සාමගාම සුත්තවණ්ණනා අට්ඨකථා
සාමගාම සුත්තවණ්ණනා
සාමගාම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සාමගාමසුත්තං. තත්ථ සාමගාමෙති සාමාකානං උස්සන්නත්තා එවංලද්ධනාමෙ ගාමෙ. අධුනා කාලඞ්කතොති සම්පති කාලං කතො. ද්වෙධිකජාතාති ද්වෙජ්ඣජාතා ද්වෙභාගජාතා. භණ්ඩනාදීසු භණ්ඩනං පුබ්බභාගකලහො, තං දණ්ඩාදානාදිවසෙන පණ්ණත්තිවීතික්කමවසෙන ච වද්ධිතං කලහො, “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසී”තිආදිකං විරුද්ධවචනං විවාදො. විතුදන්තාති විතුජ්ජන්තා. සහිතං මෙති මම වචනං අත්ථසංහිතං. අධිචිණ්ණං තෙ විපරාවත්තන්ති යං තව අධිචිණ්ණං චිරකාලසෙවනවසෙන පගුණං, තං මම වාදං ආගම්ම නිවත්තං. ආරොපිතො තෙ වාදොති තුය්හං උපරි මයා දොසො ආරොපිතො. චර වාදප්පමොක්ඛායාති භත්තපුටං ආදාය තං තං උපසඞ්කමිත්වා වාදප්පමොක්ඛත්ථාය උත්තරි පරියෙසමානො චර. නිබ්බෙඨෙහි වාති අථ මයා ආරොපිතවාදතො අත්තානං මොචෙහි. සචෙ පහොසීති සචෙ සක්කොසි. වධොයෙවාති මරණමෙව.
එවම්මෙසුතන්ති මා විසින් සාමගාම සූත්‍රය මෙසේ අසන ලදි. එහි සාමගාමෙති සාමය කැමැත්තන් වැඩි හෙයින් ලබන ලද නම් ඇති ගමෙහි, අධුනා කාලකතොති එකනෙහි කළුරිය කළ, ද්වෙධික ජානාති දෙකොටසකට බිඳුන භණ්ඩනාදීන්හි පූර්වභාග කලහයයි. ඉමං ධම්මවිනයං අජානාති මේ ආදි විරුද්ධ වචනකීම විවාදයයි. විතුදන්තාති විඳින සහිතම්මෙති මාගේ වචනය අර්ථ සහිතය. අවිචිණ්ණන්තෙ විපරාවත්තන්ති යම් වචනයක් බොහෝ කල් සේවනය කිරීමෙන් ප්‍රගුණ ද එය මාගේ වාදය නිසා නැවතුනේය. ආරොපිතො තෙ වාදොති නුඹගේ මත්තෙහි මා විසින් වරද ආරෝපනය කරන ලදි. චරවාදප්පමොක්ඛායාති බත් කබල ගෙන ඒ ඒ තැන්වල ගොස් වාදයෙන් මිදීම පිණිස මත්තෙහි පරීක්ෂා කර බලමින් හැසිරෙව. නොහොත් මා විසින් ආරෝපනය කරන ලද වාදයෙන් තමා නිදහස් වෙව. සචෙ පහොතීති ඉදින් හැකිනම් වධොයෙවාති මැරීමමයි.
නාටපුත්තියෙසූති නාටපුත්තස්ස අන්තෙවාසිකෙසු. නිබ්බින්නරූපාති උක්කණ්ඨිතසභාවා, අභිවාදනාදීනි න කරොන්ති. විරත්තරූපාති විගතපෙමා. පටිවානරූපාති තෙසං නිපච්චකිරියතො නිවත්තසභාවා. යථා තන්ති යථා ච දුරක්ඛාතාදිසභාවෙ ධම්මවිනයෙ නිබ්බින්නවිරත්තපටිවානරූපෙහි භවිතබ්බං, තථෙව ජාතාති අත්ථො. දුරක්ඛාතෙති දුක්කථිතෙ. දුප්පවෙදිතෙති දුවිඤ්ඤාපිතෙ. අනුපසමසංවත්තනිකෙති රාගාදීනං උපසමං කාතුං අසමත්ථො. භින්නථූපෙති භින්නපතිට්ඨෙ. එත්ථ හි නාටපුත්තොව නෙසං පතිට්ඨෙන ථූපො, සො පන භින්නො මතො. තෙන වුත්තං “භින්නථූපෙ”ති. අප්පටිසරණෙති තස්සෙව අභාවෙන පටිසරණවිරහිතෙ.
නාතපුත්තියෙසූති නාතපුත්තයාගේ ශිෂ්‍යයන් කෙරෙහි නිබ්බින්ද රූපාති කලකිරුණු ස්වභාව ඇත්තේ වැඳීම් ආදිය ද නොකරති. විරත්තරූපාති ප්‍රේමය නැති පටිවානරූපාති ඔවුන්ගේ සත්ක්රියාවෙන් නතරවුණු ස්වභාව ඇති යථාතන්ති යම් පරිදි වරදවා කියන ස්වභාව ඇති ධර්මවිනයෙහි කලකිරුණු ප්‍රේමය නැති වීද එසේ වූහ යන තේරුමයි. දුරක්ඛාතෙති වරදවා කියන දුප්පවෙදිතෙති වරදවා දැනගත් අනුපසමසංවත්තනිකෙති රාගාදීන්ගේ සංසිඳීම කරන්නට අසමර්ථ භින්නත්ථුපෙති වෙන්ව පිහිටියා වූ. එහි ඔවුන්ගේ නාතපුත්තම පිහිට වූ අර්ථයෙන් ථූපයයි. ඔහු වෙන්ව මැරුණි. එහෙයින් භින්නත්ථුපෙති යැයි කියන ලදි. අප්පටිසරණෙති ඔහුගේ අභාවයෙන් පිහිටක් නැත.
නනු චායං නාටපුත්තො නාළන්දවාසිකො, සො කස්මා පාවායං කාලංකතොති. සො කිර උපාලිනා ගහපතිනා පටිවිද්ධසච්චෙන දසහි ගාථාහි භාසිතෙ බුද්ධගුණෙ සුත්වා උණ්හං ලොහිතං ඡඩ්ඩෙසි. අථ නං අඵාසුකං ගහෙත්වා පාවං අගමංසු, සො තත්ථ කාලමකාසි. කාලං කුරුමානො ච “මම ලද්ධි අනිය්යානිකා සාරරහිතා, මයං තාව නට්ඨා, අවසෙසජනො මා අපායපූරකො අහොසි. සචෙ පනාහං ‘මම සාසනං අනිය්යානික’න්ති වක්ඛාමි, න සද්දහිස්සන්ති. යංනූනාහං ද්වෙපි ජනෙ න එකනීහාරෙන උග්ගණ්හාපෙය්යං, තෙ මමච්චයෙන අඤ්ඤමඤ්ඤං විවදිස්සන්ති. සත්ථා තං විවාදං පටිච්ච එකං ධම්මකථං කථෙස්සති, තතො තෙ සාසනස්ස මහන්තභාවං ජාතිස්සන්තී”ති.
මේ නාතපුත්‍ර තෙමේ නාලන්දා වැසියෙකි. කුමක්නිසා ඔහු පාවානුවර කළුරිය කළේ ද? ඔහු උපාලි ගෘහපතියා විසින් අවබෝධ කරගත් සත්‍යයෙන් ගාථා දහයකින් කියන ලද බුදුගුණ අසා උණු ලේ දැමීය. පසුව අපහසු වූ ඔහු ගෙන පාවා නුවරට ගියාහ. ඔහු එහිදී කළුරිය කළේය. කළුරිය කරන්නේ මාගේ ලබ්ධිය අනිර්යානිකය. හරයක් නැත. අපි ද විනාශ වීමු. සෙසු ජනයා මා විසින් අපායගාමි කරන ලදි. ඉදින් මම මාගේ සසුන අනිර්යානික යැයි කීවත් නොඅදහති. මම ඒකාන්තයෙන් දෙන්නෙකුට එක ආකාරයෙන් නොඋගන්වන්නේය. මොවුහු මාගේ ඇවෑමෙන් ඔවුනොවුන් වාද කරති. බුදුරදුන් ඒ විවාදය නිසා එක ධර්මයක් කියන්නේය. එයින් ඔවුහු ශාසනයේ මහත්බව දැනගනිති.
අථ නං එකො අන්තෙවාසිකො උපසඞ්කමිත්වා ආහ “භන්තෙ, තුම්හෙ දුබ්බලා, මය්හං ඉමස්මිං ධම්මෙ සාරං ආචික්ඛථ ආචරියප්පමාණ”න්ති. ආවුසො, ත්වං මමච්චයෙන සස්සතන්ති ගණ්හෙය්යාසීති. අපරොපි තං උපසඞ්කමි, තං උච්ඡෙදං ගණ්හාපෙසි. එවං ද්වෙපි ජනෙ එකලද්ධිකෙ අකත්වා බහූ නානානීහාරෙන උග්ගණ්හාපෙත්වා කාලමකාසි. තෙ තස්ස සරීරකිච්චං කත්වා සන්නිපතිත්වා අඤ්ඤමඤ්ඤං පුච්ඡිංසු “කස්සාවුසො, ආචරියො සාරමාචික්ඛී”ති? එකො උට්ඨහිත්වා මය්හන්ති ආහ. කිං ආචික්ඛීති? සස්සතන්ති. අපරො තං පටිබාහිත්වා මය්හං සාරං ආචික්ඛීති ආහ. එවං සබ්බෙ “මය්හං සාරං ආචික්ඛි, අහං ජෙට්ඨකො”ති අඤ්ඤමඤ්ඤං විවාදං වඩ්ඪෙත්වා අක්කොසෙ චෙව පරිභාසෙ ච හත්ථපාදපහාරාදීනි ච පවත්තෙත්වා එකමග්ගෙන ද්වෙ අගච්ඡන්තා නානාදිසාසු පක්කමිංසු, එකච්චෙ ගිහී අහෙසුං.
එකල අතවැසියෙක් ඔහු වෙත පැමිණ කියන්නේය. ස්වාමීනි, නුඹ වහන්සේ දුර්වලය. මේ ධර්මයෙහි සාරය මට කියව. ඇවත නුඹ මාගේ ඇවෑමෙන් ශාස්වතය ගනුව. අනෙකෙකු පැමිණ ඇසූ කල්හි උච්ඡේදය ගනුවයි කියයි. මෙසේ දෙන්නෙකු එක ලබ්ධිකයන් නොකොට බොහෝ ආකාරයෙන් උගන්වා කළුරිය කළේය. ඔවුහු ඔහුගේ ආදාහනය කොට රැස් වූවාහු ඔවුනොවුන් විචාළහ. ඇවැත්නි ආචාර්යන් වහන්සේ කවරෙකුට හරය කීවේද? එක් අයෙක් නැගිට මට යැයි කීය. කුමක් කීයේද? ශාස්වතයයි. වෙනකෙක් එය ප්‍රතික්ෂේප කොට මට හරය කීවේයැයි කීය. මෙසේ සියල්ලෝම මට හරය කීවේය යැයි කීය. මම ජ්‍යෙෂ්ඨයා වෙමියි ඔවුනොවුන් වාද කරන්ගෙන ඇනුම් බැනුම් ඇති කරගෙන අත් පා ආදියෙන් පහර ගසාගෙන එක මගෙහි යෑමට බැරිව නොයෙක් දිශාවන්හි ගියාහ. සමහරු ගිහි වූහ.
භගවතො පන ධරමානකාලෙපි භික්ඛුසඞ්ඝෙ විවාදො න උප්පජ්ජි. සත්ථා හි තෙසං විවාදකාරණෙ උප්පන්නමත්තෙයෙව සයං වා ගන්ත්වා තෙ වා භික්ඛූ පක්කොසාපෙත්වා ඛන්ති මෙත්තා පටිසඞ්ඛා අවිහිංසා සාරණීයධම්මෙසු එකං කාරණං කථෙත්වා විවාදං වූපසමෙති. එවං ධරමානොපි සඞ්ඝස්ස පතිට්ඨාව අහොසි. පරිනිබ්බායමානොපි අවිවාදකාරණං කත්වාව පරිනිබ්බායි. භගවතා හි සුත්තෙ දෙසිතා චත්තාරො මහාපදෙසා (අ· නි· 4.180; දී· නි· 2.187) යාවජ්ජදිවසා භික්ඛූනං පතිට්ඨා ච අවස්සයො ච. තථා ඛන්ධකෙ දෙසිතා චත්තාරො මහාපදෙසා (මහාව· 305) සුත්තෙ වුත්තානි චත්තාරි පඤ්හබ්යාකරණානි (අ· නි· 4.42) ච. තෙනෙවාහ – “යො වො මයා, ආනන්ද, ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො, සො වො මමච්චයෙන සත්ථා”ති (දී· නි· 2.216).
භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයෙහි භික්ෂු සංඝයාගේ වාදයක් නොඉපදුණි. එසේ වාද කාරණයක් උපන් කල්හි බුදුරදුන් ම ගොස් හෝ භික්ෂුන් ගෙන්වාගෙන හෝ ඉවසීම මෛත්‍රිය අවිහිංසා ආදි සිහිකළයුතු ධර්මයන්හි එක් කොටසක් කියා වාදය සංසිඳුවති. මෙසේ ධරමාන කාලයෙහි සංඝයාට පිහිටක්ම විය. පිරිනිවියේ ද අවිවාදයට කරුණු දේශනා කොටය. භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයෙහි දේශනා කරන ලද සතර මහාපදේශ අද තෙක් භික්ෂුන්ට අවශ්‍යයෙන්ම පිහිට වෙයි. එසේම ඛන්ධකයෙහි ද සතර මහාපදේශ දේශනා කරන ලදි. සූත්‍රයෙහි සතර ප්රශ්නවිඳීම් ක්‍රමය ද දේශනා කරන ලදි. එහෙයින් කියන ලදි. “ආනන්ද මා විසින් නුඹලාට යම් ධර්මයක් විනයක් දේශනා කරන ලද ද පණවන ලද ද එය නුඹලාට මාගේ ඇවෑමෙන් ශාස්තෘ වන්නේය.”
අථ ඛො චුන්දො සමණුද්දෙසොති අයං ථෙරො ධම්මසෙනාපතිස්ස කනිට්ඨභාතිකො. තං භික්ඛූ අනුපසම්පන්නකාලෙ චුන්දො සමණුද්දෙසොති සමුදාචරිත්වා ථෙරකාලෙපි තථෙව සමුදාචරිංසු. තෙන වුත්තං “චුන්දො සමණුද්දෙසො”ති. උපසඞ්කමීති කස්මා උපසඞ්කමි? නාටපුත්තෙ කිර කාලංකතෙ ජම්බුදීපෙ මනුස්සා තත්ථ තත්ථ කථං පවත්තයිංසු – “නිගණ්ඨො නාටපුත්තො එකො සත්ථාති පඤ්ඤායිත්ථ, තස්ස කාලකිරියාය සාවකානං එවරූපො විවාදො ජාතො, සමණො පන ගොතමො ජම්බුදීපෙ චන්දො විය සූරියො විය ච පාකටොයෙව, කීදිසො නු ඛො සමණෙ ගොතමෙ පරිනිබ්බුතෙ සාවකානං විවාදො භවිස්සතී”ති. ථෙරො තං කථං සුත්වා චින්තෙසි – “ඉමං කථං ගහෙත්වා දසබලස්ස ආරොචෙස්සාමි, සත්ථා ච එතං අත්ථුප්පත්තිං කත්වා එකං දෙසනං කථෙස්සතී”ති. සො නික්ඛමිත්වා යෙන සාමගාමො, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උජුමෙව භගවතො සන්තිකං අගන්ත්වා යෙනස්ස උපජ්ඣායො ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමීති අත්ථො. එවං කිරස්ස අහොසි – “උපජ්ඣායො මෙ මහාපඤ්ඤො, සො ඉමං සාසනං සත්ථු ආරොචෙස්සති, අථ සත්ථා තදනුරූපං ධම්මං දෙසෙස්සතී”ති. කථාපාභතන්ති කථාමූලං, මූලඤ්හි පාභතන්ති වුච්චති. යථාහ –
අථ ඛො චුන්දො සමණුද්දෙසොති මේ තෙරුන් වහන්සේ ධර්ම සේනාපති සැරියුත් තෙරුන්ගේ කනිටු සහෝදරයායි. ඒ භික්ෂුව උපසම්පදා නැති කාලයෙහි චුන්ද සමණුද්දෙස යැයි ව්‍යවහාර කොට ස්ථවිර කාලයේ ද එසේම ව්‍යවහාර කළහ. එහෙයින් චුන්දො සමණුද්දෙසොති යන්න කියන ලදි. උපසංකමීති කුමකට පැමිණියේ ද? නාතපුත්‍ර තෙමේ කළුරිය කළ කල්හි දඹදිව මිනිස්සු ඒ ඒ තැන්වල කතා පැවැත්වූහ. නිගණ්ඨ නාතපුත්‍ර තෙමේ එක ශාස්තෘවරයෙක් යැයි ප්‍රසිද්ධය. ඔහුගේ කළුරිය කිරීමෙන් ශ්‍රාවකයන්ට මෙබඳු වාදයක් උපන. ශ්‍රමණ ගෞතම තෙමේ දඹදිව හිරු සඳු මෙන් ප්‍රසිද්ධය. උන්වහන්සේ පිරිනිවි කල්හි කෙබඳු වාදයක් ඇතිවන්නේ ද? තෙරුන් වහන්සේ ඒ කතාව අසා සිතීය. මේ කතාව බුදුරදුන්ට දන්වන්නෙමි. බුදුරදුන් මේ හේතුකොට එක් දේශනයක් කරන්නාහ. උන්වහන්සේ නික්මී සාමගාමය යම් තැනක ද ආනන්ද තෙරුන් යම් තැනක ද එතැනට පැමිණියේය. එනවිටම බුදුරදුන් වෙත නොගොස් උපාධ්‍යාය වූ ආනන්ද තෙරුන් වෙතට පැමිණියේය යන තේරුමයි. උන්වහන්සේට මෙබඳු සිතක් විය. මාගේ උපාධ්‍යායයන් වහන්සේ මහත් නුවණ ඇත්තෙකි. උන්වහන්සේ මේ පණිවුඩය බුදුරදුන්ට දන්වන්නාහ. ඉක්බිතිව බුදුරදුන් සුදුසු පරිදි ධර්මය දේශනා කරති. කථාපාභතන්ති කථා මූලයයි. මූලයට පාභතං යැයි කියයි. එහෙයින් කීය.
“අප්පකෙනපි මෙධාවී, පාභතෙන විචක්ඛණො; සමුට්ඨාපෙති අත්තානං, අණුං අග්ගිංව සන්ධම”න්ති. (ජා· 2.1.4);
නුවණැති විචක්ෂණ පුද්ගලයා ස්වල්ප මූලයෙන්ද තමාගේ නැගිටීම ඇති කරගනී. කුමක් සෙයින්ද? ස්වල්ප වූ ගින්න පිඹීමෙන් මහත් ගින්නක් ඇතිකරගත්තා මෙනි.
දස්සනායාති දස්සනත්ථාය. කිං පනිමිනා භගවා න දිට්ඨපුබ්බොති? නො න දිට්ඨපුබ්බො, අයඤ්හි ආයස්මා දිවා නව වාරෙ රත්තිං නව වාරෙති එකාහං අට්ඨාරස වාරෙ උපට්ඨානමෙව ගච්ඡති. දිවසස්ස පන සතක්ඛත්තුං වා සහස්සක්ඛත්තුං වා ගන්තුකාමො සමානොපි න අකාරණා ගච්ඡති, එකං පඤ්හුද්ධාරං ගහෙත්වාව ගච්ඡති. සො තංදිවසං තෙන ගන්තුකාමො එවමාහ.
දස්සනායාති දැකීම පිණිස කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ද නොදැක්කේ ද මේ ආයුෂ්මත් තෙමේ දවල්ට නව වාරයක් ද රාත්‍රියට නව වාරයක් දැයි එක් දවසකට දහඅට වාරයක් උපස්ථානයට යයි. දවසකට සිය වාරයක් හෝ දහස් වාරයක් හෝ යෑමට කැමති වුවත් කාරණයක් නැතිව නොයයි. එක් ප්‍රශ්නයක් අරගෙනම යයි. උන්වහන්සේ එදවසෙහි එසේ යෑමට කැමතිව මෙසේ කීය.
අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති එකස්මිං විහාරෙ සඞ්ඝමජ්ඣෙ උප්පන්නො විවාදො කථං දෙවමනුස්සානං අහිතාය දුක්ඛාය සංවත්තති? කොසම්බකක්ඛන්ධකෙ (මහාව· 451) විය හි ද්වීසු භික්ඛූසු විවාදං ආපන්නෙසු තස්මිං විහාරෙ තෙසං අන්තෙවාසිකා විවදන්ති, තෙසං ඔවාදං ගණ්හන්තො භික්ඛුනිසඞ්ඝො විවදති, තතො තෙසං උපට්ඨාකා විවදන්ති, අථ මනුස්සානං ආරක්ඛදෙවතා ද්වෙ කොට්ඨාසා හොන්ති. තත්ථ ධම්මවාදීනං ආරක්ඛදෙවතා ධම්මවාදිනියො හොන්ති, අධම්මවාදීනං අධම්මවාදිනියො හොන්ති. තතො තාසං ආරක්ඛදෙවතානං මිත්තා භුම්මදෙවතා භිජ්ජන්ති. එවං පරම්පරාය යාව බ්රහ්මලොකා ඨපෙත්වා අරියසාවකෙ සබ්බෙ දෙවමනුස්සා ද්වෙ කොට්ඨාසා හොන්ති. ධම්මවාදීහි පන අධම්මවාදිනොව බහුතරා හොන්ති, තතො යං බහූහි ගහිතං, තං ගණ්හන්ති. ධම්මං විස්සජ්ජෙත්වා බහුතරාව අධම්මං ගණ්හන්ති. තෙ අධම්මං පූරෙත්වා විහරන්තා අපායෙ නිබ්බත්තන්ති. එවං එකස්මිං විහාරෙ සඞ්ඝමජ්ඣෙ උප්පන්නො විවාදො බහූනං අහිතාය දුක්ඛාය හොති.
අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති එක වෙහෙරෙහි සංඝයා මැද උපන් වාදය කෙසේ දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පවතී ද? කොසබෑ නුවර මෙන් භික්ෂූන් දෙදෙනෙක් අතර වාදයක් ඇති වූ විට ඒ විහාරයෙහි ඔවුන්ගේ අතවැසියෝ වාද කරත්. ඔවුන්ගෙන් අවවාද ගන්නා භික්ෂුණීහු වාද කරත්. එයින් ඔවුන්ගේ උපස්ථායකයෝ වාද කරත්. ඉක්බිතිව මිනිසුන් ද ආරක්ෂක දෙවියෝ වෙත්. අධර්මවාදීන්ට අධර්මවාදී ආරක්ෂක දෙවියෝ වෙත්. එයින් ආරක්ෂක දෙවියන්ගේ මිත්‍ර භූමස්ථ දෙවියෝ බිඳෙත්. මේ ක්‍රමයෙන් බ්‍රහ්මලෝකය දක්වා ආර්යශ්‍රාවක සියළු දෙවිමිනිසුන් කොටස් දෙකක් වෙත්. ධර්මවාදීන්ට වඩා අධර්මවාදීන් බොහෝ වෙත්. එයින් යමක් බොහෝ අය ගන්නා ලද්දේද එය ගනිත්. ධර්මය අතහැර බොහෝ දෙනා අධර්මය ගනිත්. ඔවුහු අධර්මය පතුරුවමින් වාසය කරන්නේ අපායෙහි උපදිත්. මෙසේ එක විහාරයක සංඝයා මැද උපන් වාදය බොහෝ අයගේ අහිත පිණිස දුක් පිණිස වෙයි.
අභිඤ්ඤා දෙසිතාති මහාබොධිමූලෙ නිසින්නෙන පච්චක්ඛං කත්වා පවෙදිතා. පතිස්සයමානරූපා විහරන්තීති උපනිස්සාය විහරන්ති. භගවතො අච්චයෙනාති එතරහි භගවන්තං ජෙට්ඨකං කත්වා සගාරවා විහරන්ති, තුම්හාකං, භන්තෙ, උග්ගතෙජතාය දුරාසදතාය විවාදං ජනෙතුං න සක්කොන්ති, භගවතො පන අච්චයෙන විවාදං ජනෙය්යුන්ති වදති. යත්ථ පන තං විවාදං ජනෙය්යුං, තං දස්සෙන්තො අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වාති ආහ. තත්ථ අජ්ඣාජීවෙති ආජීවහෙතු ආජීවකාරණා – “භික්ඛු උත්තරිමනුස්සධම්මං උල්ලපති ආපත්ති පාරාජිකස්සා”තිආදිනා (පරි· 287) නයෙන පරිවාරෙ පඤ්ඤත්තානි ඡ සික්ඛාපදානි, තානි ඨපෙත්වා සෙසානි සබ්බසික්ඛාපදානි අධිපාතිමොක්ඛං නාම. අප්පමත්තකො සො ආනන්දාති අජ්ඣාජීවං අධිපාතිමොක්ඛඤ්ච ආරබ්භ උප්පන්නවිවාදො නාම යස්මා පරස්ස කථායපි අත්තනො ධම්මතායපි සල්ලක්ඛෙත්වා සුප්පජහො හොති, තස්මා “අප්පමත්තකො”ති වුත්තො.
අභිඤ්ඤාදෙසිතාති මහාබෝධි මූලයෙහි වැඩසිටියේ ප්රත්යක්ෂ කොට කියන ලදි. පතිස්සයමානරූපා විහරන්තීති ආශ්‍රය හේතුවෙන් වාසය කෙරෙත්. භගවතො පච්චයෙනාති දැන් බුදුරදුන් ජ්‍යෙෂ්ඨ කොට ගෞරව සහිතව වාසය කරන්නේ ස්වාමීනි. ඔබ වහන්සේගේ උසස් තේජස හේතුකොටගෙන වාදයක් ඇති කරන්නට නොහැකිය. බුදුරදුගේ ඇවෑමෙන් එය උපදවනාහු යැයි කියයි. වාදය ඇති වන්නේ යම් තැනක ද එතන දක්වන්නේ අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වාති එහි අජ්ඣාජීවෙ යනු ජීවිකාව හේතුකොටගෙන ජීවිකාව කරණකොටගෙන භික්ෂූන්ගේ උතුරු මිනිස්දම් උල්ලංඝනය කරයි. පාරාජිකාපත්ති ආදි ක්‍රමයෙන් පරිවාරයෙහි පනවන ලද ශික්ෂාපද සය තබා ඉතිරි සියළු ශික්ෂාපද අධිප්‍රාතිමෝක්‍ෂය නම් වෙයි. අප්පමත්තකො සො ආනන්දොති අජ්ඣාජීවය ද අධිප්‍රාතිමෝක්‍ෂය ද අරඹයා උපන් වාදය නම් යම්හෙයකින් අනුන්ගේ කථාවක් තමන්ගේ ස්වභාවයෙන් සළකා අත්හැරීමට පහසු ද එබැවින් අප්පමත්තකය යැයි කියන ලදි.
තත්රායං නයො – ඉධෙකච්චො “න සක්කා උත්තරිමනුස්සධම්මං අනුල්ලපන්තෙන කිඤ්චි ලද්ධු”න්තිආදීනි චින්තෙත්වා ආජීවහෙතු උත්තරිමනුස්සධම්මං වා උල්ලපති සඤ්චරිත්තං වා ආපජ්ජති, යො තෙ විහාරෙ වසති, සො භික්ඛු අරහාතිආදිනා නයෙන සාමන්තජප්පනං වා කරොති, අගිලානො වා අත්තනො අත්ථාය පණීතභොජනානි විඤ්ඤාපෙත්වා භුඤ්ජති, භික්ඛුනී වා පන තානි විඤ්ඤාපෙත්වා පාටිදෙසනීයං ආපජ්ජති, යො කොචි දුක්කටවත්ථුකං යංකිඤ්චි සූපොදනවිඤ්ඤත්තිමෙව වා කරොති, අඤ්ඤතරං වා පන පණ්ණත්තිවීතික්කමං කරොන්තො විහරති, තමෙනං සබ්රහ්මචාරී එවං සඤ්ජානන්ති – “කිං ඉමස්ස ඉමිනා ලාභෙන ලද්ධෙන, යො සාසනෙ පබ්බජිත්වා මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙති, පණ්ණත්තිවීතික්කමං කරොතී”ති. අත්තනො ධම්මතායපිස්ස එවං හොති – “කිස්ස මය්හං ඉමිනා ලාභෙන, ය්වාහං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙමි, පණ්ණත්තිවීතික්කමං කරොමී”ති සල්ලක්ඛෙත්වා තතො ඔරමති. එවං පරස්ස කථායපි අත්තනො ධම්මතායපි සල්ලක්ඛෙත්වා සුප්පජහො හොති. තෙන භගවා “අප්පමත්තකො”ති ආහ.
මෙහි මේ ලෝකයෙහි සමහරෙක් උතුරුමිනිස් දම් රුවා දක්වා කීම නොකිරීමෙන් කිසිවක් ලබන්නටය ආදි වශයෙන් සිතා ආජීවය හේතුකොටගෙන උතුරු මිනිස්දම් හෝ උල්ලපනය කරා ද සංචාරිත්රයට හෝ පැමිණියේ ද යමෙක් ඒ විහාරයෙහි වසමින් ඒ භික්ෂුව රහත් යැයි ආදි වශයෙන් කනට කොඳුරා කියත් ද නොගිලන්ව තමාට වැඩ පිණිස ප්‍රණීත ආහාර ගෙන්වාගෙන වළඳා ද භික්ෂුණීන්ට හෝ එය දන්වා පාටිදේසනීයට පැමිණේ ද යම්කිසිවෙක් බත් ව්‍යංජන දැන්වීම් ආදි දුක්කට වස්තුවක් කරා ද ඔහු සබ්‍රහ්මචාරීහු මෙසේ හඳුනාගනිති. මොහුට මෙසේ ලබන ලාභයෙන් කවර ප්‍රයෝජන ද? යමෙක් මේ ශාසනයෙහි පැවිදි වී මිථ්‍යා ජීවයෙන් ජීවිකාව කෙරේ ද? පැණවීම් ඉක්මවීම් කරයි. මෙසේ තමාගේ ස්වභාවයෙන් වන්නේ යැයි මට මේ ලාභයෙන් කවර ප්‍රයෝජනයක් ද? මම මෙසේ මැනවින් දේශනා කරන ලද ධර්මවිනයෙහි පැවිදි වී මිථ්‍යාජීවයෙන් ජීවත්වෙමියි පැණවීම් ඉක්මවමියි සළකා එයින් මිදෙයි. මෙසේ අනුන්ගේ කතාවෙන් හෝ තමාගේ ස්වභාවයෙන් හෝ කල්පනා කොට නොකොට අත්හරී. එහෙයින් ඔහුට භාග්‍යවතුන් වහන්සේ අප්පමත්තකොති යනුවෙන් කීහ.
මග්ගෙ වා හි, ආනන්ද, පටිපදාය වාති ලොකුත්තරමග්ගං පත්වා විවාදො නාම සබ්බසො වූපසම්මති, නත්ථි අධිගතමග්ගානං විවාදො. පුබ්බභාගමග්ගං පන පුබ්බභාගපටිපදඤ්ච සන්ධායෙතං වුත්තං.
මග්ගෙ වාපි ආනන්ද පටිපදාය වාති ලෝකෝත්තර මාර්ගයට පැමිණ වාද කිරීම නම් සියළු ආකාරයෙන් සංසිඳෙයි. අවබෝධ කරගත් මාර්ග ඇත්තන්ට වාදයක් නැත. පූර්වභාග මාර්ගයත් පූර්වභාග මාර්ග ප්‍රතිපදාවත් සඳහා මෙය කියන ලදි.
තත්රායං නයො – එවං භික්ඛුං මනුස්සා ලොකුත්තරධම්මෙ සම්භාවෙන්ති. සො සද්ධිවිහාරිකාදයො ආගන්ත්වා වන්දිත්වා ඨිතෙ පුච්ඡති “කිං ආගතත්ථා”ති. මනසිකාතබ්බකම්මට්ඨානං පුච්ඡිතුං, භන්තෙති. නිසීදථ, ඛණෙනෙව අරහත්තං පාපෙතුං සමත්ථකම්මට්ඨානකථං ආචික්ඛිස්සාමීති වත්වා වදති – “ඉධ භික්ඛු අත්තනො වසනට්ඨානං පවිසිත්වා නිසින්නො මූලකම්මට්ඨානං මනසි කරොති, තස්ස තං මනසිකරොතො ඔභාසො උප්පජ්ජති. අයං පඨමමග්ගො නාම. සො දුතියං ඔභාසඤාණං නිබ්බත්තෙති, දුතියමග්ගො අධිගතො හොති, එවං තතියඤ්ච චතුත්ථඤ්ච. එත්තාවතා මග්ගප්පත්තො චෙව ඵලප්පත්තො ච හොතී”ති. අථ තෙ භික්ඛූ “අඛීණාසවො නාම එවං කම්මට්ඨානං කථෙතුං න සක්කොති, අද්ධායං ඛීණාසවො”ති නිට්ඨං ගච්ඡන්ති.
එහි මේ ක්‍රමයයි. මිනිස්සු භික්ෂුවට මෙසේ ලෝකෝත්තර ධර්මයෙන් ගරු කරති. ඔහු අතවැස්සන් සමඟ පැමිණ වැඳ සිටි කල්හි අසයි. කුමකට පැමිණියේ ද? ස්වාමීනි, කමටහන් ඇසීමටයි. හිඳුව. මොහොතකින් රහත් වන්නට හැකි කමටහනක් කියන්නෙමියි කියා කියයි. භික්ෂුව තමා වාසය කරන ස්ථානයට පැමිණ සිටින්නේ මුල කමටහන සිහි කරයි. උන්වහන්සේ එය සිහිකරමින් සිටින කල ආලෝකය උපදියි. මේ ප්‍රථම මාර්ගයයි. ඔහු දෙවැනි ඕභාස නුවණ උපදවයි. දෙවැනි මාර්ගය අවබෝධ කළේ වෙයි. පැමිණියේ ද වෙයි. එකල්හි ඒ භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා නොවූහ. මෙසේ කමටහන් කීමට ද නොහැකිය. ඒකාන්තයෙන්ම මේ අය රහත් වෙතියි නිෂ්ඨාවට පැමිණෙයි.
සො අපරෙන සමයෙන කාලං කරොති. සමන්තා භික්ඛාචාරගාමෙහි මනුස්සා ආගන්ත්වා පුච්ඡන්ති “කෙනචි, භන්තෙ, ථෙරො පඤ්හං පුච්ඡිතො”ති. උපාසකා පුබ්බෙව ථෙරෙන පඤ්හො කථිතො අම්හාකන්ති. තෙ පුප්ඵමණ්ඩපං පුප්ඵකූටාගාරං සජ්ජෙත්වා සුවණ්ණෙන අක්ඛිපිධානමුඛපිධානාදිං කරිත්වා ගන්ධමාලාදීහි පූජෙත්වා සත්තාහං සාධුකීළිකං කීළෙත්වා ඣාපෙත්වා අට්ඨීනි ආදාය චෙතියං කරොන්ති. අඤ්ඤෙ ආගන්තුකා විහාරං ආගන්ත්වා පාදෙ ධොවිත්වා “මහාථෙරං පස්සිස්සාම, කහං, ආවුසො, මහාථෙරො”ති පුච්ඡන්ති. පරිනිබ්බුතො, භන්තෙති. දුක්කරං, ආවුසො, ථෙරෙන කතං මග්ගඵලානි නිබ්බත්තෙන්තෙන, පඤ්හං පුච්ඡිත්ථ, ආවුසොති. භික්ඛූනං කම්මට්ඨානං කථෙන්තො ඉමිනා නියාමෙන කථෙසි, භන්තෙති. න එසො, ආවුසො, මග්ගො, විපස්සනුපක්කිලෙසො නාමෙස, න තුම්හෙ ජානිත්ථ, පුථුජ්ජනො, ආවුසො, ථෙරොති. තෙ කලහං කරොන්තා උට්ඨහිත්වා “සකලවිහාරෙ භික්ඛූ ච භික්ඛාචාරගාමෙසු මනුස්සා ච න ජානන්ති, තුම්හෙයෙව ජානාථ. කතරමග්ගෙන තුම්හෙ ආගතා, කිං වො විහාරද්වාරෙ චෙතියං න දිට්ඨ”න්ති. එවංවාදීනං පන භික්ඛූනං සතං වා, හොතු සහස්සං වා, යාව තං ලද්ධිං නප්පජහන්ති, සග්ගොපි මග්ගොපි වාරිතොයෙව.
ඔහු පසුකාලයේ දී කළුරිය කරයි. අසල්වැසි මිනිස්සු පැමිණ අසත්. කිසිවෙකු විසින් තෙරුන්ගෙන් ප්‍රශ්නයක් අසන ලදදැයි. උපාසකවරුනි, පළමුව අපහට තෙරුන් වහන්සේ විසින් ප්රශ්නය කියන ලදි. ඔවුහු මල් වලින් කුළු ගෙයක් සාදා රනින් ඇස්වලට මුඛයට පියන් සාදා සුවඳ මල් ආදියෙන් පූජාකොට සතියක් සාධුක්රීඩා කොට දවා ඇටගෙන සෑයක් කරති. වෙන ආගන්තුකයෝ විහාරයට පැමිණ පා දොවා මහතෙරුන් දකින්නෙමුයි. ඇවැත්නි, මහතෙරුන් කොහිදැයි අසත්. ස්වාමීනි. පිරිනිවියේය. ඇවැත්නි තෙරුන් විසින් දුෂ්කර දෙයක් කරන ලදි. මාර්ගඵල උපදවන්නහු විසින් ප්‍රශ්න අසන ලදි. ස්වාමීනි, භික්ෂූන්ට කමටහන් කියන්නේ මේ ආකාරයටයි කීවේය. ඇවත මේ මාර්ගය නොවෙයි. මේ විදර්ශනා උපක්ලේශයයි. තොපි නොදන්නහුද? තෙරුන් වහන්සේ පෘථග්ජනය. ඔවුහු කෝලාහල කරන්නාහු නැගිට සියළු විහාරයන්හි භික්ෂූන් ද ගොදුරු ගමෙහි මිනිස්සු ද නොදනිත්. කුමන මඟකින් නුඹලා ආවේදැයි නුඹලා ම දැනගනිව්. කිමෙක් ද? නුඹලා විහාර දොරටුවෙහි සෑය නොදැක්කෙහු ද? මෙබඳු වාද ඇති භික්ෂූන් සියයක් හෝ දහසක් හෝ සිටියද ඔවුන්ගේ දෘෂ්ටිය අත්නොහරිති. ස්වර්ග මාර්ග දෙක ම වළකන ලදි.
අපරොපි තාදිසොව කම්මට්ඨානං කථෙන්තො එවං කථෙති – චිත්තෙනෙව තීසු උද්ධනෙසු තීණි කපල්ලානි ආරොපෙත්වා හෙට්ඨා අග්ගිං කත්වා චිත්තෙනෙව අත්තනො ද්වත්තිංසාකාරං උප්පාටෙත්වා කපල්ලෙසු පක්ඛිපිත්වා චිත්තෙනෙව දණ්ඩකෙන පරිවත්තෙත්වා පරිවත්තෙත්වා භජ්ජිතබ්බං, යා ඣායමානෙ ඡාරිකා හොති, සා මුඛවාතෙන පලාසෙතබ්බා. එත්තකෙන ධූතපාපො නාමෙස සමණො හොති. සෙසං පුරිමනයෙනෙව විත්ථාරෙතබ්බං.
අනෙක් කෙනෙක් එලෙසම කර්මස්ථානයක් කියන්නේ මෙසේ කියයි. සිතින් ම උදුන් තුනක බඳුන් තුනක් ආරෝපනය කොට යට ගිනි කොට සිතින් ම තමාගේ ද්වාතිංසාකාරය උපුටා කබලයන්හි දමා සිත නැමැති දණ්ඩෙන් පෙරළා පෙරළා බැදිය යුතුයි. දැවෙන කල යම් අළු හරියක් වේද එය කටින් පිඹ හැරිය යුතුයි. මෙපමණකින් මහණ තෙමේ නසන ලද පාපකම් ඇත්තෙක් වෙයි. ඉතිරිය පළමු පරිද්දෙන් විස්තර කළ යුතුයි.
අපරො එවං කථෙති – චිත්තෙනෙව මහාචාටිං ඨපෙත්වා මත්ථුං යොජෙත්වා චිත්තෙනෙව අත්තනො ද්වත්තිංසාකාරං උප්පාටෙත්වා තත්ථ පක්ඛිපිත්වා මත්ථුං ඔතාරෙත්වා මන්ථිතබ්බං. මථියමානං විලීයති, විලීනෙ උපරි ඵෙණො උග්ගච්ඡති. සො ඵෙණො පරිභුඤ්ජිතබ්බො. එත්තාවතා වො අමතං පරිභුත්තං නාම භවිස්සති. ඉතො පරං “අථ තෙ භික්ඛූ”තිආදි සබ්බං පුරිමනයෙනෙව විත්ථාරෙතබ්බං.
තව කෙනෙක් මෙසේ කියයි. සිතින් ම මහ සැළියක් තබා මෝරු යොදා සිතින් තමාගේ ද්වත්තිංසාකාරය උපුටා එහි දමා මෝරුවලට බැස වැඩිය යුතුයි. මඩිනු ලබන්නේ වියලෙයි. වියලුණු කළ මත්තෙහි පෙණ නගියි. ඒ පෙණ අනුභව කළ යුතුයි. මෙපමණකින් අමෘතය කළ යුතුයි.
ඉදානි යො එවං විවාදො උප්පජ්ජෙය්ය, තස්ස මූලං දස්සෙන්තො ඡයිමානීතිආදිමාහ.
දැන් යමෙක් මෙසේ යම් වාදයක් උපදවන්නේ ද ඊට මුල දක්වමින් ඡයිමානීති ආදිය කීය.
තත්ථ අගාරවොති ගාරවවිරහිතො. අප්පතිස්සොති අප්පතිස්සයො අනීචවුත්ති. එත්ථ පන යො භික්ඛු සත්ථරි ධරමානෙ තීසු කාලෙසු උපට්ඨානං න යාති, සත්ථරි අනුපාහනෙ චඞ්කමන්තෙ සඋපාහනො චඞ්කමති, නීචෙ චඞ්කමෙ චඞ්කමන්තෙ උච්චෙ චඞ්කමෙ චඞ්කමති, හෙට්ඨා වසන්තෙ උපරි වසති, සත්ථු දස්සනට්ඨානෙ උභො අංසෙ පාරුපති, ඡත්තං ධාරෙති, උපාහනං ධාරෙති, න්හානතිත්ථෙ උච්චාරං වා පස්සාවං වා කරොති, පරිනිබ්බුතෙ වා පන චෙතියං වන්දිතුං න ගච්ඡති, චෙතියස්ස පඤ්ඤායනට්ඨානෙ සත්ථුදස්සනට්ඨානෙ වුත්තං සබ්බං කරොති, අඤ්ඤෙහි ච භික්ඛූහි “කස්මා එවං කරොසි, න ඉදං වට්ටති, සම්මාසබුද්ධස්ස නාම ලජ්ජිතුං වට්ටතී”ති වුත්තෙ “තූණ්හී හොති, කිං බුද්ධො බුද්ධොති වදසී”ති භණති, අයං සත්ථරි අගාරවො නාම.
එහි අගාරවොති ගෞරව නැති අප්පතිස්සොති යටත් නැති පැවතුම. යම් භික්ෂුවක් බුදුරදුන් වැඩසිටි කාලයෙහි තුන් කාලයන්හි උපස්ථානයට නොයයි ද බුදුරදුන් පාවහන් නැතිව සක්මන් කරන කළ පාවහන් සහිතව සක්මන් කරයි ද, පහත ස්ථානයක සක්මන් කරන කළ උස් ස්ථානයක සක්මන් කරයි ද, පහත ඉන්නා කළ උසක හිඳියි ද, බුදුරදුන් ස්නානය කරන ස්ථානයෙහි මළමුත්‍රා කරයි ද, පිරිනිවි කල්හි චෛත්‍යය වැඳීමට නොයයි ද, චෛත්‍යය පෙනෙන ස්ථානයෙහි බුදුරදුන් දකින තැන කියන ලද සියල්ල කරයි ද, අනෙත් භික්ෂූන් විසින් කුමහෙයින් මෙසේ කරයි ද, මෙය නොවටියි. බුදුරදුන්ට ලැජ්ජා කරන්නට වටීදැයි කී කළ නිශ්ශබ්ද වෙයි. කුමක් නිසා බුද්ධ බුද්ධ යැයි කියයි ද, මෙය බුදුරදුන්ට කරන අගෞරවය නම් වේ.
යො පන ධම්මස්සවනෙ සඞ්ඝුට්ඨෙ සක්කච්චං න ගච්ඡති, සක්කච්චං ධම්මං න සුණාති, නිද්දායති වා සල්ලපෙන්තො වා නිසීදති, සක්කච්චං න ගණ්හාති න ධාරෙති, “කිං ධම්මෙ අගාරවං කරොසී”ති වුත්තෙ “තුණ්හී හොති, ධම්මො ධම්මොති වදසි, කිං ධම්මො නාමා”ති වදති, අයං ධම්මෙ අගාරවො නාම.
යමෙක් බණ ඇසීමෙහි ගෙඩිය ගැසූ කළ සකසා නොයයි ද, සකසා බණ නොඅසයි ද, නිදාගනී ද, කථා කරමින් හෝ සිටී ද, සකසා නොගනියි ද, නොදරයි ද, ධර්මයට අගෞරව කුමක් නිසා ද යැයි කී කළ නිශ්ශබ්ද වෙයි. ධර්මය ධර්මය යැයි කියයි ද එය ධර්ම අගෞරවයයි.
යො පන ථෙරෙන භික්ඛුනා අනජ්ඣිට්ඨො ධම්මං දෙසෙති, නිසීදති පඤ්හං කථෙති, වුඩ්ඪෙ භික්ඛූ ඝට්ටෙන්තො ගච්ඡති, තිට්ඨති නිසීදති, දුස්සපල්ලත්ථිකං වා හත්ථපල්ලත්ථිකං වා කරොති, සඞ්ඝමජ්ඣෙ උභො අංසෙ පාරුපති, ඡත්තුපාහනං ධාරෙති, “භික්ඛුසඞ්ඝස්ස ලජ්ජිතුං වට්ටතී”ති වුත්තෙපි “තුණ්හී හොති, සඞ්ඝො සඞ්ඝොති වදසි, කිං සඞ්ඝො, මිගසඞ්ඝො අජසඞ්ඝො”තිආදීනි වදති, අයං සඞ්ඝෙ අගාරවො නාම. එකභික්ඛුස්මිම්පි හි අගාරවෙ කතෙ සඞ්ඝෙ කතොයෙව හොති. තිස්සො සික්ඛා පන අපරිපූරයමානොව සික්ඛාය න පරිපූරකාරී නාම.
යමෙක් ස්ථවිර භික්ෂුව විසින් නොවිචාරණ ලදුව ධර්මය දේශනා කරයි ද හිඳියි ද ප්‍රශ්න කියයි ද වැඩිමහළු භික්ෂූන්ගේ ඇඟේ ගැටෙමින් යයි ද සිටියි ද හිඳියි ද සඟ මැද දෙවුර වසා හිඳියි ද කුඩ හා පාවහන් දරා ද භික්ෂු සංඝයාට ලැජ්ජා කරන්නට වටීදැයි ඇසූ කළ නිශ්ශබ්ද වෙයි. සංඝයා සංඝයා යැයි කෑ ගසයි. මොන සංඝයා ද මිගසංඝ අජසංඝ ආදිය කියා ද මෙය සංඝ අගෞරවය නම් වේ. එක භික්ෂුවකට කරන අගෞරවය ද සංඝයාට ම කරන අගෞරවයක් වෙයි. ත්‍රිවිධ ශික්ෂාවන් සම්පූර්ණ නොකිරීම ශික්ෂා අගෞරවය නම් වේ.
අජ්ඣත්තං වාති අත්තනි වා අත්තනො පරිසාය වා. බාහිද්ධාති පරස්මිං වා පරස්ස පරිසාය වා.
අජ්ඣත්තං වාති තමා කෙරෙහි හෝ තම පිරිසෙහි බහිද්ධාති අනුන්ගේ හෝ අනුන්ගේ පිරිසෙහි
ඉදානි අයං ඡ ඨානානි නිස්සාය උප්පන්නවිවාදො වඩ්ඪන්තො යානි අධිකරණානි පාපුණාති, තානි දස්සෙතුං චත්තාරිමානීතිආදිමාහ. තත්ථ වූපසමනත්ථාය පවත්තමානෙහි සමථෙහි අධිකාතබ්බානීති අධිකරණානි. විවාදොව අධිකරණං විවාදාධිකරණං. ඉතරෙසුපි එසෙව නයො.
දැන් මේ ස්ථාන හය නිසා උපන් වාදය වැඩෙමින් යම් අධිකරණයන්ට පැමිණේ ද එය දැක්වීමට චත්තාරිමානීති ආදිය කීය.
ඉදානි ඉමානිපි චත්තාරි අධිකරණානි පත්වා උපරි වඩ්ඪෙන්තො සො විවාදො යෙහි සමථෙහි වූපසම්මති, තෙසං දස්සනත්ථං සත්ත ඛො පනිමෙතිආදිමාහ. තත්ථ අධිකරණානි සමෙන්ති වූපසමෙන්තීති අධිකරණසමථා. උප්පන්නුප්පන්නානන්ති උප්පන්නානං උප්පන්නානං. අධිකරණානන්ති එතෙසං විවාදාධිකරණාදීනං චතුන්නං. සමථාය වූපසමායාති සමනත්ථඤ්චෙව වූපසමනත්ථඤ්ච. සම්මුඛාවිනයො දාතබ්බො…පෙ… තිණවත්ථාරකොති ඉමෙ සත්ත සමථා දාතබ්බා.
එහි සංසිඳීම පිණිස පැවැති සමථයන්ගෙන් අධික යනුයි. විවාදය ද අධිකරණය ද විවාදාධිකරණං ඉතිරියෙහි ද මේ ක්‍රමයයි. දැන් මේ සතර අධිකරණයන්ට පැමිණ මතු වැඩෙන්නේ ඒ විවාදය යම් සමථයන්ගෙන් සංසිඳේ ද ඔවුන්ගේ දැක්වීම පිණිස සත්ත බො පනිමෙති ආදිය කීය. එහි අධිකරණ සංසිඳුනේය යනු අධිකරණ සමථයි. උප්පන්නුප්පන්නාති උපන් උපන් අධිකරණානන්ති මේ විවාදාධිකරණය ආදි කොට ඇති සතරෙහි සමථාති වූපසමායාති සමානවීම හා සංසිඳීම යන තේරුමයි. සම්මුඛා විනයො -පෙ- තිණවත්ථාරකොති මේ සත්ත සමථයෝ දත යුතුයි.
තත්රායං විනිච්ඡයකථා – අධිකරණෙසු තාව ධම්මොති වා අධම්මොති වාති අට්ඨාරසහි වත්ථූහි විවදන්තානං භික්ඛූනං යො විවාදො, ඉදං විවාදාධිකරණං නාම. සීලවිපත්තියා වා ආචාරදිට්ඨිආජීවවිපත්තියා වා අනුවදන්තානං යො අනුවාදො උපවදනා චෙව චොදනා ච, ඉදං අනුවාදාධිකරණං නාම. මාතිකායං ආගතා පඤ්ච විභඞ්ගෙ ද්වෙති සත්ත ආපත්තික්ඛන්ධා ආපත්තාධිකරණං නාම. යං සඞ්ඝස්ස අපලොකනාදීනං චතුන්නං කම්මානං කරණං, ඉදං කිච්චාධිකරණං නාම.
මෙහි මේ විස්තර කථාවයි. අධිකරණ අතුරින් පළමුකොට ධර්මය හෝ අධර්මය හෝ දහඅටක් වස්තූන්ගෙන් වාද කරන භික්ෂූන්ගෙන් යම් වාදයක් වේ ද මෙය විවාදාධිකරණය නම් වේ. සීල විපත්තියෙන් හෝ ආචාර දෘෂ්ටි ආජීව විපත්තියෙන් හෝ අනුව වාද කරන්නවුන්ගේ යම් කීමක් හෝ චෝදනාවක් වේ නම් මෙය අනුවාදාධිකරණය නම් වේ. මාතිකාවෙහි ආ පහ ද විභංගයෙහි දෙක ද යන ඇවැත් කඳු හත ආපත්තාධිකරණයයි. සංඝයාගේ අපලෝකනය ආදි සතර කර්මයන්ගේ යම් කිරීමක් වේ ද මෙය කිච්චාධිකරණය නම් වේ.
තත්ථ විවාදාධිකරණං ද්වීහි සමථෙහි සම්මති සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච. සම්මුඛාවිනයෙනෙව සම්මමානං යස්මිං විහාරෙ උප්පන්නං, තස්මිංයෙව වා, අඤ්ඤත්ථ වූපසමෙතුං ගච්ඡන්තානං අන්තරාමග්ගෙ වා, යත්ථ ගන්ත්වා සඞ්ඝස්ස නිය්යාතිතං, තත්ථ සඞ්ඝෙන වා ගණෙන වා වූපසමෙතුං අසක්කොන්තෙ තත්ථෙව උබ්බාහිකාය සම්මතපුග්ගලෙහි වා විනිච්ඡිතං සම්මති. එවං සම්මමානෙ පන තස්මිං යා සඞ්ඝසම්මුඛතා ධම්මසම්මුඛතා, විනයසම්මුඛතා, පුග්ගලසම්මුඛතා, අයං සම්මුඛාවිනයො නාම.
එහි විවාදාධිකරණය සම්මුඛ හා යෙභුය්යසික යන සමථ දෙකෙන් සංසිඳෙයි. යම් විහාරයක උපන් විවාදය ඒ විහාරයෙහි හෝ වෙනත් තැනක හෝ සංසිඳවන්නට යන්නවුන් අතරමග දී හෝ යම් තැනකට ගොස් හෝ සංඝයාට භාර දෙයි ද එහි දී එය සංඝයාට හෝ සමූහයාට හෝ සංසිඳවන්නට නොහැකි වන්නේ එහිම කාරක සභාවෙහි පුද්ගලයන් විසින් තීරණය කිරීමෙන් සංසිඳෙයි. මෙසේ සංසිඳවීම එහි සංඝසම්මුඛ, ධම්ම සම්මුඛ, විනයසම්මුඛ, පුද්ගල සම්මුඛ යන මෙය සම්මුඛාවිනයයි.
තත්ථ ච කාරකසඞ්ඝස්ස සාමග්ගිවසෙන සම්මුඛීභාවො සඞ්ඝසම්මුඛතා. සමෙතබ්බස්ස වත්ථුනො භූතතා ධම්මසම්මුඛතා. යථා තං සමෙතබ්බං, තථෙව සමනං විනයසම්මුඛතා. යො ච විවදති, යෙන ච විවදති, තෙසං උභින්නං අත්තපච්චත්ථිකානං සම්මුඛීභාවො පුග්ගලසම්මුඛතා. උබ්බාහිකාය වූපසමෙ පනෙත්ථ සඞ්ඝසම්මුඛතා පරිහායති. එවං තාව සම්මුඛාවිනයෙනෙව සම්මති.
එහි කාරකසංඝයාගේ සංඝසාමග්රියෙන් සම්මුඛීභාවය සංඝ සම්මුඛතාවයයි. සංසිඳවිය යුතු වස්තුවක් වීම ධම්මසම්මුඛතාවයයි. සංසිඳවීම යම්සේ ද එසේ කිරීම විනයසම්මුඛතාවයයි. යමෙක් වාද කරයි ද යමකින් වාද කරයි ද ඒ දෙදෙනාම හමුවීම පුද්ගලසම්මුඛතාවයයි. [missing trans] සම්මුඛවිනයෙනව
සචෙ පනෙවම්පි න සම්මති, අථ නං උබ්බාහිකාය සම්මතා භික්ඛූ “න මයං සක්කොම වූපසමෙතු”න්ති සඞ්ඝස්සෙව නිය්යාතෙන්ති. තතො සඞ්ඝො පඤ්චඞ්ගසමන්නාගතං භික්ඛුං සලාකග්ගාහකං සම්මන්නිත්වා තෙන ගුළ්හකවිවටකසකණ්ණජප්පකෙසු තීසු සලාකග්ගාහෙසු අඤ්ඤතරවසෙන සලාකං ගාහෙත්වා සන්නිපතිතපරිසාය ධම්මවාදීනං යෙභුය්යතාය යථා තෙ ධම්මවාදිනො වදන්ති, එවං වූපසන්තං අධිකරණං සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච වූපසන්තං හොති. තත්ථ සම්මුඛාවිනයො වුත්තනයො එව. යං පන යෙභුය්යසිකාය කම්මස්ස කරණං, අයං යෙභුය්යසිකා නාම. එවං විවාදාධිකරණං ද්වීහි සමථෙහි සම්මති.
ඉදින් මෙසේ ද නොසන්සිඳේ නම් සම්මත කරන ලද භික්ෂූහු අපට සංසිඳවන්නට නොහැකි වෙමුයි සංඝයාට භාර දේද නැවත කරුණු පහකින් යුතු භික්ෂුවක් සළාක ගැනීමෙන් සම්මත කොට ඔහු විසින් රහසින්, විවෘතව, කණට කොඳුරා යන සළාක ගැනීම් තුනෙන් වෙනත් වශයෙන් සළාකයක් ගෙන රැස් වූ පිරිසෙන් ධර්මවාදීන්ගේ විනයෙන් ද, යෙභූය්‍යසිකා විනයෙන් ද සංසිඳුනේ වෙයි. එහි සම්මුඛා විනය කියන ලද ක්‍රමයෙන් ම යමක් යෙභූය්‍යසිකා විනයෙන් සිදු කරයි ද මෙය යෙභූය්‍යසිකා නම් වේ. මෙසේ විවාදාධිකරණය සමථ දෙකෙන් සංසිඳෙයි.
අනුවාදාධිකරණං චතූහි සමථෙහි සම්මති සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච අමූළ්හවිනයෙන ච තස්සපාපියසිකාය ච. සම්මුඛාවිනයෙනෙව සම්මමානං යො ච අනුවදති, යඤ්ච අනුවදති, තෙසං වචනං සුත්වා, සචෙ කාචි ආපත්ති නත්ථි, උභො ඛමාපෙත්වා, සචෙ අත්ථි, අයං නාමෙත්ථ ආපත්තීති එවං විනිච්ඡිතං වූපසම්මති. තත්ථ සම්මුඛාවිනයලක්ඛණං වුත්තනයමෙව.
අනුවාදාධිකරණය සමථ හතරකින් සංසිඳෙයි. සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අමුළ්හවිනයෙන් ද තස්සපාපිය්යසිකාවිනයෙන් ද සම්මුඛාවිනයෙන් ද යමෙක් අනුව කියා ද යමක් නිසා කියා ද ඔවුන්ගේ වචන අසා ඉදින් කිසිදු ඇවැතක් නැත්ද දෙදෙනාම ක්ෂමා කරවා ඉදින් ඇත්නම් මේම් ඇවැත යැයි මෙසේ විනිශ්චය කරන ලද්දේ සංසිඳෙයි. එහි සම්මුඛාවිනය ලක්ෂණ කියන ලද ක්‍රමයමයි.
යදා පන ඛීණාසවස්ස භික්ඛුනො අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසිතස්ස සතිවිනයං යාචමානස්ස සඞ්ඝො ඤත්තිචතුත්ථෙන කම්මෙන සතිවිනයං දෙති, තදා සම්මුඛාවිනයෙන ච සතිවිනයෙන ච වූපසන්තං හොති. දින්නෙ පන සතිවිනයෙ පුන තස්මිං පුග්ගලෙ කස්සචි අනුවාදො න රුහති.
රහත් භික්ෂුවකට අමූලික සීල විපත්තියකින් චෝදනා කරන ලද්දෙකුට සතිවිනය ඉල්ලන්නේ සංඝයා ඤත්තිචතුර්ථ කර්මයෙන් සතිවිනය වෙයි. එකළ සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද සංසිඳෙයි. සතිවිනය දුන් කල්හි නැවත ඒ පුද්ගලයා කෙරෙහි කිසිදු වාදයක් හටනොගනියි.
යදා උම්මත්තකො භික්ඛු උම්මාදවසෙන කතෙ අස්සාමණකෙ අජ්ඣාචාරෙ “සරතායස්මා එවරූපිං ආපත්ති”න්ති භික්ඛූහි වුච්චමානො – “උම්මත්තකෙන මෙ, ආවුසො, එතං කතං, නාහං තං සරාමී”ති භණන්තොපි භික්ඛූහි චොදියමානොව පුන අචොදනත්ථාය අමූළ්හවිනයං යාචති, සඞ්ඝො චස්ස ඤත්තිචතුත්ථෙන කම්මෙන අමූළ්හවිනයං දෙති, තදා සම්මුඛාවිනයෙන ච අමූළ්හවිනයෙන ච වූපසන්තං හොති. දින්නෙ පන අමූළ්හවිනයෙ පුන තස්මිං පුග්ගලෙ කස්සචි තප්පච්චයා අනුවාදො න රුහති.
යම්කලක ද උමතු භික්ෂුවක් උමතු වශයෙන් කරන ලද අශ්‍රමණ වරදකට මෙබඳු ඇවතකට පැමිණියේ යැයි භික්ෂූන් විසින් කියන ලද කල උමතුවෙන් මෙය කරන ලදි. සිහි නැතැයි කියන්නේ නමුත් භික්ෂූන් විසින් චෝදනා නගන්නේ නම් නැවත චෝදනා නොකිරීම පිණිස අමූළ්හවිනය ඉල්ලා ද සංඝයා ඤත්තිචතුර්ථ කර්මයෙන් අමූළ්හවිනය වෙයි. එකල්හි සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද සංසිඳෙයි. අමූළ්හවිනය දුන් කල්හි නැවත ඒ පුද්ගලයා කෙරෙහි කිසිදු වාදයක් හටනොගනියි.
යදා පන පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා චොදියමානස්ස අඤ්ඤෙනාඤ්ඤං පටිචරතො පාපුස්සන්නතාය පාපියස්ස පුග්ගලස්ස – “සචායං අච්ඡින්නමූලො භවිස්සති, සම්මා වත්තිත්වා ඔසාරණං ලභිස්සති, සචෙ ඡින්නමූලො, අයමෙවස්ස නාසනා භවිස්සතී”ති මඤ්ඤමානො සඞ්ඝො ඤත්තිචතුත්ථෙන කම්මෙන තස්සපාපියසිකං කරොති, තදා සම්මුඛාවිනයෙන ච තස්ස පාපියසිකාය ච වූපසන්තං හොති. එවං අනුවාදාධිකරණං චතූහි සමථෙහි සම්මති.
යම්කලෙක පාරාජිකාවෙන් හෝ පාරාජිකාවට සමාන හෝ චෝදනා ලබන පාපී පුද්ගලයාට ඉදින් මෙය නොසිඳුණු මුල් ඇත්තේ වෙයි. මනා පැවැත්මෙන් අවසරයක් ලබයි. ඉදින් සිඳුණු මුල් ඇත්තේ ඔහු නැසුනෙක් වන්නේ යැයි සිතන්නේ සංඝයා ඤත්තිචතුර්ථ කර්මයෙන් ඔහුට පාපිය්යසිකාව කරයි. එකල්හි සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්යසිකා විනයෙන් ද සංසිඳුණේ වෙයි. මෙසේ අනුවාදාධිකරණය සමථ හතරෙන් සංසිඳෙයි.
ආපත්තාධිකරණං තීහි සමථෙහි සම්මති සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච තිණවත්ථාරකෙන ච. තස්ස සම්මුඛාවිනයෙනෙව වූපසමො නත්ථි. යදා පන එකස්ස වා භික්ඛුනො සන්තිකෙ සඞ්ඝගණමජ්ඣෙසු වා භික්ඛු ලහුකං ආපත්තිං දෙසෙති, තදා ආපත්තාධිකරණං සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච වූපසම්මති. තත්ථ සම්මුඛාවිනයො තාව යො ච දෙසෙති, යස්ස ච දෙසෙති, තෙසං සම්මුඛතා. සෙසං වුත්තනයමෙව. පුග්ගලස්ස ච ගණස්ස ච දෙසනාකාලෙ සඞ්ඝසම්මුඛතා පරිහායති. යං පනෙත්ථ “අහං, භන්තෙ, ඉත්ථන්නාමං ආපත්තිං අපන්නො”ති ච, ආම “පස්සාමී”ති ච පටිඤ්ඤාතාය “ආයතිං සංවරෙය්යාසී”ති කරණං, තං පටිඤ්ඤාතකරණං නාම. සඞ්ඝාදිසෙසෙ පරිවාසාදියාචනා පටිඤ්ඤා, පරිවාසාදීනං දානං පටිඤ්ඤාතකරණං නාම.
ආපත්තාධිකරණය සම්මුඛාවිතයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද යන සමථ තුනෙන් සංසිඳෙයි. එය සම්මුඛාවිනයෙන් ම තස්සපාපිය්‍යසිකාවෙන් ම සංසිඳීමක් නැත. යම් කලෙක සංඝ සමූහයා මැද එක් හෝ භික්ෂුවක් සැහැල්ලු ඇවැත් දෙසයි. එකල්හි ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද සංසිඳෙයි. එහි සම්මුඛාවිනය පළමුව යමෙක දේශනා කරයි ද යමෙකුට දේශනා කරයි ද ඔවුන්ගේ හමුවීම පුද්ගල සම්මුඛතාවයයි. ඉතිරිය කියන ලද ක්රමයම වේ. පුද්ගලයාට ද සමූහයට ද දේශනා කරන කාලයෙහි සංඝසම්මුඛතාවය පිරිහෙයි. මෙහි යම්හෙයකින් ස්වාමීනි, මම මේ නම් ඇති ඇවැතට පැමිණියෙමි. එසේම දකිමියි ප්‍රතිඥා කෙරේ ද ආයති සංවරයට පැමිණේ ද මෙය පටිඤ්ඤාතකරණය නම් වේ. සඟවෙසෙස් ආදියෙහි පරිවාස ඉල්ලීම් ප්රතිඥාදීම් පරිවාසදීම් ආදිය ද පටිඤ්ඤාතකරණයයි.
ද්වෙපක්ඛජාතා පන භණ්ඩනකාරකා භික්ඛූ බහුං අස්සාමණකං අජ්ඣාචාරං චරිත්වා පුන ලජ්ජිධම්මෙ උප්පන්නෙ “සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම, සියාපි තං අධිකරණං කක්ඛළත්තාය සංවත්තෙය්යා”ති අඤ්ඤමඤ්ඤං ආපත්තියා කාරාපනෙ දොසං දිස්වා යදා තිණවත්ථාරකකම්මං කරොන්ති, තදා ආපත්තාධිකරණං සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච සම්මති. තත්ර හි යත්තකා හත්ථපාසුපගතා “න මෙ තං ඛමතී”ති එවං දිට්ඨාවිකම්මං අකත්වා “දුක්කටං කම්මං පුන කාතබ්බං කම්ම”න්ති න උක්කොටෙන්ති, නිද්දම්පි ඔක්කන්තා හොන්ති, සබ්බෙසම්පි ඨපෙත්වා ථුල්ලවජ්ජඤ්ච ගිහිපටිසංයුත්තඤ්ච සබ්බාපත්තියො වුට්ඨහන්ති. එවං ආපත්තාධිකරණං තීහි සමථෙහි සම්මති. කිච්චාධිකරණං එකෙන සමථෙන සම්මති සම්මුඛාවිනයෙනෙව.
දෙපක්ෂය ගත් කළහකාරි භික්ෂූහු බොහෝ අශ්‍රමණ දුසිරිතෙහි හැසිරී නැවත ලැජ්ජාව උපන්නේ ඉතින් අපි මේ ආපත්තීහු ඔවුනොවුන් විසින් කෙරුවෙමුයි ඒ අධිකරණයට පැමිණීමට ඔවුනොවුන් ඇවැත් කිරීමෙහි දොස් දැක යම් කලෙක තිණවත්ථාරක කර්මය කරත්. එකල්හි ආපත්තාධිකරණය සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් ද සංසිඳෙයි. [missing trans] කිච්චාධිකරණය සම්මුඛාවිනයෙන් ම එකම සමථයකින් සංසිඳෙයි.
ඉමානි චත්තාරි අධිකරණානි යථානුරූපං ඉමෙහි සත්තහි සමථෙහි සම්මන්ති. තෙන වුත්තං “උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය සම්මුඛාවිනයො දාතබ්බො…පෙ… තිණවත්ථාරකො”ති. අයමෙත්ථ විනිච්ඡයනයො, විත්ථාරො පන සමථක්ඛන්ධකෙ (චූළව· 185) ආගතොයෙව. විනිච්ඡයොපිස්ස සමන්තපාසාදිකාය වුත්තො.
මේ අධිකරණ හතර සුදුසු පරිදි සමථ හතෙහි සංසිඳෙත්. එහෙයින් කියන ලදි. උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය සම්මුඛාවිනයො දාතබ්බො -පෙ- තිණවත්ථාරකොති මේ මෙහි විනිශ්චය ක්‍රමයයි. විස්තර සමථක්‍ඛන්‍ධකයෙහි ආ පරිදිය. සමන්තපාසාදිකායං විනිශ්චය සමන්තපාසාදිකාවෙහි කියන ලදි.
යො පනායං ඉමස්මිං සුත්තෙ “ඉධානන්ද, භික්ඛූ විවදන්තී”තිආදිකො විත්ථාරො වුත්තො, සො එතෙන නයෙන සඞ්ඛෙපතොව වුත්තොති වෙදිතබ්බො. තත්ථ ධම්මොතිආදීසු සුත්තන්තපරියායෙන තාව දස කුසලකම්මපථා ධම්මො, අකුසලකම්මපථා අධම්මො. තථා “චත්තාරො සතිපට්ඨානා”ති හෙට්ඨා ආගතා සත්තතිංස බොධිපක්ඛියධම්මා, තයො සතිපට්ඨානා තයො සම්මප්පධානා තයො ඉද්ධිපාදා ඡ ඉන්ද්රියානි ඡ බලානි අට්ඨ බොජ්ඣඞ්ගා නවඞ්ගිකො මග්ගො චාති, චත්තාරො උපාදානා පඤ්ච නීවරණානීතිආදයො සඞ්කලිට්ඨධම්මා චාති අයං අධම්මො.
ඉධානන්ද භික්ඛු විවදන්තීති ආදියෙහි විස්තර කියන ලදි. එය එක් ක්‍රමයකින් කෙටියෙන් කියන ලද යැයි දත යුතුය. එහි ධම්මොති ආදියෙහි සූත්‍ර ක්‍රමයෙන් දස කුසල ධර්මයයි. අකුසල අධර්මයයි. එසේම සතර සතිපට්ඨානයයි. යට ආ සත්තිස් බෝධිපාක්ෂික ධර්මසතිපට්ඨාන තුන සම්‍යක්ප්‍රධාන තුන, සෘද්ධිපාද තුන, ඉන්ද්රිය හය, බල හය, බොධ්‍යංග අට, මාර්ග නවය, උපාදාන හතර, නීවරණ පහ යනාදිය කිළුටු ධර්ම හෙයින් අධර්ම වේ.
තත්ථ යංකිඤ්චි එකං අධම්මකොට්ඨාසං ගහෙත්වා “ඉමං අධම්මං ධම්මොති කරිස්සාම, එවං අම්හාකං ආචරියකුලං නිය්යානිකං භවිස්සති, මයඤ්ච ලොකෙ පාකටා භවිස්සාමා”ති තං අධම්මං “ධම්මො අය”න්ති කථෙන්තා ධම්මොති විවදන්ති. තත්ථෙව ධම්මකොට්ඨාසෙසු එකං ගහෙත්වා “අධම්මො අය”න්ති කථෙන්තා අධම්මොති විවදන්ති.
යම්කිසි එක් අධර්ම කොටසක් ගෙන මේ අධර්මය ධර්මය කරන්නෙමු. මෙසේ අපගේ ආචාර්ය කුලය නිර්යානික වන්නේය. අපි ද ලෝකයෙහි ප්‍රසිද්ධ වන්නෙමුයි. ඒ ධර්මය යැයි මේ ධර්මය යැයි කියමින් වාද කරති. එසේම ධර්ම කොටස්වලින් එකක් ගෙන මේ ධර්මය යැයි කියමින් වාද කරති.
විනයපරියායෙන පන භූතෙන වත්ථුනා චොදෙත්වා සාරෙත්වා යථාපටිඤ්ඤාය කාතබ්බකම්මං ධම්මො නාම, අභූතෙන පන වත්ථුනා අචොදෙත්වා අසාරෙත්වා අපටිඤ්ඤාය කතබ්බකම්මං අධම්මො නාම. තෙසුපි අධම්මං “ධම්මො අය”න්ති කථෙන්තා ධම්මොති විවදන්ති, “අධම්මො අය”න්ති කථෙන්තා අධම්මොති විවදන්ති.
විනය පර්යායෙන් සිදු වූ වස්තුවෙන් චෝදනා කොට සිහිකොට යසේ පිළියම් කළයුතු කර්ම ධර්ම නම් වේ. සිදු නොවූ වස්තුවෙන් චෝදනා නොකොට සිහිනොකොට නොපිළියම් කළයුතු කර්ම අධර්මයයි. එයින් ද මේ අධර්මය ධර්මය යැයි කියමින් වාද කරති. ධර්මය අධර්මය යැයි කියමින් වාද කරති.
සුත්තන්තපරියායෙන පන රාගවිනයො දොසවිනයො මොහවිනයො සංවරො පහානං පටිසඞ්ඛාති අයං විනයො නාම, රාගාදීනං අවිනයො අසංවරො අප්පහානං අප්පටිසඞ්ඛාති අයං අවිනයො නාම. විනයපරියායෙන වත්ථුසම්පත්ති ඤත්තිසම්පත්ති අනුසාවනසම්පත්ති සීමසම්පති පරිසසම්පත්තීති අයං විනයො නාම, වත්ථුවිපත්ති…පෙ… පරිසවිපත්තීති අයං අවිනයො නාම. තෙසුපි යංකිඤ්චි අවිනයං “විනයො අය”න්ති කථෙන්තා විනයොති විවදන්ති, විනයං අවිනයොති කථෙන්තා අවිනයොති විවදන්ති.
සුත්ත පර්යායයෙන් රාග විනය දෝශ විනය, මෝහ විනය, ප්‍රහීන කිරීම විනය නම් වේ. රාගාදීන්ගේ අවිනය ප්‍රහීන නොකිරීම අවිනය නම් වේ. විනය පර්යායෙන් වස්තු සම්පත්තිය, ඤත්ති සම්පත්තිය, අනුසාවන සම්පත්තිය, සීමා සම්පත්තිය යැයි යන මෙය විනය නම් වේ. වත්ථු විපත්ති -පෙ- පරිස විපත්ති මෙය අවිනය නම් වේ. අවිනය විනය යැයි කියමින් වාද කරති. විනයට අවිනය යැයි කියමින් වාද කරති.
ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බාති ධම්මරජ්ජු අනුමජ්ජිතබ්බා ඤාණෙන ඝංසිතබ්බා උපපරික්ඛිතබ්බා. සා පනෙසා ධම්මනෙත්ති “ඉති ඛො වච්ඡ ඉමෙ දස ධම්මා අකුසලා දස ධම්මා කුසලා”ති එවං මහාවච්ඡගොත්තසුත්තෙ (ම· නි· 2.194) ආගතාති වුත්තා. සා එව වා හොතු, යො වා ඉධ ධම්මොති ච විනයො ච වුත්තො. යථා තත්ථ සමෙතීති යථා තාය ධම්මනෙත්තියා සමෙති, “ධම්මො ධම්මොව හොති, අධම්මො අධම්මොව, විනයො විනයොව හොති, අවිනයො අවිනයොව”. තථා තන්ති එවං තං අධිකරණං වූපසමෙතබ්බං. එකච්චානං අධිකරණානන්ති ඉධ විවාදාධිකරණමෙව දස්සිතං, සම්මුඛාවිනයො පන න කිස්මිඤ්චි අධිකරණෙ න ලබ්භති.
ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බාති ධර්මය නැමති රැහැන පොඩි කළ යුතුයි. නුවණින් සැළකිය යුතුයි. ඒ ධම්මනෙත්තිය වනාහි “ඉති කො වච්ඡ ඉමෙ දස ධම්මා අකුසලා දසධම්මා කුසලා ති” මෙසේ මහා වච්ඡගොත්ත සූත්‍රයෙහි ආ පරිදි කියන ලදි. එසේම හෝ වේවා යම් සේ හෝ වේවා මෙහි ධර්මය ද විනයද කියන ලදි. යථාතත්ථ සමෙතීති යම් සේ ඒ ධර්මනෙත්තියට සමවේ ද ධර්මය ධර්මය යැයි අධර්මය අධර්මය යැයි විනය විනය යැයි අවිනය අවිනය යැයි තථාතන්ති මෙසේ ඒ අධිකරණය සංසිඳවිය යුතුයි. එකච්චානං අධිකරණන්ති මෙහි විවාදාධිකරණයම දක්වන ලදි. සම්මුඛාවිනය කිසියම් අධිකරණයකින් නො ලබයි.
තං පනෙතං යස්මා ද්වීහි සමථෙහි සම්මති සම්මුඛාවිනයෙන ච යෙභුය්යසිකාය ච, තස්මා හෙට්ඨා මාතිකාය ඨපිතානුක්කමෙන ඉදානි සතිවිනයස්ස වාරෙ පත්තෙපි තං අවත්වා විවාදාධිකරණයෙව තාව දුතියසමථං දස්සෙන්තො කථඤ්චානන්ද, යෙභුය්යසිකාතිආදිමාහ. තත්ථ බහුතරාති අන්තමසො ද්වීහි තීහිපි අතිරෙකතරා. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
එය සම්මුඛාවිනය හා යෙභූය්යසිඛා විනය යන සමථ දෙකෙන් සංසිඳේ. එයින් යට මාතෘකා තබන ලද පිළිවෙළින් දැන් සතිවිනය වාරයෙහි පැමිණි එය නොකියා පළමුව විවාදාධිකරණයට දක්වන්නේ කුමක් නිසා යෙභූය්යසිඛාදිය කීවේ ද එහි බහුතරාති යටත් පිරිසෙයින් දෙන්නෙකුට තුන්දෙනෙකුට වැඩි වූ මෙහි ඉතිරිය යට කියන ලද ක්‍රමයෙන්ම දත යුතුයි.
ඉදානි හෙට්ඨා අවිත්ථාරිතං සතිවිනයං ආදිං කත්වා විත්ථාරිතාවසෙසසමථෙ පටිපාටියා විත්ථාරෙතුං කථඤ්චානන්ද, සතිවිනයොතිආදිමාහ. තත්ථ පාරාජිකසාමන්තෙන වාති ද්වෙ සාමන්තානි ඛන්ධසාමන්තඤ්ච ආපත්තිසාමන්තඤ්ච. තත්ථ පාරාජිකාපත්තික්ඛන්ධො සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො ථුල්ලච්චය-පාචිත්තිය-පාටිදෙසනීය-දුක්කට-දුබ්භාසිතාපත්තික්ඛන්ධොති එවං පුරිමස්ස පච්ඡිමඛන්ධං ඛන්ධසාමන්තං නාම හොති. පඨමපාරාජිකස්ස පන පුබ්බභාගෙ දුක්කටං, සෙසානං ථුල්ලච්චයන්ති ඉදං ආපත්තිසාමන්තං නාම. තත්ථ ඛන්ධසාමන්තෙ පාරාජිකසාමන්තං ගරුකාපත්ති නාම හොති. සරතායස්මාති සරතු ආයස්මා. එකච්චානං අධිකරණානන්ති ඉධ අනුවාදාධිකරණමෙව දස්සිතං.
දැන් යට විස්තර නොකරන ලද සති විනය මුල්කොට විස්තර ද ඉතිරිය සමථයෙහි පිළිවෙළින් විස්තර කිරීමට ද කුමක් හෙයින් සතිවිනය යැයි කීවේ ද එහි පාරාජිකසාමන්තෙන වාති සාමන්ත දෙකයි. ඛන්ධ සාමන්තය හා ආපත්ති සාමන්තයයි. පාරාජිකාපත්ති ඛන්ධකය. සංඝාදිසේසාපත්ති බන්ධකය. ථුල්ලච්චය. පාචිත්තිය. පාටිදේසනීය. දුක්කට. දුබ්භාසිත ආපත්ති බන්ධකයන් යන මේවා මෙසේ සාමන්ත නම් වේ. පළමු පාරාජිකාවේ පූර්වභාගය දුක්කටයි. ඉතිරිය ථුල්ලච්චයයි. පාචිත්තිය. පාටිදේසනීය. දුක්කට. දුබ්භාසිත ආපත්ති ඛන්ධකයන් යන මේවා මෙසේ සාමන්ත නම් වේ. පළමු පාරාජිකාවේ පූර්වභාගය දුක්කටයි. ඉතිරිය ථුල්ලච්චයයි. මේ ආපත්ති සාමන්තය නම් වේ. එහි ඛන්ධ සාමන්තයෙහි පාරාජිකා සාමන්තය ගරුකාපත්ති නම් වේ. සරතායස්මාති ආයුෂ්මතුන් වහන්සේ සිහි කරයි. එකච්චානංඅධිකරණානන්ති මෙහි අනුවාදාධිකරණයට දක්වන ලදි.
භාසිතපරික්කන්තන්ති වාචාය භාසිතං කායෙන ච පරික්කන්තං, පරක්කමිත්වා කතන්ති අත්ථො. එකච්චානන්ති ඉධාපි අනුවාදාධිකරණමෙව අධිප්පෙතං. පටිඤ්ඤාතකරණෙ “එකච්චාන”න්ති ආපත්තාධිකරණං දස්සිතං.
භාසිතපරිකන්තන්ති වචනයෙන් කියන ලද දෙය කයින් කිරීමයි. උත්සාහවත් කොට කරත් යන තේරුමයි. එකච්චානන්ති ආපත්තාධිකරණය දක්වන ලදි.
දවාති සහසා. රවාති අඤ්ඤං භණිතුකාමෙන අඤ්ඤං වුත්තං. එවං ඛො, ආනන්ද, තස්සපාපියසිකා හොතීති තස්සපුග්ගලස්ස පාපුස්සන්නතා පාපියසිකා හොති. ඉමිනා කම්මස්ස වත්ථු දස්සිතං. එවරූපස්ස හි පුග්ගලස්ස කම්මං කාත්තබ්බං. කම්මෙන හි අධිකරණස්ස වූපසමො හොති, න පුග්ගලස්ස පාපුස්සන්නතාය. ඉධාපි ච අනුවාදාධිකරණමෙව අධිකරණන්ති වෙදිතබ්බං.
දවාති වහා රවාති අනිකක් කියනු කැමැතිව වෙනත් දෙයක් කියන ලදි. එවං ඛො ආනන්ද තස්ස පාපිය්‍යසිකා හොතීති ඒ පුද්ගලයාට පාපය උත්සන්න වෙයි. මෙයින් කර්මයාගේ වස්තුව දක්වන ලදි. මෙබඳු පුද්ගලයාට ඒ කර්මය කළ යුතුයි. කර්මයෙන් අධිකරණයාගේ සංසිඳීම වෙයි. පුද්ගලයාගේ පාපය උත්සන්න නොවේ. මෙහි ද අනුවාදාධිකරණය ම අධිකරණය යැයි දත යුතුයි.
කථඤ්චානන්ද, තිණවත්ථාරකොති එත්ථ ඉදං කම්මං තිණවත්ථාරකසදිසත්තා තිණවත්ථාරකොති වුත්තං. යථා හි ගූථං වා මුත්තං වා ඝට්ටියමානං දුග්ගන්ධතාය බාධති, තිණෙහි අවත්ථරිත්වා සුප්පටිච්ඡාදිතස්ස පනස්ස සො ගන්ධො න බාධති, එවමෙව යං අධිකරණං මූලානුමූලං ගන්ත්වා වූපසමියමානං කක්ඛළත්තාය වාළත්තාය භෙදාය සංවත්තති, තං ඉමිනා කම්මෙන වූපසන්තං ගූථං විය තිණවත්ථාරකෙන පටිච්ඡන්නං වූපසන්තං හොතීති ඉදං කම්මං තිණවත්ථාරකසදිසත්තා තිණවත්ථාරකොති වුත්තං. තස්ස ඉධානන්ද, භික්ඛූනං භණ්ඩනජාතානන්තිආදිවචනෙන ආකාරමත්තමෙව දස්සිතං, ඛන්ධකෙ ආගතායෙව පනෙත්ථ කම්මවාචා පමාණං. ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහිපටිසංයුත්තන්ති. එත්ථ පන ථුල්ලවජ්ජන්ති ථූල්ලවජ්ජං පාරාජිකඤ්චෙව සඞ්ඝාදිසෙසඤ්ච. ගිහිපටිසංයුත්තන්ති ගිහීනං හීනෙන ඛුංසනවම්භනධම්මිකපටිස්සවෙසු ආපන්නා ආපත්ති. අධිකරණානන්ති ඉධ ආපත්තාධිකරණමෙව වෙදිතබ්බං. කිච්චාධිකරණස්ස පන වසෙන ඉධ න කිඤ්චි වුත්තං. කිඤ්චාපි න වුත්තං, සම්මුඛාවිනයෙනෙව පනස්ස වූපසමො හොතීති වෙදිතබ්බො.
කථඤ්චානන්ද තිණවත්ථාරකොති මෙය තිණවත්ථාරය හා සමාන නිසා තිණවත්ථාරකය යැයි කියන ලදි. මළ හෝ මුත්‍රා හෝ තණවලින් වැසීමෙන් ගඳ අඩුවෙයි. එසේම යම් අධිකරණයක් අමාරු බවට ගොස් භේදයට හේතු වෙයි. එය මේ කර්මයෙන් වැසුවාම තණවලින් වැසුවාක් මෙන් සංසිඳීම වෙයි. මේ කර්මය තිණවත්ථාරකය හා සමාන බැවින් තිණවත්ථාරකය යැයි කියන ලදි. තස්ස ඉධානන්ද භික්ඛූනං භණ්ඩණජාතානන්ති” ආදි වචනයෙන් ආකාරමාත්රයක් ම දක්වන ලදි. ඛන්ධකයෙහි ආපරිදිම මෙහි කර්මවාක්ය ප්‍රමාණයි. ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහිපටිසංයුත්තන්ති මෙහි ථුල්ලවජ්ජ නම් පාරාජිකා හා සංඝාදිසේසයි. ගිහිපටිසංයුත්තන්ති යනු ගිහියන්ගේ ගැරහීමෙන් ඇතිවන ආපත්තියයි. අධිකරණානන්ති මෙහි ආපත්තාධිකරණයම දත යුතුයි. කිච්චාධිකරණ වශයෙන් මෙහි කිසිවක් නොකියන ලදී. නොකියන ලද මුත් සම්මුඛාවිනයෙහි සංසිඳීම දත යුතුයි.
ඡයිමෙ, ආනන්ද, ධම්මා සාරණීයාති හෙට්ඨා කලහවසෙන සුත්තං ආරද්ධං, උපරි සාරණීයධම්මා ආගතා. ඉති යථානුසන්ධිනාව දෙසනා ගතා හොති. හෙට්ඨා කොසම්බියසුත්තෙ (ම· නි· 1.498-500) පන සොතාපත්තිමග්ගසම්මාදිට්ඨි කථිතා, ඉමස්මිං සුත්තෙ සොතාපත්තිඵලසම්මාදිට්ඨි වුත්තාති වෙදිතබ්බා. අණුන්ති අප්පසාවජ්ජං. ථූලන්ති මහාසාවජ්ජං. සෙසමෙත්ථ උත්තානමෙවාති.
ජයිමෙ ආනන්ද ධම්මා සාරාණීයාති යට කලකෝලාහල වශයෙන් සූත්‍රය අරඹන ලදි. මත්තෙහි සිහි කළ යුතු ධර්මයෝ ආවාහුය. මෙසේ යම්සේ සුදුසු පරිදි දේශනාව පැමිණියේ වෙයි. යට කෝසම්බිය සූත්‍රයෙහි සෝවාන් මාර්ග සම්මාදෘෂ්ටිය කියන ලදි. මේ සූත්‍රයෙහි සෝවාන් ඵල සම්මාදෘෂ්ටිය කියන ලද බව දත යුතුයි. අණුන්ති අල්ප සාවද්‍යයි. ථුලන්ති මහාසාවද්යයි. ඉතිරිය සියළු තැන්හි ප්‍රකට වන්නේය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සාමගාමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සාමගාම සූත්‍ර වර්ණනාව නිමි.