සාමගාම සුත්තං
3. 1. 4.
3. 1. 4.
සාමගාම සුත්තං
සාමගාම සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති සාමගාමෙ. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාතපුත්තො පාවායං අධුනා කාලකතො හොති. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නො. සහිතං මෙ, අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො, නිග්ගහිතොසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. වධො යෙව ඛො මඤ්ඤෙ නිගණ්ඨෙසු නාතපුත්තියෙසු වත්තති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ සාමග්‍රාමයෙහි වැඩවාස කරන සේක. එකල්හි නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර කලුරිය කළ නොබෝකල් ඇති වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු ද්වීභාග වූවාහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. කෙසේ යැ: ‘තෝ මේ ධර්මවිනය නො දන්හි, මම මේ දහම්විනය පිළිපැද දන්මි, කිම තෝ මේ දහම්විනය දන්හි ද, තෝ වරදවා පිළිපන්හි, මම මොනොවට පිළිපන්මි, ම බස අර්ත්ථ සංහිත ය, තා බස අර්‍ත්‍ථසංහිත නො වෙයි. කැලම කියැයුත්ත පසුවලා කීයෙහි, පසුවලා කියැයුත්ත කැලම කීයෙහි, (චිරකාලාසේවන වශයෙන්) ආචීර්ණ වූ තාගේ වාදය පෙරැළිණ, තට වාදාරෝපණ කරන ලද, නිගන්නා ලද්දෙහි, වාදප්රමොක්ෂයට (උත්තර සපයමින්) ඇවිදුව, ඉදින් හැක්කෙහි නම්, නිරවුල් හෝ කරවයි’ කියා යි. නාතපුත්‍රයා සිසු නුවටුන් කෙරෙහි වධයක් සෙයින් වැටෙයි.
යෙපි නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකා ගිහී ඔදාතවසනා, තෙපි නිගණ්ඨෙසු නාතපුත්තියෙසු නිබ්බින්නරූපා විරත්තරූපා පටිවානරූපා, යථා තං දුරක්ඛාතෙ ධම්මවිනයෙ දුප්පවෙදිතෙ අනිය්යානිකෙ අනුපසමසංවත්තනිකෙ අසම්මාසම්බුද්ධප්පවෙදිතෙ භින්නථූපෙ අප්පටිසරණෙ’ති.
නිගණ්ඨනාතපුත්‍රයාගේ සුදු පිළීහඳනා යම් ගිහිසව් කෙනෙක් ඇද්ද ඔහුත් වරදවා කී වරදවා දන්වාලු අනෛර්‍ය්‍යාණික වූ ක්ලේශව්‍යුපශම පිණිස නො වැටෙන සම්‍යක් සම්බුද්ධ නො වන්නකු විසින් කියන ලද බුන් පිහිට ඇති පිළිසරණ රහිත ධර්මවිනයෙක යම්සේ කලකිරෙත් ද, එසේ නාතපුත්‍ර අතැවැසි වූ නුවටුන් කෙරෙහි උකැටිසැහැවි ඇත්තාහු නො ඇලුණාහු සත්කෘත්‍යක්‍රියායෙන් වැළැකුණාහු වෙති.
අථ ඛො චුන්දො සමණුද්දෙසො පාවායං වස්සං වුත්ථො යෙන සාමගාමො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මන්තං ආනන්දං එතදවොච: නිගණ්ඨො භන්තෙ, නාතපුත්තො පාවායං අධුනා කාලකතො. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. -පෙ- භින්නථූපෙ අප්පටිසරණෙ’ති.
එසඳ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ පාවානුවර වස්විසුවාහු සාමග්‍රාමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සකසාවැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවනට තෙල කීහු: ‘ වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර දී කලුරියකළ නොබෝකල් ඇත්තේ ය, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වූවාහු හටගත් භණ්ඩන ඇතියාහු හටගත් කලහ ඇතියාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙති ’ … බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්මවිනයෙක යම්සේ කලකිරෙත් ද එසෙයින් ... කලකිරෙති.)
එවං වුත්තෙ ආයස්මා ආනන්දො චුන්දං සමණුද්දෙසං එතදවොච : අත්ථි ඛො ඉදං, ආවුසො චුන්ද, කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාමාවුසො චුන්ද, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම, උපසඞ්කමිත්වා එතමත්ථං භගවතො ආරොචෙස්සාමා’ති. එවං භන්තෙති ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි.
මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ චුන්‍දසමණුද්දෙස තෙරණුවනට තෙල කීහු: ‘ඇවැත් චුන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා මේ කථාවස්තු පඬුරෙක් ඇත, යම්හ, ඇවත චුන්දයෙනි, භාග්‍යවතුන් කරා එළැඹෙම්හ, එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කථාර්‍ත්‍ථය සැලකරම්හ’ යි. ‘වහන්ස, එසේ යැ’ යි චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවනට පිළිවදන් දුන්හු.
අථ ඛො ආයස්මා ච ආනන්දො චුන්දො ච සමණුද්දෙසො යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අයං භන්තෙ, චුන්දො සමණුද්දෙසො එවමාහ: නිගණ්ඨො භන්තෙ, නාතපුත්තො පාවායං අධුනා කාලකතො. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. -පෙ- භින්නථූපෙ අප්පටිසරණෙ’ති. තස්ස මය්හං භන්තෙ, එවං හොති: මාහෙව භගවතො අච්චයෙන සඞ්ඝෙ විවාදො උප්පජ්ජි. සොස්ස විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සාන’න්ති.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් හා චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මේ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ මෙසේ කියති: (කිසේ යැ:) ‘වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර මෙසඳ කලුරිය කළේ යැ, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වැ භණ්ඩනජාත වැ කලහජාත වැ විවාදාපන්න වැ උනුන් මුවසැතින් විදුමින් වාස කෙරෙති, ... බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්මවිනයෙක කලකිරෙනුවන් සෙයින් උන්ගේ ගිහිසව්වෝ ද උන් කෙරෙහි කලකිරුණහ.) වහන්ස, මට මෙවන් සිතෙක් පහළ වෙයි: භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සඟුන් කෙරෙහි නහමක් විවාද උපදීවා, (කරව හෙයින?) ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට නොසුව පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ ද එහෙයිනි.
තං කිං මඤ්ඤසි ආනන්ද, යෙ වො මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා සෙය්යථිදං: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. පස්සසි නො ත්වං ආනන්ද, ඉමෙසු ධම්මෙසු ද්වෙපි භික්ඛූ නානාවාදෙ’ති. යෙ මෙ භන්තෙ, ධම්මා භගවතා අභිඤ්ඤා දෙසිතා, සෙය්යථිදං: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. නාහං පස්සාමි ඉමෙසු ධම්මෙසු ද්වෙපි භික්ඛූ නානාවාදෙ. යෙ ච ඛො භන්තෙ, පුග්ගලා භගවන්තං පතිස්සයමානරූපා විහරන්ති. තෙපි භගවතො අච්චයෙන සඞ්ඝෙ විවාදං ජනෙය්යුං අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වා. සොස්ස විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති.
ආනන්දය, ඒ කෙසේ හඟිහි, මා විසින් තොපට යම් ධර්ම කෙනෙක් ප්රත්යක්ෂ කොට දෙසල ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටනුහු යැ, සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මොහු යි. ආනන්දය, තෙපි මේ ධර්මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු දක්නාව? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්ම කෙනෙක් ප්රත්යක්ෂ කොට දෙසන ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටන් හු යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මොහු යි. මම මේ ධර්මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු නො දක්මි. වහන්ස, යම් මැ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නාහු වාස කෙරෙත් ද, ඔහුද භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ආජීවනිමිත්තෙහි හෝ (තදන්‍ය) ප්රාතිමෝක්ෂ නිමිත්තෙහි හෝ සඞ්ඝයා කෙරෙහි විවාද දනවන්නාහු නම් ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙතී’ සැලකළෝ.
අප්පමත්තකො සො ආනන්ද, විවාදො යදිදං අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වා. මග්ගෙ වාපි ආනන්ද, පටිපදාය වා සඞ්ඝෙ විවාදො උප්පජ්ජමානො උප්පජ්ජෙය්ය. සොස්ස විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති.
ආනන්දය, ආජීවනිමිත්තෙහි වේවයි, අධිප්‍රාතිමෝක්‍ෂනිමිත්තෙහි වේවයි යම් මැ විවාදයෙක් ඇත්නම් ඒ විවාද අල්පමාත්‍ර විවාදයෙකි, ආනන්දය, මාර්ගය නිමිති කොට හෝ ප්‍රතිපත් නිමිති කොට හෝ උපදනාවිවාදයෙක් වේ නම් ඒ විවාදය බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙයි.
ඡයිමානි ආනන්ද, විවාදමූලානි. කතමානි ඡ: ඉධානන්ද, භික්ඛු කොධනො හොති උපනාහී. යො සො ආනන්ද, භික්ඛු කොධනො හොති උපනාහී, සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො. සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො. සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො. සික්ඛාය න පරිපූරකාරී හොති. සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති, එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
ආනන්දය, මේ විවාදමූලයෝ සදෙනෙකි, කවර සදෙනෙක යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ ද, ආනන්දය, යම් ඒ මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ නම්, ඒ මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහිදු අගෞරව ව යටත් පැවැතුම් නැති ව වාස කෙරෙයි, ධර්මය කෙරෙහි ද ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව නැති ව අප්‍රතිශ්‍රය ව වාස කෙරෙයි, ශික්ෂායෙහි දු පරිපූරකාරී නො වෙයි. ආනන්දය, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ධර්මය කෙරෙහි … ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ශික්ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවා ද, ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටේ. ඉදින් ආනන්දය, තෙපි මෙවන් විවාදමූලයක් තමා තුළ හෝ බැහැර හෝ දක්නහු නම්, ආනන්දය, එහි ලා තෙපි ඒ පාපක වූ විවාදමූලයාගේ මැ ප්රහාණය පිණිස ව්‍යායාම කරව, ඉදින් ආනන්දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්දය, එහි ලා තෙපි පාපක වූ ඒ විවාදමූලයාගේ මැ මතු නූපදනා පිණිස පිළිපදුව. මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්රහාණය වෙයි. මෙසේ තෙල විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි.
පුන චපරං ආනන්ද, භික්ඛු මක්ඛී හොති පලාසී. -පෙ- ඉස්සුකී හොති මච්ඡරී -පෙ- සඨො හොති මායාවී -පෙ- පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨි -පෙ- සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. යො සො ආනන්ද, භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො. සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො. සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය න පරිපූරකාරී හොති. සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති. ඉමානි ඛො ආනන්ද, ඡ විවාද මූලානි.
තවද ආනන්දය, මහණ ගුණමකු වෙයි, යුගග්රාහලක්ෂණ ප්‍රදාස ඇති වෙයි, ... ඊර්ෂ්‍යා ඇති වෙයි, මසුරු ඇති වෙයි, ... ශඨ වෙයි, මායාවී වෙයි, ... පාපේච්ඡ වෙයි, මිත්ථ්යා දෘෂ්ටික වෙයි ... යුගග්‍රාහ ඇතියේ මුදවාලියැ නො හෙනුයේ සිය දිටු පරාමර්ශ කරනසුලු වෙයි, ආනන්දය, යම් ඒ මහණෙක් ආධානගාහී වැ දුප්පටිනිස්සග්ගී වැ සිය දෘෂ්ටිය ම පරාමර්ශ කරනසුලු වේ නම් හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි දු ගෞරව රහිත වැ ප්‍රතිශය රහිත වැ වාස කෙරෙයි, ධර්මය කෙරෙහිදු අගෞරව වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව රහිත වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරෙයි. ශික්ෂාශාසනයෙහිදු පරිපූරකාරී නො වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරේ ද, ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... (ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරේ ද) ශික්ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවයි, ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වෙයි. ඉදින් ආනන්දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නුවණින් දක්නහු නම්, ආනන්දය, තෙපි ඒ පාපක විවාදමූලයාගේ මැ ප්රහාණය පිණිස වෑයම් කරව. ඉදින් ආනන්දය, තෙපි මෙබඳු විවාද මූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්දය, තෙපි එහි ලා ඒ පාපක විවාද මූලයාගේ මැ මතු නො ඉපැද්ම පිණිස පිළිපදව, මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්‍රහාණ වෙයි, මෙසේ තෙල පාපක විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි. ආනන්දය, මොහු සවැදෑරුම් විවාදමූලයෝ යි.
චත්තාරිමානි ආනන්ද, අධිකරණානි. කතමානි චත්තාරි: විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත්තාධිකරණං, කිච්චාධිකරණං. ඉමානි ඛො ආනන්ද, චත්තාරි අධිකරණානි.
ආනන්දය, මේ අධිකරණයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යි. ආනන්දය, මොහු සතර අධිකරණයෝ යි.
සත්ත ඛො පනිමෙ ආනන්ද, අධිකරණසමථා උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය, සම්මුඛාවිනයො දාතබ්බො, සතිවිනයො දාතබ්බො, අමූළ්හවිනයො දාතබ්බො, පටිඤ්ඤාය කාරෙතබ්බං, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො’ති.
යළි ආනන්දය, මේ අධිකරණසමථයෝ සත්දෙනෙක් වෙති: ‘උපනුපන් අධිකරණයන්ගේ ශමථය පිණිස ව්‍යුපශමය පිණිස (චතුර්විධ සම්මුඛතායෙන්) සම්මුඛාවිනය දිය යුතු ය. (රහත් මහණහට චෝදනා නො කරනු සඳහා) සතිවිනය දියයුතු යැ (උමතු ව සිටි මහණහට චෝදනා නො කරනු සඳහා) අමූළ්හවිනය දියයුතු යැ, (ඇවත පිළිගන්නහුට) ප්‍රතිඥායෙන් කටයුතු යැ, (ධර්මවාදීන්ගේ බාහුල්‍යයෙන් කරන) යේභුය්‍යසිකා යැ, (පාපොත්සද පුද්ගල හට කරන) තස්සපාපිය්යසිකා යැ, තිණ්වත්ථාරකකර්ම යැ යන මොහු යි.
කථඤ්ච ආනන්ද, සම්මුඛාවිනයො හොති: ඉධානන්ද, භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා විනයොති වා අවිනයොති වා. තෙහානන්ද භික්ඛූහි සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා . ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමෙති. තථා තං අධිකරණං වූපසමෙතබ්බං. එවං ඛො ආනන්ද, සම්මුඛාවිනයො හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං සම්මුඛාවිනයෙන.
ආනන්දය, කිසෙයින් සම්මුඛාවිනය වෙයි යත්: ආනන්දය, මෙහි භික්ෂු කෙනෙක් ධර්ම යැ කියා හෝ අධර්ම යැ කියා හෝ විනය යැ කියා හෝ අවිනය යැ කියා හෝ විවාද කෙරෙති. ආනන්දය, සමඟ වූ එ හැම භික්ෂූහු රැස්විය යුතු වෙති. රැස් වැ ධර්මනීතිය විමසියැ යුත්තී යැ, ධර්මනීතිය විමසා ඒ ධර්මන්යායයෙහි යම්සේ සම වේ ද, එසෙයින් ඒ අධිකරණය සන්හිඳුවිය යුතු. ආනන්දය, මෙසේ සම්මුඛාවිනය වෙයි. යම් අධිකරණයෙක් යම් සම්මුඛාවිනයෙකින් සන්හිඳේ ද, මෙසෙයිනුදු මෙහි ඇතැම් විවාදාධිකරණයන්ගේ සන්හිඳීම වේ.
කථඤ්ච ආනන්ද, යෙභුය්යසිකා හොති: තෙ චෙ ආනන්ද, භික්ඛූ න සක්කොන්ති තං අධිකරණං තස්මිං ආවාසෙ වූපසමෙතුං. තෙහානන්ද, භික්ඛූහි යස්මිං ආවාසෙ බහුතරා භික්ඛූ, සො ආවාසො ගන්තබ්බො. තත්ථ සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා. ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමෙති, තථා තං අධිකරණං වූපසමෙතබ්බං. එවං ඛො ආනන්ද, යෙභුය්යසිකා හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං යෙභුය්යසිකාය.
කිසෙයින් ආනන්දය යේභුය්‍යසිකා වෙයි යත්: ඉදින් ආනන්දය, ඒ භික්ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි (හිඳ) සන්හිඳුවාලන්නට නො හැකි වෙත් ද, ආනන්දය, ඒ භික්ෂූන් විසින් යම් ආවාසයෙක බහුතර භික්ෂූහු වෙසෙත් ද, ඒ ආවාසය ගන්තව්‍ය වෙයි. (ඒ ආවාසයට යායුතුයි) එහි සමඟ වූ හැම භික්ෂූහු මැ රැස්විය යුත්තාහ. රැස්වැ ධර්මන්යාය විමසියැ යුතු ය. ධර්මන්යාය විමසා එහි යම්සේ සම් වේ ද, එසෙයින් ඒ අධිකරණය සන්හිඳුවිය යුතු. ආනන්දය, මෙසේ යේභුය්‍යසිකා වෙයි. යම් අධිකරණයෙක් යම් යේභුය්යසිකායේකින් සන්හිඳේ ද, මෙසෙයිනුදු මේ ශාසනයෙහි කිසි අධිකරණ කෙනකුන් ගේ ව්‍යුපශම වෙයි.
කථඤ්ච ආනන්ද, සතිවිනයො හොති: ඉධානන්ද, භික්ඛූ භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා ‘සරතායස්මා එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘න ඛො අහං ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තස්ස ඛො ආනන්ද, භික්ඛුනො සතිවිනයො දාතබ්බො. එවං ඛො ආනන්ද, සතිවිනයො හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං සතිවිනයෙන.
ආනන්දය, කිසෙයින් සතිවිනය වෙයි යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ මෙබඳු ගරුකාපත්තියෙකින් මහණක්හු සොයයි: පරාජිකයෙන් වේවයි ඇවත් අවන් ආයුෂ්මත් පරිජි හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි කෙරේදැයි. ඒ මහණ මෙසේ කියයි: ‘ඇවත, ඇවත් අවන් මම පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි නො කරමි’, ආනන්දය, ඒ මහණහට සතිවිනය දියයුතු. ආනන්දය මෙසේ සතිවිනය වෙයි. සතිවිනයෙන් යම් අධිකරණයෙක් ව්‍යුපශම වේ ද, ආනන්දය, මෙසෙයිනුදු මෙ සස්නෙහි කිසි අනුවාදාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
කථඤ්ච ආනන්ද , අමූළ්හවිනයො හොති: ඉධානන්ද, භික්ඛු භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා සරතායස්මා එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘න ඛො අහං ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘අහං ඛො ආවුසො, උම්මාදං පාපුණිං චෙතසො විපරියෙසං. තෙන මෙ උම්මත්තකෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං නාහං තං සරාමි. මූළ්හෙන මෙ එතං කතන්ති. තස්ස ඛො ආනන්ද, භික්ඛුනො අමූළ්හවිනයො දාතබ්බො. එවං ඛො ආනන්ද, අමූළ්හවිනයො හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති. යදිදං අමූළ්හවිනයෙන.
ආනන්දය, කිසෙයින් අමූළ්හවිනය වෙයි යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ පාරාජිකයෙන් වේවයි පාරාජිකසාමන්තයෙන් වේවයි මෙබඳු ගරුකාපත්තියකින් මහණකු සොයයි: ‘ඇවැත් අවන් ආයුෂ්මත් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි කෙරේ දැ’ යි. හේ මෙසේ කියයි: ‘ඇවත, ඇවැත් අවන් මම පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි නො කරමි, ඒ චෝදක මහණ ඇවැත්වෙළුම් හරන තෙල චුදික මහණහු තර කොට ඇවතින් වෙළයි: ‘ඇවැත් අවන් ආයුෂ්මත් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් ඉදින් සිහි කරහි නම්, එයින් ආයුෂ්මත් මනාකොට මැ දනුව’ යි. (එසඳ) ඒ චුදිත මහණ මෙසේ කියයි: ‘ඇවත මම් වූ කලි චිත්තවිපර්‍ය්‍යාස වූ උන්මාදයට පැමිණියෙමි, උමතු වූ මා විසින් බසින් බිණු කයින් කළ බොහෝ නො සරුප් දැ ආචාර බිඳ කරන ලද. මම් ඒ නො සිහි කරමි, සමුමූඪ වූ මා විසින් තෙල කැරුණේ ය’ යි. ආනන්දය, ඒ මහණ හට අමූළ්හවිනය දියයුතු. ආනන්දය, මෙසේ අමූළ්හවිනය වෙයි. යම් අධිකරණයෙක් යම් අමූළ්හවිනයෙකින් සන්හිඳේ ද, මෙසෙයින් මෙ සස්නෙහි කිසි අනුවාදාධිකරණ කෙනකුන්ගේ සන්හිඳීම වෙයි.
කථඤ්ච ආනන්ද, පටිඤ්ඤාතකරණං හොති: ඉධානන්ද, භික්ඛු චොදිතො වා අචොදිතො වා ආපත්තිං සරති, විවරති උත්තානීකරොති. තෙනානන්ද, භික්ඛුනා බුඩ්ඪතරො භික්ඛු උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො ‘අහං භන්තෙ, ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී’ති. සො එවමාහ : ‘පස්සසී’ති, ‘පස්සාමී’ති. ‘ආයතිං සංවරං ආපජ්ජෙය්යාසීති සංවරං ආපජ්ජිස්සාමීති. එවං ඛො ආනන්ද, පටිඤ්ඤාතකරණං හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං පටිඤ්ඤාතකරණෙන.
කිසෙයින් ආනන්දය, පටිඤ්ඤාතරකණ වෙයි යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ චෝදිත වූයේ හෝ අචෝදිත වූයේ හෝ ඇවැත් සිහි කෙරෙයි, විවර කෙරෙයි, පාළ කෙරෙයි. ආනන්දය, ඒ මහණහු විසින් වෘද්ධතර මහණ වෙත එළැඹ සිවුරු එකස් කොට පාසඟුළුවන් වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වෙයි: ‘වහන්ස, මම් මෙනම් ඇවැත් අවන්මි, එ ඇවැත් දෙසමී’, හේ මෙසේ කියයි: ‘දක්නෙහි දැ’ යි, ‘දක්මී’. ‘මතුයෙහි සංවරයට පැමිණෙහි’ යයි. ‘සංවරයට පැමිණෙමි’යි. ආනන්දයෙනි, මෙසේ පටිඤ්ඤාතකරණ වෙයි. යම් අධිකරණයෙක් යම් පටිඤ්ඤාතකරණ නම් සමථයෙකින් සන්හිඳේ ද, මෙසේත් මෙ සස්නෙහි ඇතැම් ආපත්තාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
කථඤ්ච ආනන්ද , තස්සපාපිය්යසිකා හොති: ඉධානන්ද, භික්ඛූ භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා, ‘සරතායස්මා එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ:
ආනන්දය, කිසෙයින් ‘තස්සපාපිය්යසිකා’ වෙයි යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ මහණක්හට පරිජි ඇවතින් වේවයි පාරාජිකසාමන්තයෙකින් වේවයි ‘ආයුෂ්මත් පරිජි හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවතකට පැමිණියේ සිහි කෙරේව’ යි. මෙ බඳු ගරු ඇවැතෙකින් චෝදනා කෙරෙයි. හේ මෙසේ කියයි:
‘න ඛො අහං ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති. ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ : ‘න ඛො අහං ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා, සරාමි ඛො අහං ආවුසො එවරූපිං අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිතා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති, ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘ඉමං හි නාමාහං ආවුසො, අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨො පටිජානිස්සාමි. කිම්පනාහං එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨො න පටිජානිස්සාමී’ති. සො එවමාහ: ‘ඉමං හි නාම ත්වං ආවුසො, අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨො න පටිජානිස්සසි. කිම්පන ත්වං එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨො පටිජානිස්සසි, ‘ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘සරාමි ඛො අහං ආවුසො, එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා ‘දවා මෙ එවං වුත්තං, රවා මෙ එවං වුත්තං, ‘නාහං තං සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. එවං ඛො ආනන්ද, තස්සපාපිය්යසිකා හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං තස්සපාපිය්යසිකාය.
‘ඇවැත්නි, මම් පරිජි හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට නොපැමිණයෙම් නො මැ සිහි කෙරෙමි’ යි. ඒ චෝදක මහණ නිර්වෙෂ්ඨන කරන (තමා මුදන) තෙල චුදිතයා අතිවෙඨන කෙරෙයි: ‘ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙහි සිහි කෙරෙහි නම් ආයුෂ්මත් ඒකාන්තයෙන් මනාකොට මැ දනුව’ යි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් නො මැ සිහි කෙරෙමි. ඇවැත්නි, මම් මෙ බඳු වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණියෙම් සිහි කෙරෙමි’ යි. ඒ චෝදක මහණ නිර්වෙෂ්ඨන කරන තෙල චුදිත මහණහු අතිවෙඨන කෙරෙයි: ‘ඒකාන්තයෙන් ආයුෂ්මත් මනාකොට මැ දන්හි. ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙහි සිහි කරව’ යි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් යම් හෙයෙකින් මේ අල්පමාත්‍ර වූ ඇවැතකට පැමිණ නො පුළුවුස්නා ලදුයෙම් ප්‍රතිඥා කෙරෙම් නම් කිමෙක් ද මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණ පුළුවුස්නාලදුයෙම් පිළින නො කෙරෙම් දැ’ යි. ඒ චෝදක මහණ මෙසේ කියයි: ‘ඇවැත්නි, යම් හෙයෙකින් තෝ මේ අල්පමාත්‍ර වූ ඇවැතකට පැමිණ නො පුළුවුස්නා ලද්දෙහි ප්‍රතිඥා නො කරව. කිමෙක තෝ පාරාජික හෝ පාරාජිකසාමන්ත හේ මෙ බඳු ගරු ඇවැතකට පැමිණ පුළුවුස්නා ලදුයෙහි ප්‍රතිඥා කරන්නෙහි ද? ඒකාන්තයෙන් ආයුෂ්මත් මනාකොට මැ දන්හි. ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියහු සිහි කරව’ යි. ඒ චුදිත මහණ කියයි. ඇවැත්නි, මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් සිහි කෙරෙම් මැ යැ. ‘මා විසින් සැහැසි වැ මෙසේ කියන ලද. මා විසින් අනෙකක් කියනු කැමැති වැ මෙසේ කියන ලද. මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් එය නො සිහි කෙරෙමි’ යි. ආනන්දය, මෙසේ ‘තස්සපාපිය්යසිකා’ වෙයි. මෙ සස්නෙහි ‘තස්සපාපිය්යසිකා’ නම් සමථයෙකින් යම් අධිකරණයෙක් සන්හිඳේ ද, මෙසේත් මෙ සස්නෙහි ඇතැම් ආපත්තාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
කථඤ්ච ආනන්ද, තිණවත්ථාරකො හොති: ඉධානන්ද, භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං. තෙහානන්ද, භික්ඛූහි සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා එකතො පක්ඛිකානං භික්ඛූනං බ්යත්තතරෙන භික්ඛුනා උට්ඨායාසනා එකංසං චීවරං කත්වා අඤ්ජලිම්පණාමෙත්වා සඞ්ඝො ඤාපෙතබ්බො.
ආනන්දය, කිසෙයින් ‘තිණවත්ථාරක’ වෙයි යත්: ආනන්දය, මෙ සස්නෙහි උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණ වෙසෙන භික්ෂූන් විසින් බසින් කී කයින් වෑයම් කොට කළ බොහෝ නොසරුප් දැ කරන ලද වෙයි. ආනන්දය, ඒ භික්ෂූන් හැම සමඟ වූවන් රැස්විය යුතු, රැස්වැ සපක්ෂ භික්ෂූන් අතුරෙන් ව්‍යක්තතර මහණක්හු විසින් හුනස්නෙන් නැඟීසිට සිවුර එකස් කොට පෙරෙව ඇඳිලි බැඳ සඞ්ඝයා මෙසේ දැන්විය යුතු:
‘සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: ඉදං අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති, ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්ත’න්ති.
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදාපන්න වැ වෙසෙන අප විසින් බසින් කී කයින් කළ මේ බොහෝ නො සරුප් දැ කරන ලද, ඉදින් සඟනට පැමිණි කල් වී නම්, මේ ආයුෂ්මතුන්ගේ යම් මැ ඇවැතකුත් වේ ද, තමාගේ යම් ඇවැතකුත් වේ ද, (එය) මේ ආයුෂ්මතුන් සඳහාත් තමා සඳහාත් ස්ථුලවද්‍ය (පරිජි සඟවෙසෙස්) ඇවැත් තබා ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් තබා, සඟමැද තිණ්වත්ථාරකයෙන් දෙසන්නෙමැ’ යි.
අථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං බ්යත්තතරෙන භික්ඛුනා උට්ඨායාසනා එකංසං චීවරං කත්වා අඤ්ජලිම්පණාමෙත්වා සඞ්ඝො ඤාපෙතබ්බො :
ඉක්බිති සපක්ෂ වූ අන්‍ය භික්ෂූන් අතුරෙන් ව්‍යක්තර මහණක්හු විසින් හුනස්නෙන් නැඟීසිට සිවුරු එකස් කොට පෙරෙව ඇඳිලි බැඳ සඞ්ඝ තෙමේ ඥාතව්‍ය වෙයි:
‘සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො : ඉදං අම්හාක භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති, ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය, සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්ත’න්ති.
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදාපන්න වැ වෙසෙන අප විසින් බසින් කී කයින් කළ මේ බොහෝ නො සරුප් දැ වෙයි, ඉදින් සඟනට පැමිණි කල් වී නම්, මම මේ ආයුෂ්මතුන්ගේ යම් මැ ඇවැතකුත් ඇද්ද තමාගේ යම් ඇවැතකුත් ඇද්ද, (එය) මේ ආයුෂ්මතුන් සඳහාත් තමා සඳහාත් (පරිජි සඟවෙසෙස් යන) ස්ථුලවද්‍ය ඇවැත් තබා ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් තබා, සඟමැද තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමැ’ යි.
එවං ඛො ආනන්ද, තිණවත්ථාරකො හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං තිණවත්ථාරකෙන.
ආනන්දය, මෙසේ තිණවත්ථාරක සමථ වෙයි. මෙසේ වැලිත් සස්නෙහි යම් ‘තිණවත්ථාරක’ නම් ශමථයෙක් ඇද්ද එයින් ඇතැම් අපත්තාධිකරණ කෙනකුන්ගේ සන්හිඳීම වෙයි.
ඡයිමෙ ආනන්ද, ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති. කතමෙ ඡ: ඉධානන්ද, භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
ආනන්දය, සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන සබ්‍රම්සරුන් ගරු කරන මේ ධර්මයෝ සදෙනෙක් සබ්‍රම්සරුන් විසින් සංග්‍රහ කළයුතු බවට අවිවාදයට සමඟ බවට ඒකීභාවයට වැටෙති. කවර සදෙනෙක යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහි ද පරාම්මුඛයෙහි ද මෛත්‍රී කායකර්මය එළඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ ධර්මය ද සබ්‍රම්සරුන් විසින් සඞ්ග්‍රහ පිණිස (ඔවුන් හා) අවිවාද පිණිස සාමග්‍රිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
පුන චපරං ආනන්ද, භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති. සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
යළිදු ආනන්දය, මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි මෛත්‍රී වාක්කර්‍මය හමුයෙහි දු නො හමුයෙහි දු එළැඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සාමග්‍රිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
පුන චපරං ආනන්ද, භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
යළිදු ආනන්දය, මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි මෛත්‍රීමනඃකර්‍මය හමුයෙහි දු නො හමුයෙහි දු එළැඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සමගියට එකඟ බවට වැටෙයි.
පුන චපරං ආනන්ද, භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
යළිදු ආනන්දය, දැහැමි වූ දැහැමින් ලද යම් ලාභ කෙනෙක් වෙත් ද, යටත්පිරිසෙයින් පාත්රපර්ය්යාපන්නමාත්රයෙකුදු වේ නම් එබඳු ලාභයෙන් සිල්වත් සබ්‍රම්සරුන් සමග (ආමිෂය හෝ පුද්ගලයා) වෙන් කොට නො වළඳනුයේ සාධාරණභෝගී වෙයි. සිහි කටයුතු වූ ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සමගියට එකඟ බවට වැටෙයි.
පුන චපරං ආනන්ද, භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
යළිදු ආනන්දය, නො කඩ වූ නො සිදුරු වූ නො සබල වූ කල්මාෂ නො වූ නිදස් වූ නුවණැත්තන් විසින් පසස්නාලද (තෘෂ්ණාදෘෂ්ටියෙන්) නො පහස්නාලද, සමාධි පිණිස පවත්නා වූ යම් ශීල කෙනෙක් වෙත් ද, එබඳු ශීලයෙහි හමුයෙහි දු නො හමුයෙහි දු සබ්‍රම්සරුන් සමග ශීලයෙන් සමාන බවට පැමිණ වෙසෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මෙ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙයි.
පුන චපරං ආනන්ද, භික්ඛු යායං දිට්ඨි අරියා නිය්යාණිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
යළිදු ආනන්දය, මහණ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියක් එලෙසින් කරනුවහට මැනැවින් දුක් කෙළවර කිරීමට පැමිණේ ද, එබඳු වූ දෘෂ්ටියෙන් හමුයෙහි දු නො හමුයෙහි දු සබ්‍රම්සරුන් සමග දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියේ වෙසෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මෙ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙයි.
ඉමෙ ඛො ආනන්ද, ඡ සාරාණීයා ධම්මා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති.
ආනන්දය, සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ ධර්මයෝ සදෙන සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙත්.
ඉමෙ චෙ තුම්හෙ ආනන්ද, ඡ සාරාණීයෙ ධම්මෙ සමාදාය සංවත්තෙය්යාථ. පස්සථ නො තුම්හෙ, ආනන්ද, තං වචනපථං අණුං වා ථූලං වා, යං තුම්හෙ නාධිවාසෙය්යාථාති:
ආනන්දය, ඉදින් තෙපි සිහි කටයුතු වූ මේ ධර්මයන් සදෙන මොනොවට ගෙන වැටෙන්නහු නම්, ආනන්දය, තෙපි අල්පසාවද්‍ය හෝ මහාසාවද්‍ය හෝ යම් වචනපථයක් නො ඉවසන්නහු ද එ වචනපථය තෙපි දක්නහු ද?
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
තස්මාතිහානන්ද, ඉමෙ ඡ සාරාණීයෙ ධම්මෙ සමාදාය වත්තථ. තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති.
එහෙයින් ආනන්දය, මෙ කරුණෙහි ලා මේ ෂට්සාරාණීයධර්මයන් මොනොවට ගෙන වැටෙවු. එය තොපට දීර්ඝරාත්රයෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යයි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තාහ’ යි.
සාමගාම සුත්තං චතුත්ථං
සිව් වැනි සාමගාම සූත්‍ර යි.