පියජාතිකසුත්තං
2. 4. 7.
2. 4. 7.
පියජාතිකසුත්තං
පියජාතික සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස ගහපතිස්ස එකපුත්තකො පියො මනාපො කාලකතො හොති. තස්ස කාලකිරියාය නෙව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති. සො ආළාහනං ගන්ත්වා ගන්ත්වා කන්දති කහං එකපුත්තක, කහං එකපුත්තකා’ති. අථ ඛො සො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං ගහපතිං භගවා එතදවොච: න ඛො තෙ ගහපති, සකෙ චිත්තෙ ඨිතස්ස ඉන්ද්රියානි, අත්ථි තෙ ඉන්ද්රියානං අඤ්ඤථත්ත’න්ති.
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල එක්තරා ගැහැවියක්හුගේ ප්‍රියමනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් කර්මාන්තයෝ නො මැ වටහත්. බත ද නො රුස්නේ යැ. හේ සොහොනට පුනපුනා ගොස් හඬයි: “හා එක් මැ පුතැ කොහි යැ, හා එක් මැ පුතැ කොහි යැ”යි. ඉක්බිති ඒ ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් ඒ ගැහැවිහට තෙල වදාළහ: “ගැහැවිය, ස්වකීයචිත්තයෙහි සිටුනා තාගේ ඉඳුරෝ ඇත්තාහු නො වෙති, තාගේ ඉඳුරන්ගේ අන්යථාත්වයෙකි”යි.
කිං හි මෙ භන්තෙ, ඉන්ද්රියානං නාඤ්ඤථත්තං භවිස්සති? මය්හං හි භන්තෙ, එකපුත්තකො පියො මනාපො කාලකතො. තස්ස කාලකිරියාය නෙව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති. සොහං ආළාහනං ගන්ත්වා ගන්ත්වා කන්දාමි කහං එකපුත්තක, කහං එකපුත්තකා’ති.
වහන්ස, මා ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙක් කිම නො වේද? වහන්ස, මාගේ ප්‍රියමනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ යැ. ඔයුගේ කාලක්‍රියායෙන් කර්මාන්තයෝ නො මැ වටහත්, බත නොරුස්නේ යැ, මම සොහොනට පුනපුනා ගොස් හඬමි: “කොහි යැ හා! එක් මැ පුතැ, කොහි යැ හා!! එක් මැ පුතැ”යි.
එවමෙව ගහපති, පියජාතිකා හි ගහපති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
ගැහැවිය, එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ.
කිස්ස නු ඛො නාමෙතං භන්තෙ, එවං භවිස්සති: පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා, පියජාතිකා හි ඛො භන්තෙ, ආනන්දසොමනස්සා පියප්පභවිකාති. අථ ඛො සො ගහපති භගවතො භාසිතං අනභිනන්දිත්වා පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමි.
වහන්ස, කුමට තෙල මෙසේ වේ ද? ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ කුමට ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද? කුමට ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද? වහන්ස, ආනන්ද-සෞමනස්‍යයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ”යි. ඉක්බිති ඒ ගැහැවි භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්දනා නො කොට පිළිකෙව් කොට බැස ගියේ.
තෙන ඛො පන සමයෙන සම්බහුලා අක්ඛධුත්තා භගවතො අවිදූරෙ අක්ඛෙහි දිබ්බන්ති. අථ ඛො සො ගහපති යෙන තෙ අක්ඛධුත්තා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ අක්ඛධුත්තෙ එතදවොච: ඉධාහං භොන්තො, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා සමණං ගොතමං අභිවාදෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නං ඛො මං භොන්තො, සමණො ගොතමො එතදවොච: න ඛො තෙ ගහපති, සකෙ චිත්තෙ ඨිතස්ස ඉන්ද්රියානි අත්ථි. තෙ ඉන්ද්රියානං අඤ්ඤථත්ත’න්ති. එවං වුත්තෙ අහං භොන්තො, සමණං ගොතමං එතදවොචං: කිං හි මෙ භන්තෙ, ඉන්ද්රියානං නාඤ්ඤථත්තං භවිස්සති, මය්හං හි භන්තෙ, එකපුත්තකො පියො මනාපො කාලකතො. තස්ස කාලකිරියාය නෙව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති. සොහං ආළාහනං ගන්ත්වා ගන්ත්වා කන්දාමි: ‘කහං එකපුත්තක, කහං එකපුත්තකා’ති. එවමෙතං ගහපති, එවමෙතං ගහපති, පියජාතිකා හි ගහපති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකාති. කිස්ස නු
එසමයෙහි බොහෝ දූකෙළින්නෝ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පසැටින් කෙළිත්. ඉක්බිති ඒ ගැහැවි ඒ අක්ෂධූර්තයන් කරා එළැඹියේ. එළැඹ ඒ අක්ෂධූර්තයනට තෙල කී: “භවත්නි, මම මෙහි දී මහණ ගොයුම්හු කරා එළැඹියෙමි. එළැඹ මහණ ගොයුමන් සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. භවත්නි, එකත්පස් ව හුන් මට මහණ ගොයුම් තෙල කී: ‘ගැහැවිය, ස්වකීය චිත්තයෙහි සිටුනා තාගේ ඉඳුරෝ ඇත්තාහු නො වෙති. තා ඉඳුරන්ගේ අන්යථාත්වයෙකැ’යි. භවත්නි, මම මෙසේ කී කල මහණ ගොයුම්හට තෙල කීමි: ‘වහන්ස, මා ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙක් කිම නො වේ ද? වහන්ස, මාගේ ප්‍රිය මනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ. ඔහුගේ කාලක්‍රියායෙන් කර්මාන්තයෝ නො වටහත්, බත නුරුස්නේ යැ. මම සොහොනට පුනපුනා වැද හඬමි: “කොහි යැ හා! එක් මැ පුතැ, කොහි යැ හා!! එක් මැ පුතැ’යි. ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. වහන්ස, තෙල
ඛො නාමෙතං භන්තෙ, එවං භවිස්සති: පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා, පියජාතිකා හි ඛො භන්තෙ, ආනන්දසොමනස්සා පියප්පභවිකාති. අථ ඛ්වාහං භොන්තො, සමණස්ස ගොතමස්ස භාසිතං අනභිනන්දිත්වා පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමි’න්ති.
මෙසේ කුමට නම් වේ ද? ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ කුමට ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද? කුමට ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද? වහන්ස, ආනන්ද-සෞර්මනස්යයෝ නම් ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. භවත්නි, එසඳ මම මහණ ගොයුම්හු ගේ භාෂිතය අභිනන්දන නො කොට පිළිකෙව් කොට හුනස්නෙන් නැගී බැස ගියෙමි.
එවමෙතං ගහපති, එවමෙතං ගහපති, පියජාතිකා හි ගහපති, ආනන්දසොමනස්සා පියප්පභවිකා’ති . අථ ඛො සො ගහපති, සමෙති මෙ අක්ඛධුත්තෙහීති පක්කාමි. අථ ඛො ඉදං කථාවත්ථුං අනුපුබ්බෙන රාජන්තෙපුරං පාවිසි.
‘ගැහැවිය, තෙල එසේ මැ යැ, ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, ආනන්ද-සෞමනස්‍යයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. ඉක්බිති ඒ ගැහැවි මා අදහස් අක්ෂධූර්තයන් හා එකතු වෙති’ය නික්ම ගියේ. එසඳ මේ කථාවස්තුව ක්‍රමයෙන් රාජාන්තඃපුරය කරා ගියේ.
අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං ආමන්තෙසි: ඉදන්තෙ මල්ලිකෙ, සමණෙන ගොතමෙන භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
ඉක්බිති පසේනදි කොසොල්රජ මල්ලිකා දේවිය ඇමැතී: “මල්ලිකාවෙනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් මෙ බස් පැවැසිණ: ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ”යි.
සචෙ තං මහාරාජ, භගවතා භාසිතං, එවමෙතන්ති.
මහරජ, ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය වදාරන ලද නම් තෙල එසේ මැ යැ යි.
එවමෙව පනායං මල්ලිකා යඤ්ඤදෙව සමණො ගොතමො භාසති තංතදෙවස්ස අබ්භනුමොදති. සචෙ තං මහාරාජ, භගවතා භාසිතං එවමෙත’න්ති. සෙය්යථාපි නාම ආචරියො යඤ්ඤදෙව අන්තෙවාසිස්ස භාසති, තං තදෙවස්ස අන්තෙවාසී අබ්භනුමොදති: එවමෙතං ආචරිය, එවමෙතං ආචරියාති. එවමෙවං ඛො ත්වං මල්ලිකෙ, යඤ්ඤදෙව සමණො ගොතමො භාසති. තං තදෙවස්ස අබ්භනුමොදසි. සචෙ තං මහාරාජ, භගවතා භාසිතං එවමෙත’න්ති. චර පරෙ මල්ලිකෙ, විනස්සාති.
මෙසේ මැ මේ මල්ලිකා දේවි මහණ ගොයුම්හු යම් මැ දැයක් කියත් නම් එය මැ අනුමෝදන් වෙයි: “ඉදින් මහරජ, ඒ භාග්‍යවතුන් විසින් වදාරන ලද නම් තෙල එසේ මැ යැ”යි. යම්සේ ආචාර්ය්ය කෙනෙක් අතැවැසියක්හට යම් මැ දැයක් කියද්ද, අතැවැසි තෙල එසේ මැ යැ ආචාර්‍ය්‍යයෙනි, තෙල එසේ මැ යැ ආචාර්‍ය්‍යයෙනි”යි එය මැ අනුමෝදන් වේ ද, එසෙයින් මැ මල්ලිකාවෙනි, තෙපි මහණ ගොයුම්හු යම් මැ දැයක් කියද්ද, ‘ඉදින් මහරජ, භාග්‍යවතුන් විසින් ඒ වදාරන ලද නම් තෙල එසේ මැ යැ’යි එය මැ අනුමෝදන් වව. මල්ලිකා, නො පැනී පහව යා”යි.
අථ ඛො මල්ලිකා දෙවී නාළිජඞ්ඝං බ්රාහ්මණං ආමන්තෙසි: එහි ත්වං බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ‘මල්ලිකා භන්තෙ, දෙවී භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි: “භාසිතා නු ඛො භන්තෙ, භගවතා එසා වාචා: පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. යථා ච තෙ භගවා ව්යාකරොති, තථා තං සාධුකං උග්ගහෙත්වා මමං ආරොචෙය්යාසි. න හි තථාගතා විතථං භණන්තී”ති. එවං භොතීති ඛො නාළිජඞ්ඝො බ්රාහ්මණො මල්ලිකාය දෙවියා පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො නාළිජඞ්ඝො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ‘මල්ලිකා භො ගොතම, දෙවී භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති: “භාසිතා නු ඛො භන්තෙ, භගවතා එසා වාචා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා”ති.
එසඳ මල්ලිකා දේවි නාළිජඞ්ඝ නම් බමුණු ඇමැතූ: “බමුණ, එව තෙපි භාග්‍යවතුන් කරා එළැඹෙව, එළැඹ මා ගේ බසින් භාග්‍යවතුන්ගේ පාසඟළ මුදුනින් වඳුව, ආරෝග්‍යය නිදුක් බව සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුස්ව: “වහන්ස, මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ පාසඟළ මුදුනින් වඳියි, අරෝගබව නිදුක්බව සිරුරෙහි සැහැල්ලුබව කායබලය පහසුවිහරණ පුළුවුසී”යයි. මෙසේත් කියව: “වහන්ස, භාග්‍යවතුන් විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්රියදැයින් උපදනාහ, ප්රියදැයින් උපදනා සැහැවි ඇතියහ, යන තෙල බස් වදාරනලද දැ?”යි. බුදුහු යම්සේ තොපට පවසත් ද, එය එසේ මනාකොට උගෙන මට දන්ව, තථාගතයෝ මුසා නො මැ බෙණෙති”යි. ‘එසේ යැ භවත්නි’යි නාළිජඞ්ඝ බමුණු මල්ලිකාදේවියට පිළිවදන් අස්වා භාග්‍යවතුන් කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය, සතුටු විය යුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පස් වැ හුන් නාළිජඞ්ඝ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළ කෙළේ: භවත් ගෞතමයන් වහන්ස, මල්ලිකාදේවි භවත් ගෞතමයන්ගේ පාසඟළ සිරසින් වඳියි. ආරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසි. මෙසේත් කියයි: “වහන්ස, භාග්‍යවතුන් විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනාහ, ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ’ යන තෙල බස් වදාරන ලද දැ?”යි.
එවමෙතං බ්‍රාහ්මණ, එවමෙතං බ්‍රාහ්මණ, පියජාතිකා හි කො බ්‍රාහ්මණ, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකාති.
‘බමුණ, තෙල එසේ යැ, බමුණ, තෙල එසේ යි. බමුණ, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනාහ, ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ’යි.
තදමිනාපෙතං බ්‍රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: ‘යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්සා ඉත්ථියා මාතා කාලමකාසි. සා තස්සා කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ මාතරං අද්දසථ අපි මෙ මාතරං අද්දසථා’ති?
බමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් මැ උපදනාහ, ප්‍රිය දැයින් මැ උපදනා සැහැවි ඇතියහ, යන තෙල කාරණය මෙ කරුණිනුදු දත යුතු: ‘බමුණ, පෙර මෙ මැ සැවැත්නුවර එක්තරා මාගමක්හුගේ මව කලුරිය කළා. හෝ ඇයගේ කලුරිය කිරීමෙන් උමතු වූවා වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ: “මාගේ මව දුටුහු ද, මා ගේ මව දුටුහු දැ?”යි මෙසේ කියයි.
ඉමිනාපි ඛො එතං බ්‍රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකාති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්සා ඉත්ථියා පිතා කාලමකාසි -පෙ- භාතා කාලමකාසි, -පෙ- භගිනී කාලමකාසි, -පෙ- පුත්තො කාලමකාසි, -පෙ- ධීතා කාලමකාසි, -පෙ- සාමිකො කාලමකාසි. සා තස්ස කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ සාමිකං අද්දසථ, අපි මෙ සාමිකං අද්දසථා’ති?
බමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් මැ උපදනාහ, ප්‍රිය දැයින් මැ උපදනා සැහැවි ඇතියහ’ යන තෙල කාරණය මෙ කරුණිනුදු දතයුතු. “බමුණ, පෙර මෙ මැ සැවැත්නුවර එක්තරා මාගමක ගේ පියා කලුරිය කෙළේ ... බෑයා කලුරිය කෙළේ … බූනැණියෝ කලුරිය කළ .... පුත් කලුරිය කෙළේ ... දූ කලුරිය කළා ... හිමි කලුරිය කෙළේ. හෝ ඔහු කලුරිය කිරීමෙන් උමතු වූවා වික්ෂිප්ත වූවා වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ ‘මා හිමියා දුටුහු ද, මා හිමියා දුටුහු දැ?’යි මෙසේ කියයි.
ඉමිනාපි ඛො එතං බ්‍රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස මාතා කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ මාතරං අද්දසථ, අපි මෙ මාතරං අද්දසථා’ති ?
බමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ පිය දැයින් උපදනාසේ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති සේ මෙ කරුණිනුදු දතයුතු: බමුණ පෙර මෙ මැ සැවැත්නුවර අන්‍යතර පුරුෂයෙක්හුගේ මව කලුරිය කළා. හේ ඇයගේ කලුරිය කිරීමෙන් උමතු වූයේ වික්ෂිප්ත සිත් ඇත්තේ වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ මෙසේ කියයි: “මා ගේ මව දුටුහු ද, මා ගේ මව දුටුහු දැ?”යි.
ඉමිනාපි ඛො එතං බ්‍රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස පිතා කාලමකාසි. -පෙ- භාතා කාලමකාසි, -පෙ- භගිනී කාලමකාසි, -පෙ- පුත්තො කාලමකාසි, -පෙ- ධීතා කාලමකාසි, -පෙ- පජාපති කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ පජාපතිං අද්දසථ, අපි මෙ පජාපතිං අද්දසථා’ති?
බමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ යම් පරිදි, ප්‍රිය දැයින් උපදනා, සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළවන සැහැවි ඇති වෙද්ද’ තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු යැ. බමුණ පෙර වූ දැයක් කියමි: මෙ සැවැත්හි මැ එක්තරා පුරුෂයක්හු ගේ පියේ කලුරිය කෙළේ යි ... සෙහොවුරු කලුරිය කෙළේ ... බුහුන කලුරිය කළා .... පුත් කලුරිය කෙළේ ... දුව කලුරිය කළා ... බිරිය කලුරිය කළා. හේ ඇය කලුරිය කිරීමෙන් උමතු වැ වික්ෂිප්තචිත්ත වැ වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට එළැඹ මෙසේ කී: ‘කිම, මා බිරිය දක්නාව? කිම, මා බිරිය දක්නාව’යි?
ඉමිනාපි ඛො එතං බ්‍රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: ‘යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්‍රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරා ඉත්ථී ඤාතිකුලං ආගමාසි. තස්සා තෙ ඤාතකා සාමිකා අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා, සා ච තං න ඉච්ඡති. අථ ඛො සා ඉත්ථී සාමිකං එතදවොච: ‘ඉමෙ මං අය්යපුත්ත, ඤාතකා තයා අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා.
බමුණ, ‘යම් පරිදි ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළවන සැහැවි ඇති වෙද්ද’ තෙල මෙ කරුණිනුදු දතයුතු යැ. බමුණ, වූ විරි දැයෙකි: මෙ සැවැත්නුවර මැ අන්‍යතර ස්ත්‍රියක් නෑකුලන් කරා ගියා. ඇයගේ ඒ නෑයෝ හිමියා කෙරෙන් පැහැර ගෙන අනෙකක්හට දෙනු කැමැති වූහු, ඔ ද එය නුරුස්නී වෙයි. ඉක්බිති ඒ ස්ත්‍රී හිමියාට තෙල කිවු: හිමියාපුත, මේ නෑයෝ තොප කෙරෙන් මා බැහැර කොට අනෙකක්හට දෙනු කැමැතියහ,
අහඤ්ච තං න ඉච්ඡාමී’ති. අථ ඛො සො පුරිසො තං ඉත්ථිං ද්විධා ඡෙත්වා අත්තානං ඔපාදෙසි, ‘උභො පෙච්ච භවිස්සාමා’ති. ඉමිනාපි ඛො එතං බ්‍රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: ‘යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, පියප්පභවිකා’ති.
මම ද එය නුරුස්නමු. ඉක්බිති ඒ පුරුෂයා ඒ ස්ත්‍රිය දෙකඩ කොට සිඳ තමා (කඩුවෙන් පළා) හෙළි. දෙදෙනමෝ පරලොව එක්වම්හ’යි. බමුණ, යම් පරිදි ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු ය.
අථ ඛො නාළිජඞ්ඝො බ්රාහ්මණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන මල්ලිකා දෙවී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං මල්ලිකාය දෙවියා ආරොචෙසි. අථ ඛො මල්ලිකා දෙවී යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච:
ඉක්බිති නාළිජඞ්ඝ බමුණු භාග්‍යවතුන් වහන්සේගේ බස සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී මල්ලිකාදේවිය කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග යම් තාක් කථාසල්ලාප වී ද එ හැම මල්ලිකාදේවියට කී: එසඳ මල්ලිකාදේවි පසේනදි කොසොල්රජු කරා එළැඹියා. එළැඹ පසේනදි කොසොල් රජුට තෙල බස් කිවු:
තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තෙ වජිරී කුමාරීති?
“මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට වජිරී කුමරි ප්‍රිය වේ දැ? යි.
එවං මල්ලිකෙ, පියා මෙ වජිරී කුමාරීති.
මල්ලිකාවෙනි, එසේ යැ, වජිරී කුමරිය මට ප්‍රිය වෙයි.
තං කිං මඤ්ඤසි මහාරාජ, වජිරියා තෙ කුමාරියා විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ වජිරී කුමරියගේ (මරණයෙන්) වන විපරිණාමය හා (පැනයෑම වන) අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ උපදිත් ද?
වජිරියා මෙ මල්ලිකෙ, කුමාරියා විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිම්පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
මල්ලිකාවෙනි, මා ගේ වජිරීකුමරියගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
මහරජ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලදී.
තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තෙ වාසභා ඛත්තියාති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට වාසභා නම් කැතදුව ප්‍රිය වේ ද?
එවං මල්ලිකෙ, පියා මෙ වාසභා ඛත්තියාති.
මල්ලිකාවෙනි, එසේ යැ. මට වාසභා කැතදුව ප්‍රිය යැ.
තං කිං මඤ්ඤසි මහාරාජ, වාසභාය තෙ ඛත්තියාය විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ වාසභා කැතදුව පිළිබඳ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ උපදිත් ද,
වාසභාය මෙ මල්ලිකෙ, ඛත්තියාය විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති.
මල්ලිකාවෙනි, මා ගේ වාසභා කැතදුව පිළිබඳ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරන ලදි.
තං කිං මඤ්ඤසි මහාරාජ, පියො තෙ විඩූඪභො සෙනාපතී’ති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට විඩූඩභ සෙන්පති ප්‍රිය වේ ද?
එවං මල්ලිකෙ, පියො මෙ විඩූඪභො සෙනාපතී’ති.
මල්ලිකාවෙනි, එසේ යැ. මට විඩූඩභ සෙන්පති ප්‍රිය වෙයි.
තං කිං මඤ්ඤසි මහාරාජ, විඩූඪභස්ස තෙ සෙනාපතිස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ විඩූඩභ සෙන්පතිහු ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ උපදිත් ද?
විඩූඪභස්ස මෙ මල්ලිකෙ, සෙනාපතිස්ස විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං. කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති?
මල්ලිකාවෙනි, මා ගේ විඩූඩභ සෙන්පතිහු ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි)
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලද.
තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තෙ අහන්ති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට මා ප්‍රිය වේ ද?
එවං මල්ලිකෙ, පියා මෙසි ත්වන්ති.
මල්ලිකාවෙනි, එසේ යැ. තෝ මට ප්රියහු යැ.
තං කිං මඤ්ඤසි මහාරාජ, මය්හං තෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොප සතු මා ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ උපදිත් ද?
තුය්හං හි මෙ මල්ලිකෙ, විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං. කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
මල්ලිකාවෙනි, මා සතු තොප ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයා ගේ ත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලදි.
තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තෙ කාසිකොසලාති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට කසීකොසොල් දනව්වැස්සෝ ප්‍රිය වෙත් ද?
එවං මල්ලිකෙ, පියා මෙ කාසිකොසලා. කාසිකොසලානං මල්ලිකෙ, ආනුභාවෙන කාසිකොසලං කාසිකචන්දනං පච්චනුභොම, මාලාගන්ධවිලෙපනං ධාරෙමා’ති.
මල්ලිකාවෙනි, එසේ යැ. මට කසීකොසොල් දනව්වැස්සෝ ප්‍රිය වෙති. මල්ලිකාවෙනි, කසීකොසොල් වැසියන් ගේ අනුභාවයෙක් කසීකොසොල් කාශිකවන්දන වළඳ කරම්හ, මල්ගඳ විලෙවුන් ධරම්හ’යි.
තං කිං මඤ්ඤසි මහාරාජ, කාසිකොසලානං තෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
මහරජ, ඒ කෙසේ හඟිහි? තොප සතු කාශිකෝශලයන් ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ උපදිත් ද?
කාසිකොසලානං හි මෙ මල්ලිකෙ, විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති.
මල්ලිකාවෙනි, මා සතු කාශිකෝශලයන් ගේ විපරිණාමයෙන් හා අන්‍යථාභාවයෙන් ජීවිතයා ගේ ත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
ඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්මනස්ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලදි.
අච්ඡරියං මල්ලිකෙ, අබ්භුතං මල්ලිකෙ, යාවඤ්ච සො භගවා පඤ්ඤාය අතිවිජ්ඣ මඤ්ඤෙ පස්සති. එහි මල්ලිකෙ, ආචාමෙහීති.
මල්ලිකාවෙනි, අසිරි යැ, මල්ලිකාවෙනි, අද්භූත යැ. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥායෙන් විනිවිදගත් සෙයින් දක්නාසේක් මැ යැ. මල්ලිකාව, එව, (මුව) දෝනා දිය දෙව’යි.
අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: ‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා’ති.
එසඳ පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැඟී උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ තෙවිටක් උදන් ඇනී: ‘ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා!! ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා!!!’යි.
පියජාතිකසුත්තං සත්තමං.
සත් වැනි පියජාතිකසූත්ර යි.