ඛු චෙතසා චෙතො පරිච‍්ච විදිතො. තෙවිජ‍්ජො වච‍්ඡගොත‍්තො භික‍්ඛු මහිද‍්ධිකො මහානුභාවො’ති. දෙවතාපි මෙ එතමත්‍ථං ආරොචෙසුං: තෙවිජ‍්ජො භන‍්තෙ වච‍්ඡගොත‍්තො භික‍්ඛු මහිද‍්ධිකො මහානුභාවො’ති.

මහණෙනි, මා විසින් පළමු මැ වත්සගෝත්‍ර මහණ සිතින් සිත පිරිසිඳ දන්නාලද යැ: “වත්සගෝත්‍ර මහණ ත්‍රිවිද්‍යා ඇත්තේ යැ, මහත් ඍද්ධි ඇත්තේ යැ, මහත් අනුභාව ඇත්තේ යැ”යි. දෙවියෝ ද මට තෙල කරුණ දැන්වූහ: “වහන්ස, වත්සගෝත්‍ර මහණ ත්‍රිවිද්‍යා ඇත්තේ යැ, මහත් ඍද්ධි ඇත්තේ යැ, මහත් අනුභාව ඇත්තේ යැ”යි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ’යි.

මහාවච‍්ඡගොත‍්තසුත‍්තං තතියං.

තුන්වැනි මහාවච්ඡගොත්ත සූත්‍ර යි.