යෙදුමෙන් කියවන්න

මඛාදෙවසුත‍්තං

2. 4. 3.

2. 4. 3.

මඛාදෙවසුත‍්තං

මඛාදේව සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා මිථිලායං විහරති මඛාදෙවම‍්බවනෙ. අථ ඛො භගවා අඤ‍්ඤතරස‍්මිං පදෙසෙ සිතං පාත්‍වාකාසි. අථ ඛො ආයස‍්මතො ආනන්‍දස‍්ස එතදහොසි: කො නු ඛො හෙතු, කො පච‍්චයො භගවතො සිතස‍්ස පාතුකම‍්මාය? න අකාරණෙ තථාගතා සිතං පාතුකරොන‍්තී’ති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො එකංසං චීවරං කත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිම‍්පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: කො නු ඛො භන‍්තෙ හෙතු, කො පච‍්චයො භගවතො සිතස‍්ස පාතුකම‍්මාය? න අකාරණෙ තථාගතා සිතං පාතුකරොන‍්තී’ති.

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මියුලුනුවර නිසා මඛාදේව නම් අඹඋයන්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා පියෙසෙක්හි සිනා පහළ කළ සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල සිත් වී: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? නො කරුණෙහි තථාගතයෝ සිනා පහළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සිවුරු එකස් කොට පෙරවැබුදුන් දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවත්නට තෙල බස් සැල කොළෝ: “භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අකාරණයෙහි තථාගතයෝ සිනා පාළ නො කෙරෙති”යි.

භූතපුබ‍්බං ආනන්‍ද, ඉමිස‍්සායෙව මිථිලායං රාජා අහොසි මඛාදෙවො නාම ධම‍්මිකො ධම‍්මරාජා ධම‍්මෙ ඨිතො මහාරාජා ධම‍්මං චරති බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙපි ජානපදෙසු ච. උපොසථඤ‍්ච උපවසති චාතුද‍්දසිං පඤ‍්චදසිං අට‍්ඨමිඤ‍්ච පක‍්ඛස‍්ස.

ආනන්‍දය, පෙර වූ දැයක් කියමි: මෙ මැ මිථිලායෙහි ධාර්මික වූ ධර්‍මරාජන් වූ මඛාදේව නම් රජ කෙනෙක් වූහ. (දශකුශල කර්‍මපථ) ධර්‍මයෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවස් ද එළැඹෙයි.

අථ ඛො ආනන්‍ද, රාජා මඛාදෙවො බහුන‍්නං වස‍්සානං බහුන‍්නං වස‍්සසතානං බහුන‍්නං වස‍්සසහස‍්සානං අච‍්චයෙන කප‍්පකං ආමන‍්තෙසි: ‘යදා මෙ සම‍්ම කප‍්පක, පස‍්සෙය්‍යාසි සිරස‍්මිං පලිතානි ජාතානි, අථ මෙ ආරොචෙය්‍යාසී’ති. එවං දෙවාති ඛො ආනන්‍ද, කප‍්පකො රඤ‍්ඤො මඛාදෙවස‍්ස පච‍්චස‍්සොසි. අද‍්දසා ඛො ආනන්‍ද, කප‍්පකො බහුන‍්නං වස‍්සානං බහුන‍්නං වස‍්සසතානං බහුන‍්නං වස‍්සසහස‍්සානං අච‍්චයෙන රඤ‍්ඤො මඛාදෙවස‍්ස සිරස‍්මිං පලිතානි ජාතානි. දිස‍්වාන රාජානං මඛාදෙවං එතදවොච: පාතුභූතා ඛො දෙවස‍්ස දෙවදූතා, දිස‍්සන‍්ති සිරස‍්මිං පලිතානි ජාතානී’ති. තෙන හි සම‍්ම කප‍්පක, තානි පලිතානි සාධුකං සණ‍්ඩාසෙන උද‍්ධරිත්‍වා මම අඤ‍්ජලිස‍්මිං පතිට‍්ඨාපෙහී’ති. එවං දෙවාති ඛො ආනන්‍ද, කප‍්පකො රඤ‍්ඤො මඛාදෙවස‍්ස පටිස‍්සුත්‍වා තානි පලිතානි සාධුකං සණ‍්ඩාසෙන උද‍්ධරිත්‍වා රඤ‍්ඤො මඛාදෙවස‍්ස අඤ‍්ජලිස‍්මිං පතිට‍්ඨාපෙසි.

එකල්හි ආනන්‍දය, මඛාදේව රජ බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී ය: “සගය කපුව, යම් දිනෙකැ මා හිස නර උපදනේ වේ ද, එසඳ මට සැල කරව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපු “දේවයෙනි, එසේ යැ”යි මඛාදේව රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපු වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේව රජුගේ හිසැ උපන් නර දිටී. දැක මඛාදේව රජුට තෙල කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති”යි. “සගය කපුව, එ කරුණින් ඒ නර මොනොවට හඬුයෙන් උදුරා මා ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි, එසේ යැ”යි. මඛාදේව රජුට පිළිවදන් දී ඒ පලිතයන් මොනොවට අඬුයෙන් උදුරා මඛාදේව රජු ගේ ඇඳිලියෙහි තැබී.

අථ ඛො ආනන්‍ද, රාජා මඛාදෙවො කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං ආමන‍්තාපෙත්‍වා එතදවොච: පාතුභූතා ඛො මෙ තාත කුමාර දෙවදූතා, දිස‍්සන‍්ති සිරස‍්මිං පලිතානි ජාතානි, භුත‍්තා ඛො පන මෙ මානුසකා කාමා, සමයො දිබ‍්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්‍වං තාත කුමාර, ඉමං රජ‍්ජං පටිපජ‍්ජ. අහං පන කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිස‍්සාමි.

ආනන්‍දය, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් නර පැනෙයි, මා විසින් මානුෂකාමයෝ වළඳනලදහ, දිව්‍යකාම සොයන්නට කල් වෙයි. පුතැ කුමරුවෙනි, තෙපි එව, මේ රජය පිළිපදුව, මම වනාහි කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙමි.

තෙන හි තාත කුමාර, යදා ත්‍වම‍්පි පස‍්සෙය්‍යාසි සිරස‍්මිං පලිතානි ජාතානි, අථ කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං සාධුකං රජ‍්ජෙ සමනුසාසිත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍යාසි. යෙන මෙ ඉදං කල්‍යාණං වට‍්ටං නිහිතං අනුප‍්පවත‍්තෙය්‍යාසි. මා ඛො මෙ ත්‍වං අන‍්තිමපුරිසො අහොසි. යස‍්මිං ඛො තාත කුමාර, පුරිසයුගෙ වත‍්තමානෙ එවරූපස‍්ස කල්‍යාණස‍්ස වට‍්ටස‍්ස සමුච‍්ඡෙදො හොති සො තෙසං අන‍්තිමපුරිසො හොති. තං තාහං තාත කුමාර, එවං වදාමි: යෙන මෙ ඉදං කල්‍යාණං වට‍්ටං නිහිතං අනුප‍්පවත‍්තෙය්‍යාසි, මා ඛො මෙ ත්‍වං අන‍්තිමපුරිසො අහොසී’ති.

පුතැ කුමරුවෙනි, ඒ කරුණින් මැ තෙපි දු යම් දිනෙකැ හිසෙහි උපන් නර දක්නහු ද, එසඳ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි ලා සමනුශාසනා කොට කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙව, මා විසින් මේ කලණ වැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව. තෙපි මා ගේ අන්තිම පුරුෂ නො වව. පුතැ කුමරුවෙනි, යම් පුරුෂයුගයක් ඇති විට මෙ බඳු කලණ වට සිඳී යේ ද, හේ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. පුතැ කුමරුවෙනි, එහෙයින් මම තොපට මෙසේ කියමි: මා විසින් මේ කලණවැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව”යි.

අථ ඛො ආනන්‍ද, රාජා මඛාදෙවො කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං සාධුකං රජ‍්ජෙ සමනුසාසිත්‍වා ඉමස‍්මිංයෙව මඛාදෙවම‍්බවනෙ කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජි. සො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහාසි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහාසි.

ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු රජයෙහි ලා සමනුශාසනා කොට මේ මුවදෙව් අඹවෙනෙහි මැ කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම පැවිද්දට වන. හෙ මෙත්සඟිය සිතින් එක් දිගක් පතුරුවා ගෙන විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී.

රාජා ඛො පනානන්‍ද, මඛාදෙවො චතුරාසීතිවස‍්සසහස‍්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස‍්සසහස‍්සානි ඔපරජ‍්ජං කාරෙසි, චතුරාසීතිවස‍්සසහස‍්සානි රජ‍්ජං කාරෙසි, චතුරාසීතිවස‍්සසහස‍්සානි ඉමස‍්මිංයෙව මඛාදෙවම‍්බවනෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො බ්‍රහ‍්මචරියං චරි. සො චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

ආනන්‍දයෙනි, මඛාදේව රජ සූවාසුදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු මේ මඛාදේව අඹවෙනෙහි මැ ගෙන් නික්ම ඍෂි ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේ බඹසර පිරී. හෙ සතර බඹවෙහෙර හවා කාබුන් මරණින් මතුයෙහි බඹලෝ කරා ගියේ වී.

අථ ඛො ආනන්‍ද, රඤ‍්ඤො මඛාදෙවස‍්ස පුත‍්තො බහුන‍්නං වස‍්සානං බහුන‍්නං වස‍්සසතානං බහුන‍්නං වස‍්සසහස‍්සානං අච‍්චයෙන කප‍්පකං ආමන‍්තෙසි: ‘යදා මෙ සම‍්ම කප‍්පක, පස‍්සෙය්‍යාසි සිරස‍්මිං පලිතානි ජාතානි, අථ මෙ ආරොචෙය්‍යාසී’ති. එවං දෙවාති ඛො ආනන්‍ද, කප‍්පකො රඤ‍්ඤො මඛාදෙවස‍්ස පුත‍්තස‍්ස පච‍්චස‍්සොසි. අද‍්දසා ඛො ආනන්‍ද, කප‍්පකො බහුන‍්නං වස‍්සානං බහුන‍්නං වස‍්සසතානං බහුන‍්නං වස‍්සසහස‍්සානං අච‍්චයෙන රඤ‍්ඤො මඛාදෙවස‍්ස පුත‍්තස‍්ස සිරස‍්මිං පලිතානි ජාතානි. දිස‍්වාන රඤ‍්ඤො මඛාදෙවස‍්ස පුත‍්තං එතදවොච: ‘පාතුභූතා ඛො දෙවස‍්ස දෙවදූතා, දිස‍්සන‍්ති සිරස‍්මිං පලිතානි ජාතානී’ති. තෙන හි සම‍්ම කප‍්පක, තානි පලිතානි සාධුකං සණ‍්ඩාසෙන උද‍්ධරිත්‍වා මම අඤ‍්ජලිස‍්මිං පතිට‍්ඨාපෙහී’ති. එවං දෙවාති ඛො ආනන්‍ද, කප‍්පකො රඤ‍්ඤො මඛාදෙවස‍්ස පුත‍්තස‍්ස පටිස‍්සුත්‍වා තානි පලිතානි සාධුකං සණ‍්ඩාසෙන උද‍්ධරිත්‍වා රඤ‍්ඤො මඛාදෙවස‍්ස පුත‍්තස‍්ස අඤ‍්ජලිස‍්මිං පතිට‍්ඨාපෙසි.

ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් දිනෙකැ මා හිසෙහි පලිතයෝ උපදිත් ද, එසඳ මට කියව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි එසේ යැ”යි මඛාදේවපුත්‍ර රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපුවා බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේවපුත්‍ර රජුගේ හිසෙහි පහළ වූ නරකෙස් දිටී. දැක මඛාදේවපුත්‍ර රාජයාහට තෙල බස් කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි හටගත් පලිතයෝ පැනෙති”යි කී. “සගය කපුව, එහෙයින් ඒ පලිත මනාකොට අඬුවෙන් උදුරා මා ගේ කරපුටයෙහි තබව”යි. ආනන්‍දයෙනි, ‘දේවයෙනි, එසේ යැ’යි කපුවා මඛාදේවපුත්‍ර රාජයාහට පිළිවදන් දී ඒ නර මනාකොට අඬුවෙන් උදුරා මඛාදේවපුත්‍ර රජුගේ කරපුටයෙහි තැබී.

අථ ඛො ආනන්‍ද, රඤ‍්ඤො මඛාදෙවස‍්ස පුත‍්තො කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං ආමන‍්තාපෙත්‍වා එතදවොච: ‘පාතුභූතා ඛො මෙ තාත කුමාර දෙවදූතා, දිස‍්සන‍්ති සිරස‍්මිං පලිතානි ජාතානි, භුත‍්තා ඛො පන මෙ මානුසකා කාමා, සමයො දිබ‍්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්‍වං තාත කුමාර, ඉමං රජ‍්ජං පටිපජ‍්ජ. අහං පන කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිස‍්සාමි. තෙන හි තාත කුමාර, යදා ත්‍වම‍්පි පස‍්සෙය්‍යාසි සිරස‍්මිං පලිතානි ජාතානි, අථ කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං සාධුකං රජ‍්ජෙ සමනුසාසිත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍යාසි. යෙන මෙ ඉදං කල්‍යාණං වට‍්ටං නිහිතං අනුප‍්පවත‍්තෙය්‍යාසි, මා ඛො මෙ ත්‍වං අන‍්තිමපුරිසො අහොසි. යස‍්මිං ඛො තාත කුමාර, පුරිසයුගෙ වත‍්තමානෙ එවරූපස‍්ස කල්‍යාණස‍්ස වට‍්ටස‍්ස සමුච‍්ඡෙදො හොති, සො තෙසං අන‍්තිමපුරිසො හොති. තං තාහං තාත කුමාර, එවං වදාමි: යෙන මෙ ඉදං කල්‍යාණං වට‍්ටං නිහිතං අනුප‍්පවත‍්තෙය්‍යාසි, මා ඛො මෙ ත්‍වං අන‍්තිමපුරිසො අහොසී’ති.

ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් කපුවාට ගම්වරයක් දී දෙටුපුත්කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති, මා විසින් වනාහි මානුෂකාමයෝ වළඳන ලදහ. දිව්‍යකාම සොයන්නට කලි. එව දරුව කුමාරයෙනි, තෙපි මේ රජය පිළිගනුව. මම වැළිත් කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස් පැවිද්දට වදනෙමි. එසේ වී නම් පුතැ කුමරුවෙනි, යම් කලෙකැ තෙපි දු හිසෙහි පලිතයෝ දක්නවු ද, එකල්හි කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිද්දට වදුව. මා විසින් තබන ලද මේ කලණවැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව. දරුව කුමාරයෙනි, යම් පුරුෂ යුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ ඔවුන් ගේ අන්තිමපුරුෂ වෙයි. එහෙයින් පුතැ කුමරුවෙනි, තොපට මම මෙසේ කියමි: “මා විසින් තබන ලද මේ කලණ වැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව”යි.

අථ ඛො ආනන්‍ද, රඤ‍්ඤො මඛාදෙවස‍්ස පුත‍්තො කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං සාධුකං රජ‍්ජෙ සමනුසාසිත්‍වා ඉමස‍්මිංයෙව මඛාදෙවම‍්බවනෙ කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජි. සො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහාසි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහාසි. රඤ‍්ඤො ඛො පනානන්‍ද, මඛාදෙවස‍්ස පුත‍්තො චතුරාසීතිවස‍්සසහස‍්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස‍්සසහස‍්සානි ඔපරජ‍්ජං කාරෙසි, චතුරාසීතිවස‍්සසහස‍්සානි රජ‍්ජං කාරෙසි, චතුරාසීතිවස‍්සසහස‍්සානි ඉමස‍්මිංයෙව මඛාදෙවම‍්බවනෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො බ්‍රහ‍්මචරියං චරි. සො චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු ගේ පුත්‍ර කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රාජ්‍යයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන. හෙ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා විසී. එසේ දෙවන දිග යැ එසේ තුන්වන දිග යැ එසේ සතර වන දිග යැ’යි මෙසෙයින් උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග යැ එසේ තුන්වන දිග යැ එසේ සතර වන දිග යැ යි මෙසෙයින් උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් ස්පර්‍ශ කොට විසී. ආනන්‍දයෙනි, වැළිත් මුවදෙව් රජු පුත් සූවාසුදහසක් හවුරුදු කුමරකෙළි කෙළියේ යැ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු මෙ මැ මුවදෙව් අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වන්නේ බඹසර සැරි. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියේ යි.

රඤ‍්ඤො ඛො පනානන්‍ද, මඛාදෙවස‍්ස පුත‍්තප‍්පපුත‍්තකා තස‍්ස පරම‍්පරා චතුරාසීතිඛත‍්තියසහස‍්සානි ඉමස‍්මිංයෙව මඛාදෙවම‍්බවනෙ කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිංසු. තෙ මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරිංසු, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරිංසු. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරිංසු.

තවද ආනන්‍දයෙනි, ඒ මඛාදේව රජු ගේ දරුමුනුබුරු පරපුරෙහි සූවාසුදහසක් ක්‍ෂිත්‍රියයෝ මෙ මැ මඛාදේව අඹවනයෙහි කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන්හ. ඔහු මෙත් සහගිය සිතින් එක් දිගක් අරමුණු කොට විසූහ. එසේ දෙවන දිග යැ එසේ තුන් වන දිග යැ එසේ සතර වන දිග යැ’යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් අරමුණු කොට විසූහ. කරුණාසහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසූහ. එසේ

තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරිංසු. තෙ චතුරාසීතිවස‍්සසහස‍්සානි කුමාරකීළිතං කීළිංසු, චතුරාසීතිවස‍්සසහස‍්සානි ඔපරජ‍්ජං කාරෙසුං, චතුරාසීතිවස‍්සසහස‍්සානි රජ‍්ජං කාරෙසුං, චතුරාසීතිවස‍්සසහස‍්සානි ඉමස‍්මිංයෙව මඛාදෙවම‍්බවනෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා බ්‍රහ‍්මචරියං චරිංසු. තෙ චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා බ්‍රහ‍්මලොකූපගා අහෙසුං.

දෙ වන දිග යැ එසේ තුන් වන දිග යැ එසේ සතරවන දිග යැ’යි මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට විසූහ. ඔහු සූවාසුදහසක් හවුරුදු කුමාරකෙළි කෙළියහ, සූවාසුදහසක් හවුරුදු යුවරජය කළහ. සූවාසුදහසක් හවුරුදු මහරජය කළහ. සූවාසුදහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු බඹසර සැරූහ. ඔහු සියුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියහ.

නිමි තෙසං රාජා රාජානං පච‍්ඡිමකො අහොසි ධම‍්මිකො ධම‍්මරාජා ධම‍්මෙ ඨිතො මහාරාජා ධම‍්මං චරති බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ‍්ච උපවසති චාතුද‍්දසිං පඤ‍්චදසිං අට‍්ඨමිඤ‍්ච පක‍්ඛස‍්ස.

ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමි එ රජුන්ගේ පැසුළුරජ වී. දහමෙහි සිටි මහරජ බමුණු ගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසු දු වෙසෙයි.

භූතපුබ‍්බං ආනන්‍ද, දෙවානං තාවතිංසානං සුධම‍්මායං සභායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරාකථා උදපාදි: ‘ලාභා වත භො විදෙහානං, සුලද‍්ධං වත භො විදෙහානං, යෙසං නිමි රාජා ධම‍්මිකො ධම‍්මරාජා ධම‍්මෙ ඨිතො මහාරාජා ධම‍්මං චරති බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ‍්ච උපවසති චාතුද‍්දසිං පඤ‍්චදසිං අට‍්ඨමිඤ‍්ච පක‍්ඛස‍්සා’ති.

ආනන්‍දයෙනි, භූතපූර්‍වයක් කියමි: සුදම්සබයෙහි රැස් වැ හුන් තව්තිසාවැසි දෙවියන් කෙරෙහි මේ අතුරු කථාව උපන: “භවත්නි, විදේහයනට ඒකාන්ත ලාභයෙක, භවත්නි, විදේහයනට ඒකාන්ත මනා ලාභයෙක. යම් කෙනකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ විදේහයනට ඒකාන්ත ලාභයෙකැ”යි.

අථ ඛො ආනන්‍ද, සක‍්කො දෙවානමින්‍දො දෙවෙ තාවතිංසෙ ආමන‍්තෙසි: ‘ඉච‍්ඡෙය්‍යාථ නො තුම‍්හෙ මාරිසා, නිමිං රාජානං දට‍්ඨුන‍්ති ඉච‍්ඡාම මයං මාරිස, නිමිං රාජානං දට‍්ඨුන‍්ති. තෙන ඛො පන සමයෙන නිමි රාජා තදහුපොසථෙ පන‍්නරසෙ සසීසං නහාතො උපොසථිකො උපරි පාසාදවරගතො නිසින‍්නො හොති. අථ ඛො ආනන්‍ද, සක‍්කො දෙවානමින්‍දො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙවං දෙවෙසු තාවතිංසෙසු අන‍්තරහිතො නිමිස‍්ස රඤ‍්ඤො පමුඛෙ පාතුරහොසි. අථ ඛො ආනන්‍ද, සක‍්කො දෙවානමින්‍දො නිමිං රාජානං එතදවොච: ‘ලාභා තෙ මහාරාජ, සුලද‍්ධං තෙ මහාරාජ. දෙවා තෙ මහාරාජ, තාවතිංසා සුධම‍්මායං සභායං කිත‍්තයමානරූපා සන‍්නිසින‍්නා: ‘ලාභා වත භො විදෙහානං, සුලද‍්ධං වත භො විදෙහානං, යෙසං නිමි රාජා ධම‍්මිකො ධම‍්මරාජා ධම‍්මෙ ඨිතො මහාරාජා ධම‍්මං චරති බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ‍්ච උපවසති චාතුද‍්දසිං පඤ‍්චදසිං අට‍්ඨමිඤ‍්ච පක‍්ඛස‍්සා’ති. දෙවා තෙ මහාරාජ, තාවතිංසා දස‍්සනකාමා, තස‍්ස තෙ අහං මහාරාජ, සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථං පහිණිස‍්සාමි, අභිරුහෙය්‍යාසි මහාරාජ, දිබ‍්බං යානං අවිකම‍්පමානො’ති.

ඉක්බිති ආනන්‍දයෙනි, සක්දෙවිඳු තව්තිසැවැසි දෙවියන් ඇමැති: “නිදුකාණෙනි තෙපි අප ගේ නිමිරජු දක්නට කැමැතියවු දැ”යි. එසමයෙහි වනාහි නිමිරජ එ පණුරැසි පොහෝ දවස්හි හිස් සෝධා නහා පෙහෙවස් සමාදන් වැ මතුමහල්තලයට වැද හුන්නේ වෙයි. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේ ද, දික් කළ අතක් හෝ වක් කරන්නේ ද, එසෙයින් මැ තව්තිසාදෙවියන් කෙරෙහි අතුරුදහන් වූයේ නිමිරජ පෙරට පහළ වී. ඉක්බිති ආනන්‍දයෙනි, සක්දෙවිඳු නිමිරජහට තෙල බස් කී: “මහරජ, තොපට ලාභයෙක, මහරජ, තොපට මනා ලාභයෙකි මහරජ, තව්තිසැවැසි දෙවියෝ සුදම්සබයෙහි තොප ගේ ගුණකීර්‍තනය කෙරෙමින් හුන්හ: “භවත්නි, විදේහයනට ඒකාන්ත ලාභයෙක, විදේහයනට ඒකාන්ත මනා ලාභයෙක, යම් කෙනෙකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනව්වැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ වේදේහයනට ඒකාන්ත ලාභයෙකැ’යි ගුණ කීර්‍තනය කෙරෙමින් හුන්හ. මහරජ, තව්තිසාවැසි දෙවියෝ තොප දක්නා කැමැතියහ. මහරජ, තොපට මම දහසක් අසුන් යෙදූ ආජන්‍ය රථයක් එවන්නෙමි. මහරජ, නො බා දිව්‍යයානයට නැගෙව”යි කී.

අධිවාසෙසි ඛො ආනන්‍ද, නිමි රාජා තුණ‍්හීභාවෙන. අථ ඛො ආනන්‍ද, සක‍්කො දෙවානමින්‍දො නිමිස‍්ස රඤ‍්ඤො අධිවාසනං විදිත්‍වා සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ‍්ජෙය්‍ය, එවමෙවං නිමිස‍්ස රඤ‍්ඤො පමුඛෙ අන‍්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි.

ආනන්‍දයෙනි, නිමිරජ තුෂ්ණීම්භාවයෙන් ඉවසී. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු නිමිරජු ගේ අධිවාසන දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේ ද දික් කළ අතක් හෝ වක් කරන්නේ ද, එසෙයින් මැ නිමිරජු හමුයෙහි අතුරුදහන් වූයේ තව්තිසැ දෙවියන් කෙරෙහි පහළ වී.

අථ ඛො ආනන්‍ද, සක‍්කො දෙවානමින්‍දො මාතලිසඞ‍්ගාහකං ආමන‍්තෙසි: එහි ත්‍වං සම‍්ම මාතලි, සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථං යොජෙත්‍වා නිමිං රාජානං උපසඞ‍්කමිත්‍වා එවං වදෙසි: ‘අයං තෙ මහාරාජ, සහස‍්සයුත‍්තො ආජඤ‍්ඤරථො සක‍්කෙන දෙවානමින්‍දෙන පෙසිතො. අභිරුහෙය්‍යාසි මහාරාජ, දිබ‍්බං යානං අවිකම‍්පමානො’ති. එවං භද‍්දන‍්තවාති ඛො ආනන්‍ද, මාතලි සඞ‍්ගාහකො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පටිස‍්සුත්‍වා සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථං යොජෙත්‍වා නිමිං රාජානං උපසඞ‍්කමිත්‍වා එතදවොච: ‘අයං තෙ මහාරාජ, සහස‍්සයුත‍්තො ආජඤ‍්ඤරථො සක‍්කෙන දෙවානමින්‍දෙන පෙසිතො, අභිරුහ මහාරාජ, දිබ‍්බං යානං අවිකම‍්පමානො. අපි ච මහාරාජ, කතමෙන තං නෙමි, යෙන වා පාපකම‍්මා පාපකානං කම‍්මානං විපාකං පටිසංවෙදෙන‍්ති, යෙන වා කල්‍යාණකම‍්මා කල්‍යාණානං කම‍්මානං විපාකං පටිසංවෙදෙන‍්තී’ති? උභයෙනෙව මං මාතලි නෙහීති. සම‍්පාපෙසි ඛො ආනන්‍ද, මාතලිසඞ‍්ගාහකො නිමිං රාජානං සුධම‍්මං සභං. අද‍්දසා ඛො ආනන්‍ද, සක‍්කො දෙවානමින්‍දො නිමිං රාජානං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන නිමිං රාජානං එතදවොච:

එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු මාතලී රියැදුරු ඇමැතී: “සගය මාතලී, එව තෙපි දහසක් අසුන් යෙදූ ආජන්‍ය රථයක් සදා ගෙන නිමිරජු කරා එළැඹ මෙසේ කියව: “මහරජ, මේ දහසක් අසුන් යෙදූ ආජන්‍යරථය තොපට සක් දෙවිඳු විසින් එවන ලද. මහරජ, නො බා දිව්‍යයානයට නැඟෙව”යි. ආනන්‍දයෙනි, මාතලී සඞ්ග්‍රාහක ‘තොපට යහපතෙකි දේවයෙනි’යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා දහසක් අසුන් යෙදූ ආජන්‍යරථයක් සාදාගෙන නිමිරජු කරා එළැඹ තෙල බස් කී: “මහරජ, මේ දහසක් අසුන් යෙදූ ආජන්‍යරථය ශක්‍රදේවේන්‍ද්‍ර විසින් තොපට එවන ලද, මහරජ, නො බා දිව්‍යයානයට නැඟෙව. තවද මහරජ, “යම් මඟෙක්හි හෝ පාපකර්‍ම ඇත්තාහු පාපකර්‍මයන් ගේ විපාක විඳිත් ද, යම් මඟෙක්හි හෝ කල්‍යාණකර්‍ම ඇත්තාහු කල්‍යාණකර්‍මයන් ගේ විපාක විඳිත් ද, ඒ කවර මඟෙකින් තොප ගෙන යෙම් දැ”යි ‘මාතලිය, මා දෙමඟින් මැ ගෙන යව’යි. ආනන්‍දයෙනි, මාතලී රියැදුරු නිමිරජු සුදම්සබයට පැමිණවී. ආනන්‍දයෙනි, සක් දෙවිඳු නිමිරජු දුරින් මැ එන්නා දිටී. දැක නිමිරජුට තෙල බස් කී:”

එහි ඛො මහාරාජ, ස‍්වාගතං මහාරාජ, දෙවා තෙ මහාරාජ, තාවතිංසා සුධම‍්මායං සභායං කිත‍්තයමානරූපා සන‍්නිසින‍්නා: ‘ලාභා වත භො විදෙහානං, සුලද‍්ධං වත භො විදෙහානං, යෙසං නිමි රාජා ධම‍්මිකො ධම‍්මරාජා ධම‍්මෙ ඨිතො මහාරාජා ධම‍්මං චරති බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච. උපොසථඤ‍්ච උපවසති චාතුද‍්දසිං පඤ‍්චදසිං අට‍්ඨමිඤ‍්ච පක‍්ඛස‍්සා’ති. දෙවා තෙ මහාරාජ, තාවතිංසා දස‍්සනකාමා, අභිරම මහාරාජ, දෙවෙසු දෙවානුභාවෙනා’ති. අලං මාරිස, තත්‍ථෙව මං මිථිලං පටිනෙතු. තත්‍ථාහං ධම‍්මං චරිස‍්සාමි බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ‍්ච උපවසිස‍්සාමි චාතුද‍්දසිං පඤ‍්චදසිං අට‍්ඨමිඤ‍්ච පක‍්ඛස‍්සා’ති. අථ ඛො ආනන්‍ද, සක‍්කො දෙවානමින්‍දො මාතලි සඞ‍්ගාහකං ආමන‍්තෙසි: එහි ත්‍වං සම‍්ම මාතලි, සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථං යොජෙත්‍වා නිමිං රාජානං තත්‍ථෙව මිථිලං පටිනෙහීති. එවං භද‍්දන‍්තවාති ඛො ආනන්‍ද, මාතලි සඞ‍්ගාහකො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස පටිස‍්සුත්‍වා සහස‍්සයුත‍්තං ආජඤ‍්ඤරථං යොජෙත්‍වා නිමිං රාජානං තත්‍ථෙව මිථිලං පටිනෙසි.

“එන්නේ යැ මහරජ, ස්වාගත යැ මහරජ, මහරජ තව්තිසා වැසි දෙවියෝ තොප ගේ ගුණ කීර්‍තනය කෙරෙමින් හුන්හ: “භවත්නි විදේහරටවැසියනට ඒකාන්ත ලාභයෙක, භවත්නි, විදේහරටවැසියනට ඒකාන්ත මනා ලාභයෙක, යම් කෙනෙකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනව්වැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ විදේහරටවැසියනට ඒකාන්ත ලාභයෙකැ”යි. මහරජ, තව්තිසා වැසි දෙවියෝ තොප දක්නා කැමැතියහ. මහරජ දෙවියන් කෙරෙහි දේවානුභාවයෙන් සිත් අලව”යි. කම් නැත නිදුකාණෙනි, එහි මියුලුනුවරට මැ මා පෙරළා පමුණුවාවා. එහි මම් බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙන්නෙමි. තුදුස්වක්හි හා පසළොස්වක්හි හා අටවක්හි හා පෙහෙවසුදු වෙසෙමි”යි. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු මාතලී රියැදුරු ඇමැතී: “සගය මාතලී එව. තෙපි අසුන්දහසක් යෙදූ ආජන්‍යරථයක් සදාගෙන නිමිරජු එ මිනිස්ලොව්හි මියුලුනුවරට මැ ඇරලව”යි. ආනන්‍දයෙනි, මාතලී සඞ්ග්‍රාහක ‘යහපතෙකි තොපට දේවයෙනි’යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා අසුන් දහසක් යෙදූ ආජන්‍යරථයක් යොදාගෙන නිමිරජු එ මිනිස්ලොව මියුලු නුවරට මැ ඇරැලී.

තත්‍ර සුදං ආනන්‍ද, නිමි රාජා ධම‍්මං චරති බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ‍්ච උපවසති චාතුද‍්දසිං පඤ‍්චදසිං අට‍්ඨමිඤ‍්ච පක‍්ඛස‍්ස. අථ ඛො ආනන්‍ද, නිමි රාජා බහුන‍්නං වස‍්සානං බහුන‍්නං වස‍්සසතානං බහුන‍්නං වස‍්සසහස‍්සානං අච‍්චයෙන කප‍්පකං ආමන‍්තෙසි: ‘යදා මෙ සම‍්ම කප‍්පක, පස‍්සෙය්‍යාසි සිරස‍්මිං පලිතානි ජාතානි, අථ මෙ ආරොචෙය්‍යාසී’ති. එවං දෙවාති ඛො ආනන්‍ද, කප‍්පකො නිමිස‍්ස රඤ‍්ඤො පච‍්චස‍්සොසි. අද‍්දසා ඛො ආනන්‍ද, කප‍්පකො බහුන‍්නං වස‍්සානං බහුන‍්නං වස‍්සසතානං බහුන‍්නං වස‍්සසහස‍්සානං අච‍්චයෙන නිමිස‍්ස රඤ‍්ඤො සිරස‍්මිං පලිතානි ජාතානි. දිස‍්වාන නිමිං රාජානං එතදවොච: පාතුභූතා ඛො දෙවස‍්ස දෙවදූතා, දිස‍්සන‍්ති සිරස‍්මිං පලිතානි ජාතානී’ති. තෙන හි සම‍්ම කප‍්පක,

ආනන්‍දයෙනි, එහි වූකලි නිමිරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැස්සන් කෙරෙහි දු දනවුවැස්සන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි හා පසළොස්වක්හි හා අටවක්හි හා පෙහෙවසදු වෙසෙයි. එසඳ ආනන්‍දයෙනි, නිමිරජ බොහෝ වර්‍ෂයන් බොහෝ වර්‍ෂශතයන් බොහෝ වර්‍ෂසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් කලෙකැ මා ගේ හිසෙහි උපන් පලිතයෝ දක්නෙහි ද, එකල්හි මට සැල කරව”යි, ආනන්‍දයෙනි, කපු ‘එසේ යැ දේවයෙනි’යි නිමිරජහට පිළිවදන් ඇස්වී. ආනන්‍දයෙනි, කපුවා බොහෝ වර්‍ෂයන් බොහෝ වර්‍ෂශතයන් බොහෝ වර්‍ෂසහස්‍රයන් ඇවෑමෙන් නිමිරජු ගේ සිරසෙහි උපන් පාලිතයන් දිටි, දැක නිමිරජහට තෙල බස් කී: “දේවයන්ට දේවදූතයෝ පහළ වූහ, සිරසෙහි උපන් පලිතයෝ පැනෙති”යි, එසේ වී නම් සගය කපුව,

තානි පලිතානි සාධුකං සණ‍්ඩාසෙන උද‍්ධරිත්‍වා මම අඤ‍්ජලිස‍්මිං පතිට‍්ඨාපෙහී’ති. එවං දෙවාති ඛො ආනන්‍ද, කප‍්පකො නිමිස‍්ස රඤ‍්ඤො පටිස‍්සුත්‍වා තානි පලිතානි සාධුකං සණ‍්ඩාසෙන උද‍්ධරිත්‍වා නිමිස‍්ස රඤ‍්ඤො අඤ‍්ජලිස‍්මිං පතිට‍්ඨාපෙසි. අථ ඛො ආනන්‍ද, නිමි රාජා කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං ආමන‍්තාපෙත්‍වා එතදවොච: ‘පාතුභූතා ඛො මෙ තාත කුමාර දෙවදූතා, දිස‍්සන‍්ති සිරස‍්මිං පලිතානි ජාතානි, භුත‍්තා ඛො පන මෙ මානුසකා කාමා, සමයො දිබ‍්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්‍වං තාත කුමාර, ඉමං රජ‍්ජං පටිපජ‍්ජ. අහං පන කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිස‍්සාමි. තෙන හි තාත කුමාර, යදා ත්‍වම‍්පි පස‍්සෙය්‍යාසි සිරස‍්මිං පලිතානි ජාතානි, අථ කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං සාධුකං රජ‍්ජෙ සමනුසාසිත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍යාසි. යෙන මෙ ඉදං කල්‍යාණං වට‍්ටං නිහිතං අනුප‍්පවත‍්තෙය්‍යාසි, මා ඛො මෙ ත්‍වං අන‍්තිමපුරිසො අහොසි. යස‍්මිං ඛො තාත කුමාර, පුරිසයුගෙ වත‍්තමානෙ එවරූපස‍්ස කල්‍යාණස‍්ස වට‍්ටස‍්ස සමුච‍්ඡෙදො හොති සො තෙසං අන‍්තිමපුරිසො හොති. තං තාහං තාත කුමාර, එවං වදාමි: ‘යෙන මෙ ඉදං කල්‍යාණං වට‍්ටං නිහිතං අනුප‍්පවත‍්තෙය්‍යාසි, මා ඛො මෙ ත්‍වං අන‍්තිමපුරිසො අහොසී’ති.

ඒ පලිතයන් මොනොවට හඬුයෙන් උදුරා මා ගේ ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, කපු ‘එසේ යැ දේවයෙනි’ යි නිමි රජුට පිළිවදන් අස්වා ඒ පලිතයන් මනාකොට හඬුයෙන් උදුරාගෙන නිමිරජු ගේ කරපුටයෙහි තැබී. එසඳ ආනන්‍දයෙනි, නිමිරජ කපුවාට ගම්වර දී දෙටුපුත්කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති, මා විසින් මානුෂකාමයෝ වළඳන ලදහ. දැන් දිව්‍යකාම පිරියෙස්නට කලි. දරුව කුමාරයෙනි, එව තෙපි මේ රජය පිළිගනුව, මම වැළිත් කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම අනාගර තවුස්පැවිදි වදනෙමි. එසේ වී නම් පුතැ කුමරුවෙනි, යම් දවසෙකැ තෙපි දු සිරසෙහි පලිතයන් දක්නවු නම් එසඳ කපුහට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වදුව. මා විසින් තබනලද මේ කලණවැට පවත්වව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව. පුතැ කුමාරුවෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ උන් ගේ අන්තිම පුරුෂ වෙයි, එහෙයින් පුතැ කුමරුවෙනි, මම තොපට මෙසේ කියමි: “මා විසින් තබන ලද මේ කලණවැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව”යි.

අථ ඛො ආනන්‍ද, නිමි රාජා කප‍්පකස‍්ස ගාමවරං දත්‍වා ජෙට‍්ඨපුත‍්තං කුමාරං සාධුකං රජ‍්ජෙ සමනුසාසිත්‍වා ඉමස‍්මිංයෙව මඛාදෙවම‍්බවනෙ කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජි. සො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහාසි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහාසි.

ඉක්බිති ආනන්‍දයෙනි, නිමිරජ කපුහට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙහෙරැවුළු බහා කහවත් හැඳපෙරෙව ගෙන් නික්ම තවුස් පැවිදි වී. හෙ මෙත් සහගිය සිතින් එක් දසක් අරමුණු කොට විසී. එසේ දෙවන දස යැ, එසේ තුන්වන දස යැ, එසේ සතරවන දස යැ යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතා සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දසක් අරමුණු කොට විසී. එසේ දෙ වන දස යැ එසේ තුන් වන දස යැ එසේ සතර වන දස යැ යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙළේ යි.

නිමි ඛො පනානන්‍ද, රාජා චතුරාසීතිවස‍්සසහස‍්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස‍්සසහස‍්සානි ඔපරජ‍්ජං කාරෙසි, චතුරාසීතිවස‍්සසහස‍්සානි රජ‍්ජං කාරෙසි, චතුරාසීතිවස‍්සසහස‍්සානි ඉමස‍්මිංයෙව මඛාදෙවම‍්බවනෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො බ්‍රහ‍්මචරියං චරි. සො චත‍්තාරො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

ආනන්‍දයෙනි, නිමිරජ වූකලි සුවාසූදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ යැ. සුවාසූදහසක් හවුරුදු යුවරජය කෙළේය. සුවාසූදහසක් හවුරුදු මහරජය කෙළේය. සුවාසූ දහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වැ බඹසර සැරී. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලෝ කරා ගියේ යි.

නිමිස‍්ස ඛො පනානනන්‍ද, රඤ‍්ඤො කලාරජනකො නාම පුත‍්තො අහොසි. සො න අගාරස‍්මා අනගාරියං පබ‍්බජි. සො තං කල්‍යාණං වට‍්ටං සමුච‍්ඡින්‍දි. සො තෙසං අන‍්තිමපුරිසො අහොසි. සියා ඛො පන තෙ ආනන්‍ද, එවමස‍්ස:

තවද ආනන්‍දයෙනි, නිමිරජහට කලාරජනක නම් පුතෙක් වී. හේ ගිහිගෙන් නික්ම තවුස්පැවිදි නො වී, හෙ එ කලණවැට සින්දේ යැ, හෙ උන් ගේ අන්තිම පුරුෂ වී. ආනන්‍දයෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙයි:

අඤ‍්ඤො නූන තෙන සමයෙන රාජා මඛාදෙවො අහොසි යෙන තං කල්‍යාණං වට‍්ටං නිහිතන‍්ති. න ඛො පනෙතං ආනන්‍ද, එවං දට‍්ඨබ‍්බං. අහං තෙන සමයෙන රාජා මඛාදෙවො අහොසිං. අහං තං කල්‍යාණං වට‍්ටං නිහිනිං. මයා තං කල්‍යාණං වට‍්ටං නිහිතං පච‍්ඡිමා ජනතා අනුප‍්පවත‍්තෙසි. තං ඛො පනානන්‍ද, කල්‍යාණං වට‍්ටං න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තති, යාවදෙව බ්‍රහ‍්මලොකූපපත‍්තියා.

“එසමයෙහි යමෙක් එ කලණවැට තැබී ද, එ මඛාදේව රජ අනෙකෙක් වී යැ”යි. ආනන්‍දයෙනි, තෙල මෙසේ නො දැක්කැ යුතු යැ. මම එසමයෙහි මඛාදේව රජ වීමි. මම් එ කලණවැට තැබීමි. මා විසින් තබන ලද එ කලණවැට පශ්චිම ජනතාව පැවැත්වී. ආනන්‍දයෙනි, එ කලණවැට වනාහි නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස නො පවතී, බඹලොව උපත පිණිස පමණක් මැ පවති.

ඉදං ඛො පනානන්‍ද, එතරහි මයා කල්‍යාණං වට‍්ටං නිහිතං එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. කතමා චානන්‍ද, එතරහි මයා කල්‍යාණං වට‍්ටං නිහිතං එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. ඉදං ඛො ආනන්‍ද, එතරහි මයා කල්‍යාණං වට‍්ටං නිහිතං එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. තං වො අහං ආනන්‍ද, එවං වදාමි: යෙන මෙ ඉදං කල්‍යාණං වට‍්ටං නිහිතං අනුප‍්පවත‍්තෙය්‍යාථ, මා ඛො මෙ තුම‍්හෙ අන‍්තිමපුරිසා අහුවත්‍ථ. යස‍්මිං ඛො ආනන්‍ද, පුරිසයුගෙ වත‍්තමානෙ එවරූපස‍්ස කල්‍යාණස‍්ස වට‍්ටස‍්ස සමුච‍්ඡෙදො හොති සො තෙසං අන‍්තිමපුරිසො හොති. තං වො අහං ආනන්‍ද, එවං වදාමි: යෙන මෙ ඉදං කල්‍යාණං වට‍්ටං නිහිතං අනුප‍්පවත‍්තෙය්‍යාථ. මා ඛො මෙ තුම‍්හෙ අන‍්තිමපුරිසා අහුවත්‍ථා’ති.

ආනන්‍දයෙනි, මෙ කල මා විසින් තබන ලද මේ කලණවැට ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. ආනන්‍දයෙනි, මෙකලැ මා විසින් තබන ලද කවර නම් කලණවැටෙක් ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී ද යත්: මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. එ කිසේ යැ යත්: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග් ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. ආනන්‍දයෙනි, මෙකල්හි මා විසින් තබන ලද මෙ කලණවැට ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. එහෙයින් මැ ආනන්‍දයෙනි, මම් මෙසේ කියමි: “මා විසින් තැබූ මේ කලණ වැට පවත්වවු, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂයෝ වව. ආනන්‍දයෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. එහෙයින් ආනන්‍දයෙනි, මම තොපට මෙසේ කියමි: “මා විසින් තබන ලද මෙ කලණවැට පවත්වවු, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂයෝ වව”යි.

ඉදමවොච භගවා අත‍්තමනො ආයස‍්මා ආනන්‍දො භගවතො භාසිතං අභිනන්‍දීති.

බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනඳ තෙරණුවෝ භාග්‍යවතුන්ගේ භාෂිතය අභිනන්‍දනය කළහ’යි.

මඛාදෙව සුත‍්තං තතියං.

තුන් වැනි මඛාදේව සූත්‍ර යි.