යෙදුමෙන් කියවන්න

අස‍්සලායනසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අස‍්සලායනසුත‍්තවණ‍්ණනා

අස්සලායන සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති අස‍්සලායනසුත‍්තං. තත්‍ථ නානාවෙරජ‍්ජකානන‍්ති අඞ‍්ගමගධාදීහි නානප‍්පකාරෙහි වෙරජ‍්ජෙහි ආගතානං, තෙසු වා රට‍්ඨෙසු ජාතසංවඩ‍්ඪානන‍්තිපි අත්‍ථො. කෙනචිදෙවාති යඤ‍්ඤුපාසනාදිනා අනියමිතකිච‍්චෙන. චාතුවණ‍්ණින‍්ති චතුවණ‍්ණසාධාරණං. මයං පන න‍්හානසුද‍්ධියා භාවනාසුද‍්ධියාපි බ්‍රාහ‍්මණාව සුජ‍්ඣන‍්තීති වදාම, අයුත‍්තම‍්පි සමණො ගොතමො කරොතීති මඤ‍්ඤමානා එවං චින‍්තයිංසු. වුත‍්තසිරොති වාපිතසිරො.

එවම්මෙසුතං යනු අස්සලායන සූත්‍රයයි. එහි නානා වෙරජ්ජ කානං අංග මගධ ආදී නානාප්‍රකාර වෙනත් රාජ්‍යවලින් පැමිණියවුන්ගේ, ඒ ඒ රටවල ඉපදී වැඩුණුවුන්ගේ හෝ යන අර්ථයි. කෙනචිදෙව යඥයන්හි හිඳගැනීම් ආදී අනියමිත කාර්යයන් නිසා චාතුවණ්ණි චතුර්වර්ණයට සාධාරණ, අපි ස්නාන ශුද්ධියෙන් ද භාවනා ශුද්ධියෙන්ද බ්‍රාහ්මණයෝ පරිශුද්ධත්වයට පත් වන්නෝයැයි කියමු. ශ්‍රමණ ගෞතමයෝ පරිශුද්ධත්වයට පත් වන්නෝයැයි කියමු. ශ්‍රමණ ගෞතමයන් අයුක්තක් කරතියි හඟිමින් මෙසේ සිතූහ. චුත්තසිරො වැඩුණු හිස ඇත්තේ,

ධම‍්මවාදීති සභාවවාදී. දුප‍්පටිමන‍්තියාති අම‍්හාදිසෙහි අධම‍්මවාදීහි දුක‍්ඛෙන පටිමන‍්තිතබ‍්බා හොන‍්ති. ධම‍්මවාදිනො නාම පරාජයො න සක‍්කා කාතුන‍්ති දස‍්සෙති. පරිබ‍්බාජකන‍්ති පබ‍්බජ‍්ජාවිධානං, තයො වෙදෙ උග‍්ගහෙත්‍වා සබ‍්බපච‍්ඡා පබ‍්බජන‍්තා යෙහි මන‍්තෙහි පබ‍්බජන‍්ති, පබ‍්බජිතා ච යෙ මන‍්තෙ පරිහරන‍්ති, යං වා ආචාරං ආචරන‍්ති, තං සබ‍්බං භොතා චරිතං සික‍්ඛිතං. තස‍්මා තුය‍්හං පරාජයො නත්‍ථි, ජයොව භවිස‍්සතීති මඤ‍්ඤන‍්තා එවමාහංසු.

ධම්මවාදි ස්වදාවවාදී. දුප්පතිමන්තයා අපවැනි අධර්මවාදීන් විසින් දුකින් මන්ත්‍රණය කළයුතු වෙයි. ධර්මවාදියාට පරාජය කරන්නට නොහැකිය යයි දක්වයි. පරිබ්බාජකං ප්‍රව්‍රජ්‍යා විධානය, වේදත්‍රය ඉගෙන සියල්ලන්ට පසුව පැවදිවන්නෝ යම් මන්ත්‍රයකින් පැවිදිවෙත්ද, පැවිදිවූවාහු යම් මන්ත්‍ර පරිහරණය කරත්ද, යම් ආචාරයක හැසිරෙත්ද ඒ සියලු චරිතය භවත්හු විසින් හික්මන ලදී. ඒනිසා ඔබට පරාජයක් නැත. ඔබට ජයම වන්නේයයි හඟින්නාහු මෙසේ කීහ.

දිස‍්සන‍්ති ඛො පනාතිආදි තෙසං ලද‍්ධිභින්‍දනත්‍ථං වුත‍්තං. තත්‍ථ බ්‍රාහ‍්මණියොති බ්‍රාහ‍්මණානං පුත‍්තපටිලාභත්‍ථාය ආවාහවිවාහවසෙන කුලා ආනීතා බ්‍රාහ‍්මණියො දිස‍්සන‍්ති. තා ඛො පනෙතා අපරෙන සමයෙන උතුනියොපි හොන‍්ති, සඤ‍්ජාතපුප‍්ඵාති අත්‍ථො. ගබ‍්භිනියොති සඤ‍්ජාතගබ‍්භා. විජායමානාති පුත‍්තධීතරො ජනයමානා. පායමානාති දාරකෙ ථඤ‍්ඤං පායන‍්තියො. යොනිජාව සමානාති බ්‍රාහ‍්මණීනං පස‍්සාවමග‍්ගෙන ජාතා සමානා. එවමාහංසූති එවං වදන‍්ති. කථං? බ්‍රාහ‍්මණොව සෙට‍්ඨො වණ‍්ණො…පෙ… බ්‍රහ‍්මදායාදාති. යදි පන නෙසං සච‍්චවචනං සියා, බ්‍රාහ‍්මණීනං කුච‍්ඡි මහාබ්‍රහ‍්මුනො උරො භවෙය්‍ය, බ්‍රාහ‍්මණීනං පස‍්සාවමග‍්ගො මහාබ්‍රහ‍්මුනො මුඛං භවෙය්‍ය, එත‍්තාවතා “මයං මහාබ්‍රහ‍්මුනො උරෙ වසිත්‍වා මුඛතො නික‍්ඛන‍්තා”ති වත‍්තුං මා ලභන‍්තූති අයං මුඛතො ජාතච‍්ඡෙදකවාදො වුත‍්තො.

දිස්සන්තෙ ඛොපන ආදිය ඔවුන්ගේ ලබ්ධිය බිඳීම පිණිස කියන ලදී. තත්‍ර බ්‍රාහ්මණියො බමුණන්ට පුත්‍රලාභය පිණිස ආවාහ විවාහ වශයෙන් කුලයෙන් ගෙන එනු ලැබු බැමිණියෝ දක්නට ලැබෙති. මොවුහු පසු කලෙක ඔසප් ඇත්තියෝ වෙති. වැඩිවියට පත්වූවෝය යන අර්ථයි. ශබ්භිනියො හටගත් ගැබ් ඇති, විඡායමානා දූ පුතුන් උපදවන පායමානා දරුවන්ට තනකිරි පොවන්නියෝ, යොනිජාතා සමානා යෝනිමාර්ගයෙන් ඉපිද, එවමාහංසු මෙසේ කියත්. කෙසේද බමුණාම ශ්‍රේෂ්ඨ වර්ණ ඇත්තේද -පෙ- බ්‍රහ්මයා විසින් දායාද කරන ලද්දාහුද. ඉදින් ඔවුන්ගේ වචනය සත්‍ය වචනය වන්නේනම් බැමිණියගේ කුස මහාබ්‍රහ්මයාගේ පපුව විය යුතුය. බැමිණියන්ගේ යෝනිමාර්ගය මහා බ්‍රහ්මයාගේ මුඛය වියයුතුය. මෙපමණකින් අපි මහාබ්‍රහ්මයාගේ පපුවෙහි වැස මුඛයෙන් උපන්නවුන් යැයි කියන්නට නොලබාවායි. මෙය මුඛයෙන් උපන්බව බිඳ දමන වාරයයි. කියන ලදී.

අය්‍යො හුත්‍වා දාසො හොති, දාසො හුත්‍වා අය්‍යො හොතීති බ්‍රාහ‍්මණො සභරියො වණිජ‍්ජං පයොජෙන‍්තො යොනකරට‍්ඨං වා කම‍්බොජරට‍්ඨං වා ගන‍්ත්‍වා කාලං කරොති, තස‍්ස ගෙහෙ වයප‍්පත‍්තෙ පුත‍්තෙ අසති බ්‍රාහ‍්මණී දාසෙන වා කම‍්මකරෙන වා සද‍්ධිං සංවාසං කප‍්පෙති. එකස‍්මිං දාරකෙ ජාතෙ සො පුරිසො දාසොව හොති, තස‍්ස ජාතදාරකො පන දායජ‍්ජසාමිකො හොති. මාතිතො සුද‍්ධො පිතිතො අසුද‍්ධො සො වණිජ‍්ජං පයොජෙන‍්තො මජ‍්ඣිමපදෙසං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණදාරිකං ගහෙත්‍වා තස‍්සා කුච‍්ඡිස‍්මිං පුත‍්තං පටිලභති, සොපි මාතිතොව සුද‍්ධො හොති පිතිතො අසුද‍්ධො. එවං බ්‍රාහ‍්මණසමයස‍්මිඤ‍්ඤෙව ජාතිසම‍්භෙදො හොතීති දස‍්සනත්‍ථමෙතං වුත‍්තං. කිං බලං, කො අස‍්සාසොති යත්‍ථ තුම‍්හෙ දාසා හොන‍්තා සබ‍්බෙව දාසා හොථ, අය්‍යා හොන‍්තා සබ‍්බෙව අය්‍යා හොථ, එත්‍ථ වො කො ථාමො, කො අවස‍්සයො, යං බ්‍රාහ‍්මණොව සෙට‍්ඨො වණ‍්ණොති වදථාති දීපෙති.

අය්‍යො හුත්‍වා දාසො හොති ආර්යයා වී දාසයා වෙයි. දාසයාවී ආර්යයා වෙයි බමුණා භාර්යාව සහිත වූයේ වෙළෙදාමෙහි යොදවමින් යොන් රටට හෝ කාම්බෝජ රටට හෝ ගොස් කලුරිය කරයි. ඔහුගේ ගෙයි වැඩි වයසට පත් පුත්‍රයකු නැතිකල බැමිණිය දාසයකු සමග හෝ කම්කරුවකු සමග සංවාස කරයි. එක් දරුවකු උපන්විට ඒ පුරුෂයා දාසයෙක්ම වෙයි. ඔහුට උපන් දරුවා දායාදයට හිමිකරු වෙයි. මව්පසින් පිරිසිදුය. පියපසින් අපිරිසිදුය. හෙතෙමේ වෙළදාමෙහි යෙදෙමින් මධ්‍ය ප්‍රදේශයට ගොස් බ්‍රාහ්මණ දැරියක ගෙන ඇගේ කුසයෙහි පුත්‍රයකු ලබයි. හෙතෙමේද මව්පසින් පිරිසිදුය. පියපසින් අපිරිසිදුය. මෙසේ බ්‍රාහ්මණ සමයෙහිම ජාති සම්භේදයක් වෙතියි දැක්වීම පිණිස මෙය කියන ලදී. කිම්බලං කා අස්සාසො යම් තැනෙක ඔබ දාසයන් වද්දී සියලු දෙන දාසයෝ වවු. ආර්යයන් වද්දී සියලු දෙන ආර්යයෝ වවු. මෙහි බමුණෝම ශ්‍රේෂ්ඨවර්ණ ඇත්තෝ යයි කියවුනම් තොපට කවර ශක්තියක්ද කවර ආස්වාදයක්දයි දක්වයි.

ඛත‍්තියොව නු ඛොතිආදයො සුත‍්තච‍්ඡෙදකවාදා නාම හොන‍්ති.

ඛත්තියොව නුඛො ආදිය ශුක්ල බව බිඳදමන වාර නම් වේ.

ඉදානි චාතුවණ‍්ණිසුද‍්ධිං දස‍්සෙන‍්තො ඉධ රාජාතිආදිමාහ. සාපානදොණියාති සුනඛානං පිවනදොණියා. අග‍්ගිකරණීයන‍්ති සීතවිනොදනඅන්‍ධකාරවිධමනභත‍්තපචනාදි අග‍්ගිකිච‍්චං. එත්‍ථ අස‍්සලායනාති එත්‍ථ සබ‍්බස‍්මිං අග‍්ගිකිච‍්චං කරොන‍්තෙ.

චතුර්වර්ණ ඇත්තවුන්ගේ ශුද්ධිය දක්වන්නේ ඉධරාජා ආදීය කීය. සාපානදොණියා බල්ලන් දිය බොන දෙණ, අග්ගිකරණීයං ශීතල නැතිකරන අන්ධකාරය විධ්වංසනය කරන. බත් පිසන ආදී ගිනි කිස මෙහි අස්සලායන යනු මෙහි සියලු ගිනිකිස කරන කල්හි

ඉදානි යදෙතං බ්‍රාහ‍්මණා චාතුවණ‍්ණිසුද‍්ධීති වදන‍්ති, එත්‍ථ චාතුවණ‍්ණාති නියමො නත්‍ථි. පඤ‍්චමො හි පාදසිකවණ‍්ණොපි අත්‍ථීති සංඛිත‍්තෙන තෙසං වාදෙ දොසදස‍්සනත්‍ථං ඉධ ඛත‍්තියකුමාරොතිආදිමාහ. තත්‍ර අමුත්‍ර ච පනෙසානන‍්ති අමුස‍්මිඤ‍්ච පන පුරිමනයෙ එතෙසං මාණවකානං කිඤ‍්චි නානාකරණං න පස‍්සාමීති වදති. නානාකරණං පන තෙසම‍්පි අත්‍ථියෙව. ඛත‍්තියකුමාරස‍්ස හි බ්‍රාහ‍්මණකඤ‍්ඤාය උප‍්පන‍්නො ඛත‍්තියපාදසිකො නාම, ඉතරො බ්‍රාහ‍්මණපාදසිකො නාම, එතෙ හීනජාතිමාණවකා.

දැන් බමුණෝම චතුර්වර්ණීන් අතර ශුද්ධයයි කියත් මෙහි චතුර්වර්ණයයි නියමයක් නැත. පස්වැනි ඉන් එහා වර්ණයක්ද ඇතැයි කෙටියෙන් ඔවුන්ගේ වාදයෙහි දොස් දක්වනු පිණිස ඉධඛත්තිය කුමාරො ආදිය කීය. එහි අමුත්‍ර පනෙසානං මෙහිද පෙරකී ක්‍රමයෙහි මේ මාණවකයන් ගේ කිසිදු වෙනස් බවක් නොදකිමියි කියයි. වෙනස්කම නම් ඔවුන්ට ඇත්තේමය. ක්ෂත්‍රිය කුමාරයකුට බ්‍රාහ්මණ කන්‍යාවකගෙන් උපන්නේ ක්ෂත්‍රිය පාරසක (ක්ෂත්‍රියයන්ට එහා) නමි අනිකා බ්‍රාහ්මණ පාරසක නමි මෙයින් උපන් මාණවකයෝ

එවං පඤ‍්චමස‍්ස වණ‍්ණස‍්ස අත්‍ථිතාය චාතුවණ‍්ණිසුද‍්ධීති එතෙසං වාදෙ දොසං දස‍්සෙත්‍වා ඉදානි පුන චාතුවණ‍්ණිසුද‍්ධියං ඔවදන‍්තො තං කිං මඤ‍්ඤසීතිආදිමාහ. තත්‍ථ සද‍්ධෙති මතකභත‍්තෙ. ථාලිපාකෙති පණ‍්ණාකාරභත‍්තෙ. යඤ‍්ඤෙති යඤ‍්ඤභත‍්තෙ. පාහුනෙති ආගන‍්තුකානං කතභත‍්තෙ. කිං හීති කිං මහප‍්ඵලං භවිස‍්සති, නො භවිස‍්සතීති දීපෙති.

මෙසේ පස්වැනි වර්ණයක් ඇති බැවින් චතුර්වර්ණ ශුද්ධියයි. මොවුන්ගේ වාදයෙහි දොස් දක්වා දැන් නැවත චතුර්වර්ණ ශුද්ධියට දමන්නේ තං කිංමඤ්ඤසී ආදිය කීය එහි සද්ධෙ යනු මතක බතෙහි. ථාලිපාකෙ පඬුරු සඳහා පිසූ බතෙහි යඤ්ඤෙ යාග බතෙහි. පාහුණෙ ආගන්තුකයන් සඳහා පිසූ බතෙහි, කිංහි කිම මහත්ඵල වන්නේද. නොවන්නේදැයි දක්වයි.

භූතපුබ‍්බන‍්ති අස‍්සලායන පුබ‍්බෙ මයි ජාතියා හීනතරෙ තුම‍්හෙ සෙට‍්ඨතරා සමානාපි මයා ජාතිවාදෙ පඤ‍්හං පුට‍්ඨා සම‍්පාදෙතුං න සක‍්ඛිත්‍ථ, ඉදානි තුම‍්හෙ හීනතරා හුත්‍වා මයා සෙට‍්ඨතරෙන බුද‍්ධානං සකෙ ජාතිවාදපඤ‍්හං පුට‍්ඨා කිං සම‍්පාදෙස‍්සථ? න එත්‍ථ චින‍්තා කාතබ‍්බාති මාණවං උපත්‍ථම‍්භෙන‍්තො ඉමං දෙසනං ආරභි. තත්‍ථ අසිතොති කාළකො. දෙවලොති තස‍්ස නාමං, අයමෙව භගවා තෙන සමයෙන. පටලියොති ගණඞ‍්ගණුපාහනා. පත්‍ථණ‍්ඩිලෙති පණ‍්ණසාලපරිවෙණෙ. කො නු ඛොති කහං නු ඛො. ගාමණ‍්ඩලරූපො වියාති ගාමදාරකරූපො විය. සො ඛ‍්වාහං, භො, හොමීති සො අහං, භො, අසිතදෙවලො හොමීති වදති. තදා කිර මහාසත‍්තො කොණ‍්ඩදමකො හුත්‍වා විචරති. අභිවාදෙතුං උපක‍්කමිංසූති වන්‍දිතුං උපක‍්කමං අකංසු. තතො පට‍්ඨාය ච වස‍්සසතිකතාපසොපි තදහුජාතං බ්‍රාහ‍්මණකුමාරං අවන්‍දන‍්තො කොණ‍්ඩිතො හොති.

භූතපුබ්බං අස්සලායන මා ජාතියෙන් හීනතරද ඔබ ශ්‍රේෂ්ඨතර ද වී මා විසින් ජාති වාදය පිළිබඳ ප්‍රශ්නයක් විචාරන ලද්දේ පිළිතුරක් සපයන්ට නොහැකි වූයෙහිය. දැන් ඔබ හීනතරද ශ්‍රේෂ්ඨතරවූ බුදුවරයකුවන මා විසින් ස්වකීය ජාතිවාදයෙහි ප්‍රශ්නයක් විචාරන ලද්දේ කුමක්නිසා පිළිතුරක් සපයන්නෙහිද, මෙහි සිතුවිල්ලක් ඇතිකරගතයුතු නැතැයි මාණවකයාට උදව් වනසේක් මේ දේශනාව ආරම්භ කළසේක. එහි අසිතො යනු කලුපාට, දෙවලො ඔහුගේනම මෙයම භාග්‍යවතුන් වහන්සේ එසමයෙහි අටලියො පොට කීපයක් ඇති මිරිවැඩි පත්‍ථණඩිලෙ පන්සල මිදුලෙහි කොනුඛො කොහිදැයි, ගාමණ්ඩල රූපො විය ගම්දරුවකු වැනි වූ, සොඛො අහම්හො හොමි ඒ මම ඒ අසන දේවල වෙමියි කියයි. එකල්හි බෝධිසත්වයෝ (කොණ්ඩ දමක) වී හැසිරෙති අභිවාදෙතුං උපක්කමිංසු වඳින්ට උපක්‍රම කළාහුය. එතැන් පටන් වස් සියයක්වූ තාපසයෙක් වුවත් එදින උපන් බමුණු කුමරකු නොවඳින්නේ කොටනු ලැබුවේ බෙහෙවින් කොටනු ලැබුවේ වෙයි.

ජනිකා මාතාති යාය තුම‍්හෙ ජනිතා, සා වො ජනිකා මාතා. ජනිකාමාතූති ජනිකාය මාතු. යො ජනකොති යො ජනකො පිතා. “යො ජනිකො පිතාතෙව” වා පාඨො.

ජනිමාතා යම් ස්ත්‍රියක් ඔබ වැදුවාද ඒ ස්ත්‍රිය ජනිකා මාතා නමි ජනිමාතු මවගේ මව, යොජනීපිතා යම් ජාතක කළ කෙනෙක් වේද ඒ පියා යො ජනිකො පිතාතෙව හා ජාතක කළ පුද්ගලයා පිතා ම වේයැයි පාඨයක් වේ.

අසිතෙනාති පඤ‍්චාභිඤ‍්ඤෙන අසිතෙන දෙවලෙන ඉසිනා ඉමං ගන්‍ධබ‍්බපඤ‍්හං පුට‍්ඨා න සම‍්පායිස‍්සන‍්ති. යෙසන‍්ති යෙසං සත‍්තන‍්නං ඉසීනං. න පුණ‍්ණො දබ‍්බිගාහොති තෙසං සත‍්තන‍්නං ඉසීනං දබ‍්බිං ගහෙත්‍වා පණ‍්ණං පචිත්‍වා දායකො පුණ‍්ණො නාම එකො අහොසි, සො දබ‍්බිගහණසිප‍්පං ජානාති. ත්‍වං සාචරියකො තෙසං පුණ‍්ණොපි න හොති, තෙන ඤාතං දබ‍්බිගහණසිප‍්පමත‍්තම‍්පි න ජානාසීති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

අසිතෙන පංචාභිඥාලාභී අසිතදේවල සෘෂිවරයා විසින්. නපුණ්ණො දබ්බිශාහී ඒ සෘෂිවරුන් සත් දෙනාට හැන්දක් ගෙන කොළ තම්බා දෙන පුණ්ණ නම් එතෙක් විය. හෙතෙමෙ හැන්ද අල්ලන ශිල්පය දනී. ඔබ ආචාර්යයා සහිත වූයේ ඔවුන්ට පුණ්ණ නම් නොවේ. ඔහු විසින් දන්නාලද හැන්ද අල්ලන ශිල්ප මාත්‍රයවත් නොදන්නෙහිය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.

අයං පන අස‍්සලායනො සද‍්ධො අහොසි පසන‍්නො, අත‍්තනො අන‍්තොනිවෙසනෙයෙව චෙතියං කාරෙසි. යාවජ‍්ජදිවසා අස‍්සලායනවංසෙ ජාතා නිවෙසනං කාරෙත්‍වා අන‍්තොනිවෙසනෙ චෙතියං කරොන‍්තෙවාති.

මේ අස්සලායන ශ්‍රද්ධා ඇත්තෙක්විය. ප්‍රසන්න වූවෙකි. තමාගේ ගෙහි ඇතුළත චෛත්‍යයක් කරවීය. අද දවස දක්වා අස්සලායන වංශයෙහි උපන්නෝ නිවසක් තනවා ඒ නිවස ඇතුළත චෛත්‍යයක්ද කරවත්මය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය අස‍්සලායනසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවැනි අස්සලායන සුත්‍රයයි.

ඝොටමුඛසුත‍්තවණ‍්ණනා

ඝොටමුඛ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ඝොටමුඛසුත‍්තං. තත්‍ථ ඛෙමියම‍්බවනෙති එවංනාමකෙ අම‍්බවනෙ. ධම‍්මිකො පරිබ‍්බජොති ධම‍්මිකා පබ‍්බජ‍්ජා. අදස‍්සනාති තුම‍්හාදිසානං වා පණ‍්ඩිතානං අදස‍්සනෙන. යො වා පනෙත්‍ථ ධම‍්මොති යො වා පන එත්‍ථ ධම‍්මො සභාවො, තස‍්සෙව වා අදස‍්සනෙන. ඉමිනා “අම‍්හාකං කථා අප‍්පමාණං, ධම‍්මොව පමාණ”න‍්ති දස‍්සෙති. තතො ථෙරො “නවඋපොසථාගාරෙ විය බහුනා කම‍්මෙන ඉධ භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා චඞ‍්කමා ඔරුය‍්හ පණ‍්ණසාලං පවිසිත්‍වා නිසීදි. තං දස‍්සෙතුං එවං වුත‍්තෙතිආදි වුත‍්තං.

එවම්මෙසුතං යනු ඝොටමුඛ සුත්‍රයයි. එහි ඛෙමියම්බවනෙ එනම් ඇති අඹ වනයෙහි, ධම්මිකො පරිබ්බාජො ධාර්මික පැවිද්ද, අදස්සනා ඔබවැනි පණ්ඩිතයන් පවා නොදැකීමෙන්, යොවා පනෙත්‍ථ ධම්මො මෙහි යම් ධර්මයක් - ස්වභාවයක් වේද එම ධර්මයෙහිවත් නොදැක්මෙන්. මෙහි අපගේ කථාව ප්‍රමාණවත් නොවේ. ධර්මයට ප්‍රමාණ වත්යැයි දක්වයි. ඉන්පසු තෙරුන් වහන්සේ නව පොහොය ගෙහි මෙන් මෙහි බොහෝ කටයුතු වියයුතුයයි සිතා සක්මනින් බැස පන්සලට පිවිස වැඩහුන්හ. එය දක්වන්ට එවං වුත්තෙ ආදිය කියන ලදී.

චත‍්තාරොමෙ බ්‍රාහ‍්මණාති ථෙරස‍්ස කිර එතදහොසි – “අයං බ්‍රාහ‍්මණො ‘ධම‍්මිකං පබ‍්බජ‍්ජං උපගතො සමණො වා බ්‍රාහ‍්මණො වා නත්‍ථී’ති වදති. ඉමස‍්ස චත‍්තාරො පුග‍්ගලෙ ද‍්වෙ ච පරිසා දස‍්සෙත්‍වා ‘චතුත්‍ථං පුග‍්ගලං කතරාය පරිසාය බහුලං පස‍්සසී’ති පුච‍්ඡිස‍්සාමි, ජානමානො ‘අනාගාරියපරිසාය’න‍්ති වක‍්ඛති. එවමෙතං සකමුඛෙනෙව ‘ධම‍්මිකො පරිබ‍්බජො අත්‍ථී’ති වදාපෙස‍්සාමී”ති ඉමං දෙසනං ආරභි.

චත්තාරො මෙ බ්‍රාහ්මණා තෙරුන්ට මෙසේ සිතිණ. මේ බමුණා ධාර්මික පැවිද්දට එළඹියේය. ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැතැයි කියයි. මොහු පුද්ගලයන් සතර දෙනද දෙපිරිස්ද පෙන්වා සතරවැනි පුද්ගලයා කවර පිරිසක් බහුලව බලාදැයි අසන්නෙමි. දන්නේනම් අනගාරිය පිරිසයයි කියයි. මෙසේ සිය මුවින්ම ධාර්මික පරිබ්‍රාජකයෙක් ඇතැයි කියවන්නෙමියි මේ දේශනාව ඇරඹුසේක.

තත්‍ථ සාරත‍්තරත‍්තාති සුට‍්ඨු රත‍්තරත‍්තා. සානුග‍්ගහා වාචා භාසිතා සකාරණා වාචා භාසිතා. වුත‍්තඤ‍්හෙතං මයා “අම‍්හාකං කථා අප‍්පමාණං, ධම‍්මොව පමාණ”න‍්ති.

එහි සාරත්ත රත්තා මනාසේ ඇළුණු සානුග්ගහා භාසිතා - උදව්පිණිස කියන ලදී. මෙසේද කියන ලදී. අපගේ කථාව ප්‍රමාණවත් නොවේ. ධර්මයට ප්‍රමාණවත්යයි මා විසින් කියන ලදී.

කිං පන තෙති ගිහි නාම කප‍්පියම‍්පි අකප‍්පියම‍්පි වදෙය්‍යාති විවෙචනත්‍ථං පුච‍්ඡි. කාරාපෙසීති මාපෙසි. කාරාපෙත්‍වා ච පන කාලං කත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තො. එතස‍්ස කිර ජානනසිප‍්පෙ මාතරම‍්පි පිතරම‍්පි ඝාතෙත්‍වා අත‍්තාව ඝාතෙතබ‍්බොති ආගච‍්ඡති. එතං සිප‍්පං ජානන‍්තො ඨපෙත්‍වා එතං අඤ‍්ඤො සග‍්ගෙ නිබ‍්බත‍්තො නාම නත්‍ථි, එස පන ථෙරං උපනිස‍්සාය පුඤ‍්ඤං කත්‍වා තත්‍ථ නිබ‍්බත‍්තිත්‍වා ච පන “කෙනාහං කම‍්මෙන ඉධ නිබ‍්බත‍්තො”ති ආවජ‍්ජෙත්‍වා යථාභූතං ඤත්‍වා එකදිවසං ජිණ‍්ණාය භොජනසාලාය පටිසඞ‍්ඛරණත්‍ථං සඞ‍්ඝෙ සන‍්නිපතිතෙ මනුස‍්සවෙසෙන ආගන‍්ත්‍වා පුච‍්ඡි – “කිමත්‍ථං, භන‍්තෙ, සඞ‍්ඝො සන‍්නිපතිතො”ති? භොජනසාලාය පටිසඞ‍්ඛරණත්‍ථන‍්ති. කෙනෙසා කාරිතාති? ඝොටමුඛෙනාති. ඉදානි සො කුහින‍්ති? කාලඞ‍්කතොති. අත්‍ථි පනස‍්ස කොචි ඤාතකොති? අත්‍ථි එකා භගිනීති. පක‍්කොසාපෙථ නන‍්ති. භික‍්ඛූ පක‍්කොසාපෙසුං. සො තං උපසඞ‍්කමිත්‍වා – “අහං, තව භාතා, ඝොටමුඛො නාම ඉමං සාලං කාරෙත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තො, අසුකෙ ච අසුකෙ ච ඨානෙ මයා ඨපිතං ධනං අත්‍ථි, තං ගහෙත්‍වා ඉමඤ‍්ච භොජනසාලං කාරෙහි, දාරකෙ ච පොසෙහී”ති වත්‍වා භික‍්ඛුසඞ‍්ඝං වන්‍දිත්‍වා වෙහාසං උප‍්පතිත්‍වා දෙවලොකමෙව අගමාසි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

කිං පන තෙ ගිහියෝ නම් කැපදේද අකැපදේද කියතියි විවේචනය පිණිස විමසූසේක. කාරාපෙසි මැවීය. කරවා කලුරිය කොට ස්වර්ගයෙහි උපන්නේය. මොහු දන්නා ශිල්පයෙහි මවද පියාද ඝාතනය කොට තමාම බැබලිය යුතුයයි පැමිණෙයි. ශිල්පය දන්නේ ඔහු හැර ස්වර්ගයෙහි උපන්නෙක් නම් නැත. මොහු වනාහි තෙරුන් ඇසුරින් පින් කොට එහි ඉපදීද එම කර්මයෙන් මෙහි උපන්නේයයි ආවර්ජනය කොට පවත්නා තත්ත්වය දැන එක් දවසක් දිරාගිය බොජුන් හල ප්‍රති සංසේකරණය කරනු පිණිස සංඝයා රැස්වූ කල්හි මිනිස් වෙසින් අවුත් මෙසේ ඇසීය. ස්වාමීනි කුමක්නිසා සංඝයා රැස්වූයේද බොජුන්හල අළුත්වැඩියා කිරීමටය. මෙය කවුරුන් විසින් කරවන ලද්දක්ද ඝොටමුඛ විසින්ය. දැන් ඔහු කොහිද. කලුරිය කළේය. ඔහුගේ කිසියම් ඥාතියෙක් සිටීද, එක් සහෝදරියක් ඇත. ඇය කැඳවනු මැනවයි භික්‍ෂූහු ඇය කැඳවූහ. හේ ඇය කරා එළඹ මම ඔබගේ සොහොයුරා ඝෝටමුඛ මේ ශාලාව කරවා ස්වර්ගයෙහි ඉපිද අසුවල් අසුවල් තැන මා තැබු ධනය ඇත. එය ගෙන මේ බොජුන් හල කරවන්න දරුවන්ද පෝෂණය කරන්නැයි කියා භික්‍ෂුසංඝයා වැඳ අහසට පැන දෙව්ලොවට ගියේය. සෙස්ස සියලු තන්හි නොගැඹුරුමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ඝොටමුඛසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිව්වැනි ඝෝටමුඛ සුත්‍රයයි.