යෙදුමෙන් කියවන්න

ආනෙඤ‍්ජසප‍්පාය සුත‍්තං

3. 1. 6.

3. 1. 6.

ආනෙඤ‍්ජසප‍්පාය සුත‍්තං

ආනෙඤ්ජසප්පාය සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම‍්මාසදම‍්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරුදනවියෙහි වූ කල්මාෂදම්‍ය නම් කුරුරට වැසියන් ගේ නියම්ගම්හි වැඩවාස කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්‍ෂූන් බණවා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.

අනිච‍්චා භික‍්ඛවෙ, කාමා තුච‍්ඡා මොසධම‍්මා. මායාකතමෙතං භික‍්ඛවෙ, බාලලාපනං. යෙ ච දිට‍්ඨධම‍්මිකා කාමා, යෙ ච සම‍්පරායිකා කාමා, යා ච දිට‍්ඨධම‍්මිකා කාමසඤ‍්ඤා, යා ච සම‍්පරායිකා කාමසඤ‍්ඤා, උභයමෙතං මාරධෙය්‍යං, මාරස‍්සෙසවිසයො, මාරස‍්සෙසනිවාපො, මාරස‍්සෙසගොචරො. එත්‍ථෙතෙ පාපකා අකුසලා මානසා අභිජ‍්ඣාපි බ්‍යාපාදාපි සාරම‍්භාපි සංවත‍්තන‍්ති. තෙව අරියසාවකස‍්ස ඉධමනුසික‍්ඛතො අන‍්තරායාය සම‍්භවන‍්ති.

මහණෙනි, වත්කම් කෙලෙස්කම්හු ඇතිවැ නැතිවන අටින් අනිත්‍යයහ, (නිත්‍යසාර ධ්‍රැවසාර ආත්මසාර විරහිතයෙන්) සිස්හ, නැසෙනුවහ, නැසෙනසැහැවි ඇතියව්හ. මහණෙනි, මායාවෙන් කරන ලද බාලලාපනයෙක, (බාලයන් ලවා මා ගේ යයි කියවනු යෙක). දෘෂ්ටධාර්මික වූ යම් මානුෂක පඤ්චකාමගුණ කෙනෙක් ඇද්ද, සාම්පරායික වූ යම් තදවශේෂ කාම කෙනෙකුත් ඇද්ද, දෘෂ්ටධාර්මික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, සාම්පරායික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මාරායත්තයෙක (මාරයා ගේ වශයෙහි වැටෙයි) තෙල මාරයාගේ විෂයයෙක, තෙල මාරයා ගේ නිවාපයෙක, තෙල මාරයා ගේ ගෝචරයෙක. මේ පස්කම් විෂයෙහි මෙනෙහි උපදනා අභිධ්‍යාව ද ව්‍යාපාදය ද (කරණුත්තරියකරණ ලක්‍ෂණ) සාරම්භය ද යන තෙල ලාමක අකුශල ධර්‍මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්‍ය්‍යශ්‍රාවක හට අන්තරාය පිණිස වෙත්.

තත්‍ර භික‍්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙ ච දිට‍්ඨධම‍්මිකා කාමා යෙ ච සම‍්පරායිකා කාමා, යා ච දිට‍්ඨධම‍්මිකා කාමසඤ‍්ඤා යා ච සම‍්පරායිකා කාමසඤ‍්ඤා, උභයමෙතං මාරධෙය්‍යං, මාරස‍්සෙසවිසයො, මාරස‍්සෙසනිවාපො, මාරස‍්සෙසගොචරො. එත්‍ථෙතෙ පාපකා අකුසලා මානසා අභිජ‍්ඣාපි බ්‍යාපාදාපි සාරම‍්භාපි සංවත‍්තන‍්ති. තෙව අරියසාවකස‍්ස ඉධමනුසික‍්ඛතො අන‍්තරායාය සම‍්භවන‍්ති. යන‍්නූනාහං විපුලෙන මහග‍්ගතෙන චෙතසා විහරෙය්‍යං අභිභුය්‍ය ලොකං අධිට‍්ඨාය මනසා. විපුලෙන හි මෙ මහග‍්ගතෙන චෙතසා විහරතො අභිභුය්‍ය ලොකං අධිට‍්ඨාය මනසා යෙ පාපකා අකුසලා මානසා අභිජ‍්ඣාපි බ්‍යාපාදාපි සාරම‍්භාපි, තෙ න භවිස‍්සන‍්ති. තෙසං පහානා අපරිත‍්තඤ‍්ච මෙ චිත‍්තං භවිස‍්සති, අප‍්පමාණං සුභාවිත’න‍්ති. තස‍්ස එවං පටිපන‍්නස‍්ස තබ‍්බහුලවිහාරිනො ආයතනෙ චිත‍්තං පසීදති. සම‍්පසාදෙ සති එතරහි වා ආනෙඤ‍්ජං සමාපජ‍්ජති, පඤ‍්ඤාය වා අධිමුච‍්චති. කායස‍්ස භෙදා පරම‍්මරණා ඨානමෙතං විජ‍්ජති: යං තං සංවත‍්තනිකං විඤ‍්ඤාණං අස‍්ස ආනෙඤ‍්ජූපගං. අයං භික‍්ඛවෙ, පඨමා ආනෙඤ‍්ජසප‍්පායා පටිපදා අක‍්ඛායති.

මහණෙනි, එහි ලා ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් වෙත් ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥා කෙනෙකුත් යම් සාම්පරායික කාමසංඥා කෙනෙකුත් වෙත්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මරුට තැන් වෙයි, තෙලෙ මරුට විෂය වෙයි, තෙලෙ මරුගේ නිවාප යැ, තෙල මරුගේ ගෝචර යි. මේ කාමගුණ විෂයෙහි මානසික වූ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ සාරම්භ යැ යන තෙල ලාමක අකුශලධර්‍මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්‍ය්‍යශ්‍රාවක හට අන්තරාය පිණිස වෙති. මම් කාමගුණලෝකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහද්ගත වූ සිතින් යුක්ත ව වෙසෙම් නම් මැනව. යම්හෙයෙකින් කාමගුණලෝකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහත්ගත වූ සිතින් යුක්ත ව වෙසෙන මට චිත්තසම්භූත වූ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ සාරම්භ යැ යන යම් ලාමක අකුශල කෙනෙක් වෙත් නම්, ඔහු නො වන්නාහ. ඔවුන්ගේ ප්‍රහාණයෙන් මාගේ සිත (ලෝකෝත්තර විසින්) මහද්ගත ද අප්‍රමාණ ද සුභාවිත ද වන්නේය’යි. මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්‍හත්ත්‍වාදි) කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජ (චතුර්‍ත්‍ථධ්‍යාන) සමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි. යම්හෙයෙකින් ඒ භික්‍ෂූහු ගේ උපදනට නිසි විපාක විඥානය වී ද, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ පළමුවන ආනෙඤ්ජසප්පාය (චතුර්‍ත්‍ථධ්‍යානයට හිත වූ) ප්‍රතිපදාව යයි කියනු ලැබේ.

පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති, යෙ ච දිට‍්ඨධම‍්මිකා කාමා යෙ ච සම‍්පරායිකා කාමා, යා ච දිට‍්ඨධම‍්මිකා කාමසඤ‍්ඤා යා ච සම‍්පරායිකා කාමසඤ‍්ඤා, යං කිඤ‍්චි රූපං චත‍්තාරි ච මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං රූප’න‍්ති. තස‍්ස එවං පටිපන‍්නස‍්ස තබ‍්බහුලවිහාරිනො ආයතනෙ චිත‍්තං පසීදති. සම‍්පසාදෙ සති එතරහි වා ආනෙඤ‍්ජං සමාපජ‍්ජති, පඤ‍්ඤාය වා අධිමුච‍්චති. කායස‍්ස භෙදා පරම‍්මරණා ඨානමෙතං විජ‍්ජති: යං තං සංවත‍්තනිකං විඤ‍්ඤාණං අස‍්ස ආනෙඤ‍්ජූපගං. අයං භික‍්ඛවෙ, දුතියා ආනෙඤ‍්ජසප‍්පායා පටිපදා අක‍්ඛායති.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාම කෙනෙකුත් යම් සාම්පරායිකකාම කෙනෙකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් කිසි රූපයෙක් ඇද්ද, (එ හැම) සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැ’ යි (කියායි). මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්‍හත්‍වාදි) කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජසමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපදනට නිසි විපාක විඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ දෙවැනි චතුර්‍ත්‍ථධ්‍යාන සංඛ්‍යාත ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදාව යයි කියනු ලැබේ.

පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති. යෙ ච දිට‍්ඨධම‍්මිකා කාමා, යෙ ච සම‍්පරායිකා කාමා, යා ච දිට‍්ඨධම‍්මිකා කාමසඤ‍්ඤා යා ච සම‍්පරායිකා කාමසඤ‍්ඤා, යෙ ච දිට‍්ඨධම‍්මිකා රූපා, යෙ ච සම‍්පරායිකා රූපා, යා ච දිට‍්ඨධම‍්මිකා රූපසඤ‍්ඤා යා ච සම‍්පරායිකා රූපසඤ‍්ඤා උභයමෙතං අනිච‍්චං යදනිච‍්චං තං නාලං අභිනන්‍දිතුං, නාලං අභිවදිතුං, නාලං අජ‍්ඣොසිතු’න‍්ති. තස‍්ස එවං පටිපන‍්නස‍්ස තබ‍්බහුලවිහාරිනො ආයතනෙ චිත‍්තං පසීදති. සම‍්පසාදෙ සති එතරහි වා ආනෙඤ‍්ජං සමාපජ‍්ජති, පඤ‍්ඤාය වා අධිමුච‍්චති. කායස‍්ස භෙදා පරම‍්මරණා ඨානමෙතං විජ‍්ජති: යං තං සංවත‍්තනිකං විඤ‍්ඤාණං අස‍්ස ආනෙඤ‍්ජූපගං. අයං භික‍්ඛවෙ, තතියා ආනෙඤ‍්ජසප‍්පායා පටිපදා අක‍්ඛායති.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, තෙල (දිට්ඨධම්මික සාම්පරායික යන) දෙකම අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය තෘෂ්ණා දෘෂ්ටි විසින් අභිනන්‍දනා කරන්නට නො නිසි වෙයි. අභිමානයෙන් කියන්නට නො නිසි වෙයි, බැසැගෙන සිටින්නට නො නිසි වේ ය’ යි. මෙසේ පිළිපන් ඒ කාම-රූපප්‍රතිබාහනයෙන් එමැ පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණහු ගේ සිත අර්‍හත්‍වාදි කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. විඤ්ඤාණඤ්චායතන සංඛ්‍යාත ආනෙඤ්ජයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපතට නිසි විපාකවිඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේය. මහණෙනි, මේ තුන්වැනි ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදාව යයි කියනු ලැබේ.

පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති. යෙ ච දිට‍්ඨධම‍්මිකා කාමා යෙ ච සම‍්පරායිකා කාමා, යා ච දිට‍්ඨධම‍්මිකා කාමසඤ‍්ඤා යා ච සම‍්පරායිකා කාමසඤ‍්ඤා, යෙ ච දිට‍්ඨධම‍්මිකා රූපා, යෙ ච සම‍්පරායිකා රූපා, යා ච දිට‍්ඨධම‍්මිකා රූපසඤ‍්ඤා යා ච සම‍්පරායිකා රූපසඤ‍්ඤා, යා ච ආනෙඤ‍්ජසඤ‍්ඤා, සබ‍්බා සඤ‍්ඤා යත්‍ථෙතා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. එතං සන‍්තං එතං පණීතං යදිදං ආකිඤ‍්චඤ‍්ඤායතන’න‍්ති. තස‍්ස එවං පටිපන‍්නස‍්ස තබ‍්බහුලවිහාරිනො ආයතනෙ චිත‍්තං පසීදති. සම‍්පසාදෙ සති එතරහි වා ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපජ‍්ජති. පඤ‍්ඤාය වා අධිමුච‍්චති. කායස‍්ස භෙදා පරම‍්මරණා ඨානමෙතං විජ‍්ජති: යං තං සංවත‍්තනිකං විඤ‍්ඤාණං අස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනූපගං. අයං භික‍්ඛවෙ, පඨමා ආකිඤ‍්චඤ‍්ඤායතනසප‍්පායා පටිපදා අක‍්ඛායති.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් විඤ්ඤාණඤ්චායතන සංඛ්‍යාත ආනෙඤ්ජසංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනයකට පැමිණ තෙල සියලු සංඥාවෝ නිරවශේෂ කොට නිරුද්ධ වෙත් ද, යම් මේ ආකිඤ්චඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල (අඞ්ගශාන්තතායෙන් ද ආලම්බනශාන්තතායෙන් ද) ශාන්ත යැ තෙල (අතෘප්තකාර්‍ත්‍ථයෙන්) ප්‍රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපදනට නිසි විපාකවිඥානය වී නම් එය ආකිඤ්චඤ්ඤායතනකුශල ස්වභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ පළමු වන ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.

පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා ඉති පටිසඤ‍්චික‍්ඛති: සුඤ‍්ඤමිදං අත‍්තෙන වා අත‍්තනියෙන වා’ති. තස‍්ස එවං පටිපන‍්නස‍්ස තබ‍්බහුලවිහාරිනො ආයතනෙ චිත‍්තං පසීදති. සම‍්පසාදෙ සති එතරහි වා ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපජ‍්ජති, පඤ‍්ඤාය වා අධිමුච‍්චති. කායස‍්ස භෙදා පරම‍්මරණා ඨානමෙතං විජ‍්ජති: යං තං සංවත‍්තනිකං විඤ‍්ඤාණං අස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනූපගං. අයං භික‍්ඛවෙ, දුතියා ආකිඤ‍්චඤ‍්ඤායතනසප‍්පායා පටිපදා අක‍්ඛායති.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අරණ්‍යසෙනාසනයට ගියේ වේව’ යි වෘක්‍ෂමූලයට ගියේ වේව’යි ශුන්‍යාගාරයට ගියේ වේව’ යි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ පඤ්චස්කන්‍ධය (මම ය මාගේ ය යන) ආත්මයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශුන්‍ය වේ’ යයි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ ශුන්‍යතප්‍රතිපදාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආයතනයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවතට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපතට නිසි විපාක විඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, දෙවැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.

පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: නාහං ක්‍වචනි කස‍්සචි කිඤ‍්චනත‍්තස‍්මිං, න ච මම ක්‍වචනි කිස‍්මිචි කිඤ‍්චනතත්‍ථී’ති තස‍්ස එවං පටිපන‍්නස‍්ස තබ‍්බහුලවිහාරිනො ආයතනෙ චිත‍්තං පසීදති. සම‍්පසාදෙ සති එතරහි වා ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපජ‍්ජති, පඤ‍්ඤාය වා අධිමුච‍්චති. කායස‍්ස භෙදා පරම‍්මරණා ඨානමෙතං විජ‍්ජති: යං තං සංවත‍්තනිකං විඤ‍්ඤාණං අස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනූපගං. අයං භික‍්ඛවෙ, තතියා ආකිඤ‍්චඤ‍්ඤායතනසප‍්පායා පටිපදා අක‍්ඛායති.

තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මම කිසි තැනෙක්හි ආත්මය ඇතියෙම් නො වෙමි, කිසි අනෙකක්හට පළිබෝධ ඇතියෙම් නො වෙමි, කිසි තැනෙක්හි (මෙරමාගේ ආත්මය) නො ද දක්මි, කිසි තැනෙක්හි මාගේ පළිබෝධබවෙක් නැතැ’ යි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ චතුකෝටික ශුන්‍යතාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදියි. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ ප්‍රතිසන්‍ධියට නිසි විපාකවිඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ තුන්වැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදායයි කියනු ලැබේ.

පුන චපරං භික‍්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති. යෙ ච දිට‍්ඨධම‍්මිකා කාමා යෙ ච සම‍්පරායිකා කාමා, යා ච දිට‍්ඨධම‍්මිකා කාමසඤ‍්ඤා යා ච සම‍්පරායිකා කාමසඤ‍්ඤා, යෙ ච දිට‍්ඨධම‍්මිකා රූපා යෙ ච සම‍්පරායිකා රූපා, යා ච දිට‍්ඨධම‍්මිකා රූපසඤ‍්ඤා යා ච සම‍්පරායිකා රූපසඤ‍්ඤා, යා ච ආනෙඤ‍්ජසඤ‍්ඤා, යා ච ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා, සබ‍්බා සඤ‍්ඤා යත්‍ථෙතා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. එතං සන‍්තං එතං පණීතං යදිදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතන’න‍්ති. තස‍්ස එවං පටිපන‍්නස‍්ස තබ‍්බහුලවිහාරිනො ආයතනෙ චිත‍්තං පසීදති. සම‍්පසාදෙ සති එතරහි වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපජ‍්ජති, පඤ‍්ඤාය වා අධිමුච‍්චති. කායස‍්ස භෙදා පරම‍්මරණා ඨානමෙතං විජ‍්ජති: යං තං සංවත‍්තනිකං විඤ‍්ඤාණං අස‍්ස නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගං, අයං භික‍්ඛවෙ, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසප‍්පායා පටිපදා අක‍්ඛායතීති.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මිකරූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් ආනෙඤ්ජ (චතුර්‍ත්‍ථධ්‍යාන) සංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනසංඥාවකුත් ඇද්ද යම් තැනෙක්හි තෙල සියලු සංඥාවෝ නිරවශේෂ වූවාහු නිරුද්ධ වෙත් ද, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් ඇද්ද තෙල (අංගශාන්තතායෙන් ද ආලම්බන ශාන්තතායෙන් ද) ශාන්ත යැ, තෙල (අතෘප්තකාර්‍ත්‍ථයෙන්) ප්‍රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පහදියි. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ රහත්බව හෝ පසක් කෙරෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ පිළිසඳගන්නට නිසි විපාකවිඥානය වී නම් නේවසඤ්ඤානාසඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.

එවං වුත‍්තෙ ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච : ‘ඉධ භන‍්තෙ. භික‍්ඛු එවං පටිපන‍්නො හොති, නො චස‍්ස, නො ච මෙ සියා න භවිස‍්සති, න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමී’ති එවං උපෙක‍්ඛං පටිලභති. පරිනිබ‍්බායෙය්‍ය නු ඛො සො භන‍්තෙ, භික‍්ඛු න වා පරිනිබ‍්බායෙය්‍යා’ති.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ‘තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්සැ, මෙ සස්නෙහි මහණෙක් මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් (පෙර පස්වැදෑරුම්) කම්වට රැස් නො කරන ලද නම්, මට දැන් (පස්වැදෑරුම්) විවාවට නො ද වන්නේ ය. ඉදින් මෙකල්හි කම්වට රැස් නො කරනු වන්නේ නම්, අනායෙහි මට පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටක් ඇද්ද හටගත් යම් ස්කන්‍ධපඤ්චකයක් ඇද්ද, එය දුරු කරමි’ යි මෙසේ විදර්‍ශනා උපේක්‍ෂාව ලබයි. වහන්ස, ඒ මහණ පිරිනිවෙන්නේ දෝ හෝ නොහොත් නො පිරිනිවෙන්නේ දැ යි.

අපෙත්‍ථෙකච‍්චො ආනන්‍ද, භික‍්ඛු පරිනිබ‍්බායෙය්‍ය, අපෙත්‍ථෙකච‍්චො භික‍්ඛු න පරිනිබ‍්බායෙය්‍යා’ති.

‘ආනන්‍දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවෙන්නේ ද වෙයි, මෙහි ඇතැම් මහණෙක් නො පිරිනිවෙන්නේ ද වේ’ යයි.

කො නු ඛො භන‍්තෙ හෙතු, කො පච‍්චයො, යෙනපෙත්‍ථෙකච‍්චො භික‍්ඛු පරිනිබ‍්බායෙය්‍ය, අපෙත්‍ථෙකච‍්චො භික‍්ඛු න පරිනිබ‍්බායෙය්‍යාති.

වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් මහණෙක් පිරිනිවෙන්නෙත් වේ ද, මෙහි ඇතැම් මහණෙක් නො පිරිනිවෙන්නේත් වේ ද ඊට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ දැ’ යි.

ඉධානන්‍ද භික‍්ඛු එවං පටිපන‍්නො හොති: ‘නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති. න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමී’ති එවං උපෙක‍්ඛං පටිලභති. සො තං උපෙක‍්ඛං අභිනන්‍දති, අභිවදති, අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං උපෙක‍්ඛං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො තං නිස‍්සිතං හොති විඤ‍්ඤාණං, තදුපාදානං. සඋපාදානො, ආනන්‍ද, භික‍්ඛු න පරිනිබ‍්බායතී’ති.

ආනන්‍දය, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් පෙර පස්වැදෑරුම් කම්වට රැස් නො කරන ලද නම්, මෙකල්හි මට පස්වැදෑරුම් විවාවට නො ද වන්නේය. ඉදින් මෙකල්හි පස්වැදෑරුම් කම්වට අනායූහිත වන්නේ නම් , මට අනායෙහි පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටෙක් ඇද්ද, භූත වූ යම් පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය දුරු කෙරෙමි’ යි මෙසේ විදර්‍ශනාපේක්‍ෂාව ලබයි. ඒ මහණ ඒ විදර්‍ශනාපේක්‍ෂාව තෘෂ්ණාදෘෂ්ටිඅභිනන්‍දනායෙන් අභිනන්‍දනා කෙරෙයි. අභිමානයෙන් බෙණෙයි, බැසගෙන සිටී. ඒ උපේක්‍ෂාව අභිනන්‍දනා කරන අභිමානයෙන් බණන බැසගෙන සිටුනා ඔහුගේ නිකාන්තිවිඥානය ඒ විදර්‍ශනාව ඇසුරු කරන ලද වෙයි. ඒ නිකාන්තිවිඥානය ඔහුට උපාදාන වෙයි, ආනන්‍දය, උපාදාන (ග්‍රහණ) සහිත වූ මහණ නො පිරිනිවේ’ යයි.

‘කහම‍්පන සො භන‍්තෙ, භික‍්ඛු උපාදියමානො උපාදියතී’ති.

වහන්ස, පිළිසිඳ ගන්නා ඒ මහණ කොහි වැළිත් පිළිසිඳ ගනීදැ’ යි.

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං ආනන්‍දාති.

ආනන්‍දය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය’ යි.

උපාදානසෙට‍්ඨං කිර සො භන‍්තෙ, භික‍්ඛු උපාදියමානො උපාදියතීති.

වහන්ස, ඒ මහණ පිළිසිඳ ගන්නේ ශ්‍රේෂ්ඨ වූ භවය උපාදානය කෙරෙයි (උත්තම භවයෙහි පිළිසිඳ ගනී සේ යි.)

උපාදානසෙට‍්ඨං හි සො ආනන්‍ද, භික‍්ඛු උපාදියමානො උපාදියති. උපාදානසෙට‍්ඨං හෙතං ආනන්‍ද, යදිදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං.

ආනන්‍දය, පිළිසිඳ ගන්නා ඒ මහණ ශ්‍රේෂ්ඨ වූ භවය ම උපාදානය කෙරෙයි. ආනන්‍දය, යම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල ශ්‍රේෂ්ඨ වූ භවය වේ මැ යි.

ඉධානන්‍ද, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති. න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමී’ති. එවං උපෙක‍්ඛං පටිලභති. සො තං උපෙක‍්ඛං නාභිනන්‍දති, නාභිවදති, නාජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං උපෙක‍්ඛං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො න තං නිස‍්සිතං හොති විඤ‍්ඤාණං, න තදුපාදානං. අනුපාදානො ආනන්‍ද, භික‍්ඛු පරිනිබ‍්බායතීති.

ආනන්‍දය, මෙ සස්නෙහි මහණෙක් මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් පෙර පස්වැදෑරුම් කම්වට රැස් නො කරන ලද නම්, මෙ කල්හි, මට පස්වැදෑරුම් විවාවට නො ද වන්නේය. ඉදින් මෙකල්හි පස්වැදෑරුම් කම්වට ආයූහිත නො වන්නේ නම්, මට අනායෙහි පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටෙක් ඇද්ද, භූත වූ යම් පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය දුරු කෙරෙමි’ යි මෙසේ විදර්‍ශනාපේක්‍ෂාව ප්‍රතිලාභ කෙරෙයි. හේ උපේක්‍ෂාව තෘෂ්ණාදෘෂ්ටි අභිනන්‍දනායෙන් අභිනන්‍දනා නො කෙරෙයි. අභිමාන වශයෙන් නො බෙණෙයි, බැසගෙන නො සිටී. ඒ උපේක්‍ෂාව අභිනන්‍දනා නො කරන අභිමානයෙන් නො බණන නො බැසගෙන සිටුනා ඔහුගේ නිකාන්තිවිඥානය ඒ විදර්‍ශනාව ඇසුරු නො කරන ලද වෙයි. ඒ විඥානය ඔහුට උපාදාන නො වෙයි. ආනන්‍දය, උපාදාන රහිත වූ මහණ පිරිනිවේ යයි.

අච‍්ඡරියං භන‍්තෙ! අබ‍්භුතං භන‍්තෙ! නිස‍්සාය නිස‍්සාය කිර නො භන‍්තෙ, භගවතා ඔඝස‍්ස නිත්‍ථරණා අක‍්ඛාතා. කතමො පන භන‍්තෙ, අරියො විමොක‍්ඛොති.

වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට ඒ ඒ සමවත් නිසා ඕඝතරණය වදාරන ලද. වහන්ස, යළි ආර්‍ය්‍යවිමෝක්‍ෂය කවරේදැ’ යි.

ඉධානන්‍ද, අරියසාවකො භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙ ච දිට‍්ඨධම‍්මිකා කාමා, යෙ ච සම‍්පරායිකා කාමා, යා ච දිට‍්ඨධම‍්මිකා කාමසඤ‍්ඤා, යා ච සම‍්පරායිකා කාමසඤ‍්ඤා යෙ ච දිට‍්ඨධම‍්මිකා රූපා, යෙ ච සම‍්පරායිකා රූපා, යා ච දිට‍්ඨධම‍්මිකා රූපසඤ‍්ඤා, යා ච සම‍්පරායිකා රූපසඤ‍්ඤා, යා ච ආනෙඤ‍්ජසඤ‍්ඤා, යා ච ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා, යා ච නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤා, එස සක‍්කායො, යාවතා සක‍්කායො, එතං අමතං යදිදං අනුපාදා චිත‍්තස‍්ස විමොක‍්ඛො.

ආනන්‍දය, මෙ සස්නෙහි (ශුෂ්කවිදර්‍ශක වූ) ආර්‍ය්‍යශ්‍රාවක මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මිකරූපයෝත් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් ආනෙඤ්ජසංඥාවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනසංඥාවකුත් යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාවකුත් ඇද්ද, යම් පමණ (වට්ට සංඛ්‍යාත) සත්කායයෙක් ඇද්ද, තෙල හැම සත්කාය වෙයි. චිත්තයා ගේ යම් අනුපාදා විමෝක්‍ෂයෙක් ඇද්ද තෙල අමෘතයයි (ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.)

ඉති ඛො ආනන්‍ද, දෙසිතා මයා ආනෙඤ‍්ජසප‍්පායා පටිපදා, දෙසිතා ආකිඤ‍්චඤ‍්ඤායතනසප‍්පායා පටිපදා, දෙසිතා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසප‍්පායා පටිපදා, දෙසිතා නිස‍්සාය නිස‍්සාය ඔඝස‍්ස නිත්‍ථරණා, දෙසිතො අරියො විමොක‍්ඛො. යං ඛො ආනන්‍ද, සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පකෙන අනුකම‍්පං උපාදාය. කතං වො තං මයා. එතානි, ආනන්‍ද, රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ ආනන්‍ද, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති.

මෙසෙයින් ආනන්‍දය, මා විසින් ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදා දෙසන ලද, ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා දෙසන ලද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා දෙසනලද. ඒ ඒ සමවත් නිසා චතුරෝඝ නිස්තරණ දෙසන ලද, ආර්‍ය්‍යවිමෝක්‍ෂය දෙසන ලද. ආනන්‍දය, ශ්‍රාවකයනට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘහු විසින් අනුකම්පා පිණිස යමක් කටයුතු ද, එය තොපට මා විසින් කරන ලද, ආනන්‍දය, තෙල රුක්මුල් සෙනසුනැ, තෙල ශුන්‍යාගාර සෙනසුනැ, ආනන්‍දය, (තෙපි) ධ්‍යාන වඩවු, නහමක් පමා වවු, පසු වැ නහමක් විපිළිසර ඇත්තාහු වවු, මේ තොපට අප ගේ අනුසසුන් වේ යයි.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා ආනන්‍දො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ සුත දේශනා කළ සේක, සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ’ යි.

ආනෙඤ‍්ජසප‍්පායසුත‍්තං ඡට‍්ඨං.

සවැනි ආනෙඤ්ජසප්පාය සූත්‍ර යි.