යෙදුමෙන් කියවන්න

දෙවදහ සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

දෙවදහ සුත‍්තවණ‍්ණනා

දෙවදහ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති දෙවදහසුත‍්තං. තත්‍ථ දෙවදහං නාමාති දෙවා වුච‍්චන‍්ති රාජානො, තත්‍ථ ච සක්‍යරාජූනං මඞ‍්ගලපොක‍්ඛරණී අහොසි පාසාදිකා ආරක‍්ඛසම‍්පන‍්නා, සා දෙවානං දහත‍්තා “දෙවදහ”න‍්ති පඤ‍්ඤායිත්‍ථ. තදුපාදාය සොපි නිගමො දෙවදහන‍්ත්‍වෙව සඞ‍්ඛං ගතො. භගවා තං නිගමං නිස‍්සාය ලුම‍්බිනිවනෙ විහරති. සබ‍්බං තං පුබ‍්බෙකතහෙතූති පුබ‍්බෙ කතකම‍්මපච‍්චයා. ඉමිනා කම‍්මවෙදනඤ‍්ච කිරියවෙදනඤ‍්ච පටික‍්ඛිපිත්‍වා එකං විපාකවෙදනමෙව සම‍්පටිච‍්ඡන‍්තීති දස‍්සෙති. එවං වාදිනො, භික‍්ඛවෙ, නිගණ‍්ඨාති ඉමිනා පුබ‍්බෙ අනියමෙත්‍වා වුත‍්තං නියමෙත්‍වා දස‍්සෙති.

එවම්මෙසුතං මා විසින් දේවදහ සූත්‍රය මෙසේ අසන ලදී. එහි දෙවදහං නාමාති දේව යන රජුන්ට කියත්. ප්‍රාසාදයෙන් යුත් මනා ආරක්ෂා සංවිධාන ඇති ශාක්‍ය රජුන්ට මඟුල් පොකුණෙක් විය. එය රජුන්ට අයත් හෙයින් දේවදහ යන නාමයෙන් ප්‍රසිද්ධ වූයේය. ඒ නිසා ඒ නියම් ගමට ද දේවදහ යන නාමය ලැබිණ. බුදුරදුන් ඒ නියම් ගම් ඇසුරුකොටගෙන ලුම්බිණි වනෝද්‍යානයෙහි වැඩ වාසය කරන සේක. සබ්බංතංපුබ්බේකතහෙතූති පෙර කරන ලද කර්මයන්ගේ හේතුවයි. මේ කර්ම වේදනාව ද ක්‍රියා වේදනාව ද ප්‍රතික්‍ෂේප කොට එකම විපාක වේදනාව ම පිළිගනිත් යැයි දක්වත්. එවංවාදි භික්ඛවෙ නිගණ්ඨාති මෙයින් මුලින් අනියමින් කියන ලද දෙය නියම ලෙස දක්වයි.

අහුවම‍්හෙව මයන‍්ති ඉදං භගවා තෙසං අජානනභාවං ජානන‍්තොව කෙවලං කලිසාසනං ආරොපෙතුකාමො පුච‍්ඡති. යෙ හි “මයං අහුවම‍්හා”තිපි න ජානන‍්ති, තෙ කථං කම‍්මස‍්ස කතභාවං වා අකතභාවං වා ජානිස‍්සන‍්ති. උත‍්තරිපුච‍්ඡායපි එසෙව නයො.

අහුවා මෙව මයන්ති, අකරාමෙව මයන්ති යන මෙය බුදුරදුන් ඔවුන් නොදන්නා බව දැනගෙන ම හුදෙක් දොස් දැක්වීම කැමතිව විචාරති. යමෙක අපි වූයෙමුයි නොදනිත් ද ඔවුහු කර්මයාගේ කළ බව හෝ නොකළ බව කෙසේනම් දැන ගනිත් ද? විචාරීමෙහි ද මේ ක්‍රමයයි.

එවං සන‍්තෙති චූළදුක‍්ඛක‍්ඛන්‍ධෙ (ම· නි· 1.179-180) මහානිගණ‍්ඨස‍්ස වචනෙ සච‍්චෙ සන‍්තෙති අත්‍ථො, ඉධ පන එත‍්තකස‍්ස ඨානස‍්ස තුම‍්හාකං අජානනභාවෙ සන‍්තෙති අත්‍ථො. න කල‍්ලන‍්ති න යුත‍්තං.

එවංසන්තෙති චුල්ලදුක්ඛක්ඛන්ධ සූත්‍රයෙහි මහා නිගණ්ඨනාථගේ වචනය ඇති කල්හි යන අර්ථයයි. මෙහි වනාහි මෙතෙක් තොපගේ නොදන්නා බව ඇති කල්හි යන අර්ථයයි. න කල්ලන්ති සුදුසු නොවේ.

ගාළ‍්හූපලෙපනෙනාති බහලූපලෙපනෙන, පුනප‍්පුනං විසරඤ‍්ජිතෙන, න පන ඛලියා ලිත‍්තෙන විය. එසනියාති එසනිසලාකාය අන‍්තමසො නන‍්තකවට‍්ටියාපි. එසෙය්‍යාති ගම‍්භීරං වා උත‍්තානං වාති වීමංසෙය්‍ය. අගදඞ‍්ගාරන‍්ති ඣාමහරීතකස‍්ස වා ආමලකස‍්ස වා චුණ‍්ණං. ඔදහෙය්‍යාති පක‍්ඛිපෙය්‍ය. අරොගොතිආදි මාගණ‍්ඩියසුත‍්තෙ (ම· නි· 2.213) වුත‍්තමෙව.

ගාළ්හූපලෙපනෙනාති බහුල වශයෙන් ආලේප කිරීමෙන් නැවත නැවත විස රැඳවීමෙන් නුසුදුසු විදියට ගැලවීමක් නොකළා මෙන් එසනියා නිඑසනින් පරීක්‍ෂණ පිණිස ගන්නා ඉරටුවකින් යටත් පිරිසෙන් රෙදි වැටියකින් එසෙය්‍යාති ගැඹුරු හෝ නොගැඹුරුදැයි විමසන්නේය. අගදඞ්ගාරන්ති දවන ලද අරළුවල හෝ නෙල්ලිවල හෝ සුණු. ඔදහෙය්‍යාති බහාලන්නේ ය. අරොගොති මුලින් මාගන්ධිය සූත්‍රයෙහි කියන ලදී.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං, සල‍්ලෙන විද‍්ධස‍්ස හි විද‍්ධකාලෙ වෙදනාය පාකටකාලො විය ඉමෙසං “මයං පුබ‍්බෙ අහුවම‍්හා වා නො වා, පාපකම‍්මං අකරම‍්හා වා නො වා, එවරූපං වා පාපං කරම‍්හා”ති ජානනකාලො සියා. වණමුඛස‍්ස පරිකන‍්තනාදීසු චතූසු කාලෙසු වෙදනාය පාකටකාලො විය “එත‍්තකං වා නො දුක‍්ඛං නිජ‍්ජිණ‍්ණං, එත‍්තකෙ වා නිජ‍්ජිණ‍්ණෙ සබ‍්බමෙව දුක‍්ඛං නිජ‍්ජිණ‍්ණං භවිස‍්සති, සුද‍්ධන‍්තෙ පතිට‍්ඨිතා නාම භවිස‍්සාමා”ති ජානනකාලො සියා. අපරභාගෙ ඵාසුභාවජානනකාලො විය දිට‍්ඨෙව ධම‍්මෙ අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ජානනකාලො සියා. එවමෙත්‍ථ එකාය උපමාය තයො අත්‍ථා, චතූහි උපමාහි එකො අත්‍ථො පරිදීපිතො.

එවමෙවඛොති මෙහි මේ උපමා සංසන්දනයයි. හුලින් විද්දහුට වැදුණු කාලයෙහි වේදනාව දැනෙන කාලය මෙන් මොවුන්ට අපි පූර්වයෙහි වූයෙමුයි හෝ නොවූයෙමුයි හෝ මෙබඳු පාපයක් කළෙමුයි හෝ නොකළෙමුයි හෝ දන්නා කාලය වන්නේ ය. වන මුඛය කසන කාලයෙහි වේදනාව ප්‍රකට වන්නාක් මෙනි. අපගේ දුක් මෙපමණක් නිර්ජීර්ණයය. මෙපමණක් නිර්ජීර්ණ වූ විට සියළුම දුක් නිර්ජීර්ණ වන්නේ ය. සුද්ධාන්තයෙහි පිහිටියේ යැයි දන්නා කාලය ඇති වන්නේ ය. පසුව පහසුබව දන්නා කාලය මෙන් මෙලොව අකුසල ධර්මයන්ගේ ප්‍රහීනයන් කුසල ධර්මයන්ගේ සංසිඳීමත් දන්නා කාලය වන්නේ ය. මෙහි මෙසේ එක් උපමාවකින් අර්ථ තුනක් ද උපමා හතරකින් එක් අර්ථයක් ද දක්වන ලදී.

ඉමෙ පන තතො එකම‍්පි න ජානන‍්ති, විරජ‍්ඣිත්‍වා ගතෙ සල‍්ලෙ අවිද‍්ධොව “විද‍්ධොසි මයා”ති පච‍්චත්‍ථිකස‍්ස වචනප‍්පමාණෙනෙව “විද‍්ධොස‍්මී”ති සඤ‍්ඤං උප‍්පාදෙත්‍වා දුක‍්ඛප‍්පත‍්තපුරිසො විය කෙවලං මහානිගණ‍්ඨස‍්ස වචනප‍්පමාණෙන සබ‍්බමෙතං සද‍්දහන‍්තා එවං සල‍්ලොපමාය භගවතා නිග‍්ගහිතා පච‍්චාහරිතුං අසක‍්කොන‍්තා යථා නාම දුබ‍්බලො සුනඛො මිගං උට‍්ඨාපෙත්‍වා සාමිකස‍්ස අභිමුඛං කරිත්‍වා අත‍්තනා ඔසක‍්කති, එවං මහානිගණ‍්ඨස‍්ස මත්‍ථකෙ වාදං පක‍්ඛිපන‍්තා නිගණ‍්ඨො, ආවුසොතිආදීමාහංසු.

මොවුහු වනාහි එයින් එකක්වත් නොදනිත්. උල වැරදිව ගිය කල්හි නොවිද්දේ ම විදින ලද්දේය. මයාති පසමිතුරාගේ වචන ප්‍රමාණයෙන් ම විදින ලද්දෙමියි සිත් උපදවා දුකට පත් පුරුෂයෙකු මෙන් හුදෙක් මහා නිගණ්ඨයාගේ වචන ප්‍රමාණයෙන් මේ සියල්ල අදහන්නාහු මෙසේ හී උපමාවෙන් බුදුරදුන් විසින් නිග්‍රහ කරන ලද්දාහු මඟහරින්නට නොහැක්කේ යම්සේ ද දුබල සුනඛයෙක් මුවා නැගිටුවා ස්වාමියාගේ සමීපයට පමුණුවා තමා පසු බසී. මෙසේ මහා නිගණ්ඨයාගේ මතවාද ප්‍රතික්ෂේප කරමින් ඇවත්නි නිගණ්ඨ තෙමේ යනාදිය කීහ.

අථ නෙ භගවා සාචරියකෙ නිග‍්ගණ‍්හන‍්තො පඤ‍්ච ඛො ඉමෙතිආදිමාහ. තත්‍රායස‍්මන‍්තානන‍්ති තෙසු පඤ‍්චසු ධම‍්මෙසු ආයස‍්මන‍්තානං. කා අතීතංසෙ සත්‍ථරි සද‍්ධාති අතීතංසවාදිම‍්හි සත්‍ථරි කා සද‍්ධා. යා අතීතවාදං සද‍්දහන‍්තානං තුම‍්හාකං මහානිගණ‍්ඨස‍්ස සද‍්ධා, සා කතමා? කිං භූතත්‍ථා අභූතත්‍ථා, භූතවිපාකා අභූතවිපාකාති පුච‍්ඡති. සෙසපදෙසුපි එසෙව නයො.

ඉක්බිතිව බුදුරදහු ආචාර්යයන් ඇතුළු ඔවුනට නිග්‍රහ කරන්නාහු පඤ්චඛො ඉමෙති යනාදිය කීහ. තත්‍රායසමන්තානන්ති ඒ පංච ධර්මයන් කෙරෙහි ආයුෂ්මතුන්ගේ කා අතීතංසෙ සත්‍ථාරි සද්ධාති අතීතය ගැන වාදයන්හි ශාස්තෘන් වහන්සේ ශ්‍රද්ධාව කවරී ද? අතීතය ගැන වාදය අදහන්නා වූ තොපගේ මහා නිගණ්ඨයාගේ ශ්‍රද්ධාව කෙබඳු ද? සිදු වූ දෙයකින් සිදුනොවූ විපාකයෝ වෙත් ද? සිදුනොවූ දෙයකින් සිදුවූ විපාකයෝ වෙත්දැයි අසයි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි.

සහධම‍්මිකන‍්ති සහෙතුකං සකාරණං. වාදපටිහාරන‍්ති පච‍්චාගමනකවාදං. එත‍්තාවතා තෙසං “අපනෙථ සද‍්ධං, සබ‍්බදුබ‍්බලා එසා”ති සද‍්ධාඡෙදකවාදං නාම දස‍්සෙති.

සහධම්මිකන්ති හේතු සහිතව කරුණු සහිතව වාදපටිහාරන්ති ආපසු හැරී එන වාදය. මෙපමණකින් ඔවුන්ගේ ශ්‍රද්ධාව පහකරමි. මොහු සියල්ලන්ගෙන් දුර්වල යැයි ශ්‍රද්ධාවෙහි සිඳීම් වාරය දක්වයි.

අවිජ‍්ජා අඤ‍්ඤාණාති අවිජ‍්ජාය අඤ‍්ඤාණෙන. සම‍්මොහාති සම‍්මොහෙන. විපච‍්චෙථාති විපරීතතො සද‍්දහථ, විපල‍්ලාසග‍්ගාහං වා ගණ‍්හථාති අත්‍ථො.

අවිජ්ජා අඤ්ඤාණාති අවිද්‍යාවෙන් නොදැනීමේ සම්මොහාති මුළාවෙන්. විපච්චථාති විපරීත වශයෙන් අදහව්. විපර්යාස වශයෙන් හෝ ගනිව් යන තේරුමයි.

දිට‍්ඨධම‍්මවෙදනීයන‍්ති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ විපාකදායකං. උපක‍්කමෙනාති පයොගෙන. පධානෙනාති වීරියෙන. සම‍්පරායවෙදනීයන‍්ති දුතියෙ වා තතියෙ වා අත‍්තභාවෙ විපාකදායකං. සුඛවෙදනීයන‍්ති ඉට‍්ඨාරම‍්මණවිපාකදායකං කුසලකම‍්මං. විපරීතං දුක‍්ඛවෙදනීයං. පරිපක‍්කවෙදනීයන‍්ති පරිපක‍්කෙ නිප‍්ඵන‍්නෙ අත‍්තභාවෙ වෙදනීයං, දිට‍්ඨධම‍්මවෙදනීයස‍්සෙවෙතං අධිවචනං. අපරිපක‍්කවෙදනීයන‍්ති අපරිපක‍්කෙ අත‍්තභාවෙ වෙදනීයං, සම‍්පරායවෙදනීයස‍්සෙවෙතං අධිවචනං. එවං සන‍්තෙපි අයමෙත්‍ථ විසෙසො – යං පඨමවයෙ කතං පඨමවයෙ වා මජ‍්ඣිමවයෙ වා පච‍්ඡිමවයෙ වා විපාකං දෙති, මජ‍්ඣිමවයෙ කතං මජ‍්ඣිමවයෙ වා පච‍්ඡිමවයෙ වා විපාකං දෙති, පච‍්ඡිමවයෙ කතං තත්‍ථෙව විපාකං දෙති, තං දිට‍්ඨධම‍්මවෙදනීයං නාම. යං පන සත‍්තදිවසබ‍්භන‍්තරෙ විපාකං දෙති, තං පරිපක‍්කවෙදනීයං නාම. තං කුසලම‍්පි හොති අකුසලම‍්පි.

දිට්ඨධම්මවේදනීයන්ති මේ ආත්ම භවයෙහි ම විපාක දෙන්නා වූ උපක්කමෙනාති ප්‍රයෝගයෙන් පධානෙනාති වීර්යයෙන්. සම්පාරාය වෙදනීයන්ති දෙවන හෝ තෙවන ආත්ම භවයෙහි විපාක දෙන්නා වූ. සුඛ වෙදනීයන්ති ඉෂ්ටාරම්මණයෙහි විපාක දෙන කුසල කර්මයයි. විපරීත දුක් වශයෙන් වින්දයුතු වූ. පරිපක්කවෙදනීයන්තී මුහුකුරා යාමෙන් නිපන් ආත්ම භවයෙහි වින්ද යුතු වූ. දිට්ඨධම්මවේදනීය යනුද මෙයට නමකි. අපරිපක්කවෙදනීයන්ති මුහුකුරා නොගිය ආත්ම භවයෙහි වින්දයුතු වූ සම්පරායවේදනීය යනු ද මෙයට නමකි. මෙසේ ඇති කල්හි එහි විශේෂය මෙසේය. ප්‍රථම වියෙහි කළ යම් කර්මයක් වේද එය ප්‍රථම වියෙහි හෝ මධ්‍යම වියෙහි හෝ අවසාන වියෙහි හෝ විපාක දෙයි. මධ්‍යම වියෙහි කරන ලද්ද මධ්‍යම වියෙහි හෝ අවසාන වියෙහි හෝ විපාක දෙයි. අවසාන වියෙහි කරන ලද අවසාන වියෙහි හෙවත් එහිම විපාක දෙයි. එය දිට්ඨධම්මවේදනීය කර්ම නම් වේ. යම් කර්මයක් වනාහි හත් දවසක් ඇතුළත විපාක දෙයි ද එය පරිපක්කවේදනීය කර්ම නම් වේ. එය කුසල් හෝ අකුසල් විය හැකිය.

තත්‍රිමානි වත්‍ථූනි – පුණ‍්ණො නාම කිර දුග‍්ගතමනුස‍්සො රාජගහෙ සුමනසෙට‍්ඨිං නිස‍්සාය වසති. තමෙනං එකදිවසං නගරම‍්හි නක‍්ඛත‍්තෙ සඞ‍්ඝුට‍්ඨෙ සෙට‍්ඨි ආහ – “සචෙ අජ‍්ජ කසිස‍්සසි, ද‍්වෙ ච ගොණෙ නඞ‍්ගලඤ‍්ච ලභිස‍්සසි. කිං නක‍්ඛත‍්තං කීළිස‍්සසි, කසිස‍්සසී”ති. කිං මෙ නක‍්ඛත‍්තෙන, කසිස‍්සාමීති? තෙන හි යෙ ගොණෙ ඉච‍්ඡසි, තෙ ගහෙත්‍වා කසාහීති. සො කසිතුං ගතො. තං දිවසං සාරිපුත‍්තත්‍ථෙරො නිරොධා වුට‍්ඨාය “කස‍්ස සඞ‍්ගහං කරොමී”ති? ආවජ‍්ජන‍්තො පුණ‍්ණං දිස‍්වා පත‍්තචීවරං ආදාය තස‍්ස කසනට‍්ඨානං ගතො. පුණ‍්ණො කසිං ඨපෙත්‍වා ථෙරස‍්ස දන‍්තකට‍්ඨං දත්‍වා මුඛොදකං අදාසි. ථෙරො සරීරං පටිජග‍්ගිත්‍වා කම‍්මන‍්තස‍්ස අවිදූරෙ නිසීදි භත‍්තාභිහාරං ඔලොකෙන‍්තො. අථස‍්ස භරියං භත‍්තං ආහරන‍්තිං දිස‍්වා අන‍්තරාමග‍්ගෙයෙව අත‍්තානං දස‍්සෙසි.

මේ එහි කථා වස්තු වෙත් - පුණ්ණ නම් දුප්පත් මිනිහෙක් රජගහ නුවර සිටුවරයා ඇසුරු කරමින් වාසය කරයි. එක් දිනක් නගරයෙහි නැකැත් උත්සවය දැනුම් දුන් කල්හි සිටුවරයා ඔහුට මෙසේ කීය. ඉදින් අද සීසාන්නේ නම් ගොනුන් දෙදෙනෙක් හා නඟුලක් ලැබෙයි. කිමෙක් ද? නැකැත් ක්‍රීඩා කරන්නේ ද? සී සාන්නේදැ ඇසීය. ස්වාමීනි. මට නැකැත් ක්‍රීඩා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද? සී සාන්නෙමියි කීය. එසේනම් තොප කැමැති ගොන් බානක් ගෙන සී සාන්න යැයි සිටුවරයා කීය. ඔහු සී සාන්නට ගියේය. ඒ දිනයෙහි සැරියුත් තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිට කාහට සංග්‍රහ කරන්නෙම්දැයි බලනසේක් පුණ්ණයා දැක පාසිවුරු ගෙන ඔහු සීසාන තැනට වැඩියහ. පුණ්ණ තෙමේ සීසෑම නවතා තෙරුන්ට දැහැටි දී මුව දොවන්නට පැන් දුන්නේය. තෙරණුවෝ සිරුර පිළිදැගුම් කොට සීසාන තැනට නුදුරෙහි ආහාර ගෙනඒම බලමින් වැඩසිටියේය. ඉක්බිති ඔහුගේ (පුණ්ණගේ) බිරිඳ බත් ගෙන එනු දැක අතරමඟ තමන් වහන්සේ වැඩ සිටින බව දැක්වූහ.

සා සාමිකස‍්ස ආහටභත‍්තං ථෙරස‍්ස පත‍්තෙ පක‍්ඛිපිත්‍වා පුන ගන‍්ත්‍වා අඤ‍්ඤං භත‍්තං සම‍්පාදෙත්‍වා දිවා අගමාසි. පුණ‍්ණො එකවාරං කසිත්‍වා නිසීදි. සාපි භත‍්තං ගහෙත්‍වා ආගච‍්ඡන‍්තී ආහ – “සාමි පාතොව තෙ භත‍්තං ආහරියිත්‍ථ, අන‍්තරාමග‍්ගෙ පන සාරිපුත‍්තත්‍ථෙරං දිස‍්වා තං තස‍්ස දත්‍වා අඤ‍්ඤං පචිත්‍වා ආහරන‍්තියා මෙ උස‍්සූරො ජාතො, මා කුජ‍්ඣි සාමී”ති. භද‍්දකං තෙ භද‍්දෙ කතං, මයා ථෙරස‍්ස පාතොව දන‍්තකට‍්ඨඤ‍්ච මුඛොදකඤ‍්ච දින‍්නං, අම‍්හාකංයෙවානෙන පිණ‍්ඩපාතොපි පරිභුත‍්තො, අජ‍්ජ ථෙරෙන කතසමණධම‍්මස‍්ස මයං භාගිනො ජාතාති චිත‍්තං පසාදෙසි. එකවාරං කසිතට‍්ඨානං සුවණ‍්ණමෙව අහොසි. සො භුඤ‍්ජිත්‍වා කසිතට‍්ඨානං ඔලොකෙන‍්තො විජ‍්ජොතමානං දිස‍්වා උට‍්ඨාය යට‍්ඨියා පහරිත්‍වා රත‍්තසුවණ‍්ණභාවං ජානිත්‍වා “රඤ‍්ඤො අකථෙත්‍වා පරිභුඤ‍්ජිතුං න සක‍්කා”ති ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා තං සබ‍්බං සකටෙහි ආහරාපෙත්‍වා රාජඞ‍්ගණෙ රාසිං කාරෙත්‍වා “කස‍්සිමස‍්මිං නගරෙ එත‍්තකං සුවණ‍්ණං අත්‍ථී”ති පුච‍්ඡි. කස‍්සචි නත්‍ථීති ච වුත‍්තෙ සෙට‍්ඨිට‍්ඨානමස‍්ස අදාසි. සො පුණ‍්ණසෙට‍්ඨි නාම ජාතො.

ඇය තම ස්වාමියාට ගෙනෙන ලද බත තෙරුන් වහන්සේගේ පාත්‍රයට දමා නැවත ගොස් වෙනත් බතක් සකසාගෙන දහවල් වී පැමිණියාය. පුණ්ණ තෙමේ එක් වරක් සීසා සිටියේය. බත් ගෙන එන ඇය මෙය කීවාය. ස්වාමීනි, උදයෙන් ම නුඹට බත් ගෙන ආවෙමි. අතරමඟ දී සැරියුත් තෙරුන් දැක එය උන්වහන්සේ දී වෙනත් බතක් පිසගෙන ඒම නිසා දහවල විය. ස්වමීනි මට නොකිපෙවයි කීවාය. ප්‍රිය සොඳුර, මා විසින් උදෑසන දැහැටි දඬු හා මුවදෝනා පැන් තෙරුන්ට දෙන ලදී. උන්වහන්සේ වැළඳු පිණ්ඩපාත දානය ද අපගේ ය. තෙරුන් වහන්සේ අද කළ ශ්‍රමණ ධර්මයන්ට අප ද කොටස්කාරයෝ වූයෙමු යි සිත පහදාගත්තේය. එක්වර සී සෑ තැන ස්වර්ණමය වූයේය. හෙතෙම අනුභව කොට සී සෑ තැන බලන්නේ දිළිසෙන බව දැක නැගිට කෙවිටෙන් ගසා රත්තරන් බව දැන රජුට නොදන්වා පරිභෝග කිරීම නොහැකි යැයි ගොස් රජුට දැන්වීය. රජ තෙමේ ඒ සියල්ල ගැලින් ගෙන්වා රජ මිදුලෙහි ගොඩ ගස්වා මේ නගරයෙහි කවරෙකු ළඟ මේ තරම් රත්තරන් ඇද්දැයි ඇසීය. කවරෙකුටත් නැතැයි කී කල්හි ඔහුට සිටු තනතුර දුන්නේය. ඔහු පුණ්ණ සිටුවරයා නමින් ප්‍රසිද්ධ විය.

අපරම‍්පි වත්‍ථු – තස‍්මිංයෙව රාජගහෙ කාළවෙළියො නාම දුග‍්ගතො අත්‍ථි. තස‍්ස භරියා පණ‍්ණම‍්බිලයාගුං පචි. මහාකස‍්සපත්‍ථෙරො නිරොධා වුට‍්ඨාය “කස‍්ස සඞ‍්ගහං කරොමී”ති ආවජ‍්ජන‍්තො තං දිස‍්වා ගන‍්ත්‍වා ගෙහද‍්වාරෙ අට‍්ඨාසි. සා පත‍්තං ගහෙත්‍වා සබ‍්බං තත්‍ථ පක‍්ඛිපිත්‍වා ථෙරස‍්ස අදාසි, ථෙරො විහාරං ගන‍්ත්‍වා සත්‍ථු උපනාමෙසි. සත්‍ථා අත‍්තනො යාපනමත‍්තං ගණ‍්හි, සෙසං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං පහොසි. කාළවළියොපි තං ඨානං පත‍්තො චූළකං ලභි. මහාකස‍්සපො සත්‍ථාරං කාළවළියස‍්ස විපාකං පුච‍්ඡි. සත්‍ථා “ඉතො සත‍්තමෙ දිවසෙ සෙට‍්ඨිච‍්ඡත‍්තං ලභිස‍්සතී”ති ආහ. කාළවළියො තං කථං සුත්‍වා ගන‍්ත්‍වා භරියාය ආරොචෙසි.

තවත් කථා වස්තුවකි. ඒ රජගහ නුවරෙහි ම කාළවිලංගික නම් දුප්පත් මිනිහෙක් ඇත. ඔහුගේ බිරිඳ ඇඹුල් කොළ කැඳක් පිසුවාය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට කවරෙකුට සංග්‍රහ කරන්නෙම් දැයි සිතන්නේ කැඳ පිසූ බව දැන ගොස් ගේදොර වැඩසිටියහ. ඇය පාත්‍රය ගෙන කැඳ සියල්ල පාත්‍රයට බෙදා තෙරුන් වහන්සේට දුන්නාය. තෙරුන් වහන්සේ විහාරයට ගොස් ශාස්තෘන් වහස්ට පිළිගැන්වූහ. ශාස්තෘන් වහන්සේ යැපෙන ප්‍රමාණයක් ගත් සේක. ඉතිරි කැඳ පන්සීයක් භික්ෂූන් වහන්සේලාට ප්‍රමාණවත් විය. කාළවිලංගියා ද ඒ ස්ථානයට පැමිණි හෙයින් කැඳ ස්වල්පයක් ලැබුවේය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ බුදුරදුන්ගෙන් කාළවිලංගියාට ලැබෙන විපාක ඇසූහ. මෙයින් හත්වෙනි දවස ඔහුට සිටු තනතුර ලැබෙන්නේ යැයි බුදුරදුන් වදාළහ. කාළවිලංගියා ඒ කථාව අසාගොස් බිරිඳට කිවේය.

තදා ච රාජා නගරං අනුසඤ‍්චරන‍්තො බහිනගරෙ ජීවසූලෙ නිසින‍්නං පුරිසං අද‍්දස. පුරිසො රාජානං දිස‍්වා උච‍්චාසද‍්දං අකාසි “තුම‍්හාකං මෙ භුඤ‍්ජනභත‍්තං පහිණථ දෙවා”ති. රාජා “පෙසෙස‍්සාමී”ති වත්‍වා සායමාසභත‍්තෙ උපනීතෙ සරිත්‍වා “ඉමං හරිතුං සමත්‍ථං ජානාථා”ති ආහ, නගරෙ සහස‍්සභණ‍්ඩිකං චාරෙසුං. තතියවාරෙ කාළවළියස‍්ස භරියා අග‍්ගහෙසි. අථ නං රඤ‍්ඤො දස‍්සෙසුං, සා පුරිසවෙසං ගහෙත්‍වා පඤ‍්චාවුධසන‍්නද‍්ධා භත‍්තපාතිං ගහෙත්‍වා නගරා නික‍්ඛමි. බහිනගරෙ තාලෙ අධිවත්‍ථො දීඝතාලො නාම යක‍්ඛො තං රුක‍්ඛමූලෙන ගච‍්ඡන‍්තිං දිස‍්වා “තිට‍්ඨ තිට‍්ඨ භක‍්ඛොසි මෙ”ති ආහ. නාහං තව භක‍්ඛො, රාජදූතො අහන‍්ති. කත්‍ථ ගච‍්ඡසීති. ජීවසූලෙ නිසින‍්නස‍්ස පුරිසස‍්ස සන‍්තිකන‍්ති. මමපි එකං සාසනං හරිතුං සක‍්ඛිස‍්සසීති. ආම සක‍්ඛිස‍්සාමීති. “දීඝතාලස‍්ස භරියා සුමනදෙවරාජධීතා කාළී පුත‍්තං විජාතා”ති ආරොචෙය්‍යාසි. ඉමස‍්මිං තාලමූලෙ සත‍්ත නිධිකුම‍්භියො අත්‍ථි, තා ත්‍වං ගණ‍්හෙය්‍යාසීති. සා “දීඝතාලස‍්ස භරියා සුමනදෙවරාජධීතා කාළී පුත‍්තං විජාතා”ති උග‍්ඝොසෙන‍්තී අගමාසි.

එකල්හි රජතුමා නගරයෙහි සංචාරය කරන්නේ පිට නගරයෙහි පණ පිටින් හුල සිටුවා ඇති මිනිහෙක් දැක්කේය. මිනිසා රජු දැක දේවයන් වහන්ස ඔබ වහන්සේ වළඳනු ලබන ආහාරයක් එවනු මැනවයි මහත් බියෙන් කීවේය. රජතුමා එවන්නෙමි යි කියා ආහාරය එළඹි කල්හි මේ ආහාරය ගෙන යෑමට සමර්ථයෙකු දනුවයි කී නගරයෙහි දහසක් බැඳි පියල්ලක් දෙන බවට අඬබෙර ගැස්සුහ. තුන්වන වාරයෙහි කාළවිලංගියාගේ බිරිඳ අඬබෙරය නවතාලූහ. ඇය රජුට දක්වන ලදී. ඇය පුරුෂ වේෂයක් ගෙන පංචායුධයන්ගෙන් සමන්විතව බත් පාත්‍රය ගෙන නගරයෙන් නික්මුණාය. පිටත නගරයෙහි තල් ගසට අධිගෘහිත දීඝතඵල නම් යක්‍ෂයා ගස මුලින් යන්නා වූ ඇය දැක නවතිනු. තී මාගේ ගොදුර යැයි කීය. මම නුඹේ ගොදුර නොවෙමි. මම රාජ දූතයෙක්මි. කොහි යන්නේදැයි ඇසූ කල්හි ජීව සුලයෙහි සිටිනා පුරුෂයාගේ සමීපයට යැයි කී කළ මාගේ ද එක් පණිවිඩයක් ගෙන යන්නට හැකිදැයි ඇසූ කල්හි එසේය, හැකියැයි කීවාය. දීඝතඵලයාගේ බිරිඳ වූ සුමන දෙව්රජුගේ දියණිය වූ කාළිය පුතෙකු වැදුවා යැයි දක්වවයි කීය. මේ තල්ගස මුල නිධන් කළ හතක් ඇත. නුඹ ඒවා ගනුවයි කීය. ඇය දීඝතඵලායාගේ බිරිඳ වූ සුමන දෙව්රජුගේ දියණිය වූ කාළිය පුතෙකු වැදුවා යැයි මහත් හඬින් කියමින් ගියා.

සුමනදෙවො යක‍්ඛසමාගමෙ නිසින‍්නො සුත්‍වා “එකො මනුස‍්සො අම‍්හාකං පියපවත‍්තිං ආහරති, පක‍්කොසථ න”න‍්ති සාසනං සුත්‍වා පසන‍්නො “ඉමස‍්ස රුක‍්ඛස‍්ස පරිමණ‍්ඩලච‍්ඡායාය ඵරණට‍්ඨානෙ නිධිකුම‍්භියො තුය‍්හං දම‍්මී”ති ආහ. ජීවසූලෙ නිසින‍්නපුරිසො භත‍්තං භුඤ‍්ජිත්‍වා මුඛපුඤ‍්ඡනකාලෙ ඉත්‍ථිඵස‍්සොති ඤත්‍වා චූළාය ඩංසි, සා අසිනා අත‍්තනො චූළං ඡින්‍දිත්‍වා රඤ‍්ඤො සන‍්තිකංයෙව ගතා. රාජා භත‍්තභොජිතභාවො කථං ජානිතබ‍්බොති? චූළසඤ‍්ඤායාති වත්‍වා රඤ‍්ඤො ආචික‍්ඛිත්‍වා තං ධනං ආහරාපෙසි. රාජා අඤ‍්ඤස‍්ස එත‍්තකං ධනං නාම අත්‍ථීති. නත්‍ථි දෙවාති. රාජා තස‍්සා පතිං තස‍්මිං නගරෙ ධනසෙට‍්ඨිං අකාසි. මල‍්ලිකායපි දෙවියා වත්‍ථු කථෙතබ‍්බං. ඉමානි තාව කුසලකම‍්මෙ වත්‍ථූනි.

යක්ෂ සමාගමෙහි සිටියා වූ සුමන දිව්‍යරාජයා එය අසා එක් මනුෂ්‍යයෙක් අපට ප්‍රිය පුවතක් ගෙන එයි. ඔහු කැඳවන්න යැයි කීය. පණිවිඩය අසා පැහැදී මේ වෘක්ෂයේ පරිමණ්ඩල ඡායාව පැතිරුණු තැන්වල ඇති නිධන් කළ නුඹට දෙමියි කීය. ජීව සුලයෙහි සිටින පුරුෂයා බත් කා මුව පිස්නා කල ස්ත්‍රියක් බව දැන කෙස් වැටියෙන් ඩැහැගත්තේය. ඇය කඩුවෙන් තමන්ගේ කෙස් වැටිය කපා දමා රජු ළඟට ම ගියා. පුරුෂයා බත් අනුභව කළ බව කෙසේ දැනගන්නේදැයි ඇසූ කල්හි කෙස් වැටිය කැපූ සළකුණින් යැයි කියා රජුට දන්වා ඒ ධනය ගෙන්වා ගත්තේය. මෙතරම් ධනයක් අන් අයෙකුට නැති බව දැන ඒ නගරයෙහි සිටු තනතුර රජු විසින් දෙන ලදී. මල්ලිකා දේවියගේ කථා වස්තුව ද කිව යුතුයි. මේ කියන ලද කථා වස්තු කුසල කර්ම ඒවායි.

නන්‍දමාණවකො පන උප‍්පලවණ‍්ණාය ථෙරියා විප‍්පටිපජ‍්ජි, තස‍්ස මඤ‍්චතො උට‍්ඨාය නික‍්ඛමිත්‍වා ගච‍්ඡන‍්තස‍්ස මහාපථවී භිජ‍්ජිත්‍වා ඔකාසමදාසි, තත්‍ථෙව මහානරකං පවිට‍්ඨො. නන්‍දොපි ගොඝාතකො පණ‍්ණාස වස‍්සානි ගොඝාතකකම‍්මං කත්‍වා එකදිවසං භොජනකාලෙ මංසං අලභන‍්තො එකස‍්ස ජීවමානකගොණස‍්ස ජිව‍්හං ඡින්‍දිත්‍වා අඞ‍්ගාරෙසු පචාපෙත්‍වා ඛාදිතුං ආරද‍්ධො. අථස‍්ස ජිව‍්හා මූලෙ ඡිජ‍්ජිත්‍වා භත‍්තපාතියංයෙව පතිතා, සො විරවන‍්තො කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්ති. නන්‍දොපි යක‍්ඛො අඤ‍්ඤෙන යක‍්ඛෙන සද‍්ධිං ආකාසෙන ගච‍්ඡන‍්තො සාරිපුත‍්තත්‍ථෙරං නවොරොපිතෙහි කෙසෙහි රත‍්තිභාගෙ අබ‍්භොකාසෙ නිසින‍්නං දිස‍්වා සීසෙ පහරිතුකාමො ඉතරස‍්ස යක‍්ඛස‍්ස ආරොචෙත්‍වා තෙන වාරියමානොපි පහාරං දත්‍වා ඩය‍්හාමි ඩය‍්හාමීති විරවන‍්තො තස‍්මිංයෙව ඨානෙ භූමිං පවිසිත්‍වා මහානිරයෙ නිබ‍්බත‍්තොති ඉමානි අකුසලකම‍්මෙ වත්‍ථූනි.

නන්දා මානවක තෙමේ උප්පලවණ්ණා තෙරණිය හා වැරදි ලෙස හැසිරුනේය. ඔහු ඇඳෙන් නැගිට නික්මෙත් ම මහපොළොව බිඳී විවරව මහා නරකයට පිවිසියේය. නන්ද නම් ගවඝාතකයා අවුරුදු පණහක්ම ගවයන් මැරීම කොට එක් දවසක් කෑමකන වේලාවෙහි මස් නොලබන්නේ ජීවත්වන්නා වූ එක් ගවයෙකුගේ දිව සිඳ අඟුරුවලින් පුළුස්සා කන්නට පටන් ගත්තා පමණි. ඔහුගේ දිව මුලින්ම සිඳී බත් භාජනයට වැටුනේය. ඔහු මහත් හඬින් විලාප දෙමින් කළුරිය කොට නිරයෙහි උපන්නේය. නන්ද නම් යක්‍ෂයා තවත් යක්‍ෂයෙකු සමඟ අහසින් යන්නේ කෙස් කැපු අළුත, රාත්‍රියෙහි වැඩ සිටි සැරියුත් තෙරුන් වහන්සේ දැක හිසට පහර දෙනු කැමැතිව අනෙක් යක්ෂයාට දන්වා ඔහු වළක්වද්දීම පහරදී දැවෙමි දැවෙමි දැවෙමියි මහත් හඬින් විලාප දෙමින් ඒ ස්ථානයෙහි ම පොළොවට පිවිස මහ නිරයෙහි උපන්නේය. මේ අකුසල කර්ම වස්තූන්ය.

යං පන අන‍්තමසො මරණසන‍්තිකෙපි කතං කම‍්මං භවන‍්තරෙ විපාකං දෙති, තං සබ‍්බං සම‍්පරායවෙදනීයං නාම. තත්‍ථ යො අපරිහීනස‍්ස ඣානස‍්ස විපාකො නිබ‍්බත‍්තිස‍්සති, සො ඉධ නිබ‍්බත‍්තිතවිපාකොති වුත‍්තො. තස‍්ස මූලභූතං කම‍්මං නෙව දිට‍්ඨධම‍්මවෙදනීයං න සම‍්පරායවෙදනීයන‍්ති, න විචාරිතං, කිඤ‍්චාපි න විචාරිතං, සම‍්පරායවෙදනීයමෙව පනෙතන‍්ති වෙදිතබ‍්බං. යො පඨමමග‍්ගාදීනං භවන‍්තරෙ ඵලසමාපත‍්තිවිපාකො, සො ඉධ නිබ‍්බත‍්තිතගුණොත්‍වෙව වුත‍්තො. කිඤ‍්චාපි එවං වුත‍්තො, මග‍්ගකම‍්මං පන පරිපක‍්කවෙදනීයන‍්ති වෙදිතබ‍්බං. මග‍්ගචෙතනායෙව හි සබ‍්බලහුං ඵලදායිකා අනන‍්තරඵලත‍්තාති.

යටත් පිරිසෙයින් මරණාසන්න කාලයේ දී කරන ලද යම් කර්මයක් වේනම් එය භවන්තරයෙහි දී විපාක දෙයි. සියල්ල පරලොව දී විඳිය යුතුයැයි විචාරය නොකළ යුතුය. කුමක්නිසා විචාරය නොකළ යුතු ද? මෙය ඉහතාත්මයෙහි විඳිය යුතුයැයි දතයුතුයි. ප්‍රථම මාර්ගාදීන්ගේ භවයන්හි යම් ඵල සමාපත්ති විපාකයක් වේ ද? මෙහි උපදවන ගුණ වශයෙන් කියන ලදී. මෙහි කියන ලද මාර්ග කර්මය මුහුකුරාගිය දැනීම ඇත්තේ යැයි දත යුතුය. මාර්ග චේතනාදිය සියල්ලට ම සැහැල්ලුය. ඵල දීම අනතුරුව විපාක දෙන බැවිනි.

බහුවෙදනීයන‍්ති සඤ‍්ඤාභවූපගං. අප‍්පවෙදනීයන‍්ති අසඤ‍්ඤාභවූපගං. සවෙදනීයන‍්ති සවිපාකං කම‍්මං. අවෙදනීයන‍්ති අවිපාකං කම‍්මං. එවං සන‍්තෙති ඉමෙසං දිට‍්ඨධම‍්මවෙදනීයාදීනං කම‍්මානං උපක‍්කමෙන සම‍්පරායවෙදනීයාදි භාවකාරණස‍්ස අලාභෙ සති. අඵලොති නිප‍්ඵලො නිරත්‍ථකොති. එත‍්තාවතා අනිය්‍යානිකසාසනෙ පයොගස‍්ස අඵලතං දස‍්සෙත්‍වා පධානච‍්ඡෙදකවාදො නාම දස‍්සිතොති වෙදිතබ‍්බො.

බහුවෙදනීයන්ති සංඥා භවයට පැමිණියා වූ අප්පවෙදනීයන්ති අසංඥා භවයට පැමිණියා වූ වෙදනීයන්ති විපාක සහිත කදිම අවෙදනීයන්ති විපාක රහිත කර්ම එවං සත්තෙති මේ දිට්ඨධම්මවේදනීය කර්මයන්ගේ උපක්‍රමයන් සම්පරායවේදනීය කර්මයන්ගේ උපක්‍රමයෙන් භවකාරණයාගේ නොලැබීමක් ඇති කල්හි අඵලොති නිෂ්ඵල වූ නිරර්ථක වූ මෙතෙකින් නෛර්යානික නොවූ ශාසනයෙහි යෙදීමෙහි නිෂ්ඵලභාවය දක්වා වීර්යයේ ප්‍රධාන ජේදක වාරය දක්වන ලද්දේ යැයි දත යුතුයි.

සහධම‍්මිකා වාදානුවාදාති පරෙහි වුත‍්තකාරණෙන සකාරණා හුත්‍වා නිගණ‍්ඨානං වාදා ච අනුවාදා ච. ගාරය‍්හං ඨානං ආගච‍්ඡන‍්තීති විඤ‍්ඤූහි ගරහිතබ‍්බං කාරණං ආගච‍්ඡන‍්ති. “වාදානුප‍්පත‍්තා ගාරය‍්හට‍්ඨානා”තිපි පාඨො. තස‍්සත්‍ථො – පරෙහි වුත‍්තෙන කාරණෙන සකාරණා නිගණ‍්ඨානං වාදං අනුප‍්පත‍්තා තං වාදං සොසෙන‍්තා මිලාපෙන‍්තා දුක‍්කටකම‍්මකාරිනොතිආදයො දස ගාරය‍්හට‍්ඨානා ආගච‍්ඡන‍්ති.

සහධම්මිකා වාදානුවාදාති අනුන් විසින් කියන ලද කරුණින් කරුණු සහිතව නිගණ්ඨකයන්ගේ වාදයෝ ද අනුවාදයෝ ද ගාරය්හං ඨානං ආගච්ඡන්ති නුවණැත්තන් විසින් නින්දා කටයුතු කරුණට පැමිණෙත්. වාදයට පැමිණියෝ නින්දා කටයුතු ස්ථානයට ම පැමිණියෝ යනු ද පාඨයකි. අනුන් විසින් කියන ලද කරුණින් කරුණු සහිතව නිගණ්ඨයාගේ වාදයට පැමිණ ඒ වාදය වියළමින්, මලානික කරමින් යන තේරුමයි. දුකතකම්මකාරිනොති මුල් වූ දස ගර්භ කොට්ඨාශ පැමිණෙත්.

සඞ‍්ගතිභාවහෙතූති නියතිභාවකාරණා. පාපසඞ‍්ගතිකාති පාපනියතිනො. අභිජාතිහෙතූති ඡළභිජාතිහෙතු.

සංගති භාවහෙතූති නියතභාවය කාරණාවෝය. අභිජාතිහෙතූති සය වැදෑරුම් වූ උප්පත්ති හේතුයි. පාපසංගතිකාති පාපය හා එක් වූ

එවං නිගණ‍්ඨානං උපක‍්කමස‍්ස අඵලතං දස‍්සෙත්‍වා ඉදානි නිය්‍යානිකසාසනෙ උපක‍්කමස‍්ස වීරියස‍්ස ච සඵලතං දස‍්සෙතුං කථඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ අනද‍්ධභූතන‍්ති අනධිභූතං. දුක‍්ඛෙන අනධිභූතො නාම මනුස‍්සත‍්තභාවො වුච‍්චති, න තං අද‍්ධභාවෙති නාභිභවතීති අත්‍ථො. තම‍්පි නානප‍්පකාරාය දුක‍්කරකාරිකාය පයොජෙන‍්තො දුක‍්ඛෙන අද‍්ධභාවෙති නාම. යෙ පන සාසනෙ පබ‍්බජිත්‍වා ආරඤ‍්ඤකා වා හොන‍්ති රුක‍්ඛමූලිකාදයො වා, තෙ දුක‍්ඛෙන න අද‍්ධභාවෙන‍්ති නාම. නිය්‍යානිකසාසනස‍්මිඤ‍්හි වීරියං සම‍්මාවායාමො නාම හොති.

ඔහුගේ මහා නිගණ්ඨයන්ගේ උපක්‍රමයෙන් ඵල රහිතබව දක්වා දැන් නෛර්යානික ශාසනයේ උපක්‍රමයන්ගේ සඵලභාවය දක්වන්නට කථඤ්ච භික්ඛවෙති යනාදිය කීය. එහි අනද්ධභූතන්ති යනු දුකින් නොවැඩිය හැකි මනුෂ්‍ය ආත්මභාවය යැයි කියනු ලැබේ. එය නොයෙක් ආකාර වූ දුෂ්කර කාර්යන්ගෙන් යොදන්නේ දුකින් මාර්ගයට පැමිණි බව නම් වේ. යමෙක් සසුනෙහි පැවිදිව වනවාසී රුක්මුල් වාසී වෙත් ද ඔහු අත් බව දුකින් වසන්නෝ වෙත් නිවරදි සසුනෙහි වඩන වීර්යය සම්මා වායාම නම් වේ.

ථෙරො පනාහ – යො ඉස‍්සරකුලෙ නිබ‍්බත‍්තො සත‍්තවස‍්සිකො හුත්‍වා අලඞ‍්කතප‍්පටියත‍්තො පිතුඅඞ‍්කෙ නිසින‍්නො ඝරෙ භත‍්තකිච‍්චං කත්‍වා නිසින‍්නෙන භික‍්ඛුසඞ‍්ඝෙන අනුමොදනාය කරියමානාය තිස‍්සො සම‍්පත‍්තියො දස‍්සෙත්‍වා සච‍්චෙසු පකාසිතෙසු අරහත‍්තං පාපුණාති, මාතාපිතූහි වා “පබ‍්බජිස‍්සසි තාතා”ති වුත‍්තො “ආම පබ‍්බජිස‍්සාමී”ති වත්‍වා න‍්හාපෙත්‍වා අලඞ‍්කරිත්‍වා විහාරං නීතො තචපඤ‍්චකං උග‍්ගණ‍්හිත්‍වා නිසින‍්නො කෙසෙසු ඔහාරියමානෙසු ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණාති, නවපබ‍්බජිතො වා පන මනොසිලාතෙලමක‍්ඛිතෙන සීසෙන පුනදිවසෙ මාතාපිතූහි පෙසිතං කාජභත‍්තං භුඤ‍්ජිත්‍වා විහාරෙ නිසින‍්නොව අරහත‍්තං පාපුණාති, අයං න දුක‍්ඛෙන අත‍්තානං අද‍්ධභාවෙති නාම. අයං පන උක‍්කට‍්ඨසක‍්කාරො. යො දාසිකුච‍්ඡියං නිබ‍්බත‍්තො අන‍්තමසො රජතමුද‍්දිකම‍්පි පිළන්‍ධිත්‍වා ගොරකපියඞ‍්ගුමත‍්තෙනාපි සරීරං විලිම‍්පෙත්‍වා “පබ‍්බාජෙථ න”න‍්ති නීතො ඛුරග‍්ගෙ වා පුනදිවසෙ වා අරහත‍්තං පාපුණාති, අයම‍්පි න අනද‍්ධභූතං අත‍්තානං දුක‍්ඛෙන අද‍්ධභාවෙති නාම.

තෙරහු මෙසේ කීහ - යමෙක් ඉසුරු කුලයෙහි උපනේ හත් අවුරුදු වියේ දී අලංකාරව පියාගේ ඇකයෙහි සිටින්නේ සිය ගෙදර දන් වළඳා අනුමෝදනාව කරන භික්ෂූන් ත්‍රිවිධ සම්පත්තිය දක්වා සත්‍ය දේශනා කරන කල්හි රහත් බවට පැමිණෙත්. මව්පියන් විසින් පුත පැවිදි වන්න යැයි කී කල්හි එසේය පැවිදි වන්නෙමියි කියා නහවා අලංකාර කොට විහාරයට පමුණුවන ලද්දේ තච පංචකය ඉගෙන කෙස් කපද්දී කරගෙයිදී ම රහත්බවට පැමිණෙයි. මේ දුකින් තොරව තමා පැමිණි බව නම් වේ. මෙය වනාහි උත්කෘෂ්ඨ සත්කාරයයි. යමෙක් දාසියකගේ කුසින් උපන්නේ යටත් පිරිසෙයින් රිදී මුද්‍රිකාවක් පැළඳ පුවඟු මාත්‍රයකින් ශරීරය ආලේප කොට මොහු පැවිදි කරවනු මැනවයි පමුණුවනු ලද්දේ කරඅග දී හෝ පසුදින හෝ රහත් බවට පැමිණෙයි. මෙය අධභූත නම් වෙයි. තමා දුකින් පැමිණි බවයි. ධාර්මික සුවය නම් සංඝයා කෙරෙන් හෝ ගණ සමූහයා කෙරෙන් හෝ උපන් සිව්පස සැපයයි. අනධිමුච්ඡිතොති තෘෂ්ණාදි ආශාවන්ගෙන් මුළානොවී

ධම‍්මිකං සුඛං නාම සඞ‍්ඝතො වා ගණතො වා උප‍්පන‍්නං චතුපච‍්චයසුඛං. අනධිමුච‍්ඡිතොති තණ‍්හාමුච‍්ඡනාය අමුච‍්ඡිතො. ධම‍්මිකඤ‍්හි සුඛං න පරිච‍්චජාමීති න තත්‍ථ ගෙධො කාතබ‍්බො. සඞ‍්ඝතො හි උප‍්පන‍්නං සලාකභත‍්තං වා වස‍්සාවාසිකං වා “ඉදමත්‍ථං එත”න‍්ති පරිච‍්ඡින්‍දිත්‍වා සඞ‍්ඝමජ‍්ඣෙ භික‍්ඛූනං අන‍්තරෙ පරිභුඤ‍්ජන‍්තො පත‍්තන‍්තරෙ පදුමං විය සීලසමාධිවිපස‍්සනාමග‍්ගඵලෙහි වඩ‍්ඪති. ඉමස‍්සාති පච‍්චුප‍්පන‍්නානං පඤ‍්චන‍්නං ඛන්‍ධානං මූලභූතස‍්ස. දුක‍්ඛනිදානස‍්සාති තණ‍්හාය. සා හි පඤ‍්චක‍්ඛන්‍ධදුක‍්ඛස‍්ස නිදානං. සඞ‍්ඛාරං පදහතොති සම‍්පයොගවීරියං කරොන‍්තස‍්ස. විරාගො හොතීති මග‍්ගෙන විරාගො හොති. ඉදං වුත‍්තං හොති “සඞ‍්ඛාරපධානෙන මෙ ඉමස‍්ස දුක‍්ඛනිදානස‍්ස විරාගො හොතී”ති එවං පජානාතීති ඉමිනා සුඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා කථිතා. දුතියවාරෙන තස‍්ස සම‍්පයොගවීරියස‍්ස මජ‍්ඣත‍්තතාකාරො කථිතො. සො යස‍්ස හි ඛ‍්වාස‍්සාති එත්‍ථ අයං සඞ‍්ඛෙපත්‍ථො – සො පුග‍්ගලො යස‍්ස දුක‍්ඛනිදානස‍්ස සඞ‍්ඛාරපධානෙන විරාගො හොති, සඞ‍්ඛාරං තත්‍ථ පදහති, මග‍්ගපධානෙන පදහති. යස‍්ස පන දුක‍්ඛනිදානස‍්ස අජ‍්ඣුපෙක‍්ඛතො උපෙක‍්ඛං භාවෙන‍්තස‍්ස විරාගො හොති, උපෙක‍්ඛං තත්‍ථ භාවෙති, මග‍්ගභාවනාය භාවෙති. තස‍්සාති තස‍්ස පුග‍්ගලස‍්ස.

ධම්මිකං හි සුඛං න පරිච්චජාමීති එහි ඇලීම නොකොට යුතුයි. සංඝයාගෙන් උපන් සළාක බත හෝ වස්සාවාසිකයක් හෝ මෙපමණක් පරිච්ඡන්දය කොට සංඝයා මැද භික්ෂූන් අතර අනුභව කරන්නේ පත්‍ර අතුරින් පියුමක් මෙන් සීල සමාධි විදර්ශනා මාර්ගඵල වැඩෙයි. ඉමස්සාති වර්තමාන පංචස්කන්ධයට මූලික වූ දුක්ඛනිදානස්සාති තෘෂ්ණාවයි. එය පංචස්කන්ධ දුකට නිධානයයි. සංඛාරං පදහතොති මට සප්‍රයෝග වීර්ය කරන්නාට විරාගොහොතීති මාර්ගයෙන් විරාගය වෙයි. මෙය කියන ලද්දේ වෙයි. සංස්කාර ප්‍රදානයෙන් මේ දුක්ඛ නිදානයෙන් නොඇලීම වෙයි. මෙසේ දකියි. මේ සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කියන ලදි. දෙවන වාරයෙන් ඒ ප්‍රයෝග සහිත වීර්යයේ මජ්ඣත්තබව කියන ලදී. සො යස්සඛ්වස්සාති මෙහි මේ කෙටි තේරුමයි. මේ පුද්ගල තෙමේ යම් දුක්ඛ නිදානයක සංස්කාර ප්‍රදානයෙන් විරාගය වෙයි. එහි සංස්කාර නම් වීර්ය කිරිමයි. මාර්ග ප්‍රදානයෙන් උත්සහ කිරීමයි. යම් දුක්ඛ නිදානයක බැලීම හේතුකොටගෙන උපේක්ෂාව වඩන අයට විරාගය වේ. එහි උපේක්ෂාව වඩන්නේ මාර්ග භාවනාව වඩන්නේ වෙයි. තස්සතීති ඒ පුද්ගලයාට

පටිබද‍්ධචිත‍්තොති ඡන්‍දරාගෙන බද‍්ධචිත‍්තො. තිබ‍්බච‍්ඡන්‍දොති බහලච‍්ඡන්‍දො. තිබ‍්බාපෙක‍්ඛොති බහලපත්‍ථනො. සන‍්තිට‍්ඨන‍්තින‍්ති එකතො තිට‍්ඨන‍්තිං. සඤ‍්ජග‍්ඝන‍්තින‍්ති මහාහසිතං හසමානං. සංහසන‍්තින‍්ති සිතං කුරුමානං.

පටිබද්ධචිත්තොති ඡන්ද රාගයෙන් බැදුණු සිත් ඇත්තේ. තිබ්බච්ඡන්‍දොති බහුල ඡන්දයයි. තිබ්බාපොඛොති මහත් වූ ප්‍රාර්ථනාවයි. සන්තිට්ඨහනීත්ති එකතුව සිටිත්. සංජග්ඝන්ති මහත් සේ සිනාසෙමින් සංහසනීත්ති මඳ සිනහව පවත්වමින්.

එවමෙව ඛො, භික‍්ඛවෙති එත්‍ථ ඉදං ඔපම‍්මවිභාවනං – එකො හි පුරිසො එකිස‍්සා ඉත්‍ථියා සාරත‍්තො ඝාසච‍්ඡාදනමාලාලඞ‍්කාරාදීනි දත්‍වා ඝරෙ වාසෙති. සා තං අතිචරිත්‍වා අඤ‍්ඤං සෙවති. සො “නූන අහං අස‍්සා අනුරූපං සක‍්කාරං න කරොමී”ති සක‍්කාරං වඩ‍්ඪෙසි. සා භිය්‍යොසොමත‍්තාය අතිචරතියෙව. සො – “අයං සක‍්කරියමානාපි අතිචරතෙව, ඝරෙ මෙ වසමානා අනත්‍ථම‍්පි කරෙය්‍ය, නීහරාමි න”න‍්ති පරිසමජ‍්ඣෙ අලංවචනීයං කත්‍වා “මා පුන ගෙහං පාවිසී”ති විස‍්සජ‍්ජෙසි. සා කෙනචි උපායෙන තෙන සද‍්ධිං සන්‍ථවං කාතුං අසක‍්කොන‍්තී නටනච‍්චකාදීහි සද‍්ධිං විචරති. තස‍්ස පුරිසස‍්ස තං දිස‍්වා නෙව උප‍්පජ‍්ජති දොමනස‍්සං, සොමනස‍්සං පන උප‍්පජ‍්ජති.

එවමෙව ඛො භික්ඛවෙති මෙහි මේ උපමාව විස්තර කිරිමයි - එක් මිනිහෙක් ගැහැනියක් කෙරෙහි සිත් බැදුණේ කෑම ඇඳුම් ආභරණ ආදිය දී ගෙහි වාසය කරයි. ඇය ඒ පුරුෂයා ඉක්මවා වෙනත් පුරුෂයෙකු සේවනය කරයි. මැය ඒකාන්තයෙන් ම මා ඉක්මවා හැසිරෙන්නේ මම සත්කාර නොකරන්නෙමියි සිතා සත්කාර වැඩි කළේය. ඇය බොහෝ සෙයින් වරදෙහි හැසිරුණේය. ඔහු මැයට මෙතරම් සත්කාර කළත් වරදෙහි ම හැසිරුණාය. ගෙයි වසමින් අනතුරක්ම කරන්නේ ය. බැහැර කරන්නෙමියි සිතා නුඹගෙන් වැඩක් නැත. නැවත ගෙදර නොඑන්න යැයි පිරිස මැද දී පවසා අත හැරියේය. ඇය කිසිම උපායකින් ඔහු සමඟ එකතු වන්නට අසමත් වන්නේ නැටුම් නටන්නෙක් සමඟ හැසිරෙයි. එම පුරුෂයා ඇය දැක දොම්නසක් නො උපදී. සොම්නසක් ම උපදී.

තත්‍ථ පුරිසස‍්ස ඉත්‍ථියා සාරත‍්තකාලො විය ඉමස‍්ස භික‍්ඛුනො අත‍්තභාවෙ ආලයො. ඝාසච‍්ඡාදනාදීනි දත්‍වා ඝරෙ වසාපනකාලො විය අත‍්තභාවස‍්ස පටිජග‍්ගනකාලො. තස‍්සා අතිචරණකාලො විය ජග‍්ගියමානස‍්සෙව අත‍්තභාවස‍්ස පිත‍්තපකොපාදීනං වසෙන සාබාධතා. “අත‍්තනො අනුරූපං සක‍්කාරං අලභන‍්තී අතිචරතී”ති සල‍්ලක‍්ඛෙත්‍වා සක‍්කාරවඩ‍්ඪනං විය “භෙසජ‍්ජං අලභන‍්තො එවං හොතී”ති සල‍්ලක‍්ඛෙත්‍වා භෙසජ‍්ජකරණකාලො. සක‍්කාරෙ වඩ‍්ඪිතෙපි පුන අතිචරණං විය පිත‍්තාදීසු එකස‍්ස භෙසජ‍්ජෙ කරියමානෙ සෙසානං පකොපවසෙන පුන සාබාධතා. පරිසමජ‍්ඣෙ අලංවචනීයං කත්‍වා ගෙහා නික‍්කඩ‍්ඪනං විය “ඉදානි තෙ නාහං දාසො න කම‍්මකරො, අනමතග‍්ගෙ සංසාරෙ තංයෙව උපට‍්ඨහන‍්තො විචරිං, කො මෙ තයා අත්‍ථො, ඡිජ‍්ජ වා භිජ‍්ජ වා”ති තස‍්මිං අනපෙක‍්ඛතං ආපජ‍්ජිත්‍වා වීරියං ථිරං කත්‍වා මග‍්ගෙන කිලෙසසමුග‍්ඝාතනං. නටනච‍්චකාදීහි නච‍්චමානං විචරන‍්තිං දිස‍්වා යථා තස‍්ස පුරිසස‍්ස දොමනස‍්සං න උප‍්පජ‍්ජති, සොමනස‍්සමෙව උප‍්පජ‍්ජති, එවමෙව ඉමස‍්ස භික‍්ඛුනො අරහත‍්තං පත‍්තස‍්ස පිත‍්තපකොපාදීනං වසෙන ආබාධිකං අත‍්තභාවං දිස‍්වා දොමනස‍්සං න උප‍්පජ‍්ජති, “මුච‍්චිස‍්සාමි වත ඛන්‍ධපරිහාරදුක‍්ඛතො”ති සොමනස‍්සමෙව උප‍්පජ‍්ජතීති. අයං පන උපමා “පටිබද‍්ධචිත‍්තස‍්ස දොමනස‍්සං උප‍්පජ‍්ජති, අප‍්පටිබද‍්ධචිත‍්තස‍්ස නත්‍ථෙතන‍්ති ඤත්‍වා ඉත්‍ථියා ඡන්‍දරාගං පජහති, එවමයං භික‍්ඛු සඞ‍්ඛාරං වා පදහන‍්තස‍්ස උපෙක‍්ඛං වා භාවෙන‍්තස‍්ස දුක‍්ඛනිදානං පහීයති, නො අඤ‍්ඤථාති ඤත්‍වා තදුභයං සම‍්පාදෙන‍්තො දුක‍්ඛනිදානං පජහතී”ති එතමත්‍ථං විභාවෙතුං ආගතාති වෙදිතබ‍්බා.

මේ භික්‍ෂුව ආත්මය කෙරෙහි ඇලීම ඒ පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ඇලුණු කාලය මෙන් ය. ආත්මභවය පෝෂණය කරන කාලය කෑම ඇඳීම ආභරණ ආදිය දී ගෙහි විසීම් කාලය මෙනි. ආත්මභාවයාගේ පිත කිපීම් ආදියෙන් රෝගාබාධවන කාලය ඇය වරදෙහි හැසිරෙන කාලය මෙනි. බෙහෙත් ආදිය නොලැබීමෙන් මෙසේ වේයැයි සළකා බෙහෙත් ආදිය කරන කාලය තමාගෙන් සුදුසු සත්කාර නොලබන හෙයින් මෙසේ වරදෙහි හැසිරේ යැයි සළකා ලාභ සත්කාර දියුණු කිරීම මෙන් ය. පිත් ආදි යමකට බෙහෙත් කළත් තව තවත් වරදෙහි හැසිරුණු කාලය මෙන්ය. මම දැන් නුඹේ දාසයෙක් හෝ වැඩකාරයෙක් හෝ නොවෙමි. කෙළවරක් නැති සසර නුඹට උපස්ථාන කරමින් හැසිරුණෙමි. දැන් තොපගෙන් ඇති ඵලය කුමක් ද? සිඳෙව බිඳෙවයි සිරුරෙහි අපේක්ෂාවක් නොකොට වීර්යය තර කොට මාර්ග ඥානයෙන් කෙලෙස් උපුටා දැමීම පිරිස් මැද තිගෙන් වැඩක් නැතැයි ගෙයින් පිට කිරිම මෙන්ය. අර්හත්වයට පත් භික්‍ෂුවට පිත් කිපීම් ආදි වශයෙන් රෝගී වූ මේ සිරුර බලා දොම්නසක් නො උපදී. ස්කන්ධ පරිහරණ දුකෙන් මිදුනෙමියි සොම්නසක් ම උපදියි. යනු නාට්‍යකරුවන් හා හැසිරෙන ස්ත්‍රිය දැක ඒ පුරුෂයාට දොම්නසක් නොඋපදී. සොම්නසක් උපදී ද එසේමය. මේ උපමාව අනුව සිත් බැඳුණු අයට දොම්නසක් උපදී. සිත් නො බැඳුණු අයට එසේ නොවේ යැයි දැක ස්ත්‍රීන් කෙරෙහි ආලය අත්හරි. සංඛාර අත්හැර උපේක්ෂාව වඩන්නහුගේ දුක්ඛ නිරෝධය ප්‍රහීන වෙයි. අන් අයුරකින් නොවන බව දැන ඒ දෙකම සපයනු ලබන්නේ දුක්ඛ නිධානය දුරු කරයි. මේ අර්ථය පැහැදිලි කරනු වස් පැමිණි බව දත යුතුයි.

යථා සුඛං ඛො මෙ විහරතොති යෙන සුඛෙන විහරිතුං ඉච‍්ඡාමි තෙන, මෙ විහරතො. පදහතොති පෙසෙන‍්තස‍්ස. එත්‍ථ ච යස‍්ස සුඛා පටිපදා අසප‍්පායා, සුඛුමචීවරානි ධාරෙන‍්තස‍්ස පාසාදිකෙ සෙනාසනෙ වසන‍්තස‍්ස චිත‍්තං වික‍්ඛිපති, දුක‍්ඛා පටිපදා සප‍්පායා, ඡින‍්නභින‍්නානි ථූලචීවරානි ධාරෙන‍්තස‍්ස සුසානරුක‍්ඛමූලාදීසු වසන‍්තස‍්ස චිත‍්තං එකග‍්ගං හොති, තං සන්‍ධායෙතං වුත‍්තං.

යථා සුඛං ඛො මෙ විහරතොති යම් සුවයකින් වාසය කිරීමට කැමැති වෙමි ද එයින් වාසය කරන්නා වූ මට. පදහන්තස්සාති යවන්නහුට. මෙහිද යමෙකුට සුඛ ප්‍රතිපදාව අසත්ප්‍රාය වේද සියුම් සිවුරු දරන්නහුට සෑම අතින් ම ප්‍රසන්න වූ සෙනසුන්වල වසන්නහුට සිත අවුල් වෙයි. දුක්ඛ ප්‍රතිපදාව සත්ප්‍රාය වූවහු කැඩුණු බිඳුණු විශාල සිවුරු දරන්නහුට සොහොන් ගස්මුල් ආදියෙහි වසන්නහුට සිත එකඟ වෙයි. ඒ සඳහා මෙය කියන ලදී.

එවමෙව ඛොති එත්‍ථ ඉදං ඔපම‍්මසංසන්‍දනං, උසුකාරො විය හි ජාතිජරාමරණභීතො යොගී දට‍්ඨබ‍්බො, වඞ‍්කකුටිලජිම‍්හතෙජනං විය වඞ‍්කකුටිලජිම‍්හචිත‍්තං, ද‍්වෙ අලාතා විය කායිකචෙතසිකවීරියං, තෙජනං උජුං කරොන‍්තස‍්ස කඤ‍්ජිකතෙලං විය සද‍්ධා, නමනදණ‍්ඩකො විය ලොකුත‍්තරමග‍්ගො, උස‍්සුකාරස‍්ස වඞ‍්කකුටිලජිම‍්හතෙජනං කඤ‍්ජිකතෙලෙන සිනෙහෙත්‍වා අලාතෙසු තාපෙත්‍වා නමනදණ‍්ඩකෙන උජුකරණං විය ඉමස‍්ස භික‍්ඛුනො වඞ‍්කකුටිලජිම‍්හචිත‍්තං සද‍්ධාය සිනෙහෙත්‍වා කායිකචෙතසිකවීරියෙන තාපෙත්‍වා ලොකුත‍්තරමග‍්ගෙන උජුකරණං, උසුකාරස‍්සෙව එවං උජුකතෙන තෙජනෙන සපත‍්තං විජ‍්ඣිත්‍වා සම‍්පත‍්තිඅනුභවනං විය ඉමස‍්ස යොගිනො තථා උජුකතෙන චිත‍්තෙන කිලෙසගණං විජ‍්ඣිත්‍වා පාසාදිකෙ සෙනාසනෙ නිරොධවරතලගතස‍්ස ඵලසමාපත‍්තිසුඛානුභවනං දට‍්ඨබ‍්බං.

එවමෙවඛොති මෙහි මේ උපමාව සැසඳීමයි. හීවඩුවෙකු මෙන් ජාති ජරා මරණයන්ගෙන් බිය වූ යෝගියා දත යුතුය. නැවුණ ඇද හී දණ්ඩක් මෙන් නැවුණු ඇද කපටි සිත් දත යුතුයි. ගිනි පෙනෙලි දෙකක් මෙන් කායික හා චෛතසික වීර්ය දත යුතුයි. හීය සෘජු කරන්නහුට කැඳ තෙලක් මෙනි ශ්‍රද්ධාව. ලෝකෝත්තර මාර්ගය නැමෙන දණ්ඩක් මෙනි. හී වඩුවාගේ නුවණ ඇද නැමුණු කපටි සිත හීය කැඳ තෙලින් හා ගිනිපෙනෙලිවල රත්කොට නවන දණ්ඩයෙන් සෘජු කරන්නා මෙන් මේ භික්‍ෂුවගේ ඇද නැවුණු කපටි සිත ශ්‍රද්ධාවෙන් සතපවා කාය චෛතසික වීර්යයෙන් තවා ලෝකෝත්තර මාර්ගයෙන් සෘජු කරන්නේය. හී වඩුවාගේ මෙසේ සෘජු කරන ලද හී දණ්ඩෙන් සතුරා විද සම්පත් අනුභව කරන්නාක් මෙන් යෝගියාගේ එසේ සෘජු කරන ලද සිතෙන් කෙලෙස් සමූහය විඳ ප්‍රසාද ඇති සෙනසුනෙහි නිරෝධ ඵල නැමති උතුම් ගොඩබිමට පැමිණියහුගේ ඵල සමවත්සුව විඳීම දත යුතුයි.

ඉධ තථාගතො සුඛාපටිපදාඛිප‍්පාභිඤ‍්ඤභික‍්ඛුනො, දුක‍්ඛාපටිපදාදන්‍ධාභිඤ‍්ඤභික‍්ඛුනො ච පටිපත‍්තියො කථිතා, ඉතරෙසං ද‍්වින‍්නං න කථිතා, තා කථෙතුං ඉමං දෙසනං ආරභි. ඉමාසු වා ද‍්වීසු කථිතාසු ඉතරාපි කථිතාව හොන‍්ති, ආගමනීයපටිපදා පන න කථිතා, තං කථෙතුං ඉමං දෙසනං ආරභි. සහාගමනීයාපි වා පටිපදා කථිතාව, අදස‍්සිතං පන එකං බුද‍්ධුප‍්පාදං දස‍්සෙත්‍වා එකස‍්ස කුලපුත‍්තස‍්ස නික‍්ඛමනදෙසනං අරහත‍්තෙන විනිවට‍්ටෙස‍්සාමීති දස‍්සෙතුං ඉමං දෙසනං ආරභි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

මෙහි තථාගතයන් වහන්සේ සුබ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ වන භික්‍ෂුවගේ ප්‍රතිපදාව ද, දුක්ඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ වන භික්‍ෂුවගේ ප්‍රතිපත්තිය ද කියන ලදී. ඉතිරි දෙකෙහි නොකියන ලදී. එය කීමට මේ දේශනය ඇරඹූහ. මේ දෙක කී කල්හි ඉතිරි ඒවා ද කියන ලද්දේ ම වෙයි. ආගමික ප්‍රතිපදාව නොකියන ලදී. එය කීමට මේ දේශනය ඇරඹීය. සග ගාමිනී ප්‍රතිපදාව හෝ කියන ලදී. නොදන්වන ලද එක් බුද්ධෝත්පාදයක් දක්වා එක් කුලපුත්‍රයෙකුට නිෂ්ක්‍රමණ දේශනය රහත්බවෙන් පෙරළෙමියි දැන්වීමට මේ දේශනය ඇරඹීය. ඉතිරිය හැමතැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය දෙවදහසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දේවදහසූත්‍ර වර්ණනාව නිමි.