යෙදුමෙන් කියවන්න

ඝටීකාරසුත‍්තං

2. 4. 1.

2. 4. 1.

ඝටීකාරසුත‍්තං

ඝටීකාර සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං. අථ ඛො භගවා මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං පදෙසෙ සිතං පාත්‍වාකාසි. අථ ඛො ආයස‍්මතො ආනන්‍දස‍්ස එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච‍්චයො භගවතො සිතස‍්ස පාතුකම‍්මාය, න අකාරණෙ තථාගතා සිතං පාතුකරොන‍්තී’ති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො එකංසං චීවරං කත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිම‍්පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: ‘කො නු ඛො භන‍්තෙ හෙතු, කො පච‍්චයො භගවතො සිතස‍්ස පාතුකම‍්මාය, න අකාරණෙ තථාගතා සිතං පාතුකරොන‍්තී’ති.

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් හා සමග කොසොල් දනවුයෙහි සැරි සරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැර ව එක්තරා පියෙසෙක්හි දී සිනා පහළ කළ සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙවන් සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ උතුරුසඟ එකස් කොට බුදුන් දසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පහළ නො කෙරෙත් නු?”යි.

භූතපුබ‍්බං ආනන්‍ද, ඉමස‍්මිං පදෙසෙ වෙහලිඞ‍්ගං නාම ගාමනිගමො අහොසි ඉද‍්ධො චෙව ඵීතො ච බහුජනො ආකිණ‍්ණමනුස‍්සො. වෙහලිඞ‍්ගං ඛො ආනන්‍ද, ගාමනිගමං කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො උපනිස‍්සාය විහාසි. ඉධ සුදං ආනන්‍ද, කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ආරාමො අහොසි. ඉධ සුදං ආනන්‍ද, කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො නිසින‍්නකො භික‍්ඛුසඞ‍්ඝං ඔවදතීති.

ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වේහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞ්ග නිගමය නිසා වැඩවිසූහ. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙතැන්හි වැඩහිඳ බික්සඟනට ඔවා දෙන සේකැ’යි.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො චතුග‍්ගුණං සඞ‍්ඝාටිං පඤ‍්ඤාපෙත්‍වා භගවන‍්තං එතදවොච: තෙන හි භන‍්තෙ, භගවා නිසීදතු, එවා’යං භූමිප‍්පදෙසො ද‍්වීහි අරහන‍්තෙහි සම‍්මාසම‍්බුද‍්ධෙහි පරිභුත‍්තො භවිස‍්සතී’ති. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි:

එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සඟළ සිවුර සියුගුණ කොට පනවා භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳුනා සේක්වා, මෙසෙයින් මෙ බිම්පෙදෙස අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දෙදෙනකුන් විසින් පරිභෝග කරනලද වන්නේ යැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූසේක:

‘භූතපුබ‍්බං ආනන්‍ද, ඉමස‍්මිං පදෙසෙ වෙහලිඞ‍්ගං නාම ගාමනිගමො අහොසි ඉද‍්ධො චෙව ඵීතො ච බහුජනො ආකිණ‍්ණමනුස‍්සො. වෙහලිඞ‍්ගං ඛො ආනන්‍ද, ගාමනිගමං කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො උපනිස‍්සාය විහාසි. ඉධ සුදං ආනන්‍ද, කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ආරාමො අහොසි. ඉධ සුදං ආනන්‍ද, කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො නිසින‍්නකො භික‍්ඛුසඞ‍්ඝං ඔවදති.

ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වේහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ ඉතා සමෘද්ධ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවැසීගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞ්ග නිගමය නිසා විසූසේක. ආනන්‍දය, මෙතැන්හි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුනට අරාමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙහි වැඩහිඳ බික්සඟනට ඔවා දෙති.

වෙහලිඞ‍්ගෙ ඛො ආනන්‍ද, ගාමනිගමෙ ඝටීකාරො නාම කුම‍්භකාරො කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස උපට‍්ඨාකො අහොසි අග‍්ගුපට‍්ඨාකො. ඝටීකාරස‍්ස ඛො ආනන්‍ද, කුම‍්භකාරස‍්ස ජොතිපාලො නාම මාණවො සහායො අහොසි පියසහායො. අථ ඛො ආනන්‍ද, ඝටීකාරො කුම‍්භකාරො ජොතිපාලං මාණවං ආමන‍්තෙසි: ‘ආයාම සම‍්ම

ආනන්‍දය, වේහලිඞ්ග නම් නිගම ග්‍රාමයෙහි ඝටීකාර නම් කුම්භකාර අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට උපස්ථායක වී, එ ද අග්‍රෝපස්ථායක යි. ආනන්‍දය, ඝටීකාර කුම්භකාරයාහට ජෝතිපාල නම් මණෙවු යහළු වී, එ ද ප්‍රියසහාය යි. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජෝතිපාල මණෙවු ඇමැතී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ.

ජොතිපාල, කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාම. සාධුසම‍්මතං හි මෙ තස‍්ස භගවතො දස‍්සනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා’ති. එවං වුත‍්තෙ ආනන්‍ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම‍්භකාරං එතදවොච: ‘අලං සම‍්ම ඝටීකාර, කිං පන තෙන මුණ‍්ඩකෙන සමණකෙන දිට‍්ඨෙනා’ති? දුතියම‍්පි ඛො ආනන්‍ද -පෙ- තතියම‍්පි ඛො ආනන්‍ද, ඝටීකාරො කුම‍්භකාරො ජොතිපාලං මාණවං එතදවොච: ‘ආයාම සම‍්ම ජොතිපාල, කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාම. සාධුසම‍්මතං හි මෙ තස‍්ස භගවතො දස‍්සනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා’ති. තතියම‍්පි ඛො ආනන්‍ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම‍්භකාරං එතදවොච: ‘අලං සම‍්ම ඝටීකාර. කිං පන තෙන මුණ‍්ඩකෙන සමණකෙන දිට‍්ඨෙනා’ති. තෙන හි සම‍්ම ජොතිපාල, සොත‍්තිං සිනානිං ආදාය නදිං ගමිස‍්සාම සිනායිතුන‍්ති. එවං සම‍්මා’ති ඛො ආනන්‍ද, ජොතිපාලො මාණවො ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස පච‍්චස‍්සොසි. අථ ඛො ආනන්‍ද, ඝටීකාරො ච කුම‍්භකාරො ජොතිපාලො ච මාණවො සොත‍්තිං සිනානිං ආදාය නදිං අගමංසු සිනායිතුං.

අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි. ආනන්‍දයෙනි, මෙසේ කී කල ජෝතිපාල මාණවක ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර ජෝතිපාල මාණවකහට තෙල බස් කී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් දැක්ම මා විසින් සාධුසම්මත වේ”යයි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මණෙවු ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. යහළු ජෝතිපාලයෙනි, ඉදින් එසේ වී නම් නහනුවස් කළ කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට යම්හ. ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක ‘යහළුව එසේ මැනැවැ’යි ඝටීකාර කුම්භකාරහට පිළිවදන් ඇස්වී. ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර ද ජෝතිපාල මාණවක ද නාහන කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට ගියෝ.

අථ ඛො ආනන්‍ද, ඝටීකාරො කුම‍්භකාරො ජොතිපාලං මාණවං ආමන‍්තෙසි: අයං සම‍්ම ජොතිපාල, කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අවිදූරෙ ආරාමො. ආයාම සම‍්ම ජොතිපාල, කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාම. සාධුසම‍්මතං හි මෙ තස‍්ස භගවතො දස‍්සනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා’ති.

ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු ඇමැතී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හුගේ මේ අරම නුදුරෙහි ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි.

එවං වුත‍්තෙ ආනන්‍ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම‍්භකාරං එතදවොච: අලං සම‍්ම ඝටීකාර, කිං පන තෙන මුණ‍්ඩකෙන සමණකෙන දිට‍්ඨෙනා’ති? දුතියම‍්පි ඛො ආනන්‍ද -පෙ- තතියම‍්පි ඛො ආනන්‍ද, ඝටීකාරො කුම‍්භකාරො ජොතිපාලං මාණවං එතදවොච: අයං සම‍්ම ජොතිපාල, කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අවිදූරෙ ආරාමො. ආයාම සම‍්ම ජොතිපාල, කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාම. සාධුසම‍්මතං හි මෙ තස‍්ස භගවතො දස‍්සනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා’ති. තතියම‍්පි ඛො ආනන්‍ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම‍්භකාරං එතදවොච: අලං සම‍්ම ඝටීකාර, කිං පන තෙන මුණ‍්ඩකෙන සමණකෙන දිට‍්ඨෙනා’ති?

ආනන්‍දයෙනි, මෙසේ කී කල්හි ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙලබස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කිනම් වැඩ වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු හට තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ගේ මේ අරම අසල ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නා සඳහා එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කවර වැඩ වේ දැ?”යි.

අථ ඛො ආනන්‍ද, ඝටීකාරො කුම‍්භකාරො ජොතිපාලං මාණවං ඔවට‍්ටිකාය පරාමසිත්‍වා එතදවොච: අයං සම‍්ම ජොතිපාල, කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අවිදූරෙ ආරාමො. ආයාම සම‍්ම ජොතිපාල, කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාම. සාධුසම‍්මතං හි මෙ තස‍්ස භගවතො දස‍්සනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා’ති.

ඒ සඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ හිඟ ඉණකඩ අත්ලා ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම අසලෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් දක්නට එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.

අථ ඛො ආනන්‍ද, ජොතිපාලො මාණවො ඔවට‍්ටිකං විනිවෙඨෙත්‍වා ඝටීකාරං කුම‍්භකාරං එතදවොච: අලං සම‍්ම ඝටීකාර, කිං පන තෙන මුණ‍්ඩකෙන සමණකෙන දිට‍්ඨෙනාති?

ඉක්බිති ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක තෙමේ හිඟ ඉණකඩ මුදාගෙන ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩුමහණහු විසින් කිමැ”යි.

අථ ඛො ආනන්‍ද, ඝටීකාරො කුම‍්භකාරො ජොතිපාලං මාණවං සසීසං නහාතං කෙසෙසු පරාමසිත්‍වා එතදවොච: අයං සම‍්ම ජොතිපාල, කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අවිදූරෙ ආරාමො. ආයාම සම‍්ම ජොතිපාල, කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාම. සාධුසම‍්මතං හි මෙ තස‍්ස භගවතො දස‍්සනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සාති.

ඉක්බිත්තෙන් ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ ඉස් සෝදා නහා සිටි ජෝතිපාල මාණවක කෙහෙයෙහි ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම නුදුරෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් දක්නට එළැඹෙම්හ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.

අථ ඛො ආනන්‍ද, ජොතිපාලස‍්ස මාණවස‍්ස එතදහොසි: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, යත්‍ර හි නාමායං ඝටීකාරො කුම‍්භකාරො ඉත‍්තරජච‍්චො සමානො අම‍්හාකං සසීසං නහාතානං කෙසෙසු පරාමසිතබ‍්බං මඤ‍්ඤිස‍්සති. න වතිදං ඔරකං මඤ‍්ඤෙ භවිස‍්සතීති. ඝටීකාරං කුම‍්භකාරං එතදවොච: යාවෙතදොහිපි සම‍්ම ඝටීකාරා’ති. යාවෙතදොහිපි සම‍්ම ජොතිපාල, තථා හි පන මෙ සාධුසම‍්මතං තස‍්ස භගවතො දස‍්සනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සාති. තෙන හි සම‍්ම ඝටීකාර, මුඤ‍්ච ගමිස‍්සාමාති.

එකල්හි ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවකහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ, භවත්නි, අද්භූත මැ යි. යම් හෙයෙකින් මේ ඝටීකාර කුම්භකාර ලාමකජාති ඇත්තේ මැ ඉස් සෝදා නහා සිටි අපගේ කෙස්වැටිය ගතයුතු කොට සිතා ද, ඒකාන්තයෙන් මේ අපගේ ගමන ලාමක නො වනසේ”යයි ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, (මෙතෙක් දෑ කෙළේ) තෙල ගමන් සඳහා මැ වේ දැ”යි. “යහළු ජෝතිපාලයෙනි, තෙල ගමන් සඳහා මැ වෙයි. එසේ මැ යැ ඒ අර්‍හත් සම්‍යක් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි කී. යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් කෙහෙ ගැනුම් පියව, යම්හ’යි.

අථ ඛො ආනන්‍ද, ඝටීකාරො ච කුම‍්භකාරො ජොතිපාලො ච මාණවො යෙන කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ඝටීකාරො කුම‍්භකාරො කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. ජොතිපාලො පන මාණවො කස‍්සපෙන භගවතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආනන්‍ද, ඝටීකාරො කුම‍්භකාරො කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං එතදවොච: අයං මෙ භන‍්තෙ, ජොතිපාලො මාණවො සහායො පියසහායො. ඉමස‍්ස භගවා ධම‍්මං දෙසෙතූ’ති. අථ ඛො ආනන්‍ද, කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො ඝටීකාරඤ‍්ච කුම‍්භකාරං ජොතිපාලඤ‍්ච මාණවං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි, සමාදපෙසි, සමුත‍්තෙජෙසි, සම‍්පහංසෙසි. අථ ඛො ආනන්‍ද, ඝටීකාරො ච කුම‍්භකාරො ජොතිපාලො ච මාණවො කස‍්සපෙන භගවතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු.

එසඳ ආනන්‍දයෙනි, ඝටීකාරකුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් කරා එළැඹියහ. එළැඹ ඝටීකාර කුම්භකාර තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. ජෝතිපාල මාණවක වනාහි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් හා සමග සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට තෙල සැල කෙළේ: වහන්ස, මේ ජෝතිපාල මාණවක තෙමේ මාගේ යහළු යැ, ප්‍රිය යහළු යැ, භාග්‍යවතුන් වහන්සේ මුහුට දහම් දෙසන සේක්වා’යි. එසඳ ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවකහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු පහටු කරවන ලද්දාහු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සකසා වැඳ පැදකුණු කොට ගියෝ.

අථ ඛො ආනන්‍ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම‍්භකාරං එතදවොච: ඉඞ‍්ඝ නු ත්‍වං සම‍්ම ඝටීකාර, ධම‍්මං සුණන‍්තො, අථ ච පන අගාරස‍්මා න අනගාරියං පබ‍්බජසීති.

එසඳ ආනන්‍දය, ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, තෙපි මේ දහම් අසන්නහු නො ද? එතෙකුදු වත් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නො වව”යි.

නනු මං සම‍්ම ජොතිපාල, ජානාසි: අන්‍ධෙ ජිණ‍්ණෙ මාතාපිතරො පොසෙමී’ති?

යහළු ජෝතිපාලයෙනි, තෙපි මා “අඳ වූ මහලු මාපියන් පුස්නෙමි”යි දන්නහු නො ද?

තෙන හි සම‍්ම ඝටීකාර, අහං අගාරස‍්මා අනගාරියං පබ‍්බජිස‍්සාමීති.

“යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙමි”යි.

අථ ඛො ආනන්‍ද, ඝටීකාරො ච කුම‍්භකාරො ජොතිපාලො ච මාණවො යෙන කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නො ඛො ආනන්‍ද, ඝටීකාරො කුම‍්භකාරො කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං එතදවොච: අයං මෙ භන‍්තෙ, ජොතිපාලො මාණවො සහායො පියසහායො, ඉමං භගවා පබ‍්බාජෙතූ’ති. අලත්‍ථ ඛො ආනන්‍ද, ජොතිපාලො මාණවො කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සන‍්තිකෙ පබ‍්බජ‍්ජං අලත්‍ථ උපසම‍්පදං.

එසඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැල කෙළේ: “වහන්ස, මේ ජෝතිපාල මාණවක මා ගේ යහළු යැ ප්‍රිය යහළු යැ. භාග්‍යවතුන් වහන්සේ මුහු පැවිදි කෙරෙත්ව’යි. ආනන්‍දය, ජෝතිපාල මාණවක අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වෙත පැවිද්ද ලද, උපසම්පත් ලද.

අථ ඛො ආනන්‍ද, කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො අචිරූපසම‍්පන‍්නෙ ජොතිපාලෙ මාණවෙ අද‍්ධමාසූපසම‍්පන‍්නෙ වෙගලිඞ‍්ගෙ යථාභිරන‍්තං විහරිත්‍වා යෙන බාරාණසී තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි.

ඉක්බිති ආනන්‍දය, අර්‍හත්සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ජෝතිපාල මාණවක උපසපන් නොබෝ කල් වූ උපසපන් අඩමසක් ඇති කල්හි වේහලිඞ්ගයෙහි කැමැති තාක් වාසය කොට බරණැස් නුවර කරා චාරිකායෙහි වාදියෝ, අනුක්‍රමයෙන් සැරිසරන සේක් බරණැස්නුවරට බටහ.

තත්‍ර සුදං ආනන්‍ද, කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. අස‍්සොසි ඛො ආනන්‍ද, කිකී කාසිරාජා: කස‍්සපො කිර භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො බාරාණසිං අනුප‍්පත‍්තො, බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙති. අථ ඛො ආනන්‍ද, කිකී කාසිරාජා භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්‍වා භද්‍රං යානං අභිරුහිත්‍වා භද්‍රෙහි භද්‍රෙහි යානෙහි බාරාණසියා නිය්‍යාසි මහතා රාජානුභාවෙන කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං දස‍්සනාය. යාවතිකා යානස‍්ස භූමි යානෙන ගන‍්ත්‍වා යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකොව යෙන කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආනන්‍ද, කිකිං කාසිරාජානං කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි, සමාදපෙසි, සමුත‍්තෙජෙසි, සම‍්පහංසෙසි. අථ ඛො ආනන්‍ද, කිකී කාසිරාජා කස‍්සපෙන භගවතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන‍්තෙ, භගවා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා’ති. අධිවාසෙසි ඛො ආනන්‍ද, කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො තුණ‍්හීභාවෙන. අථ ඛො ආනන්‍ද, කිකී කාසිරාජා කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො ආනන්‍ද, කිකී කාසිරාජා තස‍්සා රත‍්තියා අච‍්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා පණ‍්ඩුමුටිකස‍්ස සාලිනො විචිතකාලකං අනෙකසූපං අනෙකබ්‍යඤ‍්ජනං, කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස කාලං ආරොචාපෙසි: ‘කාලො භන‍්තෙ, නිට‍්ඨිතං භත‍්ත’න‍්ති.

ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු එ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙති. ආනන්‍දය, කිකී නම් කසීරජ “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුහු බරණැස් නුවරට වැඩියාහු බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙත් ල”යි ඇසී. එසඳ ආනන්‍දය, කිකී කසීරජ සුන්‍දර සුන්‍දර යානයන් යොදවා ගෙන සුන්‍දර යානයෙකැ නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නට සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ මහත් වූ රාජානුභාවයෙන් නික්ම ගියේ යැ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් කරා එළැඹ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් වැඳ එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් කිකී කසීරජහට අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහටු කරවන ලද්දේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට භික්‍ෂුසඞ්ඝයා හා සමග මා ගේ බත ඉවසන සේක්ව”යි. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එසඳ ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන්ගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ එ රැය පහන් වූ කල්හි සිය නිවෙස්නෙහි තෙවැසි සුවඳ රත්හැල්හි කුඩු නැති සහල් ගෙන නොයෙක් සූප ව්‍යඤ්ජන ඇති ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට “වහන්ස, වඩනට කලි, බත්කිස නිම වන ලදැ”යි කල් දැන්වී.

අථ ඛො ආනන්‍ද, කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන කිකිස‍්ස කාසිරඤ‍්ඤො නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. අථ ඛො ආනන්‍ද, කිකී කාසිරාජා බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි, සම‍්පවාරෙසි.

එකල්හි ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කිකී කසීරජහු ගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි භික්‍ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතැප්වී, පැවරී.

අථ ඛො ආනන්‍ද, කිකී කාසිරාජා කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං අඤ‍්ඤතරං නීචං ආසනං ගහෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආනන්‍ද, කිකී කාසිරාජා කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන‍්තෙ, භගවා බාරාණසියං වස‍්සාවාසං, එවරූපං සඞ‍්ඝස‍්ස උපට‍්ඨානං භවිස‍්සතී’ති. ‘අලං මහාරාජ, අධිවුත්‍ථො මෙ වස‍්සාවාසො’ති. දුතියම‍්පි ඛො, ආනන්‍ද -පෙ- තතියම‍්පි ඛො ආනන්‍ද, කිකී කාසිරාජා කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන‍්තෙ, භගවා බාරාණසියං වස‍්සාවාසං එවරූපං සඞ‍්ඝස‍්ස උපට‍්ඨානං භවිස‍්සතී’ති. ‘අලං මහාරාජ. අධිවුත්‍ථො මෙ වස‍්සාවාසො’ති. අථ ඛො ආනන්‍ද, කිකිස‍්ස කාසිරඤ‍්ඤො: ‘න මෙ කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො අධිවාසෙති බාරාණසියං වස‍්සාවාස’න‍්ති අහුදෙව අඤ‍්ඤථත‍්තං, අහු දොමනස‍්සං. අථ ඛො ආනන්‍ද, කිකී කාසිරාජා කස‍්සපං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං එතදවොච: ‘අත්‍ථි නු තෙ භන‍්තෙ, අඤ‍්ඤො කොචි මයා උපට‍්ඨාකතරො’ති.

ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැළඳුවන් පාත්‍රයෙන් බැහැර කළ අත් ඇතියන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. ආනන්‍දයෙනි, එකත්පස් වැ හුන් කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්විසීම ඉවසන ලදැ”යි. දෙවනවට දු ආනන්‍දය, ... තුන්වනවට දු ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්සාවාස ඉවසන ලදැ”යි. එසඳ ආනන්‍දය, කිකී කසීරජහට: “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මා ගේ බරණැස් නුවර වස්විසීම නො ඉවසතී” විපරීතසිත් වී, දොම්නස් වී. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට: “වහන්ස, මට වඩා උපස්ථායකතර වූ අන් කිසිවෙක් මුබ වහන්සේට ඇද්දැ?යි මෙවදන් කී.

අත්‍ථි මහාරාජ, වෙහලිඞ‍්ගං නාම ගාමනිගමො. තත්‍ථ ඝටීකාරො නාම කුම‍්භකාරො. සො මෙ උපට‍්ඨාකො අග‍්ගුපට‍්ඨාකො. තුය‍්හං ඛො පන මහාරාජ: ‘න මෙ කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො අධිවාසෙති බාරාණසියං වස‍්සාවාස’න‍්ති, අත්‍ථි අඤ‍්ඤථත‍්තං අත්‍ථි දොමනස‍්සං. තයිදං ඝටීකාරෙ කුම‍්භකාරෙ නත්‍ථි ච න ච භවිස‍්සති.

මහරජ, වේහලිඞ්ග නම් නියම්ගමෙක් ඇත. එහි ඝටීකාර නම් කුම්භකාරයෙක් ඇති. හෙ තෙම මාගේ උපස්ථායක යැ අග්‍රෝපස්ථායක යි. මහරජ, තොපට වැළිත් “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු මා ගේ බරණැස් නුවර වස්සාවාස නො ඉවසතී” විපරීත සිතෙක් ඇත, දොම්නසෙක් ඇති. ඒ මෙ දොම්නස ඝටීකාර කුම්භකාර කෙරෙහි නැත, නො ද වන්නේ යි.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො බුද‍්ධං සරණං ගතො, ධම‍්මං සරණං ගතො, සඞ‍්ඝං සරණං ගතො.

මහරජ, ඝටීකාර කුම්භකාර වූකලි බුදුන් සරණ කොට ගියේ යැ, දහම් සරණ කොට ගියේ යැ, සඟුන් සරණ කොට ගියේ යි.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො පාණාතිපාතා පටිවිරතො, අදින‍්නාදානා පටිවිරතො, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො.

මහරජ, ඝටීකාර කුම්භකාර පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවායෙන් වෙන් වූයේ වෙයි, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වෙන් වූයේ වෙයි.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො, ධම‍්මෙ -පෙ- සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො, අරියකන‍්තෙහි සීලෙහි සමන‍්නාගතො.

මහරජ, ඝටීකාර කුම්භකාර බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො දුක‍්ඛෙ නික‍්කඞ‍්ඛො, දුක‍්ඛසමුදයෙ නික‍්කඞ‍්ඛො, දුක‍්ඛනිරොධෙ නික‍්කඞ‍්ඛො, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය නික‍්කඞ‍්ඛො.

මහරජ, ඝටීකාර කුම්භකාර දුඃඛසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරෝධ ගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වූයේ වෙයි.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො එකභත‍්තිකො බ්‍රහ‍්මචාරී සීලවා කල්‍යාණධම‍්මො.

මහරජ, ඝටීකාර කුම්භකාර ඒකභත්තික වැ බ්‍රම්සර ඇති වැ සිල්වත් වැ කලණදහම් ඇති වැ සිටින සුලු වෙයි.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො නික‍්ඛිත‍්තමණිසුවණ‍්ණො, අපෙතජාතරූපරජතො.

මහරජ, ඝටීකාර කුම්භකාර හැරපී මණි ස්‍වර්‍ණ ඇතියේ හැරපී රන්රිදී ඇතියේ වේ.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො පන‍්නමුසලො. න සහත්‍ථා පඨවිං ඛණති. යං හොති කූලපලුග‍්ගං වා යො හොති මූසිකුක‍්කාරො වා තං කාජෙන ආහරිත්‍වා භාජනං කරිත්‍වා එවමාහ: ‘එත්‍ථ යො ඉච‍්ඡති තණ‍්ඩුලපටිභස‍්තානි වා මුග‍්ගපටිභස‍්තානි වා කලාය පටිභස‍්තානි වා නික‍්ඛිපිත්‍වා යං ඉච‍්ඡති තං හරතූති.

මහරජ, ඝටීකාර කුම්භකාර බහාතැබූ මොහොල් ඇතියේ සියතින් පොළෝ නො කණියි. ඉවුරෙන් ගිලිහුණු යම් මැ මැටියෙක් වේවයි මීයන් නැඟූ යම් මැ මැටියෙක් වේවයි ඇද්ද, එය කඩින් ගෙනවුත් බඳුන් තනා මෙසේ කියයි: “යමෙක් කැමැති වේ නම් සහල්පිහිවා වේවයි, මුංපිහවා වේවයි කඩලපිහිවා වේවයි මෙහි බහා යම් බඳුනක් කැමැති වේ නම් එය ගෙන යේව”යි.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො අන්‍ධෙ ජිණ‍්ණෙ මාතාපිතරො පොසෙති.

මහරජ, ඝටීකාර කුම්භකාර අඳමහලු මවුපියන් පුස්නේ යැ.

ඝටීකාරො ඛො මහාරාජ, කුම‍්භකාරො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා.

මහරජ, ඝටීකාර කුම්භකාර පඤ්චඕරම්භාගීය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වැ එ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ එහි මැ පිරිනිවන් පානාසුලු වෙයි.

එකමි’දාහං මහාරාජ, සමයං වෙහලිඞ‍්ගෙ ගාමනිගමෙ විහරාමි. අථ ඛ‍්වාහං මහාරාජ, පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස මාතාපිතරො තෙනුපසඞ‍්කමිං. උපසඞ‍්කමිත්‍වා ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස මාතාපිතරො එතදවොචං: හන්‍ද කො නු ඛො අයං භග‍්ගවො ගතොති. නික‍්ඛන‍්තො ඛො තෙ භන‍්තෙ, උපට‍්ඨාකො, අතො කුම‍්භියා ඔදනං ගහෙත්‍වා පරියොගා සූපං ගහෙත්‍වා පරිභුඤ‍්ජාති. අථ ඛ‍්වාහං මහාරාජ, කුම‍්භියා ඔදනං ගහෙත්‍වා පරියොගා සූපං ගහෙත්‍වා පරිභුඤ‍්ජිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිං අථ ඛො මහාරාජ, ඝටීකාරො කුම‍්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ‍්කමි; උපසඞ‍්කමිත්‍වා මාතාපිතරො එතදවොච: කො කුම‍්භියා ඔදනං ගහෙත්‍වා පරියොගා සූපං ගහෙත්‍වා පරිභුඤ‍්ජිත්‍වා උට‍්ඨායාසනා පක‍්කන‍්තො’ති. කස‍්සපො තාත, භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො කුම‍්භියා ඔදනං ගහෙත්‍වා පරියොගා සූපං ගහෙත්‍වා පරිභුඤ‍්ජිත්‍වා උට‍්ඨායාසනා පක‍්කන‍්තො’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස එතදහොසි: ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යස‍්ස මෙ කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො එවං අභිවිස‍්සත්‍ථො’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරං කුම‍්භකාරං අද‍්ධමාසං පීතිසුඛං න විජහි සත‍්තාහං මාතාපිතුන‍්නං.

මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි වාස කරමි. ඉක්බිති මහරජ මම් පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්‍ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී බැස ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙලබස් කී: “සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වැසි වූහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත්දිනක් නො හළේ යැ.

එකමි’දාහං මහාරාජ, සමයං තත්‍ථෙව වෙහලිඞ‍්ගෙ ගාමනිගමෙ විහරාමි. අථ ඛ‍්වාහං මහාරාජ, පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස මාතාපිතරො තෙනුපසඞ‍්කමිං, උපසඞ‍්කමිත්‍වා ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස මාතාපිතරො එතදවොචං: හන්‍ද කො නු ඛො අයං භග‍්ගවො ගතො’ති. නික‍්ඛන‍්තො ඛො තෙ භන‍්තෙ, උපට‍්ඨාකො, අතො ඛළොපියා කුම‍්මාසං ගහෙත්‍වා පරියොගා සූපං ගහෙත්‍වා පරිභුඤ‍්ජාති. අථ ඛ‍්වාහං මහාරාජ, ඛළොපියා කුම‍්මාසං ගහෙත්‍වා පරියොගා සූපං ගහෙත්‍වා පරිභුඤ‍්ජිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිං.

මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එක්බිති මහරජ, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්‍ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී

අථ ඛො මහාරාජ, ඝටීකාරො කුම‍්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා මාතාපිතරො එතදවොච: කො ඛළොපියා කුම‍්මාසං ගහෙත්‍වා පරියොගා සූපං ගහෙත්‍වා පරිභුඤ‍්ජිත්‍වා උට‍්ඨායාසනා පක‍්කන‍්තො’ති. කස‍්සපො තාත, භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො ඛළොපියා කුම‍්මාසං ගහෙත්‍වා පරියොගා සූපං ගහෙත්‍වා පරිභුඤ‍්ජිත්‍වා උට‍්ඨායාසනා පක‍්කන‍්තො’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස එතදහොසි: ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යස‍්ස මෙ කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො එවං අභිවිස‍්සත්‍ථො’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරං කුම‍්භකාරං අද‍්ධමාසං පීතිසුඛං න විජහි, සත‍්තාහං මාතාපිතුන‍්නං.

නික්ම ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල බස් කී: “සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි.

එකමි’දාහං මහාරාජ, සමයං තත්‍ථෙව වෙහලිඞ‍්ගෙ ගාමනිගමෙ විහරාමි. තෙන ඛො පන සමයෙන ගන්‍ධකුටි ඔවස‍්සති. අථ ඛ‍්වාහං මහාරාජ, භික‍්ඛූ ආමන‍්තෙසිං: ගච‍්ඡථ භික‍්ඛවෙ, ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස නිවෙසනෙ තිණං ජානාථා’ති. එවං වුත‍්තෙ මහාරාජ, භික‍්ඛූ මං එතදවොචුං: නත්‍ථි ඛො භන‍්තෙ, ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස නිවෙසනෙ තිණං, අත්‍ථි ච ඛ‍්වාස‍්ස ආවෙසනං තිණච‍්ඡදන’න‍්ති. ගච‍්ඡථ භික‍්ඛවෙ ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස ආවෙසනං උත‍්තිණං කරොථා’ති. අථ ඛො තෙ මහාරාජ භික‍්ඛූ ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස ආවෙසනං උත‍්තිණමකංසු. අථ ඛො මහාරාජ, ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස මාතාපිතරො භික‍්ඛූ එතදවොචුං: කෙ ආවෙසනං උත‍්තිණං කරොන‍්තී’ති, භික‍්ඛූ භගිනි, කස‍්සපස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ගන්‍ධකුටි ඔවස‍්සතී’ති. හරථ භන‍්තෙ, භද්‍රමුඛාති. අථ ඛො මහාරාජ, ඝටීකාරො කුම‍්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා මාතාපිතරො එතදවොච: කෙ ආවෙසනං උත‍්තිණමකංසූ’ති. භික‍්ඛූ තාත, කස‍්සපස‍්ස කිර භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ගන්‍ධකුටි ඔවස‍්සතී’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස එතදහොසි: ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යස‍්ස මෙ කස‍්සපො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො එවං අභිවිස‍්සත්‍ථො’ති. අථ ඛො මහාරාජ ඝටීකාරං කුම‍්භකාරං අද‍්ධමාසං පීතිසුඛං න විජහි, සත‍්තාහං මාතාපිතුන‍්නං. අථ ඛො තං මහාරාජ ආවෙසනං සබ‍්බන‍්තං තෙමාසං ආකාසච‍්ඡදනං අට‍්ඨාසි, න චාතිවස‍්සි එවරූපො ච මහාරාජ, ඝටීකාරො කුම‍්භකාරොති.

මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එසමයෙහි ගඳකිළිය තෙමෙයි. ඉක්බිති මහරජ, මම භික්‍ෂූන් ඇමැතීමි: “මහණෙනි, යව, ඝටීකාර කුම්භකාරයාගේ නිවෙස්නෙහි තණ ගෙනෙව”යි. මහරජ, මෙසේ වදාළ කළ මහණහු මට තෙල සැල කොළෝ, “වහන්ස, ඝටීකාර කුම්භකාරයා ගේ නිවෙස්නෙහි තෘණ නැත, ඔහු ගේ නවසියන් ඇති ශිල්පශාලායෙක් ඇත”යි. “මහණෙනි යව, ඝටීකාර කුම්භකාරයාගේ ශිල්පශාලාව නිස්තෘණ කරව”යි. මහරජ, එසඳ මහණහු ඝටීකාර කුම්භකාරයාගේ සිප්හල නිස්තෘණ කළහ. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරයාගේ මාපියෝ මහණනුට තෙල කීහු: “කවරහු සිප්හල නිස්තෘණ කෙරෙද්දැ”යි. මහණහු “බුහුනැණියෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භගවත්හු ගේ ගන්‍ධකුටිය තෙම්යි”. වහන්ස, ගෙන යව, භද්‍රමුඛයෙනි, ගෙන යව”යි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මවුපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල් කී: “කවරහු සිප්හල නිස්තෘණ කොළෝ දැ”යි. දරුව, මහණහු යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ ගඳකිළිය තෙමේ ලැ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මාහට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. ඉක්බිති මහරජ, ප්‍රීතිසුඛය ඝටීකාර කුම්භකාරයා අඩමසක් නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි. ඉක්බිති මහරජ, ඒ සිප්හල මුළු තෙමස අහස්සෙවෙනි ඇති වැ සිටගත, නො තෙමිණ. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබන්දෙකැ”යි.

ලාභා භන‍්තෙ, ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස, සුලද‍්ධං, භන‍්තෙ, ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස යස‍්ස භගවා එවං අභිවිස‍්සත්‍ථොති.

වහන්ස, යමක්හට භගවත්හු මෙසේ ඉතා විස්වස් ඇති වූහු ද, ඒ ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක, ඒ ඝටීකාර කුම්භකාරයාහට සුලබ්ධ ලාභයෙකැ’යි.

අථ ඛො ආනන්‍ද, කිකී කාසිරාජා ඝටීකාරස‍්ස කුම‍්භකාරස‍්ස පඤ‍්චමත‍්තානි තණ‍්ඩුලවාහසතානි පාහෙසි පණ‍්ඩුමුටිකස‍්ස සාලිනො තදුපියඤ‍්චෙව සූපෙය්‍යං. අථ ඛො තෙ ආනන්‍ද, රාජපුරිසා ඝටීකාරං කුම‍්භකාරං උපසඞ‍්කමිත්‍වා එතදවොචුං: ඉමානි තෙ භන‍්තෙ, පඤ‍්චමත‍්තානි තණ‍්ඩුලවාහසතානි කිකිනා කාසිරාජෙන පහිතානි පණ‍්ඩුමුටිකස‍්ස සාලිනො තදුපියඤ‍්ච සූපෙය්‍යං. තානි භන‍්තෙ, පතිගණ‍්හාතූ’ති, රාජා ඛො බහුකිච‍්චො බහුකරණීයො. අලං මෙ රඤ‍්ඤොව හොතූති.

ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ කලප් කොට වියළු රත්හැල් පිළිබඳ සහල්ගැල් පන්සියක් පමණ යැවී, එයට නිසි සූපාර්හ දැය ද යැවී. ඉක්බිති ආනන්‍දය, ඒ රාජපුරුෂයෝ ඝටීකාර කුම්භකාරයා කරා එළැඹ තෙල කීහු: “වහන්ස, කිකී කසීරජු විසින් කලප් කොට වියළු රත්හැල් පිළිබඳ මේ පන්සියක් පමණ සහල්ගැල් එවනලද, එයට නිසි සූපාර්හ දැය ද එවන ලදැ’යි. වහන්ස, ඒ දැය පිළිගන්නේ යැ’යි. රජ වනාහි බොහෝ කිස ඇත්තෙක, බොහෝ කරණී ඇත්තෙක, මට කම් නැත, රජුට මැ වේව’යි.

සියා ඛො පන තෙ ආනන්‍ද, එවමස‍්ස: අඤ‍්ඤො නූන තෙන සමයෙන ජොතිපාලො මාණවො අහොසීති. න ඛො පනෙතං ආනන්‍ද, එවං දට‍්ඨබ‍්බං. අහං තෙන සමයෙන ජොතිපාලො මාණවො අහොසින‍්ති.

ආනන්‍දය, තට මෙබඳු සිතෙක් විය හෙයි: “එසමයෙහි ජෝතිපාල මාණවක අනෙකෙක් වී යැ” කියා යි. ආනන්‍දය, තෙල මෙසේ නො දැක්කයුතු යැ, මම එසමයෙහි ජෝතිපාල මාණවක වීමි”යි.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා ආනන්‍දො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

ඝටීකාරසුත‍්තං පඨමං.

පළමු වැනි ඝටීකාරසුත්‍ර යි.