අඞ්ගුලිමාලසුත්තවණ්ණනා අට්ඨකථා
අඞ්ගුලිමාලසුත්තවණ්ණනා
අඞ්ගුලිමාල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති අඞ්ගුලිමාලසුත්තං. තත්ථ අඞ්ගුලීනං මාලං ධාරෙතීති කස්මා ධාරෙති? ආචරියවචනෙන. තත්රායං අනුපුබ්බිකථා –
එවම්මෙසුතං යනු අංගුලිමාල සුත්‍රයයි. එහි අඞ්ගූලිනං මාලංධාරෙති කුමක් නිසා දරයිද? ගුරුවරයාගේ වචනය නිසා, මේ එහි අනුපිළිවෙළකථාවයි.
අයං කිර කොසලරඤ්ඤො පුරොහිතස්ස මන්තාණියා නාම බ්රාහ්මණියා කුච්ඡිස්මිං පටිසන්ධිං අග්ගහෙසි. බ්රාහ්මණියා රත්තිභාගෙ ගබ්භවුට්ඨානං අහොසි. තස්ස මාතුකුච්ඡිතො නික්ඛමනකාලෙ සකලනගරෙ ආවුධානි පජ්ජලිංසු, රඤ්ඤො මඞ්ගලසකුන්තොපි සිරිසයනෙ ඨපිතා අසිලට්ඨිපි පජ්ජලි. බ්රාහ්මණො නික්ඛමිත්වා නක්ඛත්තං ඔලොකෙන්තො චොරනක්ඛත්තෙන ජාතොති රඤ්ඤො සන්තිකං ගන්ත්වා සුඛසෙය්යභාවං පුච්ඡි.
මොහු වනාහි කොසොල් රජුගේ පුරෝහිතයාගේ මන්තාණිනම් බැමිණියගේ කුසෙහි පිළිසිඳගත්තේය. බැමිණියට රාත්‍රිකාලයෙහි ප්‍රසූතිය සිදුවිය. ඔහු මව්කුසින් නික්මෙන කල්හි මුළු නුවර ආයුධ දිලිසිණ. රජුගේ මගුල් කොන්තය ද තමා ළඟ තබා තිබුණු කඩු මිටද දිලිසුණේය. බමුණා නික්ම ගොස් නැකැත් බලන්නේ සොර නැකතින් උපන්නේ යයි රජුගේ සමීපයට ගොස් සැපසේ සැතපේදැයි ඇසීය.
රාජා “කුතො, මෙ ආචරිය, සුඛසෙය්යා? මය්හං මඞ්ගලාවුධං පජ්ජලි, රජ්ජස්ස වා ජීවිතස්ස වා අන්තරායො භවිස්සති මඤ්ඤෙ”ති. මා භායි, මහාරාජ, මය්හං ඝරෙ කුමාරො ජාතො, තස්සානුභාවෙන න කෙවලං තුය්හං නිවෙසනෙ, සකලනගරෙපි ආවුධානි පජ්ජලිතානීති. කිං භවිස්සති ආචරියාති? චොරො භවිස්සති මහාරාජාති. කිං එකචොරකො, උදාහු රජ්ජදූසකො චොරොති? එකචොරකො දෙවාති. එවං වත්වා ච පන රඤ්ඤො මනං ගණ්හිතුකාමො ආහ – “මාරෙථ නං දෙවා”ති. එකචොරකො සමානො කිං කරිස්සති? කරීසසහස්සඛෙත්තෙ එකසාලිසීසං විය හොති, පටිජග්ගථ නන්ති. තස්ස නාමග්ගහණං ගණ්හන්තා සයනෙ ඨපිතමඞ්ගලඅසිලට්ඨි, ඡදනෙ ඨපිතා සරා, කප්පාසපිචුම්හි ඨපිතං තාලවණ්ටකරණසත්ථකන්ති එතෙ පජ්ජලන්තා කිඤ්චි න හිංසිංසු, තස්මා අහිංසකොති නාමං අකංසු. තං සිප්පුග්ගහණකාලෙ තක්කසීලං පෙසයිංසු.
රජතෙමේ ආචාර්යය. මට සැප නින්දක් කොයින්ද, මාගේ මඟුල්කඩුව දිලිසුණේය. රාජ්‍යයට හෝ ජීවිතයට අන්තරායක් වන්නේ යැයි හැඟේ. මහරජතුමනි බියනොවන්න, මාගේ ගෙයි කුමරෙක් උපන. ඔහුගේ ආනුභාවයෙන් ඔබතුමාගේ ගෙහි පමණක් නොව මුළු නුවර ආයුධ දිලිසුණේය. ආචාර්යය කුමක් වන්ද? මහරජතුමනි සොරෙක් වන්නේය. දේවයන්වහන්ස, එක්සොරෙක්, එක් සොරෙක් පමණක්ද රාජ්‍ය දූෂකයෙක්ද වේ. මෙසේ කියාම රජුගේ සිත ගනු කැමැත්තේ මෙසේ කීය. දේවයන් වහන්ස, ඔහු ඉවත් කරනු මැනවි. එක් සොරක් වී කුමක් කරන්නද? කිරිය දහසක් පමණ වූ කුඹුරෙහි හැල්කරලක් මෙන් වෙයි. ඔහු හදාවඩාගනු මැනව, ඔහුට නම් තබන්නාහු ඇඳෙහි තැබූ මගුල්කඩුවෙහි මිට, පියස්සෙහි තැබු සරාව, කපුපුළුනෙහි තැබු තල්වැට තනන ආයුධය යන මේවා දිලිසුණත් කිසිවකුට හිංසාවක් නොවීයැයි අහිංසක යැයි නමක් තැබූහ. ඔහු ශිල්ප උගන්නා සමයෙහි තක්සලාවට පිටත් කොට හැරියාහුය.
සො ධම්මන්තෙවාසිකො හුත්වා සිප්පං පට්ඨපෙසි. වත්තසම්පන්නො කිංකාරපටිස්සාවී මනාපචාරී පියවාදී අහොසි. සෙසඅන්තෙවාසිකා බාහිරකා අහෙසුං. තෙ – “අහිංසකමාණවකස්ස ආගතකාලතො පට්ඨාය මයං න පඤ්ඤායාම, කථං නං භින්දෙය්යාමා”ති? නිසීදිත්වා මන්තයන්තා – “සබ්බෙහි අතිරෙකපඤ්ඤත්තා දුප්පඤ්ඤොති. න සක්කා වත්තුං, වත්තසම්පන්නත්තා දුබ්බත්තොති. න සක්කා වත්තුං, ජාතිසම්පන්නත්තා දුජ්ජාතොති න සක්කා වත්තුං, කින්ති කරිස්සාමා”ති? තතො එකං ඛරමන්තං මන්තයිංසු “ආචරියස්ස අන්තරං කත්වා නං භින්දිස්සාමා”ති තයො රාසී හුත්වා පඨමං එකච්චෙ ආචරියං උපසඞ්කමිත්වා වන්දිත්වා අට්ඨංසු. කිං තාතාති? ඉමස්මිං ගෙහෙ එකා කථා සුය්යතීති. කිං තාතාති? අහිංසකමාණවො තුම්හාකං අන්තරෙ දුබ්භතීති මඤ්ඤාමාති. ආචරියො සන්තජ්ජෙත්වා – “ගච්ඡථ වසලා, මා මෙ පුත්තං මය්හං අන්තරෙ පරිභින්දථා”ති නිට්ඨුභි. තතො ඉතරෙ, අථ ඉතරෙහි තයොපි කොට්ඨාසා ආගන්ත්වා තථෙව වත්වා – “අම්හාකං අසද්දහන්තා උපපරික්ඛිත්වා ජානාථා”ති ආහංසු.
හේ ධර්මාන්තේ වාසිකයකු වී ශිල්ප ඇරඹීය. වතින් සරු, කීකරු, මනාපචාරි ප්රියාවාදී සිසුවෙක් විය. සෙසු අතවැසියෝ බැහැරීයෝය. ඔවුහුද අහිංසක තරුණයා පැමිණි කල් පටන් අපි කැපීනොපෙනෙමු. කෙසේ බිඳුවන්නෙමුදැයි හඳ කුමන්ත්‍රණ කරන්නාහු සියල්ලන්ට වඩා පැණවත් හෙයින් මෝඩයෙක් යැයි කිව නොහැකිය. වතින් සරුහෙයින් නරක හැසිරීම් ඇත්තෙක්යැයි කිව නොහැකිය. ජාති සම්පන්න හෙයින් කුලහීනයෙකැයි කිව නොහැකියි. කුමක් කරන්නෙමුදැයි ඉන්පසු එක් දරුණු කුමන්ත්‍රණයක් කළහ. ගුරුපත්නිය ඇතුළත් කොට ඔහු බිඳුවන්නෙමුයි කණ්ඩායම් තුනකට බෙදී පළමුව එක්පිරිසක් ගුරුවරයා වෙත එළඹ වැඳ සිටියාහුය. ඇයි දරුවෙනි? මේ ගෙය එක් කථාවක් ඇසේ. කුමක්ද දරුවෙනි, අහිංසක මානවකයා ඔබ වහන්සේ මැරිම සඳහා (පතිනිය හා) කුමන්ත්‍රණ කරතියි සිතමු. ගුරුවරයා ඔවුන්ට තර්ජනය කොට පලයවු වසලයෙනි. මාගේ පුත්‍රයා මා අතරෙහි නොබිඳුවවුයයි එලවා දැමීය. ඉන්පසු ඉතිරි කණ්ඩායමද අනිත් කණ්ඩායමද යන තුන්කොටසම අවුත් එසේම කියා අප නො අදහන්නේනම් පරීක්ෂා කොට දනුමැනැවැයි කීහ.
ආචරියො සිනෙහෙන වදන්තෙ දිස්වා “අත්ථි මඤ්ඤෙ සන්ථවො”ති පරිභිජ්ජිත්වා චින්තෙසි “ඝාතෙමි න”න්ති. තතො චින්තෙසි – “සචෙ ඝාතෙස්සාමි ‘දිසාපාමොක්ඛො ආචරියො අත්තනො සන්තිකං සිප්පුග්ගහණත්ථං ආගතෙ මාණවකෙ දොසං උප්පාදෙත්වා ජීවිතා වොරොපෙතී’ති. පුන කොචි සිප්පුග්ගහණත්ථං න ආගමිස්සති, එවං මෙ ලාභො පරිහායිස්සති, අථ නං සිප්පස්ස පරියොසානුපචාරොති වත්වා ජඞ්ඝසහස්සං ඝාතෙහීති වක්ඛාමි. අවස්සං එත්ථ එකො උට්ඨාය තං ඝාතෙස්සතී”ති.
ගුරුවරයා සෙනෙහසින් කියන්නවුන් දැක, පතිනිය හා මිතුරුකමක් ඇතැයි සිතමියි බිඳී මෙසේ සිතීය. ඔහු මරමි. නැවත සිතීය. ඉදින් මරන්නෙම් නම් දිසාපාමොක් ඇදුරු තෙමේ තමාගේ සමීපයට ශිල්ප ඉගෙනීමට ආ මානවකයන් වරදක් උපදවා දිවි තොර කරයි. නැවත කිසිවෙක් ශිල්ප ඉගෙනීමට නොඑන්නේය. මෙසේ මාගේ ලාභය පිරිහෙන්නේය. ඉක්බිති ඔහුට ශිල්පයට අවසාන උපහාරයයැයි කියා පාදහසක් මරවයි කියමි. අවශ්‍යයෙන්ම එහිදී එකෙක් නැගී මොහු මරන්නේයයි ඔහුට කීය.
අථ නං ආහ – “එහි තාත ජඞ්ඝසහස්සං ඝාතෙහි, එවං තෙ සිප්පස්ස උපචාරො කතො භවිස්සතී”ති. මයං අහිංසකකුලෙ ජාතා, න සක්කා ආචරියාති. අලද්ධුපචාරං සිප්පං ඵලං න දෙති තාතාති. සො පඤ්චාවුධං ගහෙත්වා ආචරියං වන්දිත්වා අටවිං පවිට්ඨො. අටවිං පවිසනට්ඨානෙපි අටවිමජ්ඣෙපි අටවිතො නික්ඛමනට්ඨානෙපි ඨත්වා මනුස්සෙ ඝාතෙති. වත්ථං වා වෙඨනං වා න ගණ්හාති. එකො ද්වෙති ගණිතමත්තමෙව කරොන්තො ගච්ඡති, ගණනම්පි න උග්ගණ්හාති. පකතියාපි පඤ්ඤවා එස, පාණාතිපාතිනො පන චිත්තං න පතිට්ඨාති, තස්මා අනුක්කමෙන ගණනම්පි න සල්ලක්ඛෙසි, එකෙකං අඞ්ගුලිං ඡින්දිත්වා ඨපෙති. ඨපිතට්ඨානෙ අඞ්ගුලියො විනස්සන්ති, තතො විජ්ඣිත්වා අඞ්ගුලීනං මාලං කත්වා ධාරෙසි, තෙනෙව චස්ස අඞ්ගුලිමාලොති සඞ්ඛා උදපාදි. සො සබ්බං අරඤ්ඤං නිස්සඤ්චාරමකාසි, දාරුආදීනං අත්ථාය අරඤ්ඤං ගන්තුං සමත්ථො නාම නත්ථි.
එව දරුව පා දහසක් මරව. මෙසේ ඔබ ශිල්පයට උපහාර කළා වන්නේය. ගුරුතුමනි අපි අහිංසක කුලයෙහි උපන්නෝ වෙමු එය කළ නොහැකිය. දරුවා උපහාර නොලබන ශිල්පය පලනොදෙයි. ඔහු පංචායුධය ගෙන ගුරුවරයා වැඳ වනයට පිවිසියේය. වනයට පිවිසෙන තැනද, වනමැදද වනයෙන් පිටවන තැනද සිට මිනිසුන් මැරුවේය. වස්ත්‍රයක්වත් හිස් වෙළුමක්වත් නොගනී. එකයි දෙකයි යනුවෙන් ගිණුම් පමණක් කරමින් යයි. ගණනයද නුගනී. ප්‍රකෘතියෙන්ම මොහු පැණවත්ය ප්‍රාණඝාත කරන්නහුගේ සිත නොපිහිටයි. ඒනිසා පිළිවෙළින් ගණනද නොසැළකීය. එක් එක් ඇඟිල්ලකපා තබයි. තිබුතැන ඇඟිලි විනාශවෙයි. ඉන්පසු විද ඇගිලි වලින් වැලක් කොට දැරීය. ඒ නිසාම ඔහුට අංගුලි මාලයයි නමක් උපන හෙතෙමේ මුළු වනයම නොහැසිරෙන තැනක් කළේය. දර ආදිය සඳහා වනයට යාමට සමතෙක් නොවීය.
රත්තිභාගෙ අන්තොගාමම්පි ආගන්ත්වා පාදෙන පහරිත්වා ද්වාරං උග්ඝාතෙති. තතො සයිතෙයෙව මාරෙත්වා එකො එකොති ගහෙත්වා ගච්ඡති. ගාමො ඔසරිත්වා නිගමෙ අට්ඨාසි, නිගමො නගරෙ. මනුස්සා තියොජනතො පට්ඨාය ඝරානි පහාය දාරකෙ හත්ථෙසු ගහෙත්වා ආගම්ම සාවත්ථිං පරිවාරෙත්වා ඛන්ධාවාරං බන්ධිත්වා රාජඞ්ගණෙ සන්නිපතිත්වා – “චොරො, තෙ දෙව, විජිතෙ අඞ්ගුලිමාලො නාමා”තිආදීනි වදන්තා කන්දන්ති. භග්ගවො “මය්හං පුත්තො භවිස්සතී”ති ඤත්වා බ්රාහ්මණිං ආහ – භොති අඞ්ගුලිමාලො නාම චොරො උප්පන්නො, සො න අඤ්ඤො, තව පුත්තො අහිංසකකුමාරො. ඉදානි රාජා තං ගණ්හිතුං නික්ඛමිස්සති, කිං කත්තබ්බන්ති? ගච්ඡ සාමි, පුත්තං මෙ ගහෙත්වා එහීති. නාහං භද්දෙ උස්සහාමි, චතූසු හි ජනෙසු විස්සාසො නාම නත්ථි, චොරො මෙ පුරාණසහායොති අවිස්සාසනීයො, සාඛා මෙ පුරාණසන්ථතාති අවිස්සාසනීයා, රාජා මං පූජෙතීති අවිස්සාසනීයො, ඉත්ථී මෙ වසං ගතාති අවිස්සාසනීයාති. මාතු හදයං පන මුදුකං හොති. තස්මා අහං පන ගන්ත්වා මය්හං පුත්තං ආනෙස්සාමීති නික්ඛන්තා.
රාත්‍රි කාලයෙහි ඇතුළුගමටද අවුත් පයින් පහරදී දොර ඇරගනී. ඉන්පසු නිදන්නවුන් මරා එකයි එකයි ගැණයයි. ගම අත්හැර නියම්ගමෙහි සිටියේය. නියම්ගම අතහැර නගරයෙහි සිටියේය. මිනිස්සු තුන්යොදුනක් තැන් පටන් ගෙවල් අත්හැර අඹුදරුවන් අතින්ගෙන පැමිණ සැවැත්නුවර වටකොට කඳුවුරක් බැඳ රජමිදුලෙහි රැස්ව දේවයන්වහන්ස ඔබ වහන්සේගේ විජිතයෙහි අංගුලිමාල නම් සොරෙක් සිටී යැයි කියා විලාප නගයි. පුරෝහිත තෙමේ මේ මාගේ පුත්‍රයා වියයුතුයැයි දැන බැමිණියට කීය. අංගුලිමාල නම් සොරෙක් උපන්නේය. හේ අනිකෙක් නොව තිගේ පුත්‍රයායි අහිංසක කුමාරයාය. දැන් රජතුමා ඔහු ඇල්ලීමට නික්මෙන්නේය. කුමක් කරන්නද? යන්න හිමියනි මාගේ පුත්‍රයා අල්ලාගෙන එන්න. සොඳුර මම උත්සාහ නොකරමි. ජනයන් සිව් දෙනකු කෙරෙහි විශ්වාසයක් නම් නැත. සොරා මාගේ පුරාණ මිතුරෙක්යයි විශ්වාස නොකළ යුතුයි. සාධා මෙ පුරාණ සත්ථතාති - කොල ඇතිරිය පෙර මගේ ඇතිරියයැයි විශ්වාස නොකළ යුතුය. රජු මට පුදතියි විශ්වාස කළ නොහැකිය. ස්ත්‍රීය මාගේ වසඟයට පැමිණියායැයි විශ්වාස කළ නොහැකිය. මවකගේ හදවත මෘදුය. ඒනිසා ඈ මෙසේ කීවාය. මම ගොස් මාගේ පුත්‍රයා කැඳවාගෙන එන්නෙමියි නික්ම ගියාය.
තංදිවසඤ්ච භගවා පච්චූසසමයෙ ලොකං වොලොකෙන්තො අඞ්ගුලිමාලං දිස්වා – “මයි ගතෙ එතස්ස සොත්ථි භවිස්සති. අගාමකෙ අරඤ්ඤෙ ඨිතො චතුප්පදිකං ගාථං සුත්වා මම සන්තිකෙ පබ්බජිත්වා ඡ අභිඤ්ඤා සච්ඡිකරිස්සති. සචෙ න ගමිස්සාමි, මාතරි අපරජ්ඣිත්වා අනුද්ධරණීයො භවිස්සති, කරිස්සාමිස්ස සඞ්ගහ”න්ති පුබ්බණ්හසමයං නිවාසෙත්වා පිණ්ඩාය පවිසිත්වා කතභත්තකිච්චො තං සඞ්ගණ්හිතුකාමො විහාරා නික්ඛමි. එතමත්ථං දස්සෙතුං “අථ ඛො භගවා”තිආදි වුත්තං.
එදවස භාග්‍යවතුන් වහන්සේ අළුයම් වේලෙහි ලොව බලනසේක් අඞ්ගුලිමාල දැක මා එහි ගියකල්හි ඔහුට යහපතක් වන්නේය. යානොහැකි වනයෙහි සිට සිව්පද ගාථාවක් අසා මා සමීපයෙහි පැවිදිව ෂට් අභිඥා සාක්ෂාත් කරන්නේය. ඉදින් නොයන්නෙමිනම්, මව් කෙරෙහි අපරාධයක් කොට එය නුගුළුවාලිය හැකිවන්නේය. ඔහුට සංග්‍රහ කරන්නෙමියි පූර්වාහ්නයෙහි හැඳපෙරව පිඬු පිණිස පිවිස කරන ලද බත් කිස ඇතිසේක් ඔහුට සංග්‍රහ කරනු කැමැත්තෙන් විහාරයෙන් නික්මුණු සේක. ඒ අර්ථය දක්වනු පිණිස අථඛො භගවා ආදිය කියන ලදී.
සඞ්කරිත්වා සඞ්කරිත්වාති සඞ්කෙතං කත්වා වග්ගවග්ගා හුත්වා. හත්ථත්ථං ගච්ඡන්තීති හත්ථෙ අත්ථං විනාසං ගච්ඡන්ති. කිං පන තෙ භගවන්තං සඤ්ජානිත්වා එවං වදන්ති අසඤ්ජානිත්වාති? අසඤ්ජානිත්වා. අඤ්ඤාතකවෙසෙන හි භගවා එකකොව අගමාසි. චොරොපි තස්මිං සමයෙ දීඝරත්තං දුබ්භොජනෙන ච දුක්ඛසෙය්යාය ච උක්කණ්ඨිතො හොති. කිත්තකා පනානෙන මනුස්සා මාරිතාති? එකෙනූනසහස්සං. සො පන ඉදානි එකං ලභිත්වා සහස්සං පූරෙස්සතීති සඤ්ඤී හුත්වා යමෙව පඨමං පස්සාමි, තං ඝාතෙත්වා ගණනං පූරෙත්වා සිප්පස්ස උපචාරං කත්වා කෙසමස්සුං ඔහාරෙත්වා න්හායිත්වා වත්ථානි පරිවත්තෙත්වා මාතාපිතරො පස්සිස්සාමීති අටවිමජ්ඣතො අටවිමුඛං ආගන්ත්වා එකමන්තං ඨිතොව භගවන්තං අද්දස. එතමත්ථං දස්සෙතුං “අද්දසා ඛො”තිආදි වුත්තං.
සංහරිත්වා සංහරිත්වා එකට එක්ව කාණ්ඩගැසී, හත්වත්ථං ගච්ඡන්ති අතට පත්ව විනාසයට යති. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ හැඳින මෙසේ කියත්ද? නොහැඳින කියත්ද? නොහැඳිනය, භාග්‍යවතුන් වහන්සේ වෙස් වළාගෙන තනිවම වැඩිසේක. සොරා එකල්හි දිගුකලක් අපථ්‍ය ආහාරයෙන්ද. නිදිවැරීමෙන්ද කළකිරුණේ වෙයි. මොහු විසින් කොපමණක් මිනිස්සු මරනු ලැබුවාහුද? එකකින් අඩු දහසක් හෙතෙමේ දැන් එකක් ලැබ දහස පුරවන්නේයයි හැඟීමෙන් යුතුව තමා පළමුව බලමි. එයම ගෙන ගණන පුරවා ශිල්පයට උපහාරකොට රැවුල කප්පවා නා වස්ත්‍ර පෙරළා හැඳ මව්පියන් දකිමියි වනමැදින් වනය කෙළවරට අවුත් එකත් පසෙක සිටියේ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. මේ අර්ථය දක්වනු පිණිස අද්දසාඛො ආදිය කියන ලදී.
ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසීති මහාපථවිං උම්මියො උට්ඨපෙන්තො විය සංහරිත්වා අපරභාගෙ අක්කමති, ඔරභාගෙ වලියො නික්ඛමන්ති, අඞ්ගුලිමාලො සරක්ඛෙපමත්තං මුඤ්චිත්වා ගච්ඡති. භගවා පුරතො මහන්තං අඞ්ගණං දස්සෙත්වා සයං මජ්ඣෙ හොති, චොරො අන්තෙ. සො “ඉදානි නං පාපුණිත්වා ගණ්හිස්සාමී”ති සබ්බථාමෙන ධාවති. භගවා අඞ්ගණස්ස පාරිමන්තෙ හොති, චොරො මජ්ඣෙ. සො “එත්ථ නං පාපුණිත්වා ගණ්හිස්සාමී”ති වෙගෙන ධාවති. භගවා තස්ස පුරතො මාතිකං වා ථලං වා දස්සෙති, එතෙනුපායෙන තීණි යොජනානි ගහෙත්වා අගමාසි. චොරො කිලමි, මුඛෙ ඛෙළො සුස්සි, කච්ඡෙහි සෙදා මුච්චිංසු. අථස්ස “අච්ඡරියං වත භො”ති එතදහොසි. මිගම්පීති මිගං කස්මා ගණ්හාති? ඡාතසමයෙ ආහාරත්ථං. සො කිර එකං ගුම්බං ඝට්ටෙත්වා මිගෙ උට්ඨාපෙති. තතො චිත්තරුචියං මිගං අනුබන්ධන්තො ගණ්හිත්වා පචිත්වා ඛාදති. පුච්ඡෙය්යන්ති යෙන කාරණෙනායං ගච්ඡන්තොව ඨිතො නාම, අහඤ්ච ඨිතොව අට්ඨිතො නාම, යංනූනාහං ඉමං සමණං තං කාරණං පුච්ඡෙය්යන්ති අත්ථො.
ඉද්ධානිසංඛාරං අභිසඞ්ඛාසි යනුවෙන්. මහපොළොව උල්පත් නංවන්නාක් මෙන් එක් රැස්ව ඇත භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට වැඩම කරයි. මෑතභාගයෙහි රැලි නැගෙයි. සරක්ඛෙප මත්තං මුඤ්චිත්වා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මහත්වූ එළිමහනක් පෙන්වා තමන් වහන්සේ මැද සිටිති. සොරා අන්තයෙහි සිටී. හේ දැන් මොහු වෙත පැමිණ අල්ලා ගන්නෙමියි හැකි වැර යොදා දුවයි. භාග්‍යවතුන් වහන්සේ එළිමහනෙහි එහා කොණෙහි සිටිති. සොරා මැදසිටී. හේ මෙහි පැමිණ ගන්නෙමියි වේගයෙන් දුවයි. භාග්‍යවතුන් වහන්සේ ඔහු ඉදිරියෙහි ඇළක් හෝ ගොඩබිමක් දක්වති. මේ ක්‍රමයෙන් තුන්යොදුනක් ගියහ - සොරා ක්ලාන්ත විය. කටෙහි කෙල වැටිණ සිරුරින් දහදිය මිදිණ. ඉක්බිති ඔහුට මෙය ආශ්චර්යයකැයි සිතුණේය. මිගංම්පි මුවා කුමක්නිසා අල්ලාගනීද, කුසගිනි ඇතිවූ විට ආහාර පිණිසය. හේ එක් පඳුරකට ගසා මුවන් නැගිටුවයි. ඉන්පසු සිතේ හැටියට මුවා ලුහු බඳිමින් අල්ලාගෙන පිස කයි. පුච්ඡෙය්යං යම් කරුණකින් මොහු යන්නේම සිටියේද, මමද සිටියේම අට්ඨිත නම් වෙමි. මේ ශ්‍රමණයාගෙන් ඒ කරුණ අසන්නෙම්නම් මැනැවැයි යන අර්ථයි.
නිධායාති යො විහිංසනත්ථං භූතෙසු දණ්ඩො පවත්තයිතබ්බො සියා, තං නිධාය අපනෙත්වා මෙත්තාය ඛන්තියා පටිසඞ්ඛාය අවිහිංසාය සාරණීයධම්මෙසු ච ඨිතො අහන්ති අත්ථො. තුවමට්ඨිතොසීති පාණෙසු අසඤ්ඤතත්තා එත්තකානි පාණසහස්සානි ඝාතෙන්තස්ස තව මෙත්තා වා ඛන්ති වා පටිසඞ්ඛා වා අවිහිංසා වා සාරණීයධම්මො වා නත්ථි, තස්මා තුවං අට්ඨිතොසි, ඉදානි ඉරියාපථෙන ඨිතොපි නිරයෙ ධාවිස්සසි, තිරච්ඡානයොනියං පෙත්තිවිසයෙ අසුරකායෙ වා ධාවිස්සසීති වුත්තං හොති.
නිධාය යමෙක් හිංසාකාරී මේ අදහසින් සතුන් කෙරෙහි දණ්ඩනය පැවැත්විය යුතුයැයි එය තබා ඉවත් කොට මෛත්‍රීයෙන් ක්ෂාන්තියෙන් සිතා අවිහිංසා වෙන් සමගි ධර්මයන්හිම මම සිටියෙමි යන අර්ථයි. තුවමට්ඨිතොසි ප්‍රාණීන් කෙරෙහි අසංවේදී බැවින් මෙපමණ ප්‍රාණ දහස් ගණනක් මරන්නාවු පුද්ගලයාට ඔබගේ මෛත්‍රිය හෝ ක්ෂාන්තිය හෝ මැනවින් සිතීම හෝ සමගි දහම හෝ නැත. ඒ නිසා ඔබ අට්ඨිත නම් දැන් ඉරියව්වෙන් සිටියේ වුවද නිරයේ දුවන්නේය. තිරිසන් යෝනියෙහි දුවන්නේය. ප්‍රේත ලෝකයෙහි දුවන්නේය. අසුරලෝකයෙහි දුවන්නේය යයි කියන ලද්දේ වෙයි.
තතො චොරො – “මහා අයං සීහනාදො, මහන්තං ගජ්ජිතං, න ඉදං අඤ්ඤස්ස භවිස්සති, මහාමායාය පුත්තස්ස සිද්ධත්ථස්ස සමණරඤ්ඤො එතං ගජ්ජිතං, දිට්ඨො වතම්හි මඤ්ඤෙ තිඛිණචක්ඛුනා සම්මාසම්බුද්ධෙන, සඞ්ගහකරණත්ථං මෙ භගවා ආගතො”ති චින්තෙත්වා චිරස්සං වත මෙතිආදිමාහ. තත්ථ මහිතොති දෙවමනුස්සාදීහි චතුපච්චයපූජාය පූජිතො. පච්චුපාදීති චිරස්සං කාලස්ස අච්චයෙන මය්හං සඞ්ගහත්ථාය ඉමං මහාවනං පටිපජ්ජි. පහාය පාපන්ති පජහිත්වා පාපං.
ඉන්පසු සොරා - මේ සිංහනාදය මහත්ය. ගර්ජිතය මහත්ය. මෙය අනිකකුගේ නොවන්නේය. මහාමායාවගේ පුත්‍රයා සිද්ධාර්ථශ්රමණ රජ්ජුරුවන්ගේ මේ ගර්ජීතයයි. තීක්ෂණවු ඇසින් බුදරදුන් විසින් දක්නා ලද්දේයයි සිතමි. මාහට සංග්‍රහ පිණිස භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේකැයි සිතා චිරස්සං වතමෙ ආදිය කීය. එහි මහිතො දෙවිමිනිසුන් ආදීන් විසින් සිව්පස පුජාවෙන් පුජාකරනු ලැබු පච්චුපාදී? බොහෝ කලකින්හමුවී. බොහෝ කල් ඇවෑමෙන් මාහට සංග්රහපිණිස මේ මහාවනයට පැමිණිසේක. පහස්සං පාපං පාපය අත් හරින්නෙමි.
ඉත්වෙවාති එවං වත්වායෙව. ආවුධන්ති පඤ්චාවුධං. සොබ්භෙති සමන්තතො ඡින්නෙ. පපාතෙති එකතො ඡින්නෙ. නරකෙති ඵලිතට්ඨානෙ. ඉධ පන තීහිපි ඉමෙහි පදෙහි අරඤ්ඤමෙව වුත්තං. අකිරීති ඛිපි ඡඩ්ඩෙසි.
ඉච්චෙව මෙසේ කියාම ආවුධං පංචායුධය. සොබ්හෙ හාත්පසින් කැඩීගිය. පපාතෙ එත්පැත්තකින් කැඩුණු නරකෙ පැළුණු තැන. මෙහි මේ තුනින් අරණ්‍යයට කියන ලදී. අන්වකාරී ඉවත දැමීය. විසිකළේය.
තමෙහි භික්ඛූති තදා අවොචාති භගවතො ඉමං පබ්බාජෙන්තො කුහිං සත්ථකං ලභිස්සාමි, කුහිං පත්තචීවරන්ති පරියෙසනකිච්චං නත්ථි, කම්මං පන ඔලොකෙසි. අථස්ස පුබ්බෙ සීලවන්තානං අට්ඨපරික්ඛාරභණ්ඩකස්ස දින්නභාවං ඤත්වා දක්ඛිණහත්ථං පසාරෙත්වා – “එහි භික්ඛු ස්වාක්ඛාතො ධම්මො, චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති ආහ. සො සහ වචනෙනෙව ඉද්ධිමයපත්තචීවරං පටිලභි. තාවදෙවස්ස ගිහිලිඞ්ගං අන්තරධායි, සමණලිඞ්ගං පාතුරහොසි.
තමෙහි භික්ඛුති තදා අවොච භාග්‍යවතුන් වහන්සේ මොහු පැවිදිකරවන සේක්. කොයින් ආයුධය ලබන්නෙමිද, කොයින් පා සිවුරු ලබනනෙම්දැයි සෙවීමක් නැත. කර්මය පමණක් බැලුසේක. පෙර ඔහු සියලු සතුන්ට අටපිරිකර භාණ්ඩ දුන් බව දැන දකුණු අත දිගුකොට එන්න භික්ෂුව, ධර්මය ස්වාක්ඛාතය බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්න මැනවි දුක අවසන් කිරීම පිණිසැයි කීසේක. හෙතෙමේ ඒ වචන සමගම සෘද්ධිමය පා සිවුරු ලැබීය. එකෙණෙහිම ඔහුගේ ගිහි බව අතුරු දහන් විය. ශ්‍රමණභාවය පහළවිය.
“තිචීවරඤ්ච පත්තො ච, වාසි සූචි ච බන්ධනං; පරිස්සාවනෙන අට්ඨෙතෙ, යුත්තයොගස්ස භික්ඛුනො”ති. –
තීචීවරඤ්ච පත්තොච වාසි සුචිව බන්ධනං පරිස්සාවනෙන අට්ඨෙතෙ - යුත්ත යොගස්ස භික්ඛුනො.
තුන්සිවුර පාත්‍රය කරකැත්ත ඉදිකටුව කාබහන පෙරහන යන අට පිරිකර - නියම භික්ෂුවට සුදුසුය.
එවං වුත්තා අට්ඨ පරික්ඛාරා සරීරපටිබද්ධාව හුත්වා නිබ්බත්තිංසු.
මෙසේ කියන ලද අට පිරිකර සිරුරෙහි බැඳීමැ උපන්නේය.
එසෙව තස්ස අහු භික්ඛුභාවොති එස එහිභික්ඛුභාවො තස්ස උපසම්පන්නභික්ඛුභාවො අහොසි, න හි එහිභික්ඛූනං විසුං උපසම්පදා නාම අත්ථි.
එසෙව තස්ස අහු භික්ඛුභාවො එහි භික්ෂුභාවය ඔහුගේ උපසම්පන්න භික්ෂභාවයම විය. එහි භික්ෂුන්ට වෙනම උපසම්පදාවක් නම් නැත.
පච්ඡාසමණෙනාති භණ්ඩග්ගාහකෙන පච්ඡාසමණෙන, තෙනෙව අත්තනො පත්තචීවරං ගාහාපෙත්වා තං පච්ඡාසමණං කත්වා ගතොති අත්ථො. මාතාපිස්ස අට්ඨඋසභමත්තෙන ඨානෙන අන්තරිතා, – “තාත, අහිංසක කත්ථ ඨිතොසි, කත්ථ නිසින්නොසි, කුහිං ගතොසි? මයා සද්ධිං න කථෙසි තාතා”ති වදන්තී ආහිණ්ඩිත්වා අපස්සමානා එත්තොව ගතා.
පච්ඡාසමණෙන භාණ්ඩගෙනයන පසුව යන ශ්‍රමණයකු ලවා තමාගේ පාසිවුරු ගෙන්වාගෙන ඔහු පසුව යන ශ්‍රමණයකු ලවා තමාගේ පාසිවුරු ගෙන්වාගෙන ඔහු පසුවයන ශ්‍රමණයා කොට ගියේය යන අර්ථයි. ඔහුගේ මව ද අටඉස්බක් පමණ තැන අන්තර්ගත වුවා දරුව අහිංසක, සිටියේ කොහිද, හුන්නේ කොහිද, ගියේ කොහිද මා සමග කථා නොකළේ ඇයි මෙසේ කියන්නී ඇවිද නොදක්නී එතැනින්ම ගියාය.
පඤ්චමත්තෙහි අස්සසතෙහීති සචෙ චොරස්ස පරාජයො භවිස්සති, අනුබන්‍ධිත්‍වා නං ගණ්හිස්සාමි. සචෙ මය්හං පරාජයො භවිස්සති, වෙගෙන පලායිස්සාමීති සල්ලහුකෙන බලෙන නික්ඛමි. යෙන ආරාමොති කස්මා ආරාමං අගමාසි? සො කිර චොරස්ස භායති, චිත්තෙන ගන්තුකාමො න ගච්ඡති, ගරහාභයෙන නික්ඛමි. තෙනස්ස එතදහොසි – “සම්මාසම්බුද්ධං වන්දිත්වා නිසීදිස්සාමි, සො පුච්ඡිස්සති ‘කස්මා බලං ගහෙත්වා නික්ඛන්තොසී’ති. අථාහං ආරොචෙස්සාමි, භගවා හි මං න කෙවලං සම්පරායිකෙනෙව අත්ථෙන සඞ්ගණ්හාති, දිට්ඨධම්මිකෙනපි සඞ්ගණ්හාතියෙව. සො සචෙ මය්හං ජයො භවිස්සති, අධිවාසෙස්සති. සචෙ පරාජයො භවිස්සති ‘කිං තෙ, මහාරාජ, එකං චොරං ආරබ්භ ගමනෙනා’ති වක්ඛති. තතො මං ජනො එවං සඤ්ජානිස්සති – ‘රාජා චොරං ගහෙතුං නික්ඛන්තො, සම්මාසම්බුද්ධෙන පන නිවත්තිතො’ති” ගරහමොක්ඛං සම්පස්සමානො අගමාසි.
පඤ්ච මත්තෙහි අස්ස සතෙහි ඉදින් සොරාට පරාජය වන්නේ නම් ලුහුබැඳ ඔහු අල්ලා ගන්නෙමි. ඉදින් මට පරාජය වන්නේ නම් වේගයෙන් පලායන්නෙමියි සැහැල්ලු බලයෙකින් නික්මුණාය. යෙන ආරාමො කුමක්නිසා අරමට ගියාද ඔහු සොරාට බියවෙයි. සිතින් යන්ට නොකැමැත්තේ නො යතියි අවමන් බියෙන් නික්මුණෝය. එයින් ඔහුට මෙසේ සිතිණ. සම්මා සම්බුදුන් වැඳ හිඳගන්නෙමි. ඔහු මෙසේ අසන්නේය :- බලය ගෙන කුමක් හෙයින් නික්ම ගියෙහිද මම මෙසේ දන්වන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මාහට හුදෙක් සම්පරායික අර්ථයෙන් පමණක් සංග්‍රහ නොකරන සේක. දිට්ඨධම්මයෙනුත් සංග්‍රහ කරන සේක. හෙතෙමේ ඉදින් මාහට ජයවන්නේ නම් ඉවසන්ය. ඉදින් පරාජය වන්නේ නම් මහරජ ඔබ එක් සොරකු අරබයා කුමක් නිසා යන්නේ දැයි කියයි. ඉන්පසු ජනයා මා මෙසේ හඳුන්වන්නේය. රජත්තෙමේ සොරා අල්ලන්ට නික්මෙන්නේ සම්මා සම්බුදුන් වහන්සේ විසින් මම නවත්වනු ලැබීමි මෙසේ ගර්හාවෙන් මිදීම අපේක්ෂාවෙන් ගියේය.
කුතො පනස්සාති කස්මා ආහ? අපි නාම භගවා තස්ස උපනිස්සයං ඔලොකෙත්වා තං ආනෙත්වා පබ්බාජෙය්යාති භගවතො පරිගණ්හනත්ථං ආහ. රඤ්ඤොති න කෙවලං රඤ්ඤොයෙව භයං අහොසි, අවසෙසොපි මහාජනො භීතො ඵලකාවුධානි ඡඩ්ඩෙත්වා සම්මුඛසම්මුඛට්ඨානෙව පලායිත්වා නගරං පවිසිත්වා ද්වාරං පිධාය අට්ටාලකෙ ආරුය්හ ඔලොකෙන්තො අට්ඨාසි. එවඤ්ච අවොච – “අඞ්ගුලිමාලො ‘රාජා මය්හං සන්තිකං ආගච්ඡතී’ති ඤත්වා පඨමතරං ආගන්ත්වා ජෙතවනෙ නිසින්නො, රාජා තෙන ගහිතො, මයං පන පලායිත්වා මුත්තා”ති. නත්ථි තෙ ඉතො භයන්ති අයඤ්හි ඉදානි කුන්ථකිපිල්ලිකං ජීවිතා න වොරොපෙති, නත්ථි තෙ ඉමස්ස සන්තිකා භයන්ති අත්ථො.
කුතො පනස්ස කුමක් නිසා කීයේද? භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ උපනිශ්‍රය සම්පත් බලා ඔහු ගෙනවුත් පැවිදි කරන සේක්ද භාග්‍යවතුන් වහන්සේට අපහාස කරනු පිණිස රඤ්ඤෙ යයි කීය. භය ඇතිවුයේ රජුට පමණක් නොවේ. අවශේෂ මහජනයාද බියටපත්වී පලිස් ආයුධ ඉවත දමා හමුවු හමුවූ තැනම පළාගොස් නගරයට පිවිස දොරවසා අට්ටාලයට නැග බලමින් සිටියේය. මෙසේද කීය. රජතුමා මා සමීපයට පැමිණෙතියි දැන පළමුව පැමිණ ජේවනයෙහි හුන්නේය. රජතෙමේ ඔහු විසින් ගන්නා ලද්දේය. අපි පළාගොස් මිදුණෙමු. නත්ථිතෙ අතොභයං. මොහු දැන් කුරු කුහුඹියකුවත් නොකරයි. ඔබට මොහුගේ සමීපයෙන් භයක් නැත යන අර්ථයි.
කථං ගොත්තොති? කස්මා පුච්ඡති? පබ්බජිතං දාරුණකම්මෙන උප්පන්නනාමං ගහෙත්වා වොහරිතුං න යුත්තං, මාතාපිතූනං ගොත්තවසෙන නං සමුදාචරිස්සාමීති මඤ්ඤමානො පුච්ඡි. පරික්ඛාරානන්ති එතෙසං අත්ථාය අහං උස්සුක්කං කරිස්සාමීති අත්ථො. කථෙන්තොයෙව ච උදරෙ බද්ධසාටකං මුඤ්චිත්වා ථෙරස්ස පාදමූලෙ ඨපෙසි.
කථං ගොත්තො කුමක් නිසා විමසයිද? පැවිද්දකු දරුණු කර්මයක් නිසා උපන් නම ගෙන ව්‍යවහාර කිරීම යුතු නැත. මව් පියන්ගේ ගෝත්‍ර වශයෙන් ඔහුට කථාකරන්නෙමියි සිතමින් ඇසීය. පරික්ඛාරානං මොවුන්ගේ ප්‍රයෝජනය සඳහා මම උත්සාහ කරන්නෙමි යන අර්ථයි. කථා කරද්දීම බඩබැඳි සළුව මුදා තෙරුන්ගේ පාමුල තැබීය.
ආරඤ්ඤිකොතිආදීනි චත්තාරි ධුතඞ්ගානි පාළියං ආගතානි. ථෙරෙන පන තෙරසපි සමාදින්නානෙව අහෙසුං, තස්මා අලන්ති ආහ. යඤ්හි මයං, භන්තෙති කිං සන්ධාය වදති? “හත්ථිම්පි ධාවන්තං අනුබන්‍ධිත්‍වා ගණ්හාමී”ති ආගතට්ඨානෙ රඤ්ඤා පෙසිතහත්ථාදයො සො එවං අග්ගහෙසි. රාජාපි – “හත්ථීහියෙව නං පරික්ඛිපිත්වා ගණ්හථ, අස්සෙහෙව, රථෙහෙවා”ති එවං අනෙකවාරං බහූ හත්ථාදයො පෙසෙසි. එවං ගතෙසු පන තෙසු – “අහං අරෙ අඞ්ගුලිමාලො”ති තස්මිං උට්ඨාය සද්දං කරොන්තෙ එකොපි ආවුධං පරිවත්තෙතුං නාසක්ඛි, සබ්බෙව කොට්ටෙත්වා මාරෙසි. හත්ථී අරඤ්ඤහත්ථී, අස්සා අරඤ්ඤඅස්සා, රථාපි තත්ථෙව භිජ්ජන්තීති ඉදං සන්ධාය රාජා එවං වදති.
අරඤ්ඤකො ආදි ධුතාංග සතර පාළියෙහි ආවේය. තෙරුන් විසින් ධුතාංග දහතුනක් සමාදන් වනලදී. ඒනිසා අලං යයි කීය. යම්හි මයං භන්තෙ කුමක් සඳහා කියයිද? දුවන අශ්වයා වුවත් ඒ අනුව දුවගොස් ගනිමියි පැමිණි විට රජු විසින් යවන ලදී. ඔහු ඇත්ආදින්ම අල්ලා ගන්නේය. රජතෙමේ ඇතුන්ගෙන්ම වට කොට ගනිවු. අශ්වයන්ගෙන්, රියවලින් වටකොට ගනිවු යයි නොයෙක්වර බොහෝ ඇත් ආදීන් යැවීය. මොවුන් එසේ ගිය කල්හි. බොලව් මම අංගුලිමාලයයි එහි නැගිට හඬ නගද්දී එකෙක් වත් ආයුධයක් ලෙලවන්ට නොහැකිවිය. සියලු දෙනම කොටා මැරීය. ඇත්තු වල් ඇත්තු වෙති අශ්වයෝ වල් අශ්වයෝය. රිය ද එතැනදීම බිඳේයයි මේ සඳහා රජතෙමේ මෙසේ කියයි.
පිණ්ඩාය පාවිසීති න ඉදං පඨමං පාවිසි. ඉත්ථිදස්සනදිවසං සන්ධාය පනෙතං වුත්තං. දෙවසිකම්පි පනෙස පවිසතෙව, මනුස්සා ච නං දිස්වා උත්තසන්තිපි පලායන්තිපි ද්වාරම්පි ථකෙන්ති, එකච්චෙ අඞ්ගුලිමාලොති සුත්වාව පලායිත්වා අරඤ්ඤං වා පවිසන්ති, ඝරං වා පවිසිත්වා ද්වාරං ථකෙන්ති. පලායිතුං අසක්කොන්තා පිට්ඨිං දත්වා තිට්ඨන්ති. ථෙරො උළුඞ්ගයාගුම්පි කටච්ඡුභික්ඛම්පි න ලභති, පිණ්ඩපාතෙන කිලමති. බහි අලභන්තො නගරං සබ්බසාධාරණන්ති නගරං පවිසති. යෙන ද්වාරෙන පවිසති, තත්ථ අඞ්ගුලිමාලො ආගතොති කූටසහස්සානං භිජ්ජනකාරණං හොති. එතදහොසීති කාරුඤ්ඤප්පත්තියා අහොසි. එකෙන ඌනමනුස්සසහස්සං ඝාතෙන්තස්ස එකදිවසම්පි කාරුඤ්ඤං නාහොසි, ගබ්භමූළ්හාය ඉත්ථියා දස්සනමත්තෙනෙව කථං උප්පන්නන්ති? පබ්බජ්ජාබලෙන, පබ්බජ්ජාබලඤ්හි එතං.
පිණ්ඩාය පාවිසි පළමුව පිවිසියේ නැත. ස්ත්‍රිය දකින දිනය සඳහා මෙය කියන ලදී. දිනපතාම පිවිසෙයි. මිනිස්සු ඔහු දැක බියවෙති. පළායති දොරවසති. සමහරු අංගුලිමාලයැයි ඇසු පමණින් පළාගොස් වනයට හෝ පිවිසෙති ගෙට වැදී දොරවසති. පළායාමට නොහැකිව පිටිපසහරවා සිටිති. තෙරුන් වහන්සේ කැඳ අලුවක්වත් බත්හැන්දක් වත් නොලබති. ආහාරයෙන් ක්ලාන්ත වෙති. පිටතින් නොලබන්නාහු නගරය සර්ව සාධාරණයැයි නගරයට පිවිසෙත්. යම් දොරකින් පිවිසෙත්ද එතැන අංගුලිමාල පැමිණියේයයි ගල්කුළු දහසක් බිඳින තරම් කරුණක් වෙයි. මතදහොසි කාරුණ්යයට පැමිණීම සඳහාය. එකක් අඩු මිනිසුන් දහසක් මරන්නහුට එක් දවසක්වත් කරුණාවක් නොවීය. විලිරුදාවෙන් මුසපත්වූ ස්ත්‍රියක දුටුපමණින් කථාව හට ගැනිණි. පබ්බජ්ජා බලෙන මේනම් පැවිද්දෙහි බලයයි.
තෙන හීති යස්මා තෙ කාරුඤ්ඤං උප්පන්නං, තස්මාති අත්ථො. අරියාය ජාතියාති, අඞ්ගුලිමාල, එතං ත්වං මා ගණ්හි, නෙසා තව ජාති. ගිහිකාලො එස, ගිහී නාම පාණම්පි හනන්ති, අදින්නාදානාදීනිපි කරොන්ති. ඉදානි පන තෙ අරියා නාම ජාති. තස්මා ත්වං “යතො අහං, භගිනි, ජාතො”ති සචෙ එවං වත්තුං කුක්කුච්චායසි, තෙන හි “අරියාය ජාතියා”ති එවං විසෙසෙත්වා වදාහීති උය්යොජෙසි.
තෙනහි යම්හෙයකින් ඔහුට කරුණාවක් ඉපදුණේද ඒනිසා යන අර්ථයි. අරියාය ජාතියා අංගුලිමාල මෙය ඔබ නොගන්න. මේ ඔබගේ ජාතිය නොවේ. මෙය ගිහිකලයි. ගිහියෝ නම් පණද නසති. නොදුන් දෙය ගනිති. දැන් ඔබගේ ආර්ය ජාතියයි. ඒනිසා ඔබ යතො අහංභගිනි ජාතො යැයි මෙසේ කියන්ට කුකුස් ඇත්තෙහි. එසේ නම් අරියා ජාතියා යැයි මෙසේ විශේෂකොට කියහිය පිටත්කර හැරියේය.
තං ඉත්ථිං එතදවොචාති ඉත්ථීනං ගබ්භවුට්ඨානට්ඨානං නාම න සක්කා පුරිසෙන උපසඞ්කමිතුං. ථෙරො කිං කරොසීති? අඞ්ගුලිමාලත්ථෙරො සච්චකිරියං කත්වා සොත්ථිකරණත්ථාය ආගතොති ආරොචාපෙසි. තතො තෙ සාණියා පරික්ඛිපිත්වා ථෙරස්ස බහිසාණියං පීඨකං පඤ්ඤාපෙසුං. ථෙරො තත්ථ නිසීදිත්වා – “යතො අහං භගිනි සබ්බඤ්ඤුබුද්ධස්ස අරියාය ජාතියා ජාතො”ති සච්චකිරියං අකාසි, සහ සච්චවචනෙනෙව ධමකරණතො මුත්තඋදකං විය දාරකො නික්ඛමි. මාතාපුත්තානං සොත්ථි අහොසි. ඉමඤ්ච පන පරිත්තං න කිඤ්චි පරිස්සයං න මද්දති, මහාපරිත්තං නාමෙතන්ති වුත්තං. ථෙරෙන නිසීදිත්වා සච්චකිරියකතට්ඨානෙ පීඨකං අකංසු. ගබ්භමූළ්හං තිරච්ඡානගතිත්ථිම්පි ආනෙත්වා තත්ථ නිසජ්ජාපෙන්ති, තාවදෙව සුඛෙන ගබ්භවුට්ඨානං හොති. යා දුබ්බලා හොති න සක්කා ආනෙතුං, තස්සා පීඨකධොවනඋදකං නෙත්වා සීසෙ සිඤ්චන්ති, තඞ්ඛණංයෙව ගබ්භවුට්ඨානං හොති, අඤ්ඤම්පි රොගං වූපසමෙති. යාව කප්පා තිට්ඨනකපාටිහාරියං කිරෙතං.
තං ඉත්ථිං එවං අච්ච ස්ත්රීන්ගේ දරු ප්‍රසූතියට පුරුෂයකුට එළඹිය නොහැකිය. තෙරුන් වහන්සේ කුමක් කරන්නද? අංගුලිමාල තෙරුන් වහන්සේ සත්‍යක්‍රියා කොට යහපතක් කිරීම පිණිස පැමිණියහයි දැන්වීය. ඉන්පසු ඔවුහු තිරයකින් වටකොට තෙරුන් වහන්සේ එහි හිඳ සොහොයුරිය මම සර්වඥවු බුදුන් වහන්සේගේ ආර්ය ජාතියෙහි උපන්නෙමියි සත්‍ය ක්‍රියා කළහ. සත්‍යක්‍රියාව සමගම කෙණ්ඩිය කින් වැහෙන ජලය මෙන් දරුවා නික්මුණේය. මවටත් දරුවාටත් යහපතක්ම විය. මේ පිරිත කිසිදු අනතුරක් නොමඩීන්නේ නොවේ. මෙය මහාපරිත්ත නම්වේයයි කියන ලදී. තෙරුන් හිඳ සත්‍යක්‍රියා කළ ස්ථානයෙහි පීඨිකාවක් තැබුහ. විලිරුදාවෙන් මුසපත්වූ තිරිසන් ගත ස්ත්‍රීන්ද මෙහි ගෙනවුත් එහි වැදහොවති. එකෙණෙහිම සැපසේ ප්‍රසුතිය සිදුවේ. යම් ස්ත්‍රියක් දුර්වලනම් මෙහි ගෙන ඒමට නොහැකිනම් පිඨිකාව සේදූ ජලය ගෙනගොස් හිසපිට වත්කරති. එකෙණෙහිම ප්‍රසුතිය සිදුවෙයි. වෙනත් රෝගද සන්සිඳේ. මෙය කල්පය පවත්නාතෙක් තිබෙන ප්රාතිහාර්යයකි.
කිං පන භගවා ථෙරං වෙජ්ජකම්මං කාරාපෙසීති? න කාරාපෙසි. ථෙරඤ්හි දිස්වා මනුස්සා භීතා පලායන්ති. ථෙරො භික්ඛාහාරෙන කිලමති, සමණධම්මං කාතුං න සක්කොති. තස්ස අනුග්ගහෙන සච්චකිරියං කාරෙසි. එවං කිරස්ස අහොසි – “ඉදානි කිර අඞ්ගුලිමාලත්ථෙරො මෙත්තචිත්තං පටිලභිත්වා සච්චකිරියාය මනුස්සානං සොත්ථිභාවං කරොතීති මනුස්සා ථෙරං උපසඞ්කමිතබ්බං මඤ්ඤිස්සන්ති, තතො භික්ඛාහාරෙන අකිලමන්තො සමණධම්මං කාතුං සක්ඛිස්සතී”ති අනුග්ගහෙන සච්චකිරියං කාරෙසි. න හි සච්චකිරියා වෙජ්ජකම්මං හොති. ථෙරස්සාපි ච “සමණධම්මං කරිස්සාමී”ති මූලකම්මට්ඨානං ගහෙත්වා රත්තිට්ඨානදිවාට්ඨානෙ නිසින්නස්ස චිත්තං කම්මට්ඨානාභිමුඛං න ගච්ඡති, අටවියං ඨත්වා මනුස්සානං ඝාතිතට්ඨානමෙව පාකටං හොති. “දුග්ගතොම්හි, ඛුද්දකපුත්තොම්හි, ජීවිතං මෙ දෙහි සාමීති මරණභීතානං වචනාකාරො ච හත්ථපාදවිකාරො ච ආපාථං ආගච්ඡති, සො විප්පටිසාරී හුත්වා තතොව උට්ඨාය ගච්ඡති, අථස්ස භගවා තං ජාතිං අබ්බොහාරිකං කත්වාවායං විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං ගණ්හිස්සතීති අරියාය ජාතියා සච්චකිරියං කාරෙසි. එකො වූපකට්ඨොතිආදි වත්ථසුත්තෙ (ම· නි· 1.80) විත්ථාරිතං.
භාග්‍යවතුන් වහන්සේ තෙරුන් ලවා වෙදකම් කරවන සේක්ද? නොකරවූසේක. තෙරුන් දැක මිනිස්සු බිය වී පැනයති. තෙරුන් වහන්සේ ආහාර නැතිව ක්ලාන්ත වෙති. මහණදම් පිරීමට නොහැකිය. ඔහුට අනුග්‍රහ කොට සත්‍යක්‍රියා කරවූසේක. උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. දැන් අංගුලිමාල තෙරුන් වහන්සේ මෛත්‍රී චිත්තය ලැබ සත්‍යක්‍රියා කිරීමෙන් මිනිසුන්ට යහපතක් කරතියි මිනිස්සු තෙරුන් කරා එළඹිය යුතුයයි සිතන්නෝය. එයින් ආහාරයෙන් ක්ලාන්ත නොවී මහණදම් පිරීමට හැකි වන්නේයයි සත්‍යක්‍රියා කරවූ සේක. සත්‍යක්‍රියාව වෙදකමක් නොවේ. තෙරුන්ගේද මහණ දම් පුරන්නෙමියි මූල කර්මස්ථානය ගෙන රාත්රිස්ථාන දිවාස්ථානයන්හි හිඳ සිත කර්මස්ථානාභිමුඛ නොවේ. වනයෙහි සිට මිනිසුන් මැරූ තැනම සිතට ප්‍රකට වෙයි. දුගියෙක්මි. කුඩා දරුවන් ඇත්තෙක්මි. මට ජීවිත දානය දෙනු මැනවි. හිමියනියි මරණ බියෙන් බියපත් වූවන් කියන ආකාරයද. අත්පා විකාරද සිතෙහි පහළවෙයි. හේ විළිපිසරව එයින් නැගිට යයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඒ ජාතිය අධ්‍යාහාර කොට විදර්ශනාවඩා හේ රහත්බව ළංකර ගත්තේයයි ආර්ය ජාතියේ සත්‍යක්‍රියා කරවූ සේක. එකොවුපකට්ඨො ආදි වත්ථ සූත්‍රයෙහි විස්තර කරන ලදී.
අඤ්ඤෙනපි ලෙඩ්ඩු ඛිත්තොති කාකසුනඛසූකරාදීනං පටික්කමාපනත්ථාය සමන්තා සරක්ඛෙපමත්තෙ ඨානෙ යෙන කෙනචි දිසාභාගෙන ඛිත්තො ආගන්ත්වා ථෙරස්සෙව කායෙ පතති. කිත්තකෙ ඨානෙ එවං හොති? ගණ්ඨිකං පටිමුඤ්චිත්වා පිණ්ඩාය චරිත්වා පටිනිවත්තෙත්වා යාව ගණ්ඨිකපටිමුක්කට්ඨානං ආගච්ඡති, තාව හොති. භින්නෙන සීසෙනාති මහාචම්මං ඡින්දිත්වා යාව අට්ඨිමරියාදා භින්නෙන.
අඤ්ඤෙනපි ලෙඩ්ඩු ඛිත්තො කපුටන් බල්ලන් ඌරන් ආදීන් හරවා යැවීම පිණිස හාත්පස කටහඬ ඇසෙන මානයෙහි තැන කිසියම් දිශාවකින් විස්කරන ලද ගලක් අවුත් තෙරුන්ගේ සිරුරෙහි වැටේද, කොපමණක් තැන මෙසේ වේද ඊතලයක් ගිලිහී ගිය තැනට පැමිණේද එතාක් වෙයි. භින්නෙන සීසෙන මහා චර්මය සිදුරුවී අස්ථි කෙළවර තෙක් සිදුරුවුණු,
බ්රාහ්මණාති ඛීණාසවභාවං සන්ධාය ආහ. යස්ස ඛො ත්වං, බ්‍රාහ්මණ, කම්මස්ස විපාකෙනාති ඉදං සභාගදිට්ඨධම්මවෙදනීයකම්මං සන්ධාය වුත්තං. කම්මඤ්හි කරියමානමෙව තයො කොට්ඨාසෙ පූරෙති. සත්තසු චිත්තෙසු කුසලා වා අකුසලා වා පඨමජවනචෙතනා දිට්ඨධම්මවෙදනීයකම්මං නාම හොති. තං ඉමස්මිංයෙව අත්තභාවෙ විපාකං දෙති. තථා අසක්කොන්තං අහොසිකම්මං, නාහොසි කම්මවිපාකො, න භවිස්සති කම්මවිපාකො, නත්ථි කම්මවිපාකොති ඉමස්ස තිකස්ස වසෙන අහොසිකම්මං නාම හොති. අත්ථසාධිකා සත්තමජවනචෙතනා උපපජ්ජවෙදනීයකම්මං නාම. තං අනන්තරෙ අත්තභාවෙ විපාකං දෙති. තථා අසක්කොන්තං වුත්තනයෙනෙව තං අහොසිකම්මං නාම හොති. උභින්නමන්තරෙ පඤ්චජවනචෙතනා අපරාපරියවෙදනීයකම්මං නාම හොති. තං අනාගතෙ යදා ඔකාසං ලභති, තදා විපාකං දෙති. සති සංසාරප්පවත්තියා අහොසිකම්මං නාම න හොති. ථෙරස්ස පන උපපජ්ජවෙදනීයඤ්ච අපරාපරියවෙදනීයඤ්චාති ඉමානි ද්වෙ කම්මානි කම්මක්ඛයකරෙන අරහත්තමග්ගෙන සමුග්ඝාටිතානි, දිට්ඨධම්මවෙදනීයං අත්ථි. තං අරහත්තප්පත්තස්සාපි විපාකං දෙතියෙව. තං සන්ධාය භගවා “යස්ස ඛො ත්ව”න්තිආදිමාහ. තස්මා යස්ස ඛොති එත්ථ යාදිසස්ස ඛො ත්වං, බ්‍රාහ්මණ, කම්මස්ස විපාකෙනාති එවං අත්ථො වෙදිතබ්බො.
බ්රාහ්මණො රහත්බව සඳහා කියූසේක. යස්සඛො ත්වං බ්‍රාහ්මණ කම්මස්ස විපාකෙන භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහුට දිට්ඨධම්ම වෙදනීය කර්මය සඳහා කියන ලදී. කර්මයක් කරද්දීම කොටස් තුනක් පිරෙයි. සිත් සතෙහි කුසල් හෝ අකුසල් හෝ ප්‍රථම ජවන චේතනාව දිට්ඨධම්ම වේදනීය කර්මය නම්. එය මේ ආත්ම භාවයෙහිම විපාකදෙයි. එසේ නොහැකි වූවිට එය අහොසි කර්ම නොවීය. කර්ම විපාකයක් නැත. කර්මවිපාකය, තත්ථිකම්ම විපාකයැයි මෙය තික වශයෙන් අහොසි කම්ම නම් වේ. අර්ථ සාධක සත්වැනි ජවන චේතනාව උපපජ්ජ වේදනීය කර්ම නම් වේ. එය අනතුරු ආත්ම භාවයෙහි විපාක දෙයි. එසේ නොහැකිවූවිට කියු ක්‍රමයෙන්ම අහොසි කම්ම නම්වේ. දෙක අතර ජවන චේතනා පහක් අපරාපරිය වේදනීය කම්ම නම්වේ. එය අනාගතයෙහි අවකාශයක් ලද විට එකල විපාක දෙයි. සසර පැවැත්ම ඇති විට අහෝසි කම්ම නොවේ. තෙරුන් වහන්සේට උපපජ්ජවේදනීය ද අපරාපරිය වේදනීයද යන මේ කර්ම දෙක කම්මක්ඛය කර්මයෙන් අර්හත් මාර්ගයෙන් ඝාත නය කරන ලදී. දිට්ඨධම්ම වේදනීය තිබේ. එය රහත්බවට පත්වූවහුටද විපාක දෙන්නේමය. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ යස්ස ඛො ත්වං ආදිය කීසේක. ඒනිසා යස්ස ඛො ත්වං බමුණ එබඳු විපාකයන් යයි මේ අර්ථය දතයුතුය.
අබ්භා මුත්තොති දෙසනාසීසමත්තමෙතං, අබ්භා මහිකා ධූමො රජො රාහූති ඉමෙහි පන උපක්කිලෙසෙහි මුත්තො චන්දිමා ඉධ අධිප්පෙතො. යථා හි එවං නිරුපක්කිලෙසො චන්දිමා ලොකං පභාසෙති, එවං පමාදකිලෙසවිමුත්තො අප්පමත්තො භික්ඛු ඉමං අත්තනො ඛන්ධායතනධාතුලොකං පභාසෙති, විහතකිලෙසන්ධකාරං කරොති.
අබ්භාමුත්තො මෙය දේශනා ශීර්ෂ මාත්‍රයකි. අබභ, මහිකා, ධුම රජො රාහු යන මේ උපක්ලේශයන් ගෙන් මිදුණු සඳ මෙහි අදහස් කෙරිණ. යම්සේ මෙසේ උපක්ලේශ යන්ගෙන් මිදුණු චන්ද්‍රයා ලෝකය බබලවයි. පහවූ කෙළෙස් අඳුර ඇත්තක් කරයි.
කුසලෙන පිධීයතීති මග්ගකුසලෙන පිධීයති අප්පටිසන්ධිකං කරීයති. යුඤ්ජති බුද්ධසාසනෙති බුද්ධසාසනෙ කායෙන වාචාය මනසා ච යුත්තප්පයුත්තො විහරති. ඉමා තිස්සො ථෙරස්ස උදානගාථා නාම.
කුසලෙන පිථියනි මාර්ග කුසලයෙන් ප්රතිසන්ධි නැත්තම් කෙරේ. යුඤ්ජති බුද්ධසාසනෙ බුද්ධශාසන යෙහි කයින් වචනයෙන් මනසින් යුතුව වාසය කරයි. මේ තෙරුන්ගේ උදාන වාක්‍ය තුන නමි
දිසා හි මෙති ඉදං කිර ථෙරො අත්තනො පරිත්තාණාකාරං කරොන්තො ආහ. තත්ථ දිසා හි මෙති මම සපත්තා. යෙ මං එවං උපවදන්ති – “යථා මයං අඞ්ගුලිමාලෙන මාරිතානං ඤාතකානං වසෙන දුක්ඛං වෙදියාම, එවං අඞ්ගුලිමාලොපි වෙදියතූ”ති, තෙ මය්හං දිසා චතුසච්චධම්මකථං සුණන්තූති අත්ථො. යුඤ්ජන්තූති කායවාචාමනෙහි යුත්තප්පයුත්තා විහරන්තු. යෙ ධම්මමෙවාදපයන්ති සන්තොති යෙ සන්තො සප්පුරිසා ධම්මංයෙව ආදපෙන්ති සමාදපෙන්ති ගණ්හාපෙන්ති, තෙ මනුජා මය්හං සපත්තා භජන්තු සෙවන්තු පයිරුපාසන්තූති අත්ථො.
දිසාහි මෙ මෙය තෙරුන් වහන්සේ තමාගේ ආරක්ෂා ආකාරයක් කරන්නාහු මෙසේ කීහ. එහි දිසාහිමෙ මාගේ සතුරෝ මට මෙසේ චෝදනා කරති. අංගුලිමාල වූ මා විසින් මරන ලද ඥාතීන්ගේ වශයෙන් දුකක් විඳිමි. මෙසේ අංගුලිමාලද දැනගනීවායි මාගේ දිසා චතුස්සත්‍ය ධර්ම කථාව අසත්වා යන අර්ථයි. යුඤ්ජන්තු යමෙක් ධර්මයම පිළිගනිත්ද ඔවුහු කයින් වචනයෙන් මනසින් සැදීපැහැදී වෙසෙත්වා සන්තො යම් ශාන්ත වූ සත්පුරුෂයෝ ධර්මයම පිළිගනිත්ද, සමාදන් වෙත්ද ගන්වත්ද ඔවුන් මිනිසුන් අතර මාගේ සතුරෝ ආශ්‍රය කෙරෙත්වා සේවනය කෙරෙත්වා. පයිරුපාසනය කෙරෙත්වා යන අර්ථයි.
අවිරොධප්පසංසීනන්ති අවිරොධො වුච්චති මෙත්තා, මෙත්තාපසංසකානන්ති අත්ථො. සුණන්තු ධම්මං කාලෙනාති ඛණෙ ඛණෙ ඛන්තිමෙත්තාපටිසඞ්ඛාසාරණීයධම්මං සුණන්තු. තඤ්ච අනුවිධීයන්තූති තඤ්ච ධම්මං අනුකරොන්තු පූරෙන්තු.
අවිරොධපසංසිනං අවිරෝධ යනු මෛත්‍රියයි. මෛත්‍රිය ප්‍රශංසා කරන්නවුන්ට යන අර්ථයි. සුණන්තු ධම්මං කාලෙන ක්ෂණයෙහි ක්ෂණයෙහි ක්ෂාන්ති මෛත්‍රී නුවණින් සලකා කෙරෙන සාරාණීය ධර්මය අසත්වා. එය ද අනුව කටයුතු කෙරෙත්වා ඒ ධර්මය අනුකරණය කරත්වා පුරත්වා.
න හි ජාතු සො මමං හිංසෙති යො මය්හං දිසො, සො මං එකංසෙනෙව න හිංසෙය්ය. අඤ්ඤං වා පන කිඤ්චි නන්ති න කෙවලං මං, අඤ්ඤම්පි පන කඤ්චි පුග්ගලං මා හිංසන්තු මා විහෙඨෙන්තු. පප්පුය්ය පරමං සන්තින්ති පරමං සන්තිභූතං නිබ්බානං පාපුණිත්වා. රක්ඛෙය්ය තසථාවරෙති තසා වුච්චන්ති සතණ්හා, ථාවරා නිත්තණ්හා. ඉදං වුත්තං හොති – යො නිබ්බානං පාපුණාති, සො සබ්බං තසථාවරං රක්ඛිතුං සමත්ථො හොති. තස්මා මය්හම්පි දිසා නිබ්බානං පාපුණන්තු, එවං මං එකංසෙනෙව න හිංසිස්සන්තීති. ඉමා තිස්සො ගාථා අත්තනො පරිත්තං කාතුං ආහ.
නහිජාතු සො මමං හිංසෙ හෙතෙමේ මා හා සමානය. හේ ඒකාන්තයෙන් මට හිංසා නොකරන්නේය. අඤ්ඤංවාපන කඤ්චිනං මට පමණක් නොව අන් කිසිදු පුද්ගලයකුට හිංසා නොකරාවා. වෙහෙස නොකරවා පරමං සන්තිං පරම ශාන්තිය වු නිර්වාණයට පැමිණ රක්ඛෙය්ය තසථාවරෙ තසා යනු තෘෂ්ණා සහිත. ථාවරා තෘෂ්ණාව නැති මෙසේ කියන ලදී, යමෙක් නිර්වාණයට පැමිණේද, හෙතෙමේ සියලු තෘෂ්ණා සහිත දේත් රහිත දේත් රකින්ට සමත්වේ. ඒනිසා මා සමාන වූවෝද නිර්වාණයට පැමිණෙත්වා. මෙසේ මාහට ඒකාන්තයෙන් හිංසා නොකරති. මේ ගාථාතුන තමාට ආරක්ෂාව සලසාගන්ට කීය.
ඉදානි අත්තනොව පටිපත්තිං දීපෙන්තො උදකඤ්හි නයන්ති නෙත්තිකාති ආහ. තත්ථ නෙත්තිකාති යෙ මාතිකං සොධෙත්වා බන්ධිතබ්බට්ඨානෙ බන්ධිත්වා උදකං නයන්ති. උසුකාරාති උසුකාරකා. නමයන්තීති තෙලකඤ්ජිකෙන මක්ඛෙත්වා කුක්කුළෙ තාපෙත්වා උන්නතුන්නතට්ඨානෙ නමෙන්තා උජුං කරොන්ති. තෙජනන්ති කණ්ඩං. තඤ්හි ඉස්සාසො තෙජං කරොති, පරඤ්ච තජ්ජෙති, තස්මා තෙජනන්ති වුච්චති. අත්තානං දමයන්තීති යථා නෙත්තිකා උජුමග්ගෙන උදකං නයන්ති, උසුකාරා තෙජනං, තච්ඡකා ච දාරුං උජුං කරොන්ති, එවමෙවං පණ්ඩිතා අත්තානං දමෙන්ති උජුකං කරොන්ති නිබ්බිසෙවනං කරොන්ති.
දැන් තමාගේම සතිය දක්වන්නේ උදකංහි නයන්ති නෙත්තිකා ආදිය කීය. එහි නෙත්තිකා යනු යමෙක් ඇළ සුද්ධකර බැඳියයුතු තැන් බැඳ ජලය ගෙනයත්ද ඔවුහු උසුකාරා ඊවඩුවෝ නමයන්ති තෙල් කැඳ ආදිය තවරා උණු අළුයෙහි තව තව නැමුණු නැමුණු තැන් නමමින් කෙළින් කරත්. තෙජනං ඊමුව එය ඊයෙහි තියුණුබව කරයි. අනුන්ට තර්ජනද කරයි. ඒනිසා තේජනයයි කියනු ලැබේ. අත්තානං දමයන්ති යම්සේ දියාලුළුවෝ ඍජුමාර්ගයෙන් ජලය ගෙන යත්ද ඊවඩුවෝ ඊතලයද වඩුවෝ ලීද කෙළින් කරත්ද එසේම පණ්ඩිතයෝ තමා දමනයවෙත්. ඍජු කරත්. වෙනස නැතිකරත්.
තාදිනාති ඉට්ඨානිට්ඨාදීසු නිබ්බිකාරෙන – “පඤ්චහාකාරෙහි භගවා තාදී, ඉට්ඨානිට්ඨෙ තාදී, වන්තාවීති තාදී, චත්තාවීති තාදී, තිණ්ණාවීති තාදී, තන්නිද්දෙසාති තාදී”ති (මහානි· 38; 192) එවං තාදිලක්ඛණප්පත්තෙන සත්ථාරා. භවනෙත්තීති භවරජ්ජු, තණ්හායෙතං නාමං. තාය හි ගොණා විය ගීවාය රජ්ජුයා, සත්තා හදයෙ බද්ධා තං තං භවං නීයන්ති, තස්මා භවනෙත්තීති වුච්චති. ඵුට්ඨො කම්මවිපාකෙනාති මග්ගචෙතනාය ඵුට්ඨො. යස්මා හි මග්ගචෙතනාය කම්මං පච්චති විපච්චති ඩය්හති, පරික්ඛයං ගච්ඡති, තස්මා සා කම්මවිපාකොති වුත්තා. තාය හි ඵුට්ඨත්තා එස අණණො නික්කිලෙසො ජාතො, න දුක්ඛවෙදනාය අණණො. භුඤ්ජාමීති චෙත්ථ ථෙය්යපරිභොගො ඉණපරිභොගො දායජ්ජපරිභොගො සාමිපරිභොගොති චත්තාරො පරිභොගා වෙදිතබ්බා. තත්ථ දුස්සීලස්ස පරිභොගො ථෙය්යපරිභොගො නාම. සො හි චත්තාරො පච්චයෙ ථෙනෙත්වා භුඤ්ජති. වුත්තම්පි චෙතං “ථෙය්යාය වො, භික්ඛවෙ, රට්ඨපිණ්ඩො භුත්තො”ති (පාරා· 195). සීලවතො පන අපච්චවෙක්ඛණපරිභොගො ඉණපරිභොගො නාම. සත්තන්නං සෙක්ඛානං පරිභොගො දායජ්ජපරිභොගො නාම. ඛීණාසවස්ස පරිභොගො සාමිපරිභොගො නාම. ඉධ කිලෙසඉණානං අභාවං සන්ධාය “අණණො”ති වුත්තං. “අනිණො”තිපි පාඨො. සාමිපරිභොගං සන්ධාය “භුඤ්ජාමි භොජන”න්ති වුත්තං.
තාදිනා ඉෂ්ට අනිෂ්ට ආදියෙහිදී වෙනසක් නැති. භාග්‍යවතුන් වහන්සේ විසින් පස් ආකාරයකින් තාදි ඉෂ්ටානිෂ්ට දෙයෙහිතාදි ඇත්තේනුයි තාදීයයද තාදි ඇත්තේනුයි තාදියැයිද එතෙරවූයේනුයි තාදි තාදිභාවය නිර්දේශ කරන ලදී. තාදී යනු මෙසේ තාදි ලක්ෂණයන්ට පත් ශාස්තෲන් වහන්සේ විසින් භවනෙත්ති භවරජ්ජුවයි. තෘෂ්ණාවට නමකි. යන්ත්‍රයෙහි ගොනුන් මෙන් සත්වයෝ ගෙලෙන්ද හෘදයෙහි රැහැනින් බැඳුණාහු ඒ ඒ භාවයට ගෙනයනු ලබත්ද, ඒනිසා භවනෙතති යයි කියනු ලැබේ. පුට්ඨො කම්මවිපාකෙන මාර්ග චේතනාවෙන් ස්පර්ශ කරන ලද්දේ යම්හෙයකින් මාර්ග චේතනාවෙන් කර්මය පැසවයිද, විශේෂයෙන් පැසවයිද දැවේද ක්ෂයවේද ඒනිසා එය කර්ම විපාකයැයි කියනු ලැබේ. එයින් ස්පර්ශ කරන ලද හෙයින් එය අණ්ණ නික්කිලෙස විය. දුක්ඛ වේදනාවෙන් අණ්ණ නොවේ. භුඤ්ජාමි මෙහි ථෙය්‍ය පරිහෝග. ඉණ පරිහෝග, දායජ්ජ පරිභෝග සාමි පරිභෝග පරිභෝග සතරක් දතයුතුයි. හි දුශ්ශීලයාගේ පරිභෝගය ථෙය්‍ය පරිභෝග නමි හේ සිව්පසය සොරාගෙන වළඳයි. මෙසේද කියන ලදී. මහණෙනි තෙපි සොරෙන් රට්ටුන්දෙන පිඬු වැළඳුවෝයැයි සීලවන්තයා ප්රත්යවේක්ෂා නොකොට කරන පරිභෝගය ඉණපරිභෝග නමි රහත්හුගේ පරිභෝගය සාමිපරිභෝග නමි මෙහි කෙලෙස්ණය නැතිබව සඳහා අණ්ණ යැයි කියන ලදී. අණිණෙ යනුවෙන්ද පාඨයක් වෙයි. සාමිපරිභෝගය සඳහා බොජුන් බුදිමියි කියන ලදී.
කාමරතිසන්ථවන්ති දුවිධෙසුපි කාමෙසු තණ්හාරතිසන්ථවං මා අනුයුඤ්ජථ මා කරිත්ථ. නයිදං දුම්මන්තිතං මමාති යං මයා සම්මාසම්බුද්ධං දිස්වා පබ්බජිස්සාමීති මන්තිතං, තං මම මන්තිතං න දුම්මන්තිතං. සංවිභත්තෙසු ධම්මෙසූති අහං සත්ථාති එවං ලොකෙ උප්පන්නෙහි යෙ ධම්මා සංවිභත්තා, තෙසු ධම්මෙසු යං සෙට්ඨං නිබ්බානං, තදෙව අහං උපගමං උපගතො සම්පත්තො, තස්මා මය්හං ඉදං ආගමනං ස්වාගතං නාම ගතන්ති. තිස්සො විජ්ජාති පුබ්බෙනිවාසදිබ්බචක්ඛුආසවක්ඛයපඤ්ඤා. කතං බුද්ධස්ස සාසනන්ති යං බුද්ධස්ස සාසනෙ කත්තබ්බකිච්චං අත්ථි, තං සබ්බං මයා කතං. තීහි විජ්ජාහි නවහි ච ලොකුත්තරධම්මෙහි දෙසනං මත්ථකං පාපෙසීති.
කාමරතිසන්ථවං ද්විවිධාකාර කාමයන්හි තෘෂ්ණාරති සන්ථවය (නොයොදන්න, නොකරන්න) නයිදං දුම්මන්තිතං මම මා විසින් සම්බුදුන් දැක පැවිදිවන්නෙමියි මන්ත්‍රණය කරන ලද්දේද ඒ මාගේ මන්ත්‍රණය කුමන්ත්‍රණයක් නොවේ. සවිභත්තෙසු ධම්මෙසු මම ශාස්තෘෘවෙමියි මෙසේ ලෝකයෙහි උපන්නවුන් විසින් යම් ධර්ම කෙනෙක් මනාසේ බෙදන ලද්දේද ඒ ධර්මයන් අතර යමක් ශ්‍රේෂ්ඨද ඒ නිර්වාණයට මම එළඹියෙමි එයට එළඹියේ වෙමි. එයින් යුක්තවෙමි ඒනිසා මාගේ මේ ආගමනය ස්වාගමනයකි. අපගමනයක් නොවේ. තිස්සො විජ්ජො, ප්රබ්බෙ නිවාස දිබ්බචක්ඛු ආසවක්ඛය ප්‍රඥා කතං බුද්ධස්සසාසනං බුද්ධ ශාසනයෙහි කළයුතු යම් කාර්යයක් ඇත්ද, මා විසින් එය කරන ලදී. ත්‍රිවිද්‍යාවෙන් නව ලෝකෝත්තර ධර්මයන්ගෙන් දේශනාව මුදුන් පත් කළසේක.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය අඞ්ගුලිමාලසුත්තවණ්ණනා නිට්ඨිතා.
සවැනි අංගුලිමාල සුත්‍රයයි.