මාගන්දිය සුත්තවණ්ණනා අට්ඨකථා
මාගන්දිය සුත්තවණ්ණනා
මාගන්දිය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මාගණ්ඩියසුත්තං. තත්ථ අග්යාගාරෙති අග්ගිහොමසාලයං. තිණසන්ථාරකෙති ද්වෙ මාගණ්ඩියා මාතුලො ච භාගිනෙය්යො ච. තෙසු මාතුලො පබ්බජිත්වා අරහත්තං පත්තො, භාගිනෙය්යොපි සඋපනිස්සයො නචිරස්සෙව පබ්බජිත්වා අරහත්තං පාපුණිස්සති. අථස්ස භගවා උපනිස්සයං දිස්වා රමණීයං දෙවගබ්භසදිසං ගන්ධකුටිං පහාය තත්ථ ඡාරිකතිණකචවරාදීහි උක්ලාපෙ අග්යාගාරෙ තිණසන්ථාරකං පඤ්ඤාපෙත්වා පරසඞ්ගහකරණත්ථං කතිපාහං වසිත්ථ. තං සන්ධායෙතං වුත්තං. තෙනුපසඞ්කමීති න කෙවලං තංදිවසමෙව, යස්මා පන තං අග්යාගාරං ගාමූපචාරෙ දාරකදාරිකාහි ඔකිණ්ණං අවිවිත්තං, තස්මා භගවා නිච්චකාලම්පි දිවසභාගං තස්මිං වනසණ්ඩෙ වීතිනාමෙත්වා සායං වාසත්ථාය තත්ථ උපගච්ඡති.
එවම්මෙසුතං යනු මාගන්දික සූත්‍රයයි. එහි අග්යාගාරෙ ගිනි පුදන ශාලාවෙහි තිණ සත්ථරකෙ මාගන්දියෝ දෙදෙනෙකි. මාමාද බෑණාද ඒ අතුරින් මාමා පැවිදිව රහත්බවට පැමිණියේය. බෑණාද උපනිශ්‍රය සහිත වුයේ නොබෝ කලෙකින් පැවිදිව රහත් බවට පැමිණෙන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ උපනිශ්‍රය දැක රමණීයවු දෙව්කුටියක් වන් ගඳකිලිය අත්හැර අළුතණ කසල ආදියෙන් අපිරිසිදුවූ ගිනිහල්ගෙයි තණ ඇතිරියක් පනවා අනුන්ට සංග්‍රහ කරනු පිණිස කිහිප දවසක් වැඩසිටිසේක. ඒ සඳහා මෙය කියන ලදී. තෙනුපසඞ්කමි හුදෙක් එදවස පමණනොවේ. යම් හෙයකින් ඒ ගිනිහල්ගෙය ගම අසල දරුදැරියන්ගෙන් ගැවසී හුදෙකලා නොවී ද ඒනිසා භාග්‍යවතුන් වහන්සේ නිති කල්හි දිවාකාලයේ අඩදිනය ඒ වන ළැහැබෙහි කල්යවා සවස්භාගයෙහි වාසය පිණිස එහි යන සේක.
අද්දසා ඛො…පෙ… තිණසන්ථාරකං පඤ්ඤත්තන්ති භගවා අඤ්ඤෙසු දිවසෙසු තිණසන්ථාරකං සඞ්ඝරිත්වා සඤ්ඤාණං කත්වා ගච්ඡති, තංදිවසං පන පඤ්ඤපෙත්වාව අගමාසි. කස්මා? තදා හි පච්චූසසමයෙ ලොකං ඔලොකෙත්වාව අද්දස – “අජ්ජ මාගණ්ඩියො ඉධාගන්ත්වා ඉමං තිණසන්ථාරකං දිස්වා භාරද්වාජෙන සද්ධිං තිණසන්ථාරකං ආරබ්භ කථාසල්ලාපං කරිස්සති, අථාහං ආගන්ත්වා ධම්මං දෙසෙස්සාමි, සො ධම්මං සුත්වා මම සන්තිකෙ පබ්බජිත්වා අරහත්තං පාපුණිස්සති. පරෙසං සඞ්ගහකරණත්ථමෙව හි මයා පාරමියො පූරිතා”ති තිණසන්ථාරකං පඤ්ඤපෙත්වාව අගමාසි.
අද්දසා ඛො තිණ සන්ථරකං පඤ්ඤත්තං භාග්‍යවතුන් වහන්සේ අන් දිනවල තණ ඇතිරිය හකුළා සලකුණක් කොට තබා වඩනාසේක. එදවස පනවාම වැඩිසේක. මක්නිසාද යත් එදවස උදෑසන ලොව බලන සේක් අද මාගන්දිය මෙහි පැමිණ මේ තණ ඇතිරිය දැක භාරද්වාජ සමග තණ ඇතිරිය අරබයා තථා සල්ලාපයක් කරන්නේය. ඉන්පසු මම පැමිණ ධර්මය දේශනා කරන්නෙමි. හේ ධර්මය අසා මා සමීපයෙහි පැවිදිව රහත් බවට පැමිණෙන්නේය. අනුන්ට සංග්‍රහ කරනු පිණිසම මා විසින් පාරමී පුරන ලද්දේයයි තණ ඇතිරිය පනවාම වැඩිසේක.
සමණසෙය්යානුරූපං මඤ්ඤෙති ඉමං තිණසන්ථාරකං “සමණස්ස අනුච්ඡවිකා සෙය්යා”ති මඤ්ඤාමි. න ච අසඤ්ඤතසමණස්ස නිවුත්ථට්ඨානමෙතං. තථාහෙත්ථ හත්ථෙන ආකඩ්ඪිතට්ඨානං වා පාදෙන ආකඩ්ඪිතට්ඨානං වා සීසෙන පහටට්ඨානං වා න පඤ්ඤායති, අනාකුලො අනාකිණ්ණො අභින්නො ඡෙකෙන චිත්තකාරෙන තූලිකාය පරිච්ඡින්දිත්වා පඤ්ඤත්තො විය. සඤ්ඤතසමණස්ස වසිතට්ඨානං, කස්ස භො වසිතට්ඨානන්ති පුච්ඡති. භූනහුනොති හතවඩ්ඪිනො මරියාදකාරකස්ස. කස්මා එවමාහ? ඡසු ද්වාරෙසු වඩ්ඪිපඤ්ඤාපනලද්ධිකත්තා. අයඤ්හි තස්ස ලද්ධි – චක්ඛු බ්රූහෙතබ්බං වඩ්ඪෙතබ්බං, අදිට්ඨං දක්ඛිතබ්බං, දිට්ඨං සමතික්කමිතබ්බං. සොතං බ්රූහෙතබ්බං වඩ්ඪෙතබ්බං, අසුතං සොතබ්බං, සුතං සමතික්කමිතබ්බං. ඝානං බ්රූහෙතබ්බං වඩ්ඪෙතබ්බං, අඝායිතං ඝායිතබ්බං, ඝායිතං සමතික්කමිතබ්බං. ජිව්හා බ්රූහෙතබ්බා වඩ්ඪෙතබ්බා, අස්සායිතං සායිතබ්බං, සායිතං සමතික්කමිතබ්බං. කායො බ්රූහෙතබ්බො වඩ්ඪෙතබ්බො, අඵුට්ඨං ඵුසිතබ්බං, ඵුට්ඨං සමතික්කමිතබ්බං. මනො බ්රූහෙතබ්බො වඩ්ඪෙතබ්බො, අවිඤ්ඤාතං විජානිතබ්බං, විඤ්ඤාතං සමතික්කමිතබ්බං. එවං සො ඡසු ද්වාරෙසු වඩ්ඪිං පඤ්ඤපෙති. භගවා පන –
සමණසෙය්යරූපං මඤ්ඤෙ මේ තණ ඇතිරිය ශ්‍රමණයාට සුදුසුවන්නේයයි හඟිමි මෙහි අසංවර තැනක් වත් පයින් පෑගු තැනක්වත් හිසින් පහරනු ලැබූ තැනක් වත් නො පැනේ. අනාකුල නොගැටුණු නොකැඩුණු, දක්ෂ චිත්රකාරයකු විසින් තෙලිතුඩින් පිරිසිඳ පැනවුවක් මෙන් දැමුණු ශ්‍රමණයකු වුසු තැනක්ය. පින්වත, කාගේ වුසු තැනක්දැයි අසයි. භුනහුනො වැඩීම් සිමා කළ අයකුගේ ඒ නිසා මෙසේකීය. සදොරෙහි වර්ධනය පනවන ලබ්ධි ඇති බැවින් මේ ඔහුගේ ලබ්ධියයි. ඇස වර්ධනය කළයුතුය. නොදුටු දෙය දැකගත යුතුයි. දුටුදෙය ඉක්මවා යායුතුය. කන වර්ධනය කළයුතුය. නොඇසුදෙය ඇසිය යුතුය. ඇසුදෙය ඉක්මවා යායුතුය. නාසය වර්ධනය කළ යුතුය. ආඝ්‍රාණය නොකළ දේ ආඝ්‍රාණය කළයුතුය. ආඝ්‍රාණය කළදේ ඉක්මවා යායුතුය. ශරීරය වර්ධනය කළයුතුය. ස්පර්ශ නොකළදේ ස්පර්ශ කළයුතුය. ස්පර්ශ කළදේ ඉක්මවා යා යුතුය. සිත වර්ධනය කළයුතුය. නොදත්දේ දතයුතුය. දත්දේ ඉක්මවා යායුතුය. මෙසේ හෙතෙමේ ෂට්ද්වාරයන්හි වර්ධනය පනවයි. භාග්‍යවතුන් වහන්සේ -
“චක්ඛුනා සංවරො සාධු, සාධු සොතෙන සංවරො; ඝානෙන සංවරො සාධු, සාධු ජිව්හාය සංවරො.
චක්ඛුනා සංවරො සාධු සාධු සොතෙන සංවරො සානෙන සංවරො සාධු සාධු ජිව්හාය සංවරො
කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො; මනසා සංවරො සාධු, සාධු සබ්බත්ථ සංවරො; සබ්බත්ථ සංවුතො භික්ඛු, සබ්බදුක්ඛා පමුච්චතී”ති. (ධ· ප· 360-361) –
කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො මනසා සංවරො සාධු සාධු සබ්බත්ථසංවරො සබ්බත්ථසංවුතො සබ්බදුක්ඛා පමුච්චති
ඇසින් සංවර වීම යහපති - කනින් සංවර වීම යහපති නාසයෙන් සංවරය යහපති - දිවෙන් සංවරවීම යහපති සිතින් සංවරවීම යහපති - සියලු තැන සංවරය යහපති සියලු තැන සංවරවු භික්ෂුව - මිදේ මැයි හැම දුක්වලින්.
ඡසු ද්වාරෙසු සංවරං පඤ්ඤපෙති. තස්මා සො “වඩ්ඪිහතො සමණො ගොතමො මරියාදකාරකො”ති මඤ්ඤමානො “භූනහුනො”ති ආහ.
සදොරෙහි සංවරය පනවයි. ඒ නිසා ඒ වර්ධනය නැසු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සීමා කරන්නකුයයි හඟිමින් භූනහුනො යයි කීය.
අරියෙ ඤායෙ ධම්මෙ කුසලෙති පරිසුද්ධෙ කාරණධම්මෙ අනවජ්ජෙ. ඉමිනා කිං දස්සෙති? එවරූපස්ස නාම උග්ගතස්ස පඤ්ඤාතස්ස යසස්සිනො උපරි වාචං භාසමානෙන වීමංසිත්වා උපධාරෙත්වා මුඛෙ ආරක්ඛං ඨපෙත්වා භාසිතබ්බො හොති. තස්මා මා සහසා අභාසි, මුඛෙ ආරක්ඛං ඨපෙහීති දස්සෙති. එවඤ්හි නො සුත්තෙ ඔචරතීති යස්මා අම්හාකං සුත්තෙ එවං ආගච්ඡති, න මයං මුඛාරුළ්හිච්ඡාමත්තං වදාම, සුත්තෙ ච නාම ආගතං වදමානා කස්ස භායෙය්යාම, තස්මා සම්මුඛාපි නං වදෙය්යාමාති අත්ථො. අප්පොස්සුක්කොති මම රක්ඛනත්ථාය අනුස්සුක්කො අවාවටො හුත්වාති අත්ථො. වුත්තොව නං වදෙය්යාති මයා වුත්තොව හුත්වා අපුච්ඡිතොව කථං සමුට්ඨාපෙත්වා අම්බජම්බූආදීනි ගහෙත්වා විය අපූරයමානො මයා කථිතනියාමෙන භවං භාරද්වාජො වදෙය්ය, වදස්සූති අත්ථො.
අරියෙ ඤායෙ ධම්මෙ කුසලෙ පිරිසිදු කරුණෙහි. නිවැරදි දහමෙහි මෙයින් කුමක් දැල්වේද මෙබඳු උද්ගතවු ප්‍රසිද්ධවු යසස් ඇත්තහුට ඉහළින් කියන්නහු විසින් විමසා උපධාරණය කොට කට රැකගෙන කිවයුතුවෙයි. එවංච නො සුත්තෙ ඔවරති අපගේ සූත්‍රයෙහි මෙසේ එන්නේ යමක් නිසාද අපි කටට ආ දෙයක් නොකියමු සුත්‍රයෙහි ආ දෙයක් කියන්නට කාට බිය වෙමුද ඒනිසා භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිද එය කියන්නෙමුයි අර්ථයි. අප්පොස්සුක්කො මගේ ආරක්ෂාව පිණිස උත්සාහවත් නොවී ව්‍යාවෘත නොවී යන අර්ථයි. වුත්තොව නං වදෙය්ය මා විසින් කියන ලද්දේ වී නොවිමසාම කථාවක් ඇතිකොට අඹදඹ ආදිය ගෙන නොපුරවමින් මා කියු අයුරින් භවත් භාරද්වාජ කියන්නේ නම් කියාවායි අර්ථයි.
අස්සොසි ඛොති සත්ථා ආලොකං වඩ්ඪෙත්වා දිබ්බචක්ඛුනා මාගණ්ඩියං තත්ථ ආගතං අද්දස, ද්වින්නං ජනානං භාසමානානං දිබ්බසොතෙන සද්දම්පි අස්සොසි. පටිසල්ලානා වුට්ඨිතොති ඵලසමාපත්තියා වුට්ඨිතො. සංවිග්ගොති පීතිසංවෙගෙන සංවිග්ගො චලිතො කම්පිතො. තස්ස කිර එතදහොසි – “නෙව මාගණ්ඩියෙන සමණස්ස ගොතමස්ස ආරොචිතං, න මයා. අම්හෙ මුඤ්චිත්වා අඤ්ඤො එත්ථ තතියොපි නත්ථි, සුතො භවිස්සති අම්හාකං සද්දො තිඛිණසොතෙන පුරිසෙනා”ති. අථස්ස අබ්භන්තරෙ පීති උප්පජ්ජිත්වා නවනවුතිලොමකූපසහස්සානි උද්ධග්ගානි අකාසි. තෙන වුත්තං “සංවිග්ගො ලොමහට්ඨජාතො”ති. අථ ඛො මාගණ්ඩියො පරිබ්බාජකොති පරිබ්බාජකස්ස පභින්නමුඛං විය බීජං පරිපාකගතං ඤාණං, තස්මා සන්නිසීදිතුං අසක්කොන්තො ආහිණ්ඩමානො පුන සත්ථු සන්තිකං ආගන්ත්වා එකමන්තං නිසීදි. තං දස්සෙතුං “අථ ඛො මාගණ්ඩියො”තිආදි වුත්තං.
අස්සොසිඛො ශාස්තෲන් වහන්සේ ආලෝකය වඩා මාගන්දිය එහි පැමිණි බව දිවැසින් දුටුසේක. දෙදෙන කථාකරමින් සිටින විට දිවකණින් කටහඬ පවා ඇසූසේක. පටිසල්ලාණාවුට්ඨිතො ඵලසමාපත්තියෙන් නඟින ලද්දේ සංවිග්ගො ප්‍රීති සංවේගයෙන් සංවේගප්රාප්තවුයේ සසලවුයේ කම්පා වූයේ ඔහුට මෙසේ සිතිණ. මාගන්දික විසින් ශ්‍රමණ ගෞතමයන්ට දක්වනු ලැබුවේ නැත. අප හැර මෙහි අන්ත තෙවැන්නෙක්ද නැත. තියුණු කන් ඇති පුරුෂයා විසින් අපගේ ශබ්දය ඇසුවා වන්නේ යැයි ඔහුගේ අභ්‍යන්තරයෙහි ප්‍රීතිය හටගෙන අනුනවදහසක් රෝම කූප නැගී සිටිනසේ කළේය. සංවිග්ගො ලොමහට්ඨජාතො යි එහෙයින් කියන ලදී. අථ මාගන්දියො පරිබ්බාජකො පිරිවැජියාගේ බිඳීගිය මුඛය වැනි බිජුවට මෙන් ඥානය මුහුකුරා ගියේය ඒනිසා හිඳගැනීමට නොහැකිව ඇවිදිමින් නැවත ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ එකත් පසෙක හුන්නේය. එය දක්වන්ට අථමාගන්දියො යි ආදිය කියන ලදී.
සත්ථා – “එවං කිර ත්වං, මාගණ්ඩිය, මං අවචා”ති අවත්වාව චක්ඛුං ඛො, මාගණ්ඩියාති පරිබ්බාජකස්ස ධම්මදෙසනං ආරභි. තත්ථ වසනට්ඨානට්ඨෙන රූපං චක්ඛුස්ස ආරාමොති චක්ඛු රූපාරාමං. රූපෙ රතන්ති රූපරතං. රූපෙන චක්ඛු ආමොදිතං පමොදිතන්ති රූපසමුදිතං. දන්තන්ති නිබ්බිසෙවනං. ගුත්තන්ති ගොපිතං. රක්ඛිතන්ති ඨපිතරක්ඛං. සංවුතන්ති පිහිතං. සංවරායාති පිධානත්ථාය.
ශාස්තෲන් වහන්සේ මාගන්දිය, මාහට කියුවේවෙහිදැයි නොකියාම චක්ඛුං ඛො මාගන්දිය යැයි පිරිවැජියාට දම් දෙසන්ට ඇරඹූසේක. එහි වසනස්ථාන අර්ථයෙන් රූපය ඇසට ඇලුණේ යැයි ඇස රූපාරාමං රූපයෙහි ඇලුනේනුයි රූප රතං රූපයෙන් ඇස සතුටු වුයේනුයි මැනවින් සතුටුවූයේහුයි රූප සමුද්දිතං දනතං තමා ප්‍රතික්ෂේප කිරීම. ගුත්තං - පාලනය කරන ලද රක්ඛිතං තැබු ආරක්ෂාව ඇති, සංවුතං වසන ලද, සංවරාය වසනු පිණිස.
පරිචාරිතපුබ්බොති අභිරමිතපුබ්බො. රූපපරිළාහන්ති රූපං ආරබ්භ උප්පජ්ජනපරිළාහං. ඉමස්ස පන තෙ, මාගණ්ඩිය, කිමස්ස වචනීයන්ති ඉමස්ස රූපං පරිග්ගණ්හිත්වා අරහත්තප්පත්තස්ස ඛීණාසවස්ස තයා කිං වචනං වත්තබ්බං අස්ස, වුඩ්ඪිහතො මරියාදකාරකොති ඉදං වත්තබ්බං, න වත්තබ්බන්ති පුච්ඡති. න කිඤ්චි, භො ගොතමාති, භො ගොතම, කිඤ්චි වත්තබ්බං නත්ථි. සෙසද්වාරෙසුපි එසෙව නයො.
පරිචාරිත පුබ්බො අභිරමණය කරන ලද විරූ රූප පරිළාහං රූපය අරබයා උපදින දාහය. ඉමස්ස පන තෙ මාගන්දිය කිමස්ස වචනීයං රූප පරිග්‍රහණය කොට රහත් බවට පත්වූ ක්ෂිණාශ්රවයාට ඔබ විසින් කුමන වචනයක් කියයුතුද වැඩීම නැසු සීමා කාරකයෙක්යයි කියයුතුද. නොකියයුතුදැයි ඇසුසේක. නකිඤ්චි භො ගොතම ගෞතමයන් වහන්ස කිවයුතු කිසිවක්නත. සෙසු ද්වාරයන්හිද මේ ක්‍රමය මැයි
ඉදානි යස්මා තයා පඤ්චක්ඛන්ධෙ පරිග්ගහෙත්වා අරහත්තප්පත්තස්ස ඛීණාසවස්ස කිඤ්චි වත්තබ්බං නත්ථි, අහඤ්ච පඤ්චක්ඛන්ධෙ පරිග්ගහෙත්වා සබ්බඤ්ඤුතං පත්තො, තස්මා අහම්පි තෙ න කිඤ්චි වත්තබ්බොති දස්සෙතුං අහං ඛො පනාතිආදිමාහ. තස්ස මය්හං මාගණ්ඩියාති ගිහිකාලෙ අත්තනො සම්පත්තිං දස්සෙන්තො ආහ. තත්ථ වස්සිකොතිආදීසු යත්ථ සුඛං හොති වස්සකාලෙ වසිතුං, අයං වස්සිකො. ඉතරෙසුපි එසෙව නයො. අයං පනෙත්ථ වචනත්ථො – වස්සං වාසො වස්සං, වස්සං අරහතීති වස්සිකො. ඉතරෙසුපි එසෙව නයො.
දැන් යම් හෙයකින් ඔබ විසින් පංචස්කන්ධයන් පරිග්‍රහණය කොට රහත් බවට පත් ක්ෂීණාශ්රවයාට කිවයුතු කිසිවක් නැද්ද. මමද පංචස්කන්ධයන් පරිග්‍රහණය කොට සර්වඥතා ඥානයට පැමිණියේ වෙමි. ඒනිසා මමද ඔවුන්ට කිසිවක් නොකිය යුතුයයි දක්වන්ට අහං ඛො පන ආදිය කීය. තස්ස මය්හං මාගන්දියයි ගිහිකල තමාගේ සම්පත් දක්වන්නේ මෙසේ කීය. තත්ථ වස්සිකං ආදිතන්හි යම්තැනෙක සැප ඇත්ද වැසිකල වසන්ට මෙයයැයි වස්සිකො අන්තන්හිද මෙම ක්‍රමයමැයි මේ මෙහි වචනාර්ථයයි. වැඩිකල වාසය, වැස්ස සුදුසුය වසයිකො අන්තන්හිද මේ ක්‍රමය මැයි.
තත්ථ වස්සිකො පාසාදො නාතිඋච්චො හොති නාතිනීචො, ද්වාරවාතපානානිපිස්ස නාතිතනූනි නාතිබහූනි, භූමත්ථරණපච්චත්ථරණඛජ්ජභොජ්ජානිපෙත්ථ මිස්සකානෙව වට්ටන්ති. හෙමන්තිකෙ ථම්භාපි භිත්තියොපි නීචා හොන්ති, ද්වාරවාතපානානි තනුකානි සුඛුමච්ඡිද්දානි. උණ්හපවෙසනත්ථාය භිත්තිනියූහානි නීහරීයන්ති. භූමත්ථරණපච්චත්ථරණනිවාසනපාරුපනානි පනෙත්ථ උණ්හවීරියානි කම්බලාදීනි වට්ටන්ති. ඛජ්ජභොජ්ජං සිනිද්ධං කටුකසන්නිස්සිතඤ්ච. ගිම්හිකෙ ථම්භාපි භිත්තියොපි උච්චා හොන්ති. ද්වාරවාතපානානි පනෙත්ථ බහූනි විපුලජාලානි භවන්ති. භූමත්ථරණාදීනි දුකූලමයානි වට්ටන්ති, ඛජ්ජභොජ්ජානි මධුරරසසීතවීරියානි. වාතපානසමීපෙසු චෙත්ථ නව චාටියො ඨපෙත්වා උදකස්ස පූරෙත්වා නීලුප්පලාදීහි සඤ්ඡාදෙන්ති. තෙසු තෙසු පදෙසෙසු උදකයන්තානි කරොන්ති, යෙහි දෙවෙ වස්සන්තෙ විය උදකධාරා නික්ඛමන්ති.
එහි වැසිපහය වැඩි උසත් නැත. වැඩි පහත්ද නැත. එහි දොර වා කවුළුද බොහෝ නොවේ. බුමුතුරුණු අහර බෙහෙත් ආදිය මිශ්‍රව තිබේ. හිමත් පහයෙහි කණුද බිත්තිද පහත්ය. දොර වා කවුළු අඩුය. කුඩා සිඳුරු ඇත්තේය. උණුසුම ඇතුළුවනු පිණිස බිත්ති මුදුන් කේතුරූපා කාරයට තබා ඇත. බුමුතුරුණු පසතුරුණු ඇඳුම් පොරෝනා උෂ්ණය දරාගන්නා කම්බිලි ආදිය පවතී. ආහාරපාන සිනිඳුද කටුකද වෙයි. ගිමත් පහයෙහි කණු ද බිත්තිද උසය. දොර වාකවුළු බොහෝය. මහදැල් සහිතය. බුමුතුරුණු ආදිය දුහුලින් කළඒවාය මිහිරි රස සීතල දරාගන්නා ආහාරපානය වාකවුළු අසල අලුත් සැළිතබා ජලයෙන් පුරවා නිලුපුල් ආදියෙන් වසත්. ඒ ඒ පැතිවල ජලයන්ත්ර තනත් වැසි වසින්නාක් මෙන් දියදහරා නික්මෙයි.
බොධිසත්තස්ස පන අට්ඨසතසුවණ්ණඝටෙ ච රජතඝටෙ ච ගන්ධොදකස්ස පූරෙත්වා නීලුප්පලගච්ඡකෙ කත්වා සයනං පරිවාරෙත්වා ඨපයිංසු. මහන්තෙසු ලොහකටාහෙසු ගන්ධකලලං පූරෙත්වා නීලුප්පලපදුමපුණ්ඩරීකානි රොපෙත්වා උතුග්ගහණත්ථාය තත්ථ තත්ථ ඨපෙසුං. සූරියරස්මීහි පුප්ඵානි පුප්ඵන්ති. නානාවිධා භමරගණා පාසාදං පවිසිත්වා පුප්ඵෙසු රසං ගණ්හන්තා විචරන්ති. පාසාදො අතිසුගන්ධො හොති. යමකභිත්තියා අන්තරෙ ලොහනාළිං ඨපෙත්වා නවභූමිකපාසාදස්ස උපරි ආකාසඞ්ගණෙ රතනමණ්ඩපමත්ථකෙ සුඛුමච්ඡිද්දකං ජාලං බද්ධං අහොසි. එකස්මිං ඨානෙ සුක්ඛමහිංසචම්මං පසාරෙති. බොධිසත්තස්ස උදකකීළනවෙලාය මහිංසචම්මෙ පාසාණගුළෙ ඛිපන්ති, මෙඝථනිතසද්දො විය හොති. හෙට්ඨා යන්තං පරිවත්තෙන්ති, උදකං අභිරුහිත්වා ජාලමත්ථකෙ පතති, වස්සපතනසලිලං විය හොති. තදා බොධිසත්තො නීලපටං නිවාසෙති, නීලපටං පාරුපති, නීලපසාධනං පසාධෙති. පරිවාරාපිස්ස චත්තාලීසනාටකසහස්සානි නීලවත්ථාභරණානෙව නීලවිලෙපනානි හුත්වා මහාපුරිසං පරිවාරෙත්වා රතනමණ්ඩපං ගච්ඡන්ති. දිවසභාගං උදකකීළං කීළන්තො සීතලං උතුසුඛං අනුභොති.
බෝසතුන්ට රන්කළ අටසියයක්ද රිදී කළ අටසියයක්ද සුවඳ දියෙන් පුරවා නිලුපුලින් ගවසා සයනය වටා තැබුහ. විශාලවූ ලෝහ කටාරම්වල සුවඳකලල් පුරවා නිලුපුල් නෙළුම් සුදු නෙළුම් රෝපණය කොට සෘතු ගන්වනු පිණිස ඒ ඒ තැන තැබුහ. සූර්ය රශ්මියෙන් මල් පිපේ. නානාප්‍රකාර බමර සමූහයා පහයට පිවිස මල්වල රොන් උරමින් හැසිරෙත්. ප්‍රාසාදය අතිශයින් සුවඳවත්ය. දෙබිඩි බිත්ති අතර ලෝහ නළ තබා නවමහල් පහය මතුපිට මිදුලෙහි රත්න මණ්ඩප මතුයෙහි සියුම් ඇස් ඇති දැලක් එළා තිබිණ. එක් තැනෙක වියළි මීහරක් සමක් එළා තිබිණ. බෝසතුන් උදෑසන ක්‍රීඩා කරන වේලාවෙහි මීහරක් සම මතුපිටට පාෂාණමය පන්දු විසිකරත්. වැසිවලාකුළු ගුගුරන හඬ මෙන් වෙයි. යට යන්ත්‍ර භ්‍රමණය කරවත්. ජලය නැගී දැලමතට වැටේ. වැස්ස පැමිණි කලක් මෙන් වේ. එවිට බෝසත්හු නිල් රෙද්දක් හඳිති. නිල් රෙද්දක් පොරවති. නිල් අබරණ පළදීත්. උන්වහන්සේ පිරිවරා සිටි සතළිස් දහසක් නළුනිළියෝ නිල් වස්ත්රාභරණ හැදපැළද නිල් විලවුන් ගා මහාපුරුෂයා පිරිවරා රත්න මණ්ඩපයට යති. දිවාභාගයෙහි ජලක්‍රීඩා කරමින් සීතල ඍතු සුවය විඳගනී.
පාසාදස්ස චතූසු දිසාසු චත්තාරො සරා හොන්ති. දිවාකාලෙ නානාවණ්ණසකුණගණා පාචීනසරතො වුට්ඨාය විරවමානා පාසාදමත්ථකෙන පච්ඡිමසරං ගච්ඡන්ති. පච්ඡිමසරතො වුට්ඨාය පාචීනසරං, උත්තරසරතො දක්ඛිණසරං, දක්ඛිණසරතො උත්තරසරං ගච්ඡන්ති, අන්තරවස්සසමයො විය හොති. හෙමන්තිකපාසාදො පන පඤ්චභූමිකො අහොසි, වස්සිකපාසාදො සත්තභූමිකො.
පහයට සිව්දෙසින් විශාල විල් සතරක් ඇත. දිවා කාලයෙහි නානාවර්ණ පක්ෂි සමුහයා පෙරදිගු විලෙන් නැග රැව්නගමින් පහයමතින් අපරදිග විලට යෙත්. අපරදිගු විල්ලෙන් නැග පෙරදිගුවිලටද, උතුරුදිගු විලෙන් දකුණු දිගුවිලටද, දකුණුදිගුවිලෙන් උතුරුදිග විලටද යෙත්. අතුරු වැසිසමය මෙන් වෙයි. හේමන්ත ප්‍රාසාදය පස් මහල්ය. වස්සාන ප්‍රාසාදය සත් මහල්ය.
නිප්පුරිසෙහීති පුරිසවිරහිතෙහි. න කෙවලඤ්චෙත්ථ තූරියානෙව නිප්පුරිසානි, සබ්බට්ඨානානිපි නිප්පුරිසානෙව. දොවාරිකාපි ඉත්ථියොව, න්හාපනාදිපරිකම්මකරාපි ඉත්ථියොව. රාජා කිර – “තථාරූපං ඉස්සරියසුඛසම්පත්තිං අනුභවමානස්ස පුරිසං දිස්වා පරිසඞ්කා උප්පජ්ජති, සා මෙ පුත්තස්ස මා අහොසී”ති සබ්බකිච්චෙසු ඉත්ථියොව ඨපෙසි. තාය රතියා රමමානොති ඉදං චතුත්ථජ්ඣානිකඵලසමාපත්තිරතිං සන්ධාය වුත්තං.
නිප්පුරිසෙමෙහි පුරුෂයන් නැත්තේ. තූර්යභාණ්ඩ සඳහාද පමණක් නොවේ. සියලු තන්හිම පුරුෂයෝ නැත්මය. දොරටුපල්ලෝ ස්ත්රීහුමය. නෑවීම් ආදී පිරියම් කරන්නෝද ස්ත්රීහුමය. රජතෙමේ එබඳු ඓශ්චර්ය සම්පත්විඳින කුමරුට පුරුෂයකු දැක සැක උපදී. එබන්දක් මාගේ පුත්‍රයාට නොවේවායි ස්ත්රීන්ම තැබීය. තාය රතියා රමමානො මෙය චතුර්ථ ධ්‍යානවල සමාපත්තියෙහි ඇලීම සඳහා කියන ලදී.
ගහපති වා ගහපතිපුත්තො වාති එත්ථ යස්මා ඛත්තියානං සෙතච්ඡත්තස්මිංයෙව පත්ථනා හොති, මහා ච නෙසං පපඤ්චො, බ්රාහ්මණා මන්තෙහි අතිත්තා මන්තෙ ගවෙසන්තා විචරන්ති, ගහපතිනො පන මුද්දාගණනමත්තං උග්ගහිතකාලතො පට්ඨාය සම්පත්තිංයෙව අනුභවන්ති, තස්මා ඛත්තියබ්රාහ්මණෙ අග්ගහෙත්වා “ගහපති වා ගහපතිපුත්තො වා”ති ආහ.
ගහපතිවා ගහපති පුත්තොවා මෙහි ක්ෂත්රියන්ට සේසත කෙරෙහිම ප්‍රාර්ථනාවක් ඇතිවා සේම ඔවුන්ට එයින් මහා ප්රපංචයක්ද වේ. බමුණෝ මන්ත්‍රයන්ගෙන් අතෘප්තිමත්ව මන්ත්රම සොයා ඇවිදිති ගෘහපතීහු මුදා ගණින මාත්‍රයක් උගත් කල්හි පටන් සම්පත්තියම අනුභව කරත්. ඒනිසා ක්ෂත්රිය බ්‍රාහ්මණයන් නොගෙන ගහපතිවා ගහපති පුත්තොවා යි කීය.
ආවට්ටෙය්යාති මානුසකකාමහෙතු ආවට්ටො භවෙය්‍යාති අත්ථො. අභික්කන්තතරාති විසිට්ඨතරා. පණීතතරාති අතප්පකතරා. වුත්තම්පි චෙතං –
ආවට්ටෙය්ය මිනිස් කම්සැප සඳහා ආපසු පැමිණීමක් වන්නේය. අභික්කන්තතරා විශිෂ්ටතර, පණීතතරා වඩා සත්තර්පනරය. මෙය මෙසේ කියන ලදී.
“කුසග්ගෙනුදකමාදාය, සමුද්දෙ උදකං මිනෙ; එවං මානුසකා කාමා, දිබ්බකාමාන සන්තිකෙ”ති. (ජා· 2.21.389) –
කුසග්ගෙ උදක මාදාය - සමුද්දෙ උදකං මිනෙ එවං මානුසකා කාමා - දිබ්බකාමාන සන්තිකෙ
කුසතණග දියගෙන - සමුදුරු දිය මනින්නේය එලෙසය මිනිස් කම්සැප - දිවකම් සැපත් හමුවෙහි.
සමධිගය්හ තිට්ඨතීති දිබ්බසුඛං ගණ්හිත්වා තතො විසිට්ඨතරා හුත්වා තිට්ඨති.
සමධිග්ගය්හ තිට්ඨති දිවසැප ගෙන ඉන් විශිෂ්ටතරව සිටිය.
ඔපම්මසංසන්දනං පනෙත්ථ එවං වෙදිතබ්බං – ගහපතිස්ස පඤ්චහි කාමගුණෙහි සමඞ්ගීභූතකාලො විය බොධිසත්තස්ස තීසු පාසාදෙසු චත්තාලීසසහස්සඉත්ථිමජ්ඣෙ මොදනකාලො, තස්ස සුචරිතං පූරෙත්වා සග්ගෙ නිබ්බත්තකාලො විය බොධිසත්තස්ස අභිනික්ඛමනං කත්වා බොධිපල්ලඞ්කෙ සබ්බඤ්ඤුතං පටිවිද්ධකාලො, තස්ස නන්දනවනෙ සම්පත්තිං අනුභවනකාලො විය තථාගතස්ස චතුත්ථජ්ඣානිකඵලසමාපත්තිරතියා වීතිවත්තනකාලො, තස්ස මානුසකානං පඤ්චන්නං කාමගුණානං අපත්ථනකාලො විය තථාගතස්ස චතුත්ථජ්ඣානිකඵලසමාපත්තිරතියා වීතිනාමෙන්තස්ස හීනජනසුඛස්ස අපත්ථනකාලොති.
මෙහි උපමා සන්සන්දනය මෙසේ දතයුතුය. ගෘහපතියාගේ පස්කම් ගුණෙන් යුතු වූ කලමෙන් බෝ සතුන්ට තුන් පහයෙහි ස්ත්‍රීන් සතළිස් දහසක් මැද තුටුවන කාලයවෙයි. ගෘහපතියා සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපන් කලමෙන් බෝසතුන්ට මහබිනික්මන් කොට බෝධිපර්යංකයෙහි සර්වඥතාඥානය අවබෝධ කළ කාලය වේ. ගෘහපතියා නඳුන් වනයෙහි සම්පත් අනුභව කරන කල් මෙන් තථාගතයන් වහන්සේට චතුර්ථධ්යානික ඵල සමාපත්ති රතියෙන් කල් ගෙවන කාලය වෙයි. ගෘහපතියා මිනිස් පස්කම් ගුණ ප්‍රාර්ථනා නොකරන කල්මෙන් චතුර්ථධ්යානික ඵල සමාපත්ති රතියෙන් කල්ගෙවන කාලයවෙයි. ගෘහපතියා මිනිස් පස්කම් ගුණ ප්‍රාර්ථනා නොකරන කල්මෙන් චතුර්ථධ්යානික ඵල සමාපත්ති රතියෙන් කල්ගෙවන තථාගතයන් වහන්සේට හීන ජන සුඛය ප්‍රාර්ථනා නොකරන කාලය වේ.
සුඛීති පඨමං දුක්ඛිතො පච්ඡා සුඛිතො අස්ස. සෙරීති පඨමං වෙජ්ජදුතියකො පච්ඡා සෙරී එකකො භවෙය්ය. සයංවසීති පඨමං වෙජ්ජස්ස වසෙ වත්තමානො වෙජ්ජෙන නිසීදාති වුත්තෙ නිසීදි, නිපජ්ජාති වුත්තෙ නිපජ්ජි, භුඤ්ජාති වුත්තෙ භුඤ්ජි, පිවාති වුත්තෙ පිවි, පච්ඡා සයංවසී ජාතො. යෙන කාමං ගමොති පඨමං ඉච්ඡිතිච්ඡිතට්ඨානං ගන්තුං නාලත්ථ, පච්ඡා රොගෙ වූපසන්තෙ වනදස්සන-ගිරිදස්සන-පබ්බතදස්සනාදීසුපි යෙනකාමං ගමො ජාතො, යත්ථ යත්ථෙව ගන්තුං ඉච්ඡති, තත්ථ තත්ථෙව ගච්ඡෙය්ය.
සුඛී පළමුව දුක්පත්ව පසුව සුවපත්වූවහුට සෙරී පළමුව වෛද්යයාට දෙවැනියාව සිට පසුව වෙදෙක් වන්නේය. සයංවසී පළමුව වෙදාගේ යටතෙහි සිටිමින් වෙදා විසින් හිදවයි කියන ලද කල්හි හුන්නේය. වැදහෙවයි කියු කල්හි වැදහොත්තේ ය. කවයි කීකල්හි කෑවේය. බොවයි කීකල්හි බීවේය. පසුව ස්වයං වහී විය. යෙන කාමඞ්ගමො පළමුව කැමති කැමති තැනට යාමට නොලැබීය. පසුව රෝගය සන්සුන් කල්හි ගංදසුන් ගිරිදසුන් පව්දසුන් ආදි තැන්වලට කැමති පරිදි යන්නෙක් විය. යම් යම් තැනකට යාමට කැමතිවේද ඒ ඒ තැනට යන්නේය.
එත්ථාපි ඉදං ඔපම්මසංසන්දනං – පුරිසස්ස කුට්ඨිකාලො විය හි බොධිසත්තස්ස අගාරමජ්ඣෙ වසනකාලො, අඞ්ගාරකපල්ලං විය එකං කාමවත්ථු, ද්වෙ කපල්ලානි විය ද්වෙ වත්ථූනි, සක්කස්ස පන දෙවරඤ්ඤො අඩ්ඪතෙය්යකොටියානි අඞ්ගාරකපල්ලානි විය අඩ්ඪතියනාටකකොටියො, නඛෙහි වණමුඛානි තච්ඡෙත්වා අඞ්ගාරකපල්ලෙ පරිතාපනං විය වත්ථුපටිසෙවනං, භෙසජ්ජං ආගම්ම අරොගකාලො විය කාමෙසු ආදීනවං නෙක්ඛම්මෙ ච ආනිසංසං දිස්වා නික්ඛම්ම බුද්ධභූතකාලෙ චතුත්ථජ්ඣානිකඵලසමාපත්තිරතියා වීතිවත්තනකාලො, අඤ්ඤං කුට්ඨිපුරිසං දිස්වා අපත්ථනකාලො විය තාය රතියා වීතිනාමෙන්තස්ස හීනජනරතියා අපත්ථනකාලොති.
මෙහිද මේ උපමා සන්සන්දනය පුරුෂයකුගේ කුෂ්ටකාලය මෙන් බෝසතුන්ට ගිහිගෙයි වසන කාලය වෙයි. මේ කාම වස්තුව එක් අඟුරු කබලක් මෙනි. වස්තු දෙක කබල් දෙකක් මෙනි. සක්දෙව් රජුට අඟුරු කබල් කෝටි දෙකහමාරක් මෙන් නිළියෝ කෝටි දෙකහමාරකි. නියෙන් වණ මුඛය කඩා ගිනි කබලෙහි තවන්නාක් මෙනි, වස්තු පරිභෝජනය. බෙහෙත් ලැබ ලෙඩසුව වන කල් මෙනි. කාමයන්හි ආදීනව දැක නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංස දැක නික්ම බුදුවූකල් මෙනි. චතුර්ථධ්යානික ඵලසමාපත්ති රතියෙන් කල්ගෙවන කාලය මෙන්, වෙනත් කුෂ්ට රෝගී පුරුෂයකු දැක එය නොපතන කාලයමෙනි. ඒ රතියෙන් කල්ගෙවන්නහු හීනජන රතියෙන් නොපතන කල්මෙනි
උපහතින්ද්රියොති කිමිරකුට්ඨෙන නාම උපහතකායප්පසාදො. උපහතින්ද්රියාති උපහතපඤ්ඤින්ද්රියා. තෙ යථා සො උපහතකායින්ද්රියො කුට්ඨී දුක්ඛසම්ඵස්සස්මිංයෙව අග්ගිස්මිං සුඛමිති විපරීතසඤ්ඤං පච්චලත්ථ, එවං පඤ්ඤින්ද්රියස්ස උපහතත්තා දුක්ඛසම්ඵස්සෙස්වෙව කාමෙසු සුඛමිති විපරීතසඤ්ඤං පච්චලත්ථුං.
උපහතින්ද්රියො බොහෝකලක් කුෂ්ටයෙන් විනාශවූ කායප්‍රසාදය ඇත්තේ. උපහතින්ද්රිය විනාශවු ප්‍රඥා ඉන්ද්රිය ඇති, යම්සේ ඒ විනාශ වු කාය ඉන්ද්රිය ඇති කුෂ්ට රෝගියා දුක් ස්පර්ශයෙහිද ගින්නෙහිද සැපයයි විපරීත හැරීමක් ඔවුහු ඇතිකරගත් එසේ ප්‍රඥා ඉන්ද්රිය විනාශවු බැවින් දුක් ස්පර්ශයෙහි මෙන්ම කාමයන්හිද සැපයැයි විපරිත හැඟීමක් ඔවුහු ඇතිකරගත්හ.
අසුචිතරානි චෙවාතිආදීසු පකතියාව තානි අසුචීනි ච දුග්ගන්ධානි ච පූතීනි ච, ඉදානි පන අසුචිතරානි චෙව දුග්ගන්ධතරානි ච පූතිතරානි ච හොන්ති. කාචීති තස්ස හි පරිතාපෙන්තස්ස ච කණ්ඩූවන්තස්ස ච පාණකා අන්තො පවිසන්ති, දුට්ඨලොහිතදුට්ඨපුබ්බා පග්ඝරන්ති. එවමස්ස කාචි අස්සාදමත්තා හොති.
අසුචිතරානිචෙව ආදි තන්හි ප්‍රකෘතියෙන්ම ඒ අසුචි දුර්ගන්ධද කුණුවූද වෙයි. දැන් වඩා අපරිසිදුද වඩා දුර්ගන්ධද වෙයි කාචි ඒ තැවෙන්නාවු හොරි ඇත්තහුගේ අභ්‍යන්තරයට පණුවෝ පිවිසෙත්. දූෂිත ලේ ද දූෂිත සැරවද ගලයි. ඔහුට කිසියම් ආස්වාද මාත්‍රයක් වෙයි.
ආරොග්යපරමාති ගාථාය යෙ කෙචි ධනලාභා වා යසලාභා වා පුත්තලාභා වා අත්ථි, ආරොග්යං තෙසං පරමං උත්තමං, නත්ථි තතො උත්තරිතරො ලාභොති, ආරොග්යපරමා ලාභා. යංකිඤ්චි ඣානසුඛං වා මග්ගසුඛං වා ඵලසුඛං වා අත්ථි, නිබ්බානං තත්ථ පරමං, නත්ථි තතො උත්තරිතරං සුඛන්ති නිබ්බානං පරමං සුඛං. අට්ඨඞ්ගිකො මග්ගානන්ති පුබ්බභාගමග්ගානං පුබ්බභාගගමනෙනෙව අමතගාමීනං අට්ඨඞ්ගිකො ඛෙමො, නත්ථි තතො ඛෙමතරො අඤ්ඤො මග්ගො. අථ වා ඛෙමං අමතගාමිනන්ති එත්ථ ඛෙමන්තිපි අමතන්තිපි නිබ්බානස්සෙව නාමං. යාවතා පුථුසමණබ්රාහ්මණා පරප්පවාදා ඛෙමගාමිනො ච අමතගාමිනො චාති ලද්ධිවසෙන ගහිතා, සබ්බෙසං තෙසං ඛෙමඅමතගාමීනං මග්ගානං අට්ඨඞ්ගිකො පරමො උත්තමොති අයමෙත්ථ අත්ථො.
ආරෝග්‍යා පරමා යන ගාථාවෙන් යම්කිසි ධන ලාභයක් හෝ යස ලාභයක් හෝ පුත්රලාභයක් වේද ආරෝග්‍යයට වඩා ඒවාට ප්‍රධාන වූවක් උතුම් වූවක් නැත. ඉන් උත්තරීතර ලාභයනුයි ලාභ ආරෝග්‍ය පරම නම්වේ. යම්කිසි ධ්‍යාන සුඛයක් හෝ මාර්ග සුඛයක් හෝ ඵලසුඛයක් හෝ ඇත්ද එහි නිර්වාණයට වඩා ප්‍රධාන දෙයක් නැත. ඊට වඩා උත්තරීතර සුඛයනුයි නිබ්බානං පරමං සුඛං වේ. අට්ඨඞ්ගිකොච මග්ගානං පූර්වභාග මාර්ගයන්ගේ පූර්වභාග ගමනින්ම අමෘතයකරා යන්නාවූ අෂ්ටාඞ්ගයට වඩා ක්ෂේම ස්ථානයක් නැත. ඊට වඩා ක්ෂේමතර වූ වෙනත් මාර්ගයක් නැත. නැතහොත් බෙමං අමත ගාමිනං මෙහි බෙම යනුද, අමතයනුද නිර්වාණයටම නමකි. යම්තාක් ව්‍යාජ ගුරුවරුන්ගේ මාර්ගයෙහි ගිය බොහෝ මහණ බමුණෝ ගාමීහුයයිද අමෘතගාමීහුයයිද ලන්ධි වශයෙන් ගත්තාහු ඒ සියලු ක්ෂේම අමෘත ගාමී මාර්ගයන්ට වඩා අෂ්ටාංගික මාර්ගය ප්‍රධානය උත්තමය යන්න මෙහි අර්ථයයි.
ආචරියපාචරියානන්ති ආචරියානඤ්චෙව ආචරියාචරියානඤ්ච. සමෙතීති එකනාළියා මිතං විය එකතුලාය තුලිතං විය සදිසං හොති නින්නානාකරණං. අනොමජ්ජතීති පාණිං හෙට්ඨා ඔතාරෙන්තො මජ්ජති – “ඉදං තං, භො ගොතම, ආරොග්යං, ඉදං තං නිබ්බාන”න්ති කාලෙන සීසං කාලෙන උරං පරිමජ්ජන්තො එවමාහ.
ආචරිය පාචරියානං ආචාර්යයන්ගේද ආචයන්ගේ ආචාර්ය වරයන්ගේද සමෙති එක් නැළියකින් මැන්නාක්මෙන් එක් තරාදියකින් කිරුවාක් මෙන් සදාශ වෙයි. නොයෙක් කරුණින් ඇති ඵලය කිම. අනොමජ්ජති පහළට දමමින් උද්දාමයට පත්වෙයි. භවත් ගෞතමය මේ ආරෝග්‍යය, මේ නිර්වාණයයි කාලයකට හිස පිරිමදිමින්ද කලකට උදරය පිරිමදිමින්ද මෙසේ කීය.
ඡෙකන්ති සම්පන්නං. සාහුළිචීරෙනාති කාළකෙහි එළකලොමෙහි කතථූලචීරෙන. සඞ්කාරචොළකෙනාතිපි වදන්ති. වාචං නිච්ඡාරෙය්යාති කාලෙන දසාය කාලෙන අන්තෙ කාලෙන මජ්ඣෙ පරිමජ්ජන්තො නිච්ඡාරෙය්ය, වදෙය්යාති අත්ථො. පුබ්බකෙහෙසාති පුබ්බකෙහි එසා. විපස්සීපි හි භගවා…පෙ… කස්සපොපි භගවා චතුපරිසමජ්ඣෙ නිසින්නො ඉමං ගාථං අභාසි, “අත්ථනිස්සිතගාථා”ති මහාජනො උග්ගණ්හි. සත්ථරි පරිනිබ්බුතෙ අපරභාගෙ පරිබ්බාජකානං අන්තරං පවිට්ඨා. තෙ පොත්ථකගතං කත්වා පදද්වයමෙව රක්ඛිතුං සක්ඛිංසු. තෙනාහ – සා එතරහි අනුපුබ්බෙන පුථුජ්ජනගාථාති.
ඡෙකං ප්‍රසන්න සාහුළවීවරෙන කළු බැටළු ලොමින් කරන ලද ඝන සිවුරින් කසල ගොඩින් ගත් රෙදිකඩකැයිද කියත්. වාචං නිච්ඡාරෙය්ය කලකට දාවල්ලෙන්ද කලකට වාටියෙන්ද කලකට මැදින්ද පිරිමදිමින් කියන්නේය යන අර්ථයි. පුබ්බකෙහෙසා පූර්වකයන් විසින් මෙය. විපස්සි භාග්‍යවතුන් වහන්සේද -පෙ- කස්සප භාග්‍යවතුන් වහන්සේ ද සිව්පිරිස් මැද වැඩහුන්සේක් මේ ගාථාව වදාළසේක. අත්ථනිස්සිත ගාථායයි මහජනයා උගත්තේය. ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පසුකලෙක පරිබ්‍රාජකයන්ගේ අතරට පිවිසියාහු ඒ පොත්වල ලියා පද දෙකම රැකගන්ට හැකිවූහ. එයින් කීය. එය දැන් අනුපිළිවෙළින් පෘථග්ජනයා අතරට ගියේවෙයි.
රොගොව භූතොති රොගභූතො. සෙසපදෙසුපි එසෙව නයො. අරියං චක්ඛුන්ති පරිසුද්ධං විපස්සනාඤාණඤ්චෙව මග්ගඤාණඤ්ච. පහොතීති සමත්ථො. භෙසජ්ජං කරෙය්යාති උද්ධංවිරෙචනං අධොවිරෙචනං අඤ්ජනඤ්චාති භෙසජ්ජං කරෙය්ය.
රොගොව භූතො රෝගීවුයේ. සෙසුපදයන්හිද මෙම ක්‍රමයයි. අරියංචක්ඛුං පරිශුද්ධ විදර්ශනා ඥනය හා මාර්ගඥානයද, පහොති සමර්ථ. හෙසජ්ජං කරෙය්ය උඩුවිරේකය යටි විරේකය අඳුන් ආලේප පසු අඳුන් ආලේප ආදී බෙහෙත් කරන්නේය.
න චක්ඛූනි උප්පාදෙය්යාති යස්ස හි අන්තරා පිත්තසෙම්හාදිපලිවෙඨෙන චක්ඛුපසාදො උපහතො හොති, සො ඡෙකං වෙජ්ජං ආගම්ම සප්පායභෙසජ්ජං සෙවන්තො චක්ඛූනි උප්පාදෙති නාම. ජච්චන්ධස්ස පන මාතුකුච්ඡියංයෙව විනට්ඨානි, තස්මා සො න ලභති. තෙන වුත්තං “න චක්ඛූනි උප්පාදෙය්යා”ති.
නචක්ඛුනි උප්පාදෙය්ය යමකුගේ අතරතුර පිත් සෙම් ආදි පලිබෝධයෙන් චක්ෂුප්රසාදය විනාශවුයේ වේද හේ දක්ෂ වෙදකු වෙත පැමිණ සත්ප්‍රාය වු බෙහෙත් වළඳන්නේ ඇස් උපදවා ගනී නම්. ජාත්යන්ධයාගේ ඇස් මව්කුසදීම නැසීගොස්ය. ඒනිසා හෝ නොලබයි. ඇස් නුපදවන්නේයයි ඒනිසා කියන ලදී.
දුතියවාරෙ ජච්චන්ධොති ජාතකාලතො පට්ඨාය පිත්තාදිපලිවෙඨෙන අන්ධො. අමුස්මින්ති තස්මිං පුබ්බෙ වුත්තෙ. අමිත්තතොපි දහෙය්යාති අමිත්තො මෙ අයන්ති එවං අමිත්තතො ඨපෙය්ය. දුතියපදෙපි එසෙව නයො. ඉමිනා චිත්තෙනාති වට්ටෙ අනුගතචිත්තෙන. තස්ස මෙ උපාදානපච්චයාති එකසන්ධි ද්විසඞ්ඛෙපො පච්චයාකාරො කථිතො, වට්ටං විභාවිතං.
දෙවැනිවර ඡච්චන්ධො උපන් කල්හි පටන් පිත් ආදී පලිබෝධයෙන් අන්ධවුයේ, අමුස්මිං පෙර කියු දෙයෙහි. අමිත්තතො දහෙය්ය මේ මාගේ සතුරායයි මෙසේ සතුරා සේ තබන්නේය. දෙවැනි පදයෙහිද මේ ක්‍රමය මැයි. ඉමිනා චිත්තෙන සංසාරයෙහි අනුවගිය සිතින්, තස්ස මෙ උපාදානපච්චයා එක් සන්ධියක් ඇති සංක්ෂේප දෙකක් ඇති ප්‍රත්‍යයාකාරය කියන ලද්දේ සංසාරය විස්තර කරන ලද්දේය.
ධම්මානුධම්මන්ති ධම්මස්ස අනුධම්මං අනුච්ඡවිකං පටිපදං. ඉමෙ රොගා ගණ්ඩා සල්ලාති පඤ්චක්ඛන්ධෙ දස්සෙති. උපාදානනිරොධාති විවට්ටං දස්සෙන්තො ආහ. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
ධම්මානු ධම්මං ධර්මයට අනුවගිය ධර්මය, සුදුසු ප්‍රතිපදාව ඉමෙ රොගා ගණ්ඩා සල්ලා පංචස්කන්ධ දක්වයි. උපාදාන විරෝධයැයි නිර්වාණය දක්වන්නේ කීය. සෙස්ස සියලු තැන නොගැඹුරු මය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මාගණ්ඩියසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වැනි මාගන්දිය සුත්‍රයයි.