ගොපකමොග්ගල්ලාන සුත්තං
3. 1. 8.
3. 1. 8.
ගොපකමොග්ගල්ලාන සුත්තං
ගෝපකමොග්ගල්ලාන සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං ආයස්මා ආනන්දො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ අචිරපරිනිබ්බුතෙ භගවති. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජගහං පටිසඞ්ඛාරාපෙති රඤ්ඤො පජ්ජොතස්ස ආසඞ්කමානො. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කාලයෙහි රජගහනුවර කලන්දකනිවාප නම් වේළුවනයෙහි වාස කෙරෙති. තවද එසමයෙහි වේදේහිපුත්‍ර වූ අජාතසත්තු නම් මගධදේශයෙහි රජ ප්‍රද්‍යොත රජුට සැක කෙරෙමින් රජගහනුවර ප්‍රතිසංස්කරණ කරවයි. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ.
අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි : ‘අතිප්පගො ඛො තාව රාජගහං පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙන ගොපකමොග්ගල්ලානස්ස බ්රාහ්මණස්ස කම්මන්තො, යෙන ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො තෙනුපසඞ්කමෙය්ය’න්ති. අථ ඛො ආයස්මා ආනන්දො යෙන ගොපකමොග්ගල්ලානස්ස බ්රාහ්මණස්ස කම්මන්තො, යෙන ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො, තෙනුපසඞ්කමි. අද්දසා ඛො ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට තෙල සිත් විය: ‘රජගහනුවර පිඬු සිඟා යන්නට තව ඉතා උදැසන වෙයි. මම් ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගේ කර්මාන්ත ස්ථානය යම් තැනෙක්හි ද ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ යම් තැනෙක්හි ද එහි එළැඹෙම් නම් මැනැවැ’ යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගේ කර්මාන්තස්ථානයෙහි ගෝපකමොග්ගල්ලාන බමුණු වෙත එළැඹියහ. ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්ද තෙරුන් දුටුයේ ය, දැක ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කී:
‘එතු ඛො භවං ආනන්දො, ස්වාගතං භොතො ආනන්දස්ස, චිරස්සං ඛො භවං ආනන්දො ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භවං ආනන්දො, ඉදමාසනං පඤ්ඤත්ත’න්ති. නිසීදි ඛො ආයස්මා ආනන්දො පඤ්ඤත්තෙ ආසනෙ. ගොපකමොග්ගල්ලානොපි ඛො බ්රාහ්මණො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං එතදවොච:
‘භවත් ආනන්දයෝ පැමිණෙත්වා, භවත් ආනන්‍දයනට ස්වාගත යැ, භවත් ආනන්දයෝ මෙහි පැමිණීමෙන් බොහෝ කලෙකින් මේ පරියාය කළහ. භවත් ආනන්දයෝ වැඩ හිඳිත්වා, මේ අසුන් පනවන ලදැයි’ . ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පැනැවූ අස්නෙහි වැඩහුන්හ. ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ ද එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳගත. එකත්පස් වැ හුන් ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට තෙල කී:
අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භවං ගොතමො අහොසි අරහං සම්මාසම්බුද්ධො’ති.
‘භවත් ආනන්දයෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයෙකින් සමන්විත වූ සේක් ද, ඒ සර්‍වඥතාඥානධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල සමන්විත වූ එක භික්ෂූ කෙනෙක් නමුදු ඇත් දැ’ යි.
නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භගවා අහොසි අරහං සම්මාසම්බුද්ධො. සො හි බ්‍රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ, මග්ගවිදූ, මග්ගකොවිදො. මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා’ති.
‘බමුණ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයෙකින් සමන්වාගත වූ සේක් ද, ඒ සර්‍වඥතාඥානධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල සමන්විත වූ එක භික්ෂූ කෙනෙකුදු නැත. එසේ ම ය, ඒ භාග්‍යවත්හු නූපන් මාර්ගය (ස්වසන්තානයෙහි) උපදවනුවහ., (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්ගය (විවරණවශයෙන්) පවසනුවහ, (ප්රත්යවේක්ෂා වශයෙන්) මාර්ගය දතුවහ, මාර්ගය දක්නාසුල්ලහ, මාර්ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් විසින් හෙළිකළ මාර්ගය හේතු කොටගෙන් මෙකල්හි මාර්ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙති’ යි.
අයඤ්ච හිදං ආයස්මතො ආනන්දස්ස ගොපකමොග්ගල්ලානෙන බ්රාහ්මණෙන සද්ධිං අන්තරාකථා විප්පකතා හොති. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො රාජගහෙ කම්මන්තෙ අනුසඤ්ඤායමානො යෙන ගොපකමොග්ගල්ලානස්ස බ්රාහ්මණස්ස කම්මන්තො යෙන ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: කායනුත්ථ භො ආනන්ද, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා’ති?
තවද ගෝපකමොග්ගල්ලාන බමුණු සමග ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ මේ අතුරු කථාව නො නිමියා වෙයි. එකල්හි මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ රාජගෘහයෙහි කමාන්තයන් විමසනුයේ ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ කර්මාන්තස්ථානය වෙත ආයුෂ්මත් ආනන්ද තෙරුන් කරා එළැඹියේය, එළැඹ ආයුෂ්මත් ආනන්ද තෙරුන් සමග සතුටු විය, සතුටුවිය සිහි කළ යුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කී: ‘භවත් ආනන්දයෙනි, දැන් කවර කථායෙකින් යුක්ත ව හුන්නු ද? තොප ගේ කවර අතුරු කථායෙක් කොට අඩාළ වී දැ’ යි.
ඉධ මං බ්‍රාහ්මණ, ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො එවමාහ: ‘අත්ථි නු ඛො, භො ආනන්ද, එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භවං ගොතමො අහොසි අරහං සම්මාසම්බුද්ධො’ති. එවං වුත්තෙ අහං බ්‍රාහ්මණ, ගොපකමොග්ගල්ලානං බ්රාහ්මණං එතදවොචං: ‘නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භගවා අහොසි අරහං සම්මාසම්බුද්ධො. සො හි බ්‍රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො, මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා’ති. අයං ඛො නො බ්‍රාහ්මණ, ගොපකමොග්ගල්ලානෙන බ්රාහ්මණෙන සද්ධිං අන්තරාකථා විප්පකතා. අථ ත්වං අනුප්පත්තො’ති.
බමුණ, මෙහි දී ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ මට මෙසේ කී: ‘භවත් ආනන්දයෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්මයෙකින් සමන්විත වූවාහු නම් ඒ සර්වඥතාඥානධර්මයන් ගෙන් සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල සමන්විත වූ එක් භික්ෂූ කෙනෙකුදු ඇද්දැ’ යි. මෙසේ කී කල්හි බමුණ, මම් ගෝපකමොග්ගල්ලාන බමුණුහට මෙසේ කීමි: ‘බමුණ, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයෙකින් සමන්වාගත වූ සේක් නම් ඒ සර්වඥතාඥාන ධර්මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල සමන්විත වූ එක භික්ෂූ කෙනෙකුදු නැත. බමුණ, එසේ ම ය, ඒ භාග්‍යවතුන් වහන්සේ (ස්වසන්තානයෙහි) නූපන් මාර්ගය උපදවනුවහ, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, (විවරණවශයෙන්) ප්‍රකාශ නො කළ මාර්ගය පවසනුවහ, (තමන් වහන්සේ ඉපැදවූ) ආර්ය්යමාර්ගය (ප්රත්යවේක්ෂා විසින්) දතුවහ, (වෛනෙයසන්තානයෙහි දැනැවිය යුතු) මාර්ගය දන්නාසුල්ලහ, (බෝසත්නට පැවැසිය යුතු) මාර්ගයෙහි විචක්‍ෂණයහ. ඒ බුදුන් විසින් හෙළිකළ මාර්ගය හේතු කොට ගෙන මෙකල්හි මාර්ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වෙසෙති’ යි බමුණ, ගෝපක මොග්ගල්ලාන බමුණු සමග අපගේ මේ අතුරු කථාව අඩාළ විය, එකල්හි තෙපි පැමිණියහු යැ’ යි.
අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි තෙන භොතා ගොතමෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති?
භවත් ආනන්දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නාහු නම් ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම තොපට මා ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි.
නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති.
බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මා ඇවෑමෙන් පිළිසරණ වන්නේයැ’ යි තබන ලද එක් භික්ෂු කෙනෙකුදු නැතැ’ යි.
අත්ථි පන ඛො භො ආනන්ද, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: ‘අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති?
භවත් ආනන්දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නාහු නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි.
නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො, සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති.
බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු නැතැ’ යි.
එවං අප්පටිසරණෙ ච පන, භො ආනන්ද, කො හෙතු සාමග්ගියා’ති?
තවද භවත් ආනන්දයෙනි, මෙසේ අප්‍රතිසරණ ශාසනයෙහි සාමග්‍රියට හේතු කවරේ දැ’ යි.
න ඛො මයං බ්‍රාහ්මණ, අප්පටිසරණා, සප්පටිසරණා මයං, බ්‍රාහ්මණ ධම්මප්පටිසරණා’ති.
බමුණ, ඇපි අප්රතිසරණයමෝ නො වම් හ, බමුණ, ඇපි සප්‍රතිසරණයම්හ, දහම් පිළිසරණ කොට ඇතියම් හ’ යි.
‘අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි තෙන භොතා ගොතමෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති. ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති. යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති වදෙසි. ‘අත්ථි පන භො ආනන්ද, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති. ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්‍රාහ්මණ එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: ‘අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති වදෙසි. ‘එවං අප්පටිසරණෙ ච පන භො ආනන්ද, කො හෙතු සාමග්ගියා’ති. ඉති පුට්ඨො සමානො: ‘න ඛො මයං බ්‍රාහ්මණ , අප්පටිසරණා සප්පටිසරණා මයං බ්‍රාහ්මණ, ධම්මපටිසරණා’ති වදෙසි. ඉමස්ස පන භො ආනන්ද, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බො’ති?
භවත් ආනන්දයෙනි, මෙකල්හි තෙපි යම් මහණක්හු අනුව යන්නවු නම් ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම මා ඇවෑමෙන් තොපට පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයැ’ යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු නැතැයි කියහු. යළි භවත් ආනන්දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නවු නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්ෂු කෙනකුදු ඇත්තාහු දැ’ යි පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිරභික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේ ගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු නැත්තාහ’ යි කීවහු ය. තවද මෙසේ මෙසේ අප්‍රතිසරණ ශාසනයෙහි භවත් ආනන්දයෙනි, සාමග්‍රියට හේතු කවරේ දැ’ යි පුළුවුත්හු ‘බ්‍රාහ්මණය, ඇපි අප්‍රතිසරණ නො වම්හ, බමුණ, ඇපි සප්‍රතිසරණයම්හ, ධර්මය පිළිසරණ කොට ඇතියම්හ’ යි කියහු. යළි භවත් ආනන්දයෙනි, මේ භාෂිතයාගේ අර්ත්ථ කිසෙයින් දත යුත්තේ දැ’ යි.
අත්ථි ඛො බ්‍රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං, පාතිමොක්ඛං උද්දිට්ඨං. තෙ මයං තදහුපොසථෙ යාවතිකා එකං ගාමක්ඛෙත්තං උපනිස්සාය විහරාම. තෙ සබ්බෙ එකජ්ඣං සන්නිපතාම, සන්නිපතිත්වා යස්ස තං පවත්තති තං අජ්ඣෙසාම. තස්මිං චෙ භඤ්ඤමානෙ හොති භික්ඛුස්ස ආපත්ති, හොති වීතික්කමො, තං මයං යථාධම්මං යථානුසිට්ඨං කාරෙමා’ති.
බමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූනට සිකපද පනවන ලද්දේ පාමොක් උදෙසන ලද්දේ ඇත් මැ ය. ඒ ඇපි එදවස් පොහොයැ එක් ගම්කෙතක් ඇසුරු කොට යම් පමණ වාස කරමෝ ද එ හැමදෙනමෝ එක් තැනැ රැස්වම්හ, රැස්වැ යමක්හට එ පාමොක් පුහුණුව වැටේ නම් ඔහුට ආරාධනා කරම්හ, ඉදින් එ පාමොක් දෙසන කල්හි මහණක් හට ඇවැත් වේ නම්, ව්යතික්රම වේ නම්, ඔහු ලවා ඇපි දහම් වූ පරිදි අනුසසුන් වූ පරිදි කරවම් හ’ යි.
න කිර නො භවන්තො කාරෙන්ති. ධම්මො නො කාරෙතීති.
භවත්හු නො කරවත් ල, ධර්මය මැ කරවා ල යි.
අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි යං තුම්හෙ එතරහි සක්කරොථ, ගරුකරොථ, මානෙථ, පූජෙථ, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරථා’ති?
භවත් ආනන්දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරවු ද, ගරු කරවු ද, බුහුමන් කරවු ද, පුදවු ද, සත්කාර කොට ගරුකාර කොට ඔහු ඇසුරු කොට වාසය කරවු නම්, එබඳු එක භික්ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි පිළිවිත්.
‘නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි යං මයං එතරහි සක්කරොම, ගරුකරොම, මානෙම, පූජෙම. සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාමා’ති.
බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරමෝ නම්, ගරු කරමෝ නම්, බුහුමන් කරමෝ නම්, පුදමෝ නම්, සත්කාර කොට ගරු කොට ඔහු ඇසුරු කොට වසමෝ නම්, එබඳු එක් භික්ෂු කෙනෙකුදු නැතැ’ යි කීහ.
‘අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි තෙන භොතා ගොතමෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතීති යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති. ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඨපිතො: අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති. යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති වදෙසි. ‘අත්ථි පන භො ආනන්ද, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො:
භවත් ආනන්දයෙනි, මෙකල්හි තෙපි යම් මහණක්හු අනුව යන්නවු නම්, ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම මාගේ ඇවෑමෙන් තොපට පිළිසරණ වන්නේ ය’ යි තබනලද එක භික්ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ ය’ යි තබනලද එක භික්ෂු කෙනෙකුදු නැතැ’ යි කියහු. යළි ‘භවත් ආනන්දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නවු නම් සංඝයා විසින් සම්මත වූ
‘අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථාති. ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති වදෙසි. අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි යං තුම්හෙ එතරහි සක්කරොථ, ගරුකරොථ, මානෙථ, පූජෙථ, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරථා’ති ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්‍රාහ්මණ, එකභික්ඛූපි යං මයං එතරහි සක්කරොම ගරුකරොම මානෙම පූජෙම සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාමා’ති වදෙසි. ඉමස්ස පන භො ආනන්ද, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති.
බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ ය’ යි තබන ලද එක භික්ෂු කෙනෙකුදු නැත්තාහ’ යි කියහු. ‘භවත් ආනන්දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරවු ද, බුහුමන් කරවු ද, පූජා කරවු ද, සත්කාර කොට ගරු කොට ඇසුරු කොට වාසය කරවු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරමෝ නම් ගරුකාර කරමෝ නම් බුහුමන් කරමෝ නම් පුදමෝ නම් සත්කාර කොට ගරුකාර කොට නිසා වසමෝ නම් එබඳු එක් භික්ෂු කෙනෙකුදු නැතැ’ යි කියහු. තවද භවත් ආනන්දයෙනි, මේ භාෂිතයාගේ අර්ත්ථ කිසෙයින් දතයුත්තේ දැ’ යි, කීය.
අත්ථි ඛො බ්‍රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දස පසාදනීයා ධම්මා අක්ඛාතා, යස්මිං නො ඉමෙ ධම්මා සංවිජ්ජන්ති. තං මයං එතරහි සක්කරොම ගරුකරොම මානෙම පූජෙම. සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාම. කතමෙ දස:
බමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දස ප්‍රසාදනීය ධර්ම කෙනෙක් වදාරන ලද්දාහ, යමක්හු කෙරෙහි මේ ධර්මයෝ විද්‍යමාන වෙත් නම්, ඇපි මෙකල්හි ඒ මහණහු සත්කාර කරම්හ, ගරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ, සත්කාර කොට ගරුකාර කොට නිසා වාසය කරම්හ, කවර දසයෙක යත්:
ඉධ බ්‍රාහ්මණ, භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
බමුණ, මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අල්පමාත්‍ර අකුශලයෙහි භය දක්නාසුලු වැ වෙසෙයි, සමාදන් වැ ගෙන ප්රඥප්තශික්ෂාපදයන්හි හික්මෙයි.
බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.
ශ්‍රැතයට ආධාර වූ ශ්‍රැතසන්නිචය ඇති බහුශ්‍රැතයෙක් වෙයි. ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්ත්ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්ම කෙනෙක් සර්වපරිපූර්ණ වූ පරිශුද්ධ වූ ශික්ෂාත්රයසංගෘහීත ශාසනය ප්‍රකාශ කෙරෙත් ද, ඔහු විසින් එබඳු ධර්මයෝ ධරන ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු (අර්ත්ථ විසින් කාරණ විසින්) ප්‍රඥායෙන් සුප්රතිවිදිත වූවාහු වෙත්.
සන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි.
ඉතරීතර චීවරයෙන් පිණ්ඩපාතයෙන් සේනාසනයෙන් ගිලන්පසබෙහෙසත්පිරිකරින් සතුටුවූයේ වෙයි.
චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
අභිචිත්තය ඇසුරු කළ ඉහාත්මසුඛවිහරණයට හේතු වූ සතර ධ්‍යානයන් රිසිරිසි කෙණෙහි ලබනසුලු වූයේ නිදුකින් ලබනසුලු වූයේ විපුල ව ලබනසුලු වූයේ වෙයි.
අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති, ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙපි පල්ලඞ්කෙන චඞ්කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති, පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
අනේකවිධ වූ ඍද්ධි කොටස් වළඳ කෙරෙයි: එකෙක් මැ වී බහුප්‍රකාර වෙයි, බහුප්‍රකාර වැ එකෙක් වෙයි, ආවීර්භාවය තිරොභාවය කෙරෙයි, බිතින් ඈතට පවුරින් ඈතට පව්වෙන් ඈතට අහසෙහි සෙයින් නො ගැටෙමින් යෙයි, දියෙහි සෙයින් පොළොවෙහි ද උම්මුජ්ජනිමුජ්ජන කෙරෙයි. පොළොවෙහි සෙයින් නො බිඳෙන දියෙහි දු යෙයි, පක්ෂි ලිහිණියක සෙයින් අහස්හි දු පලගින් සක්මන් කෙරෙයි, මෙසේ මහර්ද්ධි ඇති මෙසේ මහානුභාව ඇති මේ චන්ද්‍ර සුර්ය්යයනුදු අත්ලෙන් පරාමර්ශ පරිමාර්‍ජන කෙරෙයි. බඹලොව දක්වාත් නාමකයින් වශයෙහි පවත්වයි.
දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
මනුෂ්යශ්රෝතය ඉක්මැ සිටි විශුද්ධ වූ දිව්යශ්රෝතධාතුයෙන් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දුර වූ ද ළඟ වූ ද උභය ශබ්දයන් අසයි.
පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
පරසත්ත්වයන් ගේ පරපුද්ගලයන් ගේ සිත තමා සිතින් පිරිසිඳ දැනගනී: රාගසහිත චිත්තය ද, සරාග සිතැ’යි දැනගනී, වීතරාග චිත්තය ද, වීතරාග සිතැ’යි දැන ගනී, සද්වේෂ චිත්තය ද, සද්වේෂ චිත්තයැ’ යි දැනගනී, වීතද්වේෂ චිත්තය ද, ‘විගතද්වේෂ චිත්ත යැ’ යි දැනගනී, සමෝහ චිත්තය ද ‘සමෝහ චිත්තයැ’ යි දැනගනී, වීතමෝහ චිත්තය ද ‘විගතමෝහ චිත්තයැ’ යි දැනගනී, හැකුළුණු සිත ද ‘හැකුළුණු සිතැ’යි දැනගනී, විසුරුණු සිත ද ‘විසුරුණු සිතැ’යි දැනගනී, මහද්ගත චිත්තය ද ‘මහද්ගත චිත්තයැ’ යි දැනගනී, අමහද්ගත චිත්තය ද, ‘අමහද්ගත චිත්තයැ’ යි දැනගනී, සඋත්තර චිත්තය ද ‘සඋත්තර චිත්තයැ’ යි දැනගනී, අනුත්තර චිත්තය ද, අනුත්තර චිත්තයැ’ යි දැනගනී. සමාහිත චිත්තය ද ‘සමාහිත චිත්තයැ’ යි දැනගනී, අසමාහිත චිත්තය ද ‘අසමාහිත චිත්තයැ’ යි දැනගනී, විමුක්ත වූ චිත්තය ද ‘විමුක්ත චිත්තයැ’ යි දැනගනී, අවිමුක්ත චිත්තය ද අවිමුක්ත චිත්තයැ’ යි දැනගනී.
අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං, තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
අනේකවිධ වූ පූර්‍වනිවාස සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු තුන් ජාතියකුදු සතර ජාතියකුදු පස් ජාතියකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සතයකුදු ජාති සහස්රයකුදු ජාති සතසහස්රයකුදු නොයෙක් සංවර්තකල්පයනුදු නොයෙක් විවර්තකල්පයනුදු නොයෙක් සංවර්තවිවර්ත කල්පයනුදු අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගෝත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැවැ අසුවල් තැනැ උපන්මි. ඒ තැන්හිදු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගෝත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපන්මි, මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වනිවාසය සිහි කෙරෙයි.
දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
මිනිසැස ඉක්මැ සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්යුතවෙමින් උපදමින් සිටි සත්ත්වයන් දකී, හීනප්‍රණීත වූ සුවර්ණදුර්වර්ණ වූ සුගතදුර්ගත වූ යථාකර්‍මොපගත සත්ත්වයන් දැනගනී.
ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
ආස්‍රවයන් ක්ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාස කෙරෙයි.
ඉමෙ ඛො බ්‍රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දස පසාදනීයා ධම්මා අක්ඛාතා. යස්මිං නො ඉමෙ ධම්මා සංවිජ්ජන්ති, තං මයං එතරහි සක්කරොම ගරුකරොම මානෙම පූජෙම, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාමාති.
බමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දසවැදෑරුම් ප්‍රසාදනීය ධර්මයෝ වදාරන ලද්දාහ. යම් මහණක්හු කෙරෙහි මේ ධර්මයෝ විද්‍යමාන වෙත් ද, ඇපි මෙකල්හි ඒ මහණහු සත්කාර කරම්හ, ගරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ. සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාස කරම්හ’ යි.
එවං වුත්තෙ වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො උපනන්දං සෙනාපතිං ආමන්තෙසි. තං කිං මඤ්ඤසි භවං සෙනාපති, යදිමෙ එවං භොන්තො සක්කාතබ්බං සක්කරොන්ති, ගරුකාතබ්බං ගරුකරොන්ති, මානෙතබ්බං මානෙන්ති, පූජෙතබ්බං පූජෙන්ති. තග්ඝිමෙ භොන්තො සක්කාතබ්බං සක්කරොන්ති, ගරුකාතබ්බං ගරුකරොන්ති, මානෙතබ්බං මානෙන්ති, පූජෙතබ්බං පූජෙන්ති. ඉමඤ්ච හි තෙ භොන්තො න සක්කරෙය්‍යුං, න ගරුකරෙය්‍යුං, න මානෙය්‍යුං, න පූජෙය්‍යුං, අථ කිඤ්චරහි තෙ භොන්තො සක්කරෙය්‍යුං, ගරුකරෙය්‍යුං, මානෙය්‍යුං, පූජෙය්‍යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුන්ති.
මෙසේ කී කල්හි මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ උපනන්ද සේනාපති ඇමැතී: ‘භවත් සේනාපතිය, ඒ කිමැයි සිතයි ද, ඉදින් මේ භවත්හු මෙසේ සත්කාර කළයුත්තහු සත්කාර කෙරෙත් නම් ගරු කළ යුත්තහු ගරු කෙරෙත් නම් බුහුමන් කළයුත්තහු බුහුමන් කෙරෙත් නම් පිදියයුත්ත්හු පුදත් නම්, ඒකාන්තයෙන් මේ භවත්හු සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙති, ගරු කළයුත්තහුට ගරු කෙරෙති, බුහුමන් කළයුත්තට බුහුමන් කෙරෙති, පිදිය යුත්තහුට පූජා කෙරෙති. තවද යම් හෙයෙකින් ඒ භවත්හු මේ මහණහු සත්කාර නො කරන්නාහු නම් ගරු නො කරන්නාහු නම් බුහුමන් නො කරන්නාහු නම් නො පුදන්නාහු නම්, එකල්හි ඒ භවත්හු කවරක්හට සත්කාර කරන්නාහු ද ගරු කරන්නාහු ද බුහුමන් කරන්නාහු ද පුදන්නාහු ද, සත්කාර කොට ගරු කොට නිසා වාස කරන්නාහු දැ’ යි.
අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: ‘කහං පන භවං ආනන්දො එතරහි විහරතී’ති.
ඉක්බිති මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කී: ‘භවත් ආනන්දයෝ මෙකල්හි කොහි වෙසෙත් දැ’ යි.
වෙළුවනෙ ඛො අහං බ්‍රාහ්මණ එතරහි විහරාමීති.
බමුණ, මම මෙකල්හි වේළුවනයෙහි වාස කෙරෙමී’ කීහ.
කච්චි පන භො ආනන්ද, වෙළුවනං රමණීයඤ්චෙව අප්පසද්දඤ්ච අප්පනිග්ඝොසඤ්ච විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පන්ති.
කිමෙක භවත් ආනන්දයෙනි, වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්පනිර්ඝෝෂ වූයේත් ඇද්ද, ජනවාත රහිත වූයේ මිනිසුන්ගේ රාහස්‍යයට යෝග්‍ය වූ විවේකයට සුදුසු වූයේ වී දැ’ යි පිළිවිත.
තග්ඝ බ්‍රාහ්මණ, වෙළුවනං රමණීයඤ්චෙව අප්පසද්දඤ්ච අප්පනිග්ඝොසඤ්ච විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං, යථා තං තුම්හාදිසෙහි රක්ඛකෙහි ගොපකෙහීති.
බමුණ, ඒකාන්තයෙන් වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්පනිර්ඝෝෂ වූයේත් වෙයි, ජනවාත රහිත වූයේ මිනිසුන්ගේ රාහස්‍යයට යෝග්‍ය වූ විවේකයට නිසි වෙයි, තොප වැනි වූ රක්ෂක ගෝපකයන් විසින් (රක්නාලදුයේ) යම්සේ ද එමෙනි.
තග්ඝ භො ආනන්ද, වෙළුවනං රමණීයඤ්චෙව අප්පසද්දඤ්ච අප්පනිග්ඝොසඤ්ච විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං යථා තං භවන්තෙහි ඣානසීලීහි. ඣායිනො චෙව භවන්තො ඣානසීලිනො ච.
භවත් ආනන්දයෙනි, ඒකාන්තයෙන් වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්ප නිරඝෝෂා වූයේත් වෙයි, විජනවාත වූයේ මිනිසුන්ගේ රහස්යකර්මයනට සුදුසු වූයේ විවේකවාසයට නිසි වූයේ වෙයි. ධ්යානශීලි වූ පින්වතුන් විසින් යම්සේ ද එමෙනි. භවත් ධ්‍යායීහු ද ධ්යානශීලුහු ද වෙති.
එකමිදාහං භො ආනන්ද, සමයං සො භවං ගොතමො වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො අහං භො ආනන්ද, යෙන මහාවනං කූටාගාරසාලා, යෙන සො භවං ගොතමො, තෙනුපසඞ්කමිං. තත්ර ච පන සො භවං ගොතමො අනෙකපරියායෙන ඣානකථං කථෙසි. ඣායී චෙව සො භවං ගොතමො අහොසි ඣානසීලී ච. සබ්බඤ්ච පන සො භවං ගොතමො ඣානං වණ්ණෙසීති.
භවත් ආනන්දයෙනි, එක් සමයෙක්හි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසාලා නුවර මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි වැඩවෙසෙති. භවත් ආනන්දයෙනි, එකල්හි මම් මහාවනයෙහි කූටාගාරශාලාව යම් තැනෙක්හි ද, ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් තැනෙක්හි ද, එතැන්හි එළැඹියෙමි. එහි වූ කලි ඒ භවත් ගෞතමයන් වහන්සේ නන් අයුරින් ධ්යානකථාව වදාළහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ ධ්‍යායී ද ධ්‍යානශීලී ද වූහ. යළි ඒ භවත් ගෞතමයන් වහන්සේ සියලු ධ්‍යානය වර්ණනා කළහ’ යි කීය.
න ඛො බ්‍රාහ්මණ, සො භගවා සබ්බං ඣානං වණ්ණෙසි. නාපි සො භගවා සබ්බං ඣානං න වණ්ණෙසීති.
බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්ණනා නො කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය නො ද වර්ණනා නො කළ සේකැ’ යි.
කථං රූපඤ්ච බ්‍රාහ්මණ, සො භගවා ඣානං න වණ්ණෙසි. ඉධ බ්‍රාහ්මණ, එකච්චො කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති: සො කාමරාගංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන. උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො බ්යාපාදංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථීනමිද්ධපරෙතෙන. උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො ථීනමිද්ධංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන. උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො උද්ධච්චකුක්කුච්චංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. සො විචිකිච්ඡංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. එවරූපං ඛො බ්‍රාහ්මණ, සො භගවා ඣානං න වණ්ණෙසි.
බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වූ ධ්‍යානයක් වර්ණනා නො කළ සේක් ද යත්: ‘බමුණ, මෙලො වැ කිසිවෙක් කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් පෙළන ලද සිතින් යුක්ත වැ වෙසෙයි, යළි උපන් කාමරාගයාගේ නිස්සරණය තතුසේ නො දනී. හේ කාමරාගය මැ ඇතුළු කොට ගෙන සිතයි, අතිශයින් සිතයි, අනේකප්‍රකාරයෙන් සිතයි, ඉන් බැහැර වැ සිතයි. ව්‍යාපාදයෙන් මැඩුණු ව්‍යාපාදයෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය තතුසේ නො දතහෙයි, හේ ව්‍යාපාදය මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන් අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. ථීනමිද්ධයෙන් මැඩුණු ථීනමිද්ධයෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ථීනමිද්ධයාගේත් නිස්සරණය තතුසේ නො දතහෙයි. හේ ථීනමිද්ධය මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන්අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. උද්ධච්ච කුක්කුච්චයෙන් මැඩුණු උද්ධච්චකුක්කුච්චයෙන් පෙළුණුසිතින් යුක්ත වැ වෙසෙයි. උපන් උද්ධච්චකුක්කුච්චයාගේත් නිස්සරණය තතුසේ නො දතහෙයි. හේ උද්ධච්ච කුක්කුච්ච මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන්අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. විචිකිච්ඡායෙන් මැඩුණු විචිකිච්ඡායෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි, උපන් විචිකිච්ඡාවගේ ද නිස්සරණය තතුසේ නො දතහෙයි, හේ විචිකිච්ඡාව මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන් අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු වූ ධ්‍යානය වර්ණනා නො කළ සේක.
කථං රූපඤ්ච බ්‍රාහ්මණ, සො භගවා ඣානං වණ්ණෙසි. ඉධ බ්‍රාහ්මණ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවරූපං ඛො බ්‍රාහ්මණ සො භගවා ඣානං වණ්ණෙසීති.
බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වූ ධ්‍යානයක් වර්ණනා කළසේක් ද යත්: ‘බමුණ, මෙ සස්නෙහි මහණ කාමරාගයෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ සවිතර්ක වූ සැවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. විතර්‍කවිචාරයන්ගෙන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදි භාවය ඇති අවිතර්ක වූ අවිචාර වූ සමාධිය වූ ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. ප්‍රීතියගේ ද විරාගයෙන් ද උපේක්ෂා ඇත්තේ ද ස්මෘති ඇති ව සම්‍යග්ඥානය ඇති ව වෙසෙයි, නාමකයින් සුඛය ද විඳී, යම් ධ්‍යානයක් හේතුකොටගෙන ආර්‍ය්‍යයෝ ‘උපේක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යැ’යි පවසත් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තංගමයෙන් දුක් නො වූ සුව නො වූ උපේක්ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. බමුණ, ඒ භාගවතුන් වහන්සේ මෙබඳු වූ ධ්‍යානය වර්ණනා කළ සේකැ’යි වදාළහ.
ගාරය්හං කිර භො ආනන්ද, සො භවං ගොතමො ඣානං ගරහි. පාසංසං පසංසි. හන්ද ච’දානි මයං භො ආනන්ද ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයාති.
භවත් ආනන්දයෙනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැරැහියැ යුතු ධ්‍යානය කලි ගැරැහූහ. පැසැසියැ යුත්ත පැසැසූහ. මැනැවැ භවත් ආනන්දයෙනි, මෙවිට ඇපි යම්හ, ඇපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’ යි.
යස්සදානි ත්වං බ්‍රාහ්මණ, කාලං මඤ්ඤසීති.
බමුණ, තෙපි දැන් ඒ කටයුතු සඳහා කල් දනුව’ යි.
අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
ඉක්බිති මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ භාෂිතය අභිනන්දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැගිට නික්මැ ගියේ ය.
අථ ඛො ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො අචිරපක්කන්තෙ වස්සකාරෙ බ්රාහ්මණෙ මගධමහාමත්තෙ ආයස්මන්තං ආනන්දං එතදවොච: ‘යං නො මයං භවන්තං ආනන්දං අපුච්ඡිම්හ තං නො භවං ආනන්දො න බ්යාකාසීති.
ඉක්බිති ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු නික්මැ ගිය නොබෝවේලෙහි ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කී: ‘ඇපි භවත් ආනන්දයන් යමක් විචාළමෝ නම් භවත් ආනන්දයෝ එය ප්‍රකාශ නො කළහ’ යි.
අපි නු තෙ බ්‍රාහ්මණ, අවොචුම්හ: නත්ථි ඛො බ්‍රාහ්මණ එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භගවා අහොසි අරහං සම්මාසම්බුද්ධො. සො හි බ්‍රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතාති.
බමුණ, තොපට කිවමෝ නො ද: ‘බමුණ, ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ යම් සර්වඥතාඥාන ධර්මයෙකින් සමන්වාගත සේක් නම් ඒ ධර්මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල සමන්විත වූ එක භික්ෂු කෙනෙකුදු නැත්තාහ. එසේ මැ යැ, බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ (සිය සතන්හි) නූපන් මඟ උපදවනුවහ, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාත මාර්ගය දනවනුවහ. ප්‍රකාශ නො කළ මඟ පවසනුවහ ආර්ය්යමාර්ග ප්රත්යවේක්ෂා විසින් දතුවහ, (වෛනෙයසන්තානයෙහි) දැනැවියයුතු මඟ දන්නාසුල්ලහ, මාර්ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් හෙළිකළ මාර්ගය හේතුකොටගෙන මෙකල්හි මාර්ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වාස කෙරෙත් යයි වදාළහ.
ගොපකමොග්ගල්ලානසුත්තං අට්ඨමං
අටවැනි ගෝපකමොග්ගල්ලාන සූත්‍ර යි.