බ්රහ්මායුසුත්තවණ්ණනා අට්ඨකථා
බ්රහ්මායුසුත්තවණ්ණනා
බ්‍රහ්මායු සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති බ්රහ්මායුසුත්තං. තත්ථ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධින්ති මහතාති ගුණමහත්තෙනපි මහතා, සඞ්ඛ්යාමහත්තෙනපි. සො හි භික්ඛුසඞ්ඝෙ ගුණෙහිපි මහා අහොසි අප්පිච්ඡතාදිගුණසමන්නාගතත්තා, සඞ්ඛ්යායපි මහා පඤ්චසතසඞ්ඛ්යත්තා. භික්ඛූනං සඞ්ඝෙන භික්ඛුසඞ්ඝෙන, දිට්ඨිසීලසාමඤ්ඤසඞ්ඝාතසඞ්ඛාතෙන සමණගණෙනාති අත්ථො. සද්ධින්ති එකතො. පඤ්චමත්තෙහි භික්ඛුසතෙහීති පඤ්ච මත්තා එතෙසන්ති පඤ්චමත්තානි. මත්තාති පමාණං වුච්චති, තස්මා යථා භොජනෙ මත්තඤ්ඤූති වුත්තෙ භොජනෙ මත්තං ජානාති පමාණං ජානාතීති අත්ථො හොති, එවමිධාපි තෙසං භික්ඛුසතානං පඤ්චමත්තා පඤ්චපමාණන්ති එවමත්ථො දට්ඨබ්බො. භික්ඛූනං සතානි භික්ඛුසතානි. තෙහි පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි.
එවම්මෙසුතං යනු බ්‍රහ්මායු සූත්‍රයයි. එහි මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං මහතා යනු ගුණමහත්වයෙන්ද මහත්වූ සංඛ්‍යා මහත්වයෙන්ද මහත්වූ ඒ භික්ෂු සංඝයා ගුණයෙන්ද මහාවිය. අල්පේච්ඡතාදී ගුණයෙන් යුක්තවූ බැවින් සංඛ්‍යාවෙන්ද මහාවිය. පන්සියයක් වූ බැවින් භික්ෂූන්ගේ සංඝයෙන් භික්ඛු සංඝෙන දිට්ඨිසීල සාමඤ්ඤසංසාත සංඛ්‍යාත ශ්‍රමණ ගුණයෙන් යන අර්ථයි. සද්ධිං එකතුව, පඤ්ච මත්තෙහි භික්ඛුසතෙහි පංචමාත්රය ඔවුන්ගේනුයි පංචමත්තානි. මත්තායනු ප්‍රමාණයයි කියනු ලැබේ. ඒනිසා භොජනෙ මත්තඤ්ඤුයයි කියු කල්හි භෝජනයෙහි මාත්‍රය දනියි. ප්‍රමාණය දනියි යන අර්ථයි. මෙසේ මෙහිද ඒ සියයක් භික්ෂුන්ගේ පංචමාත්රය පංච ප්රමාණයැයි එම අර්ථය දතයුතුය. භික්ෂුන්ගේ සියගණන භික්ඛුසතානි ඒ පන්සියයක් පමණ භික්ෂුන් සමග
වීසවස්සසතිකොති වීසාධිකවස්සසතිකො. තිණ්ණං වෙදානන්ති ඉරුවෙදයජුවෙදසාමවෙදානං. ඔට්ඨපහතකරණවසෙන පාරං ගතොති පාරගූ. සහ නිඝණ්ඩුනා ච කෙටුභෙන ච සනිඝණ්ඩුකෙටුභානං, නිඝණ්ඩූති නාමනිඝණ්ටුරුක්ඛාදීනං වෙවචනප්පකාසකං සත්ථං. කෙටුභන්ති කිරියාකප්පවිකප්පො කවීනං උපකාරාය සත්ථං. සහ අක්ඛරප්පභෙදෙන සක්ඛරප්පභෙදානං. අක්ඛරප්පභෙදොති සික්ඛා ච නිරුත්ති ච. ඉතිහාසපඤ්චමානන්ති ආථබ්බණවෙදං චතුත්ථං කත්වා “ඉතිහ ආස ඉතිහ ආසා”ති ඊදිසවචනප්පටිසංයුත්තො පුරාණකථාසඞ්ඛාතො ඉතිහාසො පඤ්චමො එතෙසන්ති ඉතිහාසපඤ්චමා, තෙසං ඉතිහාසපඤ්චමානං. පදඤ්ච තදවසෙසඤ්ච බ්‍යාකරණං අධීයති පවෙදෙති චාති පදකො වෙය්යාකරණො. ලොකායතං වුච්චති විතණ්ඩවාදසත්ථං. මහාපුරිසලක්ඛණන්ති මහාපුරිසානං බුද්ධාදීනං ලක්ඛණදීපකං ද්වාදසසහස්සගන්ථප්පමාණං සත්ථං, යත්ථ සොළසසහස්සගාථාපරිමාණාය බුද්ධමන්තා නාම අහෙසුං, යෙසං වසෙන “ඉමිනා ලක්ඛණෙන සමන්නාගතා බුද්ධා නාම හොන්ති, ඉමිනා පච්චෙකබුද්ධා නාම හොන්ති, ඉමිනා ද්වෙ අග්ගසාවකා, අසීතිමහාසාවකා, බුද්ධමාතා, බුද්ධපිතා, අග්ගුපට්ඨාකො, අග්ගුපට්ඨායිකා, රාජා චක්කවත්තී”ති අයං විසෙසො ඤායති. අනවයොති ඉමෙසු ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනූනො පරිපූරකාරී, අවයො න හොතීති වුත්තං හොති. අවයො නාම යො තානි අත්ථතො ච ගන්ථතො ච සන්ධාරෙතුං න සක්කොති. අස්සොසි ඛොතිආදීසු යං වත්තබ්බං සියා, තං සාලෙය්යකසුත්තෙ (ම· නි· 1.439 ආදයො) වුත්තමෙව.
වීසං වස්ස සතිකො විස්සක් අධික වස් සියයක්. තීණ්ණං වෙදානං සෘග්වේද යජුර්වේද සාමවේද යන්ගේ තොල්හි ගෑවෙන කරුණු වශයෙන් පරතෙරට ගියේනුයි පාරගු නිඝණ්ඩු කෙටුහ සහිත සනිඝණ්ඩු කෙටුභානං. නිඝණ්ඩුයනු නාම නිඝණ්ඩුය. රුක් ආදීන්ගේ විවිධ වචන ප්‍රකාශ කරන ශාස්ත්‍රය අක්ෂර ප්‍රභේද සමගවූ සාක්ඛරප්පභෙදානං අක්ඛරප්පභේද යනු ශික්ෂාව සහ නිරුක්තිය. ඉතිහාස පඤ්චමානං යනු අථර්ව වේදය සිව්වැනි කොට මෙසේ මෙහි වීය, මෙසේ මෙහි වී යැයි එබඳු වචන ප්‍රතිසංයුක්ත පුරාණ කථා සංඛ්‍යාතවූ ඉතිහාසය පස්වැනි වූයේ මොවුන්ටනුයි ඉතිහාසපඤ්චමා එයද පදයද එයින් අවශේෂ වූවද ව්‍යාකරණ අධ්‍යයනය කෙරේ දන්වානුයි පදකො වෙය්යාකරණෙ, ලෝකායතං විතණ්ඩවාදශාස්ත්රය මහාපුරිසලක්ඛණං මහාපුරුෂ බුද්ධාදීන්ගේ ලක්ෂණ පෙන්වන දොළොස් දහසක් පමණ ග්රන්ථ ඇති ශාස්ත්‍රය. යම් තැනක සොළොස් දහයක් පමණ ගාථාපද බුද්ධමන්ත්‍ර නම්විය. ඒ වශයෙන් මේ ලක්ෂණයෙන් යුත් බුදුවරු නම් වෙති. මෙයින් පසේ බුදු. අගසව්වෝ, අසුමහා ශ්‍රාවකයෝ. බුද්ධ මාතා, බුද්ධපිතා. අග්‍රඋපස්ථායක, අග්රඋපස්ථායිකා. චක්‍රවර්ති යන මේ විශේෂය දනී. අන්වයො මේ ලෝකායත මහාපුරුෂ ලක්ෂණයන්හි නොඅඩුව පිරිපුන් කරන. අව්‍ය නොවේනුයි කියන ලද්දේ වෙයි. අව්‍යනම් යමෙක් ඒවා අර්ථවශයෙන්ද ග්රන්ථ වශයෙන්ද ආරක්ෂා කරන්ට නොහැකි වෙත් අස්සොසිඛො ආදිතන්හි යමක් කිවයුතු වන්නේ නම් එය සාලෙය්‍යක සූත්‍රයෙහි කියන ලද්දේමය.
අයං තාතාති අයං මහල්ලකතාය ගන්තුං අසක්කොන්තො මාණවං ආමන්තෙත්වා එවමාහ. අපිච එස බ්රාහ්මණො චින්තෙසි “ඉමස්මිං ලොකෙ ‘අහං බුද්ධො අහං බුද්ධො’ති උග්ගතස්ස නාමං ගහෙත්වා බහූ ජනා විචරන්ති, තස්මා න මෙ අනුස්සවමත්තෙනෙව උපසඞ්කමිතුං යුත්තං. එකච්චඤ්හි උපසඞ්කමන්තස්ස අපක්කමනම්පි ගරු හොති, අනත්ථොපි උප්පජ්ජති. යංනූනාහං මම අන්තෙවාසිකං පෙසෙත්වා ‘බුද්ධො වා නො වා’ති ජානිත්වා උපසඞ්කමෙය්ය”න්ති තස්මා මාණවං ආමන්තෙත්වා “අයං තාතා”තිආදිමාහ. තං භවන්තන්ති තස්ස භවතො. තථා සන්තංයෙවාති තථා සතොයෙව. ඉදඤ්හි ඉත්ථම්භූතාඛ්යානත්ථෙ උපයොගවචනං. යථා කථං පනාහං, භොති එත්ථ කථං පනාහං, භො, තං භවන්තං ගොතමං ජානිස්සාමි, යථා සක්කා සො ඤාතුං, තථා මෙ ආචික්ඛාති අත්ථො. යථාති වා නිපාතමත්තමෙවෙතං. කථන්ති අයං ආකාරපුච්ඡා, කෙනාකාරෙනාහං භවන්තං ගොතමං ජානිස්සාමීති අත්ථො.
අයංතාතා තමා මහලු බැවින් යාමට නොහැකි වන්නේ තරුණයා අමතා මෙසේකීය. එසේවුවත් මේ බ්‍රාහ්මණයා මෙසේ සිතීය. මේ ලෝකයෙහි මම බුදුවෙමියි නැගුණහුගේ නම ගෙන බොහෝ දෙන හැසිරෙති. ඒනිසා ඇසීම් මාත්‍රයෙන්ම එළඹෙන්නට යුතු නැත. එපැත්තකින් එළඹෙන්නහුගේ ඉවත්වීමද ගෞරවනීය වෙයි. අනර්ථයක්ද ඇතිවේ. අතවැසියකු යවා බුදුන්ද නැද්දැයි දැනගෙන එළඹෙන්නෙමි නම් යෙහෙකි. ඒ නිසා තරුණයා අමතා අයං තාතා ආදිය කීය. තං භගවත්තං ඒ භාග්‍යවතුන් වහන්සේගේ, සන්තං යන්නම සතො යනුවෙන් වෙයි. මෙය ඉත්ථමභූත ආඛ්‍යාත අර්ථයෙහි දුතියා විභක්ති වචනයි. යථාකථම්ප නාහං හොති මෙහි හොතං, භාග්‍යවත් ගෞතමයන් මම දැන ගන්නේ කෙසේද, දැනගන්ට ඔහුට හැකිනම් මට කියන්න යන අර්ථයි. යථාතිවා නිපාත මාත්‍රයක්මය. කථං යනු ආකාර විමසීමයි. කුමන ආකාරයකින් මම භවත් ගෞතමයන් දැනගන්නෙම්ද යන අර්ථයි.
එවං වුත්තෙ කිර නං උපජ්ඣායො – “කිං ත්වං, තාත, පථවියං ඨිතො පථවිං න පස්සාමීති විය චන්දිමසූරියානං ඔභාසෙ ඨිතො චන්දිමසූරියෙ න පස්සාමීති විය වදසී”තිආදීනි වත්වා ජානනාකාරං දස්සෙන්තො ආගතානි ඛො තාතාතිආදිමාහ. තත්ථ මන්තෙසූති වෙදෙසු. තථාගතො කිර උප්පජ්ජිස්සතීති පටිකච්චෙව සුද්ධාවාසා දෙවා වෙදෙසු ලක්ඛණානි පක්ඛිපිත්වා “බුද්ධමන්තා නාම එතෙ”ති බ්රාහ්මණවෙසෙන වෙදෙ වාචෙන්ති “තදනුසාරෙන මහෙසක්ඛා සත්තා තථාගතං ජානිස්සන්තී”ති. තෙන පුබ්බෙ වෙදෙසු මහාපුරිසලක්ඛණානි ආගච්ඡන්ති. පරිනිබ්බුතෙ පන තථාගතෙ අනුක්කමෙන අන්තරධායන්ති, තෙන එතරහි නත්ථි. මහාපුරිසස්සාති පණිධිසමාදානඤාණකරුණාදිගුණමහතො පුරිසස්ස. ද්වෙයෙව ගතියොති ද්වෙ එව නිට්ඨා. කාමඤ්චායං ගතිසද්දො – “පඤ්ච ඛො ඉමා, සාරිපුත්ත, ගතියො”තිආදීසු (ම· නි· 1.153) භවභෙදෙ වත්තති, “ගති මිගානං පවන”න්තිආදීසු (පරි· 339) නිවාසට්ඨානෙ, “එවං අධිමත්තගතිමන්තො”තිආදීසු (ම· නි· 1.161) පඤ්ඤාය, “ගතිගත”න්තිආදීසු විසටභාවෙ, ඉධ පන නිට්ඨායං වත්තතීති වෙදිතබ්බො. තත්ථ කිඤ්චාපි යෙහි සමන්නාගතො රාජා හොති, න තෙහෙව බුද්ධො හොති, ජාතිසාමඤ්ඤතො පන තානියෙව තානීති වුච්චන්ති. තෙන වුත්තං – “යෙහි සමන්නාගතස්සා”ති. සචෙ අගාරං අජ්ඣාවසතීති යදි අගාරෙ වසති, රාජා හොති චක්කවත්තී. චතූහි අච්ඡරියධම්මෙහි සඞ්ගහවත්ථූහි ච ලොකං රඤ්ජනතො රාජා. චක්කරතනං වත්තෙති, චතූහි සම්පත්තිචක්කෙහි වත්තෙති, තෙහි ච පරං වත්තෙති, පරහිතාය ච ඉරියාපථචක්කානං වත්තො එතස්මිං අත්ථීති චක්කවත්තී. එත්ථ ච රාජාති සාමඤ්ඤං, චක්කවත්තීති විසෙසනං. ධම්මෙන චරතීති ධම්මිකො, ඤායෙන සමෙන වත්තතීති අත්ථො. ධම්මෙන රජ්ජං ලභිත්වා රාජා ජාතොති ධම්මරාජා. පරහිතධම්මකරණෙන වා ධම්මිකො, අත්තහිතධම්මකරණෙන ධම්මරාජා. චතුරන්තාය ඉස්සරොති චාතුරන්තො, චතුසමුද්දන්තාය චතුබ්බිධදීපභූසිතාය ච පථවියා ඉස්සරොති අත්ථො. අජ්ඣත්තං කොපාදිපච්චත්ථිකෙ බහිද්ධා ච සබ්බරාජානො විජෙසීති විජිතාවී. ජනපදත්ථාවරියප්පත්තොති ජනපදෙ ථාවරභාවං ධුවභාවං පත්තො, න සක්කා කෙනචි චාලෙතුං, ජනපදො වා තම්හි ථාවරියප්පත්තො අනුස්සුක්කො සකම්මනිරතො අචලො අසම්පවෙධීති ජනපදත්ථාවරියප්පත්තො. සෙය්යථිදන්ති නිපාතො, තස්ස තානි කතමානීති අත්ථො. චක්කරතනන්තිආදීසු චක්කඤ්ච තං රතිජනනත්ථෙන රතනඤ්චාති චක්කරතනං. එසෙව නයො සබ්බත්ථ.
මෙසේ කල්හි උපාධ්‍යායන් වහන්සේ ඔහුට දරුව ඔබ පෘථිවියෙහි සිටිමින් පෘථිවිය නොදකිමියි කියන්නාක් මෙන්, චන්දාසූරියන් බබලමින් සිටින විට චන්ද්රසුරියන් නොදකිමියි කියන්නාක්මෙන් කතා කරතියි ආදිය කියා දන්නා ආකාරයක් පෙන්වන්නේ ආගතානි ඛො තාතා ආදිය කීය. එහි මන්තෙසු වේදයන්හි, තථාගතයන් වහන්සේ උපදින සේකයි පළමුකොටම සුද්ධාවාස දෙවියෝ වේදයන්හි ලක්ෂණ බහා මේවා බුද්ධ මන්ත්‍රයයි බමුණු වෙසින් වේදයන් කියවත් ඒ අනුසාරයෙන් මහේශාඛ්‍ය සත්වයෝ තථාගතයන් වහන්සේ දැන ගන්නාහුයැයි පෙර වේදයන්හි මහා පුරුෂලක්ෂණ තිබුණේය. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි අනුක්රමයෙන් අතුරුදහන්වෙයි. ඒ නිසා දැන් ඇත. මහාපුරිසස්ස ප්රණිධිසමාදානඥාන, කරුණාදී ගුණමහත්වයක් ඇති පුරුෂයාට, ගති දෙකකි. නිෂ්ඨ දෙකකි. ගති ශබ්දය කාමයද වේ. සාරිපුත්ත ගති පසකි ආදීතන්හි භවභේදයෙහි පවතී. මුවන්ගේ ගතිය මහවනයයි ආදිතැන්වල නිවාසස්ථානයයි. මෙසේ අධිමත්ත ගතිමන්තො ආදී තැන්වල ප්‍රඥාවෙහි පවතී. ගතිගතං ආදී තන්හි පැතිරුණු බවෙහි මෙහි නිෂ්ඨාවෙහි පවතීනුයි දතයුතුය. එහි යම් දෙයකින් යුත් තැනැත්තේ රජ වේද එයින්ම බුද්ධ වේ ජාති ආදීතන්හි පැතිරුණු බවෙහි. මෙහි නිෂ්ඨාවෙහි පවතීනුයි දතයුතුය. එහි යම් දෙයකින් යුත් තැනැත්තේ රජ වේද එයින්ම බුද්ධ වේ. ජාති සමානතාවෙන් ඒවාම ඒවාම වෙතියි කියනු ලැබේ. එහෙයින් කියන ලදී. යෙහි සමන්නාගතස්ස යනුවෙන් සචෙ අගාරං අජ්ඣාවසති ඉදින් ගිහිගෙහි වසයිනම් සක්විති රජවෙයි. සතර ආශ්චර්ය ධර්මයන්ගෙන් හා සිව්සඟරා වතින්ද ලෝකය රංජනය කරන බැවින් රාජ නම්වේ. චක්‍රරත්නය පවත්වයි. සතර සම්පත් චක්‍රයෙන් පවත්වයි මේවායින්ද අනුන් කෙරෙහි පවත්වයි යනුයි චක්‍රවර්ති වේ. අනුන්ගේ හිත පිණිස ඉරියව් චක්‍රවත් ඔහු කෙරෙහි ඇත්හුයි චක්‍රවර්ති නමි. මෙහි රාජා යනු සාමාන්‍ය යෙදුමයි. චක්‍රවර්තී යනු විශේෂණයයි. දැහැමින් හැසිරේනුයි ධම්මිකො න්‍යායයෙන් සෙමෙන් පවතීයන අර්ථයි. ධර්මයෙන් රාජ්‍යය ලබා රජවීහුයි ධම්මරාජා අනුන්ට හිතවත් දහම් කිරීමෙන් හෝ ධම්මිකො නමි තමාට හිතවත් කරුණු සිදුකිරීමෙන් හෝ ධම්මරාජා නමි. දිශා හතරට ප්‍රධානීනුයි චාතුරන්ත නමි. සිව්දින සිව් සමුදුරු අන්ත කොට ඇති චතුර්විධවූ දිවයින් අලංකාර කරන ලද හෙයින්ද පෘථුවියට ප්‍රධානී යන අරථයි. ඇතුළත කෝප ආදී සතුරන්ද පිටත සියලු රජුන්ද ජයගත්තේනුයි විජිතාවී ජනපදත්ථාවරිප්පන්තො ඡනපදයන්හි ස්ථාවරභාවයට පත් කා විසින් හෝ දිනිය නොහැකිය. ජනපදයෙහි ස්ථාවර භාවයට පැමිණි, උත්සුක නොවූ. ස්වකීය කාර්යයන්හි නිරත, නොසැලෙන, කම්පාවට පත් නොවන බැවින් ජනපදත්ථා වරියප්පත්තො නමි. සෙය්යථිදං නිපාතයකි. ඒවා මොනවාද යන අර්ථයි. චක්කරතනං ආදී තන්හි චක්‍රයද රතිජනන අර්ථයෙන් රතන ද චක්ක රතනං සියලු තන්හි මේ ක්‍රමයයි.
ඉමෙසු පන රතනෙසු අයං චක්කවත්තිරාජා චක්කරතනෙන අජිතං ජිනාති, හත්ථිඅස්සරතනෙහි විජිතෙ යථාසුඛං අනුවිචරති, පරිණායකරතනෙන විජිතමනුරක්ඛති, සෙසෙහි උපභොගසුඛමනුභවති. පඨමෙන චස්ස උස්සාහසත්තියොගො, හත්ථිඅස්සගහපතිරතනෙහි පභුසත්තියොගො, පච්ඡිමෙන මන්තසත්තියොගො සුපරිපුණ්ණො හොති, ඉත්ථිමණිරතනෙහි තිවිධසත්තියොගඵලං. සො ඉත්ථිමණිරතනෙහි භොගසුඛමනුභවති, සෙසෙහි ඉස්සරියසුඛං. විසෙසතො චස්ස පුරිමානි තීණි අදොසකුසලමූලජනිතකම්මානුභාවෙන සම්පජ්ජන්ති, මජ්ඣිමානි අලොභකුසලමූලජනිතකම්මානුභාවෙන, පච්ඡිමමෙකං අමොහකුසලමූලජනිතකම්මානුභාවෙනාති වෙදිතබ්බං. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන බොජ්ඣඞ්ගසංයුත්තෙ රතනසුත්තස්ස (සං· නි· 5.222-223) උපදෙසතො ගහෙතබ්බො. අපිච බාලපණ්ඩිතසුත්තෙපි (ම· නි· 3.255) ඉමෙසං රතනානං උප්පත්තික්කමෙන සද්ධිං වණ්ණනා ආගමිස්සති.
මේ රත්නයන් අතර මේ සක්විතිරජ චක්‍රරත්නයෙන් නොදිනුතැන් දිනයි. හත්ථි අස්ස රත්තයන් සහිතව විජිතයෙහි සැපසේ හැසිරෙයි. පරිනායක රත්නය සමග විජිතය ආරක්ෂා කරයි. සෙස්සන් සමග උපභෝග සම්පත් අනුභව කරයි. පළමුවෙන්ම ඔහුගේ උත්සාහ ශක්ති යෝගයයි. පසුව කියු දෙයින් මන්ත්‍ර ශක්තියෝගය සුපරිපුර්ණවෙයි. ඉත්ථිමණි රතනයන්ගෙන් ත්‍රිවිධ ශක්තීන් යෙදීමෙහි ඵලයයි. හෙතෙමේ ඉත්ථමණි රතනයන් ගෙන් යෝග සුඛය අනුභව කරයි. සෙස්සෙන් ඓශ්වර්ය සුඛය අනුභවකරයි. විශේෂ වශයෙන් ඔහුට පෙරකී ත්‍රිවිධ ශක්තීහු අදෝස කුසල මූලයන්ගෙන් හටගත් කර්මානුභාවයෙන් සැපයේ. මැද ශක්ති අලෝභකුසල මූලයන්ගෙන් ජනිත කරීම ආනුභාවයෙන් සැපයේ. පසුව කී ශක්තිය අමෝහ කුසල මූලයන්ගෙන් ජනිත කර්ම ආනුභාවයෙන් සැපයේයැයි දත යුතුය. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර බොජ්ඣංග සංයුක්තයෙහි රතන සුත්‍රයට උපදේශ වශයෙන් ගතයුතුය. එසේ වුවත් බාලපණ්ඩිත සූත්‍රයෙහි මේ රත්නයන්ගේ උත්පත්ති ක්‍රමය සමග වර්ණනාව පැමිණෙන්නේය.
පරොසහස්සන්ති අතිරෙකසහස්සං. සූරාති අභීරුකජාතිකා. වීරඞ්ගරූපාති දෙවපුත්තසදිසකායා, එවං තාව එකෙ වණ්ණයන්ති, අයං පනෙත්ථ සභාවො – වීරාති උත්තමසූරා වුච්චන්ති. වීරානං අඞ්ගං වීරඞ්ගං, වීරකාරණං වීරියන්ති වුත්තං හොති. වීරඞ්ගං රූපං එතෙසන්ති වීරඞ්ගරූපා, වීරියමයසරීරා වියාති වුත්තං හොති. පරසෙනප්පමද්දනාති සචෙ පටිමුඛං තිට්ඨෙය්ය පරසෙනා, තං මද්දිතුං සමත්ථාති අධිප්පායො. ධම්මෙනාති “පාණො න හන්තබ්බො”තිආදිනා පඤ්චසීලධම්මෙන.
පරොසහස්සං අතිරේක දහස සූරා බිය නැති වර්ගයා වීරඞ්ගරූපා දේවපුත්රයකුට හා සමාන සිරුරු ඇති මෙසේ එක් කොටසක් වර්ණනා කරත්. මේ මෙහි ස්වභාවයයි. වීරා උත්තම සූරයෝ යැයි කියනු ලැබෙත්. වීරයන්ගේ අංගය වීරඞ්ගං නමි වීර කාරණයයි. වීර්යයැයි කියන ලද්දේවෙයි. පරසෙනප්පමද්දනා ඉදින් ඉදිරියෙහි සිටින්නේනම් පරසේනාවන් හෝ එය මර්දනය කරන්ට සමර්ථයැයි අදහස් කරන ලදී. ධම්මෙන ප්‍රාණය නැති නොකළ යුතුය ආදී පංචශීලධර්මයෙන්
අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදොති එත්ථ රාගදොසමොහමානදිට්ඨිඅවිජ්ජාදුච්චරිතඡදනෙහි සත්තහි පටිච්ඡන්නෙ කිලෙසන්ධකාරලොකෙ තං ඡදනං විවට්ටෙත්වා සමන්තතො සඤ්ජාතාලොකො හුත්වා ඨිතොති විවට්ටච්ඡදො. තත්ථ පඨමෙන පදෙන පූජාරහතා, දුතියෙන තස්සා හෙතු යස්මා සම්මාසම්බුද්ධොති, තතියෙන බුද්ධත්තහෙතුභූතා විවට්ටච්ඡදතා වුත්තාති වෙදිතබ්බා. අථ වා විවට්ටො ච විච්ඡදො චාති විවට්ටච්ඡදො, වට්ටරහිතො ඡදනරහිතො චාති වුත්තං හොති. තෙන අරහං වට්ටාභාවෙන, සම්මාසම්බුද්ධො ඡදනාභාවෙනාති එවං පුරිමපදද්වයස්සෙව හෙතුද්වයං වුත්තං හොති. දුතියවෙසාරජ්ජෙන චෙත්ථ පුරිමසිද්ධි, පඨමෙන දුතියසිද්ධි, තතියචතුත්ථෙහි තතියසිද්ධි හොති. පුරිමඤ්ච ධම්මචක්ඛුං, දුතියං බුද්ධචක්ඛුං, තතියං සමන්තචක්ඛුං සාධෙතීතිපි වෙදිතබ්බං. ත්වං මන්තානං පටිග්ගහෙතාති ඉමිනාස්ස සූරභාවං ජනෙති.
අරහං හොති සම්මා සම්බුද්ධො ලොකෙ විවිත්තච්ඡද්දො මෙහි රාග දෝස මෝහ මාන දිට්ඨි අවිජ්ජා දුශ්චරිත සත් සෙවනින් වැසුණු ක්ලේශාන්ධකාර ලෝකයෙහි ඒ වහලය විවෘතකොට හාත්පසින් හටගත් ලෝකයක්ව සිටියේ විවත්තච්ඡද්දො නමි. එහි පළමුපදයෙන් පූජාවට සුදුසු බව දෙවැන්නෙන් එයට හේතුව, යම් හෙයකින් සම්මාසම්බුද්ධ වීද එය තෙවැන්නෙන් බුද්ධත්වයට හේතුභූත වූ විවත්තච්ඡද්දතාව කියන ලදැයි දත යුතුයි. නැතහොත් විවෘත කරන ලද වහලය ඇත්තේනුයිද, විවෘත කරන ලද වහලය ඇත්තේ වටකිරීම් නැති වහලය නැති යයි කියන ලද්දේ වෙයි. එයින් අරහං වෙයි. වටකිරීම් නැති බැවින්ද වහලය ඇත්තේ වටකිරීම් නැති වහලය නැති යයි කියන ලද්දේ වෙයි. එයින් අරහං වෙයි. වටකිරීම් නැති බැවින්ද වහලය රහිත බැවින්ද සම්මාසම්බුද්ධය. මෙසේ පූර්ව පද දෙකටම හේතු භූත වූ දෙක කියන ලද්දේවෙයි. දෙවැනි වෛශාරද්යයෙන්ද මෙහි පුර්ව සිද්ධිය ඇතිවේ. පළමු වැන්නෙන් දෙවැනි සිද්ධිය ඇතිවේ. තෙවැන්නෙන් සිව්වැන්නෙන් තෙවැනි සිද්ධිය ඇතිවේ. පළමුවැන්න ධර්මචක්ෂුසද, දෙවැන්න ධර්ම චක්‍ෂුසද, තෙවැන්න සමන්ත චක්‍ෂුසද සදතියි දතයුතුය. ත්වං මන්තං පටිග්ගහෙතා මෙයින් ඔහුට ශූරභාවය උපදී
සොපි තාය ආචරියකථාය ලක්ඛණෙසු විගතසම්මොහො එකොභාසජාතො විය බුද්ධමන්තෙ සම්පස්සමානො එවං, භොති ආහ. තස්සත්ථො – යථා, භො, මං ත්වං වදසි, එවං කරිස්සාමීති. සමන්නෙසීති ගවෙසි, එකං ද්වෙති වා ගණයන්තො සමානයි. අද්දසා ඛොති කථං අද්දස? බුද්ධානඤ්හි නිසින්නානං වා නිපන්නානං වා කොචි ලක්ඛණං පරියෙසිතුං න සක්කොති, ඨිතානං පන චඞ්කමන්තානං වා සක්කොති. තස්මා ලක්ඛණපරියෙසනත්ථං ආගතං දිස්වා බුද්ධා උට්ඨායාසනා තිට්ඨන්ති වා චඞ්කමං වා අධිට්ඨහන්ති. ඉති ලක්ඛණදස්සනානුරූපෙ ඉරියාපථෙ වත්තමානස්ස අද්දස. යෙභුය්යෙනාති පායෙන, බහුකානි අද්දස, අප්පානි න අද්දසාති අත්ථො. තතො යානි න අද්දස, තෙසං දීපනත්ථං වුත්තං ඨපෙත්වා ද්වෙති. කඞ්ඛතීති “අහො වත පස්සෙය්ය”න්ති පත්ථනං උප්පාදෙති. විචිකිච්ඡතීති තතො තතො තානි විචිනන්තො කිච්ඡති න සක්කොති දට්ඨුං. නාධිමුච්චතීති තාය විචිකිච්ඡාය සන්නිට්ඨානං න ගච්ඡති. න සම්පසීදතීති තතො “පරිපුණ්ණලක්ඛණො අය”න්ති භගවති පසාදං නාපජ්ජති. කඞ්ඛාය වා දුබ්බලා විමති වුත්තා, විචිකිච්ඡාය මජ්ඣිමා, අනධිමුච්චනතාය බලවතී, අසම්පසාදෙන තෙහි තීහි ධම්මෙහි චිත්තස්ස කාලුස්සියභාවො. කොසොහිතෙති වත්ථිකොසෙන පටිච්ඡන්නෙ. වත්ථගුය්හෙති අඞ්ගජාතෙ. භගවතො හි වාරණස්සෙව කොසොහිතවත්ථගුය්හං සුවණ්ණවණ්ණං පදුමගබ්භසමානං, තං සො වත්ථපටිච්ඡන්නත්තා, අන්තොමුඛගතාය ච ජිව්හාය පහූතභාවං අසල්ලක්ඛෙන්තො තෙසු ද්වීසු ලක්ඛණෙසු කඞ්ඛී අහොසි විචිකිච්ඡී.
හෙතෙමේද ඒ ආචාර්ය කථාවෙහි ලක්ෂණයන්හි පහවූ මෝහ ඇති ඒකාලෝක වූවාක්මෙන් බුද්ධමන්ත්රයන් බලමින් එවංහොති මෙසේ වේයයි කීය. එහි අර්ථය නම් පින්වත ඔබ මට යම්සේ කියහිද එසේ කරන්නෙමි. සම්මන්තෙසි - ගවේෂණය කළේය. එක දෙක යයි ගණන් කරන්නේ සමාන කළේය. අද්දසාඛො කෙසේ දුටුවේද? වැඩහුන් බුදුවරුන්ගේ හෝ වැදහොත් බුදුවරුන්ගේ කිසියම් ලක්ෂණයක් පර්යේෂණය කරන්ට නොහැකිය. සිටි බුදුවරුන්ගේ හෝ සක්මන් කරන බුදුවරුන්ගේ හැකිය එහෙයින් ලක්ෂණ පර්යේෂණය කිරීම සඳහා කීය. ඒ දැක බුදුවරු අසුනින් නැගිට සිටිති කියාහෝ සක්මන හෝ අධිෂ්ඨාන කරතියි කියා හෝ ලක්ෂණ දැකීමට සුදුසු ඉරියව් පවත්වන විට දුටුවේය. යෙභුය්යෙන බෙහෙවින් බොහොමයක් දුටුවේය. මඳක් නොදුටුවේය යන අර්ථයි. ඉන්පසු යම් කිසිවක් නොදුටුද ඒ දෙකක් හැර පෙන්වීම පිණිස කියන ලදී. කංඛති අනේ බලන්ට ඇත්නම් යයි ප්‍රාර්ථනාවක් උපදවයි. විචිකිච්ඡති එයින් ඒවා විමසා බලන්නේ වෙහෙසෙයි දකින්ට නොහැකිවෙයි. නාධිමුච්චති ඒ විචිකිච්ඡාවෙන් නිෂ්ඨාවකට නොයයි. නසම්පසිදති එයින් මුන් වහන්සේ පරිපූර්ණ ලක්ෂණ ඇතිසේකැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයට නොපැමිණේ. සැකයෙන් දුබලවු විමතිය කියන ලදි. විචිකිච්ඡාවෙන් මැද අවබෝධ නොවන බැවින් බලවත්යයි අප්‍රසාදයෙන් ඒ තුන් කරුණු වලින් සිත කිළිටිවන බව කොසොහිත වස්ති කෝෂයෙන් වැසුණු, වත්ථගුය්හෙ අංගජාතයෙහි භාග්‍යවතුන් වහන්සේගේ වනාහි ඇතකුගේ මෙන් කෝෂයෙන් වසුණු අංගජාතය. රන්වන්ය. පියුම් ගැබක් වැනිය. එය වස්ත්‍රයෙන් වැසුණු බැවින් නොදකින්නේ මුව තුළටවත් දිවෙහි පුළුල් බව නොසලකන්නේ ඒ ලක්ෂණ දෙකෙහි සැක ඇත්තේ විය. වෙහෙසුණේය.
අථ ඛො භගවාති අථ භගවා චින්තෙසි – “සචාහං ඉමස්ස එතානි ද්වෙ ලක්ඛණානි න දස්සෙස්සාමි, නික්කඞ්ඛො න භවිස්සති. එතස්ස කඞ්ඛාය සති ආචරියොපිස්ස නික්කඞ්ඛො න භවිස්සති, අථ මං දස්සනාය න ආගමිස්සති, අනාගතො ධම්මං න සොස්සති, ධම්මං අසුණන්තො තීණි සාමඤ්ඤඵලානි න සච්ඡිකරිස්සති. එතස්මිං පන නික්කඞ්ඛෙ ආචරියොපිස්ස නික්කඞ්ඛො මං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා තීණි සාමඤ්ඤඵලානි සච්ඡිකරිස්සති. එතදත්ථංයෙව ච මයා පාරමියො පූරිතා. දස්සෙස්සාමිස්ස තානි ලක්ඛණානී”ති.
අථඛොහගවා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූ සේක. යම්හෙයකින් මා මොහුට මේ ලක්ෂණ දෙක නොපෙන්වුවහොත් නිශ්ශංක නොවන්නේය. මෙහි සැක ඇති කල්හි ඔහුගේ ගුරුවරයාද නිශ්ශංක නොවන්නේය. නැවත මා බලන්නට නොඑන්නේය. නොපැමිණෙන්නේ ධර්මය නො අසන්නේය. ධර්ම නොඅසන්නේ සාමඤ්ඤඵලතුන සාක්ෂාත් නොකරන්නේය. මා පාරමිතා පිරූයේ මේ සඳහාය. මොහුට ඒ ලක්ෂණ දක්වන්නෙමියි
තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරමකාසි. කථංරූපං? කිමෙත්ථ අඤ්ඤෙන වත්තබ්බං? වුත්තමෙතං නාගසෙනත්ථෙරෙනෙව මිලින්දරඤ්ඤා පුට්ඨෙන –
එබඳු වූ සෘද්ධි අභිසංඛාරයක් කළසේක. රූපය කෙසේද මෙහිදී අනිකකු විසින් කුමක් කිවයුතුද. එය නාගසේන තෙරුන් විසින්ම ඒ ගැන විමසූ මිලින්ද රජුට කියන ලදී. මෙසේ කීහ -
ආහ ච දුක්කරං, භන්තෙ නාගසෙන, භගවතා කතන්ති. කිං මහාරාජාති? මහාජනෙන හිරිකරණොකාසං බ්‍රහ්මායුබ්‍රාහ්මණස්ස ච අන්තෙවාසිඋත්තරස්ස ච බාවරියස්ස අන්තෙවාසීනං සොළසබ්රාහ්මණානඤ්ච සෙලස්ස ච බ්රාහ්මණස්ස අන්තෙවාසීනං තිසතමාණවානඤ්ච දස්සෙසි, භන්තෙති. න, මහාරාජ, භගවා ගුය්හං දස්සෙති, ඡායං භගවා දස්සෙති, ඉද්ධියා අභිසඞ්ඛරිත්වා නිවාසනනිවත්ථං කායබන්ධනබද්ධං චීවරපාරුතං ඡායාරූපකමත්තං දස්සෙසි මහාරාජාති. ඡායං දිට්ඨෙ සති දිට්ඨොයෙව. නනු, භන්තෙති? තිට්ඨතෙතං, මහාරාජ, හදයරූපං දිස්වා බුජ්ඣනකසත්තො භවෙය්ය, හදයමංසං නීහරිත්වා දස්සෙය්‍ය සම්මාසම්බුද්ධොති. කල්ලොසි, භන්තෙ නාගසෙනාති.
නාගසේනයන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද්දේ දුෂ්කර දෙයකි. කිමෙක්ද මහරජ, මහජනයා විසින් ලජ්ජාවීමට අවකාශයෙක, බ්‍රහ්මායු බ්රාහ්මණයටත් අතවැසි උත්තරටද, පාවාරියගේ අතවැසි වූ සොළොස් බමුණන්ටත්, සේල බ්‍රාහ්මණයාටද අතවැසි මානවයන් තිස් දෙනාටද දැක්වූයේ ස්වාමීනි. මහරජ භාග්‍යවතුන් වහන්සේ අංගජාතය නොපෙන්වූ සේක. ඡායාව පමණක් පෙන්වූසේක. සෘද්ධියෙන් මවා සිවුර අඳනය කාබහන බැඳුණු සිවුර පොරෝනයෙහි ඡායාරූපයක් රූපමාත්රයක් පෙන්වීය මහරජ ස්වාමීනි ඡායාව දුටුවිට දැක්කේම වෙයි නේන්ද? එය වෙයි මහරජ හෘදය රූපය දැක අවබෝධ කරගන්නා සත්වයෙක් වන්නේය හෘදය මාංශය ඉවතට ගෙන දක්වන්නේය. නාගසේනයන් වහන්ස සම්මා සම්බුද්ධ යනු දක්ෂයෙක් නේද?
නින්නාමෙත්වාති නීහරිත්වා. අනුමසීති කථිනසූචිං විය කත්වා අනුමජ්ජි. තථා කරණෙන චෙත්ථ මුදුභාවො, කණ්ණසොතානුමසනෙන දීඝභාවො, නාසිකසොතානුමසනෙන තනුභාවො, නලාටච්ඡාදනෙන පුථුලභාවො පකාසිතොති වෙදිතබ්බො. උභොපි කණ්ණසොතානීතිආදීසු චෙත්ථ බුද්ධානං කණ්ණසොතෙසු මලං වා ජල්ලිකා වා නත්ථි, ධොවිත්වා ඨපිතරජතපනාළිකා විය හොන්ති, තථා නාසිකසොතෙසු, තානිපි හි සුපරිකම්මකතකඤ්චනපනාළිකා විය ච මණිපනාළිකා විය ච හොන්ති. තස්මා ජිව්හං නීහරිත්වා කථිනසූචිං විය කත්වා මුඛපරියන්තෙ උපසංහරන්තො දක්ඛිණකණ්ණසොතං පවෙසෙත්වා තතො නීහරිත්වා වාමකණ්ණසොතං පවෙසෙසි, තතො නීහරිත්වා දක්ඛිණනාසිකසොතං පවෙසෙත්වා තතො නීහරිත්වා වාමනාසිකසොතං පවෙසෙසි, තතො නීහරිත්වා පුථුලභාවං දස්සෙන්තො රත්තවලාහකෙන අඩ්ඪචන්දං විය ච සුවණ්ණපත්තං විය ච රත්තකම්බලපටලෙන විජ්ජුජොතසදිසාය ජිව්හාය කෙවලකප්පං නලාටමණ්ඩලං පටිච්ඡාදෙසි.
නින්නාමෙත්වා ඉවතට ගෙන, අනුමසි විදින ඉදිකටුවක් මෙන් කොට අතගෑය. එසේ කිරීමෙන් මෙහි මෘදුබව, කර්ණ ග්‍රෝතය ස්පර්ශ කිරීමෙන් දිගුබව, නාසිකා ග්‍රෝතය පිරිමැදීමෙන් මහත්බව නළල වැසීමෙන් පුළුල් බවද ප්‍රකාශ විණැයි දතයුතුය. උභොපිකණ්ණසොතානි ආදිතන්හිද, බුදු වරුන්ගේ කර්ණ ශ්රෝතයන්හි මලහෝ දැලි හෝ නැත. සෝදා තැබූ රිදී බටයක් මෙන් වෙයි. නාසිකාවද එසේය. කන්වල ඒවාද මැනවින් කැටයම් කළ රන් බටයක් මෙන්ද, මැණික් බටයක් මෙන්ද වෙයි. එනිසා දිව පිටතට ගෙන විදින ඉදිකටුවක් මෙන් කොට මුව කෙළවරින් එක්තැන්කොට දකුණුකන් සිදුරට ප්‍රවේශ කොට, ඉන් පිටට ගෙන වම්කන් සිදුරට ප්‍රවේශ කළ සේක. එයින් පිටතට ගෙන වම් නාස් පුඩුවට ප්‍රවේශ කළසේක. එයින් පිටතට ගෙන පුළුල්බව දක්වන සේක් රන්වලාවකින් අඩසඳසේද රන්පටක් සේද රන් කම්බිලි පටකින් විදුලිය එලියක් බඳු දිවෙන් මුළු නළල් තලය වැසූසේක.
යංනූනාහන්ති කස්මා චින්තෙසි? අහඤ්හි මහාපුරිසලක්ඛණානි සමන්නෙසිත්වා ගතො “දිට්ඨානි තෙ, තාත, මහාපුරිසලක්ඛණානී”ති ආචරියෙන පුච්ඡිතො “ආම, ආචරියා”ති වත්තුං සක්ඛිස්සාමි. සචෙ පන මං “කිරියාකරණමස්ස කීදිස”න්ති පුච්ඡිස්සති, තං වත්තුං න සක්ඛිස්සාමි, න ජානාමීති වුත්තෙ පන ආචරියො කුජ්ඣිස්සති “නනු ත්වං මයා සබ්බම්පෙතං ජානනත්ථාය පෙසිතො, කස්මා අජානිත්වා ආගතොසී”ති, තස්මා යන්නූනාහන්ති චින්තෙත්වා අනුබන්ධි. භගවා න්හානට්ඨානං මුඛධොවනට්ඨානං සරීරපටිජග්ගනට්ඨානං රාජරාජමහාමත්තාදීනං ඔරොධෙහි සද්ධිං පරිවාරෙත්වා නිසින්නට්ඨානන්ති ඉමානි චත්තාරි ඨානානි ඨපෙත්වා සෙසට්ඨානෙසු අන්තමසො එකගන්ධකුටියම්පි ඔකාසමකාසි.
යන්නූනාහං කුමක්නිසා සිතීද? මම මහාපුරුෂලක්ෂණ හොඳින් පරීක්ෂාකර බලා ගියවිට, දරුව ඔබ මහාපුරුෂලක්ෂණ දුටුවෙහිදැයි ගුරුවරයා විසින් විමසන ලද්දේ එසේය ආචාරීනි කියන්ට හැකිවන්නේනමි. යම්හෙයකින් ඔහුගේ කාර්යකරණය කෙසේදැයි මා විමසන්නේය. එය කියන්ට නොහැකිය. නොදනිමියි කීකල්හි ගුරුවරයා කිපෙන්නේය. ඔබ පිටත්කර හැරියේ මේ සියල්ල දැනගන්ට නොවේද කුමක්නිසා නොදැන ආවෙහිද? ඒනිසා මැනැවැයි සිතා ලුහුබැන්දේය. භාග්‍යවතුන් වහන්සේ නානතැන. මුවදෝනා තැන. සිරුර පිළිදැගුම් කරන තැන අන්තඃපුර ස්ත්‍රීන් සමග රාජරාජ මහාමාත්රාදීන් පිරිවරා හිඳින තැන යන මේ සිව්තැන් හැර සෙසුතැන්වල යටත් පිරිසෙයින් එකම ගඳකිළියෙහි පවා අවකාශය ලබාගත්තේය.
ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ – “අයං කිර බ්‍රහ්මායුබ්‍රාහ්මණස්ස මාණවො උත්තරො නාම ‘බුද්ධො වා නො වා’ති තථාගතස්ස බුද්ධභාවං වීමංසන්තො චරති, බුද්ධවීමංසකො නාමාය”න්ති පාකටො ජාතො. යම්හි යම්හි ඨානෙ බුද්ධා වසන්ති, පඤ්ච කිච්චානි කතානෙව හොන්ති, තානි හෙට්ඨා දස්සිතානෙව. තත්ථ පච්ඡාභත්තං අලඞ්කතධම්මාසනෙ නිසීදිත්වා දන්තඛචිතං චිත්තබීජනිං ගහෙත්වා මහාජනස්ස ධම්මං දෙසෙන්තෙ භගවති උත්තරොපි අවිදූරෙ නිසීදති. ධම්මස්සවනපරියොසානෙ සද්ධා මනුස්සා ස්වාතනාය භගවන්තං නිමන්තෙත්වා මාණවම්පි උපසඞ්කමිත්වා එවං වදන්ති – “තාත, අම්හෙහි භගවා නිමන්තිතො, ත්වම්පි භගවතා සද්ධිං ආගන්ත්වා අම්හාකං ගෙහෙ භත්තං ගණ්හෙය්යාසී”ති. පුනදිවසෙ තථාගතො භික්ඛුසඞ්ඝපරිවුතො ගාමං පවිසති, උත්තරොපි පදවාරෙ පදවාරෙ පරිග්ගණ්හන්තො පදානුපදිකො අනුබන්ධති. කුලගෙහං පවිට්ඨකාලෙ දක්ඛිණොදකග්ගහණං ආදිං කත්වා සබ්බං ඔලොකෙන්තො නිසීදති. භත්තකිච්චාවසානෙ තථාගතස්ස පත්තං භූමියං ඨපෙත්වා නිසින්නකාලෙ මාණවකස්ස පාතරාසභත්තං සජ්ජෙන්ති. සො එකමන්තෙ නිසින්නො භුඤ්ජිත්වා පුන ආගන්ත්වා සත්ථු සන්තිකෙ ඨත්වා භත්තානුමොදනං සුත්වා භගවතා සද්ධිංයෙව විහාරං ගච්ඡති.
කලයත්යත්ම මේ බ්‍රහ්මායු බමුණාගේ උත්තර නමැති ශිෂ්‍යයා බුදුවරයෙක්ද නැද්දැයි භාග්‍යවතුන් වහන්සේගේ බුදුබව ගැන විමසන්නේ හැසිරේ. හේ බුද්ධ වීමංසන මාණව නමින් ප්රකටවිය. යම් යම් තැනෙක බුදුවරු වසත්ද එතැන කෘත්‍ය පහක් කරන ලද්දේ වෙයි. ඒවා යට පෙන්වා දෙන ලදී පසු බත් කල්හි අලංකාර කරන ලද ධර්මාසනයෙහි හිඳ ඇත්දතින් කැටයම් කළ වටාපතගෙන මහජනයාට භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන කල්හි උත්තර මානවකයාද නුදුරෙහි හිඳී. දහම් අසා කෙළවර ශ්රද්ධාවත් මනුෂ්‍යයෝ හෙට පිණිස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට මානවයා වෙතටද එළඹ දරුව අප විසින් භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කරන ලදී. ඔබද උන්වහන්සේ සමග පැමිණ අපගේ ගෙහි ආහාර ගන්නේ මැනවැ දෙවැනි දවසෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගමට පිවිසෙන සේක. උත්තර ද පියවරක් පියවරක් පාසා පා අනුවම ලුහුබඳී කුලගෙයට පිවිසුණු කල්හි දක්ෂිණෝදකය පිළිගැනීම ආදී කොට සියල්ල බලමින් සිඳී. බත්කිස කෙළවර භාග්‍යවතුන් වහන්සේ පාත්‍රය බිමතබා දුන්කල්හි මානවයාට උදෑසන ආහාරය පිළියෙල කරති. හේ එකත් පසෙක හිඳ අනුභව කොට නැවත අවුත් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි සිට භුක්තානුමෝදනාව අසා භාග්‍යවතුන් වහන්සේ සමගම වෙහෙරට යයි.
තත්ථ භගවා භික්ඛූනං භත්තකිච්චපරියොසානං ආගමෙන්තො ගන්ධමණ්ඩලමාළෙ නිසීදති. භික්ඛූහි භත්තකිච්චං කත්වා පත්තචීවරං පටිසාමෙත්වා ආගම්ම වන්දිත්වා කාලෙ ආරොචිතෙ භගවා ගන්ධකුටිං පවිසති, මාණවොපි භගවතා සද්ධිංයෙව ගච්ඡති. භගවා පරිවාරෙත්වා ආගතං භික්ඛුසඞ්ඝං ගන්ධකුටිප්පමුඛෙ ඨිතො ඔවදිත්වා උය්යොජෙත්වා ගන්ධකුටිං පවිසති, මාණවොපි පවිසති. භගවා ඛුද්දකමඤ්චෙ අප්පමත්තකං කාලං නිසීදති, මාණවොපි අවිදූරෙ ඔලොකෙන්තො නිසීදති. භගවා මුහුත්තං නිසීදිත්වා සීසොක්කමනං දස්සෙති, – “භොතො ගොතමස්ස විහාරවෙලා භවිස්සතී”ති මාණවො ගන්ධකුටිද්වාරං පිදහන්තො නික්ඛමිත්වා එකමන්තං නිසීදති. මනුස්සා පුරෙභත්තං දානං දත්වා භුත්තපාතරාසා සමාදින්නඋපොසථඞ්ගා සුද්ධුත්තරාසඞ්ගා මාලාගන්ධාදිහත්ථා ධම්මං සුණිස්සාමාති විහාරං ආගච්ඡන්ති, චක්කවත්තිනො ඛන්ධාවාරට්ඨානං විය හොති.
එහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් බත්කිස නිමවා එන තෙක් ගඳකිළියෙහි ආලින්දයෙහි වැඩහිඳින සේක. භික්ෂුන් බත්කිස නිමවා පා සිවුරු නමාතබා පැමිණ වැඳ කල්දැන්වූ කල උන්වහන්සේ ගඳකිළියට පිවිසෙන සේක. මානවයාද ඒ සමගම යයි. භාග්‍යවතුන් වහන්සේ පිරිවරා පැමිණි භික්ෂුසංඝයාට ගඳකිළිය ඉදිරිපිට සිට ඔවදන් දී පිටත්කොට යවා ගඳකිළියට පිවිසෙන සේක. මානවයාද පිවිසෙයි. භාග්‍යවතුන් වහන්සේ කුඩා ඇඳක සුළුවේලාවක් හිඳින සේක. මානවයාද නුදුරෙහි බලමින් හිඳී භාග්‍යවතුන් වහන්සේ මොහොතක් හිඳ හිස සෙලවීමක් පෙන්වන සේක. භවත් ගෞතමයන්ගේ විවේක වේලාව වන්නේයැයි මානවයා ගඳකිළිදොර වසාගෙන නික්මගොස් එකත් පසක හිඳී. මිනිස්සු පෙරබත දන් දී උදෑසන අහර ගෙන පෙහෙවස් අංග සමාදන්ව පිරිසිදු උතුරු සළු ඇතිව මල්දම් සුවඳගත් අත් ඇත්තාහු දහම් කථා අසන්නෙමුයි වෙහෙරට පැමිණෙති. සක්විති රජකුගේ කඳවුරු බැඳිතැනක් මෙන් වෙයි.
භගවා මුහුත්තං සීහසෙය්යං කප්පෙත්වා වුට්ඨාය පුබ්බභාගෙන පරිච්ඡින්දිත්වා සමාපත්තිං සමාපජ්ජති. සමාපත්තිතො වුට්ඨාය මහාජනස්ස ආගතභාවං ඤත්වා ගන්ධකුටිතො නික්ඛම්ම මහාජනපරිවුතො ගන්ධමණ්ඩලමාළං ගන්ත්වා පඤ්ඤත්තවරබුද්ධාසනගතො පරිසාය ධම්මං දෙසෙති. මාණවොපි අවිදූරෙ නිසීදිත්වා – “කිං නු ඛො සමණො ගොතමො ගෙහස්සිතවසෙන පරිසං උස්සාදෙන්තො වා අපසාදෙන්තො වා ධම්මං දෙසෙති, උදාහු නො”ති අක්ඛරක්ඛරං පදං පදං පරිග්ගණ්හාති. භගවා තථාවිධං කථං අකථෙත්වාව කාලං ඤත්වා දෙසනං නිට්ඨාපෙසි. මාණවො ඉමිනා නියාමෙන පරිග්ගණ්හන්තො සත්ත මාසෙ එකතො විචරිත්වා භගවතො කායද්වාරාදීසු අණුමත්තම්පි අවක්ඛලිතං න අද්දස. අනච්ඡරියඤ්චෙතං, යං බුද්ධභූතස්ස මනුස්සභූතො මාණවො න පස්සෙය්ය, යස්ස බොධිසත්තභූතස්ස ඡබ්බස්සානි පධානභූමියං අමනුස්සභූතො මාරො දෙවපුත්තො ගෙහස්සිතවිතක්කමත්තම්පි අදිස්වා බුද්ධභූතං එකසංවච්ඡරං අනුබන්‍ධිත්‍වා කිඤ්චි අපස්සන්තො –
භාග්‍යවතුන් වහන්සේ මොහොතක් සිංහසෙය්‍යාව කොට නැගිට පුර්වාධ්යාශයෙන් පිරිසිඳ සමවතට සමවදින සේක. සමවතින් නැගිට මහජනයා පැමිණි බව දැන ගඳකිළියෙන් නික්ම මහජනයා පිරිවරා ආලින්දයට ගොස් පනවනලද උතුම් බුදු අසුනට පැමිණි සේක් පිරිසට දහම් දෙසන සේක. මානවයාද නුදුරෙහි හිඳ ශ්‍රමණ ගෞතම තෙමේ පිරිස ගෘහාශ්‍රිත වශයෙන් උනන්දු කරමින් ධර්මය දෙසයිද නැතහොත් උනන්දුව නැති කරමින් ධර්මය දෙසයිදැයි අකුරක් අකුරක් පාසා පදයක් පදයක් පාසා අල්ලාගනී. භාග්‍යවතුන් වහන්සේ එබඳු කථාවක් නොකියා කල්දැන දේශනාව නවත්වනසේක. මානවයා මේ ආකාරයෙන් අල්ලාගන්නේ සත්මසක් එක්ව හැසිර භාග්‍යවතුන් වහන්සේගේ කායද්වාර ආදීන්හි අණු මාත්‍රවූද වරදක් නොදැක්කේය. බුදු වූ කෙනකුගේ වරදක් මනුෂ්‍ය වූ මානවයකු නොදක්නේ නම් එය නොවේ. බෝධිසත්වූ උන්වහන්සේගේ සවසක් පධන් බිමෙහි අමනුෂ්‍ය වූ මාරදිව්‍ය පුත්‍රයා ගෘහාශ්‍රිත විතරක මාත්‍රයක්වත් නොදැක බුදුවූ පසුත් වසරක් ලුහුබැඳ කිසිවක් නොදන්නේ,
“සත්ත වස්සානි භගවන්තං, අනුබන්ධිං පදාපදං; ඔතාරං නාධිගච්ඡිස්සං, සම්බුද්ධස්ස සතීමතො”ති. (සු· නි· 448) –
සත්ත වස්සානි භගවන්තං - අනුබන්ධිං පදාපදං ඔකාරංනා ධිගච්ඡෙය්යං - සම්බුද්ධස්ස සනීමතො.
සත්වසක් බුදුන් පසුපස පියෙන් පිය ලුහුබැඳ ගියෙමි වරදක් සොයාගත නුහුනුයැ සිතීමත් සම්බුදුන්ගේ
ආදිගාථායො වත්වා පක්කාමි. තතො මාණවො චින්තෙසි – “අහං භවන්තං ගොතමං සත්ත මාසෙ අනුබන්ධමානො කිඤ්චි වජ්ජං න පස්සාමි. සචෙ පනාහං අඤ්ඤෙපි සත්ත මාසෙ සත්ත වා වස්සානි වස්සසතං වා වස්සසහස්සං වා අනුබන්ධෙය්යං, නෙවස්ස වජ්ජං පස්සෙය්යං. ආචරියො ඛො පනස්ස මෙ මහල්ලකො, යොගක්ඛෙමං නාම න සක්කා ජානිතුං. සමණස්ස ගොතමස්ස සභාවගුණෙනෙව බුද්ධභාවං වත්වා මය්හං ආචරියස්ස ආරොචෙස්සාමී”ති භගවන්තං ආපුච්ඡිත්වා භික්ඛුසඞ්ඝං වන්දිත්වා නික්ඛමි.
ආදී ගාථා කියා නික්ම ගියේය. ඉක්බිතිව මානවයා මෙසේ සිතීය. මම සත්මසක් භවත් ගෞතමයන් ලුහුබඳිමින් කිසිදු වරදක් නොදකිමි. ඉදින් මම තවත් සත්මසක් හෝ සත්වසක් වස්සියයක් වස්දහසක් හෝ ලුහුබැන්දත් ඔහුගේ වරදක් නොදක්නෙමි. මාගේ ගුරුවරයා මහලුය. යෝගක්ෂේමය දැනගන්ට නොහැකිය. ශ්‍රමණ ගෞතමයන්ගේ බුදුබව ඔහුගේ ස්වභාව ගුණයෙන් ලද බව ගුරුවරයාට දන්වන්නෙමියි භාග්‍යවතුන් වහන්සේ විමසා භික්ෂුසංඝයා වැඳ නික්ම ගියේය.
ආචරියස්ස සන්තිකඤ්ච පන ගන්ත්වා – “කච්චි, තාත උත්තර, තං භවන්තං ගොතමං තථාසන්තංයෙව සද්දො අබ්භුග්ගතො”ති පුච්ඡිතො, “ආචරිය, කිං වදෙසි? චක්කවාළං අතිසම්බාධං, භවග්ගං අතිනීචං, තස්ස හි, භොතො ගොතමස්ස ආකාසං විය අපරියන්තො ගුණගණො. තථාසන්තංයෙව, භො, තං භවන්තං ගොතම”න්තිආදීනි වත්වා යථාදිට්ඨානි ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි පටිපාටියා ආචික්ඛිත්වා කිරියසමාචාරං ආචික්ඛි. තෙන වුත්තං – “අථ ඛො උත්තරො මාණවො…පෙ… එදිසො ච එදිසො ච භවං ගොතමො තතො ච භිය්යො”ති.
ගුරුවරයාගේ සමීපයටද ගොස්, දරුව උත්තර, ශ්‍රමණ ගෞතමයන් පිළිබඳ ශබ්දය පවත්නා තත්ත්වය නිසාම පැනනැගුණක් දැයි අසන ලද්දේ ගුරුතුමනි කුමක් කියන්නෙහිද. සක්වල අතිශයින් සම්බාධ සහිතය. භවාග්‍රය අතිශයින් නීචය. ඒ භවත් ගෞතමයන්ගේ ගුණ සමුහය අහසමෙන් කෙළවරක් නැත. ඒ ගුණකඳ තිබෙන දෙයක්මයැයි කියා දුටුපරිදි දෙතිස්මහා පුරින් ලකුණු පිළිවෙළින් කියා කාර්ය සමාචාරය ඉල්ලා සිටියේය. එහෙයින් කියන ලදී. අථඛො උත්තරො මාණවො -පෙ- එදිසොව සො භවං ගොතමො තතොව භීයෙසා
තත්ථ සුප්පතිට්ඨිතපාදොති යථා හි අඤ්ඤෙසං භූමියං පාදං ඨපෙන්තානං අග්ගතලං වා පණ්හි වා පස්සං වා පඨමං ඵුසති, වෙමජ්ඣං වා පන ඡිද්දං හොති, උක්ඛිපන්තානම්පි අග්ගතලාදීසු එකකොට්ඨාසොව පඨමං උට්ඨහති, න එවං තස්ස. තස්ස පන සුවණ්ණපාදුකතලං විය එකප්පහාරෙනෙව සකලං පාදතලං භූමිං ඵුසති, භූමිතො උට්ඨහති. තස්මා “සුප්පතිට්ඨිතපාදො ඛො පන සො භවං ගොතමො”ති වදති.
එහි සුප්පතිට්ඨිතපාදො අන්‍යයන් බිම පා තබන විට ඇඟිලි අග හෝ විළුඹ පැත්ත පළමුව බිම ස්පර්ශ කරයි, පතුලෙහි මැද සිදුරක් වෙයි. පා ඔසවන විට ද ඇඟිලි අග එක්කොටසක් පළමුව එසවෙයි. උන්වහන්සේගේ එසේනැත. උන්වහන්සේගේ රන් මිරිවැඩි පතුලක්මෙන් එක්පහරින්ම මුළු පාතලයම බිම ස්පර්ශකරයි. බිමින් එසවෙයි ඒනිසා
තත්රිදං භගවතො සුප්පතිට්ඨිතපාදතාය – සචෙපි හි භගවා අනෙකසතපොරිසං නරකං අක්කමිස්සාමීති පාදං නීහරති, තාවදෙව නින්නට්ඨානං වාතපූරිතං විය කම්මාරභස්තං උන්නමිත්වා පථවීසමං හොති, උන්නතට්ඨානම්පි අන්තො පවිසති. දූරෙ අක්කමිස්සාමීති අභිනීහරන්තස්ස සිනෙරුප්පමාණොපි පබ්බතො සෙදිතවෙත්තඞ්කුරො විය නමිත්වා පාදසමීපං ආගච්ඡති. තථා හිස්ස යමකපාටිහාරියං කත්වා යුගන්ධරපබ්බතං අක්කමිස්සාමීති පාදෙ අභිනීහරතො පබ්බතො නමිත්වා පාදසමීපං ආගතො, සො තං අක්කමිත්වා දුතියපාදෙන තාවතිංසභවනං අක්කමි. න හි චක්කලක්ඛණෙන පතිට්ඨාතබ්බට්ඨානං විසමං භවිතුං සක්කොති. ඛාණු වා කණ්ඩකො වා සක්ඛරකථලා වා උච්චාරපස්සාවො වා ඛෙළසිඞ්ඝාණිකාදීනි වා පුරිමතරාව අපගච්ඡන්ති, තත්ථ තත්ථෙව ච පථවිං පවිසන්ති. තථාගතස්ස හි සීලතෙජෙන පඤ්ඤාතෙජෙන ධම්මතෙජෙන දසන්නං පාරමීනං ආනුභාවෙන අයං මහාපථවී සමා මුදු පුප්ඵාභිකිණ්ණා හොති. තත්ර තථාගතො සමං පාදං නික්ඛිපති, සමං උද්ධරති, සබ්බාවන්තෙහි පාදතලෙහි භූමිං ඵුසති.
ඒ භවත් ගෞතමයන් සුප්පතිට්ඨිතපාද බැවින් යම්සෙයකින් භාග්‍යවතුන් වහන්සේ සියගණන් පුරුෂයන් සිටින නිරය ඇක්මවමියි පාදය ඉවතට ගන්නා සේක්නමි එකෙණෙහි නැමුණුතැන් වාතයෙන් පිරුණු කුඹුරුහම මෙන් උඩට නැමී පොළොවට සමවෙයි. උස්තැන්ද ඇතුළට පිවිසෙයි. දුර ඇක්මන්නෙමියි ඔසවනවිට මහමෙර තරම් පර්වතය තැම්බු වේම්වැල් අංකුරයක් මෙන් නැමී පා ළඟට පැමිණේ. ඒ අයුරින්ම යමක ප්රාතිහාර්යය කොට යුගන්ධර පර්වතය ඇක්මමියි පා ඔසවන කල්හි පර්වතය නැමී පා ළඟට පැමිණියේය. උන්වහන්සේ එය පාගා දෙවැනි පාදයෙන් තව්තිසා භවනය ආක්‍රමණය කළසේක. චක්‍ර ලක්ෂණයෙන් පිහිටිය යුතු තැන විෂම වන්නට නොහැකිය. කණුවක් හෝ කටුවක් හෝ ගල්කැටයක් හෝ මල මූත්‍ර හෝ කෙළ කොටු ආදිය හෝ ඊට වැඩිදෙයක්හෝ පැමිණේද ඒ සියල්ල එහි එහිදීම පොළොවට පිවිසෙයි - තථාගතයන් වහන්සේගේ සිල් තෙදින්, පැණ තෙදින් දම්තෙදින් දසපෙරුම් දම් අනුහසින් සම වී මෘදුවී මල්විසුරුවාක් මෙන් වෙයි. එහිදී භාග්‍යවතුන් වහන්සේ සමපාදයම තබන සේක. සමපාදයම ඔසවන සේක. නොනැමුණු පාදතලයන් ගෙන් බිම ස්පර්ශ කරන සේක.
චක්කානීති ද්වීසු පාදෙසු ද්වෙ චක්කානි. තෙසං අරා ච නෙමි ච නාභි ච පාළියං වුත්තාව. සබ්බාකාරපරිපූරානීති ඉමිනා පන අයං විසෙසො වෙදිතබ්බො – තෙසං කිර චක්කානං පාදතලස්ස මජ්ඣෙ නාභි දිස්සති, නාභිපරිච්ඡින්නා වට්ටලෙඛා දිස්සති, නාභිමුඛපරික්ඛෙපපට්ටො දිස්සති, පනාළිමුඛං දිස්සති, අරා දිස්සන්ති, අරෙසු වට්ටලෙඛා දිස්සන්ති, නෙමී දිස්සන්ති, නෙමිමණිකා දිස්සන්ති. ඉදං තාව පාළිආගතමෙව.
චක්කානි පාදෙකෙහි වක්‍ර දෙකක් ඇත. එහි අර ද නිම්වළල්ලද නැබද පෙළෙහි කියන ලද්දේමය. සබ්බාකාරපරිපූරානි මෙයින් මෙය විශේෂයෙකැයි දතයුතුය. ඒ චක්‍ර පාතලය මැද දක්නට නොලැබේ. නාභිය පිරිසිඳින ලද වටරේඛාවක් තිබේ. නාභිමුඛය වට කොට ඇති වටයක් පෙනේ. බවයෙහි මුව පෙනේ. අර පෙනේ. අරයන්හි වටරේඛා පෙනේ. නිම්වළල්ලක් පෙනේ. නිම්වළල්ලෙ මණියක් පෙනේ. මෙය පාළියෙහි පැමිණියේ වෙයි.
සම්බහුලවාරො පන අනාගතො, සො එවං දට්ඨබ්බො – සත්ති සිරි වච්ඡො නන්දි සොවත්තිකො වටංසකො වඩ්ඪමානකං මච්ඡයුගලං භද්දපීඨං අඞ්කුසං තොමරො පාසාදො තොරණං සෙතච්ඡත්තං ඛග්ගො තාලවණ්ටං මොරහත්ථකො වාළබීජනී උණ්හීසං පත්තො මණි කුසුමදාමං නීලුප්පලං රත්තුප්පලං සෙතුප්පලං පදුමං පුණ්ඩරීකං පුණ්ණඝටො පුණ්ණපාති සමුද්දො චක්කවාළො හිමවා සිනෙරු චන්දිමසූරියා නක්ඛත්තානි චත්තාරො මහාදීපා ද්වෙපරිත්තදීපසහස්සානි, අන්තමසො චක්කවත්තිරඤ්ඤො පරිසං උපාදාය සබ්බො චක්කලක්ඛණස්සෙව පරිවාරො.
සම්බහුලවාරය නොපැමිණියේය. ඔහු මෙසේ දතයුතුය. ස්වස්ති, සිරිවසය, නන්දිය, ස්වස්තිකය, වටංසකය, වද්ධමානකය මත්ස්‍ය යුගලය, භද්දපීඨය, පාසාද, තොරණ, සේතඡත්ත, බඞ්ගය, තල්වැටය මොණර පිල් වල්විදුනාව, උණ්හීසපට්ටය සුමනමල්දම, නීලුප්පලය රත්තුප්පලං, රත්නෙළුමය, සුදුනෙළුමය, පූර්ණඝටය පිරුණු පාතිය, සමුද්‍රය, චක්‍රවාටය, හිමාලය, මහමේරුව චන්ද්‍ර සූර්යයෝ නැකැත්තරු, සිව්මහදිවි, දෙදහසක් කොදෙව් අවසන් වශයෙන් චක්‍රවර්ති රජුගේ පිරිස සඳහා සියලු චක්රලක්ෂණ පිරිවරවෙයි.
ආයතපණ්හීති දීඝපණ්හි, පරිපුණ්ණපණ්හීති අත්ථො. යථා හි අඤ්ඤෙසං අග්ගපාදො දීඝො හොති, පණ්හිමත්ථකෙ ජඞ්ඝා පතිට්ඨාති, පණ්හි තච්ඡෙත්වා ඨපිතා විය හොති, න එවං තථාගතස්ස. තථාගතස්ස පන චතූසු කොට්ඨාසෙසු ද්වෙ කොට්ඨාසා අග්ගපාදො හොති, තතියෙ කොට්ඨාසෙ ජඞ්ඝා පතිට්ඨාති, චතුත්ථෙ කොට්ඨාසෙ ආරග්ගෙන වට්ටෙත්වා ඨපිතා විය රත්තකම්බලෙ ගෙණ්ඩුකසදිසා පණ්හි හොති.
ආයතපණ්හී දික්විළුඹ, පිරිපුන්විළුඹ යන අර්ථයි. යම්සේ අන්අයගේ පාද අග දික්වේද, විළුඹ මත ගොප්මස පිහිටාද, විළුඹ තලා තැබුවාක් මෙන්වෙයි. තථාගතයන් වහන්සේගේ එසේ නොවේ. තථාගතයන් වහන්සේගේ විළුඹ කොටස් සතරින් දෙකක් පා අගවෙයි. තුන්වැනි කොටසෙහි ඇටය පිහිටාද සිව්වැනි කොටසෙහි අර අගින්වටවී තැබුවාක් මෙන් රත්කම්බිලියෙන් සැදු පන්දුවක් මෙන් වු විළුඹ ඇත්තේය.
දීඝඞ්ගුලීති යථා අඤ්ඤෙසං කාචි අඞ්ගුලි දීඝා හොති, කාචි රස්සා, න එවං තථාගතස්ස. තථාගතස්ස පන මක්කටස්සෙව දීඝහත්ථපාදඞ්ගුලියො මූලෙ ථූලා අනුපුබ්බෙන ගන්ත්වා අග්ගෙ තනුකා නිය්යාසතෙලෙන මද්දිත්වා වට්ටිතහරිතාලවට්ටිසදිසා හොන්ති. තෙන වුත්තං “දීඝඞ්ගුලී”ති.
දීඝඞ්ගුලී අන් අයගේ ඇතැම් ඇඟිල්ලක් දික්වෙයි. ඇතැම් එකක් කෙටිවෙයි. තථාගතයන් වහන්සේගේ එසේ නොවේ. තථාගතයන් වහන්සේ වනාහි වඳුරකුගේ මෙන් දික්වූ අත්පා ඇඟිලි ඇත්තේය. මුලින් මහත්ය. අනු පිළිවෙළින් ගොස් අග සිහින්ය. දුම්මලතෙලින් මැද වටකොට සෑදු සුදු තල් වැටක් බඳු වෙයි. ඒ නිසා දීඝඞ්ගුලීයයි කියන ලදී.
මුදුතලුනහත්ථපාදොති සප්පිමණ්ඩෙ ඔසාදෙත්වා ඨපිතං සතවාරවිහතකප්පාසපටලං විය මුදූ, ජාතමත්තකුමාරස්ස විය ච නිච්චකාලං තලුනා ච හත්ථපාදා අස්සාති මුදුතලුනහත්ථපාදො.
මුදු තලුන හත්ථ පාදො ගිතෙල් මණ්ඩියෙහි බහා තැබු සියවරක් පෙලු පුළුන් රොදක් මෙන් මෘදු වූ උපන් හැටියේ දරුවකුගේ මෙන් සැමකල්හි උන්වහන්සේට තරුණ අත්පා ඇත්තේනුයි මුදුතලුන හත්ථපාද නම් වෙති.
ජාලහත්ථපාදොති න චම්මෙන පටිබද්ධඅඞ්ගුලන්තරො. එදිසො හි ඵණහත්ථකො පුරිසදොසෙන උපහතො පබ්බජ්ජම්පි න ලභති. තථාගතස්ස පන චතස්සො හත්ථඞ්ගුලියො පඤ්චපි පාදඞ්ගුලියො එකප්පමාණා හොන්ති, තාසං එකප්පමාණත්තාය යවලක්ඛණං අඤ්ඤමඤ්ඤං පටිවිජ්ඣිත්වා තිට්ඨති. අථස්ස හත්ථපාදා කුසලෙන වඩ්ඪකිනා යොජිතජාලවාතපානසදිසා හොන්ති. තෙන වුත්තං “ජාලහත්ථපාදො”ති.
ජාලහත්ථපාදො සමින් වැසුණු ඇඟිලි අතර නැත. එබඳු පුද්ගලයා නයිපෙණ බඳු අත්ඇති වන පුරුෂ දෝෂයට පැමිණියේ පැවිද්දද නොලබයි. තථාගතයන් වහන්සේගේ අත් ඇඟිලි සතර පා ඇඟිලි පස එක් පමණ වෙයි ඒවා එක්පමණ වූ හෙයින්ම ලක්ෂණ එකිනෙකට විනිවිද සිටී. උන්වහන්සේගේ අත්පා දක්ෂ වඩුවකු විසින් යොදන ලද දැල් කවුළුවක් මෙන් වෙයි. ඒ නිසා ජාලහත්ථපාදයයි කියන ලදී.
උද්ධං පතිට්ඨිතගොප්ඵකත්තා උස්සඞ්ඛා පාදා අස්සාති උස්සඞ්ඛපාදො. අඤ්ඤෙසඤ්හි පිට්ඨිපාදෙ ගොප්ඵකා හොන්ති. තෙන තෙසං පාදා ආණිබද්ධා විය ථද්ධා හොන්ති, න යථාසුඛං පරිවත්තන්ති, ගච්ඡන්තානං පාදතලානි න දිස්සන්ති. තථාගතස්ස පන අභිරුහිත්වා උපරි ගොප්ඵකා පතිට්ඨහන්ති. තෙනස්ස නාභිතො පට්ඨාය උපරිමකායො නාවාය ඨපිතසුවණ්ණපටිමා විය නිච්චලො හොති, අධොකායොව ඉඤ්ජති. සුඛෙන පාදා පරිවත්තන්ති. පුරතොපි පච්ඡතොපි උභයපස්සෙසුපි ඨත්වා පස්සන්තානං පාදතලානි පඤ්ඤායන්ති, න හත්ථීනං විය පච්ඡතොයෙව.
උඩින් පිහිටි ගොප් ඇටය ඇති බැවින් උන්වහන්සේට උස්සඞ්ක පාද ඇති බැවින් උස්සඞ්ඛපාද නම්වෙති. (ගොප් ඇටය උඩින් පිහිටි) අන් අයගේ පාදයෙහි පිටිපස ගොප් ඇට ඇත ඒසා ඔවුන්ගේ පාදයෝ ඇණහිසක් මෙන් තදය. සුදුසුපරිදි පෙරළීමට නොයත් ගමන් කරන්න වුන්ගේ පතුල් නොපෙනේ. තථාගතයන් වහන්සේගේ නැගී උඩින් ගොස් ඇට පිහිටයි. ඒ නිසා උන්වහන්සේගේ නාභියෙහි පටන් උඩුකය නැවක තැබු රන් ප්‍රතිමාවක් මෙන් නිශ්චලය. යටිකය කැමතිනම් පහසුවෙන් පා පෙරළයි. ඉදිරියෙන්ද පසුපසින්ද යන දෙපස සිට බලන්නවුන්ට පතුල් පෙනෙයි. ඇතුන්ගේ මෙන් පසුපසින් පමණක් නොවේ.
එණිජඞ්ඝොති එණිමිගසදිසජඞ්ඝො මංසුස්සදෙන පරිපුණ්ණජඞ්ඝො, න එකතො බද්ධපිණ්ඩිකමංසො, සමන්තතො සමසණ්ඨිතෙන මංසෙන පරික්ඛිත්තාහි සුවට්ටිතාහි සාලිගබ්භසදිසාහි ජඞ්ඝාහි සමන්නාගතොති අත්ථො.
එණිජඞ්ඝො ඒ නිමුවකුගේ මෙන්වූ ඳගයුග මස් උස්වී පිරිපුන් දඟ, එකට බැඳුණු මස්පිඬු සහිතවූවක් නොවේ. හාත්පසින් සමව පිහිටි මාංශයෙන් වටවූ මනාවූ සමකින් වැසුණු ගොයම්බොඩ හා සමාන දඟයුගකින් යුතුය යන අර්ථයි.
අනොනමන්තොති අනමන්තො. එතෙනස්ස අඛුජ්ජඅවාමනභාවො දීපිතො. අවසෙසජනා හි ඛුජ්ජා වා හොන්ති වාමනා වා, ඛුජ්ජානං උපරිමකායො අපරිපුණ්ණො හොති, වාමනානං හෙට්ඨිමකායො. තෙ අපරිපුණ්ණකායත්තා න සක්කොන්ති අනොනමන්තා ජණ්ණුකානි පරිමජ්ජිතුං. තථාගතො පන පරිපුණ්ණඋභයකායත්තා සක්කොති.
අනොණමන්තො නොනැමෙන මෙයින් උන්වහන්සේගේ කුදුනොවූ මිටිනොවු බව දක්වන ලද්දේය. අවශේෂජනයා කුදුහෝ වෙති. මිටි හෝ වෙති. කුදුවූවන්ගේ උඩුකය අසම්පූර්ණය. වාමනයගේ යටිකය අසම්පූර්ණය ඔවුහු අසම්පූර්ණ ශරීර ඇති බැවින් නොනැමී දණපිරිමැදීමට නොහැක් වෙත්. තථාගතයන් වහන්සේ පිරිපුන් උඩුකය හා යටිකය ඇති බැවින් හැකිවෙති.
උසභවාරණාදීනං විය සුවණ්ණපදුමකණ්ණිකසදිසෙ කොසෙ ඔහිතං පටිච්ඡන්නං වත්ථගුය්හං අස්සාති කොසොහිතවත්ථගුය්හො. වත්ථගුය්හන්ති වත්ථෙන ගූහිතබ්බං අඞ්ගජාතං වුච්චති.
ගොනුන්ගේ ඇතුන්ගේ මෙන් රන් පියුම් කෙමියක්හා සමාන කෝෂයෙහි බැහී වැසුණු අංගජාතයක් ඔහුට ඇත්තේනුයි කොසොහිතවත්ථ ගුය්හනමි. වත්ථගුය්හං යනු වස්ත්‍රයෙන් වැසියයුතු අංගජාතය කියනු ලැබේ.
සුවණ්ණවණ්ණොති ජාතිහිඞ්ගුලකෙන මජ්ජිත්වා දීපිදාඨාය ඝංසිත්වා ගෙරුකපරිකම්මං කත්වා ඨපිතඝනසුවණ්ණරූපකසදිසොති අත්ථො. එතෙනස්ස ඝනසිනිද්ධසණ්හසරීරතං දස්සෙත්වා ඡවිවණ්ණදස්සනත්ථං කඤ්චනසන්නිභත්තචොති වුත්තං, පුරිමස්ස වා වෙවචනමෙව එතං.
සුවණ්ණ වණ්ණො දැහිඟුලෙන් මැද දිවිදළයෙන් ගටා ගෛරුක පරිකම කොට තැබූ දඹරන් රුවක් හා සමානය යන අර්ථයි. මෙයින් උන්වහන්සේගේ ඝන සිනිදු මෘදු ශරීර ඇති බව දක්වා සමේ වර්ණය දැක්වීම පිණිස කඤ්චන සතනිභත්තචො යැයි කියන ලදී. පළමුවැන්නටම වෙනත් වචනයකි.
රජොජල්ලන්ති රජො වා මලං වා. න උපලිම්පතීති න ලග්ගති, පදුමපලාසතො උදකබින්දු විය විවට්ටති. හත්ථධොවනපාදධොවනාදීනි පන උතුග්ගහණත්ථාය චෙව දායකානං පුඤ්ඤඵලත්ථාය ච බුද්ධා කරොන්ති, වත්තසීසෙනාපි ච කරොන්තියෙව. සෙනාසනං පවිසන්තෙන හි භික්ඛුනා පාදෙ ධොවිත්වා පවිසිතබ්බන්ති වුත්තමෙතං.
රජොජල්ලං රජස්හෝ මලහෝ නඋපලිම්පති නොලඟී. නෙළුම් කොළයෙහි දියබිඳු මෙන් පෙරළේ. අත් දෙවීමි පාදෙවීමි ආදිය සෘතුගැන්වීම පිණිසද දායකයන්ගේ පින්පල පිණිසද බුදුවරු මෙසේ කරත්. වත් පැවැත්වීම සඳහාද කෙරෙත් මය. සෙනසුනට පිවිසෙන භික්ෂුව විසින් පාදොවා පිවිසිය යුතුය යන්න වතකි.
උද්ධග්ගලොමොති ආවට්ටපරියොසානෙ උද්ධග්ගානි හුත්වා මුඛසොභං උල්ලොකයමානානි විය ඨිතානි ලොමානි අස්සාති උද්ධග්ගලොමො.
උද්ධග්ග ලොමො රැලි ගැසීම කෙළවර අග්උස්වී මුව සොබාව බලන්නාක් මෙන් සිටි ලොම් මුන්වහන්සේටනුයි උද්ධග්ග ලොම නමි
බ්රහ්මුජුගත්තොති බ්රහ්මා විය උජුගත්තො, උජුමෙව උග්ගතදීඝසරීරො. යෙභුය්යෙන හි සත්තා ඛන්ධෙ කටියං ජාණූසූති තීසු ඨානෙසු නමන්ති. තෙ කටියං නමන්තා පච්ඡතො නමන්ති, ඉතරෙසු ද්වීසු ඨානෙසු පුරතො. දීඝසරීරා පනෙකෙ පස්සවඞ්කා හොන්ති, එකෙ මුඛං උන්නාමෙත්වා නක්ඛත්තානි ගණයන්තා විය චරන්ති, එකෙ අප්පමංසලොහිතා සූලසදිසා හොන්ති, පවෙධමානා ගච්ඡන්ති. තථාගතො පන උජුමෙව උග්ගන්ත්වා දීඝප්පමාණො දෙවනගරෙ උස්සිතසුවණ්ණතොරණං විය හොති.
බ්රහ්මුජ්ජුගත්තො බ්‍රහ්මයා මෙන් ඍජු සිරුරක් ඇති ඍජුව නැගී සිටිනා දිගු සිරුරු ඇත්තේ. බොහෝ සෙයින් සත්ත්වයෝ කඳින් උකුලින් දණහිසින් යන තුන් තැනින් නැමෙත් උකුලින් නැමෙන්නෝ පසුපසින් නැමෙති. අතින් දෙතන්හි ඉදිරියෙන් දිගු සිරුරු ඇත්තෝ සමහරු පසෙකින් ඇදවූවෝ වෙති. සමහරු මුහුණ උඩට ඔසවා නැකැත්තරු ගණන්කරන්නාක් මෙන් හැසිරෙත්. ඇතැම් අඩුමස්ලෙ ඇත්තෝ හුලක් මෙන් වෙති. වෙව්ලමින් යති. තථාගතයන් වහන්සේ ඍජුවම උඩට නැගී දිග පමණට දෙව්නුවර නැගූ රන් තොරණක් මෙන් වෙති.
සත්තුස්සදොති ද්වෙ හත්ථපිට්ඨියො ද්වෙ පාදපිට්ඨියො ද්වෙ අංසකූටානි ඛන්ධොති ඉමෙසු සත්තසු ඨානෙසු පරිපුණ්ණමංසුස්සදො අස්සාති සත්තුස්සදො. අඤ්ඤෙසං පන හත්ථපාදපිට්ඨීසු න්හාරුජාලා පඤ්ඤායන්ති, අංසකූටඛන්ධෙසු අට්ඨිකොටියො, තෙ මනුස්සපෙතා විය ඛායන්ති, න තථාගතො. තථාගතො පන සත්තසු ඨානෙසු පරිපුණ්ණමංසුස්සදත්තා නිගූළ්හන්හාරුජාලෙහි හත්ථපිට්ඨාදීහි වට්ටෙත්වා ඨපිතසුවණ්ණවණ්ණාලිඞ්ගසදිසෙන ඛන්ධෙන සිලාරූපකං විය චිත්තකම්මරූපකං විය ච ඛායති.
සත්තුස්සදො අත්වල පිටිඅලු දෙක, පාවල උඩු පලුදෙක ඇස්වට දෙක කඳ යන මේ සත්තැන පිරිපුන් මස් උස්වී ඇත්තේ මොහුටනුයි සත්තුස්සද නමි. අන්‍යයන්ගේ අත්පා පිටි අලුවල නහරදැල දක්නට හැකිය. ඇස්වට කඳ යන තන්හි ඇට කෙළගණන් ඇත. ඔවුහු මිනිස් ප්‍රේතයන් මෙන් වැටහෙත්. තථාගතයන් වහන්සේ එසේ නොවෙත් තථාගතයන් වහන්සේ සත්තැනක පිරිපුන් මාංශ උස්සද ඇති බැවින් සැඟවුණු නහරදැලින් අත්වල පිටිඅලු ආදියෙන් වටකොට තැබූ රන්රුවක් හා සමානව කදින් යුතු සෙල්රුවක් මෙන්ද සිතුවම්කළ රුවක් මෙන්ද වැටහේ.
සීහස්ස පුබ්බද්ධං විය කායො අස්සාති සීහපුබ්බද්ධකායො. සීහස්ස හි පුරත්ථිමකායොව පරිපුණ්ණො හොති, පච්ඡිමකායො අපරිපුණ්ණො. තථාගතස්ස පන සීහස්ස පුබ්බද්ධකායොව සබ්බො කායො පරිපුණ්ණො. සොපි සීහස්සෙව න තත්ථ තත්ථ විනතුන්නතාදිවසෙන දුස්සණ්ඨිතවිසණ්ඨිතො, දීඝයුත්තඨානෙ පන දීඝො, රස්සකිසථූලඅනුවට්ටිතයුත්තට්ඨානෙසු තථාවිධොව හොති. වුත්තඤ්හෙතං –
සිංහයකුගේ පූර්වාර්ධය බඳු කය මොහුට නුයි සීහපුබ්බද්ධ කායො නමි. සිංහයාගේ පෙරකයම පිරිපුන්වෙයි. පසුකය අසම්පූර්ණය තථාගතයන් වහන්සේගේ සිංහයකුගේ පූර්වකාය මෙන් මුළුසිරුර පිරිපුන්ය. එයද සිංහයකුගේ මෙන්ය. ඒ ඒ තැන ගිලීගිය උඩට නැගුණු ආදි වශයෙන් මනාව නො පිහිටියේ ඇදට පිහිටියේ දික්වියයුතු තැන දිගද, කෙටි මහත් අනුවට වියයුතු තන්හි එපරිදිම වේ. මෙසේ මෙය කියන ලදී.
“මනාපියෙ ච ඛො, භික්ඛවෙ, කම්මවිපාකෙ පච්චුපට්ඨිතෙ යෙහි අඞ්ගෙහි දීඝෙහි සොභති, තානි අඞ්ගානි දීඝානි සණ්ඨහන්ති. යෙහි අඞ්ගෙහි රස්සෙහි සොභති, තානි අඞ්ගානි රස්සානි සණ්ඨහන්ති. යෙහි අඞ්ගෙහි ථූලෙහි සොභති, තානි අඞ්ගානි ථූලානි සණ්ඨහන්ති. යෙහි අඞ්ගෙහි කිසෙහි සොභති, තානි අඞ්ගානි කිසානි සණ්ඨහන්ති. යෙහි අඞ්ගෙහි වට්ටෙහි සොභති, තානි අඞ්ගානි වට්ටානි සණ්ඨහන්තී”ති.
මහණෙනි. කර්ම විපාක එළඹ සිටිකල්හි ඒවා මනාපය. යම් අංගයන් ගෙන් දිගට හොබීද ඒ අංග දිගට පිහිටයි. යම් අංගයන්ගෙන් කොටට බිද ඒ අංග කොටට පිහිටයි. යම් අංගයන්ගෙන් මහතට හොබිද ඒ අංග මහතට පිහිටයි. යම් අංගයන්ගෙන් කෘෂවූවිට හොබීද ඒ අංග කෘෂව පිහිටයි. යම් අංගයන්ගෙන් වටව හොබීද ඒ අංග වටව පිහිටයි.
ඉති නානාචිත්තෙන පුඤ්ඤචිත්තෙන චිත්තිතො දසහි පාරමීහි සජ්ජිතො තථාගතස්ස අත්තභාවො, තස්ස ලොකෙ සබ්බසිප්පිනො වා ඉද්ධිමන්තො වා පටිරූපකම්පි කාතුං න සක්කොන්ති.
මෙසේ නොයෙක් චිත්රයෙන් පුණ්‍ය විචිත්‍රත්වයෙන් විසිතුරු කරන ලද දස පාරමීන්ගෙන් තථාගතයන් වහන්සේ ගේ ආත්ම භාවය සැදුණේය. උන්වහන්සේගේ ප්‍රකෘති රූපය කරන්ට ලෝකයෙහි සියලු ශිල්පීහුද සෘද්ධි ඇත්තෝද නොසමත් වෙති.
චිතන්තරංසොති අන්තරංසං වුච්චති ද්වින්නං කොට්ටානමන්තරං, තං චිතං පරිපුණ්ණමස්සාති චිතන්තරංසො. අඤ්ඤෙසඤ්හි තං ඨානං නින්නං හොති, ද්වෙ පිට්ඨිකොට්ටා පාටියෙක්කං පඤ්ඤායන්ති. තථාගතස්ස පන කටිතො පට්ඨාය මංසපටලං යාව ඛන්ධා උග්ගම්ම සමුස්සිතසුවණ්ණඵලකං විය පිට්ඨිං ඡාදෙත්වා පතිට්ඨිතං.
විතන්තරංසො අතරංස යනු උදරය හා යටිබඩ අතර පිරිපුන් වූයේ යමකුගේ ද හේ විතන්තරංසනම් අන්‍යයන්ගේ ඒ ස්ථානය වළගැසී ඇත. පිට කොටස් දෙක වෙන වෙනම පෙනේ. තථාගතයන් වහන්සේගේ උකුලෙහි පටන් මංශපටලය බඳතෙක් උස්වී ඔසවාලු රන් ඵලකයන් මෙන් පිටවසා පිහිටියේය.
නිග්රොධපරිමණ්ඩලොති නිග්රොධො විය පරිමණ්ඩලො. යථා පණ්ණාසහත්ථතාය වා සතහත්ථතාය වා සමක්ඛන්ධසාඛො නිග්රොධො දීඝතොපි විත්ථාරතොපි එකප්පමාණොව හොති, එවං කායතොපි බ්යාමතොපි එකප්පමාණො. යථා අඤ්ඤෙසං කායො වා දීඝො හොති බ්‍යාමො වා, න එවං විසමප්පමාණොති අත්ථො. තෙනෙව “යාවතක්වස්ස කායො”තිආදි වුත්තං. තත්ථ යාවතකො අස්සාති යාවතක්වස්ස.
නිග්රොධපරිමණ්ඩලො නුගගසක් මෙන් විහිදිගියේය. යම්සේ අතුපනසක් ඇති බැවින් හෝ අතු සියයක් ඇති බැවින් හෝ සම කඳ සාකා ඇති නුගරුක දිගින්ද පළලින්ද එක් පමණ වෙයි. මෙසේ කයින්ද බඹයෙන්ද මෙසේ විෂමප්රමාණ නොවේ යන අර්ථයි. යාවතක්වස්ස කායො ආදිය කියන ලදී. යාවතඛො අස්ස යාවතත්වස්සකායො නම්වෙයි.
සමවට්ටක්ඛන්ධොති සමවට්ටිතක්ඛන්ධො. යථා එකෙ කොඤ්චා විය බකා විය වරාහා විය ච දීඝගලා වඞ්කගලා පුථුලගලා ච හොන්ති, කථනකාලෙ සිරාජාලං පඤ්ඤායති, මන්දො සරො නික්ඛමති, න එවං තස්ස. තථාගතස්ස පන සුවට්ටිතසුවණ්ණාලිඞ්ගසදිසො ඛන්ධො හොති, කථනකාලෙ සිරාජාලං න පඤ්ඤායති, මෙඝස්ස විය ගජ්ජතො සරො මහා හොති.
සම වතතක්ඛන්ධො සමව වටවු බඳ, යම්සේ සමහරු කොස්වාලිහිණියන් මෙන්ද කොකුන් මෙන්ද දිගුගෙල ඇත්තෝ, වක්ගෙල ඇත්තෝ, පුළුල් ගෙල ඇත්තෝ මෙන්ද, කථාකරන කල ශිරාජාලය පෙනේ. ස්වරය හෙමින් නික්මෙයි. තථාගතයන් වහන්සේගේ එසේ නොවේ. තථාගතයන් වහන්සේගේ සුවට රන්රුවක් හා සමාන බඳ වෙයි. කථාකරන කල ශිරාජාලය නොපෙනේ. මේඝගර්ජනාවක් මෙන් ස්වරය විශාලවෙයි.
රසග්ගසග්ගීති එත්ථ රසං ගසන්තීති රසග්ගසා, රසහරණීනමෙතං අධිවචනං, තා අග්ගා අස්සාති රසග්ගසග්ගී. තථාගතස්ස හි සත්ත රසහරණිසහස්සානි උද්ධග්ගානි හුත්වා ගීවායමෙව පටිමුක්කානි. තිලඵලමත්තොපි ආහාරො ජිව්හග්ගෙ ඨපිතො සබ්බං කායං අනුඵරති, තෙනෙව මහාපධානං පදහන්තස්ස එකතණ්ඩුලාදීහිපි කාළායයූසපසතෙනාපි කායස්ස යාපනං අහොසි. අඤ්ඤෙසං පන තථා අභාවා න සකලකායං ඔජා ඵරති, තෙන තෙ බහ්වාබාධා හොන්ති. ඉදං ලක්ඛණං අප්පාබාධතාසඞ්ඛාතස්ස නිස්සන්දඵලස්ස වසෙන පාකටං හොති.
රසග්ගසග්ගී මෙහි රසංගසන්ති යනු රස අනුභවකරන රසනහරයන්ට මේ සමවචනයකි. ඒ අග් මොහුගේනුයි රසග්ගසග්ගී නම් තථාගතයන් වහන්සේගේ සියගණන් රස නහර උඩට නැමුණු අත් ඇතිව ගෙලෙහිම බැඳී තල ඇටයක් තරම් අහරක් දිවග තබන ලද්දේ කයපුරා දිවෙයි. ඒ නිසාම මහාප්රධාන වීර්යය කරන උන්වහන්සේගේ එක්සහල් ඇටයකින් වුවද කාලාය යුෂ බිඳවකින් වුවද කයෙහි යැපුම විය. අන්‍යයන්ගේ එසේ නොවන බැවින් මුළුකය පුරා ඕජාව නොපැතිරේ. එයින් ඔවුනට බොහෝ ආබාධ ඇතිවෙයි. බුදුහුගේ මේ ලක්ෂණය අල්ප ආබාධතා සංඛ්‍යාත නිසසන්දඵලයෙහි වශයෙන් ප්‍රකට වෙයි.
සීහස්සෙව හනු අස්සාති සීහහනු. තත්ථ සීහස්ස හෙට්ඨිමහනුමෙව පරිපුණ්ණං හොති, න උපරිමං. තථාගතස්ස පන සීහස්ස හෙට්ඨිමං විය ද්වෙපි පරිපුණ්ණානි ද්වාදසියං පක්ඛස්ස චන්දසදිසානි හොන්ති.
සිංහයකුගේ වැනි හනු ඔහුගේ නුයි සීහහනු එහි සිංහයාගේ යටහනුවම පිරිපුන්වෙයි. උඩහනුව නොවේ. තථාගතයන් වහන්සේගේ සිංහයාගේ යටහනුව මෙන් හනු දෙකම පිරිපුන්ය පක්ෂයෙහි දොළොස්වක දිනයෙහි චන්ද්‍රයා මෙන් වෙයි.
චත්තාලීසදන්තොතිආදීසු උපරිමහනුකෙ පතිට්ඨිතා වීසති, හෙට්ඨිමෙ වීසතීති චත්තාලීස දන්තා අස්සාති චත්තාලීසදන්තො. අඤ්ඤෙසඤ්හි පරිපුණ්ණදන්තානම්පි ද්වත්තිංස දන්තා හොන්ති, තථාගතස්ස චත්තාලීසං.
චත්තාරීසදන්තො ආදීතන්හි උඩහනුවෙහි පිහිටි විස්සද යටහනුවෙහි විස්සදැයි දත් සතළිසක් ඔහුගේ නුයි චත්තාරීසදන්ත නමි. පිරිපුන් දත්ඇති අන්‍යයන්ට දත් තිස් දෙකක් වෙයි. තථාගතයන් වහන්සේගේ සතළිසකි.
අඤ්ඤෙසඤ්ච කෙචි දන්තා උච්චා කෙචි නීචාති විසමා හොන්ති, තථාගතස්ස පන අයපට්ටඡින්නසඞ්ඛපටලං විය සමා.
අන්‍යන්ගේ සමහර දත් උසය සමහරදත් මිටියැයි විසම වෙයි. තථාගතයන් වහන්සේගේ යකඩ පත්‍රයකින් කැපු හක් ගෙඩියක් මෙන් සමය
අඤ්ඤෙසං කුම්භීලානං විය දන්තා විරළා හොන්ති, මච්ඡමංසාදීනි ඛාදන්තානං දන්තන්තරං පූරති. තථාගතස්ස පන කනකලතාය සමුස්සාපිතවජිරපන්ති විය අවිරළා තුලිකාය දස්සිතපරිච්ඡෙදා විය දන්තා හොන්ති.
අන්‍යන්ගේ කිඹුලන්ගේ මෙන් දත් විරලය. මස් මාංශ කන්නවුන්ගේ දත් අතර පිරෙයි. තථාගතයන් වහන්සේගේ රන්ලියකින් ඔසවනලද වජ්රපෙළක් මෙන් විවර රහිතව තෙලිතුඩින් දක්වන ලද පිරිසිඳීම් මෙන් දත් ඇත.
සුසුක්කදාඨොති අඤ්ඤෙසඤ්ච පූතිදන්තා උට්ඨහන්ති, තෙන කාචි දාඨා කාළාපි විවණ්ණාපි හොන්ති. තථාගතො සුසුක්කදාඨො ඔසධිතාරකම්පි අතික්කම්ම විරොචමානාය පභාය සමන්නාගතදාඨො, තෙන වුත්තං “සුසුක්කදාඨො”ති.
අන්‍යයන්ගේ කුණුවීගිය දත් ඇතිවෙයි. එයින් ඇතැම් දළදත්ද විවර්ණ වෙයි. තථාගතයන් වහන්සේ මනා සුදුදත් ඇත්තාහු ඕසධී තාරකාවද ඉක්මවා බබළන ප්‍රභාවෙන් යුත් දාඨා ඇත්තේ, එහෙයින් කියන ලදී. සුසුක්කදාඨොයි.
පහූතජිව්හොති අඤ්ඤෙසං ජිව්හා ථූලාපි හොති කිසාපි රස්සාපි ථද්ධාපි විසමාපි, තථාගතස්ස පන මුදු දීඝා පුථුලා වණ්ණසම්පන්නා හොති. සො තං ලක්ඛණං පරියෙසිතුං ආගතානං කඞ්ඛාවිනොදනත්ථං මුදුකත්තා තං ජිව්හං කථිනසූචිං විය වට්ටෙත්වා උභො නාසිකසොතානි පරාමසති, දීඝත්තා උභො කණ්ණසොතානි පරාමසති, පුථුලත්තා කෙසන්තපරියොසානං කෙවලම්පි නලාටං පටිච්ඡාදෙති. එවං තස්සා මුදුදීඝපුථුලභාවං පකාසෙන්තො කඞ්ඛං විනොදෙති. එවං තිලක්ඛණසම්පන්නං ජිව්හං සන්ධාය “පහූතජිව්හො”ති වුත්තං.
පහුත ජිව්හො අන්‍යයන්ගේ දිව මහතද වෙයි. කෘෂද කෙටිද වෙයි. තදදවෙයි විසමවෙයි. තථාගතයන් වහන්සේගේ දිව මෘදුය දිගය පුළුල් වර්ණවත්ය උන්වහන්සේ ඒලක්ෂණ පරීක්ෂා කිරීමට පැමිණියවුන්ගේ සැකදුරුකිරීම සඳහා මෘදුබැවින් ඒ දිව තද ඉදිකටුවක් මෙන් වටකොට දෙනාසාපුට පිරිමදිති. දිග බැවින් දෙකන් සිදුරු පිරිමදිති. පුළුල් බැවින් කේශාන්ත කෙළවරකොට ඇති නළල වසති. මෙසේ එහි මෘදුදික් පුළුල් බව ප්රකාශකරන්නේ සැක දුරුවෙයි. මෙසේ ලක්ෂණ තුනකින් යුතු දිව සඳහා පහුතජිව්හො යි කියන ලදි.
බ්රහ්මස්සරොති අඤ්ඤෙ ඡින්නස්සරාපි භින්නස්සරාපි කාකස්සරාපි හොන්ති, තථාගතො පන මහාබ්රහ්මුනො සරසදිසෙන සරෙන සමන්නාගතො. මහාබ්රහ්මුනො හි පිත්තසෙම්හෙහි අපලිබුද්ධත්තා සරො විසුද්ධො හොති. තථාගතෙනාපි කතකම්මං වත්ථුං සොධෙති, වත්ථුස්ස සුද්ධත්තා නාභිතො පට්ඨාය සමුට්ඨහන්තො සරො විසුද්ධො අට්ඨඞ්ගසමන්නාගතොව සමුට්ඨාති. කරවිකො විය භණතීති කරවිකභාණී, මත්තකරවිකරුතමඤ්ජුඝොසොති අත්ථො.
බ්රහ්මස්සරො අන් අය කැඩුණු ස්වර ඇත්තෝය. බිඳුණු ස්වර ඇත්තෝය. කාකස්වර ඇත්තේය. තථාගතයන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ස්වරය පිත් සෙම්වලින් පලිබෝධ නොවූ බැවින් විශුද්ධය. තථාගතයන් වහන්සේ විසින් කරන ලද කර්ම ඇති උන්වහන්සේගේ හෘදයවස්තුව පිරිසිදු කරනු ලැබේ. හෘදය වස්තුවෙහි නාභියෙහි පටන් හටගන්නා ස්වරය විශුද්ධය. අෂ්ටාංග සහිතවම පැනනගී. කෝකිලයකු මෙන් කථාකරතියි කුරවිකභාණී. මත් කෝකිළයකු විසින් නගන ලද මිහිරි හඬ යන අර්ථයි.
තත්රිදං කරවිකරුතස්ස මඤ්ජුතාය – කරවිකසකුණෙ කිර මධුරරසං අම්බපක්කං මුඛතුණ්ඩකෙන පහරිත්වා පග්ඝරිතං රසං සායිත්වා පක්ඛෙන තාලං දත්වා විකූජමානෙ චතුප්පදාදීනි මත්තානි විය ලළිතුං ආරභන්ති. ගොචරප්පසුතාපි චතුප්පදා මුඛගතානිපි තිණානි ඡඩ්ඩෙත්වා තං සද්දං සුණන්ති, වාළමිගා ඛුද්දකමිගෙ අනුබන්ධමානා උක්ඛිත්තපාදං අනුක්ඛිපිත්වාව තිට්ඨන්ති, අනුබද්ධමිගාපි මරණභයං හිත්වාපි තිට්ඨන්ති, ආකාසෙ පක්ඛන්දපක්ඛිනොපි පක්ඛෙ පසාරෙත්වා තිට්ඨන්ති, උදකෙ මච්ඡාපි කණ්ණපටලං අප්ඵොටෙන්තා තං සද්දං සුණමානාව තිට්ඨන්ති. එවං මඤ්ජුරුතා කරවිකා.
මෙහි කුරවීක හඬෙහි. මිහිරිබව කියයි. කුරුවි කුරුල්ලන් මිහිරි රස අඹ පලය මුවතුඩින් පහරා වෑහෙන රසය රසබලා පියාපතින් තාල අල්ලා හඬනගන කල්හි සිව්පා ආදීහු මත්වූවන් මෙන් සතුටු වන්ට පටන්ගනිති. ගොදුරු සෙවීමෙහි නිරත වූවෝද සිව්පාවෝ මුවට ගත් තණ ඉවතලා ඒ ශබ්දය අසති. ව්යාළමෘගයෝ කුඩා සතුන් ලුහුබැඳ දුවන්නාහු එසවූ පය නැවත නොඔසවා ම සිටිත්. ලුහුබඳිනු ලැබු සත්තුද මරණභය අත්හැර සිටිත්. අහසේ පියාඹන පක්ෂීහු අත්තටු විදහාගෙන සිටිත්. දියෙහි මස්සු වරල් නො සොල්වා ඒ ශබ්දය අසමින් සිටිත්. කුරවි කොවුල්ලෝ මෙසේ මිහිරි හඬ නගන්නෝය.
අසන්ධිමිත්තාපි ධම්මාසොකස්ස දෙවී – “අත්ථි නු ඛො, භන්තෙ, බුද්ධසද්දෙන සදිසො කස්සචි සද්දො”ති සඞ්ඝං පුච්ඡි. අත්ථි කරවිකසකුණස්සාති. කුහිං, භන්තෙ, සකුණාති? හිමවන්තෙති. සා රාජානං ආහ, – “දෙව, කරවිකසකුණං දට්ඨුකාමා”ති. රාජා “ඉමස්මිං පඤ්ජරෙ නිසීදිත්වා කරවිකො ආගච්ඡතූ”ති සුවණ්ණපඤ්ජරං විස්සජ්ජෙසි. පඤ්ජරො ගන්ත්වා එකස්ස කරවිකස්ස පුරතො අට්ඨාසි. සො “රාජාණාය ආගතො පඤ්ජරො, න සක්කා අගන්තු”න්ති තත්ථ නිසීදි. පඤ්ජරො ආගන්ත්වා රඤ්ඤො පුරතොව අට්ඨාසි. කරවිකං සද්දං කාරාපෙතුං න සක්කොන්ති. අථ රාජා “කථං භණෙ ඉමෙ සද්දං කරොන්තී”ති ආහ? ඤාතකෙ දිස්වා දෙවාති. අථ නං රාජා ආදාසෙහි පරික්ඛිපාපෙසි. සො අත්තනොව ඡායං දිස්වා “ඤාතකා මෙ ආගතා”ති මඤ්ඤමානො පක්ඛෙන තාළං දත්වා මඤ්ජුස්සරෙන මණිවංසං ධමමානො විය විරවි. සකලනගරෙ මනුස්සා මත්තා විය ලළිංසු. අසන්ධිමිත්තා චින්තෙසි – “ඉමස්ස තාව තිරච්ඡානස්ස එවං මධුරො සද්දො, කීදිසො නු ඛො සබ්බඤ්ඤුතඤ්ඤාණසිරිප්පත්තස්ස භගවතො අහොසී”ති පීතිං උප්පාදෙත්වා තං පීතිං අවිජහිත්වා සත්තහි ජඞ්ඝසතෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. එවං මධුරො කරවිකසද්දො. තතො සතභාගෙන සහස්සභාගෙන ච මධුරතරො තථාගතස්ස සද්දො, ලොකෙ පන කරවිකතො අඤ්ඤස්ස මධුරරස්ස අභාවතො “කරවිකභාණී”ති වුත්තං.
ධර්මාශෝකගේ දේවී අසාන්ධිමිත්තා, ස්වාමීනි බුද්ධශබ්දය හා සමාන කිසියම් ශබ්දයක් ඇත්තේදැයි සංඝයාගෙන් ඇසුවාය. කුරවී පක්ෂියාට ඇත. ස්වාමීනි ඒ පක්ෂීහු කොහි සිටිත්ද? හිමාලයෙහි සිටිත් ඈ රජුට කීවාය. දේවයන් වහන්ස කුරවී පක්ෂියා දකිනු කැමැත්තෙමි. රජතෙමේ මේ කුඩුවෙහි හිඳ කුරවීකයා පැමිණේවායි රන්කූඩුව යැවීය. කූඩුව ගොස් එක් කුරුවීකයකු ඉදිරිපිට සිටියේය. ඌ රජ අණින් ආ කූඩුවයි නොගොස් නොහැකියයි එහි හුන්නේය. කූඩුව පැමිණ රජු ඉදිරියෙහිම සිටියේය. කුරවීකයා ලවා ශබ්ද කරවීමට නොහැක්කෝය. දරුවෙනි මොවුන් ශබ්දකරන්නේ කෙසේ දැයි ඇසීය. දේවයන් වහන්ස නෑයින් දැක යැයි කීහ. ඉක්බිති රජ ආදාස තලයන්ගෙන් වට කරවීය. කුරුල්ලා තමාගේම ඡායාව දැක මාගේ නෑයෝ ආවෝයැයි හඟිමින් පියාපතින් තාල අල්ලා මිහිරිසරින් මැණික් වස් දඬුවක් පිඹින්නාක් මෙන් නාද කළේය. මුළු නුවර මනුෂ්‍යයෝ මත්වූවාහු මෙන් නැළවුණාහ. අසාන්ධි මිත්‍රා මෙසේ සිතුවාය. මේ තිරිසනාගේ ශබ්දය මේතරම් මධුරය. සර්වඥතාඥානශ්රීයට පැමිණි භාග්‍යවතුන් වහන්සේගේ ශබ්දය කෙබඳු වන්නට ඇත්දැයි ප්‍රීතිය උපදවා ඒ ප්‍රීතිය අත් නොහැර සත්සියයක් සමග සෝවාන් පෙළෙහි පිහිටියාය. කුරවීක නාදය මෙතරම් මධුරයි. ඉන් සියගුණයක් දහස් ගුණයක් තථාගතයන් වහන්සේගේ හඬ මිහිරිය. ලෝකයෙහි කුරවීකයාට හැර අනිකකුට මධුරතර ශබ්දයක් නැති බැවින් තථාගතයන් වහන්සේට කුරවීක භාණීයයි කියන ලදී.
අභිනීලනෙත්තොති න සකලනීලනෙත්තොව, නීලයුත්තට්ඨානෙ පනස්ස උමාපුප්ඵසදිසෙන අතිවිසුද්ධෙන නීලවණ්ණෙන සමන්නාගතානි අක්ඛීනි හොන්ති. පීතයුත්තට්ඨානෙ කණිකාරපුප්ඵසදිසෙන පීතවණ්ණෙන, ලොහිතයුත්තට්ඨානෙ බන්ධුජීවකපුප්ඵසදිසෙන ලොහිතවණ්ණෙන, සෙතයුත්තට්ඨානෙ ඔසධිතාරකසදිසෙන සෙතවණ්ණෙන, කාළයුත්තට්ඨානෙ අද්දාරිට්ඨකසදිසෙන කාළවණ්ණෙන සමන්නාගතානි සුවණ්ණවිමානෙ උග්ඝාටිතමණිසීහපඤ්ජරසදිසානි ඛායන්ති.
අභිනීලනෙත්තො මුළු අහසම නිල් නොවේ. නිල තිබිය යුතු තැන දියබෙරලිය මලක් බඳු අතිපවිත්‍ර නීලවර්ණයෙන් යුත් ඇස් ඇත. කහ විය යුතු තැන කිණිහිරි මල බඳු කහ පැහැයෙන්, රත්පැහැ තිබිය යුතු තැන බඳවද මලක්බඳු රත්පැහැයෙන්, සුදුපැහැ තිබිය යුතු තැන ඕසධීතාරකාව බඳු සුදු පැහැයෙන්, කලුපැහැ තිබිය යුතු තැන කලු තිඹිරිගෙඩියක් බදු කලු පැහැයෙන්ද යුත් රන්විමනෙහි තැබූ මැණික් කූඩුවක් සේ වැටහේ.
ගොපඛුමොති එත්ථ පඛුමන්ති සකලං චක්ඛුභණ්ඩං අධිප්පෙතං. තං කාළවච්ඡකස්ස බහලධාතුකං හොති, රත්තවච්ඡකස්ස විප්පසන්නං, තංමුහුත්තජාතරත්තවච්ඡසදිසචක්ඛුභණ්ඩොති අත්ථො. අඤ්ඤෙසඤ්හි අක්ඛිභණ්ඩා අපරිපුණ්ණා හොන්ති, හත්ථිමූසිකකාකාදීනං අක්ඛිසදිසෙහි විනිග්ගතෙහි ගම්භීරෙහිපි අක්ඛීහි සමන්නාගතා හොන්ති. තථාගතස්ස පන ධොවිත්වා මජ්ජිත්වා ඨපිතමණිගුළිකා විය මුදුසිනිද්ධනීලසුඛුමපඛුමාචිතානි අක්ඛීනි.
ගොපඛුමො මෙහි පඛුම යනුවෙන් මුළු ඇස් ගඩුවම අදහස් කරන ලදි. එය කලු වස්සකුගේ මෙන් ස්වහාව ඇත. රතුවස්සාගේ මෙය අතිප්රසන්නය. ඒ මොහොතෙහි උපන් රතුවස්සකුගේ ඇස්ගඩුවය යන අර්ථයි. අන්‍යයන්ගේ ඇස්ගඩු අසම්පුර්ණය. ඇතුන්ගේ මීයන් ආදීන්ගේ ඇස්වලට සමාන වීමට නෙරාගියාවූද ගිලී ගියාවූද ඇස්වලින් යුතුවෙයි. තථාගතයන් වහන්සේගේ ඇස් සෝදා මැද තැබූ මැණික් බෝලමෙන් මෘදු සිනිඳු නිල් සියුම් ඇස්පිහාටුවෙන් සටහන් කළ ඇස්ය.
උණ්ණාති උණ්ණලොමං. භමුකන්තරෙති ද්වින්නං භමුකානං වෙමජ්ඣෙ නාසිකමත්ථකෙයෙව ජාතා. උග්ගන්ත්වා පන නලාටමජ්ඣජාතා. ඔදාතාති පරිසුද්ධා ඔසධිතාරකවණ්ණා. මුදූති සප්පිමණ්ඩෙ ඔසාදෙත්වා ඨපිතසතවාරවිහතකප්පාසපටලසදිසා. තූලසන්නිභාති සිම්බලිතූලලතාතූලසමානා, අයමස්සා ඔදාතතාය උපමා. සා පනෙසා කොටියං ගහෙත්වා ආකඩ්ඪියමානා උපඩ්ඪබාහුප්පමාණා හොති, විස්සට්ඨා දක්ඛිණාවට්ටවසෙන ආවට්ටිත්වා උද්ධග්ගා හුත්වා සන්තිට්ඨති, සුවණ්ණඵලකමජ්ඣෙ ඨපිතරජතපුප්ඵුළකා විය සුවණ්ණඝටතො නික්ඛමමානා ඛීරධාරා විය අරුණප්පභාරඤ්ජිතෙ ගමනතලෙ ඔසධිතාරකා විය ච අතිමනොහරාය සිරියා විරොචති.
උණ්ණා ඌර්ණ රෝමයයි. හමුකන්තරෙ ඇස්බැම දෙක මැද නාසය මුහුනෙහි ජාතා උඩට නැගි නළල මැද උපන් ඔදාතා පිරිසිදු ඕසධී තාරකාවෙහි වර්ණයෙන් මුදු වෙඩරුසෙහි බහා තැබූ සියවර පොලාලු කපු පුළුන් පටලයක් බඳු තුලසන්නිභා ඉඹුල්පුළුන් නූලක් ලියනූලක් හා සමාන මෙය සුදුබවට උපමායැ. එය කෙළවරින් අල්ලා අදින විට අතින් අඩක් පමණ වෙයි. විසිකළ විට දක්ෂිණාවර්ත වශයෙන් පෙරලී අක් උඩ බලා සිටියි. රන්ඵලකයක්මැද තැබු රිදී බුබුළක්මෙන් රන් කළයෙකින් නික්මෙන කිරිදහරාමෙන් අරුණ ප්‍රභා රශ්මි සහිත ගුවන් තලයෙහි ඕසධී තාරකාව මෙන් ද අතිමනෝහර ශ්‍රීයකින් බබලයි.
උණ්හීසසීසොති ඉදං පරිපුණ්ණනලාටතඤ්චෙව පරිපුණ්ණසීසතඤ්චාති ද්වෙ අත්ථවසෙ පටිච්ච වුත්තං. තථාගතස්ස හි දක්ඛිණකණ්ණචූළිකතො පට්ඨාය මංසපටලං උට්ඨහිත්වා සකලං නලාටං ඡාදයමානං පූරයමානං ගන්ත්වා වාමකණ්ණචූළිකාය පතිට්ඨිතං, රඤ්ඤො බද්ධඋණ්හීසපට්ටො විය විරොචති. පච්ඡිමභවිකබොධිසත්තානං කිර ඉමං ලක්ඛණං විදිත්වා රාජූනං උණ්හීසපට්ටං අකංසු, අයං තාව එකො අත්ථො. අඤ්ඤෙ පන ජනා අපරිපුණ්ණසීසා හොන්ති, කෙචි කප්පසීසා, කෙචි ඵලසීසා, කෙචි අට්ඨිසීසා, කෙචි තුම්බසීසා, කෙචි පබ්භාරසීසා. තථාගතස්ස පන ආරග්ගෙන වට්ටෙත්වා ඨපිතං විය සුපරිපුණ්ණං උදකපුප්ඵුළසදිසං සීසං හොති. තත්ථ පුරිමනයෙන උණ්හීසවෙඨිතසීසො වියාති උණ්හීසසීසො. දුතියනයෙන උණ්හීසං විය සබ්බත්ථ පරිමණ්ඩලසීසොති උණ්හීසසීසො.
උණ්හීස සීසො මෙය පිරිපුන් නළල්තලයක් හා පිරිපුන් හිසක් ඇති බැවින් මේ දෙ අරුත නිසා කියන ලදී. තථාගතයන් වහන්සේගේ දකුණු කන් සිළුවෙහි පටන් මාංශ පටලයක් නැගී මුළු නළලම වසමින් පුරවාගෙන ගොස් වම්කන් සිළුවට වැටී තිබේ. රජකුට බැඳි නළල්පටක් මෙන් බබලයි. පශ්චිම භවික බෝධිසත්වයන්ගේ මේ ලක්ෂණය දැක රජුන්ට නළල්පට තැනූහ. ඒ එක් අර්ථයක් පමණි. අන්ජනයෝ නොපිරිපුන් හිස් ඇත්තෝ වෙති. ඇතැම්හු සැරසු හිස් ඇත්තෝය. තථාගතයන් වහන්සේගේ වනාහි අර අගින් වට කොට තැබුවාක් වැනි සර්ව සම්පුර්ණ වූ දිය බුබුළක් වැනි හිසක් වෙයි. එහි පෙර ක්‍රමයෙන් නළල් පටින් වෙළු හිසක් මෙනැයි උණ්හීස සීසනම් දෙවැනි ක්‍රමයට, නළල්පටක් මෙන් සියලු තැන වට වූ හිස් ඇත්තේ උණ්හීස සීසො නමි,
ඉමානි පන මහාපුරිසලක්ඛණානි කම්මං කම්මසරික්ඛකං ලක්ඛණං ලක්ඛණානිසංසන්ති ඉමෙ චත්තාරො කොට්ඨාසෙ එකෙකස්මිං ලක්ඛණෙ දස්සෙත්වා කථිතානි සුකථිතානි හොන්ති. තස්මා භගවතා ලක්ඛණසුත්තෙ (දී· නි· 3.200-202) වුත්තානි ඉමානි කම්මාදීනි දස්සෙත්වා කථෙතබ්බානි. සුත්තවසෙන විනිච්ඡිතුං අසක්කොන්තෙන සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථාය තස්සෙව සුත්තස්ස වණ්ණනාය වුත්තනයෙන ගහෙතබ්බානි.
මේ මහා පුරුෂ ලක්ෂණ කර්මය, කර්ම සරිකව ලක්ෂණ, ලක්ඛණානි සංස යන සිව් කොටසෙහි එක් එක් කොටසෙහි ලක්ෂණ දක්වා කියන ලදි. මැනවින් කියන දේ වෙයි. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ විසින් ලක්ඛණසුත්රයෙහි කියන ලද මේ කම්ම ආදිය දක්වා කිවයුතුය. සුත්රවශයෙන් විනිශ්චය කිරිමට නොහැකි වන්නකු විසින් සුමංගල විලාසිනි නම් වූ දීඝනිකාය අට්ඨකථාවෙහි එම සූත්‍රයට කරන ලද වර්ණනාවෙහි කියූ ක්‍රමයෙන්ම ගතයුතුය.
ඉමෙහි ඛො, භො, සො භවං ගොතමොති, භො ආචරිය, ඉමෙහි ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සො භවං ගොතමො සමන්නාගතො දෙවනගරෙ සමුස්සිතරතනවිචිත්තං සුවණ්ණතොරණං විය යොජනසතුබ්බෙධො සබ්බපාලිඵුල්ලො පාරිච්ඡත්තකො විය සෙලන්තරම්හි සුපුප්ඵිතසාලරුක්ඛො විය තාරාගණපටිමණ්ඩිතගගනතලමිව ච අත්තනො සිරිවිභවෙන ලොකං ආලොකං කුරුමානො විය චරතීති ඉමත්ථම්පි දීපෙත්වා කිරියාචාරං ආචික්ඛිතුං ගච්ඡන්තො ඛො පනාතිආදිමාහ.
ඉමෙහි ඛො සො භවං ගොතමො පින්වත් ආචාරීනි, මේ දෙතිස් මහා පුරිස් ලකුණින් ඒ භවත් ගෞතමයෝ යුක්තවූවෝය. දෙව්නුවර නැංවු රුවනින් විසිතුරු රන් තොරණක් මෙන් යොදුන් සියයක් උස එක්පෙළට මල් පිපුණු පරසතු රුකක්මෙන් පර්වත අතරෙහි සුපුෂ්පිත සල්රුකක් මෙන් තරු ගණයෙන් සැදුම්ලත් ගුවන් තලය මෙන් තමාගේ ශ්‍රී සම්පත්තියෙන් ලෝකය ආලෝක කෙරෙමින් මෙන් හැසිරෙති යන මේ අර්ථය දක්වා කාර්ය ආවාරය අසන්ට ගච්ඡන්තො ඛොපන ආදිය කීය.
දක්ඛිණෙනාති බුද්ධානඤ්හි ඨත්වා වා නිසීදිත්වා වා නිපජ්ජිත්වා වා ගමනං අභිනීහරන්තානං දක්ඛිණපාදොව පුරතො හොති. සතතපාටිහාරියං කිරෙතං. නාතිදූරෙ පාදං උද්ධරතීති තං දක්ඛිණපාදං න අතිදූරෙ ඨපෙස්සාමීති උද්ධරති. අතිදූරඤ්හි අභිහරියමානෙ දක්ඛිණපාදෙන වාමපාදො ආකඩ්ඪියමානො ගච්ඡෙය්ය, දක්ඛිණපාදොපි දූරං ගන්තුං න සක්කුණෙය්ය, ආසන්නෙයෙව පතිට්ඨහෙය්ය, එවං සති පදවිච්ඡෙදො නාම හොති. දක්ඛිණපාදෙ පන පමාණෙනෙව උද්ධතෙ වාමපාදොපි පමාණෙනෙව උද්ධරියති, පමාණෙන උද්ධතො පතිට්ඨහන්තොපි පමාණෙයෙව පතිට්ඨාති. එවමනෙන තථාගතස්ස දක්ඛිණපාදකිච්චං වාමපාදෙන නියමිතං, වාමපාදකිච්චං දක්ඛිණපාදෙන නියමිතන්ති වෙදිතබ්බං.
දක්ඛිණෙන බුදුවරුන් සිට හෝ හිඳ හෝ වැදහෙව හෝ ගමනට පිටත් වනවිට දකුණු පයම පෙරටුව වෙයි. මෙම සප්ත ප්රාතිහාර්යන්ගෙන් එකකි. නාතිදුරෙ පාදං උද්ධරති ඒ දකුණු පය බොහෝ ඈතින් නො තබන්නෙමියි ඔසවති. අතිදුරයනු ගමන් කරන විට දකුණු පසින් වම්පස අදිමින් යන්නේනමි දකුණු පයද දරාගන්ට නොහැකි වන්නේය. ආසන්නයේම තබන්නේය. මෙසේ ඇතිකල පද කැඩීමක් සිදුවෙයි. දකුණුපය ප්‍රමාණයටම එසවූවිට වම්පයද ප්‍රමාණයටම එසවෙයි. ප්‍රමාණයට එසවූ පය තබන්නේත් ප්රමාණයටයි. මෙසේ මෙයින් තථාගතයන් වහන්සේගේ දකුණු පයින් කෙරෙන කාර්යය වම්පසින් නියමිත වම්පා කිස දකුණුපයින් නියමිත වන්නේයයි දතයුතුය.
නාතිසීඝන්ති දිවා විහාරභත්තත්ථාය ගච්ඡන්තො භික්ඛු විය න අතිසීඝං ගච්ඡති. නාතිසණිකන්ති යථා පච්ඡතො ආගච්ඡන්තො ඔකාසං න ලභති, එවං න අතිසණිකං ගච්ඡති. අද්දුවෙන අද්දුවන්ති ජණ්ණුකෙන ජණ්ණුකං, න සත්ථිං උන්නාමෙතීති ගම්භීරෙ උදකෙ ගච්ඡන්තො විය න ඌරුං උන්නාමෙති. න ඔනාමෙතීති රුක්ඛසාඛාඡෙදනදණ්ඩඞ්කුසපාදො විය න පච්ඡතො ඔසක්කාපෙති. න සන්නාමෙතීති ඔබද්ධානාබද්ධට්ඨානෙහි පාදං කොට්ටෙන්තො විය න ථද්ධං කරොති. න විනාමෙතීති යන්තරූපකං කීළාපෙන්තො විය න ඉතො චිතො ච චාලෙති. අධරකායොවාති හෙට්ඨිමකායොව ඉඤ්ජති, උපරිමකායො නාවාය ඨපිතසුවණ්ණපටිමා විය නිච්චලො හොති. දූරෙ ඨත්වා ඔලොකෙන්තො හි බුද්ධානං ඨිතභාවං වා ගමනභාවං වා න ජානාති. කායබලෙනාති බාහා ඛිපන්තො සරීරතො සෙදෙහි මුච්චන්තෙහි න කායබලෙන ගච්ඡති. සබ්බකායෙනෙවාති ගීවං අපරිවත්තෙත්වා රාහුලොවාදෙ වුත්තනාගාපලොකිතවසෙනෙව අපලොකෙති.
නාතිසීඝං දිවා විවේකයෙන් පසු දන්පිණිස යන්නේ භික්ෂුන් මෙන් ඉතා වේගයෙන් නොයති. නාතිසණිකං පස්සෙන් එන තැනැත්තා අවකාශයක් නොලබයිද එසේ ඉතා සෙමින් නොයති. අඩ්ඩුවෙන අඩ්ඩුවං දණින් දණ, නසත්ථිං ගැඹුරු දියෙහි යන්නාක් මෙන් කලවා නොනමයි. නඕණාමෙති ගසක අතුකපන අංකුස දඬුවක පාදය මෙන් පස්සට නො අදියි. නසන්නාමෙති එබුතැනට පා කොටන්නාක් මෙන් තද නොකරයි. නවිනාමෙනි යන්ත්රරූපයක් කෙළවන්නාක්මෙන් ඔබමොබ නොලෙලවයි අධරකායොවා යටිකයම සෙලවෙයි. උඩුකය නැවෙහි තැබු රන්පිළිමයක් මෙන් නිශ්චලවෙයි. දුර සිට බලන විට බුදුවරුන් සිටිනා බව හෝ ඇවිදිනබව නොදනිත්. කායබලෙන බාහු සොලව සොලවා යද්දී සිරුරින් දහදිය මිදෙන විට කාය බලයෙන් නොයයි. සබ්බකායෙනෙව ගෙල නොහරවා රාහුලොවාද සූත්‍රයෙහි කියන ලද නාගාවලෝකිත වශයෙන්ම අවලෝකනය කරයි.
න උද්ධන්තිආදීසු නක්ඛත්තානි ගණෙන්තො විය න උද්ධං උල්ලොකෙති, නට්ඨං කාකණිකං වා මාසකං වා පරියෙසන්තො විය න අධො ඔලොකෙති, න හත්ථිඅස්සාදයො පස්සන්තො විය ඉතො චිතො ච විපෙක්ඛමානො ගච්ඡති. යුගමත්තන්ති නවවිදත්ථිමත්තෙ චක්ඛූනි ඨපෙත්වා ගච්ඡන්තො යුගමත්තං පෙක්ඛති නාම, භගවාපි යුගෙ යුත්තො සුදන්තආජානීයො විය එත්තකං පස්සන්තො ගච්ඡති. තතො චස්ස උත්තරීති යුගමත්තතො පරං න පස්සතීති න වත්තබ්බො. න හි කුට්ටං වා කවාටං වා ගච්ඡො වා ලතා වා ආවරිතුං සක්කොති, අථ ඛ්වස්ස අනාවරණඤාණස්ස අනෙකානි චක්කවාළසහස්සානි එකඞ්ගණානෙව හොන්ති. අන්තරඝරන්ති හෙට්ඨා මහාසකුලුදායිසුත්තෙ ඉන්දඛීලතො පට්ඨාය අන්තරඝරං, ඉධ ඝරඋම්මාරතො පට්ඨාය වෙදිතබ්බං. න කායන්තිආදි පකතිඉරියපථෙනෙව පවිසතීති දස්සනත්ථං වුත්තං. දලිද්දමනුස්සානං නීචඝරකං පවිසන්තෙපි හි තථාගතෙ ඡදනං වා උග්ගච්ඡති, පථවී වා ඔගච්ඡති, භගවා පන පකතිගමනෙනෙව ගච්ඡති. නාතිදූරෙති අතිදූරෙ පරිවත්තන්තෙන හි එකං ද්වෙ පදවාරෙ පිට්ඨිභාගෙන ගන්ත්වා නිසීදිතබ්බං හොති. නාච්චාසන්නෙති අච්චාසන්නෙ පරිවත්තන්තෙන එකං ද්වෙ පදවාරෙ පුරතො ගන්ත්වා නිසීදිතබ්බං හොති. තස්මා යස්මිං පදවාරෙ ඨිතෙන පුරතො වා පච්ඡතො වා අගන්ත්වා නිසීදිතබ්බං හොති, තත්ථ පරිවත්තති.
න උද්ධං ආදීතන්හි නැකැත්තරු ගනිමින් මෙන් උඩ නොබලයි. නැතිවු කාකණිකයක් හෝ මස්සක් හෝ සොයන්නාක්මෙන් යට නොබලයි. ඇතුන් අසුන් බලන්නාක්මෙන් එහා මෙහා වික්ෂේපයෙන් නොයයි. යුගමත්තංයනු වියත් නවයක් පමණ තැන ඇස් රඳවා යන්නේ යුගමාත්රයක් බලයි නම් භාග්‍යවතුන් වහන්සේ යුගමාත්රයක සිටින සේක් මනාසේ දැමුණු ආජානීය අශ්වයකු මෙන් එපමණක්ම බලමින් යන සේක. ඉන් එපිට යනු යුගමාත්රයෙන් එපිට නොබලතියි නොකිව යුතුය. බිත්තියක් හෝ කවුළුවක් හෝ පඳුරක් හෝ වැලක් තිබේනම් එය ආවරණය කරන්ට නොහැකිද? එවිට උන්වහන්සේගේ අනාවරණ ඤාණයට නොයෙක් සක්වල දහස්ගණනක් එකයායක්ම වෙයි. අන්තරඝරං යට මහා සකුලුදායී සූත්‍රයෙහි ඉන්‍ද්‍රඛීලයෙහි පටන් අන්තර්ගෘහය මෙහි ගෙහි එලිපත්තෙහි පටන් දතයුතුය. නකායං පියෙවි ඉරියව්වෙන්ම පිවිසෙතියි දැක්වීම පිණිස කියන ලදී. දිළිඳු මිනිසුන්ගේ නුස් කුඩා ගෙවලට පිවිසෙන විට වහලය හෝ ඉස්සෙයි පොළොව හෝ පහත් වෙයි. භාග්‍යවතුන් වහන්සේ ප්රකෘතිගමනින් වඩිති. නාතිදුරෙ බොහෝ ඈත ගමන් කරන්නකු විසින් පියවර එකක් දෙකක් පිටුපසින් ගොස් හිඳගතයුතු වෙයි. ඉතා ආසන්නයෙහි එන්නකු විසින් පියවර එකදෙකක් පෙරටුව ගොස් හිඳගත යුතුවෙයි. ඒනිසා යම්කිසි පියවරක සිටියකු විසින් පෙරටුව හෝ පසුව නොගොස් හිඳගත යුතුවෙයි. එහිදී හැරෙයි.
පාණිනාති කටිවාතාබාධිකො විය න ආසනං හත්ථෙහි ගහෙත්වා නිසීදති. පක්ඛිපතීති යො කිඤ්චි කම්මං කත්වා කීළන්තො ඨිතකොව පතති, යොපි ඔරිමං අඞ්ගං නිස්සාය නිසින්නො ඝංසන්තො යාව පාරිමඞ්ගා ගච්ඡති, පාරිමඞ්ගං වා නිස්සාය නිසින්නො තථෙව යාව ඔරිමඞ්ගා ආගච්ඡති, සබ්බො සො ආසනෙ කායං පක්ඛිපති නාම. භගවා පන එවං අකත්වා ආසනස්ස මජ්ඣෙ ඔලම්බකං ධාරෙන්තො විය තූලපිචුං ඨපෙන්තො විය සණිකං නිසීදති. හත්ථකුක්කුච්චන්ති පත්තමුඛවට්ටියං උදකබින්දුඨපනං මක්ඛිකබීජනියා පණ්ණච්ඡෙදනඵාලනාදි හත්ථෙන අසංයතකරණං. පාදකුක්කුච්චන්ති පාදෙන භූමිඝංසනාදි අසංයතකරණං.
පාණිනා කටීවායුවෙන් පෙළෙන්නකුමෙන් අසුන අතින් අල්ලාගෙන නොහිඳියි. පක්ඛපති කිසියම් කාර්යයක් කොට ක්ලාන්ත වන අයෙක් හිටගෙනම වැටෙයි. යමෙක් පහත් අංගයක් ඇසුරුකොට හුන් තැනැත්තේ ගසාදමමින් උස් අංගයක් දක්වා යයිද උස් අංගයක් ඇසුරුකොට හුන් තැනැත්තේ එසේම පහත් අංගයක් දක්වා එයිද හෙතෙමේ මුළු සිරුර අසුනෙහි දමයි නම් භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොකොට අසුන මැද එල්ලෙන දෙයක් සොලවන්නාක් මෙන්, පුළුන් රොදක් තබන්නාක් මෙන් සෙමින් හිඳගන්නා සේක. හත්ථකුක්කුච්චං පාත්‍රයෙහි මුවවිට දියබිඳු පිසදැමීම, මැස්සන් එලවන කොලකපන පලන කල්හි මෙන් අතින් අසංයත ක්‍රියා කිරීම, පාදකුක්කුච්චං පාදයෙන් බිමසෑරීම ආදී අසංයත ක්‍රියා කිරීම.
න ඡම්භතීති න භායති. න කම්පතීති න ඔසීදති. න වෙධතීති න චලති. න පරිතස්සතීති භයපරිතස්සනායපි තණ්හාපරිතස්සනායපි න පරිතස්සති. එකච්චො හි ධම්මකථාදීනං අත්ථාය ආගන්ත්වා මනුස්සෙසු වන්දිත්වා ඨිතෙසු “සක්ඛිස්සාමි නු ඛො තෙසං චිත්තං ගණ්හන්තො ධම්මං වා කථෙතුං, පඤ්හං වා පුච්ඡිතො විස්සජ්ජෙතුං, භත්තානුමොදනං වා කාතු”න්ති භයපරිතස්සනාය පරිතස්සති. එකච්චො “මනාපා නු ඛො මෙ යාගු ආගච්ඡිස්සති, මනාපං අන්තරඛජ්ජක”න්ති වා තණ්හාපරිතස්සනාය පරිතස්සති. තදුභයම්පි තස්ස නත්ථීති න පරිතස්සති. විවෙකාවට්ටොති විවෙකෙ නිබ්බානෙ ආවට්ටමානසො හුත්වා. විවෙකවත්තොතිපි පාඨො, විවෙකවත්තයුත්තො හුත්වාති අත්ථො. විවෙකවත්තං නාම කතභත්තකිච්චස්ස භික්ඛුනො දිවාවිහාරෙ සමථවිපස්සනාවසෙන මූලකම්මට්ඨානං ගහෙත්වා පල්ලඞ්කං ආභුජිත්වා නිසීදනං. එවං නිසින්නස්ස හි ඉරියාපථො උපසන්තො හොති.
නජම්හති බියනොවෙති. න කම්පති බිඳ නොවැටෙති. නවෙධති නොසැලෙති. නපරිතස්සති භය සන්ත්රාසයෙන්ද සන්ත්‍රාසයට පත්නොවෙති. ඇතැම්හු ධර්මකථා ආදිය සඳහා පැමිණි මිනිසුන් වැඳහුන් කල ඔවුන් සිත් ගනිමින් ධර්මය කියන්ට හෝ ප්‍රශ්නයක් ඇසූවිට පිළිතුරුදීමට හෝ භුක්තානු මෝදනාව හෝ කරන්ට හැකිවේදෝයි. හයසන්ත්රාසයෙන් සන්ත්‍රාසයට පත්වෙති. ඇතමෙක් මා කැමති කැඳ එද. මා කැමති අතුරුපසක් ඒදැයි තෘෂ්ණා සන්ත්රාසයෙන් සන්ත්‍රාසයට පත්වෙති. ඒ දෙකම උන්වහන්සේට නැති බැවින් සන්ත්‍රාසයට පත්නොවෙති. විවෙකාවත්තො විවෙකයෙහි නිර්මාණයෙහි දැවටුණු මනසක් ඇතිවු විවේක චිත්තො යනුවෙන්ද පාඨයක් ඇත. විවේකවතින් යුතුව යන අර්ථයි. විවෙක වතත නම් කරන ලද බත්කිස ඇති භික්ෂුවගේ දිවා විහරණයෙහි සමථ විදර්ශනා වශයෙන් මූල කර්මස්ථානයක් ගෙන පළක්බැඳ හිඳීමයි. මෙසේ හුන්නහුගේ ඉරියව් ශාන්ත වේ.
න පත්තං උන්නාමෙතීතිආදීසු එකච්චො පත්තමුඛවට්ටියා උදකදානං ආහරන්තො විය පත්තං උන්නාමෙති, එකො පාදපිට්ඨියං ඨපෙන්තො විය ඔනාමෙති, එකො බද්ධං කත්වා ගණ්හාති, එකො ඉතො චිතො ච ඵන්දාපෙති, එවං අකත්වා උභොහි හත්ථෙහි ගහෙත්වා ඊසකං නාමෙත්වා උදකං පටිග්ගණ්හාතීති අත්ථො. න සම්පරිවත්තකන්ති පරිවත්තෙත්වා පඨමමෙව පත්තපිට්ඨිං න ධොවති. නාතිදූරෙති යථා නිසින්නාසනතො දූරෙ පතති, න එවං ඡඩ්ඩෙති. නාච්චාසන්නෙති පාදමූලෙයෙව න ඡඩ්ඩෙති. විච්ඡඩ්ඩයමානොති විකිරන්තො, යථා පටිග්ගාහකො තෙමති, න එවං ඡඩ්ඩෙති.
න පත්තං උන්නාමෙති ආදිතන්හි ඇතැම්හු පාත්‍රයෙහි මුවවිටින් උදරයට අනින්නාක් මෙන් පාත්‍රය උඩට හරවත්. එකෙක් පාපුටුවෙහි තබන්නාක් මෙන් මුණින් නමයි. එකෙක් තද කොට ගනී. එතෙක් එහාට මෙහාට පද්දයි. මෙසේ නොකොට දෑතින් ගෙන මඳක් නැමී ජලය පිළිගනිති. යන අර්ථයි. න සම්පරිවත්තකං හැරී පළමුකොටම පාත්‍රයෙහි පිට නොසෝදති. නාතිදූරෙ හුන් අසුනින් දුරට වැටෙන්ට විසිනොකරති. න අව්වාසන්නෙ පාමුලම නොහළති. විච්ඡඩ්ඩයමානො විසුරුවන්නේ ප්‍රතිග්‍රාහකයා තෙමේ ද එසේ විසිනොකරති.
නාතිථොකන්ති යථා එකච්චො පාපිච්ඡො අප්පිච්ඡතං දස්සෙන්තො මුට්ඨිමත්තමෙව ගණ්හාති, න එවං. අතිබහුන්ති යාපනමත්තතො අතිරෙකං. බ්යඤ්ජනමත්තායාති බ්යඤ්ජනස්ස මත්තා නාම ඔදනතො චතුත්ථො භාගො. එකච්චො හි භත්තෙ මනාපෙ භත්තං බහුං ගණ්හාති, බ්යඤ්ජනෙ මනාපෙ බ්යඤ්ජනං බහුං. සත්ථා පන තථා න ගණ්හාති. න ච බ්යඤ්ජනෙනාති අමනාපඤ්හි බ්යඤ්ජනං ඨපෙත්වා භත්තමෙව භුඤ්ජන්තො, භත්තං වා ඨපෙත්වා බ්යඤ්ජනමෙව ඛාදන්තො බ්යඤ්ජනෙන ආලොපං අතිනාමෙති නාම. සත්ථා එකන්තරිකං බ්යඤ්ජනං ගණ්හාති, භත්තම්පි බ්යඤ්ජනම්පි එකතොව නිට්ඨන්ති. ද්වත්තික්ඛත්තුන්ති තථාගතස්ස හි පුථුජිව්හාය දන්තානං උපනීතභොජනං ද්වත්තික්ඛත්තුං දන්තෙහි ඵුට්ඨමත්තමෙව සණ්හකරණීයපිට්ඨවිලෙපනං විය හොති, තස්මා එවමාහ. න මුඛෙ අවසිට්ඨාති පොක්ඛරපත්තෙ පතිතඋදකබින්දු විය විනිවත්තිත්වා පරගලමෙව යාති, තස්මා අවසිට්ඨා න හොති. රසපටිසංවෙදීති මධුරතිත්තකදුකාදිරසං ජානාති. බුද්ධානඤ්හි අන්තමසො පානීයෙපි දිබ්බොජා පක්ඛිත්තාව හොති, තෙන නෙසං සබ්බත්ථෙව රසො පාකටො හොති, රසගෙධො පන නත්ථි.
නාතිථොකං ඇතැම් පාවිෂ්ටයෝ අල්පේච්ඡතාව පෙන්වන්ට මිටක් පමණම ගනිති. භාග්‍යවතුන් වහන්සේ එසේ නොවෙති. අතිබහුං යැපෙන පමණට අතිරේකව බ්‍යඤ්ජන මත්තායා ව්යඤ්ජනමත්ත යනු බතින් සතරෙන් එකක් ඇතැම්හු බතෙහි ආශාවට බොහෝ බත් ගනිත්. ව්‍යඤ්ජනයෙහි ආශාවට ව්‍යඤ්ජන බොහෝ ගනිත්. ශාස්තෲන් වහන්සේ එසේ නොගන්නා සේක. නචබ්යඤ්ජ නෙන නොකැමති ව්‍යඤ්ජනය හැර බත්ම අනුභව කරන්නේ. බත්ද හැර ව්යඤ්ජනම කන්නේ ව්‍යඤ්ජනයෙන් බත්පිඬ වැසී සිටී නම්වේ. ශාස්තෲන් වහන්සේ එක සමානව ව්‍යඤ්ජන ගන්නා සේක. බත්ද ව්‍යඤ්ජනද එක්ව සිටී. ද්වත්තික්ඛත්තුං තථාගතයන් වහන්සේගේ දිවෙන් දත්වලට ගෙන එනු ලබන භෝජනය දෙතුන් වරක් දත්වලින් ස්පර්ශවූ කෙණෙහි සියුම් වී පිටි ආලේපනයක් මෙන් වෙයි. ඒ නිසා මෙසේ කීහ. මුබෙ අවසිට්ඨා පොකුරු පතෙහි වැටුණු දියබිඳුමෙන් පෙරලී උගුරෙන් එපිටට යයි. ඒ නිසා ඉතිරිවීමක් සිදුනොවේ. රසපටිසංවේදී මධුර තිත්ත කටුක ආදී රස දන්නාසේක. යටත් පිරිසෙයින් බුදුවරුන්ගේ පානීය ජලයෙහි දිව්‍ය ඕජස් බහාලන ලද්දේවෙයි. ඒනිසා උන්වහන්සේලාට සියලු තන්හි රසය ප්රකටය. රස තෘෂ්ණාවක් නම් නැත.
අට්ඨඞ්ගසමන්නාගතන්ති “නෙව දවායා”ති වුත්තෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතං. විසුද්ධිමග්ගෙ පනස්ස විනිච්ඡයො ආගතොති සබ්බාසවසුත්තෙ වුත්තමෙතං. හත්ථෙසු ධොතෙසූති සත්ථා කිං කරොති? පඨමං පත්තස්ස ගහණට්ඨානං ධොවති. තත්ථ පත්තං ගහෙත්වා සුඛුමජාලහත්ථං පෙසෙත්වා ද්වෙ වාරෙ සඤ්චාරෙති. එත්තාවතා පොක්ඛරපත්තෙ පතිතඋදකං විය විනිවත්තිත්වා ගච්ඡති. න ච අනත්ථිකොති යථා එකච්චො පත්තං ආධාරකෙ ඨපෙත්වා පත්තෙ උදකං න පුඤ්ඡති, රජෙ පතන්තෙ අජ්ඣුපෙක්ඛති, න එවං කරොති. න ච අතිවෙලානුරක්ඛීති යථා එකච්චො පමාණාතික්කන්තං ආරක්ඛං ඨපෙති, භුඤ්ජිත්වා වා පත්තෙ උදකං පුඤ්ඡිත්වා චීවරභොගන්තරං පවෙසෙත්වා පත්තං උදරෙන අක්කමිත්වා ගණ්හාති, න එවං කරොති.
අට්ඨඞ්ග සමන්නාගතං නෙවදවායයැයි අංගයන්ගෙන් යුක්තය. විසුද්ධි මග්ගයෙහි මෙහි විනිශ්චය ආයේය. මෙය සබ්බාසව සුත්‍රයෙහි කියන ලද්දකි. හත්ථෙසු ධොතෙසු ශාස්තෲන් වහන්සේ කුමක් කරන සේක්ද? පළමුව පාත්‍රය අල්ලාගන්නා තැන සෝදන සේක. එහිදී පාත්‍රය ගෙන සියුම් දැල් අත යවා දෙවරක් අත කරකවන සේක. එපමණකින් පොකුරු පත වැටුණු ජලය මෙන් කරකැවී යයි. නච අනත්ථිකො ඇතැම්හු පාත්‍රය ආධාරකයෙහි තබා පාත්‍රයෙහි ජලය පිස නොදමති. දුවිලි වැටෙනවිට සැලකිලිමත් වෙති. භාග්‍යවතුන් වහන්සේ එසේ නොකරන සේක. නච අතිවෙලානුපෙක්ඛති ඇතැම්හු ප්රමාණාතික්රාන්ත ලෙස ආරක්ෂාව එළවා ගනිති. වළඳා පාත්‍රයෙහි ජලය පිසදමා සිවුරු පොට ඇතුළට පිවිසවා පාත්‍රය උදරයෙන් තදකර ගනිති. තථාගතයන් වහන්සේ එසේ නොකරන සේක.
න ච අනුමොදනස්සාති යො හි භුත්තමත්තොව දාරකෙසු භත්තත්ථාය රොදන්තෙසු ඡාතජ්ඣත්තෙසු මනුස්සෙසු භුඤ්ජිත්වා අනාගතෙස්වෙව අනුමොදනං ආරභති, තතො සබ්බකම්මානි ඡඩ්ඩෙත්වා එකච්චෙ ආගච්ඡන්ති, එකච්චෙ අනාගතාව හොන්ති, අයං කාලං අතිනාමෙති. යොපි මනුස්සෙසු ආගන්ත්වා අනුමොදනත්ථාය වන්දිත්වා නිසින්නෙසු අනුමොදනං අකත්වාව “කථං තිස්ස, කථං ඵුස්ස, කථං සුමන, කථං තිස්සෙ, කථං ඵුස්සෙ, කථං සුමනෙ, කච්චිත්ථ අරොගා, සස්සං සම්පන්න”න්තිආදිං පාටියෙක්කං කථං සමුට්ඨාපෙති, අයං අනුමොදනස්ස කාලං අතිනාමෙති, මනුස්සානං පන ඔකාසං ඤත්වා ආයාචිතකාලෙ කරොන්තො නාතිනාමෙති නාම, සත්ථා තථා කරොති.
නච අනුමොදනස්ස යමෙක් ආහාරගත් කෙණෙහි දරුවන් බත්ඉල්ලා හඬනකල්හි මිනිසුන් කුසගිනි වූ කල්හි නොපැමිණි හෙට දවසෙහි අනුමෝදනාව ආරම්භ කරයිද? ඉන්පසු සියලු කටයුතු අත්හැර ඇතැම්හු එති. ඇතැම්හු නොපැමිණියෝ වෙති. මෙය කල්ගෙවීමකි. යමෙක් මිනිසුන් පැමිණ අනුමෝදනාව පිණිස වැඳ දුන්කල්හි අනුමෝදනාව නොකොට, කොහොමද තිස්ස, කොහොමද ඵුස්ස. කොහොමද සුමන, කොහොමද තිස්සා. කොහොමද ඵුස්සා, කොහොමද සුමනා කොහොමද කරදරයක් නැතිව අස්වැන්න ලැබුණද ආදී වෙන වෙන කථා උපදවත් මෙයද අනුමෝදනාවේ කාලය ඉක්මවීමකි. මිනිසුන්ගේ අවස්ථාව දැන අයැද සිටි කල්හි කරන්නේ කාලය ඉක්මවා යයි. ශාස්තෲන් වහන්සේ එසේ නොකරනසේක.
න තං භත්තන්ති කිං භත්තං නාමෙතං උත්තණ්ඩුලං අතිකිලින්නන්තිආදීනි වත්වා න ගරහති. න අඤ්ඤං භත්තන්ති ස්වාතනාය වා පුනදිවසාය වා භත්තං උප්පාදෙස්සාමීති හි අනුමොදනං කරොන්තො අඤ්ඤං භත්තං පටිකඞ්ඛති. යො වා – “යාව මාතුගාමානං භත්තං පච්චති, තාව අනුමොදනං කරිස්සාමි, අථ මෙ අනුමොදනාවසානෙ අත්තනො පක්කභත්තතොපි ථොකං දස්සන්තී”ති අනුමොදනං වඩ්ඪෙති, අයම්පි පටිකඞ්ඛති නාම. සත්ථා න එවං කරොති. න ච මුච්චිතුකාමොති එකච්චො හි පටිසංමුඤ්චිත්වා ගච්ඡති, වෙගෙන අනුබන්ධිතබ්බො හොති. සත්ථා පන න එවං ගච්ඡති, පරිසාය මජ්ඣෙ ඨිතොව ගච්ඡති. අච්චුක්කට්ඨන්ති යො හි යාව හනුකට්ඨිතො උක්ඛිපිත්වා පාරුපති, තස්ස අච්චුක්කට්ඨං නාම හොති. යො යාව ගොප්ඵකා ඔතාරෙත්වාව පාරුපති, තස්ස අච්චුක්කට්ඨං හොති. යොපි උභතො උක්ඛිපිත්වා උදරං විවරිත්වා යාති, තස්සපි අච්චුක්කට්ඨං හොති. යො එකංසං කත්වා ථනං විවරිත්වා යාති, තස්සපි අච්චුක්කට්ඨං. සත්ථා තං සබ්බං න කරොති.
නතංභත්තං මොනවාද මේ බත්. ඇටකුණාවෙලාය, බෙරිවෙලාය ආදිය කියා නොගරහන සේක. න අඤ්ඤං භන්තං හෙට පිණිස හෝ නැවත දිනක බත් උපදවාගන්නෙමියි අනුමෝදනා කරන්නේ අන්බතක් අපේක්ෂාකරයි - යමෙක් යම්තාක් ගැහැණුන්ට බත් පිසයිද ඒතාක් අනුමෝදනාව කරන්නෙමි. මාගේ අනුමෝදනාව අවසානයෙහි තමාට පිසු බතින් ටිකක් දෙන්නාහුයයි අනුමෝදනාව වැඩි කරයි. මෙයත් පටිකඞ්ඛති නම් වේ. ශාස්තෲන් වහන්සේ මෙසේ නොකරන සේක. න නිමුච්චිතුකාමො ඇතැම්හු පිරිස පසු කොට පසුකොට යති. වේගයෙන් ලුහුබැඳ යායුතු වෙයි. ශාස්තෲන් වහන්සේ එසේ නොකරන සේක. පිරිසමැද සිට යන සේක. අච්චුක්කට්ඨං කෙනෙක් හකුඇටයෙන් උඩට සිටිනසේ සිවුර පොරවයි. ඔහු අච්චුක්කට්ඨ නම්වෙයි. කෙනෙක් ගොප් ඇටය වසා සිවුර පොරවයි. ඔහු අච්චොක්කට්ඨ නම් වෙයි. කෙනෙක් දෙපසින් ඔසවා උදරය විවෘතව තබාගෙනයයි. ඔහු ද අච්චුක්කට්ඨ වෙයි. කෙනෙක් ඒකාංස කොට තනය විවෘතව තබාගෙනයයි. ඔහු ද අච්චොක්කට්ඨ නම ලබයි. ශාස්තෲන් වහන්සේ මේ සියල්ලම නොකරන සේක.
අල්ලීනන්ති යථා අඤ්ඤෙසං සෙදෙන තින්තං අල්ලීයති, න එවං සත්ථු. අපකට්ඨන්ති ඛලිසාටකො විය කායතො මුච්චිත්වාපි න තිට්ඨති. වාතොති වෙරම්භවාතොපි උට්ඨහිත්වා චාලෙතුං න සක්කොති. පාදමණ්ඩනානුයොගන්ති ඉට්ඨකාය ඝංසනාදීහි පාදසොභානුයොගං. පක්ඛාලෙත්වාති පාදෙනෙව පාදං ධොවිත්වා. සො නෙව අත්තබ්යාබාධායාතිආදීනි න පුබ්බෙනිවාසචෙතොපරියඤාණානං අත්ථිතාය වදති, ඉරියාපථසන්තතං පන දිස්වා අනුමානෙන වදති. ධම්මන්ති පරියත්තිධම්මං. න උස්සාදෙතීති කිං මහාරට්ඨික, කිං මහාකුටුම්බිකාතිආදීනි වත්වා ගෙහස්සිතවසෙන න උස්සාදෙති. න අපසාදෙතීති “කිං, උපාසක, කථං තෙ විහාරමග්ගො ඤාතො? කිං භයෙන නාගච්ඡසි? න හි භික්ඛූ කිඤ්චි අච්ඡින්දිත්වා ගණ්හන්ති, මා භායී”ති වා “කිං තුය්හං එවං මච්ඡරියජීවිතං නාමා”ති වා ආදීනි වත්වා ගෙහස්සිතපෙමෙන න අපසාදෙති.
අල්ලීනං අන්‍යයන්ගේ දහදියෙන් තෙත ඇලෙයි. ශාස්තෲන් වහන්සේගේ එය නැත. අපක්කට්ඨං වේරම්බ වාතයද නැගී සොලවන්ට නොහැකිවෙයි. පාදමණ්ඩ නානුයොගං ගඩොලින් ඇතිල්ලීම් ආදියෙන් පාදයන් අලංකාර කිරීමෙහි යෙදීම. පක්ඛාලෙත්වා පයින්ම පා සෝදා සොනෙව අත්තඛ්යාධාය ආදිය පුබ්බෙනිවාස චෙතොපරියඤාණයන් ඇති බැවින් නොකියන සේක. ඉරියව් ඇතිබව දැන අනුමානයෙන් කියන සේක. ධම්මං පරියත්ති ධර්මය. උස්සාදෙති කිමෙක්ද මහා රට්ඨික, මහා කුටිමබික ආදිය කියා ගෘහාශ්‍රිත වශයෙන් අවුල් කරයි. අපසාදෙති කිමෙක්ද උපාසකය, ඔබ වෙහෙරට එන මග දැන ගත්තේ කෙසේද? බයනිසා එන්නේ නැද්ද, භික්ෂුහු කිසි දෙයක් උදුරා නොගනිති. බිය නොවන්න. කියා හෝ කුමක්ද ඔබගේ මේ මසුරු ජීවිතය ආදිය කියා ගෘහාශ්‍රිත වශයෙන් අප්‍රසාදයට පත් නොකරති.
විස්සට්ඨොති සිනිද්ධො අපලිබුද්ධො. විඤ්ඤෙය්යොති විඤ්ඤාපනීයො පාකටො, විස්සට්ඨත්තායෙව චෙස විඤ්ඤෙය්යො හොති. මඤ්ජූති මධුරො. සවනීයොති සොතසුඛො, මධුරත්තායෙව චෙස සවනීයො හොති. බින්දූති සම්පිණ්ඩිතො. අවිසාරීති අවිසටො, බින්දුත්තායෙව චෙස අවිසාරී හොති. ගම්භීරොති ගම්භීරසමුට්ඨිතො. නින්නාදීති නින්නාදවා, ගම්භීරත්තායෙව චෙස නින්නාදී හොති. යථාපරිසන්ති චක්කවාළපරියන්තම්පි එකාබද්ධපරිසං විඤ්ඤාපෙති. බහිද්ධාති අඞ්ගුලිමත්තම්පි පරිසතො බහිද්ධා න ගච්ඡති. තස්මා? සො එවරූපො මධුරස්සරො අකාරණා මා නස්සීති. ඉති භගවතො ඝොසො පරිසාය මත්ථකෙනෙව චරති.
විස්සට්ඨො හමුනොවුයේ, බාධා නොකරන ලද්දේ විඤ්ඤෙය්යො දන්වන ප්‍රකට විස්රැත බැවින්ම මෙය විඤ්ඤෙය්‍ය නම්වේ. මඤ්ජු මිහිරි, සවනියො කර්ණ රසායන, මිහිරිබව නිසාම සවනීය නම්වේ. බින්දු සම්පිණ්ඩිත, අවිසාරි නොවිසුරුණු, සම්පිණ්ඩිත බව නිසා මෙය අවිසාරී නම් වේ. ගම්භීරො ගැඹුරින් නැගුණු, නින්නාදි නින්නාද වන, ගැඹුරු බව නිසාම මෙය නින්නාදී වෙයි. යථා පරිසං සක්වළ කෙළවරටම ඒකාබද්ධවූ පිරිසට දන්වන සේක. බහිද්ධා අඟලක්වත් අඩ අඟලක්වත් පිරිසෙන් පිටට නොයයි. කුමක් නිසාද මෙවන් මිහිරි හඬක් නිකරුණේ නොනැසේවායි මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ හඬ පිරිස් මත්තෙන් මත්තෙන්ම හැසිරේ.
අවලොකයමානාති සිරස්මිං අඤ්ජලිං ඨපෙත්වා භගවන්තං ඔලොකෙන්තාව පච්චොසක්කිත්වා දස්සනවිජහනට්ඨානෙ වන්දිත්වා ගච්ඡන්ති. අවිජහිතත්තාති යො හි කථං සුත්වා වුට්ඨිතො අඤ්ඤං දිට්ඨසුතාදිකං කථං කථෙන්තො ගච්ඡති, එස සභාවෙන විජහති නාම. යො පන සුතධම්මකථාය වණ්ණං කථෙන්තොව ගච්ඡති, අයං න විජහති නාම, එවං අවිජහන්තභාවෙන පක්කමන්ති. ගච්ඡන්තන්ති රජ්ජුයන්තවසෙන රතනසත්තුබ්බෙධං සුවණ්ණග්ඝිකං විය ගච්ඡන්තං. අද්දසාම ඨිතන්ති සමුස්සිතකඤ්චනපබ්බතං විය ඨිතං අද්දසාම. තතො ච භිය්යොති විත්ථාරෙත්වා ගුණෙ කථෙතුං අසක්කොන්තො අවසෙසෙ ගුණෙ සංඛිපිත්වා කලාපං විය සුත්තකබද්ධං විය ච කත්වා විස්සජ්ජෙන්තො එවමාහ. අයමෙත්ථ අධිප්පායො – මයා කථිතගුණෙහි අකථිතාව බහුතරා. මහාපථවිමහාසමුද්දාදයො විය හි තස්ස භොතො අනන්තා අප්පමෙය්යා ගුණා ආකාසමිව විත්ථාරිතාති.
අවලොකයමානා හිසෙහි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ දෙස බලමින්ම ආපසු හැරී දර්ශනය අවසන්වන තැන දී වැඳ යති. අවිජහන්තා යමෙක් කථාව අසා නැගිට වෙනත් දුටු ඇසුකථා කියන්නේයයි. මේ ස්වභාවයෙන් නවිජන්ති නම් වෙයි. මෙසේ අත් නොහරනා බැවින් ආපසු යති. ගච්ඡන්තං රැහැනින් ක්‍රියා කරන යන්ත්‍රයක වශයෙන් සියක් රියනක් උස රන් පැහැයක් මෙන් වඩිනු දුටුවෙමු. ඨිතං ඔසවාතැබූ රන් පව්වක් මෙන් සිටිනු දුටුවෙමු. තතොචභීය්යො විස්තර කොට ගුණ කියන්ට නොහැකිව අවශේෂ වූ ගුණ කෙටි කොට කලබක් මෙන් මිටට බැන්දාක් මෙන් කොට විසුරුවන්නේ මෙසේ කීය. මෙය මෙහි අදහසයි. මා විසින් කියන ලද ගුණයන්ගෙන් නොකියූ ගුණම බහුතරය. මහා පෘථිවිය මහා සමුද්‍රය ආදීන්මෙන් ඒ පින්වතාගේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ ආකාශය මෙන් විස්තෘතය
අප්පටිසංවිදිතොති අවිඤ්ඤාතආගමනො. පබ්බජිතෙ උපසඞ්කමන්තෙන හි චීවරපරිකම්මාදිසමයෙ වා එකං නිවාසෙත්වා සරීරභඤ්ජනසමයෙ වා උපසඞ්කමිත්වා තතොව පටිනිවත්තිතබ්බං හොති, පටිසන්ථාරමත්තම්පි න ජායති. පුරෙතරං පන ඔකාසෙ කාරිතෙ දිවාට්ඨානං සම්මජ්ජිත්වා චීවරං පාරුපිත්වා භික්ඛු විවිත්තෙ ඨානෙ නිසීදති, තං ආගන්ත්වා පස්සන්තා දස්සනෙනපි පසීදන්ති, පටිසන්ථාරො ජායති, පඤ්හබ්යාකරණං වා ධම්මකථා වා ලබ්භති. තස්මා පණ්ඩිතා ඔකාසං කාරෙන්ති. සො ච නෙසං අඤ්ඤතරො, තෙනස්ස එතදහොසි. ජිණ්ණො වුඩ්ඪොති අත්තනො උග්ගතභාවං අකථෙත්වා කස්මා එවමාහ? බුද්ධා නාම අනුද්දයසම්පන්නා හොන්ති, මහල්ලකභාවං ඤත්වා සීඝං ඔකාසං කරිස්සතීති එවමාහ.
අප්පටිසංවිදිතො නොදත් ආගමනය. පැවිද්දකු එළඹෙන කල්හි සිවුරු පිරියම් කරන කාලයෙහි හෝ එක් සිවුරක් හැඳ සිරුර තෙල් ගල්වන වේලෙහි හෝ එළඹ ඉන්පසුව හෝ නැවතිය යුතු වෙයි. පිළිසඳර මාත්‍රයක්වත් නොලැබේ. පෙරාතුව අවකාශ ලබාදුන් කල දිවස්ථානය ඇමද සිවුර පොරවා භික්ෂුව හුදෙකලා තැන හිඳී. ඔහු කරා පැමිණ බලන්නෝ දර්ශනයෙන්ම පහදිත්. පිළිසඳර හටගනී. ප්‍රශ්නයක් ව්‍යාකරණයක් ධර්මකථාවක් හෝ ලැබේ. ඒනිසා නුවණැත්තෝ අවසරය ලබාගනිති. හෙතෙමේද ඔවුන්ගෙන් අන්යයෙකි. එනිසා ඔහුට මෙසේ සිත්විය. ජීන්නො වුද්ධො තමාගේ උසස්බව නොකියා කුමක්නිසා මෙසේ කීද? බුදුවරුනම් අනුකම්පාව ඇත්තෝ වෙති. මාගේ මහලුබව දැන වහා අවසරය ලබාදෙන්නේ යැයි මෙසේකීය.
ඔරමිය ඔකාසමකාසීති වෙගෙන උට්ඨාය ද්විධා භිජ්ජිත්වා ඔකාසමකාසි.
අථනං ඔකාස මකාසි වේගයෙන් නැගිට දෙකට බෙදී අවසරය ලැබීය.
යෙ මෙති යෙ මයා. නාරීසමානසව්හයාති නාරීසමානනාමං ඉත්ථිලිඞ්ගං, තෙන අව්හාතබ්බාති නාරීසමානසව්හයා, ඉත්ථිලිඞ්ගෙන වත්තබ්බාති වොහාරකුසලතාය එවං වදති. පහූතජිව්හොති පුථුලජිව්හො. නින්නාමයෙතන්ති නීහර එතං.
යෙමෙ යමෙක් මා විසින් නාරී සහනාම සව්හයා නාරීසහනාමං යනු ස්ත්‍රී ලිංගයි. එයින් ආමන්ත්‍රණය කළයුතුය. නාරීස සහනාම සව්හයා යනුවෙන් ස්ත්‍රී ලිංග පදයෙන් කියයුතුය. ව්‍යවහාර දක්ෂතාව නිසා මෙසේ කියයි. පනූතජීව්හො පුළුල් දිව. නින්නාමයෙතං එය ගෙනයව,
කෙවලීති සකලගුණසම්පන්නො.
කෙවලී යනු සියලු ගුණයුත්
පච්චභාසීති එකප්පහාරෙන පුච්ඡිතෙ අට්ඨ පඤ්හෙ බ්යාකරොන්තො පතිඅභාසි. යො වෙදීති යො විදති ජානාති, යස්ස පුබ්බෙනිවාසො පාකටො. සග්ගාපායඤ්ච පස්සතීති දිබ්බචක්ඛුඤාණං කථිතං. ජාතික්ඛයං පත්තොති අරහත්තං පත්තො. අභිඤ්ඤා වොසිතොති තං අරහත්තං අභිජානිත්වා වොසිතො වොසානප්පත්තො. මුනීති අරහත්තඤාණමොනෙය්යෙන සමන්නාගතො.
පචචහාසි එකපහරින් ඇසුකල්හි ප්‍රශ්න අටක් විසඳන්නේ නැවත කීය. යොවෙදී යමෙක් යමකුගේ පෙර විසූ කඳපිළිවෙළ විදති - දනීද ප්රකටය. සග්ගාපායඤ්ච පස්සති දිබ්බචක්ඛු ඤාණය කියන ලදී. ජාතික්ඛයං පත්තො අර්හත්වයට පත්වූයේ. අභිඤ්ඤා වොසිතො ඒ අර්හත්වය හොඳින් දැන වොසතො - අවසානයට පැමිණියේ. මුනී අර්හත් ඥාන නිශ්ශබ්දතාවෙන් යුතු,
විසුද්ධන්ති පණ්ඩරං. මුත්තං රාගෙහීති කිලෙසරාගෙහි මුත්තං. පහීනජාතිමරණොති ජාතික්ඛයප්පත්තත්තා පහීනජාතිකො, ජාතිපහානෙනෙව පහීනමරණො. බ්රහ්මචරියස්ස කෙවලීති යං බ්රහ්මචරියස්ස කෙවලී සකලභාවො, තෙන සමන්නාගතො, සකලචතුමග්ගබ්රහ්මචරියවාසොති අත්ථො. පාරගූ සබ්බධම්මානන්ති සබ්බෙසං ලොකියලොකුත්තරධම්මානං අභිඤ්ඤාය පාරං ගතො, සබ්බධම්මෙ අභිජානිත්වා ඨිතොති අත්ථො. පාරගූති වා එත්තාවතා පරිඤ්ඤාපාරගූ පඤ්චන්නං ඛන්ධානං, පහානපාරගූ සබ්බකිලෙසානං, භාවනාපාරගූ චතුන්නං මග්ගානං, සච්ඡිකිරියාපාරගූ නිරොධස්ස, සමාපත්තිපාරගූ සබ්බසමාපත්තීනන්ති අයමත්ථො වුත්තො. පුන සබ්බධම්මානන්ති ඉමිනා අභිඤ්ඤාපාරගූ වුත්තොති. බුද්ධො තාදී පවුච්චතීති තාදිසො ඡහි ආකාරෙහි පාරං ගතො සබ්බාකාරෙන චතුන්නං සච්චානං බුද්ධත්තා බුද්ධොති පවුච්චතීති.
විසුද්ධං යනු සුදු මුත්තං රාගෙහි ක්ලේශරාගයෙන් මිදුණු. පහීන ජාතිමරණො ජාතික්ෂයට පැමිණි බැවින් ප්රහීණාජාතිකයෙක්ව, ජාති ප්රහාණයෙන්ම මරණය ප්‍රහීණ කළ, බ්රහ්මචරියස්ස කෙවලී බ්‍රහ්මචර්යයෙහි සකල භාවයක් වේද එයින් යුත්, සියලු චාතුර්මාර්ගික බ්‍රහ්මචර්ය වාසය යන අර්ථයි. පාරගූ සබ්බ ධම්මානං සියලු ලෞකික ලෝක්කෝත්තර ධර්මයන් දැන පරතෙරටගිය, සියලු ධර්මයන් දැන සිටියේ යන අර්ථයි. පාරගූ යනු පංචස්කන්ධයන්ගේ මෙපමණකින් පරිඤ්ඤා පාරගු හෝ සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණ පාරගු, චතුර්මාර්ගයන්හි භාවනා පාරගු, නිරෝධයාගේ සච්ඡිකිරියාපාරශු සියලු සමාපත්තීන්ගේ සමාපත්ති පාරගුයැයි මෙහි අර්ථය කියන ලද්දේය. නැවත සබ්බධම්මානං යනු මෙයින් අභිඤ්ඤා පාරගු කියන ලදී. බුද්ධොතාදි පවුච්චති සය ආකාරයකින් පරතෙරට ගිය එවැන්නෙක් සර්වාකාරයෙන් චතුස්සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධ යැයි කියනු ලැබේ.
කිං පන එත්තාවතා සබ්බෙ පඤ්හා විස්සජ්ජිතා හොන්තීති? ආම විස්සජ්ජිතා, චිත්තං විසුද්ධං ජානාති, මුත්තං රාගෙහීති ඉමිනා තාව බාහිතපාපත්තා බ්රාහ්මණොති පඨමපඤ්හො විස්සජ්ජිතො හොති. පාරගූති ඉමිනා වෙදෙහි ගතත්තා වෙදගූති දුතියපඤ්හො විස්සජ්ජිතො හොති. පුබ්බෙනිවාසන්තිආදීහි ඉමාසං තිස්සන්නං විජ්ජානං අත්ථිතාය තෙවිජ්ජොති තතියපඤ්හො විස්සජ්ජිතො හොති. මුත්තං රාගෙහි සබ්බසොති ඉමිනාව නිස්සටත්තා පාපධම්මානං සොත්තියොති චතුත්ථපඤ්හො විස්සජ්ජිතො හොති. ජාතික්ඛයං පත්තොති ඉමිනා පන අරහත්තස්සෙව වුත්තත්තා පඤ්චමපඤ්හො විස්සජ්ජිතො හොති. වොසිතොති ච බ්රහ්මචරියස්ස කෙවලීති ච ඉමෙහි ඡට්ඨපඤ්හො විස්සජ්ජිතො හොති. අභිඤ්ඤා වොසිතො මුනීති ඉමිනා සත්තමපඤ්හො විස්සජ්ජිතො හොති. පාරගූ සබ්බධම්මානං, බුද්ධො තාදී පවුච්චතීති ඉමිනා අට්ඨමපඤ්හො විස්සජ්ජිතො හොති.
මෙපමණකින් සියලු ප්‍රශ්න විසඳුණේද? එසේය විසඳුණේය. රාගයන්ගෙන් මිදුණු බව විශුද්ධි චිත්තය දනී. මෙයින් පව් ඉවත් කරන ලද හෙයින් බ්රාහ්මණයැයි පළමුවැනි ප්රශ්නය විසඳුණේය. පාරගු යැයි මෙයින් වේදයන් සමග ගිය බැවින් වෙදගු යැයි දෙවැනි ප්රශ්නය විසඳුණේය. පුබ්බෙනිවාසං ආදියෙන් මේ විද්‍යාවන් තුන ඇති බැවින් තෙවිජ්ජො යැයි තුන්වැනි ප්රශ්නය විසඳුණේය. සැම අතින්ම රාගයන්ගෙන් මිදුණු මෙයින්ද, පාපධර්මයන් මුදාහළ හෙයින් යහපත්ය සිව්වැනි ප්රශ්නය විසඳුණේවෙයි. ජාතික්ෂයට පැමිණියේ. මෙයින් අර්හත්වයම කී බැවින් පස්වැනි ප්රශ්නය විසඳුණේය. සකලබ්රහ්මචර්යය අවසන් වීයැයි සවැනි ප්රශ්නය විසඳුණේවෙයි. මුනිතෙමේ අභිඤ්ඤාව අවසන් කළේය. මෙයින් සත්වැනි ප්රශ්නය විසඳුණේ වෙයි. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය බැවින් බුදුන් වහන්සේ ආදී යැයි කියනු ලැබෙත්. මෙයින් අටවැනි ප්රශ්නය විසඳුණේවෙයි.
දානකථන්තිආදීනි හෙට්ඨා සුත්තෙ විත්ථාරිතානෙව. පච්චපාදීති පටිපජ්ජි. ධම්මස්සානුධම්මන්ති ඉමස්මිං සුත්තෙ ධම්මො නාම අරහත්තමග්ගො, අනුධම්මො නාම හෙට්ඨිමා තයො මග්ගා තීණි ච සාමඤ්ඤඵලානි, තානි පටිපාටියා පටිලභීති අත්ථො. න ච මං ධම්මාධිකරණං විහෙසෙසීති මඤ්ච ධම්මකාරණා න කිලමෙසි, න පුනප්පුනං කථාපෙසීති වුත්තං හොති. සෙසං සබ්බත්ථ උත්තානමෙව. තත්ථ පරිනිබ්බායීති පන පදෙන දෙසනාය අරහත්තෙනෙව කූටං ගහිතන්ති.
දානකථං ආදිය යට සුත්‍රයෙහි විස්තර කරන ලද්දේමය. පච්චපාදි පිළිපැද්දේය. ධම්මස්සානු ධම්මං මේ සුත්‍රයෙහි ධම්මො නම් අර්හත් මාර්ගය අනුධම්ම නම් මින් පහත මාර්ග තුන ද සාමඤ්ඤඵලද පිළිවෙළින් ලබන්නේය යන අර්ථයි. නච මං ධම්මාධිකරණං ච විහොසෙසි ධර්මාධිකරණයෙන් මා වෙහෙසට පත් නොකළේය, නැවත නැවත කථානොකරවීයැයි කියන ලද්දේවෙයි. සෙස්ස සැමතැන නොගැඹුරුමය. තත්ථපරිනිබ්බායි යන පදයෙන් අර්හත් භාවයෙන් දේශනාව කුළු ගැන්විණ.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය බ්රහ්මායුසුත්තවණ්ණනා නිට්ඨිතා.
පළමුවැනි බ්‍රහ්මායු සූත්‍රයයි.