අඞ්ගුලිමාලසුත්තං
2. 4. 6.
2. 4. 6.
අඞ්ගුලිමාලසුත්තං
අඞ්ගුලිමාල සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතෙ චොරො අඞ්ගුලිමාලො නාම හොති ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන චොරො අඞ්ගුලිමාලො තෙන’ද්ධානමග්ගං පටිපජ්ජි.
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල පසේනදි කොසොල් රජහුගේ විජිතයෙහි අඟුල්මල් නම් සොරෙක් ඇත. (හේ) දරුණුය. ලෙහෙ වැකුණු අත් ඇතියේ ය. මෙරමා පැහැරීම්හි හා මැරීම්හි බැස සිටියේය. සතුන් කෙරෙහි කරුණා නැත්තේ ය. උහු විසින් ගමුදු නොගම් කරන ලද. නියම්ගමුදු නො නියම්ගම් කරන ලද. දනවු දු නො දනවු කරන ලදි. හේ මිනිසුන් මර මරා අඟුල්මල් ධරයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස වැඩිසේක. සැවැතෙහි පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැළකිසේක් සෙනසුන් සඟවා තබා අඟුල්මල් සොරු බලා අදන්මඟට පිළිපන් සේක.
අද්දසංසු ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො භගවන්තං යෙන චොරො අඞ්ගුලිමාලො තෙනද්ධානමග්ගං පටිපන්නං දිස්වාන භගවන්තං එතදවොචුං: මා සමණ, එතං මග්ගං පටිපජ්ජි. එතස්මිං සමණ, මග්ගෙ චොරො අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. එතං හි සමණ, මග්ගං දසපි පුරිසා වීසතිම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපජ්ජන්ති. තෙපි චොරස්ස අඞ්ගුලිමාලස්ස හත්ථත්ථඞ්ගච්ඡන්තී’ති. එවං වුත්තෙ භගවා තුණ්හීභූතො අගමාසි.
ගවයන් රක්නාහු සියුපාවුන් රක්නාහු සීසහන්නාහු ගමන් යන්නාහු අඟුල්මල් සොර සිටුනා අදන්මඟට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ ඒ මඟට නො යා, මහණ එමඟ අඟුල්මල් නම් සොරෙක, කැකුළු ය. ලෙහෙ මුසු අත් ඇත්තේ ය. පැහැරීම් මැරීම් දෙක්හි බැස සිටියේ ය. සතුන් කෙරෙහි කුළුණු නැතියේ ය. උහු විසින් ගම්හු දු නො ගම් කරන ලදහ, නියම්ගම්හුදු නො නියම්ගම් කරන ලදහ, දනවුහුදු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. මහණ, තෙල මගට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ යෙති. ඔහුදු අඟුල්මල් සොරහුගේ අතැ නස්ති”යි. මෙසේ කී කල්හි බුදුහු නො බැණ නැඟී වැඩියෝ.
දුතියම්පි ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො භගවන්තං එතදවොචුං: මා සමණ, එතං මග්ගං පටිපජ්ජි. එතස්මිං සමණ, මග්ගෙ -පෙ- හත්ථත්ථඞ්ගච්ඡන්තී’ති. දුතියම්පි ඛො භගවා තුණ්හීභූතො අගමාසි.
දෙ වන වට ද ගෙරින් රක්නාහු සියුපාවුන් රක්නාහු සීසහන්නාහු ගමන් යන්නාහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ, තෙල මඟට නො යා. මහණ, තෙල මඟ … අත්හි නසිති” යි. දෙ වන වට ද භාග්‍යවතුන් වහන්සේ නො බැණ නැඟී වැඩියෝ.
තතියම්පි ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො භගවන්තං එතදවොචුං: මා සමණ, එතං මග්ගං පටිපජ්ජි, එතස්මිං සමණ, මග්ගෙ චොරො අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. එතං සමණ, මග්ගං දසපි පුරිසා වීසතිම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපජ්ජන්ති. තෙපි චොරස්ස අඞ්ගුලිමාලස්ස හත්ථත්ථඞ්ගච්ඡන්තී’ති. තතියම්පි ඛො භගවා තුණ්හීභූතො අගමාසි.
තුන් වන වට ද ගොන් රක්නාහු සියුපාවුන් රක්නාහු සහන්නාහු ගමන් යන්නාහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ, තෙල මඟට නො යා. මහණ තෙල මඟෙහි අඟුල්මල් නම් සොරෙක. කැකුළු ය, ලෙහෙ මුසු අත් ඇත්තේ ය, පැහැරීම් මැරීම්හි බැස සිටියේ ය, සතුන් කෙරෙහි දයා නැත්තේ ය. උහු විසින් ගම්හු නො ගම් කරන ලද හ, නියම්ගම්හු නො නියම්ගම් කරන ලදහ, දනවුහු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විදගෙන මාලා කොට ධරයි, මහණ, තෙල මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ යෙති. ඔහු දු අඟුල්මල් සොර අතැ නසිති”යි.
අද්දසා ඛො චොරො අඞ්ගුලිමාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වානස්ස එතදහොසි: අච්ඡරියං වත භො අබ්භුතං වත භො. ඉමං හි මග්ගං දසපි පුරිසා, වීසතිම්පි පුරිසා, තිංසම්පි පුරිසා, චත්තාරීසම්පි පුරිසා, පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපජ්ජන්ති. තෙපි මම හත්ථත්ථඞ්ගච්ඡන්ති. අථ ච පනායං සමණො එකො අදුතියො පසය්හ මඤ්ඤෙ ආගච්ඡති. යන්නූනාහං ඉමං සමණං ජීවිතා වොරොපෙය්ය’න්ති.
අඟුල්මල් සොර වඩනා බුදුන් දුරදී මැ දුට, දැක උහුට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක් මැ ය, භවත්නි, අද්භූතයෙක් මැ ය. මේ මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ වදිත්. ඔහු දු මා අතැ නස්නාහ. වැළිත් මේ මහණ එකලා වැ අද්විතීය වැ අභිභවමින් මෙන් එයි. මම මේ මහණ දිවියෙන් තොර කෙරෙම් නම් මැනැවැ”යි.
අථ ඛො චොරො අඞ්ගුලිමාලො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිඞ්ඛාසි. යථා චොරො අඞ්ගුලිමාලො භගවන්තං පකතියා ගච්ඡන්තං සබ්බත්ථාමෙන ගච්ඡන්තො න සක්කොති සම්පාපුණිතුං. අථ ඛො චොරස්ස අඞ්ගුලිමාලස්ස එතදහොසි: අච්ඡරියං වත භො අබ්භුතං වත භො, අහං හි පුබ්බෙ හත්ථිම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, අස්සම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, රථම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, මිගම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි. අථ ච පනාහං ඉමං සමණං පකතියා ගච්ඡන්තං සබ්බත්ථාමෙන ගච්ඡන්තො න සක්කොමි සම්පාපුණිතු’න්ති. ඨිතො භගවන්තං එතදවොච: තිට්ඨ සමණ, තිට්ඨ සමණාති. ඨිතො අහං අඞ්ගුලිමාල, ත්වඤ්ච තිට්ඨාති.
එසඳ අඟුල්මල් සොර කඩුපළහ ගෙන දුනුහියවුරු බැඳ බුදුන් පස් පස් ලුහුබැඳ ගියේ. එසඳ භාග්‍යවතුන් වහන්සේ යම්සේ අඟුල්මල් සොර පියවි ගමනින් වඩනා බුදුන් බල පමණින් දිවෙනුයේ හඹා නො ගත හේ ද, එබඳු අධිෂ්ඨානයක් කළෝ. එසඳ අඟුල්මල් සොරහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ, භවත්නි, අද්භූත මැ යි. මම පෙර දිවෙන ඇතු දු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන අසුදු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන රථ දු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන මුව දු ලුහුබැඳ ගනිම් මැ ය. එතෙකුදු වත් මේ මහණහු පියවිගමනින් යන්නහු බල පමණින් දිවෙනුයෙම් හඹා නො ගත හෙමි”යි සිටියේ භාග්‍යවතුන් වහන්සේ ට තෙල කී: “සිට මහණ, සිට මහණැ”යි. අඟුල්මල, මම සිටියෙමි, තො ද සිට’යි වදාළහ.
අථ ඛො චොරස්ස අඞ්ගුලිමාලස්ස එතදහොසි: ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සච්චවාදිනො සච්චපටිඤ්ඤා. අථ ච පනායං සමණො ගච්ඡංයෙව සමානො එවමාහ ඨිතො අහං අඞ්ගුලිමාල, ත්වඤ්ච තිට්ඨා’ති. යන්නූනාහං ඉමං සමණං පුච්ඡෙය්යන්ති. අථ ඛො චොරො අඞ්ගුලිමාලො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
එසඳ අඟුල්මල් සොරහට තෙල සිත් වී: “මේ සැහැපුත් මහණහු සත්යවාදීහ. සත්යප්රතිඥා ඇතියහ. වැළිත් මේ මහණ යනුයේ මැ ‘අඟුල්මල, මම සිටියෙමි, තො ද සිටැ’යි යෙයි, මම මේ මහණ පුළුවුස්නෙම් නම් මනා මැ නු යි. එ සඳ අඟුල්මල් සොර භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී:
ගච්ඡං වදෙසි සමණ ඨිතොම්හි මමඤ්ච බ්රූසි ඨිතං අට්ඨිතොති, පුච්ඡාමි තං සමණ එතමත්ථං කථං ඨිතො ත්වං අහමට්ඨිතොම්හීති?
“මහණ, යෙමින් සිටියෙමි’යි කියෙහි, සිටියා වූ මට ද නො සිටියෙහි”යි කියව. මහණ තෙල කරුණ තොප පුළුවුස්මි, තෙපි කෙසේ සිටියහු ද? මම් නො සිටියෙම් දැ?යි.
ඨිතො අහං අඞ්ගුලිමාල සබ්බදා සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, තුවඤ්ච පාණෙසු අසඤ්ඤතොසි තස්මා ඨිතොහං තුවමට්ඨිතොසී’ති.
අඟුල්මල, මම හැමදා හැම සතුන් කෙරෙහි දඬු බැහැර තබා සිටියෙම් වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි අසංයතයෙහි, එයින් මම සිටියෙම් වෙමි. තෝ නො සිටියෙහි යි.
චිරස්සං වත මෙ මහිතො මහෙසී මහාවනං සමණොයං පච්චුපාදි, සොහං චිරස්සාපි පහස්සං පාපං සුත්වාන ගාථං තව ධම්මයුත්තං”.
දෙව්මිනිසුන් විසින් පූජිත මෙ මහර්ෂී මහණ බොහෝ කල් ඇවෑමෙන් මට වැඩ සඳහා මහවනයට වැඩියේ ය. මම තොප ගේ ධර්ම යුක්ත ගාථා අසා කල් ඇවෑමෙනුදු පව් හරනෙමි.
ඉත්වෙව චොරො අසිආවුධඤ්ච සොබ්භෙ පපාතෙ නරකෙ අන්වකාරි, අවන්දි චොරො සුගතස්ස පාදෙ තත්ථෙව නං පබ්බජ්ජං අයාචි.
මෙසේ කියා මැ අඟුලුමල් සොර ඛඞ්ග හා තදන්‍ය ආයුධ අවට බුන් හෙබෙහි එක් පස බුන් ප්‍රපාතයෙහි පැළිගිය බිමෙහි හෙළාපී. (වෙනෙහි බැහී) සොර සුගතයන් වහන්සේ ගේ පා වැන්දේ යැ. එහි දී මැ උන් වහන්සේ අතින් පැවිදි යැදී.
බුද්ධො ච ඛො කාරුණිකො මහෙසි යො සත්ථා ලොකස්ස සදෙවකස්ස, තමෙහි භික්ඛූති තදා අවොච එසෙව තස්ස අහු භික්ඛුභාවො’ති.
කාරුණික වූ සදේවලෝකයාගේ ශාස්තෘ වූ මහර්ෂි වූ බුදුහු දු එසඳ ‘මහණ එ’යි උහුට වදාළහ. තෙල බස් මැ උහුට භික්ෂුභාව වී.
අථ ඛො භගවා ආයස්මතා අඞ්ගුලිමාලෙන පච්ඡාසමණෙන යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අන්තෙපුරද්වාරෙ මහාජනකායො සන්නිපතිත්වා උච්චාසද්දො මහාසද්දො හොති. චොරො තෙ දෙව, විජිතෙ අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. තං දෙවො පටිසෙධෙතූ’ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගාහක පසුමහණකු වූ ආයුෂ්මත් අඟුල්මල් තෙරුන් හා සැවැත්නුවර කරා චාරිකා කොට වැඩියෝ. පිළිවෙළින් සැරිසරමින් සැවැත් නුවර වැඩියෝ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති, එකල පසේනදි කොසොල් රජහුගේ ගෙවත්දොර මහජනයෝ රැස් වැ “දේවයන් වහන්ස, තොප ගේ රට අඟුල්මල් නම් සොරෙක, කැකුළු ය, ලෙහෙ මුසු අත් ඇත්තේය. පැහැරීම් මැරීම්හි බැස සිටියේ ය. සතුන් කෙරෙහි කුළුණු නැත්තේ ය. උහු විසින් ගම්හුදු නො ගම් කරන ලදහ, නියම්ගම්හුදු නො නියම්ගම් කරන ලදහ. දනවුහු දු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. දේවයන් වහන්සේ ඒ සොර වළකාලන සේක්ව”යි උස්හඬ මහහඬ ඇති වැ ගුගුළෝ.
අථ ඛො රාජා පසෙනදි කොසලො පඤ්චමත්තෙහි අස්සසතෙහි සාවත්ථියා නික්ඛමි. දිවාදිවස්ස යෙනාරාමො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: කින්නු තෙ මහාරාජ, රාජා මාගධො සෙනියො බිම්බිසාරො කුපිතො, වෙසාලිකා වා ලිච්ඡවී, අඤ්ඤෙ වා පටිරාජානො’ති. න ඛො මෙ භන්තෙ, රාජා මාගධො සෙනියො බිම්බිසාරො කුපිතො, නපි වෙසාලිකා ලිච්ඡවී, නාපි අඤ්ඤෙ පටිරාජානො. චොරො මෙ භන්තෙ, විජිතෙ අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. තාහං භන්තෙ පටිසෙධිස්සාමීති.
එසඳ පසේනදි කොසොල් රජ පන්සියක් මත් අසුන් සදාගෙන සැවැත් නුවරින් නික්මියේ යැ. දෙවෙන්දවාලෙහි දෙව්රම කරා ගියේ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ බුදුන් කරා එළැඹියේ යැ. එළැඹ බුදුන් වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල්රජහට බුදුහු තෙල කරුණ වදාළහ: “කිමෙක් ද මහරජ, තොපට මගධේශ්වර වූ සේනා බල ඇති බිම්සර මහරජ කිපියේ ද? විසල්පුර ලිච්ඡවීහු හෝ කිපියාහු ද? තදන්‍ය වූ හෝ විරුදු රජ කෙනෙක් හෝ කිපියාහු දැ?”යි. වහන්ස, මට මගධේශ්වර වූ සේනිය බිම්බිසාර මහරජ කිපියේ නො වෙයි, විසල්පුර ලිච්ඡවීහු ද නො ද කිපියාහු යැ. තදන්‍ය විරුදු රජ කෙනෙක් නො ද කිපියහ. වහන්ස, මාගේ විජිතයෙහි අඟුල්මල් නම් සොරෙක, දරුණු යැ, ලෙහෙමුසු අත් ඇත්තේ යැ, පැහැරීම් මැරීම් දෙක්හි බැසගත්තේ යැ, සතුන් කෙරෙහි කුළුණු නැතියේ යි. උහු විසින් ගමුදු නො ගම් කරන ලද. නියම්ගමුදු නො නියම්ගම් කරනලද. දනවුදු නො දනවු කරන ලද. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. වහන්ස, මම් උහු වළකාලමි”යි.
සචෙ පන ත්වං මහාරාජ, අඞ්ගුලිමාලං පස්සෙය්යාසි කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතං, විරතං පාණාතිපාතා විරතං අදින්නාදානා විරතං මුසාවාදා එකභත්තිකං බ්රහ්මචාරිං සීලවන්තං කල්යාණධම්මං, කින්ති නං කරෙය්යාසීති? අභිවාදෙය්යාම වා මයං භන්තෙ, පච්චුට්ඨෙය්යාම වා ආසනෙන වා නිමන්තෙය්යාම, අභිනිමන්තෙය්යාමපි නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, ධම්මිකං වා අස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්යාම කුතො පනස්ස භන්තෙ, දුස්සීලස්ස පාපධම්මස්ස එවරූපො සීලසංයමො භවිස්සතීති? තෙන ඛො පන සමයෙන ආයස්මා අඞ්ගුලිමාලො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො භගවා දක්ඛිණං බාහුං පග්ගහෙත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: එසො මහාරාජ, අඞ්ගුලිමාලො’ති.
“මහරජ, ඉදින් තෙපි අඟුල්මල්සොර කෙහෙරවුළු බහා කසාවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන් වැද පණිවායෙන් වෙන් වැ අයිනාදනින් වෙන් වැ මුසායෙන් වෙන් වැ එක්වේලේ වළඳනු වැ බඹසර ඇති වැ සිල්වත් වැ කලණදහම් ඇති වැ සිටියහු දක්නහු නම් ඔහට කුමක් කරන්නහු දැ?”යි. “වහන්ස, අපි අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ පවරම්හ, ඔහු සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකරිනුදු නිමන්ත්‍රණ කරම්හ, ඔහට ධාර්මික රක්‍ෂාවරණගෝපන ද සංවිධාන කරම්හ. වහන්ස, මේ දුසිල් පවිටුසැහැවි ඇතියහුට මෙබඳු ශීලසංයමයෙක් කොයින් වන්නේ දැ?”යි. එසමයෙහි වනාහි ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට නුදුරෙහි හුන්නාහු වෙති. එසඳ බුදුහු දකුණත නඟාගෙන පසේනදි කොසොල් රජහට තෙල බස් වදාළහ: “මහරජ තෙලෙ අඞ්ගුලිමාල යැ”යි.
අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අහුදෙව භයං අහු ඡම්භිතත්තං, අහු ලොමහංසො. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං භීතං සංවිග්ගං ලොමහට්ඨජාතං විදිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: මා භායි මහාරාජ, මා භායි මහාරාජ, නත්ථි තෙ අතො භයන්ති. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස යං අහොසි භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පටිප්පස්සම්භි. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙනායස්මා අඞ්ගුලිමාලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං අඞ්ගුලිමාලං එතදවොච: අය්යො නො භන්තෙ, අඞ්ගුලිමාලොති? එවං මහාරාජාති. කථංගොත්තො භන්තෙ, අය්යස්ස පිතා, කථංගොත්තා මාතාති? ගග්ගො ඛො මහාරාජ, පිතා, මන්තානී මාතාති. අභිරමතු භන්තෙ, අය්යො ගග්ගො මන්තාණිපුත්තො. අහමය්යස්ස ගග්ගස්ස මන්තානීපුත්තස්ස උස්සුක්කං කරිස්සාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති.
එසඳ පසේනදි කොසොල් රජහට බියෙක් වූ යේ මැ යැ තැතිගැන්මෙක් වී. ලොමුදහ වී මැ යි. එසඳ බුදුහු බියපත් තැතිගත් ලොමුදහගත් පසේනදි කොසොල් රජහු දැන පසේනදි කොසොල් රජහට තෙල වදාළහ: “මහරජ, නහමක් බියව, තොපට උහුගෙන් බියෙක් නැතැ”යි. ඉක්බිති පසේනදි කොසොල් රජහට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ වී නම් ඒ සන්හින. ඉක්බිති පසේනදි කොසොල් රජ අඟුල්මල් තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවන්ට තෙල බස් කී: “වහන්ස, අපගේ ආර්‍ය්‍ය වූ අඞ්ගුලිමාල තෙරණුවෝ දැ?”යි. ‘එසේ යැ මහරජැ’යි. වහන්ස, ආර්ය්යන්ගේ පිය තෙම කෙබඳු ගෝත්‍ර ඇත්තේ ද? මව කෙබඳු ගෝත්‍ර ඇත්තී දැ?යි. ‘මහරජ, පියා ගර්ග නම, මව මන්තානී නමු’යි. වහන්ස, මන්තානී පුත්‍ර ආර්ය්යගර්ගයෝ සස්නෙහි අභිරමණ කෙරෙත්වා, මම මන්තානීපුත්‍ර ආර්ය්යගර්ගයනට සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකරින් උත්සුක කරන්නෙමි’යි.
තෙන ඛො පන සමයෙන ආයස්මා අඞ්ගුලිමාලො ආරඤ්ඤකො හොති පිණ්ඩපාතිකො පංසුකූලිකො තෙචීවරිකො. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො රාජානං පසෙනදිං කොසලං එතදවොච: අලං මහාරාජ, පරිපුණ්ණං මෙ තිචීවරන්ති.
එසමයෙහි ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ ආරණ්‍යකාඞ්ග ඇත්තාහු පිණ්ඩපාතිකාඞ්ග ඇත්තාහු පාංශුකූලිකාඞ්ග ඇත්තාහු තෙචීචරිකඞ්ග ඇත්තාහු වෙති. එසඳ අඟුල්මල් තෙරණුවෝ පසේනදී කොසොල්රජහට තෙල බස් කීහ: “කම්නැත මහරජ, මට තුන්සිවුරු පරිපූර්ණ යැ”යි.
අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවඤ්චිදං භන්තෙ, භගවා අදන්තානං දමෙතා අසන්තානං සමෙතා, අපරිනිබ්බුතානං පරිනිබ්බාපෙතා. යං හි මයං භන්තෙ, නාසක්ඛිම්හා දණ්ඩෙනපි සත්ථෙනපි දමෙතුං. සො භගවතා අදණ්ඩෙන අසත්ථෙනෙව දන්තො. හන්ද ච දානි මයං භන්තෙ, ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසීති. අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
එසඳ පසේනදි කොසොල් රජ බුදුන් කරා එළඹියේ යැ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැල කෙළේ: “වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අදාන්තයන් දමනය කරන සේක් මැ යැ, අශාන්තයන් ශමනය කරන සේක් මැ යැ, නො පිරිනිවියන් පිරිනිවන සේක් මැ යි. වහන්ස, අපි යමක්හු දඬිනුදු සැතිනුදු දමනය කරන්නට නො හැකි වූමෝ ද, හේ භාග්‍යවතුන් වහන්සේ විසින් දඬ නැති වැ මැ සැත් නැති වැ මැ දමනය කරනලද. වහන්ස, දැන් අපි යම්හ, අපි බහුකෘත්‍ය බහු කරණී ඇතියම්හ’යි. ‘මහරජ, තෙපි එයට කල් දැනැ’යි. එසඳ පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැඟී බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යි.
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො ආයස්මා අඞ්ගුලිමාලො සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං දිස්වානස්ස එතදහොසි: කිලිස්සන්ති වත භො සත්තා කිලිස්සන්ති වත භො සත්තා’ති. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අඞ්ගුලිමාලො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිං. අද්දසං ඛො අහං භන්තෙ, සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං දිස්වාන මෙ එතදහොසි: කිලිස්සන්ති වත භො සත්තා, කිලිස්සන්ති වත භො සත්තා’ති.
එසඳ ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬු සිඟා වැඩියහ. ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනාහු මූඪගර්භ වැ නො වැදිය හෙන එක්තරා මාගමක දුටහ. දැක උන් වහන්සේට තෙල සිත් උපන: “භවත්නි, ඒකාන්තයෙන් සත්ත්වයෝ කෙලෙසෙති, භවත්නි, ඒකාන්තයෙන් සත්ත්වයෝ කෙලෙසෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ සැවැත්නුවර පිඬු සිඟා වැඩ පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ, එකත්පස් වැ හුන් ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැල කොළෝ: “වහන්ස, මම් පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟා යන්නෙම් මූඪගර්භ වැ නො වැදියහෙන එක්තරා මාගමක දිටිමි. දැක මට තෙල සිත් උපන: “භවත්නි, ඒකාන්තයෙන් සත්ත්වයෝ කෙලෙසෙති, භවත්නි, ඒකාන්තයෙන් සත්ත්වයෝ කෙලෙසෙති”යි.
තෙන හි ත්වං අඞ්ගුලිමාල, යෙන සා ඉත්ථි තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා තං ඉත්ථිං එවං වදෙහි: යතොහං භගිනි ජාතො නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ති. සො හි නූන මෙ භන්තෙ, සම්පජානමුසාවාදො භවිස්සති. මයා හි භන්තෙ, බහූ සඤ්චිච්ච පාණා ජීවිතා වොරොපිතාති.
අඟුල්මල, එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව, එළැඹ ඒ මාගමහට මෙසේ කියව: “නැඟැණියෙනි, මම් උපන් තැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි, එසසින් තිට සෙත්වේවා, ගබට සෙත් වේවා”යි. වහන්ස, හේ මට සම්පජාන මුසවා වෙයි, වහන්ස, මා විසින් බොහෝ සත්හු දැනැදැනැ දිවියෙන් ගළවනලදහ”යි.
තෙන හි ත්වං අඞ්ගුලිමාල, යෙන සා ඉත්ථී තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා තං ඉත්ථිං එවං වදෙහි: යතොහං භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ති. එවං භන්තෙති ඛො ආයස්මා අඞ්ගුලිමාලො භගවතො පටිස්සුත්වා යෙන සා ඉත්ථී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං ඉත්ථිං එතදවොච: යතොහං භගිනි, අරියාය ජාතියා ජාතො, නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ති. අථ ඛො සොත්ථි ඉත්ථියා අහොසි සොත්ථි ගබ්භස්ස.
අඟුල්මල, එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව, එළැඹ ඒ මාගමහට මෙසේ කියව: නැඟැණියෙනි, මම් යම් දවසෙකැ ආර්‍ය්‍යජාතියෙහි උපනෙම් ද එතැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි. එ සසින් තිට සෙත් වේවා ගබට සෙත් වේව”යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මාගම කරා එළැඹියහ. එළැඹ ඒ මාගමහට තෙල බස් කීහු: “නැඟණියෙනි, යම් දවසෙක මම් ආර්‍ය්‍යජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි, එ සසින් තිට සෙත් වේවා ගබට සෙත් වේව”යි. එසඳ මාගමහට සෙත් විය, ගබට සෙත් වී.
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච ඛො පනායස්මා අඞ්ගුලිමාලො අරහතං අහොසි.
එසඳ ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ එකලා වැ (වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් කයිනුදු සිතිනුදු) වෙන් වැ (කමටහන්හි) සිහි එළවා කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නාහු නොබෝ කලෙකින් මැ යම් අර්හත්වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, එ අනුත්තර වූ බ්රහ්මචර්ය්යපර්ය්යවසාන සඞ්ඛ්‍යාත අර්හත්ඵලය ඉහාත්මයෙහි මැ තමා විසින් වෙසෙසින් දැන ප්රත්යක්ෂ කොට උපයා වාස කළහ, ‘ජාතිය ක්ෂය වූ යැ මහබඹසර වැස නිමවන ලද. කරණී කරන ලද, මෙ රහත් බවට අන් කිසෙක් නැතැ’යි දතුවහ. ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ ද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහු.
අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන අඤ්ඤෙනපි ලෙඩ්ඩු ඛිත්තො ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති, අඤ්ඤෙනපි දණ්ඩො ඛිත්තො ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති, අඤ්ඤෙනපි සක්ඛරා ඛිත්තා ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො භින්නෙන සීසෙන, ලොහිතෙන ගලන්තෙන භින්නෙන පත්තෙන විප්ඵාලිතාය සඞ්ඝාටියා යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං අඞ්ගුලිමාලං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං අඞ්ගුලිමාලං එතදවොච: අධිවාසෙහි ත්වං බ්‍රාහ්මණ, අධිවාසෙහි ත්වං බ්‍රාහ්මණ. යස්ස ඛො ත්වං කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි නිරයෙ පච්චෙය්යාසි. තස්ස ත්වං බ්‍රාහ්මණ, කම්මස්ස විපාකං දිට්ඨෙව ධම්මෙ පටිසංවෙදෙසී’ති. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො රහොගතො පටිසල්ලීනො විමුත්තිසුඛපටිසංවෙදී තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
ඉක්බිති ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවර පිඬු සිඟා වැඩියහ. තවද එසමයෙහි අන් දෙසෙක්හිදු ලූ කැටපහණ ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ වෙරැ හෙයි. අන් දෙසෙක්හිදු ලූ දඬු ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ සිරුරෙහි හෙයි. අන් දෙසෙක්හිදු ලූ හකුරු (ගල්කැට) ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ කයෙහි හෙයි. එසඳ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ බුන් හිසින්, ගලන ලෙහෙයෙන්, භග්න පාත්‍රයෙන්, හිරුණු සඟලසිවුරින් යුතු වැ බුදුන් කරා එළැඹියහ. බුදුහු දුරින් මැ එන ආයුෂ්මත් අඟුල්මල් තෙරුන් දුටහ, දැක ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ට තෙල බස් වදාළහ: “බ්‍රාහ්මණය, තෙපි අධිවාසනා කරව, (ඉවසව) බ්‍රාහ්මණය, තෙපි අධිවාසනා කරව. තෙපි යම් කර්මයක්හුගේ විපාකයෙන් නො එක් වර්ෂයන් නො එක් වර්ෂශතයන් නො එක් වර්ෂසහස්රයන් නිරෑහි පැසෙන්නහු ද, බ්‍රාහ්මණය තෙපි ඒ කර්මයාගේ විපාක මෙ අත්බැව්හි මැ විඳුනහු යැ”යි. එසඳ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ රහෝගත වැ විවික්ත වැ වැඩහිඳුනාහු ඵලසමවත් සුව විඳුමින් (එයින් නැඟී) එ වේලෙහි මේ උදන් හැනූ:
යො ච පුබ්බෙ පමජ්ජිත්වා පච්ඡා සො නප්පමජ්ජති, සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා.
“යමෙක් පළමු පමා වැ සිට පසු වැ හේ නො පමා වේ ද, හෙතෙමේ අභ්‍ර හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේයි.
යස්ස පාපං කතං කම්මං, කුසලෙන පිථීයති, සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා.
යමක්හු විසින් කළ පව්කම් මාර්ගකුශලයෙන් වසාලනු ලැබේ ද, හේ අභ්‍ර (වලා) හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේ යි.
යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ, සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා.
යම් දහර මහණෙක් බුද්ධශාසනයෙහි ඒකාන්තයෙන් තුන්දොරින් යුක්තප්‍රයුක්ත වැ වාස කෙරේ ද, හේ අභ්‍ර හිමාදියෙන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේ යි.
දිසා හි මෙ ධම්මකථං සුණන්තු දිසා හි මෙ යුඤ්ජන්තු බුද්ධසාසනෙ, දිසා හි මෙ තෙ මනුජෙ භජන්තු යෙ ධම්මමෙවාදපයන්ති සන්තො.
මා ගේ සතුරෝ චතුස්සත්යධර්මකථා අසත්වා, මා ගේ සතුරෝ බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වෙත්වා, මාගේ සතුරෝ යම් සත්පුරුෂ කෙනෙක් දහම් මැ සමාදන් කරවත් ද, ඒ මනුෂ්‍යයන් භජනය කෙරෙත්වා.
දිසා හි මෙ ඛන්තිවාදානං අවිරොධප්පසංසිනං, සුණන්තු ධම්මං කාලෙන තඤ්ච අනුවිධීයන්තු.
මා ගේ සතුරෝ ක්ෂාන්තිවාද ඇති මෙත්ගුණ පසස්නා බුදුන්ගේ ක්ෂාන්තිමෛත්රිධර්මය ක්ෂණ ක්ෂණ සඞ්ඛ්‍යාත කාලයෙහි අසත්වා. ඒ දහම (අනුක්‍රියා විසින්) පුරත්වා.
න හි ජාතු සො මමං හිංසෙ අඤ්ඤං වා පන කඤ්චනං, පප්පුය්ය පරමං සන්තිං රක්ඛෙය්ය තසථාවරෙ.
මා ගේ ඒ සතුරා ඒකාන්තයෙන් මැ මට හිංසා නො කෙරේවා, අන් සතක්හට ද හිංසා නො කෙරේවා, පරමශාන්ති සඞ්ඛ්‍යාත නිවනට පැමිණ සතෘෂ්ණ නිස්තෘෂ්ණ සත්ත්වයන් රකීවා.
උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා.
දියාළුවෝ දිය නිසි තැනට ගෙන යත්, ඊවඩුවෝ ඊ කැමැති සේ නමා ඍජු කෙරෙත්, වඩුවෝ දැව අභිමත සේ නමත්, පණ්ඩිතයෝ ආත්මය දමනය කෙරෙත්.
දණ්ඩෙනෙකෙ දමයන්ති අඞ්කුසෙහි කසාහි ච, අදණ්ඩෙන අසත්ථෙන අහං දන්තොම්හි තාදිනා.
සමහර කෙනෙක් දඬිනුදු අකුස්සෙනුදු කසයෙනුදු දමනය කෙරෙති. මම දඬු නැති සැත් නැති තාදී වූ බුදුන් විසින් දමනය කරන ලදුයෙමි.
අහිංසකොති මෙ නාමං හිංසකස්ස පුරෙ සතො, අජ්ජාහං සච්චනාමොම්හි න නං හිංසාමි කඤ්චනං.
පෙර හිංසක වූ මට ‘අහිංසක’යි නම් වී. දැන් මම සත්‍ය වූ (අහිංසක) නම් ඇතියෙමි. ඒ කිසිවක්හු නො පෙළමි.
චොරො අහං පුරෙ ආසිං අඞ්ගුලිමාලොති විස්සුතො, වුය්හමානො මහොඝෙන බුද්ධං සරණමාගමං.
පෙර මම් ‘අඞ්ගුලිමාල’යි ප්‍රසිද්ධ වූ සොර වීමි. අවිදු මහවතුරින් උසුලාගෙනයනු ලබනුයෙම් බුදුන් සරණ කොට පැමිණියෙමි.
ලොහිතපාණි පුරෙ ආසිං අඞ්ගුලිමාලොති විස්සුතො, සරණගමනං පස්ස භවනෙත්ති සමූහතා.
පෙර මම් ‘අඟුල්මලැ’යි පසිඳු ලෙහෙ වැකි අත් ඇතියෙම් වීමි. සරණාගමනඵල බලව, (මා විසින්) භවරජ්ජුව (සසරරැහැන්) නස්නා ලද.
තාදිසං කම්මං කත්වාන බහුං දුග්ගතිගාමිනං, ඵුට්ඨො කම්මවිපාකෙන අනණො භුඤ්ජාමි භොජනං.
දුගතියට යනසුලු එබඳු බොහෝ පව්කම් කොට (කම් පස්නා හෙයින්) කර්මවිපාක සඞ්ඛ්‍යාත මාර්‍ගචේතනා විසින් පහස්නා ලදුයෙම් කෙලෙස් ණය නැති වැ බොජුන් වළඳමි.
පමාදමනුයුඤ්ජන්ති බාලා දුම්මෙධිනො ජනා, අප්පමාදඤ්ච මෙධාවී ධනං සෙට්ඨංව රක්ඛති.
තීරණප්‍රඥා නැති බාලජනයෝ ප්‍රමාදයෙහි අනුයුක්ත වෙති, එතෙකුදු වත් නුවණැති පුරුෂ අප්‍රමාදය ශ්‍රේෂ්ඨධනයක් සෙයින් රකී.
මා පමාදමනුයුඤ්ජෙථ මා කාමරතිසන්ථවං, අප්පමත්තො හි ඣායන්තො පප්පොති විපුලං සුඛං.
නහමක් ප්‍රමාදයෙහි යෙදෙව, නහමක් කාමරතිසන්ථව කරව, යම් හෙයකින් අප්‍රමත්ත වැ ධ්‍යාන කරන්නේ විපුල සුව ලබා ද, එහෙයිනි.
සාගතං නාපගතං නයිදං දුම්මන්තිතං මම, සංවිභත්තෙසු ධම්මෙසු යං සෙට්ඨං තදුපාගමං.
මා ගේ මේ සස්නට ඊම ස්වාගත (මනා ඊමෙක්) වෙයි. නො මනා ඊමෙක් නො වෙයි. (‘පැවිදිවෙමි’යි) නපුරු කොට සිතනලද නො වෙයි. (ලොව උපන්) සංවිභක්ත (විභාග කළ) දහම්හි යම් ශ්‍රේෂ්ඨ නර්මාණයෙක් ඇද්ද, එය ලදිමි.
සාගතං නාපගතං නයිදං දුම්මන්තිතං මම, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනන්ති.
මා ගේ මේ ඊම ස්වාගත යැ, අපගත නො වෙයි. මා විසින් (පැවිදි වෙමි’යි) නො මනා කොට සිතනලද නො වෙයි. මා විසින් ත්‍රිවිද්‍යා ලබනලද. බුදුසසුන් (සසුන්හි කළයුතු කිස) කරන ලදි.
අඞ්ගුලිමාලසුත්තං ඡට්ඨං.
සවැනි අඞ්ගුලිමාල සූත්‍ර යි.