යෙදුමෙන් කියවන්න

අනුපද සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

අනුපද සුත‍්තවණ‍්ණනා

අනුපද සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති අනුපදසුත‍්තං. තත්‍ථ එතදවොචාති එතං (පටි· ම· 3.4) “පණ‍්ඩිතො”තිආදිනා නයෙන ධම‍්මසෙනාපතිසාරිපුත‍්තත්‍ථෙරස‍්ස ගුණකථං අවොච. කස‍්මා? අවසෙසත්‍ථෙරෙසු හි මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස ඉද‍්ධිමාති ගුණො පාකටො, මහාකස‍්සපස‍්ස ධුතවාදොති, අනුරුද‍්ධත්‍ථෙරස‍්ස දිබ‍්බචක‍්ඛුකොති, උපාලිත්‍ථෙරස‍්ස විනයධරොති, රෙවතත්‍ථෙරස‍්ස ඣායී ඣානාභිරතොති, ආනන්‍දත්‍ථෙරස‍්ස බහුස‍්සුතොති. එවං තෙසං තෙසං ථෙරානං තෙ තෙ ගුණා පාකටා, සාරිපුත‍්තත්‍ථෙරස‍්ස පන අපාකටා. කස‍්මා? පඤ‍්ඤවතො හි ගුණා න සක‍්කා අකථිතා ජානිතුං. ඉති භගවා “සාරිපුත‍්තස‍්ස ගුණෙ කථෙස‍්සාමී”ති සභාගපරිසාය සන‍්නිපාතං ආගමෙසි. විසභාගපුග‍්ගලානඤ‍්හි සන‍්තිකෙ වණ‍්ණං කථෙතුං න වට‍්ටති, තෙ වණ‍්ණෙ කථියමානෙ අවණ‍්ණමෙව කථෙන‍්ති. ඉමස‍්මිං පන දිවසෙ ථෙරස‍්ස සභාගපරිසා සන‍්නිපති, තස‍්සා සන‍්නිපතිතභාවං දිස‍්වා සත්‍ථා වණ‍්ණං කථෙන‍්තො ඉමං දෙසනං ආරභි.

එවම්මෙසුතන්ති යනු අනුපද සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි යන්නයි. එහි එතදවොචාති යනෙන් මොහු පණ්ඩිතයෙකි යි ආදී ක්‍රමයෙන් දහම් සෙනෙවි සැරියුත් තෙරුන්ගේ ගුණ කතාව කීය. සෙසු තෙරුන් අතුරෙන් මහමුගලන් තෙරුන්ගේ සෘද්ධි ගුණය ප්‍රකටය. මහකසුප් තෙරුන්ගේ ධුතාංග ගුණය ද අනුරුද්ධ තෙරුන්ගේ දිවැස් ගුණය ද උපාලි තෙරුන්ගේ විනයධර ගුණය ද රේවත තෙරුන්ගේ ධ්‍යාන සුවයෙන් පසුවන ගුණය ද අනඳ තෙරුන්ගේ බහුශ්‍රැත ගුණය ද ප්‍රකට විය. මෙසේ ඒ ඒ තෙරවරුන්ගේ ඒ ඒ ගුණයන් ප්‍රකටය. සැරියුත් තෙරුන්ගේ ගුණ අප්‍රකටය. කුමක්හෙයින් ද යත්? ප්‍රඥාවන්තයින්ගේ ගුණ නොකී කල්හි දැනීමට නොහැකිය. බුදුරදුන් සැරියුත් තෙරුන්ගේ ගුණ කියන්නෙමියි සභාග පිරිස් කැඳවූහ. මෙදින සැරියුත් තෙරුන්ගේ සභාග පිරිස රැස්වූවාහ. ඔවුන් රැස්වුණු බව දැක බුදුරදුන් ගුණ කියමින් මේ දේශනාව ඇරඹූහ.

තත්‍ථ පණ‍්ඩිතොති ධාතුකුසලතා ආයතනකුසලතා පටිච‍්චසමුප‍්පාදකුසලතා ඨානාට‍්ඨානකුසලතාති ඉමෙහි චතූහි කාරණෙහි පණ‍්ඩිතො. මහාපඤ‍්ඤොතිආදීසු මහාපඤ‍්ඤාදීහි සමන‍්නාගතොති අත්‍ථො.

එහි පණ්ඩිතොති ධාතු කුසලතාව, ආයතන කුසලතාව, ප්‍රතීත්‍යසමුප්පාද කුසලතාව, ඨානාඨාන කුසලතාව යන මේ කරුණු සතරෙන් පණ්ඩිත වූයේ යනුයි. මහාපඤ්ඤොති යනාදීන්හි මහා නුවණින් යුතු වූයේ යන තේරුමයි.

තත්‍රිදං මහාපඤ‍්ඤාදීනං නානත‍්තං – තත්‍ථ කතමා මහාපඤ‍්ඤා? මහන‍්තෙ සීලක‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තෙ සමාධික‍්ඛන්‍ධෙ, පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ, විමුත‍්තික‍්ඛන්‍ධෙ, විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙ පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා, මහන‍්තානි ඨානාට‍්ඨානානි, මහන‍්තා විහාරසමාපත‍්තියො, මහන‍්තානි අරියසච‍්චානි, මහන‍්තෙ සතිපට‍්ඨානෙ, සම‍්මප‍්පධානෙ, ඉද‍්ධිපාදෙ, මහන‍්තානි ඉන්‍ද්‍රියානි, බලානි, බොජ‍්ඣඞ‍්ගානි, මහන‍්තෙ අරියමග‍්ගෙ, මහන‍්තානි සාමඤ‍්ඤඵලානි, මහන‍්තා අභිඤ‍්ඤායො, මහන‍්තං පරමත්‍ථං නිබ‍්බානං පරිග‍්ගණ‍්හාතීති මහාපඤ‍්ඤා.

එහි මේ මහා ප්‍රඥා ආදීන්ගේ නානත්වයයි. එහි මහාප්‍රඥා යනු කවරේද? මහත් වූ සීලස්ඛන්‍ධය පිළිගන්නේ මහා ප්‍රඥාවයි. මහත් වූ සමාධිස්ඛන්‍ධය, ඥානස්ඛන්‍ධය, විමුත්තිස්ඛන්‍ධය, විමුත්තිඥානදර්ශනස්ඛන්‍ධය පිළිගැනීම ද මහා ප්‍රඥාව වේ. මහාඨානාඨාන, මහා විහාරසමාපත්ති, මහා ආර්යසත්‍ය, මහා සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන ඉද්ධිපාද, මහා ඉන්ද්‍රිය බල, බොජ්ඣංග, මහා ආර්ය මාර්ග, මහා ශ්‍රාමණ්‍යඵල, මහා අභිඥා, මහා පරමාර්ථය වන නිර්වාණය පිළිගැනීම ද මහා ප්‍රඥාව වේ.

කතමා පුථුපඤ‍්ඤා, පුථු නානාඛන්‍ධෙසු ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා. පුථු නානාධාතූසු, පුථු නානාආයතනෙසු, පුථු නානාඅත්‍ථෙසු, පුථු නානාපටිච‍්චසමුප‍්පාදෙසු, පුථු නානාසුඤ‍්ඤතමනුපලබ‍්භෙසු, පුථු නානාඅත්‍ථෙසු, ධම‍්මෙසු, නිරුත‍්තීසු, පටිභානෙසු, පුථු නානාසීලක‍්ඛන්‍ධෙසු, පුථු නානාසමාධි-පඤ‍්ඤා-විමුත‍්ති-විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙසු, පුථු නානාඨානාට‍්ඨානෙසු, පුථු නානාවිහාරසමාපත‍්තීසු, පුථු නානාඅරියසච‍්චෙසු, පුථු නානාසතිපට‍්ඨානෙසු, සම‍්මප‍්පධානෙසු, ඉද‍්ධිපාදෙසු, ඉන්‍ද්‍රියෙසු, බලෙසු, බොජ‍්ඣඞ‍්ගෙසු, පුථු නානාඅරියමග‍්ගෙසු, සාමඤ‍්ඤඵලෙසු, අභිඤ‍්ඤාසු, පුථු නානාජනසාධාරණෙ ධම‍්මෙ සමතික‍්කම‍්ම පරමත්‍ථෙ නිබ‍්බානෙ ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤා.

පුථුපඤ්ඤා යනු කවරේ ද? වෙන් වෙන්ව නොයෙක් නොයෙක් ස්කන්‍ධයන්හි පවත්නා නුවණ පුථුපඤ්ඤා නම් වේ. නොයෙක් ධාතූන්හි, නොයෙක් ආයතනයන්හි, නොයෙක් අර්ථයන්හි, නොයෙක් ප්‍රතීත්‍යසමුප්පාදයන්හි, නොයෙක් ලබන ලද සුඤ්ඤත ධර්මයන්හි, නොයෙක් සීලස්ඛන්‍ධයන්හි, නොයෙක් සමාධි පඤ්ඤා විමුත්ති විමුත්තිඥානදර්ශනස්ඛන්‍ධයන්හි, නොයෙක් ඨානාඨානයන්හි, නොයෙක් විහාරසමාපත්තීන්හි, නොයෙක් ආර්ය සත්‍යයන්හි, නොයෙක් සතිපට්ඨානයන්හි, නොයෙක් සම්‍යක් ප්‍රධානයන්හි, ඉර්ධිපාදයන්හි ඉන්ද්‍රියන්හි, බලයන්හි, බොජ්ඣංගයන්හි, නොයෙක් ආර්ය මාර්ගයන්හි, ශ්‍රාමණ්‍යඵලයන්හි අභිඥාවන්හි, නොයෙක් දෙනාට සාධාරණ ධර්මයන් ඉක්ම වූ පරමාර්ථ නිවනෙහි නුවණ පවතින්නේ පුථුපඤ්ඤා නමි.

කතමා හාසපඤ‍්ඤා, ඉධෙකච‍්චො හාසබහුලො වෙදබහුලො තුට‍්ඨිබහුලො පාමොජ‍්ජබහුලො සීලං පරිපූරෙති, ඉන්‍ද්‍රියසංවරං පරිපූරෙති, භොජනෙ මත‍්තඤ‍්ඤුතං, ජාගරියානුයොගං, සීලක‍්ඛන්‍ධං, සමාධික‍්ඛන්‍ධං, පඤ‍්ඤාක‍්ඛන්‍ධං, විමුත‍්තික‍්ඛන්‍ධං, විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධං පරිපූරෙතීති හාසපඤ‍්ඤා. හාසබහුලො පාමොජ‍්ජබහුලො ඨානාට‍්ඨානං පටිවිජ‍්ඣති, හාසබහුලො විහාරසමාපත‍්තියො පරිපූරෙතීති හාසපඤ‍්ඤා, හාසබහුලො අරියසච‍්චානි පටිවිජ‍්ඣති. සතිපට‍්ඨානෙ, සම‍්මප‍්පධානෙ, ඉද‍්ධිපාදෙ, ඉන්‍ද්‍රියානි, බලානි, බොජ‍්ඣඞ‍්ගානි, අරියමග‍්ගං භාවෙතීති හාසපඤ‍්ඤා, හාසබහුලො සාමඤ‍්ඤඵලානි සච‍්ඡිකරොති, අභිඤ‍්ඤායො පටිවිජ‍්ඣතීති හාසපඤ‍්ඤා, හාසබහුලො වෙදතුට‍්ඨිපාමොජ‍්ජබහුලො පරමත්‍ථං නිබ‍්බානං සච‍්ඡිකරොතීති හාසපඤ‍්ඤා.

හාසු පඤ්ඤාව කවරේද යත්? මෙහි යම්කිසිවෙක් ප්‍රීතිය බහුලව විඳීම් බහුලව සතුට බහුලව ප්‍රමෝදය බහුලව සිල් පිරීම කරයි ද? ඉන්ද්‍රිය සංවරය පුරයි ද? භෝජනයෙහි පමණ දැනීම, නිදි වර්ජනය, සීල සමාධි පඤ්ඤා විමුත්ති විමුත්තිඤාණදර්ශන ස්ඛන්‍ධයන් පුරයි ද? ප්‍රීතිය බහුලව ප්‍රමෝදය බහුලව ඨානාඨානය අවබෝධ කරයි ද එය හාසු ප්‍රඥාවයි. ප්‍රීතිය බහුලව විහාර සමාපත්තිය පුරයි ද එය හාසු ප්‍රඥාවයි. ප්‍රීතිය බහුලව ආර්ය සත්‍ය අවබෝධ කරයි ද සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, ඉර්ධිපාද, ඉන්ද්‍රිය බල, බොජ්ඣංග, ආර්ය මාර්ගය වඩන්නේ වේද හෙතෙම හාසු පඤ්ඤා පුද්ගලයා නම් වේ. ප්‍රීතිය බහුලව ශ්‍රාමණ්‍යඵලයන් සාක්‍ෂාත් කරයි ද අභිඥාවන් අවබෝධ කරයි ද පරමාර්ථ සංඛ්‍යාත නිවන සාක්‍ෂාත් කරන්නේ නම් එය හාසු පඤ්ඤා නමි.

කතමා ජවනපඤ‍්ඤා, යංකිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං…පෙ… යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං අනිච‍්චතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. දුක‍්ඛතො ඛිප‍්පං… අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. යා කාචි වෙදනා…පෙ… යංකිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං…පෙ… සබ‍්බං විඤ‍්ඤාණං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. චක‍්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙන, දුක‍්ඛං භයට‍්ඨෙන, අනත‍්තා අසාරකට‍්ඨෙනාති තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා රූපනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. වෙදනා, සඤ‍්ඤා, සඞ‍්ඛාරා, විඤ‍්ඤාණං, චක‍්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙන…පෙ… විභූතං කත්‍වා ජරාමරණනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා. රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං…පෙ… විඤ‍්ඤාණං. චක‍්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මන‍්ති තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ජරාමරණනිරොධෙ නිබ‍්බානෙ ඛිප‍්පං ජවතීති ජවනපඤ‍්ඤා.

ජවනපඤ්ඤා යනු කවරේද යත්? අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ යම්කිසි දුර වූ හෝ සමීපයෙහි වූ හෝ රූපයක් වේද ඒ සියළු රූප වහා අනිත්‍ය ස්වභාවයට දිවෙයි යැයි දැනගන්නා නුවණ ජවනපඤ්ඤා නම් වේ. වහා දුක්ඛිත ස්වභාවයටත් අනාත්ම ස්වභාවයටත් දිවෙනුයි ජවනපඤ්ඤා නමි. යම්කිසි වේදනාවක් ඇති වේද -පෙ- අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ යම්කිසි විඤ්ඤාණයක් වේද ඒ සියළු විඤ්ඤාණය අනිත්‍ය දුක්ඛ අනාත්මභාවයන්ට වහා දුවන හෙයින් ජවනපඤ්ඤා නම් වේ. ඇස -පෙ- අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ජරා මරණයන් අනිත්‍ය දුක්ඛ අනාත්මභාවයන්ට වහා දුවන හෙයින් ජවනපඤ්ඤා නම් වේ. අතීතානාගත වර්තමාන වූ රූපය ක්‍ෂයවීම් ස්වභාව නිසා අනිත්‍ය යැයි ද බියජනක ස්වභාවය නිසා දුක්ඛ යැයි ද අසාර ස්වභාවය නිසා අනාත්ම යැයි ද තුළනය කොට තීරණය කර සිත දියුණු කර දැන වඩා රූප නිරෝධ සංඛ්‍යාත නිවනෙහි වහා දිවෙනුයේ ජවනපඤ්ඤා නම් වේ. අතීතානාගත වර්තමාන වූ රූපය -පෙ- විඤ්ඤාණය ඇස -පෙ- ජරාමරණ අනිත්‍ය සංඛ්‍යාත ප්‍රතීත්‍යසමුප්පන්න ක්‍ෂයවන ස්වභාවය වැයවන ස්වභාවය විරාග ස්වභාවය නිරෝධ ස්වභාවය තුළනය කොට තීරණය කර වඩා ජරාමරණ නැති නිවනෙහි වහා දිවෙනුයේ ජවනපඤ්ඤා නමි.

කතමා තික‍්ඛපඤ‍්ඤා, ඛිප‍්පං කිලෙසෙ ඡින්‍දතීති තික‍්ඛපඤ‍්ඤා. උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති, උප‍්පන‍්නං බ්‍යාපාදවිතක‍්කං, උප‍්පන‍්නං විහිංසාවිතක‍්කං, උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ, උප‍්පන‍්නං රාගං, දොසං, මොහං, කොධං, උපනාහං, මක‍්ඛං, පළාසං, ඉස‍්සං, මච‍්ඡරියං, මායං, සාඨෙය්‍යං, ථම‍්භං, සාරම‍්භං, මානං, අතිමානං, මදං, පමාදං, සබ‍්බෙ කිලෙසෙ, සබ‍්බෙ දුච‍්චරිතෙ, සබ‍්බෙ අභිසඞ‍්ඛාරෙ, සබ‍්බෙ භවගාමිකම‍්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙතීති තික‍්ඛපඤ‍්ඤා. එකස‍්මිං ආසනෙ චත‍්තාරො අරියමග‍්ගා, චත‍්තාරි සාමඤ‍්ඤඵලානි, චතස‍්සො පටිසම‍්භිදායො, ඡ ච අභිඤ‍්ඤායො අධිගතා හොන‍්ති සච‍්ඡිකතා පස‍්සිතා පඤ‍්ඤායාති තික‍්ඛපඤ‍්ඤා.

තික්ඛපඤ්ඤාව යනු කවරේද යත්? වහාම කෙලෙස් සිඳීනුයි තික්ඛ ප්‍රඥා නමි. උපන්නා වූ කාමවිතර්ක නොඉවසයි. උපන්නා වූ ව්‍යාපාද විතර්ක, උපන්නා වූ විහිංසා විතර්ක, උපනුපන් පවිටු අකුසල ධර්ම, උපන් රාග, ද්වේෂ, මෝහ, ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්භ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද, සියළු කෙලෙස්, සියළු දුසිරිත්, සියළු අභිසංස්කාර, සියළු භවගාමී කර්ම නොඉවසයි. දුරු කරයි. විනාශ කරයි. අවසානයට පමුණුවයි. මෙය තික්ඛ ප්‍රඥා නම් වේ. එකම ආසනයක දී සතර ආර්යමාර්ග, සතර ශ්‍රමණ්‍යඵල, සතර පටිසම්භිදා, අභිඥා හා අවබෝධ කළේ වෙත් ද සාක්‍ෂාත් කළේ වෙත් ද දක්නා ලද්දේ වෙත් ද ඒ නුවණ තික්ඛ ප්‍රඥා නමි.

කතමා නිබ‍්බෙධිකපඤ‍්ඤා, ඉධෙකච‍්චො සබ‍්බසඞ‍්ඛාරෙසු උබ‍්බෙගබහුලො හොති උත‍්තාසබහුලො උක‍්කණ‍්ඨනබහුලො අරතිබහුලො අනභිරතිබහුලො බහිමුඛො න රමති සබ‍්බසඞ‍්ඛාරෙසු, අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං ලොභක‍්ඛන්‍ධං නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපඤ‍්ඤා. අනිබ‍්බිද‍්ධපුබ‍්බං අප‍්පදාලිතපුබ‍්බං දොසක‍්ඛන්‍ධං, මොහක‍්ඛන්‍ධං, කොධං, උපනාහං…පෙ… සබ‍්බෙ භවගාමිකම‍්මෙ නිබ‍්බිජ‍්ඣති පදාලෙතීති නිබ‍්බෙධිකපඤ‍්ඤා.

නිබ්බේධික පඤ්ඤාව කවරේද යත්? මෙහි ඇතැම් කෙනෙක් සියළු සංස්කාර කෙරෙහි උද්වේග බහුල වෙයි ද, උත්ප්‍රාසය බහුල වෙයි ද, කලකිරීම බහුල වෙයි ද, අරතිය බහුල වෙයි ද, අනභිරතිය බහුල වෙයි ද පිටතින් නොඇලෙයි. සියළු සංස්කාරයන්හි නොබිඳුණු විරූ නොපැලූ විරූ, ලෝභ සමූහය මුලසුන් කර දමන නුවණ නිබ්බේධික නුවණයි. නොබිඳුණු විරූ නොපැලූ විරූ ද්වේෂ සමූහය, මෝහ සමූහය, ක්‍රෝධය, උපනාහය -පෙ- සියළු භවගාමී කර්ම බිඳ දමනුයේ පලා දමනුයේ නිබ්බේධික ප්‍රඥාව නමි.

අනුපදධම‍්මවිපස‍්සනන‍්ති සමාපත‍්තිවසෙන වා ඣානඞ‍්ගවසෙන වා අනුපටිපාටියා ධම‍්මවිපස‍්සනං විපස‍්සති, එවං විපස‍්සන‍්තො අද‍්ධමාසෙන අරහත‍්තං පත‍්තො. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො පන සත‍්තහි දිවසෙහි. එවං සන‍්තෙපි සාරිපුත‍්තත්‍ථෙරො මහාපඤ‍්ඤවන‍්තතරො. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො හි සාවකානං සම‍්මසනචාරං යට‍්ඨිකොටියා උප‍්පීළෙන‍්තො විය එකදෙසමෙව සම‍්මසන‍්තො සත‍්ත දිවසෙ වායමිත්‍වා අරහත‍්තං පත‍්තො. සාරිපුත‍්තත්‍ථෙරො ඨපෙත්‍වා බුද‍්ධානං පච‍්චෙකබුද‍්ධානඤ‍්ච සම‍්මසනචාරං සාවකානං සම‍්මසනචාරං නිප‍්පදෙසං සම‍්මසි. එවං සම‍්මසන‍්තො අද‍්ධමාසං වායමි. අරහත‍්තඤ‍්ච කිර පත්‍වා අඤ‍්ඤාසි – “ඨපෙත්‍වා බුද‍්ධෙ ච පච‍්චෙකබුද‍්ධෙ ච අඤ‍්ඤො සාවකො නාම පඤ‍්ඤාය මයා පත‍්තබ‍්බං පත‍්තුං සමත්‍ථො නාම න භවිස‍්සතී”ති. යථා හි පුරිසො වෙළුයට‍්ඨිං ගණ‍්හිස‍්සාමීති මහාජටං වෙළුං දිස‍්වා ජටං ඡින්‍දන‍්තස‍්ස පපඤ‍්චො භවිස‍්සතීති අන‍්තරෙන හත්‍ථං පවෙසෙත්‍වා සම‍්පත‍්තමෙව යට‍්ඨිං මූලෙ ච අග‍්ගෙ ච ඡින්‍දිත්‍වා ආදාය පක‍්කමෙය්‍ය, සො කිඤ‍්චාපි පඨමතරං ගච‍්ඡති, යට‍්ඨිං පන සාරං වා උජුං වා න ලභති. අපරො ච තථාරූපමෙව වෙණුං දිස‍්වා “සචෙ සම‍්පත‍්තං යට‍්ඨිං ගණ‍්හිස‍්සාමි, සාරං වා උජුං වා න ලභිස‍්සාමී”ති කච‍්ඡං බන්‍ධිත්‍වා මහන‍්තෙන සත්‍ථෙන වෙණුජටං ඡින්‍දිත්‍වා සාරා චෙව උජූ ච යට‍්ඨියො උච‍්චිනිත්‍වා ආදාය පක‍්කමෙය්‍ය. අයං කිඤ‍්චාපි පච‍්ඡා ගච‍්ඡති, යට‍්ඨියො පන සාරා චෙව උජූ ච ලභති. එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං ඉමෙසං ද‍්වින‍්නං ථෙරානං පධානං.

අනුපදධම්මවිපස්සනන්ති සමාපත්ති වශයෙන් හෝ ධ්‍යාන වශයෙන් හෝ පිළිවෙළින් ධර්මය විදර්ශනාවෙන් බැලීය. මෙසේ විදර්ශනාව වඩන කළ අඩමසකින් රහත්බවට පත්විය. මහමුගලන් තෙරුන් සත් දිනකින් ය. මෙසේ ඇති කල්හි ද සැරියුත් තෙරුන් මහා නුවණැත්තෙකු වී නමුදු මහමුගලන් තෙරණුවන් ශ්‍රාවක වූ සිහිකිරීම් වාරය සැරයටි කොනෙන් පෙළන්නා සේ එක එක කොටස බැගින් සිහිකරමින් සත් දිනක් තුළ උත්සාහ කොට රහත් බවට පත්විය. සැරියුත් තෙරුන් බුදු පසේ බුදුවරයන්ගේ සිහිකිරීම් වාර ද ශ්‍රාවකයන්ගේ සිහිකිරීම් වාර ද සිහි කළේය. මෙසේ සිහිකිරීමේ දී අඩමසක් උත්සාහ කළෙමි. රහත් බවට පැමිණ මනාව වැටහිණි. බුදුපසේබුදුවරයන් හැර අන් කිසිදු ශ්‍රාවකයෙකු උන්වහන්සේ හා සමාන නුවණින් මහත්බවට නොගියේමය. තවත් එවැනි සමතෙක් නොවීය. යම්සේ පුරුෂයෙක් උණ ගසකින් දණ්ඩක් තනාගන්නෙමියි මහා අවුල් සහිත උණ ගසක් දැක අවුල් සිඳින්නට කාලය ගතවන්නේ යැයි දැන අතරතුරෙන් අත යවා ඒ උණගසෙහි මුල අග පමණක් සිඳ එය ගෙන යන්නේ ය. ඔහු පළමුව යයි. නමුත් දණ්ඩෙහි පිරිසිදු බව හෝ සෘජුබව නොලබයි. තවකෙක් එබඳුම උණ ගසක් දැක ඉදින් පිරිසිදු නොකර ගතහොත් හරය හෝ සෘජුබව නොලබමි. කැසපට බැඳ මහත් ආයුධයකින් උණ ගසෙහි අවුල් සිඳ පිරිසිදු සෘජු උණ දණ්ඩක් ගෙන යන්නේ ය. ඔහු පසුව යයි. නමුත් පිරිසිදු ඇද නැති උණ දණ්ඩක් ලබා ගනියි. මේ කරුණු ද මෙසේම දත යුතුයි. මේ තෙරුන් දෙදෙනාවහන්සේ ප්‍රධන්වීර්ය වැඩීමෙහිලා

එවං පන අද‍්ධමාසං වායමිත්‍වා ධම‍්මසෙනාපති සාරිපුත‍්තත්‍ථෙරො සූකරඛතලෙණද‍්වාරෙ භාගිනෙය්‍යස‍්ස දීඝනඛපරිබ‍්බාජකස‍්ස වෙදනාපරිග‍්ගහසුත‍්තන‍්තෙ දෙසියමානෙ දසබලං බීජයමානො ඨිතො දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්‍වා පබ‍්බජිතදිවසතො පන‍්නරසමෙ දිවසෙ සාවකපාරමිඤාණස‍්ස මත්‍ථකං පත්‍වා සත‍්තසට‍්ඨි ඤාණානි පටිවිජ‍්ඣිත්‍වා සොළසවිධං පඤ‍්ඤං අනුප‍්පත‍්තො.

අඩමසක් උත්සාහවත් කොට දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ සුකරගත නම් ලෙන් දොර දී සිය බෑනණුවන් වූ දීඝනඛ නම් පිරිවැජියාට වේදනාපරිග්‍රහ සූත්‍රය දේශනා කරමින් සිටිය බුදුරදුන්ට පවන් සළමින් සිටියේ දේශනාවට නුවණ යවා පැවිදි වීමෙන් පහළොස් වන දවසෙහි ශ්‍රාවක පාරමී ඥානය මස්තකප්‍රාප්තයට පැමිණ සත්සැට නුවණ අවබෝධ කොට සොළොස් වැදෑරුම් ප්‍රඥාවන්ට පත් විය.

තත්‍රිදං, භික‍්ඛවෙ, සාරිපුත‍්තස‍්ස අනුපදධම‍්මවිපස‍්සනායාති යා අනුපදධම‍්මවිපස‍්සනං විපස‍්සතීති අනුපදධම‍්මවිපස‍්සනා වුත‍්තා, තත්‍ර අනුපදධම‍්මවිපස‍්සනාය සාරිපුත‍්තස‍්ස ඉදං හොති. ඉදානි වත‍්තබ‍්බං තං තං විපස‍්සනාකොට‍්ඨාසං සන්‍ධායෙතං වුත‍්තං.

තත්‍රිදං භික්ඛවෙ සාරිපුත්තස්ස අනුපදධම්මවිපස්සනායාති යම් අනුපිළිවෙළින් ධර්මය විදර්ශනාවෙන් බැලීමක් වේද අනුපදධම්ම විපස්සනාව කියන ලදි. මෙහි අනුපදධර්ම විදර්ශනාවෙන් සැරියුත් තෙරුන්ට මෙය වෙයි. දැන් මෙසේ කිව යුතුය. ඒ ඒ විදර්ශනා කොටස් සඳහා මෙය කියන ලදි.

පඨමෙ ඣානෙති යෙ පඨමෙ ඣානෙ අන‍්තොසමාපත‍්තියං ධම‍්මා. ත්‍යාස‍්සාති තෙ අස‍්ස. අනුපදවවත්‍ථිතා හොන‍්තීති අනුපටිපාටියා වවත්‍ථිතා පරිච‍්ඡින‍්නා ඤාතා විදිතා හොන‍්ති. කථං? ථෙරො හි තෙ ධම‍්මෙ ඔලොකෙන‍්තො අභිනිරොපනලක‍්ඛණො විතක‍්කො වත‍්තතීති ජානාති. තථා අනුමජ‍්ජනලක‍්ඛණො විචාරො, ඵරණලක‍්ඛණා පීති, සාතලක‍්ඛණං සුඛං, අවික‍්ඛෙපලක‍්ඛණා චිත‍්තෙකග‍්ගතා, ඵුසනලක‍්ඛණො ඵස‍්සො වෙදයිතලක‍්ඛණා වෙදනා, සඤ‍්ජානනලක‍්ඛණා සඤ‍්ඤා, චෙතයිතලක‍්ඛණා චෙතනා, විජානනලක‍්ඛණං විඤ‍්ඤාණං, කත‍්තුකම්‍යතාලක‍්ඛණො ඡන්‍දො, අධිමොක‍්ඛලක‍්ඛණො අධිමොක‍්ඛො, පග‍්ගාහලක‍්ඛණං වීරියං උපට‍්ඨානලක‍්ඛණා සති, මජ‍්ඣත‍්තලක‍්ඛණා උපෙක‍්ඛා, අනුනයමනසිකාරලක‍්ඛණො මනසිකාරො වත‍්තතීති ජානාති. එවං ජානං අභිනිරොපනට‍්ඨෙන විතක‍්කං සභාවතො වවත්‍ථපෙති…පෙ… අනුනයමනසිකාරණට‍්ඨෙන මනසිකාරං සභාවභාවතො වවත්‍ථපෙති. තෙන වුත‍්තං “ත්‍යාස‍්ස ධම‍්මා අනුපදවවත්‍ථිතා හොන‍්තී”ති.

පඨමෙ ඣානෙති පළමු ධ්‍යානයෙහි සමාපත්තිය තුළ වූ ධර්මයෝයි. ත්‍යාස්සාති ඔවුහු වන්නාහුය. අනුපදවවන්‍ථිතා හොන්තීති අනුපිළිවෙළින් ව්‍යවස්ථාපනය හෙවත් පිරිසිඳීම, දැනීම වෙත්. කෙසේද යත්? තෙරුන් වහන්සේ ඒ ධර්මයන් බලන්නේ ආරෝපනය කිරීමේ ස්වභාවයක් විතර්කයක් පවතී යයි දනිති. එසේම පිරිමැදීම් නම් විචාරය ද පැතිරවීම් නම් ප්‍රීතිය ද ඉවසීම් නම් සැපය ද, අවික්‍ෂේප ලක්‍ෂණයෙන් යුත් වේදනාව ද, හැඳිනීම් ලක්‍ෂණයෙන් යුත් සංඥාව ද, චේතසික ලක්‍ෂණයෙන් යුත් වේදනාව ද, දැනගැනීමේ ලක්‍ෂණයෙන් යුත් විඤ්ඤාණය ද, කරනු කැමැති ලක්‍ෂණයෙන් යුත් ඡන්දය ද, උසස් මිදීම් ලක්‍ෂණයෙන් යුත් අධිමොක්ඛය ද, දැඩිලෙස අල්ලා ගැනීමේ ලක්‍ෂණයෙන් යුත් වීර්ය ද, එළඹ සිටීම් ලක්‍ෂණයෙන් යුත් සතිය ද, මධ්‍යස්ථ ලක්‍ෂණයෙන් යුත් උපේක්ඛාව ද, පිළිවෙළ සිහිකිරීම් ලක්‍ෂණයෙන් යුත් මනසිකාරය ද, පවතින බව දනියි. මෙසේ දන්නේ පිහිටුවීම් ක්‍රමයෙන් විතර්ක ස්වභාව ලක්‍ෂණ වශයෙන් ව්‍යවස්ථාපනය කරයි. -පෙ- පිළිවෙළ මෙනෙහි කිරීම් ක්‍රමයෙන් මනසිකාර ස්වභාව ලක්‍ෂණ වශයෙන් ව්‍යවස්ථාපනය කරයි. ඒ ධර්මයෝ අනුපදවර්තීව පවතීයැයි එහෙයින් කියන ලදි.

විදිතා උප‍්පජ‍්ජන‍්තීති උප‍්පජ‍්ජමානා විදිතා පාකටාව හුත්‍වා උප‍්පජ‍්ජන‍්ති. විදිතා උපට‍්ඨහන‍්තීති තිට‍්ඨමානාපි විදිතා පාකටාව හුත්‍වා තිට‍්ඨන‍්ති. විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්තීති නිරුජ‍්ඣමානාපි විදිතා පාකටාව හුත්‍වා නිරුජ‍්ඣන‍්ති. එත්‍ථ පන තංඤාණතා චෙව ඤාණබහුතා ච මොචෙතබ‍්බා. යථා හි තෙනෙව අඞ‍්ගුලග‍්ගෙන තං අඞ‍්ගුලග‍්ගං න සක‍්කා ඵුසිතුං, එවමෙව තෙනෙව චිත‍්තෙන තස‍්ස චිත‍්තස‍්ස උප‍්පාදො වා ඨිති වා භඞ‍්ගො වා න සක‍්කා ජානිතුන‍්ති. එවං තාව තංඤාණතා මොචෙතබ‍්බා. යදි පන ද‍්වෙ චිත‍්තානි එකතො උප‍්පජ‍්ජෙය්‍යුං, එකෙන චිත‍්තෙන එකස‍්ස උප‍්පාදො වා ඨිති වා භඞ‍්ගො වා සක‍්කා භවෙය්‍ය ජානිතුං. ද‍්වෙ පන ඵස‍්සා වා වෙදනා වා සඤ‍්ඤා වා චෙතනා වා චිත‍්තානි වා එකතො උප‍්පජ‍්ජනකානි නාම නත්‍ථි, එකෙකමෙව උප‍්පජ‍්ජති. එවං ඤාණබහුතා මොචෙතබ‍්බා. එවං සන‍්තෙ කථං? මහාථෙරස‍්ස අන‍්තොසමාපත‍්තියං සොළස ධම‍්මා විදිතා පාකටා හොන‍්තීති. වත්‍ථාරම‍්මණානං පරිග‍්ගහිතතාය. ථෙරෙන හි වත්‍ථු චෙව ආරම‍්මණඤ‍්ච පරිග‍්ගහිතං, තෙනස‍්ස තෙසං ධම‍්මානං උප‍්පාදං ආවජ‍්ජන‍්තස‍්ස උප‍්පාදො පාකටො හොති, ඨානං ආවජ‍්ජන‍්තස‍්ස ඨානං පාකටං හොති, භෙදං ආවජ‍්ජන‍්තස‍්ස භෙදො පාකටො හොති. තෙන වුත‍්තං “විදිතා උප‍්පජ‍්ජන‍්ති විදිතා උපට‍්ඨහන‍්ති විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්තී”ති. අහුත්‍වා සම‍්භොන‍්තීති ඉමිනා උදයං පස‍්සති. හුත්‍වා පටිවෙන‍්තීති ඉමිනා වයං පස‍්සති.

විදිතා උප්පජ්ජන්තීති උපදින විට දැනගෙන ප්‍රකටව ම උපදිති. විදිතා උපට්ඨහන්තීති සිටිනා විට ද දැනගෙන ප්‍රකටව ම සිටිත්. විදිතා අබ්භත්‍ථං ගච්ඡන්තීති නිරුද්ධ වන විට ද දැනගෙන ම ප්‍රකටවම නිරුද්ධ වෙති. මෙහි දී එය නැණවත් බවෙන් හා ඥානය බොහෝ කොට ඇති සිතින් ද මිදිය යුතුයි. යම්සේ එම ඇඟිලි අගින් එම ඇඟිලි අගම ස්පර්ශ කරන්නට නොහැකිය. එපරිද්දෙන් ම ඒ සිතින් ම ඒ සිතේ ඉපදීම හෝ පැවතීම හෝ විනාශය හෝ දැනගැනීමට නොහැකිය. මෙසේ පළමුව ඒ ඥානයෙන් මිදිය යුතුය. ඉදින් සිත් දෙකක් එකවිට උපදින්නේ නම් එක සිතකින් ඉපදීම හෝ පැවතීම හෝ විනාශය හෝ දැනගැනීමට හැකි වන්නේ ය. ඵස්ස දෙකක් හෝ වේදනා දෙකක් හෝ සඤ්ඤා දෙකක් හෝ චේතනා දෙකක් හෝ සිත් දෙකක් හෝ එකට උපදින්නේ නම් නැත. එකවිට එක සිතක්ම උපදියි. මෙසේ බොහෝ සිත් ඇතිබවෙන් මිදිය යුතුයි. මෙසේ ඇති කල්හි කෙසේනම් මහතෙරුන්හට සමාපත්තිය ඇතුළත සොළොස් ධර්මයක් ප්‍රකට වී ගියේ ද යත්? වස්තු අරමුණු මනාව ගත් බැවිනි. තෙරුන් විසින් වස්තුවත් අරමුණත් මනාව ගන්නා ලදි. එහෙයින් උන්වහන්සේ ඒ ධර්මයන්ගේ ඉපදීම් සිහිකිරීමෙන් ඉපදීම ප්‍රකට විය. කරුණ සිහිකරන්නහුට කරුණ ප්‍රකට විය. භේදය සිහිකරන්නහුට භේදය ප්‍රකට විය. එහෙයින් දැනගෙන ම උපදිත්. දැනගෙනම වැටහෙත්. දැනගෙන ම අභිමතාර්ථය කරන යති යන්න කියන ලදි. අහුන්‍වා සම්භොන්තීති මෙයින් ඉපදීම දකියි. හුන්‍වාප තිසෙවෙන්තීති මෙයින් ක්‍ෂයවීම දකියි.

අනුපායොති රාගවසෙන අනුපගමනො හුත්‍වා. අනපායොති පටිඝවසෙන අනපගතො. අනිස‍්සිතොති තණ‍්හාදිට‍්ඨිනිස‍්සයෙහි අනිස‍්සිතො. අප‍්පටිබද‍්ධොති ඡන්‍දරාගෙන අබද‍්ධො. විප‍්පමුත‍්තොති කාමරාගතො විප‍්පමුත‍්තො. විසංයුත‍්තොති චතූහි යොගෙහි සබ‍්බකිලෙසෙහි වා විසංයුත‍්තො. විමරියාදීකතෙනාති නිම‍්මරියාදීකතෙන. චෙතසාති එවංවිධෙන චිත‍්තෙන විහරති.

අනුපායොති ඇලීම් වශයෙන් අනුව ගොස් අනපායොති ක්‍රෝධ වශයෙන් නොගියේ අනිස්සිතොති තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් යුතු වූයේ අපටිබද්ධොති ඡන්ද රාගයෙන් නොබැඳුණේ විප්පමුත්තොති කාමරාගයෙන් මිදුණේ විසංයුටත්තාති සතර යෝගයෙන් ද සියළු කෙලෙසුන්ගෙන් ද වෙන්වූයේ විමරියාදි කතෙනාති වෙනස්කර ගැනීමෙන් චෙතසාති මෙබඳු සිතෙන් වාසය කරයි.

තත්‍ථ ද‍්වෙ මරියාදා කිලෙසමරියාදා ච ආරම‍්මණමරියාදා ච. සචෙ හිස‍්ස අන‍්තොසමාපත‍්තියං පවත‍්තෙ සොළස ධම‍්මෙ ආරබ‍්භ රාගාදයො උප‍්පජ‍්ජෙය්‍යුං, කිලෙසමරියාදා තෙන කතා භවෙය්‍ය, තෙසු පනස‍්ස එකොපි න උප‍්පන‍්නොති කිලෙසමරියාදා නත්‍ථි. සචෙ පනස‍්ස අන‍්තොසමාපත‍්තියං පවත‍්තෙ සොළස ධම‍්මෙ ආවජ‍්ජන‍්තස‍්ස එකච‍්චෙ ආපාථං නාගච‍්ඡෙය්‍යුං. එවමස‍්ස ආරම‍්මණමරියාදා භවෙය්‍යුං. තෙ පනස‍්ස සොළස ධම‍්මෙ ආවජ‍්ජන‍්තස‍්ස ආපාථං අනාගතධම‍්මො නාම නත්‍ථීති ආරම‍්මණමරියාදාපි නත්‍ථි.

එහි ක්ලේශ මර්යාදාව ද ආරම්මණ මර්යාදාව ද යනුවෙන් මර්යාදා දෙකකි. ඉදින් ඔහුට සමාපත්ති කාලය තුළ පවතින සොළොස් දහම් අරඹයා රාගාදිය උපදින්නේ ද ක්ලේශ මර්යාදාවෙන් කරන ලද්දේ වන්නේ ය. එහිදී ඔහුට එකක්වත් නොඋපන්නේ නමුදු ක්ලේශ මර්යාදාවක් නැත්තේය. ඉදින් ඔහුට සමාපත්තිය තුළ පවතින සොළොස් ධර්මය සිහි කරන කළ ඇතැමෙක් ඇස් හමුවට එන්නේ, ඇතැමෙක් නො එන්නේ ය. මෙපරිද්දෙන් ඔහුට ආරම්මණ මර්යාදාව වන්නේය. ඒ ධර්මයන් සිහිකරන ඔහුට ඇස් හමුවට නොඑළඹෙන ධර්මයක් නැත් ද ආරම්මණ මර්යාදාවක් ද නැත.

අපරාපි ද‍්වෙ මරියාදා වික‍්ඛම‍්භනමරියාදා ච සමුච‍්ඡෙදමරියාදා ච. තාසු සමුච‍්ඡෙදමරියාදා උපරි ආගමිස‍්සති, ඉමස‍්මිං පන ඨානෙ වික‍්ඛම‍්භනමරියාදා අධිප‍්පෙතා. තස‍්ස වික‍්ඛම‍්භිතපච‍්චනීකත‍්තා නත්‍ථීති විමරියාදිකතෙන චෙතසා විහරති.

තව ද විෂ්කම්භන මර්යාදාවය සමුච්ඡේද මර්යාදාවය යනුවෙන් මර්යාදාවන් දෙකක් ඇත. එයින් සමුච්ඡේද මර්යාදාව මතෙහි එන්නේ ය. මෙතැන විෂ්කම්භන මර්යාදාව අදහස් කරන ලදි. ඔහුට මැඩපවත්වන ලද පච්චනික ස්වභාවයක් නැත්තේ විපරීත සිතින් වාසය කරයි.

උත‍්තරි නිස‍්සරණන‍්ති ඉතො උත‍්තරි නිස‍්සරණං. අඤ‍්ඤෙසු ච සුත‍්තෙසු “උත‍්තරි නිස‍්සරණ”න‍්ති නිබ‍්බානං වුත‍්තං, ඉධ පන අනන‍්තරො විසෙසො අධිප‍්පෙතොති වෙදිතබ‍්බො. තබ‍්බහුලීකාරාති තස‍්ස පජානනස‍්ස බහුලීකරණෙන. අත්‍ථිත්‍වෙවස‍්ස හොතීති තස‍්ස ථෙරස‍්ස අත්‍ථීතියෙව දළ‍්හතරං හොති. ඉමිනා නයෙන සෙසවාරෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො.

උත්තරිං නිස්සරණන්ති මෙයින් මිදීම නිස්සරණයයි. වෙනත් සූත්‍රයන්හි ද නිස්සරණය නිර්වාණය යැයි කියන ලදි. මෙහි අනතුරුව විශේෂයක් අදහස් කරන ලදැයි දත යුතුයි. තබ්බහුලීකාරොති එම දැනගැනීම බහුලව කරන ලද බැවින් අත්‍ථතෙවස්ස හොතීති ඒ තෙරුන්ට ඇතැයි යන දැඩි ගැනීම වෙයි. මේ ක්‍රමයෙන් සෙසු වාරයන්හි ද අර්ථය දත යුතුයි.

දුතියවාරෙ පන සම‍්පසාදනට‍්ඨෙන සම‍්පසාදො. සභාවතො වවත්‍ථපෙති.

දෙවන වාරයේ දී සම්ප්‍රසාදනාර්ථයෙන් සම්ප්‍රසාදය ස්වභාව භාව වශයෙන් ව්‍යවස්ථාපනය කරයි.

චතුත්‍ථවාරෙ උපෙක‍්ඛාති සුඛට‍්ඨානෙ වෙදනුපෙක‍්ඛාව. පස‍්සද‍්ධත‍්තා චෙතසො අනාභොගොති යො සො “යදෙව තත්‍ථ සුඛ”න‍්ති චෙතසො ආභොගො, එතෙනෙතං ඔළාරිකමක‍්ඛායතීති එවං පස‍්සද‍්ධත‍්තා චෙතසො අනාභොගො වුත‍්තො, තස‍්ස අභාවාති අත්‍ථො. සතිපාරිසුද‍්ධීති පරිසුද‍්ධාසතියෙව. උපෙක‍්ඛාපි පාරිසුද‍්ධිඋපෙක‍්ඛා.

සතරවන වාරයෙහි උපේක්‍ෂාව සුඛස්ථානයෙහි වේදනා උපේක්‍ෂාව ද වෙයි. පසාදත්‍ථා චෙතසො අනාභොගොති යමෙක් එහි සැපයැයි සිතින් ගන්නේ නම් ඒ එකිනෙක ඕලාරික වශයෙන් පෙනෙයි. මෙසේ පැහැදීමෙන් සිතින් නොගන්නේ යැයි කියන ලදි. එහි නොවීමය යන තේරුමයි. සතිපාරසුද්ධිති පිරිසිදු සිහියමයි. පිරිසිදු උපේක්‍ෂාවමයි.

සතො වුට‍්ඨහතීති සතියා සමන‍්නාගතො ඤාණෙන සම‍්පජානො හුත්‍වා වුට‍්ඨාති. තෙ ධම‍්මෙ සමනුපස‍්සතීති යස‍්මා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ බුද‍්ධානංයෙව අනුපදධම‍්මවිපස‍්සනා හොති, න සාවකානං, තස‍්මා එත්‍ථ කලාපවිපස‍්සනං දස‍්සෙන‍්තො එවමාහ.

සතොවුට්ඨහතීති සිහියෙන් යුක්තව නුවණින් මනා සේ දැන නැගී සිටියි. තෙ ධම්මෙ සමනුස්සරතීති යම්හෙයකින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බුදුවරයන්ට පිළිවෙළ ධර්ම විදර්ශනාව වෙයි. ශ්‍රාවකයන්ට නොවේ. එහෙයින් එහි කොටස් වශයෙන් විදර්ශනා ක්‍රමය දක්වමින් මෙසේ කීය.

පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්තීති මග‍්ගපඤ‍්ඤාය චත‍්තාරි සච‍්චානි දිස‍්වා චත‍්තාරො ආසවා ඛීණා හොන‍්ති. සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සමථවිපස‍්සනං යුගනද‍්ධං ආහරිත්‍වා අරහත‍්තං පත‍්තවාරොපි අත්‍ථි, නිරොධසමාපත‍්තිසමාපන‍්නවාරොපි. අරහත‍්තං පත‍්තවාරො ඉධ ගහිතො, නිරොධං පන චිණ‍්ණවසිතාය අපරාපරං සමාපජ‍්ජිස‍්සතීති වදන‍්ති.

පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්තීති මාර්ග ඥානයෙන් චතුරාර්ය සත්‍යයන් දැක ආශ්‍රව සතර ක්‍ෂය වෙත්. සැරියුත් තෙරුන් සමථ විදර්ශනා වැඩීමට පටන් ගෙන රහත්බවට පත් කාලය ද නිරෝධසමාපත්ති සමවැදුණු අවස්ථාව ද යන දෙකම මෙහි දී ගන්නා ලදි. බොහෝ කලක් පුරුදු කරන ලද හෙයින් නිරෝධයට ඔබිනොබ සමවදින්නේ යැයි කියති.

තත්‍ථස‍්ස යස‍්මිං කාලෙ නිරොධසමාපත‍්ති සීසං හොති, නිරොධස‍්ස වාරො ආගච‍්ඡති, ඵලසමාපත‍්ති ගූළ‍්හා හොති. යස‍්මිං කාලෙ ඵලසමාපත‍්ති සීසං හොති, ඵලසමාපත‍්තියා වාරො ආගච‍්ඡති, නිරොධසමාපත‍්ති ගූළ‍්හා හොති. ජම‍්බුදීපවාසිනො ථෙරා පන වදන‍්ති “සාරිපුත‍්තත්‍ථෙරො සමථවිපස‍්සනං යුගනද‍්ධං ආහරිත්‍වා අනාගාමිඵලං සච‍්ඡිකත්‍වා නිරොධං සමාපජ‍්ජි, නිරොධා වුට‍්ඨාය අරහත‍්තං පත‍්තො”ති. තෙ ධම‍්මෙති අන‍්තොසමාපත‍්තියං පවත‍්තෙ තිසමුට‍්ඨානිකරූපධම‍්මෙ, හෙට‍්ඨා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියං පවත‍්තධම‍්මෙ වා. තෙපි හි ඉමස‍්මිං වාරෙ විපස‍්සිතබ‍්බධම‍්මාව, තස‍්මා තෙ වා විපස‍්සතීති දස‍්සෙතුං ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

එහි දී ඔහුට යම් කාලයක නිරෝධසමාපත්ති ශීර්ෂවේද නිරෝධයේ වාරය පැමිණියේ යැයි ඵලසමාපත්තිය සැඟවෙයි. යම්කලෙක ඵලසමාපත්තිය ශීර්ෂවේද ඵලසමාපත්තියේ වාරය පැමිණියේ යැයි නිරෝධසමාපත්තිය සැඟවෙයි. දඹදිව වැසි තෙරවරු මෙසේ කියති. සැරියුත් තෙරුන් සමථ විදර්ශනා වැඩීමට පටන්ගෙන අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කර නිරෝධයට සමවැදුණේය. නිරෝධයෙන් නැගිට රහත්බවට පැමිණියේය. තෙ ධම්මෙති සමාපත්තිය තුළ පවතින ත්‍රිසමුට්ඨානික ධර්මයන්හි යට නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තීන්හි පවතින ධර්ම හෝ මේ වාරයෙහි විශේෂයෙන් බැලිය යුතු දේ වෙති. එහෙයින් ඒවා හෝ බලන්නේ යැයි දැක්වීමට මෙය කියන ලද යැයි දත යුතුයි.

වසිප‍්පතොති චිණ‍්ණවසිතං පත‍්තො. පාරමිප‍්පත‍්තොති නිප‍්ඵත‍්තිං පත‍්තො. ඔරසොතිආදීසු ථෙරො භගවතො උරෙ නිබ‍්බත‍්තසද‍්දං සුත්‍වා ජාතොති ඔරසො, මුඛෙන පභාවිතං සද‍්දං සුත්‍වා ජාතොති මුඛතො ජාතො, ධම‍්මෙන පන ජාතත‍්තා නිම‍්මිතත‍්තා ධම‍්මජො ධම‍්මනිම‍්මිතො, ධම‍්මදායස‍්ස ආදියනතො ධම‍්මදායාදො, ආමිසදායස‍්ස අනාදියනතො නො ආමිසදායාදොති වෙදිතබ‍්බො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

වසිප්පත්තොති ප්‍රගුණ කරන ලද වසීබවට පැමිණි පාරමිප්පත්තොති කෙළවරට පැමිණියේ ඔරසොති තෙරුන් වහන්සේ බුදුරදුන්ගේ හදවත තුළින් උපදින හඬ අසා දැනගන්නා හෙයින් ඕරස නම් වෙයි. මුවින් වඩනා ලද ශබ්දය අසා දැනගන්නා හෙයින් මුඛතො ජාතො නම් වෙයි. ධර්මයෙන් දැනගත් හෙයින් ද මවන ලද හෙයින් ද ධම්මජො ධම්මනිම්මිතො නම් වෙයි. ධර්මයේ පරිද්දෙන් ගන්නා ලද හෙයින් ධම්මදායාදො නම් වෙයි. ආමිස දායාදයාගේ වශයෙන් නොගන්නා ලද බැවින් නො ආමිසදායාදොති යන්න දත යුතුයි. ඉතිරිය සියළු තැන්හි දී විස්තර කළ පරිදි වෙයි.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය අනුපදසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අනුපදසූත්‍ර වර්ණනාව නිමි.