ධම්මචෙතියසුත්තවණ්ණනා අට්ඨකථා
ධම්මචෙතියසුත්තවණ්ණනා
ධම්මචෙතිය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ධම්මචෙතියසුත්තං. තත්ථ මෙදාළුපන්ති නාමෙතං තස්ස, තස්ස හි නිගමස්ස මෙදවණ්ණා පාසාණා කිරෙත්ථ උස්සන්නා අහෙසුං, තස්මා මෙදාළුපන්ති සඞ්ඛං ගතං. සෙනාසනං පනෙත්ථ අනියතං, තස්මා න තං වුත්තං.
එවම්මෙසුතං යනු ධම්මචෙතිය සුත්‍රයයි. එහි මෙදතළුම්පං මේ නම ඒ නියම්ගම මේද වණ පාෂාණ බෙහෙවින් තිබුණේය. ඒනිසා මෙදතළුම්පයයි ප්‍රසිද්ධියට ගියේය. මෙහි සේනාසනය තාවකාලිකය ඒනිසා නොකියන ලදී.
නගරකන්ති එවංනාමකං සක්යානං නිගමං. කෙනචිදෙව කරණීයෙනාති න අඤ්ඤෙන කරණීයෙන, අයං පන බන්ධුලසෙනාපතිං සද්ධිං ද්වත්තිංසාය පුත්තෙහි එකදිවසෙනෙව ගණ්හථාති ආණාපෙසි, තංදිවසඤ්චස්ස භරියාය මල්ලිකාය පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං භගවා නිමන්තිතො, බුද්ධප්පමුඛෙ භික්ඛුසඞ්ඝෙ ඝරං ආගන්ත්වා නිසින්නමත්තෙ “සෙනාපති කාලඞ්කතො”ති සාසනං ආහරිත්වා මල්ලිකාය අදංසු. සා පණ්ණං ගහෙත්වා මුඛසාසනං පුච්ඡි. “රඤ්ඤා අය්යෙ සෙනාපති සද්ධිං ද්වත්තිංසාය පුත්තෙහි එකප්පහාරෙනෙව ගහාපිතො”ති ආරොචෙසුං. මහාජනගතං මා කරිත්ථාති ඔවට්ටිකාය පණ්ණං කත්වා භික්ඛුසඞ්ඝං පරිවිසි. තස්මිං සමයෙ එකා සප්පිචාටි නීහරිතා, සා උම්මාරෙ ආහච්ච භින්නා, තං අපනෙත්වා අඤ්ඤං ආහරාපෙත්වා භික්ඛුසඞ්ඝං පරිවිසි.
නගරකං මෙනම් ඇති ශාක්‍යයන්ගේ නියම්ගම කෙනචිදෙව කරණීයෙන අන්කරුණක් සඳහා නොවේ. හෙතෙමේ බන්ධුල සේනාපතියා පුතුන් තිස් දෙදෙනා සමග එක්දවසකින්ම අල්ලාගනිවුයයි අණකළේය. එදවසම ඔහුගේ භාර්යාව වූ මල්ලිකා විසින් පන්සියයක් භික්ෂුන් සමග භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන ලදී. බුදුන් ප්රමුඛ භික්ෂුසංඝයා ගෙට පැමිණ වැඩහුන් කෙණෙහිම සේනාපතියා කලුරිය කළේයයි හසුනක් ගෙනවුත් මල්ලිකාට දුන්හ. ඈ හසුන ගෙන පණිවිඩය ඇසුවාය. ආර්යාවනි, රජුවිසින් සේනාපති තුමා පුතුන් තිස් දෙදෙන සමග එක පහරින්ම අල්ලාගනු ලැබීයයි දැන්වූහ. මෙය මහජනයා අතරට නොයවන්න. හසුන ඉනෙහි ගසාගෙන භික්ෂුසංඝයා වැළඳවූවාය. ඒ වේලාවෙහි එක් ගිතෙල් සැළියක් පිටතට ගෙන ගියහ. එය එළිපත්තෙහි ගැටී බිදිණ. එය ඉවත් කොට අනිකක් ගෙන්වාගෙන භික්ෂුසංඝයා වැළඳවූවාය.
සත්ථා කතභත්තකිච්චො කථාසමුට්ඨාපනත්ථං – “සප්පිචාටියා භින්නපච්චයා න චින්තෙතබ්බ”න්ති ආහ. තස්මිං සමයෙ මල්ලිකා පණ්ණං නීහරිත්වා භගවතො පුරතො ඨපෙත්වා – “භගවා ඉමං ද්වත්තිංසාය පුත්තෙහි සද්ධිං සෙනාපතිනො මතසාසනං, අහං එතම්පි න චින්තයාමි, සප්පිචාටිපච්චයා කිං චින්තෙය්යාමී”ති ආහ. භගවා – “මල්ලිකෙ, මා චින්තයි, අනමතග්ගෙ සංසාරෙ නාම වත්තමානානං හොති එත”න්ති අනිච්චතාදිපටිසංයුත්තං ධම්මකථං කත්වා අගමාසි. මල්ලිකා ද්වත්තිංසසුණිසායො පක්කොසාපෙත්වා ඔවාදං අදාසි. රාජා මල්ලිකං පක්කොසාපෙත්වා “සෙනාපතිනො අම්හාකං අන්තරෙ භින්නදොසො අත්ථි නත්ථී”ති පුච්ඡි. නත්ථි සාමීති. සො තස්සා වචනෙන තස්ස නිද්දොසභාවං ඤත්වා විප්පටිසාරී බලවදොමනස්සං උප්පාදෙසි. සො – “එවරූපං නාම අදොසකාරකං මං සම්භාවයිත්වා ආගතං සහායකං විනාසෙසි”න්ති තතො පට්ඨාය පාසාදෙ වා නාටකෙසු වා රජ්ජසුඛෙසු වා චිත්තස්සාදං අලභමානො තත්ථ තත්ථ විචරිතුං ආරද්ධො. එතදෙව කිච්චං අහොසි. ඉදං සන්ධාය වුත්තං “කෙනචිදෙව කරණීයෙනා”ති.
ශාස්තෲන් වහන්සේ බත්කිස නිමවා කතාවක් පටන්ගැනීම පිණිස ගිතෙල් සැළිය බිඳුණු හේතු නොසිතිය යුතුයැයි කීසේක. ඒවේලෙහි මල්ලිකා හසුන ඉවතට ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි තබා භාග්‍යවතුන් වහන්ස, මේහසුන පුතුන් තිස් දෙදෙනා සමග සේනාපතිතුමා මළ හසුනයි. මම එය නොසිතමි. ගිතෙල් සැළිය හේතුවෙන් කුමක් සිතන්නෙම් දැයි ඇසුවාය. භාග්‍යවතුන් වහන්සේ මල්ලිකාවනි, ඒ ගැන නොසිතන්න. අනවරාග්ර සංසාරයෙහි පවතින්නවුන්ට මෙය වෙයි යැයි අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මකථාවක් කොට වැඩිසේක. මල්ලිකා ලේලියන් තිස් දෙදෙන කැඳවා අවවාද දුන්නාය. රජතෙමේ මල්ලිකාව කැඳවා සේනාපතිතුමා සහ අප අතර සිත් දූෂ්‍ය වීමක් ඇත්ද නැද්දැයි විමසීය. නැත ස්වාමීනි රජතෙමේ ඇයගේ වචනයෙන් ඔහුගේ නිර්දෝෂී බව දන විපිළිසරව බලවත් දොම්නසක් උපදවාගත්තේය. හෙතෙමේ මෙබඳු දෝෂයක් නැති මට සම්භාවනා කොට පැමිණි සහායකයකු විනාශ කෙළෙමියි එතැන් පටන් ප්‍රසාදයෙහි හෝ නාටිකාවන් අතර හෝ රාජ්‍ය සුඛයෙහි හෝ චිත්තාස්වාදයක් නොලබමින් ඒ ඒ තැන හැසිරෙන්ට පටන් ගත්තේය. ඔහුගේ කාර්යය එයම විය. මේ සඳහා කියන ලදී. කෙනචිදෙවකරණීයෙනා
දීඝං කාරායනන්ති දීඝකාරායනො නාම බන්ධුලසෙනාපතිස්ස භාගිනෙය්යො “එතස්ස මෙ මාතුලො අදොසකාරකො නික්කාරණෙන ඝාතිතො”ති රඤ්ඤා සෙනාපතිට්ඨානෙ ඨපිතො. තං සන්ධායෙතං වුත්තං. මහච්චා රාජානුභාවෙනාති මහතා රාජානුභාවෙන, ධරණිතලං භින්දන්තො විය සාගරං පරිවත්තෙන්තො විය විචිත්තවෙසසොභෙන මහතා බලකායෙනාති අත්ථො. පාසාදිකානීති දස්සනෙනෙව සහ රඤ්ජනකානි. පසාදනීයානීති තස්සෙව වෙවචනං. අථ වා පාසාදිකානීති පසාදජනකානි. අප්පසද්දානීති නිස්සද්දානි. අප්පනිග්ඝොසානීති අවිභාවිතත්ථෙන නිග්ඝොසෙන රහිතානි. විජනවාතානීති විගතජනවාතානි. මනුස්සරාහස්සෙය්යකානීති මනුස්සානං රහස්සකම්මානුච්ඡවිකානි, රහස්සමන්තං මන්තෙන්තානං අනුරූපානීති අත්ථො. පටිසල්ලානසාරුප්පානීති නිලීයනභාවස්ස එකීභාවස්ස අනුච්ඡවිකානි. යත්ථ සුදං මයන්ති න තෙන තත්ථ භගවා පයිරුපාසිතපුබ්බො, තාදිසෙසු පන පයිරුපාසිතපුබ්බො, තස්මා යාදිසෙසු සුදං මයන්ති අයමෙත්ථ අත්ථො.
දීඝංකාරායනං දීගකාරායන නම් බන්ඩුලමල්ල සේනාපතිගේ බෑණාය. එබඳුවූ මාගේ නරකක් නොකරන මාගේ මාමා නිකරුණේ සාතනය කරන ලද්දේයයි රජු විසින් සේනාපති ස්ථානයෙහි තබන ලද්දේය. ඒ සඳහා මෙය කියන ලදී. මහච්ච රාජානුභාවෙන මහත්වූ රාජානුභාවයෙන් ධරණීතලය බිඳින්නාක් මෙන්ද සාගරය පෙරළෙන්නාක් මෙන්ද විචිත්රවේශ ශෝභාවෙන් මහත් බලකායෙන් යන අර්ථයි. පාසදිකානි දර්ශනයෙන්ම ප්රාසාදජනක පසාදනීයානි එයටම වෙනත් වචනයකි. නැතහොත් පාසාදිකානි දර්ශනීය පාසාදනීයානි ප්රසාදජනක අප්පසද්දානි නිශ්ශබ්ද අප්පනිග්සොසානි භාවිත නොකරන ලද අර්ථයෙන් ඝෝෂා රහිත. විජනවාතානි පහවගිය ජනයා ඇඟවැදී එන සුළං නැති. මනුස්ස රාහසෙය්යකානි මිනිසුන් ගේ රහසිගත කටයුතු වලට යෝග්‍ය රහස් මන්ත්‍රණ කරන්නවුන්ට සුදුසු යන අයයි. පටි සල්ලාණ සාරුප්පනි සැඟැවී සිටීමට හුදෙකලාව සිටීමට සුදුසු යත්ථසුදංමයං ඔහු විසින් එහිදී භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය නොකරන ලද විරූය. එබන්දවුන් අතර ආශ්‍රය කරන ලද විරූය. ඒනිසා යම්බදුවුවන් අතර අපි වීමු යනු මෙහි අර්ථයි.
අත්ථි, මහාරාජාති පණ්ඩිතො සෙනාපති “රාජා භගවන්තං මමායතී”ති ජානාති, සො සචෙ මං රාජා “කහං භගවා”ති වදෙය්ය, අදන්ධායන්තෙන ආචික්ඛිතුං යුත්තන්ති චරපුරිසෙ පයොජෙත්වා භගවතො නිවාසනට්ඨානං ඤත්වාව විහරති. තස්මා එවමාහ. ආරාමං පාවිසීති බහිනිගමෙ ඛන්ධාවාරං බන්ධාපෙත්වා කාරායනෙන සද්ධිං පාවිසි.
අත්ථිමහාරාජ නුවණැති සෙන්පතියා රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ළෙන්ගතුයයි දනී. ඉදින් ඒ රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ කොහිදැයි කියන්නේ නම් නොපමාව අසන්ට යුතුයයි චරපුරුෂයන් යොදවා භාග්‍යවතුන් වහන්සේ වසන තැන දැනගෙනම වාසය කරති. එනිසා මෙසේ කීය. ආරමං පාවිසි නියම් ගමින් පිට කඳවුරු බැඳ කාරායන සමග පිවිසියේය.
විහාරොති ගන්ධකුටිං සන්ධායාහංසු. ආළින්දන්ති පමුඛං. උක්කාසිත්වාති උක්කාසිතසද්දං කත්වා. අග්ගළන්ති කවාටං. ආකොටෙහීති අග්ගනඛෙන ඊසකං කුඤ්චිකච්ඡිද්දසමීපෙ කොටෙහීති වුත්තං හොති. ද්වාරං කිර අතිඋපරි අමනුස්සා, අතිහෙට්ඨා දීඝජාතිකා කොටෙන්ති. තථා අකොටෙත්වා මජ්ඣෙ ඡිද්දසමීපෙ කොටෙතබ්බං, ඉදං ද්වාරකොට්ටකවත්තන්ති දීපෙන්තා වදන්ති. තත්ථෙවාති භික්ඛූහි වුත්තට්ඨානෙයෙව. ඛග්ගඤ්ච උණ්හීසඤ්චාති දෙසනාමත්තමෙතං,
විහාරො ගඳකිළිය සඳහා කීහ. ආළින්දං ඉදිරිපස උක්කාසිත්වා කාරන හඬක් කොට අග්ගළං කවුළුව ආකොටෙති නිය අගින් දොරකඳ යතුරු සිදුර ළඟට කොටවයි කියන ලද්දේවෙයි. දොර ඉතා ඉහළින් තිබේ. අමනුෂ්‍යයෝ අතිශයින් පහළය, උසමිනිසුන් කොටන්නාක් මෙන් නොකොටා මැද සිදුර ළග කෙටිය යුතුය. මෙය දොර කොටු වතයයි දක්වා කියත්. තත්ථෙව භික්ෂුන් විසින් කියන ලද තන්හිම අසිපතද නළල්පටදැයි මෙය දේශනා මාත්‍රයකි.
වාලබීජනිමුණ්හීසං, ඛග්ගං ඡත්තඤ්චුපාහනං; ඔරුය්හ රාජා යානම්හා, ඨපයිත්වා පටිච්ඡදන්ති. –
වාලවීජනී මුණ්භීසං - ඛග්ගං ජත්තඤ්චුපාහනං ඔරුය්හ රාජා යානම්හා ඨපයිත්වා පටිච්ඡදං
වල්විදුනාව නළල්පට අසිපතද සේසතද මිරිවැඩි සඟලද ඇතිව - රජයානයෙන් බැස ආරක්සාව පිණිස තබා
ආගතානි පන පඤ්චපි රාජකකුධභණ්ඩානි අදාසි. කස්මා පන අදාසීති. අතිගරුනො සම්මාසම්බුද්ධස්ස සන්තිකං උද්ධතවෙසෙන ගන්තුං න යුත්තන්ති ච, එකකොව උපසඞ්කමිත්වා අත්තනො රුචිවසෙන සම්මොදිස්සාමි චාති. පඤ්චසු හි රාජකකුධභණ්ඩෙසු නිවත්තිතෙසු ත්වං නිවත්තාති වත්තබ්බං න හොති, සබ්බෙ සයමෙව නිවත්තන්ති. ඉති ඉමෙහි ද්වීහි කාරණෙහි අදාසි. රහායතීති රහස්සං කරොති නිගූහති. අයං කිරස්ස අධිප්පායො “පුබ්බෙපි අයං රාජා සමණෙන ගොතමෙන සද්ධිං චතුක්කණ්ණමන්තං මන්තෙත්වා මය්හං මාතුලං සද්ධිං ද්වත්තිංසාය පුත්තෙහි ගණ්හාපෙසි, ඉදානිපි චතුක්කණ්ණමන්තං මන්තෙතුකාමො, කච්චි නු ඛො මං ගණ්හාපෙස්සතී”ති. එවං කොපවසෙනස්ස එතදහොසි.
පැමිණි පංචරාජ කකුධභාණ්ඩ දුන්නේය. කුමක්නිසා දුන්නේද? අති ගෞරවනීය සම්මාසම්බුදුන් සමීපයට උඩඟුවෙසින් යාම යුතු නැතැයි තනිවම එළඹ තමාගේ කැමැත්ත වශයෙන් සතුටුවන්නෙමි. පංච කකුධභාණ්ඩ නැවැත්වූ කල්හි ඔබත් නවතුවයි කිවයුතු නොවේ. සියල්ලෝ ඉබේම නවතිති. මෙසේ මේ කරුණු දෙකින් දුන්නේය. රහායති රහස්‍ය කරයි. සඟවයි. මේ ඔහුගේ අදහසයි. පෙරද මේ රජ ශ්‍රමණ ගෞතමයන් සමග පුතුන් තිස් දෙදෙන අල්ලාගත්තේය. දැනුත් සිව්කන් මන්ත්‍රණයක් කරන්ට කැමැත්තේය. මා අල්ලාගන්ටදැයි මෙසේ කෝපවශයෙන් ඔහුට මෙසේ සිතිණ.
විවරි භගවා ද්වාරන්ති න භගවා උට්ඨාය ද්වාරං විවරි, විවරතූති පන හත්ථං පසාරෙසි. තතො – “භගවා තුම්හෙහි අනෙකෙසු කප්පකොටීසු දානං දදමානෙහි න සහත්ථා ද්වාරවිවරණකම්මං කත”න්ති සයමෙව ද්වාරං විවටං. තං පන යස්මා භගවතො මනෙන විවටං, තස්මා “විවරි භගවා ද්වාර”න්ති වත්තුං වට්ටති. විහාරං පවිසිත්වාති ගන්ධකුටිං පවිසිත්වා. තස්මිං පන පවිට්ඨමත්තෙයෙව කාරායනො පඤ්ච රාජකකුධභණ්ඩානි ගහෙත්වා ඛන්ධාවාරං ගන්ත්වා විටටූභං ආමන්තෙසි “ඡත්තං සම්ම උස්සාපෙහී”ති. මය්හං පිතා කිං ගතොති? පිතරං මා පුච්ඡ, සචෙ ත්වං න උස්සාපෙසි, තං ගණ්හිත්වා අහං උස්සාපෙමීති. “උස්සාපෙමි සම්මා”ති සම්පටිච්ඡි. කාරායනො රඤ්ඤො එකං අස්සඤ්ච අසිඤ්ච එකමෙව ච පරිචාරිකං ඉත්ථිං ඨපෙත්වා – “සචෙ රාජා ජීවිතෙන අත්ථිකො, මා ආගච්ඡතූ”ති විටටූභස්ස ඡත්තං උස්සාපෙත්වා තං ගහෙත්වා සාවත්ථිමෙව ගතො.
විචරිභගවා ද්වාරං භාග්‍යවතුන් වහන්සේ නැගිට දොර ඇරියා නොවේ. විවෘතවන්නැයි අත දිගුකළ සේක. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ තොප විසින් නොයෙක් කල්ප කෙළගණන් දන් දෙන කල්හිත් තම අතින් දොර ඇරීම් කාර්යයක් නොකරන ලද්දේයැයි ඉබේම දොර විවරවිය. භාග්‍යවතුන් වහන්සේගේ සිතින් විවරවු බැවින් විවරිභගවා ද්වාරං යැයි කීම වටී. විහාරං පවිසිත්වා ගඳකිළියට පිවිස, ඔහු පිවිසි කෙණහිම කාරායන පංච රාජකකුධභාණ්ඩ ගෙන කඳවුරට ගොස් විඩූඩභ ඇමතීය. යහළුව සේසත ඔසවන්න. මගේ පියා කුමක් කරයිද? පියාගැන නොඅසන්න. ඉදින් ඔබ ඔසවන්නේ නැතිනම් එය ගෙන මම ඔසවන්නෙමි. ඔසවමි යහළුවැයි පිළිගත්තේය. කාරායන රජුට එක් අශ්වයකුද අසිපතද එක් පරිවාර ස්ත්‍රියක ද තබා ඉදින් රජ ජීවිතයට ආසාකරන්නේනම් නොඒවායි කියා විඩූඩභට සේසත ඔසවා ඔහුගෙන සැවැත් නුවරටම ගියේය.
ධම්මන්වයොති පච්චක්ඛඤාණසඞ්ඛාතස්ස ධම්මස්ස අනුනයො අනුමානං, අනුබුද්ධීති අත්ථො. ඉදානි යෙනස්ස ධම්මන්වයෙන “සම්මාසම්බුද්ධො භගවා”තිආදි හොති, තං දස්සෙතුං ඉධ පනාහං, භන්තෙතිආදිමාහ. තත්ථ ආපාණකොටිකන්ති පාණොති ජීවිතං, තං මරියාදං අන්තො කරිත්වා, මරණසමයෙපි චරන්තියෙව, තං න වීතික්කමන්තීති වුත්තං හොති. “අපාණකොටික”න්තිපි පාඨො, ආජීවිතපරියන්තන්ති අත්ථො. යථා එකච්චෙ ජීවිතහෙතු අතික්කමන්තා පාණකොටිකං කත්වා චරන්ති, න එවන්ති අත්ථො. අයම්පි ඛො මෙ, භන්තෙති බුද්ධසුබුද්ධතාය ධම්මස්වාක්ඛාතතාය සඞ්ඝසුප්පටිපන්නතාය ච එතං එවං හොති, එවඤ්හි මෙ, භන්තෙ, අයං භගවති ධම්මන්වයො හොතීති දීපෙති. එසෙව නයො සබ්බත්ථ.
ධම්මන්වයො ප්රත්යවේක්ෂා ඥාන සංඛ්‍යාත ධර්මයෙහි අන්වය අනුමානය, අනුබුද්ධිය යන අර්ථයි. දැන් උන්වහන්සේ ධර්මඅන්වයෙන් සම්මා සම්බුදුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ ආදිය වෙයි. එය දක්වන්නට ඉදානිභන්තො ආදිය කීය. එහි ආපාණ කොටිකං පණ කෙළවරතෙක්, ජීවිතාවසානය ඇතුළත් කොට මරණ සමයෙහිද හැසිරෙත්මය. ඉක්මවා නොයන්නේයැයි කියන ලදී. ආනාපාන කොටිකං - ආශ්වාස ප්‍රශ්වාස කෙළවර කොට ඇති - යනුවෙන්ද පාඨයක් ඇත. ජීවිත අවසානය දක්වා යන අර්ථයි. යම්සේ ඇතැම්හු ජීවිතය සඳහා ඉක්මවා යන්නාහු පණ කෙළවර කොට නොහැසිරෙත්. එසේ නොවේ යන අර්ථයි. අයම්පි ඛො මෙ භන්තෙ බුදුන් සුබුද්ධ හෙයින්, ධර්මය ස්වක්ඛාත හෙයින් සංඝයා සුපටිපන්න හෙයින්ද මෙය මෙසේ වෙයි. මෙසේ ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්ම අන්වය වෙතියි දක්වයි. සියලු තැන මේ ක්‍රමය මැයි.
න විය මඤ්ඤෙ චක්ඛුං බන්ධන්තෙති චක්ඛුං අබන්ධන්තෙ විය. අපාසාදිකඤ්හි දිස්වා පුන ඔලොකනකිච්චං න හොති, තස්මා සො චක්ඛුං න බන්ධති නාම. පාසාදිකං දිස්වා පුනප්පුනං ඔලොකනකිච්චං හොති, තස්මා සො චක්ඛුං බන්ධති නාම. ඉමෙ ච අපාසාදිකා, තස්මා එවමාහ. බන්ධුකරොගො නොති කුලරොගො. අම්හාකං කුලෙ ජාතා එවරූපා හොන්තීති වදන්ති. උළාරන්ති මහෙසක්ඛං. පුබ්බෙනාපරන්ති පුබ්බතො අපරං විසෙසං. තත්ථ කසිණපරිකම්මං කත්වා සමාපත්තිං නිබ්බත්තෙන්තො උළාරං පුබ්බෙ විසෙසං සඤ්ජානාති නාම, සමාපත්තිං පදට්ඨානං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං ගණ්හන්තො උළාරං පුබ්බතො අපරං විසෙසං සඤ්ජානාති නාම.
න විය මඤ්ඤෙ චක්ඛුං බන්ධන්තෙ ඇස් නොබඳින්නාක් මෙන් ප්‍රසන්න නොවූවන් දෙස බලා නැවත බැලීමක් නොවේ. ඒ නිසා ඇස නොබඳී නම්වේ. ප්‍රසන්න වූවකු දෙසබලා නැවත නැවත බැලීමක් සිදුවෙයි. ඒ නිසා ඇස්බඳී නම් මෙයම අප්‍රසන්න බවය ඒ නිසා මෙසේ කීය. බන්ධුක රොගො නො කුලරෝගය අපගේ කුලයෙහි උපන්නෝ මෙසේ වෙතියි කියත්. උළාරං මහෙශාඛ්‍ය, පුබ්බෙනාපරං පෙරින් පසුවට එහි කිසුණු පිරියම්කොට සමවත් නිපදවන්නේ උදාරවූ පුර්ව විශේෂය හඳුනාගනීනමි
ඝාතෙතායං වා ඝාතෙතුන්ති ඝාතෙතබ්බයුත්තකං ඝාතෙතුං. ජාපෙතායං වා ජාපෙතුන්ති ධනෙන වා ජාපෙතබ්බයුත්තකං ජාපෙතුං ජානිතුං අධනං කාතුං. පබ්බාජෙතායං වා පබ්බාජෙතුන්ති රට්ඨතො වා පබ්බාජෙතබ්බයුත්තකං පබ්බාජෙතුං.
ඝාතෙ තායං වාසාතෙතුං ඝාතනය කළයුතු පුද්ගලයා ඝාතනය කරන්ට ජාපෙතායං ජාපෙතුං ධනයෙන් හෝ පිරිහෙළන්ට යුතු පුද්ගලයා පිරිහෙළන්ට දැනගන්ට නිර්ධනකරන්ට පබ්බාජෙතුං රටින් පිටුවහල් කළයුතු පුද්ගලයන් පිටුවහල්කරන්ට
ඉසිදත්තපුරාණාති ඉසිදත්තො ච පුරාණො ච. තෙසු එකො බ්‍රහ්මචාරී, එකො සදාරසන්තුට්ඨො. මමභත්තාති මම සන්තකං භත්තං එතෙසන්ති මමභත්තා. මමයානාති මම සන්තකං යානං එතෙසන්ති මමයානා. ජීවිකාය දාතාති ජීවිතවුත්තිං දාතා. වීමංසමානොති උපපරික්ඛමානො. තදා කිර රාජා නිද්දං අනොක්කන්තොව ඔක්කන්තො විය හුත්වා නිපජ්ජි. අථ තෙ ථපතයො “කතරස්මිං දිසාභාගෙ භගවා”ති පුච්ඡිත්වා “අසුකස්මිං නාමා”ති සුත්වා මන්තයිංසු – “යෙන සම්මාසම්බුද්ධො, තෙන සීසෙ කතෙ රාජා පාදතො හොති. යෙන රාජා, තෙන සීසෙ කතෙ සත්ථා පාදතො හොති, කිං කරිස්සාමා”ති? තතො නෙසං එතදහොසි – “රාජා කුප්පමානො යං අම්හාකං දෙති, තං අච්ඡින්දෙය්ය. න ඛො පන මයං සක්කොම ජානමානා සත්ථාරං පාදතො කාතු”න්ති රාජානං පාදතො කත්වා නිපජ්ජිංසු. තං සන්ධාය අයං රාජා එවමාහ.
ඉසිදත්තපුරාණා ඉසිදත්තද පුරාණද, මොවුන් ගෙන් එකෙක් බ්‍රහ්මචාරීය එකෙක් අඹුවගෙන් සතුටු වන්නෙකි. මමභත්තා මට අයිති සැමියා ඔවුන්ගේනුයි මමභතතා මමයානා මට අයිති යානය ඔවුන්ගේ නුයි මමයානං නමි ජීවිකංදාතා ජීවනවෘත්තිය දෙන්නා වීමංසමානො පරික්ෂාකරමින් එකල්හි රජ නින්දට නොයන්නේම නින්දට ගියාක්මෙන් වී වැදහොත්තේය. ඉක්බිති ඒ නිලධාරීහු භාග්‍යවතුන් වහන්සේ කුමන දිශාභාගයකදැයි විචාරා අසුවල් දිසාභාගයෙහියයි අසා මන්ත්‍රණය කළහ. යම්තැනක භාග්‍යවතුන් වහන්සේ වෙසෙත්ද එදෙසට හිස හැරවූ කල්හි රජ පා පැත්තේ වෙයි. රජ යම් දෙසකද එදෙසට හිස හැරවූ කල්හි ශාස්තෲන් වහන්සේ පා පැත්තේ වෙයි. කුමක් කරන්නෙමුද, ඉක්බිති ඔවුන්ට මෙසේ සිතිණ. රජ කුපිත වී යමක් අපට දේද එය සිඳිනු ඇත. එවිට දැන දැන ශාස්තෲන් වහන්සේ පාපැත්තට කිරීමට නොහැක්කෙමුයි රජු පා පැත්තට කර වැද හොත්තාහුය. ඒ සඳහා මේ රජ මෙසේ කීය.
පක්කාමීති ගන්ධකුටිතො නික්ඛමිත්වා කාරායනස්ස ඨිතට්ඨානං ගතො, තං තත්ථ අදිස්වා ඛන්ධාවාරට්ඨානං ගතො, තත්ථාපි අඤ්ඤං අදිස්වා තං ඉත්ථිං පුච්ඡි. සා සබ්බං පවත්තිං ආචික්ඛි. රාජා – “න ඉදානි මයා එකකෙන තත්ථ ගන්තබ්බං, රාජගහං ගන්ත්වා භාගිනෙය්යෙන සද්ධිං ආගන්ත්වා මය්හං රජ්ජං ගණ්හිස්සාමී”ති රාජගහං ගච්ඡන්තො අන්තරාමග්ගෙ කණාජකභත්තඤ්චෙව භුඤ්ජි, බහලඋදකඤ්ච පිවි. තස්ස සුඛුමාලපකතිකස්ස ආහාරො න සම්මා පරිණාමි. සො රාජගහං පාපුණන්තොපි විකාලෙ ද්වාරෙසු පිහිතෙසු පාපුණි. “අජ්ජ සාලායං සයිත්‍වා ස්වෙ මය්හං භාගිනෙය්‍යං පස්සිස්සාමී”ති බහිනගරෙ සාලාය නිපජ්ජි. තස්ස රත්තිභාගෙ උට්ඨානානි පවත්තිංසු, කතිපයවාරෙ බහි නික්ඛමි. තතො පට්ඨාය පදසා ගන්තුං අසක්කොන්තො තස්සා ඉත්ථියා අඞ්කෙ නිපජ්ජිත්වා බලවපච්චූසෙ කාලමකාසි. සා තස්ස මතභාවං ඤත්වා – “ද්වීසු රජ්ජෙසු රජ්ජං කාරෙත්වා ඉදානි පරස්ස බහිනගරෙ අනාථසාලාය අනාථකාලකිරියං කත්වා නිපන්නො මය්හං සාමි කොසලරාජා”තිආදීනි වදමානා උච්චාසද්දෙන පරිදෙවිතුං ආරභි. මනුස්සා සුත්වා රඤ්ඤො ආරොචෙසුං. රාජා ආගන්ත්වා දිස්වා සඤ්ජානිත්වා ආගතකාරණං ඤත්වා මහාපරිහාරෙන සරීරකිච්චං කරිත්වා “විටටූභං ගණ්හිස්සාමී”ති භෙරිං චරාපෙත්වා බලකායං සන්නිපාතෙසි. අමච්චා පාදෙසු පතිත්වා – “සචෙ, දෙව, තුම්හාකං මාතුලො අරොගො අස්ස, තුම්හාකං ගන්තුං යුත්තං භවෙය්ය, ඉදානි පන විටටූභොපි තුම්හෙ නිස්සාය ඡත්තං උස්සාපෙතුං අරහතියෙවා”ති සඤ්ඤාපෙත්වා නිවාරෙසුං.
පක්කාමි ගඳකිළියෙන් නික්ම කාරායන සිටිතැනට ගියේය. ඔහු එහි නොදැක කඳවුර තිබුණු තැනට ගියේය. එහිද අන්කිසිවකු නොදැක ඒ ස්ත්‍රිය ගෙන් ඇසීය. ඈ ඒ සියලු පුවත් කීවාය. රජ දැන් මා විසින් ඒකාන්තයෙන් එහි නොයා යුතුය. රජගහ නුවරට ගොස් බෑණා සමග අවුත් මාගේ රාජ්‍යය ගන්නෙමියි රජගහනුවරට යන්නේ අතරමගදී කඩහාල් බත්ම අනුභව කළේය. බොහෝ ජලයද බීවේය. සියුමැලි ප්‍රකෘති ඇති බැවින් ආහාර මනාසේ දිරවූයේ නැත. හේ රජගහ නුවර පැමිණෙන්නේ නොකල්හි දොරවල් වැසුවිට පැමිණියේය. අද ශාලාවෙහි නිදා හෙට මාගේ බෑණා දකින්නෙමියි පිට නුවර ශාලාවෙහි වැද හොත්තේය. ඔහුට රාත්‍රිකාලයෙහි නැගිමට සිදුවිය. කිහිපවරක් පිටතට නික්මගියේය. එතැන් පටන් පාගමනින් යන්ට නොහැක්කේ ඒ ස්ත්‍රියගේ උකුලෙහි වැදහෙව ඉතා උදෑසන කලුරිය කළේය. අද ඔහු මළ බව දැන රටවල් දෙකක රජකම් කරවා දැන් පිටනුවර අනුන්ගේ ශාලාවක අනාථයකු ලෙස කලුරිය කොට වැදහොත්තේය. මාගේ ස්වාමීවූ කොසොල් - රජ්ජුරුවෝ යැයි ආදිය කියමින් මහ හඩින් වැළපෙන්නට ආරම්භ කළාය. මිනිස්සු අසා රජුට දැන්වූහ. රජ පැමිණ දැක හැඳින ආකරුණ අසා මහත් පෙරහරින් සිරුර ආදාහනය කරවා විඩූඪභ අල්ලා ගන්නෙමියි බෙරහසුරුවා බලකාය රැස්කරවීය. ඇමතියෝ පාමුල වැටී දේවයන් වහන්ස ඉදින් ඔබතුමාගේ මාමා නිරෝගී නම්, ඔබ වහන්සේ ඔහුවෙත යාම සුදුසුය. දැන් විඩූඪහද ඔබ වහන්සේ නිසා සේසත් නැංවීමට සුදුසු යැයි හඟවා වැළැක්වූහ.
ධම්මචෙතියානීති ධම්මස්ස චිත්තීකාරවචනානි. තීසු හි රතනෙසු යත්ථ කත්ථචි චිත්තීකාරෙ කතෙ සබ්බත්ථ කතොයෙව හොති, තස්මා භගවති චිත්තීකාරෙ කතෙ ධම්මොපි කතොව හොතීති භගවා “ධම්මචෙතියානී”ති ආහ. ආදිබ්රහ්මචරියකානීති මග්ගබ්රහ්මචරියස්ස ආදිභූතානි, පුබ්බභාගපටිපත්තිභූතානීති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
ධම්ම චෙතියානි ධර්මයට විසිතුරු වචන ඇත. තෙරුවන් අතර යම් තැනක විසිතුරක් කළවිට සියලු තැන කළානම් වන්නේය. ඒනිසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විසිතුරක් කළවිට ධර්මයෙහිද කළානම් වන්නේයැයි භාග්‍යවතුන් වහන්සේ ධම්ම චෙතියයැයි කීසේක. ආදිබ්‍රහ්ම චරිකානි මාර්ග බ්‍රහ්ම චර්යයට මුල්වූ පුර්වභාග ප්‍රතිපත්ති වූ යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ධම්මචෙතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
නවවැනි ධම්මචෙතිය සුත්‍රයයි