යෙදුමෙන් කියවන්න

ධනඤ‍්ජානිසුත‍්තං

2. 5. 7.

2. 5. 7.

ධනඤ‍්ජානිසුත‍්තං

ධනඤ්ජානි සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා සාරිපුත‍්තො දක‍්ඛිණාගිරිස‍්මිං චාරිකං චරති මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු රාජගහෙ වස‍්සං වුත්‍ථො යෙන දක‍්ඛිණාගිරි යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො තං භික‍්ඛුං ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වාස කරන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි මහත් බික්සඟන හා සමග සැරිසරන සේක. එසඳ එක්තරා මහණෙක් රජගහනුවර වස් විසූයේ දක්ඛිණාගිරි දනවිය කරා ගියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ මහණහට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහු:

කච‍්චාවුසො, භගවා අරොගො ච බලවා චා’ති?

“කිම ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක් ද? කායබල ඇති සේක් ද?”

අරොගො චාවුසො, භගවා බලවා චා’ති.

ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක. කායබල ඇති සේකැ’යි.

කච‍්චි පනාවුසො, භික‍්ඛුසඞ‍්ඝො අරොගො ච බලවා චා’ති?

“කිම ඇවැත්නි, භික්‍ෂුසඞ්ඝයා නීරෝග වේ ද? කායබල ඇති වේ ද?”

භික‍්ඛු සඞ‍්ඝොපි ඛො ආවුසො, අරොගො ච බලවා චා’ති.

ඇවැත්නි, භික්‍ෂුසඞ්ඝයා නීරෝග වෙයි. කායබල ඇති වේ’යයි.

එත්‍ථාවුසො, තණ‍්ඩුලපාලද‍්වාරායං ධනඤ‍්ජානි නාම බ්‍රාහ‍්මණො අත්‍ථි. කච‍්චාවුසො, ධනඤ‍්ජානි නාම බ්‍රාහ‍්මණො අරොගො ච බලවා චාති.

ඇවැත්නි, මෙහි තණඩුලපාලද්වාරයෙහි ධනඤ්ජානි නම් බමුණෙක් ඇත. කිම ඇවැත්නි, ධනඤ්ජානි නම් බමුණු නීරෝග වේ ද? කායබල ඇති වේ ද?

ධනඤ‍්ජානිපි ඛො ආවුසො, බ්‍රාහ‍්මණො අරොගො ච බලවා චාති.

ඇවැත්නි, ධනඤ්ජානි බමුණුත් නීරෝග වෙයි, කායබල ඇති වේ’යයි.

කච‍්චි පනාවුසො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො අප‍්පමත‍්තොති.

“කිම ඇවැත්නි, ධනඤ්ජානි බමුණු අප්‍රමත්ත වේ ද?”

කුතො නො ආවුසො, ධනඤ‍්ජානිස‍්ස බ්‍රාහ‍්මණස‍්ස අප‍්පමාදො? ධනඤ‍්ජානි ආවුසො, බ්‍රාහ‍්මණො රාජානං නිස‍්සාය බ්‍රාහ‍්මණගහපතිකෙ විලුම‍්පති. බ්‍රාහ‍්මණගහපතිකෙ. නිස‍්සාය රාජානං විලුම‍්පති. යාපිස‍්ස භරියා සද‍්ධා සද‍්ධාකුලා ආනීතා සාපිස‍්ස කාලකතා, අඤ‍්ඤ’ස‍්ස භරියා අස‍්සද‍්ධා අස‍්සද‍්ධාකුලා ආනීතා’ති.

ඇවැත්නි, කොයින් නම් ධනඤ්ජානි බමුණුහට අප්‍රමාදයෙක් ඇද්ද? ඇවැත්නි, ධනඤ්ජානි බමුණු රජු අසිරි කොට බමුණුගැහැවියන් විලුම්පන කෙරෙයි. බමුණුගැහැවියන් ඇසිරි කොට රජු අසිඳගනී. උහුගේ සැදැහැතිකුලෙන් ගෙන ආ යම් සැදැහැති බිරියක් වූ ද උහුගේ ඒ බිරිය ද කලුරිය කළා. උහුට සැදැහැ නැති කුලයෙකින් සැදැහැ නැති අන්බිරියක් ගෙන එනලදු.

දුස‍්සුතං වතාවුසො අස‍්සුම‍්හා, දුස‍්සුතං වතාවුසො, අස‍්සුම‍්හා, යෙ මයං ධනඤ‍්ජානිං බ්‍රාහ‍්මණං පමත‍්තං අස‍්සුම‍්හා. අප‍්පෙවනාම මයං කදාචි කරහචි ධනඤ‍්ජානිනා බ්‍රාහ‍්මණෙන සද‍්ධිං සමාගච‍්ඡෙය්‍යාම. අප‍්පෙව නාම සියා කොචිදෙව කථාසල‍්ලාපො’ති.

අපි ධනඤ්ජානි බමුණු අප්‍රමත්ත වූවහු ඇසුමෝ වේ ද, එහෙයින් ඇවැත්නි, නපුරු ඇසුමක් ඇසුමෝ මැ යැ, ඇවැත්නි, නපුරු ඇසුමක් ඇසුමෝ මැ යි. අපි කිසියම් දිනෙකැ ධනඤ්ජානි බමුණු හා සමග එකතු වන්නමෝ නම් මැනැවැ, එසඳ කිසියම් කථා සල්ලාපයෙක් වේ නම් මැනැවැ යි.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො දක‍්ඛිණාගිරිස‍්මිං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන රාජගහං තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්‍ර සුදං ආයස‍්මා සාරිපුත‍්තො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය රාජගහං පිණ‍්ඩාය පාවිසි.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි කැමැති තාක් වාස කොට රජගහනුවර කරා චාරිකා කොට ගියහ. පිළිවෙළින් සැරිසරනුවෝ රජගහ නුවර කරා වැඩියෝ, එහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි විහරණ කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි සකසා හැඳ පාසිවුරු ගෙන රජගහාවට පිඬු පිණිස වැඩියෝ.

තෙන ඛො පන සමයෙන ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො බහිනගරෙ ගාවො ගොට‍්ඨෙ දොහාපෙති. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො රාජගහෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: ඉතො භො සාරිපුත‍්ත, පයො පීයතං තාව භත‍්තස‍්ස කාලො භවිස‍්සතී’ති.

එකලැ ධනඤ්ජානි බමුණු පිටිනුවරෙහි ගොවුදෙකැ ගෙරින් දොවවයි. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළකියාහු ධනඤ්ජානි බමුණු කරා එළැඹියෝ. ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී මැ තමන් කරා එන්නවුන් දිට. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට තෙල කී: ‘භවත් ශාරිපුත්‍රයෙනි, මෙයින් ධාරොෂ්ණ පයස බොන්නේ මැනැව. එ විට මැ බතට කල් වේ’යයි.

අලං බ්‍රාහ‍්මණ, කතම‍්මෙ අජ‍්ජ භත‍්තකිච‍්චං. අමුකස‍්මිං මෙ රුක‍්ඛමූලෙ දිවාවිහාරො භවිස‍්සති. තත්‍ථ ආගච‍්ඡෙය්‍යාසී’ති.

“බමුණ, කම් නැත. මා විසින් අද බත් කිස කරන ලද. තෙල වෘක්‍ෂමූලයෙහි මාගේ දිවාවිහාර වෙයි. එහි එව”යි.

එවං භොති ඛො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසි. අථ ඛො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො පච‍්ඡාභත‍්තං භුත‍්තපාතරාසො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ධනඤ‍්ජානිං බ්‍රාහ‍්මණං ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

“භවත්නි, එසේ යැ”යි ධනඤ්ජානි බමුණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් දින, ඉක්බිති ධනඤ්ජානි බමුණු පසුබතැ වැළඳු ප්‍රාතරාස ඇති වැ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වී. තුස්නට නිසි සිහි කරන්නට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එකත්පස් වැ හුන් ධනඤ්ජානි බමුණුට තෙල කී:

කච‍්චිසි ධනඤ‍්ජානි, අප‍්පමත‍්තො’ති?

“කිම ධනඤ්ජානියෙනි, අප්‍රමත්තයෙහි?”

‘කුතො භො සාරිපුත‍්ත, අම‍්හාකං අප‍්පමාදො යෙසං නො මාතාපිතරො පොසෙතබ‍්බා, පුත‍්තදාරා පොසෙතබ‍්බා, දාසකම‍්මකරපොරිසං පොසෙතබ‍්බං, මිත‍්තාමච‍්චානං මිත‍්තාමච‍්චකරණීයං කාතබ‍්බං ඤාතිසාලොහිතානං ඤාතිසාලොහිතකරණීයං කාතබ‍්බං, අතිථීනං අතිථිකරණීයං කාතබ‍්බං, පුබ‍්බපෙතානං පුබ‍්බපෙතකරණීයං කාතබ‍්බං, දෙවතානං දෙවතාකරණීයං කාතබ‍්බං, රඤ‍්ඤො රාජකරණීයං කාතබ‍්බං, අයම‍්පි කායො පීණෙතබ‍්බො බ්‍රූහෙතබ‍්බො’ති.

භවත් ශාරිපුත්‍රයෙනි, අප යම් කෙනකුන් විසින් දෙමාපියෝ පෝෂණ කළයුතු වෙත් ද, පුත්‍රදාරාවෝ පෝෂණ කළයුතු වෙත් ද, දැසිකම්කරුපුරිස් පෝෂණ කළයුතු වේ ද, මිත්‍රාමාත්‍යයන්ගේ මිත්‍රාමාත්‍යකරණී කළයුතු වේ ද, නෑසාලේනෑයන්ගේ නෑසාලේනෑකරණී කළයුතු වේ ද, අතිථින්ගේ අතිථිකරණී කළයුතු වේ ද, පුර්‍වප්‍රේතයන්ගේ පුර්‍වප්‍රේතකරණී කළයුතු වේ ද, දේවතාවන්ගේ දේවතා කරණී කළයුතු වේ ද, රජුගේ රජකරණී කළයුතු වේ ද, මේ කයත් පිණවියයුතුත් වැඩියයුතුත් වේ ද, ඒ අපට කොයින් නම් අප්‍රමාදයෙක් ඇද්ද?යි කී.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො මාතාපිතුන‍්නං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං. ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො මාතාපිතුන‍්නං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. මාතාපිතරො වා පනස‍්ස ලභෙය්‍යුං ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති.

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් මව්පියන් නිසා අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට ඇදගන්නාහු නම් හේ “මම වනාහි මව්පියන් හේතු කොට අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ මව්පියෝත් “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබත්ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තංයෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මෙය නො වන්නේ මැ යැ. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යැ.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො පුත‍්තදාරස‍්ස හෙතු ධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං. ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො පුත‍්තදාරස‍්ස හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං. මා මං නිරයං නිරයපාලා’ති. පුත‍්තදාරා වා පනස‍්ස ලභෙය්‍යුං ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට ඇදගන්නාහු නම් හේ “මම වනාහි පුත්‍රදාරා හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ පුත්‍රදාර හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබා ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තංයෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යැ.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො දාසකම‍්මකරපොරිසස‍්ස හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං. ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො දාසකම‍්මකරපොරිසස‍්ස හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. දාසකම‍්මකරපොරිසං වා පනස‍්ස ලභෙය්‍ය ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් දැසිකම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි දැසිකම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ දැසිකම්කරුපුරිස් හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබා ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තංයෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො මිත‍්තාමච‍්චානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං. ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො මිත‍්තාමච‍්චානං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. මිත‍්තාමච‍්චා වා පනස‍්ස ලභෙය්‍යුං ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තංයෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො ඤාතිසාලොහිතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං. ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො ඤාතිසාලොහිතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං. මා මං නිරයං නිරයපාලා’ති. ඤාතිසාලොහිතා වා පනස‍්ස ලභෙය්‍යුං ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි. මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් නෑසාලේනෑ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි නෑසාලේනෑ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ නෑසාලේනෑයෝ හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තංයෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො අතිථීනං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං. ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො අතිථීනං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. අතිථී වා පනස‍්ස ලභෙය්‍යුං ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් අතිථින් (ආගන්තුකයන්) ගේ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි අතිථින්ගේ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ අතිථිහු හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තං යෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො පුබ‍්බපෙතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියා හෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො පුබ‍්බපෙතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා මං නිරයං නිරයපාලා’ති. පුබ‍්බපෙතා වා පනස‍්ස ලභෙය්‍යුං ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ පූර්‍වප්‍රේතයෝ හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තං යෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො දෙවතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියා හෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො දෙවතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. දෙවතා වා පනස‍්ස ලභෙය්‍යුං ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ දෙවියෝ හෝ “තෙලෙ අපහේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තංයෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො රඤ‍්ඤො හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, තමෙනං අධම‍්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං, ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො රඤ‍්ඤො හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. රාජා වා පනස‍්ස ලභෙය්‍ය ‘එසො ඛො අම‍්හාකං හෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් රජු හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන්‍ද නිරයට අදනාහු නම් හේ “මම වනාහි රජු නිසා අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලැබේ ද? ඔහුගේ රජ හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබේ ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තංයෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. එතෙකුදුවත් වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරැපල්හු නිරයෙහි බහත්.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, ඉධෙකච‍්චො කායස‍්ස පීණනහෙතු බ්‍රූහනහෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස. තමෙනං අධම‍්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ‍්ඪෙය්‍යුං. ලභෙය්‍ය නු ඛො සො ‘අහං ඛො කායස‍්ස පීණනහෙතු බ්‍රූහනහෙතු අධම‍්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. පරෙ වා පනස‍්ස ලභෙය්‍යුං ‘එසො ඛො කායස‍්ස පීණනහෙතු බ්‍රූහනහෙතු අධම‍්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?

ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එකෙක් කය පිනවීම වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් තුලුහු නිරයට අදනාහු නම් හේ “මම වනාහි කය පිනවීම වැඩීම හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? පරහු හෝ “තෙලෙ වනාහි කය පිනවීම වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?

නො හිදං භො සාරිපුත‍්ත, අථ ඛො නං වික‍්කන්‍දන‍්තංයෙව නිරයෙ නිරයපාලා පක‍්ඛිපෙය්‍යුං.

භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නෙකි. වැළිත් නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා මාතාපිතුන‍්නං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස. යො වා මාතාපිතුන‍්නං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, කතමං සෙය්‍යොති?

ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? යමෙක් මව්පියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ මව්පියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, කුමක් ශ්‍රේෂ්ඨ වේ ද?

යො හි භො සාරිපුත‍්ත, මාතාපිතුන‍්නං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, මාතාපිතුන‍්නං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො. අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, බ්‍රහ‍්මචරියා සමචරියා සෙය්‍යො’ති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මව්පියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වේ. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මව්පියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා මාතාපිතරො චෙව පොසෙතුං. න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා පුත‍්තදාරස‍්ස හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා පුත‍්තදාරස‍්ස හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යො’ති?

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් මව්පියන් පුස්නට හැකි වේ ද, පව්කම්කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ පුත්‍රදාර හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි

යො හි භො සාරිපුත‍්ත, පුත‍්තදාරස‍්ස හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, පුත‍්තදාරස‍්ස හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො. අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යො’ති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි පුත්‍රදාර හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා පුත‍්තදාරෙ චෙව පොසෙතුං, න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා දාසකම‍්මකරපොරිසස‍්ස හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා දාසකම‍්මකරපොරිසස‍්ස හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යොති?

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් පුත්‍රදාරයන් පුස්නට හැකි වේ ද, පව්කම්කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, අන්‍ය එ බඳු සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් හෝ දස්කම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ දස්කම්කරුපුරිස් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි

යො හි භො සාරිපුත‍්ත, දාසකම‍්මකරපොරිසස‍්ස හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, දාසකම‍්මකරපොරිසස‍්ස හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො. අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යොති?

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් දස්කම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි දස්කම්කරුපුරිස් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙ හි සක‍්කා දාසකම‍්මකරපොරිසඤ‍්චෙව පොසෙතුං, න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා මිත‍්තාමච‍්චානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා මිත‍්තාමච‍්චානං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යොති?

ධනඤ්ජානියෙනි, දස්කම්කරුපුරිස් පුස්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, අන්‍ය එ බඳු සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් හෝ මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ මිත්‍රාමාත්‍ය හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි

යො හි භො සාරිපුත‍්ත, මිත‍්තාමච‍්චානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, මිත‍්තාමච‍්චානං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො. අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි මිත්‍රාමාත්‍ය හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි ඒ මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා මිත‍්තාමච‍්චානඤ‍්චෙව මිත‍්තාමච‍්චකරණීයං කාතුං, න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා ඤාතිසාලොහිතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා ඤාතිසාලොහිතානං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යොති?

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් මිත්‍රාමාත්‍යයන්ගේත් මිත්‍රාමාත්‍ය කරණී කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූත් සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වේ ද, යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි

යො හි භො සාරිපුත‍්ත, ඤාතිසාලොහිතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, ඤාතිසාලොහිතානං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො. අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් නෑසාලේනෑයන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, එය මැ මෙහි ශ්‍රේෂ්ඨ වෙයි, භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා ඤාතිසාලොහිතානඤ‍්චෙව ඤාතිසාලොහිතකරණීයං කාතුං, න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා අතිථීනං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා අතිථීනං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යොති?

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් නෑසාලේනෑයන් ගේ නෑසාලේනෑකරණී කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූ ත් සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? අතිථින් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වේ ද, යමෙක් අතිථින් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී හෝ වේ ද, එහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි

යො හි භො සාරිපුත‍්ත, අතිථීනං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, අතිථීනං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො. අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් අතිථින් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් අතිථින් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා අතිථීනඤ‍්චෙව අතිථිකරණීයං කාතුං, න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා පුබ‍්බපෙතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා පුබ‍්බපෙතානං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යොති?

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් අතිථින්ගේ අතිථිකරණීත් කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො ද හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වන්නේ යැ, යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වන්නේ යැ, කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි

යො හි භො සාරිපුත‍්ත, පුබ‍්බපෙතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, පුබ‍්බපෙතානං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වන හෙයිනි.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා පුබ‍්බපෙතානඤ‍්චෙව පුබ‍්බපෙතකරණීයං කාතුං, න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා දෙවතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා දෙවතානං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යොති?

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් පූර්‍වප්‍රේතයන්ගේ පූර්‍වප්‍රේතකරණී ත් කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍ය ප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් දෙවියන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වන්නේ යැ, යමෙක් දෙවියන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වන්නේ යැ, කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි

යො හි භො සාරිපුත‍්ත, දෙවතානං හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස. න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, දෙවතානං හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො, අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් දෙවියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා දෙවතානඤ‍්චෙව දෙවතාකරණීයං කාතුං, න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා රඤ‍්ඤො හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා රඤ‍්ඤො හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යොති?

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් දෙවියන්ගේ දේවකරණී කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් රජු හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වන්නේ යැ, යමෙක් රජු හේතු කොට ධර්‍මචාරී සමචාරී හෝ වන්නේ යැ. කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.

යො හි භො සාරිපුත‍්ත, රඤ‍්ඤො හෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, රඤ‍්ඤො හෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො. අධම‍්මචරියා විසමචරියා හි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් රජු හේතු කොට අධර්‍මචාරී විෂමචාරී හෝ වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් රජු හේතු කොට ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා රඤ‍්ඤො චෙව රාජකරණීයං කාතුං, න ච පාපං කම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුං. තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, යො වා කායස‍්ස පීණනහෙතු බ්‍රූහනහෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, යො වා කායස‍්ස පීණනහෙතු බ්‍රූහනහෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස. කතමං සෙය්‍යොති?

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් රජුගේ රාජකරණී කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වන්නේ යැ, යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී හෝ වන්නේ යැ. කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.

යො හි භො සාරිපුත‍්ත, කායස‍්ස පීණනහෙතු බ්‍රූහනහෙතු අධම‍්මචාරී විසමචාරී අස‍්ස, න තං සෙය්‍යො. යො ච ඛො භො සාරිපුත‍්ත, කායස‍්ස පීණනහෙතු බ්‍රූහනහෙතු ධම‍්මචාරී සමචාරී අස‍්ස, තදෙවෙත්‍ථ සෙය්‍යො, අධම‍්මචරියා විසමචරියාහි භො සාරිපුත‍්ත, ධම‍්මචරියා සමචරියා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.

අත්‍ථි ඛො ධනඤ‍්ජානි, අඤ‍්ඤෙ සහෙතුකා ධම‍්මිකා කම‍්මන‍්තා, යෙහි සක‍්කා කායඤ‍්චෙව පීණෙතුං බ්‍රූහෙතුං, න ච පාපංකම‍්මං කත‍්තුං, පුඤ‍්ඤඤ‍්ච පටිපදං පටිපජ‍්ජිතුන‍්ති.

ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් කය පිනවන්නට වඩන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත.

අථ ඛො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

එසඳ ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී බැස ගියේ.

අථ ඛො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො අපරෙන සමයෙන ආබාධිකො අහොසි දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි: එහි ත්‍වං, අම‍්භො පුරිස, යෙන භගවා තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍දාහි, ‘ධනඤ‍්ජානි භන‍්තෙ, බ්‍රාහ‍්මණො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්‍දතී’ති. යෙන චායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා මම වචනෙන ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පාදෙ සිරසා වන්‍දාහි, ‘ධනඤ‍්ජානි භන‍්තෙ, බ්‍රාහ‍්මණො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පාදෙ සිරසා වන්‍දතී’ති. එවඤ‍්ච වදෙහි: ‘සාධු කිර භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො යෙන ධනඤ‍්ජානිස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායාති.

ඉක්බිති ධනඤ්ජානි බමුණු මෑත භාගයෙහි ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් ඇති වී. එසඳ ධනඤ්ජානි බ්‍රාහ්මණ එක්තරා පුරුෂයකු ඇමැතී: “එම්බා පුරුෂය, එව තෙපි භාග්‍යවතුන් කරා එළඹෙව. එළඹ මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟළ සිරසින් වඳුව, ‘වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ භාග්‍යවතුන්ගේ පාසඟළ සිරසින් වඳී’යයි වඳුව. ‘වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ දෙපා සිරසින් වඳී’යයි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ ද පසඟුළු සිරසින් වඳුව. මෙසේත් කියව: ‘වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා අනුකම්පා පිණිස එළඹෙනසේක්ව”යි.

එවං භන‍්තෙති ඛො සො පුරිසො ධනඤ‍්ජානිස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො පුරිසො භගවන‍්තං එතදවොච: ‘ධනඤ‍්ජානි භන‍්තෙ, බ්‍රාහ‍්මණො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො සො භගවතො පාදෙ සිරසා වන්‍දතී’ති. යෙන චායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො පුරිසො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: ‘ධනඤ‍්ජානි භන‍්තෙ, බ්‍රාහ‍්මණො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පාදෙ සිරසා වන්‍දති, එවඤ‍්ච වදෙති. ‘සාධු කිර භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො යෙන ධනඤ‍්ජානිස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායා’ති. අධිවාසෙසි ඛො ආයස‍්මා සාරිපුත‍්තො තුණ‍්හීභාවෙන.

‘එසේ යැ වහන්සැ’ යි එ පුරිස් ධනඤ්ජානි බමුණුහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් එ පුරිස් භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟුළුවන් සිරසින් වඳී” යයි. ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා ද එළැඹියේ, එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස් වැ හින්. එකත්පස් වැ හුන් එ පුරිස් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල් කී: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ගේ පසඟුළු සිරසින් වඳී, මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා එළැඹෙන සේක්ව”යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවැසූහ.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන ධනඤ‍්ජානිස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො ආයස‍්මා සාරිපුත‍්තො ධනඤ‍්ජානිං බ්‍රාහ‍්මණං එතදවොච: ‘කච‍්චි තෙ ධනඤ‍්ජානි, ඛමනීයං කච‍්චි යාපනීයං කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති නො අභික‍්කමන‍්ති, පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති?

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ හැඳපෙරෙවැ පාසිවුරු ගෙන ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන්හු. වැඩහිඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණුහට තෙල කී: “ධනඤ්ජානියෙනි, කිම තොපට සහනු හැකි ද? කිම යැපෙනු හැකි ද? කිම දුක් වේදනාවෝ බැස යෙත් ද? නො වැඩෙත් ද? වැඩීම නො වැ සන්හිඳීම පැනේ දැ?”යි.

න මෙ භො සාරිපුත‍්ත, ඛමනීයං න යාපනීයං, බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති, නො පටික‍්කමන‍්ති. අභික‍්කමොසානං පඤ‍්ඤායති, නො පටික‍්කමොති. සෙය්‍යථාපි, භො සාරිපුත‍්ත, බලවා පුරිසො තිණ‍්හෙන සිඛරෙන මුද‍්ධනි අභිමන්‍ථෙය්‍ය. එවමෙව ඛො මෙ භො සාරිපුත‍්ත, අධිමත‍්තා වාතා මුද‍්ධනි ඌහනන‍්ති න මෙ භො සාරිපුත‍්ත, ඛමනීයං න යාපනීයං බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති. අභික‍්කමොසානං පඤ‍්ඤායති, නො පටික‍්කමොති.

භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මාගේ දැඩි දුඃඛවේදනාවෝ වැඩී යෙත්, බැස නො යෙත්. වැඩුම පැනෙයි, බැසයනු නො පැනෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් තියුණු සිරියෙකින් මුදුන අළලන්නේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ අධිමාත්‍ර වාතවේදනාවෝ මාගේ මුදුන පහරත්. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක, නො යැපිය හැක්ක. මා ගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟීයෙත්, නො ගිලිහෙත්. නැඟීයනු පැනේ, බැසයනු නො පැනේ.

සෙය්‍යථාපි භො සාරිපුත‍්ත, බලවා පුරිසො දළ‍්හෙන වරත‍්තබන්‍ධනෙන සීසෙ සීසවෙඨනං බන්‍ධෙය්‍ය, එවමෙව ඛො මෙ භො සාරිපුත‍්ත, අධිමත‍්තා සීසෙ සීසවෙදනා හොති. න මෙ භො සාරිපුත‍්ත, ඛමනීයං න යාපනීයං. බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා. අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් දළ වරබහනින් හිසෙහි හිස්වෙළුම් බඳනේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ හිසෙහි අධිමාත්‍ර ශිරෝවේදනාවෝ වෙති. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක, නො යැපිය හැක්ක. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟීයෙත්, නො සන්හිඳෙත්, නැඟයනු පැනේ, බැසයනු නො පැනේ.

සෙය්‍යථාපි භො සාරිපුත‍්ත, දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා තිණ‍්හෙන ගොවිකන‍්තනෙන කුච‍්ඡිං පරිකන‍්තෙය්‍ය. එවමෙව ඛො මෙ භො සාරිපුත‍්ත, අධිමත‍්තා වාතා කුච‍්ඡිං පරිකන‍්තන‍්ති. න මෙ භො සාරිපුත‍්ත, ඛමනීයං න යාපනීයං, බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතවැසියෙක් හෝ තියුණු වූ ගෙරි කපන කැත්තෙන් කුස විවර කොට කපන්නේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ අධිමාත්‍ර වාතවේදනාවෝ මා කුස සිඳිත්, භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මාගේ දෘඪ දුඃඛවේදනාවෝ නැඟීයෙත්, බැස නො යෙත්, නැඟයනු පැනේ, ගැලයනු නො පැනේ.

සෙය්‍යථාපි භො සාරිපුත‍්ත, ද‍්වෙ බලවන‍්තො පුරිසා දුබ‍්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්‍වා අඞ‍්ගාරකාසුයා සන‍්තාපෙය්‍යුං සම‍්පරිතාපෙය්‍යුං, එවමෙව ඛො මෙ භො සාරිපුත‍්ත, අධිමත‍්තො කායස‍්මිං දාහො, න මෙ භො සාරිපුත‍්ත, ඛමනීයං න යාපනීයං බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති. අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වලතර පුරුෂයකු දෙඅත් ගෙන අඞ්ගාරකර්ෂියෙහි තවන්නාහු ද මොනොවට තවන්නාහු ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ මාගේ කයෙහි අතිමාත්‍ර දාහය වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මා ගේ දෘඪ දුඃඛවේදනාවෝ නැඟයෙත්, බැස නො යෙත්, නැඟයනු පැනේ, බැසයනු නො පැනේ.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, නිරයො වා තිරච‍්ඡානයොනි වාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? නිරය හෝ තිරිසන් යෝනි හෝ කුමක් ශ්‍රේෂ්ඨ දැ? යි.

නිරයා භො සාරිපුත‍්ත, තිරච‍්ඡානයොනි සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, නිරයට වඩා තිරිසන්යෝනිය ශ්‍රේෂ්ඨ වෙයි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, තිරච‍්ඡානයොනි වා පෙත‍්තිවිසයො වා ති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? තිරිසන් යෝනි හෝ ප්‍රේතවිෂය හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.

තිරච‍්ඡානයොනියා භො සාරිපුත‍්ත, පෙත‍්තිවිසයො සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, තිරිසන්යෝනට වඩා ප්‍රේතවිෂය ශ්‍රේෂ්ඨ වෙයි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, පෙත‍්තිවිසයො වා මනුස‍්සො වාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? ප්‍රේතවිෂය හෝ මිනිස්බව හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.

පෙත‍්තිවිසයා භො සාරිපුත‍්ත, මනුස‍්සා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, ප්‍රේතවිෂයට වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයහ යි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, මනුස‍්සා වා චාතුම‍්මහාරාජිකා දෙවා වාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මිනිස්සු හෝ සියමහරදවැසි දෙවියෝ හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.

මනුස‍්සෙහි භො සාරිපුත‍්ත, චාතුම‍්මහාරාජිකා දෙවා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, මිනිසුනට වඩා සියමහරදවැසි දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, චාතුම‍්මහාරාජිකා වා දෙවා තාවතිංසා වා දෙවාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, චතුර්‍මමහාරාඡික දෙවියෝ හෝ තාවතිංස දෙවියෝ හෝ දැ? යි.

චාතුම‍්මහාරාජිකෙහි භො සාරිපුත‍්ත, දෙවෙහි තාවතිංසා දෙවා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, චාතුම්මහාරාජික දෙවියනට වඩා තාවතිංස දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, තාවතිංසා වා දෙවා යාමා වා දෙවාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද? තාවතිංස දෙවියෝ හෝ යාම දෙවියෝ හෝ දැ? යි.

තාවතිංසෙහි භො සාරිපුත‍්ත, දෙවෙහි යාමා දෙවා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, තාවතිංස දෙවියනට වඩා යාම දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, යාමා වා දෙවා තුසිතා වා දෙවාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, යාම දෙවියෝ හෝ තුෂිත දෙවියෝ හෝ දැ? යි.

යාමෙහි භො සාරිපුත‍්ත, දෙවෙහි තුසිතා දෙවා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, යාම දෙවියනට වඩා තුෂිත දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, තුසිතා වා දෙවා නිම‍්මානරතී වා දෙවාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, තුෂිත දෙවියෝ හෝ නිම්මානරති දෙවියෝ හෝ දැ? යි.

තුසිතෙහි භො සාරිපුත‍්ත, දෙවෙහි නිම‍්මානරතී දෙවා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, තුෂිත දෙවියනට වඩා නිම්මානරති දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, නිම‍්මානරතී වා දෙවා පරනිම‍්මිතවසවත‍්තී වා දෙවාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, නිර්‍මාණරතී දෙවියෝ හෝ පරනිම්මිතවසවත්ති දෙවියෝ හෝ දැ? යි.

නිම‍්මානරතීහි භො සාරිපුත‍්ත, දෙවෙහි පරනිම‍්මිතවසවත‍්තී දෙවා සෙය්‍යොති.

භවත් ශාරිපුත්‍රයෙනි, නිර්‍මාණරති දෙවියනට වඩා පරනිර්මිතවශවර්ති දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.

තං කිං මඤ‍්ඤසි ධනඤ‍්ජානි, කතමං සෙය්‍යො, පරනිම‍්මිතවසවත‍්තී වා දෙවා බ්‍රහ‍්මලොකො වාති?

ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, පරනිර්මිතවශවර්ති දෙවියෝ හෝ බ්‍රහ්මලෝකය හෝ දැ? යි.

බ්‍රහ‍්මලොකොති භවං සාරිපුත‍්තො ආහ, බ්‍රහ‍්මලොකොති භවං සාරිපුත‍්තො ආහාති.

භවත් ශාරිපුත්‍ර තෙමේ බ්‍රහ්මලෝකය යි කියයි, භවත් ශාරිපුත්‍ර තෙමේ බ්‍රහ්මලෝකය යි කියයි.

අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස එතදහොසි: ඉමෙ ඛො බ්‍රාහ‍්මණා බ්‍රහ‍්මලොකාධිමුත‍්තා. යන‍්නූනාහං ධනඤ‍්ජානිස‍්ස බ්‍රාහ‍්මණස‍්ස බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගං දෙසෙය්‍යන‍්ති. බ්‍රහ‍්මානං තෙ ධනඤ‍්ජානි සහව්‍යතාය මග‍්ගං දෙසිස‍්සාමි. තං සුණාහි සාධුකං මනසි කරොහි භාසිස‍්සාමීති. එවම‍්භොති ඛො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසි.

එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්හට තෙල සිත්වී: “මේ බමුණෝ නම් බ්‍රහ්මලෝකාධිමුක්තයහ, මම ධනඤ්ජානි බමුණුහට බ්‍රහ්මයන් හා එක්ව විසීම සඳහා මඟ දෙසම් නම් මනා මැ නු”යි. ධනඤ්ජානියෙනි, තොපට බ්‍රහ්මයා හා එක්ව විසීම සඳහා මඟ දෙසමි. ඒ අසව. මොනොවට මෙනෙහි කරව. කියමි යි. ‘භවත්නි, එසේ යැ’යි ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්හට පිළිවදන් දුන්.

ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච: ‘කතමො ච, ධනඤ‍්ජානි, බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගො? ඉධ ධනඤ‍්ජානි, භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. අයම‍්පි ඛො ධනඤ‍්ජානි, බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගො.

ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල් කීහු: “ධනඤ්ජානියෙනි, බ්‍රහ්මයන් හා සහවාසය කවරේ යැ? ධනඤ්ජානියෙනි, මෙ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ. තුන්වන දිග ද එසේ යැ, සතරවන දිග ද එසේ යැ. මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කෙරෙයි. ධනඤ්ජානියෙනි, මේ ද බ්‍රහ්මයන්ගේ සහභාවය සඳහා මාර්‍ග යි.

පුන චපරං ධනඤ‍්ජානි, භික‍්ඛු කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛා සහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. අයම‍්පි ඛො ධනඤ‍්ජානි, බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගොති.

තවද ධනඤ්ජානියෙනි, අන් මඟක් කියමි, මහණ කුළුණු සහගිය සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිහින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ, තෙවන දිග ද එසේ යැ, සිව්වන දිග ද එසේ යැ. මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් පැහැසගෙන වාස කෙරෙයි. ධනඤ්ජානියෙනි, මේ ද බ්‍රහ්මයන් හා සහභාවය සඳහා මාර්‍ග යි.

තෙන හි භො සාරිපුත‍්ත, මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්‍දාහි, ‘ධනඤ‍්ජානි භන‍්තෙ, බ්‍රාහ‍්මණො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්‍දතී’ති.

භවත් ශාරිපුත්‍රයෙනි, එහෙයින් මා බසින් භගවත්හුගේ පාදයන් හිසින් වඳුව: “වහන්ස, ධනඤ්ජානි බමුණු අබාධිත යැ දුඃඛිත යැ දැඩිගිලන. හේ භගවත්හුගේ පසන්ගුළුවන් හිසින් වඳී” යයි.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො ධනඤ‍්ජානිං බ්‍රාහ‍්මණං සති උත‍්තරිං කරණීයෙ හීනෙ බ්‍රහ‍්මලොකෙ පතිට‍්ඨාපෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හින බ්‍රහ්මලෝකයෙහි පිහිටුවා හුනස්නෙන් නැඟී වැඩියෝ

අථ ඛො ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො අචිරපක‍්කන‍්තෙ ආයස‍්මන‍්තෙ සාරිපුත‍්තෙ කාලමකාසි, බ්‍රහ‍්මලොකඤ‍්ච උපපජ‍්ජ.

එසඳ ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වැඩි නොබෝ වේලෙහි කලුරිය කෙළේ. බඹලෝ ගියේ ද වී.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: එසො භික‍්ඛවෙ, සාරිපුත‍්තො ධනඤ‍්ජානිං බ්‍රාහ‍්මණං සති උත‍්තරිං කරණීයෙ හීනෙ බ්‍රහ‍්මලොකෙ පතිට‍්ඨාපෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කන‍්තොති.

එසඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූ සේක: “මහණෙනි, තෙල සැරියුත් ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හුනු බඹලොව පිහිටුවා හුනස්නෙන් නැඟී ගියේ යැ”යි වදාළෝ.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: ධනඤ‍්ජානි භන‍්තෙ, බ්‍රාහ‍්මණො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්‍දතීති.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධික යැ දුඃඛිත යැ දැඩිගිලන. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළු හිසින් වඳී” යයි.

කිං පන ත්‍වං සාරිපුත‍්ත, ධනඤ‍්ජානිං බ්‍රාහ‍්මණං සති උත‍්තරිං කරණීයෙ හීනෙ බ්‍රහ‍්මලොකෙ පතිට‍්ඨාපෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කන‍්තොති?

ශාරිපුත්‍රය, තෝ ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හුනු බඹලොව පිහිටුවා හුනස්නෙන් නැඟී කිම බැස ගියෙහි?

මය‍්හං ඛො භන‍්තෙ, එවං අහොසි: ඉමෙ ඛො බ්‍රාහ‍්මණා බ්‍රහ‍්මලොකාධිමුත‍්තා, යන‍්නූනාහං ධනඤ‍්ජානිස‍්ස බ්‍රාහ‍්මණස‍්ස බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගං දෙසෙය්‍යන‍්ති.

වහන්ස, මට මෙ සිත් වී: “මේ බමුණෝ නම් බ්‍රහ්මලෝකාධිමුක්තයහ, මම ධනඤ්ජානි බමුණුට බ්‍රහ්මයන්ගේ සහභාවය සඳහා මඟ කියම් නම් මනා මැ නු” යනු යි.

කාලකතො ච සාරිපුත‍්ත, ධනඤ‍්ජානි බ්‍රාහ‍්මණො බ්‍රහ‍්මලොකඤ‍්ච උපපන‍්නොති.

“ශාරිපුත්‍රය, ධනඤ්ජානි බමුණු කලුරිය කෙළේ යැ. බඹලොව ගියේ ද වී” යයි වදාළෝ.

ධනඤ‍්ජානි සුත‍්තං සත‍්තමං.

සත් වැනි ධනඤ්ජානිසුත්‍ර යි.