මඛාදෙවසුත්තවණ්ණනා අට්ඨකථා
මඛාදෙවසුත්තවණ්ණනා
මඛාදේව සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මඝදෙවසුත්තං. තත්ථ මඝදෙවඅම්බවනෙති පුබ්බෙ මඝදෙවො නාම රාජා තං අම්බවනං රොපෙසි. තෙසු රුක්ඛෙසු පලුජ්ජමානෙසු අපරභාගෙ අඤ්ඤෙපි රාජානො රොපෙසුංයෙව. තං පන පඨමවොහාරවසෙන මඝදෙවම්බවනන්තෙව සඞ්ඛං ගතං. සිතං පාත්වාකාසීති සායන්හසමයෙ විහාරචාරිකං චරමානො රමණීයං භූමිභාගං දිස්වා – “වසිතපුබ්බං නු ඛො මෙ ඉමස්මිං ඔකාසෙ”ති ආවජ්ජන්තො – “පුබ්බෙ අහං මඝදෙවො නාම රාජා හුත්වා ඉමං අම්බවනං රොපෙසිං, එත්ථෙව පබ්බජිත්වා චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තිං. තං ඛො පනෙතං කාරණං භික්ඛුසඞ්ඝස්ස අපාකටං, පාකටං කරිස්සාමී”ති අග්ගග්ගදන්තෙ දස්සෙන්තො සිතං පාතු අකාසි.
එවම්මෙසුතං යනු මබාදේව පුත්‍රයයි. එහි මඛාදෙවම්බවනෙ පෙර මඛාදේව නම් රජෙක් ඒ අඹවනය රෝපණය කළේය. ඒ ගස් විනාශවී යන විට පසුකලෙක අන් රජවරුද රෝපණය කළාහුය, පුරාණ ව්‍යවහාර වශයෙන් මඛාදේව අඹවනය ම යැයි ප්‍රසිද්ධියට ගියේය. සිතම්යාත්වාකාසි සවස් කල්හි විහාර චාරිකාවෙහි හැසිරෙමින් රමණීයවු බිම්කඩක් දැක මාවිසින් මේ අවකාශයෙහි වසන ලද විරූයැයි ආවර්ජනා කරන්නේ පෙර මම මඛාදේව නම් රජෙක්ව මේ අඹවනය රෝපණය කළෙමි. මෙහිම පැවිදිවී සිට බඹවිහරණ වඩා බඹලොව උපන්නෙමි. මේ කරුණ භික්ෂුසංඝයාට ප්‍රකට නැත. එය ප්‍රකට කරන්නෙමියි දත් අග පෙන්වා සිනා පහළ කළේය.
ධම්මො අස්ස අත්ථීති ධම්මිකො. ධම්මෙන රාජා ජාතොති ධම්මරාජා. ධම්මෙ ඨිතොති දසකුසලකම්මපථධම්මෙ ඨිතො. ධම්මං චරතීති සමං චරති. තත්ර බ්රාහ්මණගහපතිකෙසූති යොපි සො පුබ්බරාජූහි බ්රාහ්මණානං දින්නපරිහාරො, තං අහාපෙත්වා පකතිනියාමෙනෙව අදාසි, තථා ගහපතිකානං. තං සන්ධායෙතං වුත්තං. පක්ඛස්සාති ඉමිනා පාටිහාරිකපක්ඛොපි සඞ්ගහිතො. අට්ඨමීඋපොසථස්ස හි පච්චුග්ගමනානුග්ගමනවසෙන සත්තමියඤ්ච නවමියඤ්ච, චාතුද්දසපන්නරසානං පච්චුග්ගමනානුග්ගමනවසෙන තෙරසියඤ්ච පාටිපදෙ චාති ඉමෙ දිවසා පාටිහාරිකපක්ඛාති වෙදිතබ්බා. තෙසුපි උපොසථං උපවසි.
ධර්මය ඔහුට ඇතැයි ධම්මිකො ධර්මයෙන් රජවූයේ නුයි. ධම්මරාජා, ධම්මෙ ඨිතො දසකුසල ධර්ම පථ ධර්මයෙහි සිටියේ ධම්මංචරති සමසේ හැසිරේ. එහි බ්‍රාහ්මණ ගෘහපතීන් අතර හෙතෙමේ පෙර යමෙක් රජුන් විසින් දෙන ලද පෙරහර ඇත්තේද එය නොකඩවා මුල් ක්‍රමයෙන්ම දුන්නේය. ගෘහපතියන්ටද එසේය. ඒ සඳහා මෙය කියන ලදි. පක්ඛස්ස මෙයින් ප්රාතිහාර්ය පක්ෂයද ගන්නා ලදී. අටවක, පොහොයට පුත්යුද්ගමන අනුද්ගමන වශයෙන් සතවකද නවවකද. සෙළෙස්වකද පසළොස් වකගේද ප්රත්යුද්ගමන අනුද්ගමන වශයෙන් තෙළෙස්වකද යන පිළිවෙළ මේ දවස් ප්රාතිහාර්ය පක්ෂයැයි දතයුතුය. ඒ අතර පොහොය සමාදන්ව විසීය.
දෙවදූතාති දෙවොති මච්චු, තස්ස දූතාති දෙවදූතා. සිරස්මිඤ්හි පලිතෙසු පාතුභූතෙසු මච්චුරාජස්ස සන්තිකෙ ඨිතො විය හොති, තස්මා පලිතානි මච්චුදෙවස්ස දූතාති වුච්චන්ති. දෙවා විය දූතාතිපි දෙවදූතා. යථා හි අලඞ්කතපටියත්තාය දෙවතාය ආකාසෙ ඨත්වා “අසුකදිවසෙ මරිස්සතී”ති වුත්තෙ තං තථෙව හොති, එවං සිරස්මිං පලිතෙසු පාතුභූතෙසු දෙවතාබ්යාකරණසදිසමෙව හොති. තස්මා පලිතානි දෙවසදිසා දූතාති වුච්චන්ති. විසුද්ධිදෙවානං දූතාතිපි දෙවදූතා. සබ්බබොධිසත්තා හි ජිණ්ණබ්යාධිතමතපබ්බජිතෙ දිස්වාව සංවෙගමාපජ්ජිත්වා නික්ඛම්ම පබ්බජන්ති. යථාහ –
දෙවදුතා දෙවායනු මරුය. ඔහුගේ දූතයෝ නුයි දේවදුතා හිසෙහි නරකෙස් පහළ වූ කල්හි මරුගේ සමීපයෙහි සිටියාක් මෙන් වෙයි. ඒ නිසා නරකෙස් මරුගේ දූතයෝයැයි කියනු ලැබේ. දෙවියන් වැනි දූතයෝද දෙවදූතයෝය යසේ අබරණින් සැරසුණු දේවතාවක අහසෙහි සිට අසුවල් දවසෙහි මැරෙන්නේයයි කීකල්හි එය එසේම වෙයි. මෙසේ හිසෙහි නරකෙස් පහළවු කල්හි දේව භාෂිතයක් හා සමාන වෙයි. ඒ නිසා නරකෙස් දේවදූතයන් හා සමානයයි කියනු ලැබේ. විශුද්ධි දෙවියන්ගේ දූතයෝනුයිද දේවදූත නම් සියලුම බෝධිසත්වයෝ දිරාගිය පුද්ගලයකු, ලෙඩවු පුද්ගලයකු, මියගිය පුද්ගලයකු පැවිද්දකු දැකම සංවේගයට පත්ව ගිහිගෙන් නික්ම පැවිදිවෙත්. කියන ලදී.
“ජිණ්ණඤ්ච දිස්වා දුඛිතඤ්ච බ්යාධිතං, මතඤ්ච දිස්වා ගතමායුසඞ්ඛයං; කාසායවත්ථං පබ්බජිතඤ්ච දිස්වා, තස්මා අහං පබ්බජිතොම්හි රාජා”ති.
ජීණ්ණඤ්ච දිස්වා දුඛිතඤ්ච ව්යාධිතං - මතඤ්චා දිස්වා ගතවායු සංඛයං කාසාය වත්ථං පබ්බජිතඤ්ච දිස්වා - තස්මා අහං පබ්බජිතොම්හි රාජ
ජරාජීර්ණ වූවකු දුකට පත්වූවකු රෝගියකු ආයු කෙළවර මිය ගිය එකකු කසාවත් හැඳ පැවිද්දකු දැක රජතුමනි මම පැවිදි වූයෙමි.
ඉමිනා පරියායෙන පලිතානි විසුද්ධිදෙවානං දූතත්තා දෙවදූතාති වුච්චන්ති.
මේ ආකාරයෙන් නරකෙස් විශුද්ධි දෙවියන්ගේ දූතයන් බැවින් දේවදූතයෝ යැයි කියනු ලැබේ.
කප්පකස්ස ගාමවරං දත්වාති සතසහස්සුට්ඨානකං ජෙට්ඨකගාමං දත්වා. කස්මා අදාසි? සංවිග්ගමානසත්තා. තස්ස හි අඤ්ජලිස්මිං ඨපිතානි පලිතානි දිස්වාව සංවෙගො උප්පජ්ජති. අඤ්ඤානි චතුරාසීතිවස්සසහස්සානි ආයු අත්ථි, එවං සන්තෙපි මච්චුරාජස්ස සන්තිකෙ ඨිතං විය අත්තානං මඤ්ඤමානො සංවිග්ගො පබ්බජ්ජං රොචෙති. තෙන වුත්තං –
කප්පකස්ස ගාමවරංදත්වා සිය දහසක් උපදනා දෙටුගමක් දී, කුමක් නිසා දුන්නේද? සංවේගප්රාප්ත සිත් ඇති බැවින් ඔහුගේ අල්ලෙහි තබන ලද නරකෙස් දැකම සංවේගය උපන්නේය. තවත් අසූහාරදහසක් වස් ආයුෂ ඇත. එසේ ඇති කල්හිත් මාරයාගේ සමීපයෙහි තමා සිටියාක් මෙන් හඟිමින් සංවේගයට පත්ව පැවිද්ද කැමතිවිය. එහෙයින් කියන ලදී,
“සිරෙ දිස්වාන පලිතං, මඝදෙවො දිසම්පති; සංවෙගං අලභී ධීරො, පබ්බජ්ජං සමරොචයී”ති.
සිරො දිසවාන පලිතං මඛාදෙවො දිසම්පති සංවේගං අලභීධීරො පබ්බජ්ජං සමරොචයී
මඛාදේව රජ නරකෙස් ඇති හිස දැක සංවේගයට පත්ව පැවිද්ද කැමතිවිය.
අපරම්පි වුත්තං –
තවත් කියන ලදි
“උත්තමඞ්ගරුහා මය්හං, ඉමෙ ජාතා වයොහරා; පාතුභූතා දෙවදූතා, පබ්බජ්ජාසමයො මමා”ති.
උත්තමඞ්ගරුහා මය්හං ඉමෙජාතා වයොහරා පාතුභූතා දෙවදූතා පබ්බජ්ජා සමයො මම
වයස පැහැර ගන්නා මාගේ හිසකෙස් ඇතිවිය. දේවදූතයෝ පහළ වූහ පැවිදිවීමට කාලයයි.
පුරිසයුගෙති වංසසම්භවෙ පුරිසෙ. කෙසමස්සුං ඔහාරෙත්වාති තාපසපබ්බජ්ජං පබ්බජන්තාපි හි පඨමං කෙසමස්සුං ඔහාරෙත්වා පබ්බජන්ති, තතො පට්ඨාය වඩ්ඪිතෙ කෙසෙ බන්ධිත්වා ජටාකලාපධරා හුත්වා විචරන්ති. බොධිසත්තොපි තාපසපබ්බජ්ජං පබ්බජි. පබ්බජිතො පන අනෙසනං අනනුයුඤ්ජිත්වා රාජගෙහතො ආහටභික්ඛාය යාපෙන්තො බ්රහ්මවිහාරං භාවෙසි. තස්මා සො මෙත්තාසහගතෙනාතිආදි වුත්තං.
පුරිසයුගෙ වංශය ආරම්භයෙහි සිටි පුරුෂයා, කෙසමස්සුංඔහාරෙත්වා තවුස් පැවිද්දෙන් පැවිදිවන්නෝද පළමු කොට කෙස් රවුල් ඉවත් කොට පැවිදිවෙති. එතැන්පටන් වැඩුණු කෙස් බැඳ ජටා කලාප ධරව හැසිරෙත් බෝධිසත්වයන් වහන්සේ ද තවුස් පැවිද්දන් පැවිදිවූහ. පැවිදිවීද ආහාර සොයායාමෙහි නොයෙදී රජගහනුවරින් ගෙන්වන ලද භික්ෂාවෙන් යැපෙන්නාහු බ්රහ්විහාර විසුහ. ඒනිසා සො මෙත්තා සහගතෙන ආදිය කියන ලදී.
කුමාරකීළිතං කීළීති අඞ්කෙන අඞ්කං පරිහරියමානො කීළි. මාලාකලාපං විය හි නං උක්ඛිපිත්වාව විචරිංසු. රඤ්ඤො මඝදෙවස්ස පුත්තො…පෙ… පබ්බජීති ඉමස්ස පබ්බජිතදිවසෙ පඤ්ච මඞ්ගලානි අහෙසුං. මඝදෙවරඤ්ඤො මතකභත්තං, තස්ස රඤ්ඤො පබ්බජිතමඞ්ගලං, තස්ස පුත්තස්ස ඡත්තුස්සාපනමඞ්ගලං, තස්ස පුත්තස්ස උපරජ්ජමඞ්ගලං, තස්ස පුත්තස්ස නාමකරණමඞ්ගලන්ති එකස්මිංයෙව සමයෙ පඤ්ච මඞ්ගලානි අහෙසුං, සකලජම්බුදීපතලෙ උන්නඞ්ගලමහොසි.
කුමාර කිළකං කීළි උකුලින් උකුලට වඩනු ලබමින්ම ක්‍රීඩා කළහ. ඔවුහු මල්කලබක් මෙන් ඔහු ඔසවාගෙනම හැසිරුණාහ. රඤ්ඤො මඛාදෙවස්ස පුත්තො -පෙ- පබ්බජි මොහු පැවිදි වු දිනයෙහි මඟුල් පහක් සිදුවිය. මඛාදේව රජුගේ මතක බත, ඒ රජුගේ පැවිදි මඟුල, ඔහුගේ පුතුට නම් තබන මඟුල යුවරජකමට පත්වීමේ මඟුල සේසත් නැංවීමේ මගුල යැයි එකම කලෙක මගුල්පහක් කළහ. මුළු දඹදිව් තලයට විවේක දිනයක් විය.
පුත්තපපුත්තකාති පුත්තා ච පුත්තපුත්තා චාති එවං පවත්තා තස්ස පරම්පරා. පච්ඡිමකො අහොසීති පබ්බජ්ජාපච්ඡිමකො අහොසි. බොධිසත්තො කිර බ්රහ්මලොකෙ නිබ්බත්තො – “පවත්තති නු ඛො තං මයා මනුස්සලොකෙ නිහතං කල්යාණවත්ත”න්ති ආවජ්ජන්තො අද්දස – “එත්තකං අද්ධානං පවත්තති, ඉදානි න පවත්තිස්සතී”ති. න ඛො පනාහං මය්හං පවෙණියා උච්ඡිජ්ජිතුං දස්සාමීති අත්තනො වංසෙ ජාතරඤ්ඤොයෙව අග්ගමහෙසියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා අත්තනො වංසස්ස නෙමිං ඝටෙන්තො විය නිබ්බත්තො, තෙනෙවස්ස නිමීති නාමං අහොසි. ඉති සො පබ්බජිතරාජූනං සබ්බපච්ඡිමකො හුත්වා පබ්බජිතොති පබ්බජ්ජාපච්ඡිමකො අහොසි. ගුණෙහි පන අතිරෙකතරො. තස්ස හි සබ්බරාජූහි අතිරෙකතරා ද්වෙ ගුණා අහෙසුං. චතූසු ද්වාරෙසු සතසහස්සං සතසහස්සං විස්සජ්ජෙත්වා දෙවසිකං දානං අදාසි, අනුපොසථිකස්ස ච දස්සනං නිවාරෙසි. අනුපොසථිකෙසු හි රාජානං පස්සිස්සාමාති ගතෙසු දොවාරිකො පුච්ඡති “තුම්හෙ උපොසථිකා නො වා”ති. යෙ අනුපොසථිකා හොන්ති, තෙ නිවාරෙති “අනුපොසථිකානං රාජා දස්සනං න දෙතී”ති. “මයං ජනපදවාසිනො කාලෙ භොජනං කුහිං ලභිස්සාමා”තිපි තත්ථ වචනොකාසො නත්ථි. චතූසු හි ද්වාරෙසු රාජඞ්ගණෙ ච අනෙකානි භත්තචාටිසහස්සානි පටියත්තානෙව හොන්ති. තස්මා මහාජනො ඉච්ඡිතිච්ඡිතට්ඨානෙ මස්සුං කාරෙත්වා න්හායිත්වා වත්ථානි පරිවත්තෙත්වා යථාරුචිතං භොජනං භුඤ්ජිත්වා උපොසථඞ්ගානි අධිට්ඨාය රඤ්ඤො ගෙහද්වාරං ගච්ඡති. දොවාරිකෙන “උපොසථිකා තුම්හෙ”ති පුච්ඡිතපුච්ඡිතා “ආම ආමා”ති වදන්ති. තෙන හි ආගච්ඡථාති පවෙසෙත්වා රඤ්ඤො දස්සෙති. ඉති ඉමෙහි ද්වීහි ගුණෙහි අතිරෙකතරො අහොසි.
පුත්තප්පපුත්තකා පුත්‍රයෝ ද මුණුබුරෝදැයි යනුවෙන් පැවති ඔහුගේ පරපුර, පච්ඡිමකො අහොසි පැවිද්දෙන් පශ්චිමයා විය. බෝධිසත්වයෝ බ්‍රහ්ම ලෝකයෙහි ඉපිද, මා විසින් මිනිස් ලොව පිහිටවු යහපත් වැඩපිළිවෙළ පවතීදැයි ආවර්ජනය කරත් මෙතෙක් පැවැති බවද දැන් නොපවත්නා බවද දුටුවෝය. දැන් නොපවතින්නේයයිද දුටුවේය. මාගේ ප්‍රවේණිය සිඳ දමන්ට නොදෙමියි තමාගේ වංශයෙහි උපන් රජුගේ අගමෙහෙසියගේ කුසයෙහි පිළිසිඳගෙන තමාගේ වංශයට නිම්වළල්ලක් ගසන්නාක් මෙන් උපන්නෝය. ඒනිසාම ඔහුට හිමි යයි නමක් විය. මෙසේ හෙතෙමේ පැවිදිවූ රජුන් සියලු දෙනට පශ්චිම වී පැවිදිවූයේනුයි පැවිද්දෙන් පශ්චිමයා විය. ගුණයෙන් අතිරේකතර විය. සියලු රජුන්ට වඩා ඔහුගේ අතිරේක තරවු ගුණ දෙකක් විය. සිව්දොර සියදහසක් සියදහසක් බැගින් දිනපතා දන් දුන්නේය. අඩමසකට වරක් දර්ශනය වැළැක්වීය. අඩමසකට වරක් රජුන් දකින්නෙමියි ගිය විට දොරටුපාලයා මෙසේ විමසයි ඔබ මසකට වරක් එන්නේද නොවේද අඩමසකට වරක් එන්නෝනම් ඔවුන් වළක්වයි අඩමසකට වරක් එන්නවුන්ට රජතුමා දර්ශනයක් නොවෙයි. අපි ජනපද වැසියෝ වෙමු. උදෑසන ආහාර කොහින් ලබන්නෙමුද, එහි කතාකිරීමට අවසරයක් නැත. සිව් දොරටුවෙහිද රජ මිදුලෙහිද නොයෙක් දහස් ගණන් බත් සැළි පිළියෙල කොට ඇත. ඒනිසා මහජනයා කැමති කැමති තැන රැවුල කපා නා වස්ත්‍ර අමුතුවෙන් හැඳ කැමති පරිදි බොජුන් අනුභව කොට උපොසථ අංග ඉටාගෙන රජුගේ මාලිගය ඉදිරියට යයි. දොරටුපල්ලා විසින් ඔබලා මසකට වරක් එන්නාහුදයි අසනු ලැබුවේ එසේය එසේයැයි කියති. එසේනම් එවුයැයි ප්රවේශකරවා රජුට දක්වයි මෙසේ මේ ගුණ දෙකින් අතිරේක තර විය.
දෙවානං තාවතිංසානන්ති තාවතිංසභවනෙ නිබ්බත්තදෙවානං. තෙ කිර දෙවා විදෙහරට්ඨෙ මිථිලනගරවාසිනො රඤ්ඤො ඔවාදෙ ඨත්වා පඤ්ච සීලානි රක්ඛිත්වා උපොසථකම්මං කත්වා තත්ථ නිබ්බත්තා රඤ්ඤො ගුණකථං කථෙන්ති. තෙ සන්ධාය වුත්තං “දෙවානං තාවතිංසාන”න්ති.
දෙවතානං තාවතිංසානං තවුතිසා දෙව්ලොව උපන් දෙවියන්ට, ඒ දෙවියෝ විදේහ රට මිථිලා නගර වැසි රජුගේ අවවාදයෙහි පිහිටා පන්සිල් රැක පෙහෙවස්කම් කොට එහි ඉපදුණාහු රජුගේ ගුණ කථා කියති. ඔවුන් සඳහා කියන ලදී - දෙවානං තාවතිංසානං යනුවෙන්
නිසින්නො හොතීති පාසාදවරස්ස උපරිගතො දානඤ්ච සීලඤ්ච උපපරික්ඛමානො නිසින්නො හොති. එවං කිරස්ස අහොසි – “දානං නු ඛො මහන්තං උදාහු සීලං, යදි දානං මහන්තං, අජ්ඣොත්ථරිත්වා දානමෙව දස්සාමි. අථ සීලං, සීලමෙව පූරිස්සාමී”ති. තස්ස “ඉදං මහන්තං ඉදං මහන්ත”න්ති නිච්ඡිතුං අසක්කොන්තස්සෙව සක්කො ගන්ත්වා පුරතො පාතුරහොසි. තෙන වුත්තං අථ ඛො, ආනන්ද,…පෙ… සම්මුඛෙ පාතුරහොසීති. එවං කිරස්ස අහොසි – “රඤ්ඤො කඞ්ඛා උප්පන්නා, තස්ස කඞ්ඛච්ඡෙදනත්ථං පඤ්හඤ්ච කථෙස්සාමි, ඉධාගමනත්ථාය පටිඤ්ඤඤ්ච ගණ්හිස්සාමී”ති. තස්මා ගන්ත්වා සම්මුඛෙ පාතුරහොසි. රාජා අදිට්ඨපුබ්බං රූපං දිස්වා භීතො අහොසි ලොමහට්ඨජාතො. අථ නං සක්කො – “මා භායි, මහාරාජ, විස්සත්ථො පඤ්හං පුච්ඡ, කඞ්ඛං තෙ පටිවිනොදෙස්සාමී”ති ආහ.
නිසින්නොහොති උතුම්පහයෙහි මතුමහලට ගියේ දානය ශීලයද පරීක්ෂාකර බලමින් හුන්නේ වෙයි. ඔහුට මෙසේ සිතිණ දානය මහත්ය, සීලයද මහය, ඉදින් දානය මහත්නම් සියල්ල අභිබවා දානයම දෙන්නෙමි. එසේනම් සීලය මහත්නම් සීලයම පුරන්නෙමියි ඔහුට කුමක් මහත් දැයි නිශ්චයකරන්ට නොහැකිව සිටිනවිට ශක්‍රයා ගොස් ඉදිරියෙහි පහළ විය. අථඛො ආනාද -පෙ- පමුඛෙ පාතුරහොසි යි කියන ලදී. ඔහුට මෙසේ සිතිණ. රජුට සැකයක් උපන. ඔහුගේ සැකදුරු කිරීම පිණිස ප්‍රශ්නයක්ද කියන්නෙමි. මෙහි පැමිණෙන බවට ප්‍රතිඥාවක්ද ගන්නෙමි. ඒප්තිසා ගොස් ඉදිරිපිට පහළවිය. රජ පෙර නුදුටු විරූ රූපය දැක බියපත්විය. ලොමු දැහැගත්තේය. ඉක්බිති ශක්‍රයා බියනොවන්න මහරජ, විශ්වාසය ඇතිව ප්‍රශ්නයක් විචාරන්න. ඔබගේ සැකය දුරුකරලන්නෙමි.
රාජා –
රජ මෙසේ ඇසීය.
“පුච්ඡාමි තං මහාරාජ, සබ්බභූතානමිස්සර; දානං වා බ්රහ්මචරියං වා, කතමං සු මහප්ඵල”න්ති. –
පුච්ඡාමි තං මහා බාහු සබ්බභූතානමිස්සර දානංවා බ්රහ්මචරියංවා කතමං සුමහප්ඵලං
සියලු භූතයන්ට අධිපති මහා බාහු ඇත්තව. මම අසමි ඔබගෙන් දානයද බඹසරද මහත්ඵල දෙන්නේ?
පඤ්හං පුච්ඡි.
ප්‍රශ්නයක් ඇසීය.
සක්කො – “දානං නාම කිං, සීලමෙව ගුණවිසිට්ඨතාය මහන්තං. අහඤ්හි පුබ්බෙ, මහාරාජ, දසවස්සසහස්සානි දසන්නං ජටිලසහස්සානං දානං දත්වා පෙත්තිවිසයතො න මුත්තො, සීලවන්තා පන මය්හං දානං භුඤ්ජිත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තා”ති වත්වා ඉමා ගාථා අවොච –
ශක්‍රයා දානය කුමක්ද, සීලයම ගුණ විශිෂ්ට බැවින් මහත්ය. මහරජ මම පූර්වයෙහි වර්ෂ දසදහසක් ජටිලයන් දස දහසකට දන්දී ප්රේවිෂයයෙන් නොමිදුණෙමි. සිල්වත්තු මාගේ දානය වළදා බඹලොව උන්නාහුයැයි කියා මේ ගාථා කීය.
“හීනෙන බ්රහ්මචරියෙන, ඛත්තියෙ උපපජ්ජති; මජ්ඣිමෙන ච දෙවත්තං, උත්තමෙන විසුජ්ඣති.
හීනෙන බ්රහ්මචරියො ඛත්තියෙ උප්පජ්ජති මජ්ඣිමෙනච දෙවත්තං උත්තමෙන විසුජ්ඣති
හීනවූ බඹසරින් කැත්කුලයෙහි උපදී මැදි බඹසරින් දෙවත්බව ලබයි උතුම් බඹසරින් විසුදුවේ.
න හෙතෙ සුලභා කායා, යාචයොගෙන කෙනචි; යෙ කායෙ උපපජ්ජන්ති, අනාගාරා තපස්සිනො”ති. (ජා· 2.22.429-430);
නහෙතෙ සුලභාකායා යාව යොගෙන කෙනචි යෙකායෙ උප්පජ්ජන්ති අනගාරා තපස්සිනො
කිසියම් රෝගයක යෙදුණු පමණින් මේ අත්බැව් ලැබීම අපහසුය. එබඳු අත්බැව්හි උපදින්නෝ අනගාරික තපස් වීහුය.
එවං රඤ්ඤො කඞ්ඛං විනොදෙත්වා දෙවලොකගමනාය පටිඤ්ඤාගහණත්ථං ලාභා තෙ මහාරාජාතිආදිමාහ. තත්ථ අවිකම්පමානොති අභායමානො. අධිවාසෙසීති අහං මහාජනං කුසලං සමාදපෙමි, පුඤ්ඤවන්තානං පන වසනට්ඨානං දිස්වා ආගතෙන මනුස්සපථෙ සුඛං කථෙතුං හොතීති අධිවාසෙසි.
මෙසේ රජුගේ සැක දුරුකොට දෙව්ලොව ගමන පිණිස ප්‍රතිඥාවක් ගනු සඳහා ලාභාතෙ මහාරාජ ආදිය කීය. එහි අවිකම්පමානො යනු නොපිරිහෙන්නේ අධිවාසෙසි මම මහජනයා කුසල්හි සමාදන් කරවමි. පින්වතුන් වසන තැන දැක පැමිණ මිනිස් පියසෙහි ඒ සැප කියන්ට වේහුයි ඉවසීය.
එවං භද්දන්තවාති එවං හොතු භද්දකං තව වචනන්ති වත්වා. යොජෙත්වාති එකස්මිංයෙව යුගෙ සහස්සඅස්සාජානීයෙ යොජෙත්වා. තෙසං පන පාටියෙක්කං යොජනකිච්චං නත්ථි, මනං ආගම්ම යුත්තායෙව හොන්ති. සො පන දිබ්බරථො දියඩ්ඪයොජනසතිකො හොති, නද්ධිතො පට්ඨාය රථසීසං පඤ්ඤාසයොජනානි, අක්ඛබන්ධො පණ්ණාසයොජනානි, අක්ඛබන්ධතො පට්ඨාය පච්ඡාභාගො පණ්ණාසයොජනානි, සබ්බො සත්තවණ්ණරතනමයො. දෙවලොකො නාම උද්ධං, මනුස්සලොකො අධො, තස්මා හෙට්ඨාමුඛං රථං පෙසෙසීති න සල්ලක්ඛෙතබ්බං. යථා පන පකතිමග්ගං පෙසෙති, එවමෙව මනුස්සානං සායමාසභත්තෙ නිට්ඨිතෙ චන්දෙන සද්ධිං යුගනද්ධං කත්වා පෙසෙසි, යමකචන්දා උට්ඨිතා විය අහෙසුං. මහාජනො දිස්වා “යමකචන්දා උග්ගතා”ති ආහ. ආගච්ඡන්තෙ ආගච්ඡන්තෙ න යමකචන්දා, එකං විමානං, න විමානං, එකො රථොති. රථොපි ආගච්ඡන්තො ආගච්ඡන්තො පකතිරථප්පමාණොව, අස්සාපි පකතිඅස්සප්පමාණාව අහෙසුං. එවං රථං ආහරිත්වා රඤ්ඤො පාසාදං පදක්ඛිණං කත්වා පාචීනසීහපඤ්ජරට්ඨානෙ රථං නිවත්තෙත්වා ආගතමග්ගාභිමුඛං කත්වා සීහපඤ්ජරෙ ඨත්වාව ආරොහනසජ්ජං ඨපෙසි.
එවං භද්දන්තවා මෙසේ ඔබගේ වචනය සොඳුරු වේවායි කියා යොජෙත්වා එකම වියගසක දහසක් ආජානීය අශ්වයන් යොදා ඔවුන් තනිව යෙදුමක් නැත. සිත් අනුව යෙදුවාහුම වෙති: ඒ දිව්‍ය රථය යොදුන් එකසිය පනසක් වෙයි. රැහැනෙහි පටන් රථමුදුනට පනස් යොදුනකි. අක්ෂ දණ්ඩ පනස් යොදුනකි. අක්ෂ දණ්ඩෙහි සිට පසු භාගය පනස් යොදුනකි. සියල්ල රක්ත වර්ණ උතුම් මැණික්මුවා වෙයි. දෙව්ලොව උඩය. මිනිස් ලොවනම් යටය ඒනිසා යටිකුරු ලෙස රථය යැවීයයි නො සැලකිය යුතුයි. යම්සේ පියවි මගෙහි යැවේනම් එසේවෙයි. මෙසේ මිනිසුන්ගේ රාත්‍රි ආහාරය නිමවූකල්හි නවසඳ සමග දෙදෙනා බැගින් එකට වියගසෙහි බැඳ යැවීය. සඳයුගලයක් නැගුණාක් මෙන් විය. මහජනයා දැක සඳ දෙකක් නැගලායයි කීය. එක් එක්ම සඳ යුගලක් නොව එක් විමානයක් නොවේ. එක් රථයකි. රථයද එත්එත්ම ප්‍රකෘති රථයක ප්‍රමාණය මය. අශ්වයෝ ප්‍රකෘති අශ්වයන් පමණම වූහ. මෙසේ රථය ගෙනවුත් රජුගේ ප්‍රාසාදය පැදකුණු කොට පෙරදිග සීමැදුරු කවුළුව සිට නැගීම සඳහා සැඳීම් කළේය.
අභිරුහ මහාරාජාති රාජා – “දිබ්බයානං මෙ ලද්ධ”න්ති න තාවදෙව අභිරුහි, නාගරානං පන ඔවාදං අදාසි “පස්සථ තාතා, යං මෙ සක්කෙන දෙවරඤ්ඤා දිබ්බරථො පෙසිතො, සො ච ඛො න ජාතිගොත්තං වා කුලප්පදෙසං වා පටිච්ච පෙසිතො, මය්හං පන සීලාචාරගුණෙ පසීදිත්වා පෙසිතො. සචෙ තුම්හෙපි සීලං රක්ඛිස්සථ, තුම්හාකම්පි පෙසෙස්සති, එවං රක්ඛිතුං යුත්තං නාමෙතං සීලං. නාහං දෙවලොකං ගන්ත්වා චිරායිස්සාමි, අප්පමත්තා හොථා”ති මහාජනං ඔවදිත්වා පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙත්වා රථං අභිරුහි. තතො මාතලි සඞ්ගාහකො “අහම්පි මහාරාජස්ස මමානුච්ඡවිකං කරිස්සාමී”ති ආකාසම්හි ද්වෙ මග්ගෙ දස්සෙත්වා අපිච මහාරාජාතිආදිමාහ.
මහරජතුමනි නගින්න. දිව්යයානයක් මට ලැබුණේය. එකෙණෙහි නැංගේය. නුවරුන්ට අවවාදයක් දුන්නේය. දරුවෙනි බලවු, සක්දෙව් රජු විසින් මට දිව්‍ය රථයක් එවන ලදී. එයද ජාතිය හෝ ගෝත්‍රය හෝ කුලප්රදේහය හෝ නිසා නොඑවන ලද්දකි. මාගේ ශීලාචාර ගුණයන්හි පැහැදී එවන ලද්දකි. ඉදින් තොපිත් සිල් රකිවුනම් තොපටත් එවන්නේය. මෙසේ සීලය රැකිය යුත්තක්මය. මම දෙව්ලොවට ගොස් පමානොවන්නෙමි. අප්රමාදී වවුයයි මහජනයාට ඔවදන් දී පන්සිල්හි පිහිටුවා රථයට නැගේය. ඉන්පසු මාතලී පියැදුරා මම ද මහරජුට මට සුදුසු දෙයක් කරන්නෙමියි අහසෙහි මං දෙකක් පෙන්වා අපිච මහාරාජ ආදිය කීය.
තත්ථ කතමෙනාති, මහාරාජ, ඉමෙසු මග්ගෙසු එකො නිරයං ගච්ඡති, එකො දෙවලොකං, තෙසු තං කතමෙන නෙමි. යෙනාති යෙන මග්ගෙන ගන්ත්වා යත්ථ පාපකම්මන්තා පාපකානං කම්මානං විපාකං පටිසංවෙදියන්ති, තං ඨානං සක්කා හොති පස්සිතුන්ති අත්ථො. දුතියපදෙපි එසෙව නයො. ජාතකෙපි –
එහි කතමෙන මහාරාජ මේ මං දෙකින් එක්මගක් නිරය වෙතට දිවෙයි. එකක් දෙව්ලොව වෙත දිවෙයි. ඒ දෙකින් කුමකින් ගෙන යම්ද. යෙන යම් මගකින් ගොස්, යම්තැනක පව්කම්කරන්නෝ පාප කර්මයන්ගේ විපාකය විඳිත්ද එතැන ලබන්ට හැකිය යන අර්ථයි. දෙවැනි පදයෙහිද මෙම ක්‍රමය මැයි. ජාතකයෙහි:
“කෙන තං නෙමි මග්ගෙන, රාජසෙට්ඨ දිසම්පති; යෙන වා පාපකම්මන්තා, පුඤ්ඤකම්මා ච යෙ නරා”ති. (ජා· 2.22.450) –
කෙනකං නෙමි මග්ගෙන රාජසෙට්ඨදිගම්පතී යෙනවා පාප කම්මන්නො - ප්රඤ්ඤකම්මාච යෙනවා
රාජාධි රාජවූ දිසාපතිවූ නිම් මහරජ තුමනි පව් කමින් හෝ පින් කමින් යන කුමන මගකින් මෙහි පැමිණියෙහිද?
ගාථාය අයමෙවත්ථො. තෙනෙවාහ –
ගාථාවෙහි මෙම අර්ථය එහෙයින් කියන ලදී.
“නිරයෙ තාව පස්සාමි, ආවාසෙ පාපකම්මිනං; ඨානානි ලුද්දකම්මානං, දුස්සීලානඤ්ච යා ගතී”ති. (ජා· 2.22.451);
නිරයං තාව පස්සාමි ආවාසං පාපකම්මිනං ඨානානි ලද්ධ කම්මානං දුස්සීලානඤ්ච යාගතී
පව්කම් කරන වුන් වසන තැන නිරයැයි දකිමි සැහැසිකම් කරනවුන්, දුසිලුන් උපදනා තැන මෙයයි.
උභයෙනෙව මං මාතලි නෙහීති මාතලි ද්වීහි මග්ගෙහි මං නෙහි, අහං නිරයං පස්සිතුකාමො දෙවලොකම්පීති. පඨමං කතමෙන නෙමීති. පඨමං නිරයමග්ගෙන නෙහීති. තතො මාතලි අත්තනො ආනුභාවෙන රාජානං පඤ්චදස මහානිරයෙ දස්සෙසි. විත්ථාරකථා පනෙත්ථ –
මාතලී මන්ත්‍රිය. මාර්ගදෙකින්ම මා ගෙනයන්න. මම නිරයද දෙව්ලොවද දකිනු කැමැත්තෙමි. පළමුවෙන් කුමකින් ගෙනයම්ද? පළමුවෙන් නිරය මාර්ගයෙන් ගෙන යන්න. ඉන්පසු මාතලී තමාගේ ආනුභාවයෙන් රජුට පසළොස් නිරය පෙන්වීය. මෙහි විස්තර කථාව වනාහි.
“දස්සෙසි මාතලි රඤ්ඤො, දුග්ගං වෙතරණිං නදිං; කුථිතං ඛාරසංයුත්තං, තත්තං අග්ගිසිඛූපම”න්ති. (ජා· 2.22.452) –
දස්සෙසි මාතලී රඤ්ඤො - දුග්ගං වෙතරණිං නදිං කුථිතං ඛාරසංයුත්තං තත්තං අග්ගි සිඛුපමං
බුබුළුදමන ලවණ ජලයෙන් පිරුණු ගිනි සිළුවක් මෙන් රත්වූ දුගම වේතරණී නදිය මාතලී, රජුට පෙන්විය.
ජාතකෙ වුත්තනයෙන වෙදිතබ්බා. නිරයං දස්සෙත්වා රථං නිවත්තෙත්වා දෙවලොකාභිමුඛං ගන්ත්වා බීරණීදෙවධීතාය සොණදින්නදෙවපුත්තස්ස ගණදෙවපුත්තානඤ්ච විමානානි දස්සෙන්තො දෙවලොකං නෙසි. තත්රාපි විත්ථාරකථා –
ජාතකයෙහි කියුක්රමයෙන් දත යුතුයි. නිරය පෙන්වා රථය නතර කර දෙව්ලොවට අභිමුඛ කොට බීරණිනම් දෙව්දුවගේ සොණදින්න දිව්‍ය පුත්‍රයාගේද ගණ දේවපුත්රයන්ගේ ද විමාන පෙන්වමින් දෙව්ලොවට පැමිණ වීය. මෙහිදී විස්තර කතාව:
“යදි තෙ සුතා බීරණී ජීවලොකෙ, ආමායදාසී අහු බ්රාහ්මණස්ස; සා පත්තකාලෙ අතිථිං විදිත්වා, මාතාව පුත්තං සකිමාභිනන්දී; සංයමා සංවිභාගා ච, සා විමානස්මි මොදතී”ති. (ජා· 2.22.507) –
යදිතෙසු තා බීරණී ජීවලොකෙ ආමා යදාසි අහු බ්රාහ්මණස්ස සා පත්තකාලං අතිථිං විදිත්වා මාතාව පුත්තං සකිමාහිනන්දි සංයමා සංවිභාගාච සා විමානස්මිං මොදනී
බමුණාගේ ප්රවේණි දාසියවු බීරණී, සුදුසුකල්හි එන ආගන්තුකයා දැන පුතු සමග තුටු වන මව මෙන් සංයමයෙන් සංවිධානයෙන් යුතුව අද විමානයෙහි තුටුවෙයි.
ජාතකෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා.
ජාතකයෙහි කියන ලද පරිද්දෙන් දත යුතුයි.
එවං ගච්ඡතො පන තස්ස රථනෙමි වට්ටියා චිත්තකූටද්වාරකොට්ඨකස්ස උම්මාරෙ පහතමත්තෙව දෙවනගරෙ කොලාහලං අහොසි. සක්කං දෙවරාජානං එකකංයෙව ඔහාය දෙවසඞ්ඝො මහාසත්තං පච්චුග්ගමනමකාසි, තං දෙවතානං ආදරං දිස්වා සක්කො චිත්තං සන්ධාරෙතුං අසක්කොන්තො – “අභිරම, මහාරාජ, දෙවෙසු දෙවානුභාවෙනා”ති ආහ. එවං කිරස්ස අහොසි – “අයං රාජා අජ්ජ ආගන්ත්වා එකදිවසෙනෙව දෙවගණං අත්තනො අභිමුඛමකාසි. සචෙ එකං ද්වෙ දිවසෙ වසිස්සති, න මං දෙවා ඔලොකෙස්සන්තී”ති. සො උසූයමානො, “මහාරාජ, තුය්හං ඉමස්මිං දෙවලොකෙ වසිතුං පුඤ්ඤං නත්ථි, අඤ්ඤෙසං පුඤ්ඤෙන වසාහී”ති ඉමිනා අධිප්පායෙන එවමාහ. බොධිසත්තො – “නාසක්ඛි ජරසක්කො මනං සන්ධාරෙතුං, පරං නිස්සාය ලද්ධං ඛො පන යාචිත්වා ලද්ධභණ්ඩකං විය හොතී”ති පටික්ඛිපන්තො අලං මාරිසාතිආදිමාහ. ජාතකෙපි වුත්තං –
මෙසේ යන ඔහුගේ රථයෙහි නිම් වළල්ල චිත්රකූටයෙහි දොරකොටුවෙහි උළුවස්සෙහි වැදුණු සැණින් දෙවිනුවර කෝලහලවිය. සක්දෙව් රජු තනිව අත්හැර දේව ගණයා බෝධිසත්වයන්ට පෙරගමන් කළහ. දෙවියන්ගේ ඒ ආදරය දැක ශක්‍රයාද සිත දරාගන්ට අසමත් වන්නේ මහරජතුමනි, දෙව්ලොව දිව්‍යානුභාවයෙන් සතුටු වන්නැයි කීය. ඔහුට මෙසේ සිතිණ. මේ රජ අද පැමිණ එක්දවසකින්ම දේවගණයා තමා අබිමුවට ගෙන්විය. ඉතින් දවසක් දෙකක් විසුවොත් දෙවියෝ මා දෙස නොබලන්නෝ යැයි ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් මහරජ ඔබට මේ දෙව්ලොව විසීමට පින්නැත. අනුන්ගේ පිතින් වසන්නැයි. මේ අදහසින් මෙසේ කීය. බෝධිසත්වයන් වහන්සේ මේ මහලු ශක්‍රයාට සිත වාවාගන්ට නොහැකිය. අනුන්ට යාච්ඤා කොට අනුන්නිසා ලබාගත් බඩුවක් මෙන් වෙතියි ප්‍රතික්ෂේප කරන්නේ පින්වත් වැඩක් නැතැයි ආදිය කීය. ජාතකයෙහිද මෙසේ කියන ලදී.
“යථා යාචිතකං යානං, යථා යාචිතකං ධනං; එවංසම්පදමෙවෙ තං, යං පරතො දානපච්චයා; න චාහමෙතමිච්ඡාමි, යං පරතො දානපච්චයා”ති. (ජා· 2.22.585-586) –
යථා යාචිතකං යානං යථා යාචිතකං ධනං එවං සම්පදමෙවෙතං යම්පරතො දාන පච්චයා නවාහමෙතං ඉච්ඡාමි යම්පරතොදාන පච්චයා
ඉල්ලාගත් යානයක් ඉල්ලාගත් ධනයත් සමානය. අනුන්ගේ දාන හේතුවෙන් ලබාගත් සම්පතකි. අනුන්ගේ දාන හේතුවෙන්. ලද මෙය නොකැමැත්තෙමි
සබ්බං වත්තබ්බං. බොධිසත්තො පන මනුස්සත්තභාවෙන කතිවාරෙ දෙවලොකං ගතොති. චත්තාරො – මන්ධාතුරාජකාලෙ සාධිනරාජකාලෙ ගුත්තිලවීණාවාදකකාලෙ නිමිමහාරාජකාලෙති. සො මන්ධාතුකාලෙ දෙවලොකෙ අසඞ්ඛ්යෙය්යං කාලං වසි, තස්මිඤ්හි වසමානෙයෙව ඡත්තිංස සක්කා චවිංසු. සාධිනරාජකාලෙ සත්තාහං වසි, මනුස්සගණනාය සත්ත වස්සසතානි හොන්ති. ගුත්තිලවීණාවාදකකාලෙ ච නිමිරාජකාලෙ ච මුහුත්තමත්තං වසි, මනුස්සගණනාය සත්ත දිවසානි හොන්ති.
සියල්ල කිවයුතුය. බෝධිසත්වයෝ මනුෂ්යාත්මභාවයෙන් කීවරක් දෙව්ලොවට ගියාහුද? සතරවරකි මන්ධාතු රජුන් කාලයෙහි, සාධීනරජකාලයෙහි, ගුත්තිල වීණාවාදනය කරන කාලයෙහි, නිමිමහාරාජ කාලයෙහි යනුවෙන්. හෙතෙමේ මන්ධාතුකාලයෙහි දෙව්ලොව අසංඛ්යකාලයක් විසීය. එහි වසද්දීම ශක්‍රයෝ තිස්හය දෙනෙක් චුතවගියහ. සාධීන රජකල්හි සත්දිනක් විසීය. මිනිස් ගණනින් වර්ෂ එකසිය හතකි. ගුත්තිල වීණා වාදනය කරන කල්හි ද නිමිමහාරාජ කල්හිද මොහොතක් පමණක් විසීය. මිනිස් ගණනින් සත්දවසක් වෙයි.
තත්ථෙව මිථිලං පටිනෙසීති පටිනෙත්වා පකතිසිරිගබ්භෙයෙව පතිට්ඨාපෙසි.
එහිදීම මිථිලාවට ආපසු පැමිණවීය නැවතගෙන්වා ප්‍රකෘති සිරියහන් ගබඩාවෙහිම පිහිටුවීය.
කළාරජනකොති තස්ස නාමං. කළාරදන්තතාය පන කළාරජනකොති වුත්තො. න සො අගාරස්මා අනගාරියං පබ්බජීති එත්තකමත්තමෙව න අකාසි, සෙසං සබ්බං පාකතිකමෙව අහොසි.
කළාරජනකො ඔහුගේ නමයි. පිටට නෙරාගිය දත් ඇති බැවින් කළාර ජනක යයි කියන ලදී. ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත සසුනෙහි පැවිදි නොවී මෙපමණක්ම නොකළේය. සෙසු සියල්ල ප්‍රකෘති තත්ත්වයේම විය.
සමුච්ඡෙදො හොතීති එත්ථ කල්යාණවත්තං කො සමුච්ඡින්දති, කෙන සමුච්ඡින්නං, කො පවත්තෙති, කෙන පවත්තිතං නාම හොතීති අයං විභාගො වෙදිතබ්බො. තත්ථ සීලවා භික්ඛු “න සක්කා මයා අරහත්තං ලද්ධු”න්ති වීරියං අකරොන්තො සමුච්ඡින්දති. දුස්සීලෙන සමුච්ඡින්නං නාම හොති. සත්ත සෙඛා පවත්තෙන්ති. ඛීණාසවෙන පවත්තිතං නාම හොති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සමුච්ඡෙදො හොති මෙහි යහපත් වැඩ පිළිවෙළ කවරෙක් කඩා දමයිද, කාවිසින් කඩාදමන ලද්දේද, කවරෙක් පවත්වයිද. කවරකු විසින් පවත්වන ලද්දේද යන මේ විභාගය දතයුතුය. එහි සිල්වත් භික්ෂුවක් මා විසින් රහත්බව ලැබීමට නොහැකියයි වීර්යය නොකරන්නේ කඩාදමයි. දුස්සීලයා විසින් කඩාදමන ලද්දේනම් වෙයි. සප්තසේඛයෝ පවත් වති. ක්ෂීණාශ්රවයා විසින් පවත්වන ලද්දේ නම් වෙයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මඝදෙවසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවැනි මඛාදේව ජාතකයයි