සමණමණ්ඩිකා සුත්තවණ්ණනා අට්ඨකථා
සමණමණ්ඩිකා සුත්තවණ්ණනා
සමණමණ්දඩිකා සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සමණමුණ්ඩිකසුත්තං. තත්ථ උග්ගාහමානොති තස්ස පරිබ්බාජකස්ස නාමං. සුමනොති පකතිනාමං. කිඤ්චි කිඤ්චි පන උග්ගහිතුං උග්ගාහෙතුං සමත්ථතාය උග්ගාහමානොති නං සඤ්ජානන්ති. සමයං පවදන්ති එත්ථාති සමයප්පවාදකං. තස්මිං කිර ඨානෙ චඞ්කීතාරුක්ඛපොක්ඛරසාතිප්පභුතයො බ්රාහ්මණා නිගණ්ඨාචෙලකපරිබ්බාජකාදයො ච පබ්බජිතා සන්නිපතිත්වා අත්තනො අත්තනො සමයං පවදන්ති කථෙන්ති දීපෙන්ති, තස්මා සො ආරාමො සමයප්පවාදකොති වුච්චති. ස්වෙව තින්දුකාචීරසඞ්ඛාතාය තිම්බරූසකරුක්ඛපන්තියා පරික්ඛිත්තත්තා තින්දුකාචීරං. යස්මා පනෙත්ථ පඨමං එකා සාලා අහොසි, පච්ඡා මහාපුඤ්ඤං පොට්ඨපාදපරිබ්බාජකං නිස්සාය බහූ සාලා කතා, තස්මා තමෙව එකං සාලං උපාදාය ලද්ධනාමවසෙන එකසාලකොති වුච්චති. මල්ලිකාය පන පසෙනදිරඤ්ඤො දෙවියා උය්යානභූතො සො පුප්ඵඵලසඤ්ඡන්නො ආරාමොති කත්වා මල්ලිකාය ආරාමොති සඞ්ඛං ගතො. තස්මිං සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ. පටිවසතීති වාසඵාසුතාය වසති. දිවා දිවස්සාති දිවසස්ස දිවා නාම මජ්ඣන්හාතික්කමො, තස්මිං දිවසස්සපි දිවාභූතෙ අතික්කන්තමත්තෙ මජ්ඣන්හිකෙ නික්ඛමීති අත්ථො. පටිසල්ලීනොති තතො තතො රූපාදිගොචරතො චිත්තං පටිසංහරිත්වා ලීනො, ඣානරතිසෙවනවසෙන එකීභාවං ගතො. මනොභාවනීයානන්ති මනවඩ්ඪනකානං, යෙ ආවජ්ජතො මනසිකරොතො චිත්තං විනීවරණං හොති උන්නමති වඩ්ඪති. යාවතාති යත්තකා. අයං තෙසං අඤ්ඤතරොති අයං තෙසං අබ්භන්තරො එකො සාවකො. අප්පෙව නාමාති තස්ස උපසඞ්කමනං පත්ථයමානො ආහ. පත්ථනාකාරණං පන සන්දකසුත්තෙ වුත්තමෙව.
එවම්මෙසුතං යනු සමණ මණ්ඩික සුත්‍රයයි. එහි උග්ගාහමානො ඒ පිරුවැජියාගේ නමයි. නියම නම සුමනය. යමක් යමක් ඉගෙන ගන්ට සමර්ථ බැවින් උග්ගාහමාන යයි හඳුන්වති. සමයං මෙහි කියත්නුයි සමයප්පවාදක වේ. එම ස්ථානයෙහි චඞ්කි තාරුක්ඛ පොක්ඛරසාතී ආදී බ්‍රාහ්මණයෝද, නිගණ්ඨ අචේලක පරිබ්‍රාජක ආදී පැවිද්දෝ ද රැස්ව තමතමන්ගේ සමය ගැන කථාකරත්, කියත්, පැහැදිලිකරත්. ඒනිසා ඒ ආරාමය සමයප්පවේදකයැයි කියනු ලැබේ. තින්දුකාඛීර සංඛ්‍යාතවු තිඹිරි ගස් පෙළකින් තෙම වටවූ බැවින් තින්දුකාවීර නමි. යම් හෙයකින් මෙහි පළමුකොට එක් ශාලාවක් වීද පසුව මහා පින්ඇති පොට්ඨපාද පරිබ්‍රාජකයා නිසා බොහෝ ශාලා කරන ලද්දේද ඒනිසා ඒ එකම ශාලාව උදෙසා ලැබු නම් වශයෙන් ඒකසාලක යයි කියනු ලැබේ. පසේනදී කොසොල් රජුගේ මල්ලිකා දේවියගේ උයන වු ඒ ආරාමය මල්පලයෙන් ගැවසුණු ආරාමයක් කොට මල්ලිකාරාමය යයි ප්‍රසිද්ධියට ගියේය. ඒ සමයප්පවාදක තින්දුකාවීරයෙහි මල්ලිකා ගේ ආරාමයෙහි පටිවසති විසීම් පහසුව නිසා වාසය කරයි. දිවාදිවස්ස දවස දිවා නමි. මධ්‍යාහ්න අති ක්‍රමය. ඒ දවසටද දිවාව අතික්‍රාන්ත වන මධ්‍යාහ්නයෙහි නික්මීගියේය අර්ථයි. පතිසල්ලීනො ඒ ඒ රූපාදි ගෝචරයෙන් සිත හකුළා ගෙන සැඟවී ධ්යානාශා සේවන වශයෙන් හුදෙකලා අංග වශයෙන් මනොභාවනීයානං මනවඩවන ආවර්ජනය කරන්නහුගේ. සිහිකරන්නහුගේ සිත නීවරණයන්ගෙන් මිදේද නැමේද වැඩේද. යාවතා යම්පමණ අයං තෙසං අඤ්ඤතරො මේ ඔවුන්ගේ අභ්‍යන්තර වශයෙන් එක් ශ්‍රාවකයෙකි. අප්පෙවනාම ඔහුගේ පැමිණීම පතමින් කීය. ප්රාර්ථනාකරණය සන්දකසූත්රයෙහි කියන ලද්දේමය.
එතදවොචාති දන්දපඤ්ඤො අයං ගහපති, ධම්මකථාය නං සඞ්ගණ්හිත්වා අත්තනො සාවකං කරිස්සාමීති මඤ්ඤමානො එතං “චතූහි ඛො”තිආදිවචනං අවොච. තත්ථ පඤ්ඤපෙමීති දස්සෙමි ඨපෙමි. සම්පන්නකුසලන්ති පරිපුණ්ණකුසලං. පරමකුසලන්ති උත්තමකුසලං. අයොජ්ඣන්ති වාදයුද්ධෙන යුජ්ඣිත්‍වා චාලෙතුං අසක්කුණෙය්යං අචලං නික්කම්පං ථිරං. න කරොතීති අකරණමත්තමෙව වදති, එත්ථ පන සංවරප්පහානං වා පටිසෙවනප්පහානං වා න වදති. සෙසපදෙසුපි එසෙව නයො.
එතදවොච මේ ගෘහපතියා මඳ ප්‍රඥා ඇත්තේය. දහම් කථාවෙන් ඔහුට සංග්‍රහ කොට තමාගේ ශ්‍රාවකයකු කරන්නෙමියි හඟිමින් මෙසේ චතූහිබො ආදී වචන කීය. එහි පඤ්ඤපෙවි දෙමි, තබමි. සම්පන්නකුසලං පිරුණු කුසල් ඇති. පරමකුසලං උතුම් කුසල් ඇති. අයොජ්ඣං වාද යුද්ධයෙන් යුද්ධකොට සොලවන්ට නොහැකි. අචල කම්පා නොවන, ස්ථිර. නකරොති නොකිරීම් මාත්‍රයම කියයි. මෙහි සංවර ප්රහාණය හෝ සිහිය ගැන නොකියයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයයි
නෙව අභිනන්දීති තිත්ථියා නාම ජානිත්වාපි අජානිත්වාපි යං වා තං වා වදන්තීති මඤ්ඤමානො නාභිනන්දි. න පටික්කොසීති සාසනස්ස අනුලොමං විය පසන්නාකාරං විය වදතීති මඤ්ඤමානො න පටිසෙධෙති.
නෙව අභිනන්දි තිර්ථකයෝ නම් දැන ද නොදැනද ඒ ඒ දේ කියතියි හඟිමින් සතුටු නොවීය. නප්පටික්කොසි ශාසනයට අනුකූලවුවක් මෙන් ප්‍රසන්න ආකාරයක් මෙන් කියතියි හඟිමින් ප්‍රතික්ෂේප නොකළේය.
යථා උග්ගාහමානස්සාති යථා තස්ස වචනං, එවං සන්තෙ උත්තානසෙය්යකො කුමාරො අයොජ්ඣසමණො ථිරසමණො භවිස්සති, මයං පන එවං න වදාමාති දීපෙති. කායොතිපි න හොතීති සකකායො පරකායොතිපි විසෙසඤාණං න හොති. අඤ්ඤත්ර ඵන්දිතමත්තාති පච්චත්ථරණෙ වලිසම්ඵස්සෙන වා මඞ්ගුලදට්ඨෙන වා කායඵන්දනමත්තං නාම හොති. තං ඨපෙත්වා අඤ්ඤං කායෙන කරණකම්මං නාම නත්ථි. තම්පි ච කිලෙසසහගතචිත්තෙනෙව හොති. වාචාතිපි න හොතීති මිච්ඡාවාචා සම්මාවාචාතිපි නානත්තං න හොති. රොදිතමත්තාති ජිඝච්ඡාපිපාසාපරෙතස්ස පන රොදිතමත්තං හොති. තම්පි කිලෙසසහගතචිත්තෙනෙව. සඞ්කප්පොති මිච්ඡාසඞ්කප්පො සම්මාසඞ්කප්පොතිපි නානත්තං න හොති. විකූජිතමත්තාති විකූජිතමත්තං රොදනහසිතමත්තං හොති. දහරකුමාරකානඤ්හි චිත්තං අතීතාරම්මණං පවත්තති, නිරයතො ආගතා නිරයදුක්ඛං සරිත්වා රොදන්ති, දෙවලොකතො ආගතා හසන්ති, තම්පි කිලෙසසහගතචිත්තෙනෙව හොති. ආජීවොති මිච්ඡාජීවො සම්මාජීවොතිපි නානත්තං න හොති. අඤ්ඤත්ර මාතුථඤ්ඤාති ථඤ්ඤචොරදාරකා නාම හොන්ති, මාතරි ඛීරං පායන්තියා අපිවිත්වා අඤ්ඤවිහිතකාලෙ පිට්ඨිපස්සෙන ආගන්ත්වා ථඤ්ඤං පිවන්ති. එත්තකං මුඤ්චිත්වා අඤ්ඤො මිච්ඡාජීවො නත්ථි. අයම්පි කිලෙසසහගතචිත්තෙනෙව හොතීති දස්සෙති.
යථා උග්ගාහමානස්ස ඔහුගේ වචනය මෙසේ වන කල්හි උඩුබැල්ලෙන් නිදන දරුවා පැරදවිය නොහැකි ශ්‍රමණයෙක් ස්ථිර ශ්‍රමණයෙක් වන්නේය. අපි මෙසේ නොකියමුයි පැහැදිලි කරයි. කායොතිපි නහොති තමාගේ කය කියා හෝ අනුන්ගේ කය කියා හෝ විශේෂ ඥානයක් නොවේ. අඤ්ඤත්ර ඵන්දිතාමත්තා ඇතිරිල්ලෙහි රැලි ගෑවීමෙන් හෝ මකුණන් ආදීන් දෂ්ට කිරීමෙන් හෝ සිරුර ගැහීමක් වෙයි. එය හැරුණුවිට වෙනත් කයින් කෙරෙන කර්මයක් නම් නැත. එයද කෙලෙස් සහිත සිතින්ම වෙයි. වාචාතිපි නාහොසි මිථ්යාවාවා සම්වාචා යැයි නානාත්වයක් නොවේ. රොදිතමත්තා කුසගින්නෙන් පිපාසයෙන් පෙළුණහුට හැඬීම් මාත්‍රයක් වෙයි. එයද කෙලෙස් සහිත සිතින්ම වෙයි. සඞ්කප්පො මිථ්‍යා සංකල්ප සම්‍යක් සංකල්පයැයි කියාද නානාත්වයක් නොවේ. විකුජ්ජිතමත්ත යනු සිනාසීම් මාත්‍රයක් වේ. කුඩාදරුවන්ට චිත්තාරම්මණයක් පවතී. නිරයෙන් පැමිණියාහු නිරාදුක සිහිකොට හඬත් දෙව්ලොවින් පැමිණියාහු සිනාසෙත්. එයද කෙලෙස් සහිත සිතින්ම වෙයි. ආජීවො මිථ්‍යාජීවය සම්මාජීවය කියා නානාත්වයක් නැත. අඤ්ඤත්රමාතුථඤ්ඤා කිරි වැරූ දරුවෝ වෙති. මව කිරිපොවත්දී නොබී අද්දෙයක් කරන කල්හි පිටිපසින් අවුත් කිරිබොත්. මෙය හැර අන්‍ය මිථ්‍යාජීවයක් නැත. මෙයද කෙලෙස් සහිත සිතින්ම වෙතියි දක්වයි.
එවං පරිබ්බාජකවාදං පටික්ඛිපිත්වා ඉදානි සයං සෙක්ඛභූමියං මාතිකං ඨපෙන්තො චතූහි ඛො අහන්තිආදිමාහ. තත්ථ සමධිගය්හ තිට්ඨතීති විසෙසෙත්වා තිට්ඨති. න කායෙන පාප කම්මන්තිආදීසු න කෙවලං අකරණමත්තමෙව, භගවා පන එත්ථ සංවරප්පහානපටිසඞ්ඛා පඤ්ඤපෙති. තං සන්ධායෙවමාහ. න චෙව සම්පන්නකුසලන්තිආදි පන ඛීණාසවං සන්ධාය වුත්තං.
මෙසේ පරිබ්රාජකවාදය ප්‍රතික්ෂේප කොට දැන් මෙතෙමේ සෙඛභූමියෙහි මාතිකාවක් තබන්නේ චතුහි ඛො අහං ආදිය කීය. එහි සමධිගය්හ තිට්ඨති විශේෂ කොටස වී. න කායෙන පාපං ආදිතන්හි හුදෙක් නොකිරීම් මාත්‍රය පමණක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙහි සංවර පහාණ පටිසංඛා පනවන සේක. ඒ සඳහාම කීසේක. නචෙව සම්පන්න කුසලං ආදිය ක්ෂිණාශ්රවයා සඳහා කියන ලදී.
ඉදානි අසෙක්ඛභූමියං මාතිකං ඨපෙන්තො දසහි ඛො අහන්තිආදිමාහ. තත්ථ තීණි පදානි නිස්සාය ද්වෙ පඨමචතුක්කා ඨපිතා, එකං පදං නිස්සාය ද්වෙ පච්ඡිමචතුක්කා. අයං සෙක්ඛභූමියං මාතිකා.
දැන් අසේඛභූමියෙහි මාතිකාවක් තබන්නේ දසහි ඛො අහං යනාදිය කීය. එහි පදතුන නිසා ප්‍රථම චතුෂ්ක දෙක තබන ලදී. එක්පදයක් නිසා පශ්චිම චතුෂ්ක දෙකක් තබන ලදී. මේ අසෙඛ භූමියෙහි මාතිකාවයි.
ඉදානි තං විභජන්තො කතමෙ ච ථපති අකුසලසීලාතිආදිමාහ. තත්ථ සරාගන්ති අට්ඨවිධං ලොභසහගතචිත්තං. සදොසන්ති පටිඝසම්පයුත්තචිත්තද්වයං. සමොහන්ති විචිකිච්ඡුද්ධච්චසහගතචිත්තද්වයම්පි වට්ටති, සබ්බාකුසලචිත්තානිපි. මොහො සබ්බාකුසලෙ උප්පජ්ජතීති හි වුත්තං. ඉතොසමුට්ඨානාති ඉතො සරාගාදිචිත්තතො සමුට්ඨානං උප්පත්ති එතෙසන්ති ඉතොසමුට්ඨානා.
දැන් එය බෙදන්නේ කතමෙච ගහපති අකුසල සීලා ආදිය කීය. එහි සරාගං යනු අෂ්ටවිධ ලෝභසහගත සිතයි. සදොසං යනු පටිඝ සම්පයුක්ත සිත් දෙකයි. සමොහං යනු විචිකිච්ඡා උද්ධච්ච සහගත සින්දෙකද වටී. සියලු අකුසල සිත්ද වටී. මෝහය සියලු අකුසල් උපදවතියි කියන ලදී. ඉතො සමුට්ඨානා මෙයින් රාගාදි සිතින් නැගී සිටීමයි. මොවුන්ගේ උත්පත්තියනුයි ඉතො සමුට්ඨානා.
කුහින්ති කතරං ඨානං පාපුණිත්වා අපරිසෙසා නිරුජ්ඣන්ති. එත්ථෙතෙති සොතාපත්තිඵලෙ භුම්මං. පාතිමොක්ඛසංවරසීලඤ්හි සොතාපත්තිඵලෙ පරිපුණ්ණං හොති, තං ඨානං පත්වා අකුසලසීලං අසෙසං නිරුජ්ඣති. අකුසලසීලන්ති ච දුස්සීලස්සෙතං අධිවචනන්ති වෙදිතබ්බං.
කුහිං කිනම් තැනකට පැමිණ ඉතිරි නොකොට නිරුද්ධ වෙත්ද, එත්ථතෙ සෝතාපත්ති ඵලයෙහි පදනම වූ ප්රාතිමෝක්ෂ සංවර ශීලය සෝතාපත්ති ඵලයෙහිදී පිරිපුන්වෙයි. ස්ථානයට පැමිණ අකුසල ශීලය ශේෂනොකොට නිරුද්ධ වෙයි. අකුසල ශීලය යනු දුස්සීලයට සමාන වචනයකියි දතයුතුය.
අකුසලානං සීලානං නිරොධාය පටිපන්නොති එත්ථ යාව සොතාපත්තිමග්ගා නිරොධාය පටිපන්නො නාම හොති, ඵලපත්තෙ පන තෙ නිරොධිතා නාම හොන්ති.
අකුසලානං සීලානං අකුශල ශීලයගේ නිරෝධය පිණිස පිළිපන්නේ. මෙහි සෝවාන් ඵලයතෙක් නිරෝධය පිණිස පිළිපන්නේ නම් වෙයි. ඵලයට පැමිණියහු විසින් ඒවා නිරෝධ කරන ලද්දේ නම් වෙයි.
වීතරාගන්තිආදීහි අට්ඨවිධං කාමාවචරකුසලචිත්තමෙව වුත්තං. එතෙන හි කුසලසීලං සමුට්ඨාති.
වීතරාගං ආදීන්ගෙන් අෂ්ටවිධ කාමාවචර කුසල චිත්තයම කියනලදී. මෙයින් කුසලසීලය පැනනගී.
සීලවා හොතීති සීලසම්පන්නො හොති ගුණසම්පන්නො ච. නො ච සීලමයොති අලමෙත්තාවතා, නත්ථි ඉතො කිඤ්චි උත්තරි කරණීයන්ති එවං සීලමයො න හොති. යත්ථස්ස තෙති අරහත්තඵලෙ භුම්මං. අරහත්තඵලඤ්හි පත්වා අකුසලසීලං අසෙසං නිරුජ්ඣති.
සීලවාහොති සීලසම්පන්න ගුණ සම්පන්න වෙයි. සීලසමය නොවේ. මෙය මෙපමණකින් මින් මත්තෙහි කළයුත්තක් නැත. මෙසේ සීලසමය නොවේ. යත්ථස්ස තෙ රහත්ඵලයෙහි පදනම. අර්හත්ඵලයට පැමිණ කුසලසීලය ඉතිරි නොකොට නිරුද්ධ වේ.
නිරොධාය පටිපන්නොති එත්ථ යාව අරහත්තමග්ගා නිරොධාය පටිපන්නො නාම හොති, ඵලපත්තෙ පන තෙ නිරොධිතා නාම හොන්ති.
නිරෝධාය පටිපන්නෙ මෙහි අර්හත් මාර්ගය තෙක් නිරෝධය පිණිස පිළිපන්නේනම් වේ. ඵලයට පැමිණියාහු විසින් ඒවා නිරුද්ධ කරන ලද්දේ වෙයි.
කාමසඤ්ඤාදීසු කාමසඤ්ඤා අට්ඨලොභසහගතචිත්තසහජාතා, ඉතරා ද්වෙ දොමනස්සසහගතචිත්තද්වයෙන සහජාතා.
කාම සඤ්ඤා ආදීයෙහි කාමසඤ්ඤා යනු අෂ්ට ලෝභ සහගත සිත්සහිත විය. ඉතිරි දෙක දොමනස්ස සහගත චිත්තද්වය සමග උපන්නේය.
පඨමං ඣානන්ති අනාගාමිඵලපඨමජ්ඣානං. එත්ථෙතෙති අනාගාමිඵලෙ භුම්මං. අනාගාමිඵලඤ්හි පත්වා අකුසලසඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති.
පඨමජ්ඣානං අනාගාමි ඵලයෙහි ප්‍රථම ධ්‍යානයයි. එත්ථෙතෙ අනාගාමි ඵලයෙහි පදනමයි. අනාගාමි ඵලයට අකුශල සංකල්ප ඉතිරි නොකොට නිරුද්ධ වෙයි.
නිරොධාය පටිපන්නොති එත්ථ යාව අනාගාමිමග්ගා නිරොධාය පටිපන්නො නාම හොති, ඵලපත්තෙ පන තෙ නිරොධිතා නාම හොන්ති. නෙක්ඛම්මසඤ්ඤාදයො හි තිස්සොපි අට්ඨකාමාවචරකුසලසහජාතසඤ්ඤාව.
නිරෝධාය පටිපන්නො මෙහි අනාගාමි මාර්ගය තෙක් නිරොධය පිණිස පිළිපන්නේ නම්වෙයි. ඵලයට පැමිණියහු විසින් ඒවා නිරුද්ධ කරන ලද්දේ වෙයි. නෙක්ඛම්ම සඤ්ඤදයො අෂ්ට කාමාවචර කුසල සහිත සඤ්ඤා තුන
එත්ථෙතෙති අරහත්තඵලෙ භුම්මං. දුතියජ්ඣානිකං අරහත්තඵලඤ්හි පාපුණිත්වා කුසලසඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. නිරොධාය පටිපන්නොති එත්ථ යාව අරහත්තමග්ගා නිරොධාය පටිපන්නො නාම හොති, ඵලපත්තෙ පන තෙ නිරොධිතා නාම හොන්ති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
එත්ථතෙ අර්හත් ඵලයෙහි පදනමය. ද්විතීය ධ්‍යානික අර්හත් ඵලයට පැමිණ කුශල සංකල්ප ඉතිරි නොකොට නිරුද්ධ වේ. නිරොධාය පටිපන්නො මෙහි අර්හත් මාර්ගය තෙක් නිරෝධය පිණිස පිළිපන්නේ නම් වේ. ඵලයට පැමිණියහු විසින් නිරුද්ධ කරන ලද්දේ වෙයි. සෙස්ස සැමතැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සමණමුණ්ඩිකසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවැනි සමණ මණ්ඩක සුත්‍රයයි.
චූළසකුලුදායි සුත්තවණ්ණනා
චූළසකුලුදායි සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චූළසකුලුදායිසුත්තං. තත්ථ යදා පන, භන්තෙ, භගවාති ඉදං පරිබ්බාජකො ධම්මකථං සොතුකාමො භගවතො ධම්මදෙසනාය සාලයභාවං දස්සෙන්තො ආහ.
එවම්මෙසුතං යනු චූලසකුලුදායි සුත්‍රයයි එහි යදාපන හන්තෙ භගවා මෙය පරිබ්‍රාජකයා ධර්මකතාවක් අසනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කිරීමට කැමති බව දක්වන්නේ කීය.
තංයෙවෙත්ථ පටිභාතූති සචෙ ධම්මං සොතුකාමො, තුය්හෙවෙත්ථ එකො පඤ්හො එකං කාරණං උපට්ඨාතු. යථා මං පටිභාසෙය්යාති යෙන කාරණෙන මම ධම්මදෙසනා උපට්ඨහෙය්‍ය, එතෙන හි කාරණෙන කථාය සමුට්ඨිතාය සුඛං ධම්මං දෙසෙතුන්ති දීපෙති. තස්ස මය්හං, භන්තෙති සො කිර තං දිස්වා – “සචෙ භගවා ඉධ අභවිස්සා, අයමෙතස්ස භාසිතස්ස අත්ථොති දීපසහස්සං විය උජ්ජලාපෙත්වා අජ්ජ මෙ පාකටං අකරිස්සා”ති දසබලංයෙව අනුස්සරි. තස්මා තස්ස මය්හං, භන්තෙතිආදිමාහ. තත්ථ අහො නූනාති අනුස්සරණත්ථෙ නිපාතද්වයං. තෙන තස්ස භගවන්තං අනුස්සරන්තස්ස එතදහොසි “අහො නූන භගවා අහො නූන සුගතො”ති. යො ඉමෙසන්ති යො ඉමෙසං ධම්මානං. සුකුසලොති සුට්ඨු කුසලො නිපුණො ඡෙකො. සො භගවා අහො නූන කථෙය්ය, සො සුගතො අහො නූන කථෙය්ය, තස්ස හි භගවතො පුබ්බෙනිවාසඤාණස්ස අනෙකානි කප්පකොටිසහස්සානි එකඞ්ගණානි පාකටානීති, අයමෙත්ථ අධිප්පායො.
තං යෙවෙත්ථ පටිභාතු ඉදින් ධර්මය අසන්ට කැමැත්තේ වෙහිනම් ඔබට මෙහිදී එක් ප්‍රශ්නයක් එක්කරුණක් ඉදිරිපත් කෙරේවා යථා මං පටිභාසෙය්ය යම් කරුණකින් ධර්ම දේශනාව ඉදිරිපත් කෙරේනම් එම කරුණින්ම කතාව හටගත් කල්හි සුවසේ ධර්මය දේශනා කෙරේවායි දක්වයි. තස්ස මය්හං භන්තෙ හේ ඔහු කුපිතවූ බවදැක ඉදින් භාග්‍යවතුන් වහන්සේ මෙහි වූසේක්නම්, මේ මේ කියු දෙයෙහි අර්ථයයි පහන් දහසක් දල්වා මෙන් අද මට ප්‍රකට කරන සේකැයි දසබලධාරීන් වහන්සේම සිහි කෙළෙමි. ඒනිසා තස්ස මය්හං භන්තෙ ආදිය කීය. එහි අහොනුන යනු සිහිකිරීම් අර්ථයෙහි නිපාත දෙකකි. භාග්‍යවතුන් වහන්සේ සිහි කරන ඔහුට මෙසේ සිතුණේය. අනේ භාග්‍යවතුන් වහන්සේ අනේ සුගතයන් වහන්සේ යො ඉමෙසං යමෙක් මේ ධර්මයන් පිළිබඳව දක්ෂයෙක්ය, මනා දක්ෂයෙක්ය, නිපුණයෙක්ය, ජේකයෙක්ය, ඒ භාග්‍යවතුන් වහන්සේ අනේ කියන්නේනම් මැනවි, ඒ සුගතයන් වහන්සේ අනේ කියන්නේ නම් මැනවි, භාග්‍යවතුන් වහන්සේගේ පෙරවිසූ කඳ පිළිවෙළ දන්නා නුවණට නොයෙක් කල්ප කෝටි සිය දහස් ගණනක් එකයායට පැහැදිළි විය යනු මෙහි අදහසයි.
තස්ස වාහං පුබ්බන්තං ආරබ්භාති යො හි ලාභී හොති, සො “පුබ්බෙ ත්වං ඛත්තියො අහොසි, බ්රාහ්මණො අහොසී”ති වුත්තෙ ජානන්තො සක්කච්චං සුස්සූසති. අලාභී පන – “එවං භවිස්සති එවං භවිස්සතී”ති සීසකම්පමෙත්තමෙව දස්සෙති. තස්මා එවමාහ – “තස්ස වාහං පුබ්බන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය”න්ති.
තස්සවාහං පුබ්බන්තං ආරබ්භ යමෙක් ලාභියෙක් වේද. හේ පෙර ඔබ ක්ෂත්රියෙක් වූයෙහිය, බ්‍රාහ්මණයෙක් වූයෙහි යයි කී කල්හි ඒ ගැන දන්නේ සකසා අසන්ට කැමතිවෙයි. ලාභී නොවන්නෙක් මෙසේ වන්නේය. මෙසේ වන්නේයයි කීකල්හි හේ සසල වූ බවක් පමණක් පෙන්වයි. ඒනිසා මෙසේ කීය. මම ඔහුගේ පූර්වාන්තය අරබයා ප්රශ්නය විසඳීමෙන් සිත ගන්නෙම් නම් මැනවි.
සො වා මං අපරන්තන්ති දිබ්බචක්ඛුලාභිනො හි අනාගතංසඤාණං ඉජ්ඣති, තස්මා එවමාහ. ඉතරං පුබ්බෙ වුත්තනයමෙව.
සොවා මං අපරන්තං දිවැස් ලාභියාට අනාගතය පිළිබඳව දැනුමක් පහළවෙයි. ඒනිසා මෙසේ කීය. අනික පෙර කියූ ක්‍රමයමැයි
ධම්මං තෙ දෙසෙස්සාමීති අයං කිර අතීතෙ දෙසියමානෙපි න බුජ්ඣිස්සති, අනාගතෙ දෙසියමානෙපි න බුජ්ඣිස්සති. අථස්ස භගවා සණ්හසුඛුමං පච්චයාකාරං දෙසෙතුකාමො එවමාහ. කිං පන තං බුජ්ඣිස්සතීති? එතං පගෙව න බුජ්ඣිස්සති, අනාගතෙ පනස්ස වාසනාය පච්චයො භවිස්සතීති දිස්වා භගවා එවමාහ.
ධම්මං දෙසිස්සාමි මෙතෙමේ අතීතයෙහි දේශනා කරනු ලැබුයේ වුවද අවබෝධකර නොගන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෘදු සියුම් ප්‍රත්‍යයාකාරය දේශනා කරනු කැමති සේක් මෙසේ කීහ. කිංපනතං බුජ්ඣිස්සති මෙය පමණක් අවබෝධ නො කරන්නේ ය. අනාගතයෙහි ඔහුගේ වාසනාවට හේතුවක්ද වන්නේ ය.
පංසුපිසාචකන්ති අසුචිට්ඨානෙ නිබ්බත්තපිසාචං. සො හි එකං මූලං ගහෙත්වා අදිස්සමානකායො හොති. තත්රිදං වත්ථු – එකා කිර යක්ඛිනී ද්වෙ දාරකෙ ථූපාරාමද්වාරෙ නිසීදාපෙත්වා ආහාරපරියෙසනත්ථං නගරං ගතා. දාරකා එකං පිණ්ඩපාතිකත්ථෙරං දිස්වා ආහංසු, – “භන්තෙ, අම්හාකං මාතා අන්තො නගරං පවිට්ඨා, තස්සා වදෙය්යාථ ‘යං වා තං වා ලද්ධකං, ගහෙත්වා සීඝං ගච්ඡ, දාරකා තෙ ජිඝච්ඡිතං සන්ධාරෙතුං න සක්කොන්තී’”ති. තමහං කථං පස්සිස්සාමීති? ඉදං, භන්තෙ, ගණ්හථාති එකං මූලඛණ්ඩං අදංසු. ථෙරස්ස අනෙකානි යක්ඛසහස්සානි පඤ්ඤායිංසු, සො දාරකෙහි දින්නසඤ්ඤාණෙන තං යක්ඛිනිං අද්දස විරූපං බීභච්ඡං කෙවලං වීථියං ගබ්භමලං පච්චාසීසමානං. දිස්වා තමත්ථං කථෙසි. කථං මං ත්වං පස්සසීති වුත්තෙ මූලඛණ්ඩං දස්සෙසි, සා අච්ඡින්දිත්වා ගණ්හි. එවං පංසුපිසාචකා එකං මූලං ගහෙත්වා අදිස්සමානකායා හොන්ති. තං සන්ධායෙස “පංසුපිසාචකම්පි න පස්සාමී”ති ආහ. න පක්ඛායතීති න දිස්සති න උපට්ඨාති.
[missing trans] මේ එහි කතාවයි : එක් යකින්නක් තම දෙදරුවන් ථූපාරම දොරටුවෙහි හිඳුවා අහර සොයනු පිණිස නගරයට ගියාය. දරුවෝ එක් පිඬුසිඟායන තෙරනමක් දැක මෙසේ කීහ, ස්වාමීනි අපගේ මව ඇතුළුනුවරට පිවිසියාය. ඇයට මෙසේ කියනු මැනවි. ලැබුණු ලැබුණු දෙයක් අරගෙන ඉක්මනට යන්න. තිගේ දරුවෝ කුසගින්න දරාගන්නට නොහැක්කෝය. මම ඇය කෙසේ දැක ගත්තෙම්ද. ස්වාමීනි මෙය ගන්නැයි එක් මුල්කැබැල්ලක් දුන්හ. තෙරුන්ට යකුන් දහස් ගණනක් දක්නට හැකිවිය. උන්වහන්සේ දරුවන් විසින් දෙන ලද සලකුණින් විරූපී පිළිකුල් කටයුතු කෙවුල් වීදියෙහි ගැබ්මල ගැන බලාසිටින ඒ යකින්න දුටහ. දැක ඒ බව දැන්වූහ. ඔබ වහන්සේ කෙසේ මා දකිත්දැයි කීකල්හි මුල්කැබැල්ල පෙන්වුහ. ඈ එය පැහැර ගත්තාය. මෙසේ පාංශු පිශාචයෝ එක් මුලක්ගෙන නොපෙනෙන සිරුර ඇත්තාහු වෙති. ඒ සඳහා එකම පාංශු පිශාචයකු වත් නොදකිමියි කීහ. න පක්ඛායති නොපෙනේ. නොවැටහේ.
දීඝාපි ඛො තෙ එසාති උදායි එසා තව වාචා දීඝාපි භවෙය්ය, එවං වදන්තස්ස වස්සසතම්පි වස්සසහස්සම්පි පවත්තෙය්ය, න ච අත්ථං දීපෙය්යාති අධිප්පායො. අප්පාටිහීරකතන්ති අනිය්යානිකං අමූලකං නිරත්ථකං සම්පජ්ජතීති අත්ථො.
දිඝාපි ඛො තෙ උදායි මේ ඔබගේ වචනය දිග වියහැකිය. මෙසේ කියන්නහුට වර්ෂ සියයක් හෝ වර්ෂ දහසක් වුවත් පැවතිය හැකියැයි අර්ථය පැහැදිලි කළ යුතුය. යන අදහසයි. අප්පටිහීරකතං අනෛර්යාණික, අමුලක. නිරර්ථක තත්ත්වයට පැමිණේය යන අර්ථය.
ඉදානි තං වණ්ණං දස්සෙන්තො සෙය්යථාපි, භන්තෙතිආදිමාහ. තත්ථ පණ්ඩුකම්බලෙ නික්ඛිත්තොති විසභාගවණ්ණෙ රත්තකම්බලෙ ඨපිතො. එවංවණ්ණො අත්තා හොතීති ඉදං සො සුභකිණ්හදෙවලොකෙ නිබ්බත්තක්ඛන්ධෙ සන්ධාය – “අම්හාකං මතකාලෙ අත්තා සුභකිණ්හදෙවලොකෙ ඛන්ධා විය ජොතෙතී”ති වදති.
දැන් ඒ වර්ණය දක්වන්නේ සෙය්යථාපි භන්තෙ ආදිය කීය. එහි පණ්ඩුකම්බලෙනික්ඛන්තො අසමාන වර්ණ ඇති පඬු ඇඹුලෙහි තබන ලද්දේ එවං වණ්ණො අත්තා හොති හේ සුභකිණ්ණ දිව්‍ය ලෝකයෙහි උපන් ස්කන්ධ සඳහා අප මළකල්හි සුභකිණ්ණ දිව්‍යලෝකයෙහි අන්තය ඇති ස්කන්ධ මෙන් බැබලේ යැයි කියයි.
අයං ඉමෙසං උභින්නන්ති සො කිර යස්මා මණිස්ස බහි ආභා න නිච්ඡරති, ඛජ්ජොපනකස්ස අඞ්ගුලද්වඞ්ගුලචතුරඞ්ගුලමත්තං නිච්ඡරති, මහාඛජ්ජොපනකස්ස පන ඛළමණ්ඩලමත්තම්පි නිච්ඡරතියෙව, තස්මා එවමාහ.
අයං ඉමෙසං උභින්නං යම් හෙයකින් මැණිකෙහි දීප්තිය පිටතට නොනික්මේද, කණාමැදිරියාගේ අඟලක් දෙකක් හතරක් පමණට නික්මේද, මහා කණමැදිරියාගේ කමත දක්වා නික්මේ මය. ඒනිසා මෙසේ කීය.
විද්ධෙති උබ්බිද්ධෙ, මෙඝවිගමෙන දූරීභූතෙති අත්ථො. විගතවලාහකෙති අපගතමෙඝෙ. දෙවෙති ආකාසෙ. ඔසධිතාරකාති සුක්කතාරකා. සා හි යස්මා තස්සා උදයතො පට්ඨාය තෙන සඤ්ඤාණෙන ඔසධානි ගණ්හන්තිපි පිවන්තිපි, තස්මා “ඔසධිතාරකා”ති වුච්චති. අභිදො අඩ්ඪරත්තසමයන්ති අභින්නෙ අඩ්ඪරත්තසමයෙ. ඉමිනා ගගනමජ්ඣෙ ඨිතචන්දං දස්සෙති. අභිදො මජ්ඣන්හිකෙපි එසෙව නයො.
විද්ධෙ බිඳීගිය වලාකුළු පහවීමෙන් දුරීභූතවු කල්හි යන අර්ථයි. විගතවලාහකෙ වැඩිවලාකුළු ඉවත්වූ කල්හි දෙවෙ අහසෙහි, ඔසධී තාරකා සුදුතරුව එය උදාවුකල්හි පටන් ඒ සලකුණින් යම්හෙයකින් ඖෂධ ගනී ද පානය කරයිද ඒනිසා ඕසධී තාරකා යයි කියනු ලැබේ. අභිදො අඩ්ඪරත්තසමයං නොබිඳුණු මැදියම් කල්හි, අහස් ගැබෙහි සිටි චන්ද්‍රයා දක්වයි. අභිදො මජ්ඣාන්තිකෙපි එම ක්‍රමය මැයි,
අතො ඛොති යෙ අනුභොන්ති, තෙහි බහුතරා, බහූ චෙව බහුතරා චාති අත්ථො. ආභා නානුභොන්තීති ඔභාසං න වළඤ්ජන්ති, අත්තනො සරීරොභාසෙනෙව ආලොකං ඵරිත්වා විහරන්ති.
අතොඛො යමෙක් අනුභව කරත්ද ඔවුන්ගෙන් බහුතරය බොහෝ ද බහුතරද යන අර්ථයි. ආභායනානුහොන්ති ආලෝකය වැළඳ නොගනී. තමාගේ ශරීරාලෝකයෙන්ම ආලෝකය පතුරුවා වාසය කරත්.
ඉදානි යස්මා සො “එකන්තසුඛං ලොකං පුච්ඡිස්සාමී”ති නිසින්නො, පුච්ඡාමූළ්හො පන ජාතො, තස්මා නං භගවා තං පුච්ඡං සරාපෙන්තො කිං පන, උදායි, අත්ථි එකන්තසුඛො ලොකොතිආදිමාහ. තත්ථ ආකාරවතීති කාරණවතී. අඤ්ඤතරං වා පන තපොගුණන්ති අචෙලකපාළිං සන්ධායාහ, සුරාපානවිරතීති අත්ථො.
දැන් ඔහු කුමක්නිසා ඒකාන්ත සුඛ ඇති ලෝකය ගැන අසන්නෙමියි හුන්නේ ඇසීම් මුළාබවට පත්වූයේද, ඒනිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඒ ප්රශ්නය සිහිකරන සේක් කිංපන උදාසි අත්ථි එකන්ත සුඛො ලොකො ආදිය කීසේක. මෙහි ආකාරවතී යනු කාරණා ඇති. අඤ්ඤතරංවාපන තපොගුණං අචේලක පෙළ සඳහා කීහ.
කතමා පන සා, භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්සාති කස්මා පුච්ඡති? එවං කිරස්ස අහොසි – “මයං සත්තානං එකන්තසුඛං වදාම, පටිපදං පන කාලෙන සුඛං කාලෙන දුක්ඛං වදාම. එකන්තසුඛස්ස ඛො පන අත්තනො පටිපදායපි එකන්තසුඛාය භවිතබ්බං. අම්හාකං කථා අනිය්යානිකා, සත්ථු කථාව නිය්යානිකා”ති. ඉදානි සත්ථාරංයෙව පුච්ඡිත්වා ජානිස්සාමීති තස්මා පුච්ඡති.
[missing pali] කුමක්නිසා අසයිද? ඔහුට මෙසේ සිතිණ. අපිද තමන්ට ඒකාන්ත සුඛයයි කියමු. ප්‍රතිපදාව කලකට සැපය කලකට දුකයැයි කියමු. ඒකාන්ත සුඛ ඇති තමාගේ ප්‍රතිපදාවද ඒකාන්ත සුඛ වියයුතුයි. අපගේ කථාව අනෛර්යාණික ශාස්තෲන් වහන්සේගේ කථා නෛර්යාණිකය. දැන් ශාස්තෲන් වහන්සේම විචාරා දැන ගන්නෙමියි ඒනිසා විචාරයි.
එත්ථ මයං අනස්සාමාති එතස්මිං කාරණෙ මයං අනස්සාම. කස්මා පන එවමාහංසු? තෙ කිර පුබ්බෙ පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය කසිණපරිකම්මං කත්වා තතියජ්ඣානං නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානා කාලං කත්වා සුභකිණ්හෙසු නිබ්බත්තන්තීති ජානන්ති, ගච්ඡන්තෙ ගච්ඡන්තෙ පන කාලෙ කසිණපරිකම්මම්පි න ජානිංසු, තතියජ්ඣානම්පි නිබ්බත්තෙතුං නාසක්ඛිංසු. පඤ්ච පුබ්බභාගධම්මෙ පන “ආකාරවතී පටිපදා”ති උග්ගහෙත්වා තතියජ්ඣානං “එකන්තසුඛො ලොකො”ති උග්ගණ්හිංසු. තස්මා එවමාහංසු. උත්තරිතරන්ති ඉතො පඤ්චහි ධම්මෙහි උත්තරිතරං පටිපදං වා තතියජ්ඣානතො උත්තරිතරං එකන්තසුඛං ලොකං වා න ජානාමාති වුත්තං හොති. අප්පසද්දෙ කත්වාති එකප්පහාරෙනෙව මහාසද්දං කාතුං ආරද්ධෙ නිස්සද්දෙ කත්වා.
එත්ථමයං අනස්සාම මේ කරුණෙහිදී අපි නසින්නෙමු: මෙසේ කුමක් නිසා කීවාහුද? ඔවුහු පුර්වයෙහි ධර්මපසක පිහිටා තිබුණු පිරියම් කොට තෘතිය ධ්‍යානය උපදවා ගෙන නොපිරිහුන් ධ්‍යනයෙන් කලුරිය කොට සුභකිණ්ණයෙහි උපදිතියි දනිති. කල්යත්යත්ම කසිණ පරිකර්මය වත් නොදත්හ. තෘතීයධ්යානයවත් උපදවාගන්ට නොහැකි වූහ. පුර්වභාග ධර්ම පස ආකාරවතී ප්‍රතිපදා යැයි උගෙන තෘතීය ධ්‍යානය ඒකාන්ත සුඛ ලෝකය යැයි උගත්හ. ඒ නිසා මෙසේ කීහ. උත්තරීතරං මෙයින් පංචධර්මයට වඩා උත්තරීතරවූ ඒකාන්තසුඛ ලෝකයක් හෝ නොදනිමුයි කියන ලද්දේවෙයි. අප්ප සද්දෙකත්වා එකපහරින්ම මහා ශබ්දයක් කිරීමට ඇරඹුවන් නිශ්ශබ්ද කොට,
සච්ඡිකිරියාහෙතූති එත්ථ ද්වෙ සච්ඡිකිරියා පටිලාභසච්ඡිකිරියා ච පච්චක්ඛසච්ඡිකිරියා ච. තත්ථ තතියජ්ඣානං නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො කාලං කත්වා සුභකිණ්හලොකෙ තෙසං දෙවානං සමානායුවණ්ණො හුත්වා නිබ්බත්තති, අයං පටිලාභසච්ඡිකිරියා නාම. චතුත්ථජ්ඣානං නිබ්බත්තෙත්වා ඉද්ධිවිකුබ්බනෙන සුභකිණ්හලොකං ගන්ත්වා තෙහි දෙවෙහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං ආපජ්ජති, අයං පච්චක්ඛසච්ඡිකිරියා නාම. තාසං ද්වින්නම්පි තතියජ්ඣානං ආකාරවතී පටිපදා නාම. තඤ්හි අනුප්පාදෙත්වා නෙව සක්කා සුභකිණ්හලොකෙ නිබ්බත්තිතුං, න චතුත්ථජ්ඣානං උප්පාදෙතුං. ඉති දුවිධම්පෙතං සච්ඡිකිරියං සන්ධාය – “එතස්ස නූන, භන්තෙ, එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාහෙතූ”ති ආහ.
සච්ඡිකිරියා හෙතු මෙහි පටිලාභ සච්ඡිකිරියා. පච්චක්ඛ සච්ඡිකිරියා යනුවෙන් සඡිකිරියා දෙකකි. සතරවැනි තෘතීය ධ්‍යානය උපදවා නොපිරිහුන් ධවානයෙන් කලුරිය කොට සුභකිණ්ණ ලෝකයෙහි ඒ දෙවිවරුන්ගේ සම ආයුවර්ණ ඇතිව උපදී. මෙය පටිලාභ සච්ඡිකිරියානමි චතුර්ධ්‍යානය උපදවා ඍද්ධි විකුර්වණයෙන් සුභකිණ්ණ ලෝකයට ගොස් ඒ දෙවියන් සමග සිටී කථාකරයි සාකච්ඡාවට එළඹෙයි. මෙය පච්චක්ඛ සච්ඡිකිරියා නම් ඔවුන් දෙදෙනාගේම තෘතීයධ්‍යානය ආකාරවතී ප්‍රතිපදාව නමි එය නූපදවා සුභ කිණ්ණ ලෝකයෙහි උපදින්ට නොහැකිය. චතුර්ථ ධ්‍යානය උපදවන්ටද නොහැකිය. මෙසේ මේ දෙවැදෑරුම් සච්ඡිකිරියා සඳහා ස්වාමීනි මේ ඒකාන්ත සුඛ ලෝකයෙහි සච්ඡිකිරියාව වේවායි කීය.
උදඤ්චනිකොති උදකවාරකො. අන්තරායමකාසීති යථා පබ්බජ්ජං න ලභති, එවං උපද්දුතමකාසි යථා තං උපනිස්සයවිපන්නං. අයං කිර කස්සපබුද්ධකාලෙ පබ්බජිත්වා සමණධම්මමකාසි. අථස්ස එකො සහායකො භික්ඛු සාසනෙ අනභිරතො, “ආවුසො, විබ්භමිස්සාමී”ති ආරොචෙසි. සො තස්ස පත්තචීවරෙ ලොභං උප්පාදෙත්වා ගිහිභාවාය වණ්ණං අභාසි. ඉතරො තස්ස පත්තචීවරං දත්වා විබ්භමි. තෙනස්ස කම්මුනා ඉදානි භගවතො සම්මුඛා පබ්බජ්ජාය අන්තරායො ජාතො. භගවතා පනස්ස පුරිමසුත්තං අතිරෙකභාණවාරමත්තං, ඉදං භාණවාරමත්තන්ති එත්තකාය තන්තියා ධම්මො කථිතො, එකදෙසනායපි මග්ගඵලපටිවෙධො න ජාතො, අනාගතෙ පනස්ස පච්චයො භවිස්සතීති භගවා ධම්මං දෙසෙති. අනාගතෙ පච්චයභාවඤ්චස්ස දිස්වා භගවා ධරමානො එකං භික්ඛුම්පි මෙත්තාවිහාරිම්හි එතදග්ගෙ න ඨපෙසි. පස්සති හි භගවා – “අනාගතෙ අයං මම සාසනෙ පබ්බජිත්වා මෙත්තාවිහාරීනං අග්ගො භවිස්සතී”ති.
උද්දෙක නිකතො ජලය අදින්නෙක් අන්තරායමකාසි යම්සේ පැවිදි බව නොලබාද එසේ බාධා ඇත්තෙකු කළේය. උපනිශ්‍රය නැත්තකු යම්සේද එසේ කළේය. මොහු වනාහි කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි පැවිදිට මහණදම් පිරූවේය. ඉක්බිති ඔහුගේ යහළු භික්ෂුවක් සසුනෙහි නොඇලුනෝ ඇවැත්නි සිවුරු හරින්නෙමියි දැන්වීය. හේ ඔහුගේ පාසිවුරු කෙරෙහි ලෝභය උපදවාගෙන ගිහි බවෙහි ගුණ කීය. අනිකා ඔහුට පාසිවරුදී සිවුරු හළේය. ඔහුට මේ කර්මය නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කලින් සුත්‍රය අතිරේක බණවරපමණක්ද මෙම බණවර පමණක් දැයි මෙපමණකින් ත්‍රිපිටකයෙහි ධර්මය දේශනා කරන ලද්දේය. එක් දේශනාවකින් වත් මාර්ගඵල ප්රතිවේධයක් නොවීය. අනාගතයෙහි ඔහුට හේතුවක් වන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසූසේක. අනාගතයෙහි ඔහු ගේ හේතුසම්පන්න භාවය දැක භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිටිමින්ම එක්භික්ෂුවක්වත් මෙත්තා විහාරීයැයි අග්‍රස්ථානයෙහි නොතැබුසේක. භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි මොහු මාගේ ශාසනයෙහි පැවිදිව මෙත්තා විහාරීන්ට අග්‍රවන්නේ යයි දකින සේක.
සො භගවති පරිනිබ්බුතෙ ධම්මාසොකරාජකාලෙ පාටලිපුත්තෙ නිබ්බත්තිත්වා පබ්බජිත්වා අරහත්තප්පත්තො අස්සගුත්තත්ථෙරො නාම හුත්වා මෙත්තාවිහාරීනං අග්ගො අහොසි. ථෙරස්ස මෙත්තානුභාවෙන තිරච්ඡානගතාපි මෙත්තචිත්තං පටිලභිංසු, ථෙරො සකලජම්බුදීපෙ භික්ඛුසඞ්ඝස්ස ඔවාදාචරියො හුත්වා වත්තනිසෙනාසනෙ ආවසි, තිංසයොජනමත්තා අටවී එකං පධානඝරං අහොසි. ථෙරො ආකාසෙ චම්මඛණ්ඩං පත්ථරිත්වා තත්ථ නිසින්නො කම්මට්ඨානං කථෙසි. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ භික්ඛාචාරම්පි අගන්ත්වා විහාරෙ නිසින්නො කම්මට්ඨානං කථෙසි, මනුස්සා විහාරමෙව ගන්ත්වා දානමදංසු. ධම්මාසොකරාජා ථෙරස්ස ගුණං සුත්වා දට්ඨුකාමො තික්ඛත්තුං පහිණි. ථෙරො භික්ඛුසඞ්ඝස්ස ඔවාදං දම්මීති එකවාරම්පි න ගතොති.
හෙතෙමේද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ධර්මාශෝක රජුගේ කාලයේදී පාටලීපුත්‍රයෙහි ඉපිද පැවිදිව රහත්බවට පත්ව අස්සගුත්ත තෙර නම් වී මෙත්තා වීහාරින්ට අග්රවිය. තෙරුන්ගේ මෛත්‍රී ආනුභාවයෙන් තිරිසන් සත්තුද මෛත්‍රී සිත්ලැබූහ. තෙරුන්වහන්සේ සියලු දඹදිව භික්ෂුසංඝයාගේ අවවාද දෙන ගුරුවරයා වී වත්තනිය සේනාසනයෙහි විසූහ. තිස් යොදුන් පමණ වනයෙහි එක් ප්‍රධාන ගෙයක් විය. තෙරුන් වහන්සේ අහසෙහි සම්කඩක් එලා එහි උන්නාහු කමටහන් කියති. කල්යත්යත්ම පිඬුසිඟා වත් නොගොස් විහාරයෙහි හිඳ කමටහන් කියූහ. මිනිස්සු විහාරයටම ගොස් දන්දුන්හ. ධර්මාශෝක රජ තෙරුන්ගේ ගුණ අසා දකිනු කැමැත්තේ තෙවරක් පණිවුඩ යැවීය. තෙරුන්වහන්සේ භික්ෂුසංඝයාට අවවාද දෙමියි එක්වරක්වත් නොගියහ.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චූළසකුලුදායිසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවැනි චූළසකුලුදායී සුත්‍රයයි.
වෙඛනස්ස සුත්තවණ්ණනා
වෙඛනස්ස සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති වෙඛනසසුත්තං. තත්ථ වෙඛනසොති අයං කිර සකුලුදායිස්ස ආචරියො, සො “සකුලුදායී පරිබ්බාජකො පරමවණ්ණපඤ්හෙ පරාජිතො”ති සුත්වා “මයා සො සාධුකං උග්ගහාපිතො, තෙනාපි සාධුකං උග්ගහිතං, කථං නු ඛො පරාජිතො, හන්දාහං සයං ගන්ත්වා සමණං ගොතමං පරමවණ්ණපඤ්හං පුච්ඡිත්වා ජානිස්සාමී”ති රාජගහතො පඤ්චචත්තාලීසයොජනං සාවත්ථිං ගන්ත්වා යෙන භගවා, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පන ඨිතකොව භගවතො සන්තිකෙ උදානං උදානෙසි. තත්ථ පුරිමසදිසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
එවම්මෙසුතං යනු වෙඛනස්ස සුත්‍රයයි. එහි වෙඛනස්ස මොහු සකුලුදාසීගේ ගුරුවරයාය. හේ සකුලුදායී පරිබ්‍රාජකයා පරම වර්ණ ප්රශ්නයේදී පරාජිතවුයේ යයි අසා මා විසින් ඔහු මනාසේ උගන්වන ලද්දේය. ඔහු විසින්ද මැනවින් ඉගෙන ගන්නා ලදී. පැරදුණේ කෙසේද? මම තෙමේම ගොස් ශ්‍රමණ ගෞතමයන්ගෙන් පරම වර්ණ ප්රශ්නය විචාර හොඳින් දැනගන්නෙමියි රජගහනුවර සිට යොදුන් හතළිස් පහක් සැවතට ගොස් භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළැඹියේය. එළඹ සිටියේම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උදානයක් ඇනීය. එහි පෙර යැයි කියන ලද පරිදි දතයුතුය.
පඤ්ච ඛො ඉමෙති කස්මා ආරභි? අගාරියොපි එකච්චො කාමගරුකො කාමාධිමුත්තො හොති, එකච්චො නෙක්ඛම්මගරුකො නෙක්ඛම්මාධිමුත්තො හොති. පබ්බජිතොපි ච එකච්චො කාමගරුකො කාමාධිමුත්තො හොති, එකච්චො නෙක්ඛම්මගරුකො නෙක්ඛම්මාධිමුත්තො හොති. අයං පන කාමගරුකො කාමාධිමුත්තො හොති. සො ඉමාය කථාය කථියමානාය අත්තනො කාමාධිමුත්තත්තං සල්ලක්ඛෙස්සති, එවමස්සායං දෙසනා සප්පායා භවිස්සතීති ඉමං දෙසනං ආරභි. කාමග්ගසුඛන්ති නිබ්බානං අධිප්පෙතං.
පඤ්චඛො ඉමෙ යයි කුමක් නිසා ඇරඹූසේක්ද, ගිහියන්ගෙන් සමහරු කාමයට ගරු කරන්නෝය. කාමයෙහි ගැලුණෝ වෙති. සමහරු නෛෂ්ක්‍රම්‍යයට ගරු කරන්නෝය නෛෂ්ක්‍රම්‍යයෙහි ගිලුණෝය. මේ කාම ගරුකයා, කාමාධිමුක්තයා මේ කතාව කියනු ලබන කල්හි තමා කාමාධි මුත්ත බැවින් එය සලකන්නේය. මෙසේ ඔහුට මේ දේශනාව සත්ප්‍රාය වෙතියි මේ දේශනාව ඇරඹුසේක. කාමග්ගසුඛං නිර්වාණය අදහස් කරන ලදී.
පාපිතො භවිස්සතීති අජානනභාවං පාපිතො භවිස්සති. නාමකංයෙව සම්පජ්ජතීති නිරත්ථකවචනමත්තමෙව සම්පජ්ජති. තිට්ඨතු පුබ්බන්තො තිට්ඨතු අපරන්තොති යස්මා තුය්හං අතීතකථාය අනුච්ඡවිකං පුබ්බෙනිවාසඤාණං නත්ථි, අනාගතකථාය අනුච්ඡවිකං දිබ්බචක්ඛුඤාණං නත්ථි, තස්මා උභයම්පෙතං තිට්ඨතූති ආහ. සුත්තබන්ධනෙහීති සුත්තමයබන්ධනෙහි. තස්ස හි ආරක්ඛත්ථාය හත්ථපාදෙසු චෙව ගීවාය ච සුත්තකානි බන්ධන්ති. තානි සන්ධායෙතං වුත්තං. මහල්ලකකාලෙ පනස්ස තානි සයං වා පූතීනි හුත්වා මුඤ්චන්ති, ඡින්දිත්වා වා හරන්ති.
පාපිතො භවිස්සති නොදන්නා බවට පමුණුවන ලද්දේ වෙයි. ලාමකබවටම පැමිණේනුයි තිරිසන් වචනයටම පැමිණෙයි. තිට්ඨතු පුබ්බන්තො තිට්ඨතු අපරන්තො යම්හෙයකින් තාගේ අතීත කතාවට සුදුසු දිබ්බචක්ඛු ඥානයක් නැත. ඒනිසා මේ දෙකම සිටීවායි කීය. සුත්තබන්ධනෙහි නුල් බැඳීම්වලින් ඔහුගේ ආරක්ෂාව පිණිස අත්පාවල ද ගෙලෙහිද නුල් බඳිති. ඒවා සඳහා මෙසේ කියනලදී. මහලුකල ඔහුගේ ඒ නුල් තෙමේම කුණු වී මිදෙයි. කඩා හෝ ඉවත් කරති.
එවමෙව ඛොති ඉමිනා ඉදං දස්සෙති – දහරස්ස කුමාරස්ස සුත්තබන්ධනානං අජානනකාලො විය අවිජ්ජාය පුරිමාය කොටියා අජානනං, න හි සක්කා අවිජ්ජාය පුරිමකොටි ඤාතුං, මොචනකාලෙ ජානනසදිසං පන අරහත්තමග්ගෙන අවිජ්ජාබන්ධනස්ස පමොක්ඛො ජාතොති ජානනං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
එවමෙව ඛො මෙයින් මෙය දක්වයි. ළදරුවාගේ නුල් බැඳීම නොදන්නා කාලය අවිද්‍යාවෙහි මුල්කොන නොදැනීම මෙනි. අවිද්‍යාවෙහි මුල්කොන දත නොහැකිය. මුදනකල දැනීම අර්හත් මාර්ගයෙන් අවිද්‍යා බන්ධනයෙහි මිදීම වීයයි දැනීම මෙනි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය වෙඛනසසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවැනි වෙඛනස්ස සුත්‍රයයි
තතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
තෙවැනි වර්ගය නිමියේය.