යෙදුමෙන් කියවන්න

දීඝනඛ සුත‍්තං

2. 3. 4.

2. 3. 4.

දීඝනඛ සුත‍්තං

දීඝනඛ සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ සූකරඛතායං. අථ ඛො දීඝනඛො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො දීඝනඛො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙන්හි වැඩ වාසය කරන සේක. එකල්හි දීඝනඛ නම් පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී:

අහං හි භො ගොතම එවං වාදී එවංදිට‍්ඨි, සබ‍්බං මෙ න ඛමතීති. යාපි ඛො තෙ එසා අග‍්ගිවෙස‍්සන දිට‍්ඨි සබ‍්බං මෙ න ඛමතීති, එසාපි තෙ දිට‍්ඨි න ඛමතීති. එසා චෙ මෙ භො ගොතම දිට‍්ඨි ඛමෙය්‍ය තම‍්පස‍්ස තාදිසමෙව, තම‍්පස‍්ස තාදිසමෙවාති. අතො ඛො තෙ අග‍්ගිවෙස‍්සන බහූහි බහුතරා ලොකස‍්මිං යෙ එවමාහංසු: තම‍්පස‍්ස තාදිසමෙව, තම‍්පස‍්ස තාදිසමෙවාති. තෙ තඤ‍්චෙව දිට‍්ඨිං නප‍්පජහන‍්ති, අඤ‍්ඤඤ‍්ච දිට‍්ඨිං උපාදියන‍්ති. අතො ඛො තෙ අග‍්ගිවෙස‍්සන තනූහි තනුතරා ලොකස‍්මිං යෙ එවමාහංසු: තම‍්පස‍්ස තාදිසමෙව, තම‍්පස‍්ස තාදිසමෙවාති. තෙ තඤ‍්චෙව දිට‍්ඨිං පජහන‍්ති, අඤ‍්ඤඤ‍්ච දිට‍්ඨිං න උපාදියන‍්ති.

භවත් ගෞතමයෙනි, මම් වූ කලි ‘සියල්ල (උපත්) මට නො රුස්නේයැ’ යන මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි’යි. ගිනිවෙස්න, තෙල ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන තොපගේ යම් දෘෂ්ටියක් ඇද්ද, තෙල දෘෂ්ටියත් තොපට නො රුස්නේ දැ? යි. ඉදින් භවත් ගෞතමයෙනි, තෙල දෘෂ්ටිය මට රුස්නේ වී නම් එ (දෘෂ්ට්‍යර්‍ත්‍ථය) ද එසේ මැ වන්නේ යැ, එ ද එසේ මැ වන්නේ යැ. (සර්‍වග්‍රහණයෙන් ගන්නා ලද නමුදු දෘෂ්ටිය රුචි වෙයි, එසෙයින් මැ දෘෂ්ට්‍යර්‍ත්‍ථයත් රුචි වේ යන අර්‍ත්‍ථ යි.) ගිනිවෙස්න, ලොවැ (දෘෂ්ටි හැර පියන) යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි හැරපියන) ඔවුනට වඩා (දෘෂ්ටි නො හරනා) ඔහු මැ බොහෝහ, බහුතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද නො හරිති, අන්‍යදෘෂ්ටියකුදු දැඩි වැ ගනිත්. ගිනිවෙස්න, ලොවැ දෘෂ්ටි නො හරනා යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි නො හරනා) ඔවුනට වඩා (දෘෂ්ටි හැරපියන) ඔහු මැ අල්පයහ, අල්පතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද හැරපියති, අන්‍යදෘෂ්ටියකුදු උපාදාන නො කෙරෙති.

සන‍්තග‍්ගිවෙස‍්සන එකෙ සමණබ්‍රාහ‍්මණා එවං වාදිනො එවංදිට‍්ඨිනො සබ‍්බං මෙ ඛමතී’ති. සන‍්තග‍්ගිවෙස‍්සන එකෙ සමණබ්‍රාහ‍්මණා එවං වාදිනො එවංදිට‍්ඨිනො සබ‍්බං මෙ න ඛමතී’ති. සන‍්තග‍්ගිවෙස‍්සන එකෙ සමණබ්‍රාහ‍්මණා එවං වාදිනො එවංදිට‍්ඨිනො එකච‍්චං මෙ ඛමති, එකච‍්චං මෙ න ඛමතීති.

ගිනිවෙස්න, ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත, ගිනිවෙස්න, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත. ගිනිවෙස්න, ‘ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇති.

තත්‍රග‍්ගිවෙස‍්සන යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවං වාදිනො එවංදිට‍්ඨිනො සබ‍්බං මෙ ඛමතී’ති. තෙසමයං දිට‍්ඨි සාරාගාය සන‍්තිකෙ සංයොගාය සන‍්තිකෙ අභිනන්‍දනාය සන‍්තිකෙ අජ‍්ඣොසානාය සන‍්තිකෙ උපාදානාය සන‍්තිකෙ.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, (තෘෂ්ණාදෘෂ්ටි) අභිනන්‍දනයට ආසන්න යැ, අධ්‍යවසානය (ගිලගැනීම) ට ආසන්න යැ. උපාදානය (දෘඪග්‍රහණ) යට ආසන්න යැ.

තත්‍රග‍්ගිවෙස‍්සන යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො සබ‍්බං මෙ න ඛමතී’ති. තෙසමයං දිට‍්ඨි අසාරාගාය සන‍්තිකෙ අසංයොගාය සන‍්තිකෙ අනභිනන්‍දනාය සන‍්තිකෙ අනජ‍්ඣොසානාය සන‍්තිකෙ අනුපාදානාය සන‍්තිකෙති.

එහි ලා ගිනිවෙස්න, යම් මහණබමුණු කෙනෙක් “සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අනභිනන්‍දනයට ආසන්න යැ, අනධ්‍යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යැ යි.

එවං වුත‍්තෙ දීඝනඛො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: උක‍්කංසති මෙ භවං ගොතමො දිට‍්ඨිගතං සමුක‍්කංසති මෙ භවං ගොතමො දිට‍්ඨිගත’න‍්ති.

මෙසේ වදාළ කල්හි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී: “භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය උත්කර්‍ෂ කෙරෙති භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය මැනැවින් උත්කර්‍ෂ කෙරෙති”යි.

තත්‍රග‍්ගිවෙස‍්සන යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: එකච‍්චං මෙ ඛමති, එකච‍්චං මෙ න ඛමතී’ති. යා හි ඛො නෙසං ඛමති සායං දිට‍්ඨි සාරාගාය සන‍්තිකෙ, සංයොගාය සන‍්තිකෙ, අභිනන්‍දනාය සන‍්තිකෙ, අජ‍්ඣොසානාය සන‍්තිකෙ, උපාදානාය සන‍්තිකෙ. යාහි ඛො තෙසං න ඛමති සායං දිට‍්ඨි අසාරාගාය සන‍්තිකෙ අසංයොගාය සන‍්තිකෙ අනභිනන්‍දනාය සන‍්තිකෙ අනජ‍්ඣොසානාය සන‍්තිකෙ අනුපාදානාය සන‍්තිකෙ.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: “ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට නො රුස්නේ යැ” යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, යම් දෘෂ්ටියක් ඔවුනට රුස්නේ ද, ඒ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, අභිනන්‍දනාවට ආසන්න යැ, අධ්‍යවසානයට ආසන්න යැ, උපාදානයට ආසන්න යි. යම් දෘෂ්ටියක් ඔවුනට නො රුස්නේ නම් ඒ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ, අනභිනන්‍දනාවට ආසන්න යැ, අනධ්‍යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යි.

තත්‍රග‍්ගිවෙස‍්සන යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො සබ‍්බං මෙ ඛමතී’ති. තත්‍ථ විඤ‍්ඤූ පුරිසො ඉති පටිසඤ‍්චික‍්ඛති: යා ඛො මෙ අයං දිට‍්ඨි සබ‍්බං මෙ ඛමතී’ති. ඉමඤ‍්චෙ අහං දිට‍්ඨිං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරෙය්‍යං: ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති. ද‍්වීහි මෙ අස‍්ස විග‍්ගහො. යො චායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී එවංදිට‍්ඨි: සබ‍්බං මෙ න ඛමතීති. යොචායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී එවංදිට‍්ඨි: එකච‍්චං මෙ ඛමති, එකච‍්චං මෙ න ඛමතී’ති. ඉමෙහි අස‍්ස ද‍්වීහි විග‍්ගහො. ඉති විග‍්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා. ඉති සො විග‍්ගහඤ‍්ච විවාදඤ‍්ච විඝාතඤ‍්ච විහෙසඤ‍්ච අත‍්තනි සම‍්පස‍්සමානො තඤ‍්චෙව දිට‍්ඨිං පජහති. අඤ‍්ඤඤ‍්ච දිට‍්ඨිං න උපාදියති. එවමෙතාසං දිට‍්ඨීනං පහානං හොති. එවමෙතාසං දිට‍්ඨීනං පටිනිස‍්සග‍්ගො හොති.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල (හැම ප්‍රතිසන්‍ධිය) මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍ය යැ අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකුගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුන් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුන් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දක්මින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.

තත්‍රග‍්ගිවෙස‍්සන යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො ‘සබ‍්බං මෙ න ඛමතී’ති. තත්‍ථ විඤ‍්ඤූ පුරිසො ඉති පටිසඤ‍්චික‍්ඛති: යා ඛො මෙ අයං දිට‍්ඨි ‘සබ‍්බං මෙ න ඛමතී’ති. ඉමඤ‍්චෙ අහං දිට‍්ඨිං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරෙය්‍යං: ‘ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති. ද‍්වීහි මෙ අස‍්ස විග‍්ගහො. යො චායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී එවංදිට‍්ඨි: ‘සබ‍්බං මෙ ඛමතී’ති. යො චායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී එවංදිට‍්ඨි: ‘එකච‍්චං මෙ ඛමති, එකච‍්චං මෙ න ඛමතී’ති. ඉමෙහි මෙ අස‍්ස ද‍්වීහි විග‍්ගහො. ඉති විග‍්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා. ඉති සො විග‍්ගහඤ‍්ච විවාදඤ‍්ච විඝාතඤ‍්ච විහෙසඤ‍්ච අත‍්තනි සම‍්පස‍්සමානො තඤ‍්චෙව දිට‍්ඨිං පජහති. අඤ‍්ඤඤ‍්ච දිට‍්ඨිං න උපාදියති. එවමෙතාසං දිට‍්ඨීනං පහානං හොති. එවමෙතාසං දිට‍්ඨීනං පටිනිස‍්සග‍්ගො හොති.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍ය යැ අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකු ගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ; සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.

තත්‍රග‍්ගිවෙස‍්සන යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවං වාදිනො එවංදිට‍්ඨිනො: ‘එකච‍්චං මෙ ඛමති, එකච‍්චං මෙ න ඛමතී’ති. තත්‍ථ විඤ‍්ඤූ පුරිසො ඉති පටිසඤ‍්චික‍්ඛති. යා ඛො මෙ අයං දිට‍්ඨි: එකච‍්චං මෙ ඛමති, එකච‍්චං මෙ න ඛමතීති. ඉමඤ‍්චෙ අහං දිට‍්ඨිං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරෙය්‍යං: ‘ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති. ද‍්වීහි මෙ අස‍්ස විග‍්ගහො, යො චායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී එවංදිට‍්ඨි: ‘සබ‍්බං මෙ ඛමතී’ති. යො චායං සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී එවංදිට‍්ඨි: ‘සබ‍්බං මෙ න ඛමතී’ති. ඉමෙහි මෙ අස‍්ස ද‍්වීහි විග‍්ගහො. ඉති විග‍්ගහෙ සති විවාදො, විවාදෙ සති විඝාතො, විඝාතෙ සති විහෙසා. ඉති සො විග‍්ගහඤ‍්ච විවාදඤ‍්ච විඝාතඤ‍්ච විහෙසඤ‍්ච අත‍්තනි සම‍්පස‍්සමානො තඤ‍්චෙව දිට‍්ඨිං පජහති, අඤ‍්ඤඤ‍්ච දිට‍්ඨිං න උපාදියති. එවමෙතාසං දිට‍්ඨීනං පහානං හොති, එවමෙතාසං දිට‍්ඨීනං පටිනිස‍්සග‍්ගො හොති.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මාගේ යම් දෘෂ්ටියක් වේ ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍යයැ, අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම්, දෙදෙනකුගෙන් මට කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් වේද, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් වේ ද, මෙදෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසෙයින් කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් ඒ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසේ තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසේ තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.

අයං ඛො පනග‍්ගිවෙස‍්සන කායො රූපී චාතුම‍්මහාභූතිකො මාතාපෙත‍්තිකසම‍්භවො ඔදනකුම‍්මාසුපචයො අනිච‍්චුච‍්ඡාදනපරිමද‍්දනභෙදනවිද‍්ධංසනධම‍්මො, අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො සමනුපස‍්සිතබ‍්බො. තස‍්සිමං කායං අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො සමනුපස‍්සතො යො කායස‍්මිං කායච‍්ඡන්‍දො කායස‍්නෙහො කායන්‍වයතා සා පහීයති.

තවද ගිනිවෙස්න, මෙ කය රූපවත් වූයේ සතර මහාභූතයෙන් නිපන්නේ මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් සම්භව වූයේ බතින් කොමුයෙන් වැඩුණේ අනිත්‍යසවභාව ඇතියේ ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් පියවි කොට ඇතියේ අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ (ගඩු) විසින් ශල්‍ය විසින් අඝ (දුඃඛස්වභාව) විසින් ආබාධ විසින් පර (තමා අයත් නැති) විසින් නැසෙන විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් දැක්කයුත්තේ යැ, ඔහු මෙ කය අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පර විසින් නැසෙන විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් දක්නාහට කයෙහි යම් කාය තෘෂ්ණාවක් කායස්නේහයක් කායන්‍වය (කයඅනුවයන) බවෙක් වේ ද, ඒ ප්‍රහීණ වෙයි.

තිස‍්සො ඛො ඉමා අග‍්ගිවෙස‍්සන වෙදනා: සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛා වෙදනා. යස‍්මිං අග‍්ගිවෙස‍්සන සමයෙ සුඛං වෙදනං වෙදෙති. නෙව තස‍්මිං සමයෙ දුක‍්ඛං වෙදනං වෙදෙති. න අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති. සුඛංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. යස‍්මිං අග‍්ගිවෙස‍්සන සමයෙ දුක‍්ඛං වෙදනං වෙදෙති, නෙව තස‍්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති, දුක‍්ඛංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. යස‍්මිං අග‍්ගිවෙස‍්සන සමයෙ අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති, නෙව තස‍්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න දුක‍්ඛං වෙදනං වෙදෙති. අදුක‍්ඛමසුඛංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති.

ගිනිවෙස්න, මෙ තුන් වේදනායෙක් ඇත: සුඛවේදනා යැ දුඃඛවේදනා යැ උපේක්‍ෂා වේදනා යි. ගිනිවෙස්න, යම් කලෙකැ සුඛවේදනාව විඳී ද, එසමයෙහි දුඃඛවේදනාව නො මැ විඳී, උපේක්‍ෂාවේදනාව නො මැ විඳී, එසමයෙහි සුඛවේදනාව මැ විඳී. ගිනිවෙස්න, යම් කලෙකැ දුඃඛවේදනාව විඳී ද, එසමයෙහි සුඛවේදනාව නො මැ විඳී, උපේක්‍ෂාවේදනාව නො මැ විඳී, එසමයෙහි දුඃඛවේදනාව මැ විඳී. ගිනිවෙස්න, යම් කලෙකැ උපේක්‍ෂාවේදනාව විඳී ද, එසමයෙහි සුඛවේදනාව නො මැ විඳී, දුඃඛවේදනාව නො මැ විඳී, එසමයෙහි උපේක්‍ෂාවේදනාව මැ විඳී.

සුඛාපි ඛො අග‍්ගිවෙස‍්සන වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා, දුක‍්ඛාපි ඛො අග‍්ගිවෙස‍්සන වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා, අදුක‍්ඛමසුඛාපි ඛො අග‍්ගිවෙස‍්සන වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා.

ගිනිවෙස්න, සුඛවේදනා ද අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ, ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත ව්‍යයස්වභාව ඇත, විරාගස්වභාව ඇත, නිරෝධස්වභාව ඇත. ගිනිවෙස්න, දුඃඛවේදනා ද අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත, ව්‍යයස්වභාව ඇත, විරාගස්වභාව ඇත, නිරෝධස්වභාව ඇත. උපේක්‍ෂාවේදනා ද ගිනිවෙස්න, අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ, ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත. ව්‍යයස්වභාව ඇත. විරාගස්වභාව ඇත. නිරෝධස්වභාව ඇත.

එවං පස‍්සං අග‍්ගිවෙස‍්සන සුතවා අරියසාවකො සුඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, දුක‍්ඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, අදුක‍්ඛමසුඛායපි වෙදනාය නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. එවං විමුත‍්තචිත‍්තො ඛො අග‍්ගිවෙස‍්සන භික‍්ඛු න කෙනචි සංවදති. න කෙනචි විවදති. යඤ‍්ච ලොකෙ වුත‍්තං තෙනෙව වොහරති අපරාමසන‍්ති.

ගිනිවෙස්න, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සුඛවේදනායෙහි දු කලකිරෙයි, දුඃඛවේදනායෙහි දු කලකිරෙයි, උපේක්‍ෂාවේදනායෙහි දු කලකිරෙයි. කලකිරුණේ විරක්ත (නො ඇලුණේ) වෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි ‘විමුක්තයෙමි’ යන ඥානය වෙයි, ජාතිය ගෙවිණ, මඟබඹසර වැස නිමවන ලද, (සිවුමඟ) කරණී කරනලද, මෙබව පිණිස අනි කිසෙක් නැතැ’යි දැනගනී. මෙසෙයින් ගිනිවෙස්න, විමුක්තසිත් ඇති මහණ කිසිවකු සමග සංවාද නො කෙරෙයි, කිසිවකු සමග විවාද නො කෙරෙයි, ලොවැ යමක් කියන ලද නම් පරාමර්‍ශ නැති වැ එයින් මැ ව්‍යවහාර කෙරෙයි.

තෙන ඛො පන සමයෙන ආයස‍්මා සාරිපුත‍්තො භගවතො පිට‍්ඨිතො ඨිතො හොති භගවන‍්තං විජයමානො. අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස එතදහොසි: තෙසං තෙසං කිර නො භගවා ධම‍්මානං අභිඤ‍්ඤා පහාණමාහ. තෙසං තෙසං කිර නො සුගතො ධම‍්මානං අභිඤ‍්ඤා පටිනිස‍්සග‍්ගමාහාති. ඉති’හිදං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පටිසඤ‍්චික‍්ඛතො අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි. දීඝනඛස‍්ස පන පරිබ‍්බාජකස‍්ස විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: යං කිඤ‍්චි සමුදය ධම‍්මං, සබ‍්බන‍්තං නිරොධධම‍්මන‍්ති.

එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් පිටිපසැ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියාහු වෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙසිත විය: “භාග්‍යවතුන් වහන්සේ අපට ඒ ඒ ධර්‍මයන් ප්‍රඥායෙන් දැන ප්‍රහාණය වදාළහ, සුගතයන් වහන්සේ අපට ඒ ඒ ධර්‍මයන් නුවණින් දැන දුරැලීම වදාළහ”යි. මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේගේ සිත උපාදාන රහිත කොට ආශ්‍රවයන් කෙරෙන් මිදිණ. දීඝනඛපරිව්‍රාජකයන්ට කෙලෙස් රජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස උපන: “යම් කිසි ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෙක් ඇද්ද, එහැම නිරුද්ධ වන පියවි ඇතැ”යි.

අථ ඛො දීඝනඛො පරිබ‍්බාජකො දිට‍්ඨධම‍්මො පත‍්තධම‍්මො විදිතධම‍්මො පරියොගාළ‍්හධම‍්මො තිණ‍්ණවිචිකිච‍්ඡො විගතකථඞ‍්කථො වෙසාරජ‍්ජප‍්පත‍්තො අපරප‍්පච‍්චයො සත්‍ථුසාසනෙ භගවන‍්තං එතදවොච:

ඉක්බිති දීඝනඛ පරිව්‍රාජක දුටු දහම් ඇතියේ පත් දහම් ඇතියේ පිළිවිදි දහම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහ වූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:

අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම. සෙය්‍යථාපි භො ගොතම නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති. එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භගවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

“ඉතා මැනැව භවත් ගෞතමයෙනි, ඉතා මැනැව භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවක්හට මඟ පවසන්නේ හෝ වේ ද, ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දල්වන්නේ ද, එසෙයින් භවත් ගෞතමයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසනලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.

දීඝනඛසුත‍්තං චතුත්‍ථං.

සිව් වැනි දීඝනඛ සූත්‍ර යි.