සඞ්ගාරවසුත්තවණ්ණනා අට්ඨකථා
සඞ්ගාරවසුත්තවණ්ණනා
සඞ්ගාරව සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සඞ්ගාරවසුත්තං. තත්ථ චඤ්චලිකප්පෙති එවංනාමකෙ ගාමෙ. අභිප්පසන්නාති අවෙච්චප්පසාදවසෙන පසන්නා. සා කිර සොතාපන්නා අරියසාවිකා භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස භරියා. සො බ්රාහ්මණො පුබ්බෙ කාලෙන කාලං බ්රාහ්මණෙ නිමන්තෙත්වා තෙසං සක්කාරං කරොති. ඉමං පන බ්රාහ්මණිං ඝරං ආනෙත්වා අභිරූපාය මහාකුලාය බ්රාහ්මණියා චිත්තං කොපෙතුං අසක්කොන්තො බ්රාහ්මණානං සක්කාරං කාතුං නාසක්ඛි. අථ නං බ්රාහ්මණා දිට්ඨදිට්ඨට්ඨානෙ – “නයිදානි ත්වං බ්රාහ්මණලද්ධිකො, එකාහම්පි බ්රාහ්මණානං සක්කාරං න කරොසී”ති නිප්පීළෙන්ති. සො ඝරං ආගන්ත්වා බ්රාහ්මණියා තමත්ථං ආරොචෙත්වා – “සචෙ, භොති එකදිවසං මුඛං රක්ඛිතුං සක්කුණෙය්යාසි, බ්රාහ්මණානං එකදිවසං භික්ඛං දදෙය්ය”න්ති ආහ. තුය්හං දෙය්යධම්මං රුච්චනකට්ඨානෙ දෙහි, කිං මය්හං එත්ථාති. සො බ්රාහ්මණෙ නිමන්තෙත්වා අප්පොදකං පායාසං පචාපෙත්වා ඝරඤ්ච සුජ්ඣාපෙත්වා ආසනානි පඤ්ඤාපෙත්වා බ්රාහ්මණෙ නිසීදාපෙසි. බ්රාහ්මණී මහාසාටකං නිවාසෙත්වා කටච්ඡුං ගහෙත්වා පරිවිසන්තී දුස්සකණ්ණකෙ පක්ඛලිත්වා “බ්රාහ්මණෙ පරිවිසාමී”ති සඤ්ඤම්පි අකත්වා ආසෙවනවසෙන සහසා සත්ථාරමෙව අනුස්සරිත්වා උදානං උදානෙසි.
එවම්මෙසුතං යනු සඞ්ගාරව සූත්‍රයයි. එහි මණ්ඩල කප්පෙ යනු එනම් ඇති කුඩාගමෙහි අභිප්පසන්නා නොසැලෙන ප්‍රසාද වශයෙන් පහන්වූ අවනාහි භාරද්වාජ ගෝත්‍රයෙහි බ්‍රාහ්මණයාගේ බිරිය වූ සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවකි. ඒ බ්‍රාහ්මණයා පෙරදි කලින්කල බමුණන්ට ආරාධනා කොට ඔවුන්ට සත්කාර කරයි. මේ බැමිණිය ගෙදරට ගෙනවුත්, මහකුලයක රූමත් බැමිණියගේ සිත් කෝපගන්වන්ට නොහැකි වන්නේ බමුණන්ට සත්කාර කිරිමට නොහැකි විය. ඉක්බිති බමුණේ දුටු දුටු තැන තී දැන් බ්‍රාහ්මණ ලබ්ධියකු තැනැත්තියක් නොවෙහිය. එක් දවසක් වත් බමුණන්ට සත්කාර නොකරන්නෙහියයි පීඩා ඇතිකරත්. හෙතෙමේ ගෙට අවුත් බැමිණියට ඒ බව දන්වා ඉදින් පින්වතිය එක් දවසක් කට රැකගන්ට හැකි වන්නීනම් බමුණන්ට එක් දවසක් භික්ෂාව දෙන්නෙමියි කීය. බමුණ, ඔබගේ දානය ඔබ කැමති තැනකට දෙන්න. මට මෙයින් වැඩක් නැතැයි කීවාය. හේ බමුණන් අමතා දිය අඩුවෙන් කිරිබත් පිසවා ගෙය අතුගා අසුන් පනවා බමුණා හිඳවීය. බැමිණිය මහසළුවක් හැඳ හැන්ද ගෙන වළඳවන්නී රෙදි කොනක පැටලී බමුණන් වළඳවම් යන හැඟීමක් නොකොට ආසේවන වශයෙන් ශාස්තෲන් වහන්සේම සිහිකොට උදන් ඇනුවාය.
බ්රාහ්මණා උදානං සුත්වා “උභතොපක්ඛිකො එස සමණස්ස ගොතමස්ස සහායො, නාස්ස දෙය්යධම්මං ගණ්හිස්සාමා”ති කුපිතා භොජනානි ඡඩ්ඩෙත්වා නික්ඛමිංසු. බ්රාහ්මණො – “නනු පඨමංයෙව තං අවචං ‘අජ්ජෙකදිවසං මුඛං රක්ඛෙය්යාසී’ති, එත්තකං තෙ ඛීරඤ්ච තණ්ඩුලාදීනි ච නාසිතානී”ති අතිවිය කොපවසං උපගතො – “එවමෙව පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති, ඉදානි ත්යාහං වසලි තස්ස සත්ථුනො වාදං ආරොපෙස්සාමී”ති ආහ. අථ නං බ්රාහ්මණී “ගච්ඡ ත්වං, බ්‍රාහ්මණ, ගන්ත්වා විජානිස්සසී”ති වත්වා “න ඛ්වාහං තං, බ්‍රාහ්මණ, පස්සාමි සදෙවකෙ ලොකෙ…පෙ… වාදං ආරොපෙය්යා”තිආදිමාහ. සො සත්ථාරං උපසඞ්කමිත්වා –
බමුණෝ උදානය අසා මේ බමුණා දෙපැත්තම ගත්තෙකි. ශ්‍රමණ ගෞතමයන්ගේ මිතුරෙකි. මොහුගේ දානය නොගන්නෙමුයි කෝපවූවාහු බොජුන් ඉවත දමා නික්මගියහ. බමුණා, මම පළමු කොටම මැයව අදටවත් කට රැකගන්නැයි කීවා නේද, මෙපමණක් කිරිත් සහලුත් විනාශ කළායැයි අතිශයින් කෝප වසඟයට පැමිණියේ. මේ වසලියට, අතන මෙතන මුඩු මහණාගේ ගුණ කියයි. දැන් මම මේ වසලිය ඒ ශාස්තෘෘගේ වාදය පටවන්නෙමියි කීය. ඉක්බිති බැමිණිය, යව බමුණ ගොස් ම දැන ගන්නෙහි යයි කියා, බමුණ මම දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- වාදාරෝපණය කළහැක්කෙක් නොදකිමි. හේ ශාස්තෲන් වහන්සේ කරා එළඹ -
“කිංසු ඡෙත්වා සුඛං සෙති, කිංසු ඡෙත්වා න සොචති; කිස්සස්සු එකධම්මස්ස, වධං රොචෙසි ගොතමා”ති. (සං· නි· 1.187) –
කීසු ඣත්වා සුඛං සෙති - කිංසු ඣත්වා න සොචති කිස්සස්ස එක ධම්මස්ස - වධං රොචෙසි ගොතම
ගෞතමයනි, කුමක් නසා සැපසේ හොවීද, කුමක්නසා සෝක නොකෙරේද කවර එක් කරුණක නැසුම ඔබ රුචි කෙරෙහිද?
පඤ්හං පුච්ඡි. සත්ථා ආහ –
ප්‍රශ්නයක් ඇසීය ශාස්තෲන් වහන්සේ
“කොධං ඡෙත්වා සුඛං සෙති, කොධං ඡෙත්වා න සොචති; කොධස්ස විසමූලස්ස, මධුරග්ගස්ස බ්‍රාහ්මණ; වධං අරියා පසංසන්ති, තඤ්හි ඡෙත්වා න සොචතී”ති. (සං· නි· 1.187) –
කොධං ඣත්වා සුඛං සෙති - කොධං ඣත්වා න සොචති කොධස්ස විසමුලස්ස - මධුරග්ගස්ස බ්‍රාහ්මණ වධං අරියා පසංසන්ති - තංහි ඣත්වා න සොචති.
කොව දවා හොවී සැපසේ කොව දවා සෝක නොකෙරේ. බමුණ, මුල විස අග මිහිරි ක්‍රෝධය, නැසුම ආර්යයෝ පසසත් එයම නසා සෝක නොකෙරේ.
පඤ්හං කථෙසි. සො පබ්බජිත්වා අරහත්තං පත්තො. තස්සෙව කනිට්ඨභාතා අක්කොසකභාරද්වාජො නාම “භාතා මෙ පබ්බජිතො”ති සුත්වා භගවන්තං උපසඞ්කමිත්වා අක්කොසිත්වා භගවතා විනීතො පබ්බජිත්වා අරහත්තං පත්තො. අපරො තස්ස කනිට්ඨො සුන්දරිකභාරද්වාජො නාම. සොපි භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡිත්වා විස්සජ්ජනං සුත්වා පබ්බජිත්වා අරහත්තං පත්තො. අපරො තස්ස කනිට්ඨො පිඞ්ගලභාරද්වාජො නාම. සො පඤ්හං පුච්ඡිත්වා පඤ්හබ්යාකරණපරියොසානෙ පබ්බජිත්වා අරහත්තං පත්තො. සඞ්ගාරවො මාණවොති අයං තෙසං සබ්බකනිට්ඨො තස්මිං දිවසෙ බ්රාහ්මණෙහි සද්ධිං එකභත්තග්ගෙ නිසින්නො. අවභූතාවාති අවඩ්ඪිභූතා අවමඞ්ගලභූතායෙව. පරභූතාවාති විනාසං පත්තායෙව. විජ්ජමානානන්ති විජ්ජමානෙසු. සීලපඤ්ඤාණන්ති සීලඤ්ච ඤාණඤ්ච න ජානාසි.
පිළිතුරු කීසේක. හෙතෙමේ පැවිදිව රහත්බවට පැමිණියේය. ඔහුගේ කනිටු බෑයා අක්කොසක භාරද්වාජ නම්වේ. මාගේ බෑයා පැවිදි වුයේ යැයි අසා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ අක්‍රෝශ කර භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මවනු ලැබුයේ පැවිදිව රජබවට පැමිණියේය. ඔහුගේ අතින් කනිටු බෑයා අසුන්දරික භාරද්වාජ නම් හේ තෙමේද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ආක්‍රෝශ කොට භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මවනු ලැබුනේ පැවිදිව රහත් බවට පැමිණියේය. ඔහුගේ අනිත් කනිටු බෑයා පිඞ්ගලක භාරද්වාජ නමි. හෙතෙමේද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ප්‍රශ්නයක් අසා විසඳුම් අවසන පැවිදිව රහත්බවට පැමිණියේය. සඞ්ගාරවො මානවො මේ ඔවුන් සියලු දෙනාට කනිටු බෑයාය. එදවස බමුණන් සමග එක් බත් හලක හුන්නේ අවභූතාච නොවැඩුණාහුය. අමංගලත් වූවාහුය. පරාභූතාච විනාශයට පත්වූවාහුය. විජ්ජමානානං ජීවත්වන්නවුන් අතර සිලපඤ්ඤානං ශීලයද ඥනයද නොදනී.
දිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තාති දිට්ඨධම්මෙ අභිඤ්ඤාතෙ ඉමස්මිඤ්ඤෙව අත්තභාවෙ අභිජානිත්වා වොසිතවොසානා හුත්වා පාරමීසඞ්ඛාතං සබ්බධම්මානං පාරභූතං නිබ්බානං පත්තා මයන්ති වත්වා ආදිබ්‍රහ්මචරියං පටිජානන්තීති අත්ථො. ආදිබ්රහ්මචරියන්ති බ්රහ්මචරියස්ස ආදිභූතා උප්පාදකා ජනකාති එවං පටිජානන්තීති වුත්තං හොති. තක්කීති තක්කගාහී. වීමංසීති වීමංසකො, පඤ්ඤාචාරං චරාපෙත්වා එවංවාදී. තෙසාහමස්මීති තෙසං සම්මාසම්බුද්ධානං අහමස්මි අඤ්ඤතරො.
දිට්ඨධම්මාභිඤ්ඤා වොසාන පාරමිප්පත්තා දිට්ඨ ධම්මෙ මේ ආත්ම භාවයේදීම හොඳින් දැන වොසිතා අවසන් වී පාරමී සංඛ්‍යාත සියලු ධර්මයන්ගේ පරතෙරට ගියෙමු. නිර්වාණයට පැමිණියෙමුයි කියා ආදිබ්‍රහ්ම චර්යාව අනුව කරත් යන අර්ථයි. ආදිබ්‍රහ්ම චරියං බ්‍රහ්මචර්යාවට මුල්වූවෝ උත්පාදකවූවෝ පියවරුවූවෝ පිළිගනිතියි කියන ලද්දේ වෙයි. තක්කී තර්ක ග්‍රාහී වීමංසී විමර්ශනය කරන්නා ප්‍රඥා හැසිරීම්හි හසුරුවා මෙසේ කියන, තෙසාහමස්මි ඒ සම්බුදුවරුන්ගේ මම එක්කෙනෙක් වෙමි.
අට්ඨිතවතන්ති අට්ඨිතතපං, අස්ස පධානපදෙන සද්ධිං සම්බන්ධො, තථා සප්පුරිසපදස්ස. ඉදඤ්හි වුත්තං හොති – භොතො ගොතමස්ස අට්ඨිතපධානවතං අහොසි, සප්පුරිසපධානවතං අහොසීති.
අට්ඨිතවතා අවශ්‍ය පදයෙහි ප්‍රධාන පදය සමග සත්පුරුෂපදය සමග මෙන් සම්බන්ධය. මෙය කියන ලද්දේ වෙයි : භවත් ගෞතමයන්ගේ පැමිණි ප්‍රධාන පදයවිය සත්පුරුෂ ප්‍රධාන පදය විය.
අත්ථි දෙවාති පුට්ඨො සමානොති ඉදං මාණවො “සම්මාසම්බුද්ධො අජානන්තොව පකාසෙසී”ති සඤ්ඤාය ආහ. එවං සන්තෙති තුම්හාකං අජානනභාවෙ සන්තෙ. තුච්ඡං මුසා හොතීති තුම්හාකං කථා අඵලා නිප්ඵලා හොති. එවං මාණවො භගවන්තං මුසාවාදෙන නිග්ගණ්හාති නාම. විඤ්ඤුනා පුරිසෙනාති පණ්ඩිතෙන මනුස්සෙන. ත්වං පන අවිඤ්ඤුතාය මයා බ්යාකතම්පි න ජානාසීති දීපෙති.
අත්ථිදෙවා ථුට්ඨොසමානො යනු මේ මානවකයා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නොදැක ප්‍රකාශ කළ සේකැයි හැඟීමෙන් කීය. එවං සන්තෙ ඔබ නොදන්නා විට, තුච්ඡං මුසාහොති ඔබගේ කථාව ඵලරහිත නිෂ්ඵල වෙයි. මෙසේ මානවකයා භාග්‍යවතුන් වහන්සේ මුසා වාදයෙන් නිග්‍රහ කරන්නේ නම්වේ. විඤ්ඤුපුරිසෙන නුවණැති මිනිසා විසින්, ඔබ නොදන්නාකම නිසා මා විසින් කියන ලද දෙයද නොදන්නෙහි යයි දක්වයි.
උච්චෙන සම්මතන්ති උච්චෙන සද්දෙන සම්මතං පාකටං ලොකස්මිං. අධිදෙවාති සුසුදාරකාපි හි දෙවා නාම හොන්ති, දෙවියො නාම හොන්ති දෙවා පන අධිදෙවා නාම, ලොකෙ දෙවො දෙවීති ලද්ධනාමෙහි මනුස්සෙහි අධිකාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
උච්චෙ සම්මතං උස් හඬින් සිතූදෙය මැනවින් ප්රකටය. ලොකස්මිං අත්ථිදෙව කුඩාදරුවෝද දෙවියෝ නම්වෙති. දෙවියෝනම්, දෙවියෝ නම් ලෝකයෙහි දේව, දේවී යන ලැබුනම් ඇති මනුෂ්‍යයන්ට අධික වූවෝය යන අර්ථයි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සඞ්ගාරවසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවැනි සඞ්ගාරව සුත්‍රයයි
පඤ්චමවග්ගවණ්ණනා නිට්ඨිතා.
පස්වැනි වර්ගය නිමියේය.
මජ්ඣිමපණ්ණාස-අට්ඨකථා නිට්ඨිතා.
මේ අයුරින් පපඤ්චසුදනී නම්වූ මජ්ඣිමනිකාය අටුවාවෙහි මජ්ඣිම පණ්ණාසක වර්ණනාව නිමියේය.