යෙදුමෙන් කියවන්න

කණ‍්ණකත්‍ථලසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

කණ‍්ණකත්‍ථලසුත‍්තවණ‍්ණනා

කණ්ණකත්ඵල සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති කණ‍්ණකත්‍ථලසුත‍්තං. තත්‍ථ උරුඤ‍්ඤායන‍්ති උරුඤ‍්ඤාති තස‍්ස රට‍්ඨස‍්සපි නගරස‍්සපි එතදෙව නාමං, භගවා උරුඤ‍්ඤානගරං උපනිස‍්සාය විහරති. කණ‍්ණකත්‍ථලෙ මිගදායෙති තස‍්ස නගරස‍්ස අවිදූරෙ කණ‍්ණකත්‍ථලං නාම එකො රමණීයො භූමිභාගො අත්‍ථි, සො මිගානං අභයත්‍ථාය දින‍්නත‍්තා මිගදායොති වුච‍්චති, තස‍්මිං කණ‍්ණකත්‍ථලෙ මිගදායෙ. කෙනචිදෙව කරණීයෙනාති න අඤ‍්ඤෙන, අනන‍්තරසුත‍්තෙ වුත‍්තකරණීයෙනෙව. සොමා ච භගිනී සකුලා ච භගිනීති ඉමා ද‍්වෙ භගිනියො රඤ‍්ඤො පජාපතියො. භත‍්තාභිහාරෙති භත‍්තං අභිහරණට‍්ඨානෙ. රඤ‍්ඤො භුඤ‍්ජනට‍්ඨානඤ‍්හි සබ‍්බාපි ඔරොධා කටච‍්ඡුආදීනි ගහෙත්‍වා රාජානං උපට‍්ඨාතුං ගච‍්ඡන‍්ති, තාපි තථෙව අගමංසු.

එවම්මෙසුතං යනු කණ්ණකත්‍ථල සුත්‍රයයි එහි උජුඤ්ඤායං උජුඤ්ඤා යනු ඒරටටද නගරයටද එම නමමය. භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නගරය නිසා වාසයකරන සේක. කණ්ණකත්‍ථලෙ මිගදායෙ ඒ නගරය නුදුරෙහි කණ්ණකත්‍ථල නම් එක් රමණීය භූමිභාගයක් ඇත. මුවන්ගේ අභය භූමියක් ලෙසින් දුන් බැවින් මිගදාය යැයි කියනු ලැබේ. ඒ කණ්ණකත්‍ථල මුවවනයෙහි කෙනචිදෙව කරණීයෙන අනන්තර සුත්‍රයෙහි කියු කටයුත්තක් සඳහා මිස අන් කරුණකින් නොවේ. සොමාච භගිනී සකුලාච භගිනී මේ දෙසෝවිරියෝ රජුගේ බිසෝ වරුය. භත්තාභිහාරෙති බත් බෙදන තැන. රජුට උපස්ථාන කිරීමටයති. ඔවුහුද එසේම ගියහ.

කිං පන, මහාරාජාති කස‍්මා එවමාහ? රඤ‍්ඤො ගරහපරිමොචනත්‍ථං. එවඤ‍්හි පරිසා චින‍්තෙය්‍ය – “අයං රාජා ආගච‍්ඡමානොව මාතුගාමානං සාසනං ආරොචෙති, මයං අත‍්තනො ධම‍්මතාය භගවන‍්තං දට‍්ඨුං ආගතොති මඤ‍්ඤාම, අයං පන මාතුගාමානං සාසනං ගහෙත්‍වා ආගතො, මාතුගාමදාසො මඤ‍්ඤෙ, එස පුබ‍්බෙපි ඉමිනාව කාරණෙන ආගච‍්ඡතී”ති. පුච‍්ඡිතො පන සො අත‍්තනො ආගමනකාරණං කථෙස‍්සති, එවමස‍්ස අයං ගරහා න උප‍්පජ‍්ජිස‍්සතීති ගරහමොචනත්‍ථං එවමාහ.

කිංපන මහාරාජ කුමක්නිසා මෙසේ කීවේද? රජුට සිදුවන ගර්හාවෙන් මුදවනු පිණිස. පිරිස මෙසේ සිතන්නේය. මේ රජතුමා එන ගමන්ම ගැහැණුන්ට හසුන දැන්වීය. අපි තමාගේ ස්වභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ දැකීමට ආවේ වනැයි සිතමු. මොහු ගැහැණුන්ගේ පණිවිඩ ගෙන ආවේය. ගෑණු දාසයෙකැයි සිතෙයි. මොහු පෙරද මෙකරුණින්ම එන්නේ දැයි විචාරන ලද්දේ හේ තමා ආකරුණ කියන්නේය. මෙසේ ඔහුට මේ ගර්හාව නූපදින්නේයැයි ගර්හාවෙන් මුදනු පිණිස මෙසේ කීය.

අබ‍්භුදාහාසීති කථෙසි. සකිදෙව සබ‍්බං උස‍්සති සබ‍්බං දක‍්ඛිතීති යො එකාවජ‍්ජනෙන එකචිත‍්තෙන අතීතානාගතපච‍්චුප‍්පන‍්නං සබ‍්බං උස‍්සති වා දක‍්ඛිති වා, සො නත්‍ථීති අත්‍ථො. එකෙන හි චිත‍්තෙන අතීතං සබ‍්බං ජානිස‍්සාමීති ආවජ‍්ජිත්‍වාපි අතීතං සබ‍්බං ජානිතුං න සක‍්කා, එකදෙසමෙව ජානාති. අනාගතපච‍්චුප‍්පන‍්නං පන තෙන චිත‍්තෙන සබ‍්බෙනෙව සබ‍්බං න ජානාතීති. එස නයො ඉතරෙසු. එවං එකචිත‍්තවසෙනායං පඤ‍්හො කථිතො. හෙතුරූපන‍්ති හෙතුසභාවං කාරණජාතිකං. සහෙතුරූපන‍්ති සකාරණජාතිකං. සම‍්පරායිකාහං, භන‍්තෙති සම‍්පරායගුණං අහං, භන‍්තෙ, පුච‍්ඡාමි.

අබ්භූ දාහාස කීය. සකිදෙව සබ්බං ඤස්සති සබ්බං දක්‍ඛීති යමෙක් එක් ආවර්ජනයකින්ම එක් සිතකින්ම එක් ජවනයකින්ම අතීත අනාගත වර්තමාන සියලුදේ දනීද හෝ දකීද එබන්දෙක් නැත යන අර්ථයි. එක්සිතකින්ම අතීතවූ සියල්ල දන්නෙමියි ආවර්ජනාකොටද අතීත වූ සියල්ල දැනගන්ට නොහැකිය. ඒකදේශයක් පමණක් දනී. අනාගත වර්තමාන වූදේ ඒ සිතෙන්ම සියල්ල නොදනී. ඉතිරි තන්හිද මේ ක්‍රමයයි. මෙසේ ඒකචිත්ත වශයෙන් මේ ප්‍රශ්නය කියන ලද්දේය. හේතුරූපං හේතුවේ ස්වභාවය, කරුණට මුල් වූ දෙය සහෙතුරූපං කරුණු සහිතවු දෙය, සම්පරායිකාහං භන්තෙ ස්වාමීනි, මම පරලොව ගුණ අසමි.

පඤ‍්චිමානීති ඉමස‍්මිං සුත‍්තෙ පඤ‍්ච පධානියඞ‍්ගානි ලොකුත‍්තරමිස‍්සකානි කථිතානි. කථිනඞ‍්ගණවාසීචූළසමුද‍්දත්‍ථෙරො පන “තුම‍්හාකං, භන‍්තෙ, කිං රුච‍්චතී”ති වුත‍්තෙ “මය‍්හං ලොකුත‍්තරානෙවාති රුච‍්චතී”ති ආහ. පධානවෙමත‍්තතන‍්ති පධානනානත‍්තං. අඤ‍්ඤාදිසමෙව හි පුථුජ‍්ජනස‍්ස පධානං, අඤ‍්ඤාදිසං සොතාපන‍්නස‍්ස, අඤ‍්ඤාදිසං සකදාගාමිනො, අඤ‍්ඤාදිසං අනාගාමිනො, අඤ‍්ඤාදිසං අරහතො, අඤ‍්ඤාදිසං අසීතිමහාසාවකානං, අඤ‍්ඤාදිසං ද‍්වින‍්නං අග‍්ගසාවකානං, අඤ‍්ඤාදිසං පච‍්චෙකබුද‍්ධානං, අඤ‍්ඤාදිසං සබ‍්බඤ‍්ඤුබුද‍්ධානං. පුථුජ‍්ජනස‍්ස පධානං සොතාපන‍්නස‍්ස පධානං න පාපුණාති…පෙ… පච‍්චෙකබුද‍්ධස‍්ස පධානං සබ‍්බඤ‍්ඤුබුද‍්ධස‍්ස පධානං න පාපුණාති. ඉමමත්‍ථං සන්‍ධාය “පධානවෙමත‍්තතං වදාමී”ති ආහ. දන‍්තකාරණං ගච‍්ඡෙය්‍යුන‍්ති යං අකූටකරණං, අනවච‍්ඡින්‍දනං, ධුරස‍්ස අච‍්ඡින්‍දනන‍්ති දන‍්තෙසු කාරණං දිස‍්සති, තං කාරණං උපගච‍්ඡෙය්‍යුන‍්ති අත්‍ථො. දන‍්තභූමින‍්ති දන‍්තෙහි ගන‍්තබ‍්බභූමිං. අස‍්සද‍්ධොතිආදීසු පුථුජ‍්ජනසොතාපන‍්නසකදාගාමිඅනාගාමිනො චත‍්තාරොපි අස‍්සද‍්ධා නාම. පුථුජ‍්ජනො හි සොතාපන‍්නස‍්ස සද‍්ධං අප‍්පත‍්තොති අස‍්සද‍්ධො, සොතාපන‍්නො සකදාගාමිස‍්ස, සකදාගාමී අනාගාමිස‍්ස, අනාගාමී අරහතො සද‍්ධං අප‍්පත‍්තොති අස‍්සද‍්ධො, ආබාධො අරහතොපි උප‍්පජ‍්ජතීති පඤ‍්චපි බහ‍්වාබාධා නාම හොන‍්ති. අරියසාවකස‍්ස පන සඨො මායාවීති නාමං නත්‍ථි. තෙනෙව ථෙරො – “පඤ‍්ච පධානියඞ‍්ගානි ලොකුත‍්තරානි කථිතානීති මය‍්හං රුච‍්චතී”ති ආහ. අස‍්සඛළුඞ‍්කසුත‍්තන‍්තෙ පන – “තයො ච, භික‍්ඛවෙ, අස‍්සඛළුඞ‍්කෙ තයො ච පුරිසඛළුඞ‍්කෙ දෙසෙස‍්සාමී”ති (අ· නි· 3.141) එත්‍ථ අරියසාවකස‍්සාපි සම‍්බොධිනාමං ආගතං, තස‍්ස වසෙන ලොකුත‍්තරමිස‍්සකා කථිතාති වුත‍්තං. පුථුජ‍්ජනො පන සොතාපත‍්තිමග‍්ගවීරියං අසම‍්පත‍්තො…පෙ… අනාගාමී අරහත‍්තමග‍්ගවීරියං අසම‍්පත‍්තොති කුසීතොපි අස‍්සද‍්ධො විය චත‍්තාරොව හොන‍්ති, තථා දුප‍්පඤ‍්ඤො.

පඤ්චිමානි මේ සුත්‍රයෙහි ලෞකික හා ලෝකෝත්තර මිශ්‍ර ප්‍රධාන අංග පසක් කියන ලදී. ගවිලඞ්ගණ වාසී චූලසමුද්ද තෙරුන් වහන්සේ, ස්වාමීනි ඔබවහන්සේට කුමක් රුචිදැයි විමසූ කල්හි මට ලෝකෝත්තර ගුණම රුචියයි කීහ. පධාන වෙමත්තං ප්‍රධාන නානාත්වය පෘථග්ජනයාගේ ප්‍රධානය අන්අයට අසමානය. සෝවාන් වූවහුගේ අසමානය. සකෘදාගාමීහුගේ අසමානය. අනාගාමීහුගේ අසමානය. රහතන් වහන්සේගේ අසමානය. අසූමහ සව්වන්ගේ අසමානය. අගසව්වන් දෙදෙනාත් අසමානය. පසේ බුදුවරුන්ගේ අසමානය සර්වඥ බුදුවරුන්ගේ අසමානය. පෘථක් ජනයාගේ ප්‍රධානය සෝවාන් වූ ඔහුගේ ප්‍රධානයට නොපැමිණේ -පෙ- පසේ බුදුවරුන්ගේ ප්‍රධානය සර්වඥ බුදුකෙනෙකුගේ ප්‍රධාතයට නොපැමිණේ. මේ අර්ථය සඳහා ප්‍රධාන නානාත්වය කියමියි කියුසේක. දන්තකාරණං ගච්ඡෙයසුං කුට නොවු කරුණ නොකැඩෙන කරුණයි. ධුරය ඉවතනොලන දැමුණවුන් අතර කරුණක් දක්නට ලැබේද ඒ කරුණට යායුතුය යන අර්ථයි. දන්තභූමිං දමුණවුන් විසින් යා යුතු භූමිය. අස්සද්ධො ආදී තන්හි පෘථග්ජන සෝතාපන්න සකෘදාගාමී අනාගාමී යන සිව්දෙන අස්සද්ධ නම්වෙති. පෘථක් ජනයා සෝවාන් වූවහුගේ ශ්‍රද්ධාවට නොපැමිණියේනුයි. අස්සද්ධ නම්වේ. සෝතාපන්නයා සකෘදාගාමීහුගේ ශ්‍රද්ධාවට නොපැමිණියේනුයි අස්සද්ධ නමි. සකෘදාගාමියා අනාගාමියාගේ ශ්‍රද්ධාවට නොපැමිණියේ නුයි අස්සද්ධ නමි. අනාගාමියා රහත්වූවහුගේ ශ්‍රද්ධාවට නොපැමිණියේනුයි අස්සද්ධ නමි. ආබාධො අරහතො වි උප්පජ්ජති රෝගාබාධ පහවෙයි. ආර්ය ශ්‍රාවකයාට සඨ මායාවී යන නම් නැත. ඒනිසාම තෙරුන් වහන්සේ කියන ලද ලෝකෝත්තර ප්‍රධානාංග පස මට රුචි වෙතියි කීහ. අස්සඛලුඞ්ක සූත්‍රාන්තයෙහි මහණෙනි අස්සඛලුඞ්කයෙහි තුනක්ද පුරිසඛලුඞ්කයෙහි තුනක්ද දේශනා කරන්නෙමි, මෙහි ආර්ය ශ්‍රාවකයාටද සඨයැයි නමක් ආයේය. ඒ වශයෙන් ලෝකෝත්තර මිශ්‍රක කියන ලදැයි කියන ලදී. පෘථක් ජනයා වනාහි සෝතාපත්ති මාර්ග වීර්යට නොපැමිණියේ -පෙ- අනාගාමි මාර්ග වීර්යයට, අර්හත් මාර්ග වීර්යයට නොපැමිණියේ වෙයි. කුසීතයාද අස්සදධයා මෙන් යැයි කියන්නෝ වෙති. නුවණ පුද්ගලයාද එසේය.

එවං පනෙත්‍ථ ඔපම‍්මසංසන්‍දනං වෙදිතබ‍්බං – අදන‍්තහත්‍ථිආදයො විය හි මග‍්ගපධානරහිතො පුග‍්ගලො. දන‍්තහත්‍ථිආදයො විය මග‍්ගපධානවා. යථා අදන‍්තා හත්‍ථිආදයො කූටාකාරං අකත්‍වා අවිච‍්ඡින්‍දිත්‍වා ධුරං අපාතෙත්‍වා දන‍්තගමනං වා ගන‍්තුං දන‍්තභූමිං වා පත‍්තුං න සක‍්කොන‍්ති, එවමෙවං මග‍්ගපධානරහිතො මග‍්ගපධානවතා පත‍්තබ‍්බං පාපුණිතුං නිබ‍්බත‍්තෙතබ‍්බං ගුණං නිබ‍්බත‍්තෙතුං න සක‍්කොති. යථා පන දන‍්තහත්‍ථිආදයො කූටාකාරං අකත්‍වා අවිච‍්ඡින්‍දිත්‍වා ධුරං අපාතෙත්‍වා දන‍්තගමනං වා ගන‍්තුං දන‍්තභූමිං වා පත‍්තුං සක‍්කොන‍්ති, එවමෙවං මග‍්ගපධානවා මග‍්ගපධානවතා පත‍්තබ‍්බං පාපුණිතුං නිබ‍්බත‍්තෙතබ‍්බං ගුණං නිබ‍්බත‍්තෙතුං සක‍්කොති. ඉදං වුත‍්තං හොති – “සොතාපත‍්තිමග‍්ගපධානවා සොතාපත‍්තිමග‍්ගපධානවතා පත‍්තොකාසං පාපුණිතුං නිබ‍්බත‍්තෙතබ‍්බං ගුණං නිබ‍්බත‍්තෙතුං සක‍්කොති…පෙ… අරහත‍්තමග‍්ගපධානවා අරහත‍්තමග‍්ගපධානවතා පත‍්තොකාසං පාපුණිතුං නිබ‍්බත‍්තෙතබ‍්බං ගුණං නිබ‍්බත‍්තෙතුං සක‍්කොතී”ති.

මෙහි උපමා සන්සන්දනය මෙසේ දතයුතුයි. මාර්ග ප්‍රධාන රහිත පුද්ගලයා නොදැමුණු ආදීන් මෙනි. මාර්ග ප්‍රධාන ඇත්තා දැමුණු ඇත් ආදීන් මෙනි. යම්සේ නොදැමුණු ඇත් ආදීහු කුළු බවක් නොදක්වා නොකඩවා ධුරය නොහළා දැමුණු ගමනක් යන්ට හෝ දැමුණු බිමකට පැමිණීමට හෝ නොහැකි වෙත්ද, මෙසේම මාර්ග ප්‍රධාන රහිත පුද්ගලයා මාර්ග ප්‍රධාන ඇත්තකු විසින් පැමිණිය යුත්තක් පමුණුවන්ට ඉපදවියයුතු ගුණයක් උපදවන්ට නොහැක්කේද, යම්සේ දමුණු ඇත් ආදීහු කුළුබවක් නොදක්වා නොකඩවා ධුර නෙහෙළා දමුණු ගමනක් යන්ට හෝ දැමුණු බිමකට පැමිණීමට හෝ හැකිවෙත්ද මෙම මාර්ගප්‍රධාන ඇත්තා පැමිණිය යුත්තක් පමුණුවන්ට ඉපදවිය යුතු ගුණයක් උපදවන්ට හැක්කේද, මෙය කියන ලද්දේය. සෝතාපත්ති මාර්ග ප්‍රධාන ඇත්තා සෝතාපත්ති මාර්ග ප්‍රධාන ඇත්තකු විසින් පැමිණි අවකාශයට පැමිණීමට, ඉපදවූ ගුණයක් ඉපදවීමට, හැකිවේද -පෙ- අර්හත් මාර්ග ප්‍රධාන ඇත්තා අර්හත් මාර්ග ප්‍රධාන ඇත්තකු විසින් පැමිණි අවකාශයට පැමිණීමට ඉපදවූගුණයක් ඉපදීවීමට හැක්කේය.

සම‍්මප‍්පධානාති මග‍්ගපධානෙන සම‍්මප‍්පධානා. න කිඤ‍්චි නානාකරණං වදාමි යදිදං විමුත‍්තියා විමුත‍්තින‍්ති යං එකස‍්ස ඵලවිමුත‍්තියා ඉතරස‍්ස ඵලවිමුත‍්තිං ආරබ‍්භ නානාකරණං වත‍්තබ‍්බං සියා, තං න කිඤ‍්චි වදාමීති අත්‍ථො. අච‍්චියා වා අච‍්චින‍්ති අච‍්චියා වා අච‍්චිම‍්හි. සෙසපදද‍්වයෙපි එසෙව නයො, භුම‍්මත්‍ථෙ හි එතං උපයොගවචනං. කිං පන ත්‍වං, මහාරාජාති, මහාරාජ, කිං ත්‍වං? “සන‍්ති දෙවා චාතුමහාරාජිකා, සන‍්ති දෙවා තාවතිංසා…පෙ… සන‍්ති දෙවා පරනිම‍්මිතවසවත‍්තිනො, සන‍්ති දෙවා තතුත‍්තරි”න‍්ති එවං දෙවානං අත්‍ථිභාවං න ජානාසි, යෙන එවං වදෙසීති. තතො අත්‍ථිභාවං ජානාමි, මනුස‍්සලොකං පන ආගච‍්ඡන‍්ති නාගච‍්ඡන‍්තීති ඉදං පුච‍්ඡන‍්තො යදි වා තෙ, භන‍්තෙතිආදිමාහ. සබ්‍යාබජ‍්ඣාති සදුක‍්ඛා, සමුච‍්ඡෙදප‍්පහානෙන අප‍්පහීනචෙතසිකදුක‍්ඛා. ආගන‍්තාරොති උපපත‍්තිවසෙන ආගන‍්තාරො. අබ්‍යාබජ‍්ඣාති සමුච‍්ඡින‍්නදුක‍්ඛා. අනාගන‍්තාරොති උපපත‍්තිවසෙන අනාගන‍්තාරො.

සම්මප්පධානානි මාර්ග ප්‍රධානයෙන් සම්‍යක් ප්‍රධානයට විවිධත්වයක් කුමටදැයි (කියමි) යදිදං විමුත්තියා විමුත්තිං එකකුගේ ඵලවිමුක්තියෙන් අනිකාගේ ඵලවිමුක්තිය අරබයා විවිධත්වය කියයුතු වන්නේනම් කිසිවක් නොකියමි යන අර්ථයි. අච්චියාවා අච්චිං ගිනිදලුවෙන් ගිනිදැල්ලෙහි සෙසුපද දෙකෙහිද මේ ක්‍රමය මැයි. අවධි අර්ථයෙහි දුතියා වචනයි. කිංපනත්‍වං මහාරාජ මහරජ, ඔබ මෙසේ චාතුර්මහාරාජික දෙවියන් ඇති බව, තාවතිංස දෙවියන් ඇතිබව -පෙ- පරනිර්මිත වශවර්ති දෙවියන් ඇතිබව ඊටත් ඉහළින් දෙවියන් ඇතිබව නොදන්නෙහිද? ඉන්පසු ඇතිබව දනිමි. මනුෂ්‍ය ලෝකයට එන්නෝද නොඑන්නෝදැයි අසන්නේ යදිවා තෙ භන්තෙ ආදිය කීය. සව්‍යාපජ්ඣා දුක්සහිත වූවාහු සමුවිඡේදප්‍රහාණයෙන් (හීනනොවු) චෛතසික දුක්‍ඛය ආගන්තාරො උපපත්ති වශයෙන් පැමිණෙන්නෝ. (අබ්‍යාපජ්ඣා යනු සිඳ දැමූ දුක් ඇත්තෝ, ආගන්තාරො උප්පත්ති වශයෙන් නො එන්නෝ,

පහොතීති සක‍්කොති. රාජා හි පුඤ‍්ඤවන‍්තම‍්පි ලාභසක‍්කාරසම‍්පන‍්නං යථා න කොචි උපසඞ‍්කමති, එවං කරොන‍්තො තම‍්හා ඨානා චාවෙතුං සක‍්කොති. තං අපුඤ‍්ඤවන‍්තම‍්පි සකලගාමං පිණ‍්ඩාය චරිත්‍වා යාපනමත‍්තං අලභන‍්තං යථා ලාභසක‍්කාරසම‍්පන‍්නො හොති, එවං කරොන‍්තො තම‍්හා ඨානා චාවෙතුං සක‍්කොති. බ්‍රහ‍්මචරියවන‍්තම‍්පි ඉත්‍ථීහි සද‍්ධිං සම‍්පයොජෙත්‍වා සීලවිනාසං පාපෙන‍්තො බලක‍්කාරෙන වා උප‍්පබ‍්බාජෙන‍්තො තම‍්හා ඨානා චාවෙතුං සක‍්කොති. අබ්‍රහ‍්මචරියවන‍්තම‍්පි සම‍්පන‍්නකාමගුණං අමච‍්චං බන්‍ධනාගාරං පවෙසෙත්‍වා ඉත්‍ථීනං මුඛම‍්පි පස‍්සිතුං අදෙන‍්තො තම‍්හා ඨානා චාවෙති නාම. රට‍්ඨතො පන යං ඉච‍්ඡති, තං පබ‍්බාජෙති නාම.

පහොති හැකිවෙයි. රජ තෙමේ පුණ්‍යවන්තවු ලාභසත්කාර සම්පන්නවූ අයකු කරා නොඑළඹේද, එසේ කරන්නේ ඒ ස්ථානයෙන් ඉවත්වන්ට හැකිවෙයි. පින්නැත්තකු වුවද මුළුගමෙහි පිඬු පිණිස හැසිර යැපෙන පමණක්වත් නොලබන්නකු ලාභසත්කාර සම්පන්නයෙක් වන්නේ කෙසේද එසේ) මෙසේ කරන්නා ඒ තැනින් ඉවත් කරන්ට හැකිවෙයි. බ්‍රහ්මචර්ය වසන්තයකුවුවද ස්ත්‍රීන් සමග යොදවා ශීලවිනාශයට පැමිණෙන්නේ බලාත්කාරයෙන් හෝ උපැවිදි වන්නේ ඒ තැනින් ඉවත් කරන්නට හැකිවෙයි. අබ්‍රහ්මචර්ය ඇත්තකු වූවද කාමගුණ සහිත ඇමතියකු බන්ධනාගාරයට පිවිසවා ස්ත්‍රීන්ගේ මුහුණක් වත් දකින්ට නොදෙන්නේ ඒ තැනින් ඉවත් කරන්න හැකිවෙයි. රටින් යමක් කැමතිවේද එය පිටුවහල්කිරීම නමි

දස‍්සනායපි නප‍්පහොන‍්තීති කාමාවචරෙ තාව අබ්‍යාබජ‍්ඣෙ දෙවෙ සබ්‍යාබජ‍්ඣා දෙවා චක‍්ඛුවිඤ‍්ඤාණදස‍්සනායපි නප‍්පහොන‍්ති. කස‍්මා? අරහතො තත්‍ථ ඨානාභාවතො. රූපාවචරෙ පන එකවිමානස‍්මිංයෙව තිට‍්ඨන‍්ති ච නිසීදන‍්ති චාති චක‍්ඛුවිඤ‍්ඤාණදස‍්සනාය පහොන‍්ති, එතෙහි දිට‍්ඨං පන සල‍්ලක‍්ඛිතං පටිවිද‍්ධං ලක‍්ඛණං දට‍්ඨුං සල‍්ලක‍්ඛිතුං පටිවිජ‍්ඣිතුං න සක‍්කොන‍්තීති ඤාණචක‍්ඛුනා දස‍්සනාය නප‍්පහොන‍්ති, උපරිදෙවෙ ච චක‍්ඛුවිඤ‍්ඤාණදස‍්සනෙනාපීති.

දස්සනායපි නප්පහොන්ති දෙවියන් කාමාවචර අව්‍යාපාද ව්‍යාපාද සහිත දෙවියෝ චක්‍ඛු විඤ්ඤාණයෙහි දර්ශනයටවත් නොපොහොසත්වෙති. කුමක් හෙයින්ද රහත් කෙනෙකු එහි නැති බැවිනි. රූපාවචරයෙහි එක් විමානයක යමෙක් සිටිත්ද හිඳිත්ද චක්‍ඛුවිඤ්ඤාණයෙහි දර්ශනයට පොහොසත් වෙති. ඔවුන් විසින් දුටුදෙය සලකා බලන්නට අවබෝධකරන්ට ලක්ෂණ දැකීමට සලකාබලන්ට අවබෝධ කරන්ට නොහැකිවෙත් ඥාන චක්‍ෂුසින් දකින්ට නෙපොහොසත් වෙති. උඩ උඩ දෙවියන් චක්‍ඛු විඤ්ඤාණ දර්ශනයට වත් නොපොහොසත්වෙති.

කො නාමො අයං, භන‍්තෙති රාජා ථෙරං ජානන‍්තොපි අජානන‍්තො විය පුච‍්ඡති. කස‍්මා? පසංසිතුකාමතාය. ආනන්‍දරූපොති ආනන්‍දසභාවො. බ්‍රහ‍්මපුච‍්ඡාපි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. අථ ඛො අඤ‍්ඤතරො පුරිසොති සා කිර කථා විටටූභෙනෙව කථිතා, තෙ “තයා කථිතා, තයා කථිතා”ති කුපිතා අඤ‍්ඤමඤ‍්ඤං ඉමස‍්මිංයෙව ඨානෙ අත‍්තනො අත‍්තනො බලකායං උට‍්ඨාපෙත්‍වා කලහම‍්පි කරෙය්‍යුන‍්ති නිවාරණත්‍ථං සො රාජපුරිසො එතදවොච. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. අයං පන දෙසනා නෙය්‍යපුග‍්ගලස‍්ස වසෙන නිට‍්ඨිතාති.

කොනාමොඅයං භන්තෙ රජ තෙරුන් දන්නේම නොදන්නාක් මෙන් විමසයි. කුමක්නිසාද: ප්‍රශංසාකරනු කැමතිවය. ආනන්‍දරූපො සතුටු ස්වභාවය. බ්‍රහ්මපුච්ඡාවද කියු ආකාරයෙන්ම දතයුතුය. අථඛො අඤ්ඤතරො පුරිසො ඒකථාව විඩූඪහ විසින්ම කියන ලද්දකි. ඔවූහු ඔහු විසින් කියන ලදී. ඔහු විසින් කියන ලදී යයි කුපිතවූවාහු ඔවුනොවුන් මෙතැනදීම තමතමන්ගේ බලකායන් නැගිටුවා කලහ වුවද කරන්නෝය. එය නැවැත්වීම පිණිසය. ඒරාජපුරුෂයා මෙසේකීය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය මේ දේශනාව නෙය්‍ය පුද්ගල වශයෙන් නිම කරන ලදී.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය කණ‍්ණකත්‍ථලසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවැනි කණ්ණකත්‍ථල සුත්‍රයයි.

චතුත්‍ථවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සිව්වැනි වර්ගය නිමියේය.