යෙදුමෙන් කියවන්න

සන්‍දක සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සන්‍දක සුත‍්තවණ‍්ණනා

සන්දක සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති සන්‍දකසුත‍්තං. තත්‍ථ පිලක‍්ඛගුහායන‍්ති තස‍්සා ගුහාය ද‍්වාරෙ පිලක‍්ඛරුක‍්ඛො අහොසි, තස‍්මා පිලක‍්ඛගුහාත්‍වෙව සඞ‍්ඛං ගතා. පටිසල‍්ලානා වුට‍්ඨිතොති විවෙකතො වුට‍්ඨිතො. දෙවකතසොබ‍්භොති වස‍්සොදකෙනෙව තින‍්නට‍්ඨානෙ ජාතො මහාඋදකරහදො. ගුහාදස‍්සනායාති එත්‍ථ ගුහාති පංසුගුහා. සා උන‍්නමෙ උදකමුත‍්තට‍්ඨානෙ අහොසි, එකතො උමඞ‍්ගං කත්‍වා ඛාණුකෙ ච පංසුඤ‍්ච නීහරිත්‍වා අන‍්තො ථම‍්භෙ උස‍්සාපෙත්‍වා මත්‍ථකෙ පදරච‍්ඡන‍්නගෙහසඞ‍්ඛෙපෙන කතා, තත්‍ථ තෙ පරිබ‍්බාජකා වසන‍්ති. සා වස‍්සානෙ උදකපුණ‍්ණා තිට‍්ඨති, නිදාඝෙ තත්‍ථ වසන‍්ති. තං සන්‍ධාය “ගුහාදස‍්සනායා”ති ආහ. විහාරදස‍්සනත්‍ථඤ‍්හි අනමතග‍්ගියං පච‍්චවෙක‍්ඛිත්‍වා සමුද‍්දපබ‍්බතදස‍්සනත්‍ථං වාපි ගන‍්තුං වට‍්ටතීති.

එවම්මෙසුතං යනු සන්‍දක සුත්‍රයයි. එහි පිලක්‍ඛගුහායං එහි ගුහා ද්වාරයෙහි ඇසතුගසක් වු බැවින් පිලක්ඛගුහා යයි ප්‍රසිද්ධියට පත්. පටිසල්ලාණා වුට්ඨිතො විවේකයෙන් නැගී. දෙවකට සොබ්භො වර්ෂා ජලයෙන් බිඳුණු තැන මහා ජල තටාගය ගුහාදස්සනාය එහි ගුහා යනු පසින් සැදුණු ගුහාව. එය සානුවෙහි ජලය නැගුණු තැන විය. එක්පසෙක උමගක් කොට කණු ද පස්ද ඉවත්කොට ඇතුළත කණු නංවා මතුයෙහි ලෑලිවලින් වසා ගෘහයක් වශයෙන් කරන ලද එහි ඒ පරිබ්‍රාජකයෝ වාසය කරති. එය වැසිකල්හි ජලය පිරී පවතී. නියං කල්හි එහි වාසය කරති. ඒ සඳහා ගුහා දස්සනාය යයි කීය. විහාර දර්ශනය සඳහා අක්මුල්නැති බව සලකා මුහුද පර්වත දකිනු පිණිසද යන්ට වටනේය.

උන‍්නාදිනියාති උච‍්චං නදමානාය. එවං නදමානාය චස‍්සා උද‍්ධඞ‍්ගමනවසෙන උච‍්චො, දිසාසු පත්‍ථටවසෙන මහාසද‍්දොති උච‍්චාසද‍්දමහාසද‍්දො, තාය උච‍්චාසද‍්දමහාසද‍්දාය. තෙසං පරිබ‍්බාජකානං පාතොව උට‍්ඨාය කත‍්තබ‍්බං නාම චෙතියවත‍්තං වා බොධිවත‍්තං වා ආචරියුපජ‍්ඣායවත‍්තං වා යොනිසොමනසිකාරො වා නත්‍ථි. තෙන තෙ පාතොව උට‍්ඨාය බාලාතපෙ නිසින‍්නා, සායං වා කථාය ඵාසුකත්‍ථාය සන‍්නිපතිතා “ඉමස‍්ස හත්‍ථො සොභණො ඉමස‍්ස පාදො”ති එවං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හත්‍ථපාදාදීනි වා ආරබ‍්භ ඉත්‍ථිපුරිසදාරකදාරිකාවණ‍්ණෙ වා අඤ‍්ඤං වා කාමස‍්සාදභවස‍්සාදාදිවත්‍ථුං ආරබ‍්භ කථං පට‍්ඨපෙත්‍වා අනුපුබ‍්බෙන රාජකථාදිඅනෙකවිධං තිරච‍්ඡානකථං කථෙන‍්ති. සා හි අනිය්‍යානිකත‍්තා සග‍්ගමොක‍්ඛමග‍්ගානං තිරච‍්ඡානභූතා කථාති තිරච‍්ඡානකථා. තත්‍ථ රාජානං ආරබ‍්භ “මහාසම‍්මතො මන්‍ධාතා ධම‍්මාසොකො එවංමහානුභාවො”තිආදිනා නයෙන පවත‍්තා කථා රාජකථා. එස නයො චොරකථාදීසු.

උන්නාදිනියා මහ හඬනගන, මෙසේ හඬ නගමින් උඩට යාම් වශයෙන් උස්ව දිසාවන්හි පැතිරීයාම් වශයෙන් මහා ශබ්දයයිද උච්චාසද්දමහා සද්දා ඒ උස්හඬ මහහඬ ඇති, ඒ පිරිවැජියන්ට උදෑසනින් නැගී කළ චෛත්‍යවත් බෝධිවත් හෝ ආචාර්ය උපාධ්‍යාය වත් හෝ යෝනිසෝ මනසිකාරයක් හෝ නැත. ඔවුහු උදෑසනින් නැගී මඳ අව්වෙහි හිඳ සවස්කල කථාවට පහසුව පිණිස රැස්වවාහු මොහුගේ අත ලස්සනය. මොහුගේ පාදය ලස්සනයැයි මෙසේ ඔවුනොවුන්ගේ අත්පා හෝ අරබයා ස්ත්‍රී පුරුෂ දරුදැරි ආදීන්ගේ ගුණ හෝ කාමාස්වාද භවාස්වාද කරුණක් අරබයා කතාවක් ඇතිකොට පිළිවෙළින් රාජකථා ආදී අනේකවිධ තිරිසන් කතා කරන්නාහුය. එයද අනෛර්යානික බැවින් සගමොක් මගට හරස්වූ කථා තිරච්ඡාන කථානම් එහි රජුන් අරබයා මහාසම්මත මන්‍ධාතු ධර්මාශෝක මේ අයුරින් මහානුභාව ඇත්තෙකැයි ආදී ක්‍රමයෙන් පැවති කථාව රාජකථාව නමි චෝර කථා ආදියෙහිද මෙම ක්‍රමයයි.

තෙසු “අසුකො රාජා අභිරූපො දස‍්සනීයො”තිආදිනා නයෙන ගෙහස‍්සිතකථාව තිරච‍්ඡානකථා හොති. “සොපි නාම එවං මහානුභාවො ඛයං ගතො”ති එවං පවත‍්තා පන කම‍්මට‍්ඨානභාවෙ තිට‍්ඨති. චොරෙසුපි “මූලදෙවො එවංමහානුභාවො, මෙඝමාලො එවංමහානුභාවො”ති තෙසං කම‍්මං පටිච‍්ච අහො සූරාති ගෙහස‍්සිතකථාව තිරච‍්ඡානකථා. යුද‍්ධෙපි භාරතයුද‍්ධාදීසු “අසුකෙන අසුකො එවං මාරිතො එවං විද‍්ධො”ති කාමස‍්සාදවසෙනෙව කථා තිරච‍්ඡානකථා. “තෙපි නාම ඛයං ගතා”ති එවං පවත‍්තා පන සබ‍්බත්‍ථ කථා කම‍්මට‍්ඨානමෙව හොති. අපිච අන‍්නාදීසු “එවං වණ‍්ණවන‍්තං ගන්‍ධවන‍්තං රසවන‍්තං ඵස‍්සසම‍්පන‍්නං ඛාදිම‍්හ භුඤ‍්ජිම‍්හ පිවිම‍්හ පරිභුඤ‍්ජිම‍්හා”ති කාමස‍්සාදවසෙන කථෙතුං න වට‍්ටති, සාත්‍ථකං පන කත්‍වා – “පුබ‍්බෙ එවං වණ‍්ණාදිසම‍්පන‍්නං අන‍්නං පානං වත්‍ථං සයනං මාලං ගන්‍ධං සීලවන‍්තානං අදම‍්හ, චෙතියෙ පූජං අකරිම‍්හා”ති කථෙතුං වට‍්ටති.

ඔවුන්ගේ අසුවල් රජ රූපවත්ය. දර්ශනීයය. ආදී ක්‍රමයෙන් ගේහසිත කතාව ද තිරච්ඡාන කථානම් ඔහු ද මෙසේ මහානුභාව ඇතිව සිට ක්ෂයවී ගියා නේදැයි මෙසේ පැවති කථා කර්මස්ථාන භාවයෙහි පවතී. සොරුන් අතර මුලදේව මහානුභාව සම්පන්නය. මේසමාල ද ඒ අයුරින්ම මහානුභාව සම්පන්නයැයි ඔවුන් කර්මය නිසා අනේ සුරයෝය යන ගේහසිත කථාව තිරච්ඡාන කථානමි යුද්ධයෙහි භාරත යුද්ධ ආදීන්හි අසුවලා විසින් අසුවලා මරනු ලැබුවේ මෙසේය. විදිනු ලැබුයේ මෙසේයැයි කාමාස්වාද වශයෙන් තිරච්ඡාන කතාවේ. ඔවුහුත් ක්ෂයවී ගියා නේදැයි මෙසේ පැවති සියලු තැන කථා කර්මස්ථානයම වෙයි. ආහාර ආදියෙහි මෙසේ වර්ණවත් සුවඳවත් රසවත් ස්පර්ශ සම්පන්න ආහාර කෑවෙමු බිව්වෙමු. පරිභෝග කෙළෙමුයි කාමාස්වාද වශයෙන් කියන්ට නොවටී. අර්ථසහිත කොට පෙර මෙසේ වර්ණ ආදියෙන්යුත් ආහාර පාන වස්ත්‍ර සයන. මල් සුවඳ සිල්වතුන්ට වන්නෙමු. චෛත්‍යයන්හි පිදුවෙමුයි කියන්ට වටී.

ඤාතිකථාදීසුපි “අම‍්හාකං ඤාතකා සූරා සමත්‍ථා”ති වා “පුබ‍්බෙ මයං එවං විචිත්‍රෙහි යානෙහි චරිම‍්හා”ති වා අස‍්සාදවසෙන වත‍්තුං න වට‍්ටති, සාත්‍ථකං පන කත්‍වා “තෙපි නො ඤාතකා ඛයං ගතා”ති වා “පුබ‍්බෙ මයං එවරූපා උපාහනා සඞ‍්ඝස‍්ස අදම‍්හා”ති වා කථෙතබ‍්බා. ගාමකථාපි සුනිවිට‍්ඨදුන‍්නිවිට‍්ඨසුභික‍්ඛදුබ‍්භික‍්ඛාදිවසෙන වා “අසුකගාමවාසිනො සූරා සමත්‍ථා”ති වා එවං අස‍්සාදවසෙන න වට‍්ටති, සාත්‍ථකං පන කත්‍වා සද‍්ධා පසන‍්නාති වා ඛයවයං ගතාති වා වත‍්තුං වට‍්ටති. නිගමනගරජනපදකථාසුපි එසෙව නයො. ඉත්‍ථිකථාපි වණ‍්ණසණ‍්ඨානාදීනි පටිච‍්ච අස‍්සාදවසෙන න වට‍්ටති, සද‍්ධා පසන‍්නා ඛයං ගතාති එවමෙව වට‍්ටති. සූරකථාපි නන්‍දිමිත‍්තො නාම යොධො සූරො අහොසීති අස‍්සාදවසෙනෙව න වට‍්ටති, සද‍්ධො පසන‍්නො අහොසි ඛයං ගතොති එවමෙව වට‍්ටති. විසිඛාකථාපි අසුකා විසිඛා සුනිවිට‍්ඨා දුන‍්නිවිට‍්ඨා සූරා සමත්‍ථාති අස‍්සාදවසෙනෙව න වට‍්ටති, සද‍්ධා පසන‍්නා ඛයං ගතා ඉච‍්චෙවං වට‍්ටති.

ඥති කතා ආදියෙහිද අපගේ නෑයෝ සුරයෝය සමර්ථයෝය, නැතහොත් මෙබඳු රියවලින් හැසිරුණෙමුයි ආස්වාද වශයෙන් කියන්ට නොවටී. අර්ථ සහිත කොට ඒ අපේ නෑයෝත් නැතිවී ගියා දැයි හෝ පෙර අපි මෙවන් පාවහන් සංඝයාට දුන්නෙමුයි හෝ කිවයුතුයි. මනාව පිහිටියේය. නොපිහිටියේය. සුභික්ෂ දුර්භික්ෂ ආදී වශයෙන් හෝ අසුවල් ගම වැසියෝ සුරයෝය සමර්ථයෝයැයි මෙසේ ආස්වාද වශයෙන් නොවටී. අර්ථසහිත කොට ශ්‍රද්ධා ඇත්තේය ප්‍රසන්නයැයි හෝ ක්ෂයවී ව්‍යයවී ගියා නේදැයි කියන්නට වටී. නියම්ගම් නගර ජනපද කථාවන්හිද මෙම ක්‍රමය මැයි ස්ත්‍රිකථාද වර්ණ සංස්ථාන ආදීය අරබයා ආස්වාද වශයෙන් නොවටී. ශ්‍රද්ධාවත්ය. ප්‍රසන්නය ව්‍යයව ගියානේද යන මේ අයුරින්වරී. සුරකථාද නන්දිමිත්‍ර යෝධයා නම් සුරයෙක්යැයි ආස්වාද වශයෙන් නොවටී, ශ්‍රද්ධාවත්ය ප්‍රසන්නය ක්ෂයවී ගියානේදයන මේ අයුරින් වටී. වීදි කථාද අපිරිසිදු වීදිය හොදට සැදු විදිය, හොඳට නොසැදු වීදිය, සුරය සමර්ථයැයි ආස්වාද වශයෙන්ම නොවටී. ශ්‍රද්ධාවත්ය ප්‍රසන්නය ක්ෂයවී ගියානේද යනුවෙන් වටී.

කුම‍්භට‍්ඨානකථාති කුම‍්භට‍්ඨානඋදකතිත්‍ථකථා වා වුච‍්චති කුම‍්භදාසිකථා වා. සාපි “පාසාදිකා නච‍්චිතුං ගායිතුං ඡෙකා”ති අස‍්සාදවසෙන න වට‍්ටති, සද‍්ධා පසන‍්නාතිආදිනා නයෙනෙව වට‍්ටති. පුබ‍්බපෙතකථාති අතීතඤාතිකථා. තත්‍ථ වත‍්තමානඤාතිකථාසදිසොව විනිච‍්ඡයො.

කුම්භට්ඨානකථා ළිඳ ළඟ කථා යයි කියනු ලැබේ. කුම්භදාසී කථා හෝ ඈ පැහැපත්ය නටන්ට ගයන්ට දක්ෂයැයි ආස්වාද වශයෙන් නොවටී. ශ්‍රද්ධා වත්ය ප්‍රසන්නය ආදී ක්‍රමයෙන්ම වටී. පුබ්බපෙතකථා අතීත ඥාතීන්ගේ කතා එහි වර්තමාන ඥාතිකතා විනිශ්චයද සමානය

නානත‍්තකථාති පුරිමපච‍්ඡිමකථාවිමුත‍්තා අවසෙසා නානාසභාවා නිරත්‍ථකකථා. ලොකක‍්ඛායිකාති අයං ලොකො කෙන නිම‍්මිතො, අසුකෙන නාම නිම‍්මිතො, කාකා සෙතා අට‍්ඨීනං සෙතත‍්තා, බකා රත‍්තා ලොහිතස‍්ස රත‍්තත‍්තාති එවමාදිකා ලොකායතවිතණ‍්ඩසල‍්ලාපකථා.

නානත්තකතා පුර්ව පශ්චිම කථාවන්ගෙන් තොර වු අවශේෂ නොයෙක් ආකාරයේ නිරර්ථක කථා ලොකක්‍ඛායිකා මේ ලෝකය කුමකින් නිර්මිත වුයේද, අසුවදෙයින් නිර්මිත වුයේය. කපුටෝ සුදුය. ඇට සුදු බැවිනි. කොක්කු රතුය. ලේ රතු බැවිනියි මේ ආදි ලෝකායත විතණ්ඩ සල්ලාප කථාය.

සමුද‍්දක‍්ඛායිකා නාම කස‍්මා සමුද‍්දො සාගරො, සාගරදෙවෙන ඛණිතත‍්තා සාගරො, ඛතො මෙති හත්‍ථමුද‍්දාය නිවෙදිතත‍්තා සමුද‍්දොති එවමාදිකා නිරත්‍ථකා සමුද‍්දක‍්ඛායිකකථා. ඉති භවො, ඉති අභවොති යං වා තං වා නිරත්‍ථකකාරණං වත්‍වා පවත‍්තිතකථා ඉතිභවාභවකථා. එත්‍ථ ච භවොති සස‍්සතං, අභවොති උච‍්ඡෙදං. භවොති වඩ‍්ඪි, අභවොති හානි. භවොති කාමසුඛං, අභවොති අත‍්තකිලමථො. ඉති ඉමාය ඡබ‍්බිධාය ඉතිභවාභවකථාය සද‍්ධිං බාත‍්තිංසතිරච‍්ඡානකථා නාම හොති. එවරූපිං තිරච‍්ඡානකථං කථෙන‍්තියා නිසින‍්නො හොති.

සමුද්දක්‍ඛායිකා සමුද්‍රය යනු කුමක්නිසාද, සාගරදෙවියා විසින් හාරන ලද බැවිනි. මා විසින් සාගරය හාරන ලද්දේයයි හස්ත මුද්‍රාවෙන් දැන්වන ලද බැවින් සමුද්‍රය නම් වීයැයි මේ ආදී නිරර්ථක සමුද්දක්‍ඛායී කථා ඉතිහවො ඉති අභවො කුමක් හෝ නිරර්ථක කතාවක් කොට පැවති කථා මෙසේ භව අභවකථා මෙහි භව යනු ශාස්වතයයි. අභව උච්ඡේදයයි. භවයනු වෘද්ධියයි. අභව හානියයි. භවයනු කාමසුබයයි. අභව අත්තකිලමථයයි. මෙසේ මේ සවැදෑරුම් භවාභව කථාව සමග තිරිසන් කතා දෙතිසකි. තිරිසන් කථාව මෙබඳුය. මෙබඳු තිරිසන් කථා කියන්නියක සමග හුන්නේ වෙයි.

තතො සන්‍දකො පරිබ‍්බාජකො තෙ පරිබ‍්බාජකෙ ඔලොකෙත්‍වා – “ඉමෙ පරිබ‍්බාජකා අතිවිය අඤ‍්ඤමඤ‍්ඤං අගාරවා අප‍්පතිස‍්සා, මයඤ‍්ච සමණස‍්ස ගොතමස‍්ස පාතුභාවතො පට‍්ඨාය සූරියුග‍්ගමනෙ ඛජ‍්ජොපනකූපමා ජාතා, ලාභසක‍්කාරොපි නො පරිහීනො. සචෙ පන ඉමං ඨානං සමණො ගොතමො ගොතමසාවකො වා ගිහිඋපට‍්ඨාකොපි වාස‍්ස ආගච‍්ඡෙය්‍ය, අතිවිය ලජ‍්ජනීයං භවිස‍්සති. පරිසදොසො ඛො පන පරිසජෙට‍්ඨකස‍්සෙව උපරි ආරොහතී”ති ඉතො චිතො ච විලොකෙන‍්තො ථෙරං අද‍්දස. තෙන වුත‍්තං අද‍්දසා ඛො සන්‍දකො පරිබ‍්බාජකො…පෙ… තුණ‍්හී අහෙසුන‍්ති.

ඉන්පසු සන්දක පරිබ්‍රාජකයා ඒ පරිබ්‍රාජකයන් දෙස බලා මේ පරිබ්‍රාජකයෝ නම් අතිශයින් එකිනෙකාට ගෞරවයක් නැත්තේය. නොදැමුණෝය. අපි ශ්‍රමණ ගෞතමයන් පහළ වු තැන්පටන් සුර්යෝදයෙහි කදෝපැණියන් හා සමාන වුම්භ. අපගේ ලාභසත්කාරද පිරිහිණ. යම් හෙයකින් මෙතැනට ශ්‍රමණ ගෞතමයන් හෝ ගෞතම ශ්‍රාවකයකු හෝ ඔහුගේ ගිහි උපස්ථායකයකු හෝ පැමිණියේනම් අතිශයින් ලජ්ජා සහගතවන්නේය. පිරිස් නිසා ඇතිවන දෝෂය පිරිස් දෙටුවාගේ මත පැටවෙන්නේයයි ඔබිනොබ බලන්නේ තෙරුන් දුටුවේය. එහෙයින් කියන ලදී. අද්දසාඛො සන්‍දකො පරිබ්බාජකො -පෙ- තුණ්හී අහෙසුන්ති.

තත්‍ථ සණ‍්ඨපෙසීති සික‍්ඛාපෙසි, වජ‍්ජමස‍්සා පටිච‍්ඡාදෙසි. යථා සුට‍්ඨපිතා හොති, තථා නං ඨපෙසි. යථා නාම පරිසමජ‍්ඣං පවිසන‍්තො පුරිසො වජ‍්ජපටිච‍්ඡාදනත්‍ථං නිවාසනං සණ‍්ඨපෙති, පාරුපනං සණ‍්ඨපෙති, රජොකිණ‍්ණට‍්ඨානං පුඤ‍්ඡති, එවමස‍්සා වජ‍්ජපටිච‍්ඡාදනත්‍ථං “අප‍්පසද‍්දා භොන‍්තො”ති සික‍්ඛාපෙන‍්තො යථා සුට‍්ඨපිතා හොති, තථා නං ඨපෙසීති අත්‍ථො. අප‍්පසද‍්දකාමාති අප‍්පසද‍්දං ඉච‍්ඡන‍්ති, එකකා නිසීදන‍්ති, එකකා තිට‍්ඨන‍්ති, න ගණසඞ‍්ගණිකාය යාපෙන‍්ති. අප‍්පසද‍්දවිනීතාති අප‍්පසද‍්දෙන නිරවෙන බුද‍්ධෙන විනීතා. අප‍්පසද‍්දස‍්ස වණ‍්ණවාදිනොති යං ඨානං අප‍්පසද‍්දං නිස‍්සද‍්දං. තස‍්ස වණ‍්ණවාදිනො. උපසඞ‍්කමිතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති ඉධාගන‍්තබ‍්බං මඤ‍්ඤෙය්‍ය.

තත්‍ථ සණ්ඨපෙසි හික්මවීය. ඔහුගේ වරදසැඟවිය. යම්සේ මැනවින් තබන ලද්දේවේද එසේ ඔහු තැබීය. යම්සේ පිරිස් මැදට පිවිසෙන පුරුෂයා වරද වසාගැනීම පිණිස පහත් අසුනක් තබාගනීද, පොරෝනය සදා ගනීද දූලි වැකුණු තැන් පිසදමයිද එසේ ඔහුගේ වරද වසාගැනීම පිණිස පින්වත්නි අල්ප ශබ්ද වන්නැයි හික්මවන්නේද, යම්සේ හොඳින් පිහිටුවාද එසේ ඔහු තැබීය යන අර්ථය අප්පසද්දකාමා අල්පශබ්ද කැමති වෙති. තනිතනිව හිඳිති තනිතනිව සිටිති පිරිස් අතර නො යැපෙති. අප්පසද්දවිනිතා අල්පශබ්ද ඇති නිහඬ බුදුන් විසින් හික්මවන ලද අප සද්දස්ස වණ්ණ වාදිනො යම් තැනක් අල්ප ශබ්ද ඇත්තේද නිශ්ශබ්දද එහි ගුණ කියන. උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්‍ය මෙහි ආයුතුයයි සිතන්නේය.

කස‍්මා පනෙස ථෙරස‍්ස උපසඞ‍්කමනං පච‍්චාසීසතීති. අත‍්තනො වුද‍්ධිං පත්‍ථයමානො. පරිබ‍්බාජකා කිර බුද‍්ධෙසු වා බුද‍්ධසාවකෙසු වා අත‍්තනො සන‍්තිකං ආගතෙසු – “අජ‍්ජ අම‍්හාකං සන‍්තිකං සමණො ගොතමො ආගතො, සාරිපුත‍්තො ආගතො, න ඛො පනෙතෙ යස‍්ස වා තස‍්ස වා සන‍්තිකං ගච‍්ඡන‍්ති, පස‍්සථ අම‍්හාකං උත‍්තමභාව”න‍්ති අත‍්තනො උපට‍්ඨාකානං සන‍්තිකෙ අත‍්තානං උක‍්ඛිපන‍්ති උච‍්චෙ ඨානෙ ඨපෙන‍්ති. භගවතොපි උපට‍්ඨාකෙ ගණ‍්හිතුං වායමන‍්ති. තෙ කිර භගවතො උපට‍්ඨාකෙ දිස‍්වා එවං වදන‍්ති – “තුම‍්හාකං සත්‍ථා භවං ගොතමොපි ගොතමස‍්ස සාවකාපි අම‍්හාකං සන‍්තිකං ආගච‍්ඡන‍්ති, මයං අඤ‍්ඤමඤ‍්ඤං සමග‍්ගා. තුම‍්හෙ පන අම‍්හෙ අක‍්ඛීහි පස‍්සිතුං න ඉච‍්ඡථ, සාමීචිකම‍්මං න කරොථ, කිං වො අම‍්හෙහි අපරද‍්ධ”න‍්ති. අප‍්පෙකච‍්චෙ මනුස‍්සා – “බුද‍්ධාපි එතෙසං සන‍්තිකං ගච‍්ඡන‍්ති, කිං අම‍්හාක”න‍්ති තතො පට‍්ඨාය තෙ දිස‍්වා නප‍්පමජ‍්ජන‍්ති. තුණ‍්හී අහෙසුන‍්ති සන්‍දකං පරිවාරෙත්‍වා නිස‍්සද‍්දා නිසීදිංසු.

මොහු තෙරුන්ගේ පැමිණීම ප්‍රශංසා කරන්නේ කුමක් නිසාද? තමාගේ දියුණුව පතමිනි. පරිබ්‍රාජකයෝ බුදුවරුන් හෝ බුද්ධ ශ්‍රාවකයන් හෝ තමා සමීපයට පැමිණි කල්හි අපේ ළගට ශ්‍රමණ ගෞතමයෝ පැමිණියෝය. සාරිපුත්‍ර ආවේය. ඒ ඇත්තෝ එක් එක් අය ළගට නොයති අපගේ උතුම්බව බලවුයැයි තම උපස්ථායකයන් සමීපයෙහි තමා ඔසවා තබා ගනිති. උස් තැනක තබති. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයන්ද අල්ලාගන්ට වෑයම් කරති. භාග්‍යවතුන්ගේ උපස්ථායකයන් දැක මෙසේ කියති. ඔබලාගේ ශාස්තෘෘ භවත් ගෞතමයෝද ගෞතම ශ්‍රාවකයෝද අපගේ සමීපයට එත්. අපි ඔවුනොවුන් සමගිව සිටිමු. උඹලා අප ඇසින් දකින්ට නොකැමැතිය. ප්‍රියමනාප කථා නොකරති. අපෙන් ඔබලාට අපරාධයක් සිදුවුණාද ඉක්බිති සමහර මිනිස්සු බුදුවරුද මොවුන් සමීපයට යති. ඇයි අපේ ළඟට යැයි එතැන් පටන් ඔවුන් දැක ප්‍රමාද නොවෙති. තුණ්හි අහෙසුං සන්දක පිරිවරා නිහඬව හුන්හ.

ස‍්වාගතං භොතො ආනන්‍දස‍්සාති සුආගමනං භොතො ආනන්‍දස‍්ස. භවන‍්තෙ හි නො ආගතෙ ආනන්‍දො හොති, ගතෙ සොකොති දීපෙති. චිරස‍්සං ඛොති පියසමුදාචාරවචනමෙතං. ථෙරො පන කාලෙන කාලං පරිබ‍්බාජකාරාමං චාරිකත්‍ථාය ගච‍්ඡතීති පුරිමගමනං ගහෙත්‍වා එවමාහ. එවඤ‍්ච පන වත්‍වා න මානත්‍ථද‍්ධො හුත්‍වා නිසීදි, අත‍්තනො පන ආසනා වුට‍්ඨාය තං ආසනං පප‍්ඵොටෙත්‍වා ථෙරං ආසනෙන නිමන‍්තෙන‍්තො නිසීදතු භවං ආනන්‍දො, ඉදමාසනං පඤ‍්ඤත‍්තන‍්ති ආහ.

ස්වාගතං භොතො ආනන්‍දස්ස ආනන්ද වෙත භවතුන්ගේ සුභ ආගමනයක් වේවා. ඔබ ආකල්හි පින්වතුන් කෙරෙහි සතුටක්වෙයි. ගියවිට ශෝකයක් වෙතියි දක්වයි. චිරස්සං ඛො මෙය ප්‍රිය ආචාරවචනයකි. තෙරුන් වහන්සේ කලින්කල පරිබ්‍රාජකාරාමයට චාරිකාව සඳහා යතියි පෙරගමන ගෙන මෙසේ කීය. මෙසේකියා මානයෙන් දරදඬු වී හිඳගත්තේය. තමාගේ අසුනින් නැගිට ඒ අසුන ගසාදමා තෙරුන්ට ආසනයට පැමිණෙන ලෙස ආරාධනා කරන්නේ නිසීදතු භවං ආනන්‍දො ඉදමාසනං පඤ්ඤත්තං යි කීය.

අන‍්තරාකථා විප‍්පකතාති නිසින‍්නානං වො ආරම‍්භතො පට‍්ඨාය යාව මමාගමනං එතස‍්මිං අන‍්තරෙ කා නාම කථා විප‍්පකතා, මමාගමනපච‍්චයා කතමා කථා පරියන‍්තං න ගතාති පුච‍්ඡති.

අන්තරා කථාවිප්පකතා හුන්නාවු ඔබ ආරම්භයෙහි පටන් මා එනතෙක් මේ අතරෙහි කවරනම් කථාවක් අඩාළ වීද. මාගේ පැමිණීම නිසා කවරකථාවක් අවසන් නොවිණිදැයි අසයි.

අථ පරිබ‍්බාජකො “නිරත්‍ථකකථාව එසා නිස‍්සාරා වට‍්ටසන‍්නිස‍්සිතා, න තුම‍්හාකං පුරතො වත‍්තබ‍්බතං අරහතී”ති දීපෙන‍්තො තිට‍්ඨතෙසා, භොතිආදිමාහ. නෙසා භොතොති සචෙ භවං සොතුකාමො භවිස‍්සති, පච‍්ඡාපෙසා කථා න දුල‍්ලභා භවිස‍්සති, අම‍්හාකං පනිමාය අත්‍ථො නත්‍ථි. භොතො පන ආගමනං ලභිත්‍වා අඤ‍්ඤදෙව සුකාරණං කථං සොතුකාමම‍්හාති දීපෙති. තතො ධම‍්මදෙසනං යාචන‍්තො සාධු වත භවන‍්තං යෙ වාතිආදිමාහ. තත්‍ථ ආචරියකෙති ආචරියසමයෙ. අනස‍්සාසිකානීති අස‍්සාසවිරහිතානි. සසක‍්කන‍්ති එකංසත්‍ථෙ නිපාතො, විඤ‍්ඤූ පුරිසො එකංසෙනෙව න වසෙය්‍යාති අත්‍ථො. වසන‍්තො ච නාරාධෙය්‍යාති න සම‍්පාදෙය්‍ය, න පරිපූරෙය්‍යාති වුත‍්තං හොති. ඤායං ධම‍්මං කුසලන‍්ති කාරණභූතං අනවජ‍්ජට‍්ඨෙන කුසලං ධම‍්මං.

ඉක්බිති පරිබ්‍රාජකයෝ මෙය නිරර්ථක කථාවකි. සංසාරය ආශ්‍රිතය. ඔබ වහන්සේ ඉදිරියෙහි කීම නුසුදුසුයයි දක්වන්නාහු නිට්ඨතෙසා හොති ආදිය කීය. නෙසා හොතො ඉදින් භවත්හු අසනු කැමැත්තහුනම් පසුව වුවත් මෙය දුලබ නොවේ. අපට මෙයින් ප්‍රයෝජනයක් නැත. පින්වතුන්ගේ පැමිණීමක් ලැබ වෙනත් යහපත් කරුණක් අසනු කැමැත්තෙමුයි දක්වයි. ඉන්පසු ධර්ම දේශනාවක් ඉල්ලා සිටිමින් සාධුවත භවන්තං යෙව ආදිය කීය. එහි ආචරියකෙ ආචාර්ය වාදයෙහි අනස්සාසිකානි ආශ්වාස විරහිත. සසක්කං ඒකාන්ත අර්ථයෙහි නිපාතයකි. නුවණැති පුරුෂයා ඒකාන්තයෙන් නොවසන්නේය යන අර්ථයි නුවණැත්තා වාසය කළත් සතුටු නොකරයි, සම්පාදනය නො කරයි නොපිළිපදීයයි කියන ලදී. ඤායං ධම්මං කුසලං ආරෝග්‍ය නිවැරදිය යන අර්ථයෙන් කුසල් දහමක් වේ.

ඉධාති ඉමස‍්මිං ලොකෙ. නත්‍ථි දින‍්නන‍්තිආදීනි සාලෙය්‍යකසුත‍්තෙ (ම· නි· 1.440) වුත‍්තානි. චාතුමහාභූතිකොති චතුමහාභූතමයො. පථවී පථවීකායන‍්ති අජ‍්ඣත‍්තිකා පථවීධාතු බාහිරපථවීධාතුං. අනුපෙතීති අනුයාති. අනුපගච‍්ඡතීති තස‍්සෙව වෙවචනං, අනුගච‍්ඡතීතිපි අත්‍ථො, උභයෙනාපි උපෙති උපගච‍්ඡතීති දස‍්සෙති. ආපාදීසුපි එසෙව නයො. ඉන්‍ද්‍රියානීති මනච‍්ඡට‍්ඨානි ඉන්‍ද්‍රියානි ආකාසං පක‍්ඛන්‍දන‍්ති. ආසන්‍දිපඤ‍්චමාති නිපන‍්නමඤ‍්චෙන පඤ‍්චමා, මඤ‍්චො චෙව, චත‍්තාරො මඤ‍්චපාදෙ ගහෙත්‍වා ඨිතා චත‍්තාරො පුරිසා චාති අත්‍ථො. යාවාළාහනාති යාව සුසානා. පදානීති අයං එවං සීලවා අහොසි, එවං දුස‍්සීලොතිආදිනා නයෙන පවත‍්තානි ගුණපදානි. සරීරමෙව වා එත්‍ථ පදානීති අධිප‍්පෙතං. කාපොතකානීති කපොතකවණ‍්ණානි, පාරාවතපක‍්ඛවණ‍්ණානීති අත්‍ථො.

ඉධ මේ ලෝකයෙහි නත්‍ථිදින්නං ආදිය සාලෙය්‍යක සුත්‍රයෙහි කියන ලදී. චාතුම්මහා භූතිකො සතර මහාභූතමය පඨවි පඨවිකාය ආධ්‍යාත්මික පෘථිවිය බාහිර පෘථුවි ධාතුව අනුපෙති අනුවයයි. අනුපගච්ඡති එයටම වෙනත් වචනයකි. අනුවයයි යන අර්ථය දෙකින්ම එළඹෙයි ළඟට යතියි දක්වයි. ආප ආදි තැන්වලද මෙම ක්‍රමයයි. ඉන්‍ද්‍රියානු මනස සයවැනි කොට ඇති ඉන්‍ද්‍රිය සඞ්කමන්ති අහසට පනිත්. ආසාන්‍දි පඤ්චාමානි වැදහොත් ඇඳෙන් පස්වැන්න ඇඳ ද ඇඳ කකුල් සතර ගෙන සිටි මිනිසුන් සතර දෙනාද යන අර්ථයි. යාව ආළාහනා සොහොන තෙක්, පදානි මේතෙමේ මෙසේ සිල්වතෙක් විය. මෙසේ දුස්සීලයෙක් විය ආදී ක්‍රමයෙන් පැමිණි ගුණපද ශරිරයම හෝ පාද මෙණි අභිප්‍රේතයි. කාපොතකානි පරෙවියන්ගේ වර්ණ ඇති පරෙවියන්ගේ පියාපත්වල වර්ණය ඇතියි යන අර්ථයි.

භස‍්සන‍්තාති භස‍්මන‍්තා, අයමෙව වා පාළි. ආහුතියොති යං පහෙණකසක‍්කාරාදිභෙදං දින‍්නදානං, සබ‍්බං තං ඡාරිකාවසානමෙව හොති, න තතො පරං ඵලදායකං හුත්‍වා ගච‍්ඡතීති අත්‍ථො. දත‍්තුපඤ‍්ඤත‍්තන‍්ති දත‍්තූහි බාලමනුස‍්සෙහි පඤ‍්ඤත‍්තං. ඉදං වුත‍්තං හොති – බාලෙහි අබුද‍්ධීහි පඤ‍්ඤත‍්තමිදං දානං, න පණ‍්ඩිතෙහි. බාලා දෙන‍්ති, පණ‍්ඩිතා ගණ‍්හන‍්තීති දස‍්සෙති. අත්‍ථිකවාදන‍්ති අත්‍ථි දින‍්නං දින‍්නඵලන‍්ති ඉමං අත්‍ථිකවාදංයෙව වදන‍්ති තෙසං තුච‍්ඡං වචනං මුසාවිලාපො. බාලෙ ච පණ‍්ඩිතෙ චාති බාලා ච පණ‍්ඩිතා ච.

භස්සන්තා අළුකරන්නාහු මෙයම පෙළයි. ආහුතියො රසකැවිලි හකුරු ආදී ප්‍රභේද ඇති දුන්දානය සියල්ල ගේ අන්තය අළුවලින් අවසන්වෙයි. ඉන්පසු ප්‍රතිඵලදායක වී නොයයි යන අර්ථයි. දත්තුපඤ්ඤත්තං මෝඩ මිනිසුන් විසින් පනවන ලද මෙය මෙසේ කියන ලදී. මෝඩ දුර්බුද්ධීන් විසින් මේදානය පනවනලදී පණ්ඩිතයන් විසින් නොවේ. මෝඩයෝ දෙති පණ්ඩිතයෝ පිළිගනිති යන අර්ථයි. අත්‍ථිකවාදං දුන් බුදුන් දෙයෙහි ඵල ඇත. මෙය අත්‍ථික වාදයයි කියත්. ඔවුන්ගේ වචනයකි ව්‍යාජ විලාපයකි. බාලෙච පණ්ඩිතෙච බාලයෝද පණ්ඩිතයෝද.

අකතෙන මෙ එත්‍ථ කතන‍්ති මය‍්හං අකතෙනෙව සමණකම‍්මෙන එත්‍ථ එතස‍්ස සමයෙ කම‍්මං කතං නාම හොති, අවුසිතෙනෙව බ්‍රහ‍්මචරියෙන වුසිතං නාම හොති. එත්‍ථාති එතස‍්මිං සමණධම‍්මෙ. සමසමාති අතිවිය සමා, සමෙන වා ගුණෙන සමා. සාමඤ‍්ඤං පත‍්තාති සමානභාවං පත‍්තා.

අකනෙන මෙ එත්‍ථ කථං මාගේ නොකරන ලද මහණදමින් මෙහි මොහුගේ සමයෙහි කර්මයක් කරන ලද්දේ නම්වෙයි. අවුසිතෙනෙව බ්‍රහ්මචරියෙන වුසිතං නාම වෙයි. එත්‍ථ මේ මහණදහමෙහි. සමසමා අතිශයින් සම සමගුණයෙන් සම සමඤ්ඤං පත්තා සමාන බවට පත්

කරතොතිආදීනි අපණ‍්ණකසුත‍්තෙ වුත‍්තානි. තථා නත්‍ථි හෙතූතිආදීනි.

කරොති ආදිය අපණ්ණක සූත්‍රයෙහි කියන ලදී. එසේ නත්‍ථි හෙතු යැ ආදිය

චතුත්‍ථබ්‍රහ‍්මචරියවාසෙ අකටාති අකතා. අකටවිධාති අකතවිධානා, එවං කරොහීති කෙනචි කාරාපිතා න හොන‍්තීති අත්‍ථො. අනිම‍්මිතාති ඉද‍්ධියාපි න නිම‍්මිතා. අනිම‍්මාතාති අනිම‍්මාපිතා. කෙචි අනිම‍්මිතබ‍්බාති පදං වදන‍්ති, තං නෙව පාළියං, න අට‍්ඨකථායං සන්‍දිස‍්සති. වඤ‍්ඣාති වඤ‍්ඣපසුවඤ‍්ඣතාලාදයො විය අඵලා, කස‍්සචි අජනකාති අත්‍ථො. එතෙන පථවීකායාදීනං රූපාදිජනකභාවං පටික‍්ඛිපති. පබ‍්බතකූටා විය ඨිතාති කූටට‍්ඨා. ඊසිකට‍්ඨායිට‍්ඨිතාති මුඤ‍්ජෙ ඊසිකා විය ඨිතා. තත්‍රායමධිප‍්පායො – යමිදං ජායතීති වුච‍්චති, තං මුඤ‍්ජතො ඊසිකා විය විජ‍්ජමානමෙව නික‍්ඛමතීති. “එසිකට‍්ඨායිට‍්ඨිතා”තිපි පාඨො, සුනිඛාතො එසිකත්‍ථම‍්භො නිච‍්චලො තිට‍්ඨති, එවං ඨිතාති අත්‍ථො. උභයෙනපි තෙසං විනාසාභාවං දීපෙති. න ඉඤ‍්ජන‍්තීති එසිකත්‍ථම‍්භො විය ඨිතත‍්තා න චලන‍්ති. න විපරිණාමෙන‍්තීති පකතිං න ජහන‍්ති. න අඤ‍්ඤමඤ‍්ඤං බ්‍යාබාධෙන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං න උපහනන‍්ති. නාලන‍්ති න සමත්‍ථා.

චතුත්‍ථ බ්‍රහ්මචරියවාසෙ අකටා යනු නොකළ අකටවිධා යනු නොකළ විධාන එවං කරොහි කිසිවකු විසින් කරවන ලද නොවේ යන අර්ථයි. අනිම්මිතා ඍද්ධියෙන්ද නිර්මාණය නොකරන ලද අනිම්මාතා නිර්මාණය නොකරවන ලද, ඇතැමෙක් අනිම්මිතබ්බා යන පදයක් කියති. එය පාළියෙහි නොව අට්ඨකථාවෙහි දක්නට ලැබේ. වඤ්ඣා වඳ වඳ එළදෙන, තල් ආදීන් මෙන් ඵල නැති කිසිවකුටත් ජනනය නොකරන්නෝ යන අර්ථයි. මෙයින් පෘථුවි කාය ආදීන්ගේ රූප උපදවන බව ප්‍රතික්ෂේප කරයි. පබ්බත කූටාවිය ඨිතා මුදුනෙහි සිටි කණු බීජට්ඨිතා. උණ දඬුවක් මෙන් සිටි එහි අදහසනම් යමක් උපදීයයි කියනු ලැබේද එය උණ ලීයෙන් සැදු කණුවක් මෙන් පෙනෙමින් නික්මෙයි එසිකට්ඨා යිටඨිතා යනුවෙන්ද පාඨයක් වෙයි. මැනවින් සිටවූ උණ කණුවක් නිශ්චලව සිටීද එසේ සිටී යන අර්ථයි. දෙකින්ම ඔවුන්ගේ විනාශභාවය දක්වයි. නඉඤ්ජන්ති උණකණුවක් මෙන් සිටි බැවින් නොසැලෙත්. භවිපරිනාමන්ති ප්‍රකෘතිය අත් නොහරී. න අඤ්ඤමඤ්ඤං ව්‍යාබාධෙන්ති ඔවුනොවුන් අවහිර නොකරත් නාලං නොසමත්

පථවීකායොතිආදීසු පථවීයෙව පථවීකායො, පථවීසමූහො වා. තත්‍ථාති තෙසු ජීවසත‍්තමෙසු කායෙසු. නත්‍ථි හන‍්තා වාති හන‍්තුං වා ඝාතෙතුං වා සොතුං වා සාවෙතුං වා ජානිතුං වා ජානාපෙතුං වා සමත්‍ථො නාම නත්‍ථීති දීපෙති. සත‍්තන‍්නංත්‍වෙව කායානන‍්ති යථා මුග‍්ගරාසිආදීසු පහටං සත්‍ථං මුග‍්ගරාසිආදීනං අන‍්තරෙන පවිසති, එවං සත‍්තන‍්නං කායානං අන‍්තරෙන ඡිද‍්දෙන විවරෙන සත්‍ථං පවිසති. තත්‍ථ “අහං ඉමං ජීවිතා වොරොපෙමී”ති කෙවලං සඤ‍්ඤාමත‍්තමෙව හොතීති දස‍්සෙති. යොනිපමුඛසතසහස‍්සානීති පමුඛයොනීනං උත‍්තමයොනීනං චුද‍්දසසතසහස‍්සානි අඤ‍්ඤානි ච සට‍්ඨිසතානි අඤ‍්ඤානි ච ඡසතානි. පඤ‍්ච ච කම‍්මුනො සතානීති පඤ‍්ච කම‍්මසතානි ච, කෙවලං තක‍්කමත‍්තකෙන නිරත්‍ථකං දිට‍්ඨිං දීපෙති. පඤ‍්ච ච කම‍්මානි තීණි ච කම‍්මානීතිආදීසුපි එසෙව නයො. කෙචි පනාහු පඤ‍්ච කම‍්මානීති පඤ‍්චින්‍ද්‍රියවසෙන භණති. තීණීති කායකම‍්මාදිවසෙනාති. කම‍්මෙ ච අඩ‍්ඪකම‍්මෙ චාති එත්‍ථ පනස‍්ස කායකම‍්මඤ‍්ච වචීකම‍්මඤ‍්ච කම‍්මන‍්ති ලද‍්ධි, මනොකම‍්මං උපඩ‍්ඪකම‍්මන‍්ති. ද‍්වට‍්ඨිපටිපදාති ද‍්වාසට‍්ඨි පටිපදාති වදති. ද‍්වට‍්ඨන‍්තරකප‍්පාති එකස‍්මිං කප‍්පෙ චතුසට‍්ඨි අන‍්තරකප‍්පා නාම හොන‍්ති, අයං පන අඤ‍්ඤෙ ද‍්වෙ අජානන‍්තො එවමාහ. ඡළාභිජාතියො අපණ‍්ණකසුත‍්තෙ විත්‍ථාරිතා.

පෘථුවිකාය ආදී තන්හි පෘථුවියට පෘථුවිකාය හෝ පෘථුවි සමුහය තත්‍ථ ඒ සප්තකායයන්හි, නත්‍ථි හන්තාවා මරන්ට හෝ ඝාතනය කිරීමට අසන්ට හෝ අසවන්ට දැනගන්ට හෝ දැනගන්වන්ට සමර්ථයෙක් නම් නැතියි දක්වයි. සත්තන්තං යෙව කායානං යම්සේ මුගුරු අසිපත් ආදීන්හි පහරදුන් ආයුධය මුගුරු අතරින් පිවිසේද එසේ සප්ත කායයන් අතරින් සිදුරින් විවරයෙන් යම්තැනක පිවිසේද, එහි මම මේ ජීවිතය නැති කරගන්මියි හුදෙක් ප්‍රකාශන මාත්‍රයක් පමණක් වෙතියි පෙන්වයි. යොනි පමුඛ සත සහස්සානි ප්‍රමුඛයෝනීන්ගේ උත්තම යෝනීන්ගේ දහහතර ලක්‍ෂයක් තවත් හයසියයක්ද. තවත් හයසිය හැටක් හා කරන්නවුන් පන්සියයක්ද කර්ම පන්සියයක් දැයි හුදු තර්ක මාත්‍රයෙන් නිරර්ථක දෘෂ්ටිය දක්වයි. පඤ්චච කම්මානි තීනිච කම්මානි ආදීතන්හිද මෙම ක්‍රමය මැයි. කර්ම පසක්, ඉන්‍ද්‍රියපසක් වශයෙන්ම කාය කර්ම තුනක් වශයෙන්ද ගණන් ගනිතැයි ඇතැම්හු කීහ. කම්මෙ ච අට්ඨකම්මෙච මෙහිදී ඔහුට කායකර්මයද වචීකර්මයද කර්මය යන ලබ්ධියවේ. මනෝකර්මය අර්ධකර්මයකි. දිට්ඨි පටිපදා දෙසැටක් පිළිවෙත් යයි කියයි. ද්වට්ඨන්තරකප්පා එක් කල්පයක අන්තර්කල්ප හැට හතරක් වෙයි. අනික් දෙක නොදන්නේ මෙසේ කීය. අභිජාතිභය අපණ්ණක සූත්‍රයෙහි විස්තර කරන ලදී.

අට‍්ඨ පුරිසභූමියොති මන්‍දභූමි ඛිඩ‍්ඩාභූමි වීමංසකභූමි උජුගතභූමි සෙක‍්ඛභූමි සමණභූමි ජිනභූමි පන‍්නභූමීති ඉමා අට‍්ඨ පුරිසභූමියොති වදති. තත්‍ථ ජාතදිවසතො පට‍්ඨාය සත‍්තදිවසෙ සම‍්බාධට‍්ඨානතො නික‍්ඛන‍්තත‍්තා සත‍්තා මන්‍දා හොන‍්ති මොමූහා. අයං මන්‍දභූමීති වදති. යෙ පන දුග‍්ගතිතො ආගතා හොන‍්ති, තෙ අභිණ‍්හං රොදන‍්ති චෙව විරවන‍්ති ච. සුගතිතො ආගතා තං අනුස‍්සරිත්‍වා අනුස‍්සරිත්‍වා හසන‍්ති. අයං ඛිඩ‍්ඩාභූමි නාම. මාතාපිතූනං හත්‍ථං වා පාදං වා මඤ‍්චං වා පීඨං වා ගහෙත්‍වා භූමියං පදනික‍්ඛිපනං වීමංසකභූමි නාම. පදසාව ගන‍්තුං සමත්‍ථකාලො උජුගතභූමි නාම. සිප‍්පානං සික‍්ඛනකාලො සෙක‍්ඛභූමි නාම. ඝරා නික‍්ඛම‍්ම පබ‍්බජනකාලො සමණභූමි නාම. ආචරියං සෙවිත්‍වා ජානනකාලො ජිනභූමි නාම. භික‍්ඛු ච පන‍්නකො ජිනො න කිඤ‍්චි ආහාති එවං අලාභිං සමණං පන‍්නභූමීති වදති.

අට්ඨ පුරිසභූමියො මනභූමි - ඛිඩ්ඪභූමි - වීමංසභූමි - උජුගතභූමි - සෙඛභූමි- සමණභූමි - ජිනභූමි - පන්න භූමියැයි මේ අටපුරුෂභූමියයි කියයි. එහි උපන්දිනයෙහි පටන් දිනසතක් බාධක ඇති තැනින් නික්මුණු සත්වයෝ මැද වෙති. මෝඩයෝ මෙය මන්‍දභූමි යයි කියති. යමෙක් දුගතියෙන් ආවාහුද ඔවුහු නිතර හඬති. එසේම මහහඬින් හඬති. සුගතියෙන් ආවාහු එය සිහිකොට සිනාසෙති. මෙය ඛිඩ්ඪභූමි නමි. මව්පියන්ගේ අත හෝ පය හෝ ඇඳ හෝ පුටුවහෝ අල්ලාගෙන බිම පා තැබීම වීමංසන භූමි නම්, පයින් යාමට සමර්ථකාලය උජුගතභූමිනමි ශිල්ප හදාරන කාලය සෙඛභූමිනම්, ගිහිගෙන් නික්ම පැවිදිවන කාලය සමණභූමී නම්. ගුරුන් ඇසුරු කොට දැනගන්නා කාලය ජීනභූමි නම්, භික්‍ෂුව නිශ්ශබ්ද වුයේ ජිනතෙමේ කිසිවක් නොකීහයි මෙසේ නොබන ශ්‍රමණයා පන්නභූමියයි කියයි.

එකූනපඤ‍්ඤාස ආජීවසතෙති එකූනපඤ‍්ඤාස ආජීවවුත‍්තිසතානි. පරිබ‍්බාජකසතෙති පරිබ‍්බාජකපබ‍්බජ‍්ජසතානි. නාගාවාසසතෙති නාගමණ‍්ඩලසතානි. වීසෙ ඉන්‍ද්‍රියසතෙති වීස ඉන්‍ද්‍රියසතානි. තිංසෙ නිරයසතෙති තිංස නිරයසතානි. රජොධාතුයොති රජඔකිරණට‍්ඨානානි. හත්‍ථපිට‍්ඨිපාදපිට‍්ඨාදීනි සන්‍ධාය වදති. සත‍්ත සඤ‍්ඤීගබ‍්භාති ඔට‍්ඨගොණගද්‍රභඅජපසුමිගමහිංසෙ සන්‍ධාය වදති. අසඤ‍්ඤීගබ‍්භාති සාලියවගොධුමමුග‍්ගකඞ‍්ගුවරකකුද්‍රූසකෙ සන්‍ධාය වදති. නිගණ‍්ඨිගබ‍්භාති නිගණ‍්ඨිම‍්හි ජාතගබ‍්භා, උච‍්ඡුවෙළුනළාදයො සන්‍ධාය වදති. සත‍්ත දෙවාති බහූ දෙවා, සො පන සත‍්තාති වදති. මානුසාපි අනන‍්තා, සො සත‍්තාති වදති. සත‍්ත පිසාචාති පිසාචා මහන‍්තා, සත‍්තාති වදති.

එකූන පඤ්ඤාස ආජීව සතෙහි එකක් අඩු පන්සියයක් වු ජීවිකා වෘත්ති පරිබ්බාජක සතෙ සියයක්වූ පරිබ්‍රාජක පැවිද්ද. නාගාවාස සතෙ නාමඩුලු සියයක් වීසෙ ඉන්‍ද්‍රිය සතෙ දෙදහසක්වූ ඉන්‍ද්‍රිය තිංසෙ නිරය සතෙ තුන්දහසක්වූ නිරය. රජොධාතුයො දූලි වැකුණු තැන්. අන්පුටුපාපුටු ආදිය සඳහා කියයි. සත්ත සඤ්ඤිගබ්භා ඔටුවන් ගෝනුන් කොටළුවන් එළුවන් ගවයන් මුවන් මීහරකුන් සඳහා කියයි. අසඤ්ඤිගබ්භා සහල් යව තිරිඟු මුං බජිරි බෝංචි කුරහන් සඳහා කියයි. නිගණ්ඨිත ගබ්භා ගැටනැතිතන්හි උපන් ගැබ් ඇති උක් උණ බට ආදිය සඳහා කියයි. සත්තදෙවා බොහෝ දෙවියෝ. හේ සත්වයයි කියයි. අනත්ත වූ සත්වයෝ. හේ සත්ව යැයි කියයි.

සරාති මහාසරා. කණ‍්ණමුණ‍්ඩ-රථකාර-අනොතත‍්ත-සීහපපාතකුළිර-මුචලින්‍ද-කුණාලදහෙ ගහෙත්‍වා වදති. පවුටාති ගණ‍්ඨිකා. පපාතාති මහාපපාතා. පපාතසතානීති ඛුද‍්දකපපාතසතානි. සුපිනාති මහාසුපිනා. සුපිනසතානීති ඛුද‍්දකසුපිනසතානි. මහාකප‍්පිනොති මහාකප‍්පානං. එත්‍ථ එකම‍්හා සරා වස‍්සසතෙ වස‍්සසතෙ කුසග‍්ගෙන එකං උදකබින්‍දුං නීහරිත්‍වා නීහරිත්‍වා සත‍්තක‍්ඛත‍්තුං තම‍්හි සරෙ නිරුදකෙ කතෙ එකො මහාකප‍්පොති වදති. එවරූපානං මහාකප‍්පානං චතුරාසීතිසතසහස‍්සානි ඛෙපෙත්‍වා බාලා ච පණ‍්ඩිතා ච දුක‍්ඛස‍්සන‍්තං කරොන‍්තීති අයමස‍්ස ලද‍්ධි. පණ‍්ඩිතොපි කිර අන‍්තරා සුජ‍්ඣිතුං න සක‍්කොති, බාලොපි තතො උද‍්ධං න ගච‍්ඡති.

සරා මහවිල්, කණ්ණමුණ්ඩක, රථකාර, අනොතත්ත, සීහප්පාතක, තියග්ගල මුචලින්ද කුණාල විල් ගැන කියයි. පවුටා ගැට ඇත්තෝ, පපාතා මහාප්‍රපාත, පපාතසතානි කුඩා ප්‍රපාත සියගණන්, සුපිනා මහාස්වප්න සුපින සතානි කුඩා ස්වප්න සිය ගණනක්, මහාකප්පුනො මහා කල්පයන්ගේ. එහි එක් විලකින් වර්ෂ සියයෙන් සියය කුසතණගින් එක් දියබිඳුවක් බැගින් ඉවත් කරකර සත්වරක් ඒ විල නිරූදක කළ කල්හි එක් මහා කල්පයෙකැයි කියයි. එබඳු මහාකල්ප අසුහතර ලක්ෂයක් ගෙවා බාලයාද පණ්ඩිතයාද දුක් අවසන් කරති යන්න මොහුගේ ලබ්ධියයි. පණ්ඩිතයා වුවද අතර පිරිසිදු කිරීමට නොහැකිවේ. බාලයා ද ඊට ඉහළට නොයයි.

සීලෙනාති අචෙලකසීලෙන වා අඤ‍්ඤෙන වා යෙන කෙනචි. වතෙනාති තාදිසෙන වතෙන. තපෙනාති තපොකම‍්මෙන. අපරිපක‍්කං පරිපාචෙති නාම යො “අහං පණ‍්ඩිතො”ති අන‍්තරා විසුජ‍්ඣති. පරිපක‍්කං ඵුස‍්ස ඵුස‍්ස බ්‍යන‍්තිං කරොති නාම යො “අහං බාලො”ති වුත‍්තපරිමාණං කාලං අතික‍්කමිත්‍වා යාති. හෙවං නත්‍ථීති එවං නත්‍ථි. තඤ‍්හි උභයම‍්පි න සක‍්කා කාතුන‍්ති දීපෙති. දොණමිතෙති දොණෙන මිතං විය. සුඛදුක‍්ඛෙති සුඛදුක‍්ඛං. පරියන‍්තකතෙති වුත‍්තපරිමාණෙන කාලෙන කතපරියන‍්තො. නත්‍ථි හායනවඩ‍්ඪනෙති නත්‍ථි හායනවඩ‍්ඪනානි. න සංසාරො පණ‍්ඩිතස‍්ස හායති, න බාලස‍්ස වඩ‍්ඪතීති අත්‍ථො. උක‍්කංසාවකංසෙති උක‍්කංසාවකංසා, හාපනවඩ‍්ඪනානමෙවෙතං වෙවචනං. ඉදානි තමත්‍ථං උපමාය සාධෙන‍්තො සෙය්‍යථාපි නාමාතිආදිමාහ. තත්‍ථ සුත‍්තගුළෙති වෙඨෙත්‍වා කතසුත‍්තගුළං. නිබ‍්බෙඨියමානමෙව පලෙතීති පබ‍්බතෙ වා රුක‍්ඛග‍්ගෙ වා ඨත්‍වා ඛිත‍්තං සුත‍්තපමාණෙන නිබ‍්බෙඨියමානං ගච‍්ඡති, සුත‍්තෙ ඛීණෙ තත්‍ථ තිට‍්ඨති න ගච‍්ඡති. එවමෙවං වුත‍්තකාලතො උද‍්ධං න ගච‍්ඡතීති දස‍්සෙති.

සීලෙන වස්ත්‍රනැති ශීලයෙන් හෝ අන් කිසිවකින්, වතෙන එබඳුම ව්‍රතයකින්, තපෙන තපස් කර්මයෙන් අපරිපක්කං පරිපාචෙති යමෙක් මම පණ්ඩිතයෙමියි කාය ඇතුළතින් පිරිසුදු වෙයි. පැසුණු බව අතගගා ඉවත් කරයි. යමෙක් මම බාලයෙකැයි කියුපමණ කාලයක් ඉක්මවා යයි. හෙවං නත්‍ථි මෙසේ නාස්තිත්වය දෙදෙනාටම කළ නොහැකියැයි දක්වයි. දෝණමිතෙ ලාහෙන් මැන්නාක් වැනි සුඛ දුක්ඛෙ සැප දුක, පරියන්ත කටෙ කියු පමණ කලකින් අවසන්කළ, නත්‍ථිහාපන වඩ්ඪනෙ පරිහානියක් වර්ධනයක් නැත. සංසාරය පණ්ඩිතයාට ගෙවෙන්නේ නැත. බාලයාට වැඩෙන්නේද නැත යන අර්ථයි. ඔක්කංසාවකංසං ගෙවීයාමක් හෝ වැඩීමක් හාපන වඩ්ඪන යන්නට වෙනත් වචනයකි. දැන් ඒ අර්ථය උපමාවකින් සාධනය කරන්නේ සෙය්‍යථාපි නාම ආදිය කීය. එහි සුත්තගුලෙ වෙළා කළ නූල් ගුලිය නිබ්බෙධිය මානමෙව ඵලෙති පර්වතයක හෝ ගස් මුදුනක සිට විසිකළාකල්හි නූලෙහි ප්‍රමාණයට ලිහෙමින්ම යයි නුල අවසන්වු විට එහිම සිටී. නොයයි. මෙසේ කියුකාලයෙන් උඩට නොයතියි දක්වයි.

කිමිදන‍්ති කිමිදං තව අඤ‍්ඤාණං, කිං සබ‍්බඤ‍්ඤු නාම ත්‍වන‍්ති එවං පුට‍්ඨො සමානො නියතිවාදෙ පක‍්ඛිපන‍්තො සුඤ‍්ඤං මෙ අගාරන‍්තිආදිමාහ.

කිමිදං කුමක්ද මේ ඔබගේ අනුවණකම, ඔබ සර්වඥයෙක්දැයි මෙසේ ඇසු කල්හි නියතිවාදයෙහි බහමින් මාගේ ගෙය ශුන්‍යයැයි ආදිය කීය.

අනුස‍්සවිකො හොතීති අනුස‍්සවනිස‍්සිතො හොති. අනුස‍්සවසච‍්චොති සවනං සච‍්චතො ගහෙත්‍වා ඨිතො. පිටකසම‍්පදායාති වග‍්ගපණ‍්ණාසකාය පිටකගන්‍ථසම‍්පත‍්තියා.

අනුස්සවිකො හොති ඕපදූප කියන්නේ වෙයි. අනුස්සව සච්චො ඇසීම සත්‍යවශයෙන් ගෙන සිටියේ. පිටක සම්ප්‍රදාය වර්ග පනසකින් යුත් පිටක ඛන්ධ සම්පත්තියෙන්

මන්‍දොති මන්‍දපඤ‍්ඤො. මොමූහොති අතිමූළ‍්හො. වාචාවික‍්ඛෙපං ආපජ‍්ජතීති වාචාය වික‍්ඛෙපං ආපජ‍්ජති. කීදිසං? අමරාවික‍්ඛෙපං, අපරියන‍්තවික‍්ඛෙපන‍්ති අත්‍ථො. අථ වා අමරා නාම මච‍්ඡජාති. සා උම‍්මුජ‍්ජනනිම‍්මුජ‍්ජනාදිවසෙන උදකෙ සන්‍ධාවමානා ගහෙතුං න සක‍්කාති එවමෙව අයම‍්පි වාදො ඉතො චිතො ච සන්‍ධාවති, ගාහං න උපගච‍්ඡතීති අමරාවික‍්ඛෙපොති වුච‍්චති. තං අමරාවික‍්ඛෙපං.

මන්‍දො මඳනුවණ ඇත්තේ මොමුහො අතිශයින් මුළාවූයේ, වාචා වික්ඛෙපං ආපජ්ජති වචනයෙන් වික්ෂේපයට පැමිණේ. අමරා වික්ෂේපය කෙබඳුද, අපරියන්ත වික්ෂේපය කෙබඳුද යන අර්ථයි. නැතහොත් අමරා යනු මාළු වර්ගයකි ඒ මත්ස්‍යයා ගිලෙමින් මතුවෙමින් ආදි වශයෙන් ජලයෙහි දුවන බැවින් අල්ලාගන්ට නොහැකිය. මෙසේම මේ වාදය එහේ මෙහේ දුවයි. ග්‍රහණයට නොපැමිණේ හුයි අමරාවික්ඛෙප යයි කියනු ලැබේ. ඒ අමරාවික්ෂේපය.

එවන‍්තිපි මෙ නොතිආදීසු ඉදං කුසලන‍්ති පුට‍්ඨො “එවන‍්තිපි මෙ නො”ති වදති, තතො කිං අකුසලන‍්ති වුත‍්තෙ “තථාතිපි මෙ නො”ති වදති, කිං උභයතො අඤ‍්ඤථාති වුත‍්තෙ “අඤ‍්ඤථාතිපි මෙ නො”ති වදති, තතො තිවිධෙනාපි න හොතීති තෙ ලද‍්ධීති වුත‍්තෙ “නොතිපි මෙ නො”ති වදති, තතො කිං නො නොති තෙ ලද‍්ධීති වුත‍්තෙ “නො නොතිපි මෙ නො”ති වික‍්ඛෙපමාපජ‍්ජති, එකස‍්මිම‍්පි පක‍්ඛෙ න තිට‍්ඨති. නිබ‍්බිජ‍්ජ පක‍්කමතීති අත‍්තනොපි එස සත්‍ථා අවස‍්සයො භවිතුං න සක‍්කොති, මය‍්හං කිං සක‍්ඛිස‍්සතීති නිබ‍්බින්‍දිත්‍වා පක‍්කමති. පුරිමෙසුපි අනස‍්සාසිකෙසු එසෙව නයො.

එවම්පි මෙ ආදීතන්හි මේ කුසලක් දැයි ඇසුවහොත් මෙහෙමත් මට නැතැයි කියයි. එසේනම් අකුසලය කුමක්දැයි ඇසුවොත් ඒ අයුරින්ම මට නැතැයි කියයි. මේ දෙකින් වෙනස් දෙයක්දැයි කීකල්හි වෙනත් විදියකින් ද මට නැතැයි කියයි. ඉන්පසු එබන්දකින්ද නොවේ නම් එය ලබ්ධියක් යයි කිකල්හි නැත. මට නැතැයි කියයි. ඉන්පසු ඔබට නැත්නම් එය ලබ්ධියක් නොවේදැ යි කීකල්හි නැත නැත මට නැත. මෙසේ වික්ෂේපයට පැමිණේ. එක් පක්ෂයකවත් නොසිටී. නිබිබිජ්ජපක්කමති මේ ශාස්තෘවරයා අවශ්‍යවූවකු වන්නට නොහැකිය. මට හැකිවන්නේ කෙසේදැයි කලකිරී පහවයයි. පෙර අනස්සාසික යන්හි මෙම ක්‍රමය මැයි.

සන‍්නිධිකාරකං කාමෙ පරිභුඤ‍්ජිතුන‍්ති යථා පුබ‍්බෙ ගිහිභූතො සන‍්නිධිං කත්‍වා වත්‍ථුකාමෙ පරිභුඤ‍්ජති, එවං තිලතණ‍්ඩුලසප‍්පිනවනීතාදීනි සන‍්නිධිං කත්‍වා ඉදානි පරිභුඤ‍්ජිතුං අභබ‍්බොති අත්‍ථො. නනු ච ඛීණාසවස‍්ස වසනට‍්ඨානෙ තිලතණ‍්ඩුලාදයො පඤ‍්ඤායන‍්තීති. නො න පඤ‍්ඤායන‍්ති, න පනෙස තෙ අත‍්තනො අත්‍ථාය ඨපෙති, අඵාසුකපබ‍්බජිතාදීනං අත්‍ථාය ඨපෙති. අනාගාමිස‍්ස කථන‍්ති. තස‍්සාපි පඤ‍්ච කාමගුණා සබ‍්බසොව පහීනා, ධම‍්මෙන පන ලද‍්ධං විචාරෙත්‍වා පරිභුඤ‍්ජති.

සන්නිධිකාරකංකාමෙ පරිභුඤ්ජිතුං පෙර මෙන් ගිහිව එක්රැස්කොට පරිභෝජනය කරයි. මෙසේ තල සහල් ගිතෙල් වෙඬරු ආදිය එක් රැස්කොට දැන් පරිභෝජනය කරන්ට අභව්‍යවෙයි යන අර්ථයි. ක්ෂීණාශ්‍රවයකු වසන තැන තල සහල් ආදිය පෙනෙන්නේ නොවේද ඒ ක්ෂීණාශ්‍රවයා ඒවා තමාගේ ප්‍රයෝජනය පිණිස නොතබයි. අනාගමිස්ස කථං ඔහුගේද පඤ්චකාම ගුණයෝ සර්වාකාරයෙන් ප්‍රහීණය. දැහැමෙන් සෙමෙන් ලද දෙය විචාරා පරිභෝජනය කරයි.

පුත‍්තමතාය පුත‍්තාති සො කිර ඉමං ධම‍්මං සුත්‍වා ආජීවකා මතා නාමාති සඤ‍්ඤී හුත්‍වා එවමාහ. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – ආජීවකා මතා නාම, තෙසං මාතා පුත‍්තමතා හොති, ඉති ආජීවකා පුත‍්තමතාය පුත‍්තා නාම හොන‍්ති. සමණෙ ගොතමෙති සමණෙ ගොතමෙ බ්‍රහ‍්මචරියවාසො අත්‍ථි, අඤ‍්ඤත්‍ථ නත්‍ථීති දීපෙති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

පුත්තමතාය පුත්තා හේ මේ ධර්මය අසා ආජීවකයෝ මළාහුය යන හැඟීමෙන් යුතුව මෙසේකීය. මේ මෙහි අර්ථයයි. ආජීවකයෝ මළාහු නම් වෙති. ඔවුන්ගේ මව මළපුත්‍රයන් ඇත්තී වෙයි. මෙසේ ආජීවකයෝ පුත්‍රයන් මළ තැනැත්තියගේ පුත්‍රයෝ නම් වෙති. සමණෙ ගොතමෙ ශ්‍රමණ ගෞතමයන් වෙත බ්‍රහ්මචරිය වාසය ඇත. වෙනත් තැනක නැතැයි දක්වයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය සන්‍දකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සවැනි සන්‍දක සූත්‍රයයි