ගණකමොග්ගල්ලාන සුත්තං
3. 1. 7.
3. 1. 7.
ගණකමොග්ගල්ලාන සුත්තං
ගණකමොග්ගල්ලාන සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වෙත පූර්වාරාම නම් වූ මිගාරමාතුප්‍රාසාදයෙහි වැඩවසන සේක. එකල්හි ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කී:
සෙය්යථාපි භො ගොතම, ඉමස්ස මිගාරමාතු පාසාදස්ස දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, යදිදං යාව පච්ඡිමා සොපානකළෙබරා ඉමෙසම්පි හි භො ගොතම බ්රාහ්මණානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, යදිදං අජ්ඣෙනෙ. ඉමෙසම්පි හි භො ගොතම, ඉස්සාසානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං ඉස්සත්ථෙ. අම්හාකම්පි හි භො ගොතම, ගණකානං ගණනාජීවානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, යදිදං සඞ්ඛානෙ. මයං හි, භො ගොතම, අන්තෙවාසී ලභිත්වා පඨමං එවං ගණාපෙම: එකං එකකං, ද්වෙ දුකා, තීණි තිකා, චත්තාරි චතුක්කා, පඤ්ච පඤ්චකා, ඡ ඡක්කා, සත්ත සත්තකා, අට්ඨ අට්ඨකා, නව නවකා, දස දසකා’ති; සතම්පි මයං භො ගොතම, ගණාපෙම. භිය්යොපි ගණාපෙම. සක්කා නු ඛො, භො ගොතම, ඉමස්මිම්පි ධම්මවිනයෙ එවමෙව අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා පඤ්ඤාපෙතු’න්ති.
භවත් ගෞතමයෙනි, මේ මුවරමා පහය පිළිබඳ කොට යම් පරිදි යම් අනුපූර්වශික්ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ ද, භවත් ගෞතමයෙනි, මේ බමුණන් ගේ ද මේ අධ්‍යයනයෙහි ද අනුපූර්වශික්ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, මේ ධනුර්ධරයන්ගේ ද මේ ආයුධශිල්පයෙහි අනුපූර්වශික්ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනෙයි. භවත් ගෞතමයෙනි, ගණනයෙන් ජීවිකා කරන අප ගණකයනුදු ගේ මේ ගණනායෙහි අනුපූර්වශික්ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, අපි අතැවැස්සන් ලැබැ පළමුව ලා මෙසේ ගණනා කරම්හ. එක ඒකකය, දෙක ද්විකය, තුන ත්‍රිකය, සතර චතුෂ්කය, පස පඤ්චකය, සය ෂට්කය, සත සප්තකය, අට අෂ්ටකය, නවය නවකය, දසය දශකය’ යි. භවත් ගෞතමයෙනි, අපි සියය ද ගණනා කරවම්හ. ඉන් වැඩියකුදු ගණනා කරවම්හ. භවත් ගෞතමයෙනි, මෙ සස්නෙහි දු එපරිදි ම අනුපූර්වශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්‍වප්‍රතිපදා පනවා ලන්නට හැක්කාව?
සක්කා බ්‍රාහ්මණ, ඉමස්මිම්පි ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා පඤ්ඤාපෙතුං. සෙය්යථාපි බ්‍රාහ්මණ, දක්ඛො අස්සදමකො භද්‍රං අස්සාජානීයං ලභිත්වා පඨමෙනෙව මුඛාධානෙ කාරණං කාරෙති. අථ උත්තරිං කාරණං කාරෙති. එවමෙව ඛො බ්‍රාහ්මණ, තථාගතො පුරිසදම්මං ලභිත්වා පඨමං එවං විනෙති: ‘එහි ත්වං භික්ඛු, සීලවා හොහි පාතිමොක්ඛසංවරසංවුතො විහරාහි, ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛස්සු සික්ඛාපදෙසූ’ති.
බමුණ, මෙ සස්නෙහි දු අනුපූර්වශික්ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍වප්‍රතිපත් පනවන්නට හැක්ක. බමුණ, යම් පරිදි දක්ෂ අස්දම්සැරියෙක් භද්‍ර සෛන්ධවයකු ලැබ පළමු කොට ම මුවවළලුයෙහි කාරණා කෙරේ ද, නැවත මතුයෙහි කාරණා කෙරේ ද බමුණ එපරිදිම තථාගත දැමිය යුතු පුරුෂයකු ලැබැ පළමු කොට මෙසේ විනයන කෙරෙයි: ‘මහණ, තො එ, සිල්වත් ව, ප්රාතිමෝක්ෂසංවර සංවෘත ව ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි දු බිය දක්නාසුලු ව වාස කරව. සමාදන්වැ සිකපදයෙහි හික්මෙව’ යි.
යතො ඛො බ්‍රාහ්මණ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොහි, චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහී හොහි මානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජාහි. රක්ඛාහි චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජාහි. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහී හොහි මානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජාහි. රක්ඛාහි මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජාහී’ති.
බමුණ, යම් කලෙක මහණ සිල්වත් වේ ද, ප්රාතිමෝක්ෂසංවරසංවෘත ව ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව වාස කෙරේ ද, සමාදන් ව සිකපදයෙහි හික්මේ ද, තථාගත තුලුන් මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ ඉන්ද්රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූප දැක නිමිත්තග්‍රාහී නො වව, අනුව්යඤ්ජනග්රාහී නො වව, යමක් හේතු කොටගෙන චක්ෂුරින්ද්රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්‍යා දෞර්මනස්යපාපකඅකුශලධර්මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදුව, චක්‍ෂුරින්‍ද්‍රිය රක්ව, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස් ස්පර්ශ කොට ... සිතින් ධර්ම දැන නිමිත්තග්‍රාහී නො වව, අනුව්යඤ්ජනග්රාහී නො වව, යමක් හේතු කොටගෙන මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තෙල මහණහු අභිධ්යාදෞර්මනස්ය පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ මනින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදුව, මනින්‍ද්‍රිය රක්ව, මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙව’ යි.
යතො ඛො බ්‍රාහ්මණ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, භොජනෙ මත්තඤ්ඤූ හොහි. පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙය්යාසි. නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති.
බමුණ, යම් කලෙක මහණ ඉන්ද්රියයෙහි ගුප්තද්වාර වේ ද, තථාගත තෙල මහණහු මතු විනයන කෙරෙයි. ‘මහණ, තො එ, භෝජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්රත්යවේක්ෂා කොට අහර වළඳ කරව, දවය පිණිස නො වෙයි, මදය පිණිස නො වෙයි, මණ්ඩනය පිණිස නො වෙයි, විභූෂණය පිණිස නො වෙයි, හුදෙක් මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස යාපනය පිණිස විහිංසෝපරති පිණිස බ්‍රහ්මචරියානුග්‍රහය පිණිස ම වෙයි. මෙසේ පුරාණ වේදනා ද නස්මි, නවවේදනා ද නො උපදවමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතා ඵාසුවිහාර ද වෙතී, කියායි.
යතො ඛො බ්‍රාහ්මණ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, ජාගරියං අනුයුත්තො විහරාහි, දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙය්යාසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහී’ති.
බමුණ, යම් කලෙක මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි. ‘මහණ, තො ඒ, නිදි වැරීමෙහි අනුයුක්ත ව වාස කරව, දවහල්කල චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල පෙරයම්හි චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල මැදියම පයෙහි පය හයාතබා ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව උත්ථානසංඥා මෙනෙහි කොටගෙන දකුණුඇළයෙන් සිංහශය්‍යා කරව, රෑකල පැසුළුයමැ හොත් අස්නෙන් නැගී සිට චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, කියායි.
යතො ඛො බ්‍රාහ්මණ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොහි, ‘අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී’ති.
බමුණ, යම් කලෙක මහණ නිදි වැරීමෙහි අනුයුක්ත වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො, එ, ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්වාගත වව, ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි සම්ප්‍රඥානයෙන් කරනසුලු වව, ඉදිරිපස බැලීමෙහි අනුදික් බැලීමෙහි නුවණින් කරනසුලු වව, (පර්වයන්) හැකිළීමෙහි දිගුකිරීමෙහි නුවණින් කරනසුලු වව, සඟළපාසිවුරු ධැරීමෙහි නුවණින් කරනසුලු වව, භෝජනයෙහි පානයෙහි කෑමෙහි රස විඳීමෙහි නුවණින් කරනසුලු වව, සුළුවටන් මහවටන් කිරීමෙහි නුවණින් කරනසුලු වව, ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි ශයනයෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් කරනසුලු වව’ යි කියායි.
යතො ඛො බ්‍රාහ්මණ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, විවිත්තං සෙනාසනං භජ අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජ’න්ති. සො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං.
බමුණ, යම් කලෙක මහණ ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්වාගත වේ ද, තථාගත තෙල මහණ මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ, ජනශුන්‍ය සෙනසුන් භජනය කරව, අරණ්‍ය ය වෘක්ෂමූල ය පර්වත ය කන්දර ය ගිරිගුහා ය ශ්මසාන ය වානප්‍රස්ථ ය අභ්‍යවකාශ ය පලාලපුඤ්ජය යන මේ යි. හේ අරණ්‍ය වෘක්ෂමූල පර්වත කන්දර ගිරිගුහා ශ්මසාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන විවික්ත ශයනාසන භජන කෙරෙයි.
සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති, බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගත ථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති. අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා කර්මස්ථානාභිමුඛ කොට සිහි එළවා තබාගෙන හිඳුනේ ය. හේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා හැරපියා පැහූ අභිධ්‍යා ඇති සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂ හැරපියා අව්‍යාපන්නචිත්ත ව සර්වසත්ව හිතානුකම්පී ව වාස කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය පියා පැහූ ස්ත්‍යානමිද්ධ ඇති ව ආලෝකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි. ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චය හා කුක්කුච්චය හැරපියා අනුද්ධත ව අධ්‍යාත්මයෙහි උපශාන්ත සිත් ඇති ව වාස කෙරෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත් පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡා පියා තරණය කළ විචිකිත්සා ඇති ව කුසල්දහම්හි කථංකථා රහිත ව වාස කෙරෙයි. විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.
සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛංච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති, උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
ඒ මහණ චිත්තෝපක්ලේශ වන ප්‍රඥාව දුර්වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන්ව මැ අකුශල ධර්මයෙන් වෙන්ව සවිතර්ක සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම් කරන සිත පිළිබඳ ඒකෝදිහාව ඇති අවිතර්ක අවිචාර වූ සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයාගෙන වාස කෙරෙයි. ප්රිතිවිරාගයෙනුදු උපේක්ෂක ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි, නාමකයින් සුඛය ද විඳියි. ආර්‍ය්‍යයෝ ‘උපේක්ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යයි යම් තෘතීයධ්යානයක් ගෙන කියත් ද, ඒ තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙනුදු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැලම සෞමනස්‍ය දෞර්මනස්යයන් අස්තයට යෑමෙන් අදුඃඛ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධභාව ඇති චතුර්ත්ථධ්යාන උපයා වාස කෙරෙයි.
යෙ ඛො තෙ බ්‍රාහ්මණ, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති. තෙසු මෙ අයං එවරූපී අනුසාසනී හොති: ‘යෙ පන තෙ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤා විමුත්තා. තෙසං ඉමෙ ධම්මා දිට්ඨධම්මසුඛවිහාරාය චෙව සංවත්තන්ති සතිසම්පජඤ්ඤාය චා’ති.
බමුණ, යම් මහණ කෙනෙක් ශෛක්ෂ ව අර්හත්වයට නො පැමිණි සිත් ඇති ව අනුත්තර යෝගක්ෂේමය පතමින් වාස කෙරෙත් ද, උන් කෙරෙහි මාගේ මේ මෙබඳු අනුශාසනා වෙයි: ‘අර්හත් වූ ක්ෂීණාස්රව වූ වැස නිමකළ බඹසර ඇති කළ කරණී ඇති බහාතැබූ කෙලෙස්බර ඇති ලැබූ ස්වාර්‍ත්‍ථ ඇති පරික්ෂීණ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් ඇද්ද, ඔවුනට මේ දහම්හු ඉහාත්ම සුඛවිහාර පිණිසත් ස්මෘති සම්ප්‍රජන්‍යය පිණිසත් වැටෙතී’ වදාළ සේක.
එවං වුත්තෙ ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ‘කින්නු ඛො භොතො ගොතමස්ස සාවකා භොතා ගොතමෙන එවං ඔවදීයමානා එවං අනුසාසියමානා සබ්බෙව අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, උදාහු එකච්චෙ නාරාධෙන්තී’ති?
මෙසේ වදාළ කල ගණකමුගලන් බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘කිමෙක! භවත් ගෞතමයන්ගේ සව්වෝ භවත් ගෞතමයන් විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු හැම දෙනම අත්‍යන්ත නිෂ්ඨා සංඛ්‍යාත නිර්වාණය ආරාධනා කෙරෙත් ද? නොහොත් නො එසේ වුව, කෙනෙක් ආරාධනා නො කෙරෙත් දැ’ යි.
අප්පෙකච්චෙ ඛො බ්‍රාහ්මණ, මම සාවකා මයා එවං ඔවදීයමානා එවං අනුසාසියමානා අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්තී’ති.
බමුණ, මා විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන මාගේ ඇතැම් සව්වෝ අත්‍යන්තනිෂ්ඨා සංඛ්‍යාත නිර්වාණය ආරාධනා කෙරෙත්, කෙනෙක් ආරාධනා නො කෙරෙත් යයි වදාළෝ.
කො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යං තිට්ඨතෙව නිබ්බානං, තිට්ඨති නිබ්බානගාමිමග්ගො, තිට්ඨති භවං ගොතමො සමාදපෙතා, අථ ච පන භොතො ගොතමස්ස සාවකා භොතා ගොතමෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චෙ අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්තී’ති.
භවත් ගෞතමයෙනි, යම්හෙයෙකින් නිවන් ඇත්තේ ම වේ ද, නිවන්මග ඇද්ද, සමාදන් කරවන භවත් ගෞතමයෝ ඇද්ද, වැලිත් භවත් ගෞතමයන් විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන භවත් ගෞතමයන්ගේ ඇතැම් සව්වෝ අත්‍යන්තනිෂ්ඨා සංඛ්‍යාත නිර්වාණය ආරාධනා කෙරෙත් නම්, කෙනෙක් ආරාධනා නො කෙරෙත් නම් එයට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ?
තෙන හි බ්‍රාහ්මණ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය, තථා නං බ්යාකරෙය්යාසි. ‘තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ, කුසලො ත්වං රාජගහගාමිස්ස මග්ගස්සා’ති?
බමුණ, එකරුණෙන් මෙහි ලා තා මැ පුළුවුස්මි: යම් පරිදි තට රුස්නේ නම් එපරිදි එය පවසාලව. බමුණ, ඒ කෙසේ හඟනාව, තෝ රජගහනුවර කරා යන මඟ කියන්නට දක්ෂයෙහි? යී වදාළෝ.
එවං භො, කුසලො අහං රාජගහගාමිස්ස මග්ගස්සා’ති.
භවත්නි, එසේ යැ, මම රජගහ කරා යන මඟට දක්ෂයෙමි’ කී.
තං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ, ඉධ පුරිසො ආගච්ඡෙය්ය රාජගහං ගන්තුකාමො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: ‘ඉච්ඡාමහං භන්තෙ, රාජගහං ගන්තුං, තස්ස මෙ රාජගහස්ස මග්ගං උපදිසාති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: ‘එහම්භො පුරිස, අයං මග්ගො රාජගහං ගච්ඡති, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම ගාමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම නිගමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි රාජගහස්ස ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යක’න්ති. සො තයා එවං ඔවදියමානො එවං අනුසාසියමානො උම්මග්ගං ගහෙත්වා පච්ඡාමුඛො ගච්ඡෙය්ය.
බමුණ, එ කෙසේ හඟිහි, පුරුෂයෙක් රජගහ යනු කැමැති ව එන්නේ ය, හේ තා කරා එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ වදනට කැමැතියෙමි, මට රජගහනුවරට මං දක්වයි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියන්නෙහි, එම්බා පුරුෂය, එ, මෙ මග රජගහ නුවරට යේ, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙ නම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. ඒ පුරුෂ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ උන්මාර්ගයක් ගෙන් පශ්චාත්-මුඛ ව යන්නේ ය.
අථ දුතියො පුරිසො ආගච්ඡෙය්ය රාජගහං ගන්තුකාමො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: ‘ඉච්ඡාමහං භන්තෙ, රාජගහං ගන්තුං. තස්ස මෙ රාජගහස්ස මග්ගං උපදිසා’ති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: එහම්භො පුරිස, අයං මග්ගො රාජගහං ගච්ඡති. තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම ගාමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම නිගමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි රාජගහස්ස ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යක’න්ති. සො තයා එවං ඔවදියමානො එවං අනුසාසියමානො සොත්ථිනා රාජගහං ගච්ඡෙය්ය.
නැවත රජගහ යනු කැමැති දෙවන පුරුෂයෙක් එන්නේ ය, හේ තා වෙත එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ යන්නට කැමැතියෙමි, මට රජගහනුවරට මං කියව’යි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියහි, ‘එම්බා පුරුෂය, එ, මේ මග රජගහ නුවරට යෙයි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. හේ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ සුවසේ රජගහනුවරට යන්නේ ය.
කො නු ඛො බ්‍රාහ්මණ, හෙතු, කො පච්චයො, යං තිට්ඨතෙව රාජගහං, තිට්ඨති රාජගහගාමී මග්ගො, තිට්ඨසි ත්වං සමාදපෙතා. අථ ච පන තයා එවං ඔවදියමානො එවං අනුසාසියමානො එකො පුරිසො උම්මග්ගං ගහෙත්වා පච්ඡාමුඛො ගච්ඡෙය්ය. එකො සොත්ථිනා රාජගහං ගච්ඡෙය්යා’ති?
බමුණ, රජගහනුවර ඇත් මැ යැ, රජගහනුවර යන මඟ ඇත් මැ යැ, සමාදන් කරවන තොයිත් ඇත් මැ යැ, වැලි තා විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන එක් පුරුෂයෙක් උන්මාර්ග ගෙන පශ්චාත්මුඛ ව යන්නේ යැ. එකෙක් සුවසේ රජගහනුවර යන්නේයැ, ඊට හේතු කිම? ප්‍රත්‍ය කිමැ’ යි.
එත්ථ ක්යාහං භො ගොතම කරොමි. මග්ගක්ඛායීහං, භො ගොතමා’ති.
භවත් ගෞතමයෙනි, මෙහි ලා මම කුම් කෙරෙම් ද? භවත් ගෞතමයෙනි, මම මඟ කියන සුල්ලෙමි.
එවමෙව ඛො බ්‍රාහ්මණ, තිට්ඨතෙව නිබ්බානං, තිට්ඨති නිබ්බානගාමිමග්ගො, තිට්ඨාමහං සමාදපෙතා, අථ ච පන මම සාවකා මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චෙ අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්ති. එත්ථ ක්යාහං බ්‍රාහ්මණ, කරොමි? මග්ගක්ඛායීහං බ්‍රාහ්මණ, තථාගතො’ති.
එසෙයින් මැ බමුණ, නිවන් ඇත් මැ යැ, නිවන් යන් මඟ ඇත් මැ යැ, සමාදන් කරවන මම් සිටිම් මැ යැ. එතෙකුදුවත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් අත්‍යන්තනිෂ්ඨා වූ නිර්වාණය සම්පාදනය කෙරෙති, ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. බමුණ, මෙහි ලා මම් කුම් කෙරෙම් ද? බමුණ, මම් මඟ පවසන තථාගතයෙමී.
එවං වුත්තෙ ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ‘යෙමෙ භො ගොතම, පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා අගාරස්මා අනගාරියං පබ්බජිතා සඨා මායාවිනො කෙටුභිනො උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා ඉන්ද්රියෙසු අගුත්තද්වාරා භොජනෙ අමත්තඤ්ඤුනො ජාගරියං අනනුයුත්තා සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො සික්ඛාය න තිබ්බගාරවා බාහුලිකා සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා කුසීතා හීනවිරියා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා දුප්පඤ්ඤා එළමූගා, න තෙහි භවං ගොතමො සද්ධිං සංවසති.
මෙසේ වදාළ කල්හි ගණකමොග්ගල්ලාන් බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත්ගෞතමයෙනි, යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු ජීවිකාව ප්‍රයෝජන කොට ඇති ව ගිහිගෙන් නික්ම සස්නට පැමිණියාහු ශඪ වූවාහු මායා ඇත්තාහු වඤ්චක වූවාහු උඬගු වූවාහු නැඟුණු මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු විසුරුණු වචන ඇත්තාහු ඉඳුරන්හි නො පියූ දොර ඇත්තාහු භෝජනයෙහි අමාත්‍ර වූවාහු ජාගර්‍ය්‍යායෙහි නොයෙදුණාහු ශ්‍රාමණ්‍යයෙහි අපේක්ෂා නැත්තාහු ශික්ෂායෙහි ත්‍රීවගෞරව නැත්තාහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු පඤ්චනීවරණයෙහි පෙරදැරි වූවාහු ප්‍රවිවේකයෙහි හළ වීර්‍ය්‍ය ඇත්තාහු කුසීත වූවාහු හීන වීර්‍ය්‍ය ඇත්තාහු මූඪස්මෘති ඇත්තාහු සම්‍යග්ඥාන නැත්තාහු අසමාහිත වූවාහු විභ්‍රාන්ත සිත් ඇත්තාහු දුෂ්ප්‍රාඥ වූවාහු කෙළතොලු වූවාහු වෙත් ද, භවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස නො කෙරෙති.
යෙ පනමෙ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා අසඨා අමායාවිනො අකෙටුභිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තා සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො සික්ඛාය තිබ්බගාරවා න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා ආරද්ධවිරියා පහිතත්තා උපට්ඨිතසතිනො සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො අනෙළමූගා, තෙහි භවං ගොතමො සද්ධිං සංවසති.
යළි යම් කුලපුත්‍ර කෙනෙක් සැදැහැති ව ගිහිගෙන් නික්ම සස්නට පැමිණියාහු ශඪ නොවූවාහු මායාවී නො වූවාහු වඤ්චක නො වූවාහු අනුද්ධත වූවාහු උද්ගත මානනළ නැත්තාහු චපල නො වූවාහු මුඛර නො වූවාහු අවිකීර්ණ වචන ඇත්තාහු ඉඳුරන් හි පියූ දොර ඇත්තාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු ජාගර්‍ය්‍යායෙහි යෙදුණාහු ශ්‍රාමණ්‍යයෙහි අපේක්ෂා වත් වූවාහු ශික්ෂායෙහි ත්‍රීවගෞරව ඇත්තාහු බාහුලික නොවූවාහු සාථලික නො වූවාහු පඤ්චනීවරණයෙහි නික්ෂිප්තධුර ඇත්තාහු ප්‍රවිවේකයෙහි පූර්වඞ්ගම වූවාහු ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තාහු නිවනට මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යග්ඥාන ඇත්තාහු සමාහිත වූවාහු එකඟ සිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු එළමුග නො වූවාහු වෙත් ද, භවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස කෙරෙත්.
සෙය්යථාපි භො ගොතම, යෙ කෙචි මූලගන්ධා, කාලානුසාරිකං තෙසං අග්ගමක්ඛායති. යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති. යෙ කෙචි පුප්ඵගන්ධා, වස්සිකං තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භොතො ගොතමස්ස ඔවාදො පරමජ්ජධම්මෙසු.
යම්සේ භවත් ගෞතමයෙනි, යම් කිසි මූලගන්ධ කෙනෙක් ඇද්ද, ඔවුනතුරෙන් කළුඅගිල් අග්‍ර යයි කියනු ලැබෙයි. යම් කිසි සාරගන්ධ කෙනෙක් ඇද්ද, ඔවුනතුරෙන් ලෝහිත චන්දන අග්‍ර යයි කියනු ලැබෙයි, යම් කිසි පුෂ්පගන්ධ කෙනෙක් ඇද්ද ඔවුනතුරෙන් දෑසමන් අග්‍රයයි කියනු ලැබෙයි. එසෙයින් ම ෂට්ශාස්තෘධර්මයන් කෙරෙහි භවත් ගෞතමයන් ගේ (අව) වාදය උත්තම වෙයි.
‘අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
භවත් ගෞතමයෙනි, ඉතා කාන්තය, භවත් ගෞතමයෙනි, ඉතා කාන්තය, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, ප්‍රතිච්ඡන්න වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළාවූවක්හට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත් ව’ යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ හෝ වේද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් දහම් පවසන ලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂුසංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද ආදි කොට දිවිහිම් ව සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව’ යි.
ගණකමොග්ගල්ලානසුත්තං සත්තමං
සත්වැනි ගණකමොග්ගල්ලාන සූත්‍ර යි.