චඞ්කීසුත්තවණ්ණනා අට්ඨකථා
චඞ්කීසුත්තවණ්ණනා
චඞ්කී සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චඞ්කීසුත්තං. තත්ථ දෙවවනෙ සාලවනෙති තස්මිං කිර දෙවතානං බලිකම්මං කරීයති, තෙන තං දෙවවනන්තිපි සාලවනන්තිපි වුච්චති. ඔපාසාදං අජ්ඣාවසතීති ඔපාසාදනාමකෙ බ්රාහ්මණගාමෙ වසති, අභිභවිත්වා වා ආවසති, තස්ස සාමී හුත්වා යාය මරියාදාය තත්ථ වසිතබ්බං, තාය මරියාදාය වසති. උපසග්ගවසෙන පනෙත්ථ භුම්මත්ථෙ උපයොගවචනං වෙදිතබ්බං, තථස්ස අනුප්පයොගත්තාව සෙසපදෙසු. තත්ථ ලක්ඛණං සද්දසත්ථතො පරියෙසිතබ්බං. සත්තුස්සදන්ති සත්තෙහි උස්සදං උස්සන්නං, බහුජනං ආකිණ්ණමනුස්සං පොසාවනියහත්ථිඅස්සමොරමිගාදිඅනෙකසත්තසමාකිණ්ණඤ්චාති අත්ථො. යස්මා පන සො ගාමො බහි ආවිජ්ඣිත්වා ජාතෙන හත්ථිඅස්සාදීනං ඝාසතිණෙන චෙව ගෙහච්ඡදනතිණෙන ච සම්පන්නො, තථා දාරුකට්ඨෙහි චෙව ගෙහසම්භාරකට්ඨෙහි ච, යස්මා චස්ස අබ්භන්තරෙ වට්ටචතුරස්සාදිසණ්ඨානා බහූ පොක්ඛරණියො, ජලජකුසුමවිචිත්තානි ච බහි අනෙකානි තළාකානි වා උදකස්ස නිච්චභරිතානෙව හොන්ති, තස්මා සතිණකට්ඨොදකන්ති වුත්තං.
එවම්මෙසුතං යනු චංකී සූත්‍රයයි. එහි දෙවවනෙ සාලවනෙ එහි දෙවියන්ට බිලියම් කෙරෙති. ඒ නිසා එයට දේව වන සාලවනයයි කියනු ලැබේ. ඔපසාදං අජ්ඣාවසති ඔපසාද නම් බමුණුගමෙහි වසයි. අභිභවනය කොට වසයි ඔහුගේ ස්වාමීයා වී යම් සීමාවක එහි විසිය යුතු නම් ඒ සීමාවෙහි වසයි. මෙහි උපසර්ග වශයෙන් ආධාර අර්ථයෙහි කර්ම විභක්ති වචනයයි දතයුතුයි. එය නොයෙදෙන බැවින්ම සෙසු පදයන්හි එහි ලක්ෂණ ශබ්දශාස්ත්‍ර වශයෙන් සොයා බැලිය යුතුය. සත්තුස්සදං සත්ත්වයන්ගෙන් ගැවසුණු. උත්සන්න බොහෝ ජනයා ඇති. මිනිසුන් හෝ ආකීර්ණවූ පෝෂණය කළයුතු ඇත් අස් මොනර මුව ආදි නොයෙක් සතුන්ගෙන් ආකීර්ණවූද යන අර්ථයි. යම් හෙයකින් එගම පිටත නොපෑගී උපන් ඇත් අස් ආදීන් කන තණකොළවලින්ද ගෙවල සෙවිලිකරන තණකොළ වලින්ද යුතුය. එසේම දරකැබලි වලින්ද ගෙවල් ලීබඩු තනන ලීවලින්ද එහි ඇතුළත වටකුරු චතුරස්රාකාර බොහෝ පොකුණු ජලජ පුෂ්පයන්ගෙන් විචිත්‍රය. පිටත නොයෙක් තඩාංග ජලයෙන් නිතර පිරී පවතී. ඒනිසා සතිණකට්ඨොදකං යයි කියන ලදී.
සහ ධඤ්ඤෙන සධඤ්ඤං, පුබ්බණ්ණාපරණ්ණාදිභෙදං බහුධඤ්ඤසන්නිචයන්ති අත්ථො. එත්තාවතා යස්මිං ගාමෙ බ්රාහ්මණො සෙතච්ඡත්තං උස්සාපෙත්වා රාජලීලාය වසති. තස්ස සමිද්ධිසම්පත්ති දීපිතා හොති. රාජතො ලද්ධං භොග්ගං රාජභොග්ගං. කෙන දින්නන්ති චෙ, රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං. රාජදායන්ති රඤ්ඤො දායභූතං, දායජ්ජන්ති අත්ථො. බ්රහ්මදෙය්යන්ති සෙට්ඨදෙය්යං, ඡත්තං උස්සාපෙත්වා රාජසඞ්ඛෙපෙන භුඤ්ජිතබ්බන්ති අත්ථො. අථ වා රාජභොග්ගන්ති සබ්බං ඡෙජ්ජභෙජ්ජං අනුසාසන්තෙන තිත්ථපබ්බතාදීසු සුඞ්කං ගණ්හන්තෙන සෙතච්ඡත්තං උස්සාපෙත්වා රඤ්ඤා හුත්වා භුඤ්ජිතබ්බං. තත්ථ රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායන්ති. එත්ථ රඤ්ඤා දින්නත්තා රාජදායං, දායකරාජදීපනත්ථං පනස්ස “රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්න”න්ති ඉදං වුත්තං. බ්රහ්මදෙය්යන්ති සෙට්ඨදෙය්යං, යථා දින්නං න පුන ගහෙතබ්බං හොති නිස්සට්ඨපරිච්චත්තං, එවං දින්නන්ති අත්ථො.
ධාන්‍ය සහිත සධඤ්ඤං පෙර අපර ආහාරභේද වූ බොහෝ ධාන්‍ය සංචිතයක්ය යන අර්ථයි. මේ අයුරින් එගම බ්‍රාහ්මණයා සෙසත් ඔසවා රජකුගේ ස්වරූපයෙන් වාසය කරයි. ඔහුගේ සමෘද්ධි සම්පත්තිය දක්වන ලද්දේ වෙයි. රජුගෙන් ලද ධනය රාජභොග්ග නමි, කවුරුන් විසින් දෙන ලද ද? පසේනදි කෝසල රජු විසින් දෙන ලද රාජදායං රජුගේ දායාදයක්වූ දෑවැද්ද යන අර්ථයි. බ්‍රහ්ම දෙය්යං ශ්‍රේෂ්ඨයන්ට දියයුතු සේසත් ඔසවා රජකුමෙන් අනුභව කළයුතු යන අර්ථයි. නැතහොත් රාජභොග්ගං යනු සියලු මිනීමැරුම් අංග විකල කිරීම් ආදිය පාලනය කරමින් තොටුපළ පර්වත ආදීන්හි අයබදු ගෙන සේසත් පිළිගෙන ඔසවා රජකුවී භුක්ති විඳියයුතු එහි පසේනදි කොසොල් රජුවිසින් දෙන ලද රාජදායං යනු රජු විසින් දෙන ලද බැවින් රාජදායවූ, දායකරජු දැක්වීම පිණිස ඔහුට පසේනදි කොසොල් රජු විසින් දෙන ලද යන අර්ථයි.
බහූ බහූ හුත්වා සංහතාති සඞ්ඝා. එකෙකිස්සා දිසාය සඞ්ඝො තෙසං අත්ථීති සඞ්ඝී. පුබ්බෙ ගාමස්ස අන්තො අගණා බහි නික්ඛමිත්වා ගණා සම්පන්නාති ගණීභූතා. උත්තරෙනමුඛාති උත්තරදිසාභිමුඛා. ඛත්තං ආමන්තෙසීති ඛත්තා වුච්චති පුච්ඡිතපඤ්හබ්යාකරණසමත්ථො මහාමත්තො, තං ආමන්තෙසි. ආගමෙන්තූති මුහුත්තං පටිමානෙන්තු, අච්ඡන්තූති වුත්තං හොති.
බොහෝ බොහෝ වී සමූහ සමූහ වී එක් එක් දිසාවෙහි ඔවුන් සමූහය ඇතැයි සඞ්ඝී, පෙර ගමතුළ සමූහයක් නැත්තෝ පිටතට නික්මගොස් එක්වූවාහු ගණ සම්පන්න වූවාහු ශණිභූතා උතුරින් ඇති දොරටු උත්තර දිසාභිමුඛ ඛත්තං ආමන්තෙසි ඛත්තායනු ඇසු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දීමෙහි සමර්ථ මහාමාත්‍රයා. ඔහු ඇමතීය. ආගමන්තු මොහොතක් ගරුකරත්වා හිඳගනිත්වායි කියන ලද්දේවෙයි.
නානාවෙරජ්ජකානන්ති නානාවිධෙසු රජ්ජෙසු අඤ්ඤෙසු කාසිකොසලාදීසු ජාතා වා නිවසන්ති වා, තතො වා ආගතාති නානාවෙරජ්ජකා, තෙසං නානාවෙරජ්ජකානං. කෙනචිදෙවාති අනියමිතෙන යඤ්ඤුපාසනාදිනා කෙනචි කිච්චෙන. තෙ තස්ස ගමනං සුත්වා චින්තෙසුං – “අයං, චඞ්කී, උග්ගතබ්රාහ්මණො, යෙභුය්යෙන ච අඤ්ඤෙ බ්රාහ්මණා සමණං ගොතමං සරණං ගතා, අයමෙව න ගතො. ස්වායං සචෙ තත්ථ ගමිස්සති, අද්ධා සමණස්ස ගොතමස්ස ආවට්ටනියා මායාය ආවට්ටිතො සරණං ගමිස්සති. තතො එතස්සාපි ගෙහද්වාරෙ බ්රාහ්මණානං අසන්නිපාතො භවිස්සති. හන්දස්ස ගමනන්තරායං කරොමා”ති සම්මන්තයිත්වා තත්ථ අගමංසු. තං සන්ධාය “අථ ඛො තෙ බ්රාහ්මණා”තිආදි වුත්තං.
නානා වෙරජ්ජකානං අනික් නානාවිධ කාසිකෝසල ආදී රාජ්‍යයන්හි උපන්නෝ නිව්සන හෝ එයින් ආවේ යැයි නානා වෙරජ්ජතා. ඔවුන්ගේ කෙනචිදෙව නියම නොකරන ලද යඥයන්ට හිඳගැනීම් වැනි කිසියම් කාර්යයකින් ඔවුහු ඔහුගේ ගමන අසා මෙසේ සිතූහ. මේ උගත් චංකී බමුණා බොහෝ සෙයින් අනික් බමුණෝ ශ්‍රමණ ගෞතමයන් සරණ ගියාහුය. මොහු නොගියේය. මෙතෙමේ යම් හෙයකින් එහි යන්නේ නම් ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ආවර්තන මායාවෙහි දැවටී සරණ යන්නේය. ඉන්පසු මොහුගේ ගෙදරත් බමුණන්ගේ එකතුවීමක් නො වන්නේ ය. මොහුගේ ගමනට අනතුරක් කරන්නෙමු නම් මැනවැයි මන්ත්‍රණය කොට එහි ගියහ. ඒ සඳහා අථඛොතෙ බ්රාහ්මණා ආදිය කියන ලදී.
තත්ථ උභතොති ද්වීහි පක්ඛෙහි. මාතිතො ච පිතිතො චාති, භොතො මාතා බ්රාහ්මණී, මාතුමාතා බ්රාහ්මණී, තස්සාපි මාතා බ්රාහ්මණී. පිතා බ්රාහ්මණො, පිතුපිතා බ්රාහ්මණො, තස්සපි පිතා බ්රාහ්මණොති. එවං භවං උභතො සුජාතො, මාතිතො ච පිතිතො ච. සංසුද්ධගහණිකොති සංසුද්ධා තෙ මාතු ගහණී, සංසුද්ධා තෙ මාතු කුච්ඡීති අත්ථො. යාව සත්තමා පිතාමහයුගාති එත්ථ පිතු පිතා පිතාමහො, පිතාමහස්ස යුගං පිතාමහයුගං. යුගන්ති ආයුප්පමාණං වුච්චති. අභිලාපමත්තමෙව චෙතං, අත්ථතො පන පිතාමහොව පිතාමහයුගං. තතො උද්ධං සබ්බෙපි පුබ්බපුරිසා පිතාමහග්ගහණෙනෙව ගහිතා. එවං යාව සත්තමො පුරිසො, තාව සංසුද්ධගහණිකො. අථ වා අක්ඛිත්තො අනුපකුට්ඨො ජාතිවාදෙනාති දස්සෙති. අක්ඛිත්තොති අපනෙථ එතං, කිං ඉමිනාති එවං අක්ඛිත්තො අනවක්ඛිත්තො. අනුපක්කුට්ඨොති න උපකුට්ඨො, න අක්කොසං වා නින්දං වා පත්තපුබ්බො. කෙන කාරණෙනාති. ජාතිවාදෙන, ඉතිපි හීනජාතිකො එසොති එවරූපෙන වචනෙනාති අත්ථො. ඉමිනාපඞ්ගෙනාති ඉමිනාපි කාරණෙන.
තත්ථ උභතො මව්පිය දෙපසින්, මොහුගේ මව් බැමිණිය මවගේ මව් බැමිණිය, ඇයගේද මව් බැමිණිය. පිය බමුණා, පියාගේ පියාවූ බමුණා, ඔහුගේ පියා වූ බමුණා මෙසේ මව්පසින්ද පියපසින්ද සුජාතය. සංසුද්ධගහණිකො ඔබගේ මව්කුස පිරිසිදුය යන අර්ථයි. යාව සත්තමා පිතා මහ යුගා මෙහි පියාගේ පියා පිතාමහය. ඔහුගේ යුගය පිතාමහ යුගයයි. යුගය යනු ආයු ප්‍රමාණයයි කියනු ලැබේ. මෙය කථාමාත්රයකි. අර්ථ වශයෙන් පිතාමහම පිතාමහ යුගයයි. ඉන් උඩට සියලු පූර්ව පුරුෂයෝ පිතමහ ග්රහණයෙන්ම ගන්නා ලද්දේය. මෙසේ සත්වැනි පුරුෂයා දක්වා පිරිසිදු කුස් ඇත්තේය. නැතහොත් අක්ඛිත්තො අනුපකුට්ඨො ජාතිවාදෙන යයි දක්වත්. අක්ඛිත්තො යනු මොහු ඉවතට ගනුව. මොහුගෙන් කවර වැඩක්ද යනුවෙන් මෙසේ ඉවත් නොකරන ලද්දේ ආක්රෝශයට හෝ නින්දාවට නොගියවිරූ කවර කරුණකින්දයත්, ජාතිවාදයෙන් මොහු හීනජාතික යෙකියි මෙබඳු වචනයෙන් යන අයයි. ඉමිනාපඞ්ගෙන මේ කරුණෙනුත්,
අඩ්ඪොති ඉස්සරො. මහද්ධනොති මහතා ධනෙන සමන්නාගතො. භොතො හි ගෙහෙ පථවියං පංසුවාලිකා විය බහු ධනං, සමණො පන ගොතමො අධනො භික්ඛාය උදරං පූරෙත්වා යාපෙතීති දස්සෙන්ති. මහාභොගොති පඤ්චකාමගුණවසෙන මහාඋපභොගො. එවං යං යං ගුණං වදන්ති, තස්ස තස්ස පටිපක්ඛවසෙන භගවතො අගුණංයෙව දස්සෙමාති මඤ්ඤමානා වදන්ති.
අඩ්ඪො ප්‍රධාන, මහද්ධනො මහත්වූ ධනයෙන් යුත් ඔබගේ ගෙයි පොළොවෙහි පස්වැලි මෙන් බොහෝ ධනය ඇත. ශ්‍රමණ ගෞතමයෝ නිර්ධනීය. භික්ෂාවෙන් උදරය පුරවා ගෙන යැපෙතියි දක්වත් මහා භොහො පංචකාමගුණ වශයෙන් මහා උපභෝග සම්පත් ඇත්තෝය. මෙසේ යම්යම් ගුණයක් කියත්ද එයට ප්රතිපක්ෂ වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ අගුණම දක්වමුයි හඟිමින් කියත්.
අභිරූපොති අඤ්ඤෙහි මනුස්සෙහි අධිකරූපො. දස්සනීයොති දිවසම්පි පස්සන්තානං අතිත්තිකරණතො දස්සනයොග්ගො, දස්සනෙනෙව චිත්තපසාදජනනතො පාසාදිකො. පොක්ඛරතා වුච්චති සුන්දරභාවො, වණ්ණස්ස පොක්ඛරතා වණ්ණපොක්ඛරතා, තාය වණ්ණපොක්ඛරතාය, වණ්ණසම්පත්තියාති අත්ථො. පොරාණා පන පොක්ඛරන්ති සරීරං වදන්ති, වණ්ණං වණ්ණමෙව. තෙසං මතෙන වණ්ණො ච පොක්ඛරඤ්ච වණ්ණපොක්ඛරානි, තෙසං භාවො වණ්ණපොක්ඛරතා. ඉති පරමාය වණ්ණපොක්ඛරතායාති උත්තමපරිසුද්ධෙන වණ්ණෙන චෙව සරීරසණ්ඨානසම්පත්තියා චාති අත්ථො. බ්රහ්මවණ්ණීති සෙට්ඨවණ්ණී, පරිසුද්ධවණ්ණෙසුපි සෙට්ඨෙන සුවණ්ණවණ්ණෙනෙව සමන්නාගතොති අත්ථො. බ්රහ්මවච්ඡසීති මහාබ්රහ්මුනො සරීරසදිසෙන සරීරෙන සමන්නාගතො. අඛුද්දාවකාසො දස්සනායාති භොතො සරීරෙ දස්සනස්ස ඔකාසො න ඛුද්දකො මහා. සබ්බානෙව තෙ අඞ්ගපච්චඞ්ගානි දස්සනීයානෙව, තානි චාපි මහන්තානෙවාති දීපෙති.
අභිරූපො අන් මිනිසුන්ට වඩා රූමත්. දස්සනීයො දවසක්ම බලන්නවුන්ට අතෘප්තියක් ඇතිකරන හෙයින් දර්ශනයට යෝග්‍ය දර්ශනයෙන් ම පහන් සිත් ඇතිකරන ප්‍රසාද ජනක: පොක්ඛරතා යනු සුන්දර බවයි. වර්ණයෙහි සුන්දර බව වණ්ණ පොක්ඛරතා ඒ වර්ණ සුන්දර භාවයෙන් වර්ණ සම්පත්තියෙන් යන අර්ථයි. පොරාණයෝ පොක්ඛර යනුවෙන් ශරීරය හඳුන්වති. වර්ණය වර්ණය මය. ඔවුන්ගේ මතයට අනුව වර්ණය ද පොක්ඛරද වණ්ණපොක්ඛර ඒවා ඇතිබව වණ්ණපොක්ඛරතා මෙසේ පරමාය වණ්ණ පොක්ඛරතාය යනු උත්තම වූ පරිශුද්ධ වූ වර්ණයෙන් මෙන්ම ශරීර පිහිටීම් සම්පතින් යන අර්ථයි. බ්රහ්මවණ්ණී ශ්‍රේෂ්ඨ වර්ණ ඇති, පරිශුද්ධ වර්ණයන් අතර ද ශ්‍රේෂ්ඨ වූ ස්වර්ණ වර්ණයෙන් යුක්තවූ යන අර්ථයි. බ්රහ්මවච්චසී මහා බ්‍රහ්මයාගේ ශරීරය වැනි ශරීරයෙන් යුත්, අක්ඛුද්දාව කාසො දස්සනාය භවත්හුගේ ශරීරයෙහි දර්ශන අවකාශය සුළු නොවේ මහත්ය. ඔබගේ සියලු අඟපසඟ දර්ශනීයමය. ඒවාද මහත්තැයි දක්වයි.
සීලමස්ස අත්ථීති සීලවා. වුද්ධං වඩ්ඪිතං සීලමස්සාති වුද්ධසීලී. වුද්ධසීලෙනාති වුද්ධෙන වඩ්ඪිතෙන සීලෙන. සමන්නාගතොති යුත්තො, ඉදං වුද්ධසීලීපදස්සෙව වෙවචනං. සබ්බමෙතං පඤ්චසීලමත්තමෙව සන්ධාය වදන්ති.
සීලය මොහුට ඇත්තේහුයි සීලවා වර්ධනය කරන ලද සීලය මොහුට ඇත්තේහුයි වුද්ධසීලි වුද්ධ සීලෙන වෘද්ධවූ වර්ධනය කළාවු ශීලයෙන්, සමන්නාගතො යුක්ත වූ. මෙය වුද්ධසීල පදයටම වෙනත් වචනයකි. මේ සියල්ල පන්සිල් මාත්‍රයම සඳහා කියත්.
කාල්යාණවාචොතිආදීසු කල්යාණා සුන්දරා පරිමණ්ඩලපදබ්යඤ්ජනා වාචා අස්සාති කල්යාණවාචො. කල්‍යාණං මධුරං වාක්කරණං අස්සාති කල්යාණවාක්කරණො. වාක්කරණන්ති උදාහරණඝොසො. ගුණපරිපුණ්ණභාවෙන පුරෙ භවාති පොරී. පුරෙ වා භවත්තා පොරී. නාගරිකිත්ථියා සුඛුමාලත්තනෙන සදිසාතිපි පොරී. තාය පොරියා. විස්සට්ඨායාති අපලිබුද්ධාය, සන්දිට්ඨවිලම්බිතාදිදොසරහිතාය. අනෙලගලායාති එලගලෙන විරහිතාය. එකච්චස්ස හි කථෙන්තස්ස එලං ගලති, ලාලා වා පග්ඝරති, ඛෙළඵුසිතානි වා නික්ඛමන්ති, තස්ස වාචා එලගලා නාම හොති. තබ්බිපරිතායාති අත්ථො. අත්ථස්ස විඤ්ඤාපනියාතිආදිමජ්ඣපරියොසානං පාකටං කත්වා භාසිතත්ථස්ස විඤ්ඤාපනසමත්ථාය. සෙසමෙත්ථ බ්රාහ්මණවණ්ණෙ උත්තානමෙව.
කල්යාණවාචො ආදීතන්හි කල්‍යාණ වූ සුන්දරවූ පරිපුර්ණ පදව්‍යංජන ඇති වචන මොහුට ඇත්තේහුයි කල්යාණවාක්කරණො වාක්කරණ යනු ව්‍යවහාර ඝෝෂාවයි. ගුණ පිරිපුන් බැවින් පෙර වූයේ පොරී නගරයෙහි වූ බැවින්ද පොරී. නාගරික ස්ත්‍රියගේ සුඛුමාලබව මොහු හා සමානනුයි පොරී ඉන් පොරියා විස්සට්ඨාය අබාධිත, සන්දිග්ධ විලම්බිත යන දෝෂ රහිත, අනෙලගළාය කෙළගැලීම් විරහිත සමහරුන් කථා කරන විට කෙළ ගලයි. කෙළ වැගිරෙයි. සෙම ද නික්මෙයි. ඔහුගේ වචන ඵලගළා නම් වේ. එයින් විපරීත වූ යන අර්ථයි. අත්ථස්ස විඤ්ඤපනියා ආදි මධ්‍ය අවාසන ප්‍රකට කොට කියන ලද අර්ථය දැන් වීමෙහි සමත් මෙහි සෙස්ස බ්‍රාහ්මණ වර්ණයෙහි නොගැඹුරුමය.
එවං වුත්තෙති එවං තෙහි බ්රාහ්මණෙහි වුත්තෙ, චඞ්කී, “ඉමෙ බ්රාහ්මණා අත්තනො වණ්ණෙ වුච්චමානෙ අතුස්සනකසත්තො නාම නත්ථි, වණ්ණමස්ස භණිත්වා නිවාරෙස්සාමාති ජාතිආදීහි මම වණ්ණං වදන්ති, න ඛො පන මෙ යුත්තං අත්තනො වණ්ණෙ රජ්ජිතුං. හන්දාහං එතෙසං වාදං භින්දිත්වා සමණස්ස ගොතමස්ස මහන්තභාවං ඤාපෙත්වා එතෙසං තත්ථ ගමනං කරොමී”ති චින්තෙත්වා තෙන හි, භො, මමාපි සුණාථාතිආදිමාහ. තත්ථ යෙපි “උභතො සුජාතො”තිආදයො අත්තනො ගුණෙහි සදිසා ගුණා, තෙපි “කො චාහං, කෙ ච සමණස්ස ගොතමස්ස ජාතිසම්පත්තිආදයො ගුණා”ති අත්තනො ගුණෙහි උත්තරිතරෙයෙව මඤ්ඤමානො, ඉතරෙ පන එකන්තෙනෙව භගවතො මහන්තභාවදීපනත්ථං පකාසෙති.
එවං වුත්තෙ ඒ බමුණන් විසින් මෙසේ කියන ලද කල්හි, චංකි මේ බමුණෝ තමන්ගේ වර්ණය කියන කල්හි කෝප නොවන කෙනෙක් නම් නැත. මොහුගේ මරණය ගැණ වළක්වන්නෙමුයි ජාති ආදියෙන් මාගේ වර්ණය කියති. තමාගේ වර්ණයෙහි ඇලීම මට යුතු නැත. මොවුන් ගේ වාදය බිඳ ශ්‍රමණ ගෞතමයන්ගේ මහත්බව දන්වා මොවුන් එහි යාම සිදුකරමි නම් මැනැවැයි සිතා එසේනම් පින්වත මා කියන්නක් අසන්න ආදිය කීය. එහි යෙපිඋභතො සුජාතො ආදිය තමාගේ ගුණ හා සමාන ගුණ ඒවාද ශ්‍රමණ ගෞතමයන්ගේ ජාතිසම්පත්ති ආදී ගුණයැයිද තමාගේ ගුණයන්ට වඩා උත්තරීතරයයි හඟිමින් අන්‍යයන් ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්ගේ මහත්බව දක්වනු පිණිස ප්‍රකාශ කරයි.
මයමෙව අරහාමාති එවං නියමෙන්තො චෙත්ථ ඉදං දීපෙති – යදි ගුණමහන්තතාය උපසඞ්කමිතබ්බො නාම හොති, යථා සිනෙරුං උපනිධාය සාසපො, මහාසමුද්දං උපනිධාය ගොපදකං, සත්තසු මහාසරෙසු උදකං උපනිධාය උස්සාවබින්දු පරිත්තො ලාමකො, එවමෙවං සමණස්ස ගොතමස්ස ජාතිසම්පත්තිආදයො ගුණෙ උපනිධාය අම්හාකං ගුණා පරිත්තා ලාමකා, තස්මා මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුන්ති.
මයමෙව අරහාම මෙසේ නියම කරන්නේ මෙය දක්වයි. ඉදින් ගුණමහත්බව නිසා එළඹියයුතු නම් වෙයි. යම්සේ මහමෙර සමග සසඳා අබ ඇටයද, මහා සමුද්‍රය සමග සසඳා ගවකුරවළඳා සප්තමහා සාගර ජලය සමග සසඳා පිණිබිඳුවද සුළුය ළාමකය. එසේම ශ්‍රමණ ගෞතමයන්ගේ ජාතිසම්පත්ති ආදිගුණ සමග සසඳා අපගේ ගුණ සුළුය. ළාමකය. ඒනිසා අපිම සුදුසු වෙමු. ඒ භවත්ගෞතමයන් දකිනු පිණිස එළඹෙත්වා,
භූමිගතඤ්ච වෙහාසට්ඨඤ්චාති එත්ථ රාජඞ්ගණෙ චෙව උය්යානෙ ච සුධාමට්ඨා පොක්ඛරණියො සත්තරතනපූරිං කත්වා භූමියං ඨපිතං ධනං භූමිගතං නාම, පාසාදනියූහාදයො පන පූරෙත්වා ඨපිතං වෙහාසට්ඨං නාම. එවං තාව කුලපරියායෙන ආගතං. තථාගතස්ස පන ජාතදිවසෙයෙව සඞ්ඛො එලො උප්පලො පුණ්ඩරීකොති චත්තාරො නිධයො උපගතා. තෙසු සඞ්ඛො ගාවුතිකො, එලො අඩ්ඪයොජනිකො, උප්පලො තිගාවුතිකො පුණ්ඩරීකො යොජනිකොති. තෙසුපි ගහිතගහිතට්ඨානං පූරතියෙව. ඉති භගවා පහූතං හිරඤ්ඤසුවණ්ණං ඔහාය පබ්බජිතොති වෙදිතබ්බො. දහරො වාතිආදීනි හෙට්ඨා විත්ථාරිතානෙව.
භූමිගතඤ්ච වෙහාසට්ඨඤ්ච මෙහි රාජාංගණයෙහිද උද්‍යාන යෙහිද සුණු පිරියම්කළ මණ්ඩප ඇති පොකුණු සත්රුවනින් පුරවා බිම තැබූ ධනය භූමිගත නම් ප්‍රාසාද ව්‍යූහ ආදිය පුරවා තැබූ ධනය වෙහාසගතනමි මෙසේ කුලපරපුරින් ආයේය. තථාගතයන් වහන්සේ උපන් දිනයෙහිම සංඛ ඵල උත්පල පුණ්ඩරීක යන නිධාන සතරක් එළඹ සිටියේය. ඒවා අතර සංඛ නිධානය ගව්වක් විශාලය. ඵල නිධානය අඩ ගව්වකි. උත්පල නිධානය ගම් තුනකි. පුණ්ඩරීක නිධානය යොදුනකි. ඒවායෙහිද ගත්ගත් තැන් පිරේමය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ හිරණ්‍ය සුවර්ණයන් අත්හැර පැවිදිවු සේකැයි දතයුතුයි. දහරොවා ආදිය යට විස්තර කරන ලද්දේමය.
අඛුද්දාවකාසොති එත්ථ භගවති අපරිමාණොයෙව දස්සනාවකාසොති වෙදිතබ්බො. තත්රිදං වත්ථුං – රාජගහෙ කිර අඤ්ඤතරො බ්රාහ්මණො “සමණස්ස කිර ගොතමස්ස පමාණං ගහෙතුං න සක්කා”ති සුත්වා භගවතො පිණ්ඩාය පවිසනකාලෙ සට්ඨිහත්ථං වෙළුං ගහෙත්වා නගරද්වාරස්ස බහි ඨත්වා සම්පත්තෙ භගවති වෙළුං ගහෙත්වා සමීපෙ අට්ඨාසි, වෙළු භගවතො ජාණුමත්තං පාපුණි. පුනදිවසෙ ද්වෙ වෙළූ ඝටෙත්වා සමීපෙ අට්ඨාසි, භගවා ද්වින්නං වෙළූනං උපරි ද්විවෙණුමත්තමෙව පඤ්ඤායමානො, “බ්‍රාහ්මණ, කිං කරොසී”ති ආහ? තුම්හාකං පමාණං ගණ්හාමීති. “බ්‍රාහ්මණ, සචෙපි ත්වං සකලචක්කවාළගබ්භං පූරෙත්වා ඨිතවෙළුං ඝටෙත්වා ආගමිස්සසි, නෙව මෙ පමාණං ගහෙතුං සක්ඛිස්සසි. න හි මයා චත්තාරි අසඞ්ඛ්යෙය්යානි කප්පසතසහස්සඤ්ච තථා පාරමියො පූරිතා, යථා මෙ පරො පමාණං ගණ්හෙය්ය, අතුලො බ්‍රාහ්මණ, තථාගතො අප්පමෙය්යො”ති වත්වා ධම්මපදෙ ගාථමාහ. ගාථාපරියොසානෙ චතුරාසීතිපාණසහස්සානි අමතං පිවිංසු.
අක්ඛුද්දාව කාසො මෙහි භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනාවකාශය අප්‍රමාණයැයි දත යුතුය. මේ මෙහි කථාවයි: රජගහනුවර එක්තරා බමුණෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රමාණයක් ගන්ට නොහැකියැයි අසා භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස පිවිසෙන කල්හි රියන් හැටක් දිග උණගසක් ගෙන නගර දොරට පිටත සිට භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හි උණගස ගෙන සමීපයෙහි සිටියේය. උණගස භාග්‍යවතුන් වහන්සේගේ දණ පමණට පැමිණියේය. දෙවැනි දවසෙහි උණගස් දෙකක් එකට තබා සමීපයෙහි සිටියේය. භාග්‍යවතුන් වහන්සේ උණ ගස් දෙක මුදුනෙහි උණගසක් පමණට පෙනී සිටිමින් බමුණ කුමක් කරහි දැයි ඇසූසේක. ඔබ වහන්සේ ගේ ප්‍රමාණය ගනිමි. ඉදින් ඔබ සියලු සක්වළ ගැබ පුරා ඇති උණගස් ගෙන එකට තබා පැමිණෙන්නේ වුවද, මාගේ ප්‍රමාණය ගන්ට නොහැකි වන්නෙහිය. මා විසින් අසංඛ්‍ය කල්ප හාරලක්ෂයක් පාරමිතා පුරනු ලැබුවේ නොවේද? මාගේ ප්‍රමාණය කෙසේ ගන්නද? බමුණ තථාගතයන් වහන්සේ අතුල්යයි අප්රමේයයි කියා ධම්මපදයෙහි ගාථාවක් කීසේක. ගාථාවගේ කෙළවර අසූහාරදහසක් ප්‍රාණීහු අමෘතය බීවාහුය.
අපරම්පි වත්ථු – රාහු කිර අසුරින්දො චත්තාරි යොජනසහස්සානි අට්ඨ ච යොජනසතානි උච්චො, බාහන්තරමස්ස ද්වාදසයොජනසතානි, හත්ථතලපාදතලානං පුථුලතා තීණි යොජනසතානි, අඞ්ගුලිපබ්බානි පණ්ණාසයොජනානි, භමුකන්තරං පණ්ණාසයොජනං, නලාටං තියොජනසතං, සීසං නවයොජනසතං. සො – “අහං උච්චොස්මි, සත්ථාරං ඔනමිත්වා ඔලොකෙතුං න සක්ඛිස්සාමී”ති න ගච්ඡති. සො එකදිවසං භගවතො වණ්ණං සුත්වා “යථා කථඤ්ච ඔලොකෙස්සාමී”ති ආගතො. භගවා තස්ස අජ්ඣාසයං විදිත්වා “චතූසු ඉරියාපථෙසු කතරෙන දස්සෙමී”ති චින්තෙත්වා “ඨිතකො නාම නීචොපි උච්චො විය පඤ්ඤායති, නිපන්නොවස්ස අත්තානං දස්සෙස්සාමී”ති, “ආනන්ද, ගන්ධකුටිපරිවෙණෙ මඤ්චකං පඤ්ඤාපෙහී”ති වත්වා තත්ථ සීහසෙය්යං කප්පෙසි. රාහු ආගන්ත්වා නිපන්නං භගවන්තං ගීවං උන්නාමෙත්වා නභමජ්ඣෙ පුණ්ණචන්දං විය උල්ලොකෙති. කිමිදං අසුරින්දාති ච වුත්තෙ, භගවා ඔනමිත්වා ඔලොකෙතුං න සක්ඛිස්සාමීති න ගච්ඡින්ති. න මයා අසුරින්ද අධොමුඛෙන පාරමියො පූරිතා, උද්ධග්ගං මෙ කත්වා දානං දින්නන්ති. තංදිවසං රාහු සරණං අගමාසි. එවං භගවා අඛුද්දාවකාසො දස්සනාය.
තවත් කථාවක් ඇත: රාහු අසුරේන්ද්රයා යොදුන් හාරදහස් අටසියයක් උසය. ඔහුගේ බාහු අන්තරය යොදුන් එක් දහස් දෙසියයකි. අතුල් පතුල් වල පළල යොදුන් තුන් සියයකි. ඇඟිලි පුරුක් යොදුන් පනසකි. ඇස්බැමි අතර යොදුන් පනසකි. නළල යොදුන් තුනකි. හිස යොදුන් නවසියයකි. ඒ මම උසවෙමි. නැමී ශාස්තෲන් වහන්සේ බලන්නට නොහැකියයි නොයයි. හේ එක් දවසක් භාග්‍යවතුන් වහන්ගේ ගුණ අසා කෙසේ හෝ බලන්නෙමියි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අදහස දැන ඉරියව් සතරින් කුමකින් දක්වම්දැයි සිතා මිටි පුද්ගලයා සිටගෙන සිටිනවිට උසට පෙනෙයි. වැදහෙවම තමා දක්වන්නෙමියි ආනන්ද ගඳකිළි මිදුලෙහි කුඩා ඇඳක් පනවයි කියා එහි සිංහ සෙය්යාව කළසේක. රාහු පැමිණ වැදහොත් භාග්‍යවතුන් වහන්සේ දෙස ගෙල නගා අහසමැද පූර්ණ චන්ද්‍රයා බලන්නාක් මෙන් බලයි. අසුරේන්ද්රය මේ මොකදැයි කීකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙස නැමී බලන්ට නොහැක්කෙමියි නොපැමිණියෙමි. අසුරේන්ද්රය මා විසින් පාරමිතාවන් පුරනු ලැබුවේ යටබැලු මුහුණින් නොවේ. දානය දුන්නේ උඩට අග් ඇතිවයි. එදවස රාහු සරණගියේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සුළු අවකාශයක් ඇත්තේ නොවේ,
චතුපාරිසුද්ධිසීලෙන සීලවා. තං පන සීලං අරියං උත්තමං පරිසුද්ධං, තෙනාහ අරියසීලීති. තදෙව අනවජ්ජට්ඨෙන කුසලං, තෙනාහ කුසලසීලීති. කුසලෙන සීලෙනාති ඉදමස්ස වෙවචනං. බහූනං ආචරියපාචරියොති භගවතො එකෙකාය ධම්මදෙසනාය චතුරාසීතිපාණසහස්සානි අපරිමාණාපි දෙවමනුස්සා මග්ගඵලාමතං පිවන්ති. තස්මා බහූනං ආචරියො, සාවකවිනෙය්යානං පාචරියොති.
චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත්ය. ඒ ශීලය වනාහි ආර්යය. උත්තරය පරිශුද්ධය එහෙයින් අරියසීලි ආදිය කීහ. මෙය නිවැරදි අර්ථයෙන් කුසලයි. එහෙයින් කුසලසීලි යයි කීහ. කුසලෙන සීලෙන යනුත් මෙයට වෙනත් වචනයකි. බහුන්නං ආචරිය පාචරියො භාග්‍යවතුන් වහන්සේගේ එක් එක් ධර්ම දේශනාවෙන් අසූහතර දහසක් ප්‍රාණීහුද, අප්‍රමාණ වූ දෙවිමිනිස්සුද මාර්ගඵල නමැති අමෘතය පානය කරති. ඒ නිසා බොහෝ දෙනකුට ආචාර්ය වෙති. හික්මවියයුතු ශ්‍රාවකයන්ට ප්රාචාර්ය වෙති.
ඛීණකාමරාගොති එත්ථ කාමං භගවතො සබ්බෙපි කිලෙසා ඛීණා, බ්රාහ්මණො පන තෙ න ජානාති, අත්තනො ජානනට්ඨානෙයෙව ගුණං කථෙති. විගතචාපල්ලොති “පත්තමණ්ඩනා චීවරමණ්ඩනා සෙනාසනමණ්ඩනා ඉමස්ස වා පූතිකායස්ස…පෙ… කෙලනා පටිකෙලනා”ති එවං වුත්තචාපල්යවිරහිතො.
ඛීණ කාම රාගො මෙහි භාග්‍යවතුන් වහන්සේගේ සියලු කෙලෙස් ක්ෂය වී ඇත. බමුණා ඒබව නොදනී. තමා දන්නා තැනදී පමණක් ගුණ කියයි. විගතචාපල්ලො පාත්‍රය හැඩගැන්වීම් සිවුර හැඩගැන්වීම් සෙනසුන් හැඩ ගැන්වීම් මේ කුණුකයට ආශා කිරිම නැවත ආශා කිරිමයි කියන ලද චපල බව නැති
අපාපපුරෙක්ඛාරොති අපාපෙ නවලොකුත්තරධම්මෙ පුරතො කත්වා විචරති. බ්රහ්මඤ්ඤාය පජායාති සාරිපුත්තමොග්ගල්ලානමහාකස්සපාදිභෙදාය බ්රාහ්මණපජාය. (අවිරුද්ධො හි සො) එතිස්සාය පජාය පුරෙක්ඛාරො. අයඤ්හි පජා සමණං ගොතමං පුරතො කත්වා චරතීති අත්ථො. අපිච අපාපපුරෙක්ඛාරොති න පාපුපුරෙක්ඛාරො, න පාපං පුරතො කත්වා චරති, පාපං න ඉච්ඡතීති අත්ථො. කස්ස? බ්රහ්මඤ්ඤාය පජාය අත්තනා සද්ධිං පටිවිරුද්ධායපි බ්රාහ්මණපජාය අවිරුද්ධො හිතසුඛත්ථිකොයෙවාති වුත්තං හොති.
අපාප පුරෙක්ඛාරො පාපයන් නොවන නව ලෝකෝත්තර ධර්මයන් පෙරටු කොට හැසිරේ. බ්රහ්මඤ්ඤය පජාය සැරියුත් මුගලන් මහකසුප් ආදී වශයෙන් බෙදුණු බ්‍රාහ්මණ ප්‍රජාවෙහි මේ පූජාවෙහි පිළිගැනීම. මේ ප්‍රජාව ශ්‍රමණ ගෞතමයන් පෙරටු කොට හැසිරේ යන අර්ථයි. එසේවුවත් පව්නොවන දේ පිළිගැනීම පාපය පෙරටු කොට හැසිරීම නොවේ. පාපය කැමති නොවේ යන අර්ථයි. ඔහුට බ්‍රහ්මයාගෙන් උපන් ප්‍රතිවිරුද්ධ බ්‍රාහ්මණ ප්‍රජාවට විරුද්ධ නොවී හිතසුව අපේක්ෂා කරන්නේමයැයි කියන ලද්දේවෙයි.
තිරොරට්ඨාති පරරට්ඨතො. තිරොජනපදාති පරජනපදතො. සංපුච්ඡිතුං ආගච්ඡන්තීති ඛත්තියපණ්ඩිතාදයො චෙව බ්රාහ්මණගන්ධබ්බාදයො ච පඤ්හෙ අභිසඞ්ඛරිත්වා පුච්ඡිස්සාමාති ආගච්ඡන්ති. තත්ථ කෙචි පුච්ඡාය වා දොසං විස්සජ්ජනසම්පටිච්ඡනෙ වා අසමත්ථතං සල්ලක්ඛෙත්වා අපුච්ඡිත්වාව තුණ්හී නිසීදන්ති, කෙචි පුච්ඡන්ති, කෙසඤ්චි භගවා පුච්ඡාය උස්සාහං ජනෙත්වා විස්සජ්ජෙති. එවං සබ්බෙසම්පි තෙසං විමතියො තීරං පත්වා මහාසමුද්දස්ස ඌමියො විය භගවන්තං පත්වාව භිජ්ජන්ති. සෙසමෙත්ථ තථාගතස්ස වණ්ණෙ උත්තානමෙව.
තිරොරට්ඨා වෙනත් රටකින්, තිරො ජනපදා වෙනත් ජනපදවලින් සම්පුච්ඡිතුං ආගච්ඡන්ති ක්ෂත්රිය පණ්ඩිත ආදීහුද බ්‍රහ්ම නාග ගන්ධර්ව ආදීහුද ප්‍රශ්න රැස්කොට ගෙන අසන්නෙමුයි පැමිණෙති. එහි කිසිවෙක් ඇසීමෙහි දෝෂයක් හෝ විසර්ජන සම්පටිච්ඡනයෙහි අසමත්බව සලකා නොඅසා නිශ්ශබ්දව හිඳගනිත්. සමහරෙක් අසති. සමහරුන්ට භාග්‍යවතුන් වහන්සේම ඇසීමට උත්සාහ උපදවා විසඳනසේක. මෙසේ ඒ සැමදෙනගේම විමතීහුතෙ රට පැමිණ මහාසමුද්‍රයට පැමිණෙන රළ මෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ බිඳෙති. මෙහි තථාගතයන් වහන්සේගේ සෙසු ගුණ නොගැඹුරු මය.
අතිථී නො තෙ හොන්තීති තෙ අම්හාකං ආගන්තුකා නවකා පාහුනකා හොන්තීති අත්ථො. පරියාපුණාමීති ජානාමි. අපරිමාණවණ්ණොති තථාරූපෙනෙව සබ්බඤ්ඤුනාපි අප්පමෙය්යවණ්ණො, පගෙව මාදිසෙනාති දස්සෙති. වුත්තම්පි චෙතං –
අතිථිනො හොන්ති ඔවුහු අපගේ ආගන්තුකයෝ නවකයෝ ආහාරදියයුතෝ වෙති. යන අර්ථයි. පරියාපුණාමි දනිමි. අප්‍රමාණ ගුණ ඇත්තේයයි එබඳුම සර්වඥ කෙනකු විසින් අප්‍රමාණ ගුණ ඇත්තේයයි අපවැන්නවුන් ගැන කියනුම කවරේදැයි දක්වයි කියන ලද්දේ මය.
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං, කප්පම්පි චෙ අඤ්ඤමභාසමානො; ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ, වණ්ණො න ඛීයෙථ තථාගතස්සා”ති.
බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤම හාසමානො බීයෙථ කප්පො චිර දීස මන්තරෙ වණ්ණො නබීයෙථ තථාගතස්ස
අන් දෙයක් නොකියාම කල්පයක්වුව බුදුකෙනෙක් බුදුකෙනෙකුගේ ගුණවණත් නම් දිගුකලක් ගියතැන කල්පය ගෙවී ගිය ද බුදුන්ගේ ගුණ නොගෙවේ.
ඉමං පන ගුණකථං සුත්වා තෙ බ්රාහ්මණා චින්තයිංසු “යථා, චඞ්කී, සමණස්ස ගොතමස්ස වණ්ණං භාසති, අනොමගුණො සො භවං ගොතමො, එවං තස්ස ගුණෙ ජානමානෙන ඛො පන ඉමිනා අතිචිරං අධිවාසිතං, හන්ද නං අනුවත්තාමා”ති අනුවත්තමානා “තෙන හි, භො”තිආදිමාහංසු.
මේ ගුණ කථාව අසා ඒ බමුණෝ මෙසේ සිතූහ. යම්සේ චංකී බ්‍රාහ්මණයා භවත්ගෞතමයෝ උතුම් ගුණ ඇත්තෝයයි ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ කියයි. මෙසේ උන්වහන්සේගේ ගුණ දන්නා මොහු විසින් බොහෝ කලක් ඉවසන ලදී. ඔහු අනුව පවතින්නෙමුයි අනුව පවතිමින් තෙනහි හොති ආදිය කීහ.
ඔපාතෙතීති පවෙසෙති. සංපුරෙක්ඛරොන්තීති පුත්තමත්තනත්තමත්තම්පි සමානං පුරතො කත්වා විචරන්ති.
ඔපාතෙති ප්‍රවේශ කරවයි. සමපුරෙක්ඛරොන්ති දරුමුණුබුරන් සේ පෙරටු කොට ගෙන හැසිරෙත්
මන්තපදන්ති මන්තායෙව මන්තපදං, වෙදොති අත්ථො. ඉතිහිතිහ පරම්පරායාති එවං කිර එවං කිරාති පරම්පරභාවෙන ආගතන්ති දීපෙති. පිටකසම්පදායාති පාවචනසඞ්ඛාතසම්පත්තියා. සාවිත්තිආදීහි ඡන්දබන්ධෙහි ච වග්ගබන්ධෙහි ච සම්පාදෙත්වා ආගතන්ති දස්සෙති. තත්ථ චාති තස්මිං මන්තපදෙ. පවත්තාරොති පවත්තයිතාරො. යෙසන්ති යෙසං සන්තකං. මන්තපදන්ති වෙදසඞ්ඛාතං මන්තමෙව. ගීතන්ති අට්ඨකාදීහි දසහි පොරාණකබ්රාහ්මණෙහි පදසම්පත්තිවසෙන සජ්ඣායිතං. පවුත්තන්ති අඤ්ඤෙසං වුත්තං, වාචිතන්ති අත්ථො. සමිහිතන්ති සමුපබ්යූළ්හං රාසිකතං, පිණ්ඩං කත්වා ඨපිතන්ති අත්ථො. තදනුගායන්තීති එතරහි බ්රාහ්මණා තං තෙහි පුබ්බෙ ගීතං අනුගායන්ති අනුසජ්ඣායන්ති වාදෙන්ති. තදනුභාසන්තීති තං අනුභාසන්ති, ඉදං පුරිමස්සෙව වෙවචනං. භාසිතමනුභාසන්තීති තෙහි භාසිතං සජ්ඣායිතං අනුසජ්ඣායන්ති. වාචිතමනුවාචෙන්තීති තෙහි අඤ්ඤෙසං වාචිතං අනුවාචෙන්ති. සෙය්යථිදන්ති තෙ කතමෙති අත්ථො. අට්ඨකොතිආදීනි තෙසං නාමානි, තෙ කිර දිබ්බෙන චක්ඛුනා ඔලොකෙත්වා පරූපඝාතං අකත්වා කස්සපසම්මාසම්බුද්ධස්ස භගවතො පාවචනෙන සහ සංසන්දෙත්වා මන්තෙ ගන්ථෙසුං, අපරාපරෙ පන බ්රාහ්මණා පාණාතිපාතාදීනි පක්ඛිපිත්වා තයො වෙදෙ භින්දිත්වා බුද්ධවචනෙන සද්ධිං විරුද්ධෙ අකංසු.
මත්තපදං මන්ඉම මන්ත්රපදනමි. වේදය යන අර්ථයි. ඉතිහිතිහ පරම්පරාය මෙසේය මෙසේයයි පරපුරින් පරපුරට ආවේයයි දක්වයි. පිටක සම්ප්රදාය වචන බන්ධන සම්පත්තියෙන්. සාවිත්‍රී ආදී ඡන්දසින් බැඳුණු වර්ග බන්ධවලින් සම්පාදනය කොට ආවේයයි දක්වයි. තත්ථච ඒ මන්ත්රපදයෙහි, පවත්තාරො පවත්වන්නෝ, යෙසං යමකු සතු, මන්තපදං වේදසංඛ්යාත මන්ත්රපදයම ගීතං අෂ්ටක ආදී පැරණි බමුණන් විසින් ස්වර සම්පත්ති වශයෙන් සජ්ඣායනය කරන ලද. පවුත්තං අන්‍යයන්ට කියන ලද කියවන ලද යන අර්ථයි. සමීහිතං එකට එකතුකළ රැස්කරනලද, පිඬුකොට තබන ලද යන අර්ථයි. තදනුගායන්ති දැන් බමුණෝ එය ඒ සියල්ලන් විසින් ගැයුදෙය ඒ අනුව ගායනා කරති. අනුව සජ්ඣායනය කරති. තදනුභාසන්ති එය ඒ අනුව කියති. මෙය පෙර කියුදෙයට වෙනත් වචනයකි. භාසිතමනුහාසන්ති ඔවුන් විසින් අන්‍යයන්ට කියවු දෙය ඒ අනුව කියවති. සෙය්යථිදං ඒ මොනවාද යන අර්ථයි. අට්ටකො ආදිය ඔවුන්ගේ නම්ය. ඔවුහු දිවැසින් බලා අනුන් නොනසා කාශ්‍යප සම්බුදු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සමග සන්සන්දනය කොට මන්ත්‍ර ගෙතූහ. තවතවත් බමුණෝ පාණාතිපාත ආදිය ප්‍රතික්ෂේප කොට ත්‍රිවේද බිඳ බුද්ධවචනයට විරුද්ධ කළහ.
අන්ධවෙණීති අන්ධපවෙණී. එකෙන හි චක්ඛුමතා ගහිතයට්ඨියා කොටිං එකො අන්ධො ගණ්හාති, තං අන්ධං අඤ්ඤො, තං අඤ්ඤොති එවං පණ්ණාස සට්ඨි අන්ධා පටිපාටියා ඝටිතා අන්ධවෙණීති වුච්චති. පරම්පරාසංසත්තාති අඤ්ඤමඤ්ඤං ලග්ගා, යට්ඨිග්ගාහකෙනපි චක්ඛුමතා විරහිතාති අත්ථො.
අන්ධවෙණි අන්ධ ප්‍රවේණිය, ඇස ඇති එකකු විසින් ගන්නා ලද යෂ්ටියෙහි කොන එක් අන්ධයෙක් ගනී. ඒ අන්ධයා අන්‍යයෙක්ද ඒ අන්ධයා අන්‍යයෙක්ද වශයෙන් මෙසේ පනහක් හැටක් අන්ධයෝ පිළිවෙළින් ගළපන ලද්දාහු අන්ධවේණී යයි කියනු ලබත්. පරම්පරා සංසත්තා ඔවුනොවුන් ලැගුණු යෂ්ටිය අල්ලා ගන්නා ඇස් ඇත්තා විසින් වාසය කරවන ලද යන අර්ථයි.
එකො කිර ධුත්තො අන්ධගණං දිස්වා “අසුකස්මිං නාම ගාමෙ ඛජ්ජභොජ්ජං සුලභ”න්ති උස්සාහෙත්වා තෙහි “තත්ථ නො සාමි නෙහි, ඉදං නාම තෙ දෙමා”ති වුත්තෙ ලඤ්ජං ගහෙත්වා අන්තරාමග්ගෙ මග්ගා ඔක්කම්ම මහන්තං ගච්ඡං අනුපරිගන්ත්වා පුරිමස්ස හත්ථෙන පච්ඡිමස්ස කච්ඡං ගණ්හාපෙත්වා “කිඤ්චි කම්මං අත්ථි, ගච්ඡථ තාව තුම්හෙ”ති වත්වා පලායි. තෙ දිවසම්පි ගන්ත්වා මග්ගං අවින්දමානා “කහං, භො, චක්ඛුමා කහං මග්ගො”ති පරිදෙවිත්වා මග්ගං අවින්දමානා තත්ථෙව මරිංසු. තෙ සන්ධාය වුත්තං “පරම්පරාසංසත්තා”ති. පුරිමොපීති පුරිමෙසු දසසු බ්රාහ්මණෙසු එකොපි. මජ්ඣිමොපීති මජ්ඣෙ ආචරියපාචරියෙසු එකොපි. පච්ඡිමොපීති ඉදානි බ්රාහ්මණෙසු එකොපි.
එක් ධූර්තයෙක් අන්ධ ගණයා දැක අසුවල් ගමෙහි කෑම බීම සුලභයය උනන්දුකරවා ඔවුන් විසින් ස්වාමීනි අප එහි ගෙනයන්න. ඔබලාට මෙය දෙමියි කීකල්හි අල්ලස්ගෙන අතරමැදි මගින් පිටපැන මහත්වූ පඳුරක් වට කොට ඉදිරියෙන් සිටි එකාගේ අතින් පසුව සිටි එකාගේ කිහිල්ල ගන්වා, මට කටයුත්තක් ඇත තොපි යවුයයි කියා පළා ගියේය. ඔවුහු දවසම ගොස් මාර්ගය නොදන්නාහු කෝ මාර්ගය කෝ මාර්ගයැයි හඬා වැළප මාර්ගය නොලැබ එහිම මියගියහ. ඔවුන් සඳහා පරම්පරා සංසත්තා යි කියන ලදී. පුරිමොපි පෙර බමුණන් දසදෙනාගෙන් එකෙක්වත් මජ්ඣිමොපි මැද ආචාර්ය ප්රාචාර්යයන් ගෙන් එකෙක්වත්. පච්ජිමොපි දැන් බමුණන් ගෙන් එකෙක් වත්
පඤ්ච ඛොති පාළිආගතෙසු ද්වීසු අඤ්ඤෙපි එවරූපෙ තයො පක්ඛිපිත්වා වදති. ද්වෙධාවිපාකාති භූතවිපාකා වා අභූතවිපාකා වා. නාලමෙත්ථාති, භාරද්වාජ, සච්චං අනුරක්ඛිස්සාමීති පටිපන්නෙන විඤ්ඤුනා “යං මයා ගහිතං, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ”න්ති එත්ථ එකංසෙනෙව නිට්ඨං ගන්තුං නාලං න යුත්තන්ති උපරි පුච්ඡාය මග්ගං විවරිත්වා ඨපෙසි.
පඤ්චඛො පාළියෙහි ආ දෙදෙනාගෙන් මෙබඳු අනෙක් තිදෙනෙක් ප්‍රතික්ෂේප කොට කියයි. ද්විධාවිපාකා සිදුවු විපාක සහ නොසිදුවූ විපාක නලමෙත්ථ භාරද්වාජ, සත්‍යය ආරක්ෂා කරන්නෙමියි පිළිපන්නාවු නුවණැත්තහු විසින් යමක් මාවිසින් ගන්නා ලදද මෙයම සත්යයැයිද අනික හිස්යැයි ද මෙසේ එක් අංශයකින් නිෂ්ඨාවට යාම සුදුසු නොවේ යැයි තවත් විමසීමෙන් මාර්ගය විවර කර තැබීය.
ඉධ, භාරද්වාජ, භික්ඛූති ජීවකසුත්තෙ (ම· නි· 2.51 ආදයො) විය මහාවච්ඡසුත්තෙ (ම· නි· 2.193 ආදයො) විය ච අත්තානඤ්ඤෙව සන්ධාය වදති. ලොභනීයෙසු ධම්මෙසූති ලොභධම්මෙසු. සෙසපදද්වයෙපි එසෙව නයො.
භාරද්වාජ මෙහි භික්ෂුහු ජීවක සූත්‍රයෙහි මෙන්ද මහාවච්ඡ සූත්‍රයෙහි මෙන්ද තමන්ම සඳහා කියයි. ලෝභනීයෙසු ධම්මේසු ලෝභ ස්වභාවයන්හි, සෙසු පදදෙකෙහිද මෙම ක්‍රමය මැයි.
සද්ධං නිවෙසෙතීති ඔකප්පනියසද්ධං නිවෙසෙති. උපසඞ්කමතීති උපගච්ඡති. පයිරුපාසතීති සන්තිකෙ නිසීදති. සොතන්ති පසාදසොතං ඔදහති. ධම්මන්ති දෙසනාධම්මං සුණාති. ධාරෙතීති පගුණං කත්වා ධාරෙති. උපපරික්ඛතීති අත්ථතො ච කාරණතො ච වීමංසති. නිජ්ඣානං ඛමන්තීති ඔලොකනං ඛමන්ති, ඉධ සීලං කථිතං, ඉධ සමාධීති එවං උපට්ඨහන්තීති අත්ථො. ඡන්දොති කත්තුකම්‍යතා ඡන්දො. උස්සහතීති වායමති. තුලෙතීති අනිච්චාදිවසෙන තීරෙති. පදහතීති මග්ගපධානං පදහති. කායෙන චෙව පරමසච්චන්ති සහජාතනාමකායෙන ච නිබ්බානං සච්ඡිකරොති, පඤ්ඤාය ච කිලෙසෙ නිබ්බිජ්ඣිත්වා තදෙව විභූතං පාකටං කරොන්තො පස්සති.
සද්ධං නිවෙසෙති ඕකප්පනිය ශ්‍රද්ධාව වඩවාගනි. උපසඞ්කමති ළගට යයි. පයිරුපාසති අසලහිඳී සොතං සොතප්පසාදය යොමු කරයි. ධම්මං දේශනා ධර්මය අසයි. ධාරෙති ප්‍රගුණ කොට දරයි. උපපරික්ඛති අර්ථවශයෙන්ද කාරණ වශයෙන්ද විමසයි. නිජ්ඣානං ඛමන්ති බැලීම ඉවසත්. මෙහි ශීලය කියන ලද්දේය මෙහි සමාධිය කියන ලද්දේයැයි අවබෝධකරගනිත් යන අර්ථයි. ඡන්දො - කත්තුකම්යතාව - කිරීමේ ආසාව උස්සහති වෑයම් කරයි. තුලෙති අනිත්‍යාදි වශයෙන් තීරණය කරයි. පදහති මාර්ග ප්‍රධානය අරඹයි. කායෙනචෙව පරම සච්චං සමග උපන් නාමකායෙන් ම නිවන සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් කෙලෙස් බිඳහැර එම සත්‍යයම ප්රකටව දකී.
සච්චානුබොධොති මග්ගානුබොධො. සච්චානුප්පත්තීති ඵලසච්ඡිකිරියා. තෙසංයෙවාති හෙට්ඨා වුත්තානං ද්වාදසන්නං, එවං දීඝං මග්ගවාදං අනුලොමෙති, තස්මා නායමත්ථො. අයං පනෙත්ථ අත්ථො – තෙසංයෙවාති තෙසං මග්ගසම්පයුත්තධම්මානං. පධානන්ති මග්ගපධානං. තඤ්හි ඵලසච්ඡිකිරියසඞ්ඛාතාය සච්චානුප්පත්තියා බහුකාරං, මග්ගෙ අසති ඵලාභාවතොති. ඉමිනා නයෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සච්චානුබොධො මාර්ග අවබෝධය. සච්චානුපත්තී ඵල සාක්ෂාත් කිරීම. තෙසඤ්ඤෙව යට කිවූ දොළොස් දීර්ඝමාර්ග වාද අනුවයයි. ඒනිසා මෙය අර්ථය නොවේ. මේ මෙහි අර්ථයයි. තෙසඤ්ඤෙව යනු මාර්ග සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ, ප්රධානං මාර්ග ප්‍රධානය. එය ඵල සාක්ෂාත් කිරීම් සංඛ්‍යාත සත්යානුපත්තියෙහි උපකාරකයකි. මාර්ගය නැතිකල ඵලයක්ද නැති බැවිනි. මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ථය දතයුතුය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චඞ්කීසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වැනි චංකී සූත්‍රයයි.