අනුපද සුත්තං
3. 2. 1.
3. 2. 1.
අනුපද සුත්තං
අනුපද සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන්වහන්සේ මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. වහන්සැ’යි ඒ වහන්දැ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන්වහන්සේ තෙල අනුපද සුත වදාළ සේක.
පණ්ඩිතො භික්ඛවෙ සාරිපුත්තො, මහාපඤ්ඤො භික්ඛවෙ සාරිපුත්තො, පුථුපඤ්ඤො භික්ඛවෙ සාරිපුත්තො, හාසුපඤ්ඤො භික්ඛවෙ සාරිපුත්තො, ජවනපඤ්ඤො භික්ඛවෙ සාරිපුත්තො, තික්ඛපඤ්ඤො භික්ඛවෙ සාරිපුත්තො, නිබ්බෙධිකපඤ්ඤො භික්ඛවෙ සාරිපුත්තො. සාරිපුත්තො භික්ඛවෙ, අද්ධමාසං අනුපදධම්මවිපස්සනං විපස්සති. තත්රිදං භික්ඛවෙ සාරිපුත්තස්ස අනුපදධම්මවිපස්සනාය හොති.
මහණෙනි, ශාරිපුත්‍ර (ධාත්වාදි කුශලතාවෙන්) පණ්ඩිත වූයේ ය, මහණෙනි, ශාරිපුත්‍ර මහාප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (නානාස්කන්ධාදියෙහි ප්‍රවෘත්ත වූ) පෘථුප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (හර්ෂබහුල ව ශීලස්කන්ධාදිය පුරන) හාසුප්‍රඥා ඇත්තේය, මහණෙනි, ශාරිපුත්‍ර (රූපාදියෙහි අනිත්‍යාදි විසින් වහා දිවෙන) ජවන ප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (වහා කෙලෙස් සිඳින) තීක්ෂණ ප්‍රඥා ඇත්තේය. මහණෙනි, ශාරිපුත්‍ර (පෙරැ නොබුන් ලොභස්කන්ධාදිය ප්රදාරණ කරන) නිබ්බේධික ප්‍රඥා ඇත්තේය. මහණෙනි, ශාරිපුත්‍ර අඩ මසක් මුළුල්ලෙහි (සමාපත්ති විසින් හෝ ධ්‍යානාංග විසින් හෝ) අනුපිළිවෙළින් ධර්මවිදර්ශනා කෙරෙයි. මහණෙනි, ඒ අනුපද ධර්මවිදර්ශනා විෂයෙහි ශාරිපුත්‍රයන්ගේ මේ (අනුපදධර්ම විදර්ශනාව) වෙයි.
ඉධ භික්ඛවෙ, සාරිපුත්තො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. යෙ ච පඨමෙ ඣානෙ ධම්මා විතක්කො ච විචාරො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච, ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තං ඡන්දො අධිමොක්ඛො විරියං සති උපෙක්ඛා මනසිකාරො. ත්යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොන්ති. ත්යාස්ස ධම්මා විදිතා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සො එවං පජානාති: එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො අත්ථි උත්තරිං නිස්සරණ’න්ති පජානාති. තබ්බහුලීකාරා අත්ථිත්වෙවස්ස හොති.
මහණෙනි, මෙ සස්නෙහි ශාරිපුත්‍ර කාමච්ඡන්ද නීවරණයෙන් වෙන් ව (ශේෂනීවරණ) අකුශල ධර්මයන්ගෙන් වෙන් ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. තවද ප්‍රථම ධ්‍යානයෙහි විතර්කය ද, විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතා ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්මයෝ අනු පිළිවෙළින් පිරිසිඳුනා ලද්දාහු වෙති. ඔහුට ඒ ධර්මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසෙයින් දැනගනී: මෙසේ මේ ධර්මයෝ පෙර නොවී උපදිති, ඉපිද වැනැසෙත් යයි. හේ ඒ ධර්මයන්, කෙරෙහි රාග වශයෙන් නො පැමිණෙනුයේ ප්‍රතිඝවශයෙන් අනපගත වූයේ තෘෂ්ණාදෘෂ්ටින් අනිශ්‍රිත වූයේ ඡන්දරාගයෙන් නො බැඳුණේ කාමරාගයෙන් වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි අනන්තර විසේස සංඛ්‍යාත නිස්සරණය ඇතැ’යි දැනගනී. ඒ දැනුම බහුලී කාරයෙන් ඇත් මැ යයි ඔහුට දැඩි ව සිත් වේ.
පුන චපරං භික්ඛවෙ, සාරිපුත්තො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. යෙ ච දුතියෙ ඣානෙ ධම්මා අජ්ඣත්තං සම්පසාදො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච, ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තං ඡන්දො අධිමොක්ඛො විරියං සති උපෙක්ඛා මනසිකාරො, ත්යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොන්ති. ත්යාස්ස ධම්මා විදිතා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සො එවං පජානාති: ‘එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො ‘අත්ථි උත්තරිං නිස්සරණ’න්ති පජානාති. තබ්බහුලීකාරා අත්ථිත්වෙවස්ස හොති.
යළිදු අනෙකෙකි, මහණෙනි, ශාරිපුත්‍ර විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවෙනි දැහැනට පැමිණ වෙසෙයි. ද්වීතිය ධ්‍යානයෙහි අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, උන් විසින් ඒ ධර්මයෝ අනු පිළිවෙළින්, පිරිසිඳුනා ලදහු වෙති. ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: මෙසේ මේ ධර්මයෝ පෙර නොවී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ දහම්හි රාග විසින් නො පැමිණෙනුයේ ප්‍රතිඝ විසින් අනපගත වූයේ තෘෂ්ණා දෘෂ්ටින් අනිශ්‍රිත වූයේ ඡන්දරාගයෙන් නො බැඳුණේ (කාමරාගයෙන්) වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණය ඇතැ යි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා ඔහුට සිත වේ.
පුන චපරං භික්ඛවෙ, සාරිපුත්තො පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති. සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. යෙ ච තතියෙ ඣානෙ ධම්මා සුඛඤ්ච සති ච සම්පජඤ්ඤඤ්ච චිත්තෙකග්ගතා ච, ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තං ඡන්දො අධිමොක්ඛො විරියං සති උපෙක්ඛා මනසිකාරො. ත්යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොන්ති. ත්යාස්ස ධම්මා විදිතා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සො එවං පජානාති: ‘එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො අත්ථි උත්තරිං නිස්සරණන්ති පජානාති. තබ්බහුලීකාරා අත්ථිත්වෙවස්ස හොති.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර ප්‍රීතියගේ ද විරාගයෙන් ධ්යානෝපේක්ෂා ඇති ව වෙසෙයි. ස්මෘති ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව කයින් සුවය ද විඳී, යම් ධ්‍යානයක් හේතු කොටගෙන ආර්‍ය්‍යයෝ ඒ ධ්‍යාන සමඞ්ගී පුඟුල්හු උපේක්ෂා ඇත්තෙක ස්මෘතිමත් යැ සුඛ විහරණ ඇත්තෙකැ යි පවසත් ද, ඒ තුන්වැනි දැහැනට පැමිණ වෙසෙයි. තවද තෘතීය ධ්‍යානයෙහි සුඛය ද ස්මෘතිය ද සම්ප්‍රජන්‍යය ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, උන් විසින් ඒ ධර්මයෝ අනුපරිපාටියෙන් ව්‍යවස්ථිත වූවාහු වෙති, ඔහුට ඒ ධර්මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නොවී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ ධර්මයන්හි රාග විසින් නො පැමිණෙනුයේ ප්‍රතිඝ විසින් අනපගත වනුයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාස කෙරෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් ඇතැයි දැනගනී. ඒ දැනුම බහුලීකරණයෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
පුන චපරං භික්ඛවෙ, සාරිපුත්තො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යෙ ච චතුත්ථෙ ඣානෙ ධම්මා උපෙක්ඛා අදුක්ඛමසුඛා වෙදනා පස්සද්ධත්තා චෙතසො අනාභොගො සතිපාරිසුද්ධි චිත්තෙකග්ගතා ච, ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තං ඡන්දො අධිමොක්ඛො විරියං සති උපෙක්ඛා මනසිකාරො. ත්යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොන්ති. ත්යාස්ස ධම්මා විදිතා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සො එවං පජානාති: ‘එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො අත්ථි උත්තරිං නිස්සරණන්ති පජානාති. තබ්බහුලීකාරා අත්ථිත්වෙවස්ස හොති.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර කායිකසුඛයාගේ ද ප්‍රහාණයෙන් කායික දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස්, දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් දුක් නො වූ සුව නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. චතුර්ත්ථ ධ්‍යානයෙහි වේදනුපෙක්ඛා (සංඛ්‍යාත) නො දුක් නො සුව වේදනාව ද ප්‍රශ්‍රබද්ධ හෙයින් චිත්තයාගේ අනාභෝග යැ ස්මෘතිපාරිශුද්ධි යැ (එයින්) චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද ඔහු විසින් ඒ ධර්මයෝ අනු පිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති. ඔහුට ඒ ධර්මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු ය, ප්‍රකට ව නිරුද්ධ වෙත්, හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම් හු පෙර නොවී උපදිති, ඉපද වැනසෙත්’ යයි. හේ ඒ දහම්හි රාග විසින් නො ගන්නේ ප්‍රතිඝ විසින් අපගත නො වනුයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ කාමරාගයෙන් වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ සියලු කෙලෙසුන් කෙරෙහි මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් ඇතැ’යි දැනගනී. ඒ දැනුම බහුලීකාරයෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
පුන චපරං භික්ඛවෙ, සාරිපුත්තො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. යෙ ච ආකාසානඤ්චායතනෙ ධම්මා ආකාසානඤ්චායතනසඤ්ඤා ච චිත්තෙකග්ගතා ච ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තං ඡන්දො අධිමොක්ඛො විරියං සති උපෙක්ඛා මනසිකාරො, ත්යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොන්ති. ත්යාස්ස ධම්මා විදිතා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සො එවං පජානාති: ‘එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො අත්ථි උත්තරිං නිස්සරණන්ති පජානාති. තබ්බහුලීකාරා අත්ථිත්වෙවස්ස හොති.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්වප්රකාරයෙන් රූපසංඥාවන් ඉක්මැවීමෙන් ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්වසසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාසය අනන්ත යැ’යි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වෙසෙයි. ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ව ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්මයෝ අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි රාග විසින් අනුපගතවූයේ ප්‍රතිඝ විසින් අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්තව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
පුන චපරං භික්ඛවෙ, සාරිපුත්තො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. යෙ ච විඤ්ඤාණඤ්චායතනෙ ධම්මා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා ච චිත්තෙකග්ගතා ච, ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තං ඡන්දො අධිමොක්ඛො විරියං සති උපෙක්ඛා මනසිකාරො, ත්යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොන්ති. ත්යාස්ස ධම්මා විදිතා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සො එවං පජානාති: ‘එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො අත්ථි උත්තරිං නිස්සරණන්ති පජානාති. තබ්බහුලීකාරා අත්ථිත්වෙවස්ස හොති.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්ත යයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වෙසෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥා ව ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්මයෝ අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
පුන චපරං භික්ඛවෙ, සාරිපුත්තො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චි’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. යෙ ච ආකිඤ්චඤ්ඤායතනෙ ධම්මා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා ච චිත්තෙකග්ගතා ච, ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තං ඡන්දො අධිමොක්ඛො විරියං සති උපෙක්ඛා මනසිකාරො, ත්යාස්ස ධම්මා අනුපදවවත්ථිතා හොන්ති. ත්යාස්ස ධම්මා විදිතා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. සො එවං පජානාති: ‘එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො අත්ථි උත්තරිං නිස්සරණන්ති පජානාති. තබ්බහුලීකාරා අත්ථිත්වෙවස්ස හොති.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර විඤ්ඤාණඤ්චායතනය ඉක්මැවීමෙන් නත්ථි කිඤ්චි යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය උපදවා වෙසෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥා ව ද චිත්තෛකාග්‍රතා ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ දහම්හු අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි අනුපගත වූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
පුන චපරං භික්ඛවෙ, සාරිපුත්තො සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තාය සමාපත්තියා සතො වුට්ඨහති. සො තාය සමාපත්තියා සතො වුට්ඨහිත්වා යෙ තෙ ධම්මා අතීතා නිරුද්ධා විපරිණතා, තෙ ධම්මෙ සමනුපස්සති: ‘එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො අත්ථි උත්තරිං නිස්සරණන්ති පජානාති. තබ්බහුලීකාරා අත්ථිත්වෙවස්ස හොති.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වෙසෙයි, හේ ඒ සමවතින් සිහි ඇති ව නැඟී සිටි, හේ ඒ සමවතින් සිහි ඇති ව නැඟී සිට යම් ධර්ම කෙනෙක් ඉක්මැ ගියාහු නිරුද්ධ වූවාහු විපරිණත වූවාහු ද ඒ ධර්මයන් විදසුන් නුවණින් දකී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙත්’ යයි, හේ ඒ දහම්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
පුන චපරං භික්ඛවෙ, සාරිපුත්තො සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. සො තාය සමාපත්තියා සතො වුට්ඨහති. සො තාය සමාපත්තියා සතො වුට්ඨහිත්වා යෙ තෙ ධම්මා අතීතා නිරුද්ධා විපරිණතා, තෙ ධම්මෙ සමනුපස්සති: එවං කිර මෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී’ති. සො තෙසු ධම්මෙසු අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සො නත්ථි උත්තරිං නිස්සරණන්ති පජානාති. තබ්බහුලීකාරා නත්ථිත්වෙවස්ස හොති.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සංඥාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. යළි ඔහු විසින් මඟනුවණින් සිව්සස් දැක චතුරාස්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු වෙති. හේ ඒ පලසමවතින්, සිහි ඇති වැ නැඟී සිටී, හේ ඒ සමවතින් සිහි ඇති ව නැඟී සිට යම් ධර්ම කෙනෙක් ඉක්මැගියාහු නිරුද්ධ වූවාහු විපරිණත වූවාහු ද, ඒ (ඇතුළුසමවතැ පැවැති තිසමුට්ඨානික) රූපධර්මයන් (නොහොත් යට නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පැවැති ධර්මයන්) නුවණින් දකී. මෙසේ මේ ධර්මයෝ පෙර නො වී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ ධර්මයන්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් නැතැයි දැනගනී. ඒ දැනුම බහුලීකරණයෙන් නැතැ යි කියා මැ ඔහුට සිත් වේ.
යං ඛො තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය: වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සීලස්මිං, වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සමාධිස්මිං, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය පඤ්ඤාය, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය විමුත්තියාති. සාරිපුත්තමෙව තං සම්මා වදමානො වදෙය්ය වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සීලස්මිං, වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සමාධිස්මිං, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය පඤ්ඤාය, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය විමුත්තියා’ති.
මහණෙනි, මනා කොට කියනුයෙක් ආර්‍ය්‍යශීලයෙහි චීර්ණවශීබවට පැමිණියේ නිෂ්පත්තියට පැමිණියේ යැ. ආර්‍ය්‍ය සමාධියෙහි වශීප්‍රාප්ත යැ ආර්‍ය්‍ය ප්‍රඥායෙහි වශීප්‍රාප්ත යැ, පාරමී ප්‍රාප්ත යැ, ආර්‍ය්‍ය විමුක්තියෙහි වශීප්රාප්තයැ පාරමී ප්‍රාප්ත යැ’යි යම් බසක් කියා නම් ශාරිපුත්‍රයන් මැ ගෙන මනා කොට කියනුයෙක් ආර්‍ය්‍යශීලයෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්‍රාප්ත යැ, ආර්‍ය්‍ය සමාධියෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්රප්ත යැ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්‍රාප්ත යැ ආර්‍ය්‍යවිමුක්තියෙහි චීර්ණවශී බවට පැමිණියේ ය. නිෂ්පත්තියට පැමිණියේ යැ යන ඒ බස කියන්නේ යි.
යං ඛො තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය: ‘භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො නො ආමිසදායාදො’ති. සාරිපුත්තමෙව තං සම්මා වදමානො වදෙය්ය භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො නො ආමිසදායාදො’ති.
මහණෙනි, මනා කොට කියනුයෙක් භාග්‍යවතුන් වහන්සේගේ (ළෙහි නිපන් ශබ්දය අසා ජාත නුයි) ඖරස වූ මුවින් පහළ වූ ශබ්ද අසා ජාත වූ ධර්මයෙන් නිර්මිත වූ ධර්මය දායාද්‍ය කොට ගත් ආමිෂ දායාද්‍ය කොට නො ගත් පුත්‍ර යැයි යමක් කියා නම් මනා කොට කියනුයෙක් ඖරස වූ මුඛයෙන් උපන් ධර්මජ වූ ධර්ම නිර්මිත වූ ධර්මය දායාද්‍ය කොට ගත් ආමිෂ දායාද්‍ය කොට නො ගත් භාග්‍යවතුන් වහන්සේ ගේ පුත්‍රයා යැ යන ඒ බස ශාරිපුත්‍රයන් මැ ගෙන කියන්නේ යි.
සාරිපුත්තො භික්ඛවෙ, තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙතීති.
මහණෙනි, ශාරිපුත්‍ර තථාගතයන් විසින් පවත්වන ලද අනුත්තර ධර්මචක්රය මනා කොට මැ අනුප්රවර්තන කෙරේ යයි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ අනුපද සුත වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
අනුපදසුත්තං පඨමං.
පළමුවන අනුපද සූත්‍ර යි.