සමණමණ්ඩිකා සුත්තං
2. 3. 8.
2. 3. 8.
සමණමණ්ඩිකා සුත්තං
සමණමණ්දඩිකා සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං සත්තමත්තෙහි පරිබ්බාජකසතෙහි.
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාස කරන සේක. එසමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන නම් පරිව්‍රාජක (විවිධ දෘෂ්ටිවාදීන් එක් වැ සමය පවසන හෙයින්) සමයප්පවාදක නම් වූ (තිඹිරිරුකින් පිරිකෙව් කරනලද බැවින්) තින්දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි පරිව්‍රාජකයන් සත්සියක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග වෙසෙයි.
අථ ඛො පඤ්චකඞ්ගො ථපති සාවත්ථියා නික්ඛමි දිවා දිවස්ස භගවන්තං දස්සනාය. අථ ඛො පඤ්චකඞ්ගස්ස ථපතිස්ස එතදහොසි: අකාලො ඛො තාව භගවන්තං දස්සනාය, පටිසල්ලීනො භගවා. මනොභාවනීයානම්පි භික්ඛූනං අසමයො දස්සනාය, පටිසල්ලීනා මනොභාවනීයා භික්ඛූ. යන්නූනාහං යෙන සමයප්පවාදකො තින්දුකාචීරො එකසාලකො මල්ලිකාය ආරාමො යෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙන සමයප්පවාදකො තින්දුකාචීරො එකසාලකො මල්ලිකාය ආරාමො යෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො තෙනුපසඞ්කමි.
එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටු භාග්‍යවතුන්වහන්සේ දක්නට දෙවෙන්දවහල්හි සැවැත්නුවරින් නික්මිණ. ඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු හට මෙ සිත් විය: “තව බුදුන් දක්නට නො කලි, බුදුහු විවික්තයහ. මනවඩනා භික්ෂූන් ද දක්නට නො කලි, මනවඩනා භික්ෂූහු විචික්තයහ. මම සමයප්පවාදක වූ තින්දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනවැ”යි. ඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු සමයප්පවාදක වූ තින්දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක වෙත එළැඹියේ යැ.
තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා.
එසමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක උද්ගතනාද ඇති උස්හඬින් මහහඬින් නන්වැදෑරුම් තිරිසන්කථා කියන මහත් වූ පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. කවර තිරිසන් කථා ද යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාර පිළිබඳ කථා යැ පාන පිළිබඳ කථා යැ වස්ත්‍ර පිළිබඳ කථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධ කථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ ශූරකථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේතකථා යැ සෙසු නන්වැදෑරුම් කථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ භවාභවය මෙසේ යැ යන කථා යැ’යි හෝ යි.
අද්දසා ඛො උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො පඤ්චකඞ්ගං ථපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි: “අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. අයං සමණස්ස ගොතමස්ස සාවකො ආගච්ඡති පඤ්චකඞ්ගො ථපති. යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා ගිහී ඔදාතවසනා සාවත්ථියං පටිවසන්ති, අයං තෙසං අඤ්ඤතරො පඤ්චකඞ්ගො ථපති. අප්පසද්දා ඛො පන තෙ ආයස්මන්තො අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො, අප්පෙව නාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා”ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක පඤ්චකඞ්ග වඩුදෙටු දුරින් මැ එන්නා දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී: “භවත්හු, නිහඬ වෙත්වා, භවත්නි තෙපි නහමක් හඬ නඟවු, මේ ශ්‍රමණගෞතමයන් ගේ ශ්‍රාවක පඤ්චකඞ්ගස්ථපති එයි. යම් පමණ ශ්‍රමණගෞතමයන් ගේ ශ්‍රාවක වූ හෙළපිළී හඳනා ගැහැවියෝ සැවැත්නුවර වෙසෙත් ද මේ පඤ්චකඞ්ගස්ථපති ඔවුනතුරෙහි එක්තරයෙක. තවද ඒ ආයුෂ්මත්හු නිහඬයහ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ, නිහඬ බැව්හි ගුණකියනුවහ. නිහඬ පිරිස් දැන එළැඹියැයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්‍රාජකයෝ නිහඬ වූහ.
අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උග්ගාහමානෙන පරිබ්බාජකෙන සමණමණ්ඩිකාපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො පඤ්චකඞ්ගං ථපතිං උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො එතදවොච:
ඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක කරා එළැඹියේ යැ. එළැඹ සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක හා සමඟ සතුටු විය. සතුටු වියවුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග වඩුදෙටුහට සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක තෙල කරුණ කී යැ ;
“චතූහි ඛො අහං ථපති, ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. කතමෙහි චතූහි: ඉධ ථපති න කායෙන පාපකං කම්මං කරොති, න පාපිකං වාචං භාසති, න පාපකං සඞ්කප්පං සඞ්කප්පෙති, න පාපකං ආජීවං ආජීවති. ඉමෙහි ඛො අහං ථපති, චතූහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣ”න්ති.
“ස්ථපතිය, මම් සතර කරුණෙකින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් වාදයුදට නො නිසි (වාදයෙන් නො සැලිය හෙන) ශ්‍රමණ යයි දක්වමි (පනවමි). කවර සතර කරුණෙකින යත්: ස්ථපතිය, මෙලොවැ කිසිවෙක් කයින් පව්කම් නො කෙරේ ද, ලාමක වචන නො කියා ද, ලාමක සංකල්ප නො කෙරේ ද, ලාමක ආජීව නො කෙරේ ද, ස්ථපතිය, මම් මෙ සතර කරුණින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් වාදයුදට නො නිසි ශ්‍රමණ යැ යි පනවමි.
අථ ඛො පඤ්චකඞ්ගො ථපති උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස භාසිතං නෙව අභිනන්දි, නප්පටික්කොසි. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමි. භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමීති. අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පඤ්චකඞ්ගො ථපති යාවතකො අහොසි උග්ගාහමානෙන පරිබ්බාජකෙන සමණමණ්ඩිකාපුත්තෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි. එවං වුත්තෙ භගවා පඤ්චකඞ්ගං ථපතිං එතදවොච: එවං සන්තෙ ඛො ථපති, දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො සම්පන්නකුසලො භවිස්සති පරමකුසලො උත්තමපත්තිපත්තො සමණො අයොජ්ඣො, යථා උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස වචනං. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස කායොතිපි න හොති, කුතො පන කායෙන පාපකං කම්මං කරිස්සති අඤ්ඤත්ර ඵන්දිතමත්තා. දහරස්ස හි ථපති කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස වාචාතිපි න හොති. කුතො පන පාපිකං වාචං භාසිස්සති අඤ්ඤත්ර රොදිතමත්තා. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස සඞ්කප්පොතිපි න හොති, කුතො පන පාපිකං සඞ්කප්පං සඞ්කප්පිස්සති අඤ්ඤත්ර විකූජිතමත්තා. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස ආජීවො තිපි න හොති, කුතො පන පාපකං ආජීවං ආජීවිස්සති, අඤ්ඤත්ර මාතුථඤ්ඤා. එවං සන්තෙ ඛො ථපති, දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො සම්පන්නකුසලො භවිස්සති පරමකුසලො උත්තමපත්තිපත්තො සමණො අයොජ්ඣො, යථා උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස වචනං.
එකල්හි පඤ්චකඞ්ගස්ථපති ශ්රමණමණ්ඩිකාපුත්ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ භාෂිතයට නො මැ සතුටු විය, නො ද ප්‍රතික්ෂේප කෙළේ යැ. අභිනන්දන නො කොට ප්‍රතික්ෂේප නො කොට හුන්සනෙන් නැඟී ‘භාග්‍යවතුන් වහන්සේ වෙත තෙල භාෂිතයාගේ අර්ත්ථය දනිමී නික්ම ගියේ යැ. ඉක්බිති පඤ්චකඞ්ගස්ථපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස්වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ගස්ථපති සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක හා සමග යම් පමණ කථා සල්ලාපයෙක් වී ද, එ හැම භාග්‍යවතුන් වහන්සේට දැන්වී. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පඤ්චකඞ්ගස්ථපතිහට තෙල කරුණ වදාළහ: යම්සේ සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ වචනය වේ ද, එසේ ඇති කල්හි ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමර පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ වන්නේ යැ. ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (සත්කාය පරකාය විසින්) කායවිඥානයෙකුදු නො වෙයි, වැළි ස්පන්දනමාත්රය හැර කොයින් කයින් පව්කම් කරන්නේ ද? ස්ථපතිය, බාල වූ උත්තානසෙය්‍යක වූ ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භේද) වචන දු නො වෙයි. යළි හැඬීම් පමණ මිස කොයින් ලාමක වචන කියන්නේ ද? ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භේද) සංකල්ප දු නො වෙයි. වැළි විකුජන (හැඬීම් සිනාසීම්) මාත්‍රයක් මිස කොයින් ලාමක සංකල්ප කරන්නේ ද? ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භේද ඇති) ආජීව ද නො වෙයි. වැළිදු මව ගේ තනකිරි මිස කොයින් ලාමක ආජීව කරන්නේ ද? ස්ථපතිය, සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ වචනය යම්සේ ද එසේ ඇති කල්හි බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමර පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පැමිණි අයෝධ්‍යශ්‍රමණ වන්නේ යි.
චතූහි ඛො අහං ථපති, ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි න චෙව සම්පන්නකුසලං න පරමකුසලං න උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. අපිචිමං දහරං කුමාරං මන්දං උත්තානසෙය්යකං සමධිගය්හ තිට්ඨති. කතමෙහි චතූහි: ඉධ ථපති න කායෙන පාපකං කම්මං කරොති, න පාපිකං වාචං භාසති, න පාපකං සඞ්කප්පං සඞ්කප්පෙති. න පාපකං ආජීවං ආජීවති. ඉමෙහි ඛො අහං ථපති, චතූහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි න චෙව සම්පන්නකුසලං න පරමකුසලං න උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. අපිචිමං දහරං කුමාරං මන්දං උත්තානසෙය්යකං සමධිගය්හ තිට්ඨති.
ස්ථපතිය, මම් වූකලි සතර කරුණෙකින් සමන්වාගත පුරුෂ පුද්ගල නො ද පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් නැති උත්තමප්‍රාප්තියට නො පත් අයෝධ්‍ය (වාද යුදයෙන් නො සැලිය හෙන) ශ්‍රමණ යැ’යි පනවමි. එතෙකුදු වත් (හේ මේ බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරු වෙසෙසා (යට කොට) සිටී. කවර සතර කරුණෙකින යත්: ස්ථපතිය, මෙලොව (කිසිවෙක්) කයින් පව්කම් නො කෙරෙයි, ලමු බස් නො බෙණෙයි, ලාමක සංකල්ප නො කෙරෙයි, ලාමක ආජීව නො කෙරෙයි. ස්ථපතිය, මම මෙ සතර කරුණින් සමන්වාගත පුරුෂ පුද්ගල නො ද පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් නැති උත්තම ප්‍රාප්තියට නො පත් අයෝධ්‍යශ්‍රමණ යැ’යි දක්වමි. එතෙකුදු වත් (හෙ තෙම) මේ බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරු වෙසෙසා සිටී.
දසහි ඛො අහං ථපති, ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං.
ස්ථපතිය, මම් වූකලි දස කරුණෙකින් සමන්වාගත පුරුෂ පුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ යැ’යි පනවමි.
ඉමෙ අකුසලසීලා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතො සමුට්ඨානා අකුසලසීලා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ අකුසලසීලා අපරිසෙසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො අකුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි.
මොහු අකුසලසීලයෝ (දුශ්ශීලස්වභාවයෝ) යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. අකුශලසීලයෝ මෙයින් (සරාගාදිසිතින්) උපදනාහු යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි අකුශලසීලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ අකුශලසීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.
ඉමෙ කුසලසීලා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතො සමුට්ඨානා කුසලසීලා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ කුසලසීලා අපරිසෙසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො කුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි.
මොහු කුසලසීලයෝ යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. කුසලසීලයෝ මෙයින් උපදනාහු යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි කුසලසීලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ කුසලසීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.
ඉමෙ අකුසලසඞ්කප්පා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතො සමුට්ඨානා අකුසලසඞ්කප්පා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ අකුසලසඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො අකුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි.
මොහු අකුශලසංකල්පයෝ යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. අකුශල සංකල්පයෝ මෙයින් උපත ඇතියහ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි අකුශලසංකල්පයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.
ඉමෙ කුසලසඞ්කප්පා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතො සමුට්ඨානා කුසලසඞ්කප්පා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ කුසලසඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො කුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි.
මොහු කුශලසංකල්පයෝ යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. කුශලසංකල්පයෝ මෙයින් උපත ඇතියහ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි කුශලසංකල්පයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ කුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.
කතමෙ ච ථපති, අකුසලසීලා: අකුසලං කායකම්මං, අකුසලං වචීකම්මං, පාපකො ආජීවො. ඉමෙ වුච්චන්ති ථපති, අකුසලසීලා. ඉමෙ ච ථපති, අකුසලසීලා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නෙසං වුත්තං. චිත්තසමුට්ඨානාතිස්ස වචනීයා. කතමං චිත්තං: චිත්තම්පි හි බහුං අනෙකවිධං නානප්පකාරකං. තං චිත්තං සරාගං සදොසං සමොහං. ඉතො සමුට්ඨානා අකුසලා සීලා. ඉමෙ ච ථපති, අකුසලසීලා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති. නිරොධොපි නෙසං වුත්තො. ඉධ ථපති, භික්ඛු කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච්චරිතං පහාය මනො සුචරිතං භාවෙති. මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙති,
ස්ථපතිය, අකුශලශීලයෝ කවරහ යත්: අකුශල වූ කායකර්ම යැ, අකුශල වූ වාක්කර්ම යැ, ලාමක වූ ආජීව යි. ස්ථපතිය, මොහු ‘අකුශලශීලහ’ යි කියනු ලැබෙත්. ස්ථපතිය, වැළිත් මේ අකුශලශීලයෝ කුමක් සමුත්‍ථාන කොට ඇත්තාහු යත්: උන්ගේ සමුත්‍ථාන ද කියන ලද. චිත්තසමුත්‍ථානයෝ යයි කියයුතු වන්නාහ. ‘චිත්තය’ කවරෙ යත්: චිත්ත ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යි. එසිත රාග සහිත වූයේ යැ ද්වේෂ සහිත වූයේ යැ මෝහ සහිත වූයේ යැ, අකුශලශීලයෝ මෙයින් උපත් ඇතියහ. තවද ස්ථපතිය, මේ අකුශලශීලයෝ කොහි නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද? උන්ගේ නිරෝධය ද කියන ලද. ස්ථපතිය, මෙසස්නෙහි මහණ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. මිථ්‍යා ආජීවය හැරපියා සම්‍යග් ආජීවයෙන් ජීවිකාව කෙරෙයි,
එත්ථෙතෙ අකුසලා සීලා අපරිසෙසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නො ච ථපති අකුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති: ඉධ ථපති භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං පටිපන්නො ඛො ථපති, අකුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති.
මෙහි තෙල අකුශලශීලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. තවද ස්ථපතිය, කෙසේ පිළිපන්නේ අකුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද? ස්ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්මයන් නූපදනා පිණිස කර්තුකම්යතාකුශලච්ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්මයන් දුරු කරන පිණිස ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. නූපන් කුශලධර්මයන් උපදනා පිණිස කුශලච්ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීමට නො නැස්මට බහුල බවට විපුලබවට වැඩීමට පරිපූරර්ණභාවයට කුශලච්ඡන්දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්ථපතිය, මෙසේ පිළිපන්නේ අකුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.
කතමෙ ච ථපති කුසලා සීලා: කුසලං කායකම්මං, කුසලං වචීකම්මං. ආජීවපරිසුද්ධිපි ඛො අහං ථපති, සීලස්මිං වදාමි. ඉමෙ වුච්චන්ති ථපති කුසලසීලා. ඉමෙ ච ථපති, කුසලසීලා කිංසමුට්ඨානා, සමුට්ඨානම්පි නෙසං වුත්තං. චිත්තසමුට්ඨානාතිස්ස වචනීයා. කතමං චිත්තං: චිත්තම්පි හි බහුං අනෙකවිධං නානප්පකාරකං. යං චිත්තං වීතරාගං වීතදොසං වීතමොහං, ඉතො සමුට්ඨානා කුසලා සීලා. ඉමෙ ච ථපති, කුසලසීලා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති: නිරොධොපි නෙසං වුත්තො, ඉධ ථපති, භික්ඛු සීලවා හොති නො ච සීලමයො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස තෙ කුසලසීලා අපරිසෙසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නො ච ථපති කුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති: ඉධ ථපති භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා. අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං පටිපන්නො ඛො ථපති, කුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති.
ස්ථපතිය, කුශලශීලයෝ කවරහ යත්: කුශල වූ කායකර්මයැ කුශල වූ වාක්කර්ම යැ. ස්ථපතිය, මම් වූකලී ආජීවපාරිශුද්ධි දු ශීලයෙහි ලා කියමි. ස්ථපතිය, මොහු ‘කුශලයෝ’ යි කියනු ලැබෙති. තවද ස්ථපතිය, මේ කුශලශීලයෝ කුමක් සමුත්‍ථාන කොට ඇත්තාහු ද? ඔවුනට සමුත්‍ථාන දු කියනලද, ‘චිත්තසමුත්ථානහ’යි කියයුතු වන්නාහ. ‘චිත්ත’ කවරෙ යත්: චිත්ත ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යැ. එ සිත වීතරාග යැ වීතදෝස යැ වීතමෝහ යි. අකුශලයෝ මෙ සිත සමුත්‍ථාන කොට ඇතියහ. ස්ථපතිය, වැළිත් මේ කුශලශීලයෝ කොහි නිරවශේෂ වැ නිරුද්ධ වෙත් ද? ඔවුනට නිරෝධ දු කියන ලද. ස්ථපතිය, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. එතෙකුදු වත් (මේ මෙ පමණි, මෙයින් මතු කරණී නැතැ’යි) ශීලමය නො වෙයි. යම් තැනෙක ඒ කුශලයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් දැනගනී. ස්ථපතිය, වැළිත් කිසෙයින් පිළිපන්නේ කුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්මයන් නූපදනා පිණිස කුශලච්ඡන්දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණයට … නූපන් කුශලධර්මයන් උපදනා පිණිස … උපන් කුශලධර්මයන් සිටීමට නො නැස්මට බහුල බවට විපුල බවට භාවනාවට පිරිපුන් බවට ඡන්දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. ස්ථපතිය, මෙසේ පිළිපන්නේ කුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.
කතමෙ ච ථපති, අකුසලසඞ්කප්පා: කාමසඞ්කප්පො බ්යාපාදසඞ්කප්පො විහිංසාසඞ්කප්පො, ඉමෙ වුච්චන්ති ථපති, අකුසලසඞ්කප්පා. ඉමෙ ච ථපති. අකුසලසඞ්කප්පා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නෙසං වුත්තං. සඤ්ඤාසමුට්ඨානාතිස්ස වචනීයා. කතමා සඤ්ඤා: සඤ්ඤාපි හි බහූ අනෙකවිධා නානප්පකාරකා කාමසඤ්ඤා බ්යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා, ඉතො සමුට්ඨානා අකුසලසඞ්කප්පා. ඉමෙ ච ථපති, අකුසලසඞ්කප්පා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති: නිරොධොපි නෙසං වුත්තො. ඉධ ථපති භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථෙතෙ අකුසලා සඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නො ච ථපති, අකුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති: ඉධ ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං පටිපන්නො ඛො ථපති, අකුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති.
ස්ථපතිය, වැළිත් අකුශලසංකල්පයෝ කවරහ යත්: කාමසංකල්ප යැ ව්යාපාදසංකල්ප යැ විහිංසාසංකල්ප යි. ස්ථපතිය, මොහු ‘අකුශලසංකල්පයෝ’යි කියනු ලැබෙත්. ස්ථපතිය, වැළිත් කුමක් සමුත්‍ථාන කොට ඇත්තාහු ද? උන්ගේ සමුත්‍ථාන දු කියන ලද. සංඥාව සමුත්‍ථාන කොට ඇතැයි කියයුතු වන්නාහ. සංඥා කවර යත්: සංඥා ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යි. කාමසංඥා යැ ව්‍යාපාදසංඥා යැ විහිංසාසංඥා යි. අකුශල සංකල්පයෝ මේ සංඥාව සමුත්‍ථාන කොට ඇතියහ. ස්ථපතිය, වැළිත් මේ අකුශලසංකල්පයෝ කොහි නිරවශේෂ වැ නිරුද්ධ වෙත් ද? ඔවුන්ගේ නිරෝධය ද කියනලද. ස්ථපතිය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ … ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මෙ (අනගැමිඵලයෙ)හි තෙල අකුශලසංකල්පයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙති. ස්ථපතිය, වැළිත් කිසෙයින් පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්මයන් නූපදනා පිණිස ඡන්දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්මයන් ගේ ප්‍රහාණයට … නූපන් කුශලධර්මයන් උපදනා පිණිස … උපන් කුශලධර්මයන් සිටීමට නො නැස්මට බහුලභාවයට විපුල භාවයට පරිපූර්ණ බවට කුශලච්ඡන්දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්ථපතිය, මෙසෙයින් පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.
කතමෙ ච ථපති, කුසලසඞ්කප්පා: නෙක්ඛම්මසඞ්කප්පො අබ්යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො. ඉමෙ වුච්චන්ති ථපති, කුසලා සඞ්කප්පා. ඉමෙ ච ථපති, කුසලසඞ්කප්පා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නෙසං වුත්තං. සඤ්ඤාසමුට්ඨානාතිස්ස වචනීයා. කතමා සඤ්ඤා: සඤ්ඤාපි හි බහූ අනෙකවිධා නානප්පකාරකා. නෙක්ඛම්මසඤ්ඤා අබ්යාපාදසඤ්ඤා අවිහිංසාසඤ්ඤා, ඉතොසමුට්ඨානා කුසලසඞ්කප්පා. ඉමෙ ච ථපති, කුසලසඞ්කප්පා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති: නිරොධොපි නෙසං වුත්තො. ඉධ ථපති, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති එත්ථෙතෙ කුසලසඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නො ච ථපති කුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති: ඉධ ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං පටිපන්නො ඛො ථපති, කුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති.
ස්ථපතිය, වැළිත් කුශලසංකල්පයෝ කවරහ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ අව්‍යාපාද සංකල්ප යැ අවිහිංසා සංකල්ප යි. ස්ථපතිය, මොහු කුශලසංකල්ප යයි කියනු ලැබෙත්. ස්ථපතිය, වැළිත් මේ කුශලසංකල්පයෝ කුමක් සමුත්‍ථාන කොට ඇත්තාහු ද? උන්ගේ සමුත්‍ථාන දු කියන ලද, සංඥාව සමුත්‍ථාන කොට ඇතැයි කියයුතු වන්නාහ. සංඥා කවර යත්: සංඥා ද බොහෝ යැ, අනේකවිධ යැ නානාප්‍රකාර යැ: නෛෂ්ක්‍රම්‍යසංඥා යැ අව්‍යාපාදසංඥා යැ අවිහිංසාසංඥා යි. කුශලසංකල්පයෝ මේ සංඥාව සමුත්‍ථාන කොට ඇතියහ. ස්ථපතිය, මේ කුශලසංකල්පයෝ වැළිත් කොහි නිරවශේෂ වැ නිරුද්ධ වෙත් ද? උන්ගේ නිරෝධය දු කියනලද. ස්ථපතිය, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන් ගේ සංසිඳීමෙන් … ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙහි (අර්හත්ඵලයෙහි) තෙල කුශලසංකල්පයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙති. ස්ථපතිය, කෙසේ පිළිපන්නේ වැළිත් කුශල සංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්මයන් නූපදනා පිණිස කුසලච්ඡන්දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්මයන් ගේ ප්‍රහාණයට .... නූපන් කුශලධර්මයන් උපදනා පිණිස … උපන් කුශලධර්මයන් සිටීමට නො නැස්මට බහුලභාවයට විපුලභාවනාවට පරිපූර්ණ බවට කුශලච්ඡන්දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්ථපතිය, මෙසේ පිළිපන්නේ කුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.
කතමෙහි චාහං ථපති, දසහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං: ඉධ ථපති, භික්ඛු අසෙඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාසඞ්කප්පෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මාවාචාය සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාකම්මන්තෙන සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාආජීවෙන සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාවායාමෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මාසතියා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාසමාධිනා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාඤාණෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මාවිමුත්තියා සමන්නාගතො හොති. ඉමෙහි ඛො අහං ථපති, දසහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣන්ති.
තවද ස්ථපතිය, මම් කවර දස කරුණෙකින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ යැයි පනවම් ද යත්: ස්ථපතිය, මේ සස්නෙහි මහණ අශෛක්ෂ වූ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්වාගත වූයේ වෙයි, අශෛක්ෂ වූ සම්‍යක්සංකල්පයෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යග්වචනයෙන් සමන්වාගත වූයේ වෙයි, අශෛක්ෂ වූ සම්යක්කර්මාන්තයෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යගාජීවයෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යග්ව්‍යායාමයෙන් සමන්වාගත වූයේ වෙයි, අශෛක්ෂ වූ සම්‍යක්ස්මෘතියෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යක්සමාධියෙන් සමන්වාගත වූයේ වෙයි, අශෛක්ෂ වූ සම්‍යග්ඥානයෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්යක්විමුක්තියෙන් සමන්වාගත වූයේ වේ. ස්ථපතිය, මම් වූකලී මෙ දස කරුණින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ යැයි පනවමි” යයි.
ඉදමවොච භගවා. අත්තමනො පඤ්චකඞ්ගො ථපති භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති පඤ්චකඞ්ග වඩුදෙටු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයෙහි තුටු වූයේ යි.
සමණමණ්ඩිකා සුත්තං අට්ඨමං.
අට වැනි සමණමණ්ඩිකා සූත්‍ර යි.