රට්ඨපාලසුත්තං
2. 4. 2.
2. 4. 2.
රට්ඨපාලසුත්තං
රට්ඨපාල සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ථුල්ලකොට්ඨිතං නාම කුරූනං නිගමො තදවසරි. අස්සොසුං ඛො ථුල්ලකොට්ඨිතකා බ්රාහ්මණගහපතිකා: සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කුරූසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ථුල්ලකොට්ඨිතං අනුප්පත්තො. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි සැරි සරන සේක් මහත් වූ භික්ෂුසඞ්ඝයා හා සමග යම් තැනෙක්හි ථුල්ලකොට්ඨිත නම් කුරුජනපද වැසියන් ගේ නියම්ගමෙක් වී ද, එයට වැඩියහ. ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ මෙ බස් ඇසූහ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ශාක්‍යපුත්‍ර වූ සේක් ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ කුරුජනපදයෙහි සැරිසරන සේක් මහත් වූ භික්ෂු සඞ්ඝයා සමග ථුල්ලකොට්ඨිත නියම්ගමට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස් වැ නැගිණ: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණිනුදු අර්හත් වන සේක. සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නය, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. උන් වහන්සේ මේ මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකය මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තෙමේ වෙසෙසින් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙති. උන් වහන්සේ ආදිකල්‍යාණ වූ මාධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්ත්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර ප්‍රකාශ කෙරෙති. එබඳු රහතුන් ගේ දර්ශනය මනා වේ” යයි ඇසූහ.
අථ ඛො ථුල්ලකොට්ඨිතකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා, එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො ථුල්ලකොට්ඨිතකෙ බ්රාහ්මණගහපතිකෙ භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් දෙසට ඇඳිලි බැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හමුයෙහි නම් (තමන්ගේ) නම් ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. බුදුහු එකත්පස් වැ හුන් ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, සම්ප්රහර්ෂ කළහ.
තෙන ඛො පන සමයෙන රට්ඨපාලො නාම කුලපුත්තො තස්මිංයෙව ථුල්ලකොට්ඨිතෙ අග්ගකුලිකස්ස පුත්තො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස එතදහොසි: යථා යථා ඛො භගවා ධම්මං දෙසෙති නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. අථ ඛො ථුල්ලකොට්ඨිතකා බ්රාහ්මණගහපතිකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො රට්ඨපාලො
එසමයෙහි එ මැ ථුල්ලකොට්ඨිත නියම්ගම්හි කුලදෙටුපුත් වූ රට්ඨපාල නම් කුලපුත්‍රයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි. එකල්හි රට්ඨපාල කුලපුත්‍රහට මෙවන් සිතෙක් වී: “බුදුහු යම් යම් සෙයෙකින් දහම් දෙසත් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත (ලියූ සකස් වැනි නොහොත් ශඞ්ඛ ලිඛිත දෙදෙනා පිළිබඳ වූ) බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් මැනැවැ” යි. ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු කරුණු ගන්වන ලද්දාහු තියුණු කරන ලද්දාහු සම්ප්රහර්ෂවත් කරන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට සතුටු වැ අනුමෝදන් වැ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට පිටත් වැ ගියහ. ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර ථුල්ලකොට්ඨිතක
කුලපුත්තො අචිරපක්කන්තෙසු ථුල්ලකොට්ඨිතකෙසු බ්රාහ්මණගහපතිකෙසු යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රට්ඨපාලො කුලපුත්තො භගවන්තං එතදවොච: ‘යථා යථාහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පද’න්ති.
බමුණුගැහැවියන් නික්ම ගිය නොබෝ කල්හි භාග්‍යවතුන් කරා එළඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වා හුන් රට්ඨපාල කුලපුත්‍ර භාග්‍යවතුන්ට තෙල බස් කී: “වහන්ස, මම් භාග්‍යවතුන් විසින් යම් යම් සෙයෙකින් දෙසූ දහම් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි පැවිද්ද ලැබෙම්වා, උපසපුව ලැබෙම්ව”යි.
අනුඤ්ඤාතොසි පන ත්වං රට්ඨපාල, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?
‘රට්ඨපාලයෙනි, තෙපි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් අනුදත්තහු දැ?’ යි.
න ඛො අහං භන්තෙ, අනුඤ්ඤාතො මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති.
‘වහන්ස, මම් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් නො අනුදත්මි’යි.
න ඛො රට්ඨපාල, තථාගතා අනනුඤ්ඤාතං මාතාපිතූහි පබ්බාජෙන්තීති.
‘රට්ඨපාලයෙනි, තථාගතයෝ මාපියන් විසින් නො අනුදත්තහු පැවිදි නො කෙරෙති’යි.
ස්වාහං භන්තෙ තථා කරිස්සාමි යථා මං මාතාපිතරො අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති.
‘වහන්ස, යම්සේ ගිහිගෙන් නික්ම පැවිද්දට මාපියෝ අනුදනිත් නම් ඒ මම එසේ කරමි’යි.
අථ ඛො රට්ඨපාලො කුලපුත්තො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච: ‘අම්ම තාත, යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති.
ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට මාපියන් කරා එළැඹියේ යැ. එළැඹ මාපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් යම් සෙයෙකින් මම් භාග්‍යවතුන් විසින් දෙසූ දහම් දන්නෙම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. මා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වනු පිණිස අනුදත මැනැවැ”යි.
එවං වුත්තෙ රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛොසි තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. එහි ත්වං තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?
මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍රයන් ගේ මාපියෝ රට්ඨපාල කුලපුත්‍රහට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෙපි අපහට ප්‍රිය වූ මනවඩන සුවසේ පෝෂණය කල එක් මැ පුත් වව, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසි දුකක් නො දන්නාහු යැ. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි කව බොව සිත් අලව. කමින් බොමින් සිත් අලවමින් කාමපරිභෝග කෙරෙමින් රමණය කරව (සිත් අලව). ඇපි තොපට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට නො අනුදනුම්හ. තොප ගේ මරණයෙනුදු ඇපි නො කැමැත්තමෝ වෙන් වම්හ. කිම ඇපි තොප ජීවත් වන්නවුන් ගිහිගෙන් නික්ම සස්නට පිවිසෙනු පිණිස අනුදනුමෝ දැ?” යි.
දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො රට්ඨපාලො කුලපුත්තො මාතාපිතරො එතදවොච: ‘අම්ම තාත, යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති. තතියම්පි ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛොසි තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො. න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. එහි ත්වං තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති?
දෙවනවට ද ... තුන්වනවට ද රට්ඨපාල කුලපුත් මවුපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් මැ සැටියෙකින් භගවත්හු විසින් දෙසූ දහම් දැන සිටින්නෙම් වේ ද, ගිහිගෙයි වසනහු විසින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ ලිඛිත සඞ්ඛයක් වැනි වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නට නො හැක්ක මම කෙහෙමස් බහා කසාවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සස්නට වදන පිණිස කැමැතියෙමි. ගිහිගෙන් නික්ම සස්නට වදිනු සඳහා මා අනුදන්නේ මැනැවැ”යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත්හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කල, අපගේ ප්‍රිය මනාප එක් මැ පුත් වෙහි, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දන්නෙහි, දරුව රට්ඨපාලයෙනි, තෝ එව වළඳව, බොව ඉඳුරන් පිනව, වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් විඳුමින් පින් කරමින් සිත් අලවා වාස කරව. අපි ගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, අපි තාගේ මරණයෙනුදු නො කැමැත්තමෝ වියෝගයට පැමිණෙම්හ. කිම, අපි ජීවත්වන තා ගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝ දැ?” යි.
අථ ඛො රට්ඨපාලො කුලපුත්තො මාතාපිතූසු පබ්බජ්ජං අලභමානො තත්ථෙව අනන්තරහිතාය භූමියා නිපජ්ජි, ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වාති.
ඉක්බිති රට්ඨපාල කුලපුත් මවුපියන් කෙරෙහි සසුන් වදනු නො ලබනුයේ එහි මැ අතිරි නො අතුළ බිමෙහි වැදහොත්තේ යැ. “මෙහි මැ මා ගේ මරණ වන්නේ හෝ පැවිදි වන්නේ හෝ” යි.
අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛොසි තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො. න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි, උට්ඨෙහි තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?
එසඳ රට්ඨපාල කුලපුත්හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “පුතැ රට්ඨපාලයෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ, අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් ව. පුතැ රට්ඨපාලයෙනි, තෝ කිසිදු දුකක් නො දන්නා ව. පුතැ රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳව බොව, ඉඳුරන් පිනවව. වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. අපිගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, තා ගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ වියෝ වම්හ. කීම, අපි ජීවත්ව සිටුනා තාගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝ දැ?” යි.
එවං වුත්තෙ රට්ඨපාලො කුලපුත්තො තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛොසි තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො. න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨෙහි තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස්සාම, කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති? තතියම්පි ඛො රට්ඨපාලො කුලපුත්තො තුණ්හී අහොසි.
මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත් නිහඬ වී. දෙවනවට ද ... තුන්වනවට ද රට්ඨපාල කුලපුත්හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “පුතැ රටපලු සිරෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු සුවසේ පෝෂිත වූ අපගේ ප්‍රිය මනාප එක් මැ පුත් වෙහි. පුතැ රටපලු සිරෙනි, තෝ කිසිදු දුකක් නො දනිහි. පුතැ රටපලු සිරෙනි, නැගී සිටු, වළඳ කර, බෝ, ඉඳුරන් පිනවව, වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම්සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කර, අපිගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, තාගේ මරණයෙනුදු අපි නො කැමැතියමෝ වියෝග වම්හ. කීම, අපි ජීවත්ව සිටුනා තා ගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝදැ”යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත් නිහඬ වී.
අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො යෙන රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායෙක එතදවොචුං: ‘එසො තාතා, රට්ඨපාලො කුලපුත්තො අනන්තරහිතාය භූමියා නිපන්නො: ‘ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා’ති. එථ තාතා, යෙන රට්ඨපාලො කුලපුත්තො තෙනුපසඞ්කමථ, උපසඞ්කමිත්වා රට්ඨපාලං කුලපුත්තං එවං වදෙථ: ‘ත්වං ඛො සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො. න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨෙහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. මරණෙනපි තෙ මාතාපිතරො අකාමකා විනා භවිස්සන්ති. කිං පන තෙ තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති?
ඉක්බිති රට්ඨපාල කුලපුත්හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්හුගේ යහළුවන් කරා එළැඹියහ. එළඹ රට්ඨපාල කුලපුත්හු ගේ යහළුවනට තෙල බස් කීහු: “දරුවෙනි, තෙල රට්ඨපාල කුලපුත් ඇතිරි නො අතුළ බිම්හි වැදහොත්තේ යැ: ‘මෙහි මැ මාගේ මරණය වන්නේ හෝ පැවිද්ද වන්නේ හෝ’ යි. එව දරුවෙනි, රට්ඨපාල කුලපුතු කරා එළැඹෙව, එළැඹ රට්ඨපාල කුලපුත්හට මෙසේ කියව: ‘යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව, යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දන්නහු යැ. යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳ කරව, බොව, ඉඳුරන් පිනවව. වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව වළඳ කෙරෙමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව, ගෙන් නික්ම සස්නට වදිනු පිණිස මාපියෝ තා නො අනුදනිති’ යි. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වියෝග වන්නාහ. කිම, ඔහු තොප ජීවත් වන්නවුන් ගෙන් නික්ම සස්නට වදනා පිණිස අනුදනිත් දැ?” යි.
අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතුන්නං පටිස්සුත්වා යෙන රට්ඨපාලො කුලපුත්තො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛො සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි, උට්ඨෙහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මාතාපිතරො අකාමකා විනා භවිස්සන්ති. කිං පන තෙ ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?
ඉක්බිති රට්ඨපාල කුලපුත්හු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුත්හු ගේ මාපියනට පිළින දී රට්ඨපාල කුලපුතු කරා එළැඹියහ. එළැඹ රට්ඨපාල කුලපුතුට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව, යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව, යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, කව බොව ඉඳුරන් පිනවව, කමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. ගෙන් නික්ම සස්නට වදනා පිණිස මාපියෝ තා නො අනුදනිති යි. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වෙන් වන්නාහ. කිම, තොප ජීවත්වන්නවුන් ගෙන් නික්ම සසුන් වදනට අනුදනිත් දැ?” යි.
එවං වුත්තෙ රට්ඨපාලො කුලපුත්තො තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ත්වං ඛො සම්ම රට්ඨපාල මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨෙහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මාතාපිතරො අකාමකා විනා භවිස්සන්ති. කිං පන තෙ තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති. තතියම්පි ඛො රට්ඨපාලො කුලපුත්තො තුණ්හී අහොසි.
මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍ර නිහඬ වී, දෙවනවට ද ... තුන්වෙනවට ද රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුතුට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව. යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව. යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, කව බොව ඉඳුරන් පිනවව, කමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. ගෙන් නික්ම සසුන් වදනට මාපියෝ තා නො අනුදනිති. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වියෝග වන්නාහ. කිම, ඔහු තොප ජීවත් වන්නවුන් ගෙන් නික්ම සසුන් වදනට අනුදනිත් දැ?” යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත් නිහඬ වී.
අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා යෙන රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො එතදවොචුං: ‘අම්ම තාත, එසො රට්ඨපාලො කුලපුත්තො තත්ථෙව අනන්තරහිතාය භූමියා නිපන්නො ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා’ති.
ඉක්බිති රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුතු ගේ මවුපියන් කරා එළඹියහ. එළැඹ රට්ඨපාල කුලපුතුගේ මවුපියනට තෙල බස් කීහු: දෙමාපියෙනි, “තෙල රට්ඨපාල කුලපුත් එහි මැ ඇතිරි නො අතුළ බිමැ ‘මෙහි මැ මාගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේ යැ’යි වැදහොත්තේ යැ.
සචෙ තුම්හෙ රට්ඨපාලං කුලපුත්තං නානුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, තත්ථෙවස්ස මරණං ආගමිස්සති. සචෙ පන තුම්හෙ රට්ඨපාලං කුලපුත්තං අනුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, පබ්බජිතම්පි නං දක්ඛිස්සථ. සචෙ රට්ඨපාලො කුලපුත්තො නාභිරමිස්සති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, කා චස්ස අඤ්ඤා ගති භවිස්සති, ඉධෙව පච්චාගමිස්සති. අනුජානාථ රට්ඨපාලං කුලපුත්තං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති.
ඉදින් තෙපි ගෙන් නික්ම සසුන් වදනා පිණිස රට්ඨපාල කුලපුතු නො අනුදනිවු නම් පැවිදි වූවහු ද නො දක්නාහු යැ. ඉදින් රට්ඨපාල කුලපුත් ගෙන් නික්ම සසුන පැවිද්දට සිත නො අලවා නම් ඕහට අන් කවර ගතියක් වේ ද, මෙහි මැ වටාලා එන්නේ යැ. රට්ඨපාල කුලපුතු ගෙන් නික්ම සසුන වදනට අනුදත මැනැවැ” යි.
අනුජානාම තාතා, රට්ඨපාලං කුලපුත්තං අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බජිතෙන ච පන මාතාපිතරො උද්දස්සෙතබ්බාති.
“දරුවෙනි, රට්ඨපාල කුලපුතු ගෙන් නික්ම සසුන් වදනට අනුදනුම්හ. වැළිත්, පැවිදි වූවහු විසිනුදු මව්පියෝ මතු මත්තෙහි දැක්විය යුත්තාහ”යි.
අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා යෙන රට්ඨපාලො කුලපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ත්වං ඛො සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි, උට්ඨෙහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු, අනුඤ්ඤාතොසි මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බජිතෙන ච පන තෙ මාතාපිතරො උද්දස්සෙතබ්බා’ති.
ඉක්බිති රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුත් යම තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පුස්නාලද, එක් මැ පුත් වව. යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව, යහළුව රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳ කරව, බොව, ඉඳුරන් පිනවව, වළඳ කෙරෙමින්බොමින් ඉඳුරන් පිනවමින් කම්සුව විඳුමින් පින් කෙරෙමින් සිත අලවා වාස කර. මාපියන් විසින් ගෙන් නික්ම සසුන් වදනට අනුදන්නා ලද්දහු යැ. වැළි එකෙක් ඇත, තොප පැවිදි වූවහු විසින් තොපගේ මව්පියෝ මතු මත්තෙහි දැක්විය යුත්තාහ”යි.
අථ ඛො රට්ඨපාලො කුලපුත්තො උට්ඨහිත්වා බලං ගාහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රට්ඨපාලො කුලපුත්තො භගවන්තං එතදවොච: ‘අනුඤ්ඤාතො අහං භන්තෙ, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බාජෙතු මං භගවා’ති. අලත්ථ ඛො රට්ඨපාලො කුලපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං.
ඉක්බිති රට්ඨපාල කුලපුත් නැගීසිට කායබල ගන්වා ගෙන භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් රට්ඨපාල කුලපුත් භාග්‍යවතුන් වහන්සේටතෙල බස් සැල කෙළේ යැ: “වහන්ස, මම් ගෙන් නික්ම සසුන් වදනට මව්පියන් විසින් අනුදන්නාලද්දෙමි. භාග්‍යවත්හු මා පැවිදි කෙරෙත්ව”යි. රට්ඨපාල කුලපුත් බුදුන් කෙරෙහි පැවිදි ලද, උපසම්පත් ලදි.
අථ ඛො භගවා අචිරූපසම්පන්නෙ ආයස්මන්තෙ රට්ඨපාලෙ අඩ්ඪමාසූපසම්පන්නෙ, ථුල්ලකොට්ඨිකෙත යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා රට්ඨපාලො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා රට්ඨපාලො අරහතං අහොසි.
ඉක්බිති බුදුහු ආයුෂ්මත් රට්ඨපාල උපසපන් නොබෝ කල් ඇති කල්හි, උපසපන් අඩමස් ඇති කල්හි, ථුල්ලකොට්ඨිත නියම්ගම්හි අභිරති සේ වැස සැවැත්නුවර කරා චාරිකායෙහි වැඩියහ. අනුක්රමයෙන් සැරිසරන සේක් සැවැත්නුවරට පිවිසියහ. එහි දී භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ එකලා වැ කාය චිත්ත විවෙක ඇති වැ (කමටහන් නො හළ) සිහි ඇති වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාසය කරන සේක් යමක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සසුන් වදිත් ද, ඒ අනුත්තර වූ මාර්ග බ්රහ්මචර්ය්යයා ගේ කෙළවර වූ රහත් ඵලය නොබෝ කලෙකින් මැ මේ අත්බැව්හි මැ තමන් විසින් වෙසෙසින් දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කළහ. ‘ජාතිය ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ බව පිණිස අන් කිසෙක් නැතැ’යි වෙසෙසා දත්හ. ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.
අථ ඛො ආයස්මා රට්ඨපාලො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රට්ඨපාලො භගවන්තං එතදවොච: ‘ඉච්ඡාමහං භන්තෙ, මාතාපිතරො උද්දස්සෙතුං, සචෙ මං භගවා අනුජානාතී’ති.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන් කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන්හට තෙල බස් කීහු: “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම මවුපියන් දක්නට කැමැත්තෙමි”යි.
අථ ඛො භගවා ආයස්මතො රට්ඨපාලස්ස චෙතසා චෙතො පරිවිතක්කං මනසාකාසි. යදා භගවා අඤ්ඤාසි: ‘අභබ්බො ඛො රට්ඨපාලො කුලපුත්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිතු’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං රට්ඨපාලං එතදවොච: යස්සදානි ත්වං රට්ඨපාල, කාලං මඤ්ඤසී’ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ තමන් සිතින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ චිත්ත පරිවිතර්කය මෙනෙහි කළ සේක. යම කලෙකැ භාග්‍යවතුන් වහන්සේ දැනගත්සේක් නම් “රට්ඨපාල කුලපුත් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙන්නට අභව්‍ය යැ”යි, එකල්හි බුදුහු ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට තෙල බස් වදාළහ: “රට්ඨපාලයෙනි, තෙපි එයට කල් දනුව”යි.
අථ ඛො ආයස්මා රට්ඨපාලො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන ථුල්ලකොට්ඨිකතං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන ථුල්ලකොට්ඨිතං තදවසරි. තත්ර සුදං ආයස්මා රට්ඨපාලො ථුල්ලකොට්ඨිතෙ විහරති රඤ්ඤො කොරව්යස්ස මිගාචීරෙ. අථ ඛො ආයස්මා රට්ඨපාලො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ථුල්ලකොට්ඨිතං පිණ්ඩාය පාවිසි. ථුල්ලකොට්ඨිතෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන සකපිතුනිවෙසනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මතො රට්ඨපාලස්ස පිතා මජ්ඣිමාය ද්වාරසාලාය උල්ලිඛාපෙති. අද්දසා ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා ආයස්මන්තං රට්ඨපාලං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන එතදවොච: ‘ඉමෙහි මුණ්ඩකෙහි සමණකෙහි අම්හාකං එකපුත්තකො පියො මනාපො පබ්බාජිතො’ති . අථ ඛො ආයස්මා රට්ඨපාලො සකපිතුනිවෙසනෙ නෙව දානං අලත්ථ, න පච්චක්ඛානං, අඤ්ඤදත්ථු අක්කොසමෙව අලත්ථ.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට සෙනස්න සඟවා තබා පාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගම කරා චාරිකායෙහි පිටත්ව ගියහ. අනුක්රමයෙන් සැරිසරන්නාහු ථුල්ලකොට්ඨිත නියම්ගම යම තැනෙක්හි ද එයට වන්හ. එහි දී ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ථුල්ලකොට්ඨිතයෙහි කෝරව්‍ය රජු ගේ ‘මිගාචීර’ නම උයන්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැපාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගමට පිඬු පිණිස පිවිසියහ. ථුල්ලකොට්ඨිතයෙහි ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩනාහු සිය පියාගේ නිවෙස්න කරා එළඹියහ. එසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ මධ්‍යම ද්වාරශාලායෙහි (කපුවා ලවා) කෙහෙ පණාගස්වයි. ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් දුරින් මැ එනුවන් දිට, දැක තෙල බස් කී: “මේ මුඩු මහණුන් විසින් අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් පැවිදි කරවන ලදැ”යි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ සිය පියනිවෙස්නෙහි දන් නො මැ ලද, ප්‍රත්‍යාඛ්‍යාන නො ලද, ඒකාන්තයෙන් ආක්‍රෝශ මැ ලත්.
තෙන ඛො පන සමයෙන ආයස්මතො රට්ඨපාලස්ස ඤාතිදාසී ආභිදොසිකං කුම්මාසං ඡඩ්ඩෙතුකාමා හොති. අථ ඛො ආයස්මා රට්ඨපාලො තං ඤාතිදාසිං එතදවොච: ‘සචෙ තං භගිනි, ඡඩ්ඩනීයධම්මං ඉධ මෙ පත්තෙ ආකිරා’ති.
එසමයෙහි වනාහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඥාතිදාසියක් රැයක් ගෙයි ලැගි යව කොමු බැහැර ලනු කැමැති වෙයි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ඒ ඥාති දාසියට තෙල බස් කීහු: “ඉදින් නැගැණියෙනි, ඒ බැහැර ලන දැය මෙහි මාගේ පාත්‍රයෙහි ඕව”යි.
අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස ඤාතිදාසී තං ආභිදොසිකං කුම්මාසං ආයස්මතො රට්ඨපාලස්ස පත්තෙ ආකිරන්තී හත්ථානඤ්ච පාදානඤ්ච සරස්ස ච නිමිත්තං අග්ගහෙසි. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස ඤාතිදාසී යෙනායස්මතො රට්ඨපාලස්ස මාතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතො රට්ඨපාලස්ස මාතරං එතදවොච: ‘යගෙඝෙය්ය ජානෙය්යාසි. අය්යපුත්තො රට්ඨපාලො අනුප්පත්තො’ති.
එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඥාතිදාසි ඒ ආහිදෝසික කුම්මාසය ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පාත්‍රයෙහි ඔවන්නී හස්තපාදයන් ගේ ද සවරයා ගේ ද නිමිත් ගතු. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ ඥාතිදාසි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මව කරා එළැඹියා යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මවට තෙල බස් කියූ, “ආර්‍ය්‍යාවෙනි, දන්නවාද? ආර්‍ය්‍ය පුත්‍ර රට්ඨපාල පැමිණේ යැ”යි.
සචෙ ජෙ, සච්චං වදසි, අදාසී භවසී’ති. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස මාතා යෙනායස්මතො රට්ඨපාලස්ස පිතා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතො රට්ඨපාලස්ස පිතරං එතදවොච: යග්ඝෙ ගහපති ජානෙය්යාසි, රට්ඨපාලො කිර කුලපුත්තො අනුප්පත්තො’ති.
“ඉදින් කොල සැබෑවක් කියෙහි නම් නොදැසි වෙහි”යයි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ මව් තොමෝ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියා වෙත එළැඹියා. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියහට තෙල බස් කියු: “ගැහැවියෙනි, දනිවු ද? රට්ඨපාල කුලපුත් පැමිණියේ ල”යි.
තෙන ඛො පන සමයෙන ආයස්මා රට්ඨපාලො තං ආභිදොසිකං කුම්මාසං අඤ්ඤතරං කුඩ්ඩං නිස්සාය පරිභුඤ්ජති. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා යෙනායස්මා රට්ඨපාලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං රට්ඨපාලං එතදවොච: අත්ථි නාම තාත රට්ඨපාල, ආභිදොසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසි, නනු තාත රට්ඨපාල, සකං ගෙහං ගන්තබ්බන්ති.
එසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ඒ රැයක් ලැගි යව කොමු (ආසනශාලායෙකැ) එක්තරා බිතක් නිසා වළඳ කෙරෙති. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පියා තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට තෙල බස් කී: “පුත රට්ඨපාලයෙනි, රෑ ලැගි යව කොමු වළඳවු ද? (තොප සතන්හි සස්න නිසා ලත් ගුණවෙසෙසෙක්) ඇද්ද? පුත රට්ඨපාලයෙනි, සිය ගෙට යායුතු නො දැ?”යි.
කුතො නො ගහපති, අම්හාකං ගෙහං අගාරස්මා අනගාරියං පබ්බජිතානං, අනගාරා මයං ගහපති. අගමම්හා ඛො තෙ ගහපති ගෙහං, තත්ථ නෙව දානං අලත්ථම්හ, න පච්චක්ඛානං අඤ්ඤදත්ථු අක්කොසමෙව අලත්ථම්හා’ති.
“ගැහැවිය, ගෙන් නික්ම සසුන වන් අපට ගෙයක් කොයින් වේ ද? ගැහැවිය, අපි ගෙ නැතියම්හ. ගැහැවිය, තොපගේ ගෙට ගියම්හ. එහි දී දන් නො ලදුම්හ. ප්‍රත්‍යාඛ්‍යාන ද නො ලදුම්හ. වැළිත් ආක්‍රෝශ මතු ලදුම්හ”යි.
‘එහි තාත රට්ඨපාල, ඝරං ගමිස්සාමා’ති.
“පුත රට්ඨපාලයෙනි, එව, ගෙට යම්හ”යි.
‘අලං ගහපති, කතං මෙ අජ්ජ භත්තකිච්ච’න්ති.
“ගැහැවිය, කම් නැත, මා විසින් අද බත් කිස කරන ලදැ”යි.
‘තෙන හි තාත රට්ඨපාල, අධිවාසෙහි ස්වාතනාය භත්ත’න්ති.
“පුත රට්ඨපාලයෙනි, එසේ වී නම් සෙට බත ඉවසව”යි.
අධිවාසෙසි ඛො ආයස්මා රට්ඨපාලො තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා ආයස්මතො රට්ඨපාලස්ස අධිවාසනං විදිත්වා යෙන සකං නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මහන්තං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං කාරාපෙත්වා කිලඤ්ජෙහි පටිච්ඡාදාපෙත්වා ආයස්මතො රට්ඨපාලස්ස පුරාණදුතියිකා ආමන්තෙසි: එථ තුම්හෙ වධුයො යෙන අලඞ්කාරෙන අලඞ්කතා පුබ්බෙ රට්ඨපාලස්ස කුලපුත්තස්ස පියා හොථ මනාපා, තෙන අලඞ්කාරෙන අලඞ්කරොථා’ති.
ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ. එසඳ ආයුෂ්මත් රට්ඨපාල තෙරුනුවණ්ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඉවසීම දැන සිය නිවෙස්න කරා එළැඹියේ යැ. එළැඹ මහත් රන්සුවන් රැසක් කරවා කලාලින් සොයවා (වස්වා) ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පුරාණ දුතියිකාවන් ඇමැති: “එව වධුනි, තෙපි යම අලඞ්කාරයෙකින් සැරසුණාහූ පෙර රට්ඨපාල කුලපුත්හට ප්‍රිය මනාප වවු ද, එ අලඞ්කාරයෙන් සැරසෙව” යි.
අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා ආයස්මතො රට්ඨපාලස්ස කාලං ආරොචෙසි: ‘කාලො තාත රට්ඨපාල, නිට්ඨිතං භත්ත’න්ති. අථ ඛො ආයස්මා රට්ඨපාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සකපිතුනිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා තං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං විවරාපෙත්වා ආයස්මන්තං රට්ඨපාලං එතදවොච: ‘ඉදං තෙ තාත රට්ඨපාල, මත්තිකං ධනං, අඤ්ඤං පෙත්තිකං, අඤ්ඤං පිතාමහං. සක්කා තාත රට්ඨපාල, භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං තාත රට්ඨපාල, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු, පුඤ්ඤානි ච කරොහීති.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය තෙම එරැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ට කල් දැන්වී: “දරුව රට්ඨපාල තෙරුණුවනි, බත නිමියේ යැ”යි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ පෙරවරු වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන සිය පියනිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය තෙම රන්සුවන් රැස විවෘත කරවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවනට තෙල බස් කී: “දරුව රට්ඨපාලයෙනි, මේ තොප ගේ මව සතු ධනය වෙයි, අනෙක පියා සතු යැ. අනෙක මුත්තා සතු වෙයි. දරුව රට්ඨපාලයෙනි, භොග ද වළඳ කරන්නට හැකි යැ. පින් ද කළ හැක්ක. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට පෙරැළී භොග ද වළඳ කරව, පින් ද කරව” යි.
සචෙ ඛො මෙ ත්වං ගහපති වචනං කරෙය්යාසි, ඉමං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං සකටෙසු ආරොපෙත්වා නිබ්බාහාපෙත්වා මජ්ඣෙගඞ්ගාය නදියා සොතෙ ඔසීදාපෙය්යාසි. තං කිස්ස හෙතු. ‘උප්පජ්ජිස්සන්ති හි තෙ ගහපති, තතො නිදානං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති.
ගැහැවියෙනි, ඉදින් තෙපි මබස් කරවු නම් මේ හිරණ්යස්වර්ණ රාශිය ගැලෙහි නංවා බැහැර කරවා ගඟ මැද හෝ දිය වැළෙහි හෝ ගිල්වාලව. ඒ කවර හෙයින යත්: ගැහැවියෙනි, තොපට ඒ හිරණ්‍යාදි හේතුවෙන් ශෝකපරිදේව දුඃඛ දෞර්මනස්ය උපායාසයෝ උපදිති’යි.
අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පුරාණදුතියිකායො පච්චෙකං පාදෙසු ගහෙත්වා ආයස්මන්තං රට්ඨපාලං එතදවොචුං: ‘කීදිසා නාම තා අය්යපුත්තක, අච්ඡරායො, යාසං ත්වං හෙතු බ්රහ්මචරියං චරසී’ති?
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පුරාණ භාර්‍ය්‍යාවෝ වෙන වෙන පා ගෙන ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවනට තෙල බස කීහු: “හිමියා පුතණුවෙනි, තෙපි යම් අප්සරහුන් පිණිස බ්‍රම්සරවස් වැස්වූ නම් ඒ අප්සරස්හු කෙබඳු වෙත් දැ?”යි.
‘න ඛො මයං භගිනී, අච්ඡරානං හෙතු බ්රහ්මචරියං චරාමා’ති.
බුහුනැණියෙනි, අපි අප්සරාවන් හේතු කොට බ්‍රම්සර නො පුරම්හ.
භගිනිවාදෙන නො අය්යපුත්තො රට්ඨපාලො සමුදාචරතී’ති තත්ථෙව මුච්ඡිතා පපතිංසු.
“හිමියාපුත් රට්ඨපාලයෝ බුහුනැණි බසින් අප බෙණෙති” යි එහි මැ මුසපත් වැ හුණුහු.
අථ ඛො ආයස්මා රට්ඨපාලො පිතරං එතදවොච: සචෙ ගහපති, භොජනං දාතබ්බං දෙථ, මා නො විහෙඨෙථා’ති.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ පිය මහසිටාණන්ට තෙල බස් කීහු: “ගැහැවියෙනි, ඉදින් බොදුන දියයුතු නම් දෙව නහමක් අප පෙළව”යි.
භුඤ්ජ තාත රට්ඨපාල, නිට්ඨිතං භත්තන්ති. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා ආයස්මන්තං රට්ඨපාලං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො ආයස්මා රට්ඨපාලො භුත්තාවී ඔනීතපත්තපාණී ඨිතකොව ඉමා ගාථා අභාසි:
“පුත රට්ඨපාලයෙනි, වළඳන්නේ මැනැව, බත නිමියේ ය”යි. එසඳ ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය මහසිටාණෝ ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපාලූහ , මොනවට පවරා ලූහ. ඉක්බිති වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ සිටිවන සිටියාහු මැ මේ ගාථා කීහ:
“පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං, ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්ථි ධුවං ඨිති.
“යම් ආත්මභාවයක්හු ගේ නිත්යස්ථිතියෙක් නැද්ද, ව්රණකාය ඇති ඇට නහර මසින් පුරවාලූ නිත්යාතුර වූ (ප්‍රාර්‍ත්‍ථනා සංකල්ප වශයෙන්) බහු සංකල්ප ඇති විසිතුරු කළ මේ ආත්මභාවය බලව.
පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලෙන ච, අට්ඨිත්තචෙන ඔනද්ධං සහ වත්ථෙභි සොභති.
මිණියෙනුදු කොඬොලිනුදු සැරසූ විසිතුරු කළ මේ රූපයබලව. ඇට නහරින් වළඳනා ලදුයේ වස්ත්‍රයන් සහිත වැ මැ බබළයි.
අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
පාදයෝ ලතුයෙන් රඳනාලදහ. මුහුණු සුණුබඬින් ගල්වන ලදී. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවහට පමණ නො වෙයි.
අට්ඨපාදකතා කෙසා නෙත්තා අඤ්ජනමක්ඛිතා, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
කේශයෝ අෂ්ටපදයෙන් රචනා කරනලදහ. නේත්‍රයෝ අඳුනින් ගල්වන ලදහ. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවට පමණ නො වෙයි.
අඤ්ජනීව නවා චිත්තා පූතිකායො අලඞ්කතො, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
විසිතුරැ කළ අභිනව අඳුන්නළ සෙයින් කුණුකය සරසන ලදී. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවහට පමණ නො වෙයි.
ඔදහි මිගවො පාසං නාසදා වාකරං මිගො, භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තෙ මිගබන්ධකෙ”ති.
මුවවැදි වරදැල තැබී යැ. මුවා වරදැල නො ගැටී යැ. මුවන් බඳනුවා හඬමින් සිටිය දී ගොදුරු වළඳා යම්හ”යි.
අථ ඛො ආයස්මා රට්ඨපාලො ඨිතකොව ඉමා ගාථා භාසිත්වා යෙන රඤ්ඤො කොරබ්යස්ස මිගාචීරං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ සිටිවන සිටියාහු මැ මේ ගාථා කියා කෝරව්‍ය රජුගේ මිගාචීර උයන කරා වැඩියෝ. වැඩ එක්තරා රුකක් මුල දිවා විහාර සඳහා හුන්හු.
අථ ඛො රාජා කොරබ්යො මිගවං ආමන්තෙසි: සොධෙහි සම්ම මිගව, මිගාචීරං, උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. එවං දෙවාති ඛො මිගවො රඤ්ඤො කොරබ්යස්ස පටිස්සුත්වා මිගාචීරං සොධෙන්තො අද්දස ආයස්මන්තං රට්ඨපාලං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නං. දිස්වාන යෙන රාජා කොරබ්යො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං කොරබ්යං එතදවොච: ‘සුද්ධං ඛො දෙව මිගාචීරං, අත්ථි ච තත්ථ රට්ඨපාලො නාම කුලපුත්තො ඉමස්මිංයෙව ථුල්ලකොට්ඨිතෙ අග්ගකුලිකස්ස පුත්තො, යස්ස ත්වං අභිණ්හං කිත්තයමානො අහොසි, සො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නොති. තෙන හි සම්ම මිගව, අලං දානජ්ජ උය්යානභූමියා, තමෙවදානි මයං භවන්තං රට්ඨපාලං පයිරුපාසිස්සාමා’ති.
එසඳ කෝරව්‍ය රජ මිගව නම උයන්පල්ලා ඇමැතී යැ: “සගය මිගවයෙනි, මිගාචීර උයන්බිම ශුද්ධ කරව. එ මනා බිම දක්නට යම්හ”යි. මිගව උයන්පලු “දේවයිනි, එසේ යැ”යි කෝරව්‍ය රජුට පිළිවදන් දී මිගාචීර උයන ශුද්ධ කරන්නේ එක්තරා රුකක් මුල දිවාවිහාර පිණිස හුන් රට්ඨපාල තෙරණුවන් දිටී. දැක කෝරව්‍ය රජු කරා එළැඹියේ යැ. එළැඹ කෝරව්‍ය රජුට තෙල කී: “දේවයිනි, මිගාචීර උයන පාරිශුද්ධ යැ, නුඹ වහන්සේ යම කුල්පුතක්හු ගේ ගුණ නිතර කීර්තනය කරන්නාහු ද, මේ ථුල්ලකොට්ඨිත ගම්හි මැ අග්රකුලිකයක්හු ගේ පුත්‍ර වූ රට්ඨපාල නම කුලපුත්‍රයා එහි ඇත. හේ එක්තරා රුකක් මුල දිවාවිහාර සඳහා හිනැ”යි. සගය මිගවයිනි, එසේ වී නම් දැන් අද උයන් බිමින් කම් නැත. අපි දැන් ඒ භවත් රට්ඨාපලයන් මැ උපාසනා කරම්හ” යි.
අථ ඛො රාජා කොරබ්යො ‘යං තත්ථ ඛාදනීයං භොජනීයං පටියත්තං තං සබ්බං විස්සජ්ජෙථා’ති වත්වා භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්වා භද්‍රං යානං අභිරුහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි ථුල්ලකොට්ඨිතම්හා නිය්යාසි මහච්ච රාජානුභාවෙන ආයස්මන්තං රට්ඨපාලං දස්සනාය. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව උස්සටාය උස්සටාය පරිසාය යෙනායස්මා රට්ඨපාලො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා රට්ඨපාලෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො රාජා කොරබ්යො ආයස්මන්තං රට්ඨපාලං එතදවොච:
ඉක්බිති කෝරව්‍ය රජ එහි යම් ඛාද්‍යභෝජ්‍ය පිළියෙල කරන ලද ද, එහැම නෙරවයි කියා භද්‍ර භද්‍ර යානයන් යොදවා භාද්රයානයකට නැගී මහත් රාජානුභාවයෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් දක්නට භද්‍ර භාද්රයානයෙන් ථුල්ලකොට්ඨිත නියම්ගමට නික්මගියේ. යම්තාක් යානභුමි වේ ද, ඒතාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇති වැ මැ පතළ පතළ පිරිසෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් හා සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක සිටියේ යැ. එකත්පස් වැ සිටි කෝරව්‍ය රජ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවනට තෙල බස කී:
‘ඉධ භවං රට්ඨපාලො හත්ථත්ථරෙ නිසීදතූ’ති.
“භවත් රට්ඨාපාලයෙනි, මෙහි ඇත් ඇතිරියෙහි හින්දිනේ මැනැවැ”යි.
‘අලං මහාරාජ, නිසීද ත්වං, නිසින්නො අහං සකෙ ආසනෙ’ති.
“කම් නැත මහරජ, තෙපි හිඳුවා, මම් සිය අස්නෙහි හුන්මි”යි.
නිසීදි ඛො රාජා කොරබ්යො පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො රාජා කොරබ්යො ආයස්මන්තං රට්ඨපාලං එතදවොච: ‘චත්තාරිමානි භො රට්ඨපාල, පාරිජුඤ්ඤානි යෙහි පාරිජුඤ්ඤෙහි සමන්නාගතා ඉධෙකච්චෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්ති. කතමානි චත්තාරි: ජරාපාරිජුඤ්ඤං බ්යාධිපාරිජුඤ්ඤං භොගපාරිජුඤ්ඤං ඤාතිපාරිජුඤ්ඤං.
කෝරව්‍ය රජ පැනවූ අස්නෙහි හුන්නේ යැ. හිඳ කෝරව්‍ය රජ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවනට තල බස් කී: “භවත් රට්ඨාපාලයෙනි, යම් පිරිහිනෙකින් සමන්වාගත වූ ඇතැම් කෙනෙක් කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදිත් ද, එබඳු පිරිහීම් සතරෙක් වෙයි. කවර සතරෙක යත්: ජරායෙන් පිරිහීම යැ ව්‍යාධියෙන් පිරිහීම යැ භෝගයෙන් පිරිහීම යැ ඥාතීන්ගෙන් පිරිහීම යි.
කතමඤ්ච පන භො රට්ඨපාල, ජරාපාරිජුඤ්ඤං: ඉධ භො රට්ඨපාල, එකච්චො ජිණ්ණො හොති වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. න ඛො පන මයා සුකරං අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිකත්තුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජ්ජෙය්ය’න්ති. සො තෙන ජරාපාරිජුඤ්ඤෙන සමන්නාගතො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භො රට්ඨපාල, ජරාපාරිජුඤ්ඤං. භවං ඛො පන රට්ඨපාලො එතරහි දහරො යුවා සුසුකාලකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා. තං භොතො රට්ඨපාලස්ස ජරාපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො?
භවත් රට්ඨපාලයෙනි, ජරායෙන් පිරිහීම යනු කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් ජරපත් වූයේ වෘද්ධ වූයේ ජාතියෙන් මහලු වූයේ ආයුඃකල්පය ඉක්ම ගියේ පශ්චිම වයසට පැමිණියේ වෙයි. හේ මෙසේ නුවණින් සලකයි: “මම දැන් දිරාගියෙමි, වෘද්ධයෙමි, මහලුයෙමි, ආයුඃකල්පය ඉක්ම සිටියෙමි, පැසුළුවියට පැමිණියෙමි, මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලබන ලද භෝග වඩන්නට හෝ සුකර නො වෙයි. මම් කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ ජරා පිරිහිනෙන් සමන්වාගත වූයේ කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදී. භවත් රට්ඨපාලයෙනි, මේ වූකලි ජරායෙන් පිරිහීම යයි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි දැන් තරුණ යැ, යෞවනයෙන් සමන්වාගත යැ, මනා කළුකෙහෙ ඇතියේ ය, භද්‍රයෞවනයෙන් සමන්වාගත යැ, ප්‍රථම වයසින් සමන්වාගත යැ, භවත් රට්ඨපාලයනට ඒ ජරා පිරිහින නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
කතමඤ්ච පන භො රට්ඨපාල, බ්යාධිපාරිජුඤ්ඤං: ඉධ භො රට්ඨපාල එකච්චො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො ඉති පටිසඤ්චික්ඛති: අහං ඛොම්හි එතරහි ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො න ඛො පන මයා සුකරං අනධිගතං වා භොගං අධිගන්තුං අධිගතං වා භොගං ඵාතිකත්තුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො තෙන බ්යාධිපාරිජුඤ්ඤෙන සමන්නාගතො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති, භො රට්ඨපාල, බ්යාධිපාරිජුඤ්ඤං. භවං ඛො පන රට්ඨපාලො එතරහි අප්පාබාධො අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය. තං භොතො රට්ඨපාලස්ස බ්යාධිපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො?
භවත් රට්ඨපාලයෙනි, ව්‍යාධියෙන් පිරිහීම යනු කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි ගිලන් වූයේ වෙයි. හේ මෙසේ නුවණින් සලකයි: “මම් වූකලි දැන් ආබාධ ඇත්තෙමි, දුකට පැමිණියෙමි, දැඩි ගිලන්මි. මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලත් භෝග තර කරන්නට හෝ සුකර නො වෙයි. මම් කෙහෙරවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන වදනෙම් නම් යෙහෙකැ”යි. හේ ඒ ව්‍යාධි පිරිහිනෙන් සමන්වාගත වූයේ කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදී. භවත් රට්ඨපාලයෙනි, මේ වූකලි ‘ව්‍යාධි පිරිහිනැ’යි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි දැන් නීරෝග යැ, නිදුක් යැ, ඉතා උෂ්ණ නො වූ ඉතා ශීත නො වූ සම වැ (අහර) පැසෙනසුලු ග්‍රහණියෙන් සමන්වාගත වූයේ යි. භවත් රට්ඨපාලහට ඒ ව්‍යාධි පරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
කතමඤ්ච පන භො රට්ඨපාල, භොගපාරිජුඤ්ඤං: ඉධ භො රට්ඨපාල, එකච්චො අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො. තස්ස තෙ භොගා අනුපුබ්බෙන පරික්ඛයං ගච්ඡන්ති. සො ඉති පටිසඤ්චික්ඛති: අහං ඛො පුබ්බෙ අඩ්ඪො අහොසිං මහද්ධනො මහාභොගො. තස්ස මෙ තෙ භොගා අනුපුබ්බෙන පරික්ඛයං ගතා. න ඛො පන මයා සුකරං අනධිගතං වා භොගං අධිගන්තුං අධිගතං වා භොගං ඵාතිකත්තුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො තෙන භොගපාරිජුඤ්ඤෙන සමන්නාගතො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භො රට්ඨපාල, භොගපාරිජුඤ්ඤං. භවං ඛො පන රට්ඨපාලො ඉමස්මිංයෙව ථුල්ලකොට්ඨිතෙ අග්ගකුලිකස්ස පුත්තො. තං භොතො රට්ඨපාලස්ස භොගපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො?
භවත් රට්ඨපාලයෙනි, වැළිත් භෝගක්ෂය කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් ආඪ්‍ය (ඊශ්වර) වූයේ මහත් ධන ඇතියේ (පස්කම්ගුණ විසින් එළැඹ සිටි) මහත් භෝග ඇත්තේ වෙයි. ඔහු ගේ ඒ භෝගයෝ අනුක්රමයෙන් ක්ෂය බවට යෙති. හේ මෙසේ නුවණින් සලකයි: “මම් වනාහි පෙර ආඪ්‍ය වීමී, මහත් ධන ඇති වීමී, මහත් භෝග ඇති වීමී. ඒ මා ගේ ඒ භෝගයෝ අනුක්රමයෙන් ක්ෂයභාවයට ගියහ. මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලත් භෝග වඩන්නට හෝ සුකර නො වෙයි. මම් කෙස් මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ භෝග පරිහාණියෙන් සමන්වාගත වූයේ කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදී. භවත් රට්ඨපාලයෙනි, මේ ‘භෝගක්ෂය’යයි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි මේ මැ ථුල්ලකොට්ඨිත නියම්ගම්හි අග්රකුල ඇතියාගේ පුත්‍ර වෙයි. භවත් රට්ඨපාලහට ඒ භොග පරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
කතමඤ්ච පන භො රට්ඨපාල, ඤාතිපාරිජුඤ්ඤං: ඉධ භො රට්ඨපාල, එකච්චස්ස බහූ හොන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා. තස්ස තෙ ඤාතකා අනුපුබ්බෙන පරික්ඛයං ගච්ඡන්ති. සො ඉති පටිසඤ්චික්ඛති: මමං ඛො පුබ්බෙ බහූ අහෙසුං මිත්තාමච්චා ඤාතිසාලොහිතා. තස්ස මෙ තෙ ඤාතකා අනුපුබ්බෙන පරික්ඛයං ගතා. න ඛො පන මයා සුකරං අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිකත්තුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො තෙන ඤාතිපාරිජුඤ්ඤෙන සමන්නාගතො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භො රට්ඨපාල, ඤාතිපාරිජුඤ්ඤං. භොතො ඛො පන රට්ඨපාලස්ස ඉමස්මිංයෙව ථුල්ලකොට්ඨිතෙ බහූ මිත්තාමච්චා ඤාතිසාලොහිතා. තං භොතො රට්ඨපාලස්ස ඤාතිපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො?
භවත් රට්ඨපාලයෙනි, ඥාතිපරිහාණි කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැම් කෙනෙකුන්ට මිත්‍රාමාත්‍යයෝ ද නෑ සහලේ නෑයෝ ද බොහෝ වෙති. ඔහුගේ ඒ නෑයෝ ක්‍රමයෙන් පරික්ෂයට යෙත්. හේ මෙසේ සලකයි: “මට වනාහි පෙර සගයහළුවෝ ද නෑසාලේනෑයෝද බොහෝ වූහ. මාගේ ඒ නෑයෝ ක්‍රමයෙන් ක්ෂය වූහ. මා විසින් නො ලත් භෝග ලබන්නට වේවයි ලත් භෝග දියුණු කරන්නට වේවයි සුකර නො වෙයි. මම කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ ඥාතිපරිහාණියෙන් සමන්වාගත වැ කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වදනේ යැ. භවත් රට්ඨපාලයෙනි, මේ වනාහි ඥාතිපරිහාණි නමු. භවත් රට්ඨපාලයන් හට මේ ථුල්ලකොට්ඨිත ගම්හි මැ සහයහළුවෝත් නෑසහලේනෑයෝත් බොහෝ ඇත. භවත් රට්ඨපාලයන්හට ඒ ඥාතිපරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සස්නට පැමිණියාහු ද?
ඉමානි ඛො භො රට්ඨපාල, චත්තාරි පාරිජුඤ්ඤානි යෙහි පාරිජුඤ්ඤෙහි සමන්නාගතා ඉධෙකච්චෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තානි භොතො රට්ඨපාලස්ස නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතොති?
භවත් රට්ඨපාලයෙනි, මෙලොව යම් පරිහණියෙකින් සමන්වාගත වූ කිසි කෙනෙක් කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වදිත් ද (එයට හේතු වූ) මේ සතර පරිහාණීහු යි. භවත් රට්ඨපාලයන්හට ඔහු නැත. භවත් රට්ඨපාලයෝ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගේ පියා සස්නට පැමිණියාහු ද?
අත්ථි ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මුද්දෙසා උද්දිට්ඨා, යෙ’හං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො. කතමෙ චත්තාරො:
මහරජ, මම යම් ධර්මනිර්දේශ කෙනකුන් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම් වේ ද භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් දක්වා වදාළ ධර්මනිර්දේශයෝ සතර දෙනෙක් ඇත. කවර සතර දෙනෙක යත්:
‘උපනීයති ලොකො අද්ධුවො’ති ඛො, මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො ධම්මුද්දෙසො උද්දිට්ඨො, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො.
මහරජ, මම යම් ධර්මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ජරාමරණයන් කරා යෙයි (එයින් මැ) ‘අධ්‍රැව’ය”යි. පළමුවන ධර්මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
‘අත්තාණො ලොකො අනභිස්සරො’ති ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියො ධම්මුද්දෙසො උද්දිට්ඨො, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො.
මහරජ, මම යම් (දෙවන) ධර්මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ත්‍රාණ රහිත යැ වෙත පැමිණ අස්වස් දෙන්නට නිසියෙක් නැති”යි. දෙවන ධර්මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
‘අස්සකො ලොකො සබ්බං පහාය ගමනීය’න්ති ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියො ධම්මුද්දෙසො උද්දිට්ඨො, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො.
මහරජ, මම යම් (තෙවන) ධර්මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා තමා අයත් දෙය නැත්තේ යැ, හැම හැරපියා යායුතු” යයි. තුන්වන ධර්මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
‘ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චතුත්ථො ධම්මුද්දෙසො උද්දිට්ඨො, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො.
මහරජ, මම යම් (සිවුවන) ධර්මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ඌන යැ තෘප්තිරහිත යැ තෘෂ්ණාවට දාසය” යි. සතරවන ධර්මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
ඉමෙ ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මුද්දෙසා උද්දිට්ඨා, යෙ’හං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
මහරජ, මම (මෙසේ) යම් ධර්මනිර්දේශ කෙනෙකුන් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ ධර්මනිර්දේශයෝ සතර දෙන වදාරන ලදහ.
‘උපනීයති ලොකො අද්ධුවො’ති භවං රට්ඨපාලො ආහ. ඉධ පන භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති? තං කිම්මඤ්ඤසි මහාරාජ, අහොසි ත්වං වීසති වස්සුද්දෙසිකොපි පඤ්චවීසති වස්සුද්දෙසිකොපි හත්ථිස්මිම්පි කතාවී අස්සස්මිම්පි කතාවී රථස්මිම්පි කතාවී ධනුස්මිම්පි කතාවී ථරුස්මිම්පි කතාවී ඌරුබලී බාහුබලී අලමත්තො සඞ්ගාමාවචරොති?
භවත් රට්ඨපාලයෝ “ලෝකයා ජරාමරණයන් කරා යෙයි (එයින් මැ) අධ්‍රැව”යයි කියත්, භවත් රට්ඨපාලයෙනි, මෙහි දී තෙල භාෂිතයා ගේ අර්ත්ථ කෙසේ දැක්කයුතු ද? මහරජ, ඒ කෙසේ හඟිහි? තෝ විසිවස් ඇතියෙහිත් විහි ද? පස්විසිවස් ඇතියෙහිත් විහි ද? හස්තිශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි අශ්වශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි රථශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ධනුශ්ශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ඛඞ්ගශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ඌරුබල ඇතියෙහි බාහුබල ඇතියෙහි සමත් අත්බව ඇතියෙහි සඞ්ග්‍රාමාවචර වූයෙහි විහි ද?
අහොසිං අහං භො රට්ඨපාල, වීසතිවස්සුද්දෙසිකොපි පණ්ණවීසතිවස්සුද්දෙසිකොපි හත්ථිස්මිම්පි කතාවී අස්සස්මිම්පි කතාවී රථස්මිම්පි කතාවී ධනුස්මිම්පි කතාවී ථරුස්මිම්පි කතාවී ඌරුබලී බාහුබලී අලමත්තො සඞ්ගාමාවචරො, අප්පෙකදාහං භො රට්ඨපාල, ඉද්ධිමා ව මඤ්ඤෙ න අත්තනො බලෙන සමසමං සමනුපස්සාමීති.
භවත් රට්ඨපාලයෙනි, මම විසිවස් ඇතියෙම් ද පස්විසිවස් ඇතියෙම් ද වීමි. හස්තිශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් අශ්වශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් රථශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ධනුශ්ශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ඛඞ්ගශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ඌරුබල ඇතියෙම් බාහුබල ඇතියෙම් සමත් අත්බව ඇතියෙම් සඞ්ග්‍රාමාවචර වූයෙම් වීමි. භවත් රට්ඨපාලයෙනි, මම කිසි දිනෙක ඍද්ධි ඇතියෙකිමි සිතමි. සියබලය හා සමසමයකු නො දක්මි.
තං කිං මඤ්ඤසි මහාරාජ, එවමෙව ත්වං එතරහි ඌරුබලී බාහුබලී අලමත්තො සඞ්ගාමාවචරොති?
මහරජ, ඒ කෙසේ හඟිහි? එපිරිදි මැ තෝ දැන් ඌරුබල ඇතියෙහි බාහුබල ඇතියෙහි සමත් බව ඇතියෙහි සඞ්ග්රාමාවචරයෙහි ද?
නොහිදං භො රට්ඨපාල, එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො, ආසීතිකො මෙ වයො වත්තති. අප්පෙකදාහං භො රට්ඨපාල, ඉධ පාදං කරිස්සාමීති අඤ්ඤෙනෙව පාදං කරොමීති.
භවත් රට්ඨපාලයෙනි, එසේ නො වෙමි. දැන් දිරාගියෙම් වෘද්ධ වූයෙම් මහලු වූයෙම් කල් ගැලවූයෙම් පශ්චිම වයසට පැමිණියෙම් වෙමි. මා ගේ අසූවන විය වෙයි. භවත් රට්ඨපාලයෙනි, මම කිසි දිනෙක මෙහි පා තබමියි අන් තැනෙකැ පා තබමි’ කී යැ.
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං ‘උපනීයති ලොකො අද්ධුවො’ති. යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
මහරජ, භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ කරුණ සඳහා “ලෝකයා ජරාමරණය කරා යෙයි, අධ්‍රැව යැ’යි වදාරන ලදී. මම යම් ධර්මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගිහිගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද මේ එයට හේතු යි.
අච්ඡරියං භො රට්ඨපාල, අබ්භුතං භො රට්ඨපාල, යාවසුභාසිතමිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උපනීයති ලොකො අද්ධුවොති. උපනීයති හි භො රට්ඨපාල, ලොකො අද්ධුවො.
ආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ භවත් රට්ඨපාලයෙනි, ඒ භාග්‍යවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්‍යක් සම්බුද්ධයන් විසින් “ලෝකයා ජරාමරණ කරා යෙයි, අධ්‍රැව යැ” යි වදාළ මෙය සුභාශිතයෙක් මැ යැ. භවත් රට්ඨපාලයෙනි, ලෝකයා ජරාමරණ කරා යේ මැ යැ අධ්‍රැව යි.
සංවිජ්ජන්තෙ ඛො භො රට්ඨපාල, ඉමස්මිං රාජකුලෙ හත්ථිකායාපි අස්සකායාපි රථකායාපි පත්තිකායාපි, යෙ අම්හාකං ආපදාසු පරියොධාය වත්තිස්සන්ති. ‘අත්තාණො ලොකො අනභිස්සරො’ති භවං රට්ඨපාලො ආහ. ඉමස්ස පන භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති?
භවත් රට්ඨපාලයෙනි, යම් සියුරඟ සෙන්හු අප ගේ විපත්හි දී උවදුරු මැඩගෙන වැටෙත් ද, එ බඳු වූ හස්තිසමූහයෝද අශ්වසමූහයෝද රථසමූහයෝ ද පදාති සමූහයෝ ද මේ රජකුලයෙහි ඇත් මැ යැ. භවත් රට්ඨපාලයෝ “ලෝකයා ත්‍රාණ රහිතයැ, වෙත පැමිණ අස්වසන්නට නිසියෙක් නැත්තේ යැ”යි කියති. භවත් රට්ඨපාලයෙනි, මේ භාෂිතයාගේ අර්ත්ථ කෙසේ දතයුතු වේ ද?
තං කිං මඤ්ඤසි මහාරාජ, අත්ථි තෙ කොචි අනුසායිකො ආබාධොති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තට කිසියම් සිරුරෙහි නිධාන ගත වැ වැටෙන ආබාධයෙක් ඇද්ද?
අත්ථි මෙ භො රට්ඨපාල, අනුසායිකො ආබාධො. අප්පෙකදා මං භො රට්ඨපාල, මිත්තාමච්චා ඤාතිසාලොහිතා පරිවාරෙත්වා ඨිතා හොන්ති ඉදානි රාජා කොරබ්යො කාලං කරිස්සති, ඉදානි රාජා කොරබ්යො කාලං කරිස්සතී’ති.
භවත් රට්ඨපාලයෙනි, මට අනුසයිත වාතාබාධයෙක් ඇත. භවත් රට්ඨපාලයෙනි කිසි දිනෙකැ සගයහළුවෝ ද නෑසහලේ නෑයෝ ද මා වට කොට ගෙන සිටියාහු වෙති, ‘දැන් කෝරව්යරජ කලුරිය කෙරෙයි, දැන් කෝරව්‍ය රජ කලුරිය කෙරෙයි” කියා යි.
තං කිං මඤ්ඤසි මහාරාජ, ලභසි ත්වං තෙ මිත්තාමච්චෙ ඤාතිසාලොහිතෙ ‘ආයන්තු මෙ භොන්තො මිත්තාමච්චා ඤාතිසාලොහිතා, සබ්බෙව සන්තා ඉමං වෙදනං සංවිභජථ, යථාහං ලහුකතරිකං වෙදනං වෙදියෙය්ය’න්ති උදාහු ත්වංයෙව තං වෙදනං වෙදියසීති?
මහරජ, ඒ කෙසේ හඟිහි? “භවත් මිත්‍රාමාත්‍යයෝ ද නෑ සහලේ නෑයෝ ද එත්වා, මම යම් පරිදි ලඝුතර වේදනාවක් විඳින්නෙම් නම් එපරිද්දෙන් හැමදෙන මේ වේදනාව බෙදාගනුව”යි. ඒ සගයහළුවන් හා නෑසාලේ නෑයන් ලබාගන්නෙහි ද? නොහොත් තෙපි මැ ඒ වේදනාව විඳුනහු දැ?යි.
නාහං භො රට්ඨපාල, ලභාමි තෙ මිත්තාමච්චෙ ඤාතිසාලොහිතෙ ආයන්තු මෙ භොන්තො මිත්තාමච්චා ඤාතිසාලොහිතා, සබ්බෙව සන්තා ඉමං වෙදනං සංවිභජථ, යථාහං ලහුකතරිකං වෙදනං වෙදියෙය්යන්ති. අථ ඛො අහමෙව තං වෙදනං වෙදියාමීති.
භවත් රට්ඨපාලයෙනි, මාගේ භවත් මිත්‍රාමාත්‍යයෝ ද නෑසාලේ නෑයෝ ද එත්වා, “යම් පරිදි මම ලඝුතර වේදනාවක් විඳුනෙම් නම් එපරිදි හැම දෙන මේ වේදනා බෙදාගනුව”යි ඒ සගයහළුවන් හා නෑසාලේ නෑයන් ලබා නො ගන්නෙමි, වැළිත් මම මැ ඒ වේදනාව විඳගනිමි’යි කී.
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං ‘අත්තාණො ලොකො අනභිස්සරො’ති යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
මහරජ, “ලෝකයා ත්‍රාණ රහිත යැ. අනභිස්සර යැ’යි භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් ඒ සම්‍යක් සම්බුද්ධයන්වහන්සේ විසින් මේ කරුණ සඳහා වදාරන ලදී. මම යම් ධර්මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම්ද මේ එයට හේතු යි.
අච්ඡරියං භො රට්ඨපාල, අබ්භුතං භො රට්ඨපාල, යාවසුභාසිතමිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ‘අත්තාණො ලොකො අනභිස්සරො’ති. අත්තාණො හි භො රට්ඨපාල, ලොකො අනභිස්සරො.
භවත් රට්ඨපාලයෙනි, ආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ “ලෝකයා ත්‍රාණ රහිත යැ, අනභිස්සර යැ”යි භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙය මොනොවට වදාරන ලද්දේ මැ යැ.
සංවිජ්ජති ඛො භො රට්ඨපාල, ඉමස්මිං රාජකුලෙ පහූතං හිරඤ්ඤසුවණ්ණං භූමිගතඤ්චෙව වෙහාසගතඤ්ච. ‘අස්සකො ලොකො සබ්බං පහාය ගමනීය’න්ති, භවං රට්ඨපාලො ආහ. ඉමස්ස පන භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති?
භවත් රට්ඨපාලයෙනි, මේ රාජ කුලයෙහි භූමිගත වූත් ආකාශගත වූත් ප්‍රභූත හිරණ්යසවර්ණ ඇත. “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ, හැම හැරපියා යායුතු යැ” යි. භවත් රට්ඨපාලයෝ කියත්. භවත් රට්ඨපාලයෙනි, වැළිත් මේ භාෂිතයා ගේ අර්ත්ථය කෙසේ දත යුතු වේ දැ? යි.
තං කිං මඤ්ඤසි මහාරාජ, යථා ත්වං එතරහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙසි. ලච්ඡසි ත්වං පරත්ථාපි, එවමෙවාහං ඉමෙහෙව පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙමීති. උදාහු අඤ්ඤෙ ඉමං භොගං පටිපජ්ජිස්සන්ති, ත්වං පන යථාකම්මං ගමිස්සසීති?
මහරජ, ඒ කිමැ යි හඟනෙහි ද? යම්සේ තෙපි දැන් පස්කම් ගුණයෙන් යුක්තවැ සමන්වාගත වැ ඉඳුරන් පිනවවු ද, මම පරලෙව්හිදු “මෙසෙයින් මැ මම් මේ මැ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්වාගත වැ ඉඳුරන් පිනවමි” ලබවු ද? නොහොත් අන්‍යයෝ මේ භෝගය පිළිපදනාහු ද, තෙපි වැළිත් කර්මානුරූප වැ යන්නාහු ද? යි.
යථාහං භො රට්ඨපාල, එතරහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙමි. නාහං ලච්ඡාමි පරත්ථාපි එවමෙවාහං ඉමෙහෙව පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙමීති. අථ ඛො අඤ්ඤෙ ඉමං භොගං පටිපජ්ජිස්සන්ති. අහං පන යථාකම්මං ගමිස්සාමීති.
භවත් රට්ඨපාලයෙනි, යම්සේ මම් දැන් පස්කම් ගුණයෙන් යුක්තවැ සමන්වාගත වැ ඉඳුරන් පිනවම් ද, මම පරලෙව්හිදු “මෙසෙයින් මැ මෙ මැ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්වාගත වැ ඉඳුරන් පිනවමි” නො ලැබෙමි, වැළිත් අන්හු මේ භොග ලබන්නාහ. මම වැළිත් කම්සේ යන්නෙමි” යි.
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘අස්සකො ලොකො සබ්බං පහාය ගමනීය’න්ති. යමහං ඤාත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
මහරජ, ඒ භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සඳහා “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ. සියල්ල හැරපියා යායුතු වන්නේ යැ”යි වදාරන ලද. මම යම් දහමක් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සසුන වන්නෙම් නම් මේ එය යි.
අච්ඡරියං භො රට්ඨපාල, අබ්භුතං භො රට්ඨපාල, යාව සුභාසිතංමිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ‘අස්සකො ලොකො, සබ්බං පහාය ගමනීය’න්ති. අස්සකො හි භො රට්ඨපාල, ලොකො සබ්බං පහාය ගමනීයං.
ආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ භවත් රට්ඨපාලයෙනි, ඒ භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්‍යක් සම්බුද්ධයන් විසින් “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ, සියල්ල හැරපියා යායුතු වන්නේ යැ”යි වදාළ මේ සුභාෂිත මැ යි. භවත් රට්ඨපාලයෙනි, ‘ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ මැ යැ, සියල්ල හැරපියා යායුතු මැ වන්නේ’ යි.
‘ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො’ති භවං රට්ඨපාලො ආහ. ඉමස්ස පන භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති?
“ලෝකයා ඌනයැ, අතෘප්ත යැ, තෘෂ්ණාවට දාස යැ”යි භවත් රට්ඨපාලයෝ කියති. භවත් රට්ඨපාලයෙනි, මේ භාෂිතයාගේ අර්ත්ථ කෙසේ දත යුතු වේ දැ?යි.
තං කිං මඤ්ඤසි මහාරාජ, ඵීතං කුරුං අජ්ඣාවසසීති?
මහරජ, ඒ කිමැ යි හඟිහි ද? සමෘද්ධ වූ කුරු ජනපදයෙහි ඉසුරු වැ වෙසේ දැ? යි.
එවං භො රට්ඨපාල, ඵීතං කුරුං අජ්ඣාවසාමීති.
එසේ යැ භවත් රට්ඨපාලයෙනි, සමෘද්ධ වූ කුරු ජනපදයෙහි වෙසෙමි’යි.
තං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ තෙ පුරිසො ආගච්ඡෙය්ය පුරත්ථිමාය දිසාය සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: යග්ඝෙ මහාරාජ, ජානෙය්යාසි, අහං ආගච්ඡාමි පුරත්ථිමාය දිසාය, තත්ථද්දසං මහන්තං ජනපදං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං. බහූ තත්ථ හත්ථිකායා අස්සකායා රථකායා පත්තිකායා, බහුං තත්ථ ධනධඤ්ඤං බහුං තත්ථ හිරඤ්ඤ සුවණ්ණං අකතඤ්චෙව කතඤ්ච, බහු තත්ථ ඉත්ථිපරිග්ගහො. සක්කා ච තාවතකෙන බලමත්තෙන අභිවිජිනිතුං, අභිවිජින මහාරාජා’ති. කින්ති නං කරෙය්යාසීති?
මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙහි තොප ගේ හැදැහිය හැකි වචන ඇති උපාදේයවචන ඇති පුරුෂයෙක් පෙරදිගින් එන්නේ යැ. හේ තොප කරා එළැඹ මෙසේ කියන්නේ යැ: මහාරාජයෙනි, දන්නේ මැනැවි. මම පෙරදිගින් එන්නෙමි. එහි සමෘද්ධ වූ ත් ඉතා සමෘද්ධ වූ ත් බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් මහත් ජනපදයක් දිටිමි. එහි හස්තිකායයෝ බොහෝහ. අශ්වකායයෝ බොහෝහ. රථකායයෝ බොහෝහ. පදාතිකායයෝ බොහෝහ. එහි ධන ධාන්යබොහෝ යැ. එහි කළ නො කළ හිරණ්යසවර්ණ බොහෝ යැ. එහි ස්ත්රීපරිග්රහ බොහෝ යැ. තාවන්මාත්රබලයෙකින් දනන්නට හැකියැ. මහරජ දිනාගනුව”යි. කිම, ඒ කෙරෙහි දැ?යි.
තම්පි මයං භො රට්ඨපාල, අභිවිජිය අජ්ඣාවසෙය්යාමාති.
‘භවත් රට්ඨපාලයෙනි, අපි එ ද දිනාගෙන වසම්හ’යි.
තං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ තෙ පුරිසො ආගච්ඡෙය්ය පච්ඡිමාය දිසාය -පෙ- උත්තරාය දිසාය -පෙ- දක්ඛිණාය දිසාය -පෙ- පරසමුද්දතො සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: යග්ඝෙ මහාරාජ, ජානෙය්යාසි, අහං ආගච්ඡාමි පරසමුද්දතො, තත්ථද්දසං මහන්තං ජනපදං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං. බහූ තත්ථ හත්ථිකායා අස්සකායා රථකායා පත්තිකායා, බහුං තත්ථ ධනධඤ්ඤං, බහුං තත්ථ හිරඤ්ඤසුවණ්ණං අකතඤ්චෙව කතඤ්ච, බහු තත්ථ ඉත්ථිපරිග්ගහො. සක්කා ච තාවතකෙන බලමත්තෙන අභිවිජිනිතුං. අභිවිජින මහාරාජා’ති කින්ති නං කරෙය්යාසීති.
මහරජ, ඒ කෙසේ හඟිහි? මෙහි ශ්රාද්ධෙය වචන ඇති විශ්වාසභුමි වූ තොප ගේ පුරුෂයෙක් පැළදිගිනුදු එයි ... උතුරුදිගිනුදු එයි ... දකුණුදිගිනුදු එයි ... පරසමුද්රයෙනුදු එයි. හේ තොප කරා එළැඹ මෙසේ බෙණෙයි: දේවයන් වහන්ස, දන්නාව? මම පරසමුද්රයෙන් එමි. එහි සමෘද්ධිමත් වූ ද වෘද්ධිමත් වූ ද බොහෝ දෙනා ඇති මනුෂ්යගණාකීර්ණ මහත් ජනපදයක් දිටිමි. එහි හස්තිසමූහයෝ බොහෝහ. අශ්වසමූහයෝ බොහෝහ. රථසමූහයෝ බොහෝහ. පදාතිසමූහයෝ බොහෝහ. එහි ධනධාන්‍ය බොහෝ යැ. එහි කළ නො කළ හිරණ්යසවර්ණ බොහෝ යැ. එහි ස්ත්රීපරිග්රහ බොහෝ යැ. තාවන්මාත්රබලයෙකින් දනන්නට හැකියැ. දේවයිනි, දිනාගනුව”යි. කිම, එය කරන්නාව?යි.
තම්පි මයං භො රට්ඨපාල, අභිවිජිය අජ්ඣාවසෙය්යාමාති.
‘භවත් රට්ඨපාලයෙනි, අපි එ ද දිනාගෙන වසම්හ’යි.
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති, යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
මහරජ, භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්‍යක් සම්බුද්ධයෙන් වහන්සේ විසින් “ලෝකයා ඌන යැ, තෘප්ති රහිත යැ, තෘෂ්ණාදාස යැ” යන මෙ බස මෙ කරුණ සඳහා වදාරන ලද්දේ යැ. මම යම් ධර්මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගිහිගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද මේ එයට හේතු යි.
අච්ඡරියං භො රට්ඨපාල, අබ්භුතං භො රට්ඨපාල, යාව සුභාසිතමිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ‘ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති. ඌනො හි භො රට්ඨපාල, ලොකො අතිත්තො තණ්හාදාසොති.
භවත් රට්ඨපාලයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ. භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් “ලෝකයා ඌනයැ, අතෘප්ත යැ, තෘෂ්ණාවට දාස යැ” යන මෙ බස මොනොවට වදාරන ලද්දේ මැ යැ. භවත් රට්ඨපාලයෙනි, ලෝකයා ඌන මැ යැ, තෘප්ත රහිත මැ යැ, තෘෂ්ණාවට දාස මැ යි.
ඉදමවොචායස්මා රට්ඨපාලො. ඉදං වත්වා අථාපරං එතදවොච:
ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ මේ ධර්මනිර්දේශ කීහ. මේ කියා නැවැත තදන්යතෙල ගාපෙල ද කීහු:
පස්සාමි ලොකෙ සධනෙ මනුස්සෙ ලද්ධාන විත්තං න දදන්ති මොහා, ලුද්ධා ධනං සන්නිචයං කරොන්ති භිය්යොව කාමෙ අභිපත්ථයන්ති.
“ලෝකයෙහි ධනසම්පන්න මිනිසුන් දකිමි. ධන ලැබ මෝහ හේතුයෙන් නො දෙති. ලෝභාභිභූත වූවාහු ධනය රැස්කෙරෙති. පුනපුනා කාම සම්පත් බෙහෙවින් පතත්.
රාජා පසය්හ පඨවිං විජිත්වා සසාගරන්තං මහිමාවසන්තො, ඔරං සමුද්දස්ස අතිත්තරූපො, පාරං සමුද්දස්සපි පත්ථයෙථ.
රජ සතුරුමුළු මැඩගෙන සාගරාන්ත සහිත පොළෝ දිනා පොළොව පසස්නේ සමුද්රයා ගේ මෙතෙර සියරට ඇත ද (එයින්) අතෘප්තරූප වැ සමුද්‍රයාගේ පරතෙර (ද්විපාන්තරය) පතන්නේ යැ.
රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා, අවීතතණ්හා මරණං උපෙන්ති, ඌනාව හුත්වාන ජහන්ති දෙහං කාමෙ හි ලොකම්හි නහත්ථි තිත්ති.
රජු හා තදන්‍ය බොහෝ මනුෂ්‍යයෝ ද අවිගතතෘෂ්ණ වැ මරණයට යෙත්. අපරිපූර්ණ මනෝරථ ඇති වැ මැ දේහය පියත්. මෙලොවැ වස්තුකාමයෙහි තෘප්තියෙක් නම් නැත.
කන්දන්ති නං ඤාතීපකිරිය කෙසෙ අහො වතා නො අමරාති චාහු, වත්ථෙන නං පාරුතං නීහරිත්වා චිතං සමාධාය තතො ඩහන්ති.
ඥාතීහු කෙහෙ විසුරුවාගෙන ඔහු ආහ්වාන කෙරෙති. අහෝ අපගේ නෑයෝ ඒකාන්තයෙන් නො මැරෙන්නාහු වෙත්ව’යි ද කියති. වස්ත්‍රයෙකින් පොරෝනාලද ඔහු ගෙන් බැහැර කොට චිතකයට නගා ඉක්බිති දවත්.
සො ඩය්හති සූලෙහි තුජ්ජමානො එකෙන වත්ථෙන පහාය භොගෙ, න මීයමානස්ස භවන්ති තාණා, ඤාතීධ මිත්තා අථ වා සහායා.
හේ භෝගයන් හැරපියා එක් මැ වස්ත්‍රයෙකින් යුතු වැ හුලින් පෙළනුලැබෙමින් දැවෙයි. මියනුවහට මෙලොවැ ඥාතීහු මිත්‍රයෝ නොහොත් යහළුවෝ ත්‍රාණ නො වෙත්.
දායාදකා තස්ස ධනං හරන්ති සත්තො පන ගච්ඡති යෙන කම්මං, න මීයමානං ධනමන්වෙති කිඤ්චි පුත්තා ච දාරා ච ධනඤ්ච රට්ඨං.
ඔහුගේ ධනය දායාදයෝ ගෙන යති. සත්ත්ව වැළිත් කර්මානුරූප වැ යෙයි. කිසි ධනයක් මිය යනුවහු පසුපස නො එයි. පුත්‍රයෝ ද භාර්‍ය්‍යාවෝ ද ධනය ද රට ද නො එත්.
න දීඝමායුං ලභතෙ ධනෙන න චාපි විත්තෙන ජරං විහන්ති, අප්පං හිදං ජීවිතමාහු ධීරා අසස්සතං විප්පරිනාමධම්මං.
ධන හේතුයෙන් යම් දීර්ඝායුෂ ලබා ද ඒ ධනයෙන් ජරාව නො ද නස්නේයැ. බුද්ධාදී ධීරයෝ අල්ප වූ තෙල ජීවිතය පෙරළෙන සැහැවි ඇති (එහෙයින් මැ) අශාශ්වතයක් කොට වදාරත්.
අඩ්ඪා දළිද්දා ච ඵුසන්ති ඵස්සං බාලො ච ධීරො ච තථෙව ඵුට්ඨො, බාලො හි බාල්යාවධිතොව සෙති ධීරො ච න වෙධති ඵස්සඵුට්ඨො.
ආඪ්යයෝ ද දරිද්රයෝ ද අනිෂ්ට මරණසපර්ශයට පැමිණෙත්. බාලයා ද ධීරයා ද එසෙයින් මැ පහළේ වෙයි. (වෙසෙස කිමෙක යත්:) බාලයා වනාහි බාලභාවයෙන් හිංසිත වැ හෝනේ යැ. අනිෂ්ටසපර්ශයෙන් ස්පර්ශ කරන ලද ධීරයා වනාහි නොසැලෙන්නේ යි.
තස්මා හි පඤ්ඤාව ධනෙන සෙය්යො යාය වොසානං ඉධාධිගච්ඡති, අබ්යොසිතත්තා හි භවාභවෙසු පාපානි කම්මානි කරොන්ති මොහා.
මෙලොව යම් ප්‍රඥායෙකින් ලෝකාන්ත සඞ්ඛ්‍යාත නිර්වාණය ලබාද එහෙයින් ධනයට වඩා ප්‍රඥාව මැ උතුම් වෙයි. අව්යවසිත (අරහත්වප්රාප්තියෙන් සසර අවසන් නො කළ) බැවින් මෝහ හේතුයෙන් කුදුමහත් භවයෙහි පව්කම් කෙරෙත්.
උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං සංසාරමාපජ්ජ පරම්පරාය, තස්සප්පපඤ්ඤො අභිසද්දහන්තො උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං.
හේ පුනපුනා සසරට පැමිණ මාතෘගර්භය කරා ද පරලොව කරා ද එළැඹෙයි. ඔහු ගේ ක්‍රියා හදහන මඳනුවණැත්තේ මාතෘගර්භය කරා ද පරලොව කරා ද එළැඹෙයි.
චොරො යථා සන්ධිමුඛෙ ගහීතො සකම්මනා හඤ්ඤති පාපධම්මො, එවං පජා පෙච්ච පරම්හි ලොකෙ සකම්මනා හඤ්ඤති පාපධම්මො.
(සන්ධිච්ඡේද සඞ්ඛ්‍යාත) පාපධර්ම ඇති සොර තෙම යම්සේ සන්ධිමුඛයෙහි දී ගන්නා ලද්දේ ස්වකීය කර්ම හේතුයෙන් පෙළනු ලැබේ ද, එසෙයින් මැ පාපස්වභාව ඇති ප්‍රජාව මියැ පරලෙව්හිදී සියකම් හෙයින් පෙළනු ලැබෙයි.
කාමාහි චිත්‍රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන්ති චිත්තං ආදීනවං කාමගුණෙසු දිස්වා තස්මා අහං පබ්බජිතොම්හි රාජ.
යම් හෙයකින් වස්තුකාමයෙන් විසිතුරු වූවාහු මධුර වූවාහු (පුහුදුනට) මනරම් වූවාහු විවිධස්වරූපයෙන් සිත අළලත් ද, එහෙයින් මහරජ මම කාමගුණයෙහි ආදීනව දැක පැවිදි වූයෙමි.
දුමප්ඵලානීව පතන්ති මාණවා දහරා ච වුද්ධා ච සරීරභෙදා, එතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො”ති.
තරුණ වූ ද වෘද්ධ වූ ද සත්ත්වයෝ ශරීරභේදයෙන් වෘක්ෂයන් ගේ ඵල සෙයින් (දිවියෙන්) ගිළිහෙති. මහරජ, මෙසේත් දැක පැවිදි වීමි. නෛර්‍ය්‍යාණික වූ ශ්‍රමණභාවය මැ උත්තරීතර වේ” යයි.
රට්ඨපාලසුත්තං දුතියං.
දෙ වැනි රට්ඨපාල සූත්‍ර යි.