යෙදුමෙන් කියවන්න

වෙඛනස‍්ස සුත‍්තං

2. 3. 10.

2. 3. 10.

වෙඛනස‍්ස සුත‍්තං

වෙඛනස්ස සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො වෙඛනස‍්සො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො වෙඛනස‍්සො පරිබ‍්බාජකො භගවතො සන‍්තිකෙ උදානං උදානෙසි: ‘අයං පරමො වණ‍්ණො, අයං පරමො වණ‍්ණො’ති.

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු කාලාන්තරයෙහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පරම (උත්තම) වර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි උදානයක් කෙළේ යැ.

කිං පන ත්‍වං කච‍්චාන, එවං වදෙසි: ‘අයං පරමො වණ‍්ණො, අයං පරමො වණ‍්ණො’ති. කතමො කච‍්චාන, සො පරමො වණ‍්ණො’ති?

කාත්‍යායනයෙහි, තෙපි ‘මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි මෙසේ කුමට කියව කාත්‍යායනයෙනි, ඒ පරමවර්‍ණ කවරේ දැ?යි.

යස‍්මා භො ගොතම වණ‍්ණා අඤ‍්ඤො වණ‍්ණො උත‍්තරිතරො වා පණීතතරො වා නත්‍ථි, සො පරමො වණ‍්ණොති.

භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, හේ පරමවර්‍ණ යැ’යි.

කතමො පන සො කච‍්චාන, වණ‍්ණො යස‍්මා වණ‍්ණා අඤ‍්ඤො වණ‍්ණො උත‍්තරිතරො වා පණීතතරො වා නත්‍ථීති?

කච්චානයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැත් නම් ඒ වර්‍ණය කවරේ දැ?යි.

යස‍්මා භො ගොතම, වණ‍්ණා අඤ‍්ඤො වණ‍්ණො උත‍්තරිතරො වා පණීතතරො වා නත්‍ථි, සො පරමො වණ‍්ණොති.

භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ යැ’යි.

දීඝාපි ඛො තෙ එසා කච‍්චාන, ඵරෙය්‍ය. යස‍්මා භො ගොතම, වණ‍්ණා අඤ‍්ඤො වණ‍්ණො උත‍්තරිතරො වා පණීතතරො වා නත්‍ථි. සො පරමො වණ‍්ණොති වදෙසි. තඤ‍්ච වණ‍්ණං න පඤ‍්ඤාපෙසි. සෙය්‍යථාපි කච‍්චාන, පුරිසො එවං වදෙය්‍ය: අහං යා ඉමස‍්මිං ජනපදෙ ජනපදකල්‍යාණී, තං ඉච‍්ඡාමි තං කාමෙමී’ති. තමෙනං එවං වදෙය්‍යුං: අම‍්භො පුරිස, යං ත්‍වං ජනපදකල්‍යාණිං ඉච‍්ඡසි කාමෙසි, ජානාසි ත්‍වං ජනපදකල්‍යාණී ඛත‍්තියී වා බ්‍රාහ‍්මණී වා වෙස‍්සී වා සුද‍්දී වා’ති? ඉති පුට‍්ඨො නොති වදෙය්‍ය. තමෙනං එවං වදෙය්‍යුං: අම‍්භො පුරිස, යං ත්‍වං ජනපදකල්‍යාණිං ඉච‍්ඡසි කාමෙසි, ජානාසි තවං ජනපදකල්‍යාණිං එවන‍්නාමා එවංගොත‍්තා ඉති වා’ති. -පෙ- දීඝා වා රස‍්සා වා මජ‍්ඣිමා වා කාළී වා සාමා වා මඞ‍්ගුරච‍්ඡවී වා’ති? අමුකස‍්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වා’ති? ඉති පුට‍්ඨො නොති වදෙය්‍ය. තමෙනං එවං වදෙය්‍යුං: අම‍්භො පුරිස, යං ත්‍වං න ජානාසි න පස‍්සසි, තං ත්‍වං ඉච‍්ඡසි කාමෙසීති? ඉති පුට‍්ඨො ආමාති වදෙය්‍ය. තං කිං මඤ‍්ඤසි කච‍්චාන, නනු එවං සන‍්තෙ තස‍්ස පුරිසස‍්ස අප‍්පාටිහීරකතං භාසිතං සම‍්පජ‍්ජතීති?

භවත් කාත්‍යායනයෙනි, (තෙපි) “භවත් ගෞතමයෙනි යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනවව, තොප ගේ තෙල කථාව දික් වැ යන්නේ යැ. යම්සේ කාත්‍යායනයෙනි, පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: “මට මෙ දනවියෙහි යම් දනව්කලණක් ඇත් නම් ඇය රුස්නෙමි, ඇය කැමැත්තෙමි”යි. ඒ මොහුට කිසි කෙනෙක් මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ ක්‍ෂත්‍රියාවක හෝ බ්‍රාහ්මණියක හෝ වෛශ්‍යාවක හෝ ශුද්‍රියක හෝ’යි දනිවු දැ?යි. මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමී කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ මෙ නම් ඇත, මෙවන් ගෝත්‍ර ඇතැ යි හෝ ... දික් යැ හෝ මිටි යැ හෝ මැදුම් යැ හෝ කැළි යැ හෝ සම්වනැ හෝ මඟුරුසිවි ඇත්තී යැ හො’යි, අසුවල් ගම්හි යැ හෝ නියම්ගම්හි යැ හෝ නුවරෙහි යැ හො’යි දනිවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමි කියන්නේ යැ. මොහුට මෙසේ කියන්නාහ: එම්බා පුරුෂය, තෙපි යම් තැනැත්තියක නො දන්නවු නම් නො දක්නවු නම් ඇය තෙපි රුස්නවු ද, කැමැත්තවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ එසේ යැ’යි කියන්නේ යැ. කාත්‍යායනයෙහි ඒ කිමැ’යි හඟිවු ද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයා ගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ නො වේ දැ?යි,

අද‍්ධා ඛො භො ගොතම, එවං සන‍්තෙ තස‍්ස පුරිසස‍්ස අප‍්පාටිහීරකතං භාසිතං සම‍්පජ‍්ජතීති.

භවත් ගෞතමයෙනි, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් මැ ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ මැ යි.

එවමෙව ඛො ත්‍වං කච‍්චාන, යස‍්මා භො ගොතම වණ‍්ණා අඤ‍්ඤො වණ‍්ණො උත‍්තරිතරො වා පණීතතරො වා නත්‍ථි, සො පරමො වණ‍්ණො’ති වදෙසි, තඤ‍්ච වණ‍්ණං න පඤ‍්ඤාපෙසීති.

එසෙයින් මැ කාත්‍යානයෙනි, තෙපි “භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැත් ද ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනවව’යි.

සෙය්‍යථාපි භො ගොතම, මණි වෙළුරියො සුභො ජාතිමා අට‍්ඨංසො සුපරිකම‍්මකතො පණ‍්ඩුකම‍්බලෙ නික‍්ඛිත‍්තො භාසති ච තපති ච විරොචති ච එවංවණ‍්ණො අත‍්තා හොති අරොගො පරම‍්මරණාති.

යම්සේ භවත් ගෞතමයෙනි, සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනැවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ (රත් පලසෙකැ) බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්‍ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග වේ යයි.

තං කිං මඤ‍්ඤසි කච‍්චාන, යො වා මණි වෙළුරියො සුභො ජාතිමා අට‍්ඨංසො සුපරිකම‍්මකතො පණ‍්ඩුකම‍්බලෙ නික‍්ඛිත‍්තො භාසති ච තපති ච විරොචති ච, යො වා රත‍්තන්‍ධකාරතිමිසායං කිමි ඛජ‍්ජොපණකො, ඉමෙසං උභින‍්නං වණ‍්ණානං කතමො වණ‍්ණො අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති?

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ යම් වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් හෝ වේ ද, රාත්‍රි බහලාන්‍ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

ය‍්වායං භො ගොතම, රත‍්තන්‍ධකාරතිමිසායං කිමි ඛජ‍්ජොපණකො අයං ඉමෙසං උභින‍්නං වණ‍්ණානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති.

භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

තං කිං මඤ‍්ඤසි කච‍්චාන, යො වා රත‍්තන්‍ධකාරතිමිසායං කිමි ඛජ‍්ජොපණකො, යො වා රත‍්තන්‍ධකාරතිමිසායං තෙලප‍්පදීපො, ඉමෙසං උභින‍්නං වණ‍්ණානං කතමො වණ‍්ණො අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති?

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

ය‍්වායං භො ගොතම, රත‍්තන්‍ධකාරතිමිසායං තෙලප‍්පදීපො, අයං ඉමෙසං උභින‍්නං වණ‍්ණානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති.

භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

තං කිං මඤ‍්ඤසි කච‍්චාන, යො වා රත‍්තන්‍ධකාරතිමිසායං තෙලප‍්පදීපො, යො වා රත‍්තන්‍ධකාරතිමිසායං මහාඅග‍්ගික‍්ඛන්‍ධො, ඉමෙසං උභින‍්නං වණ‍්ණානං කතමො වණ‍්ණො අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති?

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

ය‍්වායං භො ගොතම, රත‍්තන්‍ධකාරතිමිසායං මහාඅග‍්ගික‍්ඛන්‍ධො, අයං ඉමෙසං උභින‍්නං වණ‍්ණානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති.

භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

තං කිං මඤ‍්ඤසි කච‍්චාන, යො වා රත‍්තන්‍ධකාරතිමිසායං මහාඅග‍්ගික‍්ඛන්‍ධො, යා වා රත‍්තියා පච‍්චූසසමයං විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, ඉමෙසං උභින‍්නං වණ‍්ණානං කතමො වණ‍්ණො අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති?

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධී (පහන්) තාරකාවක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

ය‍්වායං භො ගොතම, රත‍්තියා පච‍්චූසසමයං විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, අයං ඉමෙසං උභින‍්නං වණ‍්ණානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති.

භවත් ගෞතමයෙනි, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

තං කිං මඤ‍්ඤසි කච‍්චාන, යා වා රත‍්තියා පච‍්චූසසමයං විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, යො වා තදහුපොසථෙ පණ‍්ණරසෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො අඩ‍්ඪරත‍්තිසමයං චන්‍දො, ඉමෙසං උභින‍්නං වණ‍්ණානං කතමො වණ‍්ණො අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති?

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, ඒ පණුරැසිපොහෝ දවස්හි පහවැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

ය‍්වායං භො ගොතෙමා, තදහුපොසථෙ පණ‍්ණරසෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො අඩ‍්ඪරත‍්තිසමයං චන්‍දො, අයං ඉමෙසං උභින‍්නං වණ‍්ණානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති.

භවත් ගෞතමයෙනි, ඒ පණුරැසිපොහෝ දවස්හි පහවැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රියෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

තං කිං මඤ‍්ඤසි කච‍්චාන, යො වා තදහුපොසථෙ පණ‍්ණරසෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො අඩ‍්ඪරත‍්තිසමයං චන්‍දො, යො වා වස‍්සානං පච‍්ඡිමෙ මාසෙ සරදසමයෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො මජ‍්ඣන‍්තිකසමයං සුරියො, ඉමෙසං උභින‍්නං වණ‍්ණානං කතමො වණ‍්ණො අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති?

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? ඒ පණුරැසි පොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, වර්‍ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්නසමයෙහි යම් සූර්‍ය්‍යයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

ය‍්වායං භො ගොතම, වස‍්සානං පච‍්ඡිමෙ මාසෙ සරදසමයෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො මජ‍්ඣන‍්තිකසමයං සුරියො, අයං ඉමෙසං උභින‍්නං වණ‍්ණානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චාති.

භවත් ගෞතමයෙනි, වර්‍ෂා ඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් වේ ද, මේ තෙමේ මේ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

අතො ඛො තෙ කච‍්චාන, බහූ හි බහුතරා දෙවා, යෙ ඉමෙසං චන්‍දිමසුරියානං ආභා නානුභොන‍්ති, ත්‍යාහං පජානාමි. අථ ච පනාහං න වදාමි: යස‍්මා වණ‍්ණා අඤ‍්ඤො වණ‍්ණො උත‍්තරිතරො ච පණීතතරො ච නත්‍ථීති. අථ ච පන ත්‍වං කච‍්චාන, ය‍්වායං වණ‍්ණො කිමිනා ඛජ‍්ජොපණකෙන හීනතරො ච පතිකිට‍්ඨතරො ච සො පරමො වණ‍්ණොති වදෙසි, තඤ‍්ච වණ‍්ණං න පඤ‍්ඤාපෙසි.

කාත්‍යානයෙනි, යම් කෙනෙක් මේ සඳහිරු දෙදෙනාගේ අවභාසය නො විඳිත් ද ඒ දෙවියෝ සඳහිරු දෙදෙනාගේ අවභාසය විඳිනවුනට වඩා බොහෝ යැ බහුතරයහ. මම් ඔවුන් දනිමි. එතෙකුදු වත් මම් “යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන්‍ය වර්‍ණයෙක් නැතැ”යි නො කියමි. එතෙකුදු වත් කාත්‍යානයෙනි, තෙපි කදෝපැණි කෘමියෙකුටත් වඩා හීනතර වූ ලාමකතර වූ යම් වර්‍ණයෙක් වේ ද, ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනව’යි.

පඤ‍්ච ඛො ඉමෙ කච‍්චාන, කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො කච‍්චාන, පඤ‍්ච කාමගුණා. යං ඛො කච‍්චාන, ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, ඉදං වුච‍්චති කාමසුඛං. ඉති කාමෙහි කාමසුඛං, කාමසුඛා කාමග‍්ගසුඛං තත්‍ථ අග‍්ගමක‍්ඛායතීති.

කාත්‍යානයෙනි, මේ කාමගුණ පසෙක් වෙයි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ඇසින් දතයුතු රූපවූ ඇසින් දතයුතු රූපයෝ යැ .... කනින් දතයුතු ශබ්දයෝ යැ, .... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ .... දිවින් දතයුතු රසයෝ යැ .... කයින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. කාත්‍යානයෙනි, මොහු පස්කම්ගුණයෝ යි. මේ පස්කම්ගුණ නිසා සුව සොම්නස් උපදි, මේ කාමසුඛ යැ යි කියනු ලැබේ. මෙසේ කාමයෙන් කාමසුඛය වෙයි. එහි කාමසුඛයට වඩා කාමග්ගසුඛය (නිවන) අග්‍ර යයි කියනු ලැබේ.

එවං වුත‍්තෙ වෙඛනස‍්සො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: අච‍්ඡරියං භො ගොතම, අබ‍්භුතං භො ගොතම, යාවසුභාසිතඤ‍්චිදං භොතා ගොතමෙන: කාමෙහි කාමසුඛං, කාමසුඛා කාමග‍්ගසුඛං තත්‍ථ අග‍්ගමක‍්ඛායතීති.

මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, අද්භූත යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින් ‘කාමයෙන් කාමසුඛය වෙයි, එහි කාමසුඛයට වඩා කාමග්ග සුඛය අග්‍ර යයි කියනු ලැබේ යන මේ සුභාෂිත මැ වේ යි.

දුජ‍්ජානං ඛො එතං කච‍්චාන, තයා අඤ‍්ඤදිට‍්ඨිකෙන අඤ‍්ඤඛන‍්තිකෙන අඤ‍්ඤරුචිකෙන අඤ‍්ඤත්‍රයොගෙන අඤ‍්ඤථාචරියකෙන කාමා වා කාමසුඛං වා කාමග‍්ගසුඛං වා. යෙ ඛො තෙ කච‍්චාන, භික‍්ඛූ අරහන‍්තො ඛීණාසවා වුසිතවන‍්තො කතකරණීයා ඔහිතභාරා අනුප‍්පත‍්තසදත්‍ථා පරික‍්ඛීණභවසංයොජනා සම‍්මදඤ‍්ඤා විමුත‍්තා, තෙ ඛො එතං ජානෙය්‍යුං කාමා වා කාමසුඛං වා කාමග‍්ගසුඛං වාති.

කාත්‍යායනයෙනි, අන්‍යදෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ අන්‍යප්‍රතිපත් ඇති අන්‍යතීර්‍ත්‍ථායතනයෙකැ ආචාර්‍ය්‍ය වූ තොප විසින් ‘කාමයෝ වෙත්වයි කාමසුඛය වේවයි කාමාග්‍රසුඛය වේවයි’ තෙල කරුණු නො දත හැක්ක කාත්‍යායනයෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමවූ බඹසරවස් ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි සර්‍වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් ඇද්ද, ඔහු මැ කාමයෝ හෝ කාමසුඛය හෝ කාමාග්‍රසුඛය හෝ තෙල් කරුණ දන්නාහ’යි.

එවං වුත‍්තෙ වෙඛනස‍්සො පරිබ‍්බාජකො කුපිතො අනත‍්තමනො භගවන‍්තංයෙව ඛුංසෙන‍්තො භගවන‍්තංයෙව වම‍්භෙන‍්තො භගවන‍්තංයෙව වදමානො සමණො ච ගොතමො පාපිතො භවිස‍්සතී’ති භගවන‍්තං එතදවොච: එවමෙව පනිධෙකෙ සමණබ්‍රාහ‍්මණා අජානන‍්තා පුබ‍්බන‍්තං, අපස‍්සන‍්තා අපරන‍්තං, අථ ච පන: ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාමා’ති පටිජානන‍්ති තෙසමිදං භාසිතං හස‍්සකංයෙව සම‍්පජ‍්ජති, ලාමකංයෙව සම‍්පජ‍්ජති, රිත‍්තකංයෙව සම‍්පජ‍්ජති, තුච‍්ඡකංයෙව සම‍්පජ‍්ජතී’ති.

මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක කිපියේ නො සතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් මැ ගටමින් භාග්‍යවතුන්ට මැ පරිභව බෙණෙමින් භාග්‍යවතුන්ට මැ කියනුයේ: ශ්‍රමණ ගෞතම ද නො දන්නාබවට පමුණුවනලද වනැ’යි භාග්‍යවතුන්ට තෙල වදන් කී: මෙසෙයින් මැ මෙලොවැ ඇතැම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තය නො දන්නාහු අපරාන්තය නො දක්නාහු, එතෙකුදු වත් ජාතිය ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවනලද, කරණී කරනලද, මෙබවට කළයුතු අන් කිසෙක් නැතැ’යි දනුම්හ’යි පිළින කෙරෙත්. ඔවුන් ගේ මේ භාෂිතය හාස්‍යයක් මැ උපදවයි, ලාමකබවක් මැ උපදවයි, අර්‍ත්‍ථශුන්‍ය බවක් මැ උපදවයි, සිස් බවක් මැ උපදවා යයි.

යෙ ඛො තෙ කච‍්චාන, සමණබ්‍රාහ‍්මණා අජානන‍්තා පුබ‍්බන‍්තං අපස‍්සන‍්තා අපරන‍්තං ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමා’ති පටිජානන‍්ති, තෙසං සොයෙව සහධම‍්මිකො නිග‍්ගහො හොති. අපි ච කච‍්චාන, තිට‍්ඨතු පුබ‍්බන‍්තො, තිට‍්ඨතු අපරන‍්තො. එතු විඤ‍්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො අහමනුසාසාමි, අහං ධම‍්මං දෙසෙමි, යථානුසිට‍්ඨං තථා පටිපජ‍්ජමානො න චිරස‍්සෙව සාමඤ‍්ඤෙව ඤස‍්සති, සාමං දක‍්ඛිති. එවං කිර සම‍්මා බන්‍ධනා විප‍්පමොක‍්ඛො හොති යදිදං අවිජ‍්ජාබන්‍ධනා. සෙය්‍යථාපි කච‍්චාන, දහරො කුමාරො මන්‍දො උත‍්තානසෙය්‍යකො කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බද‍්ධො අස‍්ස සුත‍්තබන්‍ධනෙහි, තස‍්ස වුද‍්ධිමන්‍වාය ඉන්‍ද්‍රියානං පරිපාකමන්‍වාය තානි බන්‍ධනානි මුච‍්චෙය්‍යුං සො මොක‍්ඛොම‍්හීති ඛො ජානෙය්‍ය නො ච බන්‍ධනං. එවමෙව ඛො කච‍්චාන, එතු විඤ‍්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො. අහමනුසාසාමි, අහං ධම‍්මං දෙසෙමි. යථානුසිට‍්ඨං තථා පටිපජ‍්ජමානො න චිරස‍්සෙව සාමඤ‍්ඤෙ ඤස‍්සති. සාමං දක‍්ඛිති. එවං කිර සම‍්මා බන්‍ධනා විප‍්පමොක‍්ඛො හොති යදිදං අවිජ‍්ජාබන්‍ධනාති.

කාත්‍යායනයෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තය නො දන්නාහු අපරාන්තය නො දක්නාහු, ‘ජාතිය ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවනලද, කරණී කරන ලද, මෙබවට අන් කිසෙක් නැතැ’යි දනුම්හ’යි පිළින කෙරෙත් ද, ඔවුනට එ මැ සකාරණ නිග්‍රහ වෙයි. එතෙකුදු වත් කාත්‍යායනයෙනි, පූර්‍වාන්තය සිටීවා, අපරාන්තය සිටීවා, ශඨ නො වූ මායා නැති ඍජුස්වභාව ඇති නුවණැති පුරුෂ ඒවා, මම් අනුශාසනා කෙරෙමි, මම් දහම් දෙසමි, අනුශාසනා කළ සේ පිළිපදනේ නොබෝ කලෙකින් මැ ‘මේ අවිද්‍යාබන්‍ධනයෙන් මෙසේ මොනොවට මිදෙන්නේ වේ ල’යි තෙමේ මැ දන්නේ යැ තෙමේ දක්නේ යැ. යම්සේ කාත්‍යායනයෙනි, බොළඳ වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරෙක් හූබඳනෙන් කණ්ඨය පස්වනු කොට ඇති බැඳුමින් බඳනා ලද වේ ද, වෘද්ධියට පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ ඔහුගේ ඒ බන්‍ධනයෝ මිදෙන්නාහු ද, හේ මිදුණෙමි’යි දන්නේ ද, බන්‍ධනය නො දන්නේ ද, එසෙයින් මැ කාත්‍යායනයෙනි, සළ නො වූ මායා නැති ඉදු සැහැවි ඇති නුවණැති පුරුෂ ඒවා, මම් අනුසස්මි, මම් දහම් දෙසමි, අනුශාසිත සේ පිළිපදනේ නොබෝ කලෙකින් මැ ‘මෙසේ මේ අවිද්‍යාබන්‍ධන සඞ්ඛ්‍යාත බන්‍ධනයෙන් මොනොවට මිදෙන්නේ වේ ල’යි තෙමේ මැ දන්නේ යැ තෙමේ දක්නේ යැ’යි.

එවං වුත‍්තෙ වෙඛනසො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම අභික‍්කන‍්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණඞ‍්ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: ‘භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, ... භවත් ගෞතමයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උවසුවකු කොට ධරත්ව’යි.

වෙඛනස‍්සසුත‍්තං දසමං.

දස වැනි වෙඛනස්ස සූත්‍ර යි.

පරිබ‍්බාජකවග‍්ගො තතියො.

තුන් වැනි පරිව්‍රාජක වර්‍ගය යි.

තස‍්ස වග‍්ගස‍්ස උද‍්දානං:

එහි උද්දානය:

පුණ‍්ඩරී අග‍්ගි සහා කථිනාමො, දීඝනඛො පුන භාරද‍්වාජගොත‍්තො සන්‍දක උද‍්දයි මණ‍්ඩිකාපුත‍්තො, මණිකො තථා කච‍්චානො වරවග‍්ගො.

පුණ්ඩරීක (තේවිජ්ජවච්ඡගොත්ත) සූත්‍ර යැ අග්ගිවච්ඡගොත්ත සූත්‍ර යැ සහකර්‍ත්‍ථ (මහා වච්ඡගොත්ත) සූත්‍ර යැ දීඝනඛ සූත්‍ර යැ භාරද්වාජගොත්ත (මාගන්‍දිය) සූත්‍ර යැ සන්‍දක සූත්‍ර යැ උදායී (මහාසකුලුදායි) සූත්‍ර යැ මණ්ඩිකාපුත්ත (සමණමණ්ඩිකා) සූත්‍ර යැ මණික (චූළ සකුලුදායි) සූත්‍ර යැ කච්චාන (වෙඛනස්ස) සූත්‍ර යි.