වාසෙට්ඨසුත්තවණ්ණනා අට්ඨකථා
වාසෙට්ඨසුත්තවණ්ණනා
වාසෙට්ඨ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති වාසෙට්ඨසුත්තං. තත්ථ ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙති ඉච්ඡානඞ්ගලගාමස්ස අවිදූරෙ වනසණ්ඩෙ. චඞ්කීති ආදයො පඤ්චපි ජනා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පුරොහිතා එව. අඤ්ඤෙ ච අභිඤ්ඤාතාති අඤ්ඤෙ ච බහූ අභිඤ්ඤාතා බ්රාහ්මණා. තෙ කිර ඡට්ඨෙ ඡට්ඨෙ මාසෙ ද්වීසු ඨානෙසු සන්නිපතන්ති. යදා ජාතිං සොධෙතුකාමා හොන්ති, තදා පොක්ඛරසාතිස්ස සන්තිකෙ ජාතිසොධනත්ථං උක්කට්ඨාය සන්නිපතන්ති. යදා මන්තෙ සොධෙතුකාමා හොන්ති, තදා ඉච්ඡානඞ්ගලෙ සන්නිපතන්ති. ඉමස්මිං කාලෙ මන්තසොධනත්ථං සන්නිපතිංසු. අයමන්තරා කථාති යං අත්තනො සහායකභාවානුරූපං කථං කථෙන්තා අනුවිචරිංසු, තස්සා කථාය අන්තරා අයමඤ්ඤා කථා උදපාදි. සීලවාති ගුණවා. වත්තසම්පන්නොති ආචාරසම්පන්නො.
එවම්මෙසුතං යනු වාසෙට්ඨ සුත්‍රයයි. එහි ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ ඉචඡානංගල ගමට නුදුරෙහි වනළැහැබෙහි චංකී ආදී පස්දෙන පසෙනදී කොසොල් රජුගේ පුරෝහිතයෝය. අඤ්ඤෙච අභිඤ්ඤතා අන්‍ය වූ බොහෝ ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෝ, ඔවුහු මාස හයකට වරක් දෙතැනක රැස්වෙති. යම් කලෙක ජාතිය පිරිසිදු කිරීමෙහි කැමැත්තෝ වෙත්ද එකල්හි පොක්ඛරසාතීගේ සමීපයෙහි ජාතිය පිරිසිදු කිරීම පිණිස උක්කට්ඨානුවර රැස් වෙති. යම් කලෙක මන්ත්‍ර පිරිසිදු කරනු කැමැත්තෝ වෙත්ද එකල්හි ඉචඡානංගල ගමෙහි රැස්වෙති. මේ කාලයෙහි මන්ත්රශෝධනය සඳහා එහි රැස්වූහ. අයමන්තරා කථා තමාගේ සහායභාවයට සුදුසුවූ යම්කථාවක් කරන්නේ අනුව හැසිරුණාහ. ඒ කථාව අතරතුර තවත් කතාවක් ඇතිවිය. සීලවා ගුණාවත්. වත්තසම්පන්නො ආචාර සම්පන්න
අනුඤ්ඤාතපටිඤ්ඤාතාති සික්ඛිතා තුම්හෙති එවං ආචරියෙහි අනුඤ්ඤාතා, ආම ආචරිය සික්ඛිතම්හාති එවං සයඤ්ච පටිඤ්ඤාතා. අස්මාති භවාම. අහං පොක්ඛරසාතිස්ස, තාරුක්ඛස්සායං මාණවොති අහං පොක්ඛරසාතිස්ස ජෙට්ඨන්තෙවාසී අග්ගසිස්සො, අයං තාරුක්ඛස්සාති දීපෙති.
අනුඤ්ඤත පටිඤ්ඤතා තෙපි හික්මෙවු යයි මෙසේ ගුරුවරුන් විසින් අනුදන්නාලද, එසේය ගුරුතුමනි, භික්මුණෙමුයි මෙසේ තමාද ප්රතිඥාත වූහ. අසම වෙමු. අහං පොක්ඛරසාතිස්සරු තාරුක්ඛස්සායං මානවො මම පොක්ඛරර රසාතිගේ දෙටු අතවැසියාය. අග්රශීෂ්යයාය මොහු තාරුක්ඛගේ අතවැසියායැයි දක්වයි.
තෙවිජ්ජානන්ති තිවෙදානං බ්රාහ්මණානං. යදක්ඛාතන්ති යං අත්ථතො ච බ්යඤ්ජනතො ච එකං පදම්පි අක්ඛාතං. තත්ර කෙවලිනොස්මසෙති තං සකලං ජානනතො තත්ථ නිට්ඨාගතම්හාති අත්ථො. ඉදානි තං කෙවලිභාවං ආවිකරොන්තො පදකස්මාතිආදිමාහ. තත්ථ ජප්පෙ ආචරියසාදිසාති කථනට්ඨානෙ මයං ආචරියසදිසායෙව.
තෙවිජ්ජානං ත්රිවේදය දත් බමුණන්ගේ යදක්ඛාතං යමක් අර්ථවශයෙන් ද ව්‍යඤ්ජන වශයෙන්ද එක් පදයක්වත් කියන ලදී. එහි කෙවලිනො සමසෙ ඒ සියල්ල දන්නා නිසා එහි නිෂ්ඨාවට ගියෝ වෙමුයි යන අර්ථයි. දැන් ඒ කේවලභාවය එළිදරවු කරන්නේ පදකස්මා ආදිය කීය. එහි ජප්පෙ ආවරිය සදිසා කථාකරන ස්ථානයෙහි අපි ගුරුවරයා බඳු වෙමු.
කම්මුනාති දසකුසලකම්මපථකම්මුනා. අයඤ්හි පුබ්බෙ සත්තවිධං කායවචීකම්මං සන්ධාය “යතො ඛො, භො, සීලවා හොතී”ති ආහ, තිවිධං මනොකම්මං සන්ධාය “වත්තසම්පන්නො”ති. තෙන සමන්නාගතො හි ආචාරසම්පන්නො හොති. චක්ඛුමාති පඤ්චහි චක්ඛූහි චක්ඛුමන්තභාවෙන භගවන්තං ආලපති.
කම්මනා දශකුශලකර්ම පථ කර්මයෙන් මොහු පෙර සප්තවිධවූ කායවචී කර්මය සඳහා යතො ඛො හො සීලවාහොති ආදිය කීය. ත්‍රිවිධ මනෝ කර්මය සඳහා චිත්ත සම්පන්නො යයිද එයින් යුත් තැනැත්තේ ආචාර සම්පන්න වෙයි. චක්ඛුමා පසැසින් ඇස්ඇති බැවින් භාග්‍යවතුන් වහන්සේ අමතයි.
ඛයාතීතන්ති ඌනභාවං අතීතං, පරිපුණ්ණන්ති අත්ථො. පෙච්චාති උපගන්ත්වා. නමස්සන්තීති නමො කරොන්ති.
බයාතීතං අඩුබව ඉක්මගිය බව පරිපුර්ණය යන අර්ථයි. පෙච්ච එළඹ නමස්සන්ති නමස්කාර කරති.
චක්ඛුං ලොකෙ සමුප්පන්නන්ති අවිජ්ජන්ධකාරෙ ලොකෙ තං අන්ධකාරං විධමිත්වා ලොකස්ස දිට්ඨධම්මිකාදිඅත්ථදස්සනෙන චක්ඛු හුත්වා සමුප්පන්නං.
චක්ඛුං ලොකෙ සමුප්පන්නං අවිද්යාන්ධකාර ලෝකයෙහි ඒ අන්ධකාරය දුරුකර ලෝකයට දිට්ඨ ධම්මික ආදී අර්ථදර්ශනයෙන් ඇසක්වී
එවං වාසෙට්ඨෙන ථොමෙත්වා යාචිතො භගවා ද්වෙපි ජනෙ සඞ්ගණ්හන්තො තෙසං වො අහං බ්යක්ඛිස්සන්තිආදිමාහ. තත්ථ බ්යක්ඛිස්සන්ති බ්යාකරිස්සාමි. අනුපුබ්බන්ති තිට්ඨතු තාව බ්රාහ්මණචින්තා, තිණරුක්ඛකීටපටඞ්ගතො පට්ඨාය අනුපටිපාටියා ආචික්ඛිස්සාමීති අත්ථො. ජාතිවිභඞ්ගන්ති ජාතිවිත්ථාරං. අඤ්ඤමඤ්ඤා හි ජාතියොති තෙසං තෙසඤ්හි පාණානං ජාතියො අඤ්ඤමඤ්ඤා නානප්පකාරාති අත්ථො.
මෙසේ වාසට්ඨ විසින් ස්තුතිකොට ඉල්ලාසිටින ලද. භාග්‍යවතුන් වහන්සේ දෙදෙනාටම සංග්‍රහ කරනසේක් තෙසං වොහං ව්යක්ඛිස්සන්ති ආදිය කියූ සේක. එහි ව්යක්ඛස්සං ප්‍රකාශ කරන්නෙමි. අනුපුබ්බං බ්‍රාහ්මණ චිත්තාව තිබීයේවා තණ රුක් කීට පතඞ්ගයන්ගේ පටන් පිළිවෙළින් කියන්නෙමි යන අර්ථයි. ජාතිවිභඞ්ගං ජාති විස්තරය ජාතිහු අන්‍යොන්‍යය ඒ ඒ ප්‍රාණීන්ගේ ජාතීහු අන්‍යොන්‍යව නානාප්රකාරය යන අර්ථයි.
තිණරුක්ඛෙති අනුපාදින්නකජාතිං කත්වා පච්ඡා උපාදින්නකජාතිං කථෙස්සාමි, එවං තස්ස ජාතිභෙදො පාකටො භවිස්සතීති ඉමං දෙසනං ආරභි. මහාසීවත්ථෙරො පන “කිං, භන්තෙ, අනුපාදින්නකං බීජනානතාය නානං, උපාදින්නං කම්මනානතායාති? එවං වත්තුං න වට්ටතී”ති පුච්ඡිතො ආම න වට්ටති. කම්මඤ්හි යොනියං ඛිපති. යොනිසිද්ධා ඉමෙ සත්තා නානාවණ්ණා හොන්තීති. තිණරුක්ඛෙති එත්ථ අන්තොඵෙග්ගූ බහිසාරා අන්තමසො තාලනාළිකෙරාදයොපි තිණානෙව, අන්තොසාරා පන බහිඵෙග්ගූ සබ්බෙ රුක්ඛා නාම. න චාපි පටිජානරෙති මයං තිණා මයං රුක්ඛාති වා, අහං තිණං, අහං රුක්ඛොති වා එවං න ජානන්ති. ලිඞ්ගං ජාතිමයන්ති අජානන‍්තානම‍්පි ච තෙසං ජාතිමයමෙව සණ්ඨානං අත්තනො මූලභූතතිණාදිසදිසමෙව හොති. කිං කාරණා? අඤ්ඤමඤ්ඤා හි ජාතියො. යස්මා අඤ්ඤා තිණජාති, අඤ්ඤා රුක්ඛජාති. තිණෙසුපි අඤ්ඤා තාලජාති, අඤ්ඤා නාළිකෙරජාති, එවං විත්ථාරෙතබ්බං. ඉමිනා ඉදං දස්සෙති – යං ජාතිවසෙන නානා හොති, තං අත්තනො පටිඤ්ඤං පරෙසං වා උපදෙසං විනාපි අඤ්ඤජාතිතො විසෙසෙන ගය්හති. යදි ච ජාතියා බ්රාහ්මණො භවෙය්ය, සොපි අත්තනො පටිඤ්ඤං පරෙසං වා උපදෙසං විනා ඛත්තියතො වෙස්සතො සුද්දතො වා විසෙසෙන ගය්හෙය්ය, න ච ගය්හති. තස්මා න ජාතියා බ්රාහ්මණොති. පරතො පන “යථා එතාසු ජාතීසූ”ති ගාථාය එතමත්ථං වචීභෙදෙනෙව ආවිකරිස්සති.
තිණරුක්ඛෙ අනුපාදිණ්ණක ජාතිය කියා පසුව උපාදිණ්ණක ජාතිය කියන්නෙමි. මේ අයුරින් ඔහුට ජාතිභේදය ප්‍රකට වන්නේයයි මේ දේශනාව ආරම්භ කළ සේක. මහාසීවලි තෙරුන් වහන්සේ ස්වාමීනි. අනුපාදිණ්ණකය බීජ නානාත්වය නිසා නානා ප්‍රකාර වන්නේද කම්මනානාත්වය නිසා වන්නේද එසේ කියන්ට නොවටී දැයි විචාරන ලද සේක් එසේය නොවටී කර්මයම නාහි සම්භවයෙහි දමයි. සම්භවයෙන් හටගත් මේ සත්වයෝ නානාවර්ණ ඇත්තෝ වෙති. තිණරුක්ඛෙ යනු මෙහි ඇතුළත ඵලයයි. පිටත හරයයි. යටත් පිරිසෙයින් තල්පොල් ආදිහු ද තෘණ වෙති. ඇතුළත හරය ඇත්තාහු පිටත ඵලයයි සියල්ලෝ රුක් නම් වෙති. නචාපි පටිජානන්ති අපි තෘණය අපි වෘක්ෂය. නැතහොත් මම තෘණය මල වෘක්ෂයයි කියා නොදනිත්. ලිඞ්ගං ජාතිමයං නොදන්නවුන්ගේද ජාතිමයයයි සටහන් ඇත. තමාගේ මූලභූත වූ තෘණ සමානම වෙයි. කුමක් නිසාදයත් ජාතිහු අන්‍යොන්‍ය වෙති. යම් හෙයකින් තෘණ ජාතිය අනිකකි. වෘක්ෂජාතිය අනිකකි. තෘණ අතරද තාල ජාතිය අන්‍යය. නාළිකෙර ජාතිය අන්‍යය මෙසේ විස්තර කළ යුතුය. මෙයින් මෙය දක්වයි. යමක් ජාති වශයෙන් නානා ප්‍රකාර වේද, එය තමාට ප්‍රතිඥාවක්ද අන්‍යයන්ට උපදේශයක්ද නුවුවත් අන්‍යජාතිකයා විශේෂයෙන් ගැනේ. ඉදින් ජාතියෙන් බ්‍රාහ්මණයකු වන්නේ නම් හෙතෙමේද තමාට ප්‍රතිඥාවක්ද අන්‍යයන්ට උපදේශයක් මිස ක්ෂත්රිය වශයෙන් වෛශ්‍ය වශයෙන් ශුද්රවශයෙන් විශේෂයෙන් ගැනේ. ඒනිසා ජාතියෙන් බමුණෙක් නොවේ. පරතොපන යථා එතාය ජාතිසු යන ගාථාවෙන් මේ අර්ථය වචනභේදයෙන්ම හෙළිකරන්නේය.
එවං අනුපාදින්නකෙසු ජාතිං දස්සෙත්වා උපාදින්නකෙසු දස්සෙන්තො තතො කීටෙතිආදිමාහ. යාව කුන්ථකිපිල්ලිකෙති කුන්ථකිපිල්ලිකං පරියන්තං කත්වාති අත්ථො. එත්ථ ච යෙ උප්පතිත්වා ගච්ඡන්ති, තෙ පටඞ්ගා නාම. අඤ්ඤමඤ්ඤා හි ජාතියොති තෙසම්පි නීලරත්තාදිවණ්ණවසෙන ජාතියො නානප්පකාරාව හොන්ති.
මෙසේ අනුපාදිණ්ණයන් අතර ජාතිය දක්වා උපාදිණ්ණයන් අත දක්වන්නේ ඉන්පසු කීටෙ ආදිය කීය. යාව කුන්ථකිපිල්ලිකෙ කුරුකුහුඹුවන් පර්යන්ත කොට යන අර්ථයි. මෙහිදී යමෙක් උඩපැන යත්ද, ඔවුහු පටඞ්ග (පළඟැටි) නම් වෙති. අඤ්ඤමඤ්ඤෙහි ජාතියො ඔවුන් අතරද නිල්රතු ආදී වර්ණ වශයෙන් ජාතීහු නානා ප්රකාරවෙති.
ඛුද්දකෙති කාළකාදයො. මහල්ලකෙති සසබිළාරාදයො.
ඛුද්දකෙ බමර ආදීහු මහල්ලෙක බළල් ආදීහු
පාදූදරෙති උදරපාදෙ, උදරංයෙව නෙසං පාදාති වුත්තං හොති. දීඝපිට්ඨිකෙති සප්පානඤ්හි සීසතො යාව නඞ්ගුට්ඨා පිට්ඨියෙව හොති, තෙන තෙ “දීඝපිට්ඨිකා”ති වුච්චන්ති.
පාදූදරෙ උරගයන් යමෙකුගේ උදරයම පාදවේනම් ඔවුන්ගේ පාද දීඝපිට්ඨි සර්පයන්ගේ හිස සිට නගුට තෙක් පිටම වෙයි. එහෙයින් ඔවුහු දීඝපිට්ඨි යයි කියනු ලබත්
උදකෙති ඔදකෙ, උදකම්හි ජාතෙ.
උදකෙ ජලයෙහි, ජලයෙහි උපන්
පක්ඛීති සකුණෙ. තෙ හි පත්තෙහි යන්තීති පත්තයානා, වෙහාසං ගච්ඡන්තීති විහඞ්ගමා.
පක්ඛි කුරුල්ලෝ ඔවුහුම පියාපත්වලින් යතියි පත්තයානා නමි, අහසින් යතියි වෙහෙංගම නම්
එවං ථලජලාකාසගොචරානං පාණානං ජාතිභෙදං දස්සෙත්වා ඉදානි යෙනාධිප්පායෙන තං දස්සෙති, තං ආවිකරොන්තො යථා එතාසූති ගාථමාහ. තස්සත්ථො සඞ්ඛෙපෙන වුත්තොව. විත්ථාරතො පනෙත්ථ යං වත්තබ්බං, තං සයමෙව දස්සෙන්තො න කෙසෙහීතිආදිමාහ. තත්රායං යොජනා – යං වුත්තං “නත්ථි මනුස්සෙසු ලිඞ්ගජාතිමයං පුථූ”ති, තං එවං නත්ථීති වෙදිතබ්බං. සෙය්යථිදං? න කෙසෙහීති. න හි – “බ්රාහ්මණානං එදිසා කෙසා හොන්ති, ඛත්තියානං එදිසා”ති නියමො අත්ථි යථා හත්ථිඅස්සමිගාදීනන්ති ඉමිනා නයෙන සබ්බං යොජෙතබ්බං.
මෙසේ ගොඩබිම ජලය ආකාශය ගෝචර කරගත් ප්‍රාණීන්ගේ ජාති හේදය දක්වා. දැන් කුමන අදහසින් එය දැක්වීද එය හෙළිදරවු කරන්නේ යථා එතාහු යන ගාථාව කීය. එහි අර්ථය මෙසේය. සංක්ෂේපයෙන් කියා ඇත. විස්තර වශයෙන් යමක් මෙහිදී කිවයුතුනම් එය තමාට දක්වන්නේ නකෙසෙහි ආදිය කීය. මේ මෙහි යෙදුමයි. යමක් කියන ලද නම් නත්ථි මනුස්සෙසු ලිඞ්ගං ජාතිමයං පුථු යනුවෙන් එබන්දක් නැතැයි දතයුතුය. ඒ කෙසේදයත් නකෙසෙහි බමුණන්ට එබඳු කෙස් ඇත. ක්ෂත්රියයන්ට මෙබඳුයයි නියමයක් ඇත. ඇත් අස් මුව ආදීන්ට ද මේ ක්‍රමයෙන් සියල්ල ගැළපියයුතුය.
ලිඞ්ගං ජාතිමයං නෙව, යථා අඤ්ඤාසු ජාතිසූති ඉදං පන වුත්තස්සෙවත්ථස්ස නිගමනන්ති වෙදිතබ්බං. තස්සායං යොජනා – එවං යස්මා ඉමෙහි කෙසාදීහි නත්ථි මනුස්සෙසු ලිඞ්ගං ජාතිමයං පුථු, තස්මා වෙදිතබ්බමෙතං “බ්රාහ්මණාදිභෙදෙසු මනුස්සෙසු ලිඞ්ගං ජාතිමයං නෙව, යථා අඤ්ඤාසු ජාතිසූ”ති.
ලිඞ්ගංජාතිමයං නෙව යථා අඤ්ඤසු ජාතිසු මෙය කියන ලද අර්ථයෙහි නිගමනයයයි දත යුතුය. එහි යෙදිම මෙසේය. යම්හෙයකින් මේ කෙස් ආදියෙන් ජාතිමය මහත් ලිංගයක් මිනිසුන් අතර නැද්ද. ඒනිසා යැයි මෙය දතයුතුය. “බ්‍රාහ්මණ ආදී භේද ඇති මිනිසුන් අතර ලිඞ්ගය ජාතිමය නොවේ. යථා අන් ජාතීන් අතරද”
ඉදානි එවං ජාතිභෙදෙ අසතිපි “බ්රාහ්මණො ඛත්තියො”ති ඉදං නානත්තං යථා ජාතං, තං දස්සෙතුං පච්චත්තන්ති ගාථමාහ. තත්ථ වොකාරන්ති නානත්තං. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – යථා හි තිරච්ඡානානං යොනිසිද්ධමෙව කෙසාදිසණ්ඨානෙන නානත්තං, තථා බ්රාහ්මණාදීනං අත්තනො අත්තනො සරීරෙ තං නත්ථි. එවං සන්තෙපි යදෙතං “බ්රාහ්මණො ඛත්තියො”ති වොකාරං, තං වොකාරඤ්ච මනුස්සෙසු සමඤ්ඤාය පවුච්චති, වොහාරමත්තෙනෙව පවුච්චතීති.
දැන් ජාතිභේදයක් නැතිකලද බ්‍රාහ්මණ ක්ෂත්රිය යන මේ නානාත්වය ඇත. එය උපන් අයුරින් දක්වන්ට පච්චත්තං යන ගාථාව කිය. එහි වොකාරං යනු නානාත්වයයි. මෙය මෙහි සංක්ෂේප අර්ථයයි. තිරිසන් යෝනීන්ගේ ඇතිවීම මෙන්ම. කෙස් ආදී සටහනින් නානාත්වයක් වේද එසේ බ්‍රාහ්මණ ආදීන්ටද තම තමාගේ ශරීරයෙහි එය නැත. මෙසේ ඇති කල්හිත් බ්‍රාහ්මණ ක්ෂත්රිය යැයි නානාත්වයක් වේනම් ඒ නානාත්වය ද මනුෂ්‍යයන් සමග සසඳා කියනු ලැබේ. ව්‍යවහාර මාත්‍රයෙන්ම කියනු ලැබේ.
එත්තාවතා භගවා භාරද්වාජස්ස වාදං නිග්ගණ්හිත්වා ඉදානි යදි ජාතියා බ්රාහ්මණො භවෙය්ය, ආජීවසීලාචාරවිපන්නොපි බ්රාහ්මණො භවෙය්ය. යස්මා පන පොරාණා බ්රාහ්මණා තස්ස බ්රාහ්මණභාවං න ඉච්ඡන්ති, ලොකෙ ච අඤ්ඤෙපි පණ්ඩිතමනුස්සා, තස්මා වාසෙට්ඨස්ස වාදං පග්ගණ්හන්තො යො හි කොචි මනුස්සෙසූති අට්ඨ ගාථා ආහ. තත්ථ ගොරක්ඛන්ති ඛෙත්තරක්ඛං, කසිකම්මන්ති වුත්තං හොති. ගොති හි පථවියා නාමං, තස්මා එවමාහ. පුථුසිප්පෙනාති තන්තවායකම්මාදිනානාසිප්පෙන. වොහාරන්ති වණිජ්ජං. පරපෙස්සෙනාති පරෙසං වෙය්යාවච්චකම්මෙන. ඉස්සත්ථන්ති ආවුධජීවිකං, උසුඤ්ච සත්තිං චාති වුත්තං හොති. පොරොහිච්චෙනාති පුරොහිතකම්මෙන.
මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ භාරද්වාජ ගේ වාදයට නිග්‍රහකොට දැන් ජාතියෙන් බ්‍රාහ්මණ වන්නේ නම් ආජීව ශීල ආචාරයෙන් පිට පැන්නකුද බ්‍රාහ්මණයකු වියයුතුය. පැරණි බ්‍රාහ්මණයෝ ඔහුගේ බ්රාහ්මණබව කැමති නොවෙති. ලෝකයෙහි අනිකුත් නුවණැති මනුෂ්‍යයෝ ඒනිසා වාසෙට්ඨගේ වාදය පිළිගනිමින් යොහි කොචි මනුස්සෙසු යන ගාථා අට කීහ. එහි ගොරක්ඛං කුඹුරු රැක්ම, කෘෂිකර්මයයි කියන ලද්දේවෙයි. ගො යනු පෘථිවියට නමකි. ඒනිසා කීය. පුථු සිප්පෙන රෙදිවිවීම් කර්මාන්ත ආදි නොයෙක් ශිල්පයෙන්. වොහාරං වෙළඳාම පරපෙස්සෙන අනුන්ට බැලමෙහෙවර කිරිමෙන් ඉස්සත්ථං ආයුධ තැනීම. ඊතලය පිහිය දැයි කියන ලද්දේ වෙයි. පොරොහච්චෙන පුරෝහිත කර්මයෙන්,
එවං බ්රාහ්මණසමයෙන ච ලොකවොහාරෙන ච ආජීවසීලාචාරවිපන්නස්ස අබ්රාහ්මණභාවං සාධෙත්වා එවං සන්තෙ න ජාතියා බ්රාහ්මණො, ගුණෙහි පන බ්රාහ්මණො හොති. තස්මා යත්ථ කත්ථචි කුලෙ ජාතො යො ගුණවා, සො බ්රාහ්මණො, අයමෙත්ථ ඤායොති එවමෙතං ඤායං අත්ථතො ආපාදෙත්වා ඉදානි නං වචීභෙදෙන පකාසෙන්තො න චාහං බ්රාහ්මණන්තිආදිමාහ. තස්සත්ථො – අහඤ්හි ය්වායං චතුන්නං යොනීනං යත්ථ කත්ථචි ජාතො, තත්රාපි විසෙසෙන යො බ්රාහ්මණස්ස සංවණ්ණිතාය මාතරි සම්භූතො, තං යොනිජං මත්තිසම්භවං, යා චායං උභතො සුජාතොතිආදිනා නයෙන බ්රාහ්මණෙහි බ්රාහ්මණස්ස පරිසුද්ධඋප්පත්තිමග්ගසඞ්ඛාතා යොනි වුත්තා, සංසුද්ධගහණිකොති ඉමිනා ච මාතිසම්පත්ති, තතොපි ජාතසම්භූතත්තා යොනිජො මත්තිසම්භවොති වුච්චති, තං යොනිජං මත්තිසම්භවං ඉමිනා ච යොනිජමත්තිසම්භවමත්තෙන න බ්රාහ්මණං බ්රූමි. කස්මා? යස්මා, භො භොති, වචනමත්තෙන අඤ්ඤෙහි සකිඤ්චනෙහි විසිට්ඨත්තා භොවාදි නාම සො හොති, සචෙ හොති සකිඤ්චනො සපලිබොධො. යො පනායං යත්ථ කත්ථචි ජාතොපි රාගාදිකිඤ්චනාභාවෙන අකිඤ්චනො, සබ්බගහණපටිනිස්සග්ගෙන අනාදානො, අකිඤ්චනං අනාදානං, තමහං බ්රූමි බ්රාහ්මණං. කස්මා? යස්මා බාහිතපාපොති.
මෙසේ බ්‍රාහ්මණ ධර්මයෙන්ද ලෝක ව්‍යවහාරයෙන්ද ආජීව ශීලාචාරයන්ගෙන් පිටපැන්නහුගේ අබ්‍රාහ්මණ භාවය සෝදාහැර මෙසේ ඇති තැනැත්තා ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. ගුණයෙන්ම බ්‍රාහ්මණවේ. ඒනිසා කොතැනක හෝ කුලයක උපන්නේ ගුණවත් නම් හෝ බ්රාහ්මණයෙක්වේ. මේ මෙහි න්යායයැයි, මෙසේ න්‍යායය අර්ථ වශයෙන් ගොඩනගා දැන් එය වචීභේදයෙන් ප්‍රකාශ කරන්නේ නචාහං බ්රාහ්මණං ආදිය කීය. එහි අර්ථය මෙසේය : මම සතර යෝනීන් අතර යම් තැනක උපන්නේ එහිදීද විශේෂයෙන් බ්‍රාහ්මණයාට වර්ණනාකරන ලද මවුකුස හටගත්තේ එය මාතෘසම්භව යෝනියෙහි ඇතිවූවකි. යමක් දෙපසින් සුජාත වූ සේය ආදි ක්‍රමයෙන් බ්‍රාහ්මණයන් විසින් බ්‍රාහ්මණයාට පිරිසිදු උත්පත්ති සංඛ්‍යාත වූ යෝනියැයි කියන ලදී. සංසුද්ධගහණිකො මෙයින්ද ජාති සම්පත්තිය කියයි. එයින්ද ජාති සම්භව බැවින් යොනිජො මත්ති සම්භවො යැයි කියනු ලැබේ. එය යොනිජ මතතිසම්භව නම් මෙයින්ද යොනිජ මත්තිසම්භව මාත්‍රයෙන් බ්‍රාහ්මණයෙකැයි නොකියමි. කුමක් නිසාද යත් : යම් හෙයකින් පින්වත පින්වතැයි වචන මාත්‍රයෙන් අන් කරුණු වලින්ද විශේෂිත බැවින් ඔහු භෝවාදී නම් වෙයි. ඉදින් සකාරණ වේනම් පලිබෝධ සහිතනම් මොහු කිසියම් තැනක ඉපදුණත් රාගාදි කරුණු නැති බැවින් අකිඤ්චනවේ. සර්වග්රාහ ප්රතික්ෂේපයෙන් ඇලීමක් නැත්තේ වේ. අකිඤ්චනං අනාදානං තමහං බ්රෑමි බ්රාහ්මණං යනු කුමක් නිසා කීවේද කුමක් නිසාදයත් පාපය බැහැරකරන ලද බැවින්,
කිඤ්චභිය්යො සබ්බසංයොජනං ඡෙත්වාතිආදි සත්තවීසති ගාථා. තත්ථ සබ්බසංයොජනන්ති දසවිධසංයොජනං. න පරිතස්සතීති තණ්හාපරිතස්සනාය න පරිතස්සති. සඞ්ගාතිගන්ති රාගසඞ්ගාදයො අතික්කන්තං. විසංයුත්තන්ති චතූහි යොනීහි සබ්බකිලෙසෙහි වා විසංයුත්තං.
තවද සබ්බ සඤ්ඤොජනං ඡෙත්වා ආදී ගාථා විසිහතක්. එහි සබ්බසඤ්ඤොජනං යනු සියලු දශවිධ සංයෝජන න පරිතස්සති තෘෂ්ණාවට බියෙන් නොතැවෙන්නේය. සඞ්ඝාතිගං රාග බන්ධනාදිය ඉක්මවාගිය විසඤ්ඤුත්තං සියලු යෝනීන් ගෙන්. සියලු
නද්ධින්ති උපනාහං. වරත්තන්ති තණ්හං. සන්දානන්ති යුත්තපාසං, දිට්ඨිපරියුට්ඨානස්සෙතං අධිවචනං. සහනුක්කමන්ති අනුක්කමො වුච්චති පාසෙ පවෙසනගණ්ඨි, දිට්ඨානුසයස්සෙතං නාමං. උක්ඛිත්තපලිඝන්ති එත්ථ පලිඝොති අවිජ්ජා. බුද්ධන්ති චතුසච්චබුද්ධං. තිතික්ඛතීති ඛමති.
කෙලෙසුන් ගෙන් හෝ වෙන් වූ, නන්ධී සතුරුබව වරන්තං තෘෂ්ණාව. සන්ධානං යොතින් කළ මළපුඩුව දිට්ඨියෙන් නැගීසීටීම යන්නට සමාන වචනයකි. සහනුක්කමං අනුක්කම යැයි කියන්නේ මළපුඩුවෙහි බැදෙන ගැටයයි. දිට්ඨානුසය යන්නට නමකි. උක්ඛිත්ත පලිඝං මෙහි පලිඝයනු අවිද්‍යාවයි. බුද්ධං චතුස්සත්‍ය බුද්ධ තිතික්ඛති ඉවසයි.
ඛන්තිබලන්ති අධිවාසනඛන්තිබලං. සා පන සකිං උප්පන්නා බලානීකං නාම න හොති, පුනප්පුනං උප්පන්නා පන හොති. තස්සා අත්ථිතාය බලානීකං.
ඛන්තිබලං ඉවසීමේ ක්ෂාන්ති බලය එය වරක් ඉපදුණද බල ඇත්තේ නොවේ. නැවත නැවත ඉපදුණ විට ඇතිවේ. එය ඇති බැවින් බලානීක නමි
වතවන්තන්ති ධුතඞ්ගවන්තං. සීලවන්තන්ති ගුණවන්තං. අනුස්සදන්ති රාගාදිඋස්සදවිරහිතං. “අනුස්සුත”න්තිපි පාඨො, අනවස්සුතන්ති අත්ථො. දන්තන්ති නිබ්බිසෙවනං.
වත වන්තං ධුතාංහ ඇති සීලවන්තං ගුණඇති අනුස්සුදං යනු රාගආදී උස්සද විරහිත අනුස්සුතං යනුවෙන්ද පාඨයක් ඇත. නොවැගිරුණු යන අර්ථයි. දන්තිං දැමුණු,
න ලිම්පතීති න අල්ලීයති. කාමෙසූති කිලෙසකාමවත්ථුකාමෙසු.
නලිප්පති නොඇලේ. කාමෙසු ක්ලේශකාම වස්තු කාමයන්හි දුක දනී.
දුක්ඛස්ස පජානාති, ඉධෙව ඛයන්ති එත්ථ අරහත්තඵලං දුක්ඛක්ඛයොති අධිප්පෙතං. පජානාතීති අධිගමවසෙන ජානාති. පන්නභාරන්ති ඔහිතභාරං, ඛන්ධකිලෙසඅභිසඞ්ඛාරකාමගුණභාරෙ ඔතාරෙත්වා ඨිතං. විසංයුත්තපදං වුත්තත්ථමෙව.
මෙහිම ක්ෂයද එහිම අර්හත් ඵලයද දුක් ක්ෂයවීමද අදහස් කරන ලදී. පජානාති අධිගම වශයෙන් දනී. පන්නභාරං බිමතැබූ බර, ස්කන්ධ ක්ලේශ අභිසංස්කාර කාමගුණ නමැති බර බිමතබා සිටි වෙන්වූ පදය මෙහි කියන ලද අර්ථ ඇත්තේමය.
ගම්භීරපඤ්ඤන්ති ගම්භීරෙසු ආරම්මණෙසු පවත්තපඤ්ඤං. මෙධාවින්ති පකතිපඤ්ඤාය පඤ්ඤවන්තං.
ගම්භීරපඤ්ඤං ගැඹුරු අරමුණුවල පැවති ප්‍රඥා ඇති මෙධාවී ප්‍රකෘති ප්‍රඥාවෙන් යුත්
අනාගාරෙහි චූභයන්ති අනාගාරෙහි ච විසංසට්ඨං උභයඤ්ච, ද්වීහිපි චෙතෙහි විසංසට්ඨමෙවාති අත්ථො. අනොකසාරින්ති ඔකං වුච්චති පඤ්චකාමගුණාලයො, තං අනල්ලීයමානන්ති අත්ථො. අප්පිච්ඡන්ති අනිච්ඡං.
අනාගාරෙහි චූ භයං අනාගාරිකයන්ගෙන්ද වෙන්වු මේ දෙකින්ම වෙන්වීය යන අර්ථයි. අනොකසාරිං ඔකයනු පංචකාම ගුණයන්හි ආලයයි. එහි නොඇලෙමින් යන අර්ථයි. අප්පිච්ඡං නොකැමති
තසෙසූති සතණ්හෙසු. ථාවරෙසූති නිත්තණ්හෙසු.
තසෙසු තෘෂ්ණා සහිත වූවත් කෙරෙහි ථාවරෙසු තෘෂ්ණා නැත්තවුන් කෙරෙහි,
අත්තදණ්ඩෙසූති ගහිතදණ්ඩෙසු. නිබ්බුතන්ති කිලෙසනිබ්බානෙන නිබ්බුතං. සාදානෙසූති සඋපාදානෙසු.
අත්තදණ්ඩෙසු ගත්දඬු ඇත්තවුන් කෙරෙහි නිබ්බුතං ක්ලේශ නිර්වාණයෙන් නිවුණු සදානෙසු උපාදාන සහිතයන් කෙරෙහි
ඔහිතොති පතිතො.
ඔහිතො වැටුණේ
අකක්කසන්ති නිද්දොසං. සදොසො හි රුක්ඛොපි සකක්කසොති වුච්චති. විඤ්ඤාපනින්ති අත්ථවිඤ්ඤාපනිකං. සච්චන්ති අවිසංවාදිකං. උදීරයෙති භණති. යාය නාභිසජ්ජෙති යාය ගිරාය පරස්ස සජ්ජනං වා ලග්ගනං වා න කරොති, තාදිසං අඵරුසං ගිරං භාසතීති අත්ථො.
අතක්කසං නිර්දෝෂී වූ දොස්සහිතවූ රුකද සකකකස යැයි කියනු ලැබේ. විඤ්ඤාපනියං අර්ථ දන්වන සුලු පිසුණ නොවු සච්චං අවිසංවාදිකවූ උදීරයෙ කියයි. යාය නාභිසජ්ජෙ යම් වචනයකින් අනුන්ට අලංකරණයක් හෝ බාධාවක් නොකරයි. එබඳු පරුෂනොවු වචන කියයි යන අර්ථයි
දීඝන්ති සුත්තාරුළ්හභණ්ඩං. රස්සන්ති විප්පකිණ්ණභණ්ඩං. අණුන්ති ඛුද්දකං. ථූලන්ති මහන්තං. සුභාසුභන්ති සුන්දරාසුන්දරං. දීඝභණ්ඩඤ්හි අප්පග්ඝම්පි හොති මහග්ඝම්පි. රස්සාදීසුපි එසෙව නයො. ඉති එත්තාවතා න සබ්බං පරියාදිණ්ණං, “සුභාසුභ”න්ති ඉමිනා පන පරියාදිණ්ණං හොති.
දීඝං නූලෙන් බැඳි බඩු රස්සං විසිරී ගියබඩු අණුං කුඩා ථූලං මහවූ සුභාසුහං සුන්දර අසුන්දර දිසභණ්ඩ වටිනාකමින් අඩුද මහාර්ය වූද බඩු රස්ස ආදියෙහිද මෙම ක්‍රමයයි. මෙසේ පෙමණකින් සියල්ල අවසන් නොකරන ලද්දේය. සුභාසුභං මෙයින් අවසන් කරන ලදදේ වෙයි.
නිරාසයන්ති නිත්තණ්හං.
නිරාසයං තෘෂ්ණානැති.
ආලයාති තණ්හාලයා. අඤ්ඤායාති ජානිත්වා. අමතොගධන්ති අමතබ්භන්තරං. අනුප්පත්තන්ති අනුපවිට්ඨං.
ආලයා තෘෂ්ණා ආලය අඤ්ඤාය දැන අමතොගධං අමෘතය අභ්‍යන්තරය අනුප්පත්තං නොපිවිසියේය.
උභො සඞ්ගන්ති උභයම්පෙතං සඞ්ගං. පුඤ්ඤඤ්හි සග්ගෙ ලග්ගාපෙති, අපුඤ්ඤං අපායෙ, තස්මා උභයම්පෙතං සඞ්ගන්ති ආහ. උපච්චගාති අතීතො.
උභොසයං මේ ඇලීම් දෙක පින ස්වර්ගයෙහි ලග්ගවයි. පාපය අපායෙහි ලග්ගවයි. මේ ඇලීම් දෙකමයයි කියන ලදී. උපච්චගා අතීත
අනාවිලන්ති ආවිලකරණකිලෙසවිරහිතං. නන්දීභවපරික්ඛීණන්ති පරික්ඛීණනන්දිං පරික්ඛීණභවං.
අනාවිලං කැලඹීම් ඇති කරන කෙලෙස් රහිත නන්දීභවපරික්ඛීණං ක්ෂයවී ගිය ආශාව. ක්ෂයවීගිය භවය ඇත්තේ
“යො ඉම”න්ති ගාථාය අවිජ්ජායෙව විසංවාදකට්ඨෙන පලිපථො, මහාවිදුග්ගතාය දුග්ගං, සංසරණට්ඨෙන සංසාරො, මොහනට්ඨෙන මොහොති වුත්තො. තිණ්ණොති චතුරොඝතිණ්ණො. පාරඞ්ගතොති නිබ්බානං ගතො. ඣායීති ආරම්මණලක්ඛණූපනිජ්ඣානවසෙන ඣායී. අනෙජොති නිත්තණ්හො. අනුපාදාය නිබ්බුතොති කිඤ්චි ගහණං අග්ගහෙත්වා සබ්බකිලෙසනිබ්බානෙන නිබ්බුතො.
යොඉමං යන ගාථාවෙන් අවිද්‍යාවෙහි විසංවාදක අර්ථයෙන් බාධකයකි. ගමන් කිරීමට නොහැකි බැවින් දුග්ගං සංසරණ අර්ථයෙන් සංසාරො මෝහනය කරන අර්ථයෙන් මොහො යයි කියන ලදී. තිණ්ණො සතරඕඝයන් තරණය කළ පාරගතො නිවනට ගිය ක්ඛායී ආරම්මණ ලක්ඛණ උපනිජ්ඣාන වගයෙන් ධ්‍යාන ඇති. අනෙජො තෘෂ්ණාව නැති අනුපාදාය නිබ්බුතො කිසිදු ග්‍රහණයක් නොගෙන සියලු ක්ලේශ නිර්වාණයෙන් නිවුණු
කාමෙති දුවිධෙපි කාමෙ. අනාගාරොති අනාගාරො හුත්වා. පරිබ්බජෙති පරිබ්බජති. කාමභවපරික්ඛීණන්ති ඛීණකාමං ඛීණභවං.
කාමෙ දෙවැදෑරුම් කාමය. අනාගාරො අශාරයක් නැතිව පරිබ්බජෙ ගිහිගෙන් නික්මෙයි. කාමභව පරික්ඛීණං ක්ෂීණ වු කාම ඇත්තේ ක්ෂීණවූ භව ඇත්තේ
මානුසකං යොගන්ති මානුසකං පඤ්චකාමගුණයොගං. දිබ්බං යොගන්ති දිබ්බං පඤ්චකාමගුණයොගං. සබ්බයොගවිසංයුත්තන්ති සබ්බකිලෙසයොගවිසංයුත්තං.
මානුසකංයොගං මානුෂපංච කාම ගුණ යෝගය. දිබ්බංයොගං දිව්‍යමය පංචකාම ගුණ යෝගය සබ්බයොග විසං යුත්තං සියලු කෙලෙස් යෝගයන් ගෙන් මිදුණු
රතින්ති පඤ්චකාමගුණරතිං. අරතින්ති කුසලභාවනාය උක්කණ්ඨිතං. වීරන්ති වීරියවන්තං.
රතිං පඤ්චකාම ගුණයෙහි ඇල්ම. අරතිං කුසලභාවනාවෙහි කලකිරුණු වීරං වීර්යවත්,
සුගතන්ති සුන්දරං ඨානං ගතං, සුන්දරාය වා පටිපත්තියා ගතං.
සුගතං සොඳුරුතැනට ගිය. සොඳුරු පැවැත්මට ගිය
ගතින්ති නිබ්බත්තිං. පුරෙති අතීතෙ. පච්ඡාති අනාගතෙ. මජ්ඣෙති පච්චුප්පන්නෙ. කිඤ්චනන්ති කිඤ්චනකාරකො කිලෙසො.
ගතිං නිෂ්පත්තිය පුරෙ අතීතයෙහි පච්ඡා අනාගතයෙහි මජ්ඣෙ වර්තමානයෙහි කිඤ්චනං කිසිවක් කරන ක්ලේශය
මහෙසින්ති මහන්තෙ ගුණෙ පරියෙසනට්ඨෙන මහෙසිං. විජිතාවිනන්ති විජිතවිජයං.
මහෙසිං මහත් ගුණයන් සොයන අර්ථයෙන් මහෙසිං විජිතාවිනං ජයග්‍රහණය විජය ඇති.
එවං භගවා ගුණතො ඛීණාසවංයෙව බ්රාහ්මණං දස්සෙත්වා යෙ ජාතිතො බ්රාහ්මණොති අභිනිවෙසං කරොන්ති, තෙ ඉදං අජානන්තා, සාව නෙසං දිට්ඨි දුද්දිට්ඨීති දස්සෙන්තො සමඤ්ඤා හෙසාති ගාථාද්වයමාහ. තස්සත්ථො – යදිදං බ්රාහ්මණො ඛත්තියො භාරද්වාජො වාසෙට්ඨොති නාමගොත්තං පකප්පිතං කතං අභිසඞ්ඛතං, සමඤ්ඤා හෙසා ලොකස්මිං, වොහාරමත්තන්ති අත්ථො. කස්මා? යස්මා සමුච්චා සමුදාගතං සමඤ්ඤාය ආගතං. එතඤ්හි තත්ථ තත්ථ ජාතකාලෙයෙවස්ස ඤාතිසාලොහිතෙහි පකප්පිතං කතං. නො චෙ නං එවං පකප්පෙය්යුං, න කොචි කිඤ්චි දිස්වා අයං බ්රාහ්මණොති වා භාරද්වාජොති වා ජානෙය්ය. එවං පකප්පිතං පෙතං දීඝරත්තානුසයිතං, දිට්ඨිගතමජානතං, තං පකප්පිතං නාමගොත්තං “නාමගොත්තමත්තමෙතං, වොහාරත්ථං පකප්පිත”න්ති, අජානන්තානං සත්තානං හදයෙ දීඝරත්තං දිට්ඨිගතමනුසයිතං. තස්ස අනුසයිතත්තා තං නාමගොත්තං අජානන්තා නො පබ්රුන්ති, “ජාතියා හොති බ්රාහ්මණො”ති අජානන්තාව එවං වදන්තීති වුත්තං හොති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගුණයෙන් ක්ෂීණාශ්රවයකුවූ බ්‍රාහ්මණයා දක්වා, යමෙක් ජාතියෙන් බ්‍රාහ්මණයෙකැයි ඇතුළත් කරත්ද ඔවුහු මෙය නොදැන ඔවුන්ගේ ඒ දෘෂ්ටිය වැරදි දෘෂ්ටියකැයි දක්වන්නේ සමඤ්ඤාහෙසා යන ගාථාදෙක කීය. එහි අර්ථය නම් යම් හෙයකින් බ්‍රාහ්මණ යැයි. ක්ෂත්රියයාය. භාරද්වාජය වාසෙට්ඨයැයි නාමගෝත්ර සකස්කරන ලද්දේය. අභිසංස්කාර කරන ලද්දේය. මෙය සාමාන්‍යයෙන් ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයකි යන අර්ථයි. කුමක් හෙයින්දයත් : යම් හෙයකින් එක්ව පැමිණීම හොඳින් දැන ආයේය. මෙසේ ඒ ඒ තැන උපන් කල්හීම ඔහුගේ ඥාති සොලොහිතයන් විසින් සකස් කරන ලද්දේය. නැතහොත් මෙසේ ඔහු සකස් කරන්නෝය කිසිවෙක් කිසිවක් නොදැක මොහු බ්‍රාහ්මණයෙක. භාරද්වාජයෙකැයි දැනගන්නේද, මෙසේ ඔහු සකස් කරන ලද්දේය. බොහෝ කලක් නිසලව පැවති දෘෂ්ටිගතය නොදැන සකස් කරන ලද නාම ගෝත්‍රය. නාමගෝත්ර මාත්‍රයක් පමණකැයි ව්‍යවහාරය පිණිස සකස්කරන ලද්දකැයි නොදන්නා සත්වයන්ගේ හදවතෙහි නිසලව පැවති දෘෂ්ටිගතයකි. එය නිහඬව පැවති බැවින් ඒ නාම ගෝත්‍රය නොදන්නාහු ජාතියෙන් බ්‍රාහ්මණයෙක් වේයයි නොකියත්. නොදන්නාහුම මෙසේ කියතියි කියන ලද්දේ වෙයි.
එවං “යෙ ‘ජාතිතො බ්රාහ්මණො’ති අභිනිවෙසං කරොන්ති, තෙ ඉදං වොහාරමත්තං අජානන්තා, සාව නෙසං දිට්ඨි දුද්දිට්ඨී”ති දස්සෙත්වා ඉදානි නිප්පරියායමෙව ජාතිවාදං පටික්ඛිපන්තො කම්මවාදඤ්ච පතිට්ඨපෙන්තො න ජච්චාතිආදිමාහ. තත්ථ “කම්මුනා”ති උපඩ්ඪගාථාය විත්ථාරණත්ථං කස්සකො කම්මුනාතිආදි වුත්තං. තත්ථ කම්මුනාති පච්චුප්පන්නෙන කසිකම්මාදිනිබ්බත්තකචෙතනාකම්මුනා.
මෙසේ යමෙක් ජාතියෙන් බ්‍රාහ්මණයෙකැයි ඇතුළත් කිරීමක් කරත්ද, ඔවුහු මෙය ව්‍යවහාර මාත්රයක්යැයි නොදන්නාහු ඔවුන්ගේ ඒ දෘෂ්ටිය වැරදි දෘෂ්ටියකැයි දක්වා දැන් පිළිවෙළක් නැතිව ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්නේ කර්මවාදයද ප්‍රතිස්ථාපනය කරන්නේ නජච්චා ආදිය කිය. එහි කම්මනා යනු ගාථා අර්ථය විස්තර කිරිම සඳහා කස්සකො කම්මනා ආදිය කියන ලදී. එහි කම්මනා යනු වර්තමානයෙහි කෘෂි කර්ම ආදීය නිපදවන චේතනා කර්මයෙන්
පටිච්චසමුප්පාදදස්සාති ඉමිනා පච්චයෙන එවං හොතීති එවං පටිච්චසමුප්පාදදස්සාවිනො. කම්මවිපාකකොවිදාති සම්මානාවමානාරහකුලෙ කම්මවසෙන උප්පත්ති හොති, අඤ්ඤාපි හීනපණීතතා හීනපණීතෙ කම්මෙ විපච්චමානෙ හොතීති. එවං කම්මවිපාකකුසලා.
පටිච්චසමුප්පාද දසා යැයි මේ කරුණින් මෙසේ වේයැයි මෙසේ පටිච්චසමුප්පාදය දක්වන්නෝ කම්මවිපාක කොවිදා සම්මාන අවමාන කළයුතු කුලයෙහි කර්ම වශයෙන් උත්පත්තිය වෙයි. වෙනත් හීන ප්රණීතතාවක් වේද හීනප්‍රණීත කර්මයන් විපාකදෙන කල්හි වෙතියි මෙසේ කර්ම විපාක දැක්වීමෙහි දක්ෂ,
කම්මුනා වත්තතීති ගාථාය පන ලොකොති වා පජාති වා සත්තොති වා එකොයෙවත්ථො, වචනමත්තභෙදො. පුරිමපදෙන චෙත්ථ “අත්ථි බ්රහ්මා මහාබ්රහ්මා සෙට්ඨො සජිතා”ති දිට්ඨියා පටිසෙධො වෙදිතබ්බො. කම්මුනා හි තාසු තාසු ගතීසු වත්තති ලොකො, තස්ස කො සජිතාති. දුතියපදෙන “එවං කම්මුනා නිබ්බත්තොපි ච පවත්තෙපි අතීතපච්චුප්පන්නභෙදෙන කම්මුනා වත්තති, සුඛදුක්ඛානි පච්චනුභොන්තො හීනපණීතාදිභෙදඤ්ච ආපජ්ජන්තො පවත්තතී”ති දස්සෙති. තතියෙන තමෙවත්ථං නිගමෙති “එවං සබ්බථාපි කම්මනිබන්ධනා සත්තා කම්මෙනෙව බද්ධා හුත්වා පවත්තන්ති, න අඤ්ඤථා”ති. චතුත්ථෙන තමෙත්ථං උපමාය විභාවෙති. යථා හි රථස්ස යායතො ආණි නිබන්ධනං හොති, න තාය අනිබද්ධො යාති, එවං ලොකස්ස නිබ්බත්තතො ච පවත්තතො ච කම්මං නිබන්ධනං, න තෙන අනිබද්ධො නිබ්බත්තති න පවත්තති.
කම්මනා වත්තති යන ගාථාවෙන් ලෝකය කියාද. ප්රජාවකියාද, සත්වයා කියාද එකම අර්ථය වචන මාත්‍රයෙහි බෙදීමයි. මෙහි පෙර පදයෙන් බ්‍රහ්මයෙක් ඇත. ශ්‍රේෂ්ඨ මැවුම්කරු මහාබ්රහ්මයායයි දෘෂ්ටියෙහි ප්‍රතිෂේධය දතයුතුය. කර්මයෙන්ම එසේ ගතීන්හි ලෝකය පවතී. එයට මැවුම්කරු කවරෙක්ද? දෙවැනි පදයෙන් මෙසේ කර්මයෙන් නිපන්නේද පවතියි. අතීත වර්තමාන භේදයෙන් කර්මයෙන් පවතී සුවදුක් අනුභව කරන්නේ හීන ප්‍රණීත ආදී භේදයටද පැමිණෙන්නේ පවතීයයි දක්වයි. තෙවැන්නෙන් එම අර්ථයම නිගමනය කෙරේ. මෙසේ සෑම අයුරින්ම සත්වයෝ බන්ධනයෙන් හෝ කර්මයෙන් බැදුණාහු වී පවතිත් අන් අයුරකින් නොවෙත්. සිව්වැන්නෙන් ඒ අර්ථය උපමාවකින් පැහැදිලි කෙරේ. යම්සේ රථස්ස යායතො ආණීති බන්ධනං ගමන් ගන්නාවු රථයෙහි ආණී යනුවෙන් බන්ධනයක් වෙයි. එයින් නොබැඳුණහොත් නොයයි. මෙසේ ලෝකයෙහි උපන්නහුගෙන්ද පවත්නහුගෙන්ද කර්ම බැදීමක් ඇත. එයින් නොබැඳුණේ නුපදියි නොපවතියි.
ඉදානි යස්මා එවං කම්මනිබන්ධනො ලොකො, තස්මා සෙට්ඨෙන කම්මුනා සෙට්ඨභාවං දස්සෙන්තො තපෙනාති ගාථාද්වයමාහ. තත්ථ තපෙනාති ධුතඞ්ගතපෙන. බ්රහ්මචරියෙනාති මෙථුනවිරතියා. සංයමෙනාති සීලෙන. දමෙනාති ඉන්ද්රියදමෙන. එතෙනාති එතෙන සෙට්ඨෙන පරිසුද්ධෙන බ්රහ්මභූතෙන කම්මුනා බ්රාහ්මණො හොති. කස්මා? යස්මා එතං බ්රාහ්මණමුත්තමං, යස්මා එතං කම්මං උත්තමො බ්රාහ්මණගුණොති වුත්තං හොති. “බ්රහ්මාන”න්තිපි පාඨො. අයං පනෙත්ථ වචනත්ථො – බ්රහ්මං ආනෙතීති බ්රහ්මානං, බ්රාහ්මණභාවං ආවහතීති වුත්තං හොති.
දැන් මෙසේ ලෝකය කර්මයෙන් බැඳුණේ යමක් නිසාද ඒනිසා ශ්‍රේෂ්ඨ වූ කර්මයෙන් ශ්‍රේෂ්ඨ බව දක්වන්නේ තපෙන යන ගාථාදෙක කීය. එහි තපෙන ධුතාංග තපසින් බ්රහ්මචරියෙන මෛථුන විරතියෙන්, සංයමෙන ශීලයෙන්, දමෙන ඉන්ද්රිය දමනයෙන් එතෙන මේ ශ්‍රේෂ්ඨ වූ පරිශුද්ධ වූ උතුම්වූ කර්මයෙන් බ්‍රාහ්මණයෙක් වෙයි. කුමක් හෙයින්ද යත් මේ උතුම්වූ බමුණා මෙසේ කර්මය උත්තම බ්රාහ්මණගුණයෙකැයි කියන ලද්දේවෙයි. බ්රහ්මානං යනුවෙන්ද පාඨයක් ඇත. මේ මෙහි වචනාර්ථයයි. බ්‍රහ්මයා ඉක්මවා නොයති, බ්‍රහ්මයාගේ බ්‍රාහ්මණ භාවය උසුළානුයි කියන ලද්දේ වෙයි.
දුතියගාථාය සන්තොති සන්තකිලෙසො. බ්රහ්මා සක්කොති බ්රහ්මා ච සක්කො ච, යො එවරූපො, සො න කෙවලං බ්රාහ්මණො, අථ ඛො බ්රහ්මා ච සක්කො ච සො විජානතං පණ්ඩිතානං, එවං වාසෙට්ඨ, ජානාහීති වුත්තං හොති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දෙවැනි ගාථාවෙන් සන්තො සත්කෙලෙස් බ්රහ්මා සක්කො බ්‍රහ්මයාද ශක්‍රයාද යමෙක් මෙබඳු ද හේ හුදෙක් බ්රාහ්මණයෙක්ම නොව බ්‍රහ්මයාද ශක්‍රයාද නොවෙත්. හෙතෙමේ දන්නාවූ නුවණැත්තන්ට වාසෙට්ඨ මෙසේයයි දැනගනුවයි කියන ලද්දේ වෙයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය වාසෙට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
අට වැනි වාසෙටඨ සූත්‍රයයි.