යෙදුමෙන් කියවන්න

එසුකාරීසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

එසුකාරීසුත‍්තවණ‍්ණනා

ඒසුකාරී සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති එසුකාරීසුත‍්තං. තත්‍ථ බිලං ඔලග‍්ගෙය්‍යුන‍්ති කොට‍්ඨාසං ලග‍්ගාපෙය්‍යුං, ඉමිනා සත්‍ථධම‍්මං නාම දස‍්සෙති. සත්‍ථවාහො කිර මහාකන‍්තාරපටිපන‍්නො අන‍්තරාමග‍්ගෙ ගොණෙ මතෙ මංසං ගහෙත්‍වා සබ‍්බෙසං සත්‍ථිකානං “ඉදං ඛාදිත්‍වා එත‍්තකං මූලං දාතබ‍්බ”න‍්ති කොට‍්ඨාසං ඔලග‍්ගෙති, ගොණමංසං නාම ඛාදන‍්තාපි අත්‍ථි අඛාදන‍්තාපි, මූලං දාතුං සක‍්කොන‍්තාපි අසක‍්කොන‍්තාපි. සත්‍ථවාහො යෙන මූලෙන ගොණො ගහිතො, තස‍්ස නික‍්ඛමනත්‍ථං සබ‍්බෙසං බලක‍්කාරෙන කොට‍්ඨාසං දත්‍වා මූලං ගණ‍්හාති, අයං සත්‍ථධම‍්මො. එවමෙවං බ්‍රාහ‍්මණාපි ලොකස‍්ස පටිඤ‍්ඤං අග‍්ගහෙත්‍වා අත‍්තනොව ධම‍්මතාය චතස‍්සො පාරිචරියා පඤ‍්ඤපෙන‍්තීති දස‍්සෙතුං එවමෙව ඛොතිආදිමාහ. පාපියො අස‍්සාති පාපං අස‍්ස. සෙය්‍යො අස‍්සාති හිතං අස‍්ස. අථ වා පාපියොති පාපකො ලාමකො අත‍්තභාවො අස‍්ස. සෙය්‍යොති සෙට‍්ඨො උත‍්තමො. සෙය්‍යංසොති සෙය්‍යො. උච‍්චාකුලීනතාති උච‍්චාකුලීනත‍්තෙන සෙය්‍යො. පාපියංසොති පාපියො. උච‍්චාකුලීනතා ච ද‍්වීසු කුලෙසු වඩ‍්ඪෙති ඛත‍්තියකුලෙ බ්‍රාහ‍්මණකුලෙ ච, උළාරවණ‍්ණතා තීසු. වෙස‍්සොපි හි උළාරවණ‍්ණො හොති. උළාරභොගතා චතූසුපි. සුද‍්දොපි හි අන‍්තමසො චණ‍්ඩාලොපි උළාරභොගො හොතියෙව.

එවම්මෙසුතං යනු එසුකාරි සුත්‍රයයි. එහි බිලංඛලෙග්ගෙය්‍ය කොටසක් තබා ගන්වත්. මෙයින් ගැල් ධර්මය පෙන්වයි. සාත්තුනායකයා මහා කාන්තාරයට පිළිපන්නේ අතර මඟ ගොනු මළකල්හි මස් ගෙන සියලු සාත්තු වාහකයන්ට මෙය කා මෙපමණ මුදල් දියයුතුයයි කොටසක් තබාගනී. ගවමස් කන්නෝ ද ඇත. නොකන්නෝද ඇත. මුදල්ගෙවීමට හැක්කෝද වෙති. නොහැක්කෝද වෙති. සත්තුනායකයා යම් මිලකින් ගොනා මිලට ගන්නා ලද්දේද එය පියවන තුරු සියලු දෙනාට බලාත්කාරයෙන් කොටසක් දී මුදල් ගනී. මෙය ගැල් ධර්මයනම් මේ අයුරින්ම බමුණෝද ලෝකයාගේ ප්‍රතිඥාව නොගෙන තමාගේම ස්වභාවයෙන් හැසිරිම් ක්‍රම සතරක් පනවත් යැයි දක්වන්ට එවමෙවඛො ආදිය කීය. පාපියො අස්ස පවක් වෙයි. සෙය්‍යො අස්ස යහපතක් වෙයි. නැතහොත් පාපියො යනු පව්කරන්නා, ළාමක ආත්මභාවයක් වෙයි. සෙය්‍යො ශ්‍රේෂ්ඨ උත්තම, සෙය්‍යං සො යහපත, උච්චාකුලිනතා උසස් කුල අති බැවින් යහපත්, පාපියංසො පාපී. උසස් කුල ඇති බැවින් ද ක්ෂත්‍රිය කුලය හා බ්‍රාහ්මණ කුලය යන කුලදෙක්හි වැඩෙයි. උදාර ගුණ ඇති බැවින් කුල තුනක වැඩෙයි. වෛශ්‍යයාද උදාරගුණ ඇත්තෙක් වේ. මහත් භෝග සම්පත් ඇති හෙයින් කුලසතරෙහිද ශුද්‍රයාද අඩුවශයෙන් චණ්ඩාලයාද මහා භෝග ඇත්තෙක් වේමය.

භික‍්ඛාචරියන‍්ති කොටිධනෙනපි හි බ්‍රාහ‍්මණෙන භික‍්ඛා චරිතබ‍්බාව, පොරාණකබ්‍රාහ‍්මණා අසීතිකොටිධනාපි එකවෙලං භික‍්ඛං චරන‍්ති. කස‍්මා? දුග‍්ගතකාලෙ චරන‍්තානං ඉදානි භික‍්ඛං චරිතුං ආරද‍්ධාති ගරහා න භවිස‍්සතීති. අතිමඤ‍්ඤමානොති යො භික‍්ඛාචරියවංසං හරිත්‍වා සත‍්තජීවකසිකම‍්මවණිජ‍්ජාදීහි ජීවිකං කප‍්පෙති, අයං අතිමඤ‍්ඤති නාම. ගොපො වාති යථා ගොපකො අත‍්තනා රක‍්ඛිතබ‍්බං භණ‍්ඩං ථෙනෙන‍්තො අකිච‍්චකාරී හොති, එවන‍්ති අත්‍ථො. ඉමිනා නයෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො. අසිතබ්‍යාභඞ‍්ගින‍්ති තිණලායනඅසිතඤ‍්චෙව කාජඤ‍්ච. අනුස‍්සරතොති යත්‍ථ ජාතො, තස‍්මිං පොරාණෙ මාතාපෙත‍්තිකෙ කුලවංසෙ අනුස‍්සරියමානෙති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

භික්‍ඛා චරියං කෝටියක් ධනය ඇති බ්‍රාහ්මණයා භික්ෂාවෙහි හැසිරිය යුතුය. පැරණි බමුණෝ අසුකෙළක් ධනය ඇත්තෝ වුවද එක් වේලක් භික්ෂාවෙහි හැසිරෙත් කුමක් හෙයින්ද දුප්පත් කල්හි හැසිරෙන්නවුන්ට දැන් හික්ෂාවෙහි හැසිරෙන්ට ආරම්භ කළහයි ගර්හාවක් නොවන්නේය. අතිමඤ්ඤමානො යමෙක් භික්ෂාචාර වංශය හැරදමා ආයුධවිකුණා ජීවත්වන කර්මයෙන් හා වෙළඳාම ආදී කර්මයන්ගෙන් ජීවිකාව කරයිද මෙය අතිමඤ්ඤති නම් වේ. ගොපොවා යම්සේ ආරක්ෂකයා තමාවිසින් රකින ලද භාණ්ඩ සොරකම් කරන්නේ නොකට යුත්තක් කරන්නෙක් වේද එසේ යන අර්ථයි මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්ථය දතයුතුය. අසිත ව්‍යාහඞ්ගී තණකොළ කපන දෑකැත්තද කදද. අනුස්සරතො යම් තැනෙක උපන්නෙක් එහි පුරාණයෙහි මව්පියකුලවංශයන් සිහිකරන කල්හි යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය එසුකාරීසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සවැනි එසුකාරී සුත්‍රයයි

ධනඤ‍්ජානිසුත‍්තවණ‍්ණනා

ධනඤ්ජානි සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ධනඤ‍්ජානිසුත‍්තං. තත්‍ථ දක‍්ඛිණාගිරිස‍්මින‍්ති ගිරීති පබ‍්බතො, රාජගහං පරික‍්ඛිපිත්‍වා ඨිතපබ‍්බතස‍්ස දක‍්ඛිණදිසාභාගෙ ජනපදස‍්සෙතං නාමං. තණ‍්ඩුලපාලිද‍්වාරායාති රාජගහස‍්ස කිර ද‍්වත‍්තිංසමහාද‍්වාරානි චතුසට‍්ඨිඛුද‍්දකද‍්වාරානි, තෙසු එකං තණ‍්ඩුලපාලිද‍්වාරං නාම, තං සන්‍ධායෙවමාහ. රාජානං නිස‍්සායාති “ගච‍්ඡ මනුස‍්සෙ අපීළෙත්‍වා සස‍්සභාගං ගණ‍්හාහී”ති රඤ‍්ඤා පෙසිතො ගන‍්ත්‍වා සබ‍්බමෙව සස‍්සං ගණ‍්හාති, “මා නො, භන‍්තෙ, නාසෙහී”ති ච වුත‍්තෙ – “රාජකුලෙ වුත‍්තං මන්‍දං, අහං රඤ‍්ඤා ආගමනකාලෙයෙව එවං ආණත‍්තො, මා කන්‍දිත්‍ථා”ති එවං රාජානං නිස‍්සාය බ්‍රාහ‍්මණගහපතිකෙ විලුම‍්පති. ධඤ‍්ඤං යෙභුය්‍යෙන අත‍්තනො ඝරං පවෙසෙත්‍වා අප‍්පකං රාජකුලෙ පවෙසෙති. කිං බ්‍රාහ‍්මණගහපතිකානං න පීළං අකාසීති ච වුත‍්තො – “ආම, මහාරාජ, ඉමස‍්මිං වාරෙ ඛෙත‍්තානි මන්‍දසස‍්සානි අහෙසුං, තස‍්මා අපීළෙන‍්තස‍්ස මෙ ගණ‍්හතො න බහුං ජාත”න‍්ති එවං බ්‍රාහ‍්මණගහපතිකෙ නිස‍්සාය රාජානං විලුම‍්පති.

එවම්මෙසුතං යනු ධානඤ්ජානි සුත්‍රයයි. එහි දක්ඛිණාහිරිස්මිං යනු ගිරී යනු පර්වතයයි. රජගහනුවර වටකොට සිටි පර්වතයෙහි දකුණු දිග්භාගයෙහි ඇති ජනපදයෙහි මේ නමයි. තණ්ඩුලපාලද්වාරායං රජගහනුවර මහදොර තිස් දෙකක්ද, කුඩා දොර හැටහතරක්ද විය. ඉන් එකක් තණ්ඩුලපල්ලදොර නමි ඒ සඳහා මෙය කියන ලදී. රාජානං නිස්සාය යව, මිනිසුන් නොපෙළා දහසින් කොටස ගනුවයි රජුවිසින් යවන ලද්දේ ගොස් සියලු අස්වැන්න ගනී. ස්වාමීනි අප නොනසනු මැනවැයි කීකල්හිද රජගෙදර බදු මඳය. මම රජු පැමිණෙන කල්හිම මෙසේ අණ ලැබුවෙමි. නොහඩවු මෙසේ රජුන්නිසා බමුණු ගෘහපතියන් සූරා කයි. ධාන්‍ය බොහොමයක් තමාගේ ගෙට යවා සුළු ප්‍රමාණයක් රජගෙදරට යවයි. කිමෙක්ද බමුණ ගෘහපතියන්ට පීඩාවක් නොකළේදැයි කියන ලද්දේ, එසේය මහරජතුමනි, මේ කන්නයෙහි කුඹුරුවල අස්වැන්න අඩුය. ඒනිසා නොපෙළා ගැනීමෙන් බොහෝවක් නැත. මෙසේ බමුණු ගෘහපතියන් නිසා රජුන් සුරකයි.

පයො පීයතන‍්ති තරුණඛීරං පිවතු. තාව භත‍්තස‍්සාති යාව ඛීරං පිවිත්‍වා නිසීදිස‍්සථ, තාවදෙව භත‍්තස‍්ස කාලො භවිස‍්සති. ඉධෙව හි නො පාතරාසභත‍්තං ආහරිස‍්සන‍්තීති දස‍්සෙති. මාතාපිතරොතිආදීසු මහල‍්ලකා මාතාපිතරො මුදුකානි අත්‍ථරණපාවුරණානි සුඛුමානි වත්‍ථානි මධුරභොජනං සුගන්‍ධගන්‍ධමාලාදීනි ච පරියෙසිත්‍වා පොසෙතබ‍්බා. පුත‍්තධීතානං නාමකරණමඞ‍්ගලාදීනි සබ‍්බකිච‍්චානි කරොන‍්තෙන පුත‍්තදාරො පොසෙතබ‍්බො. එවඤ‍්හි අකරියමානෙ ගරහා උප‍්පජ‍්ජතීති ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො.

පයො පීය්‍යතෙ උණුකිරිදහර පානය කරාවා තාව භත්තස්ස කිරිබී හිඳින විටම බතට කල්වන්නේය. අපගේ උදේ ආහාරය ගෙන එන්නාහු යැයි දක්වයි. මව්පිය ආදීන් අතර මහලු මව්පියෝ මෘදු ඇතිරිලි, පොරෝනා, සියුම් වස්ත්‍ර මිහිරි බොජුන් සුවඳ මල්දම් ආදිය සොයා පෝෂණය කළයුත්තෝය. දූ දරුවන්ට නම් තබන මඟුල් ආදී සියලු කටයුතු කරන්නහු විසින් අඹුදරුවෝ පෝෂණය කළයුත්තෝය. මෙසේ නොකරන විට අවමානයක් ඇතිවෙයි මේ ක්‍රමයෙන් අර්ථය දතයුතුය.

අධම‍්මචාරීති පඤ‍්ච දුස‍්සීල්‍යකම‍්මානි වා දස දුස‍්සීල්‍යකම‍්මානි වා ඉධ අධම‍්මො නාම. උපකඩ‍්ඪෙය්‍යුන‍්ති පඤ‍්චවිධබන්‍ධනාදිකම‍්මකරණත්‍ථං තං තං නිරයං කඩ‍්ඪෙය්‍යුං.

අධම්මචාරී පංච දුශ්චරිත කර්ම හෝ දශ දුස්සීල කර්ම හෝ මෙහි අධම්ම නම් උපකඩ්ඩෙය්‍යුං පංචවිධ වධබන්ධන ආදී කර්ම කිරීම පිණිස ඒ ඒ නිරය වෙන්කෙරේ.

ධම‍්මචාරීති ධම‍්මිකසිවවිජ‍්ජාදිකම‍්මකාරී. පටික‍්කමන‍්තීති ඔසරන‍්ති පරිහායන‍්ති. අභික‍්කමන‍්තීති අභිසරන‍්ති වඩ‍්ඪන‍්ති. සෙය්‍යොති වරතරං. හීනෙති නිහීනෙ ලාමකෙ. කාලඞ‍්කතො ච සාරිපුත‍්තාති ඉදං භගවා “තත්‍රස‍්ස ගන‍්ත්‍වා දෙසෙහී”ති අධිප‍්පායෙන ථෙරමාහ. ථෙරොපි තංඛණංයෙව ගන‍්ත්‍වා මහාබ්‍රහ‍්මුනො ධම‍්මං දෙසෙසි, තතො පට‍්ඨාය චාතුප‍්පදිකං ගාථං කථෙන‍්තොපි චතුසච‍්චවිමුත‍්තං නාම න කථෙසීති.

ධම්මචාරී ධාර්මික කෘෂි වාණිජ්‍ය ආදී කර්මාන්ත කරන පටික්කමන්ති බැස නොයත් නොපිරිහෙත්. අභික්කමන්ති පැතිරෙත් වැඩෙත්. සෙය්‍යො වඩා උතුම්ය. හීනෙ නිහීන ළාමක. කාලකතො සාරි පුත්තාවා මෙය භාග්‍යවතුන් වහන්සේ එහි ගොස් ඔහුට දේශනා කරනු මැනවැයි යන අදහසින් තෙරුන්ට කීසේක. තෙරුන් වහන්සේද ඒකෙණෙහිම ගොස් මහා බ්‍රහ්මයාට ධර්මය දේශනාකරති. එතැන් පටන් සිව්පද ගාථාවක් කියන්නේ නමුදු චතුස්සත්‍යය විමුක්තවූ දෙය නොකීහ.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ධනඤ‍්ජානිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වැනි ධානඤ්ජානි සූත්‍රයයි.