චූළසකුලුදායි සුත්තං
2. 3. 9.
2. 3. 9.
චූළසකුලුදායි සුත්තං
චූළසකුලුදායි සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සකුලුදායී පරිබ්බාජකො මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවතො එතදහොසි: අතිප්පගො ඛො තාව රාජගහං පිණ්ඩාය චරිතුං. යන්නූනාහං යෙන මොරනිවාපො පරිබ්බාජකාරාමො යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො භගවා යෙන මොරනිවාපො පරිබ්බාජකාරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සකුලුදායී පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා, සෙය්යථිදං: ‘රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. අද්දසා ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි: ‘අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. අයං සමණො ගොතමො ආගච්ඡති, අප්පසද්දකාමො ඛො පන සො ආයස්මා අප්පසද්දස්ස වණ්ණවාදී. අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා’ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං .
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා කලන්දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වසන සේක. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක මහත් වූ පිරිවැජිපිරිස් හා සමග මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වෙසෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත විය: “රජගහනුවරට පිඬුසිඟා යන්නට තව ඉතා උදැසන. මම් මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොරනිවාප නම් පරිව්‍රාජකාරාමය කරා එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක උද්ගත නාද ඇති උස්හඬින් මහහඬින් අනේකවිධ තිරිසන් කථා කියන මහත් වූ පරිව්‍රාජක පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කවර තිරිසන් කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමැතියන් පිළිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ ශූරකථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්වප්රේත කථා යැ නානාත්ව කථා යැ ලෝකාඛ්‍යානකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ මෙසේ වෘද්ධිහානි වෙයි යන කථා යි. සකුලුදායී පරිව්‍රාජක දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සිය පිරිස් සන්හුන් කරවී: “භවත්හු නිහඬ වෙත්වා, භවත්නි, තෙපි නහමක් හඬ නගවු. මේ ශ්‍රමණ ගෞතම එයි, එ ආයුෂ්මත් වූකලි නිහඬ බැව් කැමැත්තේ යැ. නිහඬ බැව්හි ගුණ කියන්නේ යැ. නිහඬ පිරිස් දැන එළැඹියයුතු කොට සිතා නම් මැනැවැ” යි. ඉක්බිති ඒ පිරිවැජියෝ නිහඬ වූහ.
අථ ඛො භගවා යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං එතදවොච: එතු ඛො භන්තෙ භගවා: ‘ස්වාගතං භන්තෙ භගවතො. චිරස්සං ඛො භන්තෙ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තෙ භගවා, ඉදමාසනං පඤ්ඤත්ත’න්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. සකුලුදායීපි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සකුලුදායිං පරිබ්බාජකං භගවා එතදවොච:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹියහ. ඉක්බිති සකුලුදායී පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: “වහන්ස, භාග්‍යවත්හු වඩනා සේක්වා, වහන්ස, භාග්‍යවත්නට ස්වාගත යැ. වහන්ස, භාග්‍යවත්හු මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මෙකරුණ කළසේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳුනා සේක්වා, මෙ අස්න පනවන ලදැ” යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. සකුලුදායී පරිව්‍රාජක ද එක්තරා මිටි අස්නක් ගෙන් එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සකුලුදායී පරිව්‍රාජකහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
කායනුත්ථ උදායි, එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරා කථා විප්පකතාති? තිට්ඨතෙසා භන්තෙ කථා යාය මයං එතරහි කථාය සන්නිසින්නා. නෙසා, භන්තෙ කථා භගවතො දුල්ලභා භවිස්සති පච්ඡාපි සවණාය. යදාහං භන්තෙ ඉමං පරිසං අනුපසඞ්කන්තො හොමි. අථායං පරිසා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තී නිසින්නා හොති.
“උදායී, තෙපි දැන් කවර නම් කථායෙකින් යුක්ත වැ උන්නු ද? තොප විසින් කවර නම් අතුරු කථාවක් අඩාළ කරන ලද දැ?” යි. වහන්ස, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ උනුමෝ නම් තෙල කථාව තිබියේවා. වහන්ස, තෙල කථා භාග්‍යවතුන්ට පසු වැ ද අසන්නට දුර්ලභ නො වන්නේ යැ. වහන්ස, යම් කලෙකැ මම් මෙපිරිසට නො එළැඹෙන්නෙම් වෙම් ද එකල්හි මෙ පිරිස අනේකවිධ තිරිසන් කථා කියමින් හුන්නී වෙයි.
යදා ච ඛො අහං භන්තෙ, ඉමං පරිසං උපසඞ්කන්තො හොමි. අථායං පරිසා මමංයෙව මුඛං උල්ලොකෙන්තී නිසින්නා හොති: යං නො සමණො උදායී ධම්මං භාසිස්සති. තං නො සොස්සාමාති. යදා පන භන්තෙ භගවා ඉමං පරිසං උපසඞ්කන්තො හොති, අථ අහඤ්චෙව අයඤ්ච පරිසා භගවතොව මුඛං උල්ලොකෙන්තො නිසින්නා හොම: යං නො භගවා ධම්මං භාසිස්සති, තං සොස්සාමා’ති.
වහන්ස, මම් යම් කලෙකැ මේ පිරිසට එළැඹෙන්නෙම් වෙම් ද එකල්හි මේ පිරිස ‘ශ්‍රමණ උදායී අපට යම් දහමක් දෙසන්නේ ද එ දහම ඇපි අසම්හ’යි මාගේ මැ මුහුණ බලමින් හුන්නී වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් කෙලෙක මේ පිරිසට පැමිණිසේක් ද, එතැන් පටන් මමත් මෙ පිරිසත් ‘බුදුහු අපට යම් දහමක් දෙසනසේක් ද, ඇපි ඒ දහම අසම්හ’ යි භාග්‍යවතුන් වහන්සේගේ මැ මුහුණ බලමින් හුන්නමෝ වම්හ.
තෙනහුදායි, තඤ්ඤෙවෙත්ථ පටිභාතු, යථා මං පටිභාසෙය්යාති. පුරිමානි භන්තෙ දිවසානි පුරිමතරානි සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානමානො: ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. සො මයා පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුට්ඨො සමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරි. බහිද්ධා කථං අපනාමෙසි. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. තස්ස මය්හං භන්තෙ, භගවන්තංයෙව ආරබ්භ පීති උදපාදි: ‘අහො නූන භගවා, අහො නූන සුගතො, යො ඉමෙසං ධම්මානං කුසලො’ති.
එසේ වී නම් උදායී, යම් කරුණෙකින් මට ධර්මදේශනාව වටහා නම් එ කරුණෙහි ලා තොපට මැ වැටහෙත්ව’යි. වහන්ස, හීයේ පෙරෙයිදා දිනයන්හි සර්වදර්ශී වූ සර්වඥ ‘ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට හැමදා හැම කල්හි ඥානදර්ශනය එළැඹ සිටියේ යැ’යි නිරවශේෂ ඥානදර්ශනය පිළින කරනුයේ, හේ මා විසින් පූර්වාන්තය ඇරැබැ පැන පුළුවුස්නා ලද්දේ අනෙකෙකින් අනෙකෙක් වසාලී යැ, කථාව බැහැරට නැමී යැ, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙළේ යි. වහන්ස, ඒ මට යමෙක් මෙ දහම්හි සමත්වී නම් ‘අහෝ යහඟ එ බුදුහු. අහෝ යහඟ එසුගත්හු’ යයි භාග්‍යවතුන් මැ ඇරැබැ ප්‍රීති උපනැ’යි.
කො පෙනසො උදායි, සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානමානො: ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති, යො තයා පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුට්ඨො සමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරි, බහිද්ධා කථං අපනාමෙසි. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසී’ති? නිගණ්ඨො භන්තෙ නාතපුත්තො’ති.
උදායී, යමෙක් තොප විසින් පූර්වාන්තය ඇරැබැ පැන පුළුවුස්නා ලද්දේ අනෙකෙකින් අනෙකක් වැසී ද කථාව බැහැරට නැමී ද, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙළේ ද, ‘ඇවිදිනා වූ සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද මට හැමදා හැම කල්හි ඥානදර්ශනය එළැඹසිටියේ යැ’යි නිරවශේෂ ඥානදර්ශනය පිළින කෙරෙන තෙල සර්වදර්ශී සර්වඥ කවරෙක් දැ?යි. වහන්ස, ‘නිගණ්ඨනාත පුත්‍ර යැ’යි.
යො ඛො උදායි, අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය. සො වා මං පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්ය තං වාහං පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්යං. සො වා මෙ පුබ්බන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය, තස්ස වාහං පුබ්බන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්‍යං.
උදායී, යමෙක් අනේකවිධ වූ පූර්වේනිවාස සිහි කෙරේ ද, හේ කෙසේ ද යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වේනිවාස සිහි කරන්නේ ද, හෙ තෙම හෝ පූර්වාන්තය ඇරැබැ මා පැන පුළුවුස්නේ යැ, මම හෝ පූර්වාන්තය ඇරැබැ ඔහු පැන පුළුවුස්නෙමි. හේ හෝ පූර්වාන්තය ඇරැබැ මාගේ පැන විසඳුමින් සිත් ගන්නේ යැ, මම් හෝ පූර්වාන්තය ඇරැබැ ඔහුගේ පැන විසඳුමින් සිත් ගන්නෙමි.
යො ඛො උදායි, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්ය: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්ය. සො වා මං අපරන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්ය. තං වාහං අපරන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්යං. සො වා මෙ අපරන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය. තස්ස වාහං අපරන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්‍යං. අපිචුදායි, තිට්ඨතු පුබ්බන්තො තිට්ඨතු අපරන්තො. ධම්මං තෙ දෙසෙස්සාමි: ‘ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉමං නිරුජ්ඣතී’ති.
උදායී, යමෙක් වනාහි මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති සුන්දර ගති ඇති නපුරු ගති ඇති සත්ත්වයන් දක්නේ ද ... කර්මානුරූප වැ ගිය සත්ත්වයන් දැනගන්නේ ද, හෙතෙම් හෝ අපරාන්තය ඇරැබැ මා පැන පුළුවුස්නේ යැ, මම් හෝ අපරාන්තය ඇරැබැ ඔහු පැන පුළුවුස්නෙමි. හේ හෝ අපරාන්තය ඇරැබැ මාගේ පැන විසඳුමින් සිත් ගන්නේ යැ, මම් හෝ අපරාන්තය ඇරැබැ ඔහුගේ පැන විසඳුමින් සිත් ගන්නෙමි. (පහදනෙමි) එතෙකුදු වත් උදායී, පූර්වාන්තය සිටීවා, අපරාන්තය සිටීවා. තොපට දහම් දෙසනෙමි. “මේ (අවිද්‍යාදි ප්‍රත්‍යය) ඇති කල්හි මේ (සංස්කාරාදි ඵල) වෙයි, මේ (අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ) උපැත්මෙන් මේ (සංස්කාරාදි ඵලය) උපදි. මේ (අවිද්‍යාදි ප්‍රත්‍යය) නැති කල්හි මේ (සංස්කාරාදි ඵල) නො වෙයි. මේ (අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ) නිරෝධයෙන් මේ (සංස්කාරාදි ඵල) නිරුද්ධ වේ” යයි.
අහං හි භන්තෙ යාවතකම්පි මෙ ඉමිනා අත්තභාවෙන පච්චනුභූතං, තම්පි නප්පහොමි සාකාරං සඋද්දෙසං අනුස්සරිතුං. කුතො පනාහං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සාමි, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සාමි සෙය්යථාපි භගවා. අහං හි භන්තෙ එතරහි පංසුපිසාචකම්පි න පස්සාමි, කුතො පනාහං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සිස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානිස්සාමි. සෙය්යථාපි භගවා. යං පන මං භන්තෙ භගවා එවමාහ: අපි චුදායි තිට්ඨතු පුබ්බන්තො තිට්ඨතු අපරන්තො, ධම්මං තෙ දෙසෙස්සාමි: ‘ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣතී’ති. තඤ්ච පන මෙ භිය්යොසොමත්තාය න පක්ඛායති. අප්පෙවනාමාහං භන්තෙ සකෙ ආචරියකෙ භගවතො චිත්තං ආරාධෙය්‍යං පඤ්හස්ස වෙය්යාකරණෙනා’ති.
වහන්ස, මම් මාගේ මේ අත්බැවින් යම් පමණ (අරමුණු) විඳුනාලද ද, එ ද මෙසේ ආකාර සහිත කොට උද්දේස සහිත කොට සමරන්නට නො පොහෝනෙමි. වැළිත් කොයින් මම් අනේකවිධ පූර්වෙනිවාසයන් සමරන්නෙම් ද? හේ කෙසේ යැ යත්: එක් දැයකුදු දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වේනිවාසය භාග්‍යවතුන් සෙයින් සිහි කරන්නෙම් ද? වහන්ස, මම මේ කල්හි පාංශුපිශාචයකුදු නො දක්මි. වැළිත් කොයින් මම මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ සුවර්ණ වූ දුවර්‍ණ වූ සුන්දර ගති ඇති දුගති ඇති සත්ත්වයන් දක්නෙම් ද, යථාකර්මෝපග සත්ත්වයන් භාග්‍යවතුන් සෙයින් දන්නෙම් ද වහන්ස, වැළිත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ: “එතෙකුදු වත් උදායී, පූර්වාන්තය සිටීවා, අපරාන්ත සිටීවා, තොපට දහමක් දෙසමි: “මේ (ප්‍රත්‍යය) ඇති කල්හි මේ (ඵලය) වෙයි, මේ (ප්‍රත්‍යය) උපැත්මෙන් මේ (ඵලය) උපදි, මේ (ප්‍රත්‍යය) නැති කල්හි මේ (ඵලය) නො වෙයි, මේ (ප්‍රත්‍යයාගේ) නිරෝධයෙන් මේ (ඵලය) නිරුද්ධ වේ” යයි යමක් කියා ද, එ ද මට බෙහෙවින් නො වැටහෙයි, වහන්ස මම් සිය ඇදුරොල්හි ප්‍රශ්නව්‍යාකරණයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත පහදනෙම් නම් මැනැවැ’ යි.
කින්ති පන තෙ උදායි, සකෙ ආචරියකෙ හොතීති?
උදායී, වැළිත් තොපට සිය ඇදුරොල්හි කෙසේ වේ දැ? යි.
අම්හාකං භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති: ‘අයං පරමො වණ්ණො, අයං පරමො වණ්ණො’ති.
වහන්ස, අපට සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ”යි.
යං පන තෙ එතං උදායි, සකෙ ආචරියකෙ එවං හොති: ‘අයං පරමො වණ්ණො, අයං පරමො වණ්ණො’ති. කතමො සො පරමො වණ්ණො’ති?
උදායී, වැළිත් තොපටතෙල සිය ඇදුරොල්හි “මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි මෙසේ යමක් වේ ද, ඒ පරමවර්ණය කවරෙ ද?
යස්මා භන්තෙ, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි සො පරමො වණ්ණොති.
වහන්ස, යම් වර්ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ‘ඒ පරමවර්‍ණ නම් වේ’ යයි.
කතමො පන සො උදායි වණ්ණො, යස්මා වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථීති?
උදායී, යම් වර්ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ඒ වර්ණය කවරේ ද?
යස්මා භන්තෙ වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණොති.
වහන්ස, යම් වර්ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය වර්ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ වේ’යයි.
දීඝාපි ඛො තෙ එසා උදායි, ඵරෙය්ය. යස්මා භන්තෙ, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණොති වදෙසි. තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසි. සෙය්යථාපි උදායි පුරිසො එවං වදෙය්ය: අහං යා ඉමස්මිං ජනපදෙ ජනපදකල්යාණී තං ඉච්ඡාමි තං කාමෙමී’ති. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමෙසි. ජානාසි තං ජනපදකල්‍යාණිං ඛත්තියී වා බ්රාහ්මණී වා වෙස්සී වා සුද්දීවාති? ඉති පුට්ඨො, නොති වදෙය්ය. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං ජනපදකල්‍යාණිං ඉච්ඡසි කාමෙසි ජානාසි ත්වං ජනපදකල්‍යාණිං එවන්නාමා එවඞ්ගොත්තා ඉති වාති -පෙ- දීඝා වා රස්සා වා මජ්ඣිමා වාති -පෙ- කාළී වා සාමා වා මඞ්ගුරච්ඡවී වාති -පෙ- අමුකස්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වාති ඉති පුට්ඨො, නොති වදෙය්ය. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං න ජානාසි න පස්සසි, තං ත්වං ඉච්ඡසි කාමෙසීති ඉති පුට්ඨො ආමාති වදෙය්ය. තං කිං මඤ්ඤසි උදායි, නනු එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකං භාසිතං සම්පජ්ජතීති?
උදායී (තෙපි) “වහන්ස, යම් වර්ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ‘ඒ පරමවර්‍ණ යැ’ යි කියව, ඒ වර්ණය ද නො පනවව, තොපගේ තෙල කථාව දික්වන්නේ යැ. යම්සේ උදායී, පුරුෂයෙක් මෙසේ කියයි: “මම් මෙ දනවියෙහි යම් දනවුකලණක් ඇත නම් ඇය රුස්නෙමි, ඇය කැමැත්තෙමි” යි. ඒ මොහුට කිසි කෙනෙක් මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනවුකලණක රුස්නහු ද කැමැත්තහු ද තෙපි දනවුකලණ ක්ෂත්රියාවක හෝ බ්‍රාහ්මණියක හෝ වෛශ්‍යාවක හෝ ශුද්‍රියක් හෝ යි දනිවු දැ? යි. මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමි’ කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: එම්බා පුරුෂය, තෙපි යම් දනවුකලණක රුස්නහු ද කැමැත්තහු ද, තෙපි දනවුකලණ මෙ නම් ඇත මෙවන් ගෝත්‍ර ඇතැ යි හෝ ... දික් යැ හෝ මිටි යැ හෝ මැදුම් යැ හො’ යි ... කැළි යැ හෝ සම්වනැ හෝ මඟුරුසිවි ඇත්තී යැ හො’යි, අසුවල් ගම්හි යැ හෝ නියම්ගම්හි යැ හෝ නුවරෙහි යැ හෝ’යි දනිවු දැ?”යි. මෙසේ පුළුවුස්නාලද්දේ ‘නො දනිමී’ කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් තැනැත්තියක නො දන්නහු ද නො දක්නහු ද, තෙපි ඇය රුස්නහු ද කැමැත්තහු දැ?”යි. මෙසේ පුළුවුස්නාලද්දේ ‘එසේ යැ’යි කියන්නේ යැ. උදායී, එය කුමකැයි හඟී ද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ නො වේ දැ?යි.
අද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකං භාසිතං සම්පජ්ජතීති.
වහන්ස, ඒකාන්තයෙන් මැ මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ මැ යි.
එවමෙව ඛො උදායි, යස්මා භන්තෙ, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණොති වදෙසි, තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසීති.
එසෙයින් මැ උදායී තෙපි: “වහන්ස, යම් වර්ණයකට වඩා උත්තරීතර හෝ ප්‍රණීතතර හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ යැ යි කියව, ඒ වර්ණය ද නො පනව” යි.
සෙය්යථාපි භන්තෙ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසති ච තපති ච විරොචති ච එවං වණ්ණො අත්තා හොති අරොගො පරම්මරණාති.
වහන්ස, යම්සේ සුන්දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග වේ යයි.
තං කිං මඤ්ඤසි උදායි, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසති ච තපති ච විරොචති ච යො වා රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජොපණකො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? සුන්දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, රාත්‍රි බහලාන්ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
ය්වායම්භන්තෙ, රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජොපණකො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
වහන්ස, රැය බොල්අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මේ වර්ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
තං කිං මඤ්ඤසි උදායි, යො වා රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජොපණකො. යො වා රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි කදෝපැණි කෘමියෙක් වේ ද, රැය බොල්අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
ය්වායං භන්තෙ, රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
වහන්ස, රැය බොල්අඳුරෙහි යම් තෙල් පහනෙක් වේ ද, මේ මෙ වර්ණ දෙක අතුරින් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
තං කිං මඤ්ඤසි උදායි, යො වා රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො යො වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල්අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිශයින් සුන්දරතර ත් ප්‍රණීතතර ත් වේ දැ? යි.
ය්වායං භන්තෙ, රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
වහන්ස, රැය බොල්අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්ණ දෙක අතුරින් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
තං කිං මඤ්ඤසි උදායි, යො වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, යා වා රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
යායං භන්තෙ, රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
වහන්ස, රැය අලුයම වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
තං කිං මඤ්ඤසි උදායි, යා වා රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, යො වා තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො අඩ්ඪරත්තසමයං චන්දො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය අලුයම වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
ය්වායං භන්තෙ, තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො අඩ්ඪරත්තසමයං චන්දො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
වහන්ස, ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, මේ මෙ වර්ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
තං කිං මඤ්ඤසි උදායි, යො වා තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො අඩ්ඪරත්තසමයං චන්දො. යො වා වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො මජ්ඣන්තිකං සමයං සුරියො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො ච වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති.
උදායී, ඒ කිමැයි හඟිවු ද? ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, වර්ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් හෝ වේ ද, මේ වර්ණ දෙක අතුරින් කවර වර්ණයෙක් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
ය්වායං භන්තෙ, වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො මජ්ඣන්තිකං සමයං සුරියො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
වහන්ස, වර්ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරත්කාලයෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් වේ ද, මේ මෙ වර්ණ දෙක අතිකාන්තතරත් ප්‍රණීතතරත් වේ යයි.
අතො ඛො තෙ උදායි, බහූ හි බහුතරා දෙවා යෙ ඉමෙසං චන්දිමසුරියානං ආභා නානුභොන්ති, ත්යාහං පජානාමි. අථ ච පනාහං න වදාමි: යස්මා වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථී’ති. අථ ච පන ත්වං උදායි: ය්වායං වණ්ණො කිමිනා ඛජ්ජොපණකෙන හීනතරො ච පතිකිට්ඨතරො ච සො පරමො වණ්ණොති වදෙසි, තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසීති.
උදායී, යම් කෙනෙක් මේ සඳහිරු දෙදෙනාගේ අවභාසය නො විඳිත් ද ඒ දෙවියෝ සඳහිරු දෙදෙනාගේ අවභාසය විඳිනවුනට වඩා බොහෝ යැ, බහුතරයහ. මම් ඔවුන් දනිමි. එතෙකුදු වත් මම “යම් වර්ණයකට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන්‍ය වර්ණයෙක් නැතැ”යි නො කියමි. එතෙකුදු වත් උදායී, තෙපි කදෝපැණි කිමියකුටත් වඩා හීනතර වූ ලාමකතර වූ යම් වර්ණයෙක් වේ ද, ඒ පරම වර්ණ යයි කියව, එ වර්ණය ද නො පනව’ යි.
අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථන්ති.
“බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි.
කිං පන ත්වං උදායි, එවං වදෙසි: අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථන්ති?
උදායී, තෙපි “බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි මෙසේ කුමට කියව?
අම්හාකං භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති: ‘අයං පරමො වණ්ණො අයං පරමො වණ්ණො’ති. තෙ මයං භන්තෙ, භගවතා සකෙ ආචරියකෙ සමනුයුඤ්ජියමානා සමනුගාහියමානා සමනුභාසියමානා රිත්තා තුච්ඡා අපරද්ධා’ති.
වහන්ස, අපට සිය ඇදුරොල්හි මේ පරමවර්‍ණ යැ, මේ පරමවර්‍ණ යැ’ යි මෙසේ වෙයි. වහන්ස, ඒ ඇපි භාග්‍යවතුන් විසින් ස්වකීය ආචාර්ය්යසමයෙහි අනුයෝග වතට නගනු ලබන්නමෝ කරුණු ගන්වනු ලබන්නමෝ කරුණු විචාරනු ලබන්නමෝ සිස් වූම්හ, තුච්ඡ් වූම්හ, වැරදුණම්හ’ යි.
කිං පනුදායි, අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති?
කිමෙක් ද උදායී, ඒකාන්තසුඛ ඇති ලෝකයෙක් ඇද්දැ?යි. ඒකාන්තසුඛ ඇති ලෝකය ප්රත්යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදායෙක් ඇද්දැ?යි.
අම්හාකං භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති: අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’ති.
වහන්ස, සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇත, ඒකාන්තසුඛ ඇති ලෝකය ප්රත්යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදායෙක් ඇතැ”යි.
කතමා පන සා උදායි, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති?
උදායී, ඒකාන්තසුඛ ඇති ලෝකය ප්රත්යක්ෂ කිරීම පිණිස වූ ඒ ආකාරවත් ප්‍රතිපදා කවරැ? යි.
ඉධ භන්තෙ, එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, අඤ්ඤතරං වා පන තපොගුණං සමාදාය වත්තති. අයං ඛො සා භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති.
වහන්ස, මෙලොව කිසිවෙක් පණිවා හැරපියා පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදන් හැරපියා අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි, එක්තරා තපෝගුණයක් හෝ සමාදන් වැ වැටෙයි. වහන්ස, මේ වූකලි ඒකාන්තසුඛ ඇති ලෝකය සාක්ෂාත් කිරීම පිණිස වූ ඒ ආකාරවත් ප්‍රතිපදා වේ යයි.
තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ පණිවා හැරපියා පණිවායෙන් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් මුසු වූයේ හෝ වේ දැ? යි.
සුඛදුක්ඛී භන්තෙ.
වහන්ස, සුවදුක් මුසු වූයේ වෙයි.
තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ අයිනාදන් හැරපියා අයිනාදනින් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
සුඛදුක්ඛී භන්තෙ.
වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වේ ද, එසමයෙහි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
සුඛදුක්ඛී භන්තෙ.
වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
සුඛදුක්ඛී භන්තෙ.
වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
තං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ අඤ්ඤතරං තපොගුණං සමාදාය වත්තති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ එක්තරා තපෝගුණයක් සමාදන් වැ වැටේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද, සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
සුඛදුක්ඛී භන්තෙ.
වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
තං කිං මඤ්ඤසි උදායි, අපි නු ඛො වොකිණ්ණසුඛදුක්ඛං පටිපදං ආගම්ම එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියා හොතීති?
උදායී, ඒ කිමැයි හඟිවු ද? මුසු වූ සුවදුක් ඇති පිළිවෙතකට පැමිණ ඒකාන්තසුඛ ඇති ලෝකය ප්රත්යක්ෂ කිරීම පිණිස වේ යැ නු? යි.
අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථන්ති.
“බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි.
කිං පන ත්වං උදායි, එවං වදෙසි: ‘අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථ’න්ති?
උදායී, තෙපි “බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි මෙසේ කුමට කියව?
අම්හාකං භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති: ‘අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’ති. තෙ මයං භන්තෙ, භගවතා සකෙ ආචරියකෙ සමනුයුඤ්ජියමානා සමනුගාහියමානා සමනුභාසියමානා රිත්තා තුච්ඡා අපරද්ධාති.
වහන්ස, අපට සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇත, ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇතැ”යි. වහන්ස, එ අපි භාග්‍යවතුන් විසින් සිය ඇදුරොල්හි අනුයෝග වතට නගනු ලබන්නමෝ කරුණු ගන්නවනු ලබන්නමෝ කරුණු විචාරනු ලබන්නමෝ සිස් වූම්හ, තුච්ඡ් වූම්හ, වැරදුණම්හ’ යි.
කිං පන භන්තෙ, අත්ථි එකන්තසුඛො ලොකො අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති?
කිම වහන්ස, ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇද්ද, ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇද්දැ? යි.
අත්ථි ඛො උදායි, එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති.
“උදායී, ඒකාන්තසුඛ ලෝකයෙක් ඇත, ඒකාන්ත සුඛ ලෝකය ප්රත්යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇතැ”යි.
කතමා පන සා භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති?
වහන්ස, ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කිරීමට යම් ආකාරවත් ප්‍රතිපදායෙක් ඇත් නම් ඒ ප්‍රතිපදා කවරැ? යි.
ඉධුදායි භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං ඛො සා උදායි, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති.
උදායී, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, උදායී, මේ වූකලි ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කිරීමට ඒ කාරණවත් ප්‍රතිපදා යි.
න ඛො සා භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාය. සච්ඡිකතො හිස්ස භන්තෙ, එත්තාවතා එකන්තසුඛො ලොකො හොතීති.
“වහන්ස, ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා මතු නො වෙයි, ඔහු විසින් මෙතෙකින් ඒකාන්තසුඛ ලෝකය සාක්ෂාත් කරනලද මැ වේ” යයි.
නඛ්වාස්ස උදායි, එත්තාවතා එකන්තසුඛො ලොකො සච්ඡිකතො හොති, ආකාරවතීත්වෙව සා පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති.
උදායී, මෙතෙකින් ඒකාන්තසුඛ ලෝකය සාක්ෂාත් කරනලද නො වෙයි. ඒ ඒකාන්තසුඛ ලෝකය සාක්ෂාත් කාරණවත් ප්‍රතිපදා මැ වේ යයි.
එවං වුත්තෙ සකුලුදායිස්ස පරිබ්බාජකස්ස පරිසා උන්නාදිනී උච්චාසද්දමහාසද්දා අහොසි: එත්ථ මයං අනස්සාම සාචරියකා, එත්ථ මයං පනස්සාම සාචරියකා, න මයං ඉතො භිය්යො උත්තරිතරං පජානාමාති.
මෙසේ වදාළ කල්හි සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස උද්ගතනාද ඇති උස්හඬ මහහඬ ඇති විය: “මෙ කරුණෙහි ලා ඇපි ඇදුරන් සහිත වැ නැසෙම්හ. මෙ කරුණෙහි ලා අපි ඇදුරන් සහිත වැ වැනැසෙම්හ. අපි මෙයින් වැඩියක් නො දනුම්හ” යි.
අථ ඛො සකුලුදායි පරිබ්බාජකො තෙ පරිබ්බාජකෙ අප්පසද්දෙ කත්වා භගවන්තං එතදවොච: ‘කිත්තාවතා පනස්ස භන්තෙ, එකන්තසුඛො ලොකො සච්ඡිකතො හොතී’ති.
ඉක්බිති සකුලුදායී පරිව්‍රාජක ඒ පරිව්‍රාජකයන් නිහඬ කොට භාග්‍යවතුන්වහන්සේට මෙ පවත් කී: “වහන්ස, වැළිත් කිපමණෙකින් ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කරනලද වේ දැ?”යි.
ඉධුදායි, භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යාවතා දෙවතා එකන්තසුඛං ලොකං උපපන්නා තාහි දෙවතාහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති. එත්තාවතා ඛ්වාස්ස උදායි, එකන්තසුඛො ලොකො සච්ඡිකතො හොතී’ති.
උදායී, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, යම් පමණ දෙවියෝ ඒකාන්තසුඛ ලෝකයට පැමිණියාහු නම්, ඒ දෙවියන් හා සමග එක්වැ සිටී ද, සල්ලාප කෙරේ ද, සාකච්ඡාවට පැමිණේ ද, මෙපමණෙකින් උදායී, ඔහු විසින් ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කරන ලද වේ” යයි.
එතස්ස නූන භන්තෙ, එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ භගවති බ්රහ්මචරියං චරන්තීති?
‘වහන්ස, තෙල ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කිරීම කරුණු කොට භික්ෂූහු භාග්‍යවතුන් කෙරෙහි බඹසර වසන්නාහු වනැ’යි.
න ඛො උදායි, එතස්ස එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති. අත්ථි ඛො උදායි, අඤ්ඤෙ ච ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්තීති.
උදායී, තෙල ඒකාන්තසුඛ ලෝකය ප්රත්යක්ෂ කිරීම කරුණු කොට භික්ෂූහු මා කෙරෙහි බඹසර නො වෙසෙති. උදායී, යම් ධර්ම කෙනකුන් ප්රත්යක්ෂ කිරීම කරුණු කොට භික්ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් නම්, එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූ ත් අන්යධර්මයෝ ඇතැ’යි.
කතමෙ පන තෙ භන්තෙ, ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ භගවති බ්රහ්මචරියං චරන්තීති?
වහන්ස, යම් ධර්ම කෙනකුන් ප්රත්යක්ෂ කිරීම කරුණු කොට භික්ෂූහු භාග්‍යවතුන් කෙරෙහි බඹසර වෙසෙත් නම්, උත්තරීතර වූ ත් ප්‍රණීතතර වූ ත් ඒ ධර්මයෝ කවරහ? යි.
ඉධුදායි, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා -පෙ- සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
උදායී, මෙලොවැ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණ ධර්මයෙන් යුක්ත වූ සුගත වූ ලෝකය දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ (චතුස්සත්‍යාවබෝධයෙන්) බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගත උපදි ... හෙ චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. උදායී, යම් ධර්මයක් ප්රත්යක්ෂ කිරීම හේතු කොට භික්ෂූහු මා කෙරෙහි බඹසර සරත් නම් මෙ ද උත්තරීතර වූ ත් ප්‍රණීතතර වූ ත් ධර්මයෙකි.
පුන චපරං උදායි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
තවද උදායී, මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, උදායී, යම් ධර්මයක් ප්රත්යක්ෂ කිරීම හේතු කොට භික්ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙද්ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් ධර්මයෙකි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයම්පි ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච, යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
හේ මෙසේ සිත සමාහිත (එකඟ) කල්හි පිරිසුදු කල්හි හාත්පසින් පිරිසුදු කල්හි ක්ලේශාඞ්ගණ රහිත කල්හි පහ වැ ගිය උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්වේනිවාසානුස්මෘතිඥානයට සිත නමයි. හේ අනේකවිධ පූර්වේනිවාස සිහි කෙරෙයි, හෙ මෙසේ යැ: එක් දැයකුදු දෙ දැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වේනිවාස සිහි කෙරෙයි. උදායී, යම් දහමක් ප්රත්යක්ෂ කිරීම හේතු කොට භික්ෂූහු මා කෙරෙහි බඹසර සෙරෙත් ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති, සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයම්පි ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච, යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය වැ සිටි කල්හි නො සැලෙන බවට පත් කල්හි සත්ත්වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති ඥානයට සිත නමයි. හේ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් ච්‍යුතවන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නොමනා පැහැසටහන් ඇති සුන්දර ගති ඇති දුගති ඇති සත්ත්වයන් දකි. ... කර්මානුකූල වැ ගිය සත්ත්වයන් දනි. උදායී, යම් දහමක් ප්රත්යක්ෂ කිරීම හේතු කොට භික්ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති, ඉමෙ ආසවාති යථාභූතං පජානාති අයං ආසවසමුදයොති -පෙ- අයං ආසවනිරොධොති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවඤ්ජානතො එවම්පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච, යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති. ඉමෙ ඛො උදායි, ධම්මා උත්තරිතරා ච පණීතතරා ච යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්තීති.
හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය වැ සිටි කල්හි නො සැලෙන බවට පත් කල්හි ආස්‍රවයන්ගේ ක්ෂයඥානයට සිත නමයි. හෙ මේ (පස්කඳ) දුකැ’ යි ඇති සැටියෙන් දැනගනි. මෙ (තෘෂ්ණාසමුදය) දුක් උපදනා හේතුව යයි ඇති සැටියෙන් දැනගනි, ... මෙ ‘දුක්ඛනිරෝධ’ යයි ... මෙ ‘දුක් නැති කරන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනි. මොහු ‘ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනි. මේ ‘ආස්‍රවසමුදය’ යි ... මේ ‘ආස්‍රවනිරෝධය’ යි ... මේ ‘ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා’ යයි ඇති සැටියෙන් දැනගනි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු විමුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි. විමුක්ත කල්හි විමුක්ත ය යන ඥානය වෙයි. ජාතිය ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලදි. කරණී කරනලද, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දැනගනි. උදායී, යම් දහමක් ප්රත්යක්ෂ කිරීම හේතුයෙන් භික්ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද, මෙ වූ කලි එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි. උදායී, යම් ධර්මකෙනකුන්ගේ ප්රත්යක්ෂ කිරීම හේතුයෙන් භික්ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද නම් මොහු එ උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් ධර්මයෝ යයි.
එවං වුත්තෙ සකුලුදායී පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
මෙසේ වදාළ කල්හි සකුලුදායී පරිව්රාජක් භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: ඉතා මැනැව වහන්ස, ඉතා මැනැවැ වහන්ස. වහන්ස, යම්සේ යටිහුරු කරන ලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, අඳුරෙහි හෝ ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’ යි තෙල්පහනක් දරන්නේ ද, එසෙයින් මැ භාග්‍යවතුන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. වහන්ස, තෙල මම් බුදුනුද දහමුදු සඟුනුදු සරණ කොට යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වෙත පැවිදි ලබන්නෙම් නම් මැනැව, උපසපුව ලබන්නෙම් මැනැවැ’යි.
එවං වුත්තෙ සකුලුදායිස්ස පරිබ්බාජකස්ස පරිසා සකුලුදායිං පරිබ්බාජකං එතදවොච: මා භවං උදායි, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං චරි, මා භවං උදායි, ආචරියො හුත්වා අන්තෙවාසීවාසං වසි. සෙය්යථාපි නාම උදකමණිකො හුත්වා උදඤ්චනිකො අස්ස. එවං සම්පදමිදං භොතො උදායිස්ස භවිස්සති. මා භවං උදායි සමණෙ ගොතමෙ බ්රහ්මචරියං චරි. මා භවං උදායි ආචරියො හුත්වා අන්තෙවාසීවාසං වසීති. ඉති හිදං සකුලුදායිස්ස පරිබ්බාජකස්ස පරිසා සකුලුදායිං පරිබ්බාජකං අන්තරායමකාසි භගවති බ්රහ්මචරියෙති.
මෙසේ කී කල්හි සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස සකුලුදායී පරිව්‍රාජකහට තෙල වදන් කී: භවත් උදායී, ශ්‍රමණ ගෞතම කෙරෙහි නහමක් බඹසර වසව, භවත් උදායී ආචාර්ය්ය වැ (සිට) අතැවැසිවස් නො වසව, යම්සේ නම් දියසැළක් වැ සිට ළුවක් වන්නේ ද තෙල භවත් උදායීහට මෙබඳු උපමා සම්පත් වන්නේ යැ. භවත් උදායී, ශ්‍රමණ ගෞතම කෙරෙහි නහමක් බඹසර වසව, භවත් උදායී, ආචාර්ය්ය වැ සිට අතැවැසි වාස නො කරව’ යි. මෙසේ සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස සකුලුදායී පරිව්‍රාජක හට භාග්‍යවතුන් කෙරෙහි බඹසරවස්හි අන්තරාය කළා.
චූළසකුලුදායිසුත්තං නවමං.
නව වැනි චූළ සකුලුදායී සූත්‍ර යි.