එසුකාරීසුත‍්තං
2. 5. 6.
2. 5. 6.
එසුකාරීසුත‍්තං
ඒසුකාරී සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො එසුකාරී බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො එසුකාරී බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටාණන් ගේ අරම්හි වැඩ වාස කෙරෙත්. එසඳ ඒසුකාරී බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන්වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒසුකාරී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
බ්‍රාහ‍්මණා භො ගොතම, චතස‍්සො පාරිචරියා පඤ‍්ඤාපෙන‍්ති. බ්‍රාහ‍්මණස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති, ඛත‍්තියස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති, වෙස‍්සස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති, සුද‍්දස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති. තත්‍රීදං භො ගොතම, බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති, බ්‍රාහ‍්මණො වා බ්‍රාහ‍්මණං පරිචරෙය්‍ය, ඛත‍්තියො වා බ්‍රාහ‍්මණං පරිචරෙය්‍ය, වෙස‍්සො වා බ්‍රාහ‍්මණං පරිචරෙය්‍ය, සුද‍්දො වා බ්‍රාහ‍්මණං පරිචරෙය්‍යාති. ඉදං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති. තත්‍රීදං භො ගොතම, බ්‍රාහ‍්මණා ඛත‍්තියස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති. ඛත‍්තියො වා ඛත‍්තියං පරිචරෙය්‍ය, වෙස‍්සො වා ඛත‍්තියං පරිචරෙය්‍ය, සුද‍්දො වා ඛත‍්තියං පරිචරෙය්‍යාති. ඉදං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා ඛත‍්තියස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති. තත්‍රීදං භො ගොතම, බ්‍රාහ‍්මණා වෙස‍්සස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති. වෙස‍්සො වා වෙස‍්සං පරිචරෙය්‍ය, සුද‍්දො වා වෙස‍්සං පරිචරෙය්‍යාති. ඉදං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා වෙස‍්සස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති. තත්‍රීදං භො ගොතම, බ්‍රාහ‍්මණා සුද‍්දස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති. සුද‍්දො වා සුද‍්දං පරිචරෙය්‍ය. කො වා පනඤ‍්ඤො සුද‍්දං පරිචරිස‍්සතීති. ඉදං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා සුද‍්දස‍්ස පාරිචරියං පඤ‍්ඤාපෙන‍්ති. බ්‍රාහ‍්මණා භො ගොතම, ඉමා චතස‍්සො පාරිචරියා පඤ‍්ඤාපෙන‍්ති. ඉධ භවං ගොතමො කිමාහාති?
භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ පරිචර්‍ය්‍යා සතර දෙනකුන් පනවත්. බමුණුහට පරිචර්‍ය්‍යා පනවති, ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා පනවති, වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා පනවති, ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන්හට මේ පරිචර්‍ය්‍යාව පනවති, (කෙසේ යැ යත්:) බමුණෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ක්‍ෂත්‍රියයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, වෛශ්‍යයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ යි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියයාහට මේ පරිචර්‍ය්‍යා පනවති, (කෙසේ යැ යත්:) ක්‍ෂත්‍රියයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, වෛශ්‍යයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියයාහට මේ පරිචර්‍ය්‍යා පනවති. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ වෛශ්‍යයාහට මේ පරිචර්‍ය්‍යා පනවති (කෙසේ යැ යත්:) වෛශ්‍යයෙක් හෝ වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ වෛශ්‍යයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ ශුද්‍රයාහට මේ පරිචර්‍ය්‍යා පනවති: (කෙසේ යැ යත්:) ශුද්‍රයෙක් මැ ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ. අන් කවරෙක් නම් ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා කරන්නේ වේ දැ? යි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ශුද්‍රයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ මේ සතර පරිචර්‍ය්‍යාවන් පනවත්. භවත් ගෞතමයෝ මෙහි ලා කුමක් වදාරත් ද?
කිං පන බ්‍රාහ‍්මණ, සබ‍්බො ලොකො බ්‍රාහ‍්මණානං එතදබ‍්භනුජානාති ඉමා චතස‍්සො පාරිචරියා පඤ‍්ඤාපෙන‍්තී’ති.
කිම බමුණ, සියලු ලෝකයා ‘මෙ සතර පරිචර්‍ය්‍යා පනවති’ යි බමුණනට තෙල අනුදනී දැ? යි.
නොහිදං, භො ගොතම.
භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො වේ මැ යි.
සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, පුරිසො දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො, තස‍්ස අකාමස‍්ස බිලං ඔලග‍්ගෙය්‍යුං: ඉධ තෙ අම‍්භො පුරිස, මංසං ඛාදිතබ‍්බං, මූලඤ‍්ච අනුප‍්පදාතබ‍්බ’න‍්ති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, බ්‍රාහ‍්මණා අපටිඤ‍්ඤාය තෙසං සමණබ්‍රාහ‍්මණානං. අථ ච පනිමා චතස‍්සො පාරිචරියා පඤ‍්ඤාපෙන‍්ති. නාහං බ්‍රාහ‍්මණ, සබ‍්බං පරිචරිතබ‍්බන‍්ති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ, සබ‍්බං න පරිචරිතබ‍්බන‍්ති වදාමි. යං හිස‍්ස බ්‍රාහ‍්මණ, පරිචරතො, පාරිචරියාහෙතු පාපියො අස‍්ස න සෙය්‍යො. නාහන‍්තං පරිචරිතබ‍්බන‍්ති වදාමි. යඤ‍්ච ඛ‍්වාස‍්ස බ්‍රාහ‍්මණ, පරිචරතො පාරිචරියාහෙතු සෙය්‍යො අස‍්ස න පාපියො, තමහං පරිචරිතබ‍්බන‍්ති වදාමි.
බමුණ, යම්සේ සහල් නැළියෙක ධනයකුදු නැති, තමා සතු කිසිවක් නැති දිළිඳු පුරුෂයෙක් වේ ද, ඔහු නො කැමැතියාහට ‘එම්බා පුරුෂය, මෙහි තා විසින් මස් කෑයුතු යැ (මස්) මිල ද දියයුතු යැ’යි කොටස නංවා ද, එසෙයින් මැ බමුණ, බ්‍රාහ්මණයෝ ඒ මහණ බමුණන්ගේ ප්‍රතිඥා නැති වැ එතෙකුදු වත් මෙ සතර පරිචර්‍ය්‍යාවන් පනවත්. බමුණ, මම හැම පරිචර්‍ය්‍යා කළ යුතු යයි නො කියමි, බමුණ, වැළිත් මම හැම පරිචර්‍ය්‍යා නො කළ යුතු යයි නො කියමි. බමුණ, යමක්හු පරිචර්‍ය්‍යා කරන ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වේ ද, හිතයෙක් නො වේ ද, ඔහු පරිචර්‍ය්‍යා කළයුතු යැ යි මම නො කියමි. බමුණා, යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරණ ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද, පාපයෙක් නො වන්නේ ද, ඔහු පරිචර්‍ය්‍යා කළයුතු යැ යි මම කියමි.
ඛත‍්තියඤ‍්චෙපි බ්‍රාහ‍්මණ, එවං පුච‍්ඡෙය්‍යුං: යං වා තෙ පරිචරතො පාරිචරියාහෙතු පාපියො අස‍්ස න සෙය්‍යො, යං වා තෙ පරිචරතො පාරිචරියාහෙතු සෙය්‍යො අස‍්ස න පාපියො. කමෙත්‍ථ පරිචරෙය්‍යාසීති? ඛත‍්තියොපි හි බ්‍රාහ‍්මණ, සම‍්මා බ්‍යාකරමානො එවං බ්‍යාකරෙය්‍ය: යං හි මෙ පරිචරතො පාරිචරියාහෙතු පාපියො අස‍්ස න සෙය්‍යො, නාහං තං පරිචරෙය්‍යං. යඤ‍්ච ඛො මෙ පරිචරතො පාරිචරියාහෙතු සෙය්‍යො අස‍්ස න පාපියො, තමහං පරිචරෙය්‍ය’න‍්ති.
බමුණ, ඉදින් ක්‍ෂත්‍රියයකුදු මෙසේ පුළුවුස්නාහු නම්: (කෙසේ යැ යත්:) යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ යැ, හිතයෙක් නො වන්නේ යි. යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ යැ, පාපයෙක් නො වන්නේ යි. මෙහි දී කවරක්හු පරිචර්‍ය්‍යා කරන්නෙහි දැ?” යි. බමුණ, ක්‍ෂත්‍රිය තෙමේත් මොනොවට ප්‍රකාශ කරනුයේ මෙසේ කියන්නේ යැ: “යමක්හු පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කරන්නෙමි. යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, ඔහු මම පරිචර්‍ය්‍යා කරන්නෙමි”යි.
බ්‍රාහ‍්මණඤ‍්චෙපි බ්‍රාහ‍්මණ, -පෙ- වෙස‍්සඤ‍්චෙපි බ්‍රාහ‍්මණ -පෙ- සුද‍්දඤ‍්චෙපි බ්‍රාහ‍්මණ, එවං පුච‍්ඡෙය්‍යුං: යං වා තෙ පරිචරතො පාරිචරියාහෙතු පාපියො අස‍්ස න සෙය්‍යො, යං වා තෙ පරිචරතො පාරිචරියාහෙතු සෙය්‍යො අස‍්ස, න පාපියො. කමෙත්‍ථ පරිචරෙය්‍යාසී’ති? සුද‍්දොපි හි බ්‍රාහ‍්මණ, සම‍්මා බ්‍යාකරමානො එවං බ්‍යාකරෙය්‍ය: යං හි මෙ පරිචරතො පාරිචරියාහෙතු පාපියො අස‍්ස න සෙය්‍යො, නාහං තං පරිචරෙය්‍යං. යඤ‍්ච ඛො මෙ පරිචරතො පාරිචරියාහෙතු සෙය්‍යො අස‍්ස න පාපියො, තමහං පරිචරෙය්‍ය’න‍්ති.
බමුණ, ඉදින් බ්‍රාහ්මණයකුදු ... බමුණ, ඉදින් වෛශ්‍යයකුදු ... බමුණ, ඉදින් ශුද්‍රයකුදු මෙසේ විචාරන්නාහු නම්: (කෙසේ යැ යත්:) “යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, මෙහි දී කවරක්හු පරිචර්‍ය්‍යා කරන්නෙහි දැ?” යි. බමුණ, ශුද්‍ර තෙමේත් මොනොවට ප්‍රකාශ කරනුයේ මෙසේ කියන්නේ යැ: “යමක්හු පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කරන්නෙමි. යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, ඔහු මම පරිචර්‍ය්‍යා කරන්නෙමි”යි.
නාහං බ්‍රාහ‍්මණ, උච‍්චාකුලීනතා සෙය්‍යංසොති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ, උච‍්චාකුලීනතා පාපියංසොති වදාමි. නාහං බ්‍රාහ‍්මණ උළාරවණ‍්ණතා සෙය්‍යංසොති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ, උළාරවණ‍්ණතා පාපියංසොති වදාමි. නාහං බ්‍රාහ‍්මණ, උළාරභොගතා සෙය්‍යංසොති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ, උළාරභොගතා පාපියංසොති වදාමි.
බමුණ, මම ‘උසස් කුල ඇති බව ප්‍රශස්ත යැ’යි නො කියමි. බමුණ, වැළිත් මම ‘උසස්කුල ඇති බව ලාමක යැ’යි ද නො කියමි. බමුණ, මම ‘උදාරවර්‍ණ ඇති බව උතුම් යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරවර්‍ණ ඇති බව පාපක යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරභෝග ඇති බව උත්තම යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරභෝග ඇති බව පාපක යැ’යි නො කියමි.
උච‍්චාකුලීනොපි හි බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසුමිච‍්ඡාචාරී හොති, මුසාවාදො හොති, පිසුනාවාචො හොති, ඵරුසාවාචො හොති, සම‍්ඵප‍්පලාපී හොති, අභිජ‍්ඣාලු හොති, බ්‍යාපන‍්නචිත‍්තො හොති, මිච‍්ඡාදිට‍්ඨි හොති. තස‍්මා න උච‍්චාකුලීනතා සෙය්‍යංසොති වදාමි. උච‍්චාකුලීනොපි හි බ්‍රාහ‍්මණ ඉධෙකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලු හොති, අබ්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨි හොති. තස‍්මා න උච‍්චාකුලීනතා පාපියංසොති වදාමි.
බමුණ, උසස්කුල ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවා කරනු වෙයි, අයිනාදන් කරනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුණු තෙපුල් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් ඇති වෙයි, අභිධ්‍යා බිහිලි වෙයි, ව්‍යාපන්න සිත් ඇති වෙයි, මිසදිටු වෙයි. එහෙයින් උසස්කුල ඇති බව අතිශය ශ්‍රේෂ්ඨ යැ’යි නො කියමි. බමුණ, උසස්කුල ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවායෙන් වැළකියේ වෙයි, අයිනාදනින් වැළකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි, මුසවායෙන් වැළකියේ වෙයි, පිසුණුබසින් වැළකියේ වෙයි, පරොස්බසින් වැළකියේ වෙයි, පලපින් වැළකියේ වෙයි, අභිධ්‍යා බහුල නො වෙයි, අව්‍යාපන්න සිත් ඇති වෙයි, සම්දිටු වෙයි. එහෙයින් උසස්කුල ඇති බව අතිශය පාපක යැ’යි නො කියමි.
උළාරවණ‍්ණොපි හි බ්‍රාහ‍්මණ, -පෙ- උළාරභොගොපි හි බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො පාණාතිපාතී -පෙ- මිච‍්ඡාදිට‍්ඨි හොති. තස‍්මා න උළාරභොගතා සෙය්‍යංසොති වදාමි. උළාරභොගොපි හි බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම‍්මාදිට‍්ඨි හොති. තස‍්මා න උළාරභොගතා පාපියංසොති වදාමි.
බමුණ උදාරවර්‍ණ ඇති වූත් ... බමුණ උදාරභෝග ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවා කරනු වෙයි ... මිසදිටු ඇති වෙයි. එහෙයින් ‘උදාරභෝග ඇති බව ශ්‍රේෂ්ඨ යැ’යි නො කියමි. බමුණ, උදාරභෝග ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවායෙන් වෙන් වූයේ වෙයි ... සම්දිටු ඇති වෙයි. එහෙයින් ‘උදාරභෝග ඇති බව පාපක යැ’යි නො කියමි.
නාහං බ්‍රාහ‍්මණ, සබ‍්බං පරිචරිතබ‍්බන‍්ති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ, සබ‍්බං න පරිචරිතබ‍්බන‍්ති වදාමි. යං හිස‍්ස බ්‍රාහ‍්මණ, පරිචරතො පාරිචරියාහෙතු සද‍්ධා වඩ‍්ඪති, සීලං වඩ‍්ඪති, සුතං වඩ‍්ඪති, චාගො වඩ‍්ඪති, පඤ‍්ඤා වඩ‍්ඪති. තමහං පරිචරිතබ‍්බන‍්ති වදාමි. යං හිස‍්ස බ්‍රාහ‍්මණ, පරිචරතො පාරිචරියා හෙතු න සද‍්ධා වඩ‍්ඪති, න සීලං වඩ‍්ඪති, න සුතං වඩ‍්ඪති, න චාගො වඩ‍්ඪති, න පඤ‍්ඤා වඩ‍්ඪති. නාහං තං පරිචරිතබ‍්බන‍්ති වදාමී’ති.
බමුණ, මම හැම පරිචර්‍ය්‍යා කටයුතු යැ’යි නො කියමි. බමුණ, වැළිත් මම හැම පරිචර්‍ය්‍යා නො කටයුතු යැ’යි නො කියමි. බමුණ, යමක්හු පරිචර්‍ය්‍යා කරන ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් ශ්‍රද්ධාව වැඩේ ද, ශීලය වැඩේ ද, ශ්‍රැතය වැඩේ ද, ත්‍යාගය වැඩේ ද, ප්‍රඥාව වැඩේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා කටයුතු යැ යි කියමි. බමුණ යමක්හු පරිචර්‍ය්‍යා කරන ඕහට පරිචර්‍ය්‍යා හේතුයෙන් ශ්‍රද්ධාව නො වැඩේ ද, ශීලය නො වැඩේ ද, ශ්‍රැතය නො වැඩේ ද, ත්‍යාගය නො වැඩේ ද, ප්‍රඥාව නො වැඩේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කටයුතු යැ’යි කියමි’යි.
එවං වුත‍්තෙ එසුකාරී බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: බ්‍රාහ‍්මණා භො ගොතම, චත‍්තාරි ධනානි පඤ‍්ඤාපෙන‍්ති. බ්‍රාහ‍්මණස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති. ඛත‍්තියස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති. වෙස‍්සස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති. සුද‍්දස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති.
මෙසේ වදාළ කල්හි ඒසුකාරී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘භවත් ගෞතමයෙනි, බමුණෝ සතර ධන කෙනකුන් පනවති: බමුණුහට ස්වකීය ධනයක් පනවති, ක්‍ෂත්‍රියහට ස්වකීය ධනයක් පනවති, වෛශ්‍යහට ස්වකීය ධනයක් පනවති, ශුද්‍රහට ස්වකීය ධනයක් පනවති.
තත්‍රීදං භො ගොතම, බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති භික‍්ඛාචරියං. භික‍්ඛාචරියඤ‍්ච පන බ්‍රාහ‍්මණො සන්‍ධනං අතිමඤ‍්ඤමානො අකිච‍්චකාරී හොති ගොපොව අදින‍්නං ආදියමානොති. ඉදං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා බ්‍රාහ‍්මණස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති.
භවත් ගෞතමයෙනි, එහි ලා බමුණෝ බ්‍රාහ්මණහට මේ ස්වකීය ධනය පනවති. භික්‍ෂා චර්‍ය්‍යාව යි. බමුණු වැළිත් ස්වකීය ධනය වූ භික්‍ෂාචර්‍ය්‍යාව ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක් මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරන්නේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ බමුණුහට මේ ස්වකීයධනය පනවති.
තත්‍රීදං භො ගොතම, බ්‍රාහ‍්මණා ඛත‍්තියස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති ධනුකලාපං. ධනුකලාපඤ‍්ච පන ඛත‍්තියො සන්‍ධනං අතිමඤ‍්ඤමානො අකිච‍්චකාරී හොති. ගොපොව අදින‍්නං ආදියමානො’ති. ඉදං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා ඛත‍්තියස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති.
භවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියහට මේ ස්වකීය ධනය පනවති: දුනුහියවුරු යි. ක්‍ෂත්‍රිය වැළිත් ස්වකීය ධනය වූ දුනුහියවුරු ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක් මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරනුයේ වෙයි.
තත්‍රීදං භො ගොතම, බ්‍රාහ‍්මණා වෙස‍්සස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති කසිගොරක‍්ඛං. කසිගොරක‍්ඛඤ‍්ච පන වෙස‍්සො සන්‍ධනං අතිමඤ‍්ඤමානො අකිච‍්චකාරී හොති ගොපොව අදින‍්නං ආදියමානො’ති. ඉදං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා වෙස‍්සස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති.
භවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ වෛශ්‍යහට මේ ස්වකීයධනය පනවති: කෘෂිකම හා ගෝරක්‍ෂා යි. වෛශ්‍ය වැළිත් ස්වකීය ධනය වූ කෘෂිගෝරක්‍ෂා ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක්මෙහෙ නියුතුවකු සෙයින් නො කටයුතු කරනුයේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ වෛශ්‍යහට මේ ස්වධනය පනවති.
තත්‍රීදං භො ගොතම, බ්‍රාහ‍්මණා සුද‍්දස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති අසිතබ්‍යාභඞ‍්ගිං. අසිතබ්‍යාභඞ‍්ගිඤ‍්ච පන සුද‍්දො සන්‍ධනං අතිමඤ‍්ඤමානො අකිච‍්චකාරී හොති ගොපොව අදින‍්නං ආදියමානො’ති. ඉදං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා සුද‍්දස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙන‍්ති. බ්‍රාහ‍්මණා භො ගොතම, ඉමානි චත‍්තාරි ධනානි පඤ‍්ඤාපෙන‍්ති. ඉධ භවං ගොතමො කිමාහාති.
භවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ ශුද්‍රහට මේ ස්වධනය පනවති: (තණ කපන) දෑකැත්ත හා කද යි. ශුද්‍ර වැළිත් ස්වධනය වූ දෑකැත්ත හා කද ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක්මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරනුයේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ශුද්‍රහට මේ ස්වධනය පනවති. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ මේ සතර ධනයන් පනවති. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ? යි.
කිං පන බ්‍රාහ‍්මණ, සබ‍්බො ලොකො බ්‍රාහ‍්මණානං එතදබ‍්භනුජානාති. ඉමානි චත‍්තාරි ධනානි පඤ‍්ඤාපෙන‍්තීති? නො හිදං භො ගොතම.
කිම බමුණ, ‘මෙ සතර ධනයන් පනවති’යි සියලු ලෝකයා බමුණන්ගේ තෙල පැනවීම අනුදනී දැ? යි. භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො වේ මැ යි.
සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, පුරිසො දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො තස‍්ස අකාමස‍්ස බිලං ඔලග‍්ගෙය්‍යුං: ඉදං තෙ අම‍්භො පුරිස, මංසං ඛාදිතබ‍්බං, මූලඤ‍්ච අනුප‍්පදාතබ‍්බන‍්ති. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, බ්‍රාහ‍්මණා අප‍්පටිඤ‍්ඤාය තෙසං සමණබ්‍රාහ‍්මණානං. අථ ච පනිමානි චත‍්තාරි ධනානි පඤ‍්ඤාපෙන‍්ති:
බමුණ, යම්සේ සහල් නැළියෙක ධනයකුදු නැති ස්වකීය වූ කිසිවක් නැති දිළිඳු පුරුෂයෙක් වේ ද, නො කැමැති ඔහට ‘එම්බා පුරුෂය, තා විසින් මේ මස් කෑයුතු යැ, මස්මිළ ද දියයුතු යැ’යි මිළ කොටස නංවන්නාහු ද, එසෙයින් මැ බමුණ, ඒ මහණබමුණන්ගේ පිළින නැති වැ එතෙකුදු වත් මේ සතර ධනයන් පනවති.
අරියං ඛො අහං බ්‍රාහ‍්මණ, ලොකුත‍්තරං ධම‍්මං පුරිසස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙමි. පොරාණං ඛො පනස‍්ස මාතාපෙත‍්තිකං කුලවංසං අනුස‍්සරතො යත්‍ථ යත්‍ථෙව අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, තෙන තෙනෙව සඞ‍්ඛං ගච‍්ඡති. ඛත‍්තියකුලෙ චෙ අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, ඛත‍්තියොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. බ්‍රාහ‍්මණකුලෙ චෙ අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, බ්‍රාහ‍්මණොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. වෙස‍්සකුලෙ චෙ අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, වෙස‍්සොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. සුද‍්දකුලෙ චෙ අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, සුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.
බමුණ, මම ආර්‍ය්‍ය වූ ලෝකෝත්තර ධර්‍මය පුරුෂයාගේ ස්වධන කොට පනවමි. පැරැණි වූ මව්පිය සතු කුලවංසය සිහි කරන ඔහුගේ ආත්මභාවය යම් යම් කුලවංසයෙක මැ ඉපැත්ම වේ ද, ඒ ඒ කුලවංසයෙන් මැ ගිණීමට යෙයි. ඉදින් කැත්කුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘ක්‍ෂත්‍රියහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් බමුණුකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘බ්‍රාහ්මණයහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් වෛශ්‍යකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘වෛශ්‍යයහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් ශුද්‍රකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘ශුද්‍රයහ’යි මැ ගිණීමට යේ.
සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, යඤ‍්ඤදෙව පච‍්චයං පටිච‍්ච අග‍්ගි ජලති, තෙන තෙනෙව සඞ‍්ඛං ගච‍්ඡති. කට‍්ඨඤ‍්චෙ පටිච‍්ච අග‍්ගි ජලති, කට‍්ඨග‍්ගිත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. සකලිකඤ‍්චෙ පටිච‍්ච අග‍්ගි ජලති, සකලිකග‍්ගිත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. තිණඤ‍්චෙ පටිච‍්ච අග‍්ගි ජලති, තිණග‍්ගිත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. ගොමයඤ‍්චෙ පටිච‍්ච අග‍්ගි ජලති, ගොමයග‍්ගිත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. එවමෙව ඛො අහං බ්‍රාහ‍්මණ, අරියං ලොකුත‍්තරං ධම‍්මං පුරිසස‍්ස සන්‍ධනං පඤ‍්ඤාපෙමි. පොරාණං ඛො පනස‍්ස මාතාපෙත‍්තිකං කුලවංසං අනුස‍්සරතො යත්‍ථ යත්‍ථෙව අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, තෙන තෙනෙව සඞ‍්ඛං ගච‍්ඡති. ඛත‍්තියකුලෙ චෙ අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, ඛත‍්තියොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. බ්‍රාහ‍්මණකුලෙ චෙ අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, බ්‍රාහ‍්මණොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. වෙස‍්සකුලෙ චෙ අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, වෙස‍්සොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. සුද‍්දකුලෙ චෙ අත‍්තභාවස‍්ස අභිනිබ‍්බත‍්ති හොති, සුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.
බමුණ, යම් පිරිදි යම් යම් මැ ප්‍රත්‍යයක් පිණිස ගිනි දිලේ ද, ඒ ඒ ප්‍රත්‍යයෙන් මැ ගිණීමට යෙයි. ඉදින් කාෂටය නිසා ගිනි දැල්වේ ද, ‘කාෂ්ටාග්නි’ යයි මැ ගිණීමට යෙයි. ඉදින් පතුරු නිසා ගිනි දැල්වේ ද, ‘පතුරුගිනි’ යයි මැ ගිණීමට යෙයි, ඉදින් තෘණ නිසා ගිනි දැල්වේ ද, ‘තෘණග්නි’ යයි මැ ගිණීමට යෙයි. ඉදින් ගොම නිසා ගිනි දැල්වේ ද, ‘ගොමයාග්නි’ යයි මැ ගිණීමට යෙයි. බමුණ එපරිදි මැ මම ආර්‍ය්‍ය වූ ලෝකෝත්තර ධර්‍මය පුරුෂයාගේ ස්වධන කොට පනවමි. පැරැණි වූ මව්පියන්ගෙන් පැවැත එන කුලවංසය සිහි කරන ඔහුගේ ආත්මභාවොත්පත්තිය යම් යම් කුලවංශෙයෙකැ මැ වේ ද, ඒ ඒ කුලවංශයෙහි මැ ගිණීමට යෙයි. ඉදින් ක්‍ෂත්‍රියකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘ක්‍ෂත්‍රියහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් බ්‍රාහ්මණකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘බ්‍රාහ්මණයහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් වෛශ්‍යකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘වෛශ්‍යයහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් ශුද්‍රකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘ශුද්‍රයහ’යි මැ ගිණීමට යේ.
ඛත‍්තියකුලා චෙපි බ්‍රාහ‍්මණ, අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, අබ්‍රහ‍්මචරියා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනා වාචා පටිවිරතො හොති, ඵරුසා වාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලු හොති, අබ්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං. බ්‍රාහ‍්මණකුලා චෙපි බ්‍රාහ‍්මණ, අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- සම‍්මාදිට‍්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං. වෙස‍්සකුලා චෙපි බ්‍රාහ‍්මණ, අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- සම‍්මාදිට‍්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං. සුද‍්දකුලා චෙපි බ්‍රාහ‍්මණ, අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- ඤායං ධම‍්මං කුසලං.
බමුණ, ඉදින් ක්‍ෂත්‍රියකුලයෙනුදු ගිහිගෙන් නික්ම සස්නට වැදුණේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනය ලැබ පණිවායෙන් වැළකියේ වේ ද, අයිනාදනින් වැළකියේ වේ ද, අබ්‍රම්සරින් වැළකියේ වේ ද, මුසවායෙන් වැළකියේ වේ ද, පිසුණුබසින් වැළකියේ වේ ද, පරොස් බසින් වැළකියේ වේ ද, පලපින් වැළකියේ වේ ද, අභිධ්‍යා බහුල නො වේ ද, ව්‍යාපන්නසිත් නැතියේ වේ ද, සම්දිටු වේ ද, න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ, බ්‍රාහ්මණකුලයෙනුදු ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද … සම්දිටු වේ ද, (හේ) න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ ඉදින් වෛශ්‍ය කුලයෙනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද ... සම්දිටු වේ ද, හේ ද න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බ්‍රාහ්මණය, ශුද්‍රකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හේ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද ... හේ ද න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වේ.
තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ, බ්‍රාහ‍්මණොව නු ඛො පහොති අස‍්මිං පදෙසෙ අවෙරං අබ්‍යාපජ‍්ඣං මෙත‍්තචිත‍්තං භාවෙතුං. නො ඛත‍්තියො, නො වෙස‍්සො, නො සුද‍්දොති?
බමුණ, ඒ කෙසේ හඟිහි? බමුණෙක් මැ මෙපෙදෙසෙහි අවෛර නිර්දුඃඛ මෛත්‍රී චිත්තය වඩන්නට පොහෝනේ වේ ද, ක්‍ෂත්‍රියයෙක් පොහෝනේ නො වේ ද, වෛශ්‍යයෙක් පොහෝනේ නො වේ ද, ශුද්‍රයෙක් පොහෝනේ නො වේ ද?
නො හිදං භො ගොතම, ඛත‍්තියොපි හි භො ගොතම, පහොති අස‍්මිං පදෙසෙ අවෙරං අබ්‍යාපජ‍්ඣං මෙත‍්තචිත‍්තං භාවෙතුං. බ්‍රාහ‍්මණොපි හි භො ගොතම, -පෙ- වෙස‍්සොපි හි භො ගොතම, -පෙ- සුද‍්දොපි හි භො ගොතම, -පෙ- සබ‍්බෙපි හි භො ගොතම, චත‍්තාරො වණ‍්ණා පහොන‍්ති අස‍්මිං පදෙසෙ අවෙරං අබ්‍යාපජ‍්ඣං මෙත‍්තචිත‍්තං භාවෙතු’න‍්ති.
භවත් ගෞතමයෙනි, මේ නොවන්නෙකි, භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියයෙකුදු මෙ පෙදෙස්හි අවෛර නිර්දුඃඛ මෛත්‍රීචිත්තය වඩන්නට පොහෝනේ ය. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෙකුදු ... භවත් ගෞතමයෙනි, වෛශ්‍යයෙකුදු ... භවත් ගෞතමයෙනි, ශුද්‍රයෙකුදු ... භවත් ගෞතමයෙනි, හැම චතුර්වර්‍ණයෝ මැ මේ පෙදෙසෙහි අවෛර නිර්දුඃඛ මෛත්‍රීචිත්තය භවන්නට පොහෝනාහු වෙත්.
එවමෙව ඛො බ්‍රාහ‍්මණ, ඛත‍්තියකුලා චෙපි අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- ඤායං ධම‍්මං කුසලං. බ්‍රාහ‍්මණකුලා චෙපි බ්‍රාහ‍්මණ, -පෙ- වෙස‍්සකුලා චෙපි බ්‍රාහ‍්මණ, -පෙ- සුද‍්දකුලා චෙපි, බ්‍රාහ‍්මණ, අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච
බමුණ, එ පරිදි මැ කැත්කුලිනුදු වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත දහම්විනය දැන පණිවායෙන් වැළකියේ වේ ද, ... න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි බමුණ, බමුණුකුලෙනුදු වේවයි ... බමුණ, වෛශ්‍ය කුලයෙනුදු වේවයි ... බමුණ, ශුද්‍රකුලයෙනුදු වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ
තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, අබ්‍රහ‍්මචරියා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනා වාචා පටිවිරතො හොති, ඵරුසා වාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලු හොති, අබ්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං.
වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද, අයිනාදනින් වැළකියේ වේ ද, අබ්‍රම්සරින් වැළකියේ වේ ද, මුසවායෙන් වැළකියේ වේ ද, පිසුණුබසින් වැළකියේ වේ ද, පරොස්බසින් වැළකියේ වේ ද, පලපින් වැළකියේ වේ ද, අභිධ්‍යාබහුල නො වේ ද, අව්‍යාපන්න චිත්ත ඇති වේ ද, සම්දිටු වේ ද, හේ න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ, බ්‍රාහ‍්මණොව නු ඛො පහොති සොත‍්තිං සිනානිං ආදාය නදිං ගන‍්ත්‍වා රජොජල‍්ලං පවාහෙතුං. නො ඛත‍්තියො, නො වෙස‍්සො නො සුද‍්දොති?
බමුණ, ඒ කෙසේ හඟිහි? බමුණෙක් මැ නහන්නට කළ කුරුඳුවැළ ගෙන හොයට ගොස් රජස් දැලි සෝධා ලන්නට පොහෝනේ වේ ද, ක්‍ෂත්‍රියයෙක් පොහෝනේ නො වේ ද, වෛශ්‍යයෙක් පොහෝනේ නො වේ ද, ශුද්‍රයෙක් පොහෝනේ නො වේ ද?
නො හිදං භො ගොතම. ඛත‍්තියොපි හි භො ගොතම, පහොති සොත‍්තිං සිනානිං ආදාය නදිං ගන‍්ත්‍වා රජොජල‍්ලං පවාහෙතුං. බ්‍රාහ‍්මණොපි හි භො ගොතම -පෙ- වෙස‍්සොපි හි භො ගොතම -පෙ- සුද‍්දොපි හි භො ගොතම -පෙ- සබ‍්බෙපි හි භො ගොතම, චත‍්තාරො වණ‍්ණා පහොන‍්ති සොත‍්තිං සිනානිං ආදාය නදිං ගන‍්ත්‍වා රජොජල‍්ලං පවාහෙතුන‍්ති.
භවත් ගෞතමයෙනි, මේ නොවන්නෙක් මැ යි. භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියයෙකුදු නහන්නට කළ කුරුඳුවැළ ගෙන හොයට වැද රජස්දැලි සෝධාලන්නට පොහෝනේ යැ. භවත් ගෞතමයෙනි, බමුණෙකුදු ... භවත් ගෞතමයෙනි, වෛශ්‍යයෙකුදු ... භවත් ගෞතමයෙනි, ශුද්‍රයෙකුදු ... භවත් ගෞතමයෙනි, හැම චතුර්වර්‍ණයෝ මැ නහන කළ කුරුඳුවැළ ගෙන හොයට වැද රජස්දැලි බහන්නට පොහෝනාහු වෙති.
එවමෙව ඛො බ්‍රාහ‍්මණ, ඛත‍්තියකුලා චෙපි අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං. බ්‍රාහ‍්මණකුලා චෙපි, බ්‍රාහ‍්මණ, -පෙ- වෙස‍්සකුලා චෙපි බ්‍රාහ‍්මණ, -පෙ- සුද‍්දකුලා චෙපි බ්‍රාහ‍්මණ, අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං.
බමුණ, එ පරිදි මැ කැත්කුලෙනුදු වේවායි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතයන් වහන්සේ විසින් වදහළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යායසඞ්ඛ්‍යාතකුශල ධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ බමුණුකුලෙනුදු වේවයි ... බමුණ, වෛශ්‍යකුලයෙනුදු වේවයි ... බමුණ, ශුද්‍රකුලයෙනුදු වේවයි ගිහිගෙන් බැස පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද බුදුන් වදහළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යායසඞ්ඛ්‍යාතකුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ, ඉධ රාජා ඛත‍්තියො මුද‍්ධාවසිත‍්තො නානාජච‍්චානං පුරිසානං පුරිසසතං සන‍්නිපාතෙය්‍ය, ආයන‍්තු භොන‍්තො යෙ තත්‍ථ ඛත‍්තියකුලා බ්‍රාහ‍්මණකුලා රාජඤ‍්ඤකුලා උප‍්පන‍්නා සාකස‍්ස වා සාලස‍්ස වා සලළස‍්ස වා චන්‍දනස‍්ස වා පදුමකස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගිං අභිනිබ‍්බත‍්තෙන‍්තු තෙජො පාතුකරොන‍්තු. ආයන‍්තු පන භොන‍්තො යෙ තත්‍ථ චණ‍්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක‍්කුසකුලා උප‍්පන‍්නා, සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ‍්ඩකට‍්ඨස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගිං අභිනිබ‍්බත‍්තෙන‍්තු තෙජො පාතුකරොන‍්තූති. තං කිං මඤ‍්ඤසි බ්‍රාහ‍්මණ, යො එව නු ඛො සො ඛත‍්තියකුලා බ්‍රාහ‍්මණකුලා රාජඤ‍්ඤකුලා උප‍්පන‍්නෙහි සාකස‍්ස වා සාලස‍්ස වා සලළස‍්ස වා චන්‍දනස‍්ස වා පදුමකස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගි අභිනිබ‍්බත‍්තො තෙජො පාතුකතො, ස‍්වෙව නු ඛ‍්වස‍්ස අග‍්ගි අච‍්චිමා චෙව වණ‍්ණිමා ච පභස‍්සරො ච, තෙන ච සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතුං. යො පන සො චණ‍්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක‍්කුසකුලා උප‍්පන‍්නෙහි සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ‍්ඩකට‍්ඨස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගි අභිනිබ‍්බත‍්තො තෙජො පාතුකතො. ස‍්වාස‍්ස අග‍්ගි න චෙව අච‍්චිමා න ච වණ‍්ණිමා න ච පභස‍්සරො, න ච තෙන සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතුන‍්ති.
බමුණ, ඒ කෙසේ හඟිහි? මෙලොවැ මුදුනෙහි බිසෙස් කළ කැත්රජෙක් නානා ජාතියෙහි උපන් සියක් පුරුෂයන් මුළු දෙවන්නේ යැ, භවත්හු අප කරා එත්වා, ඒ මුළුයෙහි කැත්කුල බමුණුකුල රජකුල උපන් යම් කෙනෙක් ඇද්ද, ඔහු සල්මුවා හෝ සලලමුවා හෝ සඳුන්මුවා හෝ පියුමුමුවා හෝ උතුරුරිණී ගෙන ගිනි දල්වත්වා තෙද නඟත්වා භවත්හු අප කරා එත්වා, ඒ මුළුයෙහි සැඬල්කුල වැදිකුල කුලුපොතුකුල රියකරු කුල පුප්සඬුකුල උපන් යම් කෙනෙක් ඇද්ද, බලුදෙණිමුවා හෝ හුරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණඩකාෂටමය හෝ උතුරුරිණී ගෙන ගිනි දල්වත්වා, තෙද පහල කෙරෙත්වා. බමුණ, ඒ කෙසේ හඟිහි? කැත්කුල හෝ බමුණුකුල හෝ රජකුල හෝ උපනුන් විසින් ශාකමය වූ හෝ සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමකමය වූ හෝ උතුරුරිණී ගෙන ඉපැයූ පහළ කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි මැ සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වේ ද, ඒ ගින්නෙන් ගිනිකරණී කරන්නට හැකි වේ ද, සැඬල්කුල හෝ වැදිකුල හෝ කුලුපොතුකුල හෝ රියකරුකුල හෝ පුප්සඬුකුල හෝ උපනුන් විසින් බලුදෙණිමුවා හෝ හූරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණ්ඩ කාෂටමය වූ හෝ උතුරුරිණී ගෙන ඉපැයූ පහළ කළ යම් ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි ද සිළු ඇතියේ නො වේ ද, වර්‍ණ ඇතියේ නො වේ ද, ප්‍රභාස්වර නො වේ ද, ඒ ගින්නෙන් ගිනිකරණී කරන්නට නො හැකි වේ ද?
නො හිදං භො ගොතම, යො සො භො ඛත‍්තියකුලා බ්‍රාහ‍්මණකුලා රාජඤ‍්ඤකුලා උප‍්පන‍්නෙහි සාකස‍්ස වා සාලස‍්ස වා සලළස‍්ස වා චන්‍දනස‍්ස වා පදුමකස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගි අභිනිබ‍්බත‍්තො තෙජො පාතුකතො. ස‍්වාස‍්ස අග‍්ගි අච‍්චිමා චෙව වණ‍්ණිමා ච පභස‍්සරො ච. තෙන ච සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතුං. යොපි සො චණ‍්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක‍්කුසකුලා උප‍්පන‍්නෙහි සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ‍්ඩකට‍්ඨස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගි අභිනිබ‍්බත‍්තො, තෙජො පාතුකතො. ස‍්වාස‍්ස අග‍්ගි අච‍්චිමා චෙව වණ‍්ණිමා ච පභස‍්සරො ච. තෙනපි ච සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතුං. සබ‍්බොපි භො ගොතම, අග‍්ගි අච‍්චිමා චෙව වණ‍්ණිමා ච පභස‍්සරො ච සබ‍්බෙනපි ච සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතුන‍්ති.
භවත්, ගෞතමයෙනි, මේ නොවන්නෙක් මැ යි. භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියකුලයෙන් හෝ බ්‍රාහ්මණ කුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් ශාකමය වූ හෝ සාලමය වූ හෝ සලළමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමකමය වූ හෝ උතුරුරිණී ගෙන පහළ කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි, ඒ ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ. චණ්ඩාලකුලයෙන් ව්‍යාධ කුලයෙන් රථකාරකුලයෙන් පුක්කුසකුලයෙන් උපනුන් විසින් බලුදෙණිමුවා හෝ හූරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණ්ඩකාෂටමය හෝ උතුරුරිණී ගෙන උපදවනලද ප්‍රාදුර්භූත කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් ඇද්ද, ඒ ගිනි අර්චිෂ්මත් වූයේත් වර්‍ණවත් වූයේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. ඒ ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ. භවත් ගෞතමයෙනි, හැම ගිනි මැ අර්චිෂ්මත් ද වර්‍ණවත් ද ප්‍රභාස්වර ද වෙයි, හැම ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ.
එවමෙව ඛො බ්‍රාහ‍්මණ, ඛත‍්තියකුලා චෙපි අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං. බ්‍රාහ‍්මණකුලා චෙපි බ්‍රාහ‍්මණ, -පෙ- වෙස‍්සකුලා චෙපි බ්‍රාහ‍්මණ, -පෙ- සුද‍්දකුලා චෙපි බ්‍රාහ‍්මණ, අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, සො ච තථාගතප‍්පවෙදිතං ධම‍්මවිනයං ආගම‍්ම පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, අබ්‍රහ‍්මචරියා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලු හොති, අබ්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලන‍්ති.
බමුණ, එපරිදි මැ ක්‍ෂත්‍රියකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතයන් වහන්සේ විසින් වදාළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ, බමුණුකුලයෙනුදු ... බමුණ, වෛශ්‍යකුලයෙනුදු ... බමුණ, ශුද්‍රකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ ප්‍රාණවාධයෙන් වැළකියේ වේ ද, අදත්තාදානයෙන් වැළකියේ වේ ද, අබ්‍රහ්මචර්‍ය්‍යයෙන් වැළකියේ වේ ද, මෘෂාවාදයෙන් වැළකියේ වේ ද, පෛශුන්‍ය බසින් වැළකියේ වේ ද, පරුෂ බසින් වැළකියේ වේ ද, සම්ඵප්‍රලාපයෙන් වැළකියේ වේ ද, අභිධ්‍යාබහුල නො වේ ද, අව්‍යාපන්න සිත් ඇතියේ වේ ද, සම්‍යග්දෘෂ්ටික වේ ද, හෙ න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
එවං වුත‍්තෙ එසුකාරී බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං, භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත’න‍්ති.
මෙසේ වදාළ කලැ ඒසුකාරී බ්‍රාහ්මණ භගවත්හට තෙල කී: “භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ, භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට මා දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්වයි.
එසුකාරීසුත‍්තං ඡට‍්ඨං.
සවැනි ඒසුකාරීසූත්‍ර යි.