යෙදුමෙන් කියවන්න

පඤ‍්චත‍්තය සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

පඤ‍්චත‍්තය සුත‍්තවණ‍්ණනා

පඤ්චත්තය සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති පඤ‍්චත‍්තයසුත‍්තං. තත්‍ථ එකෙති එකච‍්චෙ. සමණබ්‍රාහ‍්මණාති පරිබ‍්බජුපගතභාවෙන සමණා ජාතියා බ්‍රාහ‍්මණා, ලොකෙන වා සමණාති ච බ්‍රාහ‍්මණාති ච එවං සම‍්මතා. අපරන‍්තං කප‍්පෙත්‍වා විකප‍්පෙත්‍වා ගණ‍්හන‍්තීති අපරන‍්තකප‍්පිකා. අපරන‍්තකප‍්පො වා එතෙසං අත්‍ථීතිපි අපරන‍්තකප‍්පිකා. එත්‍ථ ච අන‍්තොති “සක‍්කායො ඛො, ආවුසො, එකො අන‍්තො”තිආදීසු (අ· නි· 6.61) විය ඉධ කොට‍්ඨාසො අධිප‍්පෙතො. කප‍්පොති තණ‍්හාදිට‍්ඨියො. වුත‍්තම‍්පි චෙතං “කප‍්පොති උද‍්දානතො ද‍්වෙ කප‍්පා තණ‍්හාකප‍්පො ච දිට‍්ඨිකප‍්පො චා”ති. තස‍්මා තණ‍්හාදිට‍්ඨිවසෙන අනාගතං ඛන්‍ධකොට‍්ඨාසං කප‍්පෙත්‍වා ඨිතාති අපරන‍්තකප‍්පිකාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. තෙසං එවං අපරන‍්තං කප‍්පෙත්‍වා ඨිතානං පුනප‍්පුනං උප‍්පජ‍්ජනවසෙන අපරන‍්තමෙව අනුගතා දිට‍්ඨීති අපරන‍්තානුදිට‍්ඨිනො. තෙ එවංදිට‍්ඨිනො තං අපරන‍්තං ආරබ‍්භ ආගම‍්ම පටිච‍්ච අඤ‍්ඤම‍්පි ජනං දිට‍්ඨිගතිකං කරොන‍්තා අනෙකවිහිතානි අධිවුත‍්තිපදානි අභිවදන‍්ති. අනෙකවිහිතානීති අනෙකවිධානි. අධිවුත‍්තිපදානීති අධිවචනපදානි. අථ වා භූතමත්‍ථං අධිභවිත්‍වා යථාසභාවතො අග‍්ගහෙත්‍වා වත‍්තනතො අධිවුත‍්තියොති දිට‍්ඨියො වුච‍්චන‍්ති, අධිවුත‍්තීනං පදානි අධිවුත‍්තිපදානි, දිට‍්ඨිදීපකානි වචනානීති අත්‍ථො.

එවම්මෙසුතන්තිං පංචත්තය සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එහි එකෙති සමහරුය. සමණ බ්‍රාහ්මණාති පරිබ්‍රාජක බවට පැමිණි බැවින් ශ්‍රමණයෝය. ජාතියෙන් බමුණෝය. ලෝකයා විසින් මහණ බමුණෝයැයි මෙසේ සම්මත කරන ලදි. අපරාන්තය විශේෂයෙන් කල්පනා කොට ගන්නවුන් අපරාන්ත කප්පික නම් වේ. මෙහි අන්ත නම් “සක්කා යො ඛො ආවුසො එකො අන්තොති” ආදියෙහි මෙන් මෙහි දී කොටස කැමතිවන ලදී. කප්ප නම් තෘෂ්ණා දෘෂ්ටියයි. මෙය කියන ලදී. කප්ප නම් උදාන වශයෙන් තෘෂ්ණා කල්පය, දෘෂ්ටි කල්පය යැයි කල්ප දෙකකි. එහෙයින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොපැමිණි ස්කන්ධ කොටස කල්පනා කොට සිටියේ අපරාන්ත කල්පය යැයි මෙහි මෙසේ අර්ථය දත යුතුයි. ඔවුන්ගේ මෙසේ අපරාන්තය කල්පනා කොට සිටියවුන්ගේ නැවත නැවත ඉපදීම් වශයෙන් අපරාන්තය අනුව ගිය දෘෂ්ටියම අපරාන්ත දෘෂ්ටිය වේ. ඔවුහු මෙසේ දෘෂ්ටි ඇත්තෝ ඒ අපරාන්තය අරඹයා පැමිණි නිසා අනෙත් ජනයා ද දෘෂ්ටි ගත කරන්නාහු අනෙකවිහිත අධිවුත්ති පද යැයි කියත්. අනෙකවිහිතානීති නොයෙක් වැදෑරුම්ය. අධිවුත්ති පදානීති නාමපද යි. නොහොත් සිදු වූ අර්ථය මැඩ පවත්වා ස්වභාව වශයෙන් නොගෙන පවතින හෙයින් අධිවෘත්ති දෘෂ්ටිය යයි කියත්. අධිවෘත්තීන්ගේ පද අධිවෘත්ති පදයි. දෘෂ්ටිය ප්‍රකාශ කරන වචනය අර්ථයයි.

සඤ‍්ඤීති සඤ‍්ඤාසමඞ‍්ගී. අරොගොති නිච‍්චො. ඉත්‍ථෙකෙති ඉත්‍ථං එකෙ, එවමෙකෙති අත්‍ථො. ඉමිනා සොළස සඤ‍්ඤීවාදා කථිතා, අසඤ‍්ඤීති ඉමිනා අට‍්ඨ අසඤ‍්ඤීවාදා, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීති ඉමිනා අට‍්ඨ නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදා, සතො වා පන සත‍්තස‍්සාති ඉමිනා සත‍්ත උච‍්ඡෙදවාදා. තත්‍ථ සතොති විජ‍්ජමානස‍්ස. උච‍්ඡෙදන‍්ති උපච‍්ඡෙදං. විනාසන‍්ති අදස‍්සනං. විභවන‍්ති භවවිගමං. සබ‍්බානෙතානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානෙව.

සඤ්ඤීති සංඥාවෙන් සමන්විතය. අරොගොති නිත්‍ය බව, ඉත්‍ථෙකෙති මෙසේ සමහරය යනුයි. මෙයින් සොළොස් සඤ්ඤීවාද කියන ලදහ. අසඤ්ඤීති මෙයින් අට වැදෑරුම් අසඤ්ඤී වාදයෝ කියන ලදහ. නෙවසඤ්ඤී නාසඤ්ඤීති මෙයින් නෙවසඤ්ඤී නාසඤ්ඤී වාදයෝ අට දෙන කියන ලදහ. සතො වා පන සත්තස්සාති මෙයින් උච්ඡේද වාද හත කියන ලදී. එහි සතොති විද්‍යමාන වන්නහුගේය. උච්ඡෙදන්ති නම් සිඳීමයි. විනාසන්ති නොපෙනීමයි. විභවන්ති භවයාගේ පහවීමයි. මේ සියල්ල ඔවුනොවුන්ට පර්යාය වචනයෝය.

දිට‍්ඨධම‍්මනිබ‍්බානං වාති ඉමිනා පඤ‍්ච දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදා කථිතා. තත්‍ථ දිට‍්ඨධම‍්මොති පච‍්චක‍්ඛධම‍්මො වුච‍්චති, තත්‍ථ තත්‍ථ පටිලද‍්ධඅත‍්තභාවස‍්සෙතං අධිවචනං. දිට‍්ඨධම‍්මෙ නිබ‍්බානං දිට‍්ඨධම‍්මනිබ‍්බානං, ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ දුක‍්ඛවූපසමන‍්ති අත්‍ථො. සන‍්තං වාති සඤ‍්ඤීතිආදිවසෙන තීහාකාරෙහි සන‍්තං. තීණි හොන‍්තීති සඤ‍්ඤී අත‍්තාතිආදීනි සන‍්තඅත‍්තවසෙන එකං, ඉතරානි ද‍්වෙති එවං තීණි.

දිට්ඨධම්ම නිබ්බානං වා පනාති මෙයින් දිට්ඨධම්ම නිබ්බාන වාද පහ කියන ලදි. එහි දිට්ඨධම්මොති ප්‍රත්‍යක්‍ෂ ධර්මය යැයි කියනු ලබයි. ඒ ඒ තැන්හි තබන ලද ආත්මභාවයට මෙය වචනයකි. ප්‍රත්‍යක්‍ෂයෙහි වූ දිට්ඨධම්ම නිබ්බාන නමි. මේ ආත්මභවයේ දීම දුක් සංසිඳීම යන අර්ථයි. සන්තංවාති සංඥා ආදි වශයෙන් තුන් ආකාරයකින් ශාන්තය. තීණිහොන්තීති සංඥා ආත්මය ආදි ශාන්ති වශයෙන් එකය. අනිකය. දෙකය යැයි මෙසේ තුනකි.

රූපිං වාති කරජරූපෙන වා කසිණරූපෙන වා රූපිං. තත්‍ථ ලාභී කසිණරූපං අත‍්තාති ගණ‍්හාති, තක‍්කී උභොපි රූපානි ගණ‍්හාතියෙව. අරූපින‍්ති අරූපසමාපත‍්තිනිමිත‍්තං වා, ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං සෙසඅරූපධම‍්මෙ වා අත‍්තාති පඤ‍්ඤපෙන‍්තා ලාභිනොපි තක‍්කිකාපි එවං පඤ‍්ඤපෙන‍්ති. තතියදිට‍්ඨි පන මිස‍්සකගාහවසෙන පවත‍්තා, චතුත්‍ථා තක‍්කගාහෙනෙව. දුතියචතුක‍්කෙ පඨමදිට‍්ඨි සමාපන‍්නකවාරෙන කථිතා, දුතියදිට‍්ඨි අසමාපන‍්නකවාරෙන, තතියදිට‍්ඨි සුප‍්පමත‍්තෙන වා සරාවමත‍්තෙන වා කසිණපරිකම‍්මවසෙන, චතුත්‍ථදිට‍්ඨි විපුලකසිණවසෙන කථිතාති වෙදිතබ‍්බා.

රූපීචාති කරජ රූපයෙන් හෝ කසිණ රූපයෙන් හෝ රූපීය. එහි ලැබුයේ කසිණ රූපය ආත්මය යයි ගනී. තර්කයෙන් රූප දෙක ගන්නේමය. අරූපී වූ අරූප සමාපත්තිය හෝ නිමිත්ත හෝ හැර සංඥා ස්කන්ධය සෙසු අරූපී ධර්මයන් හෝ ආත්මය යයි පණවති. ලාභීහු ද තර්කයෝ ද මෙසේ පණවත්. තුන්වන දෘෂ්ටිය ද මිශ්‍රක ග්‍රහ වශයෙන් පවතී. හතරවැන්න තර්ක ග්‍රහයෙන් ද පවතී. දෙවැනි චතුෂ්කයෙහි පළමු දෘෂ්ටිය සමාපන්නක වාරයෙන් කියන ලදි. දෙවන දෘෂ්ටිය අසමාපන්නක වාරයෙන් ද තුන්වන දෘෂ්ටිය සුප්පමත්තව හෝ සරාවමත්තව හෝ කසිණ පරිකර්ම වශයෙන් ද සිව්වන දෘෂ්ටිය විපුල කසිණ වශයෙන් ද කියන ලදහයි දත යුතුයි.

එතං වා පනෙකෙසං උපාතිවත‍්තතන‍්ති සඤ‍්ඤීතිපදෙන සඞ‍්ඛෙපතො වුත‍්තං සඤ‍්ඤාසත‍්තකං අතික‍්කන‍්තානන‍්ති අත්‍ථො. අපරෙ අට‍්ඨකන‍්ති වදන‍්ති. තදුභයං පරතො ආවිභවිස‍්සති. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – කෙචි හි එතා සත‍්ත වා අට‍්ඨ වා සඤ‍්ඤා සමතික‍්කමිතුං සක‍්කොන‍්ති, කෙචි පන න සක‍්කොන‍්ති. තත්‍ථ යෙ සක‍්කොන‍්ති, තෙව ගහිතා. තෙසං පන එකෙසං උපාතිවත‍්තතං අතික‍්කමිතුං සක‍්කොන‍්තානං යථාපි නාම ගඞ‍්ගං උත‍්තිණ‍්ණෙසු මනුස‍්සෙසු එකො දීඝවාපිං ගන‍්ත්‍වා තිට‍්ඨෙය්‍ය, එකො තතො පරං මහාගාමං; එවමෙව එකෙ විඤ‍්ඤාණඤ‍්චායතනං අප‍්පමාණං ආනෙඤ‍්ජන‍්ති වත්‍වා තිට‍්ඨන‍්ති, එකෙ ආකිඤ‍්චඤ‍්ඤායතනං. තත්‍ථ විඤ‍්ඤාණඤ‍්චායතනං තාව දස‍්සෙතුං විඤ‍්ඤාණකසිණමෙකෙති වුත‍්තං. පරතො “ආකිඤ‍්චඤ‍්ඤායතනමෙකෙ”ති වක‍්ඛති. තයිදන‍්ති තං ඉදං දිට‍්ඨිගතඤ‍්ච දිට‍්ඨිපච‍්චයඤ‍්ච දිට‍්ඨාරම‍්මණඤ‍්ච. තථාගතො අභිජානාතීති. ඉමිනා පච‍්චයෙන ඉදං නාම දස‍්සනං ගහිතන‍්ති අභිවිසිට‍්ඨෙන ඤාණෙන ජානාති.

එතං වා පනෙකෙසං උපාතිවත්තනං සංඥී යන පදයෙන් කෙටියෙන් කියන ලද සඤ්ඤ සත්තකය ඉක්මවන ලද්දවුන්ගේය යන අර්ථයයි. ඇතැම්හු අට්ඨක යැයි ද ප්‍රකාශ කරති. ඒ දෙක මතුවෙහි ප්‍රකාශ වෙයි. මේ එහි සංක්‍ෂේප අර්ථයයි. සමහරු මේ සංඥා හත හෝ අට ඉක්මවන්නට සමත් වෙති. සමහරු අසමත් වෙති. එහි යමෙකුට හැකිවෙත් ද ඔහුම ගත යුතුය. ඔවුන්ගෙන් එක් අයෙක් සංඥාවන් ඉක්මවන්නට සමත් වන්නේද එපරිද්දෙන්ම යම්සේ ගංගාව එතර කරන මනුෂ්‍යයන් අතරෙන් එක් අයෙකු දීර්ඝ වූ ගඟට ගොස් සිටියි. එක් අයෙක් එයින් මතු මහ ගමට ගොස් සිටියි. එපරිද්දෙනි. සමහරු විඤ්ඤාණචඤ්ඤායතනය අප්‍රමාණ වූ ආනංජය යැයි කියා සිටිති. සමහරු ආකිඤ්චඤ්ඤායතනය යැයිද කියා සිටිති. එහි විඤ්ඤාණඤ්චායතනය පළමුකොට දක්වන්නට සමහරු විඤ්ඤාණ කසිණය යැයි කියන ලදි. පසුව ආකිඤ්චඤ්ඤායතනය කියයි. තයිදං ඒ මේ දෘෂ්ටිගතිය ද දෘෂ්ටි ප්‍රත්‍යය ද දෘෂ්ටිආරම්මණය ද තථාගතයන් වහන්සේ දන්නාසේක. මේ හේතුවෙන් මේ නම් දර්ශනයක් ගන්නා ලද්දේයැයි විශිෂ්ඨ ඤාණයෙන් දැනගනියි.

ඉදානි තදෙව විත්‍ථාරෙන‍්තො යෙ ඛො තෙ භොන‍්තොතිආදිමාහ. යා වා පන එතාසං සඤ‍්ඤානන‍්ති යා වා පන එතාසං “යදි රූපසඤ‍්ඤාන”න‍්ති එවං වුත‍්තසඤ‍්ඤානං. පරිසුද‍්ධාති නිරුපක‍්කිලෙසා. පරමාති උත‍්තමා. අග‍්ගාති සෙට‍්ඨා. අනුත‍්තරියා අක‍්ඛායතීති අසදිසා කථීයති. යදි රූපසඤ‍්ඤානන‍්ති ඉමිනා චතස‍්සො රූපාවචරසඤ‍්ඤා කථිතා. යදි අරූපසඤ‍්ඤානන‍්ති ඉමිනා ආකාසානඤ‍්චායතනවිඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා. ඉතරෙහි පන ද‍්වීහි පදෙහි සමාපන‍්නකවාරො ච අසමාපන‍්නකවාරො ච කථිතොති එවමෙතා කොට‍්ඨාසතො අට‍්ඨ, අත්‍ථතො පන සත‍්ත සඤ‍්ඤා හොන‍්ති. සමාපන‍්නකවාරො හි පුරිමාහි ඡහිසඞ‍්ගහිතොයෙව.

දැන් එයම විස්තර කරන්නේ යෙ ඛො තෙ හොන්තො යනාදිය කීය. යා වා පනෙසං සංඥාන යැයි මෙසේ කියන ලද සංඥානයි. පරිසුද්ධා කෙලෙස් රහිත, පරමා උතුම්, අග්ගා ශ්‍රේෂ්ඨ, අනුත්තරියා අක්ඛායති අසදෘශ යැයි කියනු ලැබේ. යදි රූපසඤ්ඤාණං මෙයින් රූපාවචර සංඥා සතර කියන ලදි. යදි අරූපසඤ්ඤාණං මෙයින් ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතනය සංඥාවන් කියන ලදි. අනෙත් පද දෙකෙන් සමාපන්නවාරය ද අසමාපන්නවාරය ද කියන ලදි. මෙසේ කොටස් වශයෙන් අටකි. අර්ථ වශයෙන් සංඥාවෝ හතක් වෙති. සමාපන්නක වාරය පළමු ජාතියෙහි සංගෘහිතයි.

තයිදං සඞ‍්ඛතන‍්ති තං ඉදං සබ‍්බම‍්පි සඤ‍්ඤාගතං සද‍්ධිං දිට‍්ඨිගතෙන සඞ‍්ඛතං පච‍්චයෙහි සමාගන‍්ත්‍වා කතං. ඔළාරිකන‍්ති සඞ‍්ඛතත‍්තාව ඔළාරිකං. අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධොති එතෙසං පන සඞ‍්ඛතන‍්ති වුත‍්තානං සඞ‍්ඛාරානං නිරොධසඞ‍්ඛාතං නිබ‍්බානං නාම අත්‍ථි. අත්‍ථෙතන‍්ති ඉති විදිත්‍වාති තං ඛො පන නිබ‍්බානං “අත්‍ථි එත”න‍්ති එවං ජානිත්‍වා. තස‍්ස නිස‍්සරණදස‍්සාවීති තස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණදස‍්සී නිබ‍්බානදස‍්සී. තථාගතො තදුපාතිවත‍්තොති තං සඞ‍්ඛතං අතික‍්කන‍්තො සමතික‍්කන‍්තොති අත්‍ථො.

තයිදං සංඛතං ඒ මේ සියල්ල සංඥාගතිය හා දෘෂ්ටිගතිය සමඟ ප්‍රත්‍යයන්ට පැමිණ කරන ලදි. ඔළාරිකං සංඛත හෙයින් ඕළාරිකය. අත්‍ථි ඛො පන සංඛාරානං නිරොධො සංඛත යැයි කියන ලද මේ සංස්කාරයන්ගේ නිරුද්ධවීම යැයි සංඛ්‍යාවට පැමිණි නිර්වාණයක් නම් ඇත. අත්‍ථතන්ති ඉති විදිත්‍වා ඒ නිර්වාණය ඇත්තේ යැයි දැන, තස්ස නිස්සරණ දස්සාවි ඒ නිස්සරණ දර්ශී සංඛ්‍යාත නිර්වාණය දැකීමයි. තථාගතො තදුපාතිවත්තො ඒ සංඛතය ඉක්මවීම යන අර්ථයි.

තත්‍රාති තෙසු අට‍්ඨසු අසඤ‍්ඤීවාදෙසු. රූපිං වාතිආදීනි සඤ‍්ඤීවාදෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. අයඤ‍්ච යස‍්මා අසඤ‍්ඤීවාදො, තස‍්මා ඉධ දුතියචතුක‍්කං න වුත‍්තං. පටික‍්කොසන‍්තීති පටිබාහන‍්ති පටිසෙධෙන‍්ති. සඤ‍්ඤා රොගොතිආදීසු ආබාධට‍්ඨෙන රොගො, සදොසට‍්ඨෙන ගණ‍්ඩො, අනුපවිට‍්ඨට‍්ඨෙන සල‍්ලං. ආගතිං වා ගතිං වාතිආදීසු පටිසන්‍ධිවසෙන ආගතිං, චුතිවසෙන ගතිං, චවනවසෙන චුතිං, උපපජ‍්ජනවසෙන උපපත‍්තිං, පුනප‍්පුනං උප‍්පජ‍්ජිත්‍වා අපරාපරං වඩ‍්ඪනවසෙන වුඩ‍්ඪිං විරූළ‍්හිං වෙපුල‍්ලං. කාමඤ‍්ච චතුවොකාරභවෙ රූපං විනාපි විඤ‍්ඤාණස‍්ස පවත‍්ති අත්‍ථි, සෙසෙ පන තයො ඛන්‍ධෙ විනා නත්‍ථි. අයං පන පඤ‍්හො පඤ‍්චවොකාරභවවසෙන කථිතො. පඤ‍්චවොකාරෙ හි එත‍්තකෙ ඛන්‍ධෙ විනා විඤ‍්ඤාණස‍්ස පවත‍්ති නාම නත්‍ථි. විතණ‍්ඩවාදී පනෙත්‍ථ “අඤ‍්ඤත්‍ර රූපාතිආදිවචනතො අරූපභවෙපි රූපං, අසඤ‍්ඤාභවෙ ච විඤ‍්ඤාණං අත්‍ථි, තථා නිරොධසමාපන‍්නස‍්සා”ති වදති. සො වත‍්තබ‍්බො – බ්‍යඤ‍්ජනච‍්ඡායාය චෙ අත්‍ථං පටිබාහසි, ආගතිං වාතිආදිවචනතො තං විඤ‍්ඤාණං පක‍්ඛිද‍්විපදචතුප‍්පදා විය උප‍්පතිත්‍වාපි ගච‍්ඡති, පදසාපි ගච‍්ඡති, ගොවිසාණවල‍්ලිආදීනි විය ච වඩ‍්ඪතීති ආපජ‍්ජති. යෙ ච භගවතා අනෙකසතෙසු සුත‍්තෙසු තයො භවා වුත‍්තා, තෙ අරූපභවස‍්ස අභාවා ද‍්වෙව ආපජ‍්ජන‍්ති. තස‍්මා මා එවං අවච, යථා වුත‍්තමත්‍ථං ධාරෙහීති.

තත්‍ර ඒ අසංඥීවාද අටෙහි, රූපිං වා යනාදිය සංඥී වාදයෙහි කියන ලද ක්‍රමයෙන් දත යුතුය. යම්හෙයකින් මෙය අසංඥී වාද ද එහෙයින් මෙහි දී දෙවැන්න හා හතරවැන්න නොකියන ලදි. පටිසක්කොන්ති වළකත්, සඤ්ඤාරොගො යනාදියෙහි ආබාධ අර්ථයෙන් රෝග නමි. දෝෂ සහිත බැවින් ගඩු නමි. ඇතුළට වදින හෙයින් උල නම් වෙයි. ආගතිං වා ගතිං වා යනාදියේ ප්‍රතිසන්ධි වශයෙන් ආගතියයි. ගමන් වශයෙන් ගතියයි. චුතවීම වශයෙන් චුතියයි. ඉපදීම් වශයෙන් උත්පත්තියයි. නැවත නැවත ඉපදී අනෙත් අනෙත් භවයන් හා ගැටෙන හෙයින් වෘද්ධියයි. මහත්බවයි. චතුවෝකාර භවයෙන් රූපය හැර විඤ්ඤාණයාගේ පැවැත්ම ඇතිවෙයි. ඉතිරි ස්කන්ධ තුන නැතිව විද්‍යමාන නොවෙයි. මෙම ප්‍රශ්නය පංචවෝකාර වශයෙන් කියන ලදි. පංචවෝකාරයෙහි ස්කන්ධ හතර හැර විඤ්ඤාණයාගේ පැවැත්මක් නැත. විතණ්ඩවාදීහු රූපය හැර යැයි යනාදි කීමෙන් අරූප භවයෙහි රූපය ද අසංඥී භවයෙහි විඤ්ඤාණය ද ඇත. එසේම නිරෝධ සමවතට පිළිපන් අයට යැයි කියති. එයට මෙසේ කිවයුතුයි. ආගතිං යනාදි වචනයෙන් ඒ විඤ්ඤාණය පක්‍ෂීහු දෙපා සිව්පා සතුන් මෙන් පැන පැන යාම ද කකුල් වලින් දිවීම ද හරක් අං වැල් ආදිය මෙන් වැඩීමට ද පැමිණෙයි. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ සූත්‍රයන්හි භවත්‍රයක් ගැන දේශනා කරන ලද්දේ ද, අරූප භවයාගේ නොවීමෙන් දෙකක්ම සිදුවෙති. එහෙයින් මෙසේ නොකියා පෙර කියන ලද්දම ධාරණය කරගනුව.

තත්‍රාති අට‍්ඨසු නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදෙසු භුම‍්මං. ඉධාපි රූපිං වාතිආදීනි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. අසඤ‍්ඤා සම‍්මොහොති නිස‍්සඤ‍්ඤභාවො නාමෙස සම‍්මොහට‍්ඨානං. යො හි කිඤ‍්චි න ජානාති, තං අසඤ‍්ඤී එසොති වදන‍්ති. දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බසඞ‍්ඛාරමත‍්තෙනාති දිට‍්ඨවිඤ‍්ඤාතබ‍්බමත‍්තෙන සුතවිඤ‍්ඤාතබ‍්බමත‍්තෙන මුතවිඤ‍්ඤාතබ‍්බමත‍්තෙන. එත්‍ථ ච විජානාතීති විඤ‍්ඤාතබ‍්බං, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බමත‍්තෙන පඤ‍්චද‍්වාරිකසඤ‍්ඤාපවත‍්තිමත‍්තෙනාති අයඤ‍්හි එත්‍ථ අත්‍ථො. සඞ‍්ඛාරමත‍්තෙනාති ඔළාරිකසඞ‍්ඛාරපවත‍්තිමත‍්තෙනාති අත්‍ථො. එතස‍්ස ආයතනස‍්සාති එතස‍්ස නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනස‍්ස. උපසම‍්පදන‍්ති පටිලාභං. බ්‍යසනං හෙතන‍්ති විනාසො හෙස, වුට‍්ඨානං හෙතන‍්ති අත්‍ථො. පඤ‍්චද‍්වාරිකසඤ‍්ඤාපවත‍්තඤ‍්හි ඔළාරිකසඞ‍්ඛාරපවත‍්තං වා අප‍්පවත‍්තං කත්‍වා තං සමාපජ‍්ජිතබ‍්බං. තස‍්ස පන පවත‍්තෙන තතො වුට‍්ඨානං හොතීති දස‍්සෙති. සඞ‍්ඛාරසමාපත‍්තිපත‍්තබ‍්බමක‍්ඛායතීති ඔළාරිකසඞ‍්ඛාරපවත‍්තියා පත‍්තබ‍්බන‍්ති න අක‍්ඛායති. සඞ‍්ඛාරාවසෙසසමාපත‍්තිපත‍්තබ‍්බන‍්ති සඞ‍්ඛාරානංයෙව අවසෙසා භාවනාවසෙන සබ‍්බසුඛුමභාවං පත‍්තා සඞ‍්ඛාරා, තෙසං පවත‍්තියා එතං පත‍්තබ‍්බන‍්ති අත්‍ථො. එවරූපෙසු හි සඞ‍්ඛාරෙසු පවත‍්තෙසු එතං පත‍්තබ‍්බං නාම හොති. තයිදන‍්ති තං ඉදං එතං සුඛුමම‍්පි සමානං සඞ‍්ඛතං සඞ‍්ඛතත‍්තා ච ඔළාරිකං.

තත්‍ර නේවසංඥීනාසංඥී වාද අට කෙරෙහි, මෙහි ද රූපං වා යනාදියෙහි කියන ලද ක්‍රමයෙන්ම දත යුතුය. අසඤ්ඤා සම්මොහො සංඥා රහිත බවයි. මුළාවට පැමිණෙන ස්ථානයයි. යම්කිසිවක් නොදන්නේ නම් එය අසංඥී යැයි කියති. දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බස්ස සංඛාරමත්තෙන දැකීමෙන් ඇසීමෙන් ගන්‍ධරස ස්පර්ශයෙන් දැනගත යුතු දේ දැනගත්තේය යන්න මෙහි විඤ්ඤාතබ්බ නම් වේ. පංචද්වාරයෙහි පැවැති සංඥාමාත්‍රය යනු මෙහි අර්ථයයි. සංඛාරමත්තෙන ඕළාරික සංස්කාරයාගේ පැවතීම යන අර්ථයයි. එතස්සායතනස්ස මේ නේවසංඥානාසංඥායතනයාගේ, උපසම්පදන්ති ප්‍රතිලාභයයි. බ්‍යසනං හෙතං විනාශයන්ගේ නැගිටීම යන අර්ථයි. පංචද්වාරික සංඥා පැවතීම් හෝ ළාමක සංඥා පැවතීම් හෝ නොපැවතීම් කොට එයට පැමිණිය යුතුයි. ඒ පැවැත්මෙන් එයින් නැගිටීම වන්නේයැයි දක්වයි. සසංඛාරසමාපත්ති පත්තබ්බමක්ඛායති ලාමක සංස්කාරයාගේ පැවැත්මෙන් පැමිණිය යුතුයැයි නොකියයි. සංඛාරාවසෙස සමාපත්තිපත්තබ්බං සංස්කාරයන්ගේ යම් ඉතිරියක් භාවනා වශයෙන් සියළු සියුම්භාවයට පැමිණි සංස්කාරයෝ ඔවුන්ගේ පැවැත්මෙන් මෙයට පැමිණිය යුතුය යන අර්ථයි. මෙබඳු සංස්කාරයන් පැවැති කල්හි මෙයට පැමිණිය යුතුවෙයි. තයිදං ඒ මේ සියුම් වූයේ ද සංඛත හෙයින් ඕළාරිකය.

තත්‍රාති සත‍්තසු උච‍්ඡෙදවාදෙසු භුම‍්මං. උද‍්ධං සරන‍්ති උද‍්ධං වුච‍්චති අනාගතසංසාරවාදො, අනාගතං සංසාරවාදං සරන‍්තීති අත්‍ථො. ආසත‍්තිංයෙව අභිවදන‍්ති ලග‍්ගනකංයෙව වදන‍්ති. “ආසත‍්ත”න‍්තිපි පාඨො, තණ‍්හංයෙව වදන‍්තීති අත්‍ථො. ඉති පෙච‍්ච භවිස‍්සාමාති එවං පෙච‍්ච භවිස‍්සාම. ඛත‍්තියා භවිස‍්සාම, බ්‍රාහ‍්මණා භවිස‍්සාමාති එවමෙත්‍ථ නයො නෙතබ‍්බො. වාණිජූපමා මඤ‍්ඤෙති වාණිජූපමා විය වාණිජපටිභාගා වාණිජසදිසා මය‍්හං උපට‍්ඨහන‍්ති. සක‍්කායභයාති සක‍්කායස‍්ස භයා. තෙ හි යථෙව “චත‍්තාරො ඛො, මහාරාජ, අභයස‍්ස භායන‍්ති. කතමෙ චත‍්තාරො? ගණ‍්ඩුප‍්පාදො ඛො, මහාරාජ, භයා පථවිං න ඛාදති ‘මා පථවී ඛියී’ති, කොන‍්තො ඛො, මහාරාජ, එකපාදෙන තිට‍්ඨති ‘මා පථවී ඔසීදී’ති, කිකී ඛො, මහාරාජ, උත‍්තානා සෙති ‘මා අම‍්භා උන්‍ද්‍රියී’ති, බ්‍රාහ‍්මණධම‍්මිකො ඛො, මහාරාජ, බ්‍රහ‍්මචරියං න චරති ‘මා ලොකො උච‍්ඡිජ‍්ජී’ති ඉමෙ චත‍්තාරො අභයස‍්ස භායන‍්ති, එවං සක‍්කායස‍්ස භායන‍්ති”. සක‍්කායපරිජෙගුච‍්ඡාති තමෙව තෙභූමකසඞ‍්ඛාතං සක‍්කායං පරිජිගුච‍්ඡමානා. සා ගද‍්දුලබද‍්ධොති දණ‍්ඩකෙ රජ‍්ජුං පවෙසෙත්‍වා බද‍්ධසුනඛො. එවමෙවිමෙති එත්‍ථ දළ‍්හත්‍ථම‍්භො විය ඛීලො විය ච තෙභූමකධම‍්මසඞ‍්ඛාතො සක‍්කායො දට‍්ඨබ‍්බො, සා විය දිට‍්ඨිගතිකො, දණ‍්ඩකො විය දිට‍්ඨි, රජ‍්ජු විය තණ‍්හා, ගද‍්දුලෙන බන්‍ධිත්‍වා ථම‍්භෙ වා ඛීලෙ වා උපනිබද‍්ධසුනඛස‍්ස අත‍්තනො ධම‍්මතාය ඡින්‍දිත්‍වා ගන‍්තුං අසමත්‍ථස‍්ස අනුපරිධාවනං විය දිට‍්ඨිගතිකස‍්ස දිට‍්ඨිදණ‍්ඩකෙ පවෙසිතාය තණ‍්හාරජ‍්ජුයා බන්‍ධිත්‍වා සක‍්කායෙ උපනිබද‍්ධස‍්ස අනුපරිධාවනං වෙදිතබ‍්බං.

තත්‍ර උච්ඡේද වාද හතෙහි, උද්ධං සරා අනාගතය උද්ධ යැයි කියයි. සසර වාදය සැරිසරන්නේය යන අර්ථයි. ආසත්තිංයෙව අභිවදන්ති ඇලීමම කියයි. ආපත්ති කියා ද පාඨයයි. තෘෂ්ණාවම කියන්නේය යන අර්ථයි. ඉතිපෙච්ච භවිස්සාම මෙසේ පරලොව ගොස් ක්‍ෂත්‍රියයෙක් වන්නෙමු. බ්‍රාහ්මණයෙක් වන්නෙමුයි මෙහි ක්‍රමය දත යුතුයි. වාණිජූපමා මඤ්ඤෙ වාණිජ උපමාව මෙවන් වාණිජ පටිභාගයෙන් වෙළෙන්දන් සමානයැයි මාහට අවබෝධ වෙයි. සක්කාය භයා සක්කාය දෘෂ්ටියට ඇති භයය, භය නොවිය යුතු දෙයට සතරදෙනෙක් භය වෙති. ඒ හතරදෙනා කවුරුද යත්, ගැඩවිල් පණුවා පොළොවේ පස් ඉවරවේය යන භයෙන් පස් නොකයි. කොස්වාලිහිණියා උගේ බරට පොළොව පාත්වේය යන භයෙන් එක පයින් සිටියි. කිරල්පක්ෂියා අහස පාත්වේය යන භයෙන් උඩුකුරුව නිදයි. බ්‍රාහ්මණ ධර්මය රකින්නා ලොව විනාශවේය යන භයෙන් බ්‍රහ්මචර්යාවේ නොහැසිරෙයි. මේ හතරදෙනා භය නොවිය යුතු තැන්හි භය වෙති. මෙසේ සක්කායට භය වෙති. සක්කාය පරිජිගුච්ඡා ත්‍රිභූමික යැයි කියන ලද සක්කායටම නින්දා කරන්නේ, සාගද්දුලබද්ධො දණ්ඩක රැහැනක් යවා බඳින ලද සුනඛයාය. එවමෙවිමෙ මෙහි දැඩි ස්තම්භයක් මෙන් කීලයක් මෙන් ඒ ත්‍රිභූමික සංඛ්‍යාත සක්කාය දෘෂ්ටිය දත යුතුය. දෘෂ්ටිගතිය සුනඛයා මෙනි. දෘෂ්ටිය දණ්ඩ මෙනි. තෘෂ්ණාව රැහැන මෙනි. බලුදමින් බැඳ ටැඹෙහි හෝ උලෙහි හෝ බඳින ලද සුනඛයාට තම බලයෙන් සිඳ යෑමට නොහැකිව වටේට ගමන් කරන්නාක් මෙන් දෘෂ්ටිගතිකයාට දෘෂ්ටි දණ්ඩෙහි ඇතුල්ව තෘෂ්ණා රැහැනින් බැඳ සක්කායෙහි විශේෂයෙන් බැඳී වටේට දිවීම දත යුතුයි.

ඉමානෙව පඤ‍්චායතනානීති ඉමානෙව පඤ‍්ච කාරණානි. ඉති මාතිකං ඨපෙන‍්තෙනපි පඤ‍්චෙව ඨපිතානි, නිගමෙන‍්තෙනපි පඤ‍්චෙව නිගමිතානි, භාජෙන‍්තෙන පන චත‍්තාරි භාජිතානි. දිට‍්ඨධම‍්මනිබ‍්බානං කුහිං පවිට‍්ඨන‍්ති. එකත‍්තනානත‍්තවසෙන ද‍්වීසු පදෙසු පවිට‍්ඨන‍්ති වෙදිතබ‍්බං.

ඉමායෙව පඤ්චායතනානි මේ කාරණා පහයි. මෙසේ මාතෘකා තබන්නවුන් පහක්ම තබන ලදි. නිගමනය කරන්නවුන් පහක්ම නිගමනය කරන ලදි. බෙදන්නවුන් හතරකට බෙදන ලදි. ඉහතාත්මයෙහි නිර්වාණය කොතැනක පිවිසෙත් දැයි ඒකත්ත නානත්ත වශයෙන් පද දෙකෙහි පිවිසෙත් යැයි දත යුතුය.

එවඤ‍්ච චතුචත‍්තාලීස අපරන‍්තකප‍්පිකෙ දස‍්සෙත්‍වා ඉදානි අට‍්ඨාරස පුබ‍්බන‍්තකප‍්පිකෙ දස‍්සෙතුං සන‍්ති, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ අතීතකොට‍්ඨාසසඞ‍්ඛාතං පුබ‍්බන‍්තං කප‍්පෙත්‍වා විකප‍්පෙත්‍වා ගණ‍්හන‍්තීති පුබ‍්බන‍්තකප‍්පිකා. පුබ‍්බන‍්තකප‍්පො වා එතෙසං අත්‍ථීති පුබ‍්බන‍්තකප‍්පිකා. එවං සෙසම‍්පි පුබ‍්බෙ වුත‍්තප‍්පකාරං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සස‍්සතො අත‍්තා ච ලොකො චාති රූපාදීසු අඤ‍්ඤතරං අත‍්තාති ච ලොකොති ච ගහෙත්‍වා සස‍්සතො අමරො නිච‍්චො ධුවොති අභිවදන‍්ති. යථාහ “රූපං අත‍්තා චෙව ලොකො ච සස‍්සතො චාති අත‍්තානඤ‍්ච ලොකඤ‍්ච පඤ‍්ඤපෙන‍්තී”ති විත්‍ථාරො. අසස‍්සතාදීසුපි එසෙව නයො. එත්‍ථ ච පඨමවාදෙන චත‍්තාරො සස‍්සතවාදා වුත‍්තා, දුතියවාදෙන සත‍්ත උච‍්ඡෙදවාදා.

මෙසේ අපරාන්ත කල්පික හතළිස් හතරක් දක්වා දැන් පූර්වාන්ත කල්පික දහඅටක් දක්වන්නට, සන්ති භික්ඛවෙ යනාදිය කීය. එහි අතීත කොටස යැයි කියන ලද පූර්වාන්තය සළකා විශේෂයෙන් ගන්නේ යැයි පුබ්බන්ත කප්පික නම් වෙයි. පූර්වාන්ත කල්පය හෝ මොවුන්ට ඇත්තේයැයි පුබ්බන්ත කප්පික නමි. මෙසේ ඉතිරිය ද පෙර කියන ලද ක්‍රමයෙන් දත යුතුය. සස්සතො අත්තාච ලොකො ච රූපාදීන් කෙරෙන් වෙනත් එකක් ආත්මය යැයි ගෙන නිත්‍ය යැයි ස්ථිර යැයි කියති. එහෙයින් කීහ. රූපං අත්තාචෙව ලොකො ච සස්සතො ච තමා ද ලෝකය ද පණවත්ය යන විස්තරයි. අසාස්වතාදියෙහි ද මේ ක්‍රමයයි. මෙහි පළමු වාදයෙන් ශාස්වතවාද හතර ද දෙවන වාදයෙන් උච්ඡේදවාද හත ද කියන ලදි.

නනු චෙතෙ හෙට‍්ඨා ආගතා, ඉධ කස‍්මා පුන ගහිතාති. හෙට‍්ඨා තත්‍ථ තත්‍ථ මතො තත්‍ථ තත්‍ථෙව උච‍්ඡිජ‍්ජතීති දස‍්සනත්‍ථං ආගතා. ඉධ පන පුබ‍්බෙනිවාසලාභී දිට‍්ඨිගතිකො අතීතං පස‍්සති, න අනාගතං, තස‍්ස එවං හොති “පුබ‍්බන‍්තතො ආගතො අත‍්තා ඉධෙව උච‍්ඡිජ‍්ජති, ඉතො පරං න ගච‍්ඡතී”ති ඉමස‍්සත්‍ථස‍්ස දස‍්සනත්‍ථං ගහිතා. තතියවාදෙන චත‍්තාරො එකච‍්චසස‍්සතවාදා වුත‍්තා, චතුත්‍ථවාදෙන චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා වුත‍්තා. අන‍්තවාති සපරියන‍්තො පරිච‍්ඡින‍්නො පරිවටුමො. අවඩ‍්ඪිතකසිණස‍්ස තං කසිණං අත‍්තාති ච ලොකොති ච ගහෙත්‍වා එවං හොති. දුතියවාදො වඩ‍්ඪිතකසිණස‍්ස වසෙන වුත‍්තො, තතියවාදො තිරියං වඩ‍්ඪෙත්‍වා උද‍්ධමධො අවඩ‍්ඪිතකසිණස‍්ස, චතුත්‍ථවාදො තක‍්කිවසෙන වුත‍්තො. අනන‍්තරචතුක‍්කං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

මොවුන් යට ආවාහු නොවේද? මෙහි කුමක් නිසා නැවත ගන්නා ලද්දේ ද? යට ඒ ඒ තැන දන්නා ලදි. ඒ ඒ තැන්වලම සිඳේ යැයි දැක්වීම පිණිස පැමිණියේය. මෙහි පෙර විසූ කඳ පිළිවෙළ දත් දෘෂ්ටිගතිකයා අතීතය දකියි. අනාගතය නොදකියි. ඔහුට මෙබඳු සිතක් වෙයි. පූර්වාන්තයෙන් පැමිණියේ තමා මෙහි නැසෙයි. මින්මතු නොයයි. මේ කාරණය දැක්වීම පිණිස ගන්නා ලදි. තුන්වන වාදයෙන් ඒකච්චශාස්වත වාද හතර ද සිව්වන වාදයෙන් අමරවික්‍ෂේප වාද හතර ද කියන ලදි. අන්තවාදි හාත්පසින් පිරිසිඳිනා ලද පරිවටුමයයි. නොවැඩුණු කසිණයාගේ ඒ කසිණය ආත්මය යැයි ද ලෝකයා යැයි ද ගෙණ මෙබඳු වෙයි. දෙවන වාරය වඩන ලද කසිණයාගේ වශයෙන් කියන ලදි. තුන්වන වාරය සරස් අතට වඩා උඩ හා යට නොවැඩු කසිණයාගේ, සිව්වන වාරය පෙළේ වශයෙන් කීය. අනතුරුව චතුෂ්කයම යට කියන ලද ක්‍රමයමයි.

එකන‍්තසුඛීති නිරන‍්තරසුඛී. අයං දිට‍්ඨි ලාභීජාතිස‍්සරතක‍්කීනං වසෙන උප‍්පජ‍්ජති. ලාභිනො හි පුබ‍්බෙනිවාසඤාණෙන ඛත‍්තියාදිකුලෙ එකන‍්තසුඛමෙව අත‍්තනො ජාතිං අනුස‍්සරන‍්තස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති. තථා ජාතිස‍්සරස‍්ස පච‍්චුප‍්පන‍්නං සුඛමනුභවතො අතීතාසු සත‍්තසු ජාතීසු තාදිසමෙව අත‍්තභාවං අනුස‍්සරන‍්තස‍්ස. තක‍්කිස‍්ස පන ඉධ සුඛසමඞ‍්ගිනො “අතීතෙපාහං එවමෙව අහොසි”න‍්ති තක‍්කෙනෙව උප‍්පජ‍්ජති.

එකන්ත සුඛී නිරන්තර සුවයයි. මේ දෘෂ්ටිලාභියාට ජාතිස්සර තරික වශයෙන් උපදියි. ලාභීහුගේ පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් ක්‍ෂත්‍රියාදි කුලයක ඒකාන්ත සුවයම තම ජාතිය සිහිකරන අයට මෙබඳු දෘෂ්ටියක් උපදියි. එසේම ජාතිස්සරය සිහිකරන අයට ද වර්තමාන සැපය විඳින අයට අතීතය ආදි ජාති හතක ආත්ම භවය සිහිකරන තාර්කිකයාට සුවයෙන් යුතුව ඒ අතීතයේ ද මම මෙසේ වූයෙමියි තර්කයෙන් උපදියි.

එකන‍්තදුක‍්ඛීති අයං දිට‍්ඨි ලාභිනො නුප‍්පජ‍්ජති. සො හි එකන‍්තෙනෙව ඉධ ඣානසුඛෙන සුඛී හොති. ඉධ දුක‍්ඛෙන ඵුට‍්ඨස‍්ස පන ජාතිස‍්සරස‍්ස තක‍්කිස‍්සෙව ච සා උප‍්පජ‍්ජති. තතියා ඉධ වොකිණ‍්ණසුඛදුක‍්ඛානං සබ‍්බෙසම‍්පි තෙසං උප‍්පජ‍්ජති, තථා චතුත්‍ථා දිට‍්ඨි. ලාභිනො හි ඉදානි චතුත්‍ථජ‍්ඣානවසෙන අදුක‍්ඛමසුඛස‍්ස, පුබ‍්බෙ චතුත්‍ථජ‍්ඣානිකමෙව බ්‍රහ‍්මලොකං අනුස‍්සරන‍්තස‍්ස. ජාතිස‍්සරස‍්සාපි පච‍්චුප‍්පන‍්නෙ මජ‍්ඣත‍්තස‍්ස, අනුස‍්සරන‍්තස‍්සාපි මජ‍්ඣත‍්තභූතට‍්ඨානමෙව අනුස‍්සරන‍්තස‍්ස, තක‍්කිනොපි පච‍්චුප‍්පන‍්නෙ මජ‍්ඣත‍්තස‍්ස, අතීතෙපි එවං භවිස‍්සතීති තක‍්කෙනෙව ගණ‍්හන‍්තස‍්ස එසා දිට‍්ඨි උප‍්පජ‍්ජති. එත‍්තාවතා චත‍්තාරො සස‍්සතවාදා, චත‍්තාරො එකච‍්චසස‍්සතිකා, චත‍්තාරො අන‍්තානන‍්තිකා, චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා, ද‍්වෙ අධිච‍්ච-සමුප‍්පන‍්නිකාති අට‍්ඨාරසපි පුබ‍්බන‍්තකප‍්පිකා කථිතා හොන‍්ති.

එකන්ත දුක්ඛී මේ දෘෂ්ටි ලාභියාට නූපදියි. ඔහු ඒකාන්තයෙන්ම මෙහි ධ්‍යාන සුවයෙන් සැප ඇත්තේ වෙයි. මෙහි දුකෙන් ස්පර්ශ කරන ලද ජාතිස්සර නුවණ ඇත්තාට එය උපදියි. තුන්වැන්නෙක් සැප දුක් මිශ්‍ර වූ සියළු දෙනාට උපදියි. එසේ සිව්වැනි දෘෂ්ටි ලාභියාට චතුර්ථධ්‍යාන වශයෙන් ද අදුක්ඛමසුඛයාට පූර්වයෙහි චතුර්ථධ්‍යානයම බඹලොව සිහිකරන ජාතිස්සරයට වර්තමානයෙහි මධ්‍යස්ථයාට ශ්‍රැතියෙන් මධ්‍යස්ථව සිහිකරන අයට වර්තමානයෙහි ද මධ්‍යස්ථ අයට අතීතයෙහි ද මෙසේ වන්නේයැයි තර්කයෙන් ගන්නා අයට ද ඒ දෘෂ්ටිය උපදියි. මෙතෙකින් ශාස්වතවාද හතර ද ඒකච්ච ශාස්වතවාද හතර ද අන්තානන්තික හතර ද අමරාවික්‍ෂේප හතර ද අධිච්චසමුප්පන්න දෙකදැයි යන දහඅට වැදෑරුම් පුබ්බන්ත කල්පිකයෝ කීහ.

ඉදානි දිට‍්ඨුද‍්ධාරං උද‍්ධරන‍්තො තත්‍ර, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ පච‍්චත‍්තංයෙව ඤාණන‍්ති පච‍්චක‍්ඛඤාණං. පරිසුද‍්ධන‍්ති නිරුපක‍්කිලෙසං. පරියොදාතන‍්ති පභස‍්සරං. සබ‍්බපදෙහි විපස‍්සනාඤාණංයෙව කථිතං. සද‍්ධාදයො හි පඤ‍්ච ධම‍්මා බාහිරසමයස‍්මිම‍්පි හොන‍්ති, විපස‍්සනාඤාණං සාසනස‍්මිංයෙව. තත්‍ථ ඤාණභාගමත‍්තමෙව පරියොදපෙන‍්තීති මයමිදං ජානාමාති එවං තත්‍ථ ඤාණකොට‍්ඨාසං ඔතාරෙන‍්තියෙව. උපාදානමක‍්ඛායතීති න තං ඤාණං, මිච‍්ඡාදස‍්සනං නාමෙතං, තස‍්මා තදපි තෙසං භවන‍්තානං දිට‍්ඨුපාදානං අක‍්ඛායතීති අත්‍ථො. අථාපි තං ජානනමත‍්තලක‍්ඛණත‍්තා ඤාණභාගමත‍්තමෙව, තථාපි තස‍්ස දස‍්සනස‍්ස අනුපාතිවත‍්තනතො උපාදානපච‍්චයතො ච උපාදානමෙව. තදුපාතිවත‍්තොති තං දිට‍්ඨිං අතික‍්කන‍්තො. එත‍්තාවතා චත‍්තාරො සස‍්සතවාදා, චත‍්තාරො එකච‍්චසස‍්සතිකා, චත‍්තාරො අන‍්තානන‍්තිකා, චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා, ද‍්වෙ අධිච‍්චසමුප‍්පන‍්නිකා, සොළස සඤ‍්ඤීවාදා, අට‍්ඨ අසඤ‍්ඤීවාදා, අට‍්ඨ නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදා, සත‍්ත උච‍්ඡෙදවාදා, පඤ‍්ච දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදාති බ්‍රහ‍්මජාලෙ ආගතා ද‍්වාසට‍්ඨිපි දිට‍්ඨියො කථිතා හොන‍්ති. බ්‍රහ‍්මජාලෙ පන කථිතෙ ඉදං සුත‍්තං අකථිතමෙව හොති. කස‍්මා? ඉධ තතො අතිරෙකාය සක‍්කායදිට‍්ඨියා ආගතත‍්තා. ඉමස‍්මිං පන කථිතෙ බ්‍රහ‍්මජාලං කථිතමෙව හොති.

දැන් දෘෂ්ටිය උදුරන්නේ තත්‍ර භික්ඛවෙ යනාදිය කීය. එහි පච්චත්තඤ්ඤෙච ඤාණං ප්‍රත්‍යක්ෂ නුවණයි. පරිසුද්ධං කෙලෙස් නැති, පරියොදාතං බැබලීම් සහිත, සියළු පදයන්ගෙන් විදර්ශනා ඥානයම කියන ලදි. ශ්‍රද්ධාව ආදී ධර්ම පහ බාහිර සමයෙහි වෙයි. විදර්ශනා ඥානය ශාසනයෙහි ම වේ. එහි ඤාණභාගමත්තමෙව පරියොදපෙන්ති අපි මෙය දනිමු. අපි මෙය දනිමු යි මෙසේ ඒ ඥාන කොටසට බැසීමයි. උපාදානමක්ඛායති මේ නුවණ බොරු දැකීමක් නම් නෙමේ. එබැවින් එය ඒ භවයන්ගේ දිට්ඨූපාදානයැයි කියනු ලැබේ යන අර්ථයයි. නැවත ද දැනීම් මාත්‍රයක් ලක්‍ෂණ කොට ඇති බැවින් ඥානභාග මාත්‍රයමය. එසේම ඒ දැකීම් අනුව පවතින බැවින් ද උපාදාන ප්‍රත්‍ය වශයෙන්ම උපාදානමය. තදුපාතිවත්තො ඒ දෘෂ්ටිය ඉක්ම වූ, මෙතෙකින් ශාස්වතවාද හතර ද ඒකච්චශාස්වත හතර ද අන්තානන්තික හතර ද අමරවික්‍ෂේප හතර ද අධිච්චසමුප්පන්න දෙක ද සංඥීවාද දහසය ද අසංඥීවාද අට ද නේවසංඥීනාසංඥීවාද අට ද උච්ඡේදවාද හත ද දිට්ඨධම්ම නිබ්බානවාද පහදැයි බ්‍රහ්මජාල සූත්‍රයේ ආ දෙසැටක් දෘෂ්ටීහු කියන ලදහ. බ්‍රහ්මජාලයෙහි මේ සූත්‍රය නොකියන ලදී. මෙහි එයට වැඩි අතිරේක සක්කාය දෘෂ්ටියක් ආ හෙයිනි. මෙය කියන ලද කල්හි බ්‍රහ්මජාලයම කියන ලද්දේමය.

ඉදානි ඉමා ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො උප‍්පජ‍්ජමානා සක‍්කායදිට‍්ඨිපමුඛෙනෙව උප‍්පජ‍්ජන‍්තීති දස‍්සෙතුං ඉධ, භික‍්ඛවෙ, එකච‍්චොතිආදිමාහ. තත්‍ථ පටිනිස‍්සග‍්ගාති පරිච‍්චාගෙන. කාමසංයොජනානං අනධිට‍්ඨානාති පඤ‍්චකාමගුණතණ‍්හානං නිස‍්සට‍්ඨත‍්තා.

දැන් මේ දෙසැටක් සක්කාය දෘෂ්ටීහු උපදින්නේ සක්කාය දෘෂ්ටියම මුල්ව උපදිති. එය දැක්වීමට ඉධ භික්ඛවෙ එකච්චො යනාදිය කීය. එහි පටිනිස්සග්ගා පරිත්‍යාගයෙන්, කාමසංයොජනානං අනධිට්ඨානා පංචකාම ගුණ තෘෂ්ණාවන්ගේ හැරීමය.

පවිවෙකං පීතින‍්ති සප‍්පීතිකජ‍්ඣානද‍්වයපීතිං. නිරුජ‍්ඣතීති ඣානනිරොධෙන නිරුජ‍්ඣති. සමාපත‍්තිතො පන වුට‍්ඨිතස‍්ස නිරුද‍්ධා නාම හොති. යථෙව හි “අදුක‍්ඛමසුඛාය වෙදනාය නිරොධා උප‍්පජ‍්ජති නිරාමිසං සුඛං, නිරාමිසසුඛස‍්ස නිරොධා උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා”ති එත්‍ථ න අයමත්‍ථො හොති – චතුත්‍ථජ‍්ඣානනිරොධා තතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරතීති. අයං පනෙත්‍ථ අත්‍ථො – චතුත්‍ථජ‍්ඣානා වුට‍්ඨාය තතියං ඣානං සමාපජ‍්ජති, තතියජ‍්ඣානා වුට‍්ඨාය චතුත්‍ථං ඣානං සමාපජ‍්ජතීති, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං. උප‍්පජ‍්ජති දොමනස‍්සන‍්ති හීනජ‍්ඣානපරියාදානකදොමනස‍්සං. සමාපත‍්තිතො වුට‍්ඨිතචිත‍්තස‍්ස පන කම‍්මනීයභාවො කථිතො.

පවිවෙකම්පීති පීති සහිත ධ්‍යාන දෙකෙහි ප්‍රීතියයි. නිරුජ්ඣති ධ්‍යාන නිරෝධයෙන් නැති කිරීමයි. සමවතින් නැගිට්ටුහුගේ නිරුද්ධය නම් වෙයි. යම්හෙයකින් අදුක්ඛමසුඛ වේදනාවන්ගේ නිරෝගයෙන් උපදියි. නිරාමිස සුවය නිරාමිස සුවයාගේ නිරෝධයෙන් උපදියි. අදුක්ඛමසුඛ වේදනාව යනු මෙහි අර්ථය නොවේ. චතුර්ථධ්‍යාන නිරෝධයෙන් තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි යන්න මෙහි අර්ථයයි. සතරවන ධ්‍යානයෙන් නැගිට තුන්වන ධ්‍යානයට සමවදියි. තුන්වන ධ්‍යානයෙන් නැගිට සතරවන ධ්‍යානයට සමවදියි. මෙසේ මෙය දතයුතුයි. උප්පජ්ජති දොමනස්සං ධ්‍යානය පරියාදානක සිතේ ඇති නොසතුට නොවේ. සමවතින් නැගී සිටි සිතේ කර්මන්‍ය බව කියන ලදි.

පවිවෙකා පීතීති සා එව ඣානද‍්වයපීති. යං ඡායා ජහතීති යං ඨානං ඡායා ජහති. කිං වුත‍්තං හොති? යස‍්මිං ඨානෙ ඡායා අත්‍ථි, තස‍්මිං ආතපො නත්‍ථි. යස‍්මිං ආතපො අත්‍ථි, තස‍්මිං ඡායා නත්‍ථීති.

පවිවෙකා පීති ඒ ධ්‍යාන දෙකේ ප්‍රීතියයි. යං ඡායා ජහති යම් තැනක සෙවන හරියි. කුමක් නිසා කියන ලද්දේ ද? යම් තැනක සෙවන ඇත්තේ ද එතන අව්ව නැත. යම් තැනක අව්ව ඇත්තේ ද එතැන සෙවන නැත.

නිරාමිසං සුඛන‍්ති තතියජ‍්ඣානසුඛං.

නිරාමිසං සුඛං තෘතීය ධ්‍යාන සැපයයි.

අදුක‍්ඛමසුඛන‍්ති චතුත්‍ථජ‍්ඣානවෙදනං.

අදුක්ඛමසුඛං හතරවන ධ්‍යානය දැනීමයි.

අනුපාදානොහමස‍්මීති නිග‍්ගහණො අහමස‍්මි. නිබ‍්බානසප‍්පායන‍්ති නිබ‍්බානස‍්ස සප‍්පායං උපකාරභූතං. නනු ච මග‍්ගදස‍්සනං නාම සබ‍්බත්‍ථ නිකන‍්තියා සුක‍්ඛාපිතාය උප‍්පජ‍්ජති, කථමෙතං නිබ‍්බානස‍්ස උපකාරපටිපදා නාම ජාතන‍්ති, සබ‍්බත්‍ථ අනුපාදියනවසෙන අග‍්ගණ‍්හනවසෙන උපකාරපටිපදා නාම ජාතං.

අනුපාදානො හමස්මි නිග්‍රහ කරන්නෙමි. නිබ්බාන සප්පායං නිවනට උපකාරයි. [missing trans]

අභිවදතීති අභිමානෙන උපවදති. පුබ‍්බන‍්තානුදිට‍්ඨින‍්ති අට‍්ඨාරසවිධම‍්පි පුබ‍්බන‍්තානුදිට‍්ඨිං. අපරන‍්තානුදිට‍්ඨින‍්ති චතුචත‍්තාරීසවිධම‍්පි අපරන‍්තානුදිට‍්ඨිං. උපාදානමක‍්ඛායතීති අහමස‍්මීති ගහණස‍්ස සක‍්කායදිට‍්ඨිපරියාපන‍්නත‍්තා දිට‍්ඨුපාදානං අක‍්ඛායති.

අභිවදති අභිමානයෙන් කියයි. පුබ්බන්තානුදිට්ඨං දහඅට වැදෑරුම් පූර්වන්තානු දෘෂ්ටියයි. අපරන්තානුදිට්ඨිං හතළිස් හතරාකාර වූ අපරන්තානු දෘෂ්ටියයි. උපාදාන මක්ඛායති මම වෙමි කියා ගන්නහුගේ සක්කාය දෘෂ්ටිය පරියායෙන් දෘෂ්ටි උපාදානය කියනු ලැබේ.

සන‍්තිවරපදන‍්ති වූපසන‍්තකිලෙසත‍්තා සන‍්තං උත‍්තමපදං. ඡන‍්නං ඵස‍්සායතනානන‍්ති භගවතා “යත්‍ථ චක‍්ඛු ච නිරුජ‍්ඣති රූපසඤ‍්ඤා ච නිරුජ‍්ඣති සො ආයතනො වෙදිතබ‍්බො”ති එත්‍ථ ද‍්වින‍්නං ආයතනානං පටික‍්ඛෙපෙන නිබ‍්බානං දස‍්සිතං.

සන්තීවර පදං සංසිඳුණු කෙලෙස් ඇති හෙයින් ශාන්ත වූ උතුම් පදයයි. ඡන්නං ඵස්සායතනං භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තැනක ඇස නිරුද්ධ වේද රූප සංඥාවෙහි නොඇලේ ද යමක් ආයතනයන්ගෙන් දැනගත යුතු වේද මෙහි ආයතන දෙදෙනාගේ ප්‍රතික්‍ෂේප කිරීමෙන් නිවන දක්වන ලදි.

“යත්‍ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති; අතො සරා නිවත‍්තන‍්ති, එත්‍ථ වට‍්ටං න වත‍්තති; එත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච, අසෙසං උපරුජ‍්ඣතී”ති. (සං· නි· 1.27) –

යම් තැනක ආපෝධාතුව පඨවිධාතුව තේජෝධාතුව වායෝධාතුව පිහිට නොවේ ද එයින් විල් නවතිත්. එහි ව්‍රතය ව්‍රතය නොවෙයි. මෙහි නාමයත් රූපයත් නරවශේෂව වැළකීම කරයි.

එත්‍ථ පන සඞ‍්ඛාරපටික‍්ඛෙපෙන නිබ‍්බානං දස‍්සිතං.

මෙහි ප්‍රදේශ සංස්කාරයන්ගේ ප්‍රතික්‍ෂේප කිරීමෙන් ලද නිවන දක්වන ලදි.

“කත්‍ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති; කත්‍ථ දීඝඤ‍්ච රස‍්සඤ‍්ච, අණුං ථූලං සුභාසුභං; කත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච, අසෙසං උපරුජ‍්ඣතී”ති. (දී· නි· 1.498);

කොතැනක ආපෝධාතුව තේජෝධාතුව වායෝධාතුව පිහිට නොවේ ද කොතැනක දීර්ඝ ද කෙටි ද සියුම් ද ඝණ ද සුභ ද අසුභ ද කොතැනක නාම රූප දෙක නිරවශේෂව වැළකීම කරයි.

තත්‍ර වෙය්‍යාකරණං භවති –

එහි ව්‍යාකරණය වේ -

“විඤ‍්ඤාණං අනිදස‍්සනං, අනන‍්තං සබ‍්බතො පභ”න‍්ති –

විඤ්ඤාණය අනිදර්ශනයය. අනන්තයය.

එත්‍ථ සඞ‍්ඛාරපටික‍්ඛෙපෙන නිබ‍්බානං දස‍්සිතං. ඉමස‍්මිං පන සුත‍්තෙ ඡආයතනපටික‍්ඛෙපෙන දස‍්සිතං. අඤ‍්ඤත්‍ථ ච අනුපාදාවිමොක‍්ඛොති නිබ‍්බානමෙව දස‍්සිතං, ඉධ පන අරහත‍්තඵලසමාපත‍්ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

මෙහි සර්ව සංස්කාරයන්ගේ ප්‍රතික්‍ෂේපයෙන් නිවන දක්වන ලදී. මේ සූත්‍රයෙහි ෂඩායතනයන්ගේ ප්‍රතික්‍ෂේපයෙන් දක්වන ලදි. අනෙත් තැනක අනුපාදා විමොක්ඛො නිවනම දක්වන ලදි. මෙහි රහත් ඵලය දක්වන ලදි. ඉතිරිය සියළුම තැන්වල ප්‍රසිද්ධය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය පඤ‍්චත‍්තයසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පංචත්තය සූත්‍ර වර්ණනාව නිමි.