යෙදුමෙන් කියවන්න

පඤ‍්චත‍්තය සුත‍්තං

3. 1. 2.

3. 1. 2.

පඤ‍්චත‍්තය සුත‍්තං

පඤ්චත්තය සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ගොදුරුගම් කොට අනේවඩු මහසිටුහුගේ දෙව්රම් නම් අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

සන‍්ති භික‍්ඛවෙ, එකෙ සමණබ්‍රාහ‍්මණා අපරන‍්තකප‍්පිකා අපරන‍්තානුදිට‍්ඨිනො අපරන‍්තං ආරබ‍්භ අනෙකවිහිතානි අධිවුත‍්තිපදානි අභිවදන‍්ති ‘සඤ‍්ඤී අත‍්තා හොති අරොගො. පරම‍්මරණා’ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. ‘අසඤ‍්ඤී අත‍්තා හොති අරොගො පරම‍්මරණා’ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. ‘නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී අත‍්තා හොති අරොගො පරම‍්මරණා’ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. සතො වා පන සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤපෙන‍්ති. දිට‍්ඨධම‍්මනිබ‍්බානං වා පනෙකෙ අභිවදන‍්ති. ඉති සන‍්තං වා අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. සතො වා පන සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති. දිට‍්ඨධම‍්මනිබ‍්බානං වා පනෙකෙ අභිවදන‍්ති. ඉති ඉමානි පඤ‍්ච හුත්‍වා තීණි හොන‍්ති තීණි හුත්‍වා පඤ‍්ච හොන‍්ති. අයමුද‍්දෙසො පඤ‍්චත‍්තයස‍්ස.

මහණෙනි, (අපරාන්ත සංඛ්‍යාත අනාගත ස්කන්‍ධභාග විකල්පනා කොට ගනුයෙන්) අපරාන්තකල්පික වූ (අපරාන්තානුගත දෘෂ්ටි ඇතියෙන්) අපරාන්තානුදෘෂ්ටික වූ අපරාන්තය අරභයා අනේකප්‍රකාර වූ (යථාර්‍ත්‍ථය නො ගෙන වැටෙනුයෙන් අධිවෘත්ති යයි කියන ලද) දෘෂ්ටිදීපක වචනයන් මතු කොට පවසත් ද, එබඳු වූ (ලෝකයා විසින්) ශ්‍රමණයහ’යි ද බ්‍රාහ්මණයහ’යි ද සම්මත වූ කිසි වාදී කෙනෙක් ඇත. ‘ආත්මය සංඥා සමන්‍විත වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය සංඥා සමන්‍විත නො වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය නෛවසංඥ නාසංඥ වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති, විද්‍යමාන වූ මැ සත්ත්‍වයාගේ උපච්ඡේදය අදර්‍ශනය භවවිගමය පනවති. කිසි වාදී කෙනෙක් (මෙ ලොව්හි ම දුඃඛව්‍යපශම වෙතී ගත්) දෘෂ්ටධර්‍මනිර්‍වාණය පවසත්. මෙසේ (සංඥී ආදී විසින් තුන් අයුරෙකින්) විද්‍යමාන වූ ආත්මයක් මරණින් මතු නිත්‍ය කොට පනවත්. විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උපච්ඡේද අදර්‍ශන භවවිගම පනවත්. කිසි කෙනෙක් දෘෂ්ට ධර්‍මනිර්‍වාණ හෝ පවසත්. මෙසේ මොහු පසක් ව තිදෙනෙක් වෙති. තුනක් ව පස් දෙනෙක් වෙති. මේ පඤ්චත්‍රිකයා ගේ උද්දේස යි.

තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. රූපිංවා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. අරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. රූපිඤ‍්ච අරූපිඤ‍්ච වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. එකත‍්තසඤ‍්ඤිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. නානත‍්තසඤ‍්ඤිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. පරිත‍්තසඤ‍්ඤිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. අප‍්පමාණසඤ‍්ඤිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. එතං වා පනෙකෙසං උපාතිවත‍්තතං විඤ‍්ඤාණකසිණං එකෙ අභිවදන‍්ති අප‍්පමාණං ආනෙඤ‍්ජං. තයිදං භික‍්ඛවෙ, තථාගතො පජානාති.

මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන් හෝ) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (අරූපසමාපත්තිනිමිත්ත වූ හෝ සංඥාස්කන්‍ධය තබා සෙසු අරූපධර්‍ම සංඛ්‍යාත වූ හෝ) අරූපී වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නො මැ රූපී වූ අරූපී නො වූ සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ ඒකත්‍වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නානාත්‍වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කිසුණුපිරියම් විසින්) අල්පමාත්‍ර සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍ය වූ (විපුල කසිණ විසින්) අප්‍රමාණ සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. යළි තෙල සංඥාසප්තකය (කිසිවෙක් අෂ්ටකය) හෝ ඉක්මවා ගිය කිසි කෙනෙකුන් අතුරෙන් ඇතැම් කෙනෙක් විඥානකසිණය අප්‍රමාණ ය අචල යයි කියති. මහණෙනි, තථාගතයෝ ඒ (දිට්ඨිගත දිට්ඨිපච්චය දිට්ඨාරම්මණ) ද විශිෂ්ටඥානයෙන් දන්නාහ.

යෙ ඛො තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා, රූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. අරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. රූපිඤ‍්ච අරූපිඤ‍්ච වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. එකත‍්තසඤ‍්ඤිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. නානත‍්තසඤ‍්ඤිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. පරිත‍්තසඤ‍්ඤිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. අප‍්පමාණසඤ‍්ඤිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. යා වා පනෙතාසං සඤ‍්ඤානං පරිසුද‍්ධා පරමා අග‍්ගා අනුත‍්තරියා අක‍්ඛායති. යදි රූපසඤ‍්ඤානං යදි අරූපසඤ‍්ඤානං යදි එකත‍්තසඤ‍්ඤානං යදි නානත‍්තසඤ‍්ඤානං. නත්‍ථි කිඤ‍්චි’ති ආකිඤ‍්චඤ‍්ඤායතනං එකෙ අභිවදන‍්ති අප‍්පමාණං ආනෙඤ‍්ජං. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං. අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙතන‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥා ඇති ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන්) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ ඒකත්‍වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍ය වූ නානාත්‍වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අල්පමාත්‍ර සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අප්‍රමාණ සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. යළි මෙසේ කියන ලද තෙල සංඥාවන් අතුරෙන් යම් සංඥාවක් පරිශුද්ධ (නිරුපක්ලේශ) යැ උත්තම යැ අග්‍ර යැ අසදෘශ යැයි කියනු ලැබේ ද, ඉදින් රූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් අරූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් ඒකත්‍වසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් නානාත්‍වසංඥාවන් කෙරෙන් වේව’යි ඇතැම් කෙනෙක් කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය අප්‍රමාණ යැ අචල යැයි කියති. එහැම (සංඥාගතය) ප්‍රත්‍යයසමවායෙන් කරන ලද, ඖදාරික යැ, තෙල (සංඛත යයි කියන ලද) සංස්කාරයන් ගේ නිරෝධය ඇත් මැ ය. ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූවාහ.

තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා, රූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. අරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. රූපිඤ‍්ච අරූපිඤ‍්ච වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. තෙසං එෙක පටික‍්කොසන‍්ති. තං කිස‍්ස හෙතු: සඤ‍්ඤාරොගො, සඤ‍්ඤාගණ‍්ඩො, සඤ‍්ඤාසල‍්ලං එතං සන‍්තං එතං පණීතං යදිදං අසඤ‍්ඤන‍්ති. තයිදං භික‍්ඛවෙ, තථාගතො අභිජානාති.

මහණෙනි, එහි (ඒ අටවැදෑරුම් අසංඥවාදයන් කෙරෙහි) යම් මහණ බමුණුකෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන් ගේ දෘෂ්ටිය ප්‍රතිබාහන කෙරෙත්. ඒ කුමක් හෙයින යත්: සංඥාව (ආබාධ අටින්) රෝගයෙකැ, සංඥාව (සදෝෂ අටින්) ගණ්ඩයෙකැ, සංඥාව (ඇතුළතැ පිවිසෙන අටින්) ශල්‍යයෙකැ, යම් සංඥාඅභාවයෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ එහෙයින්. මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.

යෙ ඛො තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා, රූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. අරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. රූපිඤ‍්ච අරූපිඤ‍්ච වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. යො හි කොචි භික‍්ඛවෙ, සමණො වා බ්‍රාහ‍්මණො වා එවං වදෙය්‍ය: ‘අහමඤ‍්ඤත‍්ත්‍ර රූපා අඤ‍්ඤත‍්ත්‍ර වෙදනාය අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය අඤ‍්ඤත්‍ර සඞ‍්ඛාරෙහි විඤ‍්ඤාණස‍්ස ආගතිං වා ගතිං වා චුතිං වා උපපත‍්තිං වා වුද‍්ධිං වා විරූළ‍්හිං වා වෙපුල‍්ලං වා පඤ‍්ඤාපෙස‍්සාමී’ති, නෙතං ඨානං විජ‍්ජති. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං. අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙතන‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

යම් ඒ භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී ආත්මය පනවති. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මෙසේ කියා නම් මම රූපය හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර විඥානයාගේ ප්‍රතිසන්‍ධිය හෝ ගතිය හෝ ච්‍යුතිය හෝ උපප්‍රාප්තිය හෝ වෘද්ධිය හෝ විරූඪ බව හෝ විපුල බව හෝ පනවන්නෙමි’යි. තෙල කරුණ නො වෙයි. ඒ හැම සංඥාගත යැ, ප්‍රත්‍යයන් විසින් සකස් කරනලද, එහෙයින් මැ ඖදාරික වෙයි. යළි සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ එ සංඛතය ඉක්මවූහ.

තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා, රූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. අරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. රූපිඤ‍්ච අරූපිඤ‍්ච වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා, තෙසං එකෙ පටික‍්කොසන‍්ති, යෙපි තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤී අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. තෙසං එකෙ පටික‍්කොසන‍්ති. තං කිස‍්ස හෙතු: සඤ‍්ඤා රොගො, සඤ‍්ඤා ගණ‍්ඩො, සඤ‍්ඤා සල‍්ලං, අසඤ‍්ඤා සම‍්මොහො. එතං සන‍්තං එතං පණීතං යදිදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤන‍්ති. තයිදං භික‍්ඛවෙ, තථාගතො අභිජානාති.

මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ රූපී වූ හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ අරූපී වූ හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ රූපී වූත් අරූපී වූත් හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥී වූ අසංඥී නො වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ ආත්මය පනවති. මහණෙනි, ඒ අටවැදැරූම් නේවසංඤ්ඤීනාසඤ්ඤීවාදයන් අතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මත්තෙහි නිත්‍ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඔවුන්ගේ ලබ්ධිය ඇතැම් කෙනෙක් ප්‍රතිබාහන කෙරෙත්. යම් භවත් මහණබමුණු කෙනෙකුන් මරණින් මතු නිත්‍ය වූ අසංඥී ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ ලබ්ධිය පිළිකෙව් කෙරෙති. ඒ කවර හෙයින යත්: සංඥාව රෝගයෙකැ, සංඥාව ගණ්ඩයෙකැ, සංඥාව ශල්‍යයෙකැ, අසංඥ භාවය සම්මෝහයට කරුණු යැ, යම් නෛවසංඥා නාසංඥ බවෙක් ඇද්ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ, එහෙයින්, මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ට ඥානයෙන් දන්නාහ.

යෙ ඛො තෙ භොන‍්තො, සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤී අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා, රූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. අරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. රූපිඤ‍්ච අරූපිඤ‍්ච වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා. යෙ හි කෙචි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බස‍්ස සඞ‍්ඛාරමත‍්තෙන එතස‍්ස ආයතනස‍්ස උපසම‍්පදං පඤ‍්ඤාපෙන‍්ති. බ්‍යසනං හෙතං භික‍්ඛවෙ, අක‍්ඛායති එතස‍්ස ආයතනස‍්ස උපසම‍්පදාය. න හෙතං භික‍්ඛවෙ, ආයතනං සසඞ‍්ඛාරසමාපත‍්ති පත‍්තබ‍්බමක‍්ඛායති. සඞ‍්ඛාරාවසෙස සමාපත‍්තිපත‍්තබ‍්බමෙතං භික‍්ඛවෙ ආයතනං අක‍්ඛායති. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං. අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙතන‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍යවූ නෛවසංඥී වූ නාසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ නො මැ සංඥා ඇති අසංඥ නො වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ හෝ නො මැ සංඥී වූ අසංඥී නො වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් හෝ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දිට්ඨ (රූප) සුත (ශබ්ද) මුත (ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) සංඥාමාත්‍ර (පඤ්චද්වාරික සංඥා) ඇති තෙල නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ඖදාරිකසංස්කාරප්‍රවෘත්තියෙන් ප්‍රතිලාභය පනවත් ද, මහණෙනි, තෙල ආයතනයාගේ ප්‍රතිලාභයට මෙය ව්‍යසනයෙකැ’යි කියනු ලැබේ. මහණෙනි, තෙල ආයතනය ඖදාරික සංස්කාර සහිත වූ සමාපත්තියෙන් පැමිණිය යුතු යයි නො මැ කියනු ලැබෙයි. මහණෙනි, තෙල ආයතනය (භාවනා විසින් සුඛුම බවට පමුණුවන ලද බැවින්) අවශේෂසංස්කාරයන්ගේ ප්‍රවෘත්තියෙන් පැමිණිය යුතු යයි කියනු ලැබේ. ඒ (සියුම් වූ ද) සංඛතය (ප්‍රත්‍යයෝත්පන්න වන බැවින්) ඖදාරික වෙයි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. තෙල නිරෝධය ඇතැ’යි මෙසේ දැන ඒ සංඛතයාගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූහ.

තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති. තත්‍ර භික‍්ඛවෙ යෙ තෙ සමණබ්‍රාහ‍්මණා සඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා, තෙසමෙකෙ පටික‍්කොසන‍්ති. යෙපි තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා අසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා තෙසමෙකෙ පටික‍්කොසන‍්ති. යෙපි තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා නෙවසඤ‍්ඤිං නාසඤ‍්ඤිං අත‍්තානං පඤ‍්ඤාපෙන‍්ති අරොගං පරම‍්මරණා, තෙසමෙකෙ පටික‍්කොසන‍්ති. තං කිස‍්ස හෙතු: සබ‍්බෙපිමෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා උද‍්ධංසරා ආසත‍්තිං යෙව අභිවදන‍්ති. ඉති පෙච‍්ච භවිස‍්සාම ඉති පෙච‍්ච භවිස‍්සාමා’ති. සෙය්‍යථාපි නාම වාණිජස‍්ස වාණිජ‍්ජාය ගච‍්ඡතො එවං හොති: ඉතො මෙ ඉදං භවිස‍්සති, ඉමිනා ඉදං ලච‍්ඡාමී’ති. එවමෙව ඉමෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා වාණිජූපමා මඤ‍්ඤෙ පටිභන‍්ති. ඉති පෙච‍්ච භවිස‍්සාම, ඉති පෙච‍්ච භවිස‍්සාමා’ති. තයිදං භික‍්ඛවෙ, තථාගතො අභිජානාති.

මහණෙනි, ඒ සත්වැදැරුම් උච්ඡේදවාදයන් කෙරෙහි යම් මහණබමුණු කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ සිඳීම නො දැක්ම භවවිගමය පනවත් ද, මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතිබාහන කෙරෙති. යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතිෂේධ කෙරෙති. යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතික්‍ෂේප කෙරෙති. ඊට කරුණු කිම යත්: මෙ හැම භවත් මහණබමුණෝ උද්ධංසර (අනාගතයෙහි සංසාරයෙන් ශුද්ධිය වේ යයි) වාද ඇත්තාහු ‘පරලොවැ මෙසේ වම්හ’ ‘පරලොව මෙසේ වම්හ’යි ඇලීම මැ ප්‍රකාශ කෙරෙති. යම් පරිදි වෙණෙඳහම් සඳහා යන වෙණෙඳහුට මෙබඳු සිතෙක් වේ ද: තිලින් මට මේ ලාභය වෙයි. මෙයින් මෙ වත් ලබමි’යි. එසෙයින් මැ මේ භවත් මහණබමුණෝ ‘මෙසේ පරලොවැ (ක්‍ෂත්‍රිය) වෙමි. මෙසේ පරලොවැ (බමුණු) වෙමි’යි වෙළෙඳුන් මෙන් වූවාහු (මට) වටහති. මහණෙනි, ඒ උච්ඡේද දෘෂ්ටිය තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.

යෙ ඛො තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති. තෙ සක‍්කායභයා සක‍්කායපරිජෙගුච‍්ඡා සක‍්කායඤ‍්ඤෙව අනුපරිධාවන‍්ති අනුපරිවත‍්තන‍්ති. සෙය්‍යථාපි නාම සා ගද‍්දුලබද‍්ධො දළ‍්හෙ ථම‍්භෙ වා ඛීලෙ වා උපනිබද‍්ධො. තමෙව ථම‍්භං වා ඛීලං වා අනුපරිධාවති අනුපරිවත‍්තති. එවමෙවිමෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සක‍්කායභයා සක‍්කායපරිජෙගුච‍්ඡා සක‍්කායඤ‍්ඤෙව අනුපරිධාවන‍්ති, අනුපරිවත‍්තන‍්ති. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං, අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො අත්‍ථෙතන‍්ති. ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

යම් භවත් මහණබමුණු කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය භවවිගමය පනවත් ද, ඔහු (ත්‍රෛභූමකධර්‍ම සංඛ්‍යාත) සත්කායට බියෙන් සත්කාය ජුගුප්සා කිරීමෙන් සත්කාය මැ අනුධාවනය කෙරෙති. අනුපරිවර්‍තන කෙරෙති. යම්සේ බලුබැඳුමෙන් බැඳුණු ශුනකයෙක් දැඩි වූ ටැඹෙක හෝ කණුවෙක හෝ බඳනා ලදුයේ එ මැ ටැඹ හෝ කණුව හෝ අනුපරිධාවන අනුපරිවර්‍තන කෙරේ ද, එසෙයින් මැ මේ භවත් බමණබමුණෝ සත්කායභීතිය හේතු කොට ගෙන සත්කාය ජුගුප්සාව හේතු කොට ගෙන සත්කාය මැ අනුධාවන අනුපරිවර්‍තන කෙරෙත්. එ සත්කාය ප්‍රත්‍යයොත්පන්නයෙක. (එහෙයින් මැ) ඖදාරික යැ. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. තෙල ‘නිරෝධය ඇතැ’යි මෙසේ දැන ඒ සංඛතයාගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූහ.

යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා අපරන‍්තකප‍්පිකා අපරන‍්තානුදිට‍්ඨිනො අපරන‍්තං ආරබ‍්භ අනෙකවිහිතානි අධිවුත‍්තිපදානි අභිවදන‍්ති. සබ‍්බෙ තෙ ඉමානෙව පඤ‍්චායතනානි අභිවදන‍්ති එතෙසං වා අඤ‍්ඤතරං.

මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි අපරාන්තය විකල්පනා කොට ගත් අපරාන්තදෘෂ්ටි ඇත්තාහු අපරාන්තය අරභයා අනේකප්‍රකාර වූ දෘෂ්ටිදීපකවචනයන් ප්‍රකාශ කෙරෙත් ද, ඔහු සියල්ලෝ මේ පඤ්චකාරණයන් මැ ප්‍රකාශ කෙරෙති. මොවුනතුරෙන් අන්‍යතරයක් හෝ ප්‍රකාශ කෙරෙත්.

සන‍්ති භික‍්ඛවෙ, එකෙ සමණබ්‍රාහ‍්මණා පුබ‍්බන‍්තකප‍්පිකා පුබ‍්බන‍්තානුදිට‍්ඨිනො පුබ‍්බන‍්තං ආරබ‍්භ අනෙකවිහිතානි අධිවුත‍්තිපදානි අභිවදන‍්ති. සස‍්සතො අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. අසස‍්සතො අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. සස‍්සතො ච අසස‍්සතො අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. නෙව සස‍්සතො නාසස‍්සතො අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. අන‍්තවා අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. අනන‍්තවා අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. අන‍්තවා ච අනන‍්තවා ච අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. නෙවන‍්තවා නානන‍්තවා අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. එකත‍්තසඤ‍්ඤී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. නානත‍්තසඤ‍්ඤී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. පරිත‍්තසඤ‍්ඤී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. අප‍්පමාණසඤ‍්ඤී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. එකන‍්තසුඛී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. එකන‍්තදුක‍්ඛී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. සුඛදුක‍්ඛී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉෙත්‍ථකෙ අභිවදන‍්ති. අදුක‍්ඛමසුඛී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉත්‍ථෙකෙ අභිවදන‍්ති.

මහණෙනි, ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු පූර්‍වාන්තය විකල්පන කොට ගත්තාහු පූර්‍වාන්තදෘෂ්ටි ඇතියාහු පූර්‍වාන්තය අරභයා අනේකවිධ දෘෂ්ටිදීපකවචනයන් ප්‍රකාශ කෙරෙත්: ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත්, ලෝකයත් අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ නො ද අශාශ්වත වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ නො වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේත් අන්ත නැත්තේත් වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නො මැ අන්තවත් වූයේ අනන්තවත් නො වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් එකත්‍වසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නානාත්‍වසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් පරිත්ත (අල්ප) සංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්තසුඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’, යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුංඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් සුඛදුඃඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නොදුක් නොසුව ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙත්.

තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: සස‍්සතො අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති. තෙසං වත අඤ‍්ඤත්‍රෙව සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා පච‍්චත‍්තං යෙව ඤාණං භවිස‍්සති පරිසුද‍්ධං පරියොදාතන‍්ති. නෙතං ඨානං විජ‍්ජති. පච‍්චත‍්තං ඛො පන භික‍්ඛවෙ, ඤාණෙ අසති පරිසුද‍්ධෙ පරියොදාතෙ, යදපි තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා තත්‍ථ ඤාණභාගමත‍්තමෙව පරියොදපෙන‍්ති, තදපි තෙසං භවතං සමණබ්‍රාහ‍්මණානං උපාදානමක‍්ඛායති. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං, අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙතන‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

මහණෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය සිස් යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනට ඒකාන්තයෙන් ශ්‍රද්ධාව මිස රුචිය මිස අනුශ්‍රවය මිස ආකාරපරිවිතර්‍කය මිස දෘෂ්ටියෙන් සිතා රුස්වාගැනීම මිස ‘පරිශුද්ධ (නිරුපක්ලේශ) පර්‍ය්‍යවදාත (ප්‍රභාස්වර) ප්‍රත්‍යක්‍ෂඥානයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි. මහණෙනි, වැලිත් ‘පරිශුද්ධ පර්‍ය්‍යවදාත ප්‍රත්‍යක්‍ෂඥානය නැති කල්හි ඒ භවත් මහණබමුණෝ එහි යම් මැ ඥානභාගයක් පිරිසිදු කෙරෙත් ද, එ ද ඒ භවත් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ (දෘෂ්ටි) උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ දෘෂ්ටිගතය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික වෙයි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’ යි මෙසේ දැක ඒ සඞ්ඛතයාගේ නිස්සරණය (නිවන) දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.

තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: අසස‍්සතො අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති. -පෙ- සස‍්සතො ච අසස‍්සතො ච අත‍්තා ච ලොකො ච -පෙ- නෙවසස‍්සතො නාසස‍්සතො අත‍්තා ච ලොකො ච -පෙ- අන‍්තවා අත‍්තා ච ලොකො ච -පෙ- අනන‍්තවා අත‍්තා ච ලොකො ච -පෙ- අන‍්තවා ච අනන‍්තවා ච අත‍්තා ච ලොකො ච -පෙ- නෙවන‍්තවා නානන‍්තවා අත‍්තා ච ලොකො ච -පෙ- එකත‍්තසඤ‍්ඤී අත‍්තා ච ලොකො ච -පෙ- නානත‍්තසඤ‍්ඤී අත‍්තා ච ලොකො ච -පෙ- පරිත‍්තසඤ‍්ඤී අත‍්තා ච ලොකො ච -පෙ- අප‍්පමාණසඤ‍්ඤී අත‍්තා ච ලොකො ච -පෙ- එකන‍්තසුඛී අත‍්තා ච ලොකො ච -පෙ- එකන‍්තදුක‍්ඛී අත‍්තා ච ලොකො ච -පෙ- සුඛදුක‍්ඛී අත‍්තා ච ලොකො ච -පෙ- අදුක‍්ඛමසුඛී අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති. තෙසං වත අඤ‍්ඤත්‍රෙව සද‍්ධාය අඤ‍්ඤත්‍ර රුචියා අඤ‍්ඤත්‍ර අනුස‍්සවා අඤ‍්ඤත්‍ර ආකාරපරිවිතක‍්කා අඤ‍්ඤත්‍ර දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා පච‍්චත‍්තංයෙව ඤාණං භවිස‍්සති පරිසුද‍්ධං පරියොදාතන‍්ති නෙතං ඨානං විජ‍්ජති. පච‍්චත‍්තං ඛො පන භික‍්ඛවෙ, ඤාණෙ අසති පරිසුද‍්ධෙ පරියොදාතෙ, යදපි තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා තත්‍ථ ඤාණභාගමත‍්තමෙව පරියොදපෙන‍්ති. තදපි තෙසං භවතං සමණබ්‍රාහ‍්මණානං උපාදානමක‍්ඛායති. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං. අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙන‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

මහණෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ‘ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි ... ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත යැ, අශාශ්වත නො වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අන්තවත් යැ’ ... ‘ආත්මයත් ලෝකයත් අනන්තවත් වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අන්තවත් ද අනන්තවත් ද වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නො මැ අන්තවත් යැ, අනන්තවත් නො වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකත්‍වසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නානාත්‍වසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් පරිත්තසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකාන්තසුඛ ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුක් ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් සුවදුක් ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නොදුක්නොසුව ඇති වෙයි’ මේ මැ සැබව, තදන්‍යය තුච්ඡ යැ’ යි ඔවුනට ඒකාන්තයෙන් ශ්‍රද්ධාව තබා රුචිය තබා අනුශ්‍රවය තබා ආකාරපරිවිතර්‍කය තබා දෘෂ්ටියෙන් සිතා රුස්වාගැනීම තබා ‘පරිශුද්ධ ප්‍රභාස්වර ප්‍රත්‍යක්‍ෂඥානයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, මහණෙනි, වැලිත් පරිශුද්ධ ප්‍රභාස්වර ප්‍රත්‍යක්‍ෂඥානය නැති කල්හි ඒ භවත් මහණබමුණෝ එහි යම් මැ ඥානභාගයකට බැසගනිත් ද, එ ද ඒ භවත් මහණබමුණන්ගේ (දෘෂ්ටි) ‘උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ දෘෂ්ටිගතය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික වෙයි, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ දෘෂ්ටිය ඉක්මවූහ.

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා, අපරන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා, සබ‍්බසො කාමසංයොජනානං අනධිට‍්ඨානා, පවිවෙකං පීතිං උපසම‍්පජ‍්ජ විහරති: ‘එතං සන‍්තං එතං පණීතං, යදිදං පවිවෙකං පීතිං උපසම‍්පජ‍්ජ විහරාමී’ති. තස‍්ස සා පවිවෙකා පීති නිරුජ‍්ඣති, පවිවෙකාය පීතියා නිරොධා උප‍්පජ‍්ජති දොමනස‍්සං. දොමනස‍්සස‍්ස නිරොධා උප‍්පජ‍්ජති පවිවෙකා පීති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යං ඡායා ජහති තං ආතපො ඵරති, යං ආතපො ජහති තං ඡායා ඵරති. එවමෙව ඛො භික‍්ඛවෙ, පවිවෙකාය පීතියා නිරොධා උප‍්පජ‍්ජති දොමනස‍්සං, දොමනස‍්සස‍්ස නිරොධා උප‍්පජ‍්ජති පවිවෙකා පීති. තයිදං, භික‍්ඛවෙ, තථාගතො අභිජානාති: අයං ඛො භවං සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා අපරන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා සබ‍්බසො

මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන්ගේ දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන්ගේද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් පඤ්චකාමගුණික සංයෝජනයන්ගේ බැහැර කිරීමෙන් (සප්‍රීතිකධ්‍යානද්වය, සඞ්ඛ්‍යාත) ප්‍රවිවේකප්‍රීතියට පැමිණ වෙසෙයි. යම් ප්‍රවිවේක ප්‍රීතියකට පැමිණ වෙසෙම් ද ‘තෙල ප්‍රීතිය ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුගේ ඒ ප්‍රවිවේක ප්‍රීතිය (ධ්‍යාන නිරෝධයෙන්) නිරුද්ධ වෙයි. ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස්හුගේ නිරෝධයෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. මහණෙනි, යම්සේ සෙවණ යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි. ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි. එසෙයින් මැ මහණෙනි, ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස නිරුද්ධ වීමෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. මහණෙනි ඒ ධ්‍යානද්වය ප්‍රීතිය තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ: “මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන්

කාමසඤ‍්ඤොජනානං අනධිට‍්ඨානා, පවිවෙකං පීතිං උපසම‍්පජ‍්ජ විහරති: ‘එතං සන‍්තං එතං පණීතං, යදිදං පවිවෙකං පීතිං උපසම‍්පජ‍්ජ විහරාමී’ති. තස‍්ස සා පවිවෙකා පීති නිරුජ‍්ඣති. පවිවෙකාය පීතියා නිරොධා උප‍්පජ‍්ජති දොමනස‍්සං. දොමනස‍්සස‍්ස නිරොධා උප‍්පජ‍්ජති පවිවෙකා පීති. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං, අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙත’න‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

‘යම් ප්‍රවිවේක ප්‍රීතියකට පැමිණ වෙසෙම් නම් තෙල ප්‍රීතිය ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි ප්‍රවිවේක ප්‍රීතියට පැමිණ වෙසෙයි.” ඔහුගේ ඒ ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වෙයි. ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස නිරුද්ධ වීමෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. ඒ ධ්‍යානද්වය ප්‍රීතිය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික යැ, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, තෙල ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයා ගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා අපරන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා සබ‍්බසො කාමසඤ‍්ඤොජනානං අනධිට‍්ඨානා, පවිවෙකාය පීතියා සමතික‍්කමා, නිරාමිසං සුඛං උපසම‍්පජ‍්ජ විහරති: ‘එතං සන‍්තං එතං පණීතං යදිදං නිරාමිසං සුඛං උපසම‍්පජ‍්ජ විහරාමී’ති. තස‍්ස තං නිරාමිසං සුඛං නිරුජ‍්ඣති, නිරාමිසස‍්ස සුඛස‍්ස නිරොධා උප‍්පජ‍්ජති පවිවෙකා පීති. පවිවෙකාය පීතියා නිරොධා උප‍්පජ‍්ජති නිරාමිසං සුඛං. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යං ඡායා ජහති, තං ආතපො ඵරති. යං ආතපො ජහති, තං ඡායා ඵරති. එවමෙව ඛො භික‍්ඛවෙ, නිරාමිසස‍්ස සුඛස‍්ස නිරොධා උප‍්පජ‍්ජති පවිවෙකා පීති. පවිවෙකාය පීතියා නිරොධා උප‍්පජ‍්ජති නිරාමිසං සුඛං. තයිදං භික‍්ඛවෙ තථාගතො අභිජානාති: ‘අයං ඛො භවං සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා අපරන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා සබ‍්බසො කාමසඤ‍්ඤොජනානං අනධිට‍්ඨානා පවිවෙකාය පීතියා සමතික‍්කමා නිරාමිසං සුඛං උපසම‍්පජ‍්ජ විහරති: එතං සන‍්තං එතං පණීතං, යදිදං නිරාමිසං සුඛං උපසම‍්පජ‍්ජ විහරාමීති. තස‍්ස තං නිරාමිසං සුඛං නිරුජ‍්ඣති, නිරාමිසස‍්ස සුඛස‍්ස නිරොධා උප‍්පජ‍්ජති පවිවෙකා පීති. පවිවෙකාය පීතියා නිරොධා උප‍්පජ‍්ජති නිරාමිසං සුඛං. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං, අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙතන‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

තවද මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් (තෘතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) නිරාමිෂසුඛයට පැමිණ වෙසෙයි: ‘යම් නිරාමිෂසුඛයකට පැමිණ වෙසෙම් නම් තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුගේ ඒ නිරාමිෂසුඛය නිරුද්ධ වෙයි, නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂසුඛය උපදී. මහණෙනි, යම්සේ සෙවණ යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි, ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි, එසෙයින් මැ මහණෙනි, නිරාමිෂ සුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂ සුඛය උපදී. මහණෙනි, තථාගතයෝ එකරුණ විශිෂ්ටඥානයෙන් දන්නාහ: ‘මේ භවත් ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් යම් නිරාමිෂසුඛයකට පැමිණ වෙසෙම් නම් ‘තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි නිරාමිෂ (තෘතීයධ්‍යාන) සුඛයට පැමිණ වෙසෙයි. ඔහුගේ ඒ නිරාමිෂසුඛය නිරුද්ධ වෙයි. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂසුඛය උපදී. ඒ සුඛය ප්‍රත්‍යයෝත්පන්න යැ (එහෙයින් මැ) ඖදාරික යි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මසිටියහ.

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා අපරන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා සබ‍්බසො කාමසඤ‍්ඤොජනානං අනධිට‍්ඨානා පවිවෙකාය පීතියා සමතික‍්කමා නිරාමිසස‍්ස සුඛස‍්ස සමතික‍්කමා අදුක‍්ඛමසුඛං වෙදනං උපසම‍්පජ‍්ජ විහරති: ‘එතං සන‍්තං එතං පණීතං යදිදං අදුක‍්ඛමසුඛං වෙදනං උපසම‍්පජ‍්ජ විහරාමී’ති. තස‍්ස සා අදුක‍්ඛමසුඛා වෙදනා නිරුජ‍්ඣති. අදුක‍්ඛමසුඛාය වෙදනාය නිරොධා උප‍්පජ‍්ජති නිරාමිසං සුඛං. නිරාමිසස‍්ස සුඛස‍්ස නිරොධා උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යං ඡායා ජහති, තං ආතපො ඵරති. යං ආතපො ජහති, තං ඡායා ඵරති. එවමෙව ඛො භික‍්ඛවෙ, අදුක‍්ඛමසුඛාය වෙදනාය නිරොධා උප‍්පජ‍්ජති නිරාමිසං සුඛං, නිරාමිසස‍්ස සුඛස‍්ස නිරොධා උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා. තයිදං භික‍්ඛවෙ, තථාගතො පජානාති: ‘අයං ඛො භවං සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා අපරන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා සබ‍්බසො කාමසඤ‍්ඤොජනානං අනධිට‍්ඨානා පවිවෙකාය පීතියා සමතික‍්කමා නිරාමිසස‍්ස සුඛස‍්ස සමතික‍්කමා අදුක‍්ඛමසුඛං වෙදනං උපසම‍්පජ‍්ජ විහරති : ‘එතං සන‍්තං එතං පණීතං යදිදං අදුක‍්ඛමසුඛං වෙදනං උපසම‍්පජ‍්ජ විහරාමී’ති. තස‍්ස සා අදුක‍්ඛමසුඛා වෙදනා නිරුජ‍්ඣති. අදුක‍්ඛමසුඛාය වෙදනාය නිරොධා උප‍්පජ‍්ජති නිරාමිසං සුඛ. නිරාමිසස‍්ස සුඛස‍්ස නිරොධා උප‍්පජ‍්ජති අදුක‍්ඛමසුඛා වෙදනා. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං, අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙතන‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මැවීමෙන් නිරාමිෂසුඛය ඉක්මැවීමෙන් නොදුක්නොසුව වේදනා උපයා වෙසෙයි: ‘යම් මේ නොදුක්නොසුව වේදනාවක් උපයා වෙසෙම් නම් තෙල චතුර්‍ත්‍ථධ්‍යාන වේදනා ශාන්ත යැ තෙල ප්‍රණීත යැ කියා යි. ඔහුගේ ඒ නොදුක් නොසුව වේදනා නිරුද්ධ වෙයි. නොදුක්නොසුව වේදනා නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් නොදුක්නොසුව වේදනා උපදී. මහණෙනි, යම්සේ ඡායාව යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි. ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි. එසෙයින් මැ මහණෙනි, අදුක්ඛමසුඛවේදනාවගේ නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් අදුක්ඛමසුඛ වේදනාව උපදී. මහණෙනි, ඒ මේ චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව තථාගතයෝ දනිති: මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මැවීමෙන් නිරාමිෂසුඛය ඉක්මැවීමෙන් ‘යම් මේ අදුක්ඛමසුඛවේදනාවක් උපයා වෙසෙම් ද, තෙල චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’ යි අදුක්ඛමසුඛවේදනාව උපයා වෙසෙයි. ඔහුගේ ඒ අදුක්ඛමසුඛවේදනාව නිරුද්ධ වෙයි. අදුක්ඛමසුඛවේදනාවගේ නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් අදුක්ඛමසුඛවේදනාව උපදී. ඒ මේ චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික යි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මසිටියහ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා අපරන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා සබ‍්බසො කාමසඤ‍්ඤොජනානං අනධිට‍්ඨානා පවිවෙකාය පීතියා සමතික‍්කමා නිරාමිසස‍්ස සුඛස‍්ස සමතික‍්කමා අදුක‍්ඛමසුඛාය වෙදනාය සමතික‍්කමා සන‍්තොහමස‍්මි නිබ‍්බුතොහමස‍්මි අනුපාදානොහමස‍්මී’ති සමනුපස‍්සති. තයිදං භික‍්ඛවෙ, තථාගතො පජානාති: ‘අයං ඛො භවං සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා, අපරන‍්තානුදිට‍්ඨීනඤ‍්ච පටිනිස‍්සග‍්ගා සබ‍්බසො කාමසඤ‍්ඤොජනානං අනධිට‍්ඨානා පවිවෙකාය පීතියා සමතික‍්කමා නිරාමිසස‍්ස සුඛස‍්ස සමතික‍්කමා අදුක‍්ඛමසුඛාය වෙදනාය සමතික‍්කමා සන‍්තොහමස‍්මි නිබ‍්බුතොහමස‍්මි අනුපාදානොහමස‍්මී’ති සමනුපස‍්සති. අද‍්ධා අයමායස‍්මා නිබ‍්බානසප‍්පායඤ‍්ඤෙව පටිපදං අභිවදති. අථ ච පනායං භවං සමණො වා බ්‍රාහ‍්මණො වා පුබ‍්බන‍්තානුදිට‍්ඨිං වා උපාදියමානො උපාදියති. අපරන‍්තානුදිට‍්ඨිං වා උපාදියමානො උපාදියති. කාමසඤ‍්ඤොජනං වා උපාදියමානො උපාදියති. පවිවෙකං වා පීතිං උපාදියමානො උපාදියති. නිරාමිසං වා සුඛං උපාදියමානො උපාදියති. අදුක‍්ඛමසුඛං වා වෙදනං උපාදියමානො උපාදියති. යඤ‍්ච ඛො අයමායස‍්මා ‘සන‍්තොහමස‍්මි, නිබ‍්බුතොහමස‍්මි, අනුපාදානොහමස‍්මී’ති සමනුපස‍්සති. තදපි ඉමස‍්ස භොතො සමණස‍්ස බ්‍රාහ‍්මණස‍්ස උපාදානමක‍්ඛායති. තයිදං සඞ‍්ඛතං ඔළාරිකං, අත්‍ථි ඛො පන සඞ‍්ඛාරානං නිරොධො, අත්‍ථෙතන‍්ති ඉති විදිත්‍වා තස‍්ස නිස‍්සරණදස‍්සාවී තථාගතො තදුපාතිවත‍්තො.

මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිෂසුඛය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛ වේදනාව ඉක්මවීමෙන් ‘මම ශාන්තයෙමි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමි’ නුවණින් දකී. මහණෙනි, මෙය තථාගතයෝ දනිති: “මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිෂසුඛය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛවේදනාව ඉක්මවීමෙන් ‘මම ශාන්තයෙමි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමී’ නුවණින් දකී, ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් නිවනට සත්ප්‍රාය වූ මැ ප්‍රතිපදාව කියයි, එතෙකුදු වත් මේ භවත් මහණ හෝ බමුණු හෝ දැඩි කොට ගන්නේ පූර්‍වාන්තානුදෘෂ්ටිය හෝ දැඩි කොට ගනියි. දැඩි කොට ගන්නේ අපරාන්තානුදෘෂ්ටිය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ කාමසංයෝජනය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ ප්‍රවිවේකප්‍රීතිය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ නිරාමිෂසුඛය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ අදුක්ඛමසුඛවේදනාව හෝ දැඩි කොට ගනියි, මෙ ආයුෂ්මත් යමක් ගෙන ‘මම සන්හුන්මි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමි’ සමනුපස්සනා කෙරේ ද, එ ද මෙ භවත් මහණහුගේ බමුණුගේ ‘උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ මෙය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ,) ඖදාරික යි, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.

ඉදං ඛො පන, භික‍්ඛවෙ, තථාගතෙන අනුත‍්තරං සන‍්තිවරපදං අභිසම‍්බුද‍්ධං ‘යදිදං ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා අනුපාදාවිමොක‍්ඛො’ති

මහණෙනි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුසේ දැන යම් අනුපාදාවිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලසමාප්තියෙක් ඇද්ද, තථාගතයන් විසින් අනුත්තර වූ මේ ශාන්ත වූ උත්තමපදය අවබෝධ කරන ලද්දේ යයි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රදේශනාව වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවත්හු ගේ භාෂිතය අභිනන්‍දන කළාහ’යි.

පඤ‍්චත‍්තයසුත‍්තං නිට‍්ඨිතං දුතියං.

දෙවැනි පඤ්චත්‍රය සූත්‍ර යි.