කණ්ණකත්ථලසුත්තං
2. 4. 10.
2. 4. 10.
කණ්ණකත්ථලසුත්තං
කණ්ණකත්ඵල සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා උජුකායං විහරති කණ්ණකත්ථලෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො උජුකං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො රාජා පසෙනදි කොසලො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: ‘එහි ත්වං අම්භො පුරිසා යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, ‘රාජා භන්තෙ, පසෙනදි කොසලො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි: ‘අජ්ජ කිර භන්තෙ, රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. එවං දෙවාති ඛො සො පුරිසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො භගවන්තං එතදවොච: ‘රාජා භන්තෙ, පසෙනදි කොසලො භගවතො පාදෙ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති: අජ්ජ කිර භන්තෙ, රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සතී’ති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා රටැ කණ්ණකත්ථල නම් මුවළැව්හි වැඩ වසනසේක. එසමයෙහි පසේනදි කොසොල් රජ කිසි කටයුත්තෙකින් උජුකාවට පැමිණියේ වෙයි. එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: එම්බල පුරුෂය, තෝ එව. බුදුන් කරා එළැඹෙව, එළැඹ මාගේ වචනයෙන් බුදුන්ගේ පාසඟළ හිසින් වඳු. “වහන්ස, පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ පාසඟළ හිසින් වඳියි. අල්පාබාධ බව නිදුක් බව සිරුරෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසී” යයි අල්පාබාධත්වය නිදුක් බව ශරීරයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුස. මෙසේත් කියව: “වහන්ස, අද පසේනදි කොසොල්රජ පසුබතැ. වැළඳූ පෙරවරුබත් ඇතියේ බුදුන් දක්නා සඳහා එළැඹේ”යයි. ‘දේවයිනි, එසේ යැ’යි ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳියි. අල්පාබාධ බව නිදුක් බව සිරුරෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසි. මෙසේත් කියයි: “වහන්ස, පසේනදි කොසොල්රජ අද වැළඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නා සඳහා එළැඹේ”යයි.
අස්සොසුං ඛො සොමා ච භගිනී සකුලා ච භගිනී ‘අජ්ජ කිර රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. අථ ඛො සොමා ච භගිනී සකුලා ච භගිනී රාජානං පසෙනදිං කොසලං භත්තාභිහාරෙ උපසඞ්කමිත්වා එතදවොචුං: ‘තෙන හි මහාරාජ, අම්හාකම්පි වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ‘සොමා ච භන්තෙ, භගිනී සකුලා ච භගිනී භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡන්ති’ති.
සෝමා බුහුන ද සකුලා බුහුන ද “පසේනදි කොසොල් රජ අද වැළැඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නා සඳහා එළැඹෙති” ඇසූහු. එසඳ සෝමා බුහුන ද සකුලා බුහුන ද බත් වඩන තන්හි දී පසේනදි කොසොල් රජු කරා එළැඹ තෙල කීහු: “මහරජ එසේ හෙයින් අප ගේ වචනයෙනුදු භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟළ හිසින් වඳිනු මැනැව, අල්පාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසු විහරණ පිළිවිසිනු මැනැව: “සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් හිසින් වඳිති, අල්පාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසිත්” යයි.
අථ ඛො රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ‘සොමා ච භන්තෙ, භගිනී සකුලා ච භගිනී භගවතො පාදෙ සිරසා වන්දන්ති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡන්තී’ති. කිම්පන මහාරාජ, සොමා ච භගිනී සකුලා ච භගිනී අඤ්ඤං දූතං නාලත්ථු’න්ති.
ඉක්බිති පසේනදි කොසොල්රජ වැළැඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: “වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේ ගේ පාදයන් හිසින් වඳිති. නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසිත්. කිමෙක මහරජ සෝමා බුහුන ද සකුලා බුහුන ද අන්යදූතයකු නො ලද්හු දැ? යි.
අස්සොසුං ඛො භන්තෙ, සොමා ච භගිනී සකුලා ච භගිනී. ‘අජ්ජ කිර රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. අථ ඛො භන්තෙ, සොමා ච භගිනී සකුලා ච භගිනී මං භත්තාභිහාරෙ උපසඞ්කමිත්වා එතදවොචුං: තෙන හි මහාරාජ, අම්හාකම්පි වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, සොමා ච භන්තෙ, භගිනී සකුලා ච භගිනී භගවතො පාදෙ සිරසා වන්දන්ති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡන්තී’ති.
වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද “අද පසේනදි කොසොල් රජ වැළැඳූ පෙරවරු බත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නට එළැඹේල”යි ඇසූහ. එසඳ වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද බත්වඩන තැන්හි මා කරා එළැඹ තෙල කීහු: එසේ වී නම් මහරජ, “වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟුළු හිසින් වඳිති, නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුස්ති”යි අපගේ ද බසින් භාග්‍යවතුන්ගේ පාසඟුළු වඳුව, අල්පාබාධ අල්පාතඞ්ක ලඝුස්ථාන කායබල ඵාසුවිහරණ පුළුවුස්ව”යි කීහු.
සුඛිනියො හොන්තු මහාරාජ, සොමා ච භගිනී සකුලා ච භගිනීති.
මහරජ, සෝමා බුහුන ද සකුලා බුහුන ද සුවපත් වෙත්ව’යි.
අථ ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: “සුතං මෙතං භන්තෙ, සමණො ගොතමො එවමාහ: ‘නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා යො සබ්බඤ්ඤු සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානිස්සති, නෙතං ඨානං විජ්ජතී’ති. යෙ තෙ භන්තෙ එවමාහංසු: ‘සමණො ගොතමො එවමාහ: නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා යො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානිස්සති. නෙතං ඨානං විජ්ජතීති. කච්චි තෙ භන්තෙ, භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති. ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතී’ති.
ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැලකෙළේ: “වහන්ස, මා විසින් තෙලෙ අසන ලද, ශ්‍රමණ ගෞතම මෙසේ කියයි: “යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්ශනය පිළින කරන්නේ නම් එ බඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත. තෙල කරුණ විද්‍යමාන නො වේ” යයි. වහන්සේ, යම් කෙනෙක් මෙසේ කීහු නම්: “මහණ ගොයුම් මෙසේ කියයි: ‘යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්ශනය පිළින කරන්නේ නම් එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. තෙල කරුණ විද්‍යමාන නො වේ” යයි කීහු නම්, කිම වහන්ස, ඔහු භාග්‍යවතුන් විසින් කියූ දැයක් කියන්නාහු ද, භාග්‍යවත්නට අභූතයෙන් නො ද අභිභවා කියත් ද, වදාළ කාරණයට අනුකාරණයක් පවසත් ද, කිසි සකාරණ වාදානුවාදයෙක් නො ද ගැරහියයුතු තැනට ඒ දැ?යි.
යෙ තෙ මහාරාජ, එවමාහංසු: ‘සමණො ගොතමො එවමාහ: නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා යො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානිස්සති. නෙතං ඨානං විජ්ජති. න මෙ තෙ වුත්තවාදිනො අබ්භාචික්ඛන්ති ච පන මං තෙ අසතා අභූතෙනා’ති.
මහරජ, යම් කෙනෙක් මෙසේ කීහු ද: “මහණ ගොයුම් මෙසේ කියයි: ‘යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්ශනය පිළින කරන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වේ”යයි කීහු නම් ඔහු මට උක්තවාදී නො වෙති, වැළිත් ඔහු මට අසත්‍යයෙන් අභූතයෙන් අභිභවා කියති”යි.
අථ ඛො රාජා පසෙනදි කොසලො විඩූඩභං සෙනාපතිං ආමන්තෙසි: ‘කො නු ඛොජ්ජ සෙනාපති, ඉමං කථාවත්ථුං රාජන්තෙපුරෙ අබ්භුදාහාසීති? ‘සඤ්ජයො මහාරාජ, බ්රාහ්මණො ආකාසගොත්තො’ති.
එසඳ පසේනදි කොසොල් රජ විඩූඩභ සෙන්පතිහු ඇමැතී: “සෙන්පතිය, අද කවරෙක් නම් මේ කථාවස්තුව රාජාන්තඃපුරයෙහි පහළ කොට බිණී ද? මහරජ, ආකාශගෝත්‍ර සඤ්ජයබ්රාහ්මණ යි.
අථ ඛො රාජා පසෙනදි කොසලො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි, ‘එහි ත්වං අම්භො පුරිස, මම වචනෙන සඤ්ජයං බ්රාහ්මණං ආකාසගොත්තං ආමන්තෙසි. රාජා තං භන්තෙ, පසෙනදි කොසලො ආමන්තෙතී’ති. එවං දෙවාති ඛො සො පුරිසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා යෙන සඤ්ජයො බ්රාහ්මණො ආකාසගොත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා සඤ්ජයං බ්රාහ්මණං ආකාසගොත්තං එතදවොච: ‘රාජා තං භන්තෙ, පසෙනදි කොසලො ආමන්තෙතී’ති.
එසඳ පසේනදි කොසොල් රජ අන්‍යතර පුරුෂයකු ඇමැතී: එම්බා පුරුෂය, තෝ ඒ, මා බසින් අහස්ගොතු සඤ්ජය බමුණු කැඳව. වහන්ස, “පසේනදි කොසොල් රජ මුබ කැඳවති”යි. ‘දේවයෙනි එසේ යැ’යි ඒ පුරුෂයා පසේනදි කොසොල් රජුට පිළිවදන් දී අහස්ගොතු සඤ්ජය බමුණු කරා එළැඹියේ, එළැඹ අහස්ගොතු සඤ්ජය බමුණුට තෙල කී: “වහන්ස, පසේනදි කොසොල් රජ මුබ කැඳවති”යි.
අථ ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: සියා නු ඛො භන්තෙ, භගවතා අඤ්ඤදෙව කිඤ්චි සන්ධාය භාසිතා, තඤ්ච ජනො අඤ්ඤථා විපච්චාගච්ඡෙය්යාති?
ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අන් කිසි දැයක් මැ සඳහා වදාළ බසෙක් ඇද්ද, ජනයා එ බස අන් සැටියෙකින් වරදවා ගන්නේ යැ’යි.
අභිජානාමි මහාරාජ වාචං භාසිතාති
මහරජ, බසක් කීයෙම් දනිම් මැ යැ.
යථා කථම්පන භන්තෙ, භගවා අභිජානාති වාචං භාසිතාති?
වහන්ස, බසක් බණන භාග්‍යවතුන් වහන්සේ කෙබඳු බසක් සිහි කරන සේක් ද?
එවං ඛො අහං මහාරාජ, අභිජානාමි වාචං භාසිතා ‘නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා, යො සකිදෙව සබ්බං ඤස්සති, සබ්බං දක්ඛිති, නෙතං ඨානං විජ්ජතී’ති.
මහරජ, බසක් බණන මම මෙසේ දනිමි: “යමෙක් එක් වර මැ හැම දන්නේ නම් හැම දක්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වේ”යයි.
හෙතුරූපං භන්තෙ, භගවා ආහ සහෙතුරූපං භන්තෙ භගවා ආහ: ‘නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා, යො සකිදෙව සබ්බං ඤස්සති, සබ්බං දක්ඛිති, නෙතං ඨානං විජ්ජතීති. චත්තාරො මෙ භන්තෙ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. ඉමෙසං නු ඛො භන්තෙ, චතුන්නං වණ්ණානං සියා විසෙසො, සියා නානාකරණ’න්ති?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වභාවය වදාරති, වහන්ස භාග්‍යවතුන් වහන්සේ සකාරණ ස්වභාවය වදාරති. එක් වර මැ හැම දන්නා හැම දක්නා මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වෙති’යි. වහන්ස, මේ සතර වර්ණ කෙනෙක් ඇත: ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ ය. වෛශ්‍යයෝ යැ, ශුද්‍රයෝ යි. වහන්ස, මේ සතර වර්ණයන් ගේ විශේෂයෙක් ඇත නානාත්‍වයෙක් ඇත?
චත්තාරො ‘මෙ මහාරාජ, වණ්ණා. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. ඉමෙසං ඛො මහාරාජ, චතුන්නං වණ්ණානං ද්වෙ වණ්ණා අග්ගමක්ඛායන්ති, ඛත්තියා ච බ්රාහ්මණා ච. යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මානන්ති.
මහරජ, මේ වර්ණයෝ සතර දෙනෙකි: ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. මහරජ, මේ සතර වර්ණයන් අතුරින් වර්ණයෝ දෙදෙනෙක් අග්‍රයහ’යි කියනු ලැබෙති. ක්ෂත්රියයන් හා බ්‍රාහ්මණයෝ යි. කෙසේ යැ යත්: අභිවාදන උත්ථාන අඤ්ජලිකර්ම සාමිචිකර්මයන්ගේ වශයෙනි.
නාහං භන්තෙ, භගවන්තං දිට්ඨධම්මිකං පුච්ඡාමි, සම්පරායිකාහං භන්තෙ, භගවන්තං පුච්ඡාමි. චත්තාරො මෙ භන්තෙ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. ඉමෙසං නු ඛො භන්තෙ, චතුන්නං වණ්ණානං සියා විසෙසො, සියා නානාකරණන්ති?
වහන්ස, මම භාග්‍යවත්හු අතින් ඓහලෞකික වෙනස නො පුළුවුස්මි. වහන්ස, මම භගවත්හු අතින් පාරලෞකිකවෙනස පුළුවුස්මි. වහන්ස, මේ වර්ණයෝ සතර දෙනෙකි: ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. වහන්ස, මේ සතර වර්ණයන්ගේ විශේෂයෙක් ඇද්ද, නානාකරණයෙක් ඇද්ද?
පඤ්චිමානි මහාරාජ, පධානියඞ්ගානි. කතමානි පඤ්ච? ඉධ මහාරාජ, භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා ඉමානි ඛො මහාරාජ, පඤ්ච පධානියඞ්ගානි. චත්තාරොමෙ මහාරාජ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. තෙ චස්සු ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතා, තං නෙසං චස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
මහරජ, මේ ප්‍රධන්වීර්‍ය්‍යයට හිත වූ අඞ්ගයෝ පස් දෙනෙකි: කවර පස් දෙනෙක යත්: මහරජ, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි, තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය හදහයි: “මෙ කරුණිනුදු භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, සිව්සස් දත්හ, භගවත්හ”යි. අල්පාබාධ වැ අල්පාතඞ්ක වැ නාතිශීත, නාත්යුෂ්ණ, මධ්‍යම, ප්‍රධන්වීර්‍ය්‍යයට නිසි සම වැ පස්නා ග්‍රහණියෙන් සමන්වාගත වැ සිටුනේ වෙයි. අශඨ වෙයි. අමායාවී වෙයි. යථාභූත ආත්මය ශාස්තෘවරයා කෙරෙහිදු විඥ සබ්‍රහ්මචාරීන් කෙරෙහි දු හෙළි කරනු වෙයි. අකුශලධර්මයන් ගේ ප්රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා බලවත් වැ දෘඪපරාක්‍රම ඇති වැ කුශල් දහම්හි නො හළ ධුර ඇති වැ රුකුළු වැර ඇති වැ වෙසෙයි. ආර්‍ය්‍ය වූ කෙලෙසුන් බිඳුනා මොනොවට දුක් කිය කරනුවට යන උදාවිය කරා දිවෙන ප්‍රඥායෙන් සමන්වාගත වැ ප්‍රඥාවත් වෙයි. මහරජ, මේ පස් පධානියඞ්ගයෝ යි. මහරජ, මේ වර්ණයෝ සතර දෙනෙකි: ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහු මෙ පස් වැදෑරුම් ප්‍රධන් වැරට හිත කරුණින් සමන්වාගත වෙත් ද, එය ඔවුනට දීර්‍ඝරාත්‍රියෙහි හිතයට සුඛයට වැටෙයි.
චත්තාරො මෙ භන්තෙ වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. තෙ චස්සු ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතා එත්ථ පන නෙසං භන්තෙ, සියා විසෙසො සියා නානාකරණන්ති?
වහන්ස, මේ වර්ණයෝ සතර දෙනෙකි: ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහුදු මේ පඤ්චප්‍රකාර ප්‍රධන් වැරට හිත වූ කරුණින් සමන්වාගත වෙත් ද, මෙහිදු වහන්ස, උන්ගේ විශේෂයෙක් ඇද්ද: නානාකරණයෙක් ඇද්දැ?යි.
එත්ථ ඛො පන නෙසාහං මහාරාජ, පධානවෙමත්තතං වදාමි. සෙය්යථාපස්සු මහාරාජ, ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතා, ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා අදන්තා අවිනීතා. තං කිං මඤ්ඤසි මහාරාජ, යෙ තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතා, අපි නු තෙ දන්තාව දන්තකාරණං ගච්ඡෙය්යුං. දන්තාව දන්තභූමිං සම්පාපුණෙය්යුන්ති?
මහරජ, මෙහිලා උන්ගේ ප්‍රධන්හි වෙනස් බව කියමි. මහරජ, යම් පරිදි නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වැ සුවිනීත වැ ඇද්ද, නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වැ අවිනීත වැ ඇද්ද, මහරජ, ඒ කෙසේ හඟිහි? යම් ඒ නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වැ සුවිනීත වැ වැටෙත් ද, කිම ඔහු දාන්ත වූවාහු මැ දාන්තකාරණයට යෙත් ද, දාන්ත වූවාහු මැ දාන්තභූමියට පැමිණෙත් දැ? යි.
එවං භන්තෙ.
වහන්ස, එසේ යැ.
යෙ පන තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා අදන්තා අවිනීතා, අපි නු තෙ අදන්තාව දන්තකාරණං ගච්ඡෙය්යුං. අදන්තාව දන්තභූමිං සම්පාපුණෙය්යුං. සෙය්යථාපි තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතාති?
යම් ඒ නහඹු හස්තීහු දෙදෙන හෝ නහඹු අශ්වයෝ දෙදෙන හෝ නහඹු ගවයෝ දෙදෙන හෝ අදාන්ත වැ මැ යම් පරිදි මුල කී සුදාන්ත සුවිනීත ඒ නහඹු ඇතුන් දෙදෙනා සෙයින් නහඹු අසුන් දෙදෙනා සෙයින් නහඹු ගවයන් දෙදෙනා සෙයින් අදාන්තවූවාහුමැ දාන්තකාරණයට යෙත් ද? අදාන්ත වූවාහු මැ දාන්තභූමියට යෙත් දැ? යි.
නොහෙතං භන්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
එවමෙව ඛො මහාරාජ, යං තං සද්ධෙන පත්තබ්බං අප්පාබාධෙන අසඨෙන අමායාවිනා ආරද්ධවිරියෙන පඤ්ඤවතා, තං වත අස්සද්ධො බව්හාබාධො සඨො මායාවී කුසීතො දුප්පඤ්ඤො පාපුණිස්සතී’ති නෙතං ඨානං විජ්ජතීති.
මහරජ, එ පරිදි මැ සැදැහැති අල්පාබාධ අශඨ, මායා බහුල නො වන, ආරබ්ධවීර්‍ය්‍ය ඇති, ප්‍රඥාසම්පන්න ශ්රාවකයා විසින් යම් ඒ ඵලයක් ලැබියයුතු වේ නම් සැදැහැ නැති ආබාධ බහුල වූ ශඨ වූ මායා බහුල වූ කුසීත වූ දුෂ්ප්‍රාඥ වූයේ ඒ ඵලය ඒකාන්තයෙන් ලබන්නේ යැ යන කරුණ සිදු නො වෙයි.
හෙතුරූපං භන්තෙ, භගවා ආහ. සහෙතුරූපං භන්තෙ භගවා ආහ. චත්තාරො මෙ භන්තෙ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. තෙ චස්සු ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතා, තෙ චස්සු සම්මප්පධානා. එත්ථ පන නෙසං භන්තෙ, සියා විසෙසො, සියා නානාකරණන්ති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වරූපයක් වදාරති, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සකාරණස්වරූපය වදාරති. වහන්ස, මේ වර්ණයෝ සතර දෙනෙකි: ක්ෂත්රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහු ද මේ පස් වැදෑරුම් ප්‍රධන් වැරට හිත කරුණින් සමන්වාගත වෙත් ද, ඔහු දු සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තාහු වෙත් ද, වහන්ස, මෙහිලා උන්ගේ විශේෂයෙක් ඇද්ද, නානාත්‍වයෙක් ඇද්දැ? යි.
එත්ථ ඛො පන නෙසාහං මහාරාජ, න කිඤ්චි නානාකරණං වදාමි, යදිදං විමුත්තියා විමුත්තිං. සෙය්යථාපි මහාරාජ, පුරිසො සුක්ඛං සාකකට්ඨං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්ය. අථ අපරො පුරිසො සුක්ඛං සාලකට්ඨං ආදාය, අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්ය. අථ අපරො පුරිසො සුක්ඛං අම්බකට්ඨං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙය්ය. තෙජො පාතුකරෙය්ය. අථ අපරො පුරිසො සුක්ඛං උදුම්බරකට්ඨං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙය්ය තෙජො පාතුකරෙය්ය. තං කිං මඤ්ඤසි මහාරාජ, සියා නු ඛො තෙසං අග්ගීනං නානාදාරුතො අභිනිබ්බත්තානං කිඤ්චි නානාකරණං, අච්චියා වා අච්චිං, වණ්ණෙන වා වණ්ණං, ආභාය වා ආභන්ති?
මහරජ, මම මෙහි ලා උන්ගේ කිසි නානාත්වයක් නො කියමි. එනම් විමුක්තියෙන් විමුක්තිය යි, (එකක්හු ගේ ඵලවිමුක්තියෙන් අනෙකක්හුගේ ඵලවිමුක්තිය ඇරැබැ යැ.) මහරජ, යම් පරිදි පුරුෂයෙක් වියැළි ශාකකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි ශාලකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි ආම්රකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි උදුම්බරකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම්, මහරජ, ඒ කෙසේ හඟිහි? නන් දරින් නිපන් ඒ අග්නීන්ගේ කිසියම් වෙනසෙක් වේ ද: සිළුවෙන් සිළුවෙහි හෝ යැ, පැහැයෙන් පැහැයෙහි හෝ යැ එළියෙන් එළියෙහි හෝ යැ?
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යි.
එවමෙව ඛො මහාරාජ, යං තං තෙජං විරියං නිප්ඵරති, තං පධානාභිනිබ්බත්තං නාහං තත්ථ කිඤ්චි නානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තින්ති.
මහරජ, එපරිදි මැ යම් ඒ තෙදක් වැර අරභයා පැතිර සිටුනේ ද, ඒ ප්‍රධනින් නිපණ. එහිලා මම කිසි නානාත්වයක් නො කියමි. එනම් විමුක්තියෙන් විමුක්තිය අරැබ යැ.
හෙතුරූපං භන්තෙ, භගවා ආහ, සහෙතුරූපං භන්තෙ, භගවා ආහ. කිං පන භන්තෙ, අත්ථි දෙවාති? කිං පන ත්වං මහාරාජ? එවං වදෙසි: කිං පන භන්තෙ, අත්ථි දෙවාති? යදි වා තෙ භන්තෙ, දෙවා ආගන්තාරො ඉත්ථත්තං, යදි වා අනාගන්තාරො ඉත්ථත්තන්ති. යෙ තෙ මහාරාජ? දෙවා සබ්යාපජ්ඣා තෙ දෙවා ආගන්තාරො ඉත්ථත්තං යෙ තෙ දෙවා අබ්යාපජ්ඣා තෙ දෙවා අනාගන්තාරො ඉත්ථත්තන්ති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වරූපය වදාරති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සහේතුක ස්වරූපය වදාරති. වහන්ස, කිම දෙවියෝ ඇද්ද, මහරජ, “වහන්ස, කිම දෙවියෝ ඇද්ද’යි කුමට තෝ මෙසේ කියෙහි? වහන්ස, ඒ දෙවියෝ මේ මිනිසත් බවට ඉදින් එනසුලු හෝ වෙත් ද, ඉදින් මිනිසත් බවට නො එනසුලු හෝ වෙත් දැ”යි. මහරජ, යම් දෙවි කෙනෙක් නුපුහුන් චෛතසික දුක් ඇත්තාහු ද, ඒ දෙවියෝ මිනිසත් බවට (උපපත්ති වශයෙන්) එන සුලු වෙන්. යම් දෙවි කෙනෙක් පුහුන් චෛතසික දුක් ඇත්තාහු ද, ඒ දෙවියෝ මේ මිනිසත් බවට (උපපත්ති වශයෙන්) නො එන සුලු වෙත්.
එවං වුත්තෙ විඩූඩභො සෙනාපති භගවන්තං එතදවොච: ‘යෙ තෙ භන්තෙ දෙවා සබ්යාපජ්ඣා ආගන්තාරො ඉත්ථත්තං, තෙ දෙවා යෙ තෙ දෙවා අබ්යාපජ්ඣා අනාගන්තාරො ඉත්ථත්තං තෙ දෙවෙ තම්හා ඨානා චාවෙස්සන්ති වා පබ්බාජෙස්සන්ති වා’ති.
මෙසේ වදාළ කල විඩූඩභ සෙන්පති භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, දුක්සහගිය මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ ද, නිදුක් වූ මිනිසත් බවට නො එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ දැ’යි ඒ දෙ වැදෑරුම් දෙවියන් ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නාහු වෙත් ද නෙරවන්නාහු හෝ වෙත් දැ? යි.
අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: ‘අයං ඛො විඩූඪභො සෙනාපති රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පුත්තො. අහං භගවතො පුත්තො. අයං ඛො කාලො යං පුත්තො පුත්තෙන මන්තෙය්යා’ති.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල සිත් වී: “මේ විඩූඩභ සෙන්පති පසේනදි කොසොල් රජුගේ පුත් යැ, මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්මි. පුතෙක් පුතකු හා මන්ත්‍රණ කරන්නේ යැ යන යමෙක් ඇද්ද, මේ එයට කාලය යනු යි.
අථ ඛො ආයස්මා ආනන්දො විඩූඪභං සෙනාපතිං ආමන්තෙසි: ‘තෙන හි සෙනාපති, තං යෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි සෙනාපති, යාවතා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතං, යත්ථ ච රාජා පසෙනදි කොසලො ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙති. පහොති තත්ථ රාජා පසෙනදි කොසලො සමණං වා බ්රාහ්මණං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්රහ්මචරියවන්තං වා අබ්රහ්මචරියවන්තං වා තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වා’ති?
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විඩූඩභ සෙන්පතිහි ඇමැතූහ: සෙන්පතිය, එකරුණින් මෙහි දී තා මැ පුළුවුස්මි. යම් පරිදි තට රුස්නේ නම් එපරිදි එය පවසව. සෙන්පතිය ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජුහු ගේ විජිතය යම් තාක් වේ ද, පසේනදි කොසොල් රජ යම් විජිතයෙක ඉසුරු බව හා ආධිපත්‍යය ඇති රාජ්‍යය කෙරේ ද ඒ විජිතයෙහි දී පසේනදි කොසොල් රජ පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ ච්‍යුත කරවන්නට නංවන්නට හෝ හැකි වේ ද?
යාවතා භො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතං යත්ථ ච රාජා පසෙනදි කොසලො ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙති. පහොති තත්ථ රාජා පසෙනදි කොසලො සමණං වා බ්රාහ්මණා වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්රහ්මචරියවන්තං වා අබ්රහ්මචරියවන්තං වා තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වා’ති.
භවත්නි, පසේනදි කොසොල් රජහු ගේ විජිතය යම් තාක් වේ ද පසේනදි කොසොල් රජ යම් විජිතයෙක ඉසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය කෙරේ ද, පසේනදි කොසොල් රජ ඒ විජිතයෙහි දී පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ එතැනින් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වෙයි.
තං කිං මඤ්ඤසි සෙනාපති, යාවතා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අවිජිතං. යත්ථ ච රාජා පසෙනදි කොසලො ඉස්සරියාධිපච්චං රජ්ජං න කාරෙති. පහොති තත්ථ රාජා පසෙනදි කොසලො සමණං වා බ්රාහ්මණං වා, පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්රහ්මචරියවන්තං වා අබ්රහ්මචරියවන්තං වා තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වාති.
සෙන්පතිය, ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජුහුගේ විජිත නො වූ රට යම් තාක් ඇද්ද, පසේනදි කොසොල් රජ තමනට අවිෂය වූ යම් රටෙක ඉසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය නො කෙරේ ද, පසේනදි කොසොල් රජ එහි දී පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ එතැනින් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වේ ද? යි.
යාවතා භො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අවිජිතං, යත්ථ ච රාජා පසෙනදිස්ස කොසලො ඉස්සරියාධිපච්චං රජ්ජං න කාරෙති. න තත්ථ පහොති රාජා පසෙනදි කොසලො සමණං වා බ්රාහ්මණං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්රහ්මචරියවන්තං වා අබ්රහ්මචරියවන්තං වා තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වාති.
භවත්නි, පසේනදි කොසොල් රජහු ගේ විජිත නො වූ රට යම් තාක් ඇද්ද, පසේනදි කොසොල් රජ විෂය නො වූ යම් රටෙක අසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය නො කෙරේ ද, එහි දී පසේනදි කොසොල් රජ පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ ඒ ශ්‍රමණාදි භාවයෙන් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ නො හැකි යැ යි.
තං කිං මඤ්ඤසි සෙනාපති, සුතා තෙ දෙවා තාවතිංසාති?
සෙන්පතිය, ඒ කෙසේ හඟිහි? තා විසින් තව්තිසා වැසි දෙවියෝ අසන ලදහු ද?
එවං භො, සුතං මෙ දෙවා තාවතිංසා. ඉධාපි භොතා රඤ්ඤා පසෙනදිනා කොසලෙන සුතා දෙවා තාවතිංසා’ති.
භවත්නි, එසේ යැ. මා විසින් තව්තිසා වැසි දෙවියෝ අසන ලදහ. මෙහි දී භවත් පසේනදි කොසොල් රජු විසිනුදු තව්තිසා වැසි දෙවියෝ අසනලදහ’යි.
තං කිං මඤ්ඤසි සෙනාපති, පහොති රාජා පසෙනදි කොසලො දෙවෙ තාවතිංසෙ තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වාති?
සෙන්පතිය, ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජ තව්තිසා වැසි දෙවියන් ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වේ ද?
දස්සනායපි භො රාජා පසෙනදි කොසලො දෙවෙ තාවතිංසෙ නප්පහොති. කුතො පන තම්හා ඨානා චාවෙස්සති වා පබ්බාජෙස්සති වා’ති.
භවත්නි, පසේනදි කොසොල් රජ තව්තිසා වැසි දෙවියන් දක්නට ද නො හැකි වෙයි. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්නේ හෝ යි යනු කොයින් ලැබේ ද?
එවමෙව ඛො සෙනාපති, යෙ තෙ දෙවා සබ්යාපජ්ඣා ආගන්තාරො ඉත්ථත්තං තෙ දෙවා, යෙ තෙ දෙවා අබ්යාපජ්ඣා අනාගන්තාරො ඉත්ථත්තං, තෙ දෙවා දස්සනායපි නප්පහොන්ති, කුතො පන තම්හා ඨානා වාචෙස්සන්ති වා පබ්බාජෙස්සන්ති වා’ති.
සෙන්පතිය, එපරිදි මැ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යැ නිර්දුඃඛ වූ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යයි ඒ දෙවැදෑරුම් දෙවියන් දක්නට ද නො හැකි යැ. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්සේ හෝ යැ යනු කොයින් ලැබේ ද?
අථ ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ‘කො නාමො අයං භන්තෙ භික්ඛූති?
එසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, මේ මහණ කවරෙක් නම් වේ ද?
ආනන්දො නාම මහාරාජාති.
මහරජ, ආනන්ද නමැ යි.
ආනන්දො වත භො ආනන්දරූපො වත භො. හෙතුරූපං භන්තෙ ආයස්මා ආනන්දො ආහ. සහෙතුරූපං භන්තෙ, ආයස්මා ආනන්දො ආහ.
භවත්නි, එකැතින් ආනන්ද යැ, භවත්නි, එකැතින් ආනන්ද ස්වභාව යැ. වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ හේතුස්වරූපය කියති. වහන්ස, ආනන්ද තෙරණුවෝ සහේතුකස්වරූපය කියත්.
කිං පන භන්තෙ, අත්ථි බ්‍රහ්මාති?
වහන්ස, කිම බ්‍රහ්මයෝ ඇද්ද?
කිං පන ත්වං මහාරාජ එවං වදෙසි: කිං පන භන්තෙ, අත්ථි බ්‍රහ්මාති?
“වහන්ස, කිම බ්‍රහ්ම ඇද්දැ? යි තෙපි කුමට මෙසේ අසව.
යදි වා සො භන්තෙ, බ්රහ්මා ආගන්තා ඉත්ථත්තං. යදි වා අනාගන්තා ඉත්ථත්තන්ති.
වහන්ස, ඒ බඹ මිනිසත්බවට එනසුලු හෝ වේ ද, මිනිසත් බවට නො එනසුලු හෝ වේ ද?
යො සො මහාරාජ බ්රහ්මා සබ්යාපජ්ඣො, සො බ්රහ්මා ආගන්තා ඉත්ථත්තං, යො සො බ්රහ්මා අබ්යාපජ්ඣො සො බ්රහ්මා අනාගන්තා ඉත්ථත්තන්ති.
මහරජ, චෛතසික විසින් සදුඃඛ වූ යම් බඹෙක් ඇද්ද, ඒ බඹ මිනිසත් බවට එනසුලු යැ. නිර්දුඃඛ වූ යම් බඹෙක් ඇද්ද, ඒ බඹ මිනිසත් බවට නො එනසුලු යැ.
අථ ඛො අඤ්ඤතරො පුරිසො රාජානං පසෙනදිං කොසලං එතදවොච: ‘සඤ්ජයො මහාරාජ, බ්රාහ්මණො ආකාසගොත්තො ආගතො’ති.
එසඳ එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජහට තෙල කී: “මහරජාණෙනි, ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණ ආයේ යැ”යි.
අථ ඛො රාජා පසෙනදි කොසලො සඤ්ජයං බ්රාහ්මණං ආකාසගොත්තං එතදවොච: ‘කො නු ඛො බ්‍රාහ්මණ, ඉමං කථාවත්ථුං රාජන්තෙපුරෙ අබ්භුදාහාසීති?
එසඳ පසේනදි කොසොල් රජ ආකාශගෝත්‍ර සඤ්ජයබ්රාහ්මණහට තෙල කී: “බමුණ, කවරෙක් නම් මේ කථාවස්තුව රාජාන්තඃපුරයෙහි පහළ කෙළේ දැ?යි.
‘විඩූඪභො මහාරාජ, සෙනාපතී’ති. විඩූඪභො සෙනාපති එවමාහ: සඤ්ජයො මහාරාජ, බ්රාහ්මණො ආකාසගොත්තො’ති.
‘මහරජාණෙනි, විඩූඩභ සෙන්පති යැ’යි. විඩූඩභ සෙන්පති මෙසේ කී: “මහරජාණෙනි, ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණ යැ’යි.
අථ ඛො අඤ්ඤතරො පුරිසො රාජානං පසෙනදිං කොසලං එතදවොච. යානකාලො මහාරාජාති. අථ ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: සබ්බඤ්ඤුතං මයං භන්තෙ භගවන්තං අපුච්ඡිම්හා සබ්බඤ්ඤුතං භගවා ව්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා චාතුවණ්ණිං සුද්ධිං මයං භන්තෙ, භගවන්තං අපුච්ඡිම්හා චාතුවණ්ණිං සුද්ධිං භගවා ව්යාකාසි තඤ්ච පනම්හාකං රුච්චති. චෙව ඛමති ච. තෙන චම්හා අත්තමනා අධිදෙවෙ මයං
එසඳ එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට තෙල කී: “මහරජාණෙනි, ගමන්කල් එළැඹිණැ”යි. එසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ අතින් සර්වඥතා පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ප්‍රකාශ කළසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු අපි සතුටුසිත් ඇතියම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ අතින් චතුර්වර්ණයට අයත් ශුද්ධිය පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධිය පැවැසූසේක. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු අපි සතුටුසිත් ඇතියම්හ.
භන්තෙ, භගවන්තං අපුච්ඡිම්හා, අධිදෙවෙ භගවා ව්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච. තෙන චම්හා අත්තමනා. අධිබ්රහ්මානං මයං භන්තෙ, භගවන්තං අපුච්ඡිම්හා. අධිබ්රහ්මානං භගවා ව්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා. යං යදෙව ච පන මයං භන්තෙ, භගවන්තං අපුච්ඡිම්හා තන්තදෙව භගවා ව්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා. හන්ද චදානි මයං භන්තෙ, ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අතින් අධිදේවයන් පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ අධිදේවයන් පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. අපි එයිනුදු සතුටු වූම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් අතින් අධිබ්‍රහ්මයා පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ අධිබ්‍රහ්මයා පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු අපි සතුටු වූම්හ. වහන්ස, අපි යම් යම් මැ පැනයක් භාග්‍යවතුන් වහන්සේ අතින් පුළුවුසුමෝ ද එය මැ භාග්‍යවතුන් වහන්සේ පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු සතුටු වූම්හ. වහන්ස, එ බැවින් දැන් අපි යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’යි.
යස්සදානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසීති.
මහරජ, තෙපි එයට කල් දනැ’යි වදාළෝ.
අථ ඛො රාජා පසෙනදි කොසලො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමීති.
එසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ.
කණ්ණකත්ථල සුත්තං දසමං.
දස වැනි කණ්ණකත්ථල සූත්‍ර යි.
රාජවග්ගො චතුත්ථො.
සතර වැනි රාජවර්ගය යි.
තස්ස වග්ගස්ස උද්දානං.
ඒ වර්ගයේ උද්දානය :
ඝටීකාරො රට්ඨපාලො මඛාදෙවො මධුරියං, බොධි අඞ්ගුලිමාලො ච පියජාතං බාහිතිකං; ධම්මචෙතිය සුත්තං ච දසමං කණ්ණකත්ථලං.
ඝටීකාර සූත්‍ර යැ රට්ඨපාල සූත්‍ර යැ මඛාදේව සූත්‍ර යැ මධුර සූත්‍ර යැ බෝධිරාජකුමාර සූත්‍ර යැ අඞ්ගුලිමාල සූත්‍ර යැ බාහිතික සූත්‍ර යැ ධම්මචේතිය සූත්‍ර යැ ද වැනි කණ්ණකත්ඵල සූත්‍ර යැ යි මේ වර්ගයේ සූත්‍ර දසයෙකි.