යෙදුමෙන් කියවන්න

මධුරසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මධුරසුත‍්තවණ‍්ණනා

මධුර සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මධුරසුත‍්තං. තත්‍ථ මහාකච‍්චානොති ගිහිකාලෙ උජ‍්ජෙනිකරඤ‍්ඤො පුරොහිතපුත‍්තො අභිරූපො දස‍්සනීයො පාසාදිකො සුවණ‍්ණවණ‍්ණො ච. මධුරායන‍්ති එවංනාමකෙ නගරෙ. ගුන්‍දාවනෙති කණ‍්හකගුන්‍දාවනෙ. අවන‍්තිපුත‍්තොති අවන‍්තිරට‍්ඨෙ රඤ‍්ඤො ධීතාය පුත‍්තො. වුද‍්ධො චෙව අරහා චාති දහරං අරහන‍්තම‍්පි න තථා සම‍්භාවෙන‍්ති යථා මහල‍්ලකං, ථෙරො පන වුද‍්ධො චෙව අහොසි අරහා ච. බ්‍රාහ‍්මණා, භො කච‍්චානාති සො කිර රාජා බ්‍රාහ‍්මණලද‍්ධිකො, තස‍්මා එවමාහ. බ්‍රාහ‍්මණොව සෙට‍්ඨො වණ‍්ණොතිආදීසු ජාතිගොත‍්තාදීනං පඤ‍්ඤාපනට‍්ඨානෙ බ්‍රාහ‍්මණාව සෙට‍්ඨාති දස‍්සෙති. හීනො අඤ‍්ඤො වණ‍්ණොති ඉතරෙ තයො වණ‍්ණා හීනා ලාමකාති වදති. සුක‍්කොති පණ‍්ඩරො. කණ‍්හොති කාළකො. සුජ‍්ඣන‍්තීති ජාතිගොත‍්තාදිපඤ‍්ඤාපනට‍්ඨානෙසු සුජ‍්ඣන‍්ති. බ්‍රහ‍්මුනො පුත‍්තාති මහාබ්‍රහ‍්මුනො පුත‍්තා. ඔරසා මුඛතො ජාතාති උරෙ වසිත්‍වා මුඛතො නික‍්ඛන‍්තා, උරෙ කත්‍වා සංවද‍්ධිතාති වා ඔරසා. බ්‍රහ‍්මජාති බ්‍රහ‍්මතො නිබ‍්බත‍්තා. බ්‍රහ‍්මනිම‍්මිතාති බ්‍රහ‍්මුනා නිම‍්මිතා. බ්‍රහ‍්මදායාදාති බ්‍රහ‍්මුනො දායාදා. ඝොසොයෙව ඛො එසොති වොහාරමත‍්තමෙවෙතං.

එවම්මෙසුතං යනු මධුර සුත්‍රයයි. එහි මහාකච්චානො ගිහිකල උදේනී රජුගේ පුරෝහිතයාගේ පුත්‍රයාය. රූපවත්ය. දැකුම්කළුය. ප්‍රසන්නය රන්වන්ය. මධුරායං එනම් ඇති නගරයෙහි ගුන්‍දාවනෙ කණහ ගුන්දා වනයෙහි, අවන්තිපුත්තො අවන්ති රටෙහි රජුගේ දුවගේ පුත්‍රයාය වුද්ධො චෙව අරහාච තරුණයා රහත්වුවද මහලු තෙරුන්ට මෙන් සම්භාවනා නොකෙරෙති. උන්වහන්සේ වෘද්ධච රහත් ද වූහ. බ්‍රාහ්මණා භො කච්චාන ඒ රජතෙමේ බ්‍රාහ්මණ ලබ්ධිකයෙකි. ඒනිසා මෙසේ කීය. බ්‍රාහ්මණොව සෙට්ඨො වණ්ණො ආදිතන්හි ජාති ගෝත්‍ර ආදිය පනවන තැන බමුණෝම ශ්‍රේෂ්ඨයයි දක්වයි. හීනො අඤ්ඤෙ වණ්ණො ඉතිරි වර්ණත්‍රය හීන යයිද ලාමක යැයිද කියයි. සුක්කො සුදු කණ්හො කලු. සුජ්ඣාන්ති ජාතිගෝත්‍ර ආදිය පනවන අර්ථයෙන් පිරිසිදු වෙත්. බ්‍රහ්මුනො පුත්තා මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝ, ඔරසා මුඛතොජාතා උරයෙහි වැස මුඛයෙන් නික්මුණු. උරයෙහි තබා වර්ධනය කරන ලද්දේ නුයිද ඔරසනම් බ්‍රහ්මජා බ්‍රහ්මයාගෙන් උපන්, බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරන ලද, බ්‍රහ්මදායාදා බ්‍රහ්මයාගේ දායාදය සොසොයෙව ඛො එසො එය ව්‍යවහාර මාත්‍රයක්මය.

ඉජ‍්ඣෙය්‍යාති සමිජ‍්ඣෙය්‍ය, යත‍්තකානි ධනාදීනි පත්‍ථෙය්‍ය, තත‍්තකෙහිස‍්ස මනොරථො පූරෙය්‍යාති අත්‍ථො. ඛත‍්තියොපිස‍්සාස‍්සාති ඛත‍්තියොපි අස‍්ස ඉස‍්සරියසම‍්පත‍්තස‍්ස පුබ‍්බුට‍්ඨායී අස‍්ස. නෙසං එත්‍ථ කිඤ‍්චීති න එතෙසං එත්‍ථ කිඤ‍්චි.

ඉජ්ඣෙය්‍ය සමෘද්ධ වන්නේය. යම්තරම් ධනය ප්‍රාර්ථනා කරයිද එපමණින් ඔහුගේ මනෝරථය පිරෙන්නේය යන අර්ථයි. ඛත්තියො පිස්ස ක්ෂත්‍රියයෙක් වෙයි. මේ ඓශ්චර්ය සම්පන්න පුද්ගලයා සැමට කලින් නැගිටින්නේ වෙයි. නෙසං එත්‍ථ කඤ්චි යනු මොවුන්ට මෙහි කිසිවක් නැත.

ආසනෙන වා නිමන‍්තෙය්‍යාමාති නිසින‍්නාසනං පප‍්ඵොටෙත්‍වා ඉධ නිසීදාති වදෙය්‍යාම. අභිනිමන‍්තෙය්‍යාමපි නන‍්ති අභිහරිත්‍වා තං නිමන‍්තෙය්‍යාම. තත්‍ථ දුවිධො අභිහාරො වාචාය චෙව කායෙන ච. “තුම‍්හාකං ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ මමං චීවරාදීහි වදෙය්‍යාථ යෙනත්‍ථො”ති වදන‍්තො හි වාචාය අභිහරිත්‍වා නිමන‍්තෙති නාම. චීවරාදිවෙකල‍්ලං සල‍්ලක‍්ඛෙත්‍වා “ඉදං ගණ‍්හථා”ති තානි දෙන‍්තො පන කායෙන අභිහරිත්‍වා නිමන‍්තෙති නාම. තදුභයම‍්පි සන්‍ධාය “අභිනිමන‍්තෙය්‍යාමපි න”න‍්ති ආහ. රක‍්ඛාවරණගුත‍්තින‍්ති රක‍්ඛාසඞ‍්ඛාතඤ‍්චෙව ආවරණසඞ‍්ඛාතඤ‍්ච ගුත‍්තිං. යා පනෙසා ආවුධහත්‍ථෙ පුරිසෙ ඨපෙන‍්තෙන රක‍්ඛා, සා ධම‍්මිකා නාම සංවිහිතා න හොති. යථා පන අවෙලාය කට‍්ඨහාරිකාපණ‍්ණහාරිකාදයො විහාරං න පවිසන‍්ති, මිගලුද‍්දකාදයො විහාරසීමාය මිගෙ වා මච‍්ඡෙ වා න ගණ‍්හන‍්ති, එවං සංවිදහන‍්තෙන ධම‍්මිකා නාම සංවිහිතා හොති. තං සන්‍ධායාහ “ධම‍්මික”න‍්ති.

ආසනෙනවා නිමන්තෙය්‍ය හුන් අසුන ගසාදමා මෙහි හිඳින්නැයි කියන්නෙමු. අභි නිමන්තෙය්‍යාම පිතං මෙහි ගෙනවුත් ඔහුට ආරාධනා කරන්නෙමු. එහි කැඳවීම දෙයාකාරයි. වචනයෙන් ද කයින්ද, ඔබ කැමති කැමති ක්ෂණයෙහි මට චීවරාදියෙන් කියන්නාහුය. යම් අර්ථයකින්දැයි කියන්නේ වචනයෙන් කැඳවා ආරාධනය කරයි නම් චීවර ආදියෙහි වෙනස සලකා මෙය ගන්න. ඒවා දෙන්නේ කයින් කැඳවා ආරාධනය කරයි නම්. ඒ දෙකම සඳහා අභිනිමන්තෙය්‍යාමපිනං යනුවෙන් කීය. රක්‍ඛාවරණ ගුත්ති ආරක්ෂා සංඛ්‍යාතවූද ආවරණ සංඛ්‍යාතවූද රැකවරණය. එයවනාහි ආයුධ අතින්ගත් පුරුෂයන් තබන්නහු විසින් ධාර්මික ආරක්ෂාව තබන ලද්දේවෙයි. යම්සේ අවේලාවෙහි දර ගෙන එන්නාවු ස්ත්‍රීහුද කොළ ගෙන එන්නාවු ස්ත්‍රීහු විහාරයට නොපිවිසෙත්ද මුව වැද්දෝ ආදීහු විහාර සීමාව තුළ මුවන් හෝ මත්ස්‍යයන් හෝ නොඅල්ලත්ද එසේ සංවිධාන කරන්නා විසින් ධාර්මික ආරක්ෂාව තබන ලද්දේනම් වේ. ඒ සඳහා කීය. ධම්මිකං යනුවෙන්

එවං සන‍්තෙති එවං චතුන‍්නම‍්පි වණ‍්ණානං පබ‍්බජිතානං පබ‍්බජිතසක‍්කාරෙන සමෙ සමානෙ. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එවං සන්තෙ මෙසේ චතුර්වර්ණ ඇති පැවිද්දන්ට පැවිදි සත්කාර සමකල්හි සමාන කල්හි, සෙස්ස සියලු තැන නොගැඹුරුමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මධුරසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිව්වැනි මධුරසුත්‍රයයි

බොධිරාජකුමාරසුත‍්තවණ‍්ණනා

බෝධිරාජකුමාර සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති බොධිරාජකුමාරසුත‍්තං. තත්‍ථ කොකනදොති කොකනදං වුච‍්චති පදුමං. සො ච මඞ‍්ගලපාසාදො ඔලොකනකපදුමං දස‍්සෙත්‍වා කතො, තස‍්මා කොකනදොති සඞ‍්ඛං ලභි.

එවම්මෙසුතං යනු බොධිරාජ කුමාර සුත්‍රයයි. එහි කොකනදො කොකනදයයි කියනු ලැබේ. ඒ මංගල ප්‍රාසාදය එල්ලෙන නෙළුමක හැඩයෙන් පෙනුමෙන් කරන ලද්දකි. ඒ නිසා කෝකනදයයි නමක් ලැබීය.

යාව පච‍්ඡිමසොපානකළෙවරාති එත්‍ථ පච‍්ඡිමසොපානකළෙවරන‍්ති පඨමං සොපානඵලකං වුත‍්තං. අද‍්දසා ඛොති ඔලොකනත්‍ථංයෙව ද‍්වාරකොට‍්ඨකෙ ඨිතො අද‍්දස. භගවා තුණ‍්හී අහොසීති “කිස‍්ස නු ඛො අත්‍ථාය රාජකුමාරෙන අයං මහාසක‍්කාරො කතො”ති ආවජ‍්ජන‍්තො පුත‍්තපත්‍ථනාය කතභාවං අඤ‍්ඤාසි. සො හි රාජකුමාරො අපුත‍්තකො, සුතඤ‍්චානෙන අහොසි – “බුද‍්ධානං කිර අධිකාරං කත්‍වා මනසා ඉච‍්ඡිතං ලභන‍්තී”ති. සො – “සචාහං පුත‍්තං ලභිස‍්සාමි, සම‍්මාසම‍්බුද‍්ධො මම චෙලප‍්පටිකං අක‍්කමිස‍්සති. නො චෙ ලභිස‍්සාමි, න අක‍්කමිස‍්සතී”ති පත්‍ථනං කත්‍වා සන්‍ථරාපෙසි. අථ භගවා “නිබ‍්බත‍්තිස‍්සති නු ඛො එතස‍්ස පුත‍්තො”ති ආවජ‍්ජෙත්‍වා “න නිබ‍්බත‍්තිස‍්සතී”ති අද‍්දස.

යාව පච්ඡිමා සොපාන කළෙපරා - එහි පශ්චිමසෝපාන කළෙපර යනු පියගැට පෙළෙහි පළමුවැනි ඵලකයයි කියන ලදී. අද්දසාඛො බලන අර්ථයෙන්ම දොර කොටුවෙහි සිට දුටුවේය. භගවා තුණ්හී අහොසි කවර අර්ථයකින් රජකුමරා විසින් මේ මහා සත්කාරය කරන ලද්දේදැයි ආවර්ජනය කරනු යේ පුත්‍රයකු පත් කරන ලද බව දන්නේය. ඒ රාජපුත්‍රයා පුත්‍රයන් නැති බහුශ්‍රැතයෙක් විය. බුදුවරුන් හමුවෙහි උත්සාහ කර මනසින් කැමතිවන දේ ලබත්. හෙතෙමේ ඉදින් මම පුත්‍රයකු ලබන්නෙමි නම් සම්මාසම්බුදුන් වහන්සේ මේ රෙදිකඩ පාගන්නෝය නොලබන්නෙමි නම් නොපාගන්නෝ යැයි ප්‍රාර්ථනාවක් කොට ඇතිරවීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොහුට පුතෙක් උපදින්නේ දැයි ආවර්ජනා කොට නූපදින්නේයයි දුටුසේක.

පුබ‍්බෙ කිර සො එකස‍්මිං දීපෙ වසමානො සමච‍්ඡන්‍දෙන සකුණපොතකෙ ඛාදි. සචස‍්ස මාතුගාමො අඤ‍්ඤොව භවෙය්‍ය, පුත‍්තං ලභෙය්‍ය. උභොහි පන සමානච‍්ඡන්‍දෙහි හුත්‍වා පාපකම‍්මං කතං, තෙනස‍්ස පුත‍්තො න නිබ‍්බත‍්තිස‍්සතීති අඤ‍්ඤාසි. දුස‍්සෙ පන අක‍්කන‍්තෙ – “බුද‍්ධානං අධිකාරං කත්‍වා පත්‍ථිතපත්‍ථිතං ලභන‍්තීති ලොකෙ අනුස‍්සවො, මයා ච මහාඅභිනීහාරො කතො, න ච පුත‍්තං ලභාමි, තුච‍්ඡං ඉදං වචන”න‍්ති මිච‍්ඡාගහණං ගණ‍්හෙය්‍ය. තිත්‍ථියාපි – “නත්‍ථි සමණානං අකත‍්තබ‍්බං නාම, චෙලප‍්පටිකං මද‍්දන‍්තා ආහිණ‍්ඩන‍්තී”ති උජ‍්ඣායෙය්‍යුං. එතරහි ච අක‍්කමන‍්තෙසු බහූ භික‍්ඛූ පරචිත‍්තවිදුනො, තෙ භබ‍්බං ජානිත්‍වා අක‍්කමිස‍්සන‍්ති, අභබ‍්බං ජානිත්‍වා න අක‍්කමිස‍්සන‍්ති. අනාගතෙ පන උපනිස‍්සයො මන්‍දො භවිස‍්සති, අනාගතං න ජානිස‍්සන‍්ති. තෙසු අක‍්කමන‍්තෙසු සචෙ පත්‍ථිතං ඉජ‍්ඣිස‍්සති, ඉච‍්චෙතං කුසලං. නො චෙ ඉජ‍්ඣිස‍්සති, – “පුබ‍්බෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස අභිනීහාරං කත්‍වා ඉච‍්ඡිතිච‍්ඡිතං ලභන‍්ති, තං ඉදානි න ලභන‍්ති. තෙයෙව මඤ‍්ඤෙ භික‍්ඛූ පටිපත‍්තිපූරකා අහෙසුං, ඉමෙ පටිපත‍්තිං පූරෙතුං න සක‍්කොන‍්තී”ති මනුස‍්සා විප‍්පටිසාරිනො භවිස‍්සන‍්තීති ඉමෙහි කාරණෙහි භගවා අක‍්කමිතුං අනිච‍්ඡන‍්තො තුණ‍්හී අහොසි. සික‍්ඛාපදං පඤ‍්ඤපෙසි “න, භික‍්ඛවෙ, චෙලප‍්පටිකා අක‍්කමිතබ‍්බා”ති (චූළව· 268). මඞ‍්ගලත්‍ථාය පඤ‍්ඤත‍්තං අනක‍්කමන‍්තෙසු පන අක‍්කමනත්‍ථාය අනුපඤ‍්ඤත‍්තිං ඨපෙසි – “ගිහී, භික‍්ඛවෙ, මඞ‍්ගලිකා, අනුජානාමි, භික‍්ඛවෙ, ගිහීනං මඞ‍්ගලත්‍ථායා”ති (චූළව· 268).

පෙර ඔහු එක්තරා දූපතක වසමින් වටු කුරුලු පැටවුන් කෑවේය. ඉදින් ඔහුගේ ගැහැණිය පින් ඇත්තී වන්නී නම්, දෙදෙනා විසින් සමාන කැමැත්තෙන් යුතුව පාපකර්මය කළ බැවින් පුත්‍රයෙක් නුපදින්නේයයි දත්සේක, රෙදිකඩ පාගන කල්හි බුදුන් හමුවෙහි උත්සාහයක් කොට පැතුදෙය ලබත් යයි ආරංචියක් ලෝකයෙහි ඇත. මා විසින්ද මහා උත්සාහයක් කරන ලදී. පුත්‍රයකු නොලබම්නම් මේ කීම තුච්ඡයයි මිථ්‍යාදෘෂ්ටිය ගනිමි. මිසදිටුවෝද ශ්‍රමණයන්ට නොකළ හැකි දෙයක් නැත. රෙදිකඩවල් පාගමින් ඇවිදිතිය කෑගසනු ඇත. දැන්ද පාගන්නවුන් අතර බොහෝ භික්‍ෂූහු පරසිත් දන්නෝය. ඔවුහු සිදුවිය හැකි දෙය පමණක් දැන පාගත්. සිදුවිය නොහැක්ක දැන නොපාගත්. අනාගතයෙහි උපනිශ්‍රය මඳවන්නේය. අනාගතය නොදන්නෝය. ඔවුන් පාගන විට ඉදින් ප්‍රාර්ථනාව ඉටු වන්නේනම් එය කුසලයකි. ඉටුනොවන්නේ නම් ඉස්සරනම් භික්‍ෂුසංඝයා හමුවෙහි උත්සාහ කොට කැමති කැමති වූ දෙය ලබති. දැන් නොලබති. ප්‍රතිපත්ති පුරන භික්‍ෂුන් ඔවුන් වූහයි හැඟේ. මොවුහු පිළිවෙත් පුරන්ට නොහැක්කෝ යැයි මිනිස්සු විපිළිසර වන්නාහුය. මේ කරුණු නිසා භාග්‍යවතුන් වහන්සේ පා තබන්ට නොකැමති සේක් නිහඬ වූහ. ශික්ෂා පදයක්ද පැනවු සේක. මහණෙනි රෙදිකඩ නොපෑගිය යුතුය. මගුල් පිණිස පැනවු රෙදිකඩ නොපාගන්නවුන් කෙරෙහි පැගීම පිණිස අනුප්‍රඥප්තියක් තැබූසේක. මහණෙනි ගිහියෝ මගුල් ඇත්තෝය. මගුල්පිණිස වු රෙදිකඩ පෑගීම අනුදනිමි.

පච‍්ඡිමං ජනතං තථාගතො අනුකම‍්පතීති ඉදං ථෙරො වුත‍්තෙසු කාරණෙසු තතියං කාරණං සන්‍ධායාහ. න ඛො සුඛෙන සුඛන‍්ති කස‍්මා ආහ? කාමසුඛල‍්ලිකානුයොගසඤ‍්ඤී හුත්‍වා සම‍්මාසම‍්බුද‍්ධො න අක‍්කමි, තස‍්මා අහම‍්පි සත්‍ථාරා සමානච‍්ඡන්‍දො භවිස‍්සාමීති මඤ‍්ඤමානො එවමාහ.

පච්ජිමං ජන්තං තථාගතො අපලොකෙති කියන ලද කාරණයන්හි තුන්වැනි කරුණ සඳහා තෙරුන් වහන්සේ මෙය කීහ. නඛොසුඛෙන සුඛං යනුවෙන් කුමක්නිසා කීයේද? සම්මාසම්බුදුන් වහන්සේ කාමසුඛල්ලිකානු යෝගී සංඥාවෙන් නොපෑගුසේක. ඒනිසා මමද ශාස්තෲන් වහන්සේ සමග සමානචිඡන්ද වන්නෙමියි හඟිමින්

සො ඛො අහන‍්තිආදි “යාව රත‍්තියා පච‍්ඡිමෙ යාමෙ”ති තාව මහාසච‍්චකෙ (ම· නි· 1.364 ආදයො) වුත‍්තනයෙන වෙදිතබ‍්බං. තතො පරං යාව පඤ‍්චවග‍්ගියානං ආසවක‍්ඛයා පාසරාසිසුත‍්තෙ (ම· නි· 1.272 ආදයො) වුත‍්තනයෙන වෙදිතබ‍්බං.

සොඛොඅහං යනුවෙන් කීහ. යාව රත්තියා පච්ඡිමයාමෙ මහාසච්චක සූත්‍රයෙහි කියු ක්‍රමයෙන් දතයුතුය. ඉන් මතුවට පස්වග මහණුන්ගේ ආශ්‍රවක්ෂය දක්වා පාසරාසි සුත්‍රයෙහි කියු ක්‍රමයෙන් දත යුතුය.

අඞ‍්කුසගය‍්හෙ සිප‍්පෙති අඞ‍්කුසගහණසිප‍්පෙ. කුසලො අහන‍්ති ඡෙකො අහං. කස‍්ස පනායං සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හීති? පිතු සන‍්තිකෙ, පිතාපිස‍්ස පිතු සන‍්තිකෙව උග‍්ගණ‍්හි. කොසම‍්බියං කිර පරන‍්තපරාජා නාම රජ‍්ජං කාරෙසි. රාජමහෙසී ගරුභාරා ආකාසතලෙ රඤ‍්ඤා සද‍්ධිං බාලාතපං තප‍්පමානා රත‍්තකම‍්බලං පාරුපිත්‍වා නිසින‍්නා හොති, එකො හත්‍ථිලිඞ‍්ගසකුණො “මංසපෙසී”ති මඤ‍්ඤමානො ගහෙත්‍වා ආකාසං පක‍්ඛන්‍දි. සා “ඡඩ‍්ඩෙය්‍ය ම”න‍්ති භයෙන නිස‍්සද‍්දා අහොසි, සො තං පබ‍්බතපාදෙ රුක‍්ඛවිටපෙ ඨපෙසි. සා පාණිස‍්සරං කරොන‍්තී මහාසද‍්දමකාසි. සකුණො පලායි, තස‍්සා තත්‍ථෙව ගබ‍්භවුට‍්ඨානං අහොසි. තියාමරත‍්තිං දෙවෙ වස‍්සන‍්තෙ කම‍්බලං පාරුපිත්‍වා නිසීදි. තතො ච අවිදූරෙ තාපසො වසති. සො තස‍්සා සද‍්දෙන අරුණෙ උග‍්ගතෙ රුක‍්ඛමූලං ආගතො ජාතිං පුච‍්ඡිත්‍වා නිස‍්සෙණිං බන්‍ධිත්‍වා ඔතාරෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානං නෙත්‍වා යාගුං පායෙසි. දාරකස‍්ස මෙඝඋතුඤ‍්ච පබ‍්බතඋතුඤ‍්ච ගහෙත්‍වා ජාතත‍්තා උදෙනොති නාමං අකාසි. තාපසො ඵලාඵලානි ආහරිත්‍වා ද‍්වෙපි ජනෙ පොසෙසි.

අඞ්කුසගය්හ සිප්පෙ අංකුස ගන්නා ශිල්පයෙහි. කුසලො අහං මම දක්ෂවෙමි. කවරකුගේ සමීපයෙහි ශිල්ප උගත්තේද පියා සමීපයෙහිම උගත්තේය. කොසබෑ නුවර පරන්තප නම් රජෙක් රජ කළේය. රජමෙහෙසිය ගැබ්බරව උඩුමහලෙහි රජු සමග ළහිරු රැස් තපිමින් රතු කම්බිලියක් පොරවා හුන්නීය. එක් ඇත්කඳ ලිහිණියෙක් මස් පිඩුවක්යයි හඟිමින් ගෙන අහසට පැන්නේය. අද මා අත්හැර දමතියි බියෙන් නිහඬව සිටියාය. ඌ ඇය පර්වත පාමුල රුක් දෙබලක තැබීය. ඈ අතින් සංඥා කරමින් මහා හඬක් නැගුවාය. පක්ෂියා පළාගියේය. ඇයට එහිදීම ප්‍රසූතිය සිදුවිය. තුන්යම රැය වැසි වසිද්දී කම්බිලිය පොරවාගෙන හුන්නාය. ඉන් නුදුරෙහි තවුසෙක් වෙසේ හෙතෙමේ ඇයගේ හඬින් අරුණු නැගුණු කල්හි රුක්මුලට පැමිණියේ ජාතිය විමසා හිනිමඟක් බැඳ බස්සවා තමා වසන තැනට ගෙනගොස් කැඳ පෙව්වේය. දරුවාට වර්ෂා ඍතුවත් පර්වත ඍතුවත් ගෙන උපන් බැවින් උදේනයයි නමක් තැබීය. තවුසා ගඩාගෙඩි ගෙනවුත් දෙදෙනාම පෝෂණය කරයි.

සා එකදිවසං තාපසස‍්ස ආගමනවෙලාය පච‍්චුග‍්ගමනං කත්‍වා ඉත්‍ථිකුත‍්තං දස‍්සෙත්‍වා තාපසං සීලභෙදං ආපාදෙසි. තෙසං එකතො වසන‍්තානං කාලෙ ගච‍්ඡන‍්තෙ පරන‍්තපරාජා කාලං අකාසි. තාපසො රත‍්තිභාගෙ නක‍්ඛත‍්තං ඔලොකෙත්‍වා රඤ‍්ඤො මතභාවං ඤත්‍වා – “තුය‍්හං රාජා මතො, පුත‍්තො තෙ කිං ඉධ වසිතුං ඉච‍්ඡති, උදාහු පෙත‍්තිකෙ රජ‍්ජෙ ඡත‍්තං උස‍්සාපෙතු”න‍්ති පුච‍්ඡි. සා පුත‍්තස‍්ස ආදිතො පට‍්ඨාය සබ‍්බං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා ඡත‍්තං උස‍්සාපෙතුකාමතඤ‍්චස‍්ස ඤත්‍වා තාපසස‍්ස ආරොචෙසි. තාපසො ච හත්‍ථිගන්‍ථසිප‍්පං ජානාති, කුතොනෙන ලද‍්ධං? සක‍්කස‍්ස සන‍්තිකා. පුබ‍්බෙ කිරස‍්ස සක‍්කො උපට‍්ඨානං ආගන‍්ත්‍වා “කෙන කිලමථා”ති පුච‍්ඡි. සො “හත්‍ථිපරිස‍්සයො අත්‍ථී”ති ආරොචෙසි. තස‍්ස සක‍්කො හත්‍ථිගන්‍ථඤ‍්චෙව වීණකඤ‍්ච දත්‍වා “පලාපෙතුකාමතාය සති ඉමං තන‍්තිං වාදෙත්‍වා ඉමං සිලොකං වදෙය්‍යාථ, පක‍්කොසිතුකාමතාය සති ඉමං සිලොකං වදෙය්‍යාථා”ති ආහ. තාපසො තං සිප‍්පං කුමාරස‍්ස අදාසි. සො එකං වටරුක‍්ඛං අභිරුහිත්‍වා හත්‍ථීසු ආගතෙසු තන‍්තිං වාදෙත්‍වා සිලොකං වදති, හත්‍ථී භීතා පලායිංසු.

ඈ එක් දවසක් තවුසා එනවේලාවෙහි පෙරගමන් කොට ස්ත්‍රී අඟර දඟර පෙන්වා තාපසයා ශීලභේදයට පත්කළාය. ඔවුන් එක්ව වසමින් කල් ගතවද්දී පරන්තප රජ කලුරිය කළේය. තාපසයා රාත්‍රි කාලයෙහි නැකැත්තරු බලා රජු මියගිය බව දැන, ඔබගේ පුත්‍රයා මෙහි වසන්ට කැමැත්තේද, නැතහොත් පියාසතු රාජ්‍යයෙහි සේසත් නංවන්ට කැමැත්තේදැයි විමසීය. ඈ පුත්‍රයාට මුලපටන් සියලු පුවත් කියා සේසත් නැංවීමට කැමැත්ත ඇතිබව දැන තවුසාට කීවාය. තවුසා ඇතුන් බඳනා ශිල්පය දනී. එය කොයින් ලැබුණාක්ද? ශක්‍රයාගේ සමීපයෙනි. පෙර ශක්‍රයා ඔහුගේ උපස්ථානයට පැමිණ කුමකින් කරදර වේදැයි ඇසීය. හෙතෙමේ ඇතුන්ගෙන් කරදර ඇතැයි දැන්වීය. ශක්‍රයා ඔහුට ඇතුන් බඳනා ශිල්පයද වීණාවක්ද දී පළායෑමට කැමැත්ත ඇතිකල මේ තත වයා මේ ගීය කියන්න. කැඳවීමට කැමැත්ත ඇතිකල මේ ගීතය කියන්නැයි කීය. තවුසා ඒ ශිල්ප කුමාරයාට දුන්නේය. හෙතෙමේ විශාල ගසකට නැඟ ඇතුන් ආකල්හි තත වයා ගීතය ගයයි. ඇත්තු බියවී පළාගියහ.

සො සිප‍්පස‍්ස ආනුභාවං ඤත්‍වා පුනදිවසෙ පක‍්කොසනසිප‍්පං පයොජෙසි. ජෙට‍්ඨකහත්‍ථී ආගන‍්ත්‍වා ඛන්‍ධං උපනාමෙසි. සො තස‍්ස ඛන්‍ධගතො යුද‍්ධසමත්‍ථෙ තරුණහත්‍ථී උච‍්චිනිත්‍වා කම‍්බලඤ‍්ච මුද‍්දිකඤ‍්ච ගහෙත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා නික‍්ඛන‍්තො අනුපුබ‍්බෙන තං තං ගාමං පවිසිත්‍වා – “අහං රඤ‍්ඤො පුත‍්තො, සම‍්පත‍්තිං අත්‍ථිකා ආගච‍්ඡන‍්තූ”ති ජනසඞ‍්ගහං කත්‍වා නගරං පරිවාරෙත්‍වා – “අහං රඤ‍්ඤො පුත‍්තො, මය‍්හං ඡත‍්තං දෙථා”ති අසද‍්දහන‍්තානං කම‍්බලඤ‍්ච මුද‍්දිකඤ‍්ච දස‍්සෙත්‍වා ඡත‍්තං උස‍්සාපෙසි. සො හත්‍ථිවිත‍්තකො හුත්‍වා “අසුකට‍්ඨානෙ සුන්‍දරො හත්‍ථී අත්‍ථී”ති වුත‍්තෙ ගන‍්ත්‍වා ගණ‍්හාති. චණ‍්ඩපජ‍්ජොතො “තස‍්ස සන‍්තිකෙ සිප‍්පං ගණ‍්හිස‍්සාමී”ති කට‍්ඨහත්‍ථිං පයොජෙත්‍වා තස‍්ස අන‍්තො යොධෙ නිසීදාපෙත්‍වා තං හත්‍ථිං ගහණත්‍ථාය ආගතං ගණ‍්හිත්‍වා තස‍්ස සන‍්තිකෙ සිප‍්පං ගහණත්‍ථාය ධීතරං උය්‍යොජෙසි. සො තාය සද‍්ධිං සංවාසං කප‍්පෙත්‍වා තං ගහෙත්‍වා අත‍්තනො නගරංයෙව අගමාසි. තස‍්සා කුච‍්ඡියං උප‍්පන‍්නො අයං බොධිරාජකුමාරො අත‍්තනො පිතු සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හි.

හෙතෙමේ ශිල්පයෙහි ආනුභාවය දැන දෙවැනි දවසෙහි කැඳවන ශිල්පය යෙදීය. දෙටු ඇතා පැමිණ ඇත්කඳ පිරිනැමීය හේ උගේ පිටඋඩ නැග යුදයෙහි සමත් තරුණ ඇතුන් තෝරා ගෙන කම්බිලියද මුද්දද ගෙන මව්පියන් වැඳ නික්මෙන්නේ පිළිවෙළින් ඒ ඒ ගමට පිවිස මම රජුගේ පුත්‍රයාය. සම්පත් කැමැත්තෝ එන්වායි ජනයාට සංග්‍රහ කොට නුවර වට කොට මම රජුගේ පුත්‍රයාය. සේසත දෙවු. නොඅදහන්නවුන්ට කම්බිලියත් මුද්දත් පෙන්වා සේසත් නැංවීය. හේ හස්තිධනය ඇත්තේව අසුවල් තැන සොඳුරු ඇතෙක් ඇතැයි කීකල්හි ගොස්. අල්ලාගනී. චණ්ඩපජ්ජොත ද ඔහුගේ සමීපයෙහි ශිල්ප උගන්නෙමියි ලීයෙන් තැනු ඇතකු යොදවා එහි ඇතුළත යෝධයන් හිඳුවා ඒ ඇතා අල්ලාගැනීමට පැමිණියවුන් අල්ලා ඔහුගේ සමීපයෙහි ශිල්ප ඉගෙනීම පිණිස දුව පිටත්කර හැරියේය. හේ ඇය සමග සංවාස කොට ඔහු රැගෙන තමාගේ නගරයටම ගියාය. ඇගේ කුසෙහි උපන් මේ බෝධිරාජ කුමාරයා තමාගේ පියා සමීපයෙහි ශිල්ප උගත්තේය.

පධානියඞ‍්ගානීති පධානං වුච‍්චති පදහනභාවො, පධානමස‍්ස අත්‍ථීති පධානියො. පධානියස‍්ස භික‍්ඛුනො අඞ‍්ගානීති පධානියඞ‍්ගානි. සද‍්ධොති සද‍්ධාය සමන‍්නාගතො. සා පනෙසා ආගමනසද‍්ධා අධිගමසද‍්ධා ඔකප‍්පනසද‍්ධා පසාදසද‍්ධාති චතුබ‍්බිධා. තත්‍ථ සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තානං සද‍්ධා අභිනීහාරතො පට‍්ඨාය ආගතත‍්තා ආගමනසද‍්ධා නාම. අරියසාවකානං පටිවෙධෙන අධිගතත‍්තා අධිගමසද‍්ධා නාම. බුද‍්ධො ධම‍්මො සඞ‍්ඝොති වුත‍්තෙ අචලභාවෙන ඔකප‍්පනං ඔකප‍්පනසද‍්ධා නාම. පසාදුප‍්පත‍්ති පසාදසද‍්ධා නාම, ඉධ පන ඔකප‍්පනසද‍්ධා අධිප‍්පෙතා. බොධින‍්ති චතුමග‍්ගඤාණං. තං සුප‍්පටිවිද‍්ධං තථාගතෙනාති සද‍්දහති, දෙසනාසීසමෙව චෙතං, ඉමිනා පන අඞ‍්ගෙන තීසුපි රතනෙසු සද‍්ධා අධිප‍්පෙතා. යස‍්ස හි බුද‍්ධාදීසු පසාදො බලවා, තස‍්ස පධානං වීරියං ඉජ‍්ඣති.

පධානියඞ්ගානි පධානං යනු උත්සාහවත්බව මොහුට ඇත්තේනුයි පධානියෝ උත්සාහවත් භික්‍ෂුවගේ අංගනුයි පධානියඞ්ගනි සද්ධො ශ්‍රද්ධාවෙන්යුත් මේ ශ්‍රද්ධාව වනාහි ආගමන සද්ධා, අධිගමන සද්ධා ඔකප්පන සද්ධා පසාද සද්ධායැයි සිව්වැදෑරුම් වෙයි. එහි සර්වඥ බෝධිසත්වයන්ගේ ශ්‍රද්ධාව අභිනීහාරයෙහි පටන් පැමිණි බැවින් ආගමන සද්ධානම්. ආර්ය ශ්‍රාවකයන් ප්‍රතිවේධයෙන් අවබෝධකරගත් බැවින් අධිගමන සද්ධානම් බුද්ධ ධර්ම සංඝයැයි කීකල්හි නොසැලෙන බැවින් සිත පිහිටුවා ගැනීම ඔකප්පන සද්ධා නමි ප්‍රසාදය ඉපදීම පසාද සද්ධානම් මෙහි ඔකප්පන ශ්‍රද්ධාව අදහස් කරන ලදී. බෝධිං චතුර්මාර්ග ඥානයයි. එය මනාසේ තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේයයි අදහයි. මෙය දේශනා ශීර්ෂයද වෙයි. මේ අංගයෙන් ත්‍රිවිධ රත්නයෙහි ශ්‍රද්ධාව අභිප්‍රේතයි. යමකුගේ බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාදය බලවත් වේද ඔහුගේ ප්‍රධන් වීර්යය ඉටුවෙයි.

අප‍්පාබාධොති අරොගො. අප‍්පාතඞ‍්කොති නිද‍්දුක‍්ඛො. සමවෙපාකිනියාති සමවිපාචනියා. ගහණියාති කම‍්මජතෙජොධාතුයා. නාතිසීතාය නාච‍්චුණ‍්හායාති අතිසීතගහණිකො හි සීතභීරූ හොති, අච‍්චුණ‍්හගහණිකො උණ‍්හභීරූ, තෙසං පධානං න ඉජ‍්ඣති. මජ‍්ඣිමගහණිකස‍්ස ඉජ‍්ඣති. තෙනාහ “මජ‍්ඣිමාය පධානක‍්ඛමායා”ති. යථාභූතං අත‍්තානං ආවිකත‍්තාති යථාභූතං අත‍්තනො අගුණං පකාසෙතා. උදයත්‍ථගාමිනියාති උදයඤ‍්ච අත්‍ථඤ‍්ච ගන‍්තුං පරිච‍්ඡින්‍දිතුං සමත්‍ථාය, එතෙන පඤ‍්ඤාසලක‍්ඛණපරිග‍්ගාහිකං උදයබ‍්බයඤාණං වුත‍්තං. අරියායාති පරිසුද‍්ධාය. නිබ‍්බෙධිකායාති අනිබ‍්බිද‍්ධපුබ‍්බෙ ලොභක‍්ඛන්‍ධාදයො නිබ‍්බිජ‍්ඣිතුං සමත්‍ථාය. සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියාති තදඞ‍්ගවසෙන කිලෙසානං පහීනත‍්තා යං දුක‍්ඛං ඛීයති, තස‍්ස දුක‍්ඛස‍්ස ඛයගාමිනියා. ඉති සබ‍්බෙහිපි ඉමෙහි පදෙහි විපස‍්සනාපඤ‍්ඤාව කථිතා. දුප‍්පඤ‍්ඤස‍්ස හි පධානං න ඉජ‍්ඣති. ඉමානි ච පඤ‍්ච පධානියඞ‍්ගානි ලොකියානෙව වෙදිතබ‍්බානි.

අප්පාබාධො රෝග නැති. අප්පාතංකො දුක්නැති සමවෙපාකිනියා ආහාර පැසවීමේ සම්බන්ධතාව ඇති කර්මජ තේජෝ ධාතුවෙන්, නාතිසීතාය නාච්චුණ්හාය අතිශීත තේජෝධාතුවක් ඇත්තේ ශීතලට බිය ඇත්තෝය අතිඋෂ්ණ තේජෝධාතුවක් ඇත්තෝ උෂ්ණයට බිය ඇත්තෝය. ඔවුන්ගේ ප්‍රධන් වීර්යය ඉටු නොවේනම් මධ්‍යම තේජෝ ධාතුවක් ඇත්තකුට ඉටුවෙයි. එහෙයින් කීය. මජ්ඣිමාය පධානක්‍ඛමාය යනුවෙන් යථාභූතං අන්තානං ආවිකන්තා තමාගේ ඇති අගුණ ඇති පරිදි ප්‍රකාශ කරන්නා. උදයත්‍ථගාමිනියා උදයටත් අස්තයටත් යාමට පිරිසිඳීමට සමත් මෙයින් සමපඤ්ඤ සමලක්‍ඛණ පරිග්‍රාහක උදව්‍යය ඥානය කියනලදී. අරියාය පිරිසිදු නිබ්බෙධිකාය විනිවිද නොගිය විරූ ලෝභස්කන්ධ ආදිය විනිවිදින්ට සමත්. සම්මාදුක්ඛක්ඛය ගාමිනියා තදඞ්ගවශයෙන් කෙලෙස් ප්‍රහීණ කළබැවින් යම් දුකක් ගෙවීයයිද ඒ දුකෙහි ක්ෂයටයන, මෙසේ මේ සියලු පදවලින් විදර්ශනා ප්‍රඥාවම කියන ලදී. නුවණ නැත්තනුගේ ප්‍රධන්වීර්යය ඉෂ්ට නොවේ. මේ ප්‍රධාන අංග පස ලෞකික බව දතයුතුය.

සායමනුසිට‍්ඨො පාතො විසෙසං අධිගමිස‍්සතීති අත්‍ථඞ‍්ගතෙ සූරියෙ අනුසිට‍්ඨො අරුණුග‍්ගමනෙ විසෙසං අධිගමිස‍්සති. පාතමනුසිට‍්ඨො සායන‍්ති අරුණුග‍්ගමනෙ අනුසිට‍්ඨො සූරියත්‍ථඞ‍්ගමනවෙලායං. අයඤ‍්ච පන දෙසනා නෙය්‍යපුග‍්ගලවසෙන වුත‍්තා. දන්‍ධපඤ‍්ඤො හි නෙය්‍යපුග‍්ගලො සත‍්තහි දිවසෙහි අරහත‍්තං පාපුණාති, තික‍්ඛපඤ‍්ඤො එකදිවසෙන, සෙසදිවසෙ මජ‍්ඣිමපඤ‍්ඤාවසෙන වෙදිතබ‍්බං. අහො බුද‍්ධො අහො ධම‍්මො අහො ධම‍්මස‍්ස ස‍්වාක‍්ඛාතතාති යස‍්මා බුද‍්ධධම‍්මානං උළාරතාය ධම‍්මස‍්ස ච ස‍්වාක‍්ඛාතතාය පාතො කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා සායං අරහත‍්තං පාපුණාති, තස‍්මා පසංසන‍්තො එවමාහ. යත්‍ර හි නාමාති විම‍්හයත්‍ථෙ නිපාතො.

සායමනුසිට්ඨො පාතො විසෙසමධිගච්ඡති සූර්යයා අස්තයට ගිය කල්හි උපදෙස් දෙන ලද්දේ අරුණු නැගෙන වේලෙහි විශේෂත්වයට පැමිණේ. පාසමනුසිට්ඨොසායං අරුණුනැගෙන වේලෙහි උපදෙස් දෙන ලද්දේ සූර්යයා අස්තයට යන වේලාවෙහි මේ දේශනාවද නෙය්‍ය පුද්ගලවශයෙන් කියන ලදී. මුග්ධ ප්‍රඥා ඇති නෙය්‍ය පුද්ගලයා වර්ෂ සතකින් පැමිණේ. සෙස්ස මධ්‍යම ප්‍රඥා ඇත්තන් වශයෙන් දතයුතුය. අහෝ බුද්ධ, අහෝ ධර්ම, අහෝ සංඝ සම්පත්තියැයි යම්හෙයකින් බුදුන්ගේ හා ධර්මයෙහි උදාරබව හේත්තුවෙන් ධර්මයෙහි ස්වාක්ඛාතතාව හේතුවෙන්ද උදෑසන කර්මස්ථානය කියවාගෙන සවස අරහත් බවට පැමිණෙයි. ඒනිසා ප්‍රශංසා කරන්නේ මෙසේ කීය. යත්‍රහිනාම විස්මයාර්ථයෙහි නිපාතයි.

කුච‍්ඡිමතීති ආපන‍්නසත‍්තා. යො මෙ අයං, භන‍්තෙ, කුච‍්ඡිගතොති කිං පනෙවං සරණං ගහිතං හොතීති. න හොති. අචිත‍්තකසරණගමනං නාම නත්‍ථි, ආරක‍්ඛො පනස‍්ස පච‍්චුපට‍්ඨිතොව හොති. අථ නං යදා මහල‍්ලකකාලෙ මාතාපිතරො, – “තාත, කුච‍්ඡිගතමෙව තං සරණං ගණ‍්හාපයිම‍්හා”ති සාරෙන‍්ති, සො ච සල‍්ලක‍්ඛෙත්‍වා “අහං සරණං ගතො උපාසකො”ති සතිං උප‍්පාදෙති, තදා සරණං ගහිතං නාම හොති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

කුච්ඡිමතී පැමිණි සත්වයෝ, ස්වාමීනි යමෙක් මාගේ කුසතුළට ගියේද, මෙසේ සරණ ගන්නා ලදැයි කෙසේ වේද එය නොවේ. අචිත්තක සරණාගමනයක් නම් නැත. ආරක්ෂකයෙක් පමණක් එළඹියේ වෙයි. ඉක්බිති ඔහු යම්කලෙක මහලු කල්හි මව්පියෝ දරුව කුසටගිය පමණින් ඔබ සරණ ගැන්වූයෙමුයි සිහිකරවත්. හෙතෙමේද ඒ සලකා මම සරණ ගිය උපාසකයෙකියි සිහිය උපදවයි. එදාට සරණ ගන්නා ලද්දේනම් වෙයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය බොධිරාජකුමාරසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වැනි බෝධිරාජකුමාර සුත්‍රයයි.