යෙදුමෙන් කියවන්න

සුභසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සුභසුත‍්තවණ‍්ණනා

සුභ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති සුභසුත‍්තං. තත්‍ථ තොදෙය්‍යපුත‍්තොති තුදිගාමවාසිනො තොදෙය්‍යබ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො. ආරාධකො හොතීති සම‍්පාදකො හොති පරිපූරකො. ඤායං ධම‍්මන‍්ති කාරණධම‍්මං. කුසලන‍්ති අනවජ‍්ජං.

එවම්මෙසුතං යනු සුභ සුත්‍රයයි. එහි තොදෙය්‍යපුත්තො යනු තුදි ගම්වැසි තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රයාය. ආරාධකො හොති සම්පාදකයෙක්ද පරිපූරකයෙක්ද වෙයි. ඤායං ධම්මං කාරණය ධර්මය කුසලං නිවැරදි

මිච‍්ඡාපටිපත‍්තින‍්ති අනිය්‍යානිකං අකුසලපටිපදං. සම‍්මාපටිපත‍්තින‍්ති නිය්‍යානිකං කුසලපටිපදං.

මිච්ඡාපටිපත්තිං අනෛර්යානික අකුසල ප්‍රතිපදාව සම්මා පටිපත්තිං නෛර්යානික කුසල ප්‍රතිපදාව

මහට‍්ඨන‍්තිආදීසු මහන‍්තෙහි වෙය්‍යාවච‍්චකරෙහි වා උපකරණෙහි වා බහූහි අත්‍ථො එත්‍ථාති මහට‍්ඨං. මහන‍්තානි නාමග‍්ගහණමඞ‍්ගලාදීනි කිච‍්චානි එත්‍ථාති මහාකිච‍්චං. ඉදං අජ‍්ජ කත‍්තබ‍්බං, ඉදං ස‍්වෙති එවං මහන‍්තානි අධිකාරසඞ‍්ඛාතානි අධිකරණානි එත්‍ථාති මහාධිකරණං. බහූනං කම‍්මෙ යුත‍්තප‍්පයුත‍්තතාවසෙන පීළාසඞ‍්ඛාතො මහාසමාරම‍්භො එත්‍ථාති මහාසමාරම‍්භං. ඝරාවාසකම‍්මට‍්ඨානන‍්ති ඝරාවාසකම‍්මං. එවං සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො. කසිකම‍්මෙ චෙත්‍ථ නඞ‍්ගලකොටිං ආදිං කත්‍වා උපකරණානං පරියෙසනවසෙන මහට‍්ඨතා, වණිජ‍්ජාය යථාඨිතංයෙව භණ‍්ඩං ගහෙත්‍වා පරිවත‍්තනවසෙන අප‍්පට‍්ඨතා වෙදිතබ‍්බා. විපජ‍්ජමානන‍්ති අවුට‍්ඨිඅතිවුට‍්ඨිආදීහි කසිකම‍්මං, මණිසුවණ‍්ණාදීසු අච‍්ඡෙකතාදීහි ච වණිජ‍්ජකම‍්මං අප‍්පඵලං හොති, මූලච‍්ඡෙදම‍්පි පාපුණාති. විපරියායෙන සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං චූළන‍්තෙවාසිකස‍්ස විය.

මහට්ඨං ආදී තන්හි බොහෝ වතාවත් කරන්නවුන් විසින් හෝ උපකරණ වලින් හෝ අර්ථයක් මෙහි ඇත්නුය මහට්ඨං මහත් වූ නම් තැබීම් මගුල් ආදී කටයුතු මෙහි ඇත්නුයි මහාකිඩ්ඪං මෙය අද කළයුතුය. මෙය හෙට කළයුතුයයි මෙසේ මහත් වූ නියම කිරීම් සංඛ්‍යාත අධිකරණ මෙහි ඇත්නුයි මහාධිකරණං බොහෝ දෙනකුගේ කාර්ය යන්හි යෙදවීම් වශයෙන් පීඩා සංඛ්‍යාත කාර්ය මෙහි ඇත්නුයි මහාසමාරම්හං ඝරාවාස කම්මට්ඨානං යනු ගෘහවාස කටයුතු මෙසේ සියලු වාරයන්හි අර්ථය දතයුතුය. මෙහි කෘෂිකර්මයෙහි නගුල්හිස් ආදි කොට ඇති උපකරණ සෙවීම් වශයෙන් මහත්බව වෙළඳාම සඳහා තිබුණු අයුරින්ම භාණ්ඩ ගෙන පරිවර්තන වශයෙන් අල්පස්ථ බව දත යුතුය. විපජ්ජමානං වැසිනැතිකල සහ වැඩි වැසි ඇතිකල කෘෂිකර්මයද, මැණික් රන් ආදීයෙහි අදක්ෂකම් ආදියෙන්ද වාණිජ්‍ය කර්මය අල්ප ඵල ඇතිවෙයි. මුදල් නාස්තියටද පත්වෙයි. වෙනස් කිරීම් වලින් චුල්ල අන්තේවාසිකයට මෙන් උපදින මහත්ඵල

එවමෙව ඛොති යථා කසිකම‍්මට‍්ඨානං විපජ‍්ජමානං අප‍්පඵලං හොති, එවං ඝරාවාසකම‍්මට‍්ඨානම‍්පි. අකතකල්‍යාණො හි කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්තති. මහාදත‍්තසෙනාපති නාම කිරෙකො බ්‍රාහ‍්මණභත‍්තො අහොසි, තස‍්ස මරණසමයෙ නිරයො උපට‍්ඨාසි. සො බ්‍රාහ‍්මණෙහි “කිං පස‍්සසී”ති වුත‍්තො? ලොහිතඝරන‍්ති ආහ. බ්‍රහ‍්මලොකො භො එසොති. බ්‍රහ‍්මලොකො නාම භො කහන‍්ති? උපරීති. මය‍්හං හෙට‍්ඨා උපට‍්ඨාතීති. කිඤ‍්චාපි හෙට‍්ඨා උපට‍්ඨාති, තථාපි උපරීති කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්තො. “ඉමිනා අම‍්හාකං යඤ‍්ඤෙ දොසො දින‍්නො”ති සහස‍්සං ගහෙත්‍වා නීහරිතුං අදංසු. සම‍්පජ‍්ජමානං පන මහප‍්ඵලං හොති. කතකල්‍යාණො හි කාලං කත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තති. සකලාය ගුත‍්තිලවිමානකථාය දීපෙතබ‍්බං. යථා පන තං වණිජ‍්ජකම‍්මට‍්ඨානං විපජ‍්ජමානං අප‍්පඵලං හොති, එවං සීලෙසු අපරිපූරකාරිනො අනෙසනාය යුත‍්තස‍්ස පබ‍්බජ‍්ජාකම‍්මට‍්ඨානම‍්පි. එවරූපා හි නෙව ඣානාදිසුඛං න සග‍්ගමොක‍්ඛං ලභති. සම‍්පජ‍්ජමානං පන මහප‍්ඵලං හොති. සීලානි හි පූරෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො අරහත‍්තම‍්පි පාපුණාති.

එවමෙව ඛො යම්සේ කෘෂිකර්මය අසාර්ථක වනවිට අල්ප ඵල වේද, එසේම ගෘහවාස කර්මය අල්පඵල ඇත්තේ වෙයි. යහපත් දෙයක් නොකරන ලද තැනැත්තේ කලුරිය කොට නිරයෙහි උපදියි. මහා දත්ත සේනාපති නමැත්තා බ්‍රාහ්මණ භක්තිකයෙක් විය. ඔහු මියයන අවස්ථාවෙහි නිරය එළඹ සිටියේය. හෙතෙමේ බ්‍රාහ්මණයන් විසින් කුමක් බලාදැයි විචාරන ලද්දේ ලේගෙයක් යැයි කීය. පින්වත ඒ බ්‍රහ්ම ලෝකයයි. පින්වත බ්‍රහ්ම ලෝකය කොහිද උඩය, මට යට එළඹ සිටියේය. සමහර ඒවා යටින් එළඹසිටී. සමහර ඒවා උඩින් උඩින්යයි කලුරිය කොට නිරයෙහි උපන්නේය. මෙයින් අපගේ යුගයෙහි දෝෂයක් දෙනලද්දේයයි දහසක්දී ඉවත් කිරිමට දුන්හ. ඇතිවන ඵලය මහත්ය. කරන ලද යහපත් කටයුතු ඇත්තේ කලුරිය කොට ස්වර්ගයෙහි උපදී. සියල්ල ගුත්තිල විමාන කථාවෙන් දැක්විය යුතුය. යම්සේ වාණිජ්‍ය කර්මය වෙනස් වන විට අල්පඵල ඇත්තේ වේද එසේම සීලය සම්පූර්ණ නොකරන්නාවු නොහොබිනා දෙයෙහි යුක්ත පුද්ගලයාට පැවිදි කිසද මෙබඳුම වේ. ධ්‍යානාදී සැප හෝ ස්වර්ගමෝක්ෂ සම්පත් හෝ නො ලැබෙයි. ඇතිවන ඵලය මහත්ය. සිල් පුරා විදර්ශනා වඩනේ රහත්බවටද පැමිණෙයි.

බ්‍රාහ‍්මණා, භො ගොතමොති ඉධ කිං පුච‍්ඡාමීති පුච‍්ඡති? බ්‍රාහ‍්මණා වදන‍්ති – “පබ‍්බජිතො ඉමෙ පඤ‍්ච ධම‍්මෙ පූරෙතුං සමත්‍ථො නාම නත්‍ථි, ගහට‍්ඨොව පූරෙතී”ති. සමණො පන ගොතමො – “ගිහිස‍්ස වා අහං මාණව පබ‍්බජිතස‍්ස වා”ති පුනප‍්පුනං වදති, නෙව පබ‍්බජිතං මුඤ‍්චති, මය‍්හමෙව පුච‍්ඡං මඤ‍්ඤෙ න සල‍්ලක‍්ඛෙතීති චාගසීසෙන පඤ‍්ච ධම‍්මෙ පුච‍්ඡාමීති පුච‍්ඡති. සචෙ තෙ අගරූති සචෙ තුය‍්හං යථා බ්‍රාහ‍්මණා පඤ‍්ඤපෙන‍්ති, තථා ඉධ භාසිතුං භාරියං න හොති, යදි න කොචි අඵාසුකභාවො හොති, භාසස‍්සූති අත්‍ථො. න ඛො මෙ, භොති කිං සන්‍ධායාහ? පණ‍්ඩිතපටිරූපකානඤ‍්හි සන‍්තිකෙ කථෙතුං දුක‍්ඛං හොති, තෙ පදෙ පදෙ අක‍්ඛරෙ අක‍්ඛරෙ දොසමෙව වදන‍්ති. එකන‍්තපණ‍්ඩිතා පන කථං සුත්‍වා සුකථිතං පසංසන‍්ති, දුක‍්කථිතෙ පාළිපදඅත්‍ථබ්‍යඤ‍්ජනෙසු යං යං විරුජ‍්ඣති, තං තං උජුං කත්‍වා දෙන‍්ති. භගවතා ච සදිසො එකන‍්තපණ‍්ඩිතො නාම නත්‍ථි, තෙනාහ “න ඛො මෙ, භො ගොතම, ගරු, යත්‍ථස‍්සු භවන‍්තො වා නිසින‍්නො භවන‍්තරූපො වා”ති. සච‍්චන‍්ති වචීසච‍්චං. තපන‍්ති තපචරියං. බ්‍රහ‍්මචරියන‍්ති මෙථුනවිරතිං. අජ‍්ඣෙනන‍්ති මන‍්තගහණං. චාගන‍්ති ආමිසපරිච‍්චාගං.

බ්‍රාහ්මණා භො ගොතම මෙහිදී කුමක් අසන්නෙම්දැයි අසයි. බමුණෝ මෙසේ කියති. පැවිද්දා මේ පංච ධර්ම පුරන්ට සමර්ථ නොවේ. ගිහියාද පුරයි. ශ්‍රමණ ගෞතම තෙමේ මානවය මම ගිහියාගේද පැවිද්දාගේද වෙමියි පුන පුනා කියයි. පැවිද්දා පමණක් නොමිදෙයි. මා ඇසුවිට නොසලකතියි හඟිමියි සිතා ගැල් මාතෘකාවෙන් අසමියි අසයි. සචෙතෙ අගරු ඉදින් ඔබට බමුණන් පනවන්නාක් මෙන් මෙහිදී කථාකිරීම බරක් නොවේද, කිසියම් අපහසුවක් නොවේද එසේ කියනු මැනවි යන අර්ථයි. නඛොමෙ හොති කුමක් සඳහා කීවේද? පණ්ඩිත ප්‍රතිරූපකයන් ඉදිරියෙහි කථාකිරීම දුකක් වෙයි. ඔවුහු පදයක් පදයක් පාසා අකුරක් අකුරක් පාසා දොස්ම කියති. නියම පණ්ඩිතයෝ කථාව අසාසිට හොඳින් කියූ දෙය පවසති. වැරදි ලෙස කියූවිට පාළිපද අර්ථ ව්‍යඤ්ජනයන්හි යම් යම් දෙයකට විරුද්ධ වේද ඒ ඒ දෙය පැහැදිලි කර දෙති. භාග්‍යවතුන් වහන්සේ සමාන නියම පණ්ඩිතයෙක් නම් නැත. එහෙයින් කීය. නඛොවෙ භො ගොතම ගරු යත්‍ථස්සු භවන්තො වා නිසින්නා භවන්ත රූපවා යනුවෙන්. සච්චං වචීසත්‍යය. තපං තපස් චර්යාව, බ්‍රහ්මචරියං මෛථුන විරතිය, අජ්ඣෙනං මන්ත්‍ර ඉගෙනීම චාගං ආමිෂ පරිත්‍යාගය

පාපිතො භවිස‍්සතීති. අජානනභාවං පාපිතො භවිස‍්සති. එතදවොචාති භගවතා අන්‍ධවෙණූපමාය නිග‍්ගහිතො තං පච‍්චාහරිතුං අසක‍්කොන‍්තො යථා නාම දුබ‍්බලසුනඛො මිගං උට‍්ඨපෙත්‍වා සාමිකස‍්ස අභිමුඛං කත්‍වා සයං අපසක‍්කති, එවමෙවං ආචරියං අපදිසන‍්තො එවං “බ්‍රාහ‍්මණො”තිආදිවචනං අවොච.

පාපිතො භවිස්සති නොදැනුවත්කම පාපියාගෙන් වන්නේය. එතදවොච භාග්‍යවතුන් වහන්සේ විසින් කණවැල් උපමාවෙන් නිග්‍රහ කරනු ලැබූ එය නැවත ගෙන ඒමට නොහැකිවන්නේ, දුර්වල සුනඛයකු මුවා ඩැහැගෙන ස්වාමියාගේ ඉදිරියෙහි තබා තමා ඉවත් වන්නාක් මෙන් ගුරුවරයා ගැන සඳහන් කරන්නේ බමුණා මෙසේයැයි ආදීවචන කීය.

තත්‍ථ පොක‍්ඛරසාතීති ඉදං තස‍්ස නාමං, “පොක‍්ඛරසායී”තිපි වුච‍්චති. තස‍්ස කිර කායො සෙතපොක‍්ඛරසදිසො දෙවනගරෙ උස‍්සාපිතරජතතොරණං විය සොභති, සීසං පනස‍්ස කාළවණ‍්ණඉන්‍දනීලමයං විය, මස‍්සුපි චන්‍දමණ‍්ඩලෙ කාළමෙඝරාජි විය ඛායති, අක‍්ඛීනි නීලුප‍්පලසදිසානි, නාසා රජතපනාළිකා විය සුවට‍්ටිතා සුපරිසුද‍්ධා, හත්‍ථපාදතලානි චෙව මුඛඤ‍්ච කතලාඛාරසපරිකම‍්මං විය සොභති. අතිවිය සොභග‍්ගප‍්පත‍්තො බ්‍රාහ‍්මණස‍්ස අත‍්තභාවො. අරාජකෙ ඨානෙ රාජානං කාතුං යුත‍්තමිමං බ්‍රාහ‍්මණං, එවමෙස සස‍්සිරිකො, ඉති නං පොක‍්ඛරසදිසත‍්තා “පොක‍්ඛරසාතී”ති සඤ‍්ජානන‍්ති, පොක‍්ඛරෙ පන සො නිබ‍්බත‍්තො, න මාතුකුච‍්ඡියන‍්ති ඉති නං පොක‍්ඛරෙ සයිතත‍්තා “පොක‍්ඛරසායී”තිපි සඤ‍්ජානන‍්ති. ඔපමඤ‍්ඤොති උපමඤ‍්ඤගොත‍්තො. සුභගවනිකොති උක‍්කට‍්ඨාය සුභගවනස‍්ස ඉස‍්සරො. හස‍්සකංයෙවාති හසිතබ‍්බකඤ‍්ඤෙව. නාමකංයෙවාති ලාමකංයෙව. තදෙව තං අත්‍ථාභාවෙන රිත‍්තකං. රිත‍්තකත‍්තා ච තුච‍්ඡකං. ඉදානි නං භගවා සාචරියකං නිග‍්ගණ‍්හිතුං කිං පන මාණවාතිආදිමාහ.

එහි පොක්ඛරසාති යනු ඔහුගේ නමයි. පොක්ඛරසාදී යයිද කියනු ලැබේ. ඔහුගේ සිරුර සුදු නෙළුම් මලක් වැන්න. දෙව්නුවර එසවූ රිදී තොරණක් මෙන් හොබී ඔහුගේ හිසකාළවර්ණය. ඉඳුනිල් මැණිකක් හා සමානය. රැවුල සඳමඩලෙහි කලු වලා කඩක් මෙන් පෙනේ. දෑස් නිලුපුල් මෙනි. නාසය රිදී බටයක් මෙන් වටකුරුය පිරිසිදුය. අතුල් පතුල් ද මුහුණද ලා රසයෙන් පිරියම් කළාක් මෙන් හොබී. අතිශයින් සෞභාග්‍යයට පත් බමුණාගේ ආත්මභාවය රජු නැතිතැන රජ කරන්ට සුදුසුවූ මේ බමුණා මෙසේ සශ්‍රීකය. මෙසේ ඔහු නෙළුමක් හා සමාන බැවින් පොක්ඛරසාදී යයි හඳුන්වති. ඔහු උපන්නේ නෙළුමක බැවින්ද මවුකුස නොවන බැවින්ද මෙසේ ඔහු නෙළුමක නිදාසිටි බැවින් පොක්ඛරසාදී කියාද හඳුන්වති. ඔපමඤ්ඤෙ උපමන්‍යු ගෝත්‍ර ඇත්තේ. සුභගවනිකො උක්කට්ඨා නුවර සුභග වනයෙහි අධිපති හස්සකංයෙව සිනාසිය යුත්තක් නාමකං යෙව ළාමක වුද, එය අර්ථයක් නැති බැවින් හිස් බැවින් හිස් ද නිශා කටයුතුද වෙයි. දැන් භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගුරුවරයාට සමගම නිග්‍රහ කරනු පිණිස කිංපන මාණව ආදිය කීසේක

තත්‍ථ කතමා නෙසං සෙය්‍යොති කතමා වාචා තෙසං සෙය්‍යො, පාසංසතරොති අත්‍ථො. සම‍්මුච‍්චාති සම‍්මුතියා ලොකවොහාරෙන. මන‍්තාති තුලයිත්‍වා පරිග‍්ගණ‍්හිත්‍වා. පටිසඞ‍්ඛායාති ජානිත්‍වා. අත්‍ථසංහිතන‍්ති කාරණනිස‍්සිතං. එවං සන‍්තෙති ලොකවොහාරං අමුඤ‍්චිත්‍වා තුලයිත්‍වා ජානිත්‍වා කාරණනිස‍්සිතං කත්‍වා කථිතාය සෙය්‍යභාවෙ සති. ආවුතොති ආවරිතො. නිවුතොති නිවාරිතො. ඔඵුටොති ඔනද‍්ධො. පරියොනද‍්ධොති පලිවෙඨිතො.

එහි කතමා නෙසං සෙය්‍යො ඔවුන් කවර වචනයක් යෝග්‍යද, තවමත් වඩා උතුම්ය යන අර්ථයි. සමුච්චා සම්මුතියෙන් ලෝක ව්‍යවහාරයෙන් මන්තා තුලනය කොට පරීක්සා කොට, පටි සංඛාය දැන, අත්‍ථසංහිතං කාරණාසහිත, එවං සන්තෙ ලෝක ව්‍යවහාරය නොමුදා තුලනය කොට දැන කරුණු සහිත කොට කියූදෙයෙහි සුදුසු බව ඇති කල්හි, ආවුතො අවාරණය කරන ලද නිවුතො නිවාරණය කරන ලද ඔවුතො වැසුණු පරියොනද්ධො වෙළන ලද,

ගධිතොතිආදීනි වුත‍්තත්‍ථානෙව. සචෙ තං, භො ගොතම, ඨානන‍්ති සචෙ එතං කාරණමත්‍ථි. ස‍්වාස‍්සාති ධූමඡාරිකාදීනං අභාවෙන සො අස‍්ස අග‍්ගි අච‍්චිමා ච වණ‍්ණිමා ච පභස‍්සරො චාති. තථූපමාහං මාණවාති තප‍්පටිභාගං අහං. ඉදං වුත‍්තං හොති – යථෙව හි තිණකට‍්ඨුපාදානං පටිච‍්ච ජලමානො අග‍්ගි ධූමඡාරිකඞ‍්ගාරානං අත්‍ථිතාය සදොසො හොති, එවමෙවං පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පන‍්නා පීති ජාතිජරාබ්‍යාධිමරණසොකාදීනං අත්‍ථිතාය සදොසා. යථා පන පරිච‍්චත‍්තතිණකට‍්ඨුපාදානො ධූමාදීනං අභාවෙන පරිසුද‍්ධො, එවමෙවං ලොකුත‍්තරජ‍්ඣානද‍්වයසම‍්පයුත‍්තා පීති ජාතිආදීනං අභාවෙන පරිසුද‍්ධාති අත්‍ථො.

ගථිතො ආදිය කියන ලද අර්ථ ඇත්තේමය සචෙතං හොගොතම ඨානං ඉදින් කරුණක් ඇත්නම් ස්වාස්ස දුම් අළු ආදියක් නැති බැවින් එය වෙයි. ගිනිදැල්ලක් මෙන්ද වර්ණ ඇත්තේද ප්‍රභාස්වර ද වේ. තථුපමාහං මානව ඒහා සමාන මම; මෙය කියනලද්දේ වෙයි. තණ දර ආදි ද්‍රව්‍ය නිසා දැල්වෙන ගින්න දුම් අළු අගුරු ඇති බැවින් දොස් සහිත වන්නාක් මෙන් පංචකාම ගුණයන් නිසා උපන් ප්‍රීතිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය ආදිය ඇති බැවින් දොස් සහිතය. යම්සේ තණ දර ආදී ද්‍රව්‍ය නැතිවිට දුම් ආදිය නැති බැවින් පිරිසිදු වේද, එසේම ලෝකෝත්තර ධ්‍යාන දෙකින් යුතු ප්‍රීතිය ජාති ආදිය නැති බැවින් පිරිසිදුය යන අර්ථයි.

ඉදානි යෙ තෙ බ්‍රාහ‍්මණෙහි චාගසීසෙන පඤ‍්ච ධම‍්මා පඤ‍්ඤත‍්තා, තෙපි යස‍්මා පඤ‍්චෙව හුත්‍වා න නිච‍්චලා තිට‍්ඨන‍්ති, අනුකම‍්පාජාතිකෙන සද‍්ධිං ඡ ආපජ‍්ජන‍්ති. තස‍්මා තං දොසං දස‍්සෙතුං යෙ තෙ මාණවාතිආදිමාහ. තත්‍ථ අනුකම‍්පාජාතිකන‍්ති අනුකම‍්පාසභාවං.

බමුණන් විසින් ත්‍යාගය යටතේ සංග්‍රහකරන ලද පංච ධර්මයක් පනවන ලද්දාහුද ඒවාද පසක්ම වී නිශ්චලව නොපවතීද අනුකම්පා ස්වභාවය සමග පැමිණෙයි. ඒනිසා එහි දොස් දක්වන්ට යෙතෙමාණවා ආදිය කීහ. එහි අනුකම්පජාතිකෙන යනු අනුකම්පා ස්වභාවයයි.

කත්‍ථ බහුලං සමනුපස‍්සසීති ඉදං භගවා යස‍්මා – “එස ඉමෙ පඤ‍්ච ධම‍්මෙ පබ‍්බජිතො පරිපූරෙතුං සමත්‍ථො නාම නත්‍ථි, ගහට‍්ඨො පරිපූරෙතී”ති ආහ, තස‍්මා – “පබ‍්බජිතොව ඉමෙ පූරෙති, ගහට‍්ඨො පූරෙතුං සමත්‍ථො නාම නත්‍ථී”ති තෙනෙව මුඛෙන භණාපෙතුං පුච‍්ඡති.

එහි බහුලං සමනුපස්සී භාග්‍යවතුන් වහන්සේ මේ පැවිද්දා මේ පස් දහම සම්පුර්ණ කිරීමට අසමර්ථ නම් ගිහියා සම්පූර්ණ කරයි දැයි ඇසූසේක. ඒනිසා පැවිදි වූ තැනැත්තේම මෙසේ දහම් සම්පූර්ණ කරයිනම් ගිහියා සම්පුර්ණ කිරීමට සමර්ථ නොවේ යයි ඒ කටින්ම කියවන්ට විමසන සේක.

න සතතං සමිතං සච‍්චවාදීතිආදීසු ගහට‍්ඨො අඤ‍්ඤස‍්මිං අසති වළඤ‍්ජනකමුසාවාදම‍්පි කරොතියෙව, පබ‍්බජිතා අසිනා සීසෙ ඡිජ‍්ජන‍්තෙපි ද‍්වෙ කථා න කථෙන‍්ති. ගහට‍්ඨො ච අන‍්තොතෙමාසමත‍්තම‍්පි සික‍්ඛාපදං රක‍්ඛිතුං න සක‍්කොති, පබ‍්බජිතො නිච‍්චමෙව තපස‍්සී සීලවා තපනිස‍්සිතකො හොති. ගහට‍්ඨො මාසස‍්ස අට‍්ඨදිවසමත‍්තම‍්පි උපොසථකම‍්මං කාතුං න සක‍්කොති, පබ‍්බජිතා යාවජීවං බ්‍රහ‍්මචාරිනො හොන‍්ති. ගහට‍්ඨො රතනසුත‍්තමඞ‍්ගලසුත‍්තමත‍්තම‍්පි පොත්‍ථකෙ ලිඛිත්‍වා ඨපෙති, පබ‍්බජිතා නිච‍්චං සජ‍්ඣායන‍්ති. ගහට‍්ඨො සලාකභත‍්තම‍්පි අඛණ‍්ඩං කත්‍වා දාතුං න සක‍්කොති, පබ‍්බජිතා අඤ‍්ඤස‍්මිං අසති කාකසුනඛාදීනම‍්පි පිණ‍්ඩං දෙන‍්ති, භණ‍්ඩග‍්ගාහකදහරස‍්සපි පත‍්තෙ පක‍්ඛිපන‍්තෙවාති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. චිත‍්තස‍්සාහමෙතෙන‍්ති අහං එතෙ පඤ‍්ච ධම‍්මෙ මෙත‍්තචිත‍්තස‍්ස පරිවාරෙ වදාමීති අත්‍ථො.

නසත්තං සමිතං සච්චවාදී ආදී තන්හි ගිහියා වෙනත් දෙයක් නැති කල්හි පලපුරුදු මුසාවාදයම කෙරේමය. පැවිද්දෝ අසිපතින් ගෙල සිඳින කල්හිත් කථා දෙකක් නොකියති. ගිහියාද තුන්මසක් වත් සිල් පදයක් රකින්ට නොහැක්කේය. පැවිද්දෝ දිවි ඇතිතෙක් බ්‍රහ්මචාරීහු වෙති. ගිහියා රතන සුත්‍රය මංගල සූත්‍රයක් පමණක්ම පොතක ලියා තබයි. පැවිද්දෝ එය සජ්ඣායනා කරති. ගිහියා සලාක බතවත් නොකඩ කොට දෙන්ට අසමත්ය. පැවිද්දෝ අන් දෙයක් නැතිකල්හි බලුකපුටු ආදීන්ට බත්පිඩක්වත් දෙති. භාණ්ඩ ගෙන යන දරුවාගේ පතෙහි වුවද තබත්මය. මෙසේ අර්ථය දතයුතුය. චිත්තස්සානං එතෙ මම මේ පස් දහම් මෛත්‍රී සිතෙහි පිරිවර ලෙස කියමි යන අර්ථයි.

ජාතවද‍්ධොති ජාතො ච වඩ‍්ඪිතො ච. යො හි කෙවලං තත්‍ථ ජාතොව හොති, අඤ‍්ඤත්‍ථ වඩ‍්ඪිතො, තස‍්ස සමන‍්තා ගාමමග‍්ගා න සබ‍්බසො පච‍්චක‍්ඛා හොන‍්ති, තස‍්මා ජාතවද‍්ධොති ආහ. ජාතවද‍්ධොපි හි යො චිරං නික‍්ඛන‍්තො, තස‍්ස න සබ‍්බසො පච‍්චක‍්ඛා හොන‍්ති, තස‍්මා තාවදෙව අවසටන‍්ති ආහ, තංඛණමෙව නික‍්ඛන‍්තන‍්ති අත්‍ථො. දන්‍ධායිතත‍්තන‍්ති “අයං නු ඛො මග‍්ගො අයං න නු ඛො”ති කඞ‍්ඛාවසෙන චිරායිතත‍්තං. විත්‍ථායිතත‍්තන‍්ති යථා සුඛුමං අත්‍ථජාතං සහසා පුච‍්ඡිතස‍්ස කස‍්සචි සරීරං ථද‍්ධභාවං ගණ‍්හාති, එවං ථද‍්ධභාවගහණං. නත්‍වෙවාති ඉමිනා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස අප‍්පටිහතභාවං දස‍්සෙති. තස‍්ස හි පුරිසස‍්ස මාරාවට‍්ටනාදීනං වසෙන සියා ඤාණස‍්ස පටිඝාතො, තෙන සො දන්‍ධායෙය්‍ය වා විත්‍ථායෙය්‍ය වා, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පන අප‍්පටිහතං, න සක‍්කා තස‍්ස කෙනචි අන‍්තරායො කාතුන‍්ති දීපෙති.

ජාතවද්ධො උපන්නේද වැඩුණේද, යමෙක් තනිව එහි ඉපිදී වෙනත් තැනක වැඩුණේවෙයි. ඔහු හාත්පස ගමේ මාර්ග සියල්ල ප්‍රත්‍යක්ෂ නොවේ. ඒ නිසා ජාතවද්ධ යනුවෙන් ජාත වෘද්ධයා වනාහි යමෙක් ගමින් ගොස් බොහෝකල් නම් ඔහුට සියල්ල ප්‍රකට නොවේ. ඒනිසා තාවදෙව අවසටං ආදීය කීහ. ඒ ක්ෂණයෙහි නික්මීගිය යන අර්ථයි. අන්‍ධායිතත්තං මේකද මාර්ගය මේකද මාර්ගය යනුවෙන් සැකයෙන් පමාවන බව, විත්‍ථායිතත්තං යම්සේ සියුම් අර්ථ ඇතිදෙයක් වහා අසනු ලබුවහුගේ සිරුර තදබවක් ගනීද මෙසේ තදබව ගැනීමයි. නත්‍ථෙව මෙයින් සර්වඥ බවෙහි අප්‍රතිහත භාවය දක්වයි. ඒනිසා ඒපුරුෂයාගේ මාරාවේශන වශයෙන් ඥාන පටිඝාතය වන්නේය. එයින් ඔහු පමාවන්නේය හෝ තදවන්නේය. සර්වඥතා ඥානය අප්‍රතිහතය. කිසිවකු විසින් එයට අනතුරක් සිදු කිරිමට නොහැකියයි දක්වයි.

සෙය්‍යථාපි මාණව බලවා සඞ‍්ඛධමොති එත්‍ථ බලවාති බලසම‍්පන‍්නො. සඞ‍්ඛධමොති සඞ‍්ඛධමකො. අප‍්පකසිරෙනාති අකිච‍්ඡෙන අදුක‍්ඛෙන. දුබ‍්බලො හි සඞ‍්ඛධමකො සඞ‍්ඛං ධමන‍්තොපි න සක‍්කොති චතස‍්සො දිසා සරෙන විඤ‍්ඤාපෙතුං, නාස‍්ස සඞ‍්ඛසද‍්දො සබ‍්බසො ඵරි. බලවතො පන විප‍්ඵාරිකො හොති, තස‍්මා බලවාති ආහ. මෙත‍්තාය චෙතොවිමුත‍්තියාති එත්‍ථ මෙත‍්තායාති වුත‍්තෙ උපචාරොපි අප‍්පනාපි වට‍්ටති, චෙතොවිමුත‍්තියාති වුත‍්තෙ පන අප‍්පනාව වට‍්ටති. යං පමාණකතං කම‍්මන‍්ති පමාණකතං කම‍්මං නාම කාමාවචරං වුච‍්චති, අප‍්පමාණකතං කම‍්මං නාම රූපාරූපාවචරං. තෙසුපි ඉධ බ්‍රහ‍්මවිහාරකම‍්මඤ‍්ඤෙව අධිප‍්පෙතං. තඤ‍්හි පමාණං අතික‍්කමිත්‍වා ඔධිසකඅනොධිසක දිසාඵරණවසෙන වඩ‍්ඪෙත්‍වා කතත‍්තා අප‍්පමාණකතන‍්ති වුච‍්චති. න තං තත්‍රාවසිස‍්සති, න තං තත්‍රාවතිට‍්ඨතීති තං කාමාවචරකම‍්මං තස‍්මිං රූපාරූපාවචරකම‍්මෙ න ඔහීයති න තිට‍්ඨති. කිං වුත‍්තං හොති? කාමාවචරකම‍්මං තස‍්ස රූපාරූපාවචරකම‍්මස‍්ස අන‍්තරා ලග‍්ගිතුං වා ඨාතුං වා රූපාරූපාවචරකම‍්මං ඵරිත්‍වා පරියාදියිත්‍වා අත‍්තනො ඔකාසං ගහෙත්‍වා පතිට‍්ඨාතුං වා න සක‍්කොති, අථ ඛො රූපාරූපාවචරකම‍්මමෙව කාමාවචරං මහොඝො විය පරිත‍්තඋදකං ඵරිත්‍වා පරියාදියිත්‍වා අත‍්තනො ඔකාසං ගහෙත්‍වා තිට‍්ඨති, තස‍්ස විපාකං පටිබාහිත්‍වා සයමෙව බ්‍රහ‍්මසහබ්‍යතං උපනෙතීති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

සෙය්‍යථාපි මාණව බලවා සබ්බධම්මා එහි බලවා යනු බලසම්පන්න, සංඛධමො සක්පිඹින්නෙක්, අප්පකසිරෙන කරදරයකින් තොරව, අපහසුවකින් තොරව, දුර්වල සක් පිඹින්නා සක පිඹින්නේද සතර දිශාව ශබ්දයෙන් දන්වන්ට නොහැකිය. ඔහුගේ සක්හඬ සර්වාකාරයෙන් පැතිරී නොයයි. ශක්තිමත් සක් පිඹින්නාගේ සක්හඬ පැතිරී යන්නේවෙයි. ඒනිසා බලවා යයි කීහ. මෙත්තාය චෙතො විමුත්තිය මෙහි මෙත්තාය යනුවෙන් කීකල්හි උපචාරයද අර්පණාවද වැටෙයි. යං පමාණකතං කම්මං ප්‍රමාණීක කර්මය නම් කාමාවචරයයි කියනු ලැබේ. අප්‍රමාණී කෘත කර්මය නම් රූපාවචරයි. සෙස්සෙහිද මෙහි බ්‍රහ්මවිහාර කර්මයම අදහස් කරන ලදී. එය ප්‍රමාණය ඉක්මවා ඔදිස්සක - විශේෂ හා අනොදිස්සක - සාමාන්‍ය දිසා වරණ දිශාවන්හි පැතිරීම් වශයෙන් වඩා කරන ලද බැවින් අප්‍රමාණකයයි කියනු ලැබේ. නතං තත්‍රාවසිස්සති න තත්‍රාවනිටඨති ඒ කාමාවචර කර්මය එම රූපාවචර සමයෙහි අත් නොහැරේ. නොසිටී. මින් කුමක් කියන ලද්දේද: ඒ කාමාවචර කර්මය ඒ රූපාවචර කමය අතර ලැගීමට හෝ සිටීමට හෝ රූපාවචර කර්මය පුරා පැතිරී වසාගෙන තමාට අවකාශයක් ලබාගෙන බිහිවීමට නොහැකිය. ඉක්බිති රූපාවචර අරූපාවචර අතර හැසිරෙන කර්මයම කාමාවචරය මහාදිය කඳක් මෙන් සුළු ප්‍රමාණයක ජලයෙහි පැතිර වසාගෙන තමාම අවකාශයක් ලබාගෙන සිටී. එහි විපාකය ඉවත් කොට තමාම බ්‍රහ්මයන්ගේ සහ වාසයට පමුණුවයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය සුභසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවැනි සුභ සුත්‍රයයි