යෙදුමෙන් කියවන්න

සෙලසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සෙලසුත‍්තවණ‍්ණනා

සේල සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති සෙලසුත‍්තං. තත්‍ථ අඞ‍්ගුත‍්තරාපෙසූතිආදි පොතලියසුත‍්තෙ විත්‍ථාරිතමෙව. අඩ‍්ඪතෙළසෙහීති අඩ‍්ඪෙන තෙළසෙහි, ද‍්වාදසහි සතෙහි පඤ‍්ඤාසාය ච භික‍්ඛූහි සද‍්ධින‍්ති වුත‍්තං හොති. තෙ පන සාවකසන‍්නිපාතෙ සන‍්නිපතිතා භික‍්ඛූයෙව සබ‍්බෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිතා ඛීණාසවා. කෙණියොති තස‍්ස නාමං, ජටිලොති තාපසො. සො කිර බ්‍රාහ‍්මණමහාසාලො, ධනරක‍්ඛණත්‍ථාය පන තාපසපබ‍්බජ‍්ජං සමාදාය රඤ‍්ඤො පණ‍්ණාකාරං දත්‍වා භූමිභාගං ගහෙත්‍වා තත්‍ථ අස‍්සමං කාරෙත්‍වා වසති පඤ‍්චහි සකටසතෙහි වණිජ‍්ජං පයොජෙත්‍වා කුලසහස‍්සස‍්ස නිස‍්සයො හුත්‍වා, අස‍්සමෙපි චස‍්ස එකො තාලරුක‍්ඛො දිවසෙ දිවසෙ එකං සොවණ‍්ණමයං තාලඵලං මුඤ‍්චතීති වදන‍්ති. සො දිවා කාසායානි ධාරෙති, ජටා ච බන්‍ධති, රත‍්තිං කාමසම‍්පත‍්තිං අනුභවති. ධම‍්මියා කථායාති පානකානිසංසපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය. අයඤ‍්හි කෙණියො තුච‍්ඡහත්‍ථො භගවතො දස‍්සනාය ගන‍්තුං ලජ‍්ජායමානො – “විකාලභොජනා විරතානම‍්පි පානකං කප‍්පතී”ති චින‍්තෙත්‍වා සුසඞ‍්ඛතබදරපානං පඤ‍්චහි කාජසතෙහි ගාහාපෙත්‍වා අගමාසි. එවං ගතභාවො චස‍්ස – “අථ ඛො කෙණියස‍්ස ජටිලස‍්ස එතදහොසි කිං නු ඛො අහං සමණස‍්ස ගොතමස‍්ස හරාපෙය්‍ය”න‍්ති භෙසජ‍්ජක‍්ඛන්‍ධකෙ (මහාව· 300) පාළිආරුළ‍්හොයෙව.

එවම්මෙසුතං යනු සේලසූත්‍රයයි. එහි අඞ්ගුත්තරාපෙ ආදිය පොතලික සූත්‍රයෙහි විස්තර කරන ලදි. අඩ්ඪතෙළසෙහි භික්‍ෂුන් එක්දහස් දෙසිය පනසක් සමග යැයි කියන ලද්දේවෙයි. මේ ශ්‍රාවක සන්නිපාතයෙහි එක්රැස් වූ සියලු භික්‍ෂුහු එහි භික්‍ෂු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලාය. කෙණියො ඔහුගේ නම. ජටිලො තවුසා ඔහු බ්‍රාහ්මණ මහාසාලයෙකි. ධනය ආරක්ෂා කර ගැනීම සඳහා තවුස් පැවිද්ද ගෙන රජුට පඬුරුදී බිම්කඩක්ගෙන එහි ආශ්‍රමයක් කරවා වාසය කරයි. ගැල්පන්සියයක් වෙළදාමෙහි යොදවා පවුල් දහසක් ඇසුරුකොට, ඔහුගේ ආශ්‍රමයෙහි එක් තල් රුකක් දවසට එක් රන්තල්ගෙඩියක් බැගින් දෙතියි කියති. හෙතෙමේ දිවාකාලයෙහි කාෂාය වස්ත්‍රදරයි. ජටාවද බඳියි. රෑට කාම සම්පත් අනුභව කරයි. ධම්මියා කථාය. පානයන්හි අනුසස් කියැවෙන දැහැමි කථාවෙන් මේ කෙණිය හිස් අතින් භාග්‍යවතුන් වහන්සේ දකින්ට යාමට ලජ්ජාවන්නේ. විකාලභෝජනයෙන් වෙන්වූවන්ට ද පානයක් කැපයයි සිතා මනාසේ සැකසූ ඩෙබර පානය කත් පන්සියයකින් ගෙන්වාගෙන ගියේය. මෙසේ ඔහු ගිය බව “ඉක්බිති කෙණිය ජටිලයාට මෙසේ සිත්විය. මම ශ්‍රමණ ගෞතමයන්ට කුමක් යවන්නෙමිදයි භෙසජ්ජක්ඛන්‍ධකයෙහි පෙළට ඇතුළත්වේ.

දුතියම‍්පි ඛො භගවාති කස‍්මා පුනප‍්පුනං පටික‍්ඛිපි? තිත්‍ථියානං පටික‍්ඛෙපපසන‍්නතාය, අකාරණමෙතං, නත්‍ථි බුද‍්ධානං පච‍්චයහෙතු එවරූපං කොහඤ‍්ඤං. අයං පන අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි දිස‍්වා එත‍්තකානංයෙව භික‍්ඛං පටියාදෙස‍්සති, ස‍්වෙව සෙලො තීහි පුරිසසතෙහි සද‍්ධිං පබ‍්බජිස‍්සති. අයුත‍්තං ඛො පන නවකෙ අඤ‍්ඤතො පෙසෙත්‍වා ඉමෙහෙව සද‍්ධිං ගන‍්තුං, ඉමෙ වා අඤ‍්ඤතො පෙසෙත්‍වා නවකෙහි සද‍්ධිං ගන‍්තුං. අථාපි සබ‍්බෙ ගහෙත්‍වා ගමිස‍්සාමි, භික‍්ඛාහාරො නප‍්පහොස‍්සති. තතො භික‍්ඛූසු පිණ‍්ඩාය චරන‍්තෙසු මනුස‍්සා උජ‍්ඣායිස‍්සන‍්ති – “චිරස‍්සාපි කෙණියො සමණං ගොතමං නිමන‍්තෙත්‍වා යාපනමත‍්තං දාතුං නාසක‍්ඛී”ති, සයම‍්පි විප‍්පටිසාරී භවිස‍්සති. පටික‍්ඛෙපෙ පන කතෙ “සමණො ගොතමො පුනප‍්පුනං ‘ත්‍වඤ‍්ච බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො’ති බ්‍රාහ‍්මණානං නාමං ගණ‍්හාතී”ති චින‍්තෙත්‍වා බ්‍රාහ‍්මණෙපි නිමන‍්තෙතුකාමො භවිස‍්සති, තතො බ්‍රාහ‍්මණෙ පාටියෙක‍්කං නිමන‍්තෙස‍්සති, තෙ තෙන නිමන‍්තිතා භික‍්ඛූ හුත්‍වා භුඤ‍්ජිස‍්සන‍්ති. එවමස‍්ස සද‍්ධා අනුරක‍්ඛිතා භවිස‍්සතීති පුනප‍්පුනං පටික‍්ඛිපි. කිඤ‍්චාපි ඛො, භොති ඉමිනා ඉදං දීපෙති, – “භො ගොතම, කිං ජාතං යදි අහං බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො, අධිවාසෙතු භවං ගොතමො, අහං බ්‍රාහ‍්මණානම‍්පි දාතුං සක‍්කොමි තුම‍්හාකම‍්පී”ති.

දුතියම්පිඛො භගවා කුමක් නිසා යලි යලිත් ප්‍රතික්ෂේප කළ සේක්ද? තීර්ථකයන් ප්‍රතික්ෂේප කිරීම. ප්‍රසාද පිණිස මෙය කරුණක් නොවේ. බුදුවරුන්ගේ ප්‍රත්‍ය හේතුවෙන් මෙබඳු කුහක බවක් නැත. මොහු අඩ තෙළෙසක් භික්‍ෂුන් දැක මෙපමණ දෙනකුට ආහාර පිළියෙල කරන්නාහුය. හෙට සේල පුරුෂයන් තුන්සියයක් සමග පැවිදිවන්නේය. නවකයන් අනුන් අත යවා මොවුන් සමග යාම යුතු නොවේ. එහෙත් සියල්ලන් ගෙන යන්නෙමි. භික්ෂා ආහාරය ප්‍රමාණවත් නොවන්නේය. ඉන්පසු භික්ෂූන් පිඬුසිගා වඩිනු දුටු මිනිස්සු දොස් කියන්නෝය. කලකින් කෙණිය ශ්‍රමණ ගෞතමයන්ට ආරාධනා කොට යැපෙන පමණක්වත් දීමට නොහැකි විය. තෙමේම විපිළිසර වෙයි. ප්‍රතික්ෂේපය කළ කල්හි ශ්‍රමණ ගෞතමයෝ නැවත නැවත ඔබත් බ්‍රාහ්මණයන් කෙරෙහි අතිප්‍රසන්නය. බමුණන්ගේ නම ගත්තේයැයි සිතා බමුණන්ටද ආරාධනා කිරීමට කැමැත්තේ වන්නේය. ඉන් පසු බමුණන්ට වෙන වෙනම ආරාධනා කරන්නේය. ඉන්පසු ආරාධනය කරනු ලැබුවෝ භික්‍ෂුන් වී වළඳන්නාහුය. මෙසේ ඔහුගේ ශ්‍රද්ධාව ආරක්ෂිතවූවානම් වන්නේයැයි නැවත නැවත ප්‍රතික්ෂේප කළහ. කිඤ්චාපි හොති මෙයින් මෙය දක්වයි. භවත් ගෞතමයෙහි කුමක් වීද? ඉදින් මම බමුණන් කෙරෙහි අතිශයින් පැහැදී ගෞතමයන් වහන්සේ ඉවසා වදාරනු මැනවි මම බමුණන්ටද දෙන්ට හැක්කෙමි. ඔබටත් දීමට හැක්කෙමි.

කායවෙය්‍යාවටිකන‍්ති කායවෙය්‍යාවච‍්චං. මණ‍්ඩලමාළන‍්ති දුස‍්සමණ‍්ඩපං.

කාය වෙය්‍යාවටිකං කයට කෙරෙන වතාවත්, මණ්ඩල මාලං රෙදි මණ්ඩපය

ආවාහොති කඤ‍්ඤාගහණං. විවාහොති කඤ‍්ඤාදානං. සො මෙ නිමන‍්තිතොති සො මයා නිමන‍්තිතො. අථ බ්‍රාහ‍්මණො පරිපක‍්කොපනිස‍්සයත‍්තා බුද‍්ධසද‍්දං සුත්‍වාව අමතෙනෙවාභිසිත‍්තො පසාදං ආවිකරොන‍්තො බුද‍්ධොති, භො කෙණිය, වදෙසීති ආහ. කෙණියො යථාභූතං ආචික‍්ඛන‍්තො බුද‍්ධොති, භො සෙල, වදාමීති ආහ. තතො නං පුනපි දළ‍්හීකරණත්‍ථං පුච‍්ඡි, ඉතරොපි තථෙව ආරොචෙසි.

ආවහො කන්‍යාග්‍රහණය විවාහො කන්‍යාදානය සොමෙ නිමන්තිතො හෙතෙමේ මා විසින් නිමන්ත්‍රණය කරන ලද්දේය. ඉක්බිති බමුණා මුහුකුරාගිය උපනිශ්‍රය ඇති බැවින් බුදුන්ගේ හඬ අසාම අමෘතයෙන් අභිෂේක කරන ලද්දේ ප්‍රසාදය හෙළිදරව් කරන්නේ බුද්ධොති භො කෙණිය වදෙසි ය කීය. කෙණිය පවත්නා තත්වය අසන්නේ: බුද්ධොති භො සෙළ වදාමි යි කීය. ඉන්පසු ඔහු නැවතත් දැඩිකිරීම පිණිස මෙසේ ඇසීය. අනෙකාද එසේම දැන්වීය.

අථස‍්ස කප‍්පසතසහස‍්සෙහිපි බුද‍්ධසද‍්දස‍්සෙව දුල‍්ලභභාවං සම‍්පස‍්සතො. එතදහොසීති. එතං “ඝොසොපි ඛො”තිආදි අහොසි. නීලවනරාජීති නීලවණ‍්ණරුක‍්ඛපන‍්ති. පදෙ පදන‍්ති පදප‍්පමාණෙ පදං. අච‍්චාසන‍්නෙ හි අතිදූරෙ වා පාදෙ නික‍්ඛිපමානෙ සද‍්දො උට‍්ඨාති, තං පටිසෙධෙන‍්තො එවමාහ. සීහාව එකචරාති ගණවාසී සීහො සීහපොතකාදීහි සද‍්ධිං පමාදං ආපජ‍්ජති, එකචරො අප‍්පමත‍්තො හොති. ඉති අප‍්පමාදවිහාරං දස‍්සෙන‍්තො එකචරසීහෙන ඔපම‍්මං කරොති. මා මෙ භොන‍්තොති ආචාරං සික‍්ඛාපෙන‍්තො ආහ. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – සචෙ තුම‍්හෙ කථාවාරං අලභිත්‍වා මම කථාය අන‍්තරෙ කථං පවෙසෙස‍්සථ, “අන‍්තෙවාසිකෙ සික‍්ඛාපෙතුං නාසක‍්ඛී”ති මය‍්හං ගරහා උප‍්පජ‍්ජිස‍්සති, තස‍්මා ඔකාසං පස‍්සිත්‍වා මන‍්තෙය්‍යාථාති. නො ච ඛො නං ජානාමීති විපස‍්සීපි බොධිසත‍්තො චතුරාසීතිසහස‍්සත්‍ථෙරපබ‍්බජිතපරිවාරො සත‍්ත මාසානි බොධිසත‍්තචාරිකං චරි, බුද‍්ධුප‍්පාදකාලො විය අහොසි. අම‍්හාකම‍්පි බොධිසත‍්තො ඡබ‍්බස‍්සානි බොධිසත‍්තචාරිකං චරි. එවං පරිපුණ‍්ණසරීරලක‍්ඛණෙහි සමන‍්නාගතාපි බුද‍්ධා න හොන‍්ති. තස‍්මා බ්‍රාහ‍්මණො “නො ච ඛො නං ජානාමී”ති ආහ.

ඉක්බිති ඔහුට කල්ප සියදහසකිත් බුද්ධ ශබ්දය දුර්ලභ බව මැනවින් බලන විට මෙසේ මේ ඝෝෂාවක්ද? යනාදිය සිතිණ. නීලවන රාජී නිල්වන් රුක්පෙල පාදෙපාදං පියවර පමණ, පියවර පියවරට ඉතා ආසන්නයෙහි ඉතා ඈතින් පා තබන විට ශබ්දය පැනනගී එය බැහැර කරන්නේ මෙසේ කීය. සීහාව එකචරා සමූහයෙහි වැසි සිංහයා සිංහ පැටවුන් සමග ප්‍රමාදයට පැමිණේ. තනිව හැසිරෙන්නා අප්‍රමාදීවෙයි. මෙසේ අප්‍රමාද විහාරය දක්වන්නේ එකවර සිංහයකුගේ උපමාව ඉදිරිපත් කරයි. මාමෙ භොන්තො ආචාරයෙහි හික්මෙන්නේ මෙසේ කීය. මේ මෙහි අදහසයි. ඉදින් ඔබ කථා කිරීමට අවස්ථාවක් නොලැබ මාගේ කථාව අතරතුර කථාවට පිවිසෙන්නේ නම් අතවැසියන් හික්මවන්ට නොහැකිවනු ඇතැයි මට ගර්හාවක් ඇතිවන්නේය. ඒනිසා ඔකාසං පස්සිත්‍වා මන්තෙයා නොච ඛො තං නජානාමි විපස්සී බෝධිසත්වයෝ සතළිස් සතර දහසක් පැවිද්දන් පිරිවරා සත්වසක් බෝධිසත්ව චර්යාවෙහි හැසිරුණාහ. බුද්ධෝත්පාද කාලයක් මෙන්විය. අපගේ බෝධි සත්වයෝද සවසක් බෝධිසත්ව චර්යාවෙහි හැසිරුණාහ. මෙසේ පිරිපුන් ලකුණින් යුතුවුවද බුදුවරු නොවෙති. ඒනිසා බමුණා මම එය නොදන්නේ නොවෙමියයි කීය.

පරිපුණ‍්ණකායොති ලක‍්ඛණෙහි පරිපුණ‍්ණතාය අහීනඞ‍්ගතාය ච පරිපුණ‍්ණසරීරො. සුරුචීති සුන්‍දරසරීරප‍්පභො. සුජාතොති ආරොහපරිණාහසම‍්පත‍්තියා සණ‍්ඨානසම‍්පත‍්තියා ච සුනිබ‍්බත‍්තො. චාරුදස‍්සනොති සුචිරම‍්පි පස‍්සන‍්තානං අතිත‍්තිජනකො මනොහරදස‍්සනො. සුවණ‍්ණවණ‍්ණොති සුවණ‍්ණසදිසවණ‍්ණො. සුසුක‍්කදාඨොති සුට‍්ඨු සුක‍්කදාඨො. මහාපුරිසලක‍්ඛණාති පඨමං වුත‍්තබ්‍යඤ‍්ජනානෙව වචනන‍්තරෙන නිගමෙන‍්තො ආහ.

පරිපුණ්ණකායො ලක්ෂණයන්ගෙන් පිරිපුන් බැවින් නොඅඩු අංග ඇති බැවින්ද පිරිපුන් සිරුරු ඇත්තේ, සුරුචී සොඳුරු සිරුරු පැහැ. සුජාතො ආරෝහ පරිණාහ සම්පත්තියෙන් සණ්ඨාන සම්පත්තියෙන්ද මනාසේ උපන්නේ. චාරුදස්සනො බොහෝ කලකින් පහන් වූවන්ට අතෘප්තිජනක මනෝහර දර්ශන ඇති සුවණ්ණ වණ්ණො රන්වන් හා සමාන සුසුක්කදාඨො අතිශයින් සුදුදත් මහා පුරිසලක්ඛණා පළමුව කියු ව්‍යඤ්ඡන වචන අතරින් නිගමනය කරමින් කීය.

ඉදානි තෙසු ලක‍්ඛණෙසු අත‍්තනො චිත‍්තරුචිතානි ගහෙත්‍වා ථොමෙන‍්තො පසන‍්නනෙත‍්තොතිආදිමාහ. භගවා හි පඤ‍්චවණ‍්ණපසාදසම‍්පත‍්තියා පසන‍්නනෙත‍්තො, පුණ‍්ණචන්‍දසදිසමුඛතාය සුමුඛො, ආරොහපරිණාහසම‍්පත‍්තියා බ්‍රහා, බ්‍රහ‍්මුජුගත‍්තතාය උජු, ජුතිමන‍්තතාය පතාපවා. යම‍්පි චෙත්‍ථ පුබ‍්බෙ වුත‍්තං, තං “මජ‍්ඣෙ සමණසඞ‍්ඝස‍්සා”ති ඉමිනා පරියායෙන ථොමයතා පුන වුත‍්තං. එදිසො හි එවං විරොචති. උත‍්තරගාථායපි එසෙව නයො. උත‍්තමවණ‍්ණීනොති උත‍්තමවණ‍්ණසම‍්පන‍්නස‍්ස. රථෙසභොති උත‍්තමසාරථි. ජම‍්බුසණ‍්ඩස‍්සාති ජම‍්බුදීපස‍්ස. පාකටෙන ඉස‍්සරියං ඉස‍්සරො හොති.

දැන් ඒ ලක්ෂණ අතුරින් තමාගේ සිට රුචිවූ ලක්ෂණ ගෙන ස්තුති කරන්නේ පසන්න නෙත්තො ආදිය කීය. භාග්‍යවතුන් වහන්සේ පස්වනක් ප්‍රසාද සම්පත්තියෙන් ප්‍රසන්න නෙත් ඇත්තේය. පූර්ණ චන්ද්‍රයා හා සමාන මුව ඇති බැවින් සුමුඛො නමි. ආරෝහ පරිණාහ සම්පත්තියෙන් බ්‍රහා නම් බ්‍රහ්මයා හා සමාන ඍජු සිරුරක් ඇති බැවින් උජු නමි. ශෝභා වත් බැවින් පතාපවා නමි. මෙහි යමක් කිව යුතුනම් එය පෙර කියන ලදී. එය මජ්ඣෙ සමණසඞ්ඝස්ස මේ ක්‍රමයෙන් ස්තුති කරන්නහුට නැවත කියන ලදී. එබන්දක් මෙසේ බබලයි. ඊළග ගාථාවද මෙම ක්‍රමය මැයි. උත්තම වණ්ණිනො උත්තම වර්ණ සම්පන්න වූවහුගේ රථෙසහො උතුම් රථ ඇත්තේ ජම්බුසණ්ඩස්ස දඹදිවට ප්‍රකට වූ ඓශ්වර්යයට ස්තුති කරන්නේ කීය. චක්‍රවර්ති රජ දිවයින් සතරට ප්‍රධානියා වෙයි.

ඛත‍්තියාති ජාතිඛත‍්තියා. භොගීති භොගියා. රාජානොති යෙ කෙචි රජ‍්ජං කාරෙන‍්තා. රාජාභිරාජාති රාජූනං පූජනීයො, අධිරාජා හුත්‍වා, චක‍්කවත‍්තීති අධිප‍්පායො. මනුජින්‍දොති මනුස‍්සාධිපති පරමිස‍්සරො හුත්‍වා.

ඛත්තියා උපතින් ක්ෂත්‍රියයෝ භොගී භෝග ඇත්තෝ. රාජානො රාජ්‍යය කරවන්නෝ. රාජාභිරාජා රජවරුන්ට පූජනීය වු අධිරාජයාවැ චක්‍රවර්ති යන අදහසයි. මනුජින්‍දො මනුෂ්‍යයින්ට අධිපති පරමේශ්වරවැ

එවං වුත‍්තෙ භගවා – “යෙ තෙ භවන‍්ති අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙ සකවණ‍්ණෙ භඤ‍්ඤමානෙ අත‍්තානං පාතුකරොන‍්තී”ති ඉමං සෙලස‍්ස මනොරථං පූරෙන‍්තො රාජාහමස‍්මීතිආදිමාහ. තත්‍රායමධිප‍්පායො – යං මං ත්‍වං සෙල “රාජා අරහසි භවිතු”න‍්ති යාචසි, එත්‍ථ අප‍්පොස‍්සුක‍්කො හොති රාජාහමස‍්මි. සති ච රාජත‍්තෙ යථා අඤ‍්ඤො රාජා යොජනසතං වා අනුසාසති යොජනසහස‍්සං වා, චක‍්කවත‍්තී හුත්‍වාපි චතුදීපපරියන‍්තමත‍්තං වා, නාහමෙවං පරිච‍්ඡින‍්නවිසයො, අහඤ‍්හි ධම‍්මරාජා අනුත‍්තරො භවග‍්ගතො අවීචිපරියන‍්තං කත්‍වා තිරියං අප‍්පමාණලොකධාතුයො අනුසාසාමි. යාවතා හි අපදද‍්විපදාදිභෙදා සත‍්තා, අහං තෙසං අග‍්ගො. න හි මෙ කොචි සීලෙන වා…පෙ… විමුත‍්තිඤාණදස‍්සනෙන වා පටිභාගො අත්‍ථි, ස‍්වාහං එවං ධම‍්මරාජා අනුත‍්තරො අනුත‍්තරෙනෙව චතුසතිපට‍්ඨානාදිභෙදෙන ධම‍්මෙන චක‍්කං වත‍්තෙමි. ඉදං පජහථ, ඉදං උපසම‍්පජ‍්ජ විහරථාති ආණාචක‍්කං, ඉදං ඛො පන, භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චන‍්තිආදිනා පරියත‍්තිධම‍්මෙන ධම‍්මචක‍්කමෙව වා. චක‍්කං අප‍්පටිවත‍්තියන‍්ති යං චක‍්කං අප‍්පටිවත‍්තියං හොති සමණෙන වා…පෙ… කෙනචි වා ලොකස‍්මින‍්ති.

මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ - “යමෙක් රහත්වෙත්ද සම්මා සම්බුදුවරුන් තම වර්ණයන් කියද්දී තමා පහළ කරත්නු”යි සේලගේ මනෝරථය පුරවමින් රාජාහමස්මි ආදිය කීය. එහි අදහස සේ ඔබ සුදුසු නම් රජවන්නැයි මගෙන් ඉල්ලයි. මෙහි අල්ප උත්සාහ ඇත්තෙක් වෙව රජවෙමියි රාජත්‍වය ඇති කල්හි අන් රජවරු යොදුන් සියයක් හෝ යොදුන් දහසක්ද පාලනය කරත්ද, සක්විතිවී සිව් දිවයින් කෙළවර පමණක් නොව, මම මෙසේ සීමා කරන ලද විෂය ඇත්තෙක් නොවෙමි. අනුත්තරවූ ධර්මරාජත්ව භවාග්‍රයෙන් සීමා නොකොට සරසට අප්‍රමාණ වූ ලෝකධාතූන් පාලනය කරමි. යම්තාක් අපාද ද්විපාද ආදී භේද ඇති සත්ත්වයෝ වෙත්ද මම ඔවුන්ට අග්‍රවෙමි. සීලයෙන් හෝ -පෙ- විමුත්තිඤාණ දස්සනයෙන්හෝ මා හා සමානයෙක් නැත. ඒ මම මෙසේ අනුත්තර ධර්මරාජන් වෙමි. අනුත්තරවූ සතර සතිපට්ඨාන ආදී හේද ඇති ධර්මයෙන් චක්‍රය පවත්වමි. මෙය අත්හරිවු. මෙයට පැමිණ වාසය කරවූ යයි ආඥාචක්‍රයයි. මහණෙනි මේ දුක්‍ඛ ආර්ය සත්‍යයැයි ආදි වශයෙන් පර්යාප්ති ධර්මයෙන් ධර්මචක්‍රයම චක්‍ර නම්වේ. අප්පතිවත්තියං යම් චක්‍රයක් ශ්‍රමණයකු විසින් හෝ -පෙ- ලෝකයෙහි කිසිවකු විසින් ආපසු හැරවිය නො හැකිවේද

එවං අත‍්තානං ආවිකරොන‍්තං භගවන‍්තං දිස‍්වා පීතිසොමනස‍්සජාතො සෙලො පුන දළ‍්හීකරණත්‍ථං සම‍්බුද‍්ධො පටිජානාසීති ගාථාද‍්වයමාහ. තත්‍ථ කො නු සෙනාපතීති රඤ‍්ඤො භොතො ධම‍්මෙන පවත‍්තිතස‍්ස චක‍්කස‍්ස අනුපවත‍්තකො සෙනාපති කො නූති පුච‍්ඡි.

මෙසේ තමා එළිදරවු කරන භාග්‍යවතුන් වහන්සේ දැක ප්‍රීති සොම්නස් හටගත් සේල නැවත දැඩිකිරීම පිණිස සම්බුද්ධො පටිජානාති යන ගාථා දෙක කීය. එහි කොනු සෙනාපතී භවත් ධර්මරාජයන්ගේ ධර්මයෙන් පවත්වන චක්‍රයට අනුව පවත්නා සේනාපතියා කවරෙක්දැයි ඇසීය.

තෙන ච සමයෙන භගවතො දක‍්ඛිණපස‍්සෙ ආයස‍්මා සාරිපුත‍්තො නිසින‍්නො හොති සුවණ‍්ණපුඤ‍්ජො විය සිරියා සොභමානො, තං දස‍්සෙන‍්තො භගවා මයා පවත‍්තිතන‍්ති ගාථමාහ. තත්‍ථ අනුජාතො තථාගතන‍්ති තථාගතං හෙතුං අනුජාතො, තථාගතෙන හෙතුනා ජාතොති අත්‍ථො. අපිච අවජාතො අනුජාතො අතිජාතොති තයො වුත‍්තා. තෙසු අවජාතො දුස‍්සීලො, සො තථාගතස‍්ස පුත‍්තො නාම න හොති. අතිජාතො නාම පිතරා උත‍්තරිතරො, තාදිසොපි තථාගතස‍්ස පුත‍්තො නත්‍ථි. තථාගතස‍්ස පන එකො අනුජාතොව පුත‍්තො හොති, තං දස‍්සෙන‍්තො එවමාහ.

ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ දකුණු පසින් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ රන් පිඬුවක් මෙන් ශ්‍රීයෙන් බබලමින් හුන්හ. එය දක්වන්ට භාග්‍යවතුන් වහන්සේ මයා පවත්තිතං යන ගාථාව වදාළහ. එහි අනුජාතො තථාගතං තථාගතයන් වහන්සේ සඳහා අනුව උපන්, තථාගතයන් වහන්සේ හේතුකොටගෙන උපන් යන අර්ථයි. තවද අනුජාත අවජාත අතිජාත යැයි පුත්‍රයෝ තිදෙනෙක් වෙති. ඔවුන් අතරින් අවජාතයා දුශ්ශීලයෙකි. හේ තථාගතයන් වහන්සේගේ පුත්‍රයෙක් නොවේ. අතිජාත පුත්‍රයා නම් පියාට වඩා උසය. එබන්ද්දෙක් ද තථාගත පුත්‍රයෙක් වන්නේ නොවේ. තථාගතයන් වහන්සේට එක් අනුජාත පුත්‍රයෙක් පමණක් ඇත. එය දක්වමින් මෙසේ කීහ.

එවං “කො නු සෙනාපතී”ති පඤ‍්හං බ්‍යාකරිත්‍වා යං සෙලො ආහ “සම‍්බුද‍්ධො පටිජානාසී”ති, තත්‍ර නං නික‍්කඞ‍්ඛං කාතුකාමො “නාහං පටිඤ‍්ඤාමත‍්තෙනෙව පටිජානාමි, අපිචාහං ඉමිනා කාරණෙන බුද‍්ධො”ති ඤාපෙතුං අභිඤ‍්ඤෙය්‍යන‍්ති ගාථමාහ. තත්‍ර අභිඤ‍්ඤෙය්‍යන‍්ති විජ‍්ජා ච විමුත‍්ති ච. භාවෙතබ‍්බං මග‍්ගසච‍්චං. පහාතබ‍්බං සමුදයසච‍්චං. හෙතුවචනෙන පන ඵලසිද‍්ධිතො තෙසං ඵලානි නිරොධසච‍්චදුක‍්ඛසච‍්චානිපි වුත‍්තානෙව හොන‍්ති. එවං සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං පරිඤ‍්ඤාතබ‍්බං පරිඤ‍්ඤාතන‍්ති ඉදම‍්පෙත්‍ථ සඞ‍්ගහිතන‍්ති චතුසච‍්චභාවනාඵලඤ‍්ච විමුත‍්තිඤ‍්ච දස‍්සෙන‍්තො “බුජ‍්ඣිතබ‍්බං බුජ‍්ඣිත්‍වා බුද‍්ධො ජාතොස‍්මී”ති යුත‍්තහෙතුනා බුද‍්ධභාවං සාධෙති.

මෙසේ කොනු සෙනාපතී යන ප්‍රශ්නය විසඳා සේල මෙසේ කීය. සම්බුද්ධො පටිජානාසි එහි ඔහු නිසැක කරනු කැමැත්තේ මම ප්‍රතිඥා මාත්‍රයෙන්ම නොදනිමි. එහෙත් මම මේ කාරණයෙන් බුද්ධවෙමියැයි හඳුන්වන්ට අභිඤ්ඤෙයං යන ගාථාව වදාළහ. එහි අභිඤ්ඤෙය්‍යං විද්‍යාවද විමුක්තියද වැඩිය යුතුය. මාර්ග සත්‍යය අත්හළ යුතුය. සමුදය සත්‍යය හේතු වචනයෙන් ඵල සිද්ධියෙන් ඔවුන්ගේ ඵල නිරෝධ සත්‍ය දුක්ඛ සත්‍ය යැයි කියන ලද්දේම වෙයි. මෙසේ සාක්ෂත් කළයුතු දෙය සාක්ෂාත් කරන ලද්දේ දතයුතු දෙය දන්නා ලද්දේය. මෙයද මෙහි සංගෘහීතයයි චතුස්සච්ච භාවනාව සච්චභාවනා ඵලයද විමුත්තියද දක්වන්නේ අවබෝධ කළ යුතුදෙය අවබෝධ කොට බුද්ධවීයයි හේතුයුක්ති සහිතව බුදුබව සාධනය කරයි.

එවං නිප‍්පරියායෙන අත‍්තානං ආවිකත්‍වා අත‍්තනි කඞ‍්ඛාවිතරණත්‍ථං බ්‍රාහ‍්මණං අතිචාරියමානො විනයස‍්සූති ගාථත‍්තයමාහ. තත්‍ථ සල‍්ලකත‍්තොති රාගාදිසල‍්ලකන‍්තනො. අනුත‍්තරොති යථා බාහිරවෙජ‍්ජෙන වූපසමිතරොගො ඉමස‍්මිඤ‍්ඤෙවත‍්තභාවෙ කුප‍්පති, න එවං. මයා වූපසමිතස‍්ස පන රොගස‍්ස භවන‍්තරෙපි උප‍්පත‍්ති නත්‍ථි, තස‍්මා අහං අනුත‍්තරොති අත්‍ථො. බ්‍රහ‍්මභූතොති සෙට‍්ඨභූතො. අතිතුලොති තුලං අතීතො, නිරුපමොති අත්‍ථො. මාරසෙනප‍්පමද‍්දනොති කාමා තෙ පඨමා සෙනාති එවං ආගතාය මාරසෙනාය පමද‍්දනො. සබ‍්බාමිත‍්තෙති ඛන්‍ධකිලෙසාභිසඞ‍්ඛාරමච‍්චුදෙවපුත‍්තමාරසඞ‍්ඛාතෙ සබ‍්බපච‍්චත්‍ථිකෙ. වසීකත්‍වාති අත‍්තනො වසෙ වත‍්තෙත්‍වා. අකුතොභයොති කුතොචි අභයො.

මෙසේ වෙනසක් නො කොට තමා හෙළිදරව් කොට තමා කෙරෙහි ඇති සැක දුරුකිරීම පිණිස බමුණා උත්සුක කරමින් විනයස්සු යන ගාථාතුන කීසේක. එහි සල්ලකත්තො රාගාදීහුල් කපා දමන. අනුත්තරො යම්සේ බාහිර වෛද්‍යවරයකු විසින් සන්සිඳවනු ලැබු රෝගයක් මේ ආත්මභාව යෙහිදීම කිපෙයිද මා විසින් සන්සිඳවනු ලැබු රෝගය භවාන්තර මෙහිදී පවා නූපදියි. ඒනිසා මම අනුත්තර වෙමි යන අර්ථයි බ්‍රහ්මභූතො ශ්‍රේෂ්ඨ වූයේ. අතිතුලො මිනුම ඉක්මවා ගිය උපමා නොකළහැකිය යන අර්ථයි. මාරසෙනප්පමද්දනො කාමාතෙපඨමාසෙනා යැයි මෙසේ පැමිණි මාරසේනාව මර්දනය කරන. සබ්බාමිත්තෙ ස්කන්ධමාර, ක්ලේශමාර අභිසංස්කාර මාර, මෘත්‍යුමාර දේවපුත්‍රමාර සංඛ්‍යාත සියලු සතුරන් වසීකත්‍වා තමාගේ වසඟයෙහි තබා අකුතොභයො සැම දෙසින්ම බියරහිත

එවං වුත‍්තෙ සෙලො බ්‍රාහ‍්මණො තාවදෙව භගවති සඤ‍්ජාතපසාදො පබ‍්බජ‍්ජාපෙක‍්ඛො හුත්‍වා ඉමං භොන‍්තොති ගාථත‍්තයමාහ. තත්‍ථ කණ‍්හාභිජාතිකොති චණ‍්ඩාලාදිනීචකුලෙ ජාතො. තතො තෙපි මාණවකා පබ‍්බජ‍්ජාපෙක‍්ඛා හුත්‍වා එවඤ‍්චෙ රුච‍්චති, භොතොති ගාථමාහංසු. අථ සෙලො තෙසු මාණවකෙසු තුට‍්ඨචිත‍්තො තෙ ච දස‍්සෙන‍්තො පබ‍්බජ‍්ජං යාචන‍්තො “බ්‍රාහ‍්මණා”ති ගාථමාහ.

මෙසේ කීකල්හි සේල බමුණා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හටගත් ප්‍රසාද ඇතේ පැවිද්ද පිළිබඳ අපේක්ෂා ඇත්තේ ම ඉමං හොන්තො යන ගාථාතුන කීය. එහි කණ්හාභිජාතිකො චණ්ඩාල ආදී නීචකුලයක උපන්නේ. ඒ මාණවකයෝද පැවිද්ද පිළිබඳ අපේ ඇත්තෝව එවං තෙ රුච්චති හොතො යන ගාථාව කීහු. ඉක්බිති සේල ඒ මාණවකයන් කෙරෙහි තුටු සිත් ඇත්තේ ඔවුන්ද දක්වමින් පැවිද්ද ඉල්ලන්නේ බ්‍රාහ්මණා ආදි ගාථාව කීයේය.

තතො භගවා යස‍්මා සෙලො අතීතෙ පදුමුත‍්තරස‍්ස භගවතො සාසනෙ තෙසංයෙව තිණ‍්ණං පුරිසසතානං ගණසෙට‍්ඨො හුත්‍වා තෙහි සද‍්ධිං පරිවෙණං කාරෙත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා තෙන කම‍්මෙන දෙවමනුස‍්සසම‍්පත‍්තිං අනුභවමානො පච‍්ඡිමෙ භවෙ තෙසංයෙව ආචරියො හුත්‍වා නිබ‍්බත‍්තො, තඤ‍්ච තෙසං කම‍්මං විමුත‍්තිපරිපාකාය පරිපක‍්කං එහිභික‍්ඛුභාවස‍්ස ච උපනිස‍්සයභූතං, තස‍්මා තෙ සබ‍්බෙව එහිභික‍්ඛුපබ‍්බජ‍්ජං පබ‍්බාජෙන‍්තො ස‍්වාක‍්ඛාතන‍්ති ගාථමාහ. තත්‍ථ සන්‍දිට‍්ඨිකන‍්ති සයමෙව දට‍්ඨබ‍්බං පච‍්චක‍්ඛං. අකාලිකන‍්ති මග‍්ගානන‍්තරඵලුප‍්පත‍්තියා න කාලන‍්තරං පත‍්තබ‍්බඵලං. යත්‍ථ අමොඝාති යස‍්මිං මග‍්ගබ්‍රහ‍්මචරියෙ අප‍්පමත‍්තස‍්ස සික‍්ඛත‍්තයපූරණෙන සික‍්ඛතො පබ‍්බජ‍්ජා අමොඝා හොති, සඵලාති අත්‍ථො. එවඤ‍්ච වත්‍වා “එථ භික‍්ඛවො”ති භගවා අවොච. තෙ සබ‍්බෙ පත‍්තචීවරධරා හුත්‍වා ආකාසෙනාගන‍්ත්‍වා වස‍්සසතිකත්‍ථෙරා විය සුවිනීතා භගවන‍්තං අභිවාදයිංසු. එවමිමං තෙසං එහිභික‍්ඛුභාවං සන්‍ධාය “අලත්‍ථ ඛො සෙලො”තිආදි වුත‍්තං.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ සේල බ්‍රාහ්මණයා අතීතයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ඒ තුන් සියයක් පුරුෂයන්ට ගණශ්‍රේෂ්ඨව ඔවුන් සමග පිරිවෙනක් කොට දානාදී පින්කම් කොට ක්‍රමයෙන් දෙව්මිනිස් සැප අනුභව කරමින් පශ්චිම භවයෙහි ඔවුන්ගේම ගුරුවරයා වී, උපන්නේ විමුක්ති පරිපාකයෙන් මුහුකුරා ගිය එහි භික්‍ෂුභාවයට උපනිශ්‍රය වූ ඔවුන්ගේ ඒ කර්මය නිසා ඔවුන් සියලු දෙන එහි භික්‍ෂු පැවිද්දෙන් පැවිදිකරවන්නේ ස්වාක්ඛාතං යන ගාථාව කීය. එහි සන්‍දිට්ඨිකං තමාම දතයුතු ප්‍රත්‍යක්ෂ, අකාලිකං මාර්ගයට අනතුරුව ඵල උත්පත්තිය පිණිස, කාලාන්තරයකින් නොපැමිණිය යුතු ඵලය යත්‍ථ අමොසා යම් මාර්ග බ්‍රහ්ම චර්යයක අප්‍රමාදි පුද්ගලයාගේ ශික්ෂාත්‍රය පිරීමෙන් හික්මීම නිසා පැවිද්ද හිස් නොවේ. සඵලය යන අර්ථයි. මෙසේ එථභික්ඛවො යි භාග්‍යවතුන් වහන්සේ කීසේක් සියල්ලෝ පා සිවුරු දැරුවෝ වී අහසින් අවුත් වස් සියයක් ඇති තෙරුන් මෙන් සුවිනීතව භාග්‍යවතුන් වහන්සේ වැන්දාහුය. මෙසේ ඔවුන්ගේ එහිභික්‍ෂුභාවය සඳහා අලත්‍ථඛො සෙලො ආදිය කීසේක.

ඉමාහීති ඉමාහි කෙණියස‍්ස චිත‍්තානුකූලාහි ගාථාහි. තත්‍ථ අග‍්ගිපරිචරියං විනා බ්‍රාහ‍්මණානං යඤ‍්ඤාභාවතො “අග‍්ගිහුත‍්තමුඛා යඤ‍්ඤා”ති වුත‍්තං. අග‍්ගිහුත‍්තසෙට‍්ඨා අග‍්ගිජුහනප‍්පධානාති අත්‍ථො. වෙදෙ සජ‍්ඣායන‍්තෙහි පඨමං සජ‍්ඣායිතබ‍්බතො, සාවිත‍්තී, “ඡන්‍දසො මුඛ”න‍්ති වුත‍්තො. මනුස‍්සානං සෙට‍්ඨතො රාජා “මුඛ”න‍්ති වුත‍්තො. නදීනං ආධාරතො පටිසරණතො ච සාගරො “මුඛ”න‍්ති වුත‍්තො. චන්‍දයොගවසෙන “අජ‍්ජ කත‍්තිකා අජ‍්ජ රොහිණී”ති සඤ‍්ඤාණතො ආලොකකරණතො සොම‍්මභාවතො ච “නක‍්ඛත‍්තානං මුඛං චන්‍දො”ති වුත‍්තං. තපන‍්තානං අග‍්ගත‍්තා ආදිච‍්චො “තපතං මුඛ”න‍්ති වුත‍්තො. දක‍්ඛිණෙය්‍යානං පන අග‍්ගත‍්තා විසෙසෙන තස‍්මිං සමයෙ බුද‍්ධප‍්පමුඛං සඞ‍්ඝං සන්‍ධාය “පුඤ‍්ඤං ආකඞ‍්ඛමානානං, සඞ‍්ඝො එව යජතං මුඛ”න‍්ති වුත‍්තං. තෙන සඞ‍්ඝො පුඤ‍්ඤස‍්ස ආයමුඛන‍්ති දස‍්සෙති.

ඉමාහි කේණියගේ මේ සිතට අනුකූල ගාථාවලින් එහි ගිනි පිදීමෙන් හැර බමුණන්ගේ යඥයක් නැති බැවින්. අග්ගිහුත්තමුඛා යඤ්ඤ යි කියන ලදී. අග්ගිහුත්ත මුඛ යනු ගිනි පිදීම ශ්‍රේෂ්ඨකොට ඇති ගිනි දැල්වීම ප්‍රධාන කොට ඇති යන අර්ථයි. වේදයන් සජ්ඣායනා කරන්නවුන් විසින් පළමුකොට සජ්ඣායනය කළ යුතු හෙයින් සාවිත්‍රි ඡන්දස ප්‍රධානයයි කියන ලදී. මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨ බැවින් රාජාමුඛං යයි කියන ලදී. නදීන්ට ආධාරවන බැවින් සාගරො මුඛං යයි කියන ලදී. චන්ද්‍රයාගේ යෝගය අනුව අද කාර්තික (කැති) නැකතය, අද රොහිණි (රෙහෙණ) නැකතයැයි පෙනෙන බැවින්, ආලෝක කරන හෙයින් සෞම්‍ය බැවින් නැකැත් තරුවලට මුඛං චන්‍දො යයි කියන ලදී. බබලන්නවුන්ට අග්‍ර බැවින් ආදිච්චො තපතං මුඛං යැයි කියන ලදී. දක්ෂිණාර්භයන්ට අග්‍රවූ බැවින් විශේෂයෙන් එසමයෙහි බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයා සඳහා පින් අපේක්ෂා කරන්නවුන්ට. සඞ්ඝො චෙ යජතං මුඛං යැයි කියන ලදී. මෙයින් සංඝයා පිනට ආයමුබයකැයි කියන ලදී.

යං තං සරණන‍්ති අඤ‍්ඤං බ්‍යාකරණගාථමාහ. තස‍්සත්‍ථො – පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමා භගවා යස‍්මා මයං ඉතො අට‍්ඨමෙ දිවසෙ තං සරණං ආගතම‍්හා, තස‍්මා අත‍්තනා තව සාසනෙ අනුත‍්තරෙන දමථෙන දන‍්තාම‍්හා, අහො තෙ සරණස‍්ස ආනුභාවොති.

යං තං සරණං රහත්බව ප්‍රකාශ කරන ගාථාවක් එහි අර්ථය මෙසේය. පඤ්චචක්‍ෂුන්ගෙන් චක්‍ෂුමත්වූ භාග්‍යවතුන් වහන්සේ අපි මින් අටවැනි දවස්හි උන්වහන්සේගේ සරණයට පැමිණි බැවින් රාත්‍රි සතකින් ඔබ වහන්සේගේ ශාසනයෙහි අනුත්තර වූ දමථයෙන් දැමුණම්හ, ඔබවහන්සේ සරණයාමෙහි අනුබාවය පුදුමයි.

තතො පරං භගවන‍්තං ද‍්වීහි ගාථාහි ථොමෙත්‍වා තතියාය වන්‍දනං යාචන‍්තො භික‍්ඛවො තිසතා ඉමෙතිආදිමාහාති.

ඉන්පසුව ගාථා දෙකකින් ස්තුතිකොට තෙවැනි වැඳීම අයදිමින් භික්‍ඛවො තිසතා ඉමෙ යනාදිය කීය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය සෙලසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවැනි සේලසුත්‍රයයි