ඡබ‍්බිසොධන සුත‍්තං
3. 2. 2.
3. 2. 2.
ඡබ‍්බිසොධන සුත‍්තං
ඡබ්බිසෝධන සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අඤ‍්ඤං බ්‍යාකරොති: ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී’ති. තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො භාසිතං නෙව අභිනන්‍දිතබ‍්බං නප‍්පටික‍්කොසිතබ‍්බං අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො: චත‍්තාරො මෙ ආවුසො වොහාරා තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්මදක‍්ඛාතා. කතමෙ චත‍්තාරො: දිට‍්ඨෙ දිට‍්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදිතා. ඉමෙ ඛො ආවුසො, චත‍්තාරො වොහාරා තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්මදක‍්ඛාතා.
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් ‘ජාතිය ක්‍ෂය විය, බඹසර වසනලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස කළ යුතු අන් කිසෙක් නැති යි නුවණින් දන්මි’ කියා අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරෙයි. මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දන නො කටයුතු ය, පිළිකෙව් නො කටයුතු ය. අභිනන්‍දන නො කොට පිලිකෙවේ නො කොට ප්‍රශ්නයෙක් විචාළ යුතු ය: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර වෝහාර කෙනෙක් මොනොවට වදාරන ලදහ. කවර සතර කෙනෙක යත්: දක්නා ලද්දෙහි දෘෂ්ටවාදී බව යැ. අසන ලද්දෙහි ශ්‍රැතවාදී බව යැ, ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය සඞ්‍ඛ්‍යාත මුතයෙහි මුතවාදී බව යැ, ධර්‍මාලම්බන සඞ්‍ඛ්‍යාත විඥානයෙහි විඥානවාදී බව යැ. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර වෝහාර කෙනෙක් මොනොවට වදාරන ලදහ.
කථං ජානතො පනායස‍්මතො කථං පස‍්සතො ඉමෙසු චතුසු වොහාරෙසු අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්ත’න‍්ති: ඛීණාසවස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො වුසිතවතො කතකරණීයස‍්ස ඔහිතභාරස‍්ස අනුප‍්පත‍්තසදත්‍ථස‍්ස පරික‍්ඛීණභවසඤ‍්ඤොජනස‍්ස සම‍්මදඤ‍්ඤා විමුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති වෙය්‍යාකරණාය: දිට‍්ඨෙ ඛො අහං ආවුසො, අනුපයො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසංයුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරාමි. සුතෙ ඛො අහං ආවුසො -පෙ- මුතෙ ඛො අහං ආවුසො -පෙ- විඤ‍්ඤාතෙ ඛො අහං ආවුසො, අනුපයො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසංයුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරාමි. එවං ඛො මෙ ආවුසො, ජානතො එවං පස‍්සතො ඉමෙසු චතුසු වොහාරෙසු අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්ත’න‍්ති.
කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආයුෂ්මත්හුගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද යත්: මහණෙනි, වැස නිමවූ බඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ කෙලෙස්බර ඇති පැමිණි ස්වාර්‍ත්‍ථ සඞ්‍ඛ්‍යාත රහත්ඵල ඇති පරික්‍ෂීණ වූ භවසංයෝජන ඇති මොනොවට දැන මිදුණු ක්‍ෂීණාස්‍රව මහණහට පිළිතුරු පවසනු පිණිස මේ ස්වභාවය වෙයි. ‘ඇවැත්නි, මම රූපාලම්බනයෙහි රාගවශයෙන් උපගමන නැතියෙම්, ප්‍රතිඝ වශයෙන් අපගමන නැතියෙම් තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්‍රිත වූයෙම් ඡන්‍දරාග වශයෙන් ප්‍රතිබද්ධ නො වූයෙම් කාමරාගයෙන් මිදුණෙම් කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසකරමි. ඇවැත්නි, මම ශබ්දාලම්බනයෙහි ... ඇවැත්නි, මම (ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) මුතයෙහි ... ඇවැත්නි, මම ධර්‍මාලම්බනයෙහි රාගවශයෙන් උපගමන නැතියෙම්, ප්‍රතිඝවශයෙන් අපගමන නැතියෙම්, තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්‍රිත වූයෙම් ඡන්‍දරාග වශයෙන් ප්‍රතිබද්ධ නො වූයෙම් කාමරාගයෙන් මිදුණෙම් කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසකරමි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණැ’ යි කියා යි.
තස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො සාධූති භාසිතං අභිනන්‍දිතබ‍්බං, අනුමොදිතබ‍්බං. සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උත‍්තරිං පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො: පඤ‍්ච ඛො ඉමෙ ආවුසො, උපාදානක‍්ඛන්‍ධා තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්මදක‍්ඛාතා. කතමෙ පඤ‍්ච: රූපුපාදානක‍්ඛන්‍ධො වෙදනුපාදානක‍්ඛන්‍ධො සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ ඛො ආවුසො, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්මදක‍්ඛාතා. කථං ජානතො පනායස‍්මතො
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය ‘මැනැවැ’යි අභිනන්‍දන කළ යුතු යැ, අනුමෝදනා කළ යුතු යැ, මැනැවැ’ යි ඒ භාෂිතය අභිනන්‍දන කොට අනුමෝදන් ව මතුයෙහි ප්‍රශ්නයෙක් පිලිවිසියැ යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පස්වැදෑරුම් උපාදානස්කන්‍ධයෝ මොනොවට දෙසන ලදහ. කවර පසෙක යත්: ඒ මෙසේ යැ: රූපූපාදානසකන්‍ධ යැ, වේදනූපාදානසකන්‍ධ යැ, සඤ්ඤුපාදානස්කන්‍ධ යැ, සඞ්ඛාරූපාදානසකන්‍ධ යැ,විඤ්ඤාණූපාදානසකන්‍ධ යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්‍යක්
කථං පස‍්සතො ඉමෙසු පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති: ඛීණාසවස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො වුසිතවතො කතකරණීයස‍්ස ඔහිතභාරස‍්ස අනුප‍්පත‍්තසදත්‍ථස‍්ස පරික‍්ඛීණභවසඤ‍්ඤොජනස‍්ස සම‍්මදඤ‍්ඤා විමුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති වෙය්‍යාකරණාය: රූපං ඛො අහං ආවුසො, අබලං විරාගං අනස‍්සාසික’න‍්ති විදිත්‍වා යෙ රූපෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා විමුත‍්තං මෙ චිත‍්ත’න‍්ති පජානාමි. වෙදනං ඛො අහං, ආවුසො -පෙ- සඤ‍්ඤං ඛො අහං ආවුසො -පෙ- සඞ‍්ඛාරෙ ඛො අහං ආවුසො -පෙ- විඤ‍්ඤාණං ඛො අහං ආවුසො අබලං විරාගං අනස‍්සාසික’න‍්ති විදිත්‍වා යෙ විඤ‍්ඤාණෙ උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා විමුත‍්තං මෙ චිත‍්තන‍්ති පජානාමි. එවං ඛො මෙ ආවුසො, ජානතො එවං පස‍්සතො ඉමෙසු පඤ‍්චසූපාදානක‍්ඛන්‍ධෙසු අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති.
සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පඤේචාපාදාන ස්කන්‍ධයෝ මොනොවට දෙසන ලදහ. කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආයුෂ්මත්හුගේ සිත මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද: මහණෙනි, වැස නිමවූ බඹසර ඇති කළ කරණී ඇති බහාතැබූ කෙලෙස්බර ඇති පැමිණි රහත්ඵල ඇති පරික්ෂීණ භවසංයෝජන ඇති ක්‍ෂීණාස්‍රව මහණහුගේ ප්‍රශ්නව්‍යාකරණයට මේ ස්වභාව වෙයි: ඇවැත්නි, මම රූපය අබල ය, විරාග ය, අනස්වාසික යයි දැන රූප යෙහි යම් උපයුපාදාන කෙනෙක් ඇද්ද සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය කෙනෙක් ඇද්ද උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාගහේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම්හේතුයෙන් මාගේ සිත මිදිණැ’යි නුවණින් දනිමි. ඇවැත්නි, මම වේදනාව ... ඇවැත්නි, මම සංඥාව ... ඇවැත්නි, මම සංස්කාරයන් ... ඇවැත්නි, මම විඥානය අබල ය විරාග ය අනාස්වාසික යැ’ යි දැන විඥානයෙහි යම් උපය-උපාදාන කෙනෙක් ඇද්ද සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය කෙනෙක් ඇද්ද උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාගහේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් ‘මාගේ සිත මිදිණැ’යි නුවණින් දනිමි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත පඤ්චෝපාදානස්කන්‍ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණැ’ යි කියා යි.
තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො සාධූති භාසිතං අභිනන්‍දිතබ‍්බං, අනුමොදිතබ‍්බං. සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උත‍්තරිං පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො: ඡයිමා ආවුසො, ධාතුයො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්මදක‍්ඛාතා. කතමා ඡ: පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු ආකාසධාතු විඤ‍්ඤාණධාතු. ඉමා ඛො ආවුසො, ඡ ධාතුයො තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්මදක‍්ඛාතා. කථං ජානතො පනායස‍්මතො කථං පස‍්සතො ඉමාසු ඡසු ධාතුසු අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති: ඛීණාසවස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො වුසිතවතො කතකරණීයස‍්ස ඔහිතභාරස‍්ස අනුප‍්පත‍්තසදත්‍ථස‍්ස පරික‍්ඛීණභවසඤ‍්ඤොජනස‍්ස සම‍්මදඤ‍්ඤා විමුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති වෙය්‍යාකරණාය: පඨවීධාතුං ඛො අහං ආවුසො න අත‍්තතො උපගච‍්ඡිං, න ච පඨවීධාතුනිස‍්සිතං අත‍්තානං. යෙ ච පඨවීධාතුනිස‍්සිතා උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා විමුත‍්තං මෙ චිත‍්තන‍්ති පජානාමි. ආපොධාතුං ඛො අහං, ආවුසො -පෙ- තෙජොධාතුං ඛො අහං ආවුසො -පෙ- වායොධාතුං ඛො අහං ආවුසො -පෙ- ආකාසධාතුං ඛො අහං ආවුසො -පෙ- විඤ‍්ඤාණධාතුං ඛො අහං ආවුසො, න අත‍්තතො උපගච‍්ඡිං න ච විඤ‍්ඤාණධාතුනිස‍්සිතං අත‍්තානං. යෙ ච විඤ‍්ඤාණධාතුනිස‍්සිතා උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා විමුත‍්තං මෙ චිත‍්තන‍්ති පජානාමි. එවං ඛො මෙ ආවුසො, ජානතො එවං පස‍්සතො ඉමාසු ඡසු ධාතුසු අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය ‘මැනැවැ’යි අභිනන්‍දන කළ යුතු යි, අනුමෝදනා කළ යුතු යි. ‘මැනැවැ’ යි ඒ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ මතුයෙහි ප්‍රශ්නයෙක් පිළිවිසිය යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ ධාතුහු සදෙනෙක් මොනොවට වදාරන ලදහ. කවර සදෙනෙක යත්: පෘථිවිධාතු යැ, අබ්ධාතු යැ, තේජෝධාතු යැ, වායෝධාතු යැ, ආකාශධාතු යැ, විඥානධාතු යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ ධාතුහු සදෙන මොනවට වදාරන ලදහ. කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආයුෂ්මත්හුගේ සිත මෙ සවැදෑරුම් ධාතුන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද: මහණෙනි, වැසැ නිමවූ බඹසර ඇති, කළ කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල ඇති, පරික්ෂීණ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රශ්නව්‍යාකරණය පිණිස මෙ ස්වභාවය ඇත: ඇවැත්නි, මම පෘථිවිධාතුව ආත්මවශයෙන් නො පැමිණියෙමි. පෘථිවිධාතු නිඃශ්‍රිත වූ සෙසු ධාතු ද ආත්මකොටගෙන නො පැමිණියෙමි. පෘථිවිධාතු නිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් උපය උපාදාන කෙනෙක් ඇද්ද, සිත පිළිබඳ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් “මා සිත මිදිණැ” යි නුවණින් දන්මි. ඇවැත්නි, මම අබ්ධාතු ... ඇවැත්නි, මම තේජෝධාතු ... ඇවැත්නි, මම වායෝධාතු ... ඇවැත්නි, මම ආකාශධාතු … ඇවැත්නි, මම විඥානධාතු ආත්ම වශයෙන් නො ගතිමි. ආත්මය විඥාන ධාතු නිඃශ්‍රිතකොට ද නො ගතිමි. විඥානධාතු නිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් මැ උපය උපාදාන කෙනෙක් ඇද්ද, සිත පිළිබඳ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් “මා සිත මිදිණැ” යි නුවණින් දනිමි. ඇවැත්නි, මෙසෙයින් දන්නා වූ මෙසෙයින් දක්නා වූ මාගේ සිත් මෙ සවැදෑරුම් ධාතුන් කෙරෙයි උපාදාන වශයෙන් නො ගෙන මිදිණැ යි කියායි.
තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො සාධූති භාසිතං අභිනන්‍දිතබ‍්බං අනුමොදිතබ‍්බං. සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උත‍්තරිං පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො: ඡ ඛො පනිමානි ආවුසො අජ‍්ඣත‍්තිකබාහිරානි ආයතනානි තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්මදක‍්ඛාතානි. කතමානි ඡ: චක‍්ඛුං චෙව රූපා ච, සොතං ච සද‍්දා ච, ඝානං ච ගන්‍ධා ච, ජිව‍්හා ච රසා ච, කායො ච ඵොට‍්ඨබ‍්බා ච, මනො ච ධම‍්මා ච, ඉමානි ඛො ආවුසො ඡ අජ‍්ඣත‍්තිකබාහිරානි ආයතනානි තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන සම‍්මදක‍්ඛාතානි. කථං ජානතො පනායස‍්මතො කථං පස‍්සතො ඉමෙසු ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති: ඛීණාසවස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො වුසිතවතො කතකරණීයස‍්ස ඔහිතභාරස‍්ස අනුප‍්පත‍්තසදත්‍ථස‍්ස පරික‍්ඛීණභවසඤ‍්ඤොජනස‍්ස සම‍්මදඤ‍්ඤාවිමුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති වෙය්‍යාකරණාය: චක‍්ඛුස‍්මිං ආවුසො, රූපෙ චක‍්ඛුවිඤ‍්ඤාණෙ චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු යො ඡන්‍දො, යො රාගො, යා නන්‍දී, යා තණ‍්හා, යෙ ච උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා විමුත‍්තං මෙ චිත‍්තන‍්ති පජානාමි. සොතස‍්මිං ආවුසො, සද‍්දෙ සොතවිඤ‍්ඤාණෙ -පෙ- ඝානස‍්මිං ආවුසො, ගන්‍ධෙ ඝානවිඤ‍්ඤාණෙ -පෙ- ජිව‍්හාය ආවුසො, රසෙ ජිව‍්හාවිඤ‍්ඤාණෙ -පෙ- කායස‍්මිං ආවුසො, ඵොට‍්ඨබ‍්බෙ කායවිඤ‍්ඤාණෙ -පෙ- මනස‍්මිං ආවුසො, ධම‍්මෙ මනොවිඤ‍්ඤාණෙ මනොවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු යො ඡන්‍දො, යො රාගො, යා නන්‍දී, යා තණ‍්හා, යෙ ච උපයූපාදානා චෙතසො අධිට‍්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස‍්සග‍්ගා විමුත‍්තං මෙ චිත‍්තන‍්ති පජානාමි. එවං ඛො මෙ ආවුසො ජානතො එවං පස‍්සතො ඉමෙසු ඡසු අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති.
මහණෙනි, ඒ මහණහුගේ වචනය ‘මැනැවැ’ යි සතුටින් පිළිගත යුතු යැ. අනුමෙවුනි කළ යුතු යැ. වචනය ‘මැනැව’ යි සතුටින් පිළිගෙන අනුමෙවුනි කොට මතුයෙහි ප්‍රශ්නයක් පිළිවිසිය යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයෝ සදෙන මොනොවට වදාරන ලදහ. කවර සදෙනෙක යත්: ඇස හා රූපයෝ යැ, කන හා ශබ්දයෝ යැ, නාසය හා ගන්‍ධයෝ යැ, දිව හා රසයෝ යැ, කය හා ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, සිත හා ධර්‍මයෝ යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ අධ්‍යාත්මික බාහිර ආයතනයෝ සදෙන මොනොවට වදාරන ලදහ. කිපරිදි දන්නා වූ කිපරිදි දක්නා වූ ආයුෂ්මත්හුගේ සිත මෙ සවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද, මහණෙනි, වැසැ නිම වූ බඹසර ඇති, කළ කරණී ඇති බැහූ කෙලෙස් බර ඇති, ලැබූ රහත් ඵල ඇති, ක්‍ෂය කළ භව සංයෝජන ඇති මොනොවට දැන මිදුණු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රශ්න ව්‍යාකරණ පිණිස මෙ ස්වභාවය ඇත: ඇවැත්නි, චක්‍ෂුස්හි රූපයෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍ය ධර්‍මයෙහි යම් තෘෂ්ණා ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් උපය උපාදාන කෙනෙක් සිත පිළිබඳ තෘෂ්ණා දෘෂ්ටි නම් වන අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් “මා සිත මිදිණැ’ යි නුවණින් දන්මි. ඇවැත්නි, මෙ පරිදි දන්නා වූ මේ පරිදි දක්නා වූ මාගේ සිත මේ සවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණ කියායි.
තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො ‘සාධූ’ති භාසිතං අභිනන්‍දිතබ‍්බං අනුමොදිතබ‍්බං. සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උත‍්තරිං පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො: කථං ජානතො පනායස‍්මතො කථං පස‍්සතො ඉමස‍්මිං ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අභිඞ‍්කාර මමිඞ‍්කාරමානානුසයා සුසමූහතාති. ඛීණාසවස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො වුසිතවතො කතකරණීයස‍්ස ඔහිතභාරස‍්ස අනුප‍්පත‍්තසදත්‍ථස‍්ස පරික‍්ඛීණභවසඤ‍්ඤොජනස‍්ස සම‍්මදඤ‍්ඤාවිමුත‍්තස‍්ස අයමනුධම‍්මො හොති වෙය්‍යාකරණාය: ‘පුබ‍්බෙ ඛො අහං ආවුසො අගාරියභූතො සමානො අවිද‍්දසු අහොසිං. තස‍්ස මෙ තථාගතො වා තථාගතසාවකො වා ධම‍්මං දෙසෙසි. තාහං ධම‍්මං සුත්‍වා තථාගතෙ සද‍්ධං පටිලභිං. සො තෙන සද‍්ධාපටිලාභෙන සමන‍්නාගතො ඉති පටිසඤ‍්චික‍්ඛිං සම‍්බාධො ඝරාවාසො රජාපථො, අබ‍්භොකාසො පබ‍්බජ‍්ජා, නයිදං සුකරං අගාරං අජ‍්ඣාවසතා එකන‍්තපරිපුණ‍්ණං එකන‍්තපරිසුද‍්ධං සඞ‍්ඛලිඛිතං බ්‍රහ‍්මචරියං චරිතුං. යන‍්නූනාහං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍යන‍්ති.
මහණෙනි, එමහණහුගේ තෙපුල ‘මැනැවැ’ යි සතුටින් පිළිගත යුතු යැ අනුමෝදන් කටයුතු යැ. තෙපල ‘මැනැවැ’ යි සතුටින් පිළිගෙන අනුමෝදන් කොට මතුයෙහි ප්‍රශ්නයෙක් පිළිවිසිය යුතු: කිපරිදි දක්නා ආයුෂ්මත්හු විසින් මෙ සවිඥානක කායයෙහි ද බැහැර හැම නිමිත්තෙහි ද (මාන නම් වූ, අහිංකාර තෘෂ්ණා නම් වූ) මමිංකාර මානානුසයයෝ මොනොවට නසන ලද්දාහු දැ?’ යි මහණෙනි, වැසැ නිමවූ බඹසර ඇති, කළ කරණී ඇති, බැහූ කෙලෙස්බර ඇති, ලැබූ රහත්ඵල ඇති, පරික්ෂීණ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු ක්ෂීණාස්‍රව මහණහුගේ ප්‍රශ්නව්‍යාකරණ පිණිස මෙ ස්වභාවය වෙයි. ඇවැත්නි, මම පෙරැ ගිහිවූයෙම් අඥ වීමි. මට තථාගතයන් වහන්සේ හෝ තථාගතශ්‍රාවක කෙනෙක් හෝ දහම් දෙසූහ. මම ඒ දහම් අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ලැබීමි. මම ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් යුක්ත වූයෙම් මෙසේ සැලැකීමි: ගෘහ වාසය සම්බාධ යැ, කෙලෙස් රජසුනට මඟ යැ, පැවිද්ද අභ්‍යවකාශ යැ, ගිහිගෙයි වසනහු විසින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ ලියූ සකක් වැනි මෙ බඹසර පුරන්නට සූකර නො වේ. මම කෙහෙමස් බහා කසටවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්මැ පැවිද්දට පැමිණෙන්නෙම් නම් මනාමැනු’ යි කියා යි.
සො ඛො අහං ආවුසො, අපරෙන සමයෙන අප‍්පං වා භොගක‍්ඛන්‍ධං පහාය මහන‍්තං වා භොගක‍්ඛන්‍ධං පහාය අප‍්පං වා ඤාතිපරිවට‍්ටං පහාය මහන‍්තං වා ඤාතිපරිවට‍්ටං පහාය කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිං. සො එවං පබ‍්බජිතො සමානො භික‍්ඛූනං සික‍්ඛාසාජීවසමාපන‍්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො අහොසිං, නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහාසිං. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො අහොසිං. දින‍්නාදායී දින‍්නපාටිකඞ‍්ඛී අථෙනෙන සුචිභූතෙන අත‍්තනා විහාසිං. අබ්‍රහ‍්මචරියං පහාය බ්‍රහ‍්මචාරී අහොසිං ආරාචාරී විරතො මෙථුනා ගාමධම‍්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො අහොසිං, සච‍්චවාදී සච‍්චසන්‍ධො ථෙතො පච‍්චයිකො අවිසංවාදකො ලොකස‍්ස. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො අහොසිං, ඉතො සුත්‍වා න අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා න ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය, ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා අහොසිං. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො අහොසිං, යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා අහොසිං. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො අහොසිං කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා අහොසිං කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං.
ඇවැත්නි, මම පසු කලෙක අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරැ මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරැ අල්පවූ හෝ නෑ පිරිවට හැරැ මහත් වූ හෝ නෑ පිරිවට හැරැ කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ පැවිද්දට පැමිණියෙමි. මම මෙසේ පැවිදි වූයෙම් භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියෙම් පණිවා හැරැ පණිවායෙන් වැළැකුණෙම් වීමි. බහා තැබූ දඬු ඇත්තෙම් බහා තැබූ ශස්ත්‍ර ඇත්තෙම්. ලජ්ජා ඇත්තෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණභූත හිතානුකම්පී වූයෙම් වාස කළෙමි. අයිනාදන් හැරැ අයිනාදනින් වැළැකුණෙම් වීමි. දුන්දැය ගන්නා සුලුයෙම් දුන්දැය කැමැති වූයෙම් නොසොර වූ පවිත්‍ර වූ ආත්මයෙන් වාස කෙළෙමි. අබ්‍රහ්මචර්‍ය්‍ය හැර ග්‍රාම ධර්‍ම සංඛ්‍යාත මෛථුනයෙන් විරත වැ දුරුවූ හැසිරීම් ඇති වැ බ්‍රහ්මචාරී වීමි. මුසවා හැරැ මුසවායෙන් වැළැකුණෙම් වීමි. සත්‍යවාදී වූයෙම් සත්‍ය සන්‍ධාන ඇත්තෙම් ස්ථිරවචන ඇත්තෙම් විශ්වසනීය වචන ඇත්තෙම් ලෝකය විසංවාද නොකරන්නෙම් මුසවායෙන් වැළැකුණෙම් වීමි. පිසුණුබස් හැරැ මොබ අසා මුන්ගේ භේදය පිණිස එහි නො කියනසුලු වූයෙම් ඔබ හෝ අසා තුලුන්ගේ භේදය පිණිස මුනට නො කියනසුලු වූයෙම් මෙසේ භින්න වූවන් හෝ සන්‍ධානකරණසුල්ලෙම් සමඟ වූවන්ට හෝ අනුබල දෙනසුලු වූයෙම් සමග්‍රාරාම වූයෙම් සමග්‍රරත වූයෙම් සමගියෙහි සතුටු වූයෙම් සමග්‍රකරණ වූ තෙපුල් දෙන සුල්ලෙම් වීමි. පරොස්බස් හැරැ පරොස් බසින් වැළැකුණෙම් වීමි. යම් වචනයක් කෙළතොලු නො වී ද, කර්‍ණසුඛ වී ද, ප්‍රේමණීය වී ද, හෘදයංගම වී ද, පුරවැසි වී ද, බහුජන කාන්ත වී ද, බහුජන මනාප වී ද, එබඳු බස් කියන සුල්ලෙම් වීමි. පලප් හැරැ පලපින් වැළැකුණෙම් වීමි. කාලවාදී වූයෙම් භූතවාදී වූයෙම් අර්‍ත්‍ථවාදී වූයෙම් ධර්‍මවාදී වූයෙම් විනයවාදී වූයෙම් සුදුසු කල්හි සාපදේශ වූ පර්‍ය්‍යන්තවත් වූ අර්‍ත්‍ථසංහිත වූ ළෙහි නිධන් කළ යුතු වූ තෙපුල් කියනසුලු වූයෙම් වීමි.
සො බීජගාමභූතගාමසමාරම‍්භා පටිවිරතො අහොසිං. එකභත‍්තිකො අහොසිං රත‍්තූපරතො පටිවිරතො විකාලභොජනා. නච‍්චගීතවාදිතවිසූකදස‍්සනා පටිවිරතො අහොසිං. මාලාගන්‍ධවිලෙපනධාරණමණ‍්ඩනවිභූසනට‍්ඨානා පටිවිරතො අහොසිං. උච‍්චාසයනමහාසයනා පටිවිරතො අහොසිං. ජාතරූපරජතපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. ආමකධඤ‍්ඤපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. ආමකමංසපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. ඉත්‍ථිකුමාරිකපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. දාසිදාසපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. අජෙළකපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. කුක‍්කුටසූකරපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. හත්‍ථිගවාස‍්සවළවපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. ඛෙත‍්තවත්‍ථුපටිග‍්ගහණා පටිවිරතො අහොසිං. දූතෙය්‍ය පහිනගමනානුයොගා පටිවිරතො අහොසිං. කයවික‍්කයා පටිවිරතො අහොසිං. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො අහොසිං. උක‍්කොටනවඤ‍්චනනිකතිසාචියොගා පටිවිරතො අහොසිං. ඡෙදනවධබන්‍ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො අහොසිං.
මම බීජගාම භූතගාමයන්ගේ නැස්මෙන් විරත වීමි. එක්වේලෙහි බත වළඳ කරන සුලු වීමි. විකල් බොජුනෙන් වැළැකුණෙම් වීමි. නටනු ගයනු වයනු විසුළු දස්නෙන් වැළැකුණෙම් වීමි. මල්ගඳවිලෙවුන් පිළිබඳ ධාරණය, මණ්ඩන යැ, විභූෂණ යැ යන මෙයින් වැළැකුණෙම් වීමි. උසසුන් මහඅස්නෙන් වැළැකුණෙම් වීමි. රන්රිදී පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. අමුමස් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. ස්ත්‍රීකුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. දැසිදස් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. එළු තිරෙළු පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. කුකුළන් හා හූරන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. ඇත්ගව අස්වෙළඹුන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. කෙත්වත් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. දූතකම් හා මෙහෙයුම් ගමන්හි යෙදීමෙන් වැළැකුණෙම් වීමි. ක්‍රය වික්‍රය දෙකින් වැළකුනෙම් වීමි. තුලාකූට කසංකූට මානකූටයෙන් වැළකුනෙම් වීමි. උක්කෝටන-වඤ්චන-නිකති-යන කුටිලයෝගයෙන් වැළැකුණෙම් වීමි. ඡේදන යැ, වධ යැ, බන්‍ධන යැ, විපරාමොෂ යැ, වොලොගැන්ම යැ, සහසාකාර යැ යන මෙයින් වැළැකුණෙම් වීමි.
සො සන‍්තුට‍්ඨො අහොසිං කායපරිහාරිකෙන චීවරෙන කුච‍්ඡිපරිහාරිකෙන පිණ‍්ඩපාතෙන. සො යෙන යෙනෙව පක‍්කමිං, සමාදායෙව පක‍්කමිං. සෙය්‍යථාපි නාම පක‍්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති, සපත‍්තභාරොව ඩෙති. එවමෙව ඛො අහං ආවුසො, සන‍්තුට‍්ඨො අහොසිං කායපරිහාරිකෙන චීවරෙන කුච‍්ඡිපරිහාරිකෙන පිණ‍්ඩපාතෙන. සො යෙන යෙනෙව පක‍්කමිං, සමාදායෙව පක‍්කමිං. සො ඉමිනා අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො අජ‍්ඣත‍්තං අනවජ‍්ජසුඛං පටිසංවෙදෙසිං.
මම කායපරිහරණයට නිසි සිවුරින් කුක්‍ෂිපරිහරණයට නිසි පිඬුවායෙන් සතුටු වීමි. මම යම් යම් තැනෙකැ ගියෙම් නම්, සිවුරුආදිය රැගෙනැ මැ ගියෙමි. යම් පිරිදි ලිහිණිපක්‍ෂි යම් යම් තැනෙකැ පියා පහරා යන්නේ පත්‍රභාර සහිත වැ මැ පියඹා යේ ද එසෙයිනි. ඇවැත්නි, මෙ පරිදි මැ මම කායපරිහරණයට නිසි සිවුරින් කුක්‍ෂිපරිහරණයට නිසි පිඬුවායෙන් සතුටු වීමි. මම් යම් යම් තැනෙකැ යෙම් ද, (පිරිකර) රැගෙන මැ ගියෙමි. මම මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයෙම් සිත් තුළ අනවද්‍යසුඛය වින්දෙමි.
සො චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී අහොසිං නානුව්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජිං, රක‍්ඛිං චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජිං. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී අහොසිං නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජිං, රක‍්ඛිං මනින්‍ද්‍රියං, මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජිං. සො ඉමිනා අරියෙන ඉන්‍ද්‍රියසංවරෙන සමන‍්නාගතො අජ‍්ඣත‍්තං අබ්‍යාසෙකසුඛං පටිසංවෙදෙසිං.
මම ඇසින් රූ දැකැ නිමිති නොගන්නාසුලු වූයෙම් අනුවියඳුන් නොගන්නාසුලුයෙම් වීමි. යම් හේතුයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල මා කරා ලාමක අකුශල ධර්‍ම වන අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු නම්, අවුරනුවට පිළිපන්මි. චක්‍ෂුරින්‍ද්‍රිය රැක්කෙමි. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි. ශ්‍රෝතයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයන් පැහැසැ ... මනසින් ධර්‍මයන් දැනැ නිමිති නොගන්නාසුලුයෙම් අනුවියඳුන් නොගන්නාසුලුයෙම් වීමි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල මා කරා අභිධ්‍යාදෞමනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ අවුරනුවට පිළිපන්මි. මනින්‍ද්‍රිය රැකියෙමි. මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි. මම මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයෙම් අධ්‍යාත්මයෙහි (කෙලෙසුන් විසින් අනාෂික්ත වූ) අව්‍යාසේක සුඛය විඳියෙමි.
සො අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී අහොසිං. ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී අහොසිං. සමිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී අහොසිං. සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී අහොසිං. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී අහොසිං. උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී අහොසිං. ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී අහොසිං.
මම ඉදිරි බලා ගමන්හි දු වටාලා ගමන්හි දු සම්ප්‍රඥානකාරී වීමි. ඉදිරිබැලුම් හා දිගනුදික් බැලුම්හි සම්ප්‍රඥානකාරී වීමි. අත්පා හැකුළුම හා දිගු කිරීමෙහි සම්ප්‍රඥානකාරී වීමි. සඟළපාසිවුරු දෑරුම්හි සම්ප්‍රඥානකාරී වීමි. අසිත පීත ඛායිත සායිතයෙහි සම්ප්‍රඥානකාරී වීමි. සුලුවටන්මහවටන්කම්හි සම්ප්‍රඥානකාරී වීමි. ගමනෙහි සිටුමෙහි හිඳුමෙහි නිදියෙහි නිදිවරුම්හි කථායෙහි තුෂ්ණීම්භාවයෙහි සම්ප්‍රඥානකාරී වීමි.
සො ඉමිනා ච අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො ඉමිනා ච අරියෙන ඉන්‍ද්‍රියසංවරෙන සමන‍්නාගතො ඉමිනා ච අරියෙන සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො විවිත‍්තං සෙනාසනං භජිං අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. සො පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො නිසීදිං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා.
මම මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයෙම්, මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයෙම්, මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයෙම්, අරණ්‍ය යැ, වෘක්‍ෂමූල යැ, පර්‍වත යැ, කඳුරු යැ, ගිරිගුහා යැ, සොහොන යැ, වනපෙත යැ, අබවස් යැ, පිදුරුකිළි යැ යන විචික්තශයනාසන භජනය කෙළෙමි. මම පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයෙම්, පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සිහි පරිමුඛ කොට එළවාගෙන හින්දෙමි.
සො අභිජ‍්ඣං ලොකෙ පහාය විගතාභිජ‍්ඣෙන චෙතසා විහාසිං, අභිජ‍්ඣාය චිත‍්තං පරිසොධෙසිං. බ්‍යාපාදපදොසං පහාය අව්‍යාපන‍්නචිත‍්තො විහාසිං සබ‍්බපාණභූතහිතානුකම‍්පී, බ්‍යාපාදපදොසා චිත‍්තං පරිසොධෙසිං. ථීනමිද‍්ධං පහාය විගතථීනමිද‍්ධො විහාසිං ආලොකසඤ‍්ඤී සතො සම‍්පජානො, ථීනමිද‍්ධා චිත‍්තං පරිසොධෙසිං. උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහාය අනුද‍්ධතො විහාසිං අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො, උද‍්ධච‍්චකුක‍්කුච‍්චා චිත‍්තං පරිසොධෙසිං. විචිකිච‍්ඡං පහාය තිණ‍්ණවිචිකිච‍්ඡො විහාසිං අකථඞ‍්කථී කුසලෙසු ධම‍්මෙසු, විචිකිච‍්ඡාය චිත‍්තං පරිසොධෙසිං.
මම පඤ්චෝපාදානස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහවූ අභිධ්‍යා ඇති සිතින් වාස කෙළෙමි. අභිධ්‍යානන් සිත පිරිසිදු කෙළෙමි. ව්‍යාපාද සංඛ්‍යාත ප්‍රද්වේෂය දුරු කොට ව්‍යාපාදයෙන් තොරවූ සිතැත්තෙම් සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වාස කෙළෙමි. ව්‍යාපාදප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙළෙමි. ස්ත්‍යානමිද්ධය දුරු කොට පහ වූ ස්ත්‍යානමිද්ධ ඇතියෙම්, (විගතනීවරණයෙන්) අලෝකසංඥා ඇතියෙම්, ස්මෘති ඇතියෙම්, සම්‍යක්ප්‍රඥා ඇතියෙම්, වාස කෙළෙමි. ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙළෙමි. ඖද්ධත්‍යය හා කෞකෘත්‍යය දුරු කොට උද්ධතභාව නැතියෙම්, අධ්‍යාත්මයෙහි මොනොවට සන්හුන් සිත් ඇතියෙම් වාස කෙළෙමි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙළෙමි. විචිකිත්සා දුරු කොට තරණය කළ විචිකිත්සා ඇතියෙම්, කුශලධර්‍මයෙහි කථංකථිභාව නැතියෙම් වාස කෙළෙමි. විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙළෙමි.
සො ඉමෙ පඤ‍්ච නීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහාසිං සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙසිං. යං තං අරියා ආචික‍්ඛන‍්ති: උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහාසිං.
මම චිත්තයාගේ උපක්ලේශ වූ ප්‍රඥාවගේ දුර්‍වල කරණ වූ මේ පඤ්චනීවරණයන් දුරු කොට කාමයෙන් වෙන් වැ මැ අකුසල දහමින් වෙන් වැ සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙළෙමි. විතර්‍කවිචාර සන්හිඳීමෙන් තමා තුළ සම්ප්‍රසාදන කරන චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙළෙමි. ප්‍රීතිවිරාගයෙනුදු උපේක්‍ෂක වැ වාස කෙළෙමි. ස්මෘතිමත් වූයෙම්, සම්ප්‍රඥාන ඇතියෙම්, නාමකයින් සුඛය ද වින්දෙමි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් ‘උපෙක්‍ෂකයැ, ස්මෘතිමත් යැ, සුඛවිහාරී යැ’ යි (වෙන් කොට) කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපයා වාස කෙළෙමි. සුඛප්‍රහාණයෙනුදු දුඃඛප්‍රහාණයෙනුදු සොම්නස්දොම්නස් කැලැ මැ අස්තංගම්යෙනුදු අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙළෙමි.
සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙසිං. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. ඉමෙ ආසවාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අයං ආසවසමුදයොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අයං ආසවනිරොධොති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං. තස‍්ස මෙ එවං ජානතො එවං පස‍්සතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ, භවාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ, අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චිත්‍ථ. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං අහොසි: ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති අබ‍්භඤ‍්ඤාසිං. එවං ඛො මෙ ආවුසො, ජානතො එවං පස‍්සතො ඉමස‍්මිඤ‍්ච සවිඤ‍්ඤාණකෙ කායෙ බහිද‍්ධා ච සබ‍්බනිමිත‍්තෙසු අහිඞ‍්කාරමමිඞ‍්කාරමානානුසයා සමූහතාති.
මම මෙසෙයින් සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වත් මැ අංගණ රහිත වත් මැ උපක්ලේශවිගත වත් මැ මෘදු වත් මැ කර්‍මණ්‍ය වත් මැ ස්ථිත වත් මැ නොසැලෙනබවට පත් වත් මැ ආස්‍රවක්‍ෂයඥානය සඳහා සිත නතු කෙළෙමි. මම ‘මේ දුකැ’යි යථාභූතය දත්මි, ‘මේ දුඃඛසමුදය’ යැයි යථාභූතය දත්මි. ‘මේ දුඃඛනිරෝධ යැ’ යි යථාභූතය දත්මි, ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූතය දත්මි. ‘මුහු ආස්‍රවයහ’ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවසමුදය’ යැ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවනිරෝධ යැ’ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූතය දත්මි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණ, භවාස්‍රවයෙනුදු සිත මිදිණ, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදිණ. විමුක්ත කල්හි ‘විමුක්ත යැ’ යන ඥානය වී. ‘ජාතිය ක්‍ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වසන ලදී. සිවුමඟකරණී කරනලදී.’ ‘මේ රහත්ඵලය සඳහා’ කළයුතු අන් කිසෙක් නැතියි දත්මි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මා විසින් මේ සවිඥානක කයෙහි දු බැහැර හැම නිමිත්හි දු අහිංකාර මමිංකාරමානානුසයෝ නස්නා ලදහයි කියා යි.
තස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛුනො සාධූති භාසිතං අභිනන්‍දිතබ‍්බං අනුමොදිතබ‍්බං. සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා එවමස‍්ස වචනීයො: ‘ලාභා නො ආවුසො, සුලද‍්ධං නො ආවුසො, යෙ මයං ආයස‍්මන‍්තං තාදිසං බ්‍රහ‍්මචාරිං පස‍්සාමා’ති.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය මැනැවැ’ යි සතුටින් පිළිගතයුතු යැ. අනුමෙවුනි කළ යුතු යැ, ‘මැනැවැ’ යි ඒ භාෂිතය අභිමුඛ වැ පිළිගෙන අනුමෝදන් වැ මෙසේ කියයුතු වෙයි. ‘යම් අපි එබඳු බ්‍රහ්මචාරියකු වන ආයුෂ්මතුන් දක්නමෝ ද, ඇවැත්නි, ඒ අපට ලාභයෙකැ, ඇවැත්නි, ඒ අපට මනාලැබීමෙකැයි.’
ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
ඡබ‍්බිසොධනසුත‍්තං දුතියං.
දෙවැනි ඡබ්බිසෝධන සුත්‍රයි.