වාසෙට‍්ඨසුත‍්තං
2. 5. 8.
2. 5. 8.
වාසෙට‍්ඨසුත‍්තං
වාසෙට්ඨ සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා ඉච‍්ඡානඞ‍්ගලෙ විහරති ඉච‍්ඡානඞ‍්ගලවනසණ‍්ඩෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා බ්‍රාහ‍්මණමහාසාළා ඉච‍්ඡානඞ‍්ගලෙ පටිවසන‍්ති. සෙය්‍යථිදං: චඞ‍්කී බ්‍රාහ‍්මණො, තාරුක‍්ඛො බ්‍රාහ‍්මණො, පොක‍්ඛරසාති බ්‍රාහ‍්මණො, ජාණුස‍්සොණී බ්‍රාහ‍්මණො, තොදෙය්‍යො බ්‍රාහ‍්මණො, අඤ‍්ඤො ච අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා බ්‍රාහ‍්මණ මහාසාළා.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගම්හි ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි වැඩවසනසේක. එසමයෙහි බොහෝ වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ බමුණුමහසල්හු ඉච්ඡානඞ්ගලගම්හි වෙසෙති, ඔහු කවරහ යත්: චඞ්කීබ්‍රාහ්මණ යැ තාරුක්ඛබ්‍රාහ්මණ යැ පොක්ඛරසාතිබ්‍රාහ්මණ යැ ජානුස්සෝණීබ්‍රාහ්මණ යැ තෝදෙය්‍ය බ්‍රාහ්මණ යැ අන්‍ය වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රහ්මණමහාසාරයෝ යි.
අථ ඛො වාසෙට‍්ඨභාරද‍්වාජානං මාණවානං ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානානං අනුවිචරමානානං අයමන‍්තරා කථා උදපාදි: ‘කථම‍්හො බ්‍රාහ‍්මණො හොතී’ති. භාරද‍්වාජො මාණවො එවමාහ: යතො ඛො භො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා පිතාමහයුගා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙන. එත‍්තාවතා ඛො භො, බ්‍රාහ‍්මණො හොතී’ති. වාසෙට‍්ඨො මාණවො එවමාහ: ‘යතො ඛො භො, සීලවා ච හොති වත‍්තසම‍්පන‍්නො ච එත‍්තාවතා ඛො භො, බ්‍රාහ‍්මණො හොතී’ති. නෙව ඛො අසක‍්ඛි භාරද‍්වාජො මාණවො වාසෙට‍්ඨං මාණවං සඤ‍්ඤාපෙතුං. න පන අසක‍්ඛි වාසෙට‍්ඨො මාණවො භාරද‍්වාජං මාණවං සඤ‍්ඤාපෙතුං.
එසඳ ජඞ්‍ඝාවිහරණ කොට ඔබ මොබ ඇවිදුනා වාසෙට්ඨභාරද්වාජ දෙමාණවකයන්ගේ මේ අතුරුකථා උපන: “භවත්නි, කෙසේ බමුණු නම් වේ දැ?”යි. භාරද්වාජ මාණවක මෙසේ කී: “භවත, යම් හෙයෙකින් ‘මව්පස හා පියපසිනැ’යි දෙපසින් සුජාත වේ ද, සත්වන පිතාමහයුගය දක්වා පිරිසුදු කුක්‍ෂි ඇති වේ ද, ජාතිවාදයෙන් නො නෙරනලදු වැ උපක්‍රෝශ නො කරනලදුයේ වේ ද, භවත් මෙතෙකින් බ්‍රාහ්මණ නම් වෙයි” කියායි. වාසෙට්ඨ මාණව මෙසේ කී: “භවත යම් හෙයෙකින් සිල්වත් වේ ද, ආචාරසම්පන්න වේ ද, මෙතෙකින් බ්‍රාහ්මණ නම් වේ යැ” කියායි. භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයා හඟවන්නට නො මැ හැකි වී. වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා හඟවන්නට ද නො හැකි වී.
අථ ඛො වාසෙට‍්ඨො මාණවො භාරද‍්වාජං මාණවං ආමන‍්තෙසි: ‘අයං ඛො භො භාරද‍්වාජ, සමණො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො ඉච‍්ඡානඞ‍්ගලෙ විහරති ඉච‍්ඡානඞ‍්ගලවනසණ‍්ඩෙ. තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති. ආයාම භො භාරද‍්වාජ, යෙන සමණො ගොතමො තෙනුපසඞ‍්කමිස‍්සාම. උපසඞ‍්කමිත්‍වා සමණං ගොතමං එතමත්‍ථං පුච‍්ඡිස‍්සාම. යථා නො සමණො ගොතමො බ්‍යාකරිස‍්සති තථා නං ධාරෙස‍්සාමා’ති. එවම‍්භොති ඛො භාරද‍්වාජො මාණවො වාසෙට‍්ඨස‍්ස මාණවස‍්ස පච‍්චස‍්සොසි.
ඉක්බිති වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා ඇමැතී: “භවත් භාරද්වාජයෙනි, සැහැකුලපුත් වූ සැහැකුලින් නික්ම පැවිදි වූ මේ මහණ ගොයුම්හු ඉච්ඡානඞ්ගලගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි විහරණ කෙරෙති. ඒ භගවත් ගෞතමයන් වහන්සේ ගේ කලණ යසගී මෙසේ උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ සම්‍යක් සම්බුද්ධයහ විද්‍යාචරණ සම්පන්නයහ සුගතයහ ලෝකවිද්හ අනුත්තර පුරුෂදම්‍ය සාරථියහ දෙවිමිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ භගවත්හ” කියා යි. යම්හ භවත් භාරද්වාජයෙනි, මහණ ගොයුමන් කරා එළැඹෙම්හ. එළඹ මහණ ගොයුමන් තෙල කරුණ පුළුවුසුම්හ. යම් පරිදි මහණ ගොයුම්හු පවසත් ද, එසේ එය ධරම්හ”යි. ‘භවත්නි, එසේ යැ’ යි කියා භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයාහට පිළිවදන් දින.
අථ ඛො වාසෙට‍්ඨ, භාරද‍්වාජා මාණවා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදිංසු, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නො ඛො වාසෙට‍්ඨො මාණවො භගවන‍්තං ගාථාහි අජ‍්ඣභාසි:
ඉක්බිති වාසෙට්ඨභාරද්වාජ මාණවකයෝ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් වාසෙට්ඨ මාණවක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේ:
අනුඤ‍්ඤාතපටිඤ‍්ඤාතා තෙවිජ‍්ජා මයමස‍්සු භො අහං පොක‍්ඛරසාතිස‍්ස තාරුක‍්ඛස‍්සායං මාණවො.
“භවත් ගෞතමයෙනි, අපි (තොප ශික්‍ෂිතයහ”යි) ඇදුරන් විසින් අනුඥාත වැ (‘එසේ යැ ශික්‍ෂිතයම්හ’යි තමන් විසින්) ප්‍රතිඥාත වූ ත්‍රිවිද්‍යා පාරගත බ්‍රාහ්මණයම්හ. මම පොක්ඛරසාති බමුණුගේ ශිෂ්‍යයෙමි. මේ මණෙවු තාරුක්ඛ බමුණුහුගේ ශිෂ්‍යයෙක.
තෙවිජ‍්ජානං යදක‍්ඛාතං තත්‍ථ කෙවලිනො’ස‍්මසෙ පදකස‍්මා වෙය්‍යාකරණා ජප‍්පෙ ආචරියසාදිසා.
ත්‍රිවේද පාරගත බමුණන් විසින් යමක් අර්‍ත්‍ථ ව්‍යඤ්ජන විසින් පැවැසිණි ද, එහි ලා (එහැම දැන නිෂ්ඨාගත වූ) කේවලී වම්හ. පදශාස්ත්‍ර හදාරන්නම්හ, ව්‍යාකරණ හදාරන්නම්හ. ජල්පයෙහි ලා ස්වීය ආචාර්‍ය්‍යයන් වැනියම්හ.
තෙසං නො ජාතිවාදස‍්මිං විවාදො අත්‍ථි ගොතම, ජාතියා බ්‍රාහ‍්මණො හොති භාරද‍්වාජො ඉති භාසති අහඤ‍්ච කම‍්මනා බ්‍රූමි එවං ජානාහි චක‍්ඛුම.
ගෞතමයන් වහන්ස, ඒ අප අතර ජාතිවාදයෙහි ලා විවාදයෙක් ඇත. භාරද්වාජ මාණවක ‘ජාතියෙන් බ්‍රාහ්මණ වේ’ යයි කියයි. මම වනාහි ‘කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ’ යයි කියමි, පසැස් ඇත්තව, (තෙල විවාදය) මෙසේ දනුමැනැවැ.
තෙ න සක‍්කොම ඤාපෙතුං අඤ‍්ඤමඤ‍්ඤං මයං උභො භගවන‍්තං පුට‍්ඨුමාගම‍්ම සම‍්බ්‍රූද‍්ධං ඉති විස‍්සුතං.
ඒ අපි දෙදෙනමෝ උනුන් හඟවන්නට නො හැක්කම්හ. ලෝවැසි දෙවියෝ බදැඳිලි වූවාහු වෙත එළඹ පරිපූර්‍ණ චන්‍ද්‍රමණ්ඩලය වඳනා සෙයින් මෙසේ ගෞතමයන් වහන්සේ පසසමින් නමදිත් ද, මෙසේ විශ්‍රැත වූ ලෝකයෙහි පහළ ඇසක් වැනි වූ භගවත් සම්බුද්ධ ගෞතමයන් වහන්සේ පුළුවුස්නට අවුදු අපි පුළුවුසුම්හ:
චන්‍දං යථා ඛයාතීතං පෙච‍්ච පඤ‍්ජලිකා ජනා වන්‍දමානා නමස‍්සන‍්ති ලොකස‍්මිං ගොතමං චක‍්ඛුං ලොකෙ සමුප‍්පන‍්නං මයං පුච‍්ඡාම ගොතමං
ජාතියා බ්‍රාහ‍්මණො හොති උදාහු භවති කම‍්මනා අජානතංනො පබ්‍රූහි යථා ජානෙමු බ්‍රාහ‍්මණන‍්ති.
ජාතියෙන් බ්‍රාහ්මණ වේ ද, නොහොත් කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ දැ? යි බ්‍රාහ්මණ විනිශ්චය යම් පරිදි දනුමෝ ද, එපරිදි, නො දන්නා අපට වදාළ මැනැවි.
තෙසං වොහං ව්‍යාවික‍්ඛිස‍්සං (වාසෙට‍්ඨාති භගවා) අනුපුබ‍්බං යථාතථං ජාතිවිභඞ‍්ගං පාණානං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.
(‘වාසෙට්ඨයෙනි’යි බුදුහු ඇමැතූසේක.) මම ඒ තොපට ප්‍රාණයන්ගේ ජාති විභාගය (ජාතිවිස්තරය) ඇති සැටි අනුපූර්‍ව කොට විවරණ කරමි. ජාතීහු අන්‍යෝන්‍යයහ. (නානාප්‍රකාරයහ).
තිණරුක‍්ඛෙපි ජානාථ න චාපි පටිජානරෙ ලිඞ‍්ගං ජාතිමයං තෙසං, අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.
(‘අපි තෘණයම්හ’ ‘අපි වෘක්‍ෂයම්හ’යි) යම් තෘණ වෘක්‍ෂ කෙනෙක් වෙන වෙන නො දනිත් ද, ඒ තෘණ වෘක්‍ෂයනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
තතො කීටෙ පටඞ‍්ගෙ ච යාව කුන්‍ථකිපිල‍්ලිකෙ ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.
ඉන් මතු (උපදින්නකයන් කෙරෙහි) කුරුකුහුඹුවන් තෙක් පණුවනුදු පළඟැටියනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
චතුප‍්පදෙපි ජානාථ ඛුද‍්දකෙ ච මහල‍්ලකෙ ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.
(ලෙහෙනුන් ආදී) කුඩාසතුනුදු (බළලුන් ආදී) මහසතුනුදු මෙසේ චතුෂ්පදජාතීනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
පාදූදරෙපි ජානාථ උරගෙ දීඝපිට‍්ඨිකෙ ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.
දික් පිටු ඇති උරින් යන විෂධරයනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
තතො මච‍්ඡෙපි ජානාථ උදකෙ වාරිගොචරෙ ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.
ඉක්බිති දියෙහි උපන් ජලය ගෝචර කොට ඇති මසුනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
තතො පක‍්ඛීපි ජානාථ පත‍්තයානෙ විහඞ‍්ගමෙ ලිඞ‍්ගං ජාතිමයං තෙසං අඤ‍්ඤමඤ‍්ඤා හි ජාතියො.
ඉක්බිති පියාපත් යාන කොට ඇති අහසැ ඇවිදුනා ලිහිණිනුදු දනුව, උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
යථා එතාසු ජාතීසු ලිඞ‍්ගං ජාතිමයං පුථු එවං නත්‍ථි මනුස‍්සෙසු ලිඞ‍්ගං ජාතිමයං පුථු.
යම් පරිදි තෙල ජාතියෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග ඇත්ද, එපරිදි මිනිසුන් කෙරෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග නැත.
න කෙසෙහි න සීසෙහි න කණ‍්ණෙහි න අක‍්ඛීහි, න මුඛෙන න නාසාය න ඔට‍්ඨෙහි භමූහි වා.
(ලිඞ්ගභේදයෙක්) කේශයෙන් නැත, හිසින් නැත, කනින් නැත, ඇසින් නැත, මුවින් නැත, නැහැයෙන් නැත, තොලින් නැත, බැමිනුදු නැත.
න ගීවාය න අංසෙහි න උදරෙන න පිට‍්ඨියා න සොණියා න උරසා න සම‍්බාධෙ න මෙථුනෙ.
ග්‍රීවායෙන් නැත, අංශයෙන් නැත, උදරයෙන් නැත, පිටින් නැත, ශ්‍රෝණියෙන් නැත, උරයෙන් නැත, සම්බාධයෙහි නැත, මෛථුනයෙහි නැත.
න හත්‍ථෙහි න පාදෙහි නාඞ‍්ගුලීහි නඛෙහි වා, න ජඞ‍්ඝාහි න ඌරූහි න වණ‍්ණෙන සරෙන වා ලිඞ‍්ගං ජාතිමයං නෙව යථා අඤ‍්ඤාසු ජාතිසු.
අතින් නැත, පයින් නැත, ඇඟිල්ලෙන් නැත, නියෙන් නැත, දඟින් නැත, කලවෙයින් නැත, පැහැයෙන් නැත, ස්වරයෙන් අන්‍යජාතීන්හි සෙයින් ජාතිමය ලිඞ්ග නැත් මැ යි.
පච‍්චත‍්තං ච සරීරෙසු මනුස‍්සෙස‍්වෙතං න විජ‍්ජති වොකාරඤ‍්ච මනුස‍්සෙසු සමඤ‍්ඤාය පවුච‍්චති.
(බ්‍රාහ්මණාදි භෙදවත්) මිනිස් සිරුරෙහි වෙන වෙන තෙල (ජාතිමය ලිඞ්ගය) නො පැනේ. මිනිසුන් කෙරෙහි නානාත්‍වය ද ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ.
යො හි කොචි මනුස‍්සෙසු ගොරක‍්ඛං උපජීවති එවං වාසෙට‍්ඨ ජානාහි කස‍්සකො සො න බ්‍රාහ‍්මණො.
මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් කෘෂිකර්‍මයෙන් දිවිරක්නේ ද, වාසෙට්ඨයෙනි, මෙසේ හේ “ගොවියෙක, බමුණු නො වේ” යයි දනුව.
යො හි කොචි මනුස‍්සෙසු පුථුසිප‍්පෙන ජීවති එවං වාසෙට‍්ඨ ජානාහි සිප‍්පිකො සො න බ්‍රාහ‍්මණො.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් නොයෙක් ශිල්පයෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “ශිල්පියෙක, බමුණු නො වේ” යයි දනුව.
යො හි කොචි මනුස‍්සෙසු වොහාරං උපජීවති එවං වාසෙට‍්ඨ ජානාහි වාණිජො සො න බ්‍රාහ‍්මණො.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් වෙණදහමින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “වෙළෙඳෙක, බමුණු නො වේ” යයි දනුව.
යො හි කොචි මනුස‍්සෙසු පරපෙස‍්සෙන ජීවති එවං වාසෙට‍්ඨ ජානාහි පෙස‍්සිකො සො න බ්‍රාහ‍්මණො.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් පරනට මෙහෙ කිරීමෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “මෙහෙකරුවෙක, බමුණු නො වේ” යයි දනුව.
යො හි කොචි මනුස‍්සෙසු අදින‍්නං උපජීවති එවං වාසෙට‍්ඨ ජානාහි චොරො එසො න බ්‍රාහ‍්මණො.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් අයිනාදනින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “සොරෙක, බමුණු නො වේ” යයි දනුව.
යො හි කොචි මනුස‍්සෙසු ඉස‍්සත්‍ථං උපජීවති එවං වාසෙට‍්ඨ ජානාහි යොධාජීවො න බ්‍රාහ‍්මණො.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් ආයුධයෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “යෝධාජීව යෙක, බමුණු නො වේ” යයි දනුව.
යො හි කොචි මනුස‍්සෙසු පොරොහිච‍්චෙන ජීවති එවං වාසෙට‍්ඨ ජානාහි යාජකො සො න බ්‍රාහ‍්මණො.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් පෙරෙවිකමින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “යාජකයෙක, බමුණු නො වේ” යයි දනුව.
යො හි කොචි මනුස‍්සෙසු ගාමං රට‍්ඨඤ‍්ච භුඤ‍්ජති එවං වාසෙට‍්ඨ ජානාහි රාජා එසො න බ්‍රාහ‍්මණො.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් ගමත් රටත් පරිභෝග කෙරේ ද, මෙසෙයින් හේ “රජෙක, බමුණු නො වේ” යයි දනුව.
න චාහං බ්‍රාහ‍්මණං බ්‍රූමි යොනිජං මත‍්තිසම‍්භවං භොවාදී නාම සො හොති සචෙ හොති සකිඤ‍්චනොඅකිඤ‍්චනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
මම යෝනිජමාතෘසම්භව මාත්‍රයෙන් ‘බමුණු’යයි නො කියමි. ඉදින් හේ (රාගාදි) පලිබෝධ සහිත වේ නම් ‘භො වාදී’ නම් වෙයි. (රාගාදි) පලිබෝධ නැති ආදාන නැති (ග්‍රහණ හැරපී) ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
සබ‍්බසඤ‍්ඤොයොජනං ඡෙත්‍වා යො වෙ න පරිතස‍්සති සඞ‍්ගාතිගං විසඤ‍්ඤුත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් ඒකාන්තයෙන් සියලු සංයෝජනයන් සිඳ තෘෂ්ණා නො කෙරේ ද, (රාගාදි) සඞ්ගයන් ඉක්ම ගිය (සතර යෝනියෙන් හා සියලු කෙලෙසුන් කෙරෙන්) වෙන් වූ ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
ඡෙත්‍වා නන්‍දිං වරත‍්තඤ‍්ච, සන්‍දානං සහනුක‍්කමං උක‍්ඛිත‍්තපළිඝං බ්‍රූද‍්ධං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
(බද්ධවෛර සඞ්ඛ්‍යාත) බහන ද (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) වරපට ද (දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන සඞ්ඛ්‍යාත) පාශය ද (දෘෂ්ට්‍යනුශය සඞ්ඛ්‍යාත) ගණ්ඪිය ද සිඳ නඟා හළ (අවිද්‍යා සඞ්ඛ්‍යාත) අගුළු ඇති, චතුස්සත්‍යය අවබෝධ කළ ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
අක‍්කොසං වධබන්‍ධඤ‍්ච අදුට‍්ඨො යො තිතික‍්ඛති තිඛන‍්තිබලං බලාණීකං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් අදුෂ්ට වැ අක්‍රෝශ හා වධ බන්‍ධ සෙහේ ද, ක්‍ෂාන්තිබල ඇති ක්‍ෂාන්ති සඞ්ඛ්‍යාත බල ඇණි ඇති, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
අක‍්කොධනං වතවන‍්තං සීලවන‍්තං අනුස‍්සදං දන‍්තං අන‍්තිමසාරීරං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
ක්‍රෝධ රහිත වූ ධුතාඞ්ග ඇති ධුතාඞ්ගව්‍රත ඇති, සිල්වත් වූ ගුණවත් වූ (රාගාදි) උත්සද නැති, දාන්ත වූ අන්තිමශරීරධර වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
වාරිපොක‍්ඛරපත‍්තෙව ආරග‍්ගෙරිව සාසපො යො න ලිප‍්පති කාමෙසු තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
පොකුරුපත හුන් දිය සෙයින් හිදි අග හුන් හබ සෙයින් යමෙක් කාමයෙහි නො ලැගේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යො දුක‍්ඛස‍්ස පජානාති ඉධෙව ඛයමත‍්තනො පන‍්නභාරං විසංයුත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් දුඃඛය දන්නේ ද, මෙ ඇතබැව මැ තමා ගේ දුඃඛක්‍ෂය දන්නේ ද, බහා තැබූ කෙලෙසේ බර ඇති, සියලු කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
ගම‍්භීරපඤ‍්ඤං මෙධාවිං මග‍්ගාමග‍්ගස‍්ස කොවිදං උත‍්තමත්‍ථමනුප‍්පත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
ගැඹුරු අරමුණෙහි පැවැති පැන ඇති ප්‍රකෘති ප්‍රඥායෙන් ප්‍රඥාවත් වූ මාර්‍ගාමාර්‍ග පිළිබඳ කෝවිදයකු වූ උත්තමාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණි ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
අසංසට‍්ඨං ගහට‍්ඨෙහි අනාගාරෙහි චූභයං අනොකසාරිං අප‍්පිච‍්ඡං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
ගෙවැසියන් හා ද අනගාරිකයන් හා දැ’යි දෙපස හා නො හැනුණු පඤ්චකාමගුණයෙහි නො ඇලුණු අල්පෙච්ඡ වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
නිධාය දණ‍්ඩං භූතෙසු තසෙසු ථාවරෙසු ච යො න හන‍්ති න ඝාතෙති තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
භූත තස ථාවර සත්ත්‍වයන් කෙරෙහි දඬුවම් බහා තබා යමෙක් හිංසා නො කෙරේ ද, ඝාතන නො කෙරේ ද, මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
අවිරුද‍්ධං විරුද‍්ධෙසු අත‍්තදණ‍්ඩෙසු නිබ‍්බුතං සාදානෙසු අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
දඬුගත් වෛරීන් කෙරෙහි අවිරුද්ධ වූ (කලේශනිර්‍වාණයෙන්) නිවුණු උපාදාන සහිතයන් කෙරෙහි අනුපාදාන වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යස‍්ස රාගො ච දොසො ච මානො මක‍්ඛො ච ඔහිතො සාසපොරිව ආරග‍්ගා තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමක්හුගේ රාගද්‍වේෂමාන හා ම්‍රක්‍ෂය ද හිදි අගින් ගිලිහුණු අබැටක් සෙයින් බහා තැබිණි ද ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
අකක‍්කසං විඤ‍්ඤපනිං ගිරං සච‍්චං උදීරයෙ යාය නාභිසජෙ කිඤ‍්චි තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යම් වචනයෙකින් කිසිවකුත් නො ඝටා ද, කැකුළු නො වූ පෙහෙසුන් නො වූ එ බඳු සත්‍ය වචන බෙණේ නම් මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යො ච දීඝං ව රස‍්සං වා අණුං ථූලං සුභාසුභං ලොකෙ අදින‍්නං නාදියති තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් ලෝකයෙහි වැටෙන දීර්‍ඝ වූ ත් භ්‍රස්ව වූ ත් සියුම් වූත් දළ වූ ත් ශුභාශුභ අයිනාදන් නො ගනී ද, මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
ආසා යස‍්ස න විජ‍්ජන‍්ති අස‍්මිං ලොකෙ පරම‍්හි ච නිරාසයං විසංයුත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක්හට මෙලොව්හි දු පරලොව්හි දු ආශාවෝ නැද්ද, තෘෂ්ණා රහිත වූ එහෙයින් මැ විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යස‍්සාලයා න විජ‍්ජන‍්ති අඤ‍්ඤාය අකථංකථී. අමතොගධං අනුප‍්පත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක්හට තෘෂ්ණාලයයෝ නැද්ද, දැනීම හේතු කොට කථඞ්කථා සඞ්ඛ්‍යාත සැක නැද්ද, අමා තුළට පැමිණි ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යොධ පුඤ‍්ඤඤ‍්ච පාපඤ‍්ච උභො සඞ‍්ගං උපච‍්චගා අසොකං විරජං සුද‍්ධං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
මෙලොවැ යමෙක් පුණ්‍යපාප සඞ්ඛ්‍යාත උභය සඞ්ගය ඉක්ම ගියේ වේ ද, ශෝක රහිත වූ රජස් රහිත වූ ශුද්ධ වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
චන්‍දං ව විමලං සුද‍්ධං විප‍්පසන‍්නමනාවිලං නන්‍දීභවපරික‍්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
විමල පරිශුද්ධ චන්‍ද්‍රමණ්ඩලය සෙයින් විප්‍රසන්න වූ (රාගාදීන්) අනාවිල වූ ක්‍ෂය කළ තෘෂ්ණාව හා භවය ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යො ඉමං පළිපථං දුග‍්ගං සංසාරං මොහමච‍්චගා තිණ‍්ණො පාරගතො ඣායී අනෙජො අකථඞ‍්කථී අනුපාදාය නිබ‍්බුතො තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් විසංවාදකාර්‍ත්‍ථයෙන් පලිපථ වූ දුර්‍ග වූ සංසරණයට කාරණ වූ මෝහය ඉක්ම සිටියේ වේ ද, චතුරෝඝය තරණය කෙළේ නිර්‍වාණ පාරයට ගියේ ධ්‍යාන කරනුයේ නිෂ්තෘෂ්ණා වූයේ විමති නැතියේ උපාදාන වශයෙන් නො ගෙන පිරිනිවියේ වේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යොධ කාමෙ පහත්‍වාන අනාගාරො පරිබ‍්බජෙ කාමභවපරික‍්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් මෙලොවැ කාම හැර පියා ගිහිගෙයින් නික්මියේ පැවිද්දට පැමිණෙන්නේ වේ ද, ක්‍ෂය කළ කාම හා භව ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යොධතණ‍්හං පහත්‍වාන අනාගාරො පරිබ‍්බජෙ තණ‍්හාභවපරික‍්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් මෙලොවැ තෘෂ්ණාව පියා ගිහිගෙයින් නික්මියේ පැවිද්දට පැමිණෙන්නේ වේ ද, ක්‍ෂය කළ තෘෂ්ණා හා භව ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
හිත්‍වා මානුසකං යොගං දිබ‍්බං යොගං උපච‍්චගා සබ‍්බයොගවිසංයුත‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
මානුසක පස්කම්ගුණ යෝගය පියා දිව්‍ය පඤ්චකාමගුණ යෝගය ඉක්ම ගියේ වේ ද, මෙසේ සර්‍වයෝග විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
හිත්‍වා රතිඤ‍්ච අරතිං සීතීභූතං නිරූපධිං සබ‍්බලොකාභිභුං වීරං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
පඤ්චකාමගුණ රතිය හා කුශලභාවනායෙහි අරතිය පියා ශීතිභූත වූ උපධි රහිත වූ සියලු ලොව මැඩසිටුනා වැඩූ වැර ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
චුතිං යො වෙදි සත‍්තානං උපපත‍්තිඤ‍්ච සබ‍්බසො අසත‍්තං සුගතං බුද‍්ධං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුතිය දත්තේ වේ ද, සර්‍වප්‍රකාරයෙන් උප්පත්තිය ද දත්තේ වේ ද, නො ලැගුණු මනා ගති ඇති, සිව්සස් දත් ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යස‍්ස ගතිං න ජානන‍්ති දෙවා ගන්‍ධබ‍්බමානුසා ඛීණාසවං අරහන‍්තං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
දෙවියන් හා ගාන්‍ධර්‍වමනුෂ්‍යයෝ යමක්හුගේ නිෂ්පත්තිය නො දනිත් ද, ක්‍ෂීණාස්‍රව වූ අර්‍හත් වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යස‍්ස පුරෙ ච පච‍්ඡා ච මජ‍්ඣෙ ච නත්‍ථි කිඤ‍්චනං අකිඤ‍්චනං අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
අතීතයෙහිත් අනාගතයෙහිත් ප්‍රත්‍යුත්පන්නයෙහිත් යමක්හුගේ කිඤ්චනාඛ්‍ය කෙලෙස් නැද්ද, කිඤ්චන රහිත වූ (කෙලෙස් විසින්) ආදාන රහිත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
උසභං පවරං වීරං මහෙසිං විජිතාවිනං අනෙජං නහාතකං බුද‍්ධං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
ශ්‍රේෂ්ඨ වූ ප්‍රවර වූ වැඩූ වැර ඇති, මහර්ෂී වූ දුනු සඞ්ග්‍රාම ඇති නිෂ්තෘෂ්ණ වූ සෝධා හළ කෙලෙස් ඇති සිව්සස් දත් ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
පුබ‍්බෙනිවාසං යො වෙදි සග‍්ගාපායඤ‍්ච පස‍්සති අථො ජාතික‍්ඛයං පත‍්තො තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණං.
යමෙක් පූර්‍වනිවාසය දන්නේ ද සවර්‍ගාපාය දෙකත් දක්නේ ද, ඉක්බිති ජාතික්‍ෂයට පැමිණියේ වේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
සමඤ‍්ඤා’ හෙසා ලොකස‍්මිං නාමගොත‍්තං පකප‍්පිතං සමුච‍්ච සමුදාගතං තත්‍ථ තත්‍ථ පකප‍්පිතං.
(නෑසහලේනෑ ආදීන් විසින්) කරනලද නාමගෝත්‍රයෙක් ඇද්ද ලෝකයෙහි තෙල ව්‍යවහාර මාත්‍රයෙකි. දීර්‍ඝරාත්‍රයෙහි අනුශය වශයෙන් බැස සිටි දෘෂ්ටිගතය නො දත නෑයන් විසින් ඒ ඒ තන්හි (ජාත කාලයෙහි) කරනලද (නාමගෝත්‍රය) සමනුඥායෙන් පහළ වූයෙකි. එය නො දන්නාහු ‘ජාතියෙන් බ්‍රාහ්මණයහ’යි කියත්.
දීඝරත‍්තමනුසයිතං දිට‍්ඨීගතමජානතං අජානන‍්තා නො පබ්‍රුවන‍්ති ජාතියා හොති බ්‍රාහ‍්මණො.
න ජච‍්චා බ්‍රාහ‍්මණො හොති, න ජච‍්චා හොති අබ්‍රාහ‍්මණො කම‍්මනා බ්‍රාහ‍්මණො හොති කම‍්මනා හොති අබ්‍රාහ‍්මණො
ජාතියෙන් බ්‍රාහ්මණ නො වෙයි, ජාතියෙන් අබ්‍රාහ්මණත් නො වෙයි, කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙයි, කර්‍මයෙන් අබ්‍රාහ්මණත් වෙයි.
කස‍්සකො කම‍්මනා හොති සිප‍්පිකො හොති කම‍්මනා වාණිජො කම‍්මනා හොති පෙස‍්සිකො හොති කම‍්මනා.
(කෘෂිකර්‍මාදිය නිපයන චේතනා) කර්‍මයෙන් කර්‍ෂක වෙයි, කර්‍මයෙන් ශිල්පික වෙයි, කර්‍මයෙන් වාණිජ වෙයි, කර්‍මයෙන් ප්‍රෙෂ්‍යක වෙයි.
චොරොපි කම‍්මනා හොති යොධාජීවොපි කම‍්මනා යාජකො කම‍්මනා හොති රාජාපි හොති කම‍්මනා.
කර්‍මයෙන් චෞර වෙයි, කර්‍මයෙන් යෝධාජීව ද වෙයි, කර්‍මයෙන් යාජක (යාග කරනු) වෙයි, කර්‍මයෙන් රජත් වෙයි.
එවමෙතං යථාභූතං කම‍්මං පස‍්සන‍්ති පණ‍්ඩිතා පටිච‍්චසමුප‍්පාදදසා කම‍්මවිපාකකොවිදා.
මෙසේ ප්‍රතීත්‍යසමුත්පාදය දක්නා කර්‍මවිපාකඥානයෙහි කෝවිද වූ පණ්ඩිතයෝ තෙල යථාභූත කර්‍මාර්‍ත්‍ථය දක්නාහ.
කම‍්මනා වත‍්තති ලොකො කම‍්මනා වත‍්තති පජා කම‍්මනිබන්‍ධනා සත‍්තා රථස‍්සාණීව යායතො.
ලෝකය කර්‍මයෙන් වැටේ. ප්‍රජාව කර්‍මයෙන් වැටෙයි. යන රථයක්හුගේ අකුරග ඇණය සෙයින් සත්ත්‍වයෝ කර්‍මය නිබන්‍ධන කොට ඇත්තාහ.
තපෙන බ්‍රහ‍්මචරියෙන සංයමෙන දමෙන ච එතෙන බ්‍රාහ‍්මණො හොති එතං බ්‍රාහ‍්මණමුත‍්තමං.
ධුතාඞ්ග තපසිනුදු මෛථුන විරතියෙනුදු ශීලයෙනුදු ඉන්‍ද්‍රියදමනයෙනුදු මෙසේ මෙයින් බ්‍රාහ්මණ වේ. තෙල කර්‍මය උතුම් බ්‍රාහ්මණභාව එළවන ගුණ යි.
තීහි විජ‍්ජාහි සම‍්පන‍්නො සන‍්තො ඛීණපුනබ‍්භවො, එවං වාසෙට‍්ඨ ජානාහි බ්‍රහ‍්මා සක‍්කො විජානතන‍්ති.
ත්‍රිවිද්‍යායෙන් සමෘද්ධ වූ සන්හුන් කෙලෙස් ඇති ක්‍ෂය කළ පුනර්‍භවය ඇති යමෙක් වේ ද, ඔහු වාසෙට්ඨය, මෙසේ ‘බ්‍රහ්මයහ’යි ද ‘ශක්‍රයහ’යි ද නුවණැතියන්ගේ බසින් දනුව.
එවං වුත‍්තෙ වාසෙට‍්ඨභාරද‍්වාජා මාණවා භගවන‍්තං එතදවොචුං: අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම, සෙය්‍යථාපි භො ගොතම, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍යා. අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො, එතෙ මයං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතෙති.
මෙසේ වදාළ කළ ‘වාසෙට්ඨ’ යැ ‘භාරද්වාජ’යැ යන දෙමණෙවුහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ බඳුනක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ වේ ද, මංමුළාවූවක්හට හෝ මාර්‍ගය කියන්නේ වේ ද, “ඇස් ඇත්තෝ රූප දක්නාහ” යි අඳුරෙහි හෝ තෙල්පහනක් ධරන්නේ වේ ද, එපරිදි මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් දහම් දෙසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට අප ප්‍රාණොපේත සරණ ගිය උපාසකයන් කොට ධරත්වා.
වාසෙට‍්ඨසුත‍්තං අට‍්ඨමං.
අට වැනි වාසෙට්ඨසූත්‍ර යි.