යෙදුමෙන් කියවන්න

ධම‍්මචෙතියසුත‍්තං

2. 4. 9.

2. 4. 9.

ධම‍්මචෙතියසුත‍්තං

ධම්මචේතිය සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සක‍්කෙසු විහරති මෙදතළුම‍්පං නාම සක්‍යානං නිගමො. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො නගරකං අනුප‍්පත‍්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො රාජා පසෙනදි කොසලො දීඝං කාරායනං ආමන‍්තෙසි: ‘යොජෙහි සම‍්ම කාරායන, භද්‍රානි භද්‍රානි යානානි, උය්‍යානභූමිං ගච‍්ඡාම සුභූමිං දස‍්සනායා’ති. එවා දෙවාති ඛො දීඝො කාරායනො රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස පටිස‍්සුත්‍වා භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්‍වා රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස පටිවෙදෙසි: ‘යුත‍්තානි ඛො දෙව භද්‍රානි භද්‍රානි යානානි. යස‍්සදානි කාලං මඤ‍්ඤසී’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො භද්‍රං යානං අභිරුහිත්‍වා භද්‍රෙහි භද්‍රෙහි යානෙහි නගරම‍්හා නිය්‍යාසි මහච‍්ච රාජානුභාවෙන. යෙන ආරාමො තෙන පායාසි. යාවතිකා යානස‍්ස භූමි යානෙන ගන‍්ත්‍වා යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකොව ආරාමං පාවිසි.

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි මේදතළුම්ප නම් සැහැරජුන් ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එසමයෙහි පසේනදි කොසොල් රජ කිසි කටයුත්තෙකින් නගරක නම් ශාක්‍යනිගමයට පැමිණියේ වෙයි. එසඳ පසේනදි කොසොල් රජ දීඝකාරායන සෙනෙවි ඇමැති: “සගය කාරායනයෙනි, භද්‍ර භද්‍ර යානයන් යොදව, මනාබිම් වූ උයන්බිම දක්නට යම්හ”යි. ‘එසේ යැ දේවයිනි’යි දීඝකාරායන පසේනදි කොසොල් රජහට පිළිවදන් අස්වා භද්‍රභද්‍ර යානයන් යොදවා පසේනදි කොසොල් රජහට දැන්වී: “දේවයිනි, භද්‍රභද්‍ර යානයෝ යොදනලදහ, එයට දැන් කල් දන්නේ යැ’යි. එසඳ පසේනදි කොසොල් රජ සුන්‍දර යානයෙක නැඟී සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ මහත්වූ රාජානුභාවයෙන් නුවරින් නික්මියේ, ආරාමය කරා ගියේ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අරමට පිවිසියේ යි.

අද‍්දසා ඛො රාජා පසෙනදි කොසලො ආරාමෙ ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො රුක‍්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහසෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානි. දිස‍්වාන භගවන‍්තංයෙව ආරබ‍්භ සති උදපාදි: ‘ඉමානි ඛො තානි රුක‍්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහස‍්සෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානි, යත්‍ථ සුදං මයං තං භගවන‍්තං පයිරුපාසාම අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධන‍්ති.

පසේනදි කොසොල් රජ ආරාමයෙහි ජඞ්ඝාවිහාරයෙහි සක්මන් කරනුයේ ඇවිදිනුයේ දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ නිර්ඝෝෂ රහිත ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුන් දිට. දැක බුදුනු මැ ඇරබ සිහි උපන: “යම් බඳු සෙනසුනෙක අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරමෝ නම් මේ එ බඳු දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුනැ”යි.

අථ ඛො රාජා පසෙනදි කොසලො දීඝං කාරායනං ආමන‍්තෙසි: ඉමානි ඛො සම‍්ම කාරායන, තානි රුක‍්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහස‍්සෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානි. යත්‍ථ සුදං මයං තං භගවන‍්තං පයිරුපාසාම අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං. කහං නු ඛො සම‍්ම කාරායන, එතරහි සො භගවා විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධොති?

එසඳ පසේනදි කොසොල් රජ දීඝකාරායන සෙනෙවි ඇමැතී: “සගය කාරායනයෙනි, යම් බඳු සෙනසුනෙකැ අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරමෝ නම් මේ එ බඳු දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුන. සගය කාරායනයෙනි, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩ වෙසෙත් දැ? යි.

අත්‍ථි මහාරාජ, මෙදතළුම‍්පං නාම සක්‍යානං නිගමො. තත්‍ථ සො භගවා එතරහි අරහං සම‍්මාසම‍්බුද‍්ධො විහරතී’ති. කීව දූරො පන සම‍්ම කාරායන, නගරකම‍්හා මෙදතළුම‍්පං නාම සක්‍යානං නිගමො හොතීති? න දූරෙ මහාරාජ, තීණි යොජනානි. සක‍්කා දිවසාවසෙසෙන ගන‍්තුන‍්ති. තෙන හි සම‍්ම කාරායන, යොජෙහි භද්‍රානි භද්‍රානි යානානි, ගමිස‍්සාම මයං තං භගවන‍්තං දස‍්සනාය අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධ’න‍්ති.

මහරජ, මේදතළුම්ප නම් ශාක්‍යයන්ගේ නිගමයෙක් ඇත. දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවත්හු එහි වැඩ වෙසෙති’යි. සගය කාරායනයෙනි, නගරක නියම්ගම්හි සිට මේදතළුම්ප නම් සැහැරජුන්ගේ නිගමය කොපමණ දුරැති වේ දැ? යි. මහරජ, දුරැ නො වෙයි. තුන් යොදුනෙකැ. දිවසාවශේෂයෙන් යන්නට හැක්කැ’යි. එසේ වී නම් සගය කාරායනයෙනි, භද්‍රභද්‍රයානයන් යොදව. ඇපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ

එවං දෙවාති ඛො දීඝො කාරායනො රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස පටිස‍්සුත්‍වා භද්‍රානි භද්‍රානි යානානි යොජාපෙත්‍වා රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස පටිවෙදෙසි: යුත‍්තානි ඛො තෙ දෙව, භද්‍රානි භද්‍රානි යානානි. යස‍්සදානි කාලං මඤ‍්ඤසී’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො භද්‍රං යානං අභිරුහිත්‍වා භද්‍රෙහි භද්‍රෙහි යානෙහි නගරකම‍්හා නික‍්ඛමිත්‍වා යෙන මෙදතළුම‍්පං නාම සක්‍යානං නිගමො තෙන පායාසි. තෙනෙව දිවසාවසෙසෙන මෙදතළුම‍්පං නාම සක්‍යානං නිගමං සම‍්පාපුණි. යෙන ආරාමො තෙන පායාසි. යාවතිකා යානස‍්ස භූමි යානෙන ගන‍්ත්‍වා යානා පච‍්චොරොහිත්‍වා පත‍්තිකොව ආරාමං පාවිසි.

දක්නට යම්හ’යි. ‘එසේ යැ දේවයිනි’යි දීඝකාරායන සෙනෙවි පසේනදි කොසොල් රජහට පිළිවදන් දී භද්‍ර වූ භද්‍ර වූ යානයන් යොදවා පසේනදි කොසොල් රජහට දැන්වී: “දේවයිනි, භද්‍ර වූ භද්‍ර වූ යානයෝ යොදන ලදහ. එයට දැන් කල් දනැ”යි. එ සඳ පසේනදි කොසොල් රජ සුන්‍දර යානයෙකැ නැඟී සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ නගරක නම් නිගමයෙන් නික්ම මේදතළුම්ප නම් නියම්ගම කරා පිටත් වැ ගියේ, එ මැ දිවසාවශේෂයෙන් මේදතළුම්ප නම් සැහැරජුන්ගේ නියම්ගමට පැමිණියේ, අරම කරා ගියේ යි. යාන භූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අරමට පිවිසියේ යි.

තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ අබ‍්භොකාසෙ චඞ‍්කමන‍්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොච: කහං නු ඛො භන‍්තෙ, එතරහි සො භගවා විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො, දස‍්සනකාමා හි මයං තං භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධ’න‍්ති. එසො මහාරාජ, විහාරො සංවුතද‍්වාරො තෙන අප‍්පසද‍්දො උපසඞ‍්කමිත්‍වා අතරමානො ආලින්‍දං පවිසිත්‍වා උක‍්කාසිත්‍වා අග‍්ගලං ආකොටෙහි. විවරිස‍්සති තෙ භගවා ද‍්වාර’න‍්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො තත්‍ථෙව ඛග‍්ගඤ‍්ච උණ‍්හීසඤ‍්ච දීඝස‍්ස කාරායනස‍්ස පාදාසි. අථ ඛො දීඝස‍්ස කාරායනස‍්ස එතදහොසි: රහායති ඛොදානි මහාරාජා තෙනිධෙවදානි මයා ඨාතබ‍්බ’න‍්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන සො විහාරො සංවුතද‍්වාරො තෙන අප‍්පසද‍්දො උපසඞ‍්කමිත්‍වා අතරමානො ආලින්‍දං පවිසිත්‍වා උක‍්කාසිත්‍වා අග‍්ගලං ආකොටෙසි. විවරි භගවා ද‍්වාරං. අථ ඛො රාජා පසෙනදි කොසලො විහාරං පවිසිත්‍වා භගවතො පාදෙ සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම‍්බති, පාණීහි ච පරිසම‍්බාහති, නාමඤ‍්ච සාවෙති: රාජාහං භන‍්තෙ, පසෙනදි කොසලො, රාජාහං භන‍්තෙ, පසෙනදි කොසලො’ති.

එසමයෙහි බොහෝ මහණහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති. එසඳ පසේනදි කොසොල් රජ එ මහණුන් කරා එළැඹියේ යැ. එළැඹ එ මහණුනට තෙල බස් කී: “වහන්ස, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවත්හු කොහි යැ? අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් දක්නා රිසියම්හ”යි. මහරජ, තෙලෙ වෙහෙර පියූ දොර ඇතියේ යැ. එහෙයින් නිහඬ වැ එළැඹ වෙලෙවි නො වැ අක්දෙරියට පිවිස උකැසි හඬ කොට කවළියෙහි (කෙසි සිද වෙත) අකොළව (සෙමින් පහරව). බුදුහු තොපට දොර විවර කෙරෙති’යි. ඉක්බිති පසේනදි කොසොල් රජ කඩුවත් නළල්පටත් එහි මැ දීඝකාරායනහට දින. ඉක්බිති දීඝකාරයනහට තෙල සිත් වී: “දැන් කලි මහරජ රහස් බෙණෙයි, එයින් දැන් මා මෙහි මැ සිටියයුතු යැ”යි. එසඳ පසේනදි කොසොල්රජ පියූ දොර ඇති එ වෙහෙර කරා නිශ්ශබ්ද වැ එළැඹ නො වෙලෙවි වැ අක්දෙරියට වැද උකැසි හඬ නඟා කවුළු පහළේ යැ. බුදුහු දොර විවර කොළෝ. එසඳ පසේනදි කොසොල් රජ වෙහෙර වැද බුදුන්ගේ පාමුල හිසින් වැටී බුදුන්ගේ පාසඟළ මුවිනුදු සිඹී, දෙඅතිනුදු සම්බාහනා කෙරෙයි, නමුදු අස්වයි: “වහන්ස, මම පසේනදි කොසොල් රජමි, වහන්ස, මම පසේනදි කොසොල් රජමි”යි.

කිං පන ත්‍වං මහාරාජ, අත්‍ථවසං සම‍්පස‍්සමානො ඉමස‍්මිං සරීරෙ එවරූපං පරමනිපච‍්චාකාරං කරොසි, චිත‍්තූපහාරං උපදංසෙසීති?

මහරජ, තෙපි කිනම් කරුණක් දක්මින් මේ සිරුරෙහි ලා මෙ බඳු පරම ගෞරවාකාර කරව. ගෞරවොපහාර දක්වව?

අත්‍ථි ඛො මෙ භන‍්තෙ, භගවති ධම‍්මන්‍වයො, හොති සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො’ති. ඉධාහං භන‍්තෙ, පස‍්සාමි එකෙ සමණබ්‍රාහ‍්මණෙ පරියන‍්තකතං බ්‍රහ‍්මචරියං චරන‍්ති. දසපි වස‍්සානි, වීසතිම‍්පි වස‍්සානි, තිංසම‍්පි වස‍්සානි, චත‍්තාරීසම‍්පි වස‍්සානි. තෙ අපරෙන සමයෙන සුනහාතා සුවිලිත‍්තා කප‍්පිතකෙසමස‍්සූ පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතා සමඞ‍්ගීභූතා පරිචාරෙන‍්ති. ඉධ පනාහං භන‍්තෙ, භික‍්ඛූ පස‍්සාමි යාවජීවං පාණකොටිකං පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරන‍්තෙ. න ඛො පනාහං භන‍්තෙ, ඉතො බහිද‍්ධා අඤ‍්ඤං එවං පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං සමනුපස‍්සාමි. අයම‍්පි ඛො මෙ භන‍්තෙ, භගවති ධම‍්මන්‍වයො, හොති සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුපටිපන‍්නො සඞ‍්ඝොති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්‍මාන්‍වයෙක් ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය. භගවත්හුගේ සවුසඟහු සුපිළිපන්හ”යි. වහන්ස, මම මෙලොව දසවසෙක විසිවසෙක තිස්වසෙක සතලිස්වසෙකැ’යි මෙසේ අවධි සහිත කොට බඹසර පුරන ඇතැම් මහණබමුණු කෙනකුන් දක්මි. පසු කලෙක ඔහු මොනොවට සනහා සිටියාහු විලෙවුන් ගත්තාහු අන්දම් තැබූ කෙහෙමස් ඇත්තාහු පස්කම් ගුණෙන් සමර්පිත වැ සමඞ්ගීභූත වැ ඉඳුරන් පිනවත්, වහන්ස, මම මෙ සස්නෙහි දිවි ඇති තාක් ප්‍රාණපරිත්‍යාගය ඇතුළු කොට ඇති පිරිපුන් පිරිසුදු බඹසර පුරන මහණුන් දක්මි. වහන්ස, මම මෙ සස්නෙන් බැහැර මෙසේ පිරිපුන් පිරිසුදු අන් බඹසරක් නො දක්මි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.

පුන චපරං භන‍්තෙ, රාජානොපි රාජූහි විවදන‍්ති. ඛත‍්තියාපි ඛත‍්තියෙහි විවදන‍්ති. බ්‍රාහ‍්මණාපි බ්‍රාහ‍්මණෙහි විවදන‍්ති. ගහපතීපි ගහපතීහි විවදන‍්ති. මාතාපි පුත‍්තෙන විවදති. පුත‍්තොපි මාතරා විවදති. පිතාපි පුත‍්තෙන විවදති. පුත‍්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති. භාතාපි භගිනියා විවදති. භගිනියාපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. ඉධ පනාහං භන‍්තෙ, භික‍්ඛූ පස‍්සාමි සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරන‍්ති. න ඛො පනාහං භන‍්තෙ, ඉතො බහිද‍්ධා අඤ‍්ඤං එවං සමග‍්ගං පරිසං සමනුපස‍්සාමි. අයම‍්පි ඛො මෙ භන‍්තෙ, භගවති ධම‍්මන්‍වයො හොති: සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුපටිපන‍්නො සඞ‍්ඝොති.

තවද වහන්ස, රජදරුවෝ ද රජදරුවන් හා විවාද කෙරෙති, කැත්කුල ඇතියෝ ද කැත්කුලැතියන් හා විවාද කෙරෙති, බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙති, ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙති, මව ද පුතු හා විවාද කෙරෙයි, පුත් ද මව හා විවාද කෙරෙයි, පියා ද පුතු හා විවාද කෙරෙයි, පුත් ද පියා හා විවාද කෙරෙයි, සොහොවුරා ද සොහොවුරු හා විවාද කෙරෙයි, බෑයා ද බුහුන හා විවාද කෙරෙයි, බුහුන ද බෑයා හා විවාද කෙරෙයි, යහළු ද යහළු හා විවාද කෙරේ. වහන්ස, මම මෙ සස්නෙහි සමග වූ සතුටු වන විවාද නො කරන කිරි-දිය සේ එක් වූ උනුන් ප්‍රිය ඇසින් දක්මින් වෙසෙන මහණුන් දක්මි. වහන්ස, මම මෙ සස්නෙන් බැහැර මෙසේ සමඟ වූ අන් පිරිසක් නො මැ දක්මි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් සිව්සස් දහම් මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.

පුන චපරාහං භන‍්තෙ, ආරාමෙන ආරාමං, උය්‍යානෙන උය්‍යානං අනුචඞ‍්කමාමි අනුවිචරාමි. සොහං තත්‍ථ පස‍්සාමි එකෙ සමණබ්‍රාහ‍්මණෙ කිසෙ ලූඛෙ දුබ‍්බණ‍්ණෙ උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතෙ ධමනිසන්‍ථතගත‍්තෙ න විය මඤ‍්ඤෙ චක‍්ඛුං බන්‍ධන‍්තෙ ජනස‍්ස දස‍්සනාය. තස‍්ස මය‍්හං භන‍්තෙ එවං හොති අද‍්ධා ඉමෙ ආයස‍්මන‍්තො අනභිරතා වා බ්‍රහ‍්මචරියං චරන‍්ති. අත්‍ථි වා තෙසං කිඤ‍්චි පාපං කම‍්මං කතං පටිච‍්ඡන‍්නං. තථා ඉමෙ ආයස‍්මන‍්තො කිසා ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා ධමනිසන්‍ථතගත‍්තා න විය මඤ‍්ඤෙ චක‍්ඛුං බන්‍ධන‍්ති ජනස‍්ස දස‍්සනායාති. ත්‍යාහං උපසඞ‍්කමිත්‍වා එවං වදාමි: කින‍්නු තුම‍්හෙ ආයස‍්මන‍්තො කිසා ලූඛා දුබ‍්බණ‍්ණා උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතා ධමනිසන්‍ථතගත‍්තා, න විය මඤ‍්ඤෙ චක‍්ඛුං බන්‍ධථ ජනස‍්ස දස‍්සනායාති. තෙ එවමාහංසු: බන්‍ධුකරොගො නො මහාරාජා’ති. ඉධ පනාහං භන‍්තෙ, භික‍්ඛූ පස‍්සාමි හට‍්ඨපහට‍්ඨා උදග‍්ගුදග‍්ගා අභිරතරූපා පීණිතින්‍ද්‍රියා අප‍්පොස‍්සුක‍්කා පන‍්නලොමා පරදවුත‍්තා මිගභූතෙන චෙතසා විහරන‍්ති. තස‍්ස මය‍්හං භන‍්තෙ, එවං හොති. අද‍්ධා ඉමෙ ආයස‍්මන‍්තො තස‍්ස භගවතො සාසනෙ උළාරං පුබ‍්බෙනාපරං විසෙසං සඤ‍්ජානන‍්ති, තථා ඉමෙ ආයස‍්මන‍්තො හට‍්ඨපහට‍්ඨා උදග‍්ගුදග‍්ගා අභිරතරූපා පීණිතින්‍ද්‍රියා අප‍්පොස‍්සුක‍්කා පන‍්නලොමා පරදවුත‍්තා මිගභූතෙන චෙතසා විහරන‍්තී’ති. අයම‍්පි ඛො මෙ භන‍්තෙ, භගවති ධම‍්මන්‍වයො හොති සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුප‍්පටිපන‍්නො සඞ‍්ඝොති.

තවද වහන්ස, මම අරමින් අරමට උයනින් උයනට සක්මන් කරමි, ඇවිදුමි. එ මම් එහි කෘශ වූ රළු වූ දුර්වර්‍ණ වූ හටගත් පඬුපැහැ ඇති නහර ඉල්පුණු සිරුරු ඇති ඇතැම් මහණබමුණු කෙනකුන් පුනපුනා දක්නට ජනයාගේ නෙත් නො බඳනවුන් මෙන් දක්මි. වහන්ස, එ මට මෙසේ සිත් වෙයි: “එකැතින් මේ ආයුෂ්මත්හු අනභිරත වැ හෝ බමසර සෙරෙති. ඔවුන් විසින් පිළිසන් වැ කළ පව්කමෙක් හෝ ඇත. එසේ මැ යැ මේ ආයුෂ්මත්හු කෘශ වූවාහු රූක්‍ෂ වූවාහු දුර්වර්‍ණ වූවාහු හටගත් පඬුපැහැ සිරුරු ඇත්තාහු නහර පැතුරුණු සිරුරු ඇත්තාහු වෙති. ජනයාගේ දර්‍ශනය පිණිස ඇස් නො බඳනවුන් සෙයින් වෙති”යි. මම ඔවුන් කරා එළැඹ මෙසේ කියමි: “ආයුෂ්මත්නි, තෙපි කවර හෙයකින් කෘශ වව, රූක්‍ෂ වව, දුර්වර්‍ණ වව. හටගත් පඬුරෝ ඇතියාව. නහර ඉපිළි සිරුරු ඇතියාව, ජනයාගේ දර්‍ශනයට ඇස් නො බඳනවුන් සෙයින් වව”යි. ඔහු මෙසේ කීහු: “මහරජ අපට බන්‍ධු (පරපුරින් ආ) රෝගයෙකැ”යි. වහන්ස, මම මෙ සස්නෙහි තුටු පහටු ඔදවැඩි අභිරත රූප ඇති පිණාගිය ඉඳුරන් ඇති අල්පොත්සුක වූ (නිර්‍භය හෙයින්) හුණුලොම් ඇති පරා දුන් දැයින් වැටුම් ඇති නිරාශසිතින් වසන මහණුන් දක්මි. වහන්ස, මට මෙසේ සිත් වෙයි: “මේ ආයුෂ්මත්හු එකැතින් ඒ භගවත්හුගේ ශාසනයෙහි උදාර වූ පළමු ඉපැයූ විශේෂයෙන් වැඩි අපර විශේෂයක් දනිත් මැ යැ. එසේ මැ යි මේ ආයුෂ්මත්හු තුටු පහටු වැ ඔදවැඩි වැ අභිරතරූප ඇති වැ පිණාගිය ඉඳුරන් ඇති වැ ප්‍රත්‍යයොත්පාදයෙහි අල්පොත්සුක වැ (අත්‍රස්ත) හෙයින් පතිතලෝම වැ පරා දුන් දැයින් යැපෙත දිවිවැටුම් ඇති වැ නිරාශසිතින් වෙසෙති”යි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය මනාකොට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.

පුන චපරාහං භන‍්තෙ, රාජා ඛත‍්තියො මුද‍්ධාවසිත‍්තො පහොමි ඝාතෙතායං වා ඝාතෙතුං ජාපෙතායං වා ජාපෙතුං. පබ‍්බාජෙතායං වා පබ‍්බාජෙතුං. තස‍්ස මය‍්හං භන‍්තෙ, අට‍්ටකරණෙ නිසින‍්නස‍්ස අන‍්තරන‍්තරා කථං ඔපාතෙන‍්ති. සොහං න ලභාමි: මාමෙ භොන‍්තො අට‍්ටකරණෙ නිසින‍්නස‍්ස මෙ අන‍්තරන‍්තරා කථං ඔපාතෙථ. කථාපරියොසානං මෙ භවන‍්තො ආගමෙන‍්තූති. තස‍්ස මය‍්හං භන‍්තෙ, අන‍්තරන‍්තරාව

තවද වහන්ස, මම මුදුනෙහි බිසෙස් කළ කැත් රජ වූයෙම් නස්නට නිසියහු නසන්නට වේවයි. නිර්ධන කරන්නට නිසියහු නිර්ධන කරන්නට වේවයි රටින් නෙරනට නිසියහු රටින් නෙරන්නට වේවයි පොහොමි, වහන්ස, අධිකරණවිනිශ්චයෙහි හිඳුනා මට අතරතුර කථා බහත්. මම “මේ භවත්හු අධිකරණයෙහි හිඳුනා මට අතරතුර කථා නහමක් බහත්වා: මේ භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය බලා සිටිත්වා” යනු නො ලබමි. වහන්ස, මට අතරතුර කථා බහත්. වහන්ස, යම් දවසෙක භාග්‍යවතුන් වහන්සේ අනේකශත

කථං ඔපාතෙන‍්ති. ඉධ පනාහං භන‍්තෙ, භික‍්ඛූ පස‍්සාමි යස‍්මිං සමයෙ භගවා අනෙකසතාය පරිසාය ධම‍්මං දෙසෙති, නෙව තස‍්මිං සමයෙ භගවතො සාවකානං ඛිපිතසද‍්දො වා හොති උක‍්කාසිතසද‍්දො වා. භූතපුබ‍්බං භන‍්තෙ, භගවා අනෙකසතාය පරිසාය ධම‍්මං දෙසෙසි. තත්‍රඤ‍්ඤතරො භගවතො සාවකො උක‍්කාසි. තමෙනඤ‍්ඤතරො සබ්‍රහ‍්මචාරී ජණ‍්ණුකෙන ඝට‍්ටෙසි: ‘අප‍්පසද‍්දො ආයස‍්මා හොතු, මායස‍්මා සද‍්දමකාසි. සත්‍ථා නො භගවා ධම‍්මං දෙසෙතී’ති. තස‍්ස මය‍්හං භන‍්තෙ, එතදහොසි: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො. අදණ‍්ඩෙන වත කිර භො අසත්‍ථෙන එවං සුවිනීතා පරිසා භවිස‍්සතී’ති. න ඛො පනාහං භන‍්තෙ, ඉතො බහිද‍්ධා අඤ‍්ඤං එවං සුවිනීතං පරිසං සමනුපස‍්සාමි. අයම‍්පි ඛො මෙ භන‍්තෙ, භගවති ධම‍්මන්‍වයො හොති: ‘සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුපටිපන‍්නො සඞ‍්ඝො’ති.

පර්‍ෂද්හි දහම් දෙසන සේක් ද, එදවස්හි භාග්‍යවතුන් වහන්සේ ගේ සව්වන් කිවිස්නා ශබ්දයෙක් වේවයි, උකැසි හඬෙක් වේවයි නැත් ද, එ බඳු මහණුන් මෙ සස්නෙහි දක්මි. වහන්ස, වූවිරී දැයක් කියමි:භාග්‍යවතුන් වහන්සේ අනේකශතපර්ෂද්හි දහම් දෙසූ සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ශ්‍රාවකයෙක් උකැසි කෙළේ. එක්තරා සබ්‍රම්සරෙක් දණින් උහු ගැටී: “ආයුෂ්මත් නිහඬ වේවා, ආයුෂ්මත් නහමක් ශබ්ද කරන්නේ යැ. අප ගේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේකැ”යි. වහන්ස, මට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ භවත්නි, අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් මෙසේ සුවිනීත පර්‍ෂද් වේ මැ යයි. වහන්ස, මෙ සස්නෙන් බැහැර මම මෙසේ සුවිනීත අන් පිරිසක් නො දක්මි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.

පුන චපරාහං භන‍්තෙ, පස‍්සාමි ඉධෙකච‍්චෙ ඛත‍්තියපණ‍්ඩිතෙ නිපුණෙ කතපරප‍්පවාදෙ වාළවෙධිරූපෙ වොභින්‍දන‍්තා මඤ‍්ඤෙ චරන‍්ති පඤ‍්ඤාගතෙන දිට‍්ඨිගතානි. තෙ සුණන‍්ති සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස‍්සතීති. තෙ පඤ‍්හං අභිසඞ‍්ඛරොන‍්ති. ඉමං මයං පඤ‍්හං සමණං ගොතමං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිස‍්සාම: ‘එවං චෙ නො පුට‍්ඨො එවං බ්‍යාකරිස‍්සති, එවමස‍්ස මයං වාදං ආරොපෙස‍්සාම. එවං චෙපි නො පුට‍්ඨො එවං බ්‍යාකරිස‍්සති, එවම‍්පිස‍්ස මයං වාදං ආරොපෙස‍්සාමා’ති. තෙ සුණන‍්ති ‘සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටො’ති. තෙ යෙන භගවා තෙනුපසඞ‍්කමන‍්ති. තෙ භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා න චෙව භගවන‍්තං පඤ‍්හං පුච‍්ඡන‍්ති. කුතො වාදං ආරොපෙස‍්සන‍්ති. අඤ‍්ඤදත්‍ථු භගවතො සාවකා සම‍්පජ‍්ජන‍්ති. අයම‍්පි ඛො මෙ භන‍්තෙ, භගවති ධම‍්මන්‍වයො හොති. ‘සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුපටිපන‍්නො සඞ‍්ඝො’ති.

තවද වහන්ස, මම් මෙලොව නිපුණ වූ පරා හා කළ වාදපරිචය ඇති වාලවේධී ධනුර්ධරයන් බඳු ඇතැම් ක්‍ෂත්‍රිය පණ්ඩිත කෙනෙක් ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳුනවුන් මෙන් හැසිරෙති. ඔහු ශ්‍රමණභවත් ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පිවිසෙත් ල යි අසති. ඔහු පැන සකස් කෙරෙති: “ඇපි ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹ මේ ප්‍රශ්නය පුළුවුස්මහ, අප විසින් මෙසේත් පුළුවුස්නා ලද්දාහු මෙසේ විසඳන්නාහ. මෙසෙයින් ඇපි ඔවුනට වාදාරෝපණ කරම්හ. ඉදින් අප විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු මෙසෙයින් විසඳන්නාහු නම් ඇපි මෙසේත් ඔවුනට වාදාරෝපණ කරම්හ”යි. ඔහු “මහණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වැඩිසේකැ’යි අසත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙත්. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. සමාදන් කරවන සේක, තෙද ගන්වන සේක, මොනොවට පහදවන සේක. ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලදු වැ සමාදන් කරවන ලදු වැ තෙද ගන්වන ලදු වැ සතුටු කරවන ලදු වැ භාග්‍යවතුන් වහන්සේ අතින් පැන නො පුළුවුස්නාහ. කවර හෙයින නම් වාදාරෝපණ කෙරෙත් ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ සවු වෙත්. වහන්ස, මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත යැ. සඟහු සුපිළිපන්හ”යි.

පුන චපරාහං භන‍්තෙ, පස‍්සාමි ඉධෙකච‍්චෙ බ්‍රාහ‍්මණපණ‍්ඩිතෙ -පෙ- ගහපතිපණ‍්ඩිතෙ -පෙ- සමණපණ‍්ඩිතෙ නිපුණෙ කතපරප‍්පවාදෙ වාළවෙධිරූපෙ වොභින්‍දන‍්තා මඤ‍්ඤෙ චරන‍්ති. පඤ‍්ඤාගතෙන දිට‍්ඨිගතානි. තෙ සුණන‍්ති ‘සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස‍්සතී’ති. තෙ පඤ‍්හං අභිසඞ‍්ඛරොන‍්ති: ‘ඉමං මයං පඤ‍්හං සමණං ගොතමං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිස‍්සාම. එවං චෙ නො පුට‍්ඨො එවං බ්‍යාකරිස‍්සති, එවමස‍්ස මයං වාදං ආරොපෙස‍්සාම. එවං චෙපි නො පුට‍්ඨො එවං බ්‍යාකරිස‍්සති, එවම‍්පිස‍්ස මයං වාදං ආරොපෙස‍්සාමා’ති. තෙ සුණන‍්ති ‘සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටො’ති. තෙ යෙන භගවා තෙනුපසඞ‍්කමන‍්ති. තෙ භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා න චෙව භගවන‍්තං පඤ‍්හං පුච‍්ඡන‍්ති. කුතො වාදං ආරොපෙස‍්සන‍්ති. අඤ‍්ඤදත්‍ථු භගවන‍්තඤ‍්ඤෙව ඔකාසං යාචන‍්ති අගාරස‍්මා අනගාරියං පබ‍්බජ‍්ජාය.

තවද වහන්ස, මම මෙලොව නිපුණ වූ පරා හා කළ වාදපරිචය ඇති වාලවේධී ධනුර්ධරයන් බඳු ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳුනවුන් මෙන් හැසිරෙන බ්‍රාහ්මණ පණ්ඩිතයනුදු .... ගෘහ පණ්ඩිතයනුදු .... ශ්‍රමණපණ්ඩිතයනුදු දක්මි. ඔහු ශ්‍රමණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වඩනාසේකැ’යි අසත්. ඔහු ප්‍රශ්න අභිසංස්කරණ කෙරෙති: “අපි මෙ පැන මහණ ගොයුම්හු කරා එළැඹ පුළුවුසුම්හ. ඉදින් අප විසින් මෙසේ පුළුවුස්නා ලදු වැ මෙසේ ප්‍රකාශ කෙරෙත් නම් අපි ඔබට මෙසේ වාදාරෝපණ කරම්හ. අප විසින් මෙසේත් පුළුවුස්නාලදු වැ මෙසේ ව්‍යාකරණ කෙරෙත් නම් අපි මෙසේත් ඔබට වාදාරෝපණ කරම්හ”යි ඔහු ශ්‍රමණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වැඩිසේකැ’යි අසත්, ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දැහැමි කථායෙන් කරුණු දක්වනසේක, සමාදන් කරවනසේක, තෙද ගන්වනසේක, සතුටු කරවනසේක. ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් කරුණු දක්වනලදු වැ සමාදන් කරවන ලදු වැ තෙද ගන්වන ලදු වැ සතුටු කරවන ලදු වැ භාග්‍යවතුන් වහන්සේ අතින් පැන නො ද පුළුවුස්නාහු මැ යැ. කවර හෙයින් වාදාරෝපණ කෙරෙත් ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අතින් මැ ගෙන් නික්ම සසුන් වදනු සඳහා අවකාශ යදිත්.

තෙ භගවා පබ‍්බාජෙති. තෙ තථා පබ‍්බජිතා සමානා එකා වූපකට‍්ඨා අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරන‍්තා න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති. තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති. තෙ එවමාහංසු: ‘මනං වත භො අනස‍්සාම, මනං වත භො පනස‍්සාම. මයං හි පුබ‍්බෙ අස‍්සමණාව සමානා සමණාම‍්හාති පටිජානිම‍්හා, අබ්‍රාහ‍්මණාව සමානා බ්‍රාහ‍්මණාම‍්හාති පටිජානිම‍්හා, අනරහන‍්තොව සමානා අරහන‍්තාම‍්හාති පටිජානිම‍්හා. ඉදානි ඛොම‍්හා සමණා, ඉදානි ඛොම‍්හා බ්‍රාහ‍්මණා, ඉදානි ඛොම‍්හා අරහන‍්තො’ති. අයම‍්පි ඛො මෙ, භන‍්තෙ, භගවති ධම‍්මන්‍වයො හොති: ‘සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුපටිපන‍්නො සඞ‍්ඝො’ති.

භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කෙරෙත්. ඔහු එසේ පැවිදි වූවාහු එකලා වූවාහු වෙන් වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වැර ඇතියාහු ජීවිත නිරපේක්‍ෂක වැ වසන්නාහු නොබෝ කලෙකින් මැ කුලපුත්‍රයෝ යම් අර්‍ත්‍ථයක් සඳහා මොනොවට ගෙන් නික්ම සසුන් වදිත් ද, බ්‍රහ්මචර්‍ය්‍යාපර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තරාර්‍ත්‍ථය දුටුදැමියෙහි මැ තමන් විසින් විශ්ෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන විහරණ කෙරෙත්. ඔහු මෙසේ කීහු: “භවත්නි, මඳෙකින් නස්නමෝ මැ හැ, භවත්නි, මඳෙකින් විනස්නමෝ මැ යැ. අපි පෙර අශ්‍රමණයමෝ ‘ශ්‍රමණයම්හ’යි පිළින කළම්හ, අබ්‍රාහ්මණයමෝ ‘බ්‍රාහ්මණයම්හ’යි පිළින කළම්හ, අර්‍හත් නො වන්නමෝ මැ ‘අර්‍හත් වම්හ’යි පිළින කළම්හ. දැන් කලි ශ්‍රමණයම්හ, දැන් කලි බ්‍රාහ්මණයම්හ, දැන් කලි අර්‍හත් වම්හ”යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම් මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ’යි.

පුන චපරං භන‍්තෙ, ඉමෙ ඉසිදත‍්තපුරාණා ථපතයො මමභත‍්තා මමයානා අහං නෙසං ජීවිතස‍්ස පදාතා යසස‍්ස ආහත‍්තා අථ ච පන නො තථා මයි නිපච‍්චාකාරං කරොන‍්ති යථා භගවති. භූතපුබ‍්බාහං භන‍්තෙ සෙනං අබ‍්භුය්‍යාතො සමානො ඉමෙව ඉසිදත‍්තපුරාණා ථපතයො වීමංසමානො අඤ‍්ඤතරස‍්මිං සම‍්බාධෙ ආවසථෙ වාසං උපගඤ‍්ඡිං. අථ ඛො භන‍්තෙ, ඉමෙ ඉසිදත‍්තපුරාණා ථපතයො බහුදෙව රත‍්තිං ධම‍්මියා කථාය වීතිනාමෙත්‍වා යතො අහොසි භගවා තතො සීසං කත්‍වා මං පාදතො කරිත්‍වා නිපජ‍්ජිංසු. තස‍්ස මය‍්හං භන‍්තෙ, එතදහොසි: ‘අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, ඉමෙ ඉසිදත‍්තපුරාණා ථපතයො මමභත‍්තා මමයානා, අහං තෙසං ජීවිතස‍්ස පදාතා, යසස‍්ස ආහත‍්තා. අථ ච පන නො තථා මයි නිපච‍්චකාරං කරොන‍්ති යථා භගවති. අද‍්ධා ඉමෙ ආයස‍්මන‍්තො තස‍්ස භගවතො සාසනෙ උළාරං පුබ‍්බෙනාපරං විසෙසං සඤ‍්ජානන‍්තී’ති. අයම‍්පි ඛො මෙ භන‍්තෙ, භගවති ධම‍්මන්‍වයො හොති: ‘සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො, සුපටිපන‍්නො සඞ‍්ඝො’ති.

තවද වහන්ස, ඉසිදත්ත යැ පුරාණ යැ යන මේ දෙවඩුවෝ මා සතු බත් ඇතියාහු මා සතු යාන ඇතියාහු වෙති. මම උන් ගේ ජීවිත දෙන්නෙම් යසස් අරනෙම් වෙමි. එසේ වුව ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සෙයින් මා කෙරෙහි ගෞරවාකාර නො කෙරෙති. වහන්ස, පෙර වූ දැයක් කියමි: “මම සෙන් මෙහෙයන්නෙම් මේ ඉසිදත්තපුරාණ දෙවඩුවනුදු විමසන්නෙම් එක්තරා සසම්බාධ ආවස්ථයෙක වාසයට එළැඹියෙමි. වහන්ස, එසඳ මේ ඉසිදත්තපුරාණ දෙවඩුවෝ රැය බොහෝ වේලාවක් දැහැමි කථායෙන් කල් ගලවා භාග්‍යවතුන් වහන්සේ වසන දසට හිස කොට මා පාදසෙහි කොට වැදහොත්හ. වහන්ස, මට තෙල සිත්වී: “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක් මැ යැ. භවත්නි, අද්භූතයෙක් මැ යැ. මේ ඉසිදත්තපුරාණ දෙවඩුවෝ මා සතු බත් ඇතියාහු මා සතු යාන ඇතියාහු වෙති. මම උනට ජීවිතදායක වෙමි. යශස් අරනෙම් වෙමි. එතෙකුදු වුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සෙයින් මා කෙරෙහි නිපත්‍යාකාර නො කෙරෙති. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු දෙදෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි උදාර වූ කැල මැ ඉපැයූ විශේෂයට වැඩි අපර විශේෂයක් දනිත් මැ යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.

පුන චපරං භන‍්තෙ, භගවාපි ඛත‍්තියො, අහම‍්පි ඛත‍්තියො, භගවාපි කොසලකො, අහම‍්පි කොසලකො, භගවාපි ආසීතිකො, අහම‍්පි ආසීතිකො. යම‍්පි භන‍්තෙ, භගවාපි ඛත‍්තියො, අහම‍්පි ඛත‍්තියො, භගවාපි කොසලකො, අහම‍්පි කොසලකො, භගවාපි ආසීතිකො, අහම‍්පි ආසීතිකො. ඉමිනාවාරහාමෙවාහං භන‍්තෙ, භගවති පරමනිපච‍්චකාරං කත‍්තුං. චිත‍්තූපහාරං උපදංසෙතුං. හන්‍ද ච දානි මයං භන‍්තෙ, ගච‍්ඡාම. බහුකිච‍්චා මයං බහුකරණීයා’ති. යස‍්සදානි ත්‍වං මහාරාජ, කාලං මඤ‍්ඤසීති: අථ ඛො රාජා පසෙනදි කොසලො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයහ, මම ද ක්‍ෂත්‍රියයෙමි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් දනව්වැසියහ, මම ද කොසොල්දනව් වැසියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද අසූවයස් ඇතියහ, මම ද අසූවයස් ඇතියෙමි. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයහ, මම ද ක්‍ෂත්‍රියයෙමි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් දනව්වැසියහ, මම ද කොසොල්දනව්වැසියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද අසූවයස් ඇතියහ, මම ද අසූවයස් ඇතියෙමි” යන යම් කරුණෙක් ඇත් ද වහන්ස, මම මෙ කරුණින් මැ පරමගෞරවාකාර කරන්නට ගෞරවොපහාර දක්වන්නට නිසියෙම් මැ යැ. වහන්ස, එයින් දැන් අපි යම්හ. අපි බොහෝ කිස ඇතියමෝ බොහෝ කරණී ඇතියමෝ යයි. මහරජ, තෙපි දැන් එයට කල් දැනැ’යි වදාළෝ. එසඳ පසේනදි කොසොල් රජ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ යි.

අථ ඛො භගවා අචිරපක‍්කන‍්තස‍්ස රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස භික‍්ඛූ ආමන‍්තෙසි: ‘එසො භික‍්ඛවෙ, රාජා පසෙනදි කොසලො ධම‍්මචෙතියානි භාසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කන‍්තො. උග‍්ගණ‍්හාථ භික‍්ඛවෙ, ධම‍්මචෙතියානි. පරියාපුණාථ භික‍්ඛවෙ, ධම‍්මචෙතියානි. ධාරෙථ භික‍්ඛවෙ, ධම‍්මචෙතියානි. අත්‍ථසංහිතානි භික‍්ඛවෙ, ධම‍්මචෙතියානි ආදිබ්‍රහ‍්මචරියකානී’ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නික්ම යන්නා හා මැ මහණුන් ඇමැතූසේක: “මහණෙනි, තෙල පසේනදි කොසොල්රජ ධර්‍මචෛත්‍යයන් කියා හුනස්නෙන් නැඟී නික්ම ගියේ. මහණෙනි, ධර්‍මචෛත්‍යයන් උගනුව, මහණෙනි, ධර්‍මචෛත්‍යයන් පුහුණු කරව, මහණෙනි, ධර්‍මචෛත්‍යයන් ධරව. මහණෙනි, ධර්‍මචෛත්‍යයෝ අර්‍ත්‍ථසංහිතයහ, ආදිබ්‍රහ්මචර්‍ය්‍යකයහ”යි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ”යි.

ධම‍්මචෙතියසුත‍්තං නවමං.

නව වැනි ධම්මචේතිය සූත්‍ර යි.