ගණකමොග්ගල්ලාන සුත්තවණ්ණනා අට්ඨකථා
ගණකමොග්ගල්ලාන සුත්තවණ්ණනා
ගණකමොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ගණකමොග්ගල්ලානසුත්තං. තත්ථ යාව පච්ඡිමසොපානකළෙවරාති යාව පඨමසොපානඵලකා එකදිවසෙනෙව සත්තභූමිකො පාසාදො න සක්කා කාතුං, වත්ථුං සොධෙත්වා ථම්භුස්සාපනතො පට්ඨාය පන යාව චිත්තකම්මකරණා අනුපුබ්බකිරියා චෙත්ථ පඤ්ඤායතීති දස්සෙති. යදිදං අජ්ඣෙනෙති තයොපි වෙදා න සක්කා එකදිවසෙනෙව අධීයිතුං, එතෙසං අජ්ඣෙනෙපි පන අනුපුබ්බකිරියාව පඤ්ඤායතීති දස්සෙති. ඉස්සත්ථෙති ආවුධවිජ්ජායපි එකදිවසෙනෙව වාලවෙධි නාම න සක්කා කාතුං, ඨානසම්පාදනමුට්ඨිකරණාදීහි පන එත්ථාපි අනුපුබ්බකිරියා පඤ්ඤායතීති දස්සෙති. සඞ්ඛානෙති ගණනාය. තත්ථ අනුපුබ්බකිරියං අත්තනාව දස්සෙන්තො එවං ගණාපෙමාතිආදිමාහ.
එවම්මෙසුතන්ති ගණකමොග්ගල්ලාන සූත්‍රයයි. එහි පච්ඡිමා සොපානකළෙබරාති යම්තාක් පළමු සෝපාන ඵලකයෝයි. එක් දවසකින් සත්මහල් ප්‍රසාදයක් තනන්නට නොහැකිය. භූමිය ශුද්ධ කරවා ටැඹ ඉස්සීමේ පටන් සිත්තම් කිරීමාදී පූර්ව අනුක්‍රියා මෙහි පෙනෙන්නේ යැයි දක්වයි. යදිදං අජ්ඣෙනෙති වේදත්‍රය එක් දවසකින් හදාරන්නට නොහැකිය. මොවුන්ගේ හැදෑරීම ද පූර්ව අනුක්රියාවෙන්ම පෙනෙන්නේ යැයි දක්වයි. ඉස්සත්ථෙති ආයුධ විද්‍යාවෙන් එක් දවසකින් වාලවේධිය තත්ත්වයට පත්වන්නට නොහැකිය. ස්ථාන පිළියෙළ කිරීම් ආදි පූර්ව ක්‍රියාවන් පෙනෙන්නේ යැයි දක්වයි. සඞ්ඛානෙනාති ගණන් කිරීමයි. එහි පූර්ව ක්‍රියාවන් තමාම දක්වන්නේ මෙසේ ගන්නේ යැයි කීය.
සෙය්යථාපි බ්රාහ්මණාති ඉධ භගවා යස්මා බාහිරසමයෙ යථා යථා සිප්පං උග්ගණ්හන්ති, තථා තථා කෙරාටිකා හොන්ති, තස්මා අත්තනො සාසනං බාහිරසමයෙන අනුපමෙත්වා භද්රඅස්සාජානීයෙන උපමෙන්තො සෙය්යථාපීතිආදිමාහ. භද්රො හි අස්සාජානීයො යස්මිං කාරණෙ දමිතො හොති, තං ජීවිතහෙතුපි නාතික්කමති. එවමෙව සාසනෙ සම්මාපටිපන්නො කුලපුත්තො සීලවෙලං නාතික්කමති. මුඛාධානෙති මුඛට්ඨපනෙ.
සෙය්යථාපි බ්රාහ්මණොති යම් හෙයකින් බාහිර ආගම්වල යම් යම් ශාස්ත්‍ර ඉගෙන ගනිත් ද එසේම කෛරාටික වෙති. එහෙයින් තම ශාසනය බාහිර ශාසනත් සමඟ උපමා නොකොට යහපත් අජානීය අශ්වයා සමග උපමා කරමින් සෙය්යථාපි යනාදිය කීහ. යහපත් අජානීය අශ්වයා යම් දෙයක හික්මවන ලද්දේ ද එය ජීවිත හේතුව නිසාවත් නොඉක්මවයි. එපරිද්දෙන්ම ශාසනයෙහි මනාකොට පිළිපන් භික්ෂුව සීලය නැමති සීමාව නොඉක්මවයි. මුඛාධානෙති මුඛයෙහි තබා ගැනීමයි.
සතිසම්පජඤ්ඤාය චාති සතිසම්පජඤ්ඤාහි සමඞ්ගිභාවත්ථාය. ද්වෙ හි ඛීණාසවා සතතවිහාරී ච නොසතතවිහාරී ච. තත්ථ සතතවිහාරී යංකිඤ්චි කම්මං කත්වාපි ඵලසමාපත්තිං සමාපජ්ජිතුං සක්කොති, නො සතතවිහාරී පන අප්පමත්තකෙපි කිච්චෙ කිච්චප්පසුතො හුත්වා ඵලසමාපත්තිං අප්පෙතුං න සක්කොති.
සති සම්පජඤ්ඤායචාති සති සම්පජඤ්ඤයෙන් සමන්විත භාවය පිණිසයි. රහතන් වහන්සේලා දෙනමකි. එක් නමක් නිතර සිහි කරයි. අනෙත් නම නිතර සිහි නොකරයි. එහි නිතර සිහි කරන නමට යම්කිසි කටයුත්තක් කොට ඵල සමවතට සමවැදීමට හැකිය. අනෙත් නමට ස්වල්ප කටයුත්තක් ඇතේ ඵල සමවතට සමවැදීමට නොහැකිය.
තත්රිදං වත්ථු – එකො කිර ඛීණාසවත්ථෙරො ඛීණාසවසාමණෙරං ගහෙත්වා අරඤ්ඤවාසං ගතො, තත්ථ මහාථෙරස්ස සෙනාසනං පත්තං, සාමණෙරස්ස න පාපුණාති, තං විතක්කෙන්තො ථෙරො එකදිවසම්පි ඵලසමාපත්තිං අප්පෙතුං නාසක්ඛි. සාමණෙරො පන තෙමාසං ඵලසමාපත්තිරතියා වීතිනාමෙත්වා “සප්පායො, භන්තෙ, අරඤ්ඤවාසො ජාතො”ති ථෙරං පුච්ඡි. ථෙරො “න ජාතො, ආවුසො”ති ආහ. ඉති යො එවරූපො ඛීණාසවො, සො ඉමෙ ධම්මෙ ආදිතො පට්ඨාය ආවජ්ජිත්වාව සමාපජ්ජිතුං සක්ඛිස්සතීති දස්සෙන්තො “සතිසම්පජඤ්ඤාය චා”ති ආහ.
එහි මේ වස්තුවයි. එක් රහතන් වහන්සේ නමක් රහත් සාමණේරයන් වහන්සේ නමක් සමඟ ආරණ්‍යයෙහි විසීමට වැඩියේය. එහි දී මහ තෙරුන්ට සෙනසුනක් ලැබුණි. සාමණේරයන්ට නොලැබුණි. එය කල්පනා කරන්නේ තෙරුන් වහන්සේ එකදු දවසක් ද ඵල සමවතට පැමිණීමට නොහැකි විය. සාමණේරයන් තුන් මසක් ඵල සමවතින් කල් යවා ස්වාමීනි, ආරණ්‍ය වාසය සැපදැයි ඇසීය. ඇවැත්නි, සැප නැතැයි තෙරුන් වහන්සේ කීහ. මෙසේ මෙබඳු වූ රහතන් වහන්සේ ද මේ ධර්මය මුල පටන් ආවර්ජනය කොට සමවැදීමට නොහැක්කේ යැයි දක්වමින් සති සම්පජඤ්ඤය කීහ.
යෙමෙ, භො ගොතමාති තථාගතෙ කිර කථයන්තෙව බ්රාහ්මණස්ස “ඉමෙ පුග්ගලා න ආරාධෙන්ති, ඉමෙ ආරාධෙන්තී”ති නයො උදපාදි, තං දස්සෙන්තො එවං වත්තුමාරද්ධො.
යෙ මෙ භො ගොතමාති තථාගතයන් යැයි කියන කියන කළ බමුණාට මේ පුද්ගලයෝ සිත් සතුටු නොකෙරෙත් යැයි යන ක්‍රමය පහළ විය.
පරමජ්ජධම්මෙසූති අජ්ජධම්මා නාම ඡසත්ථාරධම්මා, තෙසු ගොතමවාදොව, පරමො උත්තමොති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
පරමජ්ජධම්මෙසු අජ්ජධර්ම නම් ශාස්තෘවරු හය දෙනාගේ ධර්මයයි. ඒ අතරින් ගෝතම වාදයම උතුම්ය යන තේරුමයි. ඉතිරිය ද සියළු තැන්හිම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ගණකමොග්ගල්ලානසුත්තවණ්ණනා නිට්ඨිතා.
ගණකමොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව නිමි.
ගොපකමොග්ගල්ලාන සුත්තවණ්ණනා
ගෝපකමොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ගොපකමොග්ගල්ලානසුත්තං. තත්ථ අචිරපරිනිබ්බුතෙ භගවතීති භගවති අචිරපරිනිබ්බුතෙ, ධාතුභාජනීයං කත්වා ධම්මසඞ්ගීතිං කාතුං රාජගහං ආගතකාලෙ. රඤ්ඤො පජ්ජොතස්ස ආසඞ්කමානොති චණ්ඩපජ්ජොතො නාමෙස රාජා බිම්බිසාරමහාරාජස්ස සහායො අහොසි, ජීවකං පෙසෙත්වා භෙසජ්ජකාරිතකාලතො පට්ඨාය පන දළ්හමිත්තොව ජාතො, සො “අජාතසත්තුනා දෙවදත්තස්ස වචනං ගහෙත්වා පිතා ඝාතිතො”ති සුත්වා “මම පියමිත්තං ඝාතෙත්වා එස රජ්ජං කරිස්සාමීති මඤ්ඤති, මය්හං සහායස්ස සහායානං අත්ථිකභාවං ජානාපෙස්සාමී”ති පරිසති වාචං අභාසි. තං සුත්වා තස්ස ආසඞ්කා උප්පන්නා. තෙන වුත්තං “රඤ්ඤො පජ්ජොතස්ස ආසඞ්කමානො”ති. කම්මන්තොති බහිනගරෙ නගරපටිසඞ්ඛාරාපනත්ථාය කම්මන්තට්ඨානං.
එවම්මෙසුතන්ති ගෝපකමොග්ගල්ලාන සූත්‍රයයි. අචිරපරිනිබ්බුතෙ භගවතීති භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී ධාතු බෙදීම් කොට ධර්ම සංගායනා කරන්නට රජගහ නුවරට ආ කාලයෙහි රඤ්ඤො පජ්ජොතස්ස ආසංකමානොති චණ්ඩපජ්ජෝත නම් රජු බිම්බිසාර රජුගේ යහළුවෙකි. ජීවක යවා බෙහෙත් කරවන ලද කල පටන් අතිශයින් මිත්‍ර විය. ඔහු අජාසත්ත විසින් දේවදත්තගේ වචනය ගෙන පියා මැරුවේ යැයි අසා මාගේ ප්‍රිය මිත්‍රයා මරා මොහු රාජ්‍ය කරන්නේ යැයි සිතයි. මාගේ යහළුවාගේ මිත්රභාවය ඇති බව දැනුම් දෙමියි මෙසේ කීය. එය අසා ඔහුට සැකයක් ඉපදුනි. එහෙයින් රඤ්ඤො පජ්ජොතස්ස ආසංකමානොති යන්න කියන ලදි. කම්මන්තොති පිට නගරයෙහි නගර අළුත්වැඩියා කිරිම පිණිස කටයුතු කරන තැනට
උපසඞ්කමීති මයං ධම්මවිනයසඞ්ගීතිං කාරෙස්සාමාති විචරාම, අයඤ්ච මහෙසක්ඛො රාජවල්ලභො සඞ්ගහෙ කතෙ වෙළුවනස්ස ආරක්ඛං කරෙය්යාති මඤ්ඤමානො උපසඞ්කමි. තෙහි ධම්මෙහීති තෙහි සබ්බඤ්ඤුතඤ්ඤාණධම්මෙහි. සබ්බෙන සබ්බන්ති සබ්බාකාරෙන සබ්බං. සබ්බථා සබ්බන්ති සබ්බකොට්ඨාසෙහි සබ්බං. කිං පුච්ඡාමීති පුච්ඡති? ඡ හි සත්ථාරො පඨමතරං අප්පඤ්ඤාතකුලෙහි නික්ඛමිත්වා පබ්බජිතා, තෙ තථාගතෙ ධරමානෙයෙව කාලංකතා, සාවකාපි නෙසං අප්පඤ්ඤාතකුලෙහෙව පබ්බජිතා. තෙ තෙසං අච්චයෙන මහාවිවාදං අකංසු. සමණො පන ගොතමො මහාකුලා පබ්බජිතො, තස්ස අච්චයෙන සාවකානං මහාවිවාදො භවිස්සතීති අයං කථා සකලජම්බුදීපං පත්ථරමානා උදපාදි. සම්මාසම්බුද්ධෙ ච ධරන්තෙ භික්ඛූනං විවාදො නාහොසි. යොපි අහොසි, සොපි තත්ථෙව වූපසමිතො. පරිනිබ්බුතකාලෙ පනස්ස – “අට්ඨසට්ඨියොජනසතසහස්සුබ්බෙධං සිනෙරුං අපවාහිතුං සමත්ථස්ස වාතස්ස පුරතො පුරාණපණ්ණං කිං ඨස්සති, දස පාරමියො පූරෙත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණං පත්තස්ස සත්ථු අලජ්ජමානො මච්චුරාජා කස්ස ලජ්ජිස්සතී”ති මහාසංවෙගං ජනෙත්වා භිය්යොසොමත්තාය භික්ඛූ සමග්ගා ජාතා අතිවිය උපසන්තුපසන්තා, කිං නු ඛො එතන්ති ඉදං පුච්ඡාමීති පුච්ඡති. අනුසඤ්ඤායමානොති අනුසඤ්ජායමානො, කතාකතං ජනන්තොති අත්ථො. අනුවිචරමානො වා.
උපසඞ්කමීති අපි ධර්ම විනය සංගායනා කිරිමට හැසිරෙමු. මොහු මහේශාක්‍ය රාජ වල්ලභයෙකි. සංග්‍රහ කළාම වේළුවනය ආරක්ෂා කරන්නේ යැයි සිතමින් පැමිණියේය. තෙහි ධම්මෙහීති ඒ සර්වඥතා ඥානයෙහි සබ්බෙන සබ්බන්ති සියළු ආකාරයෙන් සියල්ල සබ්බථා සබ්බන්ති සියළු කොටස් වලින් සියල්ල කුමක් අසම්දැයි අසයි. ශාස්තෘවරු හයදෙනා පළමුව උපන්නේ ය. අප්‍රසිද්ධ කුල වලින් නික්ම පැවිදි විය. ඔවුහු තථාගතයන් වහන්සේ වැඩ සිටිද්දීම කළුරිය කළහ. ඔවුන්ගේ ශ්‍රාවකයෝ ද අප්‍රසිද්ධ කුල වලින් නික්ම පැවිදි විය. ඔවුහු තථාගතයන් වහන්සේ වැඩසිටිද්දීම කළුරිය කළහ. ඔවුන්ගේ ශ්‍රාවකයෝ ද අප්‍රසිද්ධ කුල වලින්ම පැවිදි විය. ඔවුන්ගේ ඇවෑමෙන් මහත් වාදවිවාද කළහ. මහණ ගොයුම්තෙමේ උසස් කුලයෙන් නික්මව පැවිදි විය. උන්වහන්සේගේ ඇවෑමෙන් ශ්‍රාවකයන්ගේ මහත් විවාදයක් වන්නේ යැයි මේ කථාව සියළු දඹදිව පැතිර ගියේය. බුදුරදුන් වැඩසිටිද්දී භික්ෂූන්ගේ වාදයක් නොවීය. යම් වාදයක් වුණි ද එය එහිම සංසිඳුණි. පරිනිර්වාන කාලයෙහි යොදුන් හැට අටදහස් සියයක් වූ සිනේරු පර්වතය සොලවන්නට සමර්ථ වූ සුළඟ ඉදිරියෙහි පැරණි කොලයක් කෙසේ සිටින්නේ ද? දස පාරමිතා පුරා සර්වඥ බවට පත්වූ ශාස්තෘන් වහන්සේට අලජ්ජි වූ මරු කවරෙක් අනෙකෙක් ලැජ්ජා කරන්නේ යැයි මහත් සංවේගයක් උපදවා බොහෝ භික්ෂූන් සමගිව සංසිඳුණාක් මෙන් කින්නු නො එතන්ති මෙය විචාරන්නෙමියි ප්‍රශ්න කරයි. අනුඤ්ඤායමානොති කළ නොකළ දෙය දන්නේය යන තේරුමයි.
අත්ථි නු ඛොති අයම්පි හෙට්ඨිමපුච්ඡමෙව පුච්ඡති. අප්පටිසරණෙති අප්පටිසරණෙ ධම්මවිනයෙ. කො හෙතු සාමග්ගියාති තුම්හාකං සමග්ගභාවස්ස කො හෙතු කො පච්චයො. ධම්මප්පටිසරණාති ධම්මො අම්හාකං පටිසරණං, ධම්මො අවස්සයොති දීපෙති.
අත්ථි නු ඛොති මෙයින් යට ප්‍රශ්නයම අසයි. අප්පටිසරණෙති අප්‍රතිසරණ ධර්ම විනයෙහි කො හෙතු සාමග්ගියාති තොපගේ සමගියට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ධම්මපටිසරණාති අපට ධර්මය පිහිටයි. ධර්මය අවශ්‍යයයි ප්‍රකාශ කරයි.
පවත්තතීති පගුණං හුත්වා ආගච්ඡති. ආපත්ති හොති වීතික්කමොති උභයමෙතං බුද්ධස්ස ආණාතික්කමනමෙව. යථාධම්මං යථානුසිට්ඨං කාරෙමාති යථා ධම්මො ච අනුසිට්ඨි ච ඨිතා, එවං කාරෙමාති අත්ථො.
වත්තතීති ප්රගුණව පැමිණෙයි. ආපත්ති හොති වීතික්කමොති මේ දෙකම බුදුරදුන්ගේ පැණවීම් ක්‍රමයමයි. යථා ධම්මං යථා සත්ථං කාරෙමාති යම් සේ ධර්මය අනුසාසනා අනුව සිටියාහු ද එසේම කරණ යන තේරුමයි.
න කිර නො භවන්තො කාරෙන්ති ධම්මො නො කාරෙතීති පදද්වයෙපි නො කාරො නිපාතමත්තං. එවං සන්තෙ න කිර භවන්තො කාරෙන්ති, ධම්මොව කාරෙතීති අයමෙත්ථ අත්ථො.
න කිර නොභවන්තො කාරෙන්ති ධම්මො න කාරෙතීති පද දෙකෙහිම නො කාරය නිපාතයකි. මෙසේ ඇති කළ පින්වත්හු නොකරවත්. ධර්මය ද කරවත්. මෙය මෙහි තේරුමයි.
තග්ඝාති එකංසෙ නිපාතො. කහං පන භවං ආනන්දොති කිං ථෙරස්ස වෙළුවනෙ වසනභාවං න ජානාතීති? ජානාති. වෙළුවනස්ස පන අනෙන ආරක්ඛා දින්නා, තස්මා අත්තානං උක්කංසාපෙතුකාමො පුච්ඡති. කස්මා පන තෙන තත්ථ ආරක්ඛා දින්නා? සො කිර එකදිවසං මහාකච්චායනත්ථෙරං ගිජ්ඣකූටා ඔතරන්තං දිස්වා – “මක්කටො විය එසො”ති ආහ. භගවා තං කථං සුත්වා – “සචෙ ඛමාපෙති, ඉච්චෙතං කුසලං. නො චෙ ඛමාපෙති, ඉමස්මිං වෙළුවනෙ ගොනඞ්ගලමක්කටො භවිස්සතී”ති ආහ. සො තං කථං සුත්වා – “සමණස්ස ගොතමස්ස කථාය ද්වෙධාභාවො නාම නත්ථි, පච්ඡා මෙ මක්කටභූතකාලෙ ගොචරට්ඨානං භවිස්සතී”ති වෙළුවනෙ නානාවිධෙ රුක්ඛෙ රොපෙත්වා ආරක්ඛං අදාසි. අපරභාගෙ කාලං කත්වා මක්කටො හුත්වා නිබ්බත්ති. “වස්සකාරා”ති වුත්තෙ ආගන්ත්වා සමීපෙ අට්ඨාසි. තග්ඝාති සබ්බවාරෙසු එකංසවචනෙයෙව නිපාතො. තග්ඝ, භො ආනන්දාති එවං ථෙරෙන පරිසමජ්ඣෙ අත්තනො උක්කංසිතභාවං ඤත්වා අහම්පි ථෙරං උක්කංසිස්සාමීති එවමාහ.
තග්ඝාති ඒකාංස නිපාතයකි. කහං පන භවං ආනන්දෙති කිමෙක් ද? තෙරුන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන බව නොදනී ද දනියි. මොහු විසින් වේළුවනයට ආරක්ෂාව දෙන ලදි. එහෙයින් තමාගේ උසස් බව කැමතිව විචාරයි. කුමක් හෙයින් ඔහු විසින් එහි ආරක්ෂාව දෙන ලද ද? හෙතෙම එක් දිනක් මහා කාත්‍යායන තෙරුන් ගිජුකුළු පර්වතයෙන් බසිනු දැක මොහු වඳුරෙක් මෙනැයි කීය. භාග්‍යවතුන් වහන්සේ ඒ කතාව අසා කමා කරගනුව. නැතිනම් මේ වේළුවනයෙහිම ගොනගුල් වඳුරෙක් වේයැයි කීය. ඔහු ඒ කතාව අසා ශ්‍රමණ ගෞතමයන්ගේ කතාවෙහි දෙවිදියක් නම් නැත. පසුව වඳුරුව උපන්නා වූ මට ආහාර පිණිස යැයි වේළුවනයෙහි නොයෙක් නොයෙක් වෘක්ෂයන් වවා ආරක්ෂාව දුන්නේය. පසුකාලයෙහි කළුරිය කොට වඳුරුව ඉපිද වස්සකාර යැයි කී කළ පැමිණ ළඟ සිටියි. තග්ඝ භො ආනන්දාති මෙසේ තෙරුන් වහන්සේ විසින් පිරිස මැද තමාගේ උසස් බව දැන මම ද තෙරුන් වහන්සේ උසස් කරන්නෙමි යි මෙසේ කීය.
න ච ඛො, බ්රාහ්මණාති ථෙරො කිර චින්තෙසි “සම්මාසම්බුද්ධෙන වණ්ණිතජ්ඣානම්පි අත්ථි, අවණ්ණිතජ්ඣානම්පි අත්ථි, අයං පන බ්රාහ්මණො සබ්බමෙව වණ්ණෙතීති පඤ්හං විසංවාදෙති, න ඛො පන සක්කා ඉමස්ස මුඛං උල්ලොකෙතුං න පිණ්ඩපාතං රක්ඛිතුං, පඤ්හං උජුං කත්වා කථෙස්සාමී”ති ඉදං වත්තුං ආරද්ධං. අන්තරං කරිත්වාති අබ්භන්තරං කරිත්වා. එවරූපං ඛො, බ්‍රාහ්මණ, සො භගවා ඣානං වණ්ණෙසීති ඉධ සබ්බසඞ්ගාහකජ්ඣානං නාම කථිතං.
න ඛො බ්රාහ්මණාති තෙරුන් වහන්සේ සිතීය. බුදුරදුන් විසින් වර්ණනා කළ ධ්‍යාන ඇත. වර්ණනා නොකළ ධ්‍යාන ද ඇත. මේ බ්‍රාහ්මණයා වනාහි සියල්ලම වර්ණනා කරයි. ප්‍රශ්න විසඳන්නට නොහැකිය. ප්රශ්නය සෘජු කොට කියන්නෙමියි මෙය කීමට පටන් ගත්තේය. මොහුගේ මුඛය බලන්නට නො හැක්කේ ය. පිණ්ඩපාතය රකින්නට ද නො පුළුවන. ප්රශ්නය සෘජුකොට කියන්නෙමියි එය කියන්නට ආරම්භ කළේය. අන්තරං කරිත්වා ඇතුළත් කොට එවරූපං ඛො බ්‍රාහ්මණ සො භගවා ඣානං වණ්ණෙසීති මෙහි සාමූහික ධ්‍යාන අදහස කියන ලදි.
යං නො මයන්ති අයං කිර බ්රාහ්මණො වස්සකාරබ්රාහ්මණං උසූයති, තෙන පුච්ඡිතපඤ්හස්ස අකථනං පච්චාසීසමානො කථිතභාවං ඤත්වා “වස්සකාරෙන පුච්ඡිතං පඤ්හං පුනප්පුනං තස්ස නාමං ගණ්හන්තො විත්ථාරෙත්වා කථෙසි, මයා පුච්ඡිතපඤ්හං පන යට්ඨිකොටියා උප්පීළෙන්තො විය එකදෙසමෙව කථෙසී”ති අනත්තමනො අහොසි, තස්මා එවමාහ. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
යං නො මයන්ති මේ බමුණා වස්සකාර බමුණාට ඊර්ෂ්‍යා කරයි. ඔහු විසින් අසන ප්‍රශ්න නැවත ඔහුගේ නාමය ගෙන විස්තර කොට කීයේය. මා විසින් අසන ලද ප්‍රශ්න සැරයටි කොනින් පෙළන්නක් මෙන් ටිකක්ම කියන්නේ යැයි නොසතුටු විය. එහෙයින් මෙසේ කීහ. සෙසු ඉතිරි සියල්ල පෙර කී නයින් දන්නේ ය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ගොපකමොග්ගල්ලානසුත්තවණ්ණනා නිට්ඨිතා.
ගෝපකමොග්ගල්ලාන සූත්‍ර වර්ණනාව නිමි.
මහාපුණ්ණම සුත්තවණ්ණනා
මහාපුණ්ණම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාපුණ්ණමසුත්තං. තත්ථ තදහූති තස්මිං අහු, තස්මිං දිවසෙති අත්ථො. උපවසන්ති එත්ථාති උපොසථො. උපවසන්තීති සීලෙන වා අනසනෙන වා උපෙතා හුත්වා වසන්තීති අත්ථො. අයං පනෙත්ථ අත්ථුද්ධාරො – “ආයාම, ආවුසො, කප්පින, උපොසථං ගමිස්සාමා”තිආදීසු හි පාතිමොක්ඛුද්දෙසො උපොසථො. “අට්ඨඞ්ගසමන්නාගතො ඛො විසාඛෙ උපොසථො උපවුත්ථො”තිආදීසු (අ· නි· 8.53) සීලං. “සුද්ධස්ස වෙ සදා ඵග්ගු, සුද්ධස්සුපොසථො සදා”තිආදීසු (ම· නි· 1.79) උපවාසො. “උපොසථො නාම නාගරාජා”තිආදීසු (දී· නි· 2.246) පඤ්ඤත්ති. “න, භික්ඛවෙ, තදහුපොසථෙ සභික්ඛුකා ආවාසා”තිආදීසු (මහාව· 181) උපවසිතබ්බදිවසො. ඉධාපි සොයෙව අධිප්පෙතො. සො පනෙස අට්ඨමීචාතුද්දසීපන්නරසීභෙදෙන තිවිධො. තස්මා සෙසද්වයනිවාරණත්ථං පන්නරසෙති වුත්තං. තෙන වුත්තං “උපවසන්ති එත්ථාති උපොසථො”ති. මාසපුණ්ණතාය පුණ්ණා සංපුණ්ණාති පුණ්ණා. මා-ඉති චන්දො වුච්චති, සො එත්ථ පුණ්ණොති පුණ්ණමා. එවං පුණ්ණාය පුණ්ණමායාති ඉමස්මිං පදද්වයෙ අත්ථො වෙදිතබ්බො.
එවම්මෙසුතන්ති මහා පුණ්ණම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි තදහුති ඒ දවසෙහි මෙහි වෙසෙත්ය යන තේරුමයි. සීලයෙන් හෝ ආහාර වර්ජනයෙන් හෝ වෙසෙත්ය යනු උපෝසථයට නමකි. මෙහි මෙය අත්ථුද්වාරයයි. “ඇවැත් කප්පිනය. උපෝසථයට යමු” ආදීන්හි ප්රාතිමෝක්ෂය දේශනා කිරීම උපෝසථයයි. “විසාඛාවෙනි, මෙසේ අංග අටකින් සමන්විත උපෝසථයෙහි වසව්” ආදියෙහි සීලයයි. හැමකල්හිම ඒකාන්තයෙන් පිරිසිදු වීම ආහාර වර්ජනයයි. උපෝසථ නම් නාග රාජයාය ආදියෙහි නාමයයි. “මහණෙනි, උපෝසථ දිනයෙහි භික්ෂූන් සමග ආවාසයෙහි නොවසව්” ආදියෙහි විසිය යුතු දවසයි. මෙහි ද එම වාසය කරන දවසම ගත යුතුයි. මෙහි ද අට්ඨමිය. චාතුද්දසිය පණ්ණරසිය යැයි ත්රිවිධාකාරයි. එහෙයින් අනෙත් දෙකෙහි නිවාරණය පිණිස පණ්ණරස යැයි කියන ලදි. මාසය සම්පුර්ණ වීම පුණ්ණාය ලෙස ද චන්ද්‍රයා සම්පුර්ණ වීම පුණ්ණමාය ලෙස ද ගැනේ. මෙසේ පුණ්ණාය. පුණ්ණමාය යන පද දෙකෙහි තේරුම දත යුතුයි.
දෙසන්ති කාරණං. තෙන හි ත්වං භික්ඛු සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡාති කස්මා භගවා ඨිතස්ස අකථෙත්වා නිසීදාපෙසීති. අයං කිර භික්ඛු සට්ඨිමත්තානං පධානියභික්ඛූනං සඞ්ඝත්ථෙරො සට්ඨි භික්ඛූ ගහෙත්වා අරඤ්ඤෙ වසති, තෙ තස්ස සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා ඝටෙන්ති වායමන්ති. මහාභූතානි පරිග්ගණ්හන්ති උපාදාරූපානි, නාමරූපපච්චයලක්ඛණාරම්මණිකවිපස්සනං පරිග්ගණ්හන්ති. අථ නෙ ආචරියුපට්ඨානං ආගන්ත්වා වන්දිත්වා නිසින්නෙ ථෙරො මහාභූතපරිග්ගහාදීනි පුච්ඡති. තෙ සබ්බං කථෙන්ති, මග්ගඵලපඤ්හං පුච්ඡිතා පන කථෙතුං න සක්කොන්ති. අථ ථෙරො චින්තෙසි – “මම සන්තිකෙ එතෙසං ඔවාදස්ස පරිහානි නත්ථි, ඉමෙ ච ආරද්ධවීරියා විහරන්ති. කුක්කුටස්ස පානීයපිවනකාලමත්තම්පි නෙසං පමාදකිරියා නත්ථි. එවං සන්තෙපි මග්ගඵලානි නිබ්බත්තෙතුං න සක්කොන්ති. අහං ඉමෙසං අජ්ඣාසයං න ජානාමි, බුද්ධවෙනෙය්යා එතෙ භවිස්සන්ති, ගහෙත්වා නෙ සත්ථු සන්තිකං ගච්ඡාමි, අථ නෙසං සත්ථා චරියවසෙන ධම්මං දෙසෙස්සතී”ති, තෙ භික්ඛූ ගහෙත්වා සත්ථු සන්තිකං ආගතො.
තෙනහි ත්වං භික්ඛු සකෙ ආසනෙ නිසිදිත්වා පුච්ඡාති කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ සිටගෙන සිටියාහුට නොකියා වාඩිකරවූයේ ද? මේ භික්ෂුව සැටක් පමණ භික්ෂූන්ට ප්‍රධාන වූ සංඝස්ථවිර නමයි. භික්ෂූන් සැටක් සමඟ ආරණ්‍යයෙහි වාසය කරයි. ඔවුහු උන්වහන්සේ වෙතින් කමටහන් ගෙන වීර්ය කරති. මහාභූත රූප, උපාදාය රූප, නාම රූප, ප්‍රත්‍ය ලක්ෂණ, ආරම්මණික විදර්ශනා පරිග්‍රහණය කරති. ඔවුන් සවස ආචාර්ය උපස්ථාන සඳහා පැමිණ වැඳ හුන්කල්හි තෙරුන් වහන්සේ මහාභූත පරිග්රහාදිය විචාරයි. ඔවුහු සියල්ල කියත්. මාර්ගඵල ප්‍රශ්න ඇසූ විට කියන්නට නොහැකි වෙත්. ඉක්බිතිව තෙරුන් වහන්සේ සිතීය. මාගේ සමීපයෙහි දී මොවුන්ගේ අවවාදවල පිරිහීමක්ද නැත. මොවුන් පටන්ගත් වීර්යයෙන්ම වාසය කරති. කුකුළෙක් වතුර බොන පමණ කාලයකවත් ප්‍රමාදයක් නැත. එසේ වුවත් මාර්ගඵල උපදවන්නට නොහැකි වෙත්. මම මොවුන්ගේ අදහස් නොදනිමි. මොවුන් බුදුරදුන් විසින් හික්මිය යුතු වන්නේ ය. මොවුන් ගෙන ශාස්තෘන් වහන්සේ ළඟට යමි. ශාස්තෘන් වහසේ මොවුන්ට චරිත වශයෙන් ධර්මය දේශනා කරන්නේ ය. තෙරුන් වහන්සේ එම භික්ෂූන් වහන්සේලා ගෙන බුදුරදුන් සමීපයට ආවේය.
සත්ථාපි සායන්හසමයෙ ආනන්දත්ථෙරෙන උපනීතං උදකං ආදාය සරීරං උතුං ගණ්හාපෙත්වා මිගාරමාතුපාසාදපරිවෙණෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසීදි, භික්ඛුසඞ්ඝොපි නං පරිවාරෙත්වා නිසීදි.
බුදුරදුන් ද සවස් කාලයෙහි ආනන්ද තෙරුන් විසින් එලවන ලද ජලය ගෙන ශරීරය සෘතු ගන්වා මිගාරමාතෘ ප්‍රාසාද පිරිවෙණෙහි පණවන ලද බුද්ධාසනයෙහි වැඩ සිටියේය. භික්ෂු සමූහයා ද උන්වහන්සේ පිරිවරාගෙන සිටියේය.
තස්මිං සමයෙ සූරියො අත්ථඞ්ගමෙති, චන්දො උග්ගච්ඡති, මජ්ඣට්ඨානෙ ච භගවා නිසින්නො. චන්දස්ස පභා නත්ථි, සූරියස්ස පභා නත්ථි, චන්දිමසූරියානං පභං මක්ඛෙත්වා ඡබ්බණ්ණා යමකබුද්ධරස්මියො විජ්ජොතමානා පුඤ්ජා පුඤ්ජා හුත්වා දිසාවිදිසාසු ධාවන්තීති සබ්බං හෙට්ඨා වුත්තනයෙන විත්ථාරෙතබ්බං. වණ්ණභූමි නාමෙසා, ධම්මකථිකස්සෙවෙත්ථ ථාමො පමාණං, යත්තකං සක්කොති, තත්තකං කථෙතබ්බං. දුක්කථිතන්ති න වත්තබ්බං. එවං සන්නිසින්නාය පරිසාය ථෙරො උට්ඨහිත්වා සත්ථාරං පඤ්හස්ස ඔකාසං කාරෙසි. තතො භගවා – “සචෙ ඉමස්මිං ඨිතකෙ පුච්ඡන්තෙ ‘ආචරියො නො උට්ඨිතො’ති සෙසභික්ඛූ උට්ඨහිස්සන්ති, එවං තථාගතෙ අගාරවො කතො භවිස්සති. අථ නිසින්නාව පුච්ඡිස්සන්ති, ආචරියෙ අගාරවො කතො භවිස්සති, එකග්ගා හුත්වා ධම්මදෙසනං පටිච්ඡිතුං න සක්කුණිස්සන්ති. ආචරියෙ පන නිසින්නෙ තෙපි නිසීදිස්සන්ති. තතො එකග්ගා ධම්මදෙසනං පටිච්ඡිතුං සක්කුණිස්සන්තී”ති ඉමිනා කාරණෙන භගවා ඨිතස්ස අකථෙත්වා නිසීදාපෙතීති.
ඒ වේලාවෙහි හිරු බැස යයි. සඳ නැගෙයි. සඳ එළිය නැත. හිරු එළිය නැත. සඳ හිරු එළිය මකා ෂට්වර්ණ බුදු රැස් යුග්මව බබලමින් දිසා අනු දිසාවන්හි දුවති. සියල්ල යට කී පරිදි විස්තර කළ යුතුයි. ධර්ම කථිකයාගේ ශක්තිය හා ප්‍රමාණය යම්තාක් ද ඒතාක් කිව යුතුයි. මෙසේ වැඩහුන් පිරිසෙන් තෙරුන් වහන්සේ නැගිට ශාස්තෘන් වහන්සේගේ ප්‍රශ්නයට ඉඩ තැබීය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඉදින් මොහු සිටගෙන විචාරණ කළ අපේ ගුරුවරයා සිටගත්තේ යැයි සෙසු භික්ෂූන් ද සිටගනිත්. එයින් තථාගතයන් වහන්සේට අගෞරව කළාක් වන්නේය. වාඩි වී සිටියොත් ගුරුවරයාට අගෞරව කළාක් වන්නේය. එකඟව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට නොහැකි වෙති. ගුරුවරයා හුන් කළ ඔවුහු ද හිඳිති. එවිට එකඟව ධර්ම දේශනාව ශ්‍රවණය කළ හැකි වෙත්. මේ කාරණය නිසා භාග්‍යවතුන් වහන්සේ සිටගෙන සිටියහුට නොකියා වාඩි කරවීය.
ඉමෙ නු ඛො, භන්තෙති විමතිපුච්ඡා විය කථිතා. ථෙරො පන පඤ්චක්ඛන්ධානං උදයබ්බයං පරිග්ගණ්හිත්වා අරහත්තං පත්තො මහාඛීණාසවො, නත්ථි එතස්ස විමති. ජානන්තෙනපි පන අජානන්තෙන විය හුත්වා පුච්ඡිතුං වට්ටති. සචෙ හි ජානන්තො විය පුච්ඡති, “ජානාති අය”න්ති තස්ස තස්ස විස්සජ්ජෙන්තො එකදෙසමෙව කථෙති. අජානන්තෙන විය පුච්ඡිතෙ පන කථෙන්තො ඉතො ච එත්තො ච කාරණං ආහරිත්වා පාකටං කත්වා කථෙති. කොචි පන අජානන්තොපි ජානන්තො විය පුච්ඡති. ථෙරො එවරූපං වචනං කිං කරිස්සති, ජානන්තොයෙව පන අජානන්තො විය පුච්ඡතීති වෙදිතබ්බො.
ඉමෙ නු ඛෙට භන්තෙති සැක සහිත ප්රශ්නය මෙන් කරන ලදි. තෙරුන් වහන්සේ පංචස්කන්ධයන්ගේ ඉපදීම විනාශය ගෙන රහත් භාවයට පත් රහතන් වහන්සේ නමකි. එහෙයින් විමතියක් නැත. දැනගත්තත් නොදන්නාක් මෙන් ඇසිය යුතුය. ඉදින් දන්නෙකු මෙන් ඇසුවහොත් මොහු දන්නේ යැයි එය විසඳමින් කෙටියෙන්ම කියයි. නොදන්නෙකු මෙන් ඇසුවහොත් එයින් ද මෙයින් ද කරුණු ගෙන විස්තර කරමින් කියයි. සමහරු නොදන්නා දේ දන්නාක් මෙන් ඇසුවේ යැයි දත යුතුයි.
ඡන්දමූලකාති තණ්හාමූලකා. එවංරූපො සියන්ති සචෙ ඔදාතො හොතුකාමො, හරිතාලවණ්ණො වා මනොසිලාවණ්ණො වා සියන්ති පත්ථෙති. සචෙ කාළො හොතුකාමො, නීලුප්පලවණ්ණො වා අඤ්ජනවණ්ණො වා අතසීපුප්ඵවණ්ණො වා සියන්ති පත්ථෙති. එවංවෙදනොති කුසලවෙදනො වා සුඛවෙදනො වා සියන්ති පත්ථෙති. සඤ්ඤාදීසුපි එසෙව නයො. යස්මා පන අතීතෙ පත්ථනා නාම නත්ථි, පත්ථෙන්තෙනාපි ච න සක්කා තං ලද්ධුං, පච්චුප්පන්නෙපි න හොති, න හි ඔදාතො කාළභාවං පත්ථෙත්වා පච්චුප්පන්නෙ කාළො හොති, න කාළො වා ඔදාතො, දීඝො වා රස්සො, රස්සො වා දීඝො, දානං පන දත්වා සීලං වා සමාදියිත්වා “අනාගතෙ ඛත්තියො වා හොමි බ්රාහ්මණො වා”ති පත්ථෙන්තස්ස පත්ථනා සමිජ්ඣති. තස්මා අනාගතමෙව ගහිතං.
ඡන්ද මූලකාති තෘෂ්ණාව මුල්කොට එවරූපො සියන්ති ඉදින් කාමය ශ්වේත වර්ණ හෝ හරිතාල වර්ණ හෝ කාල වර්ණ හෝ නිලුපුල් වර්ණ හෝ සඳුන් වර්ණ හෝ යනුවෙන් මේ ආකාර වන්නේ යැයි ප්‍රාර්ථනා කරයි. එවං වෙදනොති කුසල වේදනාවක් හෝ සුඛ වේදනාවක් හෝ වේයැයි ප්‍රාර්ථනා කරයි. සංඥාදීන්හි ද මේ ක්‍රමයයි. යම් හෙයකින් අතීතයෙහි ප්‍රාර්ථනාවක් නැත ද ප්‍රාර්ථනා කළා ද එය ලැබීමට නොහැකිය. වර්තමානයෙහි ද නොවෙයි. සුදෙන් කළු බව ප්‍රාර්ථනා කළ ද වර්තමානයෙහි එය නොවෙයි. කළු බවෙන් සුද ද නොවෙයි. දිග හෝ කෙටි ද කෙටි හෝ දිග ද නොවෙයි. දන් දී සිල් සමාදන් වී අනාගතයෙහි ක්ෂත්රියයෙක් හෝ වෙමි. බ්‍රාහ්මණයෙක් හෝ වෙමියි ප්‍රාර්ථනා කරන්නහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වෙයි. එහෙයින් අනාගතයෙන්ම ගන්නා ලදි.
ඛන්ධාධිවචනන්ති ඛන්ධානං ඛන්ධපණ්ණත්ති කිත්තකෙන හොතීති පුච්ඡති.
බන්ධාධිවචනන්ති ස්කන්ධයන්ගේ ස්කන්ධ නාම කොතෙක් වේදැයි අසයි.
මහාභූතා හෙතූති “තයො කුසලහෙතූ”තිආදීසු (ධ· ස· 1441) හි හෙතුහෙතු වුත්තො. අවිජ්ජා පුඤ්ඤාභිසඞ්ඛාරාදීනං සාධාරණත්තා සාධාරණහෙතු. කුසලාකුසලං අත්තනො අත්තනො විපාකදානෙ උත්තමහෙතු. ඉධ පච්චයහෙතු අධිප්පෙතො. තත්ථ පථවීධාතු මහාභූතං ඉතරෙසං තිණ්ණං භූතානං උපාදාරූපස්ස ච පඤ්ඤාපනාය දස්සනත්ථාය හෙතු චෙව පච්චයො ච. එවං සෙසෙසුපි යොජනා වෙදිතබ්බා.
මහාභූතා හෙතූති ත්‍රිවිධ කුසල හේතූන් ආදියෙහි හේතු හේතු කියන ලදි. අවිද්‍යා පුණ්යාහි සංස්කාරාදීන්ගේ සාධාරණ බැවින් සාධාරණ හේතුයි. කුසලාකුසලයන් තමතමන්ට විපාක දීම් වශයෙන් උතුම් හේතුයි. මෙහි ප්රත්යහේතු අපේක්ෂිතයි. එහි පෘථිවිධාතු මහාභූතයෙන් ඉතිරි භූත තුනේ උපාදාය රූප පැණවීම් දැක්වීම පිණිස හේතු හා ප්‍රත්‍ය ද මෙසේ සෙසු යෙදීම් ද දත යුතුයි.
ඵස්සොති “ඵුට්ඨො, භික්ඛවෙ, වෙදෙති, ඵුට්ඨො සඤ්ජානාති, ඵුට්ඨො චෙතෙතී”ති (සං· නි· 4.93) වචනතො ඵස්සො තිණ්ණං ඛන්ධානං පඤ්ඤාපනාය හෙතු චෙව පච්චයො ච. විඤ්ඤාණක්ඛන්ධස්සාති එත්ථ පටිසන්ධිවිඤ්ඤාණෙන තාව සද්ධිං ගබ්භසෙය්යකානං උපරිමපරිච්ඡෙදෙන සමතිංස රූපානි සම්පයුත්තා ච තයො ඛන්ධා උප්පජ්ජන්ති, තං නාමරූපං පටිසන්ධිවිඤ්ඤාණස්ස පඤ්ඤාපනාය හෙතු චෙව පච්චයො ච. චක්ඛුද්වාරෙ චක්ඛුපසාදො චෙව රූපාරම්මණඤ්ච රූපං, සම්පයුත්තා තයො ඛන්ධා නාමං. තං නාමරූපං චක්ඛුවිඤ්ඤාණස්ස පඤ්ඤාපනාය හෙතු චෙව පච්චයො ච. එසෙව නයො සෙසවිඤ්ඤාණෙසු.
ඵස්සොති මහණෙනි, ස්පර්ශය විඳියි. මෙහි ස්පර්ශය යනු හැඳින ගැනීමේ ස්පර්ශය යයි වචනයෙන් ස්කන්ධ තුනෙහි පැණවීමට හේතු මෙන්ම ප්‍රත්‍යයයි. විඤ්ඤාණක්ඛන්ධස්සාති ප්රතිසන්ධි විඥානයෙන් ගැබෙහි වෙසෙන සත්වයාගේ අන්තිම පිරිසිඳීමෙන් සමතිස් රූපයෝ උපදිත්. ඒ නාමරූපය ප්රතිසන්ධි විඥානයාගේ පැණවීමට හේතුව මෙන්ම ප්‍රත්‍ය ද වේ. චක්ඛුද්වාරයෙහි චක්ඛුප්රසාදය ද රූපාරම්මණය ද රූපයයි. සම්ප්‍රයුක්ත ස්කන්ධ තුන නාමයයි. ඒ නාම රූපය චක්ඛු විඥානයාගේ පැණවීමට හේතුව මෙන්ම ප්‍රත්‍යයයි. සෙසු විඥාන කෙරෙහි ද මේ ක්‍රමයයි.
කථං පන, භන්තෙති ඉදං කිත්තකෙන නු ඛොති වට්ටං පුච්ඡන්තො එවමාහ. සක්කායදිට්ඨි න හොතීති ඉදං විවට්ටං පුච්ඡන්තො එවමාහ.
කථං පන භන්තෙති කොතකින් වෘතය විචාරන්නේ මෙසේ කීය. සක්කායදිට්ඨි න හොතීති මේ වෘත විචාරමින් මෙසේ කීය.
අයං රූපෙ අස්සාදොති ඉමිනා පරිඤ්ඤාපටිවෙධො චෙව දුක්ඛසච්චඤ්ච කථිතං. අයං රූපෙ ආදීනවොති ඉමිනා පහානපටිවෙධො චෙව සමුදයසච්චඤ්ච. ඉදං රූපෙ නිස්සරණන්ති ඉමිනා සච්ඡිකිරියාපටිවෙධො චෙව නිරොධසච්චඤ්ච. යෙ ඉමෙසු තීසු ඨානෙසු සම්මාදිට්ඨිආදයො ධම්මා, අයං භාවනාපටිවෙධො මග්ගසච්චං. සෙසපදෙසුපි එසෙව නයො.
අයං රූපෙ අස්සාදොති මෙයින් පරිඤ්ඤා ප්රතිවේදය ද දුක්ඛ සත්‍යය ද අයං රූපෙ ආදීනවොති මෙයින් ප්‍රහාණ ප්රතිවේදය ද සමුදය සත්‍යය ද ඉදං රූපෙ නිස්සරණන්ති මෙයින් සාක්ෂාත් ප්රතිවේදය ද නිරෝධ සත්‍යය ද කියන ලදි. ඒ ස්ථාන තුනෙහි සම්‍යක් දෘෂ්ටි ආදි ධර්මයෝ වෙත් ද මේ භාවනා ප්‍රතිවේධ මාර්ග සත්‍යය ය. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි.
බහිද්ධාති පරස්ස සවිඤ්ඤාණකෙ කායෙ. සබ්බනිමිත්තෙසූති ඉමිනා පන අනින්ද්රියබද්ධම්පි සඞ්ගණ්හාති. “සවිඤ්ඤාණකෙ කායෙ”ති වචනෙන වා අත්තනො ච පරස්ස ච කායො ගහිතොව, බහිද්ධා ච සබ්බනිමිත්තග්ගහණෙන අනින්ද්රියබද්ධං ගණ්හාති.
බහිද්ධාති අනුන්ගේ විඤ්ඤාණය සහිත ශරීරයෙහි සබ්බ නිමිත්තෙසූති මෙයින් ඉන්ද්රියබද්ධ නොවූවන් ගණියි. සවිඤ්ඤාණකෙ කායෙති. වචනයෙන් තමාගේ ද අනුන්ගේ ද ශරීරය ගන්නේ ය. බාහිර සර්ව නිමිතිග්රහනයෙන් ඉන්ද්රිය බද්ධනොවූවන් ම ගනියි.
අනත්තකතානීති අනත්තනි ඨත්වා කතානි. කමත්තානං ඵුසිස්සන්තීති කතරස්මිං අත්තනි ඨත්වා විපාකං දස්සෙන්තීති සස්සතදස්සනං ඔක්කමන්තො එවමාහ. තණ්හාධිපතෙය්යෙනාති තණ්හාජෙට්ඨකෙන. තත්ර තත්රාති තෙසු තෙසු ධම්මෙසු. සට්ඨිමත්තානන්ති ඉමෙ භික්ඛූ පකතිකම්මට්ඨානං ජහිත්වා අඤ්ඤං නවකම්මට්ඨානං සම්මසන්තා පල්ලඞ්කං අභින්දිත්වා තස්මිංයෙව ආසනෙ අරහත්තං පාපුණිංසු. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
අනත්ත කතානීති ආත්ම නොවූවන්හි සිට කරන ලදි. කමත්තානං ඵුසිස්සන්තීති කවර ආත්මයක සිට විපාක දක්වන්නේ දැයි ශාස්වත දර්ශනය මඩිමින් මෙසේ කීය. තණ්හාධිපතෙය්යෙනාති තෘෂ්ණාව ජ්‍යෙෂ්ඨ කර තත්ර තත්රාති ඒ ඒ ධර්මයන්හි සට්ඨි මතානන්ති මේ භික්ෂූහු ප්‍රකෘති කමටහන අත්හැර අනෙත් අළුත් කමටහනක් සිහිකරමින් ආසනයක් බැඳ ඒ ආසනයෙහිම රහත් බවට පැමිණියාහුය. ඉතිරිය සියළු තැන්හිම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාපුණ්ණමසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා පුණ්ණම සූත්‍ර වර්ණනාව නිමි.
චූළපුණ්ණම සුත්තවණ්ණනා
චූළපුණ්ණම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චූළපුණ්ණමසුත්තං. තත්ථ තුණ්හීභූතං තුණ්හීභූතන්ති යං යං දිසං අනුවිලොකෙති, තත්ථ තත්ථ තුණ්හීභූතමෙව. අනුවිලොකෙත්වාති පඤ්චපසාදපටිමණ්ඩිතානි අක්ඛීනි උම්මීලෙත්වා තතො තතො විලොකෙත්වා අන්තමසො හත්ථකුක්කුච්චපාදකුක්කුච්චානම්පි අභාවං දිස්වා. අසප්පුරිසොති පාපපුරිසො. නො හෙතං, භන්තෙති යස්මා අන්ධො අන්ධං විය සො තං ජානිතුං න සක්කොති, තස්මා එවමාහංසු. එතෙනෙව නයෙන ඉතො පරෙසුපි වාරෙසු අත්ථො වෙදිතබ්බො. අස්සද්ධසමන්නාගතොති පාපධම්මසමන්නාගතො. අසප්පුරිසභත්තීති අසප්පුරිසසෙවනො. අසප්පුරිසචින්තීති අසප්පුරිසචින්තාය චින්තකො. අසප්පුරිසමන්තීති අසප්පුරිසමන්තනං මන්තෙතා. අසප්පුරිසවාචොති අසප්පුරිසවාචං භාසිතා. අසප්පුරිසකම්මන්තොති අසප්පුරිසකම්මානං කත්තා. අසප්පුරිසදිට්ඨීති අසප්පුරිසදිට්ඨියා සමන්නාගතො. අසප්පුරිසදානන්ති අසප්පුරිසෙහි දාතබ්බං දානං. ත්යාස්ස මිත්තාති තෙ අස්ස මිත්තා. අත්තබ්‍යාබාධායපි චෙතෙතීති පාණං හනිස්සාමි, අදින්නං ආදියිස්සාමි, මිච්ඡා චරිස්සාමි, දස අකුසලකම්මපථෙ සමාදාය වත්තිස්සාමීති එවං අත්තනො දුක්ඛත්ථාය චින්තෙති. පරබ්යාබාධායාති යථා අසුකො අසුකං පාණං හන්ති, අසුකස්ස සන්තකං අදින්නං ආදියති, දස අකුසලකම්මපථෙ සමාදාය වත්තති, එවං නං ආණාපෙස්සාමීති එවං පරස්ස දුක්ඛත්ථාය චින්තෙති. උභයබ්යාබාධායාති අහං අසුකඤ්ච අසුකඤ්ච ගහෙත්වා දස අකුසලකම්මපථෙ සමාදාය වත්තිස්සාමීති එවං උභයදුක්ඛත්ථාය චින්තෙතීති.
එවම්මෙසුතන්ති චූළපුණ්ණම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එහි තුණ්හීභූතං තුණ්හීභූතන්ති යම් යම් දිශාවක් බලයි ද ඒ ඒ දිශාවන්හිම නිශ්ශබ්දතාවයයි. අනුවිලොකෙත්වාති පස් ආකාර පැහැදීමෙන් යුක්ත වූ ඇස් හැර ඒ ඒ තැන් බලා යටත් පිරිසෙයින් අත් පා හැකිලීමක්වත් නොදැක අසප්පුරුසොති පවිටු පුරුෂයා නොහෙතං භන්තෙති යම්හෙයකින් අන්ධයා නොදකින්නාක් මෙන් ඔහු එය දැනගැනීමට නොහැකි වෙත්. එහෙයින් මෙසේ කීහ. මේ ක්‍රමයෙන්ම මතු දක්වන තැන්හි ද තේරුම දත යුතුයි. අසද්ධම්ම සමන්නාගතොති පවිටු ධර්මයෙන් යුතු වූ අසප්පුරිස භත්තීති අසත්පුරුෂ සේවනයයි. අසප්පුරිස වින්තීති අසත්පුරුෂ සිතින් සිතන්නා අසප්පුරිස මන්තීති අසත්පුරුෂ මන්ත්‍රණයෙන් මන්ත්‍රණය කරන්නා අසප්පුරිස වාචොති අසත්පුරුෂ වචන කියන්නා අසප්පුරිස කම්මන්තොති අසත්පුරුෂ කටයුතු කරන අසප්පුරිස දිට්ඨිති අසත්පුරුෂ දෘෂ්ඨියෙන් යුතු අසප්පුරිස දානන්ති අසත්පුරුෂයන් විසින් දෙනු ලබන දන් ත්යාස්ස මිත්තාති ඔවුහු මොහුගේ යහළුවෝය. අත්තව්යාබාධායපි චෙතෙතීති ප්‍රාණඝාතය කරමි. අදින්නාදානය කරමි. මිථ්‍යාචාරයෙහි හැසිරෙමි. දස අකුසල කර්ම පථයෙහි සමාදන්ව පවතීමි. මෙසේ තමන්ට දුක් පිණිස සිතයි. පරව්යාබාධායාති යම් සේ අසවලා අසවලා මරයි. අසවලාගේ දෙය සොරා ගනියි. දස අකුසල කර්ම පථයෙහි සමාදන්ව පවතියි. මෙසේ ඔහු අණ කරමියි අනුන්ගේ දුක් ගැන සිතයි. උභයව්යාබාධායාති මම අසවලා ද අසවලා ද ගෙන දස අකුසල කර්ම පථයෙහි සමාදන්ව පවතිමියි මෙසේ දෙදෙනාගේම දුක් පිණිස සිතයි.
අත්තබ්‍යාබාධායපි මන්තෙතීතිආදීසු අහං දස අකුසලකම්මපථෙ සමාදාය වත්තිස්සාමීති මන්තෙන්තො අත්තබ්‍යාබාධාය මන්තෙති නාම. අසුකං දස අකුසලකම්මපථෙ සමාදපෙස්සාමීති මන්තෙන්තො පරබ්‍යාබාධාය මන්තෙති නාම. අඤ්ඤෙන සද්ධිං – “මයං උභොපි එකතො හුත්වා දස අකුසලකම්මපථෙ සමාදාය වත්තිස්සාමා”ති මන්තෙන්තො උභයබ්‍යාබාධාය මන්තෙති නාම.
අත්තව්යාබාධායපි මන්තෙති මම දස අකුසල කර්ම පථයෙහි සමාදන්ව පවතිමියි කියමින් තමාගේ හානිය පිණිස කතා කරයි. අනෙකා සමඟ අපි දෙදෙනාම එක් වී දස අකුසල කර්ම පථයෙහි යෙදෙන්නෙමුයි කියමින් දෙදෙනාගේම හානිය පිණිස කතා කරයි.
අසක්කච්චං දානං දෙතීති දෙය්යධම්මම්පි පුග්ගලම්පි න සක්කරොති. දෙය්යධම්මං න සක්කරොති නාම උත්තණ්ඩුලාදිදොසසමන්නාගතං ආහාරං දෙති, න පසන්නං කරොති. පුග්ගලං න සක්කරොති නාම නිසීදනට්ඨානං අසම්මජ්ජිත්වා යත්ථ වා තත්ථ වා නිසීදාපෙත්වා යං වා තං වා ආධාරකං ඨපෙත්වා දානං දෙති. අසහත්ථාති අත්තනො හත්ථෙන, න දෙති, දාසකම්මකාරාදීහි දාපෙති. අචිත්තිකත්වාති හෙට්ඨා වුත්තනයෙන දෙය්යධම්මෙපි පුග්ගලෙපි න චිත්තීකාරං කත්වා දෙති. අපවිද්ධන්ති ඡඩ්ඩෙතුකාමො හුත්වා වම්මිකෙ උරගං පක්ඛිපන්තො විය දෙති. අනාගමනදිට්ඨිකොති නො ඵලපාටිකඞ්ඛී හුත්වා දෙති.
අසක්කච්චං දානං දෙතීති දෙන දේ (දෙය්යධර්මය) කෙරෙහිත් පුද්ගලයා කෙරෙහිත් සැලකිලිමත් නොවෙයි. වී කුඩු වැලි ආදී දොස් සහිත සහලින් බත් පිස නොපිරිසිදු ලෙස දීම දෙය්යධර්මය කෙරෙහි සැලකිලිමත් නොවීමයි. වැඩහිඳිනා තැන් හැමදීම් ආදිය නොකොට එතන හෝ මෙතන හෝ හිඳුවා එය හෝ මෙය හෝ ආධාරකයක් සේ තබා දන් දෙයි ද එය පුද්ගලයා කෙරෙහි සැලකිළිමත් නොවීමයි. අසහත්ථාති තමාගේ අතින් නොදෙයි. දැසිදස්සන් කම්කරුවන් ලවා දෙවයි. අචිත්තිකත්වාති යට කී ක්‍රමයෙන් දෙය්යධර්මය කෙරෙහිත් පුද්ගලයා කෙරෙහිත් ගරුසරු නැතිව දීමයි. අපවිද්ධන්තීති බැහැර කරනු කැමැත්තෙන් තුඹසෙහි සර්පයා එළවන්නාක් මෙන් දෙයි. අනාගමනදිට්ඨිකොති ඵල විපාක බලාපොරොත්තුවක් නැතිව දෙයි.
තත්ථ උපපජ්ජතීති න දානං දත්වා නිරයෙ උපපජ්ජති. යං පන තෙන පාපලද්ධිකාය මිච්ඡාදස්සනං ගහිතං, තාය මිච්ඡාදිට්ඨියා නිරයෙ උපපජ්ජති. සුක්කපක්ඛො වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බො. දෙවමහත්තතාති ඡකාමාවචරදෙවා. මනුස්සමහත්තතාති තිණ්ණං කුලානං සම්පත්ති. සෙසං සබ්බත්ථ උත්තානමෙව. ඉදං පන සුත්තං සුද්ධවට්ටවසෙනෙව කථිතන්ති.
තත්ථ උප්පජ්ජතීති දන් දී නිරයෙහි නූපදියි. එහෙත් යට කී ක්‍රමයෙන් පවිටු අදහස් නිසා මිථ්‍යාදෘෂ්ටි ගෙන එයින් නිරයෙහි උපදියි. යහපත් පැත්ත මෙයට විරුද්ධ අයුරු දත යුතුයි. දෙවමහත්තතාති කාමාවචර සදෙව් ලොව දෙවියෝ මනුස්සමහත්තතාති ත්‍රිවිධ කුලයන්ගේ සම්පත්ය. ඉතිරිය සියළු තැන්හිම කී පරිදිය. මේ සූත්‍රය හුදෙක් භවය සඳහාම දේශනා කරන ලදි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චූළපුණ්ණමසුත්තවණ්ණනා නිට්ඨිතා.
චූළ පුණ්ණම සූත්‍ර වර්ණනාව නිමි.
පඨමවග්ගවණ්ණනා නිට්ඨිතා.
පළමුවැනි දේවදහ වර්ගය සමාප්තයි.