යෙදුමෙන් කියවන්න

කින‍්ති සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

කින‍්ති සුත‍්තවණ‍්ණනා

කින්ති සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති කින‍්තිසුත‍්තං. තත්‍ථ පිසිනාරායන‍්ති එවංනාමකෙ මණ‍්ඩලපදෙසෙ. බලිහරණෙති තස‍්මිං වනසණ‍්ඩෙ භූතානං බලිං ආහරන‍්ති, තස‍්මා සො බලිහරණන‍්ති වුත‍්තො. චීවරහෙතූති චීවරකාරණා, චීවරං පච‍්චාසීසමානොති අත්‍ථො. ඉතිභවාභවහෙතූති එවං ඉමං දෙසනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථුං නිස‍්සාය තස‍්මිං තස‍්මිං භවෙ සුඛං වෙදිස‍්සාමීති ධම‍්මං දෙසෙතීති කිං තුම‍්හාකං එවං හොතීති අත්‍ථො.

එවම්මෙසුතන්ති කින්ති සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි කුසිනාරායං යනු මේ නම ඇති මණ්ඩල පෙදෙසයි. බලිහරණෙ ඒ වන ලැහැබෙහි භූතයන්ට බලි ගෙන එත්. එහෙයින් ඒ පෙදෙස බලිහරණය යැයි කියන ලදි. චීවරහෙතු සිවුරුවලට කාරණායි. සිවුරු කැමතිවේය යන අර්ථයි. ඉතිභවාභවහෙතු ඒ දේශනා පුණ්‍ය ක්‍රියා වස්තුව නිසා ඒ ඒ භවයෙහි සැප විඳින්නෙමියි ධර්මය දේශනා කරයි. කුමක්ද? තොපට මෙසේ වේය යන අර්ථයයි.

චත‍්තාරො සතිපට‍්ඨානාතිආදයො සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මා ලොකියලොකුත‍්තරාව කථිතා. තත්‍ථාති තෙසු සත‍්තතිංසාය ධම‍්මෙසු. සියංසූති භවෙය්‍යුං. අභිධම‍්මෙති විසිට‍්ඨෙ ධම‍්මෙ, ඉමෙසු සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මෙසූති අත්‍ථො. තත්‍ර චෙති ඉදම‍්පි බොධිපක‍්ඛියධම‍්මෙස‍්වෙව භුම‍්මං. අත්‍ථතො චෙව නානං බ්‍යඤ‍්ජනතො චාති එත්‍ථ “කායොව සතිපට‍්ඨානං වෙදනාව සතිපට‍්ඨාන”න‍්ති වුත‍්තෙ අත්‍ථතො නානං හොති, “සතිපට‍්ඨානා”ති වුත‍්තෙ පන බ්‍යඤ‍්ජනතො නානං නාම හොති. තදමිනාපීති තං තුම‍්හෙ ඉමිනාපි කාරණෙන ජානාථාති අත්‍ථඤ‍්ච බ්‍යඤ‍්ජනඤ‍්ච සමානෙත්‍වා අථස‍්ස ච අඤ‍්ඤථා ගහිතභාවො බ්‍යඤ‍්ජනස‍්ස ච මිච‍්ඡා රොපිතභාවො දස‍්සෙතබ‍්බො. යො ධම‍්මො යො විනයොති එත්‍ථ අත්‍ථඤ‍්ච බ්‍යඤ‍්ජනඤ‍්ච විඤ‍්ඤාපනකාරණමෙව ධම‍්මො ච විනයො ච.

චත්තාරො සතිපට්ඨානා සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් ලෞකික ලෝකෝත්තර යැයි කියන ලදි. තත්‍ථ ඒ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මය කෙරෙහි සියුං වූහ. අභිධම්මෙ විශිෂ්ඨ ධර්මයෙහි මේ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයෙහි යන අර්ථයි. තත්‍ර චෙති මේ බෝධිපාක්‍ෂික ධර්ම හැඳින්වීමේ ආධාර විභක්තියයි. අත්‍ථතො චෙව නානං ව්‍යඤ්ජනතො චාති මෙහි ශරීරයම සතිපට්ඨානයයි. වේදනාව සතිපට්ඨානය යැයි කී කල්හි අර්ථයෙන් නානත්වය වෙයි. තදමිනාපි නුඹලා මේ කාරණයෙන් ද එය දැනගනිව්. අර්ථයත් ව්‍යඤ්ජනයත් එක්කොට අර්ථයාගේ අනෙත් පරිද්දකින් ගන්නා ලද බැවින් ව්‍යඤ්ජනයාගේ වරදවා තබන බව දැක්විය යුතුයි. යො ධම්මො යො විනයො මෙහි අර්ථයත් ව්‍යඤ්ජනයත් අඟවන කරුණම ධර්මයත් විනයත් අර්ථ වශයෙන් සමවෙයි.

අත්‍ථතො හි ඛො සමෙතීති සතියෙව සතිපට‍්ඨානන‍්ති ගහිතා. බ්‍යඤ‍්ජනතො නානන‍්ති කෙවලං බ්‍යඤ‍්ජනමෙව සතිපට‍්ඨානොති වා සතිපට‍්ඨානාති වා මිච‍්ඡා රොපෙථ. අප‍්පමත‍්තකං ඛොති සුත‍්තන‍්තං පත්‍වා බ්‍යඤ‍්ජනං අප‍්පමත‍්තකං නාම හොති. පරිත‍්තමත‍්තං ධනිතං කත්‍වා රොපිතෙපි හි නිබ‍්බුතිං පත‍්තුං සක‍්කා හොති.

සිහියම සතිපට්ඨානය යැයි ගන්නා ලද කල ව්‍යඤ්ජන වශයෙන් නා නා බවයි. හුදෙක් ව්‍යඤ්ජනයම සතිපට්ඨානයෙන් සතිපට්ඨානය යැයි වැරදි ලෙස නඟන ලද්දේ වෙයි. අප්පමත්තකං ඛො සූත්‍රයට පැමිණ ව්‍යඤ්ජන අල්පමාත්‍ර වෙයි. ධනිත වශයෙන් ආරෝපනය කළ කල්හි නිවීමට පැමිණෙන්ට හැකිවෙයි.

තත්‍රිදං වත්‍ථු – විජයාරාමවිහාරවාසී කිරෙකො ඛීණාසවත්‍ථෙරො ද‍්වින‍්නං භික‍්ඛූනං සුත‍්තං ආහරිත්‍වා කම‍්මට‍්ඨානං කථෙන‍්තො – “සමුද‍්ධො සමුද‍්ධොති, භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො භාසතී”ති ධනිතං කත්‍වා ආහ. එකො භික‍්ඛු “සමුද‍්ධො නාම, භන‍්තෙ”ති ආහ. ආවුසො, සමුද‍්ධොති වුත‍්තෙපි සමුද‍්දොති වුත‍්තෙපි මයං ලොණසාගරමෙව ජානාම, තුම‍්හෙ පන නො අත්‍ථගවෙසකා, බ්‍යඤ‍්ජනගවෙසකා, ගච‍්ඡථ මහාවිහාරෙ පගුණබ්‍යඤ‍්ජනානං භික‍්ඛූනං සන‍්තිකෙ බ්‍යඤ‍්ජනං සොධාපෙථාති කම‍්මට‍්ඨානං අකථෙත්‍වාව උට‍්ඨාපෙසි. සො අපරභාගෙ මහාවිහාරෙ භෙරිං පහරාපෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස චතූසු මග‍්ගෙසු පඤ‍්හං කථෙත්‍වාව පරිනිබ‍්බුතො. එවං සුත‍්තන‍්තං පත්‍වා බ්‍යඤ‍්ජනං අප‍්පමත‍්තකං නාම හොති.

එයට මේ උදාහරණ කථාවකි. විජයාරාම විහාර වාසි එක් රහතන් වහන්සේ නමක් භික්‍ෂූන් වහන්සේලා දෙනමකට සූත්‍රයක් ගෙන කමටහන් කියන්නේ අව්‍යක්ත පෘථජ්ජන තෙමේ සමුද්දො සමුද්දො යැයි ධනිත කොට කීයයි කීය. එක් භික්‍ෂුවක් ස්වාමීනි, සමුද්ද යැයි අල්පව කීය. ඇවැත්නි, සමුද්ධ යැයි කී කල ද සමුද්ද යැයි කී කල ද අපි ලුණු සාගරයම යැයි දනිමු. නුඹලා අර්ථය නො සොයන්නාහුය. ව්‍යඤ්ජන සොයන්නාහුය. යව. මහා විහාරයෙහි ව්‍යඤ්ජන ප්‍රගුණ කළ භික්‍ෂූන් සමීපයෙහි ව්‍යඤ්ජන ශුද්ධ කරව් යැයි කමටහන් නූගන්වා නැගිටවූයේය. උන්වහන්සේ පසුව මහා විහාරයෙහි බෙරය ගස්වා භික්‍ෂුසංඝයාට සතර මඟෙහි ප්‍රශ්න කියා පිරිනිවීය. මෙසේ සූත්‍රයට පැමිණ ව්‍යඤ්ජනයන්ගේ අල්පමාත්‍රය නම් වෙයි.

විනයං පන පත්‍වා නො අප‍්පමත‍්තකං. සාමණෙරපබ‍්බජ‍්ජාපි හි උභතොසුද‍්ධිතො වට‍්ටති, උපසම‍්පදාදිකම‍්මානිපි සිථිලාදීනං ධනිතාදිකරණමත‍්තෙනෙව කුප‍්පන‍්ති. ඉධ පන සුත‍්තන‍්තබ්‍යඤ‍්ජනං සන්‍ධායෙතං වුත‍්තං.

විනයට පැමිණ අල්පමාත්‍රයක් නොවේය. සාමණේර ප්‍රවෘජ්‍යාව උභතො ශුද්ධියෙන් වටියි. උපසම්පදා ආදී වූ කර්මයෝ සිථිල ධනිතාදීන්ගේ කිරීම් පමණකින් කෝප්‍ය වෙත්. මෙහි මෙය සූත්‍ර ව්‍යඤ්ජන සඳහා කියන ලදි.

අථ චතුත්‍ථවාරෙ විවාදො කස‍්මා? සඤ‍්ඤාය විවාදො. “අහං සතිමෙව සතිපට‍්ඨානං වදාමි, අයං ‘කායො සතිපට‍්ඨාන’න‍්ති වදතී”ති හි නෙසං සඤ‍්ඤා හොති. බ්‍යඤ‍්ජනෙපි එසෙව නයො.

සතරවෙනි වාරයෙහි විවාදයයි. කුමක් ද? සංඥා විවාදයයි. මම සිහියම සතිපට්ඨානය යැයි කියමි. මේ ශරීරය සතිපට්ඨානයයි කියන්නේ ඔවුන්ගේ සංඥාව නොවේ. ව්‍යඤ්ජනය ද නොවේ. මේ න්‍යායයි.

න චොදනාය තරිතබ‍්බන‍්ති න චොදනත්‍ථාය වෙගායිතබ‍්බං. එකච‍්චො හි පුග‍්ගලො “නලාටෙ තෙ සාසපමත‍්තා පිළකා”ති වුත‍්තො “මය‍්හං නලාටෙ සාසපමත‍්තං පිළකං පස‍්සසි, අත‍්තනො නලාටෙ තාලපක‍්කමත‍්තං මහාගණ‍්ඩං න පස‍්සසී”ති වදති. තස‍්මා පුග‍්ගලො උපපරික‍්ඛිතබ‍්බො. අදළ‍්හදිට‍්ඨීති අනාදානදිට‍්ඨී සුංසුමාරං හදයෙ පක‍්ඛිපන‍්තො විය දළ‍්හං න ගණ‍්හාති.

න චොදනාය තරිතබ්බං චෝදනා පිණිස නොයායුතුයි. ඇතැම් පුද්ගලයෙක් තොපගේ නලලෙහි අබ ඇටයක් පමණ කැළලක් ඇතැයි කී කල්හි. මගේ නලලෙහි අබ ඇටයක් පමණ කැළැල පෙනෙයි. තමාගේ නලලෙහි තිබෙන තග්ගෙඩියක් පමණ ගඩුව නොපෙනේ යැයි කියයි. එබැවින් පුද්ගලයා පරික්ෂා කළ යුතුයි. අදන්‍ධදිට්ඨි නොගන්නා දෘෂ්ඨියයි. කිඹුලන්ගේ හදවතෙහි බහා දමන්නාක් මෙන් දැඩිව නොගනියි.

උපඝාතොති චණ‍්ඩභාවෙන වණඝට‍්ටිතස‍්ස විය දුක‍්ඛුප‍්පත‍්ති. සුප‍්පටිනිස‍්සග‍්ගීති “කිං නාම අහං ආපන‍්නො, කදා ආපන‍්නො”ති වා “ත්‍වං ආපන‍්නො, තව උපජ‍්ඣායො ආපන‍්නො”ති වා එකං ද‍්වෙ වාරෙ වත්‍වාපි “අසුකං නාම අසුකදිවසෙ නාම, භන‍්තෙ, ආපන‍්නත්‍ථ, සණිකං අනුස‍්සරථා”ති සරිත්‍වා තාවදෙව විස‍්සජ‍්ජෙති. විහෙසාති බහුං අත්‍ථඤ‍්ච කාරණඤ‍්ච ආහරන‍්තස‍්ස කායචිත‍්තකිලමථො. සක‍්කොමීති එවරූපො හි පුග‍්ගලො ඔකාසං කාරෙත්‍වා “ආපත‍්තිං ආපන‍්නත්‍ථ, භන‍්තෙ”ති වුත‍්තො “කදා කිස‍්මිං වත්‍ථුස‍්මි”න‍්ති වත්‍වා “අසුකදිවසෙ අසුකස‍්මිං වත්‍ථුස‍්මි”න‍්ති වුත‍්තෙ “න සරාමි, ආවුසො”ති වදති, තතො “සණිකං, භන‍්තෙ, සරථා”ති බහුං වත්‍වා සාරිතො සරිත්‍වා විස‍්සජ‍්ජෙති. තෙනාහ “සක‍්කොමී”ති. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

උපඝාතො නපුරු භාවයෙන් වණඝට්ටිතයක් මෙන් දුකට හේතුය. සුප්පටිනිස්සග්ගි කෙසේ නම් මම පැමිණියේ ද කවදා පැමිණියේ ද හෝ තොප පැමිණියේ ද තොපගේ උපාධ්‍යායයන් වහන්සේ පැමිණියේදැයි අසවල් නමය අසවල් දවසයැයි එකසැරය දෙසැරය කියා වහා සිහිකොට එකෙනෙහිම අත්හැරීමයි. විහෙස බොහෝ අර්ථ ද කාරණා ද ගන්නවුන්ගේ කාය චිත්ත දෙකේ ක්ලාන්තයයි. සක්කොමි මෙබඳු පුද්ගලයෙක් අවකාස කොට ආපත්තීන්ට පැමිණීම පිණිස - ස්වාමිණි යි කී කළ කවදා කුමන වස්තුවක්දැයි කියා අසවල් දවසෙහි අසවල් වස්තුවේයැයි කී කල්හි ඇවැත්නි සිහි නොකරමියි කියයි. එයින් හෙමින් සිහි කරවයි බොහෝ සේ කියා සිහිකොට අත්හරියි. එහෙයින් හැකිවෙමියි කීය. මේ ක්‍රමයෙන් හැමතැන්හිම තේරුම් දත යුතුයි.

උපෙක‍්ඛා නාතිමඤ‍්ඤිතබ‍්බාති උපෙක‍්ඛා න අතික‍්කමිතබ‍්බා, කත‍්තබ‍්බා ජනෙතබ‍්බාති අත්‍ථො. යො හි එවරූපං පුග‍්ගලං ඨිතකංයෙව පස‍්සාවං කරොන‍්තං දිස‍්වාපි “නනු, ආවුසො, නිසීදිතබ‍්බ”න‍්ති වදති, සො උපෙක‍්ඛං අතිමඤ‍්ඤති නාම.

උපෙඛා නාතිමඤ්ඤිතබ්බා උපේක්‍ෂාව අත්හැරීම නොකටයුතුයි. දත යුතුයි. මෙබඳු පුද්ගලයෙක් සිටගෙනම මුත්‍ර පහකරන්නේ දැකම ඇවැත්නි, හිඳගන්න යැයි කියයි. ඔහු උපේක්‍ෂාව ඉක්මවන්නේ වෙයි.

වචීසංහාරොති වචනසඤ‍්චාරො. ඉමෙහි කථිතං අමූසං අන‍්තරං පවෙසෙය්‍ය, තුම‍්හෙ ඉමෙහි ඉදඤ‍්චිදඤ‍්ච වුත‍්තාති අමූහි කථිතං ඉමෙසං අන‍්තරං පවෙසෙය්‍යාති අත්‍ථො. දිට‍්ඨිපළාසොතිආදීහි චිත‍්තස‍්ස අනාරාධනියභාවො කථිතො. තං ජානමානො සමානො ගරහෙය්‍යාති තං සත්‍ථා ජානමානො සමානො නින්‍දෙය්‍ය අම‍්හෙති. එතං පනාවුසො, ධම‍්මන‍්ති එතං කලහභණ‍්ඩනධම‍්මං.

වචීසංඛාරො වචන සංස්කාරයයි. දිට්ඨිපලාසො යනාදියෙන් සිතේ නොසතුටුභාවය කියන ලදි. තං ජානමානො සමානො ගරහෙය්‍ය එය ශාස්තෘන් වහන්සේ දැන ගත්තේ අපට නින්දා කරන්නේය. එතං පනාවුසො ධම්මං මේ දබර කරන ස්වභාවයයි.

තඤ‍්චෙති තං සඤ‍්ඤත‍්තිකාරකං භික‍්ඛුං. එවං බ්‍යාකරෙය්‍යාති මයා එතෙ සුද‍්ධන‍්තෙ පතිට‍්ඨාපිතාති අවත්‍වා යෙන කාරණෙන සඤ‍්ඤත‍්ති කතා, තදෙව දස‍්සෙන‍්තො එවං බ්‍යාකරෙය්‍ය. තාහං ධම‍්මං සුත්‍වාති එත්‍ථ ධම‍්මොති සාරණීයධම‍්මො අධිප‍්පෙතො. න චෙව අත‍්තානන‍්තිආදීසු “බ්‍රහ‍්මලොකප‍්පමාණො හෙස අග‍්ගි උට‍්ඨාසි, කො එතමඤ‍්ඤත්‍ර මයා නිබ‍්බාපෙතුං සමත්‍ථො”ති හි වදන‍්තො අත‍්තානං උක‍්කංසෙති නාම. “එත‍්තකා ජනා විචරන‍්ති, ඔකාසො ලද‍්ධුං න සක‍්කා, එකොපි එත‍්තකමත‍්තං නිබ‍්බාපෙතුං සමත්‍ථො නාම නත්‍ථී”ති වදමානො පරං වම‍්භෙති නාම. තදුභයම‍්පෙස න කරොති. ධම‍්මො පනෙත්‍ථ සම‍්මාසම‍්බුද‍්ධස‍්ස බ්‍යාකරණං, තෙසං භික‍්ඛූනං සඤ‍්ඤත‍්තිකරණං අනුධම‍්මො, තදෙව බ්‍යාකරොති නාම.

තං චෙ ඒ පැණවීම් කරන භික්‍ෂුවයි. එවං ව්‍යාකරෙය්‍ය මා විසින් මේවා සුද්ධකොට පිහිටුවන ලද්දේ යැයි නොකියා යම් කාරණයකින් සංඥාව කරන ලද්දේ එකෙනෙහිම දක්වන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. තාහං ධම්මං සුත්‍වා මෙහි සිහිකටයුතු ධර්ම අභිප්‍රායයි. [missing trans]

න ච කොචි සහධම‍්මිකොති අඤ‍්ඤො චස‍්ස කොචි සහෙතුකො පරෙහි වුත‍්තො වාදො වා අනුවාදො වා ගරහිතබ‍්බභාවං ආගච‍්ඡන‍්තො නාම නත්‍ථි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

න ච කොචි සහධම්මිකො අනුන් විසින් කියන ලද හේතු සහිත කිසියම් වාදයක් හෝ අනුවාදයක් හෝ නින්දා කළයුතු බවට පැමිණීමක් නම් නැත. සෙසු සියල්ල ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය කින‍්තිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

කින්ති සූත්‍ර වර්ණනාව නිමි.