යෙදුමෙන් කියවන්න

බාහිතිකසුත‍්තං

2. 4. 8.

2. 4. 8.

බාහිතිකසුත‍්තං

බාහිතික සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා ආනන්‍දො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො, යෙන පුබ‍්බාරාමො මිගාරමාතු පාසාදො තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය.

මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවතෙහි පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකියාහු පුවරම් නම් මුවරමාපහය කරා දිවාවිහාර සඳහා සඳහා එළැඹියහ.

තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො එකපුණ‍්ඩරීකං නාගං අභිරුහිත්‍වා සාවත්‍ථියා නිය්‍යාසි දිවාදිවස‍්ස. අද‍්දසා ඛො රාජා පසෙනදි කොසලො ආයස‍්මන‍්තං ආනන්‍දං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන සිරිවඩ‍්ඪං මහාමත‍්තං ආමන‍්තෙසි: ‘ආයස‍්මා නු ඛො එසො සම‍්ම සිරිවඩ‍්ඪ, ආනන්‍දො’ති? එවං මහාරාජ, ආයස‍්මා එසො ආනන්‍දො’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි: ‘එහි ත්‍වං අම‍්භො පුරිස, යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කම. උපසඞ‍්කමිත්‍වා මම වචනෙන ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍දාහි: රාජා භන‍්තෙ, පසෙනදි කොසලො ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍දතී’ති. එවඤ‍්ච වදෙහි: ‘සචෙ කිර භන‍්තෙ, ආයස‍්මතො ආනන්‍දස‍්ස න කිඤ‍්චි අච‍්චායිකං කරණීයං, ආගමෙතු කිර භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො මුහුත‍්තං අනුකම‍්පං උපාදායා’ති. එවං දෙවාති ඛො සො පුරිසො රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස පටිස‍්සුත්‍වා යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො සො පුරිසො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “රාජා භන‍්තෙ, පසෙනදි කොසලො ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍දති, එවඤ‍්ච වදෙති: ‘සචෙ කිර භන‍්තෙ, ආයස‍්මතො ආනන්‍දස‍්ස න කිඤ‍්චි අච‍්චායිකං කරණීයං, ආගමෙතු කිර භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො මුහුත‍්තං අනුකම‍්පං උපාදායා”ති. අධිවාසෙසි ඛො ආයස‍්මා ආනන්‍දො තුණ‍්හීභාවෙන.

එසමයෙහි පසේනදි කොසොල් රජ ‘ඒකපුණ්ඩරීක’ නම් ඇතු නැඟී දෙවෙන් දාවලැ සැවැතින් නික්මිණ. පසේනදි කොසොල්රජ වඩනා ආයුෂ්මත් අනඳ තෙරණුවන් දුරදී මැ දිට. ‘සිරිවඩු’ මහමැති ඇමැතී: “සගය සිරිවඩුවෙනි, තෙල ආයුෂ්මත් අනඳ තෙර වේ දැ” යි. “මහරජ, එසේ යැ. තෙල ආයුෂ්මත් අනඳ තෙර” යයි, එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: “එම්බා පුරුෂය, තෝ එව. ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹෙව, එළැඹ මා ගේ වචනයෙන් ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා සිරසින් වඳුව: “වහන්ස, පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා හිසින් වඳිති කියව.” මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවනට ඉදින් ලාහෙළා කළමනා කරණී නැත් නම් වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනුකම්පා පිණිස මොහොතක් බලන සේක්ව’යි. දේවයන් වහන්ස, එසේ යැ’යි කියා ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට පිළිවදන් දී ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ යි, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි ඒ පුරුෂ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා හිසින් වඳියි මෙසේත් කියයි: වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවනට ඉදින් ආත්‍යායික කරණී නැත් නම් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනුකම්පා පිණිස මොහොතක් බලත්ව”යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ.

අථ ඛො රාජා පසෙනදි කොසලො යාවතිකා නාගස‍්ස භූමි, නාගෙන ගන‍්ත්‍වා නාගා පච‍්චොරොහිත්‍වා පත‍්තිකොව යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො රාජා පසෙනදි කොසලො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: ‘සචෙ භන‍්තෙ, ආයස‍්මතො ආනන්‍දස‍්ස න කිඤ‍්චි අච‍්චායිකං කරණීයං, සාධු භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො යෙන අචිරවතියා නදියා තීරං, තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායාති. අධිවාසෙසි ඛො ආයස‍්මා ආනන්‍දො තුණ‍්හීභාවෙන.

ඉක්බිති පසේනදි කොසොල් රජ නාගයා (ඇත්හු) යාහෙන භූමිය යම්තාක් ද එතෙක් නාගවාහනයෙන් ගොස් නාගවාහනයෙන් බැස පාගමන් ඇතියේ මැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ඉදින් ආයුෂ්මත් අනඳ තෙරණුවනට කිසි ආත්‍යායික කරණී නැත් නම්, වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදීතීරය කරා අනුකම්පා පිණිස වඩනා සේක් නම් මැනැවැ”යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන අචිරවතියා නදියා තීරං, තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා පසෙනදි කොසලො යාවතිකා නාගස‍්ස භූමි නාගෙන ගන‍්ත්‍වා නාගා පච‍්චොරොහිත්‍වා පත‍්තිකොව යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො රාජා පසෙනදි කොසලො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: ඉධ භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො හත්‍ථත්‍ථරෙ නිසීදතූ’ති. අලං මහාරාජ. නිසීද ත්‍වං. නිසින‍්නො අහං සකෙ ආසනෙ’ති. නිසීදි ඛො රාජා පසෙනදි කොසලො පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ ඛො රාජා පසෙනදි කොසලො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච:

ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදීතීරය කරා එළැඹියහ. එළැඹ එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි වැඩ හුන්හ. ඉක්බිති පසේනදි කොසොල් රජ හස්තියානය යාහෙන භූමිය යම් තාක් ද එතෙක් හස්තියානයෙන් ගොස් හස්තියානයෙන් බැස පාගමන් ඇතියේ මැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ යි. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ ඇත්පලසෙහි හිඳුනා සේක්ව”යි. මහරජ, කම් නැත, තෙපි හිඳුව. මම සිය අස්නෙහි හුන්මි. පසේනදි කොසොල්රජ පැන්වූ අස්නෙහි හින. හිඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී:

කින‍්නු ඛො භන‍්තෙ ආනන්‍ද, සො භගවා තථාරූපං කායසමාචාරං සමාචරෙය්‍ය ය‍්වාස‍්ස කායසමාචාරො ඔපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහීති? න ඛො මහාරාජ, සො භගවා තථාරූපං කායසමාචාරං සමාචරෙය්‍ය ය‍්වාස‍්ස කායසමාචාරො ඔපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහී’ති.

“වහන්ස, ආනන්‍දයෙනි, කිමෙක ඒ භාග්‍යවතුන් වහන්සේ යම් කායසමාචාරයෙක් මහණබමුණන් විසින් පරිභාෂණ කළයුතු වේ නම්, එබඳු කායසමාචාරයක් කරන සේක් ද? මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ යම් කායසමාචාරයෙක් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කළ යුතු වේ නම් එබඳු කායසමාචාරයක් නො කරන සේක් මැ යැ.

කිම‍්පන භන‍්තෙ ආනන්‍ද, සො භගවා තථාරූපං වචීසමාචාරං -පෙ- මනොසමාචාරං සමාචරෙය්‍ය ය‍්වාස‍්ස මනොසමාචාරො ඔපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහීති න ඛො මහාරාජ, සො භගවා තථාරූපං මනොසමාචාරං සමාචරෙය්‍ය, ය‍්වාස‍්ස මනොසමාචාරො ඔපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති.

වහන්ස, ආනන්‍දයෙනි, කිමෙක ඒ භාග්‍යවතුන් වහන්සේ යම් වාක්සමාචාරයෙක් ... යම් මනඃසමාචාරයෙක් මහණබමුණන් විසින් නිග්‍රහ කළයුතු වේ නම් එබඳු මනඃසමාචාරයක් කරන සේක් ද? මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ යම් මනඃසමාචාරයෙක් නුවණැති මහණබමුණන් විසින් නින්‍දා කළයුතු වේ නම් එබඳු මනඃසමාචාරයක් නො කරන සේක් මැ යැ.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යං හි මයං භන‍්තෙ, නාසක‍්ඛිම‍්හා පඤ‍්හෙන පරිපූරෙතුං, තං භන‍්තෙ, ආයස‍්මතා ආනන්‍දෙන පඤ‍්හස‍්ස වෙය්‍යාකරණෙන පරිපූරිතං. යෙ තෙ භන‍්තෙ, බාලා අබ්‍යත‍්තා අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා පරෙසං වණ‍්ණං වා අවණ‍්ණං වා භාසන‍්ති, න මයං තං සාරතො පච‍්චාගච‍්ඡාම. යෙ ච ඛො තෙ භන‍්තෙ, පණ‍්ඩිතා බ්‍යත‍්තා මෙධාවිනො අනුවිච‍්ච පරියොගාහෙත්‍වා පරෙසං වණ‍්ණං වා අවණ‍්ණං වා භාසන‍්ති, තං මයං සාරතො පච‍්චාගච‍්ඡාම.

වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ, වහන්ස, අපි මුල කී යම් කරුණක් ප්‍රශ්න කිරීමෙන් සපුරාලන්නට නො හැකි වූමෝ ද, වහන්ස, මුල කී එ කරුණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රශ්නව්‍යාකරණයෙන් පුරාලන ලද. වහන්ස, යම් බාල අව්‍යක්ත කෙනෙක් නුවණින් නො විමසා නුවණින් බැස නො ගෙන මෙරමා ගේ ගුණ හෝ අගුණ හෝ බෙණෙත් ද, අපි එය සාර විසින් නො පිළිගනුම්හ. වහන්ස, යම් ඒ පණ්ඩිත ව්‍යක්ත ප්‍රශස්තබුද්ධි ඇති කෙනෙක් නුවණින් දැන නුවණින් බැසගෙන පරාගේ ගුණ හෝ අගුණ හෝ බෙණෙත් ද, අපි එය සාර විසින් පිළිගනුම්හ.

කතමො පන භන‍්තෙ ආනන්‍ද, කායසමාචාරො ඔපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති?

වහන්ස, ආනන්‍දයෙනි, නුවණැති මහණබමුණන් විසින් නිග්‍රහ කළයුතු කායසමාචාර නම් කවරේ යැ?

යො ඛො මහාරාජ, කායසමාචාරො අකුසලො.

මහරජ, යම් කායසමාචාරයෙක් අකුසල් වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, කායසමාචාරො අකුසලො?

වහන්ස, අකුශල කායසමාචාර නම් කවරේ යැ?

යො ඛො මහාරාජ, කායසමාචාරො සාවජ‍්ජො.

මහරජ, යම් කායසමාචාරයෙක් සාවද්‍ය වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, කායසමාචාරො සාවජ‍්ජො?

වහන්ස, සාවද්‍ය කායසමාචාර නම් කවරේ යැ?

යො ඛො මහාරාජ, කායසමාචාරො සබ්‍යාපජ‍්ඣො.

මහරජ, යම් කායසමාචාරයෙක් සදුඃඛ වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, කායසමාචාරො සබ්‍යාපජ‍්ඣො?

වහන්ස, සදුඃඛ කායසමාචාර නම් කවරේ යැ?

යො ඛො මහාරාජ, කායසමාචාරො දුක‍්ඛවිපාකො.

මහරජ, යම් කායසමාචාරයෙක් නිස්ස්‍යන්‍ද දුඃඛවිපාක වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, කායසමාචාරො දුක‍්ඛවිපාකො?

වහන්ස, නිස්ස්‍යන්‍ද දුඃඛවිපාක කායසමාචාර නම් කවරේ යැ?

යො ඛො මහාරාජ, කායසමාචාරො අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති. තස‍්ස අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො ඛො මහාරාජ, කායසමාචාරො ඔපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති.

මහරජ, යම් කායසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිස වැටේ ද, පරව්‍යාබාධ පිණිස වැටේ ද, උභය ව්‍යාබාධ පිණිස වැටේ ද, ඔහුට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මහරජ, මෙ බඳු කායසමාචාරය නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ (නින්‍දා) කළයුතු වෙයි.

කතමො පන භන‍්තෙ ආනන්‍ද, වචීසමාචාරො -පෙ- මනොසමාචාරො ඔපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති?

වහන්ස, ආනන්‍දයෙනි, නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කළයුතු වාක්සමාචාර .... මනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො අකුසලො.

මහරජ, යම් මනඃසමාචාරයෙක් අකුසල් වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, මනොසමාචාරො අකුසලො?

වහන්ස, අකුසල මනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො සාවජ‍්ජො.

මහරජ, යම් මනඃසමාචාරයෙක් සාවද්‍ය වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, මනොසමාචාරො සාවජ‍්ජො?

වහන්ස, සාවද්‍යමනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො සබ්‍යාපජ‍්ඣො.

මහරජ, යම් මනඃසමාචාරයෙක් සාවද්‍යබාධ වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, මනොසමාචාරො සබ්‍යාපජ‍්ඣො?

වහන්ස, සාවද්‍යබාධ මනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො දුක‍්ඛවිපාකො.

මහරජ, යම් මනඃසමාචාරයෙක් දුඃඛවිපාක වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, මනොසමාචාරො දුක‍්ඛවිපාකො?

වහන්ස, දුඃඛවිපාක වූ මනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති -පෙ- උභයබ්‍යාබාධායපි සංවත‍්තති. තස‍්ස අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො ඛො මහාරාජ, මනොසමාචාරො ඔපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති.

මහරජ, යම් මනඃසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් පවතී ද, ... උභයව්‍යාබාධ පිණිසත් පවතී ද, ඔහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙති, මහරජ, මෙ බඳු මනඃසමාචාර නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කටයුතු වෙයි.

කින‍්නු ඛො භන‍්තෙ ආනන්‍ද, සො භගවා සබ‍්බෙසංයෙව අකුසලානං ධම‍්මානං පහානං වණ‍්ණෙතීති?

වහන්ස, ආනන්‍දයෙනි, කිම, ඒ භාග්‍යවත්හු හැම අකුශලධර්‍මයන් ගේ මැ ප්‍රහාණය වර්‍ණනා කෙරෙත් දැ?යි.

සබ‍්බා’කුසලධම‍්මපහීනො ඛො මහාරාජ, තථාගතො කුසලධම‍්මසමන‍්නාගතොති.

මහරජ, තථාගතයෝ හැම අකුසල්දහම් ප්‍රහීණ කළ කෙනෙක. කුශලධර්‍ම සමන්‍වාගත කෙනෙකැ’යි.

කතමො පන භන‍්තෙ ආනන්‍ද, කායසමාචාරො අනොපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති?

වහන්ස, ආනන්‍දයෙනි, වැළිත් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ නො කළයුතු කායසමාචාර කවරේ දැ?යි.

යො ඛො මහාරාජ, කායසමාචාරො කුසලො.

මහරජ, යම් කායසමාචාරයෙක් කුසල් වේ ද එය යි.

කතමො පන භන‍්තෙ, කායසමාචාරො කුසලො?

වහන්ස, කුශලකායසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, කායසමාචාරො අනවජ‍්ජො.

මහරජ, යම් කායසමාචාරයෙක් අනවද්‍ය වේ ද එය යි.

කතමො පන භන‍්තෙ, කායසමාචාරො අනවජ‍්ජො?

වහන්ස, අනවද්‍යකායසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, කායසමාචාරො අබ්‍යාපජ‍්ඣො.

මහරජ, යම් කායසමාචාරයෙක් අව්‍යාබාධ වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, කායසමාචාරො අබ්‍යාපජ‍්ඣො?

වහන්ස, අව්‍යාබාධ කායසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, කායසමාචාරො සුඛවිපාකො.

මහරජ, යම් කායසමාචාරයෙක් සුඛවිපාක ඇත්තේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, කායසමාචාරො සුඛවිපාකො?

වහන්ස, සුඛවිපාක ඇති කායසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, කායසමාචාරො නෙවත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, න පරව්‍යාබාධායපි සංවත‍්තති, න උභයව්‍යාබාධායපි සංවත‍්තති. තස‍්ස අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො ඛො මහාරාජ, කායසමාචාරො අනොපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති.

මහරජ, යම් කායසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, පරව්‍යාබාධ පිණිසත් නො වැටේ ද උභයව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, ඔහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති. මහරජ, මෙබඳු වූ කායසමාචාරය නුවණැති මහණ බමුණන් විසින් උපාරම්භ කටයුතු නො වේ යයි.

කතමො පන භන‍්තෙ ආනන්‍ද, වචීසමාචාරො -පෙ- මනොසමාචාරො අනොපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති?

වහන්ස, ආනන්‍දයෙනි, වැළිත් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ නො කටයුතු වාක්සමාචාර ... මනඃසමාචාර කවරේ දැ? යි.

යො ඛො මහාරාජ, මනොසමාචාරො කුසලො.

මහරජ, යම් මනඃසමාචාරයෙක් කුසල් වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, මනොසමාචාරො කුසලො?

වහන්ස, කුශල වූ මනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො අනවජ‍්ජො.

මහරජ, යම් මනඃසමාචාරයෙක් අනවද්‍ය වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, මනොසමාචාරො අනවජ‍්ජො?

වහන්ස, අනවද්‍ය මනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො අබ්‍යාපජ‍්ඣො.

මහරජ, යම් මනඃසමාචාරයෙක් අව්‍යාබාධ වේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, මනොසමාචාරො අබ්‍යාපජ‍්ඣො?

වහන්ස, අව්‍යාබාධ මනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො සුඛවිපාකො.

මහරජ, යම් මනඃසමාචාරයෙක් සුඛවිපාක ඇත්තේ ද, එය යි.

කතමො පන භන‍්තෙ, මනොසමාචාරො සුඛවිපාකො?

වහන්ස, සුඛවිපාක ඇති මනඃසමාචාර කවරේ ද?

යො ඛො මහාරාජ, මනොසමාචාරො නෙවත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, න පරව්‍යාබාධායපි සංවත‍්තති, න උභයව්‍යාබාධායපි සංවත‍්තති. තස‍්ස අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො ඛො මහාරාජ, මනොසමාචාරො අනොපාරම‍්භො සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහීති.

මහරජ, යම් මනඃසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, පරව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, උභයව්‍යාබාධ පිණිසත් නො වැටේ ද ඔහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති. මහරජ, මෙවන් මනඃසමාචාරය නුවණැති මහණ බමුණන් විසින් උපාරම්භ කටයුතු නො වේ යයි.

කිං පන භන‍්තෙ ආනන්‍ද, සො භගවා සබ‍්බෙසංයෙව කුසලානං ධම‍්මානං උපසම‍්පදං වණ‍්ණෙතීති?

කිම වහන්ස, ආනන්‍දයෙනි, ඒ බුදුහු හැම කුශලධර්‍මයන්ගේ මැ රැස් කිරීම පසසත් දැ? යි.

සබ‍්බා’කුසලධම‍්මපහීනො ඛො මහාරාජ, තථාගතො කුසලධම‍්මසමන‍්නාගතොති.

මහරජ, තථාගතයෝ ප්‍රහීණ කළ හැම අකුසල් දහම් ඇතියහ, කුශලධර්‍මසමන්‍වාගතයහ’යි.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාවසුභාසිතඤ‍්චිදං භන‍්තෙ, ආයස‍්මතා ආනන්‍දෙන. ඉමිනා ච මයං භන‍්තෙ, ආයස‍්මතො ආනන්‍දස‍්ස සුභාසිතෙන අත‍්තමනාභිරද‍්ධා. එවං අත‍්තමනාභිරද‍්ධා ච මයං භන‍්තෙ, ආයස‍්මතො ආනන්‍දස‍්ස සුභාසිතෙන. සචෙ භන‍්තෙ, ආයස‍්මතො ආනන්‍දස‍්ස හත්‍ථිරතනං කප‍්පෙය්‍ය, හත්‍ථිරතනම‍්පි මයං ආයස‍්මතො ආනන්‍දස‍්ස දදෙය්‍යාම. සචෙ, භන‍්තෙ, ආයස‍්මතො ආනන්‍දස‍්ස අස‍්සරතනං කප‍්පෙය්‍ය, අස‍්සරතනම‍්පි මයං ආයස‍්මතො ආනන්‍දස‍්ස දදෙය්‍යාම. සචෙ භන‍්තෙ, ආයස‍්මතො ආනන්‍දස‍්ස ගාමවරං කප‍්පෙය්‍ය, ගාමවරම‍්පි මයං ආයස‍්මතො ආනන්‍දස‍්ස දදෙය්‍යාම. අපි ච භන‍්තෙ, මයම‍්පෙතං ජානාම: නෙතං ආයස‍්මතො ආනන්‍දස‍්ස කප‍්පතීති. අයං මෙ භන‍්තෙ, බාහිතිකා රඤ‍්ඤා මාගධෙන අජාතසත‍්තුනා වෙදෙහිපුත‍්තෙන වත්‍ථනාළියා පක‍්ඛිපිත්‍වා පහිතා සොළසසමා ආයාමෙන, අට‍්ඨසමා විත්‍ථාරෙන. තං භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො පතිග‍්ගණ‍්හාතු අනුකම‍්පං උපාදායාති.

වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යි, වහන්ස, ආයුෂ්මත් ආනන්‍දයන් විසින් මේ වදාළ තාක් සුභාෂිත මැ යි. වහන්ස, ඇපි ආයුෂ්මත් ආනන්‍දයන් ගේ මේ සුභාෂිතයෙනුදු සතුටුසිත් ඇතියමෝ ආරාධිතයම්හ. වහන්ස, මෙසෙයින් ආයුෂ්මත් ආනන්‍දයන් ගේ සුභාෂිතයෙන් සතුටු වැ සිත් ඇල වූ ඇපි ඉදින් වහන්ස, ආයුෂ්මත් ආනන්‍දයනට හස්ති රත්නය කැප වේ නම් ආයුෂ්මත් ආනන්‍දයනට හස්තිරත්නය ද දෙම්හ. වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍දයනට අශ්වරත්නය කැප වේ නම්, ඇපි ආයුෂ්මත් ආනන්‍දයනට අශ්ව රත්නය ද දෙම්හ. වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍දයනට ගම්වර කැප වේ නම් ඇපි ආයුෂ්මත් ආනන්‍දයනට ගම්වර ද දෙම්හ. එතෙකුදුවත් වහන්ස, තෙලෙ ආයුෂ්මත් ආනන්‍දයනට කැප නො වේ’ යන තෙල කරුණ ඇපි දු දනුම්හ. වහන්ස, මා ගේ මේ බාහිතික වස්ත්‍රය මගධේශ්වර වූ වේදේහි පුත්‍ර ආජාතසත්තු රජු විසින් වස්ත්‍රනාළියෙහි බහා එවන ලද්දේ අයමින් සොළොස්හත් විතරින් අටහත් ඇතියේ යැ, වහන්ස, එය ආයුෂ්මත් ආනන්‍දයෝ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්ව’යි.

අලං මහාරාජ, පරිපුණ‍්ණං මෙ තිචීවරන‍්ති.

මහරජ, කම් නැත. මට තුන්සිවුරු පරිපූර්‍ණ යැ යි.

අයං භන‍්තෙ, අචිරවතී නදී දිට‍්ඨා ආයස‍්මතා චෙව ආනන්‍දෙන අම‍්හෙහි ච. යදා උපරි පබ‍්බතෙ මහාමෙඝො අභිප‍්පවුට‍්ඨො හොති අථායං අචිරවතී නදී උභතො කූලානි සංවිස‍්සන්‍දන‍්තී ගච‍්ඡති. එවමෙව ඛො භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො ඉමාය බාහිතිකාය අත‍්තනො තිචීවරං කරිස‍්සති. යම‍්පනායස‍්මතො ආනන්‍දස‍්ස පුරාණං තිචීවරං, තං සබ්‍රහ‍්මචාරීහි සංවිභජිස‍්සති. එවායං අම‍්හාකං දක‍්ඛිණා සංවිස‍්සන්‍දන‍්තී මඤ‍්ඤෙ ගමිස‍්සති. පටිග‍්ගණ‍්හාතු භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො බාහිතිකන‍්ති.

වහන්ස, මේ අචිරවතී හොය ආයුෂ්මත් අනඳ තෙරණුවන් විසිනුදු අප විසිනුදු දක්නා ලද. යම් කලෙක පර්‍වත මස්තකයෙහි මහාමේඝයෙක් මොනොවට වටුයේ වේ ද, එකල මේ අචිරවතී හොය දෙපස ඉවුරු ගලමින් යෙයි. වහන්ස, එපරිදි මැ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ බාහිතික වස්ත්‍රයෙන් තමනට තුන් සිවුරු කරන්නාහ. ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ යම් පැරණි තුන්සිවුරෙක් වී නම් එය සබ්‍රම්සරුන් හා බෙදා ගන්නාහ. මෙසේ අප ගේ මේ දක්‍ෂිණාව ඉතිරැ යන්නාක් මෙන් යෙයි. වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බාහිතික වස්ත්‍ර පිළිගන්නා සේක්වා.

පටිග‍්ගහෙසි ඛො ආයස‍්මා ආනන්‍දො බාහිතිකං. අථ ඛො රාජා පසෙනදි කොසලො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: ‘හන්‍ද චදානි මයං භන‍්තෙ ආනන්‍ද, ගච‍්ඡාම, බහුකිච‍්චා මයං බහුකරණීයා’ති. යස‍්සදානි ත්‍වං මහාරාජ, කාලං මඤ‍්ඤසීති.

ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බාහිතික වස්ත්‍ර පිළිගත්හ. එසඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආනන්‍දයෙනි, අපි දැන් යම්හ, අපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ යි, මහරජ, තෙපි දැන් එයට කල් දනුව.

අථ ඛො රාජා පසෙනදි කොසලො ආයස‍්මතො ආනන්‍දස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

ඉක්බිති පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ බස අභිනන්‍දනා කොට අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ,

අථ ඛො ආයස‍්මා ආනන්‍දො අචිරපක‍්කන‍්තස‍්ස රඤ‍්ඤොපසෙනදිස‍්ස කොසලස‍්ස යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො යාවතකො අහොසි රඤ‍්ඤා පසෙනදිනා කොසලෙන සද‍්ධිං කථාසල‍්ලාපො. තං සබ‍්බං භගවතො ආරොචෙසි. තඤ‍්ච බාහිතිකං භගවතො පාදාසි.

ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසේනදි කොසොල් රජු බැස ගිය නොබෝ කල් ඇති කල්හි භාග්‍යවතුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත් පස් වැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසේනදි කොසොල් රජු හා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද එ හැම භාග්‍යවතුන්හට සැලකළහ. එ බාහිතික වස්ත්‍රය ද භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: ‘ලාභා භික‍්ඛවෙ, රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස, සුලද‍්ධලාභා භික‍්ඛවෙ, රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස. යං රාජා පසෙනදි කොසලො ලභති ආනන්‍දං දස‍්සනාය, ලභති පයිරුපාසනායාති.

එසඳ බුදුහු භික්‍ෂූන් ඇමැතූසේක: “මහණෙනි, පසේනදි කොසොල්රජහට ලාභයෙක, මහණෙනි, පසේනදි කොසොල් රජහට මනා ලාභයෙක. යම් හෙයෙකින් පසේනදි කොසොල් රජ ආනන්‍දයන් දක්නට ලැබේ ද පර්‍ය්‍යුපාසනයට ලැබේ ද එහෙයිනැ”යි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති එ මහණහු භාග්‍යවතුන් ගේ භාෂිතය අනුමෝදන් කළහ’යි.

බාහිතිකසුත‍්තං අට‍්ඨමං.

අට වැනි බාහිතික සූත්‍ර යි.