සුනක්ඛත්ත සුත්තං
3. 1. 5.
3. 1. 5.
සුනක්ඛත්ත සුත්තං
සුනක්ඛත්ත සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන සම්බහුලෙහි භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්යාකතා හොති ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමා’ති. අස්සොසි ඛො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො ‘සම්බහුලෙහි කිර භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්යාකතා හොති ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වාස කරනසේක. එසමයෙහි බොහෝ මහණුන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාති ක්ෂය කරනලද, මඟ බඹසරවස් වැස නිමවන ලද, කරණී කරනලද, මේ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ” යි අර්හත්වය ප්‍රකාශ කරන ලද වෙයි. සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර “බොහෝ මහණුන් විසින් භාග්‍යවතුන් සමීපයෙහි දී ‘ජාති ක්ෂය කරනලද, මඟබඹසරවස් වැස නිමවනලද, කරණී කරනලද, මෙ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ’ යි අර්හත්වය පවසන ලද වේ” යයි ඇසී.
අථ ඛො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො භගවන්තං එතදවොච:
එසඳ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් කරා එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
‘සුතං මෙතං භන්තෙ, සම්බහුලෙහි කිර භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්යාකතා ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති. යෙ තෙ භන්තෙ, භික්ඛූ භගවතො සන්තිකෙ අඤ්ඤං බ්යාකංසු ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති. කච්චි තෙ භන්තෙ, භික්ඛූ සම්මදෙව අඤ්ඤං බ්යාකංසු උදාහු සන්තෙත්ථෙකච්චෙ භික්ඛූ අධිමානෙන අඤ්ඤං බ්යාකංසූ’ති?
“වහන්ස, මා විසින් තෙල අසන ලද: ‘බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අර්හත්වය ප්‍රකාශ කරන ලද, ජාතිය ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්ථම්භාවය (කෙලෙසුන් නැසීම) පිණිස මඟබවුන් කිසයෙක් නැතැ’ යි දනුම්හ” යි. කිමෙක වහන්ස, ඒ භික්ෂූහු මැනැවින් ම අර්හත්වය පැවැසූහු ද, නොහොත් ඔවුන් කෙරෙහි ඇතැම් භික්ෂූහු අධිමානයෙන් අර්හත්වය පැවසූහු ඇත් දැ’ යි.
යෙ තෙ සුනක්ඛත්ත, භික්ඛූ මම සන්තිකෙ අඤ්ඤං බ්යාකංසු ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති. සන්තෙත්ථෙකච්චෙ භික්ඛූ සම්මදෙව අඤ්ඤං බ්යාකංසු, සන්ති පනිධෙකච්චෙ භික්ඛූ අධිමානෙනපි අඤ්ඤං බ්යාකංසු. තත්ර, සුනක්ඛත්ත, යෙ තෙ භික්ඛූ සම්මදෙව අඤ්ඤං බ්යාකංසු තෙසං තං තථෙව හොති. යෙ පන තෙ භික්ඛූ අධිමානෙන අඤ්ඤං බ්යාකංසු, තත්ර සුනක්ඛත්ත, තථාගතස්ස එවං හොති: ‘ධම්මං නෙසං දෙසෙස්ස’න්ති. එවඤ්චෙත්ථ සුනක්ඛත්ත, තථාගතස්ස හොති: ‘ධම්මං නෙසං දෙසෙස්ස’න්ති. අථ ච පනිධෙකච්චෙ මොඝපුරිසා පඤ්හං අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති. තත්ර සුනක්ඛත්ත, යම්පි තථාගතස්ස එවං හොති: ‘ධම්මං නෙසං දෙසෙස්ස’න්ති. තස්සපි හොති අඤ්ඤථත්තන්ති.
සුනක්ඛත්තය, යම් භික්ෂු කෙනෙක් මා සමීපයෙහි ‘ජාති ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්ථම්භාවය පිණිස අන් කිසයෙක් නැතැ’ යි දනුම්හ’ යි රහත්බව පැවැසූහු ද, ඔවුන් කෙරෙහි ඇතැම් භික්ෂූහු මැනැවින් ම අර්හත්වය ප්‍රකාශ කළාහු ඇත. යලි ඇතැම් භික්ෂූහු අධිගතමානයෙනුදු අර්හත්වය ප්‍රකාශ කළාහු ඇත. සුනක්ඛත්තය, ඔවුන් කෙරෙහි යම් භික්ෂු කෙනෙක් මැනැවින් මැ අර්හත්වය ප්‍රකාශ කළාහු ද, ඔවුන්ගේ ඒ ව්‍යාකරණය එසෙයින් මැ වෙයි. යලි යම් භික්ෂු කෙනෙක් අධිගතමානයෙන් අර්හත්වය ප්‍රකාශ කළාහු ද, එහි ලා සුනක්ඛත්තය, තථාගතයනට මෙසේ සිත් වෙයි: ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි. සුනක්ඛත්තය, ඒ භික්ෂූන්ගේ අඤ්ඤව්‍යාකරණයෙහි ලා ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේත් සිත් වෙයි. එතෙකුදු වත් මෙ සස්නෙහි ඇතැම් මෝඝපුරුෂයෝ පැන පුනපුනා සකසා තථාගතයන් කරා එළැඹ පුළුවුස්ති. එහි ලා සුනක්ඛත්තය, යම් කරුණෙකින් ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේ සිත් වෙයි, ඒ චිත්තයාගේ ද අන්යථාත්වය වේ යයි.
එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො. ‘යං භගවා ධම්මං දෙසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති. තෙන හි සුනක්ඛත්ත, සුණොහි, සාධුකං මනසි කරොහි භාසිස්සාමීති.
‘යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක් ද, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කලැ, සුගතයන් වහන්ස, මේ ඊට කලැ, භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙසුම් අසා ධරන්නාහ’ යි. සුනක්ඛත්තය, එසේ වී නම් අස, මනා කොට මෙනෙහි කර, දෙසන්නෙමි’ යි.
එවං භන්තෙති ඛො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
එසේ යැ වහන්සැ’ යි සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී, භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
පඤ්ච ඛො ඉමෙ සුනක්ඛත්ත, කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, ඉමෙ ඛො සුනක්ඛත්ත පඤ්ච කාමගුණා.
සුනක්ඛත්තය, මේ කාමගුණයෝ පස්දෙනෙක, කවර පස්දෙනෙක යත්: චක්ෂුර් විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ (අරමුණු කොට උපදනා) කාමයෙන් යුත් රාග ඉපදීමට කරුණු වූ රූපයෝ යැ, ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයෝ යැ ... කායවිඥානයෙන් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ කාමොත්පාදක වූ රාගයට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, සුනක්ඛත්තය, මොහු පඤ්චකාමගුණයෝ යි.
ඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ලොකාමිසාධිමුත්තො අස්ස, ලොකාමිසාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ආනෙඤ්ජපටිසංයුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
තවද සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක් යම්හෙයෙකින් (වට්ට-කාම-ලෝකාමිසසංඛ්යාත) පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්, සුනක්ඛත්තය, ඒකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී, ඊට අනුරූප ධර්ම වූ විතර්කය ද විතර්ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද බෙජෙයි, ඔහු ගෙන් නො ද සතුටට පැමිණෙයි.
සෙය්යථාපි සුනක්ඛත්ත, පුරිසො සකම්මා ගාමා වා නිගමා වා චිරවිප්පවුත්ථො අස්ස. සො අඤ්ඤතරං පුරිසං පස්සෙය්ය තම්හා ගාමා වා නිගමා වා අචිරපක්කන්තං, සො තං පුරිසං තස්ස ගාමස්ස වා නිගමස්ස වා ඛෙමතඤ්ච සුභික්ඛතඤ්ච අප්පාබාධතඤ්ච පුච්ඡෙය්ය, තස්ස සො පුරිසො තස්ස ගාමස්ස වා නිගමස්ස වා ඛෙමතඤ්ච සුභික්ඛතඤ්ච අප්පාබාධතඤ්ච සංසෙය්ය. තං කිං මඤ්ඤසි සුනක්ඛත්ත, අපි නු සො පුරිසො තස්ස පුරිසස්ස සුස්සූසෙය්ය, සොතං ඔදහෙය්ය, අඤ්ඤා චිත්තං උපට්ඨපෙය්ය, තඤ්ච පුරිසං භජෙය්ය, තෙන ච විත්තිං ආපජ්ජෙය්යා’ති?
යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ බොහෝ කල් වෙන් වැ වසන්නේ ද, හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි නො බෝකල් ඇති අන්‍යතර පුරුෂයකු දක්නේ නම්, හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ ක්ෂේම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය, ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්ෂේම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය. සුනක්ඛත්ත, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේ නො ද, ඇසීමට කන නමන්නේ නො ද, දැනුමට සිත එළවන්නේ නො ද, ඒ පුරුෂයාත් සෙවුනේ නො ද, ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.
එවං භන්තෙ.
එසේ යැ වහන්ස,
එවමෙව ඛො, සුනක්ඛත්ත, ඨානමෙතං විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ලොකාමිසාධිමුත්තො අස්ස. ලොකාමිසාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති. තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ආනෙඤ්ජපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති,4 න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති. සො එවමස්ස වෙදිතබ්බො: ආනෙඤ්ජසංයොජනෙන හි ඛො විසංයුත්තො ලොකාමිසාධිමුත්තො පුරිසපුග්ගලොති.
එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක් (වට්ට-කාම-ලෝකාමිෂ සංඛ්‍යාත) පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද, සුනක්ඛත්තය, ලෝකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවති, ඊට අනුරූප වූ ධර්මය මැ විතර්ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, එයින් සතුටට නො ද පැමිණෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය. ආනෙඤ්ජ සමාපත්තිසංයෝජනයෙන් යුක්ත නො වූ පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.
ඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ආනෙඤ්ජාධිමුත්තො අස්ස, ආනෙඤ්ජාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ලොකාමිසපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද, සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්මය විතර්කවිචාර ද කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද ඇසුරු කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටු වෙයි.
සෙය්යථාපි සුනක්ඛත්ත, පණ්ඩුපලාසො බන්ධනා පවුත්තො අභබ්බො හරිතත්තාය. එවමෙව ඛො සුනක්ඛත්ත, ආනෙඤ්ජාධිමුත්තස්ස පුරිසපුග්ගලස්ස යෙ ලොකාමිසසඤ්ඤොජනෙ සෙ පවුත්තෙ. සො එවමස්ස වෙදිතබ්බො: ලොකාමිසසඤ්ඤොජනෙන හි ඛො විසඤ්ඤුත්තො ආනෙඤ්ජාධිමුත්තො පුරිසපුග්ගලො’ති.
යම්සේ සුනක්ඛත්තය, නටුයෙන් ගිලිහුණු පඬුවන් වූ පත්‍රයෙක් හරිද්වර්ණය පිණිස අභව්‍ය වේ ද, එසෙයින් මැ සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල හට යම් ලෝකාමිෂසංයෝජනයෙක් ඇද්ද, එය ගිලිහුණේ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය: ලෝකමිෂසංයෝජනයෙන් විසංයුක්ත වූ ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ත ඇති පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.
ඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තො අස්ස. ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ආනෙඤ්ජපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
තවද සුනක්ඛත්තය, මෙකරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇත්තේ වේ ද, සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූ වූ මැ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්මය ද විතර්ක විචාර කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි ආනෙඤ්ජසමාපත්තිපටිසංයුක්ත කථාව කරනු ලබන කල්හි නො අසනුකැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
සෙය්යථාපි සුනක්ඛත්ත, පුථුසිලා ද්වෙධා භින්නා අප්පටිසන්ධිකා හොති. එවමෙව ඛො සුනක්ඛත්ත, ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තස්ස පුරිසපුග්ගලස්ස යෙ ආනෙඤ්ජසඤ්ඤොජනෙ සෙ භින්නෙ. සො එවමස්ස වෙදිතබ්බො: ආනෙඤ්ජසඤ්ඤොජනෙන හි ඛො විසඤ්ඤුත්තො ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තො පුරිසපුග්ගලො’ති.
යම්සේ සුනක්ඛත්තය, මහගලක් දෙකඩ වැ බිඳුණේ ප්රතිසන්ධානයට නො නිසි වේ ද, එසෙයින් මැ සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගලහට යම් ආනෙඤ්ජසමාපත්තිසංයෝජනයෙක් ඇද්ද, එය බිඳුණේ’ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ යැ: “ආනෙඤ්ජසමාපත්තිසංයොජනයෙන් විසංයුක්ත වූ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ත වූ පුරුෂපුද්ගලයෙකැ” යි කියා යි.
ඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තො අස්ස, නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ආකිඤ්චඤ්ඤායතනපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
තවද සුනක්ඛත්තය, මෙ කරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇත්තේ වේද සුනක්ඛත්තය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ත වූ පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවතී, ඊට අනුරූප වූ මැ ධර්මය ද විතර්කවිචාර කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ප්‍රතිසංයුක්ත කථාව කරනුලබන කල්හි නො අසනුකැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, එ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
සෙය්යථාපි සුනක්ඛත්ත, පුරිසො මනුඤ්ඤභොජනං භුත්තාවී ඡඩ්ඩෙය්ය. තං කිං මඤ්ඤසි සුනක්ඛත්ත, අපි නු තස්ස පුරිසස්ස තස්මිං භත්තෙ පුන භොත්තුකම්යතා අස්සා’ති?
යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් බත්කිස නිමවූයේ මනෝඥ භෝජනය බැහැර ලන්නේ යැ. සුනක්ඛත්තය, ඒ කෙසේ හඟිහි? කිමෙක් ද ඒ පුරුෂයාහට එ බත වටාලා බුදිනුකැමැත්තක් වන්නේ දැ? යි.
නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: අදුං හි භන්තෙ, භත්තං පටික්කූලසම්මතන්ති.
වහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල බත පිළිකුලැ’ යි සම්මත හෙයිනි.
එවමෙව ඛො සුනක්ඛත්ත, නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තස්ස පුරිසපුග්ගලස්ස යෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤොජනෙ සෙ වන්තෙ. සො එවමස්ස වෙදිතබ්බො: ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤොජනෙන හි ඛො විසඤ්ඤුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තො පුරිසපුග්ගලො’ති.
එසෙයින් මැ සුනක්ඛත්තය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමවත්හි ඇලුණු පුරුෂපුද්ගලහට යම් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති සංයෝජනයෙක් ඇද්ද, එය ඔහු විසින් වමාළේ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති සංයෝජනයෙන් විසංයුක්ත වූයේ මැ යැ කියා යි.
ඨානං ඛො පනෙතං, සුනක්ඛත්ත, විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො සම්මානිබ්බානාධිමුත්තො අස්ස. සම්මානිබ්බානාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: යම්හෙයෙකින් මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මනාකොට නිර්වාණයෙහි අධිමුක්ති ඇත්තේ වේ ද, සුනක්ඛත්තය, මනාකොට නිර්වාණයෙහි අධිමුක්ත වූ ඊට අනුරූප වූ මැ කථාව පවතී, ඊට අනුගත වූ ධර්මය ද විතර්ක විචාර කෙරෙයි, ඒ පුරුෂයා සේවනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ප්‍රතිසංයුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
සෙය්යථාපි සුනක්ඛත්ත, තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා. එවමෙව ඛො සුනක්ඛත්ත, සම්මා නිබ්බානාධිමුත්තස්ස පුරිසපුග්ගලස්ස යෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤොජනෙ සෙ උච්ඡින්නමූලෙ තාලාවත්ථුකතෙ අනභාවකතෙ ආයතිං අනුප්පාදධම්මෙ. සො එවමස්ස වෙදිතබ්බො: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤොජනෙන හි ඛො විසඤ්ඤුත්තො සම්මා නිබ්බානාධිමුත්තො පුරිසපුග්ගලො’ති.
යම්සේ සුනක්ඛත්තය, මුදුන සුන් තලෙක් යලි වැඩීමට නො නිසි වේද, එසෙයින් ම සුනක්ඛත්තය, මනාකොට නිර්වාණාධිමුක්ත වූ පුරුෂපුද්ගලහට යම් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිසංයෝජනයෙක් ඇද්ද, එය උසුන් මුල් ඇතියේ තාලවස්තුවක් සෙයින් කරන ලදුයේ අනුඅභාවය කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. හේ මෙසේ දතයුත්තේ වන්නේ ය: මනාකොට නිර්වාණාධිමුක්ත වූ පුරුෂපුද්ගල නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිසංයෝජනයෙන් විසංයුක්ත වූයේ මැ යැ කියා යි.
ඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති. යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස: ‘තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො අවිජ්ජාවිසදොසො, සම්මානිබ්බානාධිමුත්තොහමස්මී’ති. එවං මානී අස්ස අතථං ‘ස මානං. සො යානි සම්මා නිබ්බානාධිමුත්තස්ස අසප්පායානි, තානි අනුයුඤ්ජෙය්ය: අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං අනුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං අනුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං අනුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං අනුයුඤ්ජෙය්ය, අසප්පායං මනසා ධම්මං අනුයුඤ්ජෙය්ය. තස්ස අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුත්තස්ස, අසප්පායං සොතෙන සද්දං අනුයුත්තස්ස, අසප්පායං ඝානෙන ගන්ධං අනුයුත්තස්ස, අසප්පායං ජිව්හාය රසං අනුයුත්තස්ස, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං අනුයුත්තස්ස, අසප්පායං මනසා ධම්මං අනුයුත්තස්ස රාගො චිත්තං අනුද්ධංසෙය්ය. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං.
තවද සුනක්ඛත්තය, මෙ කරුණ විද්‍යමාන වෙයි. කිමෙක යත්: මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැ’ යි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මට ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම මනාකොට නිර්වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි’ යි. (අධිගත) මාන ඇතියේ වෙයි. ඔහුගේ මානය අතථ්‍ය (හිස්) වෙයි. හේ මනාකොට නිර්වාණයෙහි බැසගත් සිත් ඇත්තහුට අහිත වූ යම් අරමුණු කෙනෙක් ඇද්ද, එහි යෙදෙන්නේ ය, ඇසින් අහිත වූ රූ දැක්මෙහි යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්දයෙහි යෙදෙන්නේ ය, නැහැයෙන් අහිත වූ ගන්ධයෙහි යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රසයෙහි යෙදෙන්නේ ය, කයින් අහිත වූ පැහැසියයුත්තෙහි යෙදෙන්නේ ය, සිතින් අහිත වූ දහම්හි යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූදැක්මෙහි යෙදුණු, කනින් අහිත වූ ශබ්දයෙහි යෙදුණු, නැහැයෙන් අහිත වූ ගන්ධයෙහි යෙදුණු, දිවින් අහිත වූ රසයෙහි යෙදුණු, කයින් අහිත වූ පැහැසියයුත්තෙහි යෙදුණු, සිතින් අහිත වූ දහම්හි යෙදුණු ඔහුගේ සිත රාගය විසුරුවාලන්නේ ය. හේ රාගයෙන් මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය.
සෙය්යථාපි සුනක්ඛත්ත, පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හූපලෙපනෙන. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො සත්ථෙන වණමුඛං පරිකන්තෙය්ය. සත්ථෙන වණමුඛං පරිකන්තෙත්වා එසනියා සල්ලං එසෙය්ය. එසනියා සල්ලං එසෙත්වා සල්ලං අබ්බහෙය්ය අපනෙය්ය විසදොසං සඋපාදිසෙසං. සඋපාදිසෙසොති මඤ්ඤමානො සො එවං වදෙය්ය: ‘අම්භො පුරිස, උබ්භතං ඛො තෙ සල්ලං, අපනීතො
සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් විෂ සහිත වූ පුනපුනා විෂ පෙවූ හීයෙකින් විදුනා ලද්දේ වන්නේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේනෑයෝ සැත්කම් කරන වෙදකු එළවන්නාහු ය, ඒ සැත්කම් කරන වෛද්‍ය සැතින් ඔහුගේ ව්‍රණමුඛය සිඳින්නේ ය, සැතින් ව්‍රණමුඛය සිඳ ඒෂණිසලාකායෙන් ශල්‍යය සොයන්නේ ය, ඒෂණියෙන් ශල්‍යය සොයා ශල්‍යය උදුරන්නේ ය ග්‍රහණශේෂ සහිත කොට විෂදෝෂය බැහැර කරන්නේ ය. ග්‍රහණ ශේෂ සහිත යයි හඟනා වූ හෙතෙම මෙසේ කියන්නේ ය: “එම්බා පුරුෂය, තාගේ ශල්‍යය
විසදොසො සඋපාදිසෙසො, අනලඤ්ච තෙ අන්තරායාය. සප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්යාසි, මා තෙ අසප්පායානි භොජනානි භුඤ්ජතො වණො අස්සාවී අස්ස. කාලෙන කාලං වණං ධොවෙය්යාසි, කාලෙන ච කාලං වණමුඛං ආලිම්පෙය්යාසි, මා තෙ න කාලෙන කාලං වණං ධොවතො න කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං පරියොනන්ධි. මා ච වාතාතපෙ චාරිත්තං අනුයුඤ්ජි, මා තෙ වාතාතපෙ චාරිත්තං අනුයුත්තස්ස රජොසූකං වණමුඛං අනුද්ධංසෙසි, වණානුරක්ඛී ච අම්භො පුරිස විහරෙය්යාසි වණසාරොපී’ති. තස්ස එවමස්ස: ‘උබ්භතං ඛො මෙ සල්ලං, අපනීතො විසදොසො අනුපාදිසෙසො, අනලඤ්ච මෙ අන්තරායායා’ති. සො අසප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්ය. තස්ස අසප්පායානි භොජනානි භුඤ්ජතො වණො අස්සාවී අස්ස. න ච කාලෙන කාලං වණං ධොවෙය්ය. න ච කාලෙන කාලං වණමුඛං ආලිම්පෙය්ය. තස්ස න කාලෙන කාලං වණං ධොවතො, න කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං පරියොනෙන්ධය්ය. වාතාතපෙ ච චාරිත්තං අනුයුඤ්ජෙය්ය. තස්ස වාතාතපෙ චාරිත්තං අනුයුත්තස්ස රජොසූකං වණමුඛං අනුද්ධංසෙය්ය න ච වණානුරක්ඛී විහරෙය්ය න වණසාරොපී. තස්ස ඉමිස්සා ච අසප්පායකිරියාය, අසු ච විසදොසො අපනීතො සඋපාදිසෙසො, තදුභයෙන වණො පුථුත්තං ගච්ඡෙය්ය. සො පුථුත්තං ගතෙන වණෙන මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං.
උදුරන ලද මැ ය, ග්‍රහණශේෂ සහිත වූ විෂදෝෂය බැහැර කරන ලද, එතෙකුදු වත් තට අන්තරාය පිණිස අසමර්ත්ථ ය. පථ්‍ය වූ භෝජන ම වළඳන්නෙහි ය, අහිත බොදුන් වළඳන තාගේ ව්‍රණය නහමක් පූයා වැහෙනසුලු වේවා, කලින් කල ව්‍රණය ධොවනය කරන්නෙහි, කලින් කල ව්‍රණමුඛය ආලිම්පන කරන්නෙහි, කලින් කල ව්‍රණය ධොවනය නො කරන කලින් කල ව්‍රණමුඛය ආලිම්පනය නො කරන තාගේ ව්‍රණමුඛය නහමක් ලේසැරව බඳීවා, අව්සුළංහි හැසිරීමෙහි ද නහමක් යෙදෙව, අව්සුළංහි හැසිරීමෙහි යෙදුණු තාගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු නහමක් පෙළාවා, එම්බා පුරුෂය, ව්‍රණය රක්නාසුලුව ව්රණ රෝපණය කරනසුලුව වාසය කරන්නෙහි යයි.” එ පුරුෂහට මෙබඳු සිතෙක් වන්නේ ය: ‘ඒකාන්තයෙන් මාගේ ශල්‍යය උදුරන ලද, විෂදෝෂය බැහැර කරන ලද, ග්‍රහණශේෂ රහිත යැ, මට අන්තරාය පිණිස ද අසමර්ත්ථ වේ ය’ යි. හේ අපථ්‍ය වූ භෝජන ද වළඳන්නේ ය, අපථ්යභෝජනයන් වළඳකරන ඔහුගේ ව්‍රණය පූයා වැහෙනසුලු වන්නේ ය, කලින් කල වණය නො ද ධොවනය කරන්නේ ය, කලින් කල වණමුඛය නො ද ආලේපනය කරන්නේ ය, ඔහු කලින් කල වණය නො දොවුනා හට කලින් කල වණමුඛය ආලේපන නො කරනු වහුට ලේසැරව වණමුඛය අවටින් බඳනේය, අව්සුළංහි හැසිරීමෙහිදු යෙදෙන්නේය, අව්සුළංහි හැසිරීමෙහි යෙදුණු ඔහුගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු පෙළන්නේ ය, වණය රක්නාසුලු ව ව්‍රණරෝපණය කරනසුලු ව නො ද වෙසෙන්නේ ය. ඔහුගේ මේ අපථ්‍ය ක්රියාහේතුයෙනුදු ඒ බැහැර කළ විෂදෝෂයත් ග්‍රහණශේෂ සහිත විය, එ දෙකින් වණය මහත් බවට යන්නේ ය, හේ මහත් බවට ගිය වණයෙන් මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ යි.
එවමෙව ඛො සුනක්ඛත්ත, ඨානමෙතං විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස: තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං, අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති, තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො අවිජ්ජාවිසදොසො, සම්මා නිබ්බානාධිමුත්තොහමි’ස්මී’ති. එවං මානී අස්ස. අතථං ‘ස මානං. සො යානි සම්මානිබ්බානාධිමුත්තස්ස අසප්පායානි තානි අනුයුඤ්ජෙය්ය: අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං අනුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං අනුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං අනුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං අනුයුඤ්ජෙය්ය, අසප්පායං මනසා ධම්මං අනුයුඤ්ජෙය්ය. තස්ස අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුත්තස්ස, අසප්පායං සොතෙන සද්දං අනුයුත්තස්ස, අසප්පායං ඝානෙන ගන්ධං අනුයුත්තස්ස, අසප්පායං ජිව්හාය රසං අනුයුත්තස්ස, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං අනුයුත්තස්ස, අසප්පායං මනසා ධම්මං අනුයුත්තස්ස රාගො චිත්තං අනුද්ධංසෙය්ය. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං. මරණං හෙතං සුනක්ඛත්ත, අරියස්ස විනයෙ යො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. මරණමත්තංහෙතං සුනක්ඛත්ත, දුක්ඛං යො අඤ්ඤතරං සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජති.
එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි. කිමෙක යත්: “මේ සස්නෙහි මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූ මැ ඇතැම් මහණක් හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැ’ යි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂ්‍ය ඡන්දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මා විසින් ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි” යි. (අධිගත) මාන ඇතියේ වෙයි. ඔහුගේ මානය අතථ්‍ය (සිස්) වෙයි. හේ මැනවින් නිර්වාණයෙහි අධිමුක්ත වූවහුට අහිත වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඒ ධර්මයන්හි යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූපදර්ශනයෙහි යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි යෙදෙන්නේ ය, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රස විඳුමෙහි යෙදෙන්නේ ය, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි යෙදෙන්නේ ය, සිතින් අහිත වූ ධර්මයෙහි යෙදෙන්නේ ය, ඇසින් අපථ්‍ය වූ රූපදර්ශනයෙහි යෙදුණු, කනින් අහිත වූ ශබ්දශ්‍රවණයෙහි යෙදුණු, නැහැයෙන් අපථ්‍ය වූ ගඳගැන්මෙහි යෙදුණු, දිවින් අපථ්‍ය වූ රසාස්වාදනයෙහි යෙදුණු, කයින් අපථ්‍ය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි යෙදුණු, සිතින් අපථ්‍ය වූ ධර්මයෙහි යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ වියළන්නේ ය, හේ රාගයෙන් අනුධ්වස්ත වූ සිතින් මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය. සුනක්ඛත්තය, යමෙක් ශික්ෂාව හැරැපියා ලාමක වූ ගිහිබවට වැටේ ද, තෙල ආර්‍ය්‍යවිනයෙහි (සස්නෙහි) මරණය මැ වෙයි. සුනක්ඛත්තය, යමෙක් සංක්ලිෂ්ට වූ අන්‍යතර ආපත්තියකට පැමිණේ ද, තෙල මරණමාත්‍ර වූ මැ දුක වේ.
ඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස: ‘තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං, අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං අපනීතො අවිජ්ජාවිසදොසො, සම්මා නිබ්බානාධිමුත්තොහමස්මී’ති. සම්මානිබ්බානාධිමුත්තස්සෙව සතො. සො යානි සම්මානිබ්බානාධිමුත්තස්ස අසප්පායානි, තානි නානුයුඤ්ජෙය්ය, අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං නානුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං නානුයුඤ්ජෙය්ය, අසප්පායං මනසා ධම්මං නානුයුඤ්ජෙය්ය. තස්ස අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුත්තස්ස, අසප්පායං සොතෙන සද්දං නානුයුත්තස්ස, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුත්තස්ස, අසප්පායං ජිව්හාය රසං නානුයුත්තස්ස, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං නානුයුත්තස්ස, අසප්පායං මනසා ධම්මං නානුයුත්තස්ස රාගො චිත්තං නානුද්ධංසෙය්ය. සො න රාගානුද්ධංසිතෙන චිත්තෙන නෙව මරණං වා නිගච්ඡෙය්ය, න මරණමත්තං වා දුක්ඛං.
යලි සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි, කිමෙක යත්: මෙ සස්නෙහි මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූ මැ ඇතැම් මහණක්හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මට ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්වාණයෙහි අධිමුක්තයෙම් වෙමි’ යි. හේ මැනවින් නිර්වාණාධිමුක්ති ඇත්තකුට අහිත වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඒ ධර්මයන්හි නො යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූපදර්ශනයෙහි නො යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදෙන්නේ යැ, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි නො යෙදෙන්නේ යැ, දිවින් අහිත වූ රස විඳීමෙහි නො යෙදෙන්නේ යැ, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදෙන්නේ යැ, සිතින් අහිත වූ දහම්හි නො යෙදෙන්නේ යැ, ඇසින් අහිත වූ රූපදර්ශනයෙහි නො යෙදුණු, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදුණු, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි නො යෙදුණු, දිවෙන් අහිත වූ රස විඳීමෙහි නො යෙදුණු, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදුණු, සිතින් අහිත වූ දහම්හි නො යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ නො වියළන්නේ ය, (නොමැඩපියන්නේ ය.) හෙතෙම රාගය විසින් නො මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ නො මැ පැමිණෙන්නේ ය, මරණමාත්‍ර දුකට හෝ නො පැමිණෙන්නේ යි.
සෙය්යථාපි සුනක්ඛත්ත, පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හූපලෙපනෙන. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො සෙත්ථන වණමුඛං පරිකන්තෙය්ය. සත්ථෙන වණමුඛං පරිකන්තෙත්වා එසනියා සල්ලං එසෙය්ය. එසනියා සල්ලං එසිත්වා සල්ලං අබ්බහෙය්ය අපනෙය්ය විසදොසං අනුපාදිසෙසං. අනුපාදිසෙසොති ජානමානො. සො එවං වදෙය්ය: අම්භො පුරිස, උබ්භතං ඛො තෙ සල්ලං අපනීතො විසදොසො අනුපාදිසෙසො, අනලඤ්ච තෙ අන්තරායාය. සප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්යාසි. මා තෙ අසප්පායානි භොජනානි භුඤ්ජතො වණො අස්සාවී අස්ස. කාලෙන ච කාලං වණං ධොවෙය්යාසි. කාලෙන ච කාලං වණමුඛං ආලිම්පෙය්යාසි. මා තෙ න කාලෙන කාලං වණං ධොවතො න කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං පරියොනන්ධි. මා ච වාතා තපෙ චාරිත්තං අනුයුඤ්ජි. මා තෙ වාතාතපෙ චාරිත්තං අනනුයුත්තස්ස රජොසූකං වණමුඛං අනුද්ධංසෙසි. වණානුරක්ඛී ච අම්භො පුරිස, විහරෙය්යාසි වණසාරොපී’ති. තස්ස එවමස්ස: උබ්භතං ඛො මෙ සල්ලං අපනීතො විසදොසො අනුපාදිසෙසො. අනලඤ්ච මෙ අන්තරායායා’ති. සො සප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්ය. තස්ස සප්පායානි භොජනානි භුඤ්ජතො වණො න අස්සාවී අස්ස. කාලෙන ච කාලං වණං ධොවෙය්ය, කාලෙන ච කාලං වණමුඛං ආලිම්පෙය්ය, තස්ස කාලෙන කාලං වණං ධොවතො කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං න පරියොනන්ධෙය්ය. න ච වාතාතපෙ චාරිත්තං අනුයුඤ්ජෙය්ය, තස්ස වාතාතපෙ චාරිත්තං අනනුයුත්තස්ස රජොසූකං වණමුඛං නානුද්ධංසෙය්ය, වණානුරක්ඛී ච විහරෙය්ය වණසාරොපී. තස්ස ඉමිස්සා ච සප්පාය කිරියාය අසු ච විසදොසො අපනීතො අනුපාදිසෙසො. තදුභයෙන වණො විරූහෙය්ය සො රූළ්හෙන වණෙන සඤ්ඡවිනා නෙව මරණං වා නිගච්ඡෙය්ය, න මරණමත්තං වා දුක්ඛං.
යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් විෂ සහිත වූ පුනපුනා විෂ පෙවූ හීයෙකින් විදුනා ලද්දේ වේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑසහලේනෑයෝ සැත්කම් කරන වෙදකු එළවන්නාහු ය, ඒ ශල්‍යවෛද්‍යයා සැතින් ඔහුගේ ව්‍රණමුඛය සිඳින්නේ ය, සැතින් ව්‍රණමුඛය සිඳපියා ඒෂණියෙන් ශල්‍යය සොයන්නේය, ඒෂණියෙන් ශල්‍යය සොයා ශල්‍යය උදුරන්නේ ය, ග්‍රහණශේෂ රහිත කොට විෂදෝෂය බැහැර කරන්නේ ය, ග්‍රහණශේෂ රහිත වී යයි දන්නා ඒ විෂවෛද්‍ය මෙසේ කියන්නේ ය: “එම්බා පුරුෂය, තොපගේ ශල්‍යය උදුරන ලද්දේ මැ ය, විෂදෝෂය බැහැර කරන ලද, ග්‍රහණශේෂ රහිත විය, තොපට අන්තරාය පිණිස අසමර්ත්ථ ද වෙයි. යළි පථ්‍ය වූ භෝජනයන් වළඳනනෙහි ය, අපථ්‍ය වූ භෝජන වළඳකරන්නා වූ තාගේ වණය නහමක් ලේසැරව ගලනසුලු වන්නේ ය, යළි කලින් කල වණය ධොවනය කරන්නෙහි ය. කලින් කල ව්‍රණමුඛය ආලේප කරන්නෙහි, කලින් කල වණය නො දොවුනා, කලින් කල වණමුඛය අලෙව් නො දෙන තාගේ වණ මුඛය නහමක් ලේසැරව බැඳේවා, අව්සුළංහි හැසිරෙන බැව්හි නහමක් යෙදෙව, අව් සුළංහි හැසිරීමෙහි යෙදෙන තාගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු නහමක් පෙළාවා, එම්බා පුරුෂය, වණය රක්නෙහි ව්‍රණරෝපණය කරන සුල්ලෙහි වාසය කරන්නෙහි ය” යි. ඔහුට මෙවන් සිතෙක් වෙයි: ‘මාගේ ශල්‍යය උදුරන ලද්දේ මැ යැ විෂදෝෂ බැහැර කරන ලදුයේ ග්‍රහණශේෂ රහිත යැ, මට අන්තරාය පිණිස අසමර්ත්ථ ද වේ ය’ යි. හේ පථ්‍ය වූ බොදුනුදු බුදින්නේ ය, පථ්‍ය වූ බොදුන් වළඳ කරන ඔහුගේ වණය ලේපූයා වැහෙන සුලු නො වෙයි, යළි කලින් කල වණය දෝනේ ය, කලින් කල වණය අලෙව් දෙන්නේ ය, කලින් කල වණය දෝනා කලින් කල වණමුඛය අලෙව්දෙන ඔහුගේ වණමුඛය ලේසැරව හාත්පසින් නො බඳනේ ය, අව්සුළංහි හැසිරීමෙහි නො ද යෙදෙන්නේ ය. අව්සුළංහි හැසිරීමෙහි නො යෙදුණු ඔහුගේ වණමුඛය රජස් හා නණ්ඩු නො පෙළන්නේ ය, යළි වණය රක්නාසුලු වූයේ ව්‍රණරෝපණය කරනසුලු වූයේ වෙසෙන්නේ ය, ඔහුගේ මේ පථ්යක්රියාහේතුයෙනුදු, ඒ විෂදෝෂයත් බැහැර කරන ලදුයේ ග්‍රහණශේෂ රහිත විය. එ දෙකින් වණය (මස්) වැඩෙන්නේ ය. හේ වැඩුණු වණයෙන් හටගත් සිවියෙන් යුක්ත ව මරණයට හෝ නො පැමිණෙන්නේ ය, මරණමාත්‍ර දුකට හෝ නො පැමිණෙන්නේ යි.
එවමෙව ඛො සුනක්ඛත්ත, ඨානමෙතං විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස: තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං. අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො අවිජ්ජාවිසදොසො. සම්මා නිබ්බානාධිමුත්තොහමස්මී’ති. සම්මා නිබ්බානාධිමුත්තස්සෙව සතො සො යානි සම්මා නිබ්බානාධිමුත්තස්ස අසප්පායානි, තානි නානුයුඤ්ජෙය්ය: අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං නානුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං නානුයුඤ්ජෙය්ය, අසප්පායං මනසා ධම්මං නානුයුඤ්ජෙය්ය. තස්ස අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුත්තස්ස, අසප්පායං සොතෙන සද්දං නානුයුත්තස්ස, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුත්තස්ස, අසප්පායං ජිව්හාය රසං නානුයුත්තස්ස, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං නානුයුත්තස්ස, අසප්පායං මනසා ධම්මං නානුයුත්තස්ස රාගො චිත්තං නානුද්ධංසෙය්ය. සො න රාගානුද්ධංසිතෙන චිත්තෙන නෙව මරණං වා නිගච්ඡෙය්ය, න මරණමත්තං වා දුක්ඛං.
එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි, කිමෙක යත්: මෙ සස්නෙහි මැනැවින් නිර්වාණාධිමුක්ත වූ මැ ඇතැම් මහණක් හට මෙවන් සිතෙක් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මා විසින් ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ කරන ලද, අවිද්‍යාවිෂදොෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි’ යි. හේ මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූවහුට අහිත වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ ධර්මයන්හි නො යෙදෙන්නේ ය, ඇසින් අහිත වූ රූපදර්ශනයෙහි නො යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්දශ්‍රවණයෙහි නො යෙදෙන්නේ ය, ඝ්‍රාණයෙන් අහිත වූ ගන්ධාඝ්රාණයෙහි නො යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රසාස්වාදනයෙහි නො යෙදෙන්නේ ය, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදෙන්නේ ය, සිතින් අහිත වූ දහම් දැනුමෙහි නො යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූ දැක්මෙහි නො යෙදුණු, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදුණු, නැහැයෙන් අහිත වු ගඳ ගැන්මෙහි නො යෙදුණු, දිවින් අහිත වූ රස විඳීමෙහි නො යෙදුණු, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදුණු, සිතින් අහිත වූ දහම්හි නො යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ නො මඩනේ ය. හේ රාගය විසින් නො මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ නො මැ පැමිණෙන්නේ ය, මරණමාත්‍ර වූ දුකට හෝ නො පැමිණෙන්නේ යි.
උපමා ඛො මෙ අයං සුනක්ඛත්ත, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමෙවෙත්ථ අත්ථො: වණොති ඛො සුනක්ඛත්ත, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. විසදොසොති ඛො සුනක්ඛත්ත, අවිජ්ජායෙතං අධිවචනං. සල්ලන්ති ඛො සුනක්ඛත්ත, තණ්හායෙතං අධිවචනං. එසනීති ඛො සුනක්ඛත්ත, සතියායෙතං අධිවචනං. සත්ථන්ති ඛො සුනක්ඛත්ත, අරියායෙතං පඤ්ඤාය අධිවචනං. භිසක්කො සල්ලකත්තොති ඛො සුනක්ඛත්ත, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. සො වත සුනක්ඛත්ත, භික්ඛු ඡසු ඵස්සායතනෙසු සංවුතකාරී. උපධි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා නිරුපධි, උපධිසඞ්ඛයෙ විමුත්තො උපධිස්මිං වා කායං උපසංහරිස්සති චිත්තං වා උප්පාදෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
සුනක්ඛත්තය, මා විසින් තොපට අරුත් හඟවනු සඳහා මේ උපමා කරන ලදු. තෙල උපමායෙහි මෙ මැ අර්ත්ථ වෙයි: ‘වණ’යී සුනක්ඛත්තය, සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයට තෙල නමෙක, ‘විසදෝස’ යී සුනක්ඛත්තය, අවිද්‍යාවට තෙල නමෙක, ‘සල්ල’ යී සුනක්ඛත්තය, තෘෂ්ණාවට තෙල නමෙක, ‘එසණී’ යී සුනක්ඛත්තය, ස්මෘතියට තෙල නමෙක, ‘සත්ථ’ යී සුනක්ඛත්තය, ආර්ය්යප්රඥාවට තෙල නමෙක, ‘හිස්සක සල්ලකත්ත’ යී සුනක්ඛත්තය, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයනට තෙල නමෙකි. සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ සවැදෑරුම් ස්පර්ශායතනයෙහි සංවෘතකාරී වෙයි. පඤ්චස්කන්ධොපධිය දුකට මුලැයි මෙසේ දැන (ක්ලේශෝපධීන්) උපධි රහිත වූයේ, උපධිසංඛ්‍යය සංඛ්‍යාත නිවනෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හෝ එළවන්නේ ය, සිත හෝ උපදවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
සෙය්යථාපි සුනක්ඛත්ත, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො, සො ච ඛො විසෙන සංසට්ඨො. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. තං කිං මඤ්ඤසි සුනක්ඛත්ත, අපි නු සො පුරිසො අමුං ආපානීයකංසං පිවෙය්ය. යං ජඤ්ඤා ඉමාහං පිවිත්වා මරණං වා නිගච්ඡාමි, මරණමත්තං වා දුක්ඛ’න්ති?
සුනක්ඛත්තය, යම්සේ වර්‍ණසම්පන්න වූ ගන්ධසම්පන්න වූ රසසම්පන්න වූ මිහිරි පැන් පිරූ කස්තලියෙක් වේ ද, හෙ ද වනාහි හලාහලවිෂයෙන් මුසු කරන ලදුයේ වෙයි, එකල්හි ජීවත්වනු කැමැති සුව කැමැති නො මැරෙනු කැමැති දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ යැ, සුනක්ඛත්තය, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ යම්හෙයෙකින් ‘මම් මෙය පානය කොට මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙමැ’ යි දන්නේ නම්, ඒ මිහිරි පැන් පිරූ කස්තලිය පානය කරන්නේ දැ?’ යි.
නො හෙතං භන්තෙ.
වහන්සැ, තෙල නො වේ මැ ය.
එවමෙව ඛො සුනක්ඛත්ත, සො වත භික්ඛු ඡසු ඵස්සායතනෙසු සංවුතකාරී උපධි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා නිරුපධි, උපධිසඞ්ඛයෙ විමුත්තො උපධිස්මිං වා කායං උපසංහරිස්සති, චිත්තං වා උප්පාදෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
එසෙයින් මැ සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ ෂට් ස්පර්ශායතනයන්හි සංවෘතකාරී වූයේ (පස්වැදෑරුම්) ස්කන්ධොපධිය දුකට මුලැ’ යි මෙසේ දැන උපධි රහිත වූයේ, උපධික්ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හේ එළවන්නේ යැ, සිත හෝ උපදවන්නේ යැ යන තෙල කරුණ නො වන්නේ යි.
සෙය්යථාපි සුනක්ඛත්ත, ආසීවිසො ඝොරවිසො, අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. තං කිං මඤ්ඤසි සුනක්ඛත්ත, අපි නු සො පුරිසො අමුස්ස ආසීවිසස්ස ඝොරවිසස්ස හත්ථං වා අඞ්ගුට්ඨං වා යුඤ්ජෙය්ය යං ජඤ්ඤා ඉමිනාහං දට්ඨො මරණං වා නිගච්ඡාමි, මරණමත්තං වා දුක්ඛ’න්ති?
යම්සේ සුනක්ඛත්තය, ක්‍රෑර විෂ ඇති ආශීර්විෂයෙක් වේ ද, එකල්හි ජීවත්වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමැති දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ යැ, සුනක්ඛත්තය, ඒ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ‘යම්හෙයෙකින් මම මොහු විසින් දෂ්ට කරන ලද්දෙම් නම්, මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙමැ’ යි දන්නේ නම්, ඒ ඝෝරවිෂ වූ ආශීර්විෂයහට අතක් හෝ ඇඟිල්ලක් හෝ මෙහෙයන්නේ දැ?’ යි.
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල නො වේ මැ ය.
එවමෙව ඛො සුනක්ඛත්ත, සො වත භික්ඛු ඡසු ඵස්සායතනෙසු සංවුතකාරී, උපධි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා නිරුපධි, උපධි සඞ්ඛයෙ විමුත්තො උපධිස්මිං වා කායං උපසංහරිස්සති, චිත්තං වා උප්පාදෙස්සතී’ති නෙතං ඨානං විජ්ජතීති.
එසෙයින් මැ සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ ෂට්ස්පර්ශායතනයන්හි සංවෘතකාරී වූයේ, ස්කන්ධොපධිය දුකට මුලැ’ යි මෙසේ දැන ක්ලේශෝපධි රහිත වූයේ, උපධික්ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හෝ එළවන්නේ යැ, සිත හෝ උපදවන්නේ යැ යන තෙල කරුණ නො වන්නේ යි.
ඉදමවොච භගවා. අත්තමනො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො භගවතො භාසිතං අභිනන්දී’ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනය කෙළේ යි.
සුනක්ඛත්ත සුත්තං පඤ්චමං
පස්වැනි සුනක්ඛත්ත සූත්‍ර යි.