යෙදුමෙන් කියවන්න

මහාසකුලුදායි සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

මහාසකුලුදායි සුත‍්තවණ‍්ණනා

මහා සකුලුදායී සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාසකුලුදායිසුත‍්තං. තත්‍ථ මොරනිවාපෙති තස‍්මිං ඨානෙ මොරානං අභයං ඝොසෙත්‍වා භොජනං අදංසු. තස‍්මා තං ඨානං මොරනිවාපොති සඞ‍්ඛං ගතං. අන‍්නභාරොති එකස‍්ස පරිබ‍්බාජකස‍්ස නාමං. තථා වරධරොති. අඤ‍්ඤෙ චාති න කෙවලං ඉමෙ තයො, අඤ‍්ඤෙපි අභිඤ‍්ඤාතා බහූ පරිබ‍්බාජකා. අප‍්පසද‍්දස‍්ස වණ‍්ණවාදීති ඉධ අප‍්පසද‍්දවිනීතොති අවත්‍වාව ඉදං වුත‍්තං. කස‍්මා? න හි භගවා අඤ‍්ඤෙන විනීතොති.

එවම්මෙසුතං යනු මහා සකුලුදායී සූත්‍රයයි. මොරනිවාපෙ එතැන මොනරුන්ට අභයස්ථානයයි ප්‍රසිද්ධකොට බොජුන් තැබවූහ. ඒනිසා ඒ ස්ථානය මොරනිවාපයැයි ප්‍රසිද්ධියට ගියේය. අන්නහාරො ඒ මේ පිරිවැජියාගේ නමයි. තථාවරධරො අඤ්ඤෙ යනු හුදෙක් මේ තිදෙන පමණක් නොවෙති. අන්‍යවු ප්‍රසිද්ධියට පත් බොහෝ පිරිවැජියෝ අප්පසද්දස්ස වණ්ණවාදී මෙහි අල්ප ශබ්ද විනීතයැයි නොකියාම මෙය කියන ලදී. කුමක් හෙයින්ද? භාග්‍යවතුන් වහන්සේ අනිකකු විසින් විනීත නොකරන ලද සේක

පුරිමානීති හිය්‍යොදිවසං උපාදාය පුරිමානි නාම හොන‍්ති, තතො පරං පුරිමතරානි. කුතූහලසාලායන‍්ති කුතූහලසාලා නාම පච‍්චෙකසාලා නත්‍ථි, යත්‍ථ පන නානාතිත්‍ථියා සමණබ්‍රාහ‍්මණා නානාවිධං කථං පවත‍්තෙන‍්ති, සා බහූනං – “අයං කිං වදති, අයං කිං වදතී”ති කුතූහලුප‍්පත‍්තිට‍්ඨානතො “කුතූහලසාලා”ති වුච‍්චති. “කොතූහලසාලා”තිපි පාඨො. ලාභාති යෙ එවරූපෙ සමණබ්‍රාහ‍්මණෙ දට‍්ඨුං පඤ‍්හං පුච‍්ඡිතුං ධම‍්මකථං වා නෙසං සොතුං ලභන‍්ති, තෙසං අඞ‍්ගමගධානං ඉමෙ ලාභාති අත්‍ථො.

පුරිමානි ඊයේ දවස සඳහා පුරිමානි නම් වේ. ඉන් පසු පුරිමතර නම් වේ. කුතුහලසාලායං කුතුහලසාලා යනුවෙන් එක්ශාලාවක් නැත. යම් තැනක අන්‍ය තීර්ථකයෝ මහණ බමුණෝ නානාවිධ කථා පවත්වත්ද එය බොහෝ දෙනකුට මොහු කුමක් කියයිද මොහු කුමක් කියයිදැයි කුතුහලයට පැමිණෙන තැන හෙයින් කුතුහල සාලායයි කියනු ලැබේ. කොතූහලසාලා යයිද පායක් ඇත ලාභා යමෙක් මෙබඳු මහණ බමුණන් දැකීමට ප්‍රශ්න ඇසීමට ධර්මකථා හෝ ඇසීමට ඔවුන්ට ලැබේ. ඒ අංග මගධ වැසියන්ට මේ ලාභයෝ වෙතියි අර්ථයි.

සඞ‍්ඝිනොතිආදීසු පබ‍්බජිතසමූහසඞ‍්ඛාතො සඞ‍්ඝො එතෙසං අත්‍ථීති සඞ‍්ඝිනො. ස‍්වෙව ගණො එතෙසං අත්‍ථීති ගණිනො. ආචාරසික‍්ඛාපනවසෙන තස‍්ස ගණස‍්ස ආචරියාති ගණාචරියා. ඤාතාති පඤ‍්ඤාතා පාකටා. යථාභුච‍්චගුණෙහි චෙව අයථාභූතගුණෙහි ච සමුග‍්ගතො යසො එතෙසං අත්‍ථීති යසස‍්සිනො. පූරණාදීනඤ‍්හි “අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො, අප‍්පිච‍්ඡතාය වත්‍ථම‍්පි න නිවාසෙතී”තිආදිනා නයෙන යසො සමුග‍්ගතො, තථාගතස‍්ස “ඉතිපි සො භගවා”තිආදීහි යථාභූතගුණෙහි. තිත්‍ථකරාති ලද‍්ධිකරා. සාධුසම‍්මතාති ඉමෙ සාධූ සුන්‍දරා සප‍්පුරිසාති එවං සම‍්මතා. බහුජනස‍්සාති අස‍්සුතවතො චෙව අන්‍ධබාලපුථුජ‍්ජනස‍්ස විභාවිනො ච පණ‍්ඩිතජනස‍්ස. තත්‍ථ තිත්‍ථියා බාලජනස‍්ස එවං සම‍්මතා, තථාගතො පණ‍්ඩිතජනස‍්ස. ඉමිනා නයෙන පූරණො කස‍්සපො සඞ‍්ඝීතිආදීසු අත්‍ථො වෙදිතබ‍්බො. භගවා පන යස‍්මා අට‍්ඨතිංස ආරම‍්මණානි විභජන‍්තො බහූනි නිබ‍්බානඔතරණතිත්‍ථානි අකාසි, තස‍්මා “තිත්‍ථකරො”ති වත‍්තුං වට‍්ටති.

සඞ්ඝිනො ආදින්හි පබ්බජිත සංඛ්‍යාත වු සංඝයා ඔවුන්ට ඇතැයි ගණිනො නමි, ආචාර හික්මීම් වශයෙන් ඒ ගණයාගේ ආචාර්යයෝය යන අරුතින් ගණාචරියා ඤාතා ප්‍රසිද්ධප්‍රකට, අයථා ගුණයන්ගෙන් ද යථා ගුණයන්ගෙන්ද පැනනැඟුණු කීර්තිය මොවුන්ට ඇත්තේයයි යසස්සිනො පුරණ ආදීන්ගේ අල්පේච්ඡතාව සන්තුෂ්ටිය. අල්පේච්ඡ බැවින් වස්ත්‍රයක් වත් නොහඳිතියි ආදී ක්‍රමයෙන් කීර්තිය පැනනැගුණේය. තථාගතයන් වහන්සේගේ ඉතිපිසො භගවා ආදි යථාභූත ගුණයෙන් පැන නැගුණේය. තිත්‍ථකරා ලබ්ධි ඇත්තෝ. සාධුසම්මතා මොවුහු යහපත් සොදුරු සත්පුරුෂයෝ යැයි සම්මතය. බහුජාතස්ස අශ්‍රැතවත්. අන්ධබාල පෘථග්ජනයාගේද බුද්ධිමතුන්ගේද පණ්ඩිත ජනයාගේද, එහි තීර්ථකයෝ බාල ජනයා අතර මෙසේ සම්මතය. තථාගතයන් වහන්සේ පණ්ඩිත ජනයා අතර, මේ ක්‍රමයෙන් පූර්ණ කාශ්‍යප සංඝයා ඇත්තේය ආදී තැන්වල අර්ථය දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් අරමුණු තිස්අට විභජන කරන සේක් බොහෝ අරමුණු නිවනට බනා තොටුපොළවල් කළසේක්ද, ඒ නිසා තීර්ථංකර යයි කියන්ට වටී.

කස‍්මා පනෙතෙ සබ‍්බෙපි තත්‍ථ ඔසටාති? උපට‍්ඨාකරක‍්ඛණත්‍ථඤ‍්චෙව ලාභසක‍්කාරත්‍ථඤ‍්ච. තෙසඤ‍්හි එවං හොති – “අම‍්හාකං උපට‍්ඨාකා සමණං ගොතමං සරණං ගච‍්ඡෙය්‍යුං, තෙ ච රක‍්ඛිස‍්සාම. සමණස‍්ස ච ගොතමස‍්ස උපට‍්ඨාකෙ සක‍්කාරං කරොන‍්තෙ දිස‍්වා අම‍්හාකම‍්පි උපට‍්ඨාකා අම‍්හාකං සක‍්කාරං කරිස‍්සන‍්තී”ති. තස‍්මා යත්‍ථ යත්‍ථ භගවා ඔසරති, තත්‍ථ තත්‍ථ සබ‍්බෙ ඔසරන‍්ති.

මේ සියලු දෙනද එහි බැසගත්තේ කුමක් නිසාද, උපස්ථායකයන් රැකගනු පිණිස සහ ලාභසත්කාර ලබාගැනීම පිණිසත්ය. ඔවුන්ට මෙබඳු අදහසක් ඇත. අපගේ උපස්ථායකයෝ ශ්‍රමණ ගෞතමයන් සරණ ගියාහු වෙත්වා, ඔවුන්ද ආරක්ෂා කරන්නෙමු. ශ්‍රමණ ගෞතමයන්ට උපස්ථායකයන් සත්කාර කරනු දැක අපගේ උපස්ථායකයෝද අපට සත්කාර කරත්. ඒනිසා භාග්‍යවතුන් වහන්සේ යම්තැනක සැරිසරත්ද එතැන බැසගෙන සිටිති.

වාදං ආරොපෙත්‍වාති වාදෙ දොසං ආරොපෙත්‍වා. අපක‍්කන‍්තාති, අපගතා, කෙචි දිසං පක‍්කන‍්තා, කෙචි ගිහිභාවං පත‍්තා, කෙචි ඉමං සාසනං ආගතා. සහිතං මෙති මය‍්හං වචනං සහිතං සිලිට‍්ඨං, අත්‍ථයුත‍්තං කාරණයුත‍්තන‍්ති අත්‍ථො. අසහිතං තෙති තුය‍්හං වචනං අසහිතං. අධිචිණ‍්ණං තෙ විපරාවත‍්තන‍්ති යං තුය‍්හං දීඝරත‍්තාචිණ‍්ණවසෙන සුප‍්පගුණං, තං මය‍්හං එකවචනෙනෙව විපරාවත‍්තං විපරිවත‍්තිත්‍වා ඨිතං, න කිඤ‍්චි ජාතන‍්ති අත්‍ථො. ආරොපිතො තෙ වාදොති මයා තව වාදෙ දොසො ආරොපිතො. චර වාදප‍්පමොක‍්ඛායාති දොසමොචනත්‍ථං චර විචර, තත්‍ථ තත්‍ථ ගන‍්ත්‍වා සික‍්ඛාති අත්‍ථො. නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසීති අථ සයං පහොසි, ඉදානෙව නිබ‍්බෙඨෙහි. ධම‍්මක‍්කොසෙනාති සභාවක‍්කොසෙන.

වාදං ආරොපෙත්‍වා අපක්කන්තා ඉවත්ව ගියාහුය. ඇතැම්හු දිශාවන්ට ගියහ. ඇතැම්හු ගිහි බවට ගියාහුය. ඇතමෙක් මේ සසුනට පැමිණියාහුය. සහිතං මෙ මාගේ වචනය හිතවත්ය. මටසිලිටිය. අර්ථ සහිතය, කරුණු සහිතය යන අර්ථයි. අසහිතං තෙ ඔබගේ වචනය අහිතවත්ය. මැනවින් පුරුදු නොකරන ලද්දේය. ඒවා ආපසු පෙරළේ. ඔබට යමක් දිගුකලක් පුරුදු වශයෙන් මනාසේ ප්‍රගුණවී තිබේද එය මාගේ එක් වචනයකින් ම අන් අතට පෙරලී සිටියද කිසිවක් නොවීය යන අර්ථයි. ආරෝපිතො තෙවාදො මා විසින් ඔබගේ වාදයෙහි දෝෂ ආරෝපණය කරන ලදී. චර වාදප්පමොක්‍ඛාය දොස් මුදනු පිණිස චර හැසිරෙන්න ඒ ඒ තැනට ගොස් හික්මෙන්න යන අර්ථයි. නිබ්බෙඨෙහිවා සචෙ පහොසි තමාට පුළුවන්නම් දැන්ම ලිහාගන්න. ධම්මක්කොසෙන ස්වභාවයට අක්‍රෝශ කිරීමෙන්,

තං නො සොස‍්සාමාති තං අම‍්හාකං දෙසිතං ධම‍්මං සුණිස‍්සාම. ඛුද‍්දමධුන‍්ති ඛුද‍්දකමක‍්ඛිකාහි කතං දණ‍්ඩකමධුං. අනෙලකන‍්ති නිද‍්දොසං අපගතමච‍්ඡිකණ‍්ඩකං. පීළෙය්‍යාති දදෙය්‍ය. පච‍්චාසීසමානරූපොති පූරෙත්‍වා නු ඛො නො භොජනං දස‍්සතීති භාජනහත්‍ථො පච‍්චාසීසමානො පච‍්චුපට‍්ඨිතො අස‍්ස. සම‍්පයොජෙත්‍වාති අප‍්පමත‍්තකං විවාදං කත්‍වා.

තං නො සොස්සාම අපට දෙසූ ධර්මය අසන්නෙමු. ඛුද්දං මධු කුඩා මැස්සන් විසින් තනන ලද දඬු වැල්බෑ මී, අනෙලකං නිදොස්ය. පහවගිය මැස්සන් ඇත්තේය. පපීළෙය්‍ය දෙන්නේය. පච්චාසිංසමානරූපො අපට අහර දෙන්නේ පුරවා නේදැයි භාජන අතින්ගෙන් බලාපොරොත්තු වෙමින් එළඹ සිටියේය. සම්පයොජෙත්‍වා අල්පමාත්‍රවු විවාදයක් කොට,

ඉතරීතරෙනාති ලාමකලාමකෙන. පවිවිත‍්තොති ඉදං පරිබ‍්බාජකො කායවිවෙකමත‍්තං සන්‍ධාය වදති, භගවා පන තීහි විවෙකෙහි විවිත‍්තොව.

ඉතරීතරෙන ලාමක අලාමක දෙයින් වෙන් වී යැයි මේ පිරිවැජියා කායවිවෙක මාත්‍රයක් සඳහා කියයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි තුන් විවේකයෙන්ම වෙන්වූසේක.

කොසකාහාරාපීති දානපතීනං ඝරෙ අග‍්ගභික‍්ඛාඨපනත්‍ථං ඛුද‍්දකසරාවා හොන‍්ති, දානපතිනො අග‍්ගභත‍්තං වා තත්‍ථ ඨපෙත්‍වා භුඤ‍්ජන‍්ති, පබ‍්බජිතෙ සම‍්පත‍්තෙ තං භත‍්තං තස‍්ස දෙන‍්ති. තං සරාවකං කොසකොති වුච‍්චති. තස‍්මා යෙ ච එකෙනෙව භත‍්තකොසකෙන යාපෙන‍්ති, තෙ කොසකාහාරාති. බෙලුවාහාරාති බෙලුවමත‍්තභත‍්තාහාරා. සමතිත‍්තිකන‍්ති ඔට‍්ඨවට‍්ටියා හෙට‍්ඨිමලෙඛාසමං. ඉමිනා ධම‍්මෙනාති ඉමිනා අප‍්පාහාරතාධම‍්මෙන. එත්‍ථ පන සබ‍්බාකාරෙනෙව භගවා අනප‍්පාහාරොති න වත‍්තබ‍්බො. පධානභූමියං ඡබ‍්බස‍්සානි අප‍්පාහාරොව අහොසි, වෙරඤ‍්ජායං තයො මාසෙ පත්‍ථොදනෙනෙව යාපෙසි පාලිලෙය්‍යකවනසණ‍්ඩෙ තයො මාසෙ භිසමුළාලෙහෙව යාපෙසි. ඉධ පන එතමත්‍ථං දස‍්සෙති – “අහං එකස‍්මිං කාලෙ අප‍්පාහාරො අහොසිං, මය‍්හං පන සාවකා ධුතඞ‍්ගසමාදානතො පට‍්ඨාය යාවජීවං ධුතඞ‍්ගං න භින්‍දන‍්තී”ති. තස‍්මා යදි තෙ ඉමිනා ධම‍්මෙන සක‍්කරෙය්‍යුං, මයා හි තෙ විසෙසතරා. අඤ‍්ඤො චෙව පන ධම‍්මො අත්‍ථි, යෙන මං තෙ සක‍්කරොන‍්තීති දස‍්සෙති. ඉමිනා නයෙන සබ‍්බවාරෙසු යොජනා වෙදිතබ‍්බා.

කොසකාහාරාපි දානපතියන්ගේ ගෙහි අග්‍රවු භික්ෂාවතබනු පිණිස කුඩා බඳුන් ඇත. දානපතීහු අගබත් එහි තබා අනුභව කරත්. පැවිද්දා පැමිණි විට ඔහුට දෙති. ඒ බඳුන කොසක යයි කියනු ලැබේ. ඒනිසා යමෙක් එක් බත් පතකින් යැපෙත්ද. ඔවුහු කොසකාහාර වෙති. බෙලුවාහාරා බෙලිගෙඩියක් තරම් බත්. සමතික්කන්තං ඵලලුතැනක යටම නූලමෙන් ඉමිනා ධම්මෙන මේ අල්පාහාරතා ස්වරූපයෙන්, මෙහිදී භාග්‍යවතුන් වහන්සේ සර්වාකාරයෙන් අල්පාහාර ඇත්තෙකැයි නොකිය යුතුය. ප්‍රධන් වීර්යය කරන අවස්ථාවෙහි සයවසක් අල්පාහාර ඇත්තෙක් වූහ. වේරංජාවේදී තුන් මසක් පිටි දියකළ ජලයෙන්ම යැපුණු සේක. පාරිලෙය්‍යක වන ළැහැබෙහි තුන් මසක් නෙළුම් දඬුවෙන්ම යැපුණු සේක. මෙහි මේ අර්ථය දක්වයි. මම එක් කලෙක අල්පාහාර ඇත්තෙක් වීමි. මාගේ ශ්‍රාවකයෝ ධුතාංග සමාදානයෙහි පටන් දිවි ඇතිතාක් ධුතාංගය නොබිඳිති. ඒ නිසා ඉදින් ඔවුන්ට මේ ස්වරූපයෙන් සත්කාර කරත්නම් එය මට සත්කාර කිරීමක් නොවේ. ඔවුහු මට වඩා විශේෂයක් ඇත්තෝ වෙති. ඔවුන් මට සත්කාර කරන වෙනත් ස්වභාව ඇත්තේයයි දක්වයි. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි යෙදීම දතයුතුය.

පංසුකූලිකාති සමාදින‍්නපංසුකූලිකඞ‍්ගා. ලූඛචීවරධරාති සත්‍ථසුත‍්තලූඛානි චීවරානි ධාරයමානා. නන‍්තකානීති අන‍්තවිරහිතානි වත්‍ථඛණ‍්ඩානි, යදි හි නෙසං අන‍්තො භවෙය්‍ය, පිලොතිකාති සඞ‍්ඛං ගච‍්ඡෙය්‍යුං. උච‍්චිනිත්‍වාති ඵාලෙත්‍වා දුබ‍්බලට‍්ඨානං පහාය ථිරට‍්ඨානමෙව ගහෙත්‍වා. අලාබුලොමසානීති අලාබුලොමසදිසසුත‍්තානි සුඛුමානීති දීපෙති. එත‍්තාවතා ච සත්‍ථා චීවරසන‍්තොසෙන අසන‍්තුට‍්ඨොති න වත‍්තබ‍්බො. අතිමුත‍්තකසුසානතො හිස‍්ස පුණ‍්ණදාසියා පාරුපිත්‍වා පාතිතසාණපංසුකූලං ගහණදිවසෙ උදකපරියන‍්තං කත්‍වා මහාපථවී අකම‍්පි. ඉධ පන එතමත්‍ථං දස‍්සෙති – “අහං එකස‍්මිංයෙව කාලෙ පංසුකූලං ගණ‍්හිං, මය‍්හං පන සාවකා ධුතඞ‍්ගසමාදානතො පට‍්ඨාය යාවජීවං ධුතඞ‍්ගං න භින්‍දන‍්තී”ති.

පංසුකූලකා සමාදන්වූ පංසුකූලික අංග ඇත්තෝ, ලුඛචීවරධරා ආයුධයකින් කැපූ රළු සිවුරු දරන්නාහු නන්ත කානි කෙළවරනැති, කෙළවරවල් නැති රෙදිකැබලි, කෙළවරක් තිබේනම් පිළෝතික ගණනට නොයයි. උච්චිනිත්‍වා පලා, දුර්වල තැන් හැර තිරතිර තැන් ගෙන, අලාපුලොමසානි පුහුල් කෙඳි හා සමාන සියම් නුල් යයි දක්වයි. මෙපමණකින් ශාස්තෲන් වහන්සේ චීවර සන්තෝෂයෙන් අසතුටට පත්වූහයි නොකියයුතුයි. උන්වහන්සේ අතිමුත්තක සොහොනින් පුණ්ණදාසිය පොරවා අත්හැර දැමු වැහැරි පංසුකූලය ගන්නා දිනයෙහි මහා පෘථිවිය ජල පර්යන්තය තෙක් කම්පාවිය. මෙහි මේ අර්ථය දක්වයි. මම එක් කලෙක පංසුකූලය ගත්තෙමි. මාගේ ශ්‍රාවකයෝ ධුතාංග සමාදානයෙහි පටන් දිවි ඇතිතාක් ධුතාංගය නොබිඳිති.

පිණ‍්ඩපාතිකාති අතිරෙකලාභං පටික‍්ඛිපිත්‍වා සමාදින‍්නපිණ‍්ඩපාතිකඞ‍්ගා. සපදානචාරිනොති ලොලුප‍්පචාරං පටික‍්ඛිපිත්‍වා සමාදින‍්නසපදානචාරා. උඤ‍්ඡාසකෙ වතෙ රතාති උඤ‍්ඡාචරියසඞ‍්ඛාතෙ භික‍්ඛූනං පකතිවතෙ රතා, උච‍්චනීචඝරද‍්වාරට‍්ඨායිනො හුත්‍වා කබරමිස‍්සකං භත‍්තං සංහරිත්‍වා පරිභුඤ‍්ජන‍්තීති අත්‍ථො. අන‍්තරඝරන‍්ති බ්‍රහ‍්මායුසුත‍්තෙ උම‍්මාරතො පට‍්ඨාය අන‍්තරඝරං, ඉධ ඉන්‍දඛීලතො පට‍්ඨාය අධිප‍්පෙතං. එත‍්තාවතා ච සත්‍ථා පිණ‍්ඩපාතසන‍්තොසෙන අසන‍්තුට‍්ඨොති න වත‍්තබ‍්බො, අප‍්පාහාරතාය වුත‍්තනියාමෙනෙව පන සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං. ඉධ පන එතමත්‍ථං දස‍්සෙති – “අහං එකස‍්මිංයෙව කාලෙ නිමන‍්තනං න සාදයිං, මය‍්හං පන සාවකා ධුතඞ‍්ගසමාදානතො පට‍්ඨාය යාවජීවං ධුතඞ‍්ගං න භින්‍දන‍්තී”ති.

පිණ්ඩපාතිකා අතිරේක ලාභ අත්හැර සමාදන් වූ පිණ්ඩපාතිකංග ඇත්තාහු. සපදාන චාරිකො කෑදරකමින් හැසිරිම ප්‍රතික්ෂේප කොට සමාදන්වූ පිළිවෙළින් ඇවිදීම් ඇත්තාහු උඤ්ජෙපකෙ චවතෙ රතා උඤ්ඡාචරිය සංඛ්‍යාතවු භික්‍ෂූන්ගේ ප්‍රකෘති ව්‍රතයෙහි ඇලුණාහු උස්මිටි දොර සිටින්නාහු වී කසල මිශ්‍රවූ ආහාර එකතුකොට වළඳති යන අර්ථයි. අන්තරසරං බ්‍රහ්මායු සූත්‍රයෙහි උළුවස්සෙහි සිට ඇතුළු ගෙට, මෙහි ඉන්‍දඛීලයෙහි පටන් අදහස් කරන ලදී. මෙපමණකින් ශාස්තෲන් වහන්සේ පිණ්ඩපාත සන්තෝෂයෙන් අසතුටු වූහයි නොකිය යුතුය. අල්ප ආහාර ඇති බැවින් කියන ලද පරිද්දෙන්ම සියල්ල විස්තර කළ යුතුවෙයි. ඉති ඉධාපි මේ අර්ථය දක්වන සේක. මම එක්තරා කලකදී ආරාධනය නොඉවසීමි. මාගේ ශ්‍රාවකයෝ ධුතාංග සමාදානයෙහි පටන් දිවි ඇතිතෙක් ධුතාංගය නොබිඳිති.

රුක‍්ඛමූලිකාති ඡන‍්නං පටික‍්ඛිපිත්‍වා සමාදින‍්නරුක‍්ඛමූලිකඞ‍්ගා. අබ‍්භොකාසිකාති ඡන‍්නඤ‍්ච රුක‍්ඛමූලඤ‍්ච පටික‍්ඛිපිත්‍වා සමාදින‍්නඅබ‍්භොකාසිකඞ‍්ගා. අට‍්ඨමාසෙති හෙමන‍්තගිම‍්හිකෙ මාසෙ. අන‍්තොවස‍්සෙ පන චීවරානුග‍්ගහත්‍ථං ඡන‍්නං පවිසන‍්ති. එත‍්තාවතා ච සත්‍ථා සෙනාසනසන‍්තොසෙන අසන‍්තුට‍්ඨොති න වත‍්තබ‍්බො, සෙනාසනසන‍්තොසො පනස‍්ස ඡබ‍්බස‍්සිකමහාපධානෙන ච පාලිලෙය්‍යකවනසණ‍්ඩෙන ච දීපෙතබ‍්බො. ඉධ පන එතමත්‍ථං දස‍්සෙති – “අහං එකස‍්මිංයෙව කාලෙ ඡන‍්නං න පාවිසිං, මය‍්හං පන සාවකා ධුතඞ‍්ගසමාදානතො පට‍්ඨාය යාවජීවං ධුතඞ‍්ගං න භින්‍දන‍්තී”ති.

රුක්‍ඛමූලිකා සෙවන ප්‍රතික්ෂේප කොට සමාදන් වූ රුක්‍ඛමූලිකාංග ඇත්තාහු, අබ්භොකාසිකා සෙවනද රුක්මුලද ප්‍රතික්ෂේප කොට සමාදන්වු අබ්භොකාසික අංග ඇත්තාහු අට්ඨමාසෙ හේමන්ත ගිම්හාන කල්හි ඇතුළුවස චීවරානුග්‍රහය පිණිස සෙවනට පිවිසෙති. මෙපණකින් ශාස්තෲන් වහන්සේ සේනාසන සන්තෝෂයෙන් අසන්තෝෂ වූහයි නොකිය යුතුය. උන්වහන්සේගේ සේනාසන සන්තෝෂයෙන් ෂට්වාර්ෂික මහා ප්‍රධානයෙන් ද, පාරිලෙය්‍යක වන ළැහැබින්ද දැක්විය යුතුවෙයි. මෙහි මේ අර්ථය දක්වන සේක. මම එක්තරා කාලයක සෙවනට හෝ නොපිවිසියෙමි. මාගේ ශ්‍රාවකයෝ ධුතාංග සමාදානයෙහි පටන් දිවි ඇතිතෙක් ධුතාංගය නොබිඳිති.

ආරඤ‍්ඤිකාති ගාමන‍්තසෙනාසනං පටික‍්ඛිපිත්‍වා සමාදින‍්නආරඤ‍්ඤිකඞ‍්ගා. සඞ‍්ඝමජ‍්ඣෙ ඔසරන‍්තීති අබද‍්ධසීමාය කථිතං, බද‍්ධසීමායං පන වසන‍්තා අත‍්තනො වසනට‍්ඨානෙයෙව උපොසථං කරොන‍්ති. එත‍්තාවතා ච සත්‍ථා නො පවිවිත‍්තොති න වත‍්තබ‍්බො, “ඉච‍්ඡාමහං, භික‍්ඛවෙ, අඩ‍්ඪමාසං පටිසල‍්ලියිතු”න‍්ති (පාරා· 162; 565) එවඤ‍්හිස‍්ස පවිවෙකො පඤ‍්ඤායති. ඉධ පන එතමත්‍ථං දස‍්සෙති “අහං එකස‍්මිංයෙව තථාරූපෙ කාලෙ පටිසල‍්ලියිං, මය‍්හං පන සාවකා ධුතඞ‍්ගසමාදානතො පට‍්ඨාය යාවජීවං ධුතඞ‍්ගං න භින්‍දන‍්තී”ති. මමං සාවකාති මං සාවකා.

ආරඤ්ඤතා ශ්‍රාමාන්ත සේනාසනය ප්‍රතික්ෂේප කොට සමාදන්වු ආරණ්‍ය කාංග ඇත්තාහු සඞ්ඝ මජ්ඣෙ ඔතරන්ති අබද්ධ සීමාවෙහි කියන ලද බද්ධසීමාවෙහි වසන්නාහු තමාගේ වසනතැනම පොහොය කරති. මෙපමණකින් ශාස්තෲන් වහන්සේ විවෙක රහිතයයි නොකිව යුතුය. මහණෙනි මම අඩමසක් හුදෙකලාව සිටීමට කැමැත්තෙමි. මෙසේ උන්වහන්සේගේ ප්‍රවිවේකය පැනේ. මෙහිදී මේ අර්ථය දක්වත්. මම එක් එක් සුදුසු කල්හි හුදෙකලා වීමි. මාගේ ශ්‍රාවකයෝ ධුතාංග සමාදානයෙහි පටන් දිවි ඇතිතාක් ධුතාංගය නොබිඳිති. මමං සාවකා මා ශ්‍රාවකයෝ,

සනිදානන‍්ති සප‍්පච‍්චයං. කිං පන අප‍්පච‍්චයං නිබ‍්බානං න දෙසෙතීති. නො න දෙසෙති, සහෙතුකං පන තං දෙසනං කත්‍වා දෙසෙති, නො අහෙතුකන‍්ති. සප‍්පාටිහාරියන‍්ති පුරිමස‍්සෙවෙතං වෙවචනං, සකාරණන‍්ති අත්‍ථො. තං වතාති එත්‍ථ වතාති නිපාතමත‍්තං.

සනිදානං ප්‍රත්‍ය සහිත, අප්‍රත්‍යය යනු කිම: නිර්වාණය නොදෙසානුයි නොදෙසනුයේද නොවේ. ඒ දේශනාව හේතු සහිත කොට දෙසයි අහේතුක වශයෙන් නොවේ. සප්පාටිහාරියං පෙරකියුදෙයට මෙය වෙනත් වචනයකි. කාරණ සහිතය යන අර්ථයි. තංවත මෙහි වත යනු නිපාත මාත්‍රයෙකි.

අනාගතං වාදපථන‍්ති අජ‍්ජ ඨපෙත්‍වා ස‍්වෙ වා පුනදිවසෙ වා අඩ‍්ඪමාසෙ වා මාසෙ වා සංවච‍්ඡරෙ වා තස‍්ස තස‍්ස පඤ‍්හස‍්ස උපරි ආගමනවාදපථං. න දක‍්ඛතීති යථා සච‍්චකො නිගණ‍්ඨො අත‍්තනො නිග‍්ගහණත්‍ථං ආගතකාරණං විසෙසෙත්‍වා වදන‍්තො න අද‍්දස, එවං න දක‍්ඛතීති නෙතං ඨානං විජ‍්ජති. සහධම‍්මෙනාති සකාරණෙන. අන‍්තරන‍්තරා කථං ඔපාතෙය්‍යුන‍්ති මම කථාවාරං පච‍්ඡින්‍දිත්‍වා අන‍්තරන‍්තරෙ අත‍්තනො කථං පවෙසෙය්‍යුන‍්ති අත්‍ථො. න ඛො පනාහං, උදායීති, උදායි, අහං අම‍්බට‍්ඨසොණදණ‍්ඩකූටදන‍්තසච‍්චකනිගණ‍්ඨාදීහි සද‍්ධිං මහාවාදෙ වත‍්තමානෙපි – “අහො වත මෙ එකසාවකොපි උපමං වා කාරණං වා ආහරිත්‍වා දදෙය්‍යා”ති එවං සාවකෙසු අනුසාසනිං න පච‍්චාසීසාමි. මමයෙවාති එවරූපෙසු ඨානෙසු සාවකා මමයෙව අනුසාසනිං ඔවාදං පච‍්චාසීසන‍්ති.

අනාගතං වා වාදපථං අදසිට හෙට හෝ ඉන්පසුදින හෝ අඩමසෙකින් හෝ මසකින් හෝ වසරකින් හෝ ඒ ඒ ප්‍රශ්නයට මතුවට වන වාදමාර්ගය නදක්ඛති සච්චක නිගණ්ඨයා තමාට නිග්‍රහ කරනු පිණිස ආ කරුණ විශේෂ කොට කියන්නේ. නොදැක්කේය. එසේ නොදකීයැයි මේ කරුණ නොපෙනේ. සහධම්මෙන කරුණු සහිතව, අන්තරන්තරා කථං ඔපාතෙය්‍යුං මාගේ කථා වාරය නවත්වා අතරතුර තමාගේ කථාව ප්‍රවේශ කරන්නේ යන අර්ථය. නඛො පනායං උදායි උදායි මම අම්බට්ඨ සොණදණ්ඩ කූටදන්ත සච්චක හො නිගණ්ඨයන් සමග මහා වාද පවත්නා කල්හිද මාගේ එක් සව්වෙක් යන උපමාවක් හෝ කාරණයක් ගෙන හැර දෙන්නේනම් මැනැවැයි. මෙසේ ශ්‍රාවකයන් කෙරෙහි අනුශාසනාවක් අපේක්‍ෂා නොකරමි. ධම්මං යෙව එබඳු තැන්වලදී ශ්‍රාවකයෝ මාගේම අනුශාසනාව සහ අවවාදය අපේක්ෂා කරති.

තෙසාහං චිත‍්තං ආරාධෙමීති තෙසං අහං තස‍්ස පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන චිත‍්තං ගණ‍්හාමි සම‍්පාදෙමි පරිපූරෙමි, අඤ‍්ඤං පුට‍්ඨො අඤ‍්ඤං න බ්‍යාකරොමි, අම‍්බං පුට‍්ඨො ලබුජං විය ලබුජං වා පුට‍්ඨො අම‍්බං විය. එත්‍ථ ච “අධිසීලෙ සම‍්භාවෙන‍්තී”ති වුත‍්තට‍්ඨානෙ බුද‍්ධසීලං නාම කථිතං, “අභික‍්කන‍්තෙ ඤාණදස‍්සනෙ සම‍්භාවෙන‍්තී”ති වුත‍්තට‍්ඨානෙ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං, “අධිපඤ‍්ඤාය සම‍්භාවෙන‍්තී”ති වුත‍්තට‍්ඨානෙ ඨානුප‍්පත‍්තිකපඤ‍්ඤා, “යෙන දුක‍්ඛෙනා”ති වුත‍්තට‍්ඨානෙ සච‍්චබ්‍යාකරණපඤ‍්ඤා. තත්‍ථ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණඤ‍්ච සච‍්චබ්‍යාකරණපඤ‍්ඤඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පඤ‍්ඤා අධිපඤ‍්ඤං භජති.

තෙසාහං විත්තං ආරාධෙමි මම ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීමෙන් සිත් සදමි. පුරවාලමි. එකක් ඇසුවිට අනිකක් නොකියමි. අඹ ගැන ඇසු විට ලබු ගැනද ලබු ගැන ඇසු විට අඹ ගැනද කියන්නාක් මෙන් එත්‍ථච අධිසීලෙ සම්භාවෙන්ති යැයි කියු තැන බුද්ධශිලය කියන ලදී. අභික්කන්තෙ ඤාණදස්සනෙ සම්භාවෙන්ති යැයි කියූ තැන සර්වඥතා ඥානයයි. අධිපඤ්ඤාය සම්භාවෙන්ති යැයි කියූ තැන ස්ථානොත්පත්තික ප්‍රඥාවයි. යෙන දුක්ඛෙන යැයි කියු තන්හි සත්‍යප්‍රකාශ කරන ප්‍රඥාවයි එහි සර්වඥතාඥානයද සත්‍ය ප්‍රකාශ කරන ප්‍රඥාවද හැර අවශේෂ ප්‍රඥාවෝ අධිප්‍රඥාව භජනය කරති.

ඉදානි තෙසං තෙසං විසෙසාධිගමානං පටිපදං ආචික‍්ඛන‍්තො පුන චපරං උදායීතිආදිමාහ. තත්‍ථ අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තාති අභිඤ‍්ඤාවොසානසඞ‍්ඛාතඤ‍්චෙව අභිඤ‍්ඤාපාරමීසඞ‍්ඛාතඤ‍්ච අරහත‍්තං පත‍්තා.

දැන් ඒ ඒ විශේෂ අධිගමයන්ගේ ප්‍රතිපදාව විමසන්නේ පුන චපරං උදායි ආදිය කීහ. එහි අභිඤ්ඤා වොසානං පාරමීප්පත්තා අභිඥාවසාන සංඛ්‍යාත ද අභිඥාපාරමී සංඛ්‍යාතවු රහත්බවට පැමිණි

සම‍්මප‍්පධානෙති උපායපධානෙ. ඡන්‍දං ජනෙතීති කත‍්තුකම්‍යතාකුසලච‍්ඡන්‍දං ජනෙති. වායමතීති වායාමං කරොති. වීරියං ආරභතීති වීරියං පවත‍්තෙති. චිත‍්තං පග‍්ගණ‍්හාතීති චිත‍්තං උක‍්ඛිපති. පදහතීති උපායපධානං කරොති. භාවනාය පාරිපූරියාති වඩ‍්ඪියා පරිපූරණත්‍ථං. අපිචෙත්‍ථ – “යා ඨිති, සො අසම‍්මොසො…පෙ… යං වෙපුල‍්ලං, සා භාවනාපාරිපූරී”ති (විභ· 406) එවං පුරිමං පුරිමස‍්ස පච‍්ඡිමං පච‍්ඡිමස‍්ස අත්‍ථොතිපි වෙදිතබ‍්බං.

සම්මප්පධානෙ උපාය ප්‍රධාන, ඡන්‍දං ජනෙති කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය උපදවාගනී. වායමති උත්සාහ කරයි. විරියං ආරහති වීර්යය පවත්වාගනී. චිත්තං පග්ගණ්හාති සිත ඔසවා තබයි. පදහති උපාය ප්‍රධානය කරයි. භාවනාය පරිපුරියා වර්ධනය සම්පුර්ණ කිරීම පිණිස තව ද මෙහි යම් බුද්ධියක් වේද, යම් සන්සුන් බවක් වේද, යම් විපුලත්වයක් වේද ඒ භාවනාවයි. පරිපුරියනු මෙසේ මුලින් මුලින් ඇති දෙය පසුපසු අර්ථය වේයයිද දතයුතුය.

ඉමෙහි පන සම‍්මප‍්පධානෙහි කිං කථිතං? කස‍්සපසංයුත‍්තපරියායෙන සාවකස‍්ස පුබ‍්බභාගපටිපදා කථිතා. වුත‍්තඤ‍්හෙතං තත්‍ථ –

මේ සම්‍යක් ප්‍රධානයන් ගෙන් කුමක් කියන ලද්දේද? [missing trans] එහි මෙසේ කියන ලදී -

“චත‍්තාරොමෙ, ආවුසො, සම‍්මප‍්පධානා. කතමෙ චත‍්තාරො? ඉධාවුසො, භික‍්ඛු, අනුප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ආතප‍්පං කරොති. උප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ආතප‍්පං කරොති. අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා අනුප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ආතප‍්පං කරොති. උප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යුන‍්ති ආතප‍්පං කරොතී”ති (සං· නි· 2.145).

ඇවැත්නි, සම්‍යක් ප්‍රධාන සතරකි. ඇවැත්නි මෙහි භික්ෂුව මට පාපක අකුසල ධර්ම නූපන්නේය. උපදින්නේ අනර්ථය පිණිස වන්නේයයි තැවෙයි. මාහට උපන් පාපක අකුසලධර්ම ප්‍රහාණය නොකරනු ලබන්නේ අනර්ථය පිණිස වන්නේයයි තැවෙයි. මාහට නූපන් කුසල ධර්ම නූපදින්නේ අනර්ථය පිණිස වන්නේයයි තැවෙයි. මාහට උපන් කුසල ධර්ම නිරුද්ධ වන්නේ අනර්ථය පිණිස වන්නේයයි තැවෙයි.

එත්‍ථ ච පාපකා අකුසලාති ලොභාදයො වෙදිතබ‍්බා. අනුප‍්පන‍්නා කුසලා ධම‍්මාති සමථවිපස‍්සනා චෙව මග‍්ගො ච, උප‍්පන‍්නා කුසලා නාම සමථවිපස‍්සනාව. මග‍්ගො පන සකිං උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣමානො අනත්‍ථාය සංවත‍්තනකො නාම නත්‍ථි. සො හි ඵලස‍්ස පච‍්චයං දත්‍වාව නිරුජ‍්ඣති. පුරිමස‍්මිම‍්පි වා සමථවිපස‍්සනාව ගහෙතබ‍්බාති වුත‍්තං, තං පන න යුත‍්තං.

මෙහි පාවකා අකුසලා ලෝභ ආදිය යැයි දතයුතුය. අනුප්පන්නා කුසලාධම්මා සමථ විදර්ශනා ද මාර්ගයද. උප්පන්නා කුසලාධම්මා සමථ විදර්ශනාව පමණි. මාර්ගය වනාහි වරක් ඉපදී නිරුද්ධ වන්නේ අනර්ථය පිණිස වන්නක් නම් නොවේ. එය ඵලයට හේතුවක් දීම නිරුද්ධ වෙයි. පළමු කී දෙයෙහිද සමථ විදර්ශනා පමණක්ම ගත යුතුයයි කියන ලදී. එය සුදුසු නොවේ.

තත්‍ථ “උප‍්පන‍්නා සමථවිපස‍්සනා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තන‍්තී”ති අත්‍ථස‍්ස ආවිභාවත්‍ථමිදං වත්‍ථු – එකො කිර ඛීණාසවත්‍ථෙරො “මහාචෙතියඤ‍්ච මහාබොධිඤ‍්ච වන්‍දිස‍්සාමී”ති සමාපත‍්තිලාභිනා භණ‍්ඩගාහකසාමණෙරෙන සද‍්ධිං ජනපදතො මහාවිහාරං ආගන‍්ත්‍වා විහාරපරිවෙණං පාවිසි. සායන‍්හසමයෙ මහාභික‍්ඛුසඞ‍්ඝෙ චෙතියං වන්‍දමානෙ චෙතියං වන්‍දනත්‍ථාය න නික‍්ඛමි. කස‍්මා? ඛීණාසවානඤ‍්හි තීසු රතනෙසු මහන‍්තං ගාරවං හොති. තස‍්මා භික‍්ඛුසඞ‍්ඝෙ වන්‍දිත්‍වා පටික‍්කමන‍්තෙ මනුස‍්සානං සායමාසභුත‍්තවෙලායං සාමණෙරම‍්පි අජානාපෙත්‍වා “චෙතියං වන්‍දිස‍්සාමී”ති එකකොව නික‍්ඛමි. සාමණෙරො – “කිං නු ඛො ථෙරො අවෙලාය එකකොව ගච‍්ඡති, ජානිස‍්සාමී”ති උපජ‍්ඣායස‍්ස පදානුපදිකො නික‍්ඛමි. ථෙරො අනාවජ‍්ජනෙන තස‍්ස ආගමනං අජානන‍්තො දක‍්ඛිණද‍්වාරෙන චෙතියඞ‍්ගණං ආරුහි. සාමණෙරොපි අනුපදංයෙව ආරුළ‍්හො.

එහිද උපන් සමථ විදර්ශනා නිරුද්ධ වන්නේ අනර්ථය පිණිස පවතින්නේය යන අර්ථය පහළවීම පිණිස මේ කරුණ වෙයි. එක් ක්ෂීණාශ්‍රව තෙර නමක් මහා චේතියද මහාබෝධියද වඳින්නෙමියි සමාපත්ති ලාභී භාණ්ඩ ගෙනෙන සාමණේර නමක් සමග ජනපදයේ සිට මහා විහාරයට පැමිණ විහාර මළුවට පිවිසියේය. සවස් කාලයෙහි බොහෝ භික්ෂු සංඝයා චෛත්‍ය වඳින කල්හි චෛත්‍යය වඳිනු පිණිස නික්මී නොගියේය. කුමක් හෙයින් ද යත්, ක්ෂීණාශ්‍රවයන්ට ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත්වූ ගෞරවයක් ඇති එහෙයින් භික්ෂු සංඝයා වැඳ ආපසු එනකල්හි මනුෂ්‍යයන් සවස ආහාරය අනුභව කල කල්හි සාමණේරයන්ටද නොදන්වා චෛත්‍යය වඳින්නෙමියි තනිවම නික්මගියේය. සාමණේරයෝ තෙරුන් වහන්සේ අවේලාවෙහි තනියම වඩිති කුමක් නිසාදැයි දැනගන්නෙමිය උපාධ්‍යායන්ගේ පා අනුව නික්මී ගියහ. තෙරුන් වහන්සේ ආවර්ජනය නොකිරීම නිසා ඔහුගේ පැමිණීම නොදැන දකුණු සෑ මළුවට නැංගාහ. සාමණේරයෝද පා අනුවම නැංගාහ.

මහාථෙරො මහාචෙතියං උල‍්ලොකෙත්‍වා බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා සබ‍්බං චෙතසො සමන‍්නාහරිත්‍වා හට‍්ඨපහට‍්ඨො චෙතියං වන්‍දති. සාමණෙරො ථෙරස‍්ස වන්‍දනාකාරං දිස‍්වා “උපජ‍්ඣායො මෙ අතිවිය පසන‍්නචිත‍්තො වන්‍දති, කිං නු ඛො පුප‍්ඵානි ලභිත්‍වා පූජං කරෙය්‍යා”ති චින‍්තෙසි. ථෙරො වන්‍දිත්‍වා උට‍්ඨාය සිරසි අඤ‍්ජලිං ඨපෙත්‍වා මහාචෙතියං උල‍්ලොකෙත්‍වා ඨිතො. සාමණෙරො උක‍්කාසිත්‍වා අත‍්තනො ආගතභාවං ජානාපෙසි. ථෙරො පරිවත‍්තෙත්‍වා ඔලොකෙන‍්තො “කදා ආගතොසී”ති පුච‍්ඡි. තුම‍්හාකං චෙතියං වන්‍දනකාලෙ, භන‍්තෙ. අතිවිය පසන‍්නා චෙතියං වන්‍දිත්‍ථ කිං නු ඛො පුප‍්ඵානි ලභිත්‍වා පූජෙය්‍යාථාති? ආම සාමණෙර ඉමස‍්මිං චෙතියෙ විය අඤ‍්ඤත්‍ර එත‍්තකං ධාතූනං නිධානං නාම නත්‍ථි, එවරූපං අසදිසං මහාථූපං පුප‍්ඵානි ලභිත්‍වා කො න පූජෙය්‍යාති. තෙන හි, භන‍්තෙ, අධිවාසෙථ, ආහරිස‍්සාමීති තාවදෙව ඣානං සමාපජ‍්ජිත්‍වා ඉද‍්ධියා හිමවන‍්තං ගන‍්ත්‍වා වණ‍්ණගන්‍ධසම‍්පන‍්නපුප‍්ඵානි පරිස‍්සාවනං පූරෙත්‍වා මහාථෙරෙ දක‍්ඛිණමුඛතො පච‍්ඡිමං මුඛං අසම‍්පත‍්තෙයෙව ආගන‍්ත්‍වා පුප‍්ඵපරිස‍්සාවනං හත්‍ථෙ ඨපෙත්‍වා “පූජෙථ, භන‍්තෙ,”ති ආහ. ථෙරො “අතිමන්‍දානි නො සාමණෙර පුප‍්ඵානී”ති ආහ. ගච‍්ඡථ, භන‍්තෙ, භගවතො ගුණෙ ආවජ‍්ජිත්‍වා පූජෙථාති.

මහතෙරුන් වහන්සේ මහසෑය දෙස බලා බුද්ධාරම්මණ ප්‍රීතිය ලබා ගෙන මුළුහිතින් සලකා බලා තුටු පහටු වූවාහු සෑය වඳිති. සාමණේරයෝද තෙරුන් වන්දනා කරන ආකාරය දැක මාගේ උපාධ්‍යායයන් වහන්සේ අතිශයින් පහන් සිත් ඇතිව වන්දනා කරති. කිමෙක්ද මල් ලැබ පුජා කරනු ඇතැයි සිතූහ. තෙරුන් වහන්සේ වන්දනා කොට නැගී හිස ඇඳිලි බැඳ මහසෑය දෙස බලා සිටියහ. සාමණේරයෝද කාරා තමා ආබව දැන්වුහ. තෙරුන්වහන්සේ හැරී බලන්නාහු කවදා ආවෙහිදැයි ඇසූහ. ඔබ වහන්සේ සෑය වන්දනා කරන වේලාවේ ස්වාමීනි අතිශයින් පහන්ව සෑය වැන්දාහුය මල් ලදහොත් පූජා කරන්නේද, එසේය සාමරය, මේ සෑයේ තරම් වෙනත් තැනක මෙපමණ ධාතු නිදන්කොට නැත. මෙබඳු අසදෘශ. මහසෑයක් මල් ලැබ පූජා නොකරන්නේ කවරෙක්ද එසේම් ස්වාමීනි මඳක් ඉවසනු මැනවි මල් ගෙන එන්නෙමියි. එකෙණෙහිම ධ්‍යානයට සමවැදී සෘද්ධියෙන් හිමවතට ගොස් වර්ණගන්ධයෙන් යුත් මල් පෙරහනක පුරවා මහතෙරුන් දකුණු දොරටුවෙන් බටහිර දොරටුවට නොපැමිණ සිටියදීම පැමිණ මල් පෙරහන අතෙහි තබා පුදනු මැන ස්වාමීනියි කීහ. සාමණේරය අපගේ මල් ඉතාම ටිකයි තෙරණුවෝ කිහ. යන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ආවර්ජනය කොට පුදනු මැනවි.

ථෙරො පච‍්ඡිමමුඛනිස‍්සිතෙන සොපාණෙන ආරුය‍්හ කුච‍්ඡිවෙදිකාභූමියං පුප‍්ඵපූජං කාතුං ආරද‍්ධො. වෙදිකාභූමියං පරිපුණ‍්ණානි පුප‍්ඵානි පතිත්‍වා දුතියභූමියං ජණ‍්ණුපමාණෙන ඔධිනා පූරයිංසු. තතො ඔතරිත්‍වා පාදපිට‍්ඨිකපන‍්තිං පූජෙසි. සාපි පරිපූරි. පරිපුණ‍්ණභාවං ඤත්‍වා හෙට‍්ඨිමතලෙ විකිරන‍්තො අගමාසි. සබ‍්බං චෙතියඞ‍්ගණං පරිපූරි. තස‍්මිං පරිපුණ‍්ණෙ “සාමණෙර පුප‍්ඵානි න ඛීයන‍්තී”ති ආහ. පරිස‍්සාවනං, භන‍්තෙ, අධොමුඛං කරොථාති. අධොමුඛං කත්‍වා චාලෙසි, තදා පුප‍්ඵානි ඛීණානි. පරිස‍්සාවනං සාමණෙරස‍්ස දත්‍වා සද‍්ධිං හත්‍ථිපාකාරෙන චෙතියං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිත්‍වා පරිවෙණං ගච‍්ඡන‍්තො චින‍්තෙසි – “යාව මහිද‍්ධිකො වතායං සාමණෙරො, සක‍්ඛිස‍්සති නු ඛො ඉමං ඉද‍්ධානුභාවං රක‍්ඛිතු”න‍්ති. තතො “න සක‍්ඛිස‍්සතී”ති දිස‍්වා සාමණෙරමාහ – “සාමණෙර ත්‍වං ඉදානි මහිද‍්ධිකො, එවරූපං පන ඉද‍්ධිං නාසෙත්‍වා පච‍්ඡිමකාලෙ කාණපෙසකාරියා හත්‍ථෙන මද‍්දිතකඤ‍්ජියං පිවිස‍්සසී”ති. දහරකභාවස‍්ස නාමෙස දොසොයං, සො උපජ‍්ඣායස‍්ස කථායං සංවිජ‍්ජිත්‍වා – “කම‍්මට‍්ඨානං මෙ, භන‍්තෙ, ආචික‍්ඛථා”ති න යාචි, අම‍්හාකං උපජ‍්ඣායො කිං වදතීති තං පන අසුණන‍්තො විය අගමාසි.

තෙරණුවෝ බටහිර දොරටුවට නගින පියගැටපෙළින් නැග ඇතුළත වේදිකා භූමියෙහි මල්පුජා කිරීමට පටන්ගත්හ. වේදිකා භූමිය පිරිගිය මල් වැටී දෙවැනි වේදිකාව දණක් පමණ පිරිණ. එයින් බැස පාදස්ථල මළුවට පිදූහ. එයද පිරිගියේය. පිරීගිය බව දැන පහතම මළුවෙහි විසුරුවමින් ගියහ. මුළු සෑමළුව පිරී ගියේය. එය පිරීගිය කල්හි සාමණේරය, මල් ඉවර වන්නේ නැතැයි කීහ. ස්වාමීනි පෙරහන යටට හරවනු මැනවැයි කීහ. යටට හරවා සෙලවූහ. එවිට මල් අවසන් විය. පෙරහන සාමණේරයන්ට දී ඔහු සමග ඇත්පවුර වටා සෑය තෙවරක් පැදකුණු කොට දොරටු සතරෙහිදී වැඳ මළුවට යමින් මෙසේ සිතූහ. මේ සාමණේරතෙමේ මහාඍද්ධි ඇත්තෙකි. මේ ඍද්ධි ආනුභාවය රැකගන්ට මොහුට හැකි වන්නේද ඉන් නොහැකිවන්නේ යයි දැක සාමණේරයන්ට මෙසේ කීහ. සාමණේරය ඔබ දැන් මහා ඍද්ධි ඇත්තෙකි. මෙබඳු සෘද්ධියක් නැතිකරගෙන අනාගතයෙහි කණවු පේෂකාරියකගේ අතින් මැඩු කැඳ බොන්නෙහිය. මේ තරුණ බවෙහි දෝෂයකි. හෙතෙමේ උපාධ්‍යායයන් වහන්සේගේ කථාවෙන් කලකිරී ස්වාමීනි. මට කර්මස්ථාන කියාදෙනු මැනවැයි ඉල්ලා නොසිටියේය. අපගේ උපාධ්‍යායන් වහන්සේ කුමක් කියත්දැයි නෑසුණාක් මෙන් ගියේය.

ථෙරො මහාචෙතියඤ‍්ච මහාබොධිඤ‍්ච වන්‍දිත්‍වා සාමණෙරං පත‍්තචීවරං ගාහාපෙත්‍වා අනුපුබ‍්බෙන කුටෙළිතිස‍්සමහාවිහාරං අගමාසි. සාමණෙරො උපජ‍්ඣායස‍්ස පදානුපදිකො හුත්‍වා භික‍්ඛාචාරං න ගච‍්ඡති, “කතරං ගාමං පවිසථ, භන‍්තෙ,”ති පුච‍්ඡිත්‍වා පන “ඉදානි මෙ උපජ‍්ඣායො ගාමද‍්වාරං පත‍්තො භවිස‍්සතී”ති ඤත්‍වා අත‍්තනො ච උපජ‍්ඣායස‍්ස ච පත‍්තචීවරං ගහෙත්‍වා ආකාසෙන ගන‍්ත්‍වා ථෙරස‍්ස පත‍්තචීවරං දත්‍වා පිණ‍්ඩාය පවිසති. ථෙරො සබ‍්බකාලං ඔවදති – “සාමණෙර මා එවමකාසි, පුථුජ‍්ජනිද‍්ධි නාම චලා අනිබද‍්ධා, අසප‍්පායං රූපාදිආරම‍්මණං ලභිත්‍වා අප‍්පමත‍්තකෙනෙව භිජ‍්ජති, සන‍්තාය සමාපත‍්තියා පරිහීනාය බ්‍රහ‍්මචරියවාසො සන්‍ථම‍්භිතුං න සක‍්කොතී”ති. සාමණෙරො “කිං කථෙති මය‍්හං උපජ‍්ඣායො”ති සොතුං න ඉච‍්ඡති, තථෙව කරොති. ථෙරො අනුපුබ‍්බෙන චෙතියවන්‍දනං කරොන‍්තො කම‍්මුබින්‍දුවිහාරං නාම ගතො. තත්‍ථ වසන‍්තෙපි ථෙරෙ සාමණෙරො තථෙව කරොති.

තෙරණුවෝ මහසෑයද මහාබෝධියද වැඳ සාමණේරයන් ලවා පා සිවුරු ගෙන්වා ගෙන පිළිවෙළින් ගං ඉවුරෙහි තිස්ස මහා විහාරයට ගියහ. සාමණේර තෙමේ උපාධ්‍යායයන්ගේ පා අනුව පිඬුසිඟා නොයයි. ස්වාමීනි කිනම් ගමකට පිවිසෙන්නහු දැයි විචාරා දුන් මාගේ උපාධ්‍යායයන්ගේද පා සිවුරු ගෙන අහසින් ගොස් තෙරුන්ට පා සිවුරු දී පිඬු පිණිස හැසිරෙයි. තෙරණුවෝ සෑම කල්හිම අවවාද දෙති. සාමණේරය එසේ නොකරව. පෘථග්ජන ඍද්ධිය සෙලවෙන සුලුය. නිබඳ නොවේ. අසත්ප්‍රාය රූපාදී අරමුණු ලැබ නොපමාවම බිඳීයයි. සමාපත්ති ඇති කල්හි පිරිහීගොස් බ්‍රහ්මචරිය වාසයෙහි රැඳීසිටින්ට නොහැකිවන්නේය. සාමණේර තෙමේ මාගේ උපාධ්‍යායන් වහන්සේ කුමක් කියත්දැයි අසන්ට නොයයි. එසේම කරයි. තෙරණුවෝ පිළිවෙළින් චෛත්‍යවන්දනා කරමින් කපුවෙණ නම් විහාරයකට ගියහ. එහි තෙරුන් වසන කල්හිද සාමණේර තෙමේ එසේම කරයි.

අථෙකදිවසං එකා පෙසකාරධීතා අභිරූපා පඨමවයෙ ඨිතා කම‍්මබින්‍දුගාමතො නික‍්ඛමිත්‍වා පදුමස‍්සරං ඔරුය‍්හ ගායමානා පුප‍්ඵානි භඤ‍්ජති. තස‍්මිං සමයෙ සාමණෙරො පදුමස‍්සරමත්‍ථකෙන ගච‍්ඡති, ගච‍්ඡන‍්තො පන සිලෙසිකාය කාණමච‍්ඡිකා විය තස‍්සා ගීතසද‍්දෙ බජ‍්ඣි. තාවදෙවස‍්ස ඉද‍්ධි අන‍්තරහිතා, ඡින‍්නපක‍්ඛකාකො විය අහොසි. සන‍්තසමාපත‍්තිබලෙන පන තත්‍ථෙව උදකපිට‍්ඨෙ අපතිත්‍වා සිම‍්බලිතූලං විය පතමානං අනුපුබ‍්බෙන පදුමසරතීරෙ අට‍්ඨාසි. සො වෙගෙන ගන‍්ත්‍වා උපජ‍්ඣායස‍්ස පත‍්තචීවරං දත්‍වා නිවත‍්ති. මහාථෙරො “පගෙවෙතං මයා දිට‍්ඨං, නිවාරියමානොපි න නිවත‍්තිස‍්සතී”ති කිඤ‍්චි අවත්‍වා පිණ‍්ඩාය පාවිසි.

ඉක්බිති එක්දවසක් එක් අතිශයින් රූමත් තරුණ වයසෙහි සිටි පේෂකාර දියණියක් කපුවෙණ ගමින් නික්ම නෙළුම් විලට බැස ගයමින් මල් කඩයි. එකල්හි නෙළුම් විල මතින් යන සාමණේර තෙමේ ලහටුවෙහි කණ මැස්සක මෙන් ඇයගේ ශීත ශබ්දයෙහි බැඳුණේය. එකෙණෙහි ඍද්ධිය අතුරුදහන් වී පියාපත් සිඳුණු කපුටකු මෙන් විය. සප්ත සමාපත්ති බලයෙන් එහි ජලය මතුපිට නොවැටී පුළුන් පොදක මෙන් වැටෙමින් පිළිවෙළින් නෙළුම් විල ඉවුරෙහි සිටියේය. හේ වේගයෙන් ගොස් උපාධ්‍යායයන්ට පා සිවුරු දී නැවතුණේය. මහතෙරණුවෝ කලින්ම මෙය මා විසින් දක්නා ලද්දේයයි වළක්වනු ලබන්නේමද නොනවතින්නේමයයි කිසිවක් නොකියා පිඬු පිණිස පිවිසියහ.

සාමණෙරො ගන‍්ත්‍වා පදුමසරතීරෙ අට‍්ඨාසි තස‍්සා පච‍්චුත‍්තරණං ආගමයමානො. සාපි සාමණෙරං ආකාසෙන ගච‍්ඡන‍්තඤ‍්ච පුන ආගන‍්ත්‍වා ඨිතඤ‍්ච දිස‍්වා “අද‍්ධා එස මං නිස‍්සාය උක‍්කණ‍්ඨිතො”ති ඤත්‍වා “පටික‍්කම සාමණෙරා”ති ආහ. සො පටික‍්කමි. ඉතරා පච‍්චුත‍්තරිත්‍වා සාටකං නිවාසෙත්‍වා තං උපසඞ‍්කමිත්‍වා “කිං, භන‍්තෙ,”ති පුච‍්ඡි. සො තමත්‍ථං ආරොචෙසි. සා බහූහි කාරණෙහි ඝරාවාසෙ ආදීනවං බ්‍රහ‍්මචරියවාසෙ ආනිසංසඤ‍්ච දස‍්සෙත්‍වා ඔවදමානාපි තස‍්ස උක‍්කණ‍්ඨං විනොදෙතුං අසක‍්කොන‍්තී – “අයං මම කාරණා එවරූපාය ඉද‍්ධියා පරිහීනො, න දානි යුත‍්තං පරිච‍්චජිතු”න‍්ති ඉධෙව තිට‍්ඨාති වත්‍වා ඝරං ගන‍්ත්‍වා මාතාපිතූනං තං පවත‍්තිං ආරොචෙසි. තෙපි ආගන‍්ත්‍වා නානප‍්පකාරං ඔවදමානා වචනං අග‍්ගණ‍්හන‍්තං ආහංසු – “ත්‍වං අම‍්හෙ උච‍්චකුලාති සල‍්ලක‍්ඛෙසි, මයං පෙසකාරා. සක‍්ඛිස‍්සසි පෙසකාරකම‍්මං කාතු”න‍්ති සාමණෙරො ආහ – “උපාසක ගිහිභූතො නාම පෙසකාරකම‍්මං වා කරෙය්‍ය නළකාරකම‍්මං වා, කිං ඉමිනා සාටකමත‍්තෙන ලොභං කරොථා”ති. පෙසකාරො උදරෙ බද‍්ධසාටකං දත්‍වා ඝරං නෙත්‍වා ධීතරං අදාසි.

සාමණේර තෙමේ ගොස් නෙළුම් විල ඉවුරෙහි ඇය නැවත ගොඩවන තුරු සිටියේය. ඇය ද සාමණේරයන් අහසින් යනුද නැවත අවුත් සිටිනුද දැක මොහු ඒකාන්තයෙන් මා නිසා කලකිරුණේ වනැයි දැන ඉවත්වන්න සාමණේරයැයි කීවාය. හේ ඉවත්විය. ඇය ගොඩවී සළුව හැඳ ඔහු වෙත එළඹ ඇයි ස්වාමීනියි ඇසුවාය. හේ ඒ කරුණ දැන්වීය. ඈ බොහෝ කරුණුවලින් ගෘහවාසයෙහි ආදීනවද බ්‍රහ්මචරිය වාසයෙහි ආනිසංසද දක්වා අවවාද කළත් ඔහුගේ උකටලීබව නැතිකරන්ට නොහැකිවන්නී මේතෙමේ මා කරණ කොට ගෙන මෙබඳු සෘද්ධියකින් පිරිහී ගියේය. දැන් අත්හරින්ට සුදුසු නොවේයයි මෙහිම සිටුවයි කියා ගෙට ගොස් මව්පියන්ට ඒ බව දැන්වුවාය. ඔවුහුද අවුත් නානාප්‍රකාරයෙන් අවවාද දෙන්නාහු වචන පිළිනොගන්නා ඔහුට මෙසේ කීහ. ඔබ අපි උසස් කුල ඇත්තෝ යයි සලකන්නෙහිය. අපි රෙදිවියන්නෝ වෙමු. පේෂකාර කර්මය කරන්ට හැකි ද සාමණේර තෙමේ මෙසේ කීය. උපාසකය ගිහිවූවෙක් රෙදි විවීම හෝ බටපතුරුවැඩ හෝ කරන්නේය. ඉන් ඇති වැඩය කිම. සළු මාත්‍රයෙහි ලෝභ නොකරන්න. පේෂකාරයා කරබැඳි සළුව දී දුව දුන්නේය.

සො පෙසකාරකම‍්මං උග‍්ගණ‍්හිත්‍වා පෙසකාරෙහි සද‍්ධිං සාලාය කම‍්මං කරොති. අඤ‍්ඤෙසං ඉත්‍ථියො පාතොව භත‍්තං සම‍්පාදෙත්‍වා ආහරිංසු, තස‍්ස භරියා න තාව ආගච‍්ඡති. සො ඉතරෙසු කම‍්මං විස‍්සජ‍්ජෙත්‍වා භුඤ‍්ජමානෙසු තසරං වට‍්ටෙන‍්තො නිසීදි. සා පච‍්ඡා අගමාසි. අථ නං සො “අතිචිරෙන ආගතාසී”ති තජ‍්ජෙසි. මාතුගාමො ච නාම අපි චක‍්කවත‍්තිරාජානං අත‍්තනි පටිබද‍්ධචිත‍්තං ඤත්‍වා දාසං විය සල‍්ලක‍්ඛෙති. තස‍්මා සා එවමාහ – “අඤ‍්ඤෙසං ඝරෙ දාරුපණ‍්ණලොණාදීනි සන‍්නිහිතානි, බාහිරතො ආහරිත්‍වා දායකා පෙසනතකාරකාපි අත්‍ථි, අහං පන එකිකාව, ත්‍වම‍්පි මය‍්හං ඝරෙ ඉදං අත්‍ථි ඉදං නත්‍ථීති න ජානාසි. සචෙ ඉච‍්ඡසි, භුඤ‍්ජ, නො චෙ ඉච‍්ඡසි, මා භුඤ‍්ජා”ති. සො “න කෙවලඤ‍්ච උස‍්සූරෙ භත‍්තං ආහරසි, වාචායපි මං ඝට‍්ටෙසී”ති කුජ‍්ඣිත්‍වා අඤ‍්ඤං පහරණං අපස‍්සන‍්තො තමෙව තසරදණ‍්ඩකං තසරතො ලුඤ‍්චිත්‍වා ඛිපි. සා තං ආගච‍්ඡන‍්තං දිස‍්වා ඊසකං පරිවත‍්ති. තසරදණ‍්ඩකස‍්ස ච කොටි නාම තිඛිණා හොති, සා තස‍්සා පරිවත‍්තමානාය අක‍්ඛිකොටියං පවිසිත්‍වා අට‍්ඨාසි. සා උභොහි හත්‍ථෙහි වෙගෙන අක‍්ඛිං අග‍්ගහෙසි, භින‍්නට‍්ඨානතො ලොහිතං පග‍්ඝරති. සො තස‍්මිං කාලෙ උපජ‍්ඣායස‍්ස වචනං අනුස‍්සරි – “ඉදං සන්‍ධාය මං උපජ‍්ඣායො ‘අනාගතෙ කාලෙ කාණපෙසකාරියා හත්‍ථෙහි මද‍්දිතකඤ‍්ජියං පිවිස‍්සසී’ති ආහ, ඉදං ථෙරෙන දිට‍්ඨං භවිස‍්සති, අහො දීඝදස‍්සී අය්‍යො”ති මහාසද‍්දෙන රොදිතුං ආරභි. තමෙනං අඤ‍්ඤෙ – “අලං, ආවුසො, මා රොදි, අක‍්ඛි නාම භින‍්නං න සක‍්කා රොදනෙන පටිපාකතිකං කාතු”න‍්ති ආහංසු. සො “නාහමෙතමත්‍ථං රොදාමි, අපිච ඛො ඉමං සන්‍ධාය රොදාමී”ති සබ‍්බං පටිපාටියා කථෙසි. එවං උප‍්පන‍්නා සමථවිපස‍්සනා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තන‍්ති.

හේ පේෂකාර කර්මය ඉගෙන පේෂකාරයන් සමග ශාලාවෙහි වැඩ කරයි. අන් අයගේ ස්ත්‍රීහු උදෑසනම බත් සදාගෙන ආහ. ඔහුගේ බිරිය තවමත් නොඑයි. හේ අන්‍යයන් වැඩ නවත්වා ආහාර අනුභව කරන කල්හි නඩාව ගසමින්ම හුන්නේය. ඈ පසුවී ගියාය. ඉක්බිති හේ ඇයට පමාවී පැමිණියානේදැයි තර්ජනය කළේය. ගැහැණුනම් සක්විති රජකු වුවත් තමා කෙරෙහි පිළිබඳ සිතක් ඇත්තකු යයි දත්විට ඔහු දාසයකු මෙන් සලකත්. ඒනිසා ඈ මෙසේ කීවාය. අන්අයගේ ගෙහි දර කොළ ලුණු ආදිය තැන්පත් කර ගෙන ඇත. බැහැරින් ගෙනවුත් දෙන පණිවිඩකරුවෝද ඇත. මම ඉන් එකියකි. ඔබද මාගේ ගෙහි මෙය ඇත මෙය නැතැයි නො දන්නෙහිය. කැමති නම් කන්න නැත්නම් නොකන්න හේ මැය ඉර බැසගිය පසු බත් ගෙන එන්නී පමණක් නොව වචනයෙනුත් මට ගටතිය කිපී පහරදීමට අන් යමක් නොදක්නේ තසර දඩුව යන්ත්‍රයෙන් කඩාගෙන දමා ගැසීය. ඇය ද එය එනු දැක කණුවකට මුවා වූවාය. නඩාවෙහි කොන තියුණුය. ඈ එය එනවිට ඇස් කොනක ඇනී සිටියේය. ඈ දෑතින්ම වේගයෙන් ඇස අල්ලා ගත්තීය. බිඳුණු තැනින් ලේ ගලයි. හේ එවිට උපාධ්‍යායයන් වහන්සේගේ වචන සිහි කළේය. මේ සඳහා මාගේ උපාධ්‍යායයන් වහන්සේ අනාගතයෙහි පේෂකාරියකගේ අතින් මිරිකනලද කැඳ බොන්නෙහියයි කීහ. මෙය තෙරුන් විසින් දක්නා ලද්දේ වන්නේය. අනේ දුර දක්නා ආර්යයන් වහන්සේ යැයි මහහඬින් හඬන්ට පටන්ගති. අන්‍යයෝ නොහඬන්න දරුව, බිඳුණු ඇස හැඬීමෙන් ප්‍රකෘතිමත් කිරීමට නොහැකිය. හේ මම ඒනිසා නොහඬමි. එසේ වුවත් මේ කරුණ නිසා හඬමියි සියල්ල පිළිවෙළින් කීය. මෙසේ උපන් සමථවිදර්ශනා නිරුද්ධවන්නේ අනර්ථය පිණිස වන්නේය.

අපරම‍්පි වත්‍ථු – තිංසමත‍්තා භික‍්ඛූ කල්‍යාණිමහාචෙතියං වන්‍දිත්‍වා අටවිමග‍්ගෙන මහාමග‍්ගං ඔතරමානා අන‍්තරාමග‍්ගෙ ඣාමඛෙත‍්තෙ කම‍්මං කත්‍වා ආගච‍්ඡන‍්තං එකං මනුස‍්සං අද‍්දසංසු. තස‍්ස සරීරං මසිමක‍්ඛිතං විය අහොසි. මසිමක‍්ඛිතංයෙව එකං කාසාවං කච‍්ඡං පීළෙත්‍වා නිවත්‍ථං, ඔලොකියමානො ඣාමඛාණුකො විය ඛායති. සො දිවසභාගෙ කම‍්මං කත්‍වා උපඩ‍්ඪජ‍්ඣායමානානං දාරූනං කලාපං උක‍්ඛිපිත්‍වා පිට‍්ඨියං විප‍්පකිණ‍්ණෙහි කෙසෙහි කුම‍්මග‍්ගෙන ආගන‍්ත්‍වා භික‍්ඛූනං සම‍්මුඛෙ අට‍්ඨාසි. සාමණෙරා දිස‍්වා අඤ‍්ඤමඤ‍්ඤං ඔලොකයමානා, – “ආවුසො, තුය‍්හං පිතා තුය‍්හං මහාපිතා තුය‍්හං මාතුලො”ති හසමානා ගන‍්ත්‍වා “කොනාමො ත්‍වං උපාසකා”ති නාමං පුච‍්ඡිංසු. සො නාමං පුච‍්ඡිතො විප‍්පටිසාරී හුත්‍වා දාරුකලාපං ඡඩ‍්ඩෙත්‍වා වත්‍ථං සංවිධාය නිවාසෙත්‍වා මහාථෙරෙ වන්‍දිත්‍වා “තිට‍්ඨථ තාව, භන‍්තෙ,”ති ආහ. මහාථෙරා අට‍්ඨංසු.

තවත් කථාවක් ඇත. භික්ෂූහු තිස්නමක් පමණ කැළණි මහ සෑය වැඳ කැලෑමාර්ගයකින් මහමඟට බසින්නාහු අතරමග දැවීගිය කෙතක වැඩ කොට එන එක් මිනිසකු දුටහ. ඔහුගේ සිරුර දැලි ගැවී තිබුණේය. දැලි තැවරුණු එක් කහකඩක් කිහිල්ලට තද කොට හැඳ සිටිනු බලන විට දැවීගිය කණුවක් මෙන් වැටහෙයි. හේ දවල්කාලයෙහි වැඩකොට අඩක් දැවීගිය දර කඳන් ඔසවා පිටදිගේ විසිරුණු කෙසින් යුතුව කුඩා මගකින් අවුත් භික්‍ෂුන් හමුවෙහි සිටියේය. සාමණේරයෝ ඔහු දැක ඔවුනොවුන් දෙස බලා සිනා සෙමින් ඇවැත්නි, මේ ඔබේ තාත්තා. ඔබගේ මහතාත්තාය, ඔබගේ මාමායැයි සිනා සෙමින් ගොස් උපාසකය, ඔබගේ නම කුමක්දැයි ඇසූහ. නම අසනු ලැබු ඔහු විපිළිසරව දර දඬුව ඉවතලා රෙදිකඩ සදාගෙන හැඳ වැඳ ස්වාමීනි මඳක් හිඳින්නැයි කීය. මහ තෙරවරු සිටියහ.

දහරසාමණෙරා ආගන‍්ත්‍වා මහාථෙරානං සම‍්මුඛාපි පරිහාසං කරොන‍්ති. උපාසකො ආහ – “භන‍්තෙ, තුම‍්හෙ මං පස‍්සිත්‍වා පරිහසථ, එත‍්තකෙනෙව මත්‍ථකං පත‍්තම‍්හාති මා සල‍්ලක‍්ඛෙථ. අහම‍්පි පුබ‍්බෙ තුම‍්හාදිසොව සමණො අහොසිං. තුම‍්හාකං පන චිත‍්තෙකග‍්ගතාමත‍්තකම‍්පි නත්‍ථි, අහං ඉමස‍්මිං සාසනෙ මහිද‍්ධිකො මහානුභාවො අහොසිං, ආකාසං ගහෙත්‍වා පථවිං කරොමි, පථවිං ආකාසං. දූරං ගණ‍්හිත්‍වා සන‍්තිකං කරොමි, සන‍්තිකං දූරං. චක‍්කවාළසතසහස‍්සං ඛණෙන විනිවිජ‍්ඣාමි. හත්‍ථෙ මෙ පස‍්සථ, ඉදානි මක‍්කටහත්‍ථසදිසා, අහං ඉමෙහෙව හත්‍ථෙහි ඉධ නිසින‍්නොව චන්‍දිමසූරියෙ පරාමසිං. ඉමෙසංයෙව පාදානං චන්‍දිමසූරියෙ පාදකථලිකං කත්‍වා නිසීදිං. එවරූපා මෙ ඉද‍්ධි පමාදෙන අන‍්තරහිතා, තුම‍්හෙ මා පමජ‍්ජිත්‍ථ. පමාදෙන හි එවරූපං බ්‍යසනං පාපුණන‍්ති. අප‍්පමත‍්තා විහරන‍්තා ජාතිජරාමරණස‍්ස අන‍්තං කරොන‍්ති. තස‍්මා තුම‍්හෙ මඤ‍්ඤෙව ආරම‍්මණං කරිත්‍වා අප‍්පමත‍්තා හොථ, භන‍්තෙ,”ති තජ‍්ජෙත්‍වා ඔවාදමදාසි. තෙ තස‍්ස කථෙන‍්තස‍්සෙව සංවෙගං ආපජ‍්ජිත්‍වා විපස‍්සමානා තිංසජනා තත්‍ථෙව අරහත‍්තං පාපුණිංසූති. එවම‍්පි උප‍්පන‍්නා සමථවිපස‍්සනා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තන‍්තීති වෙදිතබ‍්බා.

තරුණ සාමණේරයෝ පැමිණ මහතෙරුන් හමුවෙහිද අවඥාකරති. උපාසකයා මෙසේ කීය. ඔබ වහන්සේලා මා දෙස බලා අවඥාකරන්නාහුය. මෙපමණකින් මුදුනට පැමිණියෙමුයි සලකන්නහුය. මම ද පෙර ඔබ වැනිම ශ්‍රමණයෙක් වීමි. ඔබගේ සිතේ එකඟතා මාත්‍රයක් වත් නැත. මම මේ සසුනෙහි මහා සෘද්ධි ඇත්තෙක්ද මහා අනුභාව ඇත්තෙක්ද වීමි. අහස ගෙන පොළොව කරමි. පොළොව ගෙන අහසකරමි. දුර ගෙන ළඟ කරමි. ළඟ දුර සක්වල සිය දහසක් සැණින් විනිවිදිමි. මාගේ මේ අත්දිහා බලන්න. දැන් ඒවා වඳුරු අත් වැනිය. මම මේ අත්වලින්ම මෙහි හිඳගෙනම සඳහිරු ස්පර්ශ කෙළෙමි. මේ පාදවලින් සඳහිරු පාතබනා කොටයක් කොට වාඩිවී සිටියෙමි. මාගේ එබඳුවු සෘද්ධිය ප්‍රමාදය නිසා අතුරුදහන් විය. ඔබ පමා නොවන්න. ප්‍රමාදය නිසා මෙබඳු ව්‍යසනයට පැමිණෙත්. අප්‍රමාදීව වාසය කරන්නෝ ජාති ජරා මරණ කෙළවර කරති. ඒ නිසා ඔබ වහන්සේලා මා මැ අරමුණු කොට අප්‍රමාදීවන්න ස්වාමීනියි තර්ජනය කොට අවවාද කළේය. ඔහු එසේ කියද්දීම ඔවුහු සංවේගයට පැමිණ මැනවින් බලන්නාහු තිස්දෙනම එහිදීම රහත්බවට පැමිණියහ. මෙසේද උපන් සමථ විදර්ශනාවෝ නිරුද්ධ වෙමින් අනර්ථය පිණිස වන්නේ යයි දතයුතුය.

අනුප‍්පන‍්නානං පාපකානන‍්ති චෙත්‍ථ “අනුප‍්පන‍්නො වා කාමාසවො න උප‍්පජ‍්ජතී”තිආදීසු වුත‍්තනයෙන අත්‍ථො වෙදිතබ‍්බො. උප‍්පන‍්නානං පාපකානන‍්ති එත්‍ථ පන චතුබ‍්බිධං උප‍්පන‍්නං වත‍්තමානුප‍්පන‍්නං භුත්‍වාවිගතුප‍්පන‍්නං, ඔකාසකතුප‍්පන‍්නං, භූමිලද‍්ධුප‍්පන‍්නන‍්ති. තත්‍ථ යෙ කිලෙසා විජ‍්ජමානා උප‍්පාදාදිසමඞ‍්ගිනො, ඉදං වත‍්තමානුප‍්පන‍්නං නාම. කම‍්මෙ පන ජවිතෙ ආරම‍්මණරසං අනුභවිත්‍වා නිරුද‍්ධවිපාකො භුත්‍වා විගතං නාම. කම‍්මං උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධං භවිත්‍වා විගතං නාම. තදුභයම‍්පි භුත්‍වාවිගතුප‍්පන‍්නන‍්ති සඞ‍්ඛං ගච‍්ඡති. කුසලාකුසලං කම‍්මං අඤ‍්ඤස‍්ස කම‍්මස‍්ස විපාකං පටිබාහිත්‍වා අත‍්තනො විපාකස‍්ස ඔකාසං කරොති, එවං කතෙ ඔකාසෙ විපාකො උප‍්පජ‍්ජමානො ඔකාසකරණතො පට‍්ඨාය උප‍්පන‍්නොති සඞ‍්ඛං ගච‍්ඡති. ඉදං ඔකාසකතුප‍්පන‍්නං නාම. පඤ‍්චක‍්ඛන්‍ධා පන විපස‍්සනාය භූමි නාම. තෙ අතීතාදිභෙදා හොන‍්ති. තෙසු අනුසයිතකිලෙසා පන අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා. අතීතඛන්‍ධෙසු අනුසයිතාපි හි අප‍්පහීනාව හොන‍්ති, අනාගතඛන්‍ධෙසු, පච‍්චුප‍්පන‍්නඛන්‍ධෙසු අනුසයිතාපි අප‍්පහීනාව හොන‍්ති. ඉදං භූමිලද‍්ධුප‍්පන‍්නං නාම. තෙනාහු පොරාණා – “තාසු තාසු භූමීසු අසමුග‍්ඝාතිතකිලෙසා භූමිලද‍්ධුප‍්පන‍්නාති සඞ‍්ඛං ගච‍්ඡන‍්තී”ති.

අනුප්පන්නානං පාපකානං මෙහි උත්පන්න වර්තමාන උත්පපන්නවී. විගත උත්පන්න ඔකාසකත උප්පන්න භූමිලද්ධ උත්පන්නයයි චතුර්විධ උත්පන්නයෝ වෙති. එහි යම් ක්ලේශයෝ පෙනෙමින් උත්පාද ආදියෙන් යුක්ත වූවාහුද මේ වත්තමානුප්පන්න නම් කර්ම ජීවිතයෙහි අරමුණු රසය විඳ නිරුද්ධවී ගිය විපාක ඇතිවී විගත නම්වේ. කර්මය ඉපදී නිරුද්ධවී විගත නම් වේ. ඒ දෙකම විගතඋත්පන්න යයි ප්‍රසිද්ධියට යයි. කුසල අකුසල කර්මය අන්‍යයකුගේ විපාකය බැහැර කොට තමාගේ විපාකයට ඉඩ සලසාගනී මෙසේ අවකාශ ඇතිකරගත් කල්හි විපාකය උපදිමින් අවකාශකරණයේ පටන් උපන්නේයයි කියනු ලැබේ. මෙය ඔකාස කත උප්පන්න නම් පංචස්කන්ධය වනාහි විදර්ශනාවගේ භූමියයි. ඒවා අතීත ආදී භේද ඇත්තේය. ඔවුන් අතර නිදාගත් කෙලෙස් අතීත හෝ අනාගත හෝ වර්තමාන යැයි නොකිය යුතුය. අතීත ස්කන්ධයන්හි නිදාගත් ක්ලේශයෝද ප්‍රහීණ නොවූවාහුම වෙති. මේ භූවිලද්ධ උත්පන්න නම් පෝරාණයෝ එයින් කීහ. ඒ ඒ භූමිවල ඝාතනය නොවූ කෙලෙස් භූමිලද්ධුප්පන්න යයි ගණනට යෙයි.

අපරම‍්පි චතුබ‍්බිධං උප‍්පන‍්නං සමුදාචාරුප‍්පන‍්නං, ආරම‍්මණාධිගහිතුප‍්පන‍්නං, අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං අසමුග‍්ඝාතිතුප‍්පන‍්නන‍්ති. තත්‍ථ සම‍්පති වත‍්තමානංයෙව සමුදාචාරුප‍්පන‍්නං නාම. සකිං චක‍්ඛූනි උම‍්මීලෙත්‍වා ආරම‍්මණෙ නිමිත‍්තෙ ගහිතෙ අනුස‍්සරිතානුස‍්සරිතක‍්ඛණෙ කිලෙසා නුප‍්පජ‍්ජිස‍්සන‍්තීති න වත‍්තබ‍්බා. කස‍්මා? ආරම‍්මණස‍්ස අධිගහිතත‍්තා. යථා කිං? යථා ඛීරරුක‍්ඛස‍්ස කුඨාරියා ආහතාහතට‍්ඨානෙ ඛීරං න නික‍්ඛමිස‍්සතීති න වත‍්තබ‍්බං, එවං. ඉදං ආරම‍්මණාධිගහිතුප‍්පන‍්නං නාම. සමාපත‍්තියා අවික‍්ඛම‍්භිතා කිලෙසා පන ඉමස‍්මිං නාම ඨානෙ නුප‍්පජ‍්ජිස‍්සන‍්තීති න වත‍්තබ‍්බා. කස‍්මා? අවික‍්ඛම‍්භිතත‍්තා. යථා කිං? යථා සචෙ ඛීරරුක‍්ඛෙ කුඨාරියා ආහනෙය්‍යුං, ඉමස‍්මිං නාම ඨානෙ ඛීරං න නික‍්ඛමෙය්‍යාති න වත‍්තබ‍්බං, එවං. ඉදං අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං නාම. මග‍්ගෙන අසමුග‍්ඝාතිතකිලෙසා පන භවග‍්ගෙ නිබ‍්බත‍්තස‍්සාපි උප‍්පජ‍්ජන‍්තීති පුරිමනයෙනෙව විත්‍ථාරෙතබ‍්බං. ඉදං අසමුග‍්ඝාතිතුප‍්පන‍්නං නාම.

තවත් චතුර්විධ උත්පන්න යෝ වෙති. සමුදාචාරුප්පන්න, ආරම්මණාධිගිහිතුප්පන්න, අවික්ඛමභිතුප්පන්න අසමුග්ඝාතිතුප්පන්න යනුවෙන් එහි දැන් පවත්නා උත්පන්නයම සමුදාචාරුප්පන්න නමි වරක් ඇස් ඇර අරමුණු නිමිති ගත් කල්හි සිහිකළ සිහිකළ කෙණෙහි කෙලෙස් නූපදින්නේ යයි නොකිය යුතුය. කුමක් හෙයින්දයත් අරමුණ අධිගෘහිත බැවිනි. කෙසේද යම්සේ කිරි ගහක පොරොවෙන් ගැසු ගැසු තැන කිරි නොනික් මෙන්නේයයි නොකිය යුතුය. මෙසේ මෙය ආරම්මණාධිගහිතුප්පන්න නමි සමාපත්තියෙන් විෂ්කම්භනය නොකළ කෙලෙස් මෙතැන නූපදින්නේ යයි නොකියයුතුය. කුමක්නිසාදයත්, අවිෂ්කම්භිතවු බැවිනි. කුමක්සේද? යම්සේ සාරවූ කිරිගසකට පොරොවෙන් කොටත්ද මෙතැන කිරි නොතික් මෙන්නේයයි නොකිය යුතුය. මෙසේ මෙය අවික්ඛමභිතුප්පන්න නමි මාර්ගයෙන් නොනසනු ලැබු කෙලෙස් භවාග්‍රයෙහි උපන්නහුටද උපදීතියි පෙර පරිද්දෙන්ම විස්තර කළ යුතුය. මෙය අසමුග්ඝාතිතුප්පන්න නම්

ඉමෙසු උප‍්පන‍්නෙසු වත‍්තමානුප‍්පන‍්නං භුත්‍වාවිගතුප‍්පන‍්නං ඔකාසකතුප‍්පන‍්නං සමුදාචාරුප‍්පන‍්නන‍්ති චතුබ‍්බිධං උප‍්පන‍්නං න මග‍්ගවජ‍්ඣං, භූමිලද‍්ධුප‍්පන‍්නං ආරම‍්මණාධිගහිතුප‍්පන‍්නං අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං අසමුග‍්ඝාතිතුප‍්පන‍්නන‍්ති චතුබ‍්බිධං මග‍්ගවජ‍්ඣං. මග‍්ගො හි උප‍්පජ‍්ජමානො එතෙ කිලෙසෙ පජහති. සො යෙ කිලෙසෙ පජහති, තෙ අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා. වුත‍්තම‍්පි චෙතං –

මේවා උපන් කල්හි වත්තමානුප්පන්නය වී විගතුප්පන්න ඔකාසකතුප්පන්න සමුදාචාරුප්පන්න යැයි චතුර්විධ උප්පන්නය මාර්ගය නොමරන්නේ වේ. භූමිලද්ධුප්පන්න, ආරම්මණාඨගනිතුප්පන්න, අවික්‍ඛමහි තුප්පන්න, අසමුග්ඝාතිතුප්පන්න යන චතුර්විධ උත්පන්න මාර්ග මරන්නේ වේ. මාර්ගය උපදිමින් මේ කෙලෙස් අත්හැරදමයි. ඒවා අතීත හෝ අනාගත හෝ වර්තමාන යැයි නොකිය යුතුයි. මෙය කියන ලද්දේද වෙයි.

“හඤ‍්චි අතීතෙ කිලෙසෙ පජහති, තෙන හි ඛීණං ඛෙපෙති, නිරුද‍්ධං නිරොධෙති, විගතං විගමෙති අත්‍ථඞ‍්ගතං අත්‍ථඞ‍්ගමෙති. අතීතං යං නත්‍ථි, තං පජහති. හඤ‍්චි අනාගතෙ කිලෙසෙ පජහති, තෙන හි අජාතං පජහති, අනිබ‍්බත‍්තං, අනුප‍්පන‍්නං, අපාතුභූතං පජහති. අනාගතං යං නත්‍ථි, තං පජහති, හඤ‍්චි පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහති, තෙන හි රත‍්තො රාගං පජහති, දුට‍්ඨො දොසං, මූළ‍්හො මොහං, විනිබද‍්ධො මානං, පරාමට‍්ඨො දිට‍්ඨිං, වික‍්ඛෙපගතො උද‍්ධච‍්චං, අනිට‍්ඨඞ‍්ගතො විචිකිච‍්ඡං, ථාමගතො අනුසයං පජහති. කණ‍්හසුක‍්කධම‍්මා යුගනද‍්ධා සමමෙව වත‍්තන‍්ති. සංකිලෙසිකා මග‍්ගභාවනා හොති…පෙ… තෙන හි නත්‍ථි මග‍්ගභාවනා, නත්‍ථි ඵලසච‍්ඡිකිරියා, නත්‍ථි කිලෙසප‍්පහානං, නත්‍ථි ධම‍්මාභිසමයොති. අත්‍ථි මග‍්ගභාවනා…පෙ… අත්‍ථි ධම‍්මාභිසමයොති. යථා කථං විය, සෙය්‍යථාපි තරුණො රුක‍්ඛො අජාතඵලො…පෙ… අපාතුභූතායෙව න පාතුභවන‍්තී”ති.

යම්හෙයකින් අතීතවු කෙලෙස් අත්හරීද, එසේ නම් කෂීණාවු දෙය ගෙවාදමයි. නිරුද්ධ වූ දෙය නිරුද්ධ කරයි. අර්ථගත වු දෙය අස්තංගත කරයි. අතීතවු යමක් නැද්ද එය අත්හැර දමයි යනුවෙන් යම් හෙයකින් අනාගත කෙලෙස් අත්හැරදමයිද එසේනම් නුපන් කෙලෙස්ද අත්හැර දමයි. නූපන් පහළනොවූ කෙලෙස් අත්හැරදමයි. අනාගතවු යමක් නැද්ද එය අත්හැර දමයි යනුවෙන් දුෂ්ටවූයේ දෝෂයද, මෝඩ වුයේ මෝහයද විනිවිදින ලද්දේ මානයද පරාමර්ශනය කරන ලද්දේ දෘෂ්ටිය ද තිෂ්ඨාවට නොගියේ විචිකිච්ඡාවද, ශක්තිමත්බවට ගියේ අනුසයද අත්හැරදමයි. කලුසුදු ධර්මයෝ එකට බැදී පවතිත්. කිළිටිවු මාර්ගභාවනා වෙයි. එසේනම් මාර්ගභාවනාවක් නැත. ඵලසාක්ෂාත් කිරිමක් නැත. ක්ලේශ ප්‍රහාණයක් නැත. ධර්මාභිසමයක් නැත. මාර්ගභාවනාවක් ඇත. -පෙ- ධර්මාභිසමයක් ඇත. කෙසේද යම්සේ තරුණ ගසක් -පෙ- පහළනොවූ දෙයක්ම පහළ වේද?

ඉති පාළියං අජාතඵලරුක‍්ඛො ආගතො, ජාතඵලරුක‍්ඛෙන පන දීපෙතබ‍්බං. යථා හි සඵලො තරුණම‍්බරුක‍්ඛො, තස‍්ස ඵලානි මනුස‍්සා පරිභුඤ‍්ජෙය්‍යුං, සෙසානි පාතෙත්‍වා පච‍්ඡියො පූරෙය්‍යුං. අථඤ‍්ඤො පුරිසො තං ඵරසුනා ඡින්‍දෙය්‍ය, තෙනස‍්ස නෙව අතීතානි ඵලානි නාසිතානි හොන‍්ති, න අනාගතපච‍්චුප‍්පන‍්නානි නාසිතානි. අතීතානි හි මනුස‍්සෙහි පරිභුත‍්තානි, අනාගතානි අනිබ‍්බත‍්තානි, න සක‍්කා නාසෙතුං. යස‍්මිං පන සමයෙ සො ඡින‍්නො, තදා ඵලානියෙව නත්‍ථීති පච‍්චුප‍්පන‍්නානිපි අනාසිතානි. සචෙ පන රුක‍්ඛො අච‍්ඡින‍්නො, අථස‍්ස පථවීරසඤ‍්ච ආපොරසඤ‍්ච ආගම‍්ම යානි ඵලානි නිබ‍්බත‍්තෙය්‍යුං, තානි නාසිතානි හොන‍්ති. තානි හි අජාතානෙව න ජායන‍්ති, අනිබ‍්බත‍්තානෙව න නිබ‍්බත‍්තන‍්ති, අපාතුභූතානෙව න පාතුභවන‍්ති, එවමෙව මග‍්ගො නාපි අතීතාදිභෙදෙ කිලෙසෙ පජහති, නාපි න පජහති. යෙසඤ‍්හි කිලෙසානං මග‍්ගෙන ඛන්‍ධෙසු අපරිඤ‍්ඤාතෙසු උප‍්පත‍්ති සියා, මග‍්ගෙන උප‍්පජ‍්ජිත්‍වා ඛන්‍ධානං පරිඤ‍්ඤාතත‍්තා තෙ කිලෙසා අජාතාව න ජායන‍්ති, අනිබ‍්බත‍්තාව න නිබ‍්බත‍්තන‍්ති, අපාතුභූතාව න පාතුභවන‍්ති, තරුණපුත‍්තාය ඉත්‍ථියා පුන අවිජායනත්‍ථං, බ්‍යාධිතානං රොගවූපසමනත්‍ථං පීතභෙසජ‍්ජෙහි චාපි අයමත්‍ථො විභාවෙතබ‍්බො. එවං මග‍්ගො යෙ කිලෙසෙ පජහති, තෙ අතීතා වා අනාගතා වා පච‍්චුප‍්පන‍්නා වාති න වත‍්තබ‍්බා, න ච මග‍්ගො කිලෙසෙ න පජහති. යෙ පන මග‍්ගො කිලෙසෙ පජහති, තෙ සන්‍ධාය “උප‍්පන‍්නානං පාපකාන”න‍්තිආදි වුත‍්තං.

මෙසේ පාළියෙහි පලහට නොගත් ගස ආයේය. ඵලහටගත් ගසින් දැක්විය යුතුය. යම්සේ පල ඇති අඹගසක් මිනිස්සු එහි ගෙඩි අනුභව කරත්නම් ඉතිරිය හලා පස් පුරවත්නම්, තවත් පුරුෂයෙක් එය පොරොවෙන් සිඳින්නේනම් එයින් එහි අතීත ඵල නොනැසුයේ වෙයි. අනාගත වර්තමාන ඵලද නොනසන ලද්දේ වෙයි. අතීතඵල නොනසනලද්දේ යනු ඒවා මිනිසුන් විසින් පරිභෝග කරන ලද බැවිනි. අනාගත ඵල ඉපදී නැති බැවින් නසන්ට නොහැකිය. යම් කලෙක එය සිඳින ලද්දේද එකල්හි ඵලද නැත. වර්තමාන ඵලද නොනසන ලද ඒවාය. ඉදින් ගස නොකපන ලද්දේනම් ඉක්බිති පෘථුවි රසයද ආපොරසයද පැමිණ යම් ඵලයක් නිපදවයිද ඒවා නසනලද්දේම වෙයි. ඒවා නූපන් ඵලය. නුපදිත්. නොනිපන් ඵල නූපදිත් පහළ නොවූවෝමය. මෙසේ මාර්ගය අතීත ආදී භේද ඇති කෙලෙස් අත්නොහරී. ඉවත් නොකරයි. යම් කෙලෙසුන්ගේ මාර්ගයෙන් ස්කන්ධයන් නොදන්නා කල්හි උත්පත්තියක් වේනම් මාර්ගයෙන් ඉපදී ස්කන්ධයන් දන්නා බැවින් ඒ කෙලෙස් නුපදීම නුපදීත් නොනිපන්නේම නොනිපදෙත්. පහළ නොවූවෝම පහළ නොවෙත්. තරුණ පුත්‍රයකු ඇති ස්ත්‍රියගේ යළි නොවැදීම සඳහා ලෙඩවූවන්ගේ රෝග සුවකිරිම සඳහා බීවූ බෙහෙත් වලින්ද මේ අර්ථය පැහැදිලි කළ යුතුය. මෙසේ මාර්ගය යම් ක්ලේශයක් අත්හරීද ඒ අතීත හෝ අනාගත හෝ වර්තමාන කියා හෝ නොකිය යුතුය. මාර්ගය කෙලෙස් අත්නොහරින්නේ නොවේ.

න කෙවලඤ‍්ච මග‍්ගො කිලෙසෙයෙව පජහති, කිලෙසානං පන අප‍්පහීනත‍්තා යෙ ච උප‍්පජ‍්ජෙය්‍යුං උපාදින‍්නකක‍්ඛන්‍ධා, තෙපි පජහතියෙව. වුත‍්තම‍්පි චෙතං – “සොතාපත‍්තිමග‍්ගඤාණෙන අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස නිරොධෙන සත‍්ත භවෙ ඨපෙත්‍වා අනමතග‍්ගෙ සංසාරෙ යෙ උප‍්පජ‍්ජෙය්‍යුං නාමඤ‍්ච රූපඤ‍්ච, එත්‍ථෙතෙ නිරුජ‍්ඣන‍්තී”ති (චූළනි· 6) විත්‍ථාරො. ඉති මග‍්ගො උපාදින‍්නඅනුපාදින‍්නතො වුට‍්ඨාති. භවවසෙන පන සොතාපත‍්තිමග‍්ගො අපායභවතො වුට‍්ඨාති, සකදාගාමිමග‍්ගො සුගතිභවෙකදෙසතො, අනාගාමිමග‍්ගො සුගතිකාමභවතො, අරහත‍්තමග‍්ගො රූපාරූපභවතො වුට‍්ඨාති. සබ‍්බභවෙහි වුට‍්ඨාතියෙවාතිපි වදන‍්ති.

මාර්ගය යම් ක්ලේශයක් අත්හරීද ඒ සඳහා උප්පන්නානං පාපකානං ආදිය කියන ලදී. මාර්ගය හුදෙක් ක්ලේශයන් පමණක් අත්හරින්නේ නොවේ. කෙලෙස් ප්‍රහීණ නොවූ බැවින් යමෙක් උපදීත් ද උපාදින්නස්කන්ධ ඒවාද අත්හැර දමන්නේමය. මෙයද කියනලදී. සෝතාපන්න මාර්ග ඥානයෙන් අභිසංඛාර විඤ්ඤාණය නිරෝධ වීමෙන් සප්ත භවයන් හැර අනවරාග්‍ර සංසාරයෙහි යමෙක් උපදිත්ද මෙහි ඒ නාමයද රූපයද නිරුද්ධ වෙති යන්න විස්තරයයි ඉතිමග්ගො උපාදින්න අනුපාදින්නතො වුට්ඨා භවංගයෙන් සෝතාපත්ති මාර්ගය අපායභාවයෙන් නැගිටී සකෘදාගාමි මාර්ගය සුගතිභවයෙන් කොටසකි. අනාගාමි මාර්ගය සුගතිකාම භවයෙන් කොටසකි. අර්හත් මාර්ගය රූපාරූප භවයෙන් නැගිටියි. සියලු භවයන්ගෙන් නැගීටී යයිද කියති.

අථ මග‍්ගක‍්ඛණෙ කථං අනුප‍්පන‍්නානං උප‍්පාදාය භාවනා හොති, කථං වා උප‍්පන‍්නානං ඨිතියාති. මග‍්ගප‍්පවත‍්තියායෙව. මග‍්ගො හි පවත‍්තමානො පුබ‍්බෙ අනුප‍්පන‍්නපුබ‍්බත‍්තා අනුප‍්පන‍්නො නාම වුච‍්චති. අනාගතපුබ‍්බඤ‍්හි ඨානං ආගන‍්ත්‍වා අනනුභූතපුබ‍්බං වා ආරම‍්මණං අනුභවිත්‍වා වත‍්තාරො භවන‍්ති “අනාගතට‍්ඨානං ආගතම‍්හා, අනනුභූතං ආරම‍්මණං අනුභවාමා”ති. යා චස‍්ස පවත‍්ති, අයමෙව ඨිති නාමාති ඨිතියා භාවෙතීතිපි වත‍්තුං වට‍්ටති.

මාර්ගක්ෂණයෙහි නූපන්නවුන්ගේ ඉපදවීම පිණිස භාවනාව කෙසේවේද, උපන්නවුන්ගේ පැවැත්ම පිණිස කෙසේවේද? මාර්ග පැවැත්මෙන්මය. මාර්ගය පවත්වමින් පෙර නුපන් විරූ බැවින් අනුප්පන්නයයි කියනු ලැබේ. නොගිය විරූ තැනට ගොස් අත්දැකීම් නොලද විරූ අරමුණ අත්දැක නොපැමිණි තැනට පැමිණියෙමුයි කියන්නෝද අත්දැකීම් නොලද අරමුණ අත්දකිමුයි කියන්නෝද වෙති. යම්තාක් එය පැවැත්මක්වේද එයම යීතියයිද ඨිතියෙන් වර්ධනය වන්නේයයිද කියන්ට වටී.

ඉද‍්ධිපාදෙසු සඞ‍්ඛෙපකථා චෙතොඛිලසුත‍්තෙ (ම· නි· 1.185 ආදයො) වුත‍්තා. උපසමමානං ගච‍්ඡති, කිලෙසූපසමත්‍ථං වා ගච‍්ඡතීති උපසමගාමී. සම‍්බුජ‍්ඣමානා ගච‍්ඡති, මග‍්ගසම‍්බොධත්‍ථාය වා ගච‍්ඡතීති සම‍්බොධගාමී.

ඍද්ධිපාදයන්හි සංක්ෂේප කථාව චෙතොඛිල සූත්‍රයෙහි කියන ලදි. සංසිඳුවමින් යනුයි හෝ කෙලෙස් උපසමය සඳහා යනුයි උපසමගාමී, අවබෝධ කරවමින් යනුයි හෝ මාර්ග අවබෝධය පිණිස යනුයි සම්බොධගාමී.

විවෙකනිස‍්සිතාදීනි සබ‍්බාසවසංවරෙ වුත‍්තානි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනායං බොධිපක‍්ඛියකථා විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තා.

විවේක නිශ්‍රිත ආදිය සියලු ආශ්‍රව සංවරයෙහි කියන ලදී. මේ එහි සංක්ෂේපයයි. මෙය විස්තර වශයෙන් මේ බෝධිපාක්ෂික කථාව විශුද්ධිමාර්ගයෙහි කියන ලදී.

විමොක‍්ඛකථායං විමොක‍්ඛෙති කෙනට‍්ඨෙන විමොක‍්ඛා, අධිමුච‍්චනට‍්ඨෙන. කො පනායං අධිමුච‍්චනට‍්ඨො නාම? පච‍්චනීකධම‍්මෙහි ච සුට‍්ඨු මුච‍්චනට‍්ඨො, ආරම‍්මණෙ ච අභිරතිවසෙන සුට‍්ඨු මුච‍්චනට‍්ඨො, පිතුඅඞ‍්කෙ විස‍්සට‍්ඨඞ‍්ගපච‍්චඞ‍්ගස‍්ස දාරකස‍්ස සයනං විය අනිග‍්ගහිතභාවෙන නිරාසඞ‍්කතාය ආරම‍්මණෙ පවත‍්තීති වුත‍්තං හොති. අයං පනත්‍ථො පච‍්ඡිමවිමොක‍්ඛෙ නත්‍ථි, පුරිමෙසු සබ‍්බෙසු අත්‍ථි. රූපී රූපානි පස‍්සතීති එත්‍ථ අජ‍්ඣත‍්තකෙසාදීසු නීලකසිණාදිවසෙන උප‍්පාදිතං රූපජ‍්ඣානං රූපං, තදස‍්ස අත්‍ථීති රූපී. බහිද‍්ධා රූපානි පස‍්සතීති බහිද‍්ධාපි නීලකසිණාදීනි රූපානි ඣානචක‍්ඛුනා පස‍්සති. ඉමිනා අජ‍්ඣත‍්ත බහිද‍්ධාවත්‍ථුකෙසු කසිණෙසු උප‍්පාදිතජ‍්ඣානස‍්ස පුග‍්ගලස‍්ස චත‍්තාරිපි රූපාවචරජ‍්ඣානානි දස‍්සිතානි.

විමෝක්ෂ කථාවෙහි විමොක්ඛො විමෝක්ෂ යනු කවරාර්ථයකින්ද? සිත පිහිටුවා ගැනීම් අර්ථයෙන් කුමක්ද මේ අධිමුච්චන අර්ථය? විරුද්ධ ධර්මයන්ගෙන් මනාසේ මිදෙන අර්ථය. අරමුණෙහි ඇලීම්වශයෙන් මනාසේ මිදෙන අර්ථය පියාගේ උකුලෙහි අඟපසඟ දිගහැර සිටින දරුවාට නින්ද මෙන් නිග්‍රහ නොකරන ලද බැවින් සැකනැති බැවින් අරමුණෙහි පවතීයැයි කියන ලදී. මේ අර්ථය පශ්චිම විමෝක්ෂයෙහි නැත. පූර්ව සියල්ලෙහි ඇත. රූපී රූපානි පස්සති මෙහි ඇතුළත කෙස් ආදීන්හි නීලකසිණ ආදීවශයෙන් උපදවනලද රූපය ඔහුට ඇත්තේහුයි රූපී බාහිර රූප දකීනුයි, බාහිර වූ නිලකසිණ ආදී රූප ධ්‍යාන ඇසින් බලයි. මෙයින් ඇතුළත පිටත වස්තු කොට ගත් කසිණයන්හි උපදවාගත් ධ්‍යාන ඇති පුද්ගලයාගේ රූපාවචර ධ්‍යාන සතරක් පෙන්වන ලදී.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤීති අජ‍්ඣත‍්තං න රූපසඤ‍්ඤී, අත‍්තනො කෙසාදීසු අනුප‍්පාදිතරූපාවචරජ‍්ඣානොති අත්‍ථො. ඉමිනා බහිද‍්ධා පරිකම‍්මං කත්‍වා බහිද‍්ධාව උප‍්පාදිතජ‍්ඣානස‍්ස රූපාවචරජ‍්ඣානානි දස‍්සිතානි. සුභන‍්තෙව අධිමුත‍්තො හොතීති ඉමිනා සුවිසුද‍්ධෙසු නීලාදීසු වණ‍්ණකසිණෙසු ඣානානි දස‍්සිතානි. තත්‍ථ කිඤ‍්චාපි අන‍්තොඅප‍්පනායං සුභන‍්ති ආභොගො නත්‍ථි, යො පන සුවිසුද‍්ධං සුභකසිණං ආරම‍්මණං කත්‍වා විහරති, සො යස‍්මා සුභන‍්ති අධිමුත‍්තො හොතීති වත‍්තබ‍්බතං ආපජ‍්ජති, තස‍්මා එවං දෙසනා කතා. පටිසම‍්භිදාමග‍්ගෙ පන “කථං සුභන‍්තෙව අධිමුත‍්තො හොතීති විමොක‍්ඛො. ඉධ භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති…පෙ… මෙත‍්තාය භාවිතත‍්තා සත‍්තා අප‍්පටිකූලා හොන‍්ති. කරුණාසහගතෙන, මුදිතාසහගතෙන, උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති…පෙ… උපෙක‍්ඛාය භාවිතත‍්තා සත‍්තා අප‍්පටිකූලා හොන‍්ති. එවං සුභන‍්තෙව අධිමුත‍්තො හොතීති විමොක‍්ඛො”ති (පටි· ම· 1.212) වුත‍්තං.

අජ්ඣත්තං අරූප සඤ්ඤී ඇතුළත අරූපය යන හැගීම ඇත්තේ, තමාගේ කෙස් ආදියෙහි නිපදවන ලද රූපාවචර ධ්‍යානය යන අර්ථය, මෙයින් බාහිරව පිළියම් කොට බාහිරවම උපදවාගත් ධ්‍යාන ඇති පුද්ගලයාගේ රූපවචර ධ්‍යාන දක්වන ලදී. සුභන්තෙව අධිමුත්තො හොති මෙයින් විශුද්ධවූ නීලංදී වර්ණ කසිණයන්හි ධ්‍යාන දක්වන ලදී. එහි කිසිදු ඇතුළත අර්පණයට සුභයයි අදහසක් නැත. යමෙක් අතිපරිශුද්ධ සුභ වු කසිණාරම්මණයක් කොට වාසය කෙරේද, හේ කුමක් හෙයින් සුභයයි විශ්වාසයක් ඇත්තේ වේයැයි කියයුතු බවට පැමිණෙයිද. ඒනිසා මෙසේ දේශනා කරන ලදී. පටිසම්භිදා මග්ගයෙන් සුභාන්තයෙහි විශ්වාසය විමෝක්ෂය වන්නේ කෙසේද? මෙහිදී භික්ෂුවක් මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් -පෙ- වාසය කරයි. මෛත්‍රිය භාවිත කළ බැවින් සත්ත්වයෝ පිළිකුල් සහගත නොවෙත්, කරුණා මුදිතා උපේක්ෂා සහගත චේතනාවෙන් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. උපේක්ෂාව භාවිත කළ බැවින් සත්ත්වයෝ පිළිකුල් සහගත නොවෙති. මෙසේ සුභාන්තයෙහි විශ්වාසය විමෝක්ෂය වේයයි කියන ලදී.

සබ‍්බසො රූපසඤ‍්ඤානන‍්තිආදීසු යං වත‍්තබ‍්බං, තං සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තමෙව. අයං අට‍්ඨමො විමොක‍්ඛොති අයං චතුන‍්නං ඛන්‍ධානං සබ‍්බසො විස‍්සට‍්ඨත‍්තා විමුත‍්තත‍්තා අට‍්ඨමො උත‍්තමො විමොක‍්ඛො නාම.

සබ්බසො රූප සඤ්ඤානං ආදී තන්හි යමක් කිවයුතුද එය විශුද්ධි මාර්ගයෙහි කියන ලදමය. මේ අටවැනි විමෝක්ෂයයි සිව් ස්කන්ධයන් සවාකාරයෙන් දිගහැර ඇති බැවින් විමුක්තවු බැවින්ද අටවැනි උත්තම විමෝක්ෂය නම්.

අභිභායතනකථායං අභිභායතනානීති අභිභවනකාරණානි. කිං අභිභවන‍්ති? පච‍්චනීකධම‍්මෙපි ආරම‍්මණානිපි. තානි හි පටිපක‍්ඛභාවෙන පච‍්චනීකධම‍්මෙ අභිභවන‍්ති, පුග‍්ගලස‍්ස ඤාණුත‍්තරිතාය ආරම‍්මණානි. අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤීතිආදීසු පන අජ‍්ඣත‍්තරූපෙ පරිකම‍්මවසෙන අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී නාම හොති. අජ‍්ඣත‍්තඤ‍්ච නීලපරිකම‍්මං කරොන‍්තො කෙසෙ වා පිත‍්තෙ වා අක‍්ඛිතාරකාය වා කරොති, පීතපරිකම‍්මං කරොන‍්තො මෙදෙ වා ඡවියා වා හත්‍ථතලපාදතලෙසු වා අක‍්ඛීනං පීතට‍්ඨානෙ වා කරොති, ලොහිතපරිකම‍්මං කරොන‍්තො මංසෙ වා ලොහිතෙ වා ජිව‍්හාය වා අක‍්ඛීනං රත‍්තට‍්ඨානෙ වා කරොති, ඔදාතපරිකම‍්මං කරොන‍්තො අට‍්ඨිම‍්හි වා දන‍්තෙ වා නඛෙ වා අක‍්ඛීනං සෙතට‍්ඨානෙ වා කරොති. තං පන සුනීලං සුපීතකං සුලොහිතකං සුඔදාතං න හොති, අසුවිසුද‍්ධමෙව හොති.

අභිඥාආයතන කථාවෙහි : අභිභායතනානි අභිභවනය කරන කරුණු කුමක් අභිබවත්ද. විරුද්ධ ධර්මයන් අරමුණු වේ නම් ඒවා විරුද්ධ භාවය නිසා විරුද්ධ ධර්ම පුද්ගලයාගේ අරමුණ ඥනයෙන් උසස්වු බැවින් අබිබවත් අජ්ඣත්තං රූප සඤ්ඤී ආදී තන්හි ඇතුළත රූප පරිකර්ම වශයෙන් අජ්ඣන්තරූප සඤ්ඤී නම් වේ. ඇතුළත නීල පරිකර්ම කරන්නේ කෙස්හි හෝ හිතෙහි හෝ ඇස්තරුවෙහි හෝ කරයි. පීත පරිකර්මය කරන්නේ මේදයෙහි හෝ සමෙහි හෝ ඇතුල්පතුල්හි හෝ ඇස්වල කහවන් තැන්හි හෝ කරයි. ලෝහිත පරිකර්මය කරන්නේ මසෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ ඇස්වල රතු තැන්වල හෝ කරයි. ඕත පරිකර්මය කරන්නේ ඇටවල හෝ දත්වල හෝ නියවලහෝ ඇස්වල සුදුස්ථානවල හෝ කරයි. ඒවනාහි අතිශයින් නිල්හෝ අතිශයින් කහ හෝ අතිශයින් ලේපාට හෝ අතිශයින් සුදු හෝ නොවේ. විසුදු නොවේ.

එකො බහිද‍්ධා රූපානි පස‍්සතීති යස‍්සෙතං පරිකම‍්මං අජ‍්ඣත‍්තං උප‍්පන‍්නං හොති, නිමිත‍්තං පන බහිද‍්ධා, සො එවං අජ‍්ඣත‍්තං පරිකම‍්මස‍්ස බහිද‍්ධා ච අප‍්පනාය වසෙන – “අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සතී”ති වුච‍්චති. පරිත‍්තානීති අවඩ‍්ඪිතානි. සුවණ‍්ණදුබ‍්බණ‍්ණානීති සුවණ‍්ණානි වා හොන‍්තු දුබ‍්බණ‍්ණානි වා, පරිත‍්තවසෙනෙව ඉදමභිභායතනං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තානි අභිභුය්‍යාති යථා නාම සම‍්පන‍්නගහණිකො කටච‍්ඡුමත‍්තං භත‍්තං ලභිත්‍වා “කිමෙත්‍ථ භුඤ‍්ජිතබ‍්බං අත්‍ථී”ති සඞ‍්කඩ‍්ඪිත්‍වා එකකබළමෙව කරොති, එවමෙවං ඤාණුත‍්තරිකො පුග‍්ගලො විසදඤාණො – “කිමෙත්‍ථ පරිත‍්තකෙ ආරම‍්මණෙ සමාපජ‍්ජිතබ‍්බං අත්‍ථි, නායං මම භාරො”ති තානි රූපානි අභිභවිත්‍වා සමාපජ‍්ජති, සහ නිමිත‍්තුප‍්පාදෙනෙවෙත්‍ථ අප‍්පනං පාපෙතීති අත්‍ථො.

එකො බහිද්ධා රූපානි පස්සති යමකුට මෙසේ පරිකර්මය ඇතුළත උපන්නේ වේද නිමිත්ත පිටතිනි. හේ මෙසේ ඇතුළත උපන් වේද? නිමිත්ත පිටතිනි. හේ මෙසේ ඇතුළත පරිකර්ම කරන්නේ පිටතද අර්පණා වශයෙන් ඇතුළත රූපසඤ්ඤීවෙයි. එකෙක් පිටත රූප බලතියි කියනු ලැබේ. පරිත්තානි නොවඩනලද, සුවණ්ණ දුබ්බණ්ණානි සුවර්ණහෝ වේවා දුර්වර්ණ හෝ වේවා පරිත්ත වශයෙන්ම මේ අභිභායතනය කියන ලද්දේයයි දතයුතුය. තානි අභිභූය්‍ය ග්‍රහණියෙන්යුත් තැනැත්තෙක් හැන්දක් පමණ බත් ලැබ මෙහි කුමක් කෑයුතුදැයි ඇදගෙන එක් පිඬුවක්ම කරයිද එසේම ඥානයෙන් උසස් වු විශදඥානයක් ඇති පුද්ගලයා මේ මැද අරමුණෙහි සමවැදිය යුතු දෙයක් ඇත්ද මෙය මට බාරනොවේයයි ඒ රූප අභිබවා සමවදීද නිමිත්ත උප්පාදනය සමගම මෙහි අර්පණාවට පමුණුවයි යන අර්ථයි.

ජානාමි පස‍්සාමීති ඉමිනා පනස‍්ස ආභොගො කථිතො, සො ච ඛො සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්ස, න අන‍්තොසමාපත‍්තියං. එවංසඤ‍්ඤී හොතීති ආභොගසඤ‍්ඤායපි ඣානසඤ‍්ඤායපි එවංසඤ‍්ඤී හොති. අභිභවසඤ‍්ඤා හිස‍්ස අන‍්තොසමාපත‍්තියං අත්‍ථි, ආභොගසඤ‍්ඤා පන සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්සෙව.

ජානාමිපස්සාමි මෙයින් මොහුගේ සිතිවිල්ල කියන ලදී. හෙතෙමේද සමාපත්තියෙන් නැගුණහුට සමාපත්තිය ඇතුළත මෙබඳු සඤ්ඤා ඇත්තෙක්වේ. අභෝග සඤ්ඤාවෙහිද, ඣාන සඤ්ඤාවෙහිද මෙබදු සඤ්ඤා ඇත්තෙක් වේ. ඔහුට අභිභව සඤ්ඤාව සමාපත්තිය ඇතුළතම වේ. අභෝග සඤ්ඤාව සමාපත්තියෙන් නැගුණහුට පමණකි.

අප‍්පමාණානීති වඩ‍්ඪිතප‍්පමාණානි, මහන‍්තානීති අත්‍ථො. අභිභුය්‍යාති එත්‍ථ පන යථා මහග‍්ඝසො පුරිසො එකං භත‍්තවඩ‍්ඪිතකං ලභිත්‍වා “අඤ‍්ඤාපි හොතු, අඤ‍්ඤාපි හොතු, කිමෙසා මය‍්හං කරිස‍්සතී”ති තං න මහන‍්තතො පස‍්සති, එවමෙව ඤාණුත‍්තරො පුග‍්ගලො විසදඤාණො “කිමෙත්‍ථ සමාපජ‍්ජිතබ‍්බං, නයිදං අප‍්පමාණං, න මය‍්හං චිත‍්තෙකග‍්ගතාකරණෙ භාරො අත්‍ථී”ති තානි අභිභවිත්‍වා සමාපජ‍්ජති, සහ නිමිත‍්තුප‍්පාදෙනෙවෙත්‍ථ අප‍්පනං පාපෙතීති අත්‍ථො.

අප්පමාණානි වඩන ලද ප්‍රමාණ මහත්ය යන අර්ථයි. අභිභූය්‍ය මෙහි යම්සේ උත්සවය අවසානයෙහි ඒ පුරුෂයා එක් බත් බෙදන්නකු ගෙන තවද වේවා තවදවේවා මෙය මට කුමක් කරන්නද, එය මහත්සේ නොදකී. මෙසේම ඥානයෙන් උසස්වූ විශදඥානයක් ඇති පුද්ගලයා මෙහි සමවැදිය යුත්තක් තිබේ මෙය අප්‍රමාණ නොවේයයි මාහට සිත එකඟ කිරීමෙන් භාරයක් ඇතැයි ඒවා අභිබවා සමවදී නිමිත්ත උත්පාදනයෙන් මෙහි අර්පණාවට පමුණුවයි යන අර්ථයි.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤීති අලාභිතාය වා අනත්‍ථිකතාය වා අජ‍්ඣත‍්තරූපෙ පරිකම‍්මසඤ‍්ඤාවිරහිතො. එකො බහිද‍්ධා රූපානි පස‍්සතීති යස‍්ස පරිකම‍්මම‍්පි නිමිත‍්තම‍්පි බහිද‍්ධාව උප‍්පන‍්නං, සො එවං බහිද‍්ධා පරිකම‍්මස‍්ස චෙව අප‍්පනාය ච වසෙන – “අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සතී”ති වුච‍්චති. සෙසමෙත්‍ථ චතුත්‍ථාභිභායතනෙ වුත‍්තනයමෙව. ඉමෙසු පන චතූසු පරිත‍්තං විතක‍්කචරිතවසෙන ආගතං, අප‍්පමාණං මොහචරිතවසෙන, සුවණ‍්ණං දොසචරිතවසෙන, දුබ‍්බණ‍්ණං රාගචරිතවසෙන. එතෙසඤ‍්හි එතානි සප‍්පායානි. සා ච නෙසං සප‍්පායතා විත්‍ථාරතො විසුද‍්ධිමග‍්ගෙචරියනිද‍්දෙසෙ වුත‍්තා.

අජ්ඣත්තං අරූප සඤ්ඤී නොලැබීම නිසා හෝ අර්ථයක් නැති නිසා හෝ ඇතුළත රූපයෙහි පරිකර්මසංඥානැති එකෙක් පිටතරූප දකී. යමකුගේ පරිකර්මයත් නිමිත්තත් පිටතින් උපන්නේ වේද හේ මෙසේ පිටත පරිකර්මයද අර්පණාවද වශයෙන් ඇතුළත අරූප සංඥා ඇත්තේද එකෙක් පිටතරූප දකීයයි කියනු ලැබේ. මෙහි සෙස්ස සිව්වැනි අභිභායතනයෙහි කියන ලද ක්‍රමය මැයි. මේ සිව්තැන පරිකර්මය විතර්කචරිත වශයෙන් පැමිණියේය. අප්පමාණය මෝහචරිත වශයෙනි. සුවර්ණය දෝෂචරිත වශයෙනි. දුර්වර්ණය රාගචරිත වශයෙනි. මේවායෙහි මෙම සත්ප්‍රාය වෙයි. මොවුන්ගේ සත්ප්‍රාය බව විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි චරියා නිද්දේසයෙහි කියනලදී.

පඤ‍්චමඅභිභායතනාදීසු නීලානීති සබ‍්බසඞ‍්ගාහිකවසෙන වුත‍්තං. නීලවණ‍්ණානීති වණ‍්ණවසෙන. නීලනිදස‍්සනානීති නිදස‍්සනවසෙන. අපඤ‍්ඤායමානවිවරානි අසම‍්භින‍්නවණ‍්ණානි එකනීලානෙව හුත්‍වා දිස‍්සන‍්තීති වුත‍්තං හොති. නීලනිභාසානීති ඉදං පන ඔභාසවසෙන වුත‍්තං, නීලොභාසානි නීලපභායුත‍්තානීති අත්‍ථො. එතෙන නෙසං සුවිසුද‍්ධතං දස‍්සෙති. විසුද‍්ධවණ‍්ණවසෙනෙව හි ඉමානි චත‍්තාරි අභිභායතනානි වුත‍්තානි. උමාපුප‍්ඵන‍්ති එතඤ‍්හි පුප‍්ඵං සිනිද‍්ධං මුදුං දිස‍්සමානම‍්පි නීලමෙව හොති. ගිරිකණ‍්ණිකපුප‍්ඵාදීනි පන දිස‍්සමානානි සෙතධාතුකානි හොන‍්ති. තස‍්මා ඉදමෙව ගහිතං, න තානි. බාරාණසෙය්‍යකන‍්ති බාරාණසියං භවං. තත්‍ථ කිර කප‍්පාසොපි මුදු, සුත‍්තකන‍්තිකායොපි තන‍්තවායාපි ඡෙකා, උදකම‍්පි සුචි සිනිද‍්ධං, තස‍්මා වත්‍ථං උභතොභාගවිමට‍්ඨං හොති, ද‍්වීසු පස‍්සෙසු මට‍්ඨං මුදු සිනිද‍්ධං ඛායති. පීතානීතිආදීසු ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. “නීලකසිණං උග‍්ගණ‍්හන‍්තො නීලස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති පුප‍්ඵස‍්මිං වා වත්‍ථස‍්මිං වා වණ‍්ණධාතුයා වා”තිආදිකං පනෙත්‍ථ කසිණකරණඤ‍්චෙව පරිකම‍්මඤ‍්ච අප‍්පනාවිධානඤ‍්ච සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරතො වුත‍්තමෙව.

පස්වැනි අභිභායතනාදියෙහි නිලානි යනු සර්වසංග්‍රාහක වශයෙන් කියන ලදී. නීලවණ්ණානි යනු වර්ණ වශයෙනි, නිලානිදස්සනානි යනු නිදර්ශන වශයෙනි. නොපෙනෙන සිදුරු නොබිඳුණු වර්ණ එක් නිලක්වම පෙනේයයි කියන ලද්දේවෙයි. නීලනීභාසානි යනු ඔභාස වශයෙන් කියන ලදී. නීලොභාසානි නිලපභායුත්තානි - නිල්පැහැයෙන් යුතු යන අර්ථයි. මෙහි ඔවුන්ගේ සුවිශුද්ධතාව පෙන්වයි. මේ සිව් අභිභායතන විශුද්ධ වශයෙන්ම කියන ලදී. උම්මාපුප්ඵං මේ සිනිඳු මෘදු මල පෙනුමට නිල්ම වෙයි. ගිරිතිල්ල මල් ආදිය පෙනුමට නිල්ම වෙයි. ගිරිතිල්ල මල් ආදිය පෙනුමට ස්වේත ස්වරූප වෙයි. ඒ නිසා මෙයම ගන්නා ලදී. ඒවා නොවේ බාරාණාසෙය්‍යකං බාරාණසියෙහි වූයේ බාරාණසෙය්‍යක නමි එහි කපුද මෘදුය. නූල් කටින්නෝද රෙදිවියන්නෝද දක්ෂයෝය. ජලයද සුමුදුය. එහි වස්ත්‍ර දෙපැත්තම මෘදුය. දෙපසම මටව මෘදුව සිනිඳුව වියය පීතානි ආදියෙහිද මේ ක්‍රමයෙන්ම අර්ථවේයයි දතයුතුය. නීල කසිණය ඉගෙන ගන්නේ නිලෙහි නිමිත්ත ගනී මලෙහි හෝ වස්ත්‍රයෙහි හෝ වර්ණධාතුවෙහි හෝ ආදිය මෙහි කසිණ කරණයද පරිකර්මයද, අර්පණා විධානයද යන සියල්ල විශුද්ධි මාර්ගයෙහි විස්තර වශයෙන් කියන ලදී.

අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තාති ඉතො පුබ‍්බෙසු සතිපට‍්ඨානාදීසු තෙ ධම‍්මෙ භාවෙත්‍වා අරහත‍්තප‍්පත‍්තාව අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තා නාම හොන‍්ති, ඉමෙසු පන අට‍්ඨසු අභිභායතනෙසු චිණ‍්ණවසීභාවායෙව අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තා නාම.

අභිඤ්ඤාවොසාන පාරමිප්පත්තා මින්පෙර සතිපට්ඨාන ආදියෙහි ඒ ඒ ධර්මයන් වඩා රහත්බවට පත්වූවෝම අභිඥ අවසානයෙහි පාරමී ප්‍රාප්ත වූවෝ නම් වෙති. [missing trans]

කසිණකථායං සකලට‍්ඨෙන කසිණානි, තදාරම‍්මණානං ධම‍්මානං ඛෙත‍්තට‍්ඨෙන අධිට‍්ඨානට‍්ඨෙන වා ආයතනානි. උද‍්ධන‍්ති උපරි ගගනතලාභිමුඛං. අධොති හෙට‍්ඨා භූමිතලාභිමුඛං. තිරියන‍්ති ඛෙත‍්තමණ‍්ඩලමිව සමන‍්තා පරිච‍්ඡින්‍දිත්‍වා. එකච‍්චො හි උද‍්ධමෙව කසිණං වඩ‍්ඪෙති, එකච‍්චො අධො, එකච‍්චො සමන‍්තතො. තෙන තෙන කාරණෙන එවං පසාරෙති ආලොකමිව රූපදස‍්සනකාමො. තෙන වුත‍්තං – “පථවීකසිණමෙකො සඤ‍්ජානාති උද‍්ධංඅධොතිරිය”න‍්ති. අද‍්වයන‍්ති දිසාඅනුදිසාසු අද‍්වයං. ඉදං පන එකස‍්ස අඤ‍්ඤභාවානුපගමනත්‍ථං වුත‍්තං. යථා හි උදකං පවිට‍්ඨස‍්ස සබ‍්බදිසාසු උදකමෙව හොති අනඤ‍්ඤං, එවමෙවං පථවීකසිණං පථවීකසිණමෙව හොති, නත්‍ථි තස‍්ස අඤ‍්ඤො කසිණසම‍්භෙදොති. එස නයො සබ‍්බත්‍ථ. අප‍්පමාණන‍්ති ඉදං තස‍්ස තස‍්ස ඵරණඅප‍්පමාණවසෙන වුත‍්තං. තඤ‍්හි චෙතසා ඵරන‍්තො සකලමෙව ඵරති, අයමස‍්ස ආදි, ඉදං මජ‍්ඣන‍්ති පමාණං ගණ‍්හාතීති. විඤ‍්ඤාණකසිණන‍්ති චෙත්‍ථ කසිණුග‍්ඝාටිමාකාසෙ පවත‍්තං විඤ‍්ඤාණං. තත්‍ථ කසිණවසෙන කසිණුග‍්ඝාටිමාකාසෙ, කසිණුග‍්ඝාටිමාකාසවසෙන තත්‍ථ පවත‍්තවිඤ‍්ඤාණෙ උද‍්ධංඅධොතිරියතා වෙදිතබ‍්බා. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. කම‍්මට‍්ඨානභාවනානයෙන පනෙතානි පථවීකසිණාදීනි විත්‍ථාරතො විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තානෙව. ඉධාපි චිණ‍්ණවසිභාවෙනෙව අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තා හොන‍්තීති වෙදිතබ‍්බා. තථා ඉතො අනන‍්තරෙසු චතූසු ඣානෙසු. යං පනෙත්‍ථ වත‍්තබ‍්බං, තං මහාඅස‍්සපුරසුත‍්තෙ වුත‍්තමෙව.

කසිණ කථාවෙහි සකලාර්ථයෙන් කසිණානි. තදාරම්මණ ධර්මයන්ගේ ක්ෂේත්‍රාර්ථයෙන් හෝ ආයතනානි. උද්ධං උඩ ගුවන්තලයට අභිමුඛවූ. අධො යට භූමිතලයට අභිමුඛවූ තිරියං වෙල්යාය මෙන් හාත්පස පිරිසිඳ සමහරු උද්ධ කසිණය වඩති. සමහරු අධෝ කසිණය වඩති. සමහරු හාත්පසින් වඩති. ඒ ඒ කරුණින් මෙසේ රූපය දකිනු කැමැත්තේ අලෝකය මෙන් ප්‍රසාරණය කරයි. එහෙයින් කියන ලදී. පඨවිකසිණ මෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියන්ති යනුවෙන් අද්වයං මෙය එකක් වෙනස් බවට පැමිණිම පිණිස. යම්සේ ජලයට පිවිසියහුට සෑම දිසාවකම ජලයම වේද අනිකක් නොවේද මෙසේ පඨවි කසිණය පඨවිකසිණයම වේ. එයට වෙනත් කසිණ භේදයක් නැත. සියලු තැන මේ ක්‍රමයයි. අප්පමාණං මෙය ඒ ඒ පැතිරීම් අප්‍රමාණ වශයෙන් කියන ලදි. එයද චේතනාවෙන් පතුරුවන්නේ සියල්ලට පතුරුවයි. මෙයට ආදිමධ්‍යයයි ප්‍රමාණයක් නොගනී. විඤ්ඤාණකසිණං මෙහි කසිණය සෙලවෙන ආකාසයෙහි පැවති විඤ්ඤාණයයි. එහි කසිණ වශයෙන් කසිණය සෙලවෙන ආකාසයෙහි කසිණු ගඝාට මාකාස වශයෙන් එහි පැවති විඤ්ඤාණයෙහි උඩයට හාත්පස බව දතයුතුය. මේ මෙහි සංක්ෂේපයයි. කර්මස්ථාන භාවනා වශයෙන් මෙම පඨවිකසිණ ආදිය විස්තර වශයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය. මෙහිද වර්ණවශී භවයෙන්ම අභිඤ්ඤාවෝසාන පාරමි ප්‍රාප්ත වෙතියි දතයුතුයි. එසේ මෙයින් අනන්තර සිව් ධ්‍යානයන්හි යමක් මෙහි කිවයුතු නම් එය මහා අස්සපුර සුත්‍රයෙහි කියන ලද්දේමය.

විපස‍්සනාඤාණෙ පන රූපීතිආදීනමත්‍ථො වුත‍්තොයෙව. එත්‍ථ සිතමෙත්‍ථ පටිබද‍්ධන‍්ති එත්‍ථ චාතුමහාභූතිකෙ කායෙ නිස‍්සිතඤ‍්ච පටිබද‍්ධඤ‍්ච. සුභොති සුන්‍දරො. ජාතිමාති සුපරිසුද‍්ධආකරසමුට‍්ඨිතො. සුපරිකම‍්මකතොති සුට‍්ඨු කතපරිකම‍්මො අපනීතපාසාණසක‍්ඛරො. අච‍්ඡොති තනුච‍්ඡවි. විප‍්පසන‍්නොති සුට‍්ඨු විප‍්පසන‍්නො. සබ‍්බාකාරසම‍්පන‍්නොති ධොවන වෙධනාදීහි සබ‍්බෙහි ආකාරෙහි සම‍්පන‍්නො. නීලන‍්තිආදීහි වණ‍්ණසම‍්පත‍්තිං දස‍්සෙති. තාදිසඤ‍්හි ආවුතං පාකටං හොති.

විදර්ශනා ඥානයෙහි රූපී ආදීන්ගේ අර්ථය කියන ලද්දේමය. එත්‍ථ සිතං එත්‍ථ පටිබද්ධං මෙහි සතර මහා භූතයන්ගෙන් සැදුණු ශරීරයෙහි ආශ්‍රිතවූ හා බැඳුණු. සුභො සුන්දර, ජාතිමා පිරිසිදු අයුරින් පැනනැගුණු සුපරිකම්මකතො මැනවින් පිරියම්කරන ලද ඉවත් කරනලද පාෂාණ හා ගල්කැට ඇති. අච්ඡො සිරුරෙහි සම... විප්පසන්නො මැනවින් පහන්වූ, සබ්බකාර සම්පන්නො යමෙක් වේදනාදී සියලු ආකාරයෙන් යුත් නීලං ආදියෙන් වර්ණ සම්පත්තිය දක්වයි. එබඳු වසන ලද්දක් ප්‍රකට වෙයි.

එවමෙව ඛොති එත්‍ථ එවං උපමාසංසන්‍දනං වෙදිතබ‍්බං – මණි විය හි කරජකායො. ආවුතසුත‍්තං විය විපස‍්සනාඤාණං. චක‍්ඛුමා පුරිසො විය විපස‍්සනාලාභී භික‍්ඛු. හත්‍ථෙ කරිත්‍වා පච‍්චවෙක‍්ඛතො “අයං ඛො මණී”ති මණිනො ආවිභූතකාලො විය විපස‍්සනාඤාණං අභිනීහරිත්‍වා නිසින‍්නස‍්ස භික‍්ඛුනො චාතුමහාභූතිකකායස‍්ස ආවිභූතකාලො. “තත්‍රිදං සුත‍්තං ආවුත”න‍්ති සුත‍්තස‍්ස ආවිභූතකාලො විය විපස‍්සනාඤාණං අභිනීහරිත්‍වා නිසින‍්නස‍්ස භික‍්ඛුනො තදාරම‍්මණානං ඵස‍්සපඤ‍්චමකානං වා සබ‍්බචිත‍්තචෙතසිකානං වා විපස‍්සනාඤාණස‍්සෙව වා ආවිභූතකාලොති.

එවමෙව ඛො මෙහි මෙසේ උපමා සන්සන්දනය දතයුතුය. කරජකාය මැණිකක් බඳුය. වෙළාගත් නූල මෙන් විදර්ශනා ඥනය. ඇස්ඇති පුරුෂයකු මෙහි විදර්ශනා ඥානලාභී භික්‍ෂුව අතෙහි තබා ප්‍රත්‍යවේක්ෂණය කරන්නහුට මෙය. මැණිකකැයි මැණික පහළවු කාලය මෙනි විදර්ශනාඥානය ඉවතට ගෙන ගොස් හුන් භික්‍ෂුවගේ සතර මහාභූතයන්ගෙන් සැදුණු කයෙහි පහළ වූ කාලය මේ නුල පැටලී ඇතැයි නූල පහළවු කාලය මෙන් විදර්ශනා ඥනය ඉවතට ගෙන ගොස් හුන් භික්‍ෂුවගේ තදාරම්මණවු ස්පර්ශපංචමක සියලු චිත්ත චෛතසිකයන්ගේ හෝ විදර්ශනා ඥානයේ පහළවූ කාලය.

කිං පනෙතං ඤාණස‍්ස ආවිභූතං, පුග‍්ගලස‍්සාති. ඤාණස‍්ස, තස‍්ස පන ආවිභාවත‍්තා පුග‍්ගලස‍්ස ආවිභූතාව හොන‍්ති. ඉදඤ‍්ච විපස‍්සනාඤාණං මග‍්ගස‍්ස අනන‍්තරං, එවං සන‍්තෙපි යස‍්මා අභිඤ‍්ඤාවාරෙ ආරද‍්ධෙ එතස‍්ස අන‍්තරාවාරො නත්‍ථි, තස‍්මා ඉධෙව දස‍්සිතං. යස‍්මා ච අනිච‍්චාදිවසෙන අකතසම‍්මසනස‍්ස දිබ‍්බාය සොතධාතුයා භෙරවසද‍්දං සුණන‍්තො පුබ‍්බෙනිවාසානුස‍්සතියා භෙරවෙ ඛන්‍ධෙ අනුස‍්සරතො දිබ‍්බෙන චක‍්ඛුනා භෙරවරූපං පස‍්සතො භයසන‍්තාසො උප‍්පජ‍්ජති, න අනිච‍්චාදිවසෙන කතසම‍්මසනස‍්ස, තස‍්මා අභිඤ‍්ඤාපත‍්තස‍්ස භයවිනොදකහෙතුසම‍්පාදනත්‍ථම‍්පි ඉදං ඉධෙව දස‍්සිතං. ඉධාපි අරහත‍්තවසෙනෙව අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තතා වෙදිතබ‍්බා.

කුමක්ද මේ ඥනය පහළවීම. ඥානය පහළවූ බැවින් පුද්ගලයා පහළවූයේම වේ. මේ විදර්ශනා ඥානය මාර්ගයට අනතුරුවම වේ. මෙසේ ඇති කල්හිද යම් හෙයකින් අභිඥාවාරය ඇරඹුණු කල්හි මෙය අනන්තර වාරයක් නැත. ඒනිසා මෙහි පෙන්වන ලදී. අනිත්‍ය ආදි වශයෙන් සම්මර්ශනය නොකළ දිව්‍ය ශ්‍රෝත ධාතුවෙන් භයානක ශබ්ද අසන්නකුට පූර්වෙනි වාසානුස්මෘතියෙන් භයහානක ස්කන්ධයන් සිහිකරන්නහුට දිව්‍යචක්‍ෂුසින් භයානක රූප දකින්නකුට භයද සන්ත්‍රාසයද උපදී. අනිත්‍යාදි වශයෙන් සම්මර්ශනය කරන්නහුට නොවේ. ඒනිසා අභිඥාවට පැමිණියහුගේ භය නැති කරන හේතු ඇතිකිරීමටද මෙය මෙහිදීම දක්වන ලදී. මෙහිදීද අර්හත් වශයෙන්ම අභිඤ්ඤාවොසාන පාරමීප්පත්තතාව දතයුතුය.

මනොමයිද‍්ධියං චිණ‍්ණවසිතාය. තත්‍ථ මනොමයන‍්ති මනෙන නිබ‍්බත‍්තං. සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගින‍්ති සබ‍්බෙහි අඞ‍්ගෙහි ච පච‍්චඞ‍්ගෙහි ච සමන‍්නාගතං. අහීනින්‍ද්‍රියන‍්ති සණ‍්ඨානවසෙන අවිකලින්‍ද්‍රියං. ඉද‍්ධිමතා නිම‍්මිතරූපඤ‍්හි සචෙ ඉද‍්ධිමා ඔදාතො, තම‍්පි ඔදාතං. සචෙ අවිද‍්ධකණ‍්ණො, තම‍්පි අවිද‍්ධකණ‍්ණන‍්ති එවං සබ‍්බාකාරෙහි තෙන සදිසමෙව හොති. මුඤ‍්ජම‍්හා ඊසිකන‍්තිආදි උපමත‍්තයම‍්පි තං සදිසභාවදස‍්සනත්‍ථමෙව වුත‍්තං. මුඤ‍්ජසදිසා එව හි තස‍්ස අන‍්තො ඊසිකා හොති. කොසසදිසොයෙව අසි, වට‍්ටාය කොසියා වට‍්ටං අසිමෙව පක‍්ඛිපන‍්ති, පත්‍ථටාය පත්‍ථටං.

මනෝමය ඍද්ධියෙහි පුරුදු වසිතාවන්හි වසිතාසු එහි මනොමයං මනසින් නිපැදුණු, සබ්බඞ්ගපච්චඞ්ගං සියලු අංගයන්ගෙන් යුත්. අභිනින්‍ද්‍රියං සණඨාන වශයෙන් විකල්නොවු ඉන්ද්‍රිය ඍද්ධිමත්හු විසින් නිර්මිත රූපය. ඉදින් ඍද්ධිමතා ඕදාත නම් එයද ඕදාතය ඉදින් නොවිදිකන් ඇත්තේනම් එය ද නොවිදිකන්වේ. මෙසේ සර්වාකාරයෙන් එය හා සමානම වන්නේය. මුඤ්ජම්හඉසිතං ආදී උපමාවෙහි එයද සමානබව දක්වනු පිණිසම කියන ලදී. උණගස හා සමානවම එහි ඇතුළත අරටුවද වෙයි. අසිපත කොපුව හා සමානය. වටවු කොපුවක වටවු අසිපතක්ම බවත් පැතලි කොපුවක පැතලි අසිපතක් බහත්

කරණ‍්ඩාති ඉදම‍්පි අහිකඤ‍්චුකස‍්ස නාමං, න විලීවකරණ‍්ඩකස‍්ස. අහිකඤ‍්චුකො හි අහිනා සදිසොව හොති. තත්‍ථ කිඤ‍්චාපි “පුරිසො අහිං කරණ‍්ඩා උද‍්ධරෙය්‍යා”ති හත්‍ථෙන උද‍්ධරමානො විය දස‍්සිතො, අථ ඛො චිත‍්තෙනෙවස‍්ස උද‍්ධරණං වෙදිතබ‍්බං. අයඤ‍්හි අහි නාම සජාතියං ඨිතො, කට‍්ඨන‍්තරං වා රුක‍්ඛන‍්තරං වා නිස‍්සාය, තචතො සරීරනික‍්කඩ‍්ඪනපයොගසඞ‍්ඛාතෙන ථාමෙන, සරීරං ඛාදමානං විය පුරාණතචං ජිගුච‍්ඡන‍්තොති ඉමෙහි චතූහි කාරණෙහි සයමෙව කඤ‍්චුකං ජහාති, න සක‍්කා තතො අඤ‍්ඤෙන උද‍්ධරිතුං. තස‍්මා චිත‍්තෙන උද‍්ධරණං සන්‍ධාය ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉති මුඤ‍්ජාදිසදිසං ඉමස‍්ස භික‍්ඛුනො සරීරං, ඊසිකාදිසදිසං නිම‍්මිතරූපන‍්ති ඉදමෙත්‍ථ ඔපම‍්මසංසන්‍දනං. නිම‍්මානවිධානං පනෙත්‍ථ පරතො ච ඉද‍්ධිවිධාදිපඤ‍්චඅභිඤ‍්ඤාකථා සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතාති තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. උපමාමත‍්තමෙව හි ඉධ අධිකං.

කරණ්ඩා මෙයද සර්පහැවට නමකි. උණ පතුරින් කළ කොපුවට සර්පහැව සර්පයා සමාන නොවේ. එහි පුරුෂයෙක් සර්පහැව ගලවන්නේ වුවද අතින් ගලවන්නාක්මෙන් දක්වන ලදී. එය සිතින්ම ගැළවීම දත යුතුයි. මේ සර්පයා උපන් ජාතියෙහි සිට දර අතර හෝ ගස් අතර ඇසුරු කොට සමින් ශරීරය අදින ප්‍රයෝග සංඛ්‍යාත ශක්තියෙන් සිරුර කාදමන්නාක් මෙන් පැරණි හම පිළිකුල්කරන ලද්දෙකැයි යන මේ සිව්කරුණින් තමාම හැව හරි. වෙනත් ක්‍රමයකින් ගැලවීමට නොහැකිය. ඒනිසා සිතින් ගැලවීම සඳහා මෙය කියන ලදැයි දත යුතුය. මෙසේ මේ භික්‍ෂුවගේ ශරීරය උණගසක් බඳුය. නිමිත්ත රූපය අරටුව මෙනි. මේ මෙහි උපමා සන්සන්දන යයි. නිර්මාණ විධානයද මෙහි වෙයි. තවදුරටත් සෘද්ධිවිධ ආදී පංච අභිඥා කථා සර්වාකාරයෙන් විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී. එහි කියන ලද ආකාරයෙන් දත යුතුය. මෙහි වැඩිපුරම ඇත්තේ උපමාමාත්‍රය පමණකි.

තත්‍ථ ඡෙකකුම‍්භකාරාදයො විය ඉද‍්ධිවිධඤාණලාභී භික‍්ඛු දට‍්ඨබ‍්බො. සුපරිකම‍්මකතමත‍්තිකාදයො විය ඉද‍්ධිවිධඤාණං දට‍්ඨබ‍්බං. ඉච‍්ඡිතිච‍්ඡිතභාජනවිකතිආදිකරණං විය තස‍්ස භික‍්ඛුනො විකුබ‍්බනං දට‍්ඨබ‍්බං. ඉධාපි චිණ‍්ණවසිතාවසෙනෙව අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තතා වෙදිතබ‍්බා. තථා ඉතො පරාසු චතූසු අභිඤ‍්ඤාසු.

එහි දක්ෂ කුම්භ කර ආදීන් මෙන් ඍද්ධිවිධ ඥානය දතයුතුයි. කැමති කැමති භාණ විකෘති ආදිය කිරීම මෙන් ඒ භික්‍ෂුවගේ විකුර්වණය දත යුතුයි. මෙහිදීද පුරුදු කරන ලද වශීතා වශයෙන්ම අභිඤ්ඤා වාසනා පාරමිප්පත්තකාව දතයුතුයි. එසේම ඉන් අන්‍යවූ සතර අභිඥාවන්හිද දත යුතුයි.

තත්‍ථ දිබ‍්බසොතධාතුඋපමායං සඞ‍්ඛධමොති සඞ‍්ඛධමකො. අප‍්පකසිරෙනෙවාති නිද‍්දුක‍්ඛෙනෙව. විඤ‍්ඤාපෙය්‍යාති ජානාපෙය්‍ය. තත්‍ථ එවං චාතුද‍්දිසා විඤ‍්ඤාපෙන‍්තෙ සඞ‍්ඛධමකෙ “සඞ‍්ඛසද‍්දො අය”න‍්ති වවත්‍ථාපෙන‍්තානං සත‍්තානං තස‍්ස සඞ‍්ඛසද‍්දස‍්ස ආවිභූතකාලො විය යොගිනො දූරසන‍්තිකභෙදානං දිබ‍්බානඤ‍්චෙව මානුසකානඤ‍්ච සද‍්දානං ආවිභූතකාලො දට‍්ඨබ‍්බො. චෙතොපරියඤාණ-උපමායං

සබ්බංධම්මො සක් පිඹින්නා. අප්පකසිරෙන දුකින් තොරව විඤ්ඤෙය්‍ය දන්වන්නේය. එහි සක්සිඹින්නා සිව් දිසාවන්ට දන්වන කල්හි මේ සක්හඬයැයි තීරණයකට එළඹෙන සත්වයෝ සක්හඬ පහළවූ කාලය මෙනි. යෝගියාට දුර ළඟ භේද ඇති දිව්‍යමය වූද මානුෂික වුද ශබ්ද ඇතිවූ කල් චේතෝපරිය උපමාවෙන් දත යුත්තේය. [trans error?]

දහරොති තරුණො. යුවාති යොබ‍්බනෙන සමන‍්නාගතො. මණ‍්ඩනකජාතිකොති යුවාපි සමානො න අලසියො කිලිට‍්ඨවත්‍ථසරීරො, අථ ඛො මණ‍්ඩනකපකතිකො, දිවසස‍්ස ද‍්වෙ තයො වාරෙ න‍්හායිත්‍වා සුද‍්ධවත්‍ථ-පරිදහන-අලඞ‍්කාරකරණසීලොති අත්‍ථො. සකණිකන‍්ති කාළතිලකවඞ‍්ක-මුඛදූසිපීළකාදීනං අඤ‍්ඤතරෙන සදොසං. තත්‍ථ යථා තස‍්ස මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛතො මුඛදොසො පාකටො හොති, එවං චෙතොපරියඤාණාය චිත‍්තං අභිනීහරිත්‍වා නිසින‍්නස‍්ස භික‍්ඛුනො පරෙසං සොළසවිධං චිත‍්තං පාකටං හොතීති වෙදිතබ‍්බං. පුබ‍්බෙනිවාසඋපමාදීසු යං වත‍්තබ‍්බං, තං සබ‍්බං මහාඅස‍්සපුරෙ වුත‍්තමෙව.

දහරො තරුණයා. යුවා යෞවනයෙන් යුත්. මණ්ඩනක ජාතිකො යෞවනයා අලසකම් නැත්තෙකි. කිළිටි වස්ත්‍ර ඇති සිරුරු නැත්තෙකි : එපමණක්නොව සැරසෙන ස්වභාව ඇත්තේ දවසට දෙතුන්වර නා පිරිසිදු වස්ත්‍ර හැඳීම හා අලංකාර කරන සුල්ලෙකි යන අර්ථයි සකණිකං කලුකැලැල් ඇදවු මුව කුරුලෑ ආදීන්ගෙන් කිසිවකින් දොස් සහිත එහි යම්සේ ඔහුගේ මුඛ නිමිත්ත ප්‍රත්‍යවේක්ෂණය කරන්නහුට මුඛ දෝෂය ප්‍රකට වේද එසේ චේතෝපරිය ඤාණය සිතින් ඉවතට ගෙන දුන් භික්‍ෂුවකට අනුන්ගේ සොළොස් ආකාර සිත ප්‍රකටවේයයි දතයුතුය. පෙර නිවාස උපමා ආදියෙහි යමක් කිවයුතුව තිබුණේද ඒ සියල්ල මහා අස්සපුර සූත්‍රයෙහි කියන ලද්දේමය.

අයං ඛො උදායි පඤ‍්චමො ධම‍්මොති එකූනවීසති පබ‍්බානි පටිපදාවසෙන එකං ධම‍්මං කත්‍වා පඤ‍්චමො ධම‍්මොති වුත‍්තො. යථා හි අට‍්ඨකනාගරසුත‍්තෙ (ම· නි· 2.17 ආදයො) එකාදස පබ‍්බානි පුච‍්ඡාවසෙන එකධම‍්මො කතො, එවමිධ එකූනවීසති පබ‍්බානි පටිපදාවසෙන එකො ධම‍්මො කතොති වෙදිතබ‍්බානි. ඉමෙසු ච පන එකූනවීසතියා පබ‍්බෙසු පටිපාටියා අට‍්ඨසු කොට‍්ඨාසෙසු විපස‍්සනාඤාණෙ ච ආසවක‍්ඛයඤාණෙ ච අරහත‍්තවසෙන අභිඤ‍්ඤාවොසානපාරමිප‍්පත‍්තතා වෙදිතබ‍්බා, සෙසෙසු චිණ‍්ණවසිභාවවසෙන. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

අයං ඛො උදායි පඤ්චමො ධම්මො කොටස් දහනවයක් ප්‍රතිපදා වශයෙන් එක් ධර්මයක් කොට පඤ්චම ධර්මයැයි කියන ලදී. යම්සේ අට්ඨකනාගර සූත්‍රයෙහි කොටස් එකොළොසක් ප්‍රශ්න වශයෙන් එක් ධර්මයක් කරන ලද්දේය. ඉන්පසු ඒ අයුරින් මෙහි කොටස් දහනවයක් පටිපදා වශයෙන් එක් ධර්මයක් කරන ලද්දේයැයි දත යුතුය. මේ කොටස් දහනවයෙහි පිළිවෙළින් අටකොටසක විදර්ශනා ඥනයාගේ ආශ්‍රවක්ෂය ඥනයෙහිද අරහත්ත වශයෙන් අභිඤ්ඤා වොසාන පාරමිප්පත්තතාව (අභිඥා අවසානයෙහි පරතෙරට පැමිණි බව) දතයුතුය. සෙස්සෙහි පුරුදුකළ පංච වශීතා වශයෙනි. සෙස්ස නොගැඹුරුමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මහාසකුලුදායිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වැනි මහාසකුලුදායී සූත්‍රයයි.