යෙදුමෙන් කියවන්න

මාගන්‍දිය සුත‍්තං

2. 3. 5.

2. 3. 5.

මාගන්‍දිය සුත‍්තං

මාගන්‍දිය සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම‍්මාස‍්සදම‍්මං නාම කුරූනං නිගමො භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අග්‍යාගාරෙ තිණසන්‍ථාරකෙ. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය කම‍්මාස‍්සදම‍්මං පිණ‍්ඩාය පාවිසි. කම‍්මාස‍්සදම‍්මෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙනඤ‍්ඤතරො වනසණ‍්ඩො තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. තං වනසණ‍්ඩං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.

මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්‍ය නම් වූ කුරුරටවැසියන්ගේ නියම්ගම්හි භාරද්වාජගෝත්‍ර බමුණුගේ අග්නි හෝත්‍රශාලායෙහි තණඇතිරියෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන කල්මාෂදම්‍යනිගමයට පිඬු පිණිස පිවිසියහ. කල්මාෂදම්‍යයෙහි පිඬුසිඟා පසුබත් වේලෙහි පිඬුවායෙන් නැවැතිසේක් එක්තරා වනළැහැබක් කරා දිවාවිහාර පිණිස එළැඹියහ. එ වනළැහැබට වැද එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙන් වැඩහුන් සේක.

අථ ඛො මාගන්‍දියො පරිබ‍්බාජකො ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො යෙන භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අග්‍යාගාරං තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො මාගන්‍දියො පරිබ‍්බාජකො භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අග්‍යාගාරෙ තිණසන්‍ථරකං පඤ‍්ඤත‍්තං, දිස‍්වාන භාරද‍්වාජගොත‍්තං බ්‍රාහ‍්මණං එතදවොච: ‘කස‍්ස න්‍වයං භොතො භාරද‍්වාජස‍්ස අග්‍යාගාරෙ තිණසන්‍ථාරකො පඤ‍්ඤත‍්තො. සමණසෙය්‍යාරූපං මඤ‍්ඤෙති.

එකල්හි මාගන්‍දිය පරිව්‍රාජක ජඞ්ඝාවිහරණයෙහිලා සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජගෝත්‍රයෙහි වූ බමුණුහුගේ ගිනිදෙවොල කරා එළැඹියේ යැ. මාගන්‍දිය පරිව්‍රාජක භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි පනවනලද තණඇතිරියක් දුටුයේ යැ. දැක භාරද්වාජගෝත්‍ර බමුණුහට තෙල කී යැ: භවත් භාරද්වාජයන්ගේ ගිනිදෙවොලෙහි මේ තණඇතිරිය කවරක්හට පනවනලද ද? ‘ශ්‍රමණයක්හට අනුරූප වූ ශයනයෙකැ’යි සිතමි.

අත්‍ථි භො මාගන්‍දිය, සමණො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො. තං ඛො පන භවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථී සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති. තස‍්සෙසා භොතො ගොතමස‍්ස සෙය්‍යා පඤ‍්ඤත‍්තාති. දුද‍්දිට‍්ඨං වත භො භාරද‍්වාජ අද‍්දසාම යෙ මයං තස‍්ස භොතො ගොතමස‍්ස භූනහුනො සෙය්‍යං අද‍්දසාමාති. ‘රක‍්ඛස‍්සෙතං මාගන්‍දිය වාචං, රක‍්ඛස‍්සෙතං මාගන්‍දිය වාචං, බහූහි තස‍්ස භොතො ගොතමස‍්ස ඛත‍්තියපණ‍්ඩිතාපි බ්‍රාහ‍්මණපණ‍්ඩිතාපි ගහපතිපණ‍්ඩිතාපි සමණපණ‍්ඩිතාපි අභිප‍්පසන‍්නා විනීතා අරියෙ ඤායෙ ධම‍්මෙ කුසලෙ’ති. සම‍්මුඛා චෙපි මයං භො භාරද‍්වාජ තං භවන‍්තං ගොතමං පස‍්සෙය්‍යාම, සම‍්මුඛාපි නං වදෙය්‍යාම: ‘භූනහු සමණො ගොතමො’ති. තං කිස‍්ස හෙතු: එවං හි නො සුත‍්තෙ ඔචරතීති. සචෙ තං භොතො මාගන්‍දියස‍්ස අගරු ආරොචෙය්‍යමෙතං සමණස‍්ස ගොතමස‍්සාති. අප‍්පොස‍්සුක‍්කො භවං භාරද‍්වාජො වුත‍්තොව නං වදෙය්‍යාති.

භවත් මාගන්‍දිය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවැදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත. ඒ භාග්‍යවතුන් ගෞතමයන්ගේ මෙබඳු කල්‍යාණ වූ කීර්තිශබ්දය උස් වැ පැනනැංගේ යැ: “ඒ භාග්‍යවත්හු මෙකරුණෙන් අර්‍හත් වූහ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යා චරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදුහ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිසුනට ශාස්තෘ වූහ, බුද්ධයහ, භගවත් වූහ” යි ඒ භවත් ගෞතමයන්ට තෙල යහන පනවනලදැ’යි. භවත් භාරද්වාජය, ඇපි හතවෘද්ධි ඇති ඒ භවත් ගෞතමයන්ගේ යහන දුටුවමෝ ද, ඒකාන්තයෙන් නො නිසි දැක්මක් දුටුවම්හ’යි. මාගන්‍දිය, තෙල වචනය රකුව, මාගන්‍දිය තෙල වචනය රකුව. ඒ භවත් ගෞතමයන්හට බොහෝ වූ මැ ක්‍ෂත්‍රියපණ්ඩිතයෝ ද බ්‍රාහ්මණපණ්ඩිතයෝ ද ගෘහපතිපණ්ඩිතයෝ ද ශ්‍රමණපණ්ඩිතයෝ ද අතිශයින් ප්‍රසන්න වූහ. පරිශුද්ධ වූ අනවද්‍ය වූ හේතුධර්‍මයහි විනීතයහ’යි. භවත් භාරද්වාජය, ඇපි ඒ භවත් ගෞතමයන් හමුයෙහි නමුදු දක්නමෝ නම් හමුයෙහි දු ඔවුන්ට (මෙසේ) කියම්හ: “ශ්‍රමණ ගෞතමයෝ හතවෘද්ධි ඇත්තාහ”යි. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එන්නේ ද එහෙයිනි. ඉදින් භවත් මාගන්‍දියහට එය බරෙක් නො වේ නම් ශ්‍රමණගෞතමයන්හට තෙල සැල කරන්නෙමි’යි. (මා රක්නට) අනුත්සුක වැ භවත් භාරද්වාජ මා විසින් කියනලදුයේ මැ කියාව’යි.

අස‍්සොසි ඛො භගවා දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස මාගන්‍දියෙන පරිබ‍්බාජකෙන සද‍්ධිං ඉමං කථාසල‍්ලාපං. අථ ඛො භගවා සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙන භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අග්‍යාගාරං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා නිසීදි පඤ‍්ඤත‍්තෙ තිණසන්‍ථාරකෙ. අථ ඛො භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො භාරද‍්වාජගොත‍්තං බ්‍රාහ‍්මණං භගවා එතදවොච: ‘අහු පන තෙ භාරද‍්වාජ මාගන්‍දියෙන පරිබ‍්බාජකෙන සද‍්ධිං ඉමංයෙව තිණසන්‍ථරකං ආරබ‍්භ කොචිදෙව කථාසල‍්ලාපො’ති. එවං වුත‍්තෙ භාරද‍්වාජගොත‍්තො බ්‍රාහ‍්මණො සංවිග‍්ගො ලොමහට‍්ඨජාතො භගවන‍්තං එතදවොච: ‘එතදෙව ඛො පන මයං භොතො ගොතමස‍්ස ආරොචෙතුකාමා, අථ ච පන භවං ගොතමො අනක‍්ඛාතංයෙව අක‍්ඛාසීති. අයඤ‍්ච හිදං භගවතො භාරද‍්වාජගොත‍්තෙන බ්‍රාහ‍්මණෙන සද‍්ධිං අන‍්තරා කථා විප‍්පකතා හොති. අථ මාගන්‍දියො පරිබ‍්බාජකො ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො යෙන භාරද‍්වාජගොත‍්තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අග්‍යාගාරං, යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො මාගන්‍දියං පරිබ‍්බාජකං භගවා එතදවොච.

බුදුහු විශුද්ධ වූ ඉක්මගිය මිනිස්බව ඇති දිවසෝධයින් මාගන්‍දිය පරිව්‍රාජක සමග (කරනලද) භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ මේ කථාසල්ලාපය ඇසූසේක. ඉක්බිති බුදුහු සවස්කාලයෙහි ඵලසමවතින් නැඟී සිටි සේක් භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොල කරා එළැඹි සේක. එළැඹ පනවනලද්දාවූ තණඇතිරියෙහි වැඩ හුන් සේක. ඉක්බිති භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙකැ හින. බුදුහු එකත්පස් වැ හුන් භාරද්වාජගෝත්‍ර බමුණුහට මේ වදාළහ. භාරද්වාජය, මාගන්‍දිය පරිව්‍රාජක සමග මේ තණඇතිරිය මැ අරභයා තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ? යි වදාළහ. මෙසේ වදාළ කල්හි භාරද්වාජ බ්‍රාහ්මණ (ප්‍රීතිසංවේගයෙන්) කම්පිත වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් කි යැ: “ඇපි මෙය මැ භවත් ගෞතමයන් වහන්සේට සැලකරන රිසියම්හ. එතෙකුදු වත් ගෞතමයන් වහන්සේ නො කියන ලද්ද මැ කීහ’යි. භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයා සමග භාග්‍යවතුන් වහන්සේ මේ අතුරු කථාව කොට අඩාළ විය. එකල්හි මාගන්‍දිය පරිව්‍රාජක ජඞ්ගාවිහරණයෙහි සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස්වැ හුන් මාගන්‍දිය පරිව්‍රාජකයන්හට බුදුහු තෙල වදාළසේක.

චක‍්ඛුං ඛො මාගන්‍දිය රූපාරාමං රූපරතං රූපසම‍්මුදිතං. තං තථාගතස‍්ස දන‍්තං ගුත‍්තං රක‍්ඛිතං සංවුතං. තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති. ඉදං නු තෙ එතං මාගන්‍දිය සන්‍ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. එතදෙව ඛො පන මෙ භො ගොතම සන්‍ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. තං කිස‍්ස හෙතු: එවං හි නො සුත‍්තෙ ඔචරතීති.

“මාගන්‍දිය, ඇස වැළිත් රූපය ආරාම කොට ඇත. රූපයෙහි ඇලුණේ යැ. රූපයෙන් පිනවනලද. ඒ චක්‍ෂුස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නාලද, සංවර කරනලද වෙයි. ඒ චක්‍ෂුස සංවරය පිණිස දහම් දෙසන සේක. මාගන්‍දිය තොප විසින් මේ සඳහා තෙල ‘ශ්‍රමණ ගෞතම වෘද්ධිනාශකයෙකැ’යි කියන ලදදැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ ‘ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තේ කැ’යි කියනලද. ඊට හේතු කවරැ යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.

සොතං ඛො මාගන්‍දිය සද‍්දාරාමං -පෙ- ඝානං ඛො මාගන්‍දිය ගන්‍ධාරාමං -පෙ- ජිව‍්හා ඛො මාගන්‍දිය රසාරාමා රසරතා රසසම‍්මුදිතා. සා තථාගතස‍්ස දන‍්තා ගුත‍්තා රක‍්ඛිතා සංවුතා. තස‍්සා ච සංවරාය ධම‍්මං දෙසෙති. ඉදං නු තෙ එතං මාගන්‍දිය සන්‍ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. එතදෙව ඛො පන මෙ භො ගොතම සන්‍ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. තං කිස‍්ස හෙතු: ‘එවං හි නො සුත‍්තෙ ඔචරතී’ති.

මාගන්‍දිය, ශ්‍රෝත්‍රය වැළිත් ශබ්දය ආරාම කොට ඇත ... මාගන්‍දිය, ඝ්‍රාණය වූකලි ගන්‍ධය ආරාම කොට ඇත … මාගන්‍දිය, ජිව්හාව වූකලී රසය ආරාම කොට ඇත. රසයෙහි ඇලුණී යැ, රසයෙන් පිනවනලද, ඒ ජිව්හාව තථාගතයන් විසින් දාන්ත යැ ගුප්ත යැ සංවෘත යැ. ඒ ජිව්හා සංවරයට දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් තෙල “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තේ කැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.

කායො ඛො මාගන්‍දිය ඵොට‍්ඨබ‍්බාරාමො -පෙ- මනො ඛො මාගන්‍දිය ධම‍්මාරාමො ධම‍්මරතො ධම‍්මසම‍්මුදිතො. සො තථාගතස‍්ස දන‍්තො ගුත‍්තො රක‍්ඛිතො සංවුතො. තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති. ඉදං නු තෙ එතං මාගන්‍දිය, සන්‍ධාය භාසිතං: ‘භූනහු සමණො ගොතමො’ති. එතදෙව ඛො පන මෙ භො ගොතම සන්‍ධාය භාසිතං. භූනහු සමණො ගොතමො’ති. තං කිස‍්ස හෙතු: එවං හි නො සුත‍්තෙ ඔචරතී’ති.

“මාගන්‍දිය, කය වැළිත් ස්ප්‍රෂ්ටව්‍ය ආරාම කොට ඇත ... මාගන්‍දිය, මනස වැළිත් ධර්‍මය ආරාම කොට ඇත, ධර්‍මයෙහි ඇලුණේ යැ, ධර්‍මයෙන් පිනවනලද, ඒ මනස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරනලද, රක්නාලද, සංවර කරනලද. එ මනස සංවරයට දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් තෙල “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්සේ මා විසින් මේ සඳහා මැ “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. එ කවර හෙයින යත්: අපගේ සූත්‍රයෙහි මෙසේ එන හෙයිනැ’යි.

තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය ඉධෙකච‍්චො චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙහි රූපෙහි පරිචාරිතපුබ‍්බො අස‍්ස, ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො අපරෙන සමයෙන රූපානංයෙව සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා රූපතණ‍්හං පහාය රූපපරිළාහං පටිවිනොදෙත්‍වා විගතපිපාසො අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො විහරෙය්‍ය. ඉමස‍්ස පන තෙ මාගන්‍දිය කිමස‍්ස වචනීයන‍්ති: න කිඤ‍්චි භො ගොතම.

මාගන්‍දිය, ඒ කිමැ’යි සිතයි ද? මෙලොවැ කිසිවෙක් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කරුණු වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන්ගෙන් සිත් අලවා විසූවිරූ වෙයි. හේ මෑතකාලයෙහි රූපයන්ගේ මැ සමුදය ද අත්‍ථඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත් වූ පරිද්දෙන් දැන රූපතෘෂ්ණාව හැරපියා රූපය අරභයා උපන් පරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාසය කරන්නේ නම්, මාගන්‍දිය තොප විසින් මොහුට කුමක් කියයුතු වන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, කිසි කියයුත්තෙක් නැත.

තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය: ඉධෙකච‍්චො සොතවිඤ‍්ඤෙය්‍යෙහි සද‍්දෙහි -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යෙහි ගන්‍ධෙහි -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙහි රසෙහි -පෙ- කායවිඤ‍්ඤෙය්‍යෙහි ඵොට‍්ඨබ‍්බෙහි පරිචාරිතපුබ‍්බො අස‍්ස, ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො අපරෙන සමයෙන ඵොට‍්ඨබ‍්බානංයෙව සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා ඵොට‍්ඨබ‍්බතණ‍්හං පහාය ඵොට‍්ඨබ‍්බපරිළාහං පටිවිනොදෙත්‍වා විගතපිපාසො අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො විහරෙය්‍ය. ඉමස‍්ස පන තෙ මාගන්‍දිය කිමස‍්ස වචනීයන‍්ති: න කිඤ‍්චි භො ගොතම.

මාගන්‍දිය, ඒ කිමැ’යි සිතයි ද? මෙලොවැ කිසිවෙක් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති, කාමයන් අරමුණු කොට ඇති, රාගෝත්පත්තියට කරුණු වූ කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් අභිරමණය කළ විරූ විය. හේ මෑතභාගයෙහි ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත් වූ පරිදි දැන ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව හැරපියා ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා උපදනා පරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාසය කෙරේ නම්, මාගන්‍දිය තොප විසින් ක්‍ෂීණාස්‍රවයන්හට කුමක් කියයුතු වන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, කියයුතු කිසිවක් නැත.

අහං ඛො පන මාගන්‍දිය පුබ‍්බෙ අගාරියභූතො සමානො පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙසිං. චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙහි රූපෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සොතවිඤ‍්ඤෙය්‍යෙහි සද‍්දෙහි -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යෙහි ගන්‍ධෙහි -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙහි රසෙහි -පෙ- කායවිඤ‍්ඤෙය්‍යෙහි ඵොට‍්ඨබ‍්බෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. තස‍්ස මය‍්හං මාගන්‍දිය තයො පාසාදා අහෙසුං: එකො වස‍්සිකො එකො හෙමන‍්තිකො එකො ගිම‍්හිකො. සො ඛො අහං මාගන්‍දිය වස‍්සිකෙ පාසාදෙ වස‍්සිකෙ චත‍්තාරො මාසෙ නිප‍්පුරිසෙහි තූරියෙහි පරිචාරයමානො න හෙට‍්ඨාපාසාදං ඔරොහාමි. සො අපරෙන සමයෙන කාමානංයෙව සමුදයඤ‍්ච අත්‍ථංගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා කාමතණ‍්හං පහාය කාමපරිළාහං පටිවිනොදෙත්‍වා විගතපිපාසො අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො විහරාමි. සො අඤ‍්ඤෙ සත‍්තෙ පස‍්සාමි කාමෙසු අවීතරාගෙ කාමතණ‍්හාහි ඛජ‍්ජමානෙ කාමපරිළාහෙන පරිඩය‍්හමානෙ කාමෙ පටිසෙවන‍්තෙ. සො තෙසං න පිහෙමි. න තත්‍ථ අභිරමාමි. තං කිස‍්ස හෙතු: යා හයං මාගන්‍දිය රති අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි අපි දිබ‍්බං සුඛං සමධිගය‍්හ තිට‍්ඨති, තාය රතියා රමමානො හීනස‍්ස න පිහෙමි. න තත්‍ථ අභිරමාමි.

මාගන්‍දිය, මම් වූකලි පෙර ගිහිගේවැසි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් අලවා විසීමි. චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ රූපයෙන් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් …. කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් සිත් අලවා විසීමි. මාගන්‍දිය, ඒ මට තුන් පහයෙක් විය. එකෙක් වැසිකලට නිසි වෙයි. එකෙක් හිමත්කලට නිසි වෙයි. එකෙක් ගිමන්කලට නිසි වේ. මාගන්‍දිය, ඒ මම වැසිකලට නිසි වූ පහයෙහි වැසි සාරමස පුරුෂයන් රහිත වූ තූර්‍ය්‍යයෙන් සතුටු වෙමින් යට පහයට නො බස්මි. ඒ මම මෑතභාගයෙහි කාමයන්ගේ මැ සමුදය ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද තත් වූ පරිදි දැන කාමතෘෂ්ණාව හැරපියා පහවූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇතියෙම් වාසය කෙරෙමි. ඒ මම කාමයන්ගේ අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කරනුලබන කාමපරිදාහයෙන් දවනුලබන කාමයන් සේවනය කරන අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඔවුනට නො රිසියෙමි, එහි නො ඇලෙමි, ඒ කවර හෙයින යත්: මාගන්‍දිය, යම් හෙයකින් යම් මේ සමාපත්ති රතියක් වේ ද, එය කාමයන්ගෙන් වෙන් වූයේ මැ යැ, අකුශලධර්‍මයන්ගෙන් වෙන් වූයේ මැ යැ, දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී, ඒ චතුර්‍ත්‍ථධ්‍යානික ඵලසමාපත්තිරතියෙන් සිත් අලවා වසනුයෙම් හීන වූ පඤ්චකාමසුවයට නො සතුටු වෙමි. එහි සිත් අලවා නො වෙසෙමි.

සෙය්‍යථාපි මාගන්‍දිය ගහපති වා ගහපතිපුත‍්තො වා අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙය්‍ය. චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙහි රූපෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සොතවිඤ‍්ඤෙය්‍යෙහි සද‍්දෙහි -පෙ- විඤ‍්ඤෙය්‍යෙහි ගන්‍ධෙහි -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙහි රසෙහි -පෙ- කායවිවිඤ‍්ඤෙය්‍යෙහි ඵොට‍්ඨබ‍්බෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො කායෙන සුචරිතං චරිත්‍වා වාචාය සුචරිතං චරිත්‍වා මනසා සුචරිතං චරිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජෙය්‍ය දෙවානං තාවතිංසානං සහව්‍යතං.

යම්සේ මාගන්‍දිය, ආඪ්‍ය වූ මහත් ධන ඇති මහාභෝග ඇති ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්‍විත වූයේ සිත් අලවා වාසය කරන්නේ යැ, චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ රූපයෙන් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් … කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට රාගෝත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් (සිත් අලවා වාසය කරන්නේ යැ.) හේ කයින් සුචරිතය කොට වචනයෙන් සුචරිතය කොටක මනසින් සුචරිතය කොට කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට, තව්තිසාවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නේ යැ.

සො තත්‍ථ නන්‍දනෙ වනෙ අච‍්ඡරාසඞ‍්ඝපරිවුතො දිබ‍්බෙහි පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙය්‍ය. සො පස‍්සෙය්‍ය ගහපතිං වා ගහපතිපුත‍්තං වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතං සමඞ‍්ගීභූතං පරිචාරයමානං. තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය, අපි නු සො දෙවපුත‍්තො නන්‍දනෙ වනෙ අච‍්ඡරාසඞ‍්ඝපරිවුතො දිබ‍්බෙහි පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරයමානො අමුස‍්ස ගහපතිස‍්ස වා ගහපතිපුත‍්තස‍්ස වා පිහෙය්‍ය මානුසකානං වා පඤ‍්චන‍්නං කාමගුණානං, මානුසකෙහි වා කාමෙහි ආවට‍්ටෙය්‍යාති. නො හිදං භො ගොතම, තං කිස‍්ස හෙතු: මානුසකෙහි භො ගොතම කාමෙහි දිබ‍්බා කාමා අභික‍්කන‍්තතරා පණීතතරා චාති.

හේ ඒ නන්‍දනවනයෙහි දෙවසරන් සමූහයා විසින් පිරිවරනලදු වැ දිව්‍යමය පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවන්නේ යැ. පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවන ගෘහපතියකු හෝ ගෘහපතිපුත්‍රයකු හෝ දක්නේ යැ. මාගන්‍දිය, ඒ කිමැ’යි සිතහි? කිම ඒ දිව්‍යපුත්‍ර නන්‍දනවනයෙහි දෙවසරන් සමූහයා විසින් පිරිවරන ලදු වැ දිව්‍යපඤ්චකාමගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවනුයේ තෙල ගෘහපතිහුගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ මානුෂපඤ්චකාමගුණයට රුස්නේ ද? මානුෂකාමයන් හේතු කොටගෙන පෙරළා එන්නේ දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මෙය නො වේ මැය. ඒ කුමක් හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, මිනිසුන් පිළිබඳ කාමයනට වඩා දිව්‍යකාමයෝ අතිශයින් සුන්‍දර වූවාහු ද අතිශයින් ප්‍රණීත වූවාහු ද එහෙයිනි.

එවමෙව ඛො අහං මාගන්‍දිය පුබ‍්බෙ අගාරියභූතො සමානො පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙසිං: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙහි රූපෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සොතවිඤ‍්ඤෙය්‍යෙහි සද‍්දෙහි -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යෙහි ගන්‍ධෙහි -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙහි රසෙහි -පෙ- කායවිඤ‍්ඤෙය්‍යෙහි ඵොට‍්ඨබ‍්බෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො අපරෙන සමයෙන කාමානංයෙව සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා කාමතණ‍්හං පහාය කාමපරිළාහං පටිවිනොදෙත්‍වා විගතපිපාසො අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො විහරාමි. සො අඤ‍්ඤෙ සත‍්තෙ පස‍්සාමි කාමෙසු අවීතරාගෙ කාමතණ‍්හාහි ඛජ‍්ජමානෙ කාමපරිළාහෙන පරිඩය‍්හමානෙ කාමෙ පටිසෙවන‍්තෙ. සො තෙසං න පිහෙමි, න තත්‍ථ අභිරමාමි, තං කිස‍්ස හෙතු: යා හ’යං මාගන්‍දිය රති අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි අපි දිබ‍්බං සුඛං සමධිගය‍්හ තිට‍්ඨති, තාය රතියා රමමානො හීනස‍්ස න පිහෙමි. න තත්‍ථ අභිරමාමි.

මාගන්‍දිය, එසෙයින් මම පෙර ගිහි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් අලවා විසීමි: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන් ගෙන් … ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයන්ගෙන් ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයන්ගෙන් … ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයන්ගෙන් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් (සිත් අලවා විසීමි.) එ මම පසු කාලයෙහි කාමයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුපරිදි දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇත්තෙම් වෙසෙමි. ඒ මම කාමයන්හි අවීතරාග වූ කාමතෘෂ්ණායෙන් පෙළනු ලබන කාමපරිදාහයෙන් දවනු ලබන කාමයන් සෙවුනා අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඒ කාමයන් නො පතමි, එහි නො ඇලෙමි. එ කවර හෙයින යත්: මාගන්‍දිය, යම්හෙයෙකින් කාමයන්ගෙන් වෙන් වූ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වූ මේ (චතුර්‍ත්‍ථධ්‍යානිකඵලසමාපත්ති) රතිය දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී ද එහෙයින් ඒ සමාපත්තිරතියෙන් සිත් අලවා වසනුයෙම් හීන වූ කාමය නො පතමි, එහි නො ඇලෙමි.

සෙය්‍යථාපි මාගන්‍දිය කුට‍්ඨී පුරිසො අරුගත‍්තො පක‍්කගත‍්තො කිමීහි ඛජ‍්ජමානො නඛෙහි වණමුඛානි විප‍්පතච‍්ඡමානො අඞ‍්ගාරකාසුයා කායං පරිතාපෙය්‍ය, තස‍්ස මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා භිසක‍්කං සල‍්ලකත‍්තං උපට‍්ඨාපෙය්‍යුං, තස‍්ස සො භිසක‍්කො සල‍්ලකත‍්තො භෙසජ‍්ජං කරෙය්‍ය, සො තං භෙසජ‍්ජං ආගම‍්ම කුට‍්ඨෙහි පරිමුච‍්චෙය්‍ය අරොගො අස‍්ස සුඛී සෙරී සයංවසී යෙන කාමඞ‍්ගමො. සො අඤ‍්ඤං කුට‍්ඨිං පුරිසං පස‍්සෙය්‍ය අරුගත‍්තං පක‍්කගත‍්තං කිමීහි ඛජ‍්ජමානං නඛෙහි වණමුඛානි විප‍්පතච‍්ඡමානං අඞ‍්ගාරකාසුයා කායං පරිතාපෙන‍්තං. තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය, ‘අපි නු සො පුරිසො අමුස‍්ස කුට‍්ඨිස‍්ස පුරිසස‍්ස පිහෙය්‍ය, අඞ‍්ගාරකාසුයා වා භෙසජ‍්ජං පටිසෙවනාය වා’ති. නො හිදං භො ගොතම, තං කිස‍්ස හෙතු: රොගෙ හි භො ගොතම සති භෙසජ‍්ජෙන කරණීයං හොති, රොගෙ අසති භෙසජ‍්ජෙන කරණීයං න හොතී’ති. එවමෙව ඛො අහං මාගන්‍දිය පුබ‍්බෙ අගාරියභූතො සමානො පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙසිං. චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙහි රූපෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සොතවිඤ‍්ඤෙය්‍යෙහි සද‍්දෙහි -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යෙහි ගන්‍ධෙහි -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙහි රසෙහි -පෙ- කායවිඤ‍්ඤෙය්‍යෙහි ඵොට‍්ඨබ‍්බෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි. සො අපරෙන සමයෙන කාමානංයෙව සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං

යම්සේ මාගන්‍දිය, කුෂ්ඨ ඇති වණසිරුරු ඇති පැසුණු සිරුරු ඇති පුරුෂයෙක් කෘමීන් විසින් කනුලබන්නේ නියෙන් වණමුව කසමින් අඟුරුකබලෙකින් කය තවන්නේ ද, ඔහුගේ සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍ය වෛද්‍යයකු එළවන්නාහ. ඔහුට ඒ ශල්‍ය වෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ ඒ බෙහෙත් ලැබ කුෂ්ඨයෙන් මිදෙන්නේ යැ, ආරෝග වූයේ සුවපත් වූයේ සෛවරී වූයේ තමහට වසඟ වූයේ කැමැති තැනෙක යනසුලු වන්නේ යැ. හේ වණසිරුරු ඇති, පැසුණුසිරුරු ඇති, කෘමීන් විසින් කනුලබන, නියෙන් වණමුව කසන, අඟුරුකබලින් කය තවන අනෙක් කුෂ්ඨ පුරුෂයකු දක්නේ යැ. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟනෙහි ද? ඒ පුරුෂ තෙම තෙල කුෂ්ඨිපුරුෂහට රුස්නේ ද? අඟරුකබලට හෝ බෙහෙත් සෙවුමට හෝ රුස්නේ දැ? යි. මේ නො වේ මැ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: ‘භවත් ගෞතමයෙනි, රෝගය ඇති කල්හි මැ බෙහෙදින් කටයුතු වෙයි. රෝගය නැති කල්හි බෙහෙදින් කටයුතු නො වේ යයි. එසෙයින් මැ මාගන්‍දිය, මම් පෙර ගිහිගෙවැසි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් ඇලවීමි. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කරුණ වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන්ගෙන් … ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයන්ගෙන් ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයන්ගෙන් … ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයන්ගෙන්, .... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ කායවිඥානයෙන් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් (සිත් ඇලවීමි.) ඒ මම මෑතභාගයෙහි කාමයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතු සේ දැන

විදිත්‍වා කාමතණ‍්හං පහාය කාමපරිළාහං පටිවිනොදෙත්‍වා විගතපිපාසො අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො විහරාමි. සො අඤ‍්ඤෙ සත‍්තෙ පස‍්සාමි කාමෙසු අවීතරාගෙ කාමතණ‍්හාහි ඛජ‍්ජමානෙ කාමපරිළාහෙන පරිඩය‍්හමානෙ කාමෙ පටිසෙවන‍්තෙ. සො තෙසං න පිහෙමි. න තත්‍ථ අභිරමාමි. තං කිස‍්ස හෙතු: යාහ’යං මාගන්‍දිය, රති අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි අපි දිබ‍්බං සුඛං සමධිගය‍්හ තිට‍්ඨති, තාය රතියා රමමානො හීනස‍්ස න පිහෙමි. න තත්‍ථ අභිරමාමි.

කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහ වූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්හුන්සිත් ඇති වැ වෙසෙමි. එ මම කාමයන්හි අවීතරාග වූ, කාමතෘෂ්ණා විසින් කනුලබන, කාමපරිදාහයෙන් දැවෙන, කාමයන් සෙවුනා අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඔවුන් නො පතමි. එහි නො ඇලෙමි. ඒ කවර හෙයින යත්: මාගන්‍දිය, යම් හෙයෙකින් කාමයෙන් වෙන් වූ අකුශලධර්‍මයෙන් වෙන් වූ මේ (චතුත්‍ථජ්ඣානික ඵලසමාපත්ති ) රතිය දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී ද, එහෙයින් ඒ සමාපත්තිරතියෙහි සිත් අලවා වසනුයෙම් හීන වූ කාමය නො පතමි. එහි නො ඇලෙමි.

සෙය්‍යථාපි මාගන්‍දිය, කුට‍්ඨී පුරිසො අරුගත‍්තො පක‍්කගත‍්තො කිමීහි ඛජ‍්ජමානො නඛෙහි වණමුඛානි විප‍්පතච‍්ඡමානො අඞ‍්ගාරකාසුයා කායං පරිතාපෙය්‍ය. තස‍්ස මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා භිසක‍්කං සල‍්ලකත‍්තං උපට‍්ඨපෙය්‍යුං. තස‍්ස සො භිසක‍්කො සල‍්ලකත‍්තො භෙසජ‍්ජං කරෙය්‍ය. සො තං භෙසජ‍්ජං ආගම‍්ම කුට‍්ඨෙහි පරිමුච‍්චෙය්‍ය. අරොගො අස‍්ස සුඛී සෙරී සයංවසී යෙන කාමඞ‍්ගමො. තමෙනං ද‍්වෙ බලවන‍්තො පුරිසා නානාබාහාසු ගහෙත්‍වා අඞ‍්ගාරකාසුං උපකඩ‍්ඪෙය්‍යුං. තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය, අපි නු සො පුරිසො ඉති චිති චෙව කායං සන‍්නාමෙය්‍යා’ති. එවං භො ගොතම. තං කිස‍්ස හෙතු: ‘අසු හි භො ගොතම අග‍්ගි දුක‍්ඛසම‍්ඵස‍්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො චා’ති. තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය, ඉදානෙව නු ඛො සො අග‍්ගි දුක‍්ඛසම‍්ඵස‍්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො ච, උදාහු පුබ‍්බෙපි සො අග‍්ගි දුක‍්ඛසම‍්ඵස‍්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො චාති. ඉදානි චෙව භො ගොතම සො අග‍්ගි දුක‍්ඛසම‍්ඵස‍්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො ච. පුබ‍්බෙපි සො අග‍්ගි දුක‍්ඛසම‍්ඵස‍්සො චෙව මහාභිතාපො ච මහාපරිළාහො ච, අසුහි ච භො ගොතම කුට‍්ඨී පුරිසො අරුගත‍්තො පක‍්කගත‍්තො කිමීහි ඛජ‍්ජමානො නඛෙහි වණමුඛානි විප‍්පතච‍්ඡමානො උපහතින්‍ද්‍රියො දුක‍්ඛසම‍්ඵස‍්සෙයෙව අග‍්ගිස‍්මිං සුඛමිති විපරීතසඤ‍්ඤං පච‍්චලත්‍ථාති. එවමෙව ඛො මාගන්‍දිය, අතීතම‍්පි අද‍්ධානං කාමා දුක‍්ඛසම‍්ඵස‍්සා චෙව මහාභිතාපා ච මහාපරිළාහා ච. අනාගතම‍්පි අද‍්ධානං කාමා දුක‍්ඛසම‍්ඵස‍්සා චෙව මහාභිතාපා ච මහාපරිළාහා ච, එතරහිපි පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං කාමා දුක‍්ඛසම‍්ඵස‍්සා චෙව මහාභිතාපා ච මහාපරිළාහා ච. ඉමෙ ච මාගන්‍දිය, සත‍්තා කාමෙසු අවීතරාගා කාමතණ‍්හාහි ඛජ‍්ජමානා කාමපරිළාහෙන පරිඩය‍්හමානා උපහතින්‍ද්‍රියා දුක‍්ඛසම‍්ඵස‍්සෙස‍්වෙව කාමෙසු සුඛමිති විපරීතසඤ‍්ඤං පච‍්චලත්‍ථුං.

යම්සේ මාගන්‍දිය ඇති වණසිරුරු ඇති පැසුණුසිරුරු ඇති කුෂ්ඨිපුරුෂයෙක් කෘමීන් විසින් කනුලබන්නේ නියෙන් වණමුව කසමින් අඟුරුකබලින් කය තවන්නේ ද, ඔහුට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ, ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ එ බෙහෙත් ලැබ කුෂ්ඨයෙන් මිදෙන්නේ යැ, ආරෝග වූයේ සුවපත් වූයේ සෛවරී වැ තමහට වසඟ වැ කැමැති තැනෙකැ යනසුලු වන්නේ යැ. ඒ මොහු බලැති පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්හි ගෙන අඟුරු කබලක් වෙත අදනාහ. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟිහි ද? ඒ පුරුෂ ඔබට මොබට කය නමා දැ? යි. එසේ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයෙනි, තෙල ගින්න දුක්පහස් ඇත්තේ ද මහ තැවුලි ඇත්තේ ද මහත් පරිදාහ ඇත්තේ ද වෙයි. එහෙයිනැ’යි. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟිහි ද? දැන් පමණක් ඒ ගින්න දුක්පහස් ඇත්තේත් මහතැවුලි ඇත්තේත් මහත් පරිදාහ ඇත්තේත් වේ ද, නොහොත් පෙරත් ඒ ගින්න දුක්පහස් ඇත්තේත් මහතැවුලි ඇත්තේත් මහත්පරිදාහ ඇත්තේත් වී දැ? යි. දැනුදු භවත් ගෞතමයෙනි, ඒ ගින්න දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වෙයි. පෙරදු එ ගිනි දුක් පහස් ද මහ තැවුලි ද මහත් පරිදාහ ද ඇති වී. එතෙකුදුවත් භවත් ගෞතමයෙනි, තෙල කුෂ්ඨි පුරුෂ වණසිරුරු ඇත්තේ පැසුණුසිරුරු ඇත්තේ කෘමීන්විසින් කනුලබනුයේ නියෙන් වණමුව කසනුයේ නට කායප්‍රසාද ඇතියේ දුක්පහස් මැ ඇති ගින්නෙහි ‘සුව’ යයි විපරීතසංඥා ලැබී’යයි. එසෙයින් මැ මාගන්‍දිය, අතීතකාලයෙහිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වූහ. අනාගතකාලයෙහිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වන්නාහ. මෙ වත්මන්කල්හිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇත්තාහ. මාගන්‍දිය, මෙසත්හු වැළිත් කාමයෙහි අවීතරාග වූවාහු කාම තෘෂ්ණා විසින් කනු ලබන්නාහු කාමපරිදාහයෙන් දැවෙන්නාහු නට ඉඳුරන් ඇත්තාහු දුක්පහස් මැ ඇති කාමයෙහි ‘සුඛ’ යන විපරීතසංඥා ලදුහ.

සෙය්‍යථාපි මාගන්‍දිය, කුට‍්ඨී පුරිසො අරුගත‍්තො පක‍්කගත‍්තො කිමීහි ඛජ‍්ජමානො නඛෙහි වණමුඛානි විප‍්පතච‍්ඡමානො අඞ‍්ගාරකාසුයා කායං පරිතාපෙති. යථා යථා ඛො මාගන්‍දිය, අසු කුට‍්ඨී පුරිසො අරුගත‍්තො පක‍්කගත‍්තො කිමීහි ඛජ‍්ජමානො නඛෙහි වණමුඛානි විප‍්පතච‍්ඡමානො අඞ‍්ගාරකාසුයා කායං පරිතාපෙති, තථා තථාස‍්ස තානි වණමුඛානි අසුචිතරානි චෙව හොන‍්ති දුග‍්ගන්‍ධතරානි ච පූතිකතරානි ච. හොති චෙව කාචි සාතමත‍්තා අස‍්සාදමත‍්තා යදිදං වණමුඛානං කණ‍්ඩූවනහෙතු. එවමෙව ඛො මාගන්‍දිය සත‍්තා කාමෙසු අවීතරාගා කාමතණ‍්හාහි ඛජ‍්ජමානා කාමපරිළාහෙන පරිඩය‍්හමානා කාමෙ පටිසෙවන‍්ති. යථා යථා ඛො මාගන්‍දිය, සත‍්තා කාමෙසු අවීතරාගා කාමතණ‍්හාහි ඛජ‍්ජමානා කාමපරිළාහෙන ච පරිඩය‍්හමානා කාමෙ පටිසෙවන‍්ති, තථා තථා තෙසං සත‍්තානං කාමතණ‍්හා චෙව පවඩ‍්ඪති, කාමපරිළාහෙන ච පරිඩය‍්හන‍්ති. හොති චෙව කාචි සාතමත‍්තා අස‍්සාදමත‍්තා යදිදං පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච.

යම්සේ මාගන්‍දිය, වණසිරුරු ඇති පැසුණුසිරුරු ඇති, කෘමීන් විසින් කනුලබන, නියෙන් වණමුව කසන කුෂ්ඨි පුරුෂ අඟුරු කබලින් කය තවා ද, යම් යම් සෙයෙකින් තෙල කුෂ්ඨි පුරුෂ වණසිරුරු ඇත්තේ පැසුණු සිරුරු ඇත්තේ කෘමීන් විසින් කනු ලබන්නේ නියෙන් වණමුව කසනුයේ අඟුරුකබලින් කය තවා ද, ඒ ඒ පරිද්දෙන් ඔහුගේ ඒ වණමුව ඉතා අපිරිසිදු ද දුර්‍ගන්‍ධතර ද පූති (කුණු) තර ද වෙයි. වණමුව කැසීම් හෙයින් කිසි මිහිරිමතුයෙකුත් ආස්වාදමාත්‍රයෙකුත් වෙයි. එසෙයින් මැ මාගන්‍දිය, කාමයෙහි අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කනුලබන කාමපරිදාහයෙන් දැවෙන සත්ත්‍වයෝ කාම සේවනය කෙරෙති. මාගන්‍දිය, කාමයෙහි අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කනුලබන කාමපරිදාහයෙන් දැවෙන සත්ත්‍වයෝ යම් යම් සෙයෙකින් කාම සේවනය කෙරෙත් ද, ඒ ඒ පරිද්දෙන් ඒ සත්‍වයන්ගේ කාමතෘෂ්ණාවත් වැඩෙයි. (ඔහු) කාමපරිදාහයෙන් දැවෙනු ද වෙති. පස්කම්ගුණ නිසා යම්තම් මිහිරෙකුත් ආස්වාද මාත්‍රයෙකුත් වෙයි.

තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය: අපි නු තෙ දිට‍්ඨො වා සුතො වා රාජා වා රාජමහාමත‍්තො වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරයමානො කාමතණ‍්හං අප‍්පහාය කාමපරිළාහං අප‍්පටිවිනොදෙත්‍වා විගතපිපාසො අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො විහාසි වා, විහරති වා, විහරිස‍්සති වාති. නො හිදං භො ගොතම. සාධු මාගන්‍දිය, මයාපි ඛො එතං මාගන්‍දිය, නෙව දිට‍්ඨං න සුතං රාජා වා රාජමහාමත‍්තො වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරයමානො කාමතණ‍්හං අප‍්පහාය කාමපරිළාහං අප‍්පටිවිනොදෙත්‍වා විගතපිපාසො අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො විහාසි වා, විහරති වා, විහරිස‍්සති වා. අථ ඛො මාගන්‍දිය, යෙ හි කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා විගතපිපාසා අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තා විහංසු වා, විහරන‍්ති වා, විහරිස‍්සන‍්ති වා. සබ‍්බෙ තෙ කාමානංයෙව සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා කාමතණ‍්හං පහාය කාමපරිළාහං පටිවිනොදෙත්‍වා විගතපිපාසා අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තා විහංසු වා, විහරන‍්ති වා, විහරිස‍්සන‍්ති වාති.

ඒ කිමැ’යි හඟිහි ද මාගන්‍දිය, පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවා වෙසෙන රජෙක් හෝ රජමහ ඇමැත්තෙක් හෝ කාමතෘෂ්ණාව නො හැරපියා කාමපරිදාහය දුරු නො කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇති වැ වාසය කෙළේ යැ හෝ වාසය කෙරෙයි හෝ වාසය කරන්නේ යැ හෝ’යි තොප විසින් දුටුයේ හෝඇසුයේ ඇද්දැ? යි. මේ නො වේ මැ යැ භවත් ගෞතමයෙනි, මැනැව මාගන්‍දිය, මා විසිනුදු මාගන්‍දිය, පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවා වෙසෙන රජෙක් හෝ රජමහඇමැත්තෙක් හෝ කාමතෘෂ්ණාව නො හැරපියා කාමපරිදාහය දුරු නො කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇති වැ විසී යැ හෝ වෙසෙයි හෝ වසන්නේ යැ හෝ’යි. එ තෙල කරුණ නො මැ දක්නා ලද යැ, නො අසනලදී. මාගන්‍දිය, වැළිත් යම්කිසි මහණ කෙනෙක් වේවයි බමුණු කෙනෙක් වේවයි පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වුසූහු නම් හෝ වෙසෙත් නම් හෝ වසන්නාහු නම් හෝ එ හැම දෙන කාමයන්ගේ මැ සමුදයත් විනාශයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන්සිත් ඇති වැ වාසය කළාහු හෝ වාසය කරන්නාහු හෝ මත්තෙහි වාසය කරන්නාහු හෝ වෙති’යි.

අථ ඛො භගවා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

ඉක්බිති බුදුහු එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළහ:

ආරොග්‍යපරමා ලාභා නිබ‍්බානං පරමං සුඛං, අට‍්ඨඞ‍්ගිකො ච මග‍්ගානං ඛෙමං අමතගාමිනන‍්ති.

“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ, නිවනට යන මාර්‍ගයන් අතුරෙනුදු අෂ්ටාඞ්ගිකමාර්‍ගය ක්‍ෂේම වේ”යයි.

එවං වුත‍්තෙ මාගන්‍දියො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: ‘අච‍්ඡරියං භො ගොතම, අබ‍්භුතං භො ගොතම, යාව සුභාසිතඤ‍්චිදං භොතා ගොතමෙන:

මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැල කෙළේ යැ: “ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, අද්භූත යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින්:

‘ආරොග්‍යපරමා ලාභා නිබ‍්බානං පරමං සුඛ’න‍්ති.

“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ ඇතැ”යි. මේ වදාළතාක් සුභාෂිත වෙයි.

මයාපි ඛො එතං භො ගොතම සුතං පුබ‍්බකානං පරිබ‍්බාජකානං ආචරියපාචරියානං භාසමානානං:

මා විසිනුදු භවත් ගෞතමයෙනි, ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වූ ‘පූර්‍වපරිව්‍රාජකයන් කියනුවන් ගේ තෙල:

‘ආරොග්‍යපරමා ලාභා නිබ‍්බානං පරමං සුඛ’න‍්ති,

“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ’ යන-බස් අසන ලද.

තයිදං භො ගොතම සමෙතීති.

භවත් ගෞතමයෙනි, ඒ මේ වචනය සම වේ’ යයි.

යම‍්පන තෙ එතං මාගන්‍දිය, සුතං පුබ‍්බකානං පරිබ‍්බාජකානං ආචරියපාචරියානං භාසමානානං:

මාගන්‍දිය, තා විසින් ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වූ පූර්‍වපරිව්‍රාජකයන් කියනුවන් ගේ තෙල:

‘ආරොග්‍යපරමා ලාභා නිබ‍්බානං පරමං සුඛ’න‍්ති,

“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ”යන-යම් වචනයක් අසනලද ද,

‘කතමන‍්තං ආරොග්‍යං, කතමන‍්තං නිබ‍්බාන’න‍්ති. එවං වුත‍්තෙ මාගන්‍දියො පරිබ‍්බාජකො සකානෙව සුදං ගත‍්තානි පාණිනා අනොමජ‍්ජති. ඉදන‍්තං භො ගොතම ආරොග්‍යං, ඉදන‍්තං නිබ‍්බානං. අහං හි භො ගොතම එතරහි අරොගො සුඛී, න මං කිඤ‍්චි ආබාධයතී’ති.

ඒ ආරෝග්‍යය කවරෙ යැ? ඒ නිවන කවරෙ යැ? යි. මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක තමාගේ මැ සිරුරු අවයවයන් අත්ලෙන් පිරිමදී: “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිවන යි. භවත් ගෞතමයෙනි, මම් වූ කලී දැන් ආරෝගයෙමි, සුවපත්මි. කිසිවක් (රොවෙක්) මා නොපෙළා” යයි.

සෙය්‍යථාපි මාගන්‍දිය, ජච‍්චන්‍ධො පුරිසො, සො න පස‍්සෙය්‍ය කණ‍්හසුක‍්කානි රූපානි, න පස‍්සෙය්‍ය නීලකානි රූපානි, න පස‍්සෙය්‍ය පීතකානි රූපානි, න පස‍්සෙය්‍ය ලොහිතකානි රූපානි, න පස‍්සෙය්‍ය මඤ‍්ජෙට‍්ඨකානි රූපානි, න පස‍්සෙය්‍ය සමවිසමං, න පස‍්සෙය්‍ය තාරකරූපානි, න පස‍්සෙය්‍ය චන්‍දිමසුරියෙ. සො සුණෙය්‍ය චක‍්ඛුමතො භාසමානස‍්ස: ‘ඡෙකං වත භො ඔදාතං වත්‍ථං අභිරූපං නිම‍්මලං සුචීන‍්ති. සො ඔදාතපරියෙසනං චරෙය්‍ය. තමෙනං අඤ‍්ඤතරො පුරිසො තෙලමසිකතෙන සාහුළචීවරෙන වඤ‍්චෙය්‍ය: ඉදන‍්තෙ අම‍්භො පුරිස ඔදාතං වත්‍ථං අභිරූපං නිම‍්මලං සුචීන‍්ති. සො තං පටිගණ‍්හෙය්‍ය, පටිග‍්ගහෙත්‍වා පාරුපෙය්‍ය, පාරුපිත්‍වා අත‍්තමනො අත‍්තමනවාචං නිච‍්ඡාරෙය්‍ය: ‘ඡෙකං වත භො ඔදාතං වත්‍ථං අභිරූපං නිම‍්මලං සුචි’න‍්ති. තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය, අපි නු සො ජච‍්චන්‍ධො පුරිසො ජානන‍්තො පස‍්සන‍්තො අමුං තෙලමසිකතං සාහුළචීවරං පටිගණ‍්හෙය්‍ය, පටිග‍්ගහෙත්‍වා පාරුපෙය්‍ය, පාරුපිත්‍වා අත‍්තමනො අත‍්තමනවාචං නිච‍්ඡාරෙය්‍ය: ‘ඡෙකං වත භො ඔදාතං වත්‍ථං අභිරූපං නිම‍්මලං සුචි’න‍්ති, උදාහු චක‍්ඛුමතො සද‍්ධායාති. අජානන‍්තො හි භො ගොතම අපස‍්සන‍්තො සො ජච‍්චන්‍ධො පුරිසො අමුං තෙලමසිකතං සාහුළචීවරං පටිගණ‍්හෙය්‍ය, පටිග‍්ගහෙත්‍වා පාරුපෙය්‍ය, පාරුපිත්‍වා අත‍්තමනො අත‍්තමනවාචං නිච‍්ඡාරෙය්‍ය: ඡෙකං වත භො ඔදාතං වත්‍ථං අභිරූපං නිම‍්මලං සුචින‍්ති, චක‍්ඛුමතො සද‍්ධායාති. එවමෙව ඛො මාගන්‍දිය, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා අන්‍ධා අචක‍්ඛුකා, අජානන‍්තා ආරොග්‍යං, අපස‍්සන‍්තා නිබ‍්බානං. අථ ච පනි’මං ගාථං භාසන‍්ති.

යම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කෘෂ්ණශුක්ල රූපයන් නො දක්නේ යැ: නිල්වන් රූ නො දක්නේ යැ , කසාවන් රූ නො දක්නේ යැ , ලේවන් රූ නො දක්නේ යැ , මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ, තාරකරූපයන් නො දක්නේ යැ , සඳහිරු නො දක්නේ යි. හේ “සුදුවත ප්‍රසන්න යැ අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි ඇස් ඇති පුරුෂයකු කියනුවා අසන්නේ යැ, හේ ශ්වේත වස්ත්‍රය පර්‍ය්‍යෙෂණය කරන්නේ යැ. ඒ මොහු එක්තරා පුරුෂයෙක් තෙල්දැලි තැවැරුණු දළ කළු එළුලොම් සිවුරින් නුළු කරන්නේ යැ (රවටයි.): “එම්බා පුරුෂය, තොප ගේ මේ ශ්වේතවස්ත්‍රය අභිරූප යැ, නිර්‍මල යැ, පිරිසිදු යැ”යි. හේ එය පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ, පෙරෙවැ තුටුසිත් ඇත්තේ සතුටුවදන් පවසන්නේ යැ: “භවත්නි, ශ්වේතවස්ත්‍රය ඒකාන්තයෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟී ද, ඒ දෑඅඳ පුරිස් දනිමින් දක්මින් තෙල තෙල්දැලි වැකුණු දළ එළුලොම් සිවුර පිළිගන්නේ ද, පිළිගෙන පොරෝනේ ද, පෙරෙවැ සතුටුසිත් ඇත්තේ “භවත්නි ශ්වේත වස්ත්‍රය ඒකාන්තයෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි සතුටුවදන් පවසන්නේ ද, නොහොත් ඇස් ඇතියාගේ බස්හි සැදැහැයෙන් පවසන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, තෙල දෑඅඳ පුරිස් නො දන්නේ මැ නො දක්නේ මැ තෙල තෙල්දැලි වැකුණු දළ එළුලොම් සිවුර පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ, පෙරෙව සතුටුසිත් ඇති වැ “භවත්නි, සුදුවත එකත්නෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ, නිර්‍මල යැ පිරිසිදු යැ”යි. තුටුවදන් පවසන්නේ යැ, ඇස් ඇතියාගේ වදන්හි සැදැහැයෙන් පවසන්නේ යැ’යි. එසෙයින් මැ මාගන්‍දිය අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ අඳ වූවාහු ඇස් ඇති නැතියාහු ආරෝග්‍යය නො දන්නාහු නිර්‍වාණය නො දක්නාහු එතෙකුදු වත් -

‘ආරොග්‍යපරමා ලාභා නිබ‍්බානං පරමං සුඛ’න‍්ති.

“ආරෝග්‍යපරමා ලාභා නිබ්බානං පරමංසුඛං” යි

පුබ‍්බකෙහෙසා මාගන්‍දිය, අරහන‍්තෙහි සම‍්මාසම‍්බුද‍්ධෙහි ගාථා භාසිතා.

මේ ගාථාව කියති. මාගන්‍දිය; පෙර විසූ අර්‍හත් සම්‍යක් සම්බුදුන් විසින් තෙල:

‘ආරොග්‍යපරමා ලාභා නිබ‍්බානං පරමං සුඛං, අට‍්ඨඞ‍්ගිකො ච මග‍්ගානං ඛෙමං අමතගාමින’න‍්ති.

“ආරෝග්‍යපරමා ලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨඞ්ගිකො ච මග්ගානං ඛේමං අමතගාමිනං” යන ගාථාව භාෂිත යැ.

සා එතරහි අනුපුබ‍්බෙන පුථුජ‍්ජනගතා. අයං ඛො පන මාගන්‍දිය, කායො රොගභූතො ගණ‍්ඩභූතො සල‍්ලභූතො අඝභූතො ආබාධභූතො. සො ත්‍වං ඉමං කායං රොගභූතං ගණ‍්ඩභූතං සල‍්ලභූතං අඝභූතං ආබාධභූතං ‘ඉදං තං භො ගොතම ආරොග්‍යං ඉදං තං නිබ‍්බාන’න‍්ති වදෙසි. තං හි තෙ මාගන්‍දිය, අරියං චක‍්ඛුං නත්‍ථි යෙන ත්‍වං අරියෙන චක‍්ඛුනා ආරොග්‍යං ජානෙය්‍යාසි, නිබ‍්බානං පස‍්සෙය්‍යාසීති.

ඒ දැන් අනුක්‍රමයෙන් පෘථග්ජනගත වී. මාගන්‍දිය මෙය වූකලී රෝගයක් වැනි වූයේ ගණ්ඩයක් වැනි වූයේ ශල්‍යයක් වැනි වූයේ අඝ (දුඃඛ) යක් වැනි වූයේ ආබාධයක් වැනි වූයේ වෙයි. තෙපි රොවක් වැනි වූ ගඩක් වැනි වූ හුලක් වැනි වූ දුකක් වැනි වූ ආබාධයක් වැනි වූ මෙ කය (ගෙන): “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි කියෙහි. මාගන්‍දිය, තෙපි යම් ආර්‍ය්‍ය වූ ඇසෙකින් ආරෝග්‍යය දන්නෙහි නම් නිර්‍වාණය දක්නෙහි නම් තොපට ඒ ආර්‍ය්‍යචක්‍ෂුස නැතැ”යි වදාළහ.

එවං පසන‍්නො අහං භොතො ගොතමස‍්ස, පහොති මෙ භවං ගොතමො තථා ධම‍්මං දෙසෙතුං, යථාහං ආරොග්‍යං ජානෙය්‍යං, නිබ‍්බානං පස‍්සෙය්‍ය’න‍්ති.

මෙසෙයින් මම් භවත් ගෞතමයනට ප්‍රසන්නයෙමි. යම්සේ මම් ආරෝග්‍යය දන්නෙම් නම් නිර්‍වාණය දක්නෙම් නම් මට එසේ දහම් දෙසන්නට ගෞතමන් වහන්සේ පෙහොනාසේකැ’යි.

සෙය්‍යථාපි මාගන්‍දිය, ජච‍්චන්‍ධො පුරිසො, සො න පස‍්සෙය්‍ය කණ‍්හසුක‍්කානි රූපානි, න පස‍්සෙය්‍ය නීලකානි රූපානි, න පස‍්සෙය්‍ය පීතකානි රූපානි, න පස‍්සෙය්‍ය ලොහිතකානි රූපානි, න පස‍්සෙය්‍ය මඤ‍්ජෙට‍්ඨකානි රූපානි, න පස‍්සෙය්‍ය සමවිසමං, න පස‍්සෙය්‍ය තාරකරූපානි, න පස‍්සෙය්‍ය චන්‍දිමසුරියෙ. තස‍්ස මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා භිසක‍්කං සල‍්ලකත‍්තං උපට‍්ඨාපෙය්‍යුං. තස‍්ස සො භිසක‍්කො සල‍්ලකත‍්තො භෙසජ‍්ජං කරෙය්‍ය. සො තං භෙසජ‍්ජං ආගම‍්ම න චක‍්ඛූනි උප‍්පාදෙය්‍ය, න චක‍්ඛූනි විසොධෙය්‍ය. තං කිං මඤ‍්ඤසි මාගන්‍දිය, නනු සො වෙජ‍්ජො යාවදෙව කිලමථස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සා’ති. එවං භො ගොතම. ‘එවමෙව ඛො මාගන්‍දිය, අහඤ‍්චෙව තෙ ධම‍්මං දෙසෙය්‍යං ඉදන‍්තං ආරොග්‍යං, ඉදන‍්තං නිබ‍්බානන‍්ති. සො ත්‍වං ආරොග්‍යං න ජානෙය්‍යාසි, නිබ‍්බානං න පස‍්සෙය්‍යාසි. සො මමස‍්ස කිලමථො, සා මමස‍්ස විහෙසා’ති.

යම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කළුසුදු රූ නො දක්නේ යැ, නිල්වන් රූ නො දක්නේ යැ, කසාවන් රූ නො දක්නේ යැ, ලෙහෙවන් රූ නො දක්නේ යැ, මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ, තාරකරූපයන් නො දක්නේ යැ, සඳහිරු නො දක්නේ යි. ඔහට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ. ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ ඒ බෙහෙත් ලැබ ඇස් නූපදවා නම් ඇස් විශුද්ධ නො කෙරේ නම්, මාගන්‍දිය, ඒ කිමැ’යි හඟී ද? ඒ වෙද තෙම ඒතාක් පීඩාවට වෙහෙසට හිමි වන්නේ නො වේ දැ? යි. එසේ යැ භවත් ගෞතමයන් වහන්ස, එසෙයින් මැ මාගන්‍දිය, මමත් තොපට: “මේ ආරෝග්‍ය යැ, මේ නිර්‍වාණ යැ”යි දහම් දෙසන්නෙමි. තෙපි ආරෝග්‍යය නො දන්නහු නිර්‍වාණය නො දක්නහු නම්, ඒ මට පීඩා වන්නේ යැ, ඒ මට වෙහෙස වන්නේ යැ’යි.

එවං පසන‍්නො අහං භොතො ගොතමස‍්ස, පහොති මෙ භවං ගොතමො තථා ධම‍්මං දෙසෙතුං, යථාහං ආරොග්‍යං ජානෙය්‍යං නිබ‍්බානං පස‍්සෙය්‍යන‍්ති.

මෙසෙයින් මම් භවත් ගෞතමයනට පහන්මි: ‘යම්සේ මම් ආරෝග්‍ය දන්නෙම් නම් නිර්‍වාණය දක්නෙම් නම් එසේ මට දහම් දෙසන්නට ගෞතමන් වහන්සේ පෙහොනා සේකැ’යි.

සෙය්‍යථාපි මාගන්‍දිය, ජච‍්චන්‍ධො පුරිසො, සො න පස‍්සෙය්‍ය කණ‍්හසුක‍්කානි රූපානි, න පස‍්සෙය්‍ය නීලකානි රූපානි, න පස‍්සෙය්‍ය පීතකානි රූපානි, න පස‍්සෙය්‍ය ලොහිතකානි රූපානි, න පස‍්සෙය්‍ය මඤ‍්ජෙට‍්ඨකානි රූපානි, න පස‍්සෙය්‍ය සමවිසමං, න පස‍්සෙය්‍ය තාරකරූපානි, න පස‍්සෙය්‍ය චන්‍දිමසුරියෙ. සො සුණෙය්‍ය චක‍්ඛුමතො භාසමානස‍්ස ‘ඡෙකං වත භො ඔදාතං වත්‍ථං අභිරූපං නිම‍්මලං සුචි’න‍්ති. සො ඔදාතපරියෙසනං චරෙය්‍ය. තමෙනඤ‍්ඤතරො පුරිසො තෙලමසිකතෙන සාහුළචීවරෙන වඤ‍්චෙය්‍ය, ඉදන‍්තෙ අම‍්භො පුරිස ඔදාතං වත්‍ථං අභිරූපං නිම‍්මලං සුචි’න‍්ති. සො තං පටිගණ‍්හෙය්‍ය, පටිග‍්ගහෙත්‍වා පාරුපෙය්‍ය. තස‍්ස මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා භිසක‍්කං සල‍්ලකත‍්තං උපට‍්ඨාපෙය්‍යුං. තස‍්ස සො භිසක‍්කො සල‍්ලකත‍්තො භෙසජ‍්ජං කරෙය්‍ය: උද‍්ධවිරෙචනං අධොවිරෙචනං අඤ‍්ජනං පච‍්චඤ‍්ජනං නත්‍ථුකම‍්මං. සො තං භෙසජ‍්ජං ආගම‍්ම චක‍්ඛූනි උප‍්පාදෙය්‍ය, චක‍්ඛූනි විසොධෙය්‍ය. තස‍්ස සහ චක‍්ඛුප‍්පාදා යො අමුස‍්මිං තෙලමසිකතෙ සාහුළචීවරෙ ඡන්‍දරාගො, සො පහීයෙථ. තඤ‍්ච නං පුරිසං අමිත‍්තතොපි දහෙය්‍ය. පච‍්චත්‍ථිකතොපි දහෙය්‍ය. අපි ච ජීවිතා වොරොපෙතබ‍්බං මඤ‍්ඤෙය්‍ය, ‘දීඝරත‍්තං වත භො අහං ඉමිනා පුරිසෙන තෙලමසිකතෙන සාහුළචීවරෙන නිකතො වඤ‍්චිතො පලුද‍්ධො. ‘ඉදන‍්තෙ අම‍්භො පුරිස ඔදාතං වත්‍ථං ඡෙකං අභිරූපං නිම‍්මලං සුචින‍්ති. එවමෙව ඛො මාගන්‍දිය, අහඤ‍්චෙව තෙ ධම‍්මං දෙසෙය්‍යං: ‘ඉදන‍්තං ආරොග්‍යං, ඉදන‍්තං නිබ‍්බාන’න‍්ති. සො ත්‍වං ආරොග්‍යං ජානෙය්‍යාසි, නිබ‍්බානං පස‍්සෙය්‍යාසි. තස‍්ස තෙ සහ චක‍්ඛුප‍්පාදා යො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු ඡන්‍දරාගො, සො පහීයෙථ, අපි ච තෙ එවමස‍්ස දීඝරත‍්තං වත භො අහං ඉමිනා චිත‍්තෙන නිකතො වඤ‍්චිතො පලුද‍්ධො, අහං හි රූපංයෙව උපාදියමානො උපාදියිං,

යම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කෘෂ්ණශුක්ල රූපයන් නො දක්නේ යැ, නිල්වන් රූ නො දක්නේ යැ , කසාවන් රූ නො දක්නේ යැ , ලෙහෙවන් රූ නො දක්නේ යැ , මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ , තාරකරූපයන් නො දක්නේ යැ, සඳහිරු නො දක්නේ යි. හේ “භවත්නි, අවදාතවස්ත්‍රය පහන් යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි ඇස් ඇතියකු කියනුවා අසන්නේ යැ. හේ අවදාතවස්ත්‍ර පර්‍ය්‍යෙෂණය කරන්නේ යැ. ඒ මොහු එක්තරා පුරුෂයෙක් තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරෙකින් නළවන්නේ යැ: “එම්බා පුරුෂය, මේ තොපගේ අවදාතවස්ත්‍රය පහන් යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි. හේ එය පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ. ඔහට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ. ඔහට ඒ ශල්‍යවෛද්‍ය තෙමෙ බෙහෙත් කරන්නේ යැ: ඌර්ධ්වවිරේචන අධොවිරෙචන අඤ්ජන ප්‍රත්‍යඤ්ජන නශ්‍යකර්‍ම කරන්නේ යැ: හේ ඒ බෙහෙත් ලැබ ඇස් උපදවන්නේ යැ විශුද්ධ කරන්නේ යැ ඔහට චක්‍ෂුරුත්පාදය හා සමග තෙල තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරෙහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, ඒ පහ වන්නේ යැ, ඒ ඡන්‍දරාගයත් ඒ පුරුෂයාත් අමිත්‍ර වශයෙනුදු තබන්නේ යැ. ශ්‍රත්‍රැ වශයෙනුදු තබන්නේ යැ, තවද (ඔහු) දිවි ගැළවිය යුතු කොට හඟනේ යැ: “භවත, එකත්නෙන් මම් බොහෝ කලක් මෙ පුරිස් විසින් “එම්බා පුරුෂය, මේ තොපගේ හෙළපිළිය ප්‍රසන්න යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරින් රවටනලදුයෙම් වඤ්චිතයෙම් පොළොඹන ලදුයෙමි’යි. එසෙයින් මැ මාගන්‍දිය, මමත් තොපට ‘මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි දහම් දෙසන්නෙමි, තෙපි ආරෝග්‍ය දැනගන්නා වූ යැ නිර්‍වාණය දක්නවු යැ. ඒ තොපට ඇස් පහළවීම හා සමග පඤ්චෝපාදානස්කන්‍ධයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ඒ පහවන්නේ යැ. තවද තොපට මෙබඳු සිතෙක් වන්නේ යැ: “භවත, එකත්නෙන් මම් දිගුකලක් මෙ සිත විසින් රවටනලදුයෙම් වඤ්චිතයෙම් පොළොඹනලදුයෙමි. මම් වූකලී දැඩි කොට ගනුයෙම් රූපය මැ දැඩි කොට ගතිමි.

වෙදනංයෙව උපාදියමානො උපාදියිං, සඤ‍්ඤංයෙව උපාදියමානො උපාදියිං, සඞ‍්ඛාරෙයෙව උපාදියමානො උපාදියිං, විඤ‍්ඤාණංයෙව උපාදියමානො උපාදියිං. තස‍්ස මෙ උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

දැඩි කොට ගනුයෙම් වේදනාව මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් සංඥාව මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් සංස්කාරයන් මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් විඥානය මැ දැඩි කොට ගතිමි. ඒ මට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යය උපායාසයෝ වෙති. මෙසෙයින් තෙල සකල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ” යයි.

එවං පසන‍්නො අහං භොතො ගොතමස‍්ස: පහොති මෙ භවං ගොතමො තථා ධම‍්මං දෙසෙතුං, යථාහං ඉමම‍්හා ආසනා අනන්‍ධො වුට‍්ඨහෙය්‍ය’න‍්ති.

මෙසෙයින් මම් භවත් ගෞතමයනට ප්‍රසන්නයෙමි: “යම්සේ මම මෙ අස්නෙන් නො අඳ වැ නැඟෙන්නෙම් නම් භවත් ගෞතමයන් වහන්සේ මට එසේ දහම් දෙසන්නට පෙහොනා සේකැ”යි.

තෙන හි ත්‍වං මාගන්‍දිය, සප‍්පුරිසෙ භජෙය්‍යාසි, යතො ඛො ත්‍වං මාගන්‍දිය, සප‍්පුරිසෙ භජිස‍්සසි, තතො ත්‍වං මාගන්‍දිය, සද‍්ධම‍්මං සොස‍්සසි. යතො ඛො ත්‍වං මාගන්‍දිය, සද‍්ධම‍්මං සොස‍්සසි, තතො ත්‍වං මාගන්‍දිය, ධම‍්මානුධම‍්මං පටිපජ‍්ජිස‍්සසි. යතො ඛො ත්‍වං මාගන්‍දිය, ධම‍්මානුධම‍්මං පටිපජ‍්ජිස‍්සසි, තතො ත්‍වං මාගන්‍දිය, සාමංයෙව ඤස‍්සසි, සාමං දක‍්ඛිසි. ඉමෙ රොගා ගණ‍්ඩා සල‍්ලා, ඉධ රොගා ගණ‍්ඩා සල‍්ලා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. තස‍්ස මෙ උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී’ති.

එසේ වී නම් මාගන්‍දිය, තෙපි සත්පුරුෂයන් භජනය කරව. යම් කලෙකැ පටන් මාගන්‍දිය, තෙපි සත්පුරුෂයන් භජනය කරන්නහු ද, එ දවස පටන් මාගන්‍දිය, තෙපි සදහම් අසන්නාහු යැ. යම් කලෙකැ පටන් මාගන්‍දිය තෙපි සදහම් අසන්නහු ද, එදවස පටන් මාගන්‍දිය තෙපි ධර්‍මානුධර්‍මයට (නිසි පිළිවෙතට) බස්නහු යැ. යම් කලෙකැ පටන් මාගන්‍දිය, තෙපි ධර්‍මානුධර්‍මයට බස්නහු ද, එ දවස පටන් මාගන්‍දිය තෙපි “මොහු රෝගයෝ යැ ගණ්ඩයෝ යැ ශල්‍යයෝ යැ, මෙහි (නිවනෙහි) රෝගයෝ ගණ්ඩයෝ ශල්‍යයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ඒ මට උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරොධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් මේ සියලු දුඃඛරාශිහුගේ නිරෝධය වේ” යයි තුමූ ම දන්නහු යැ තුමූ මැ දක්නහු යැ.

එවං වුත‍්තෙ මාගන්‍දියො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම, සෙය්‍යථාපි භො ගොතම නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. ලභෙය්‍යාහං භොතො ගොතමස‍්ස සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, ලභෙය්‍යං උපසම‍්පද’න‍්ති.

මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැල කළේ යැ: “ඉතා මැනැව භවත් ගෞතමයෙනි, ඉතා මැනැව භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, ප්‍රතිච්ඡන්න වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි හෝ තෙල්පහනක් දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් විසින් නන් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරනලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි. ධර්‍මයත් භික්‍ෂුසඞ්ඝයාත් සරණ කොට යෙමි. මම් භවත් ගෞතමයන් වහන්සේ වෙත පැවිදි ලබන්නෙම් මහලුපැවිදි ලබන්නෙම් මැනැවැ”යි.

යො ඛො මාගන්‍දිය, අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ ආකඞ‍්ඛති පබ‍්බජ‍්ජං, ආකඞ‍්ඛති උපසම‍්පදං, සො චත‍්තාරො මාසෙ පරිවසති, චතුන‍්නං මාසානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්ති, උපසම‍්පාදෙන‍්ති භික‍්ඛුභාවාය. අපි ච මෙත්‍ථ පුග‍්ගලවෙමත‍්තතා විදිතාති.

“මාගන්‍දිය, අන්තොටුවිරූ යමෙක් මෙසස්නෙහි ප්‍රව්‍රජ්‍යා කැමැති වේ ද, උපසම්පත් කැමැති වේ ද, හේ සාරමසක් පිරිවසයි, සාරමසෙකැ ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු (ඔහු) පැවිදි කරවති, භික්‍ෂුභාවයට උපසපන් කරවත්, එතෙකුදුවත් මෙහිලා මා විසින් පුද්ගලනානාත්‍වය දන්නාලදැ’යි.

සචෙ භන‍්තෙ අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බා ඉමස‍්මිං ධම‍්මවිනයෙ ආකඞ‍්ඛන‍්තා පබ‍්බජ‍්ජං ආකඞ‍්ඛන‍්තා උපසම‍්පදං, චත‍්තාරො මාසෙ පරිවසන‍්ති, චතුන‍්නං මාසානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්ති. උපසම‍්පාදෙන‍්ති භික‍්ඛුභාවාය. අහං චත‍්තාරි වස‍්සානි පරිවසිස‍්සාමි. චතුන‍්නං මං වස‍්සානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්තු, උපසම‍්පාදෙන‍්තු භික‍්ඛුභාවායාති.

“ඉදින් වහන්ස, අන්තොටුවිරූහු මෙසස්නෙහි ප්‍රව්‍රජ්‍යා කැමැත්තාහු උපසම්පත් කැමැත්තාහු සාරමසක් පරිවාස කෙරෙත් ද, සාරමසක් ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු භික්‍ෂූභාවයට පැවිදි කරවත් ද, උපසපන් කරවත් ද, මම සතර හවුරුද්දක් පිරිවසන්නෙමි, සතර හවුරුද්දෙකැ ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු (මා) පැවිදි කරවත්වා, භික්‍ෂුභාවයට උපසපන් කරවත්ව”යි.

අලත්‍ථ ඛො මාගන්‍දියො පරිබ‍්බාජකො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථ උපසම‍්පදං. අචිරූපසම‍්පන‍්නො ඛො පනායස‍්මා මාගන්‍දියො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච ඛො පනායස‍්මා මාගන්‍දියො අරහතං අහොසීති.

මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රව්‍රජ්‍යා ලද, උපසපම්පත් ලද. උපසපන් නොබෝකල් ඇති ආයුෂ්මත් මාගන්‍දිය එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට අළ සිත් ඇති වැ වසනුයේ: කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, ඒ අනුත්තර වූ, බ්‍රහ්මචර්‍ය්‍යාවසාන සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය නොබෝ කලෙකින් මැ ඉහාත්මයෙහි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙළේ යැ. ‘ජාතිය ක්‍ෂය වූ මඟබඹසර වැස නිමවන ලදි, සතරමඟ කිස කරන ලද, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දැනගත්තේ යැ. ආයුෂ්මත් මාගන්‍දිය තෙරණුවෝ වැළිත් රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ’යි.

මාගන්‍දියසුත‍්තං පඤ‍්චමං.

පස් වැනි වූ මාගන්‍දිය සූත්‍ර යි.